10/17/2018

ද්‍රෝහී බලධාරීන් මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම

කතෘ:යුතුකම     10/17/2018   No comments
මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම

-ආචාර්ය චමිල ලියනගේ විසිනි -

මහාචාර්ය රාජ් සෝමදේව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ පාර්ශවයන් සතුව තිබිය හැක. එහෙත් එතුමා ජාතික වස්තුවකි. මේ සටහන එතුමා අපගේ සමීප මිතුරකු නිසා නොවේ. එතුමා කරන අති දැවැන්ත ජාතික මෙහෙවර නිසාවෙනි.

“පළමුව කපනු ලබන්නේ සෘජු හා උස ගස්ය“ යනු ජනප්‍රිය ඉන්දියානු කියමනකි. සොමදේවයන් පිිළිබඳව විවිධ මත දරන්නන් පිළිබඳ අපට ගැටලුවක් නොවේ. එහෙත් බොහෝ දෙනාට සෝමදේවයන් පිළිබඳ බියක් දැනී ඇති බව නම් පැහැදිළිය. හැකි පෞරුෂයන් පිළිබඳ බය ඇති කරගන්නා ලිලිපුට්ටෝ විවිධ දෙකයි පනහේ වැඩ කරති. ඒ සියල්ල කාලීනව ප්‍රභලයා අභියස මල් පොකුරු බවට පත්වන බව අපි දනිමු. එහෙත් මේ අවස්ථාවේ සෝමදේවයන් මුහුණ දී ඇති අභියෝගය හමුවේ අප එතුමා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ මිත්‍රත්වයේ නාමයෙන් නොවේ. හෙළයන් වශයෙනි. මේ භූමියේ සැඟව පවතින කල්පකාලාන්තරයක් ඈතට දිවෙන අභිරහස් ඔස්සේ අපේ අතීතය ඉතිහාසය පිළිබදව කරන්නාවු සාක්ෂි සාධක සහිත එනම් ආනුභවික (empirical) අනාවරණයන්හි අපට ඇති අදාලත්වය නිසාය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් යනු ස්කැන්ඩිනේවියානු විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත දැනට ලෝකයේ සිටින විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයින් අතුරෙන් එක් විද්වතෙක් බව බොහෝ දෙනා දන්නේ නැත. එතුමාගේ පර්යේෂණ උපාධි අධ්‍යයයනයන් කොහේ සිදු කරන ලද්දේ වුවද, එතුමා කොඩ්රිංග්ටන්ලාගේ කනිංහැම්ලාගේ සම්ප්‍රදායේ පුරා විද්‍යාඥයකු නොවේ. එතුමා නිතර අප සමග කියන්නේ අපේ දේ අපට අවශ්‍ය න්‍යායපත්‍රයක් අපට අවශ්‍ය ක්‍රමවේදයක් ගුරුකොට ගනිමින් කැණිය යුතු බවය.
‍සෝමදේවයන් කල්තොට කල සමීක්ෂණය බොහෝ දෙනාට ආසාත්මික විය. ඊටහේතුව එවැනි සිදුවීම් දඩමීමා කරගනිමින් පවතින යැපෙන දේශපාලන ආර්ථික යටිකූට්ටු වැඩ හැර වෙනත් කිසිවක් අප වර්තමානයේ අත්විඳන අනාර්ය අත්‍යාචාරයන්හි නොමැති බැවිණි. සෝමදේව යනු හුදෙක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයනාංශ අරක්ගෙන තම කාමරය අරක්ගෙන තම රථය අක්ගෙන මහාචාර්ය පට්ටහේ උෟෂ්ණය විදහාපාමින් පොලවට සමාන්තරව නිකට පවත්වාගෙන සිටින මිනිසකු නොවේ. ඔහු මා දන්නා පරිද්දෙන්, පොළවේ පය ඇන සිටින අපේ කාලයේ මහා ප්‍රාඥයෙකි; බුද්ධිමතෙකි. සෝමදේවයන්ගේ ජනප්‍රියතාව ඉහල යන්නේ බොරු සාටෝප වලින්, බලය හිමි දේශපාලනඥයාට ආවැඩීමෙන් නොවේ. එක එකාට කඩේ යාමෙන් නොවේ. මේ රටට භූමියට ආදරය කරන්නවූ එහි දිගපළල දැවැන්ත භාවය පපුවට දැනෙන්නාවූ මිනිසුන් වෙනුවෙන් පරන කලිසමක් හැඳ කොහේ හෝ ගල්ලෙනක කන්දක මිනීවලක පොලව හාරමින් යුක්තිය හා සත්‍යය සොයා මහන්සි වන නිසාය. ඒවා ඔහේ ඉබාගාතේ බිම හාරන වනසූකරයන්ට හා බිම් ඌරන්ට වැටහෙන්නේ නැත. සෝමදේවයන් මහජන විද්වතකු (public Intellectual) වන්නේ එහෙයිනි.

පළමුව සිදුවී ඇති දෙය තේරුම් ගනිමු. ඒ නැතිව විවිධ උපකල්පන අභ්‍යුපගමන හිතලු ඔස්සේ ඩිජිටල් අරගල කලාට වැඩක් නැත. එතුමා සිය කැනීම් සඳහා වන බලපත්‍රය අලුත් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත වෙනුවෙන් මාස ගණනාවක් යනතුරුත් බලපත්‍රයක් නිකුත් නොකෙරිනි. ලංකාවේ පුරා විද්‍යා ආඥා පණත ඉතාම බල සම්පන්න පනතකි. එහි කිසිතැනක පුරා විද්‍යාඥයින් සඳහා බලපතු නිකුත් නොකල යුතුයැයි කියා නැත. එහෙත් යම් කැනීමක් නිසා පුරා විද්‍යාත්මක ස්ථානයකට හානි වන්නේ නම්, එ් කැනීම නවතා දමන්නට නොව, එම හානිය අවම වන පරිද්දෙන් කැනීම කරන්නට අවසර තිබේ. එහෙත් කලකට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල විශේෂ ස්ථාවර නියෝගයක/චක්‍රලේකයකට අනුව, පුරා විද්‍යා කැනීමක් කිරීමට අවසර ගැනීම සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතුය. එය ගෙන ඒම ඉතාම විහිලු සහගත ක්‍රියාවකි. නිදහසේ කැනීම් කරමින් අතීතය ඉතිහාසය විද්‍යාත්මකව අනාවරණය කිරීමට භාධාකිරීමකි. ඒවා ගෙන ආවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අරකගෙන සිටි බහිරවයකු විසිනි. වර්තමාන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ තනතුර දැරීමට සුදුසුකම් දරන්නේද යන්න අවශ්‍යෙයන්ම සොයා බැලිය යුතුය. සැබෑ මහාචාර්යවරුන්ට පර්යේෂණ කරන්නට බැරි වන්නේ නමට පමණක් මහාචාර්යලා (හෙවත් පිනාචාර්යලා) මහපුටු අරක්ගත් විටදී්‍ය.

මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනම් බලපත නිකුත් නොවීඹ ගැන විමසද්දී අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ තමාට මෙතෙක් එතුමා කර ඇති කැනීම් පිළිබඳ වාර්තා අවශ්‍ය බවයි. සෝමදේවයන් විසින් විධිමත්ව පළකරනු ලැබූ සියලු වාර්තා ලබාදුන් විට ලැබෙන පිලිතුර විහිලු සහගතය. මේ වාර්තා අධ්‍යයනය කිරීමට ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතු නැති බවය!.ඒ උත්තර කාගේදැයි අපි දනිමු. සෝමදේවයන්ට පහර ගැසීමට පඩිගෙවා නඩත්තු කරන්නේ කවුරුන්වදැයි අපි දනිමු. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය තුල සෝමදේවයන්ට එරෙහිව කටයුතු කරන්නන් කවුරුන්දැයි අපි දනිමු. එහෙත් ඒ පෞද්ගලික එදිරිවාදිකම් වෙනුවෙන් මේ සා දැවැන්ත විද්වතකුගේ පර්යේශෂන නිදහස නැතිකිරීම සාපරාධී අපරාධයකි.
සෝමදේවයන් යනු විද්වත් ශාස්ත්‍රී්‍ය ව්‍යවසායකත්වය සහිත පඬිරුවණකි. මන්ද වැටුපට හෝ ඉඳහිට ලැබෙන පරියේෂන ප්‍රතිපාදනයන්ට පමනක් සීමාවී කැනීම් කරන්නට බලා නොසිටින එමෙන්ම සිය ජීවිත කාලය තුළ කල හැකි උපරිම සේවය ජාතිය හා රට වෙනුවෙන් කරන්නට වෙර දරන්නෙකි. එතුමාගේ ඒ කැපවීම නිසාම විවිධ පාර්ශව එතුමාට ආදරය කරයි. එතුමා හා සම්බන්ධ වෙයි.

‍මේ රට ලෝකයේ පුරා විද්‍යාත්මක ගනත්වය අතින් ඉතා වැඩිම රටකි. මෙතෙක් කැනීම් කර ඇත්තේ 10%ත් අඩු ප්‍රමාණයකිත එහෙත් අප සිතන්නේ 1%වත් කැනීම් කර නොමැති බවය. තවත් පර්යේශකයකුගේ පර්යේෂණයක් විසින් අපගේ න්‍යායක් සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය විද්වත් දෘෂ්ටියකින් බැලීමට පර්යේෂකයන් ලෙස අපි පොරොන්දු වී සිටිමු. එය පෞද්ගලික කෝන්තරයක් නොවේ. විෂයය සංවර්ධනයේ ස්වභාවයකි. එහෙත් පුරාවිද්‍යාවේ පරණ කාක බෝධි (හා ගෝලබාලයන්) සම්බන්ධයෙන් මේවා වලංගු නැත. ඔවුන් ගිය දුරට වඩා කැනියනොහැක. ඉතිහාසය වෙනස් කල නොහැක. ඒ බමුනු මත මැද, බමුණු දළ මැද සෝමදේවයන්ට යුක්තිය අපේක්ෂා වෙන් ඉවසන්නට සිදුවී ඇත. යුක්තියේ රෝදය කැරකෙන දෙස අපි බලා සිටිමු.

මහාචාර්ය සෝමදේවයන්ට යුක්තිය පසිඳලන්නට සිටින්නේ කවුරුන්ද? එතුමාට යුක්තිය ඉෂ්ට කරතියි අප සිතන්නන්ටද එතුමා නවතා ලීමේ වුවමනාවක් තිබේ. දේවානම්පියතිස්සද දෙමළ ජාතිකයකුයි කියමින් සිංහලයන් ලංකාවට එනවිට දේමල ජාතියකියන් මෙහි සිටියේය ආදී බේගල්ද කි විග්නේෂ්වරන්ට උත්තර බැන්දේ එතුමාය. උතුරු නැගෙනහිර හමුවන ඕනෑම මිනී ඇට කෑල්ලක් හමුදාව විසින් ‘ම්ලේච්ඡ‘ ලෙස මරාදමනු ලැබු දෙමළ වැසියන්ගේ යැයි කියතන්නට කටබලියාන සියටින්නන්ගේ මුඛ කුහර නිරුත්තර වන්නේ එතුහා මන්නාරම් සමූහ මිනීවලේ සිදුකල කැනීම් මැදිහත් වීම නිසාය. රටේ ඉතිහාසය තීරණය කරන්නට පමණක් නොව උදෑසන ශරීර කෘත්‍යය කර සෝදන්නට පිහදාගන්නද යන්න පවා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් බීරිතාන්‍යෙයන් අසා තීරණය කරන පවුකාර දේශපාලනඥයින්ගෙන් සමන්විත අපේ පරගැති පාලක පද්ධතියටද එතුමාගේ වැඩ නවතා ලිමේ වුවමනාව තිබේ!

ඒ සියල්ල මැද අපි මේ දෙස උපේක්ෂාවෙන් එහෙත් දැඩි විමසිල්ලෙන් බලා සිටින්නෙමු. තත්ත්වය වෙනස් කරන්නට වගකිවයුත්තන් මැදිහත් වේයැයි සිතමු. එසේ නොවන්නේ නම්, ඊටද මුහුණ දීමට අප සූදානම් ය. මන්ද සෝමදේව හුදෙක් මිතුරකු නොව ජාතික වස්තුවක් බැවිනි!!


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/20/2017

මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට TNA ට යුක්තියුක්ත අයිතියක් තිබේද?

කතෘ:යුතුකම     8/20/2017   No comments
මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේද?

නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන අනවශ්‍යයැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් නිකුත් කළ ඓතිහාසික ප්‍රකාශය අසා බොහෝ පාර්ශව “කුලප්පු වී” තිබේ. ඒ කුළප්පුව එක් එක් පාර්ශවයන්හී දේශපාලන පරිනතියට සමානුපාතිකව ප්‍රදර්ශනය වන්නටද විය. ජනතා විමුක්ති පෙරමුණ කීවේ මහ නාහිමිවරුන්ගේ අණ එකම විධානය නොවන අතර උන් වහන්සේලා තුළ නව ව්‍යවස්ථාව ගැන ඇති අනවභෝධය නිසා එයට විරුද්ධ වන බවය. දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) කීවේ මහ නාහිමිවරුන්ගේ අදහස යළි සලකා බලන්නැයි උන් වහන්සේලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවය. ටී.එන් ඒ නියෝජිතයින් ඒ සඳහා අවස්ථාවක්ද තමන් වහන්සේලා වෙතින් ඉල්ලා සිටි බව දක්වමින්, එසේ පැමිණෙන්නේ නම් තමන් බෙහෙවින් සතුටු වන බවද මහ විහාරයීය නාහිමිපාණන් වහන්සේලා ජනමාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබිණි.

ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීමට දෙමළ ජාතික සන්ධානයට පූර්ණ අයිතියක් ඇත. නිතර නිතර උන් වහන්සේලා බැහැදැකීම වඩාත් හොඳය. එහෙත් අප එකහෙළා කියා සිටින්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ නාහිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරය යළි සලකා බලන්නැයි ඉල්ලා සිටීමට දෙමළ ජාතික සන්ධානයට සදාචාරාත්මක අයිතියක් නැති බවය. එයට හේතුව ඔවුන් අසිංහල වීම හෝ වෙනත් ලබ්ධියක් ඇදහීම නොවේ. එයට ඔවුන් නුසුදුස්සන් වන්නේ පක්ෂයක්, සංවිධානයක් ලෙස පමණක් නොව ම්ලේච්ඡ මිලිටරි ව්‍යාපාරයක් ලෙසද ඔවුන් සිය සිතිවිලි, පෑන්, සම්පත්, කාලය, අවි, ලේ, ඩහදිය මෙහෙයවා ඇත්තේ බෙදුම්වාදය වෙනුවෙන්ම පමණක් වන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය නැමැති ගර්හිත අසාර්ථක දේශපාලන යාන්ත්‍රණයේ අනුසරණින්, අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුව දක්වා උස්ව උජාරුවෙන් ඒ වරප්‍රසාද ද රට බෙදන්නටම භාවිත කරන සුදු සළු හන්පළන් බෙදුම්වාදී ඒජන්තයින්ගේ සුළමුළ, විකල් මනසින් යුත් බොහෝ දෙනාගේ දැනුම්වත් වීම පිණිස සැකෙවින් ආවර්ජනය කළ යුතුව තිබේ.

පළමුව අප තේරුම් ගත යුතු කරුණ වන්නේ “දෙමල ජාතික සංධානය” (ටී.එන්.ඒ) නමින් පෙනී සිටින 1949දී චෙල්වනායගම් විසින් පිහිට වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉංග්‍රිසියෙන් ෆෙඩරල් පක්ෂය) ජීවමානව පවතින තුරු මෙරට සිංහල හා දෙමළ ජනයා අතර තිරසාර සාමයක් ගොඩ නැගෙන්නේම නැති බවය. ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව අපේම සහෝදරයින් යැයි සිතන හා කියන අප එසේ කියන්නේ ඇයි? “දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජබිම” යන, අදද ටී.එන්. ඒ ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පදනම පළමුව හඳුන්වා දුන්නේ ඒ ෆෙඩරල් පක්ෂයම ය. 1949දී ෆෙඩරල් පක්ෂය බිහි වූ වකවානුවේ එහි සම්මත වූ ප්‍රධාන යෝජනාවේ අන්තර්ගතය වූයේද, “වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහු භාෂක රටකට නොගැළපෙයි. එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයනට පටහැණි ය” යනුවෙනි. 1951 එම පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේදී ඔවුන් තහවුරු කළේ “ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතිකත්වය පිළිබඳ නිර්නායක අනුව සිංහලයන්ගෙන් වෙනස්” බවය. එතෙකින් නොනවතින ෆෙඩරල් පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය “ස්වයං පාලනය සහතික කරමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා සටන් කිරීම” යන අරමුණ පක්ෂය සිය සමාරම්භක යෝජනාවන්හි ඇතුළත් කරන්නේය.

1948දී දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලූයේ නැත. එහෙත් 1949 දෙසැම්බර් මස 18 දා චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය කොළඹ මරදානේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන ඇරඹිණි. චෙල්වනායගම් යනු මැලේසියාවේ සිට ලංකාවට පැමිණි කතෝලික කල්ලතෝනියෙකි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මහ මොළකරුවකු වූ ඒ.ජේ විල්සන් විවාහ වූයේ චෙල්වනායගම් ගේ දෝනියැන්දා සමගය. මේ කුමන්ත්‍රණයේ තවත් පසුකාලීන පැතිකඩ එයින් පැහැදිළි වේ. සදා නොවෙනස් එම බෙදුම්වාදී පිළිවෙත, සාවද්‍ය වුවද මනාව ගොතන ලද න්‍යායික පසුබිමක් මත බිහිවූ දෙමළ රාජ්‍ය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට යමින් දෙමළ තාරුණ්‍යයේ ජවය සමග මිලිටරීකරණයට ලක් කිරීමේ තීරණාත්මක අපරාධයේ දිග පළල, 1976දී අනුමත කෙරුණු “වඩුක්කෝඩෙයි සම්මුතියෙන්”ම පැහැදිළි වේ. අදාළ සම්මුතිය 2008 වසරේ සංශෝධනය කළා යැයි කියමින් කර ඇත්තේද එම බෙදුම්වාදී සම්මුතිය තවත් වතාවත් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු පිරිස් වල අනුග්‍රහයද ලබාගත හැකි මට්ටමින් තහවුරු කිරීමම පමණි. 2008 වසරේ අවස්ථාවාදී සටකපට සංශෝධනය සිදු කරන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානය නැගෙනහිරින් සම්පුර්ණයෙන්ම පරදා අවසන් වූ පසුව වන අතර, උතුරේ පරාජයට පෙරය.

විග්නේශ්වරන් මහ ඇමතිවරයා නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිම සඳහා උතුරු පළාත් සභාවේ ‘සම්මත’ කළ ‘අසම්මත’යෝජනා වලියේ අන්තර්ගතය අපි සිහිපත් කරමු. 2016 මැයි මස පළමු වනදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතෙහි පළවූ ඒ යෝජනා කියා සිටින්නේ භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක් උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක් දකුනේද ඇති කිරීමටය. එසේම උතුරු හා නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනතාව සඳහා වෙනම ස්වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්ද දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං නිර්න අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්ෂේප කිරීමද, ජාතික ධජයෙන් ‘වාර්ගික නිරූපයන්’ ඉවත් කිරීමද පූර්ණ පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරන පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. මෑතකදී උතුරු පළාත් සභාව උතුරේ ඇතැම් විහාරස්ථාන ඉවත් කිරීමට බලපෑම කර තිබිණි. බෞද්ධ වෙහෙර විහාර උතුරේ ඉදිවීම ඔවුන් අර්ථකතනය කරන්නේ “සිංහල බෞද්ධ ව්‍යාප්තවාදයක්” ලෙසය. ගොවි ජනපද ව්‍යාපාරය 1951, 1956 හා 1957 දෙමළ රාජ්‍ය පක්ෂ වාර්ෂික සමුළු වලදී හැඳින්වූයේ “දෙමළ නිජබිමෙහි සිංහල ජනාවාසකරණ ප්‍රතිපත්තිය දෙමළ භාෂක ජාතියේ පැවැත්මට එරෙහිව හිතාමතා සැළසුම් කළ ප්‍රහාරයක්” ලෙසනි. ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී ඇත්ද? 2014 වර්ෂයේදී දෙමළ රාජ්‍ය පක්ෂයේ ව්‍යවස්ථාව, එහි අරමුණු හා ඉලක්ක ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් SC/SPL/03/2014 නඩු අංකය යටතේ නඩුවක් පවරනු ලැබීය. ඒ අනුව රජයේ භාෂා පරිවර්තකයා හට එම කර්තව්‍යය පැවරිණි. ඒ පරිවර්තනයෙන් වැදගත් කරුණු ගණනාවක් අණාවරණය විය. ඉන් එකක් නම්, 1949දී දෙමළ රාජ්‍ය පක්ෂය භාවිත කොට තිබූ “සමස්ති” යන වචනය වෙනුවට 2008 සංශෝධනයේදී “ඉනෛප්පාච්චි” යන වචනය යොදා තිබීමයි. සමස්ති යන්නෙහි තේරුම ෆෙඩරල් (හෙවත් සන්ධීය) නම්, ඉනෛප්පාච්චි යන යෙදුමෙහි තේරුම කුමක්ද?

මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක්ද; නැතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යාය පත්‍රයද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ සංශෝධන ක්‍රියාවලියට සුජාතභාවයක් ලබාදීමට පත් කළ ලාල් විජේනායක කමිටු වාර්තාවට බෙදුම්වාදී අදහස් ඇතුලත් කරන්නට දෙමළ ජාතික සන්ධානය උතුරේත් නැගෙනහිරත් ගෙනගිය අනෙකුත් මෙහෙයුම් ද අපි දනිමු. ඉදින් මේ කල්ලිය මහ නාහිමියන් වහන්සේලා බැහැ දකින්නට එන්නේ මොන අරමුණින්ද? විප්ලවාදී නායකයින්, කැරළි නායකයින්, කරුණු අවබෝධ කරගනිමින් පවතින දේශපාලන ප්‍රවාහයන් හා එක්ව සාමකාමීව යථාර්තයට අනුගත වූ අවස්ථා සඳහා ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ 1949 කෙටුම්පතට දැන් වයස අවුරුදු 68කි. ඒ කාලය තුළ දශක තුණක ම්ලේච්ඡ මිලිටරි අදියරයකින් පවා ජය ගත නොහැකි වූ සිය ප්‍රාතමික ඉලක්කයන්ගෙන් “හැට පැන්නත්” විස්ථාපනය නොවීම සමස්ත දෙමළ අනන්‍යතාවයේම අභාග්‍යයකි. මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදකින්නට යන්නේ රට බෙදීමේ තිරස්චීන අරමුණ උදෙසා උන් වහන්සේලා කැමති කරවා ගැනීමටද?

අනිත් කරුණ නම්, 2008 වසරේදී දෙමළ රාජ්‍ය පක්ෂය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළා පමණක් නොව, 1976 වඩුක්කෝඩෙයි සම්මුතිය මුළුමනින්ම අනුමත කෙරෙන යෝජනාවක්ද සම්මත කරගත්තේය. ඒ අනුව කියවෙන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය “වෙනම රාජ්‍යයක් සදහා වන යෝජනා” පිළිගන්නා බවකි. ව්‍යවස්ථා සංශෝධන හෝ එවැනි කිසිදු කටයුත්තකදී ඒ උග්‍ර බෙදුම්වාදීන් සම්බන්ධ කර නොගත යුත්තේ එහෙයිනි. එසේම දෙමළ ජාතික සංධානය කටමැත දොඩවන ඒකීය රටක් තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය යැයි කියන නරිවාදම් මෙමගින් මුළු මනින්ම නිෂ්ප්‍රභා වී යයි. ඛේදවාචකය නම් ආර්. සම්බන්ධන් හෙවත් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ දේශීය නායකයා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමය.

1949 දෙමළ රාජ්‍ය පක්ෂ ව්‍යවස්ථාවේ 17 (ඩී) වගන්තිය 2008 සංශෝධනය කරමින් ප්‍රකාශ කරන්නේ “දෙමළ රාජ්‍ය පක්ෂයේ විධායක කමිටුව 2008.04.24 හා 2008.08.03 දින තීරණය කරන්නේ 1976.05.14 දින එක්සත් දෙමළ විමුක්ති පෙරමුණෙහි (TULF) ක්‍රියා මාර්ග හා යෝජනා අනුමත කරන බවයි. මෙහි සැබෑ අරුත වැටහෙන්නේ 1976 වඩුක්කොඩෙයි සම්මුතිය සම්පූර්ණයෙන්ම වටහා ගත් විටය. එහි කොටසක් මෙසේ දක්වමු. “මේ සම්මුතිය යෝජනා කරන්නේ නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී, දෙමළ ඊළමක්, ස්වයං නිර්ණ අයිතිය මත ප්‍රතිස්ථාපනයෙන් හා ගොඩ නැංවීමෙන් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කළ හැකි බවයි. (1985 තිම්පු සාකච්ඡා අනුව මේ ඊනියා ඊළම තුළ රටේ වෙසෙන සියලුම දෙමළ ජනතාවට සමාන පුරවැසිභාවය පිරි නැමීමට කථිකා කෙරිණි. එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනමම ජාතියක් ලෙස පිළිගැනීමටද යෝජනා කෙරිණ) මේ සම්මුතියෙන් පොදුවේ සමස්ත දෙමළ ජාතියටත්, විශේෂයෙන් දෙමළ තරුණයින්ටත්, මෙම පූජනීය නිදහස් සටනට ආරාධනා කරන අතර ස්වෛරී දේශයක් දිනා ගන්නා තෙක් පසු නොබසින්නටද ආරාධනා කරයි” (වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර ඉතිරිවන සිංහලයන් සුළු ජාතිය වන අතර සිංහලෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතත්, රාජ්‍ය භාෂාව වනුයේ දෙමළ බසයි)

එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව ක්ෂණිකව ජනමත විචාරන පැවැත්වීම් ආදිය කළේද මෙම වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරවය. 2015 වසරේ දෙසැම්බරයේදී “විදෙස්ගත දෙමළ ඊළාම් ආණ්ඩුව” ප්‍රකාශ කළේ “ 1976 වඩුක්කෝඩෙයි සම්මුතියේ පැහැදිළිව දක්වා ඇති අයුරින් හා අන්තර්වාර ස්වයං පාලන යෝජනාත්, දෙමළ ඊළාම් නිදහස් ප්‍රඥප්තිය අනුවත් ලෝකවාසී දෙමළ ජනතාවගේ අදහස් අනුවත් දෙමළ ඊළාමයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇරඹීමු” යනුවෙනි. මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය, ඔවුන්ගේ ඊළම යුධයෙන් දිනා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙත්ම, බෙදුම්වාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන දායකත්වය සඳහා ස්වකීය ව්‍යවස්ථාව උපක්‍රමශීලී ලෙස වෙනස් කළ බවයි.

ටී.එන්. ඒ යනු දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය එල්.ටී.ටී.ඊ මිලිටරීකරණ අදියරට සමගාමීව සිය බෙදුම්වාදී “සටනේ” දේශපාලන අනුප්‍රාප්තිකයා ය. එයට දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයෙන්ද, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ සහාසික ගුණයෙන්ද විනිර්මුක්ත විය නොහැක. කළ හැකි එකම දෙය නම් කාලීනව විවිධ සළුපිළි වලින් සිට බෙදුම්වාදී ම්ලේච්ඡත්වය ආවරණය කර ගැනීමයි. ටී.එන් ඒ. 2001, 2004, 2010, හා 2013 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා නිර්ලජ්ජිතව එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව ප්‍රකාශ කෙරිණ. 2014 වසරේදී ආනන්ද සංගරී මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යැවූ ලිපියකද ඒ බව ස්ථිරව සටහන් කර තිබිණි. 2004, 2010 දෙමල ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම වඩුක්කෝඩෙයි සම්මුතිය එහි අන්තර්ගත කරයි.
“Tamil organizations got together and resolved on May 14, 1976 to establish a sovereign independent Tamil Eelam based on our inalienable right to self-determination.”
(දෙමළ ජාතික සන්ධානයේ 2004 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)
“Tamil People are entitled to the right of self determination”
(දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)

“ITAK and the other Tamil parties came together under a banner called Tamil United Liberation Front (TULF), and in 1976 passed a resolution calling for a restoration of our lost sovereignty in the background of the continued denial of the right of the Tamil People to self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)
‘Our expectation for a solution to the ethnic problem of the sovereignty of the Tamil people is based on a political structure OUTSIDE that of a UNITARY GOVERNMENT, in a UNITED SRI LANKA in which Tamil people have all the powers of government needed to live with self-respect and self sufficiency’
(ආර්. සම්බන්ධන් - 2014 දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනය)

ඉහතින් කියන්නේ කුමක්ද? දෙමළ ජනතාවගේ අපේක්ෂා මල්පළ ගැන්වෙන, දෙමළ ජනතාවට ආත්මාභිමානයෙන් හා ස්වයං පෝෂිතව ජිවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වන්නේ එකීය ශ්‍රී ලංකාවක් තුළ නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවය. ආර්.සම්බන්ධන් (විපක්ෂ නායක?) එසේ කියන්නේ 2014 වසරේ පැවැත්වූ දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනයේදීය. මෙය අපට සිහිපත් කරවන්නේ නිරන්තරයෙන් අප සිහිපත් කරන්නා වූ වර්තමාන ආණ්ඩුවේ අනුග්‍රාහකයින් එක්ව 2013 වසරේ සිංගප්පූරුවේදී පැවැත්වූ සාකච්ඡාවේ කුප්‍රකට එකඟතාවන්ය. සිංගප්පූරු එකඟතාව අනුව, නව ව්‍යවස්ථා මගඩියේදී, බහුතර සිංහල බෞද්ධයින් රවටාලීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබේ. ඒ එකඟතා ප‍්‍රකාරව, ‘‘රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වැදගත් වන්නේ ලේබලය නොව හරයයි’’, ‘‘නොබෙදුනු ශි‍්‍ර ලංකාවක් තුල ස්වයං පාලනයේ හා පාලන බලතල හවුලේ බෙදාගැනීමේ පදනම මත බලය බෙදා හැරීම සිදු කළ යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය මෙන්ම ශි‍්‍ර ලංකාව සැදුම්ලත් ජනතාවන්ගේ අනන්‍යතාවයන් හා අභිලාෂයන් ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය රජයේ ආයතනයන් තුල පිළිබිඹු විය යුතුය’’, මෙන්ම ‘‘ශි‍්‍ර ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතුය - බුදු දහමට ප‍්‍රමුඛ ස්ථානයත් අනෙක් ආගම් වලට ඒ හා සමාන තත්වයත් සහතික කළ යුතුය’’ ආදී වගන්ති ඉතා සූක්ෂමව ඇතුළත් කර තිබේ. මේ කාගේ අවශ්‍යතාවන් ද? මෙවන් කල්ලියකට, මහ නාහිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරයන් “යළි සළකා බලන්න”යි යැයි කියන්නට කිසිදු අයිතියක් නැත්තේමය.

2014, දෙමළ රාජ්‍ය පක්ෂ සමුළුවේදී සම්බන්ධන් තව දුරටත් කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන “ඓතිහාසික තීන්දුවක්” තම පෙරමුණ ගත් බවත්, අර්ථාන්විත බලය බෙදීමක් සඳහා 1987 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවයි. 2015දී TNA මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ, නොබෙදුනු, ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති කිරීම ස්වකීය අභිලාෂය බවයි. මේ වචන හරඹය නෑකම් කියන්නේ යථෝක්ත කුප්‍රකට සිංගප්පූරු එකඟතාවට පමණි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් කියන්නේ “ඉඩම්, නීතිය හා සාමය, අධිකරණය, ආදී ක්ෂේත්‍රයන්ගෙන් ස්වෛරී වූ විට දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය, එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, උෂස් හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, කර්මාන්ත, සත්ත්ව පාලනය, සංස්කෘතිය, දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් ගුණාත්මකව ඉහල නැංවීම හා මූළ්‍ය බලය තහවුරු කර දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ වෙනත් රාජ්‍යයක් නොවේද?

වඩුක්කෝඩෙයි සම්මුතිය දෙමළ බෙදුම්වාදයේ දේශපාලන අරමුණු වඩාත් රැඩිකල්ව කෙටුම්පත් කළ අතර, දෙමළ නොවන සියල්ලන් මත ඇති වෛරය පාදක කරගනිමින් ආයුධ සන්නද්ධ වන්නට දෙමළ තාරුණ්‍යය යොමු කළේය. එසේ හෙයින් යම් සාමයක් පිළිබඳ බලාපොරොත්තු ඇති කරගැනීමට නම්, වඩුක්කෝඩෙයි සම්මුතිය නම් වූ බෙදුම්වාදී ලියැවිල්ල අහෝසි කළ යුතු අතරම, දෙමළ ජනතාව විසින් එල්.ටී.ටී.ඊ හෝ දෙමළ රාජ්‍ය පක්ෂ දෘෂ්ටිවාදයට සම්බන්ධ පුද්ගලයින් කල්ලි හා කණ්ඩායම් ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. දෙමළ සමාජයෙන් පවා ප්‍රතික්ෂේප විය යුතු දෙමළ ජාතික සන්ධානය (හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය) නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කේවල් කිරීමට ලඞකාද්පයේ උත්තරීතර අධිකාරිය හිමි මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීම විහිළුවකි.
“සිංහලයින් අකමැති නම් අපට නිජබිම් එපා” ආදී මානසික අල්ලස් දෙන්නට දෙමළ ජාතික සන්ධානයේ ලොකු ලොක්කන් දක්ෂය. ජාතික ගීය දෙමළෙන් ගැයීමට විධාන දීමට තරම් රටේ විධායකය නිවට වූ විට, මේ රටේ සර්වාගමික මෝඩ සිංහලයන් හා ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට විග්නේශ්වරන් මහ ඇමතිවරයා මල් වට්ටියක් අරන් නාගදීප විහාරයට ගියේය. මේ තවත් එවැනි අවස්ථාවකි; නාට්‍යයකි; රංගනයකි. සිංහලයාට ඇති එකම ව්‍යවස්ථා ප්‍රශ්නය “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන්නයැයි සිතමින් විවිධ උප්පරවැට්ටි වලින් සිංහලයින්ගේ ඇසට වැලි ගසා මස් රාත්තලම දිනා ගැනීමේ සටන මහ නාහිමිපාණන් වහන්සේලා නිසා “ගැස්සී” යනු දකින්නට සතුරා කැමතිම නැත.

1815 උඩරට සම්මුතිය කෙටුම්පත් කිරීමේදී බුද්ධාගම සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිපාදන සැකසූ මහා සංඝරත්නයම රවටාලීමට සුද්දා කටයුතු කළේය. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන්නේය යන වගන්තියට මුවාවී රට සම්පූර්ණයෙන්ම පාවාගන්නා සුද්දා ඒ වගන්තිය තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. මෙයද එවැනිම තීරණාත්මක අවස්ථාවකි. ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ඓතිහාසික ආඥාවෙන් පසු මේ රටේ ව්‍යවස්ථා සම්පාදන හෝ සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ දෙමළ සන්ධානයට හෝ වෙන යම් පාර්ශවයකට ගැටුමක් ඇත්නම් එය ආණ්ඩුව සමග විසඳා ගැනීම වඩාත් ප්‍රඥා ගෝචරය; තාර්කිකය. එසේම දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් තේරුම් ගත යුත්තේ අපේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා බණපොත මෙන්ම “අණපොතද” දැන් වනපොත් කර ඇති බවය! උන් වහන්සේලා ලෝකොත්තර වශයෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදෙසාද, ලෞකික වශයෙන් ජාතික විමුක්තිය උදෙසාද ජාතියට නායකත්වය සැපයීමට සූදානම් බවය.

ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩල සභික

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/26/2017

නැවත හොල්මන් කරන ඉන්දියානු අවතාර

කතෘ:යුතුකම     6/26/2017   No comments
-ආචාර්ය චමිල ලියනගේ-
සිංහල සංගේදම බුද්ධි මණ්ඩල සභික
ස්වාධීන රාජ්‍යයක ස්වෛරීත්වය අවතක්සේරු කරමින්ල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අත ගැසීමේ හෝ ආක්‍රමණය කිරීමේ පුරුද්ද දකුණු ඉන්දීය දේශපාලනය සම්බන්ධයෙන් නම් අලුත් භාවිතාවක් නොවේ. ඊට බොහෝ ඓතිහාසික සාකෂ්‍ය ඇත. ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ සිදුවී ඇති දකුණු ඉන්දියානු මැදිහත්වීම්ල චෝලල චේරල පාන්ඩ්‍ය හා සුලු වශයෙන් විජයනගර් මෙන්ම දකුණු ඉන්දියානු කලාපය තුළ නොවුනද කාලිංගයන් විසින්ම සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ආක්‍රමණයන්ම පමණක් ලෙස අප හඳුනා ගන්නේ නම් එය අතිශයෝක්තියකි. භූගෝලීය ආසන්නතාව නිසා දේශපාලනික හේතූන්ල යුද්ධල ජිවිතාරක්ෂාවල සහ වෙනත් ආවාහ විවාහ වැනි සංස්කෘතික කාරනා පසුබිම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාලකයන්දල ර්‍ණඅහක යන ගැරඬි ගෙයි ගෙනත් දමා ගැනීමට” ඇතැම් අවස්ථා වලදී කටයුතු කර ඇති බව පෙනේ. දෙවන පෑතිස් රජුගේ පාලන සමයෙන් පසු ප්‍රධාන වශයෙන් දකුණු ඩන්දියානු ආක්‍රමණ දෙකක් සිදුවෙයි. පළමුව ආක්‍රමණය කළ සේන හා ගුත්තිකල එළාර සඳහා සුදුසු පසුබිමක් සැකසූහ. ස්වදේශිකයාගේ ජනප්‍රසාදය පවා දිනාගනිමින් ඉතා සුමට ලෙස දශක හතරකට අධික කාලයක් එළාර ගෙනගිය පාලනය ඔස්සේ සියුම්ව සිදුවූ ඉන්දියානු ආර්ථික ව්‍යාප්තවාදය අතිමහත්ය. වලගම්බා රජ දවස ථික බමුණාගේ කැරැල්ලෙන් හටගත් අභ්‍යන්තර අස්ථාවරත්වයෙන් ප්‍රයෝජන ගත් පූළහත්ථල දාඨියල පීඨීයල පණයමාරන්ල පිළයමාරන් ආදී පාණ්ඩ්‍ය රජවරුන් පස්කට්ටුවක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළහ.

ඒ ඉතිහාස කතා දීර්ඝය. කෙසේ වෙතත් ඉතිහාසය පරක්ෂා කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාව ආක්‍රමණයට :දකුණු* ඉන්දියානු රජුන් වෙසෙසින්ම පෙළඹී ඇත්තේ මෙරට සිංහාසනය දුර්වල රජුන් අතට පත්වෙද්දී බවය. නව වන සියවසේදී පළමුවන සේන රජ දවසල සිදුවූ ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණයල දහවන සියවසේදී වස්වන දප්පුල රජ දවස හා ඊට පසුව තුන්වන උදය රජ දවස සිදුවූ පළමු වන පරාන්තක සොළී රජුගේ ආක්‍රමණයදල පස්වන සේන හා පස්වන මහින්ද රජවරුන්ගේ යුග වලදී ලක්දිව විසූ මලබාර් හා අතිශය සුළුතර කර්ණාටක හේවායන් පවා රජුට එරෙහිව කැරලි ගැසීමට තරම් බලසම්පන්න වීම උදාහරණ ලෙස දැක්විය හැකිය. පස්වන මහින්ද රජ දවස ලක්දිව ඇතිවූ අභ්‍යන්තර වියවුල් නිසා පළමුවන රාජ රාජ චෝල රජු ලක්දිව සාර්ථකව ආක්‍රමණය කළේය. පසුව ඔහුගේ පුත් රාජේන්ද්‍ර රාජ චෝල මුළු ලක්දිවම යටත් කොට ව්‍යවහාර වර්ෂ 1017දී සිංහල දේශය චෝල රාජධානියේ කොටසක් බව ප්‍රකාශයට පත් කෙරිණි. වඩාත් වැදගත් කරුණ නම් මේ චෝල රාජයාගේ ශ්‍රී විභූතිය ඊයේ පෙරේදා ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සැමරීමය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ අල්පමාත්‍ර තැකීමකින් තොරවල ර්‍ණදෙමළ ප්‍රශ්නය” තුරුම්පුව ලෙස ගනිමින් අපේ රටේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමේ කැත පුරුද්ද සෑම ඉන්දියානු දේශපාලන පක්ෂයකටම පොදුය. 2014 වසරේ භාරතීය ජනතා පක්ෂය බලයට පත්වන මැතිවරණයේදී එම පක්ෂය ලංකාවේ දෙමළ ප්‍රශ්නය දඩමීමා කරගත්තේ නැත. එවකට පාලක පක්ෂය වූදල දෙමළ බෙදුම්වාදයේ එක් අත්තිවාරම් ගලක් වූදල ඉන්දියානු කොන්ග්‍රසය ලංකාවේ දෙමළ ප්‍රශ්නය විකුණමින් තමිල්නාඩු ඡන්ද දිනාගන්නට ජයලලිතලාදල කරුනානිධිලාදල වයිකෝලාදල තිරුමාවලවන්ලාදල සමග සිංහල විරෝධය විසුරුවා හැරියහ. ඒ වකවානුවේදී නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් භාරතයේ දෙමළ ඡන්ද වැදගත් කොට එම පක්ෂය සැලකුවේ ද නැත. නමුත් නරේන්ද්‍ර මෝඩියේ ධූර කාලය 2019දී අවසන් වෙයි. එනම් 2019දී ඔවුන් නැවතත් මහ මැතිවරණයකට සූදානම් විය යුතුය. දැන් ජයග්‍රහනය සඳහා සෑම මුඩුක්කුවකටම රිංගා ඡන්ද සිඟා ගත යුතුය. ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනික බංකොලොත්භාවය එක් පක්ෂයකට සීමා නොවේ. දෙමළ ඡන්ද දිනාගැනීම සඳහා ඔවුන් දන්නා එකම උපක්‍රමය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සිංහලයන්ට රිදෙන්නට ඉන්දියාවේදීත්ල ලෝකය ඉදිරියේත්ල හැකි සෑම අවස්ථාවකම මෙරටදීත් කතා කිරීමය.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මෑතකදී කීවේ හරි අපූරු කතාවකි. ර්‍ණඅපේ අරමුණ ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරැකීමයි. එය අපට ක්‍රම දෙදකින් කළ හැක. පළමුවැන්න එය බලහත්කාරයෙන් කිරීමයිත දෙවැන්න ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පාලකයන් පෙළඹවීමෙනි” එසේ කියා නොනවතින ස්වරාජ් ර්‍ණශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ ඉන්දියානේ බලවත් වේදනාවට හා සන්තාපයට හේතුවක්” බවද කියන්නීය. ස්වරාජ්ගේ ඇට නැති දිවෙන් බාගෙදා උණ විකාරෙන් මෙන් මොනමොනවා කීවද කියවුනදල අපට ස්වරාජ් අමතා කියන්නට ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් හෝ ප්‍රාන්තයක් නොවන බවයෟ එසේම ඉන්දියාව හෝ වෙනත් රටක් වේවාල ස්වකීය දේශපාලන වාසි අත්පත් කරගැනීම සඳහා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න දඩමීමා කරගන්නට ශ්‍රී ලංකාද්වීපය ගණිකා මඩමක් නොවන බවයෟෟ රටේත් ජාතියේත් ස්වෛරීත්වය අවදානමට ලක්කරමින් දේශපාලන හෝ වෙනත් නරුම ඕනෑ එපාකම් සඳහා අප වෙනත් රටවල් සතුටු කළ යුතු නම්ල අප ස්වාධීන ජාතියක් යැයි කිව හැකිද? කෙසේ වෙතත් අපට ඇයගෙන් අසන්නට ප්‍රශ්න කීපයක් තිබේ.

දහස් සංඛ්‍යාත ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කර උතුරේ ධීවරයන් සතු විය යුතු මත්ස්‍ය සම්පත කොල්ල කයි. ඒ චෞරයින් අත්අඩංගුවට පත්වූ විට රාජ්‍යතාන්ත්‍රිකව ඒ සඳහා කටයුතු කරන්නටද ඉන්දීය රජය යුහුසුලු වෙයි. මේ ඉන්දියානු මුහුදු සම්පත් කොල්ලකරුවන් නිසා උතුරේ දෙමළ වැසියන්ගේ ජනජීවිතය ජීවනෝපාය විනාශ වීම පිළිබඳ සුෂ්මා ස්වරාජ් වේදනාවට හා සන්තාපයට පත් නොවන්නේද?

ඉන්දියානු සාම සාධක හමුදා සෙබලුන් දහස් ගණනක් එල්ගටීගටීගඊ සංවිධානය විසින් මරා දමන ලදි. ඒ ගැන ඉන්දීය රජයට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද? එසේ මරා දැමූ සෙබලුන් 2000කට පමන තමන් වෙනුවෙන් ස්මාරකයක් හෝ ඉදි කරන තෙක් වසර තිහක් පමණ බලා සිටින්නට සිදුවිය. 2008 සාර්ක් සමුලුවට ඉන්දියානු අගමැතිවරයා පැමිනෙද්දී ඒ ස්මාරක නිරාවරණට ඔහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර හෝ නොතිබිණි.

ශ්‍රී ලංකාවේදී දෙමළ කාන්තාවන් 3000ක් පමණ ඉන්දීය සාම සාධක හමුදාවන් විසින් දූෂණය කරනු ලැබීය. ඒ ගැන සුෂ්මා ස්වරාජ්ට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද? විකල්ප මාධ්‍ය ඔස්සේ සැලවන පරිදි කාෂ්මීරය වැනි ප්‍රෙද්ශ වල තවමත් මේ අපරාධ සිදුවේ. අන්‍ය රටක යුධ අපරාධ ගැන ලතෝනි ගැසීමට මත්තෙන් ඒ ගැන සොයා බැලීම වැදගත් බවද අපි අවධාරණය කරමු.

එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබූ දහස් සංඛ්‍යාත දෙමළ වැසියන් හා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් බවට පත්කළ දහස් ගණනක් දෙමළ දරුවන් පිළිබඳ ඉන්දියාවට වේදනාවක් හෝ සන්තාපයක් නොදැනේද?

2003 වසරේදී හින්දුස්ථාන් ටයිම්ස් පත්‍රයට වාර්තාවක් ඉදිරිපත් කළ පීගකේ බාලචන්ද්‍රන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින්ගෙන් 35‍්‍රක් පමණ ඉන්දියානුවන් බවයි. ප්‍රභාකරන්ගේ සමීපතමයා වූ තමිල් සෙල්වම් මේ බව සපථ කර ඇත. ඔහු කියා ඇත්තේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයින් ඉන්දියානුවන් බවත් ප්‍රභාකරන්හට ඔවුන් වඩාත් විශ්වාශවන්ත බවත්ය. අප සුෂ්මා ස්වරාජ්ගෙන් අසන්නේ උතුරේ නිවාස ව්‍යාපෘති සඳහා හා ඒවා විවෘත කිරීමට දෙමළ නළුවන් ගෙන්වන්නට ඉන්දියාව මෙතරම් උත්සුක වන්නේ ඒවා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හෙවත් ඉන්දියානු පුරවරසියන්ගේ යැපෙන්නන්ට ලබාදෙන නිසාද කියාය.

ප්‍රවීන දේශපාලන විචාරක සුල්තාන් එම් හාලී අවධාරණය කරන ආකාරයට දෙමළ වැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යැයි කියා ඉන්දීය රජය යාපනයේත් හම්බබන්තොටත් උප මහ කොමසාරිස් කාර්යාල විවෘත කළහ. නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඇතුලු වන ඉන්දියානුවෝ :විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්* යාපනය උප මහ කොමසාරිස් කාර්යාල හරහා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගනිති. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් හා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ගෙවිය යුතු මුලද ඩොලර් 6000ක් බවද කියවේ. ඉන්දියාවේ කඳවුරු වල සිටින්නේයැයි කියනිදෙමළ සරණාගතයින්’ යළි මෙරටට ගෙන්වා ගැනීමේ එකඟතා ගැන පසුගිය කාලයේදී කතා බහ ඇතිවිණි. ඇතැමෙකු කීවේ එවැනි සරණාගතයින් 40ල000ක් ඉන්දියාවේ සිටින බවය. තවත් තැනක කියවුනේ 100ල000ක පිරිසක් යළි පැමිණීමට නියමිත බවය. මේ සා විශාල පිරිසක් තුළ යළිත් ලංකාවට එන්නේ 1980 දශකය ආරාම්භයේ මෙන් ඉන්දියානු කඳවුරු තුළ මිලිටරි පුහුණුව ලත් පස්වන ඊළාම් යුද්ධයේ සෙබල මුළ ද? නැත්නම් තමිල්නාඩුවේ සිටින දෙමළ කතා කරන ජිහාඩ් සටන්කාමීන්ද?

මේි ආතක් පාතක්’ නැති එහෙත් තමිල්නාඩු දෙමළ ජනතාවට හා ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ඒජන්තලාටිආතල්’ සපයන කතා ඇසෙද්දී අපි තවත් දෙයක් ස්වරාජ්ට හා ස්වරාජ් පිටුපස සිටින දේශපාලන උප්පරවැට්ටිකරුවන්ට අකමැත්තෙක් වුවත් කියනු කැමැත්තෙමු. ඒ අන් කිසිවක් නොවල එල්.ටී.ටී.ඊ සංවිධානයට උපතද උපන්නාට පසු මවුකිරිද දෙන්නේ ඉන්දියාවම බවයි. ඇත්ත වශයෙන්ම ඉන්දියාව ආරම්භයේදී එල්.ටී.ටී.ඊ මිලිටරි ක්‍රියාකාරීත්වයද ඍජුවම පාලනය කළේය. එල්.ටී.ටී.ඊ සේනාධිනායකයා වූ කිට්ටු හෙවත් සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් ඉන්දියානු ඉත්තකු බව RAW ” ආයතනයේ ප්‍රධානී ගෞරී ෂංකර් වජ්පායී පිළිගනී. පසුව ඔහු ගාථනය කල එල්.ටී.ටී.ඊයේ දෙවනියා වූ මහත්තයාද ඉන්දියානු ඒ ජන්තයෙකි. ඉන්දියාව සිදු කළේ පළමුව සිය දේශපාලන අවශ්‍යතා සඳහා මිලිටරි ක්‍රියාකාරීත්වයක් තැනීමය. දෙවනුව ඊට සමාජමය පදනමක් ලබාගැනීම පිණිස සුළු ජාතික දේශපාලනික ප්‍රවණතා සමග ඉතා සූක්ෂමව සම්බන්ධ කළේය. වර්තමාන සියලු ආක්‍රමණයන් හා මැදිහත්වීම් ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවෙන් වැටුප් ලබන එහෙත් ලංකාවේ ස්ථානගත ඒජන්තයන්ල සංවිධාන ඇතුළු ඉන්දියානු ගැති පිරිසක් විසින් බව පැහැදිළිය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ගැන මෑතකදී පැවැත්වුන සංවාදයකදී දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් හා උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් විදේශීය මැදිහත්වීම් සඳහා අනුමැතිය පළකළහ.

හිටපු ඉන්දීය අධිකරන අමාත්‍ය හා අධිනීතීඥ රාම් ජෙත්මලනී විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දියානු අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද බව කියන ලදී. 'ඉන්දීයිරෝ’ සංවිධානය විසින් ඔවුන් පුහුණු කරනු ලැබිණි. චීනය හා පකිස්ථානය ශ්‍රී ලංකාව සමග සබඳතා ඇති කර ගනිද්දී ඉන්දියානු අවශ්‍යතා වෙනුවෙන් මෙහෙය විය හැකි හමුදාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන්නට ඉන්දිරාට ඕනෑ විය” 1986 වන විට එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරු 06ක් ඉන්දියාව තුළ විනැයි කියනු ලැබේ. කොටින්ම බොරු ඉතිහාස සාක්ෂි නිර්මාණය කරමින් සංකල්පීයව ඊළම හා ස්වයං නිර්ණ අයිතියද තමිල්නාඩුවෙන් ණයට ගත් යෙදුමකි. ඉන්දියාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට සහය දුන්නේ යැයි පවසන්නේ මොන පදනමකින්දැයි අපි නොදනිමු. ඇත්ත වශයෙන්ම වෙරළාරක්ෂක යත්‍රා කීපයක් පමණක් රහසේ සැපයූ ඉන්දියාව මහා බලවතෙක් සේ ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට උත්සහ දැරුවදල එල්.ටී.ටී.ඊ සංවිධනයට හා දෙමළ ඩයස්පොරාවට එහි ඇති බිය ඉන් ගම්‍යමාන වියග

දැන් ඉන්දියාව උත්සහ දරන්නේ කුමකටද? 1987දී අත්සන් කරන්නට යෙදුන ඉන්දු ලංකා ඊනියා සාම ගිවිසුම අත්තනෝමතිකව අත්සන් කරන්නට එවකට සිටි පාලකයන් කටයුතු කළේ ජනතා පරමාධිපත්‍යය තඹයකට නොසලකමිණි. අදල රටේ නැගෙන විරෝධතා ගණනකට නොගනිමින් ඉට්කාදල තවත් ගිවිසුම් ගණනාවකටද අවතීර්ණ වන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සැදීපැහැදී සිටින්නේ කෙතරම් නිර්ලජ්ජිතවද? ඒ ගිවිසුම් ඔස්සේ ඉන්දීය විශ්ව විද්‍යාල හා කොලීජි වල බුරුතු පිටින් බිහිකරන - නැතිනම් අච්චු ගසන - වෛද්‍යල ඉංජිනේරුල පරිඝණක ආදී ක්ෂේත්‍ර ගණනකාවක ර්‍ණවෘත්තිකයින්” ශ්‍රී ලංකාවේ ඒ ඒ ක්ෂේත්‍ර වලට අනුයුක්ත වනු ඇත. මෙහි කෙටි කාලීන ප්‍රතිඵල කෙසේ වුවදල දිගු කාලීනව ඉන්දියාව මේ සූදානම් වන්නේ ඉන්දීය වෘත්තිකයන් හා පාරිභෝගික භාන්ඩ මත අපේ ආර්ථිකය පාකරල පූර්ණ වශයෙන් යැපෙන්නට සලස්වා පසුව සම්බාධක දමමින් තමා ළඟ දණ ගැස්වීමටය.

ඉන් උද්ගත වන සෙසු කෙටිල මධ්‍ය කාලීන හා දිගු කාලීන අර්බුධ ගැන අපි මෙහෙලා විග්‍රහ කළයුතු නැත. හාල් ඇටයේ පරිප්පු ඇටයේ පටන් මෝටර් රථ දක්වා ඉන්දීය පාරිභෝගික නිෂ්පාදන සම්බන්ධයෙන් තත්ත්වයල ගුණාත්මයල කල්පැවැත්මල ආදී නිර්ණායක සම්බන්ධයෙන් ඇත්තේ පැහැදිමකට වඩා නොපැහැදීමකි. තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාව සමග අප එළඹෙන වෙළද ගිවිසුම් වලින් රටේ පාරිභෝගික සෞඛ්‍යයදල ආර්ථික ස්ථාවරත්වයද විනාශවී යන්නේය. දැනට දශක අටකට පමණ ඉහත කාලය දක්වා අතිරික්ත සහල් නිෂ්පාදනයක් සහිත වූ නේපාලයේ සහල් නිෂ්පාදනයට කණ කොකා හැඬුවේ ඇයිදැයි දන්නෝ දනිති. අද නේපාලය පකිස්ථාන් හා ඉන්දියන් සහල් පාරිභෝගිකයෙකි. දේශපාලන විචාරකයන් පවසන්නේ තමන්ට සුවචවත් කීකරුවත් සිටින රටකට තමන් සතු යමකින් ටික ටික බෙදා දෙන්නට කටයුතු කරනු විනා ඉන්දියාව කිසිවිටෙකත් අසල්වැසි රාජ්‍යයන් ස්වාධීනව නැගී සිටිනු දක්නට රිසි නැත.

නරේන්ද්‍ර මොඩි අගමැතිතුමාගේ පක්ෂය හින්දු මතධාරී භාරතීය ජනතා පක්ෂයයි. පසුගියදා කොළඹදී සැමරූ ජාත්‍යන්තර වෙසක් දිනයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස මෝඩි ගෙන්වා ගැනීම තරම් ජාත්‍යන්තර විහිළුවක් තවත් නැත. කවර කලෙක වුවද බෞද්ධ පුරාවිද්‍යාත්ම උරුම සම්බන්ධයෙන් වන ඉන්දියානු අනුග්‍රහය සිය රටේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය පිණිස මිස බෞද්ධ දර්ශනයේ ප්‍රගමනය පිණිස නොවන බව අපි හොඳාකාරවම දනිමු. කෙසේ වෙතත් ඉන්දිය අගමැතිතුමාගේ ආගමනයේ ප්‍රතිඵල ලැබී ඇත. එතුමා දෙමළ ගුරුවරුන් 300ක් වතු පාසල් වල සේවයට එවන්නට යන්නේලු. ඒ ගුරු-තුමන්ලාට පඩිගෙවන්නේද ඉන්දිය රජයෙන්ලුෟෟ ඇමති රාධාක්‍රිෂ්ණන් එය සපථ කොට ඇත. මෙය ජාතියක් ජන්මයක් නැති දේශපාලන තන්ත්‍රයකට නම් මහා දැවැන්ත ද්වීපාර්ශ්වික සබඳතා තර කරන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහනයක් විය හැක. එහෙත් මේ වනාහී සෘජුවම සිංහල දේශය ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් සේ සැලකීමට මෝඩි අගමැතිතුමා ඉක්මන් වීමකි.

1870 දශකයේ මෙරටට වතු කම්කරුවන් ලෙස දකුනු ඉන්දීය දෙමල මළයාලම් හා තෙලුගු ජනතාව එන්නේ කරුනු කීපයක් අරඹයාය. එය අධිරාජ්‍යවාදී වුවමනාවක් මිස ඉන්දියාවේ ව්‍යාප්තවාදී දේශපාලන සැළැස්මේ මූලෝපායක් නොවේ. එහෙත් ඒ පිරිස් මෙහේ පැලපදියම් වත්ම ඒ හරහා ස්වකීය දේශපාලන ක්‍රමෝපාය ක්‍රියාවට නැංවීමට ඉන්දීය දේශපාලනය උත්සුක විය. උතුරින් පහරදී දකුනේ දේශපාලනය අස්ථාවර කිරීමල රට මැදද ව්‍යසනයක් නිර්මානය කිරීමෙන් තිව්ර කල හැක. වේගවත් කළ හැක. ඉන්දියාවෙන් පැමිණි කම්කරුවන්ගේ ඊළග පරම්පරා අතරින් එකෙක් දෙන්නෙක් තෝරා උන් ඉන්දීය දේශපාලන ව්‍යාප්තවාදයේ නියෝජිතයින් කිරීම සිදුකෙරිනි. දැන් ඒ කටයුත්ත වේගවත් කළ යුතුය. ඒ සඳහා සෘජුවම ඉන්දියාවෙන් පුහුනු නියෝජිතයින් එවිය යුතුය. ගුරු හිගය නම්න් නිර්මානය කලාවූ පට්ටපල් බොරුව පදනම් කරගනිමින් ගුරු සලු හැද එන්නේ රෝ ඔත්තු කරුවන් හා ඉන්දියානු ව්‍යාප්තවාදයේ ඒජන්තයන්ය. ඒ ඊලග දෙමල සන්නද්ධ අරගලය කඳුකරයෙන් ඇරඹීමටය. එවිටල කිසිදු ආරක්ෂක විධිවිධානයක් නැති රටේල ලොව බිහිසුනු ත්‍රස්තවාදය ක්‍රියාත්මක වු පුවත ව්‍යසනය අමතක කොට ඇති රටේල නිදහසේ රට පුරා අවිආයුධ සමග ස්ථනගත වෙමින් සිටින නොමළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් එක්ව එක් රැයකින් රට තමන් සතුකරගත හැක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/02/2016

‘ආවුද’ අතට ගන්නට කාලයයි!

කතෘ:යුතුකම     8/02/2016   No comments
-ආචාර්ය චමිල ලියනගේ-
තෙල් මිල, පාන් මිල අඩු කරගන්නට, වාහන බදු සහන ලබා ගන්නට, බස් ගාස්තු ගැන කතා කරන්නට, කොටින්ම සමලිංගිකයන්ගේ, ගණිකාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට පවා වෘත්තීය සමිති බුරුතු පිටින් තිබුණද, ලොව මවිත කළාවූ මේ මහා සංස්කෘතියේ එක් මූලස්ථම්භයක් වන බුද්ධ බෝගයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ කවුද? අමුඩ ගසා ගොවීන් පාරට බස්සන්නේ වී සංස්කෘතිය රකින්නට නොව, අමුඩ කෙටියෙන් නිරාවරණය වී පෙනෙන ගොවියගේ තට්ටම් වලින් හෝ බලය සිඟන දේශපාලන යාචකයන්ය. වී වගාව හෙක්ටෙයාර ලක්ෂයකින් පහත දැමීමට ප්‍රසිද්ධියේ විවාද කිරීමට තරම් පෙරදිග ධාන්‍යාගාරයේ නූතන දේශපාලන අලුගෝසුවන් ‘එඩිතර’වී (හෝ නිර්ලජ්ජිත වී) ඇත. වර්ෂ 1818 දී වෙල්-ලක්ෂයක් නැසූ සුද්දාගේ මුනුබුරු මිනිබිරියෝ 2018 පෙනි පෙනී වෙල් -ලස්සයක් නසති. පාට වෙනස් වුවද, සුද්දාගේම ප්‍රතිපත්ති මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක කරන කළු සුද්දන් රැළේ, ඒ අමනකම් වලට ප්‍රතිපක්ෂව, එනම් බුද්ධ බෝගයට පක්ෂව කතාකරන්නට කවුරුවත්ම නැද්ද? අසිංහල අබෞද්ධ ගර්හිත දේශපාලන සංස්කෘතියක වදා, වඩනු ලැබූ වර්තමාන දේශපාලකයෝ ඒ ගැන කතා නොකරති. සාහිත්‍යය කන්නටදැයි ඇසූ, ඉතිහාසය කන්නටදැයි ඇසූ දේශපාලන සංස්කෘතියක් ‘වියැට ගෙඩියේ’ අයතිය වෙනුවෙන් සටන් කරනු ලබතියි සිතීම මායාවකි.

වීදි සටන් කරන්නට නිමිති හොයන ‘රත්තේ’ නැති ‘පොත්තේ’ ඇති ප්‍රදර්ශන දේශප්‍රේමය වෙනුවෙන් ස්ටිකර් අලවාගත් ජාතිකවාදීන්ටද මේවා ‘හිට්’ වෙන නිමිති නොවේ. රිදෙන්නේ මඩේ ජීවත්වන මඩට ආදරේ කරන ගොවියාටය. මන්ද, කෘෂි තාක්ෂණික උපාධි පශ්චාත් උපාධි සහිතව දේශදේශාන්තරයන්හී සම්මන්ත්‍රණ, සමුළු න්‍යායිකව දිග්විජය කර, පදක්කම් සම්මාන දිනන, ගොඩ ඉඳන් නිර්දේශ නිකුත් කරන වක්කඩක් බඳින්නට බැරි ඇත්තන්ට මඩ ‘අරහං’ වූවාට, සිංහල ගොවියා මඩට ආදරේ කරන නිසාය. සිල්වත් භික්ෂුව බණ දහමට කෙසේ ආදරය කරන්නේද, ශාස්ත්‍රවන්තයා ශාස්ත්‍රීය දෙයට කෙසේ ආදරය කරන්නේද, සිංහල ගොවියා මඩට ඊටත් වඩා ආදරේය. අපි, හුන්ඩු, සේරු, මනා, බෙර, පෑල්, අමුණු ආදී පරිමාන ඒකක වලින් වී (හෝ වෙනත් ධාන්‍ය) මැන ඇත්තෙමු. එක හීයට හාන යායේ කුමක් හෝ කරුණක් නිසා කාගේ හෝ කට්ටියක් මග හැරෙන්නේද, යායේ සෙසු ගොවියෝ ඒ දෙස බලන්නේ වේදනාවෙනි. එහෙවු රටේ හෙක්ටෙයාර නොව, වී හුන්ඩුවක් වැපිරෙන වපසරිය හෝ අත්හරින්නට ‘මහ වාසලේම’ කතිකා කරන්නේ නම්, එය මේ රටේ ජන විඥානය දකින්නේ මහා මූසලකමක්, අසුභ නිමිත්තක් හැටියටය. බුද්ධ බෝගයේ වපසරිය අඩු කිරීම යනු මේ රටේ සංස්කෘතියේ මුලෙන් මුල කපා දැමීමකි.

අපි පෙරදිග ධාන්‍යාගාරයක් ගැන උදම් ඇනුවද, අද සහලින් ස්වයං පෝෂිතද? ගොවිතැන් හෙවත් කුඹුරු පුරන් වන තැනට වැඩ කටයුතු සිදුවූයේ මේ “අහිංසක කුරා කූඹියෙකුටද වරදක් නොකරන” යහපාලන ආණ්ඩුවෙන් නොවේ. හත්පොලේ ගාගත් විවෘත ආර්ථිකය විසින් ක්‍රමක්‍රමයෙන් අපේ ගොවිතැන මරා දැමුවේය. හරිත විපලවයෙන් පසුව සිංහල වී වර්ග විනාශ වෙද්දී, බාගෙට මැරුණු ගොවිතැන, විෂ රසායන බී ගත් පොළව මැරෙද්දී පණ ඇද්ද ගොවිතැන, විවෘත ආර්ථික ප්‍රහාරයන් සමග ඔත්පොල වූයේය. ප්‍රධාන වශයෙන් යැපීම හා ඇතොත් අතිරික්තය විකුනා ගැනීම පිණිස කළ අභිමානවත් ගොවිතැන, සශ්‍රීකත්වයේ ජිවනෝපාය, ක්‍රමයෙන් මැරෙද්දී යහපාලන ආන්ඩුව කලේ පණ අදින ලෙඩා පෙට්ටියට දමා ඇණ ගැසීමට කටයුතු සම්පාදනය කිරීමය. පසුගිය රජය පොහොර සහනාධාරය දීම විවිධ පාර්ශව විවිධාකාරයෙන් විග්‍රහ කරයි. ඇතැමුන් කියන්නේ එය ගොවිතැනට මහත් පිටිවහලක් වූ බවය. එනිසා ගොවියෝ වී වගාවේ නිරත වූ බව සැබෑවකි. එහෙත් ඉවක් බවක් නැතිව පොහොර පොලවට දැමීමේ පුරුද්දෙන් දීර්ඝ කාලීනව ගොවියා මුදා ගෙන ස්වයංපෝෂිත සිංහල ගොවිතැන යළි ස්ථාපනය කිරීමේ තිරසාර උනන්දුවක් පොහොර සහනාධාරයේ ‘දේශපාලන අල්ලස’ පිටුපස අපි නුදුටුවෙමු. එය සහනාධාරයක් වූයේ රුපියල් සත වලට සුසර කරනු ලැබූ ‘ගොයියන්ට’ මිස සිංහල ගොවියන්ට නම් නොවේ.

පසුගිය ශතවර්ෂ බාගයක කාලය මුළුල්ලේ බටහිරින් එන සංවර්ධන උප්පරවැට්ටි බදා ගනු විනා දේශයට ගැළපෙන සංවර්ධන මූලෝපාය නිර්මාණයට සපුරා අසමත් අපේ ප්‍රතිපත්ති සම්පාදක වෘෂභ රාජයන් විවෘත ආර්ථික සැණකෙළි පවත්වමින් ජාතිය, වෙසෙසින්ම තාරුණ්‍යය මුදලට ආශාකරන පිරිසක් බවට පත් කළද, සමස්ත ජාතියම රුපියල් සත වල ඇති ‘බල්ලාත් නොකන’ වටිනාකමට සුසර කළද, මඩ යට මුදල් ඇතිබව උන්ට කියා දුන්නේ නැත. ඌහු සල්ලි සොයා රට ගියහ. බතින් බුලතින් ආඩ්‍ය ජාතියක් ක්‍රමවත්ව හා ක්‍රමෝපායික කාර්මීකරණයකට ලක්කරනවා වෙනුවට සුද්දාට රෙදි මහන සන්නාලියන් බවට පත් කළේය. රටේ ඓතිහාසික ජාතියේ දූදරුවෝ ජාතිය ආක්‍රමණය කරන්නට ආ කල්ලතෝනීන්ට අයත් කම්හල් වල දිරාපත් වන කම්කරු ඇටසැකිළි බවට පත්විය; ‘සාදුකින් පෙලෙනවුන්’ විය! උන්ට කරන්නට ඉතිරිවූ එකම අරගලය ජාතික අරගලය නොව, කම්කරු අයිතීන් ඉල්ලා කරන වෘත්තීය සමිති සටන් හෙවත් සංවිධානාත්මක යැදීම්ය. රට ආසානාසි වූයේය. අපේ ජාතියේ ඉතිහාසය රඳා පවතින එක් වැදගත් මුල් ගලක් නම් වී ගොවිතැන ය. වී යනු තවත් ධාන්‍යයක් නොවීය. වී යනු කෑමක් හෝ මුදල් කළ හැකි පාරිභෝගික භාන්ඩයක් නොවීය. එය සංස්කෘතියේ මූලයක්ම විය. වියට ඇත්තේ මූල්‍ය වටිනාකමක් නොවේ. මුදල අභිබවා ගිය සංස්කෘතික වටිනාකමකි.

වී හැර අන් සියල්ලටම ප්‍රේම කරන කෘෂිකර්ම පණ්ඩිතයින් පිරිසක් අපේ විශ්ව විද්‍යාල විසින් නිපදවා තිබේ. උන් එක් එක් විදේශ දේශපාලන න්‍යායපත්‍ර හා ව්‍යාපාරික සංගතයන්ගේ ඩොලර් වලින් යැපෙන එක්සත් ජාතීන්ගේ සිට දේශීය පරගැති රාජ්‍ය නොවන සංවිධාන දක්වූ වූ ගුබ්බෑයම් වලට වැදී උක් ගැන කතා කරති; බඩ ඉරිගු ගැන කතා කරති; සෝයා ගැන කතා කරති. වී වගාවෙන් පාඩුම පමණක් සිදුවන්නේ යැයි මතවාදී බහුබූත සමාජගත කරති. ගොවිතැනේ පැවැත්ම කන්නය අවසානයේ ලබන රුපියල් සත ලාභය හෝ අලාභය මත තීරණය කරන්නට ඌහු අපට හුරු කළහ. සිංහල බිත්තර වී සංස්කෘතියද, වාරි පද්ධතීන්ද, ගොවි ජනවිඥානයද තාක්ෂණයද විනාශ කළහ. ස්වයංපෝෂිත සිංහල (වී) ගොවිතැන ආනයනික බාහිර යෙදවුම් හඳුන්වා දී පරපෝෂිත කළේය. හැංගී හැංගී වෙස් බැන්ද ඇත්තෝ දැන් එළි පිට නටන්නට පටන් ගෙන තිබේ. සියලු සතුරු බලවේග එළිපිටම හෙක්ටෙයාර් ලක්ෂ ගණනින් ගොවිතැන නසන තැනට ශක්තිමත්ව සිටිති.

කෘෂිකර්ම අමාත්‍යාංශයේම සංඛ්‍යා ලේඛන ප්‍රකාරව 2016 මහ කන්නයේදී මහා වාරි යටතේ වැපිරූ කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 371,850 සිට 300,395 දක්වාද, කුඩා වාරි යටතේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 230,715 සිට 134,860 දක්වාද, වැසි පෝෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 228,810 සිට 60,745 දක්වාද අඩුවන්නට බලපෑවේ වියළි කාලගුණයම නොවේ. ඊනියා පොහොර සහනාධාරය අසහනයක් වූ අයුරු අපි දුටුවෙමු. එහෙයින් ඒ සඳහා බොහෝ ව්‍යුහාත්මක කාරණා බලපෑ බව අපේ විශ්වාශයයි. මී උණ ආදී මතවාදී ප්‍රහාරයන් නිසා තවත් පිරිසක් මඩට බැසීම අත්හළහ. කුඹුරු හෙක්ටෙයාර ලක්ෂ ගණනින් අඩුකිරීමට පෙර, නිෂ්පාදන සාධයකයක් ලෙස භූමියේ ඇති මූල්‍ය වටිනාකම මත ඒ බිම් වෙනත් ආයෝජන සඳහා යොදවා වියළි කලාපය ආශ්‍රිතව පමණක් සහල් නිෂ්පාදනය පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිමය සැළසුම්ද වේ. අපේ පින්වන්ත රටේ වියළි කලාපයේ අඹ නැති කාලයට තෙත් කලාපයේ අඹ පළ ගනී. බහුවිධ කාලගුණික තත්ත්ව මත විවිධ ගොවිතැන් ක්‍රම භාවිතයෙන් රටේ කුමන ප්‍රදේශයක සහල් හෝ වෙනත් ආහාර නිෂ්පාදන හැකියාවක් පැවතීම සමස්ත ජාතියේම ආහාර සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිත හෝ සංතෘප්තතාවය පවත්වා ගැනීමට අවශ්‍ය බව සුද්දාගේ ආහාර සුරක්ෂිතතා පාඩම් උගත් මෝල්ලු දන්නේ නැත.

ඇත්තෙන්ම මේ කරන්නේ සිංහලයා කුඹුරෙන් ඈත් කිරීමය. පොළවෙන් ඈත් කිරීමය. හුදෙක් වෙළද පොළ ජීවියෙකු බවට පත් කීරීමය. එය ඇරඹී බොහෝ කල්ය. සද්ධාතිස්ස අස්වැද්දූ කුඹුරු යායන්ගෙන් හෙබි දිගාමඩුල්ලේද ත්‍රිකුණාමල මඩකලපු පලාතේද කුඹුරු අද කාගේද? උන් වියට වඳින්නෝද? දැන් ඉතින් ඕල්කොට් බෞද්ධයෙකු හෝ භෞතිකවාදයේ බෞස්තීමය ලැබූවකු අපෙන් වියට වඳින්නේ ඇයි දැයි අසනු ඇත. එය මිත්‍යාදෘෂ්ටියක් නේදැයි ප්‍රශ්න කරනු ඇත. ඉන් අස්වැන්න වැඩිවේදැයි අසනු ඇත. අම්මාද අප්පාද පාරිභෝගික භාන්ඩම සේ සළකන, දරුවකු යනු ගැහැණියකගේත් පිරිමියකුගේත් ලිංගික ආශාවේ අතුරු ඵලයකැයි සළකන ඒ නාස්තිකවාදී ගොබිලන් සමග අපි වාද නොකරමු. නාස්තිකවාදීන්ද මේ සමාජයේ සිටිය යුතුය. අයුක්තිය පළට නොවන්නේ නම් යුක්තියේ අගයට තැනක් නැත.

සියල්ලන්ට අතේ ඇති මුදලට වාහන දෙන්නට පොරොන්දු වූ පිරිස් බලයට පැමිණ කලේ වාහන බදු වලින් තම ඡන්දදායකයාට තැලීමය. බදු වැඩි කලේ ජපන් වාහන වලය. එමගින් ඉන්දියානු වාහන වලට ඇති ඉල්ලුම වැඩිවේ. ඉන්දියානු වාහන ගෙන්වන සමාගම් වල කොටස් හිමි ඇත්තෝ බලයේ ඉන්දැද්දී එසේ වීම සාධාරණය. දැන් බලයේ සිටින්නේ කළකට ඉහතදී කුඹුරු ගොඩකර ක්‍රිකට් පිටි සකස් කරන්නට යෝජනා කළ ඇත්තෝය. සහල් ආනයනයෙන් කොමිස් කුට්ටි ලබන්නන් බලයේ සිටිද්දී පසුගිය වසර 30-40 තුළ දේශීය වී ගොවිතැන ගැන කතා කිරීම අමුම අමු මෝඩකමක් වූ බව අපි දනිමු. වර්තමාන සංධර්භය තුළ ලංකාවේ ගොවිතැනට වින කැටීමෙන් වන්නේ කුමක්ද? ඉන්දියානු සහල් වෙළඳ පොළට පාරිභෝගිකයින් නිර්මාණය වීමය. ඇත්තටම ඉට්කා අත්සන් තබා අවසන්ද? තුට්ටුවට ගෙන්වන ඉන්දියානු සහලින් බත් කන ඇත්තෝ වැඩි ගානට දේශීය සහල් ගන්නට තරම් දේශප්‍රේමී නොවනු ඇත. ලංකා අල වලට වඩා රුපියල් පනහක් අඩුවෙන් පාකිස්ථාන් අල ඇති වෙළදපොලේ දේශප්‍රේමය වෙනුවෙන් අල කිලෝවකට රුපියල් පනහක් දෙන්නට තරම් දේශප්‍රේමීහු පොහොසත් නැත.

එවිට ශේෂ වී සිටින දේශීය වී ගොවියාටද සිය දිවි නසා ගැනීමට සිදුවනු නොඅනුමානය. ඒ සදහා වැඩි වැඩියෙන් කෘමිනාශක ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක දැමීම නුවනට හුරුය. අනිත් අතින් කලකට ඉහතදී ඉන්දියානු පරිප්පු ලූනු සියල්ලට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණටද අද එසේ කළ නොහැක්කේ ඔවුන් දේශපාලනික කන්‍යාවියක සේ හැසිරුනද, මේ දේශපාලන සූදු පිටියේ බූරුකාරයන් ගණනාවක් සමග ප්‍රසිද්ධියේ රැය පහන් කර ඇති බැවිණි. සිංහලයාට සිංහල සංස්කෘතියට සාධාරණයක් කරන්නට දිව්රා බලයට පැමිණි ඇත්තන් කෝ? බටහිර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධයේ නාමයෙන් සරම ඇඳගෙන ඔලුවෙන් වුව හිට ගන්නට සූදානම් ඒ මූලාචාරීහු බත නසා මඩ රට හැර කූඹුරු ගොඩකර ඒ මත ඉදිවන සුවිසල් ගොඩනැගිලි සංවර්ධනයේ දර්ශක සේ දැකීමේ ‘මෙගා පොලිස් ජොලියක’ය. නැත්නම් කුප්‍රකට බහුජාතික සමාගම් වල ප්‍රත්‍ය වළඳමින් සිටිති. දේශප්‍රේමීන්ගේ සහය ඩැහැගනු වස් සිය දේශපාලන රූපාන්තරණයේ පදනම වූ කොමියුනිස්ට්වාදය ජාතික ඇඳුමින් හෝ චීවරයෙන් තාවකාලිකව වසාගත් ඒ ඇත්තෝ යළිත් තමන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීම අරඹා ඇත. ඒ සියල්ලන්, බත නසා රට නගන “සුසමාදර්ශීය වෙනසේ” අනිටු පළ විපාක ගැන සිතීමට හෝ ඉඩ නැති බුද්ධිමය වහල්ලුන් වී අවසන්ය.

ප්‍රමාන හා මාත්‍රා ඉක්මවා කෘෂිරසායන වලින්ම නිපදවන ඉන්දියානු හාල් අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් සංවර්ධනය කරනු ඇත. එවිට ජනාධිපතිතුමාට මෝඩි අගමැතිතුමාගෙන් වකුගඩු රෝහලට නොදෙවෙනි පිලිකා රොහලක් ඉල්ලාගත හැක. එය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වනු ඇත. එදා අපේ ස්වාමීන් වහන්සේලා ගව ඝාතනයට විරුද්ධව පාගමන් යද්දී සුද්දාගේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව දත් ඇත්තෝ කීවේ ඒ න්‍යායන් අනුව ගවයන් ඝාතනය කළ යුතුම බවය; නැතිනම් ගොවිපොළ පවත්වාගෙන යා නොහැකි බවය. එසේම ඔවුන්ට දැන් ලාබෙට සහල් ඇති තැනින් සහල් ගැනීමේ ‘පොතේ වාසි’ උලුප්පා දක්වමින් ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යාය ‘පට්ට ගැසිය’ හැක.

‘ආසාත්මිකතාවන්’ ඇතිවන්නේ ‘සාත්මික’ නොවන දේ හේතුවෙනි. ආයුර්වේදයේ, විශේෂයෙන්ම ආහාර මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් දේහ-සාත්මික හා දේශ-සාත්මිකතාව සාකච්ඡා කෙරේ. ඉන් කියැවෙන්නේ දේහයන්ට සරිලන හා දේශයන්ට සරිලන ආහාර ඖෂධ ගත යුතු බවය. රුහුණේ මී කිරි රට පුරා ජනප්‍රිය වුවද රුහුණේ මී ගවයින් හැදෙන වැඩෙන තත්ත්වයන්ද, අන්‍ය ප්‍රදේශයන්හි මී ගවයින් වැඩෙන තත්ත්වයන්ද වෙනස්ය. පරිසර රටාවන් වෙනස්ය. එහෙයින් රුහුණේ මී කිරි රුහුණේ ජනතාවට දේහ-සාත්මිකය; දේශ-සාත්මිකය. සරළව කියන්නේ නම් හොදින් පත්තියං වෙයි. ඒ අනුසාරයෙන් ආනයනික සහල් ගැන තේරුම් ගත හැක්කේ කුමක්ද? ඒවාට වැපිරූ දා සිට නැවෙන් ගොඩබාන දා දක්වා පොහොර හෝ නාශක ලෙසින් යොදන රසායනික විෂ ප්‍රමාණය අමතක කරමු. බත් යනු අතුරු පසක් නොවේ. ප්‍රධාන ආහාරයය. එය දේහ හෝ දේශ සාත්මික නොවූ කල ජාතියට කවර කළක් යාද?

මේ තත්ත්වයට මුවා වී එන ආර්ථික හා වෙළඳපොළ ආක්‍රමණයේ ස්වභාවය තේරුම් ගැනීමද වැදගත්ය. ඒ සඳහා වඩාත් යෝග්‍යතම උදාහරණය නේපාලයේ වී නිෂ්පාදනය හා සහල් අපනයනයට අත්වූ ඉරණමයි. වර්ෂ 1961 වන විට නේපාලය සහල් මෙට්‍රික් ටොන් 290,000ක් වාර්ෂිකව අපනයනට කළේය. 1988 වෙද්දී එය බින්දුවටම වැටිණි. 1981 දී සහල් මෙට්‍රික් ටොන් 22,000කින් ඇරඹූ සහල් ආනයනය 2013 වන විට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 325,000ක් ගෙන්වන තැනට පත්ව තිබේ. ශ්‍රී ලංකාව 1961දී සහල් අපනයනය කර නැති නමුත්, ඒ වර්ෂයේදී අපි සහල් මෙට්‍රික් ටොන් 469,000ක් ආනයනය කර ඇත්තෙමු. ක්‍රමක්‍රමයෙන් සහල් ගෙන්වීම අඩුකළ අපි 1978දී සහල් මෙට්‍රික් ටොන් 9000ක් පමණ අපනයනය කරන්නට සමත්වී ඇත. ඒ වන විට සහල් ගෙන්වීම මෙට්‍රික් ටොන් 186,000 දක්වා අඩු කර ගන්නටද සමත්වී තිබේ. 1994 වසරේදී පමන පටන් ඉතා කැපී පෙනෙන ලෙස සහල් ආනයනය අඩු කළ ශ්‍රී ලංකාව වර්ෂ 2000 දී සිට ස්ථාවර ලෙස සහල් ආනයනය අඩුකරගන්නට සමත්වී ඇත්තේ සුළු වශයෙන් හෝ සහල් අපනයනය වැඩිකර ගනිමිනි. ඒ වන විට වාර්ෂිකව සහල් ටොන් දහපහලොස් දාහක් රට අරින්නට අපි සමත්වීමු. ඒ අපනයන වර්ධනය කුඩා වුවද පසුගිය වසර කීපය තුළ ඒ ප්‍රවනතාව ස්ථාවර ලෙස වැඩිවීම අරඹද්දී වී වගාවට කණ කොකා හැඬීම කෙතරම් ඛේදජනකද?

දැන් ඉතින් ‘ආවුද’ අතට ගත යුතුමය! ජනශ්‍රැතියේ කටවහර ප්‍රකාරව සිංහලයෝ ‘අවි-ආවුද’ භාවිත කර ඇත; දැනුදු භාවිත කරති. අවි ගත්තේ සතුරාට එරෙහිවය. ගත්වහරින් ‘ආයුධ’ කටවහර අනුව කම්මලේ තැනූ ‘ආවුද’ය. ඒවා අතට ගත්තේ පොළව සමග හැපෙන්නටය. එහෙයින් අපි කාරුණිකව යමක් ඉල්ලා සිටිමු. ඔබ රැකියාවක නිරත හෝ රැකියා විරහිත අයකු විය හැක. සුලු සේවකයකු විය හැක; විධායක නිලධාරියකු විය හැක. මේ කවුරුන් වුවද, ඔබ ‘ආවුද’ අතට ගෙන කුඩා හෝ කුඹුරක් අස්වැදීදීමට කටයුතු කළ යුතුය. එහි සිංහල වී අහුරක් වැපිරිය හැකි නම් අගනේය. ඒ නැතත් ආණ්ඩුවේ වියක් වූව ප්‍රමාණවත්ය. ඔබ මඩ සුවඳ අත්විඳිය යුතුය. මේ සංස්කෘතිය පවත්වා ගන්නටද, දරුවන්ට පවරා දෙන්නටද පෙරමුණ ගත යුතුය. බත නසා සංස්කෘතිය වැනසීමේ මේ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කළ හැකි ‘ස්වේච්ඡා ගොවි හමුදාවේ’ සෙබළෙකු සෙබළ ළියක විය යුතුය. ගොවි බසින් කියන්නේ නම් ‘අල්ලක්’ වපුරා ගන්නට මහත් වෙහෙසක් ගතයුතු නැත. ක්‍රියාවලියද, අස්වැන්නද ඔබේ ශරීර සෞඛ්‍යයටද බෙහෙවින්ම හිතකරම වනු ඇත. ඔබ වැපිරූ වියැට ගෙඩි බත් කර පිසිද්දී ඔබට මහා අභිමානයක්ද දැනෙනු ඇත. අපි අත හොල්ලා කට හොල්ලන ජාතියක් බව නැවතත් භාවිතයෙන් පෙන්වා දිය යුත්තෙමු.

-ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/28/2016

වෙස් තට්ටුවට පොල්ලෙන් ගැසූ පස්වන ඊළාම් යුද්ධයේ කීටයෝ

කතෘ:යුතුකම     7/28/2016   No comments
-ආචාර්ය චමිල ලියනගේ -
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් හා සංස්කෘතික කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ ප්‍රතිචාර, විචාර මෙන්ම විකාර දෙසද අපි විමසිලිමත්ව බලා සිටියෙමු. ඒ ප්‍රහාරය කෙතරම් සෞම්‍ය සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් යුතුව ලෙස එල්ල කර ඇත්ද යන්න රෝහල්ගතව සිටින ශිෂ්‍යයා ශල්‍යකර්මයකටද බඳුන් කිරීමෙන්ම වැටහේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ නීතිය අකුරටම, තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවද හදපත්ලටම දැනෙන්නේ පහරකෑමට ලක්වූ පුද්ගලයා මාරාන්තික තුවාල ලබා සිටියදී පහර දුන් ශිෂ්‍යයා දවසින් ඇප ලබා පිටව යෑම නිසාය. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පොරොන්දු වූ පරිදිම ‘සැමට සමාන ව නීතිය’ ක්‍රියාත්මක කරන හැටි අපූරුය. කැලණිය විශ්ව විද්‍යාලයේ නවක වධ සිද්ධියකට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් සිසු පිරිස දින හැත්තෑ පහක් රිමාන්ඩ් බාරයේය.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට බලය දී ඇතිබව කියන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, සිසු ගැටුම යොදාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට සිංහල හා දෙමළ අන්තවාදී කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවද, “මේවා දුර දිග යන්නේ නැතුව අපි ගොඩින් බේරගන්න ඕනේ” යැයිද කියයි. “මේ ගැටුම ජාතිවාදය එකම දේශපාලන භූමිකාව කරගත් අයට උත්තේජනයක්” කියමින් අනුර කුමාර දිසානායක නායකතුමාද නියම පරිනත අදහසක් දක්වා ඇත. මේ රටේ විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ “ජාතිවාදය හැදෙන කම් බලාගෙන ඉන්න අයට හොඳ වැඩක් තමයි මේක” කියාය. “මේ සිද්ධිය යොදා ගනිමින් විශ්ව විද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුලත් කිරීමේ උත්සාහයක් තිබෙනවා” යැයිද ඒ බල මණ්ඩලය භීතිය පළකරයි.

තවත් ජාතියක සංස්කෘතිය නොඉවසා මාරාන්තිකව ප්‍රහාර එල්ල කරන නරුමයින් ඇස් පානා පිටි සිටියදී අමුතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුළු කළ යුතුද? අප වෙත ලැබී ඇති නිල නොලත් ආරංචි ප්‍රකාරව, පළමුව පහර දුන්නේ අපි යැයි සාවද්‍ය ප්‍රකාශ කරවා ගන්නා තැනට ඊනියා සංහිඳියා හැව ඇඟලා ගෙන සිටින ජාතිභ්‍රෂ්ටයින් නොපමාව කටයුතු කර ඇත. මේ ප්‍රහාරය යළිත් දළුලා වැඩෙන ඊළාම් යුද්ධයට සූදානම් වන ත්‍රස්ත කීටයින්ගේ සිත්වල පැසවන සිංහල විරෝධයේ දිග පළලද, රතු කමිස හැඳ සිටින ලොක්කන්ගේද උන්ගේ අඩිපාරේ යන සොක්කන්ගේද වියළි හෘද සාක්ෂියේ කළු පැහැයද, යහපාලනයේ නෝංජල් කමද සපථ කර ඇත. ඒ කෙසේ වෙතත් අපට දැනෙන සංවේගය නම් විශ්ව විද්‍යාලයක බල්ලෙක් බළලෙක් මලද ප්‍රකාශ නිකුත් කරන, ශිෂ්‍ය ව්‍යාපාර යන නාමය පිටුපසට වී සිය දේශපාලන මඩි තර කරගන්නා සහෝදරවරුන්ට මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දැකීමට තරම් පිටකොන්දක් නැතිකම ගැනය.

යාපනය විශ්ව විද්‍යාලයේදී සිංහල ශිෂ්‍යයින්ට හා සිංහල කලාකරුවන්හට ප්‍රහාර එල්ල කලේ පස්වන ඊළාම් යුද්ධයේ ත්‍රස්තවාදීන්ය! සත්‍යය එයයි!! ඒ පිරිස ශිෂ්‍ය වේශයෙන් සිටියා විය හැක. එහෙත් විශ්ව විද්‍යාලයේ උත්සවයක කලාංගයක් සම්බන්ධයෙන් සාධරණව සිතීමට තරම් සංස්කෘතික ඉවසීමක් නැත්තෝ ත්‍රස්තවාදීන් විනා අන් කවුරුන්ද? කලාව විශ්වීය භාෂාවකැයි ශාස්ත්‍රවන්තයෝද, විද්‍යාර්ථීහුද පිළිගන්නා සත්‍යයකි. එහෙත් ඒ විශ්වීය භාෂාව වැටහෙන්නේ ඊට සුගම දියුණු භාවයන් ඇති මනුෂ්‍යයින්ටය; මිනිසත් භාවයන්ටය. මනුෂ්‍ය වේෂයෙන් සිටියද නොමිනිස්කමින් අනූන තිරස්චීනයෝ කලාවේ භාවාත්මක ප්‍රකාශනයන්ට සංවේදී නොවෙති. අප දන්නා පරිදි පරාක්‍රම නිරිඇල්ල වැනි නාට්‍යකරුවන් සාමය හා අනොන්‍ය අවභෝධය පිණිස කලාව භාවිත කිරීමේ නව භාවිතාවන් අත්හදා බලමින් සිටී. අපවෙත වාර්ථා වී ඇති පරිදි මේ දින වලද නිරිඇල්ල සිට්න්නේ යාපනයේය. ඒ සිංහල නළුවන් විසින් දෙමළෙන්ද, දෙමළ නළුවන් සිංහලයෙන්ද රඟපාන නාට්‍ය අභ්‍යාස මාලාවකය. එහෙත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් යැයි කියා ගන්නා සතුන් මෙවැනි බලාපොරොත්තු සහගත කලාත්මක ප්‍රයාසයන්ට නිකුත් කරනු ලබන්නේ කවර නම් සංඥාවක්ද?

කොළඹ පමණක් නොව රට පුරා ඇති සයිවර් කඩ වලින් වැඩිපුරම කන්නේ සිංහල මිනිසුන්ය. රට පුරා ඇති වීඩියෝ සංයුක්ත තැටි විකුණන ලොකු කුඩා වලින් සිංහලයින් වැඩිපුරම මිලදී ගන්නේ සිංහල උපශීර්ෂ පාඨ යෙදූ දෙමළ චිත්‍රපටිය. රට පුරා ඇති උස් කෝපුරම් සහිත මනරම් හින්දු කෝවිල් වල ගනේෂට, දුර්ගාට පූජා පවත්වන සිංහලයන් කොපමණ සිටීද? අප දන්නා පරිදි යාපනය විශ්ව විද්‍යාලයේද නර්තන හා රංග කලා අධ්‍යයනාංශයන්ගේ සිටින ඇතැම් ශිෂ්‍යයින් සිංහල නර්තනය, කෝලම්, ආදී නර්තන සම්ප්‍රදායන් ශාස්ත්‍රීයව හදාරයි. ඒ සැබෑ ශාස්ත්‍රවන්තයින්ය. රට පුරා ඇති නර්තනායතන, කලායතන හා කලා පාසල් වල භරත නාට්‍යයම් ශිල්පීයව හදාරන සිංහලයන්ගේ ප්‍රමාණය අතිමහත්ය. සිංහල සිසුන් බහුතරයක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයක සංස්කෘතික සංදර්ශනයකදී වේදිකාව ආලෝකමත් කරන භරත නැටුමක වාච්‍ය කෙසේ වෙතත් සාත්වික, ආහාර්යා හා ආංගික අභිනයන්ගෙන් සිංහල අප කෙතරම් කුල්මත් වන්නේද? වෙස් නැටුම් කණ්ඩායමට පහර දෙමින් සතුන් මෙන් හැසිරුනු ‘සිසුන්‘ මේ කාරනා දන්නේද? 2009 වසරින් අවසන් වූ දශක තුන තුළ රටපුරා දින දින හමුදා උත්තමාචාර මැද අවසන් ගමන් යන සොල්දාදුවන්ගේ මළගෙවල් වල නිදි වැරූ මේ රටේ සෙසු විශ්ව විද්‍යාල වල සිංහල ශිෂ්‍යයන් තම විශ්ව විද්‍යාලයන්හී දෙමළ සිසුන්ට පහරදී ඇත්ද?

ඒ සංස්කෘතික අතුරු මුහුනතෙහි, නැත්නම් ඉඩකඩෙහි පලල් ජාතික සමගියක් සංහිඳියාවක් වඩන්නට ඇති විභවතාවන් සොයා යා යුතු විද්‍යාර්ථීන් පිරිසක් මේ රටේ මහා සංස්කෘතියේ මුදුන් මල්කඩ වැනි වෙස්තට්ටුවට අත තැබීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඊනියා මහා විරු දිනයට, එල්.ටී.ටී.ඊ යේ මිලිටරි පරාජය සිදුවූ මැයි 18දාට යාපනයේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය වේශයෙන් සිටින ත්‍රස්ත කීටයන් හා පිළවුන්, ඊනියා ඊලාම් රාජ්‍යයේ සිතියමක් ඉදිරිපිට පහන් දල්වන්නේ සංහිඳියාව උතුරා යන හදින්ද?

අපේ අගමැතිතුමා පසුගිය සිංහල අළුත් අවුරුද්දට පොන්ගල් කා පොන්ගල් හා කිරිබත් සැසඳුවේය. තව තවත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ඇතැම් ජනමාධ්‍ය ආයතන කළේ උතුරේ පිරිස් දකුණට ගෙවා කැවුම් කිරිබත් වලින් හොඳින් සංතර්පනය කිරීමය. අපි ඒවා අගය කරමු. ‘දකුණට‘ පැමිණ කිරිබත් කා ගිය ඇත්තෝද වෙස්තට්ටුව කුඩු පට්ටම් කරන්නට පොලු ඉස්සුවාදැයි අපි නොදනිමු. මන්ද ඒවා කුඩා පිරිස් ඉලක්ක කර සිදු කළ කුඩා හුදකලා ‘සාම ප්‍රොජෙක්ට්ස්‘ නිසාය. එහෙත් අපේ අගමැතිතුමා කිරිබතට වඩා පොන්ගල් හොඳ යැයි කළ ප්‍රකාශය වැදගත් සංස්කෘතික ප්‍රකාශයකි. එහෙත් ගතවුයේ හාර මාසයකි. පස්වන ඊළාම් යුද්ධයේ ත්‍රස්ත පෝතකයෝ එදා කෑ පොන්ගල් සිහිපත් වන අපූරු සංස්කෘතික පිළිතුරක් දී තිබේ.

දැනට සමාජයේ කතා බහට ලක්ව ඇති අයුරින් ඊනියා සංහිඳියා යාන්ත්‍රණය තුළ සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙස යුද්ධයෙන් පසු සිය සුපුරුදු ජීවන රටාවට ක්‍රමක්‍රමයෙන් අවතීරණ වන උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළ දේශපාලනික හා වාර්ගික වෛරයක් ජනනය කිරීමය; කාලය සමග ගොඩනැගෙන තිරසාර සමගියක් අවබෝධයක් වෙනුවට වර්ගවාදී වෛරී සිතුවිලි දාමයක් උප විඥානයේ අවරෝධනය කිරීමය. ඒ දෙමළ ඩයස්පෝරාවේද, ඒ න්‍යාය පත්‍රය ප්‍රකාරව සිය දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා කල්ලි කණ්ඩායම් වලද උවමනාව පරිදිය. යාපනය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන විද්වත් සමුළු සඳහා ආරාධිත දේශකයින් ලෙස සහභාගි වන විදෙස් විද්වතුන්ගේ භාවිතාවන්ද ආන්දෝලනාත්මකය. තවත් බෙදුම්වාදී වැඩ පිළිවලකට දෘෂ්ටිමය වශයෙන් හා අනිකුත් අතින් සන්නද්ධ වීමක සේයාවක් මේ ඔස්සේ පලට වේ.

අවසාන වශයෙන් මේ නොමිනිසුන් තනන්නේ කවුරුන්දැයි අපි තේරුම් ගත යුතුය. යාපනයේ පමණක් නොව උතුරු නැගෙනහිර කොතැනක හෝ බුදු පිළිමයක් වඩාහිඳුවීම පවා සංස්කෘතික ආක්‍රමණයකියි සිය ‘යටත් වැසියන්ට‘ උගන්වන දෙමළ ජාතික සන්ධානය නම් වූ බෙදුම්වාදී දේශපාලන නඩය මෙහි ප්‍රධාන වගඋත්තරකරු වන්නේය. උතුරේත් නැගෙනහිරත් පමණක් නොව රටපුරා සිටින දෙමළ ජනතාව සිය බෙදුම්වාදී දෘෂ්ටිවාදය නැමැති එළිමහන් සිර කඳවුර තුළට ගාල් කර ගන්නා මේ දේශපාලන දාමරිකයින් සමග සංහිඳියා ගිණි කෙළි වලට යෑම අනතුරුදායක බව නොවැටහෙන්නේ ඇයි? විශ්ව විද්‍යාලයේ පහරදීමට පෙරාතුව, කලකට ඉහතදී අම්බලන්ගොඩින් නාගදීපය වඳින්ට ගිය බසයකට අරියාලේ දී ගල් ගැස්සීම වැනි එදා මෙදා තුර සිදුවූ අනෙකුත් සිදුවීම්ද ඉතා සැළසුම් සහගත සිදුවීම් බව අපේ අදහසයි. මේ උත්සහ දරන්නේ 1983 වැනි ක්‍රමවේදයකින් සිංහලයන් ලවා සාමාන්‍ය දෙමළ වැසියාට ගස්සා ගන්නටය. ඒ අර්බුදධ ඇතිවන තුරු ප්‍රජාතන්ත්‍රවාදයේ අර ඇතැයි කියන කණු තුනම ගල්වී සිටී. එය අපට සිහි ගන්වන්නේ 1983දී ඇඳිරි නීතිය නොදා ම්ලේච්ඡ යුද්ධයේ පදනම තිරසාරව දමන්නට පූර්ණ සහය පළකළ විධායකයයි. ඒ උගුලේ නොවැටෙන්නට සිංහලයා ප්‍රවේශම් විය යුතුය. මන්ද එය බෙදුම්වාදයේ ජයග්‍රහණය පිණිසම හේතු වන බැවිණි! එසේම ඒ භීතිය හා අන්ධකාරය තුළ රටේ ඓතිහාසික ජාතිය මර්ධනයට ලක්කරන යෝජනා මාලාවක් සහිත ව්‍යවස්ථා මර උගුලක් හා තවත් විනාශකාරී අණපනත් හා ද්වීපාර්වික ගිවිසුම් වලට ඇතුළත් ව රට කාබාසිනියා කර දමන්නට සතුරා මාන බලමින් සිටින බැවිණි!!

ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩලය


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/08/2016

රට බෙදන ව්‍යවස්‌ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

කතෘ:යුතුකම     7/08/2016   No comments

ව්‍යවස්‌ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

-ආචාර්ය චමිල ලියනගේ-
 

ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගැන නිල වශයෙන් මේ රටේ ජනතාව දැනුම්වත් වන්නේ මේ වසර මුලදී "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව'' විසින් ජාතික පුවත්පත්වල පළ කළ පුවත්පත් දැන්වීම ප්‍රකාරවය. එතැන් සිට මාස ගණනාවක්‌ රට පුරා මේ 'කොමිසම' ඇවිද්දේ 'මහජන අදහස්‌ ලබා ගැනීමට'ය. එහිදී මේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ 'යෝජකයන්' වන දෙමළ බෙදුම්වාදයේ නිල නියෝජිතයන් වන දෙමළ ජාතික සංධානයේත්, එහි ආනුෂංගික සිවිල් සංවිධාන යෑයි කියන්නාවූ සමිති සමාගම් වලත් අදහස්‌ උදහස්‌ මහ ඉහළින් පිළිගන්නටද, ඒ යෝජනා නොපමාව ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරන්නටත් කටයුතු සම්පාදනය වී තිබුණ බව රහසක්‌ නොවේ. එහෙත් රටේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් සාක්‌ෂි ලබාදුන් බොහෝ මැදහත් පිරිස්‌ද, සිංහල හා සිංහල බෞද්ධ සංවිධාන හා සිංහල සමාජ ක්‍රියාකාරීන්ට ලැබුණේ කුඩම්මාගේ සැළකිලි බවද අසන්නට ලැබුණි. ලාල් විඡේනායක කමිටුව කන්දක්‌ විලිවැද වැදූ වාර්තාව දැන් නිකුත්වී ඇත. අපි එහි සියලු දෑ සාකච්ඡා කරන්නට නොවෙහෙසෙමු. එහෙත් මේ රටේ පොදු මහජනතාවගේත්, විශේෂයෙන්ම සිංහලයන්ගේ දැනුම්වත්වීම පිණිස කරුණු කිහිපයක්‌ පමණක්‌ සඳහන් කරමු.

කමිටු සාමාජිකයන්ගෙන් 7 දෙනෙකු නව ජාතික ධජයක්‌ සම්පාදනයට යෝජනා කරයි. එසේම 2000 හා 2004 ව්‍යවස්‌ථා කෙටුම්පත්වල ජාතික ගීය සම්බන්ධයෙන් ඇති යෝජනා සැලකිල්ලට ගනිමින් සිංහලෙන් හා දෙමළෙන් ගයන්නටද යෝජනා කරයි. දෙදෙනෙක්‌ හැර සියල්ලන් නාමිකව හෝ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමෙන

9වන ව්‍යවස්‌ථාව ඉවත් කිරීමට යෝජනා කර ඇත. සිව් පුද්ගල ඉඩම් කොමිසමක්‌ යෝජනා කරන කමිටුව එහි එක්‌ සිංහල නියෝජිතයකුද, එක්‌ මුස්‌ලිම් නියෝජිතයකුද, එක්‌ දෙමළ නියෝජිතයකුද, කඳුරට දෙමළ ජනතාව වෙනුවෙන් තවත් එක්‌ නියෝජිතයකුද පත්කිරීමට යෝජනා කරයි. එවිට සිවු පුද්ගල කමිටුවේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකි. මුස්‌ලිම් නියෝජිතයාද සමග අසිංහලයින් තිදෙනෙක්‌ ඉඩම් කොමිසමේ වෙති. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත්කරන්නට ද යෝජනා කරයි. අනාගමික රාජ්‍යයක්‌ ඉල්ලා මහජනතාව අරගල කරන්නට පටන් ගත්තේ ක්‍රිස්‌තියානි පල්ලියේත් කුරාණයෙත්, ගීතාවේත් ඇතැම් ඉගැන්වීම් ම්ලේච්ඡ ලෙස මනුෂ්‍යයින් පාලනයට වඩා මර්දනයට පාලකයන් විසින් යොදා ගත් බැවිණි. බෞද්ධ රාජ්‍යයක්‌ යනු ඔය කියන ආගමික රාජ්‍යයක්‌ නොවේ. මේ බෙදුම්වාදී කමිටු වාර්තාව උත්සාහ කරන්නේ අනාගමික රාජ්‍ය පදයට මුවාවී ථෙරවාදය අතුගා දැමීමේ බටහිර අවශ්‍යතාව ඉටුකිරීමටය.

උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනයා පදිංචි කිරීමෙන් ජන අසමතුලිතතාවක්‌ ඇතිවූ බව මෙම වාර්තාවේ මහත් අවධාරණයෙන් දක්‌වා ඇත. එහෙත් දහසය වන සියවසෙන් පසුව හා මෑත යුගයන්හිදී යාපනය මඩකලපුව ආදී ප්‍රදේශවලින් එළවාදැමූ දස දහස්‌ ගණන් සිංහල පවුල් ගැන වදනකුදු නොකීමට කමිටුව 'ප්‍රවේසම්' වී ඇත. කමිටුව විසින් නව ව්‍යවස්‌ථාවට සමලිංගිකත්වය ගැන බරපතළ ලෙස සිතන්නට නිර්දේශ කරන්නේ මෙසේය. "වයස සම්පූර්ණ වී ඇති සියලු පුද්ගලයින්ට ජනවර්ගය, ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාව, ලිංගික නැඹුරුව ආදීයේ සීමාවකින් (සම ලිංගික, ද්වී ලිංගික, පාර ලිංගික, හා අන්තර් ලිංගික, නාරි මෛථුන්‍යය) තොරව විවාහ වීමට හා පවුලක්‌ සෑදීමට අයිතිය තිබේ. ඔවුනට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුය"

අනාගමික රාජ්‍ය කතාවේදී කමිටුව පවසන එක්‌ හාස්‍ය ජනක, එහෙත් වැදගත් කරුණක්‌ තිබේ. එය එක්‌ අතකින් කමිටුව නිරුවත් කරන්නේ ය, අනෙත් අතින් මේ සටකපට දේශපාලන අඩව්වේ සැබෑ බරපතලකම හෙළිදරව් කරන්නේය. "අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස්‌ අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මෙම වගන්ති වෙනස්‌ කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක්‌ විය හැකි බවත් එය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑ හැකි බවත්ය" මෙහිදී මෙම කොමිසම (හෝ ඔවුන්ගේ ස්‌වාමීන්) වඩාත් බිය වී ඇත්තේ මහා සංඝයා වහන්සේ පෙරටු කරගත් සිංහල බෞද්ධයින් මෙම ව්‍යවස්‌ථාවට විරුද්ධ වීමෙන් බෙදුම්වාදය ශක්‌තිමත් කරන සෙසු යෝජනාද කුණු කූඩයට යැමට ඉඩ ඇති නිසාය. නමුත් ජාතික කොඩිය වෙනස්‌ කිරීම මෙන්ම ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම යන කාරණා වලදී කමිටුව නොබියව අදහස්‌ ඉදිරිපත් කොට ඇති බව පෙනේ. වෙස්‌ට්‌මිනිස්‌ටර් අගමැති ප්‍රධාන පාලන තන්ත්‍රයක්‌ ඇති කිරීම, දෙමළ හා මුස්‌ලිම් ජන වර්ග නියෝජනය කරන උප ජනාධිපති ධූරයක්‌ ඇති කිරීම, යන කාරණාවලට විශේෂ තැනක්‌ දෙමින් එම යෝජනා පැහැදිලි කරමින් මෙම කමිටුව ප්‍රබල ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇත.

එහෙත් 'විධායක අගමැති' තත්ත්වය ඉක්‌මවා ගිය ක්‍රමවේදයකින් රටේ විධායක නායකයා තෝරාගත යුතුය, එනම් සිය විධායකය තෝරාගැනීමේ අවස්‌ථාව රටේ සියලු පුරවැසියන්ට හිමිවිය යුතුය යන සංකල්පය බිහිවන්නේ බොහෝ 'ප්‍රජාතන්ත්‍රවාදී' රටවල් පවා අද වන විට විධායක අගමැති ක්‍රමය ප්‍රතික්‌ෂේප කර ඇති තත්ත්වයක්‌ තුළය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය ස්‌ථාපනය වන්නේ රටකට ස්‌ථාවර විධායකයක අවශ්‍යතාව අවධාරණය කරමිනි. එහිදී ප්‍රතික්‌ෂේප වූයේ විවිධ උපාය උපක්‍රම මගින් පාර්ලිමේන්තුවේ (විශේෂයෙන්ම සුළුජාතික අන්තවාදීන්ගේ) ප්‍රාණ ඇපකරුවකු බවට පත්වන්නට ඉඩ ඇති අග්‍රාමාත්‍ය ධුරය තීරණාත්මක අවස්‌ථාවලදී කෙතරම් අවදානම්ද යන තත්ත්වයයි. ඇත්ත වශයෙන්ම විධායක අගමැති ධූරයක මුවාවෙන් පැමිණෙන දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ යනු මේ රටේ බෙදුම්වාදී බලවේග වල ඓතිහාසික ජයග්‍රහණයකි. 1978 වන විට විධායක අගමැති ක්‍රමය න්‍යායාත්මකව හා දේශපාලනිකව ප්‍රතික්‌ෂේප කර නව දේශපාලන සම්ප්‍රදායක්‌ ඉදිරිපත් කළ එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව අද වන විට යළිත් ඒ යල්පිනූ විධායක අගමැති ක්‍රමය ඉල්ලා සිටින්නේ ඇයි? ඒ සඳහා ඔවුනට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්‌ද?

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ සිංහලයාගේ අභිමානය බිඳිය යුතුය යන ඒකායන අරමුණ පෙරදැරි කරගෙන බව තවදුරටත් පැහැදිලි කළ යුතුද? එහෙයින් ව්‍යවස්‌ථා සංශෝධන මගඩිය සමාජගත කෙරුණු මේ වකවානුව අපි ගැඹුරින් හඳුනාගත යුතුය.

ජාතික පුවත්පත් වල පිටු පුරා පළකරමින් විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවලියේ 'ඇඟ කිළිපොලා යන' මූලික ලක්‌ෂණ සළකා බැලීම වැදගත්ය. භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක්‌ උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක්‌ දකුණේද ඇති කිරීම මත පදනම්වී ඇති මේ යෝජනා වලිය, උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ජනතාව සඳහා වෙනම ස්‌වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්‌ දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්‌වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්‌වයං නිර්ණ අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්‌ෂේප කිරීමද, ජාතික ධජයෙන් 'වාර්ගික නිරූපයන්' ඉවත් කිරීමද පූර්ණ පොලිස්‌ හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරණ පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. අපට අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙය නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා වන යෝජනා මාලාවක්‌ද, නැතහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ න්‍යාය පත්‍රයද?

අතිශය ප්‍රජාතන්ත්‍රවාදී 'මහජන අදහස්‌ විමසීමකින්' ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ජනගත කරන්නට තතනන වෛවර්ණ ආණ්‌ඩුව කෙබඳු ව්‍යqහයක්‌ද? මහජනතාව විසින් ප්‍රතික්‌ෂේප කර දැමූ පරාජිත දේශපාලනඥයින් වෙනත් හොර පාරවලින් පාර්ලිමේන්තු ගත කිරීමේ 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයම' ආණ්‌ඩුවේ ඇති අනෛතිකභාවය ප්‍රකට කරයි. එබඳු වංචනික රජයකින් යුක්‌තියක්‌ බලාපොරොත්තු විය හැකිද? තමා ජනාධිපති මන්දිරයේ වාසය නොකරන්නේ ඒ සඳහා වියදම් වන අධික මුදල නිසායෑයි ප්‍රසිද්ධියේ කියාපාන ජනාධිපතිවරයාගේ නීලපට දර්ශනයෙන්, ඇමති වාහන සඳහා රුපියල් කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ සම්මත කරන්නට උත්සහ දරන දේශපාලන හෙළුව වසාගත හැකිද? රවටන්නට හදන්නේ කාවද? මේ මගඩි නාටක අස්‌සේ ව්‍යවස්‌ථා සංශෝධනය යන නමින් කළඑළි බසින්නේද මගඩි නාටකයක්‌ම බව අපි වගකීමෙන් කියන්නෙමු.

1970 දශකයේ සිදුවූ ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩල පත්කිරීම් හා වෙනත් බල දෝලනය වීම්වලදී මේ රටේ වගකිවයුතු මහානායක අනුනායක ස්‌වාමීන් වහන්සේලාගේ හැසිරීම හා මැදිහත්වීම උන් වහන්සේලා කෙරෙහි අප තුළ ඇති කරන්නේ මහත් ගෞරවයකි. එකල ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩලය අමතා 'සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අනාගතය සම්බන්ධ ස්‌ථිර පැහැදිලි පදනමක්‌ මත අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය වනු දැකීම සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇත'යි කීමට එදා මල්වතු අස්‌ගිරි මහ නාහිමියෝ ඒකාබද්ධ සංදේශයකින් කියා සිටියහ. රජයට අනුශාසනා කිරීමට සඟරුවනේ මූලිකත්වයෙන් උත්තරීතර රාජ්‍යානුශාසනා මණ්‌ඩලයක්‌ පිහිටුවන්නැයි රජය අමතා කීමට වයඹ ෙත්‍රෙනිකායික සංඝ සභාවට හැකියාව තිබුණි. ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතු යෑයි කියන්නට රාමඤ්ඤ මහා නිකාය කටයුතු කර තිබුණි. අද මුළුමනින්ම මේ නායක කාරකාදී භික්‌ෂුන් වහන්සේ අකර්මන්‍යයෑයි අපි නොකියමු. එහෙත් අතීතය හා සසඳන කල සමස්‌තයක්‌ ලෙස සංඝ සමාජයේ අප දකින නිෂ්ක්‍රියත්වය හා බින්නතාව අප තුළ ගම්‍ය කරන්නේ වේදනාවකි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තය. අපේ රටේ බහුතරය කවුරුන්ද? ජාතියක්‌ වශයෙන් නම් සිංහලයන්ය. ආගමක්‌ වශයෙන් නම් බෞද්ධයන්ය. එහෙත් 1505 ඇරඹූ සිංහලයන් හා බෞද්ධයින් බහුවිධ ආකාරයෙන් සංහාරය කිරීම අද වන විට මේ රටේ පරම උරුමක්‌කාර ඓතිහාසික ජාතිය කරුමක්‌කාර නිෂ්ක්‍රීය ජාතියක්‌ බවට පත්කර තිබේ. 1948 දක්‌වා ක්‍රමයෙන් සිදුවූ සිංහල බෞද්ධයන් වාර්ගිකව, හා දේශපාලනිකිව සංහාරය කිරීම අයිවර් ජෙනිංග්ස්‌ගේ උපාය අනුව ප්‍රධාන පක්‌ෂ දෙකකට කඩනු ලදුව සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තේය. ඉදින් සිංහලයාගේ එක්‌වීම කිසිදා සිදු නොවන තරමටම අසම්භව්‍යය. ඒ නයින් පාලන බලය බහුතර සිංහලයා සතුවීම තබා, පාලක පක්‌ෂය හා විපක්‌ෂය තීරණය කිරීමේ බලයවත් සිංහලයා සතු නොවේ. රජුන් තනන්නේ එක්‌කෝ අන්තවාදීන්ය, නැත්නම් බෙදුම්වාදීන්ය, ඒත් නැත්නම් කොමියුනිස්‌ට්‌වාදීන් ය.

"වෙල්ලස්‌ස" යනු 1818 සිංහල නැගිටීමේදී වෙල් (එනම් කුඹුරු) ලක්‌ෂයක්‌ විනාශ කළ ස්‌ථානය යෑයි ජනප්‍රවාද කියයි. වර්තමාන රජය මීට මාස කීපයකට පෙර පාර්ලිමේන්තුවේ සංවාද කළේ අපේ රටේ වී වගාව හෙක්‌ටෙයාර් 100,000 කින් අඩු කිරීමටය. ඒ සඳහා වෙනත් බොහෝ කුමන්ත්‍රණද ක්‍රියාත්මක කර ඇත. එදා වෙල් ලක්‌ෂයත්, අද (ඒකකය කුමක්‌ වුවත්) වෙල් ලක්‌ෂයත් අතර ඇත්තේ දෛවෝපගත සම්බන්ධයක්‌ නොවේද? අප කියන්නේ මේ වකවානුවේ සිංහලයේ පාලන බලය 1818දී පාලනය කළ බ්‍රවුන්රිග්ලාගේ, විල්සන්ලාගේ මුණුබුරු මිණිබිරියන් අත පත්ව ඇති බවකි. උන් සිංහල රූපයයෙන් ඉපිද, බාගදා සිංහල පන්නයට අඳිනවා පළඳිනවාද විය හැක. බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගණනින් ලක්‌ෂ තුනක්‌ පමණ වූ දෙමළ සුළුතරයට බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් හා කම්කරු පක්‌ෂය හිස නමන්නේ ඒ ඡන්ද ලක්‌ෂ දෙක තුන ස්‌වකීය පක්‌ෂය ජයග්‍රහණය කරවීමේදී තීරණාත්මක බැවිණි. ඒ අනුසාරයෙන් දෙමළ ඩයස්‌පෝරාව උපරිම වාසි ලබා ගන්නේය. අපේ රටේද පාලන බලය දිනාගැනීම උදෙසා දෙමළ හා මුස්‌ලිම් සුළුතරයට හිස නමන එක්‌සත් ජාතික පක්‌ෂ හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ හෝ වෙනයම් පක්‌ෂයක ඊනියා නායකයින් යනු සිංහල නම් ඇතිව යළි උපන් වෛරී සුද්දෝම ය.

දෙමළ ජනවර්ගය නියෝජනය සඳහා නායකයින් කීප දෙනෙකු හෝ එක්‌ අයකු සිටිති. මුස්‌ලිම් ජනවර්ගය සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. ඒ හේතුවෙන් දේශපාලනිකව බලය සම්බන්ධ ගනුදෙනුවලදී ඒ නායකයින් සතුව කේවල් කිරීමේ හැකියාවක්‌ ඇත. සිංහලයා වෙනුවෙන් කේවල් කරන්නේ කවුද? ජනාධිපති හෝ අගමැති හෝ වෙනත් අයෙක්‌ නාමමාත්‍රිකව සිංහල වූ පමණින් ඒ අය ජාතිය නියෝජනය කරන්නේද? කිසිසේත්ම නැත. අප විග්‍රහය ප්‍රකාරව, ජනාධිපතිවරයා හෝ සෙස්‌සන් ජාතියේ නායකයින් නොවේ. ඔවුන් රාජ්‍ය නායකයින්ය. ඒ සියල්ලන් ජනතාව (වෙසෙසින් සිංහලයින්) රවටන ඊනියා මැතිවරණ ක්‍රමයකින් පත් කළ බටහිර අධිරාජ්‍යවාදයේ නියෝජිතයින්ම පමණකි. ඒ නයින් ගත් කළ ව්‍යවස්‌ථාව යනු ඒ අයගේ රැකියා කාර්ය ලැයිස්‌තුවයි. ව්‍යවස්‌ථාව යනු සිංහලය සූරා කෑමට හෝ තමන්ට අභිමත පරිදි පාලනය කිරීමට ධවල චර්මධාරීන්ගේ බෝල්-පොයින්ට්‌ පෑනකින් කටුගෑ ලියවිල්ලකි.

සියලු අවක්‍රියා 'ඉවසමින්' වෛවර්ණ ආණ්‌ඩුවේ විධායකයේ ප්‍රධානියත් ව්‍යවස්‌ථාදායකයේ ප්‍රධානියාත් කරන්නේ මුණිවත රැකීමය. ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රශ්නවලදී ස්‌වකීය පාලනය තුළ සිටින කවරකු හෝ වුවද පාලනය කළ යුත්තේ ඔවුන්ය. එහෙත් මුස්‌ලිම් අන්තවාදයේ නියෝජිතයෝද, දෙමළ බෙදුම්වාදයේ නියෝජිතයෝද හිතූ හිතූ දේ කියති, කරති. වගකිවයුත්තන්ගේ මුණිවත නිසා පොදු මහජනයා හෝ විශේෂයෙන්ම සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් (සාමාන්‍යයෙන් මොවුන් හඳුන්වන්නේ ජාතිවාදීන් ලෙසය) ඒ ඒ තත්ත්වයන්ට, ප්‍රකාශයන්ට, ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්‌වන්නට යයි. එය බොහෝ විට තවත් 'කළු ජූලියකින්' කෙළවර වන්නට පිළිවන. එසේ නම් ඊනියා ව්‍යවස්‌ථාදායකයත්, විධායකයත් බලා සිටින්නේ තවත් කළු ජූලියක්‌ උදා වන තුරුද?

අවසාන වශයෙන් යමක්‌ විමසන්නට තිබේ. පළමුව සමස්‌තය සලකා බැලීමේදී අප මේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ වාර්තාව ප්‍රධාන කරුණු දෙකක්‌ මත දෝලනය වන බවක්‌ පෙනෙන්නට තිබේ. පළමුවැන්න මේ ඓතිහාසික දේශයේ සිංහල බෞද්ධ අනන්‍යතාව නසමින් බෙදුම්වාදයට පාර කපන නැඹුරුතාවයය. දෙවැන්න නම්, මේ දේශයේ සංස්‌කෘතිය බරපතළ ලෙස සොලවාලමින් සමලිංගිකත්වය වැනි විෂමාචාරයන් සඳහා නෛතික පදනමක්‌ ලබාදීමට දරා ඇති උත්සාහයයි. මේ ඊනියා ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියට නායකත්වය දෙන්නේ පවතින 'යහපාලන' රජයයි. ඉන් කියෑවෙන්නේ මේ ආණ්‌ඩුවේ රාජ්‍ය පාලන මූලධර්ම වී ඇත්තේ බෙදුම්වාදය හා දුරාචාරී ලිංගික විෂමාචාරයන් බවද?

දෙවනුව, ඇතැම් වගකිවයුතු සිංහල හා සිංහල බෞද්ධ සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් විසින් කොළඹදී හා දිවයින පුරා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ලබාදුන් යෝජනා මේ වාර්තාවේ ඇතුළත් නොවීමය. ඇතැම් පුද්ගල හා සංවිධාන නාම සඳහන් වුවද ඒ යෝජනාවන්හි සාරය වාර්තාවට ඇතුළත්වී නැත. ඒ පිළිබඳ සාක්‌ෂි අප සතුය. එසේ රට පුරා ලබාදුන් යෝජනා හා අදහස්‌ විශ්ලේෂණය කර රාජ්‍යයේ ස්‌වභාවය, පුරවැසි භාවය, ආගම සහ මූලික අයිතිවාසිකම්, භාෂා අයිතිය, රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම, උත්තරීතර සංඝ මණ්‌ඩලය, විධායකය, බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමය, වෙනත් යෝජනා යන ශීර්ෂ දහය ඔස්‌සේ ඒවා අප විසින් සාරංශ ගත කර තිබේ. ඒ කිසිවක්‌ මේ කමිටු වාර්තාවේ අන්තර්ගත වී නැත. එහෙයින් මෙය හුදෙක්‌ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මත, බොරු ප්‍රජාතන්ත්‍රවාදී මහජන මත විමසීමක්‌ සේ මවාපාමින්, සිදුකළ වංචනික ක්‍රියාවක්‌ බව ප්‍රකාශ කරමු.

තෙවනුව, සමස්‌ත ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හා ලාල් විඡේනායක කමිටු වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‌ෂයේ ස්‌ථාවරය කුමක්‌ද? ඔවුන් නිහඬ ඇයි? ඒකාබද්ධ විපක්‌ෂය යනු පවතින රජයේ සැබෑ විපක්‌ෂය මෙන්ම, බෙදුම්වාදයේ මිලිටරි පරාජයට මූලික වූ දේශපාලන නායකත්වයේ වර්තමාන ස්‌වරූපයයි. යටත් පිරිසෙයින් ව්‍යවස්‌ථාවේ 9වන වගන්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා ගැන හෝ යමක්‌ ප්‍රකාශයට පත්කරන්නට ඒකාබද්ධ විපක්‌ෂය අසමත්වීම පිළිබඳව මේ රටේ දේශමාමක ජනතාව පසුවන්නේ කුකුසෙනි.

-ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්‌ඩලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/15/2016

අගරදගුරු “ආඥාව” හෙවත් නැට්ට විසින් බල්ලා වැනීම

කතෘ:යුතුකම     1/15/2016   No comments
(මෙය සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් ජනප්‍රිය සංවිධාන කීපයක් වෙනුවෙන් නොව සිංහල හෝ සිංහල බෞද්ධ සිවිල් සමාජයේ සියලු ඓතිහාසික ලොකු කුඩා නැගී සිටීම් වෙනුවෙන් කරන පිළිතුරු දීමක් බව සළකන්න)

යුරෝපයේ මධ්‍යතන යුගය සළකන්නේ අඳුරු යුගය ලෙසය. එම ජාතීන් ආයාසයෙන් “පුනරුදයක්” ඇති කරන්නේ ඒ අඳුරට ආලෝකයක් වශයෙනි. පල්ලියේ ග්‍රහනය තුළ යුරෝපය තිබූ ඒ මධ්‍යතන යුගය තුළ දේශපාලනයද, කලාවද, සංස්කෘතියද ජරාජීර්ණවී ගියේය. අපේ රටේ පල්ලියද උත්සහ කරන්නේ අප ජාතියක් ලෙස අඳුරු යුගයක සිරකර තැබීමටය. “තම-ජෝති පරායනෝ” හෝ “ජෝති - ජෝති පරායනෝ” යන බුද්ධ වචනය අනුව ආලෝකයට යෑම වැලැක්වීමටය. ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට පෙරට ආවද, සිය පටු වාදභේධ ජාතික අර්බුදධය හමුවේ හෝ අත්හරින්නට සූදානම් නැති, හත්කඩකට පැලී ගිය ජාතිකවාදී භික්ෂූන් වහන්සේගේ භින්න අරගල හා සටන් පාඨද, “මහ වාසලින්” ලැබෙන “සිව්පසය” හෝ “සර්වාගමික පස්ගෝරසය” වළඳා පඩික්කම් පුරවන නායකකාරක භික්ෂූන් වහන්සේලාගේ සුව නින්දද ඉවසිය නොහැකි නිසාදෝ මැල්කම් රංජිත් අග රදගුරුතුමා “ආඥාවක්” පනවන්නට තීරණය කර තිබේ. ඒ “ජාතිවාදි, ආගම්වාදී සංවිධාන හා පක්ෂ” තහනම් කරන්නට යැයි කියාය. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙහි සුවිශේෂී සංවත්සරයක් සමරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයාද සහභාගීවූ උත්සවයකදී එසේ කී අගරදගුරුතුමා නූතනයේ කතා බහට ලක්ව ඇති “සිංහලේ” ප්‍රතික්ෂේප කරන්නේ සියල්ලන්ට ඇත්තේ “එකම ලේ” බව කියමිනි. සාමාන්‍යයෙන් නැට්ට වනනු ලබන්නේ බල්ලාය. ඒ හැරෙන්නට නැට්ට විසින් බල්ලා වැනෙනු නොලබයි. නැට්ට එක් අවයවයකි. නැට්ටට තැනක් ඇත. එහෙත් බල්ලා නැට්ට වනනු වෙනුවට නැට්ට බල්ලා වනයි නම්, ඉන් කියැවෙන්නේ බල්ලා නොන්ජල්, හතරගාතය පණනැති එකකු බවය.

එතුමා එසේ සිතීමද සාධාරණය. මන්ද 1505සිට මෙරටට එන පරංගින්, ලංසින්, හෝ සුද්දන් විසින් ස්වදේශික සිංහල බෞද්ධයින් හා දෙමළ හින්දූන් බලහත්කාරයෙන් ක්‍රිස්තියානිකරණය කරද්දී, ඊට විරුද්ධ වූවන් අමානුෂික ලෙස මරා දමනු දුටු අගරදගුරුතුමාගේ පූර්වජයින් පරංගි, ලන්සි හෝ සුද්දන්ට කිට්ටුවී “එකම ලේ” යැයි කණට කොඳුරා “ලේ කළවම් කරගෙන” මරණයෙන් ගැළවෙන්නට සමත්වූවා පමණක් නොව තාන්න මාන්නද දිනා ගන්නට සමත්වූ බව එතුමා දන්නා බැවිණි. එසේම මැල්කම් රංජිත් අගරදගුරුතැන තමන්ගේ ආගම වෙනුවෙන් වැඩ කිරීමට ගෙඩි පිටින්ම එක්සත් ජාතික පක්ෂයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද “හොරු සමග හෙළුවෙන්” කැපවී සිටියදී වෙනත් ආගමික පක්ෂ හෝ සංවිධාන අහෝසි කළාට කම් නැතැයි සිතීමද සර්ව සාධාරණය.

අඳෝමැයි! සමානාත්මතාව පිළිබඳවත්, ජාතික සංහිඳියාව පිළිබඳවත් අගරදගුරුතුමා තුළ ඇති සංවේදීත්වය අප මවිත කරවයි. එහෙත් අපි මතක් කර දෙන්නේ එතුමාගේ විග්‍රහය අනුව මේ තහනම් කිරීම්, පළමුව කතෝලික සභාව, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, 2015 නොවැම්බර් 20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ලත් ආණ්ඩුවේ අනුමැතියෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරිවාර එන්.ජී.ඕ ත් තහනම් කිරීමෙන් ඇරඹිය යුතුය. මන්ද, සිංහලයාට හා බෞද්ධයාට සිදුවන අසාධාරණයට එරෙහි සංවිධාන බිහිවීමට බොහෝ කාලයකට කලින් සිට මේ සංවිධාන ක්‍රියාත්මක බැවිණි.

අගරදගුරුතැනගේ මේ උද්ධච්ඡ ප්‍රකාශයෙන් තහනමට ලක්කරන්නට යෝජනා කරන “ජාතිවාදී හා ආගම්වාදී” ලෙස ඔහු ඉතා කෘර ලෙස සාවද්‍ය අර්ථකතනයකට ලක්කරන සංවිධාන හා පක්ෂ මොනවාද? ඒවා ඔහුට නුරුස්සන්නේ එම සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිශානතිය සිංහල බෞද්ධ බලවේග විසින් තීරණය කරන තැනකට ගෙනෙන්නට වෙර දරන නිසාද? නැතිනම් පල්ලියේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය මුදවා ගැනීමට වෙර දරණ නිසාද? නැත්නම් තේවත්ත බැසිලිකාව ඇතුළු කූට ව්‍යාපෘති ශ්‍රේණියකින් ශ්‍රී ලංකාවේත්, සිංහලයාගේත් බෞද්ධයාගේත් ඉතිහාසය විකෘති කිරීමේ නිර්ලජ්ජී උත්සාහයන් අනාවරණය කරන නිසාද? දුප්පත් බෞද්ධයින්ද, හින්දූන්ද ඉතා නින්දිත හා අයථා ලෙස ක්‍රිස්තියානිකරණය කිරීමට ඒ සංවිධාන විරුද්ධ නිසාද?

2015 ජනවාරි මාසයේ පාප්වරයා ලංකාවේ සංචාරය කරන අතරතුර අප විසින් එළිදක්වන්නට යෙදුන “යුධ අපරාධ, බෙදුම්වාදී කූටෝපාය හා ක්‍රිස්තියානිකරණය වෙනුවෙන් පාප්වරයා සිංහලද්වීපයෙන් සමාව ගත යුතුය” යන කෘතිය ඔස්සේ ජාත්‍යන්තරිකවත්, ජාතිකවත් පල්ලියේ කෙරුවාව ගැන න්‍යායික මෙන්ම ආනුභවික සාක්ෂි සහිත විග්‍රහයක් ගොඩ නැංවීමු. එය කියවන්නකු අගරදගුරුවරයා වැන්නකුගේ සංහිඳියා නාඩගමෙහි ඇති මහා විහිළුව මැනෙවින් වටහා ගනු ඇත. මේ රටේ සාතිශය බහුතරය වන සිංහල බෞද්ධයාට එරෙහි සුක්ෂම දේශපාලන ක්‍රියාකාරිකයකු වන මැල්කම් රංජිත් අගරදගුරු තැන දෙමළ ජාතිවාදය වෙනුවෙන් (බාගෙදා සිය ජාත්‍යන්තර හාම්පුතුන්ගේ දේශපාලන හා ඉවැංජලික න්‍යාය පත්‍ර අනුව) පෙනී සිටින්නකු මෙන්ම උග්‍ර සිංහල බෞද්ධ විරෝධීයකු බව බොහෝ සාධක මත පෙන්වා දිය හැක.

2013 දෙසැම්බර් මස 08 වනදා නිකුත් කළ එඬේරික ප්‍රකාශනය මැල්කම් රංජිත් අගරදගුරුතුමා ඇතුලු පූජකයින් පහලොස්දෙනෙක් අත්සන් කර තිබුණි. ආගම කුමක් වුවත් සිංහලයකු ලෙස ඉපදුනද අගරදගුරුතුමාගේ සිංහල විරෝධය එහි මැනෙවින් පෙනෙන්නට තිබිණි. එය සපුරා විග්‍රහ කිරීමට නොයමු. එහෙත් උදාහරණයක් දෙකක් විචාරීම කළ යුතුය. රටේ “ජාතික එක්සත්කම” බිඳ වැටීමට හේතුව වශයෙන් කුප්‍රකට කතෝලික සභාව දක්වන්නේ “රටේ අනෙකුත් සුළු ජාතීන් මත සිංහල භාෂාවේ හා සංස්කෘතියේ ආභාසය පැටවීම”ය (පිටුව 6). තවත් තැනක “එම නිසා උතුර හා නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමිය ලෙස සැලකීම එප ප්‍රදේශ වල පාලනය ඔවුන්ගේ නායකයින් විසින් සිදුකිරීම” (පිටුව 7) කියමින් බෙදුම්වාදී නිජබිම් න්‍යාය යුක්තියුක්ත කරන්නේය! කලකට ඉහතදී ක්‍රියාත්මක වූ උගත් පාඩම් කොමිශන් සභාවේ සාක්ෂි දුන් අගරදගුරුතුමා යෝජනා කලේ ජනවර්ග අනුව බෙදා වෙන් කල කලාප සහිත ශ්‍රී ලංකාවකි. එහිදී එතුමා කීවේ උතුරු නැගෙනහිර පලාත් වල සිංහල ජනයා පදිංචි කිරීම භයානක ක‍්‍රියාවක් හැටියටය! (www.slguardian.org). වතිකානුවේදී ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට ආශීර්වාද පූජාවක් පැවැත්වීමටද ඔහු ක්‍රියාකළ බවත් එම වෙබ් අඩවිය පවසයි. සිංහල බෞද්ධ සංවිධාන “අන්තවාදී ආගම්වාදී සංවිධාන” ලෙස හඳුන්වා දෙන්නේ එම පුද්ගලයාය.

අවසාන වශයෙන් පැට්‍රීෂියා බියුටෙන්ස් හිටපු ඇමරිකානු තානාපතිනිය හා සම්බන්ධ විකිලීක්ස් උදෘත පිළිබඳව යමක් කියමු. sandeshaya.blogspot.com අනුව C O N F I D E N T I A L SECTION 01 OF 02 COLOMBO 000929/COLOMBO 00000929 001.2 OF 002 උදෘතය (වර්ෂ2014දී) පවසන සියලු කරුණු සනාත කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සිංහල බෞද්ධ බලවේග විසින් මෙහෙයවන තැනට පත්වීම වැලැක්වීම සඳහා කලක් තිස්සේ පාප්වරයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් papal nuncio වශයෙන් ඉන්දුනීසියාවේද කටයුතු කළ වර්තමාන අගරදගුරුවරයා දැරූ වෙහෙසයි! අපි එහි උපුටන කීපයක් දක්වමු.

1. (C) ඔහු පෙන්වා දුන්නේ රාජපක්ෂවරු හට ඇති ප්‍රභල මහජන සහයෝගය නොතකා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය.

2. (C) තමා සිංහලයෙක් වුවද සිංහල බහුතරයේ දැඩි ජාතිවාදී අසාධාරණයට ලක්වී ඇති දමිළයන් වෙනුවෙන් ඉතා අනුකම්පා සහගත වූ බව ඔහු පැවසීය. 2002 සාම ගිවිසුමේදී පල්ලිය මූලික කාර්යභාරය ඉටු කල බවද ඔහු පැවසීය. යුද්ධයෙන් පසු සරණාගතයන් හා අනෙකුත් ත්‍රස්ත්‍රවාදී සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පල්ලිය ප්‍රසිද්ධියේ පෙනී සිටි බවද ඔහු පැවසුවේය.
3. (C) රාජපක්ෂ වරු සහ ඔහුගේ සහෝදරයින් හොඳ වුවත් සිංහල බෞද්ධයින්ගේ දැඩි පීඩනය හමුවේ රාජපක්ෂ වරුන් ජාත්‍යන්තරය මගින් දුර්වල කළහොත් රාජපක්ෂවරුන්ටත් වඩා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් අතට බලය යා හැකි බවද බිෂොප් පැවසීය.

4. (C) ඉහත ප්‍රකාශයෙන් පසු යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා ගැන අර්ච් බිෂොප් වරයාගේ අදහස් සෘජු වම මෙසේ පවසන ලදී. " මාගේ අදහසට අනුව දැන්ම යුධ අපරාධ චෝදනා නොනැගිය යුතුය". මැල්කම් රන්ජිත් පැවසුවේ තමා මහින්ද රාජපක්ෂ හට බලපෑම් කරන බලවේග (සිංහල බෞද්ධ ) නොසලකා කටයුතු කිරීමට ජනාධිපතිවරයා (මහින්ද රාජපක්ෂ) නම්මා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. දෙමළ නායකයන් සමග සාකච්චා කල යුතු බව බිෂොප් වරයා විසින් ජනාධිපති වරයාට පවසා ඇත. "" රාජපක්ෂලා ඇවිල්ලා යාවි, නමුත් දමිළයන් හැමදාම මෙහෙ ඉන්නවා" බිෂොප් පැවසුවේය.

අගරදගුරුතුමාගේ “සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන” විරෝධයේ යටි අරමුණ තේරුම් ගැනීමට මේ ප්‍රමානවත් යැයි අපි සිතමු. සිංහල බෞද්ධ සංවිධාන හෝ දේශපාලන පක්ෂ පිළිබදව එවැනි අදහස් දැක්වීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතිබවද ඉහත පසුබිම මත වගකීමෙන් කියමු.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/18/2015

සිංහල සංහාරයක සතර පෙරනිමිති

කතෘ:යුතුකම     11/18/2015   No comments
අමන (අවම) බලය, රතු හිවල්ලු, කළු බළල්ලු හා බූරු පැටව් - සිංහල සංහාරයක සතර පෙරනිමිති

-ආචාර්‍ය චමිල ලියනගේ

පසුගියදා ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ප්‍රජාවට එල්ලවූ පොලිස් ප්‍රහාර අපි දැක ගතිමු. ඒ සිද්ධියේ වූ අමානුෂිකත්වය සියල්ලෝ පිළිකුල් කළහ. ඡායාරූපද, වීඩියෝද කොතෙකුත් අන්තර්ජාලයට පැටවිණි. මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති සමාජ කතිකාව පිළිබඳ අපේ නිරීක්ෂණ කීපයක් පළමුව ඉදිරිපත් කර දෙවනුව ඒ පිළිබද අප නිගමනය ප්‍රකාශයට පත් කරමු. ඇතැම්හු පොලිසියට බණිති. ඒ අමානුෂික පහරදීම පිළිබඳවය. ඒ බැණ අඬ ගැසීම් වලට ‘අට පාස් නැති නූගතුන්‘ ‘උපාධි අපේක්ෂක උගතුන්ට‘ ගැසීම ගැනද කරුණු ඇතුළත් වේ. තවකෙක් උසස් ඩිප්ලෝමාව උපාධියක දක්වා උසස් කරගැනීමට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට පාර අවහිර කරමින් උගතුන් නොව සාමාන්‍ය මිනිසකුටවත් නොසරිලන සේ කුපිතව හැසිරීම නුසුදුසු බව කියති. ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ තුළ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කිරීමේ ‘උද්ඝෝෂණ‘ ආචාර ධර්ම පිළිබඳව ද ඇතැම් විචාර ප්‍රතිචාර පළවනු දක්නට ලැබේ. අපගේද ශරීර කිලිපොලා ගිය ලේ වැගිරෙන සිදුවීම් වල සිද්ධි වාචකත්වය හෙවත් ඛේදවාචක රසවින්දනයෙන් මදක් ඔබ්බට ගොස් හෙවත් මේ ජවනිකාව නම් ‘ඵල’යේ ‘හේතු’ සොයා යෑම සුදුසුයැයි අපි සිතමු.

මෙය පොලිසිය ශිෂ්‍යයන්ට පහර දුන් පළමු දිනය නොවන අතර, ප්‍රස්තුථ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍ය ඉල්ලීමේ ඉතිහාසය තුළ අදාළ වගකිවයුත්තන් සමග සිදුකළ පළමු අන්තර් ක්‍රියාව මෙම උද්ඝෝෂණයද නෙවේ. සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කරන බව සැළවී, පොලීසියේ පිරිසක් ස්වේච්ඡාවෙන් සංවිධානය වී පැමිණ මේ පහරදීම සිදු නොකළ බව අප පළමුව වටහා ගත යුතුය. අමානුෂික ලෙස හැසිරුනු ඒ ඩවුබිගින්ගේ පොලිස් ‘කාරයන්’ ලිහා දැමුවේ කවුද? සාමාන්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වඩා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු පිළිවෙල වෙනස්ය. එක් එක් ප්‍රජා කණ්ඩායම් සමග ගණුදෙනු කිරීමේදී, අනුගමනය කළ යුතු ප්‍රමිතීන්, සම්මතයන් අතර වීදි සටනක නිරත ශිෂ්‍යයින් සම්බන්ධයෙන් කෙසේ හැසිරිය යුතුද යන්න පොලෝසියට උගන්වා නැතිද? දෙමළ බෙදුම්වාදයේ ඉල්ලීම් වෙනුවෙන්, මුස්ලීම් අන්තවාදය වෙනුවෙන් පාරවල් හරස් කරද්දී, හර්තාල්, වර්ජන කරද්දී ඊනියා අවම (අමන) බලයේ ශිෂ්ට හැසිරීම උසස් අධ්‍යාපන ආයතන වල සිසු සිසුවියන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි? එසේ ප්‍රශ්න කිරීම යුක්ති යුක්තය. අපිදු ඒ ප්‍රශ්න පුනරුච්ඡාරණය කරමු.

දැන් තවත් ඉතා මෑත කාලීන සංසිද්ධින් දෙකක් මෙහිලා ඈඳන්නෙමු. කොටි ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන්න යැයි, බෙදුම්වාදයේ බත්බැල යින් පිරිසක් කොළඹ සංවිධානය කළ උද්ඝෝෂණයකදී පොලිසියේ හැසිරීම අපි දැක්කෙමු. එහිදී යටකී අවම බලය පාවිච්චිවීම අපට, අකීකරු දරුවන් සිටින ළදරු පාසලක හුරතල් ගුරුවරියන් පිරිසක් බොරු තරහක් මවාගෙන උන් මේච්චල එහේ මෙහේ දුවන ආකාරය අපට සිහි ගැන්වුයේය. පොලිසියේ හැසීරීම එහිදී ඒතරම් සුමටය. මීරියබැද්ද සම්බන්ධයෙන් කොළඹින් බැහැර දෙමළ ජාතිකයින් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයකට විස්කෝතු දීමටත් පොලිසිය හරහා ක්‍රියාත්මක වෙන ආණ්ඩුවේ අවම බලය සූදානම්ය. හෙට අනිද්දා දෙමළ මරක්කල උද්ඝෝෂණයක උද්ඝෝෂකයන්ට විවේක ගන්නට කියා සටන්පාඨ කියමින් කෑ ගසන්නටද, අත් රිදී හිරිවැටෙන්නට ඉඩ ඇති නිසා සටන්පාඨ සහිත පුවරු ඔසවා සිටීමටද පොලිසිය යෙදවීමට ඉඩ තිබේ. වැරදීමකින් හෝ දෙමළ හෝ මරක්කල උද්ඝෝෂකයකුගේ අතක් සීරුනද පහුවද පීසා කුළුන ළඟද, අයිපල් කුළුණ ළඟද, බකිංහැම් මාලිගාව ළඟද, ධවල මන්දිරය ළඟද, ජිනීවා මානව හිමිකම් ගුබ්බෑයමක් ළඟද උද්ඝෝෂණ කරන්නට නෑයන් ඇත. සිංහල දරුවන්, භික්ෂූන් වහන්සේ වෙනුවෙන්? මින් පසු උද්ඝෝෂණ කරනවා නම් නළලේ පොට්ටු තබාගෙන ඒම සුදුසුයැයි කවුදෝ කොහේදෝ ලියා තිබෙනු අපි දුටුවෙමු.

එහෙත් පසෙක හිඳගෙන සිටින තරුණ ශිෂ්‍යයකු, ශිෂ්‍යවකගේ ඔලු පැලීමට තරම් ඉඩකඩක් සහිත අවම බලයක් ලැබෙන්නේ කෙසේද? එකම හේතුව මේ උද්ඝෝෂකයන් පිරිස සිංහල වීමය. ආණ්ඩුව මොන පක්ෂයේ වුවද නූගත් දේශපාලකයාගේ ලේ පිපාසය සංසිඳවීමටද, අශික්ෂිත පොලිස් දඩෝරියන්ගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමටද සිංහල බිළි අවශ්‍යය. මේවා දකිද්දී, 1971ට පෙර සමයද, 1988-89ට ආසන්න කාලයද අපට සිහිපත්වේ. නමින් සිංහල වුවද, සිංහල නම් වලින් ඉපිද රාජ්‍ය බලය අල්ලාගෙන සිටින සොළී, පාණ්ඩ්‍ය, චේර ආත්ම කලින් කලට සිංහල බිළි ගන්නේය. ඒ ප්‍රගතිශීලී සිංහල අංකුර නසන්නටය. 1971දීද, 1988-89 දීද එය අපූරුවට සිදුවිය. අධිරාජ්‍යවාදී, සිංහල විරෝධී, බොදු විරෝධී පාලකයන්ගේ ලේ පිපාසය සංසිඳුවන්නට දංගෙඩියට සිංහල තරුණ තරුණියන්, තරුණ භික්ෂූන් වහන්සේ යන්නේ ස්වේච්ඡාවෙන් නොවේ. රට ජාතිය වෙනුවෙන් සටන් කරමින් සිටියදීද නොවේ.

මාක්ස්ගේ දේශීය ගෝලයෝ සිංහල තරුණ තරුණියන්ද, භික්ෂූන් වහන්සේද දරුණු ලෙස ඩැහැගන්නවා පමණක් නොව ඉහතකී දංගෙඩියට තල්ලු කරන්නේය! සිංහලයන් සංහාරය කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළමු කොටස කරන්නේ මාක්ස්ගේ චින්තනය විකුනාගෙන කන දේශීය රැවුලන්ය. ඒ, ආගම අබිං යැයි උගන්වමිනි. ජාතිකත්වය රට ආදීය නොසරුප් වදන්යැයි මොල සෝදා ඒත්තු ගන්වමිනි. උත්තරාරෝපිත මනෝමූලික පංති අසමානතාව නැමැති ‘අබිං’ කන්නටදී නිර්ධන පංතික ආඥාදායකත්ව නැමැති සිහිනය දකින්නට සළස්වමිනි. එච්.එන්.ඩී.ඒ සිද්ධියේ දී පමණක් නොව, උගත් බුද්ධිමත් ප්‍රබුද්ධ පිරිසක් ලෙස ඒ බුද්ධි ප්‍රභාව පෙන්වාලමින්, ප්‍රතිවාදීන් ලජ්ජාවට පත්කරමින් ජය ලබන්නට විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල විද්‍යාර්තීන්ට උගන්වනු වෙනුවට උන් අමන රැලක් බවට පත්කර තිබේ. පොලිසියෙන් අවම බලය ඉල්ලන්නන් තම භාවිතාව පාලනය කරගෙන තිබේද? ශිෂ්‍ය ප්‍රජාව ඒ තත්ත්වයට පත්කර ඇති මේ අමන රත්තන්, ඊළඟට පටන් ගන්නේ සිසුන්ගේ ලේ හා මළ කඳන් විකුනාගෙන කන්නටය!

සෛද්ධාන්තිකව කියන්නේ නම්, ඊනියා ස්වදේශික කොමියුනිස්ට්වාදී පක්ෂ මාක්ස්ගේ චින්තනයට මුවාවී අධිරාජ්‍යවාදයේම කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින්, ජාතික විමුක්ති අරගල දියකර හරිනු පිණිස ස්වදේශික ප්‍රගතිශීලී බලමුළු ඉතා උපක්‍රමශීලී ලෙස නසමින් සිටින්නේය. ජාතික විමුක්ති අරගල සඳහා උත්සුක පිරිස් ආයාසයෙන් රැස්කරමින් සිටින සමාජ ප්‍රාග්ධනය හා ඒ සඳහා ඇති ඉඩකඩ සහාසික ලෙස කොල්ලකමින් සිටින්නේය. ඒ ඇත්ත සමාජයෙන් වසන් කරනු පිණිස ඊනියා කොමියුනිස්ට් සමාජවාදයෙන් සිය නිරුවත වසා ගනිති. එළිපිට පවතින ‘ධනේෂ්වර‘ ආණ්ඩු වලට එරෙහි ලෙස පෙනී සිටියද, මේ රැවුලන්ගේ පැවැත්මට අවශ්‍ය සටන් නිර්මාණයට තරුණ සිත් උසිගැන්වීමට අවශ්‍ය සමාජ ආතතීන් උන්ගේම සහෝදර ‘ධනේෂ්වර’ආණ්ඩු පක්ෂ විසින්ම නිර්මාණය කරන්නේය. සිංහල තාරුණ්‍යය ‘රතු සිවලුන්‘ විසින් සටනට දැක්වූ පසු, ඒ අසරණයින් ඝාතනය කිරීමේ වගකීම කළු බළල්ලු අකුරට ඉටු කරති.

අවසාන වශයෙන් දේශපාලනය ගැන මූලික වැටහීමක් හෝ ඇත්තන් අමතා අපි යමක් සිහිගන්වනු කැමැත්තෙමු. 1971දී 19000ක්ද 1988-89 සමයේ 64000 ද (මේ සංඛ්‍යා ලේඛන ගැන විවිධ මූලාශ්‍ර විවිධ අදහස් ඉදිරිපත් කරයි) ඝාතනය වූ ‘අත්පුඩි‘ ගැසුයේ තනි අතින්ද? නැත. එය අත්පන්දු තරඟයක් මෙනි. රතු හිවල්ලු ‘පාස්‘ තබා දුන්නෝය. කළු බළල්ලු ‘ඩෑෂ්‘ ගැසූවෝය. කළු බළලුන්ද, රතු නරිද හැන්දෑවට හැව ඇර එකිනෙකාගේ ගණුදෙනු බෙදාහදා ගන්නා බව බූරු පැටවුන් දන්නේ නැත! අපේ මේ අනතුරු ඇඟවීම දෙමවුපියන් තේරුම් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නැතිනම් අතුරුදන්වූවන්ගේ මාපිය සංවිධානයක් ඇරඹීමට සූදානම් වීම යෙහෙකි.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/20/2015

තමිලිනීගේ අවමංගල සභාවේ සිංහල ගුණ කථනය

කතෘ:යුතුකම     10/20/2015   No comments
-ආචාර්‍ය චමිල ලියනගේ
(බෙදුම්වාදයේ මළවුන්ගේ සොහොන් කොත් වල අලවා තැබිමට හා තවමත් නොමළ කොටස්කරුවන්ගේ අවධානය පිණිසයි)


පැසිස්ට්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු “දේශපාලන අංශ නායිකා” තමිලිනී මිය ගොසිනි. ඒ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් මහරගම පිළිකා රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අප මේ උත්සහ කරන්නේ ඇගේ මළගම මැද කාලකන්නි සතුටක් ලබන්නට නොවේ. එය සමරා ජයපැන් බොන්නටද නොවේ. එය සිංහලයාගේ හා බෞද්ධයාගේ සිරිත නොවේ. එහෙත් පසුගිය දශක තුන මුළුල්ලේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ තමිලිනීගේ භූමිකාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යම පසුවදනක් ගොනු කරමින් ඇයට නිවන් සුව පතන්නටය! ඇගේ අවමගුල් සභාවේ සිටින්නන්ට සිහිකැඳවීමක් කරන්නටය!

වැරදීමකින් හෝ තමිලිනී විමර්ශන සඳහා කර තිබූ රඳවා ගැනීමක් අතරතුර මේ රෝගයෙන්ම මිය ගියානම්, ඇගේ නමද දෙමුහුම් යුධ අපරාධ අධිකරණ නඩු පොතේ ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි සාක්ෂි මිටියේ ලියවෙන්නට ඉඩ තිබුණි. ඇයට තවත් අවස්ථාවක් මග හැරිණි. “අරසන් අන්ඩෘ කේකකරදු - දෙයිවම් නින්ඩෘ කේක්කරදු” යනු ප්‍රසිද්ධ දෙමළ ප්‍රස්ථා පිරුළකි. එහි සිංහල අර්ථය නම් “රජු එදාම නඩු අසයි (දඬුවම් කරයි) - දෙවියන් කල්යල් බලා නඩු අසයි (දඬුවම් කරයි)” යන්නය. ඇය යුධ පිටියේ මිය ගියා නම් ඊනියා දෙමළ “විමුක්ති සටනේ විරවරියක” ලෙස ඉතිහාස ගත වන්නට ඉඩතිබුණි. (එහෙත් ප්‍රශ්නයක් නැත. ඇය වෙනුවෙන් අපේ “අලුගුත්තේරු පර-පුර” ඉටිපන්දම් පත්තු කරන්නට ඉඩ තිබේ).

ඇත්තෙන්ම ඇය මියගියේ රෝගීවය. යුක්තියේ රෝදය සෙමෙන් කැරකෙන්නේ යැයි ප්‍රසිද්ධ ඉංග්‍රිසි කියමනක් තිබේ. තමිලිනී විසින් අහිංසක දෙමළ දැරියන් කී දහසක් නම් විඥාණ දූෂණයට ලක්කර මරුවාගේ අකාලයේ මරු කටට තල්ලු කරන්නට ඇත්ද? ඇත්තෙන්ම “දේශපාලන අංශ නායිකාව” සේ ඇය එසවී වැජඹී සිටි සංවිධානය කුමක්ද? එය කවර මූළධර්ම, ප්‍රතිපත්ති මත, කුමන අවශ්‍යතාවක් සඳහා නිර්මාණය වූවක්ද? සදාචාරාත්මක විමුක්ති අරගලයක් නම්, එයට ස්වභාව ධර්මයේ ආශීර්වාදය හෝ ලැබේ. එල්.ටී.ටී.ඊ ය යනු මිත්‍යා දේශපාලන දෘෂ්ටිවාද මත ගොඩ නැගී, අදූරදර්ශී, සටකපට හා අවස්ථාවාදී සිංහල, දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන්ගේ අනුසරණින් හැදී වැඩී, අවසානයේ ගෝලීය අධිරාජ්‍යවාදයේ ළඟ-පාත හා දුර-ඈත විවිධ පාර්ශවකරුවන්ගේත් තැරැව්කරුවන්ගේ අවශ්‍යතා මත සිංහලයන් අහේතුකව නසන්නට වෙර දැරූ, ම්ලේච්ඡ පැසිස්ට්වාදී සංවිධානයකි. එවැන්නක මනෝරාජික, ස්වයං ප්‍රකාශිත “නායිකාවක” සේ විඳි “අභිෂේකය” දියවී යන්නේ ඒ සංවිධාන ව්‍යුහය ගොඩ නැංවූ මිලිටරි බලයේත් සමාජ මිත්‍යාවේත් කඩා වැටීම ඇරඹුන දා සිටය.

අවසානයේ ඇය විමුක්ති සටන පසෙකලා මරණය සමග හුදකලා සටනක නිරත වූවාය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ප්‍රශස්තම ප්‍රතිකාර ලබාගත හැකි මහරගම පිළිකා රෝහලේ තවදුරටත් ජීවත්වීම පිණිස වෙද-හෙදකම් ලබද්දී, තමන් විසින් විඥාණ දූෂණයට ලක් කරනු ලැබ, සයනයිඩ් කරලක් ගෙළ පළන්දා, තකතීරු යුද්ධයකට දක්කනු ලැබූ දෙමළ ළදැරියන් බෝම්බ වලට හසුවී, වෙඩි වැදී බෙහෙත් උගුරක්, වේදනා නාශයකයක් නැතිව දවස් ගණන් විඳවා කුණුවී ටිකෙන් ටික මියැදෙනු සියැසින් බලා සිටි අයුරු සිහිපත්ව ඇයට ලැජ්ජාවක් ඇති වූවාදැයි අපි නොදනිමු. ඊට හෘද සාක්ෂියක් තිබිය යුතුය.

තමිලිනී වෙදකම් කළේත් හෙදකම් කළේත් “දෙමළලන්තයෙන්” මෙහි ගෙන ආ වෙදුන් හා හෙදියන් යැයි අපි නොසිතමු. ඇයට නිරෝගී සුවය පතා බෙහෙත් උගුරක් පොවන්නට ඇත්තේද සිංහල හෙදියකි. උදව්පදව් කරන්නට ඇත්තේ සිංහල සාත්තු සේවිකාවකි. ඇය ප්‍රතිකාර ලැබූයේ මුලතිව්හිදී ද නොවේ. කොළඹදී ය. තමිලිනීට මේවා තේරුනාදැයි අපි නොදනිමු. මිනීමරු ත්‍රස්තවාදය පරදන්නට හටන් කළ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සෙන්පතියන් එල්ලුම් ගස් යවන්නට දෙමුහුම් අධිකරණ ගෙන එන පුවත විශේෂයෙන්ම සිංහල සමාජය කළඹා තිබියදී, තමිලීනී මරන්නට කිසිදු සිංහලයකු පිළිකා රෝහලට ගියේ නැත. “බෑන් චූන් මූන්”ටත් “විසේකාර හුසේන්”ටත් විලිලැජ්ජා ඇත්නම් මේවා අවබෝධ විය යුතුය.

ඇයට සුවය පතා ප්‍රතිකාර කරන්නට රජයෙන් වැය කළ මුදල රුපියල් සියයක් යැයි සිතමු. ඒ සියයයෙන් රුපියල් 74.88ක් සිංහලයින්ගේ බදුය. “දෙමළ-ක-ලන්තය” තදින් වැළඳුනු සම්බන්ධන්, විග්නේශ්වරන් වැනි බෙදුම්වාදී මහලු දේශපාලනඥයින් තේරුම්ගත යුතු දෙයක් තිබේ. විදේශ ණය වලින් මේ රටේ දෙමළ මිනිසුන් වසන පළාතක යටිතල පහසුකම් සංවර්ධනයක් කළද, ඒ ණය මුදලින් සියයට 74.88% ගෙවන්නේ සිංහලයින් බවය. එසේ කරන සිංහලයා ඒ ආයෝජන කළේ සිංහලයින්ට දැයි අසන්නේ නැත. කොටින්ම මේ ජරපත් බෙදුම්වාදී දේශපාලන නඩයට ගෙවන වැටුපෙන් හතරෙන් තුන් පංගුවක් ගෙවන්නේ සිංහලයින්ය. මේවා අර්ථ දක්වන්නට “කන්න දුන් අත හපා කනවා” වැනි ආප්තෝපදේස උපයෝගී කරගෙන බල්ලන්ට නිගා නොකළ යුතුය. අප මේ කියන කරුණු දෙමළ සමාජයේ යහපත් මිනිසුන්ට වැටහේවා යැයි සිතමු.

බුදුන් නසන්නට කොතෙක් උගුල් ඇටවූවද, දෙව්දත් අපාගත වන පුවත ඇසෙද්දී කම්මුලේ අත තබාගෙන “අනේ අපොයි” කියන සිංහල බෞද්ධ සමාජය, තමිලිනී මළ පුවත සැළවී සතුටු නොවූ බව කිව යුතුය. සුපුරුදු අනුකම්පාවෙන් මඬනා ලද ඔවුහු, “අනේ අනිච්ඡං” කියන්නට ඇත. ඇයට වැළදී තිබුනේ පිළිකවකි. ගිරිමානන්ද සූත්‍රයේ විවිධ රෝග සඳහා හේතු භූත වන සාධක විග්‍රහ කරයි. තමිලිනී සම්බන්ධයෙන් නම් අපට සිහිපත් වන්නේ “විසමපරිහාරජා අභාධා” හා “ඕපක්කමිකා ආභාධා” යන සාධකයන් ද්වයයි. මන්ද ඇය විෂම පැවතුම් හා වැරදි උපක්‍රම ම අතර සිටි ස්කන්ධ පංචකයක් බැවිණි. ඇගේ රෝගය කුමන සාධක මතදැයි යන්න ඉන් පැහැදිළිය. එහෙත් තමිලිනී මිය යන්නේ පින් දහම් පුරා නොවේ. මිනිසුන් නසන්නට මිනිසුන් මෙහයවා, ඔවුන්ද මරා දමමිනි. මිනීමරුවාගේ අදහස උපරිම පිරිසක් මැරීමය. තමිලිනී ජීවත් වූයේ ඒ මරුවිකල්ලෙනි. එහෙයින් ඇය මරණින් මතු ලබන්නේ කවර ආත්මයක්ද ඒ කල්ප කීයකටදැයි කීමට අවශ්‍ය නැත. නමුත් ගිරිමානන්ද සූත්‍රයේම “කම්ම විපාකජා ආභාධා” අත්විදීම පිණිස මතු භවයන් ශ්‍රේණියකදී ඇය මේ වන විටත් අරඹා ඇතිවාට සැක නැත. එහෙත් අවසන මේ පවුකාර භවයන්ගෙන් අත්මිදී ඇයට පරමාර්ථමය නිවීම අවබෝධ වේවා යැයි අපි මෙත් සිතින්ම පතන්නෙමු.

තමිලිනීට නිවන් පතා, ඇගේ “අවමංගල සභාවේ” සිටින පිරිසට “ධර්මානුකූල අනතුරු ඇඟවීමක්” කළ යුතුමය. මනුෂ්‍ය ඝාතනයත්, නොදරුවන්ගේ විඥාණ දූෂණය කර හා මරවමින් මැරීම ම වෘත්තිය කරගත් හා, අයුක්ති සහගත ඊනියා “විමුක්තියක්” උදෙසා මේ බුදු බිමෙහි ශිෂ්ටාචාරයේ නිර්මාපකයන්ටද, ඔවුන්ගේ ද්‍රව්‍යාත්මක හා අස්පෘෂ්‍ය සංස්කෘතියටද, උපනූපන් පරම්පරාවන්ටද, ජාතික නිෂ්පාදනයටද හිත්පිත් නැතිව පහරදුන් එක් “ප්‍රභල චරිතයක” ශෝක ජනක නික්ම යාම, බෙදුම්වාදයේ හා ඒ දෘෂ්ටිවාදයන්ගේ සෘජු හෝ වක්‍ර කොටස්කරුවන් (ඔවුන් දෙමළ හෝ සිංහල, අබෞද්ධ හෝ බෞද්ධ විය හැක) තුළ ඇති කරන්නේ කවර කම්පනයක්ද? මේ පූර්වාදර්ශය ඔවුන් අමතා ගැඹුරු අනතුරු ඇඟවීමක් කරන්නේද?

තමලිනීලාගේ විෂම පැවතුම් හා වැරදි උපක්‍රම සාධාරිණීකරණය කරමින්, ඒවාට අනුග්‍රහය දැක්වූ, ඒවාට අනුසාංගික දේශපාලන නාටක රඟපාමින්, යටකී බුදු බිම නැසීමේ කූටෝපායේ සෘජු පුරෝගාමීන් හෝ වක්‍ර ප්‍රතිලාභීන් වූ චීවරධාරීන්, පූසාරිලා, රදගුරුන් හා අන්‍ය පාදිලිවරු, කවුරුන්දැයි අපි දනිමු. එසේම දේශපාලනඥයින්, කලාකරුවන්, තමිලිනී ගැන වාර්තා චිත්‍රපටි සැකසූවන් කවුරුන්දැයි යන්නද අපි හොඳින්ම දනිමු. ඒ හැර මේ දෘෂ්ටිවාද සපථ කරන න්‍යායාචාරීන්, විද්වතුන්, නන්දිකඩාල් කළපුවේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයන්නන්, දෙමහුම් අධිකරණ ආදියෙහි පහසුකම් සලසන්නන්ද සිටී. ඒ සියල්ලන් ද නිරන්තරයෙන් නිසි වෛද්‍ය පර්යේෂණයන්ට ලක්වී සිටීමද, අකුණු සන්නායක වැනි ක්‍රම ගැන සිතීමද යොග්‍ය බව නිර්දේශ කරමු. මන්ද අර දෙමළ ප්‍රස්තා පිරුළෙහි එන දෙවියන්ගේ උසාවිය හයිබ්‍රිඩ් නොවන අතර, කල්යල් බලා නඩු අසා ටක්කෙටම ‘තීන්දුව’ දෙන බවක් පෙනෙන්නට ඇති බැවිණී.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/18/2015

නෙවි පිල්ලේගේ ඡායාරූපයක් දෙමුහුම් අධිකරණයේ එල්ලා තැබිය යුතුමය!

කතෘ:යුතුකම     10/18/2015   1 comment
~ ආචාර්‍ය චමිල ලියනගේ ~
සිංහලයන්ට ඇත්ත යුත්ත තේරෙන්නට සියවසක්වත් යා යුතුය. ඊට පසුවද කරන්නේ ඛේදවාචක රසවිඳීමම පමණි. කෙසේ වෙතත් ජාතියේ ස්වෛරීත්වය අනතුරේ හෙලන විජාතික අධිරාජ්‍යවාදී සැලසුම් වල සුළමුළ හෙලිදරව් කිරීම පරම යුතුකමකි. මෙබඳු කතිකාවන් හා හෙලිදරව් කිරීම් මෙරට සාමාන්‍ය ජනී ජනයා අතරට පවා යායුතු බව, අප විශ්වාස කරමු. අධිරාජ්‍යවාදී පිල්ලිවලට ඔත්තු ලබාදෙන, චරපුරුෂ ඵන්.ජී.ඕ. නජයේ ගොදුරු බවට පත්ව ඵ් මතවාද සමග පාවෙන, ජාතියක්,ජම්මයක්,අම්මෙක්,අප්පෙක්,රටක් නොහඳුනන පිරිසක් මෙරට මහ ජනතාව, විශේෂයෙන් සිංහල ජාතිය හා සෙසු දේශප්‍රේමී ජන වර්ග පත්වීමෙන් මුදවා ගැනීමේ ශුද්ධ වූ අවශ්‍යතාවය ඊට ඵක් හේතුවකි. ඵසේම මානව හිමිකම් හෝ වෙනත් ඊනියා ගෝලීය තේමා පදනම් කරගත් අධිරාජ්‍යවාදී මෙහෙයුම් අස්සේ තම දේශපාලන තුරුම්පු කොළ සොයන අවස්ථාවාදී දේශපාලකයන්ගේ විග්‍රහයන්ගෙන් ඵ් ජනී ජනයා නොමග යෑමට ඇති ඉඩකඩද අසුරාලිය යුතුය. තේරුම් ගන්නා කිහිප දෙනා වෙනුවෙන් හෝ එසේ කළ යුතුය.

බොහෝ කාලයක් මෙරට විවිධ පුද්ගලයින්, කණ්ඩායම් අතර නොයෙක් මතවාදයන්ට ලක්වෙමින් පැවති, ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වූ නවනිදන් පිල්ලෙයි නොහොත් නවි පිල්ලෙයි මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය 2013 අගෝස්තුවේ අග සිදුකෙරිනි. ශ්‍රී ලංකාව පිළිබඳ සිය නිරීක්ෂණ එම සැප්තැම්බර් මස අගදී මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට වාචිකවත්, 2014 මාර්තුවේදී සම්පූර්ණ ලිඛිත වාර්තාවක් ලෙසත් නවි පිල්ලෙයි ඉදිරිපත් කළාය. බෙදුම්වාදයේ සන්නද්ධ අංශය වූ ඵල් ටී ටී ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුල මිය ගියද, තවම නොමළ, බෙදුම්වාදයේ දේශීය හා ජාත්‍යන්තර කල්ලි කණ්ඩායම් විසින් හා ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂත්, මෙරට ක්‍රියාත්මක බහුතර රාජ්‍ය නොවන සංවිධාන හෙවත් ඵන්.ජී.ඕ. ප්‍රජාව විසිනුත් “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්“ මන්තරය මතුරා පිල්ලේ නෝනා පරළ කරවනු ලැබිණි.

1987 – 1990 වනවානුවේ මෙරට තරුණ ජීවිත 66000 කට වැඩි ප්‍රමාණයක්ද භික්ෂුන් වහන්සේලා 664 නමක්ද අමුඅමුවේ මරා පාරවග් දෙපස පුළුස්සද්දී ඵවකට සිටි ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා “මහමෙරක් සේ නිසලව“ සිටියද, පිල්ලේ නෝනා පරලවී ජිනීවා නුවර සිට අඛණ්ඩව ආඩපාලි කීවාය. නවි පිල්ලෙයිට ඵරෙහිව මෙරට විවිධ පාර්ශව අවි අමෝරන්නට පටන් ගත්හ. තත්වය මෙසේ පවතිද්දී, 2011 අප්‍රිෙයල් තරම් ඈතකදී ඇයට මෙහි පැමිණ සියැසින් තත්වය විමසා බලන ලෙස ආරාධනා කිරීමට තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ඵඩිතර වීම ගැන අපි රජයට ප්‍රශංසා කරමු. එහෙත් එය එක්තරා රාජ්‍යතාන්ත්‍රික මෝඩ කමක් බව අපේ අදහසයි.

ඒ කෙසේ වෙතත් නවි පිල්ලෙයිගේ සංචාරයට ඵරෙහිව වීදි බැසීම්ද, දේශපාලන උසුළු විසුළුද,ඇය මුණගැසී සාකච්ඡා කිරීම සඳහා ගලා ආ සිය දහස් ගණන් ආරාධනාද ඇයට අත්විඳීමට සිදුවිය. නවි පිල්ලෙයිට ලබා දී තිබූ අනවශ්‍ය වටිනාකම මත හුඹස් බියකින් භ්‍රාන්ත වූ ඇතැම් පිරිස් මෙන්, පිල්ලෙයිගේ සංචාරය යන “ඵලයට“ අහේතුවාදීව විරුද්ධ වෙනු වෙනුවට, ශ්‍රී ලංකාව තුල නිල සංචාරයේ නිරත වෙද්දී ගම්‍යමාන වූ ඇයගේ භාවිතාවන් චාරිකාව අවසන නවි පිල්ලෙයි පැවැත්වූ පුවත්පත් සාක්ච්ඡාවත්, නිකුත් කළ නිවේදනයත් සියුම්ව පරීක්ෂා කරද්දී ඉස්මතුවී පෙනෙන, අප මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් අතිෂය වැදගත් කරුණු තුළ, තවත් කිහිප දිනකින් සුභ මොහොතින් (සර්වාගමික වතාවත් මැද) විවෘත කෙරෙන දෙමුහුම් අධිකරණය ගැන සනිටුහන් වූ ඉඟි හිපයක් අවධාරණය කිරීම මෙම ලියමනෙහි අරමුණ වන්නේය.

දෙමළ බෙදුම්වාදය කලින් කලට සිය මිලිටරිමය හෝ දේශපාලන ක්‍රමෝපාය සඳහා ගෝලීය අධිරාජ්‍යවාදයේ ඊනියා මානුෂවාදී පිල්ලි භාවිතා කළ හා කරන බව නොරහසක් නොවේ. මිලිටරිමය උත්සහය විසින් බෙදුම්වාදය ගෙනඵනු ලැබුවා වූ ස්ථානයේ සිට අවසාන ඉලක්කය දක්වා යෑමට බෙදුම්වාදය “ දේශපාලන අවි රැස් කිරීමේ මෙහෙයුමක“ නිරතව හා ඵ් සඳහා ජාතික හා ජාත්‍යන්තර බලමුළු ඵ්කරාශි කරමින් සිටින බව අපි යලිත් වගකීමෙන් දැඩිව ප්‍රකාශ කරන්නෙමු. සිය සංචාරයේ ඇතැම් “ජවනිකා“ වලින් ආවරණය කරගැනීමට උත්සහ කළද, තමා විසින් යුක්ති යුක්ත කිරීමට උත්සහ දරනු ලබන බෙදුම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයේ අරමුණු සාර්ථකව සඟවා ගැනීමට නවි පිල්ලෙයි අසමත් වූ බව අපගේ අදහසයි. බොහෝ අවස්ථාවලදී “බළලා මල්ලෙන් ඵලියට පැන්නේය“. මෙම සංචාරය පුරා නවි පිල්ලෙයිලේ භාවිතාවේ කැපී පෙනුණු මතභේදාත්මක සිදුවීම් කිහිපයක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. යුද්ධයේදී, විපතට පත්වූවන් පිළිබඳ සොයා බලන්නට ඇය උතුරට පමණක් යෑම යුද්ධය ලාංකීය භූමිය පුරා ඇතිකළ කම්පනය හා විනාශය සම්බන්ධයෙන් ඇය තුළ ඇති ඊනියා සංවේදීතාව අසමබර බව ඔප්පු කළේය. අප දකින්නේ අද බෙදුම්වාදයේ දේශපාලනික බලමුළුවලට අවශ්‍ය පරිදිම, පිල්ලේ විසින්, අවසන් වූ බෙදුම්වාදී යුද්ධයට, මානව භුගෝලීය අර්ථකථනයක් සැපයීම කළ බවය. ඵය වසන් කිරීමට වැලිකඩ, රතුපස්වල වැනි සිද්ධීන් යොදාගැනීමේ නිශ්ඵල නෑයමක ඇය නිරත වූවාය.

අතුරුදන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානය අවධාරණය කළ වැදගත් කරුණක්, ඵනම් “ඵල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා විපතට පත්වූවන් වෙනුවෙන් තවමත් ජීවතුන් අතර සිටින ඵල් ටී ටී ඊ නායකයන්ට ඵරෙහිව පියවර ගත යුතුය“ යන ප්‍රකාශය සිය නිරීක්ෂණ ගොන්නට ඇතුලත් කර නොගත් නවි පිල්ලෙයි කොළඹදී කළ තම “ප්‍රකාශය” අරඹන්නේ “ඵඩිතර” කතා දෙකකිනි. ඵකක් ඵල් ටී ටී ඊ සංවිධානය “මිනීමරු සංවිධානයක්” යැයි කීමය. අනික “තමා ඵල් ටී ටී ඊ නියෝජිතවරයෙක් නොවේ“ යැයි කීමය. මෙම “මැදහත් මතධාරීත්ව රංගනය” පිල්ලේගේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අදහන හා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බොහෝ ජන මාධ්‍යවලට ප්‍රධාන සිරස්තලයක් සපයා තිබිණි. ඵහෙත් ශ්‍රී ලංකාවේ ඵක්සත් ජාතීන්ගේ නේවාසික නිත්‍ය නියෝජිත පවා නොදන්නා පරිදි වෙල්ලාමුල්ලි වෛක්කාල්හිදී, ඵනම් ඵල් ටී ටී ඊ නායකයා මියගිය ස්ථානයේදී යුද්ධයෙන් මරණයට පත්වූවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීමට සැළසුම් කර තිබීමත්, ඵම අවස්ථාව ආවරණය කිරීමට ජාත්‍යන්තර රෑපවාහිනී නාලිකා තුනකට ආරාධනා කර තිබීමත් කියා පෑවේ කුමක්ද? නවි පිල්ලෙයි මෙහි ඵන්නේ කල්යල් බලා බව හා රජය හැර ඇය හා තවත් පාර්ශවයක් විසින් තීන්දු කළ සැලසුමකට අනුව බව පැහැදිලිව පෙනෙන අවස්ථාවක් වන්නේ “බලහත්කාරයෙන් කළ අතුරුදන් කරවීම් වල වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය” සැමරූ ආකාරයෙනි. තම කාර්යයට බාධාවක් බැවින් මෙරට රූපවාහිනී සහ සෙසු මාධ්‍ය ආයතන තමා පසුපස නොආයුතු බව දැනුම් දී තිබිණි. මාධ්‍ය නිදහස හා වාරණය පිළිබඳ නිතර “පාරට බහින” කොළඹ “ හිවල් සමාජය” මේ අවුඅස්සේ සිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

චැනල් ෆෝ පන්නයේ “සාක්ෂි“ වලින් කුල්මත්ව මෙරට ත්‍රිවිධ හමුදාව ඵල්ලුම්ගස් අරින්නට මාන බලා සිටින බොහෝ ජාත්‍යන්තර මානුෂවාදීන් මෙරට මානව හිමිකම් කඩවීම ගැන කවදත් නගන අඳෝනාවට වඩා අලුත් යමක් නවි පිල්ලෙයි කීවේ නැත. හඬ ඇගේ වුවද ඇය කියවූයේ මෙරට චරපුරුෂ ඵන්.ජී.ඕ. නඩයේ වාර්තා තොගයකි. ස්වෛරී රාජ්‍යයක නිල සංචාරයක නිරතවන ජගත් සංවිධාන කොමසාරිස්වරියගේ සීමාවට නොසරිලන ඇතැම් දේශපාලන අදහස් උදහස් දැක්වීමට ඇය උත්සුක වීමෙන් පෙනී යන්නේ මෙරට ඇතැම් දේශපාලන පක්ෂවල අවාසනාවන්ත දෛවය සම්බන්ධයෙන්ද ඇගේ සානුකම්පාව හිමිවී ඔවුන්ගේ දුක් ගී වලටද ඇහුම්කන් දී ඇති බවයි.

ඵල් ටී ටී ඊ සංවිධානයට වීරත්වය ආරෝපණය නොකරන්නැයි පවි පිල්ලෙයි දෙමළ ඩයස්පෝරාවට මතක් කරයි. “ දේශපාලන අරගලයකින් ඊලම දිනාගමු” යන කරුණ ඇය වක්‍රෝත්තියෙන් අවධාරණය කළේ තම සහය ඊට හිමිවන බව ඉඟි කරමිනි. ඇය උතුරේදී මුණ ගැසුනේ “ දහතුනට ඵහා ගිය යමක්” ඉල්ලන විග්නේශ්වරන් හා “ආයුධ අතට ගතහොත් ෆෙඩරල් වලින් ඵහාට ගිය ජයක් ලැබිය හැකි“ යැයි කියන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්ගෙන් සමන්විත ද්‍රවිඩ ජාතික සංවිධානයත් ඵක්සත් ජාතික පක්ෂයත් ය. ඵමගින් යෝජිත පළාත් සභා මැතිවරණ අභිමුවෙහි උතුරේ අහිංසක දෙමළ ජන මතයට බෙදුම්වාදී ද්‍රවිඩ ජාතික සංවිධානය පිළිබඳ මතවාදී බලපෑමක් ඵකතු කෙරිණි. අප සියලු දෙනා දන්නා පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඇති ප්‍රබල අවදානම් සහගත තත්වයක් වන්නේ ප්‍රතිපක්ෂ පළාත් සභාවක් මධ්‍යම රජය සමග කිසියම් කරුණක් පිළිබඳ ඇතිවන නොහොඳ නෝක්කාඩුවකදී බාහිර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකට ඇති ඉඩකඩයි. නවි පිල්ලෙයි එදා රඟදැක්වූවේ ඵහි පෙරහුරුවකි.

නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩියක් ඔසවා ඇත්තේ ඇයිදැයි යනුවෙන්ද නවි පිල්ලෙයි ප්‍රශ්න කළාය. ඇත්තෙන්ම ඵම ධජය ඔසවා තුබුනේ ඊට යාබද ගොඩනැගිල්ලේය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, විවිධ සමලිංගික කණ්ඩායම් වලට පවා අනන්‍ය වූ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වෙනස් කළයුතු යැයි තරයේ සටන් කිරීමට තරම් සමානාත්මතාව සමබරතාව රකින පිල්ලේට, අති බහුතරය බෞද්ධයන් වූ රටක බෞද්ධ කොඩියක් පිළිබඳ ඇතිවන අර්බුදය බොහෝ දේ සපථ කළේය. අප මහා ඉහලින් විශ්වාස කරන පරිදි මානව හිමිකම් පිළිබඳ ලෝකයේ ඉහලම තනතුර හොබවන්නිය අසන්නේ මෙබඳු අඳබාල ප්‍රශ්න නම්, උන්නැහේලගේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ දිග පළල මෙපමණක් නම්, උන්නැහේලගේ පරිවාර නිලධාරින්ගේ හා අතන මෙතන මානව හිමිකම් කඩ අටවාගෙන ඵදාවේල සරිකරගන්න ඵවුන් ගැන කවර කතාද?

නවි පිල්ලෙයිගේ භාවිතාව තුළ අපි වෛරයක්ද, තර්ජනයක්ද, පණිවුඩයක්ද, න්‍යාය පත්‍රයක්ද දැකගතිමු. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ඇතුලත් කරවන්නට හා ඵම ක්‍රියාකාරී කමිටුව 2014 මාර්තුවට පෙර මෙහි ගොඩබැස්සවීමට ඇයට වුවමනා වී ඇත. මෙබඳු නාටකරූපී සම්මුති, කමිටු, නියෝජිතයින් ඵකා පසුපස ඵකා බැගින් ඵවනු ලැබිණි. මෙම කරුණු පිළිබඳ තියුණු සොයාබැලීම් කිරීමට අප සමත් වූයෙමුද? යට කී තර්ජනයද, න්‍යාය පත්‍රයද ප්‍රතිප්‍රහාර සූදානම් කළෙමුද? නැත!! අවසන පිල්ලේ හුසේන් කුමාරයා ලවා කඩුවත් දංගෙඩියත් ඵවා ඇත. ඒ අපේ ලෝකල් වධයකු ලවා ගෙල සිඳ ගැනීමටය. ඇගේ පින්තූරයක් දෙමුහුම් අධිකරණයේ එල්ලා තැබිය යුතුම වන්නේ එහෙයිනි!

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions