12/18/2015

රටම ගිනි තියා විල්පත්තුව අස්සේ හැංගෙන අවස්ථාවාදී ජඩයන්ගෙන් ප්‍රවේශම් වෙනු !

කතෘ:යුතුකම     12/18/2015   No comments
මීට මාස කිහිපයකට පෙර යුතුකම වෙබ් අඩවියේ පළකළ මේ ලිපිය අද එදාටත් වඩා හොඳින් ගැලපේ යැයි සිතෙන බැවින් යළි පළ කරන්නෙමු.

විල්පත්තු රක්ෂිතයේ නිවාස තැනීම බෙල්ලන්විල අවට නිවාස තනනවා වැනි සරල කාරණයක් යැයි කියූ අවස්ථාවාදී කැනහිලුන්  සහ හදිසියේ අටවාගත් පරිසර සංවිධාන,  යහපාලන නාඩගම වෙනුවෙන් ගණිකාවෘත්තියේ යෙදවූ උන්නාන්සේලා  යලිත් විල්පත්තුව අස්සේ සැඟවෙන්නට උත්සාහ කරමින් සිටිනු පෙනේ. 

ජිනීවා පාවාදීම හමුව රටේ ස්වෛරීභාවය අහිමිව තිබියදී, රණවිරුවන් පෝරකයට දක්කමින් කොටි ත්‍රස්තයන්ට නිදහස දෙමින් තිබියදී, විපක්ෂ දේශපාලන හඬ ඩොසර් කරමින් ඒකාධිපති පාලකයන් ට මෛත්‍රී වේශය ආලේපකරමින් තිබියදී, වසර දහස් ගණනක් තිස්සේ පැවති සුද්දා පවා අත නොතැබූ බුද්ධාගමට මෙරට හිමි තැන අහිමි කරමින් තිබියදී , අඳ ගොළු බිහිරන් සේ නෑසූකන්ව සිටින මේ අවස්ථාවාදි තක්කඩියන් ආයෙත් විල්පත්තු නාඩගමක් නටන්නට හදන්නේ සුපුරුදු අවස්ථාවාදය හරහා රටට කරමින් තිබෙන ව්‍යසනය පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට සහ තමන් මෙතෙක් අල්ලාගෙන සිටි සටන් පාට දැන් ඔවුන් ආමන්ත්‍රණය කල සමාජ කණ්ඩායම් තුළ පවා කුජීත වෙමින් යන බැවින් නැවත වරයකින් ජනතාව රැවටීමට පොටක් පාදාගැනීමටත් මිස විල්පත්තුවට ඇති අමුතු ආදයරයක් නිසානම් නොවේ.

ඒ ලිපිය නැවත කියවන්න..
විල්පත්තුවෙන් ඔබ්බට.....



විල්පත්තු වන සංහාරය අද ඊයේ අරඹුනක් නොවේ. එදා ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ දේශපාලන බලය බුල් ඩෝසර බවට පත් වෙමින් දීඝවාපි බුද පුද බිම සමතලා කරමින් වනසා දැමුවේ කෙසේද , එලෙසම රිෂාද් බදියුදීන්ගේ උද්ධච්ච දේශපාලන බලය විල්පත්තුව වනසමින් තිබේ. ඒ අද ඊයෙක සිට නොවේ. එය දැන් වසර පහ හයක සිට පමණ සිට ක්‍රමයෙන් සිදුවන්නකි. අද එය මෛත්‍රී මුද්‍රාව යටතේ සිදු වුවත් එදා එයම එලෙසම එවකට රිෂාද් බදියුදීන්ගේ දේශපාලන සහෝදරයා වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා සෙවනේ සිදු විය.

වන සංහාරය සිදු වෙමින් ඇත්තේ යලි පදිංචි කිරීමේ බෝඩ් ලෑල්ලට මුවා වී නීති පොත් වල ඇති විල්පත්තු රක්ෂිතයේ නීතිමය සීමා දඩමීමා කරගනිම් . නීති පොතේ සීමාව කොතන තිබුණත් ඇස් කන් ඇති සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට මේ කරමින් තිබෙන්නේ මහ පොළව නුහුලන අපරාධයක් බව වැටහෙනු ඇත. මේ අපරාධය පිළිබඳ පසුවී හෝ සමාජ කතිකාවතක් ඇරඹීම සුභ නිමිත්තකි. මේ ජඩ දේශපාලකයන් ජාතිවාදී ලෙස මුස්ලිම් චන්ද කුට්ටිය පෙන්නා පාලකයන් නිවටයන් සේ බිය වද්දවා කරමින් තිබෙන විනාශය වැලැක්විය හැක්කේ එවැනි සමාජ ක්‍රියාකාරකම් මගින් පමණි.

විල්පත්තුවට මේ කෑ ගහන්නේ කවුද?

විශේෂයෙන් සමාජ ජාලා සහ අන්තර්ජාල මාධ්‍ය හරහා මූලික වශයෙන් ගොඩ නැගී ඇති විල්පත්තු විනාශයට විරුද්ධ කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය.

- සැබෑ ලෙසම පරිසරයට ආදරය කරන පරිසරවේදීන් පරිසර සංවිධාන සහ මේ ජාතිවාදී දේශපාලන ත්‍රස්තවාදයට එරෙහි සාමාන්‍ය ජන විඥ්ඥානය සහිත කොටස්.
- විල්පත්තුව තම මඩිය තර කරගැනීමේ තවත් ව්‍යාපෘතියක් බවට පත් කරගත් පරිසරවේදී වෙළෙන්දන්.
- විල්පත්තුව හරහා මුස්ලිම් විරෝධය අවුළුවාගත හැකියැයි සිතන අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
-යහපාලන වෙස්මුහුණ තව දුරටත් අලෙවි කරගන නොහැකිව තමන් අතින් ගිලිහී යමින් තිබෙන ජනතා අවධානය (විසේෂයෙන් සමාජ ජාලා තුල ) නැවත වටයකින් ඩැහැ ගැනීමට වෙර දරන අවස්ථාවාදීන්.
- ජාතික ආරක්ෂාව , විදෙස් අත පෙවීම් ආදිය හරහා රට තුල ඇති සැබෑ දේශපාලන වියවුල පිළිබඳ ජනතා අවධානය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණ ඇති දේශපාලන කොටස්.

මෙහි පළමුවෙන්ම සඳහන් කර ඇති කණ්ඩායම පිළිබඳ අපට ඇත්තේ ගෞරකපූර්වක හැඟීමකි. ඒ ජනතා හඬ කුළු ගැන්වීමට කල හැකි සියල්ල කල යුතුය.

නමුත් මෑත කාලයේ සිහින වංකගිරි තුල ජනතාව අතරමං කල, අද වන විට දේශපාලන ලෙස යන මගක් පැහැදිලිව නැතිව අතරමංවී ඇති දේශපාලන කොටස් මෙන්ම අනාගත බල සිහින වෙනුවෙන් ජනතාව නොමගට දක්කාගෙන ගිය සිංහ හම පොරවාගත් වෘකයන් මේ විල්පත්තු සිදුවීම දඩමීමා කරගනිමින් නැවත කරලියේ රඟන්නට සූදානම් වෙමින් සිටිනු පෙනේ. විසේෂයෙන් සිංහලයාට ද්‍රෝහී වූ කරුම පක්ෂ වල උද්ධච්ච නායකයන් නැවතත් සිංහලයා රවටා කොඩිය තමන් අතට ගැනීමට දරන උත්සාහය සිහි නුවණින් අවබෝධ කර නොගතහොත් රෑ වැටුණු වලේ දවල්ද වැටී අඬු කඩා ගැනීම නියතය.

සමාජ ජාලා තුල විල්පත්තු විරෝධී කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හතු පිපෙන්නාක් මෙන් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන්නේ ඉතා ක්ෂණිකව ඉතාමත් කෘතිම ආකාරයටය.

කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් මතයකින් වත් එක් නොවූ සමහර කොටස් 'විල්පත්තුව' වෙනුවෙන් බෙල්ල දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇයිද යන්න විමසිලිමත්ව කල්පනා කල යුතුය. "ඕන එකෙක් ආවම මොකද. විරුද්ධ වෙනවනම් ඒ ඇතිනේ. මොකා උනත් කමක් නෑ" යනුවෙන් ක්ෂණික සිතුවිල්ලක සිර වුවහොත් නිසැක ලෙසම විල්පත්තුව පමණක් නොව අවසානයේ සියල්ලම අහිමි වනු නියතය.

රට පාවා දී විල්පත්තුව රැකීම..

එදා උතුර හා නැගෙනහිර ඇතුළු ලංකා භූමියෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3ක් කොටි ත්‍රස්තවාදයට බුක්තියට ලියා දුන් සහ ඒවා හ්ම්ම් සද්දයක් නැතිව අනුමත කර සහය දුන් දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ විපත්තුව වෙනුවෙන් හෙලන කඳුළු කිඹුල් කඳුළුමය.

එමෙන්ම අද ජෝන් කෙරීලා , නරේන්ද්‍ර මොඩිලා මෙරට තමන්ගේ යටත් විජිතයක් , තවත් දේශපාලන කොළනියක් බවට පත් කරගැනීමට එළා ඇති දැලේ පැටළී ඒ දේශපාලන ක්‍රියාවලිය මෛත්‍රියෙන් ඉවසන කොටස් විල්පත්තුව වෙනුවෙන් සරම කරට ගෙන කරන රඟපෑමේ ඇති ව්‍යාජය , කෘතීම බව නොබියව හෙළි කල යුතුය.

රට විකුණා හෝ රට පවාදී විල්පත්තුව රැකීමෙන් පළක් නැත. මේ මුළු ක්‍රියාදාමයම සංගතව එක් දිශාවකට යොමු විය යුතුය. විල්පත්තු , කුරගල ,සාම්පූර් , පලාලි ආදී මේ සියලු සිදුවීම් නිසි පරිමාණයට ඒකමිතිකව ගැනීම මිස එකක් පරිමාණය ඉතා විශාල කරමිනුත් අනෙකේ පරිමාණය ආසාමාන්‍ය ලෙස කුඩා කරමිනුත් මේ කරන සෙල්ලම ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් අවබෝධ කර නොගතහොත් විල්පත්තුව පමණක් නොව රටේම නිදහස සහමුලින්ම වැළලෙන දිනය ඉතා ඉක්මනින් එළඹෙනු ඇත.

කළ යුත්තේ කුමක්ද?

විල්පත්තු ව්‍යසනයට විරුද්ධව නැගිටීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපගේ අරෝවක් නැත. නමුත් එම විරෝධය හයි ජැක් කර විල්පත්තුව රැක ගැනීම වෙනුවට තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් විල්පත්තුව යොදා ගැනීමට තටමන අවස්ථාවාදී කණ්ඩායම්වලට කිසිඳු ඉඩක් නොතිබිය යුතුය. හලාල් විරෝධය වැනි සැබෑ මහජන අභිලාෂයන් හයි ජැක් කර දෝහී බල ව්‍යාපෘතිවල ආයෝජනය කළ මෑත කාලීන උදාහරණ අපට ඒ සඳහා පාඩමක් වනු ඇත. අවසානයේ හලාල් විරෝධී සිංහ හම පොරවාගත් වෘකයන් හලාල් වී හලාල් විරෝධී නැගිටීම පරාජයට පත් විය. වෘකයන්ට අහිමි වී ගිය ඇමතිධූරය නැවත ලැබීම පමණකින් සැහීමකට පත් විය.

එබැවින් විල්පත්තුවට ඉහළින් නැගෙන විල්පත්තු රැකගැනීමේ ජනතා ධජය සතුරන් , අවස්ථාවාදින් අතට පත් වීමට ඉඩ නොදී එය විල්පත්තු , කුරගල , සාම්පූර් , පළාලි ඇතුලුව මුළු රටම රැක ගැනීමේ කොඩිය සමග එකට ළෙලදීමට සැලැස්වීම සබුද්ධික ජනතාවගේ වගකීමකි.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/01/2015

ප්‍රේමජයන්ත්ගේ (නල්ලමලේ) හෘදසාක්ෂිය..

කතෘ:යුතුකම     11/01/2015   2 comments

පසුගියදා කඩුවෙල ශ්‍රීලනිප මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරමින් පැවති ජනාධිපති සිරිසේන මහතා ද සහභාගී වූ උත්සවයේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අපූරු අදහසක් පල කළේය.

හදිසියේ අවදි වූ සුසිල්ගේ හෘද සාක්ෂිය

"අද අපට ජාතික ලැයිස්තුව ආදිය ගැන චෝදනා කරන සමහරක් දෙනා දන්නේ නෑ පසුගිය අවුරුදු 10 අපි සංධානය පවත්වාගෙන ගියේ කොහොමද කියල. සමහරු දන්නේ නෑ එදා සමහර අවස්ථාවල ජාතික ලැයිස්තු හිස් වෙච්ච ආසනයට මන්ත්‍රීවරු පත් කළේ කොහොමද කියලා. ලැයිස්තුවේ වත් නොසිටිය සමහරු පත් කරද්දි හෘද සාක්ෂියට එකඟව නොවෙයි අපි කටයුතු කළේ. ඒ කාලේ පක්ෂයේ මහ ලේකම් හැටියට මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මමත් දෙන්නම ඔය තත්වෙට මුහුණ දුන්නා.”
-සුසිල් ප්‍රේමජයන්ත : 2015- 10-29

ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ප්‍රේමජයන්ත මහතා නියෝජනය කළේ මහින්ද රාජපක්ෂ පිලයි. රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමේදී හෘද සාක්ෂිය සමග ඔය තරම් ගැටලුවක් තිබුණේ නම් ඒ මොහොතේ ඉතාමත් පහසුවෙන් වඩා කිට්ටු දේශපාලන සබඳතාවයක් ඇති තමාගේ අතීත නායිකාව සමගම සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින්නට ප්‍රේමජයන්ත මහතාට තිබිණ. එදා මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙතැයි යාන්තමින් හෝ සිතුනේ නම් සුසුල් ගේ හෘදසාක්ෂිය ඒ මොහොතේ 'යහපාලනය' වෙනුවෙන් අවදි වන්නට ඉඩ තිබිණ.

කෙසේ හෝ පරාජයෙන් පසු ශ්‍රීලනිප යේ මධ්‍යම කාරක සභාවේ බලය තමා යටතට නතු කර ගැනීමට සිරිසේන මහතා පෞද්ගලිකවම මැදිහත් වෙමින් ගෙන ගිය යටිකූට්ටු ක්‍රියාවලියේදී මුලින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමජයන්ත මහතා අවසානයේ අනෙකුත් ජ්‍යේෂ්ඨයන් සමගම සිරිසේන මහතා පක්ෂ සභාපතීත්වයට පත් කරගැනීම එකඟ විය . ශ්‍රීලනිප යට විරුද්ධව කටයුතු කර ශ්‍රීලනිප ආණ්ඩුව පරාජය කර එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙක් පත් කරගත් පක්ෂයේ ද්‍රෝහියෙකු පක්ෂ සභාපතීත්වයට පත් කරගනිද්දී ප්‍රේමජයන්ත මහතාගේ හෘද සාක්ෂිය තිබුණේ කොහිද? [පක්ෂ සභාපතීත්වය සිරිසේන මහතාට බාර දුන්නේ මහින්ද රාජපක්ෂම නොවේදැයි දේශාපානයේ යටි පෙළ කියවා නොගත් දේශපාලන ළදරුවන් (විශේෂයෙන් සමාජ ජාලා - ගොසිප් අඩවි හරහා දේශපාලනය ඉගෙන ගන්නා ළදරුවන් ) අසන්නට ඉඩ ඇතත් ඒ සඳහා තිරය යට සිරිසේන මහතා ගෙන ගිය කුප්‍රකට මෙහෙයුම පිළිබඳව හොඳින් දන්නා අය සිදුවූයේ කුමක්දැයි දනිති. ]

තත්වය එසේ තිබියදීත් නැවත මහ මැතිවරණය අබියසදී මහින්ද රාජපක්ෂ මහතාට සංධානයෙන් අපේක්ෂකත්වය දී සංධානයෙන්ම තරඟ කරවීමට ක්‍රියාත්මක වූ කණ්ඩායමේ සුසුල් ප්‍රේමජයන්ත මහතා සිටියේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රේමජනත මහතාම පසුගියදා ලංකාදීප පුවත් පතට ලබා දුම් සම්මුඛ සාකච්චාවක සඳහන් වේ.

එහිදී ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව මහ මැතිවරණයට ශ්‍රීලනිප ය තරඟ කළේ නම් ඔවුන්ට හිමි විය හැකිව තිබුණේ ආසන 30 කට ආසන්න ගණනක් බවයි. එසේ වූවේ නම් 2010 දී මහමැතිවරණයේදී මනාප පනස් දහසකට ආසන්න ගණනක් ලබා ලැයිස්තුවේ අගින් එල්ලී පාර්ලිමේන්තු ආ ප්‍රේමජයන්ත මහතාට බොහෝ දුරට මෙවර ගෙදර නවතින්නට ඉඩ තිබිණ. (2010 දීද ඔහු පාර්ලිමේන්තු ගියේ චන්දන කත්‍රිඅරච්චි මහතාගේ මනාප ගොඩ තමන්ට දා ගැනීමෙන් යැයි එකල මාධ්‍යවල චෝදනාද එල්ල විය.) ප්‍රේමජයන්ත මහතා බොරු රාජපක්ෂ හිතවාදී වේශයක් මවා ගත්තේ තමන්ට අත්වන ඒ ඉරණම පිළිබඳ කලින්ම ගණන් හදා තිබූ බැවින් වන්නට පුළුවන.

කෙසේ වුවත් සිරිසේන මහතාගේ අල්ලජ්ජී මැදිහත්වීම මත රාජපක්ෂ මහතා අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී ගියේය. එහිදී සිරිසේන මහතා තමාගේ “මෛත්‍රිය” ප්‍රදර්ශනය කරමින් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය ඉබි යතුරු දමා සීල් කර , අධිකරණය හරහා මධ්‍යම කාරක සභාව කැඳවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත් හිටුවා , කුප්‍රකට ගරිල්ලා ප්‍රහාර වැනි මාධ්‍ය නිවේදන දෙක හරහාත් එලෙස ශ්‍රීලනිප නායකයා ලෝක ඉතිහාසයේ පළමු වරට තම විරුද්ධ පාක්ෂික ජයග්‍රහණය වෙනුවෙන් ලැජ්ජාසහගත මැදිහත්වීමක නිරත විය. ඒත් සමගම මැතිවරණයට දින දෙකක් තිබියදී ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම්වරුන් එම තනතුරුවලින් දොට්ට දමා තමාගේ හෙන්චයියන් දෙදෙනෙකු ඒ තනතුරුවලට පත් කර ගත්තේය. නමුත් ඒ මොහොතේ (ලේකම් ධූරය අත් හිටවූයේ සිකුරාදා හවසයි. ඒ සති අන්තයේ අධිකරණයට හමුවට යමට ඇති ඉඩ අහුරුවමිනි. ඒ සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදය හැටිය. නමුත් මැතිවරණය පැවති සඳුදා දිනයේ) අධිකරණය හමුවට ගොස් ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති තීරණයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට ප්‍රේමජයන්ත මහතාට ඉඩ තිබිණ. බොහෝ දෙනා ඒ වෙනුවෙන් ඉල්ලීම් කල බවද වාර්ථා විය. නමුත් ප්‍රේමජයන්ත මහතා එය මග හරිමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන තෙක් කල් මැරීය.

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ නම් ඒ පිළටත් පරාජය වූයේ නම් මෛත්‍රී පිලටත් හේත්තු වන්නට ප්‍රේමජයන්ත මහතා ඉඩ තබා ගත්තේ එසේය.

ඒ අර හෘද සාක්ෂියේ හැටිය.

2010 දී මනාප
පනස් දහසකට ආසන්න ගණනක් ගත් ප්‍රේමජයන්ත මහතාට මෙවර මනාප 175000 ක් ලැබුනේ පසුගිය අවුරුදු 5 ඔහු කල අමුතු ජනතා සේවයක් නිසාවත් විශ්ව කර්ම ඇමති මෙහවරක් නිසාවත් නොවේ. ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිනවා ය යන්න සමාජයට දුන් පණිවිඩයට ලැබුණු ප්‍රතිචාරයයි ඒ. ඒ බොරු රාජපක්ෂ හිතවාදී වෙස් මුහුණ නොවන්නට සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අනිත් කෙරුම්කාර පණ්ඩිතයන්ට මෙන්ම ඔහුටද බොහෝ දුරට ලැයිස්තුවේ අගට වී ගෙදර නවතින්නට ඉඩ තිබිණ.(හැබැයි එසේ වූවත් බය වෙන්නට දෙයක් නැත. සිරිසේන මහතාගේ නල්ලමලේ ප්‍රජානත්ත්‍රවාදය ධාරරණත්වය යටතේ ජාතික ලැයිස්තුවෙන් යළි දියවන්නාවට ගොඩ වෙන්නටද තිබිණ. ජනතාව පස්සට පයින් ගසා ගෙදර යැවූ දුසිම් භාගයක් පමණ සිරිසේන මහතාගේ විලිලැජ්ජාසහගත මැදිහත්වීම හරහා නැවත පාර්ලිමේන්තුවටත් එතනින් නොනැවතී කැබිනට්ටුවේ හොඳම පුටුවලටත් පත් විය. )


සුසිල්ලාගේ හෘදසාක්ෂිය ගොළු වූ සිරිසේනලාගේ ජාතික ලැයිස්තු මංකොල්ලය

රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට (බොහෝ දුරට ඒ ඩලස් අලහප්පෙරුම හෝ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීධූරයට පත් කිරීම වන්නට පුළුවන ) පත්කිරීමේදී කම්පා වූ බව පවසන ප්‍රේමජයන්ත මහතාගේ හෘද සාක්ෂිය මෙවර මුලු ජාතික ලැයිස්තුවම මහ දවල් මංකොල්ල කද්දී මදක් හෝ සසල නොවූයේ ඇයි?

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවූයේනම් මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිප යට අත්වන ඛේදජනක ඉරණම ප්‍රේමජයන්ත මහතාම පෙරකී සම්මුඛ සාකච්චාවේදී පිළිගෙන තිබිණ. එසේ නම් ඒ ආසන ප්‍රමාණයට හිමි ජාතික ලැයිස්තුව පත් කරගැනීමේදී එයට අකුල් හෙලූ සහ ලැජ්ජා සහගත ලෙස ප්‍රජාතන්ත්‍රවාදය - සාධාරණත්වය මහ දවල් නිරුවත් කරමින් කටයුතු කළ සිරිසේන මහතාට ඇති අයිතිය කුමක්ද? එස් බී, ජියමුණි, තිලංග ,ලක්ෂ්මන් යාපා වැනි ජනතා විරෝධී තම හෙංචයියන් රොත්ත ඇතුලට ඔබා ගත් ඒ ලැජ්ජා සහගත තක්කඩි ක්‍රියාදාමයට නිල මුද්‍රාව තැබුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඔහුගේ අත්සන නොවන්නට බොහෝ දුරට ඒ නිර්ලජ්ජිත පත් කිරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් වන්නට තිබිණ.

ලංකා දේශපාලන ඉතිහාසයේ ජඩම පාවාදීමට තම අත්සන ගැසූ ප්‍රේමජයන්ත මහතා , එදා ඩලස් හෝ බැසිල් ගේ ජාතික ළැයිස්තු පත්වීම හෘද සාක්ෂියට විරුද්ධව සිදු කලා යැයි පවසන්නේ රෙද්දක් ඇඳගෙනද? "ජුදාස් සහ ප්‍රේමජයන්ත" මැයෙන් යුතුකම වෙබ් අඩවියේ ටික කලකට පෙර පළ කළ මේ ලිපිය කියවන්න. එදා ජුදාස්ට ජේසුතුමා පාවාදීමට සැනසිලි ලෙස ලැබුණු
රිදී කාසි 30 වෙනුවට අද ප්‍රේමජයන්තට ලැබී ඇත්තේ ඇමති කට්ටකි. එහෙව් ප්‍රේමජයන්තලා අද මහත්වරුන් සේ අවුත් හෘද සාක්ෂිය ගැන බයිලා ගසයි .
නල්ලමලේ හෘද සාක්ෂිය කියන්නේ මේවාටය.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/27/2015

මෛත්‍රීවේශයෙන් ආ 'යහපාලන' සමාජ ජාලා පාදඩකරණයේ අහිංසක ගොදුරු....

කතෘ:යුතුකම     5/27/2015   No comments
යාපනයේ පාසල් ශිෂ්‍යයාවක් දූෂණය කර මරා දැමූ සිදුවීම මුළු සමාජයම කම්පනයට ලක් කළ පුවතක් විය. එයට ජාති ආගම් භේදයක් නොවීය. ඇසූ ඇසූ බොහෝ දෙනා 'අනේ අපොයි' කිව්වා මිස සිහි බුද්ධිය ඇති කිසිවෙකු 'ඕකිට හොඳ වැඩේ' කිව් බවක් නොඇසිණ. ඒත් සමගම මෙවැනි පාහරයින් එල්ලා දැමිය යුතු යැයි බොහෝ දෙනාගේ අදහස විය. එහිදී ඇය දෙමළ ජාතික දැරියක් වීම පරහට හිටියේ නැත. මීට පෙරද මෙවැනි සිදුවීම් සිය දහස් ගණනින් අසා ඇති මුත් මාධ්‍ය මගින් ලබා දෙන අසාමාන්‍ය ප්‍රචාරය නිසාත් , එමෙන්ම මේ හරහා උතුර යළි ගිනි ගැනීමේ අවධානමක් ඇතැයි යන සාධාරණ සැකය නිසාත් මෙම සිද්ධිය වැඩිපුර කතාබහට ලක් විය.

ඒ අතර උගත් වියත් දැනුවත් ජනතාව යැයි තමා විසින්ම හඳුන්වා ගන්නා කොටසගේ  ලෝකය, එනම් සමජ ජාලා තුලද මේ පිලිබඳ ඇති වෙන්නට කතා කර තිබිණ. කතා , ශෝක කවි, ගීත, සමාජ විචාර ආදී නොයෙක් ආකාරයෙන් බොහෝ දෙනා මේ පිලිබඳ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තිබිණ.  බොහෝ දෙනා තමන්ට ඇතිවූ අවංක කම්පනය නිසා එවැනි දේ පළ කළා වන්නට පුළුවන.

නමුත් ඒ අතර දේශපාලන  ඉහඳ පණුවන් තමන්ගේ මෙහෙයුම ආරම්භ කර තිබිණ. ඔවුන් මේ අස්සේ සැලසුම් කළේ මේ අවස්ථාව තමන්ගේ කුණුගහන ජඩ දේශපාලන වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ඔවුන්ට හොඳ පොටක් පෑදින. ස්ත්‍රී දූෂකයාට සමාන රුවක් සහිත පුද්ගලයකු හිටපු ජනාධිපතිවරයා සමග සිටින චායාරූපයක් හමුවන්න මෙහිදීය. මොහොතක්වත් පසුබට නොවී මඩ මෙහෙයුම ආරම්භ විය. ඒ සඳහා පූර්වාදර්ශයක් ඔවුන්ගේ "වියත් දැනුවත්  යහපාලන දේශපාලන පෙරගමන්කරුවා"  වූ චම්පික රණවක ශූරීන් විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කර තිබිණ ( කුප්‍රකට ෆෝටෝශොප් මෙහෙයුමෙන් ලෙසටර් ජේමිස් පීරිස් කේපී බවට පත් කිරීම හරහා ). එවැනි ඕනෑම ජවස්ථාවාදී ජඩ වැඩක් කිසිඳු කරදරයකින් තොරව, නීතිය ක්‍රියාත්මක වීමකින් තොරව සිදුකර ඔස්තාර්ලා ලෙස නිරුපද්‍රිතව වැජබීමට යහපාලනයෙන් ඉඩ ඕනෑතරම් ලැබෙන බව චම්පිකගේ සිදුවීම හරහා සමාජයම අවබෝධ කරගෙන තිබිණ.

අනිත් අතට ඕනෑම බොරුවක් විකුණා ගත හැකි පාරිභෝගික කණ්ඩායමක් අද වන විට සමාජ ජාලා වල රස්තියාදු ගසමින් සිටින බව  ඔවුන් පසුගිය කාලය පුරාම ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගෙන තිබිණ.
ජනාධිපති වැය ශීර්ෂය කෝටි දස දහසකට කිට්ටු ගණනකින් "අඩු කළා " ‍යැයි මැජික් පෙන්වමින් ,  එමෙන්ම රත්තරන් අශ්වයින් , හෙලිකොප්ටර් ලැබොගිනි ආදිය අවශ්‍යය අවස්ථාවල මවමින් ක්ෂණිකයකින් අතුරුදහන් කරමින් ඒ මැජික් සෙල්ලම තව දුරටත් සමාජයම පුදුම කර තිබුන.  එවැනි ඕනෑම ව්‍යාජයකින් ඇන්දිය හැකි පුළුල් සමාජ තීරුවක් 'මධ්‍යම පන්තිය පළල් වීම' නැමති ක්‍රියාවලිය හරහා නිර්මාණය වී ඇති බව ඉතා නිවරදිව මේ මඩ ඔස්තාර්ලා අවබෝධකරගෙන තිබේ.  [ මෛත්‍රීපාලනයෙන් ජනාධිපති වැය ශීර්ෂය කෝටි නම දහස් හත්සිය පණහකින් පමණ අඩු කලා යැයි යහපාලන ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ව්‍යාජයක් බව කී දෙනෙක් නම් දනීද? තවමත් කී දෙනෙක් එම ව්‍යාජය ව්‍යාජයක් බව නොදනීද? ජනාධිපති සිරිසේන මහතාම රූපවාහිනී නාලිකාවක් ඉදිරියේදීම මේ රජ කෙප්ප කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කරද්දී අනිත් සොක්කන් ගැන කුමන කතාද. ]

ඉතින් එවැනි වටපිටාවක ස්ත්‍රී දූෂකයා මුලික කර ගනිමින් මඩ ප්‍රහාරයට මොහොතක් පසුබට නොවී ඉක්මනින් ක්‍රියාත්මක වී තිබිණ. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණ සමයේ සහ ජනාධිපති වීමෙන් පසුවද ඇගයුමට ලක් කල මෛත්‍රීවේශයෙන් මඩම ගසන ෆේස්බුක් අඩවි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල  ෆේස්බුක් ගිණුම පවා මේ පාහර ක්‍රියාවලියට නොමසුරුව දායක කර ගැනිණ. දස දහස් ගණනින් Shares සහ Likes සමග ලෝකය පුරා ක්ෂණිකයකින් පුවත පැතිරී ගියේය.  
"වියත් දැනුවත්" ජනතාව කිසිඳු සෙවිල්ලකින් බැවිල්ලකින් තොරව යහමින් මේවා ෂෙයාර් කර තිබුණි.
[මේ ලියුම්කරුගේ උගත් ඉංජිනේරු මිත්‍රයන් කිහිප දෙනෙකුම මෙය එලෙස තම ගිණුම හරහා ප්‍රචාරය කර ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතදාරීන්ට ඔච්චම් කර තිබුණේ "මෝඩ බයියොන්ට පේන්න ෂෙයාර් කරමු " යන කැප්ෂනයද සමගිනි.  ]  එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර නැමැත්තාද කිසිදු හිරිකිතයක් නැතිව පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී  මේ සමාජ ජාලා මඩ ප්‍රචාරය පිළිබඳ ආඩම්බරයෙන් දීර්ඝව විස්තර කරනු දුටුවෙමි.

මේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ක්‍රියාත්මක නිල නොවන ෆේසු බුක් පිටුව  ඒ පුවත වාර්ථා කර තිබූ ආකාරයයි.




























එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව එම පුවත පළ කල ආකාරයයි මේ.

ෆේස්බුක් මාධ්‍ය තුල දෛනික පඩි ලබන කුලීකරුවන් මේ වන විට ක්‍රියාත්මක බව ප්‍රකට රහසකි. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සමාජ ජාලා තුල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් සමග අරලිය ගහ මන්දිරයේ තිබූ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ස්ත්‍රී දූෂණය තම දේශපාලනය සඳහා යොදාගනිමින් සිටීම ලැජ්ජාවට කරුණක් බවයි.
ඒ රාජපක්ෂ මහතා උතුරේ පොලිසියට සහ උසාවියට පහර දීම අනාගත ව්‍යසනයක් වීමට ඉඩ ඇතැයි පල කල අදහසටයි. 
රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රකාශය කරන කණ්ඩායම තුලද මේ තිරිසන් ප්‍රචාරණයට හවුල් වූ කී දෙනෙකු සිටියේද?




























දේශපාලනඥයන් අරභයා මඩ අවලාද නගනවා ප මීට කලින්ද දැක ඇත්තෙමු. නමුත් මෙහිදී සිදූවී ඇත්තේ කුමක්ද. මේ ස්ත්‍රී දූෂකයකු ලෙස හංවඩු ගසා ඇති අහිංසකයා දැනට ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ

මේ එම ව්‍යාජ ප්‍රචාරණයට එරෙහිව ඔහු හඳුනන හිතවතෙක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. 
"එම පුද්ගලයා වෙන කිසිවෙක් නොව මේ මොහොතේත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින ''ස්විස් රංජන්'' නැමැති ශ්‍රී ලාංකිකයායි. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රංජන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගිය අතර ඔහු යාපනයේ සිටියදී ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. විදේශගතව සිටියදීත් ඔහු සිය දේශපාලන කටයුතුවල යෙදුන අතර. දමිළ ජනයාටත් මහා පිළිකාවක් වී තිබු ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අවසන් කල 2009 අවසාන සටන සමයේ ශ්‍රී ලංකාව තුල ඒ සදහා බල කෙරෙන ජාතික සංවිධාන නිර්මාණය වුවා හා සමානවම රන්ජන් විසින් ස්විස්ටර්ලන්තයේ Gtv නම් දෙමළ සංවිධානය සාදාගනිමින් විදේශගතව නැගෙන Ltte හඩට පිළිතුරු ලබාදුන්නේ සැබෑ ශ්‍රී ලාංකිකක් බව පසක් කරමිනි.
ඔහුගේ ගිණුම මෙයයි - https://www.facebook.com/swiss.ranjan.1
"
 ඊට අමතරව මේ රන්ජන් නැමැත්තාද තම ෆේස්බුක් ගිණුම හරහා මේ මඩ ප්‍රචාරයට එරෙහිව දෙමළ බසින් තම අදහස පළ කර තිබුණි.

ස්ත්‍රී දූෂණයට සිතුවිල්ලකින්වත් දායක නොවූ මෙවැනි අහිංසකයෙකු ගස් බැඳ තිබෙන ව්‍යාජ ඡායාරූපයක් සමග ස්ත්‍රී දූෂකයෙකු ලෙස හංවඩු ගසා ලෝකය වටා ප්‍රචාරය කිරීමේ ජඩ විකෘති 'යහපාලන' සමාජ ජාලා භාවිතයේත්  , පාපතරයන් නම දෙනෙකු වින්ද්‍යා දියණිය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමූ විකෘති මානසිකත්වයේ වෙනසක් නැත. උතුරේ පාපතරයක් වින්ද්‍යා දූෂණය කරද්දී දකුණේ සිට යහපාලන වෙළෙන්දන් වින්ද්‍යා මෙන්ම රංජන්ලාද එකවර දූෂණය කර ඔවුන්ගේ අත්මය මරා දමා තිබේ.

ඔහුගේ මානව හිමිකම් වෙනු වෙන්පෙනී සිටීමට අලුත් පරපුරේ 'ලැබ්බෝගිනි නළුවන්වත්' , යහපාලන වෙළඳාමට "බුද්ධිමය" දායකත්වය සපයන ආචාර්‍යය නිර්මාල්ලාගේ පරපුරවත්  , නිරමාල්ට ටොක්කක් ඇන්න විට කොටුවේ පිකටින් කල කිසිවෙකුවත් ඉදිරිපත් වේද?

අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ එක පැනයකි..
මහත්වරුණි අපි මෙසේ බොරුවෙන්ම තව කොතරම් දුරක් යමුද?

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/14/2015

ශ්‍රීලනිපයත් රටත් වනසන 'ජාතික ආණ්ඩු' මර උගුල

කතෘ:යුතුකම     5/14/2015   No comments
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  ප්‍රකාශ කර තිබුණේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුවද පිහිටුවන්නේ යූඇන්පී- ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් බවයි. (සිරිසේන මහතා එය හඳුන්වා තුබුබේ හවුල් ආණ්ඩුවක් ලෙස නොව ජාතික ආණ්ඩුවක් ලෙසයි. නමුත් ඒ ප්‍රකාශයේ කිසිඳු තේරුමක් නැති බැවින් අපි එය හවුල් ආණ්ඩුවක් ලෙසම නම් කරමු )

ශ්‍රීලනිප ඇමතිවරු සහ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු එකම වේදිකාවේ සිටින අයුරු ආස්වාදයෙන් පැහැදිලි කළ සිරිසේන ජනාධිපතිවරයා එය වේදිකාවට පමණක් සීමා විය යුතු නැති බවත් එය ඉදිරි ආණ්ඩුව කරාද ගෙන යා යුතු බවද පැවසීය. බලය වෙනුවෙන් කල්ලිවලට බෙදීම වෙනුවට රට වෙනුවෙන් එක්වීම වැදගත් බවද ජනාධිපතිවරයා යෝජනා කළේය.

ව්‍යාජ  මෛත්‍රීකරණය

බැලූ බැල්මට පරිනත සවරූපයෙන් යුතු මේ යෝනජාව සැබෑවටම සිරිසේන ජනාධිපතිවරයාගේ සිත තුල උපන් අහිංසක මෛත්‍රී සහගත සිතුවිල්ලකද? එජාප ශ්‍රීලනිප හවුලක් වෙනුවෙන් කැපවීම සාම්ප්‍රදායික පටු සිතිවිලි අභිබවා ගිය දාර්ශනික හැසිරීමක්ද?  අන්තර්ජාල සමාජ ජාලා වලින් දේශපාලනය ඉගෙන ගන්නා , ලංකාව පහළ වූයේ 2005න් පසුය වැනි අවබෝධයක සිටින 'වියත් තරුණ' පරපුරට නම් මේ සුරංගා කතාවල වටිනාකමක් පෙනුනත් සිරිසේන මහතාගේ මේ කතාවේ සැබෑවටම අරුතක් ඇත්ද?
 
අප දන්නා තරමට නම් ඔහු මහවැලි ඇමතිවරයා ලෙස ක්‍රියාකල අවධියේ කම්කරු රැකියාවකටවත් ශ්‍රීලනිප නොවන එජාප පාක්ෂික අහිංසකයෙකුටවත් අවසථාවක් නොදීමට තරම් එතුමාගේ මෛත්‍රිය දසත පැතිරී තිබිණ. ඒ පිළිබඳ එකල මහවැලිය සමග සම්බන්ධ සියළු දෙනා සාක්ෂි සපයනවා ඇති. එවකට සිරිසේන මහතාට යූඇන්පිට ඒ තරමට වහකදුරු විය. අහිංසක යූඇන්පී පාක්ෂිකයා පවා වහ කදුරු විය. අද බලය වෙනුවෙන් කණ්ඩායම් ගැසීම ගැන බණ දෙසන්නේ ඒ සිරිසේන මහතාමය. මේ වෙස් පෙරළිය සිදුවූ ඉක්මන සහ කෘතීම ආකාරය නිරීක්ෂණය කරද්දී සැබෑවටම සිරිසේන මහතාගේ මේ මෛත්‍රීකරණය වීම වෙනකක් නිසා නොව හුදු තමන්ගේ බල ලෝභය සංසිදුවා ගැනීමේ ඉතා පටු අවශ්‍යතාවය වෙනුවෙන්ම සිදුවූවක් ලෙස තේරුම් ගැනීම වඩා සාධාරණය.

'ජාතික ආණ්ඩුව' කුමක් සඳහාද?

පක්ෂ ලෙස නොබෙදී සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි සිරිසේන මහතා යෝජනා කරන්නේ කුමක් සඳහාද?

අද එලෙස එක්ව විසඳිය යුතු හදිසි ප්‍රශ්නය කුමක්ද? සිරිසේන මහතාම ඒ කොටසටත් අපට පිළිතුරු සපයන්නේ නම් මැනවි. එදා තිස් වසරක කොටි ත්‍රස්තවාදය පරදවන අවසන් මොහොතේවත් එවැනි එකමුතුවක් ඇති වීද? එකල එවැනි ඉල්ලීම් කොතෙක් පාලක පාර්ෂවයෙන් පැමිණියත් ඒවායින් කට්ටි පැන ගියේ කවුද?  එපමණක් නොව යුද්ධයේ අවසන් අදියර යද්දී පවා එයට අවමන් කරමින් සමච්චල් කරමින් එය පරදින තුරු ඇඟිලි ගැන්නේ කවුද? සේවකයන් ලක්ෂ ගණනින් පාරට බස්සවා අවසන් සටන වැඩ වර්ජන හරහා දිය කිරීමට උත්සාහ කලේ කවුද?

එවැනී අතිශය තීරණාත්මක අවදියේදී පවා ජාතික ආණ්ඩු නිර්මාණය වූයේ තබා අඩුම තරමින් පැවති ආන්ඩුවට වත් පවතින්නට ඉඩ දුන්නේද? එහෙවු කණ්ඩායම් වල උවමනාවට අද ජාතික ආණ්ඩු බිහි කරන්නට කැස කවන්නේ සද්භාවයෙන් ද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නදැයි යන කියමන සිගි වන්නේ මෙවැනි අවස්ථාවලය . කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් නිර්මාණය නොවුනු ජාතික ආණ්ඩු වලිප්පුවක් ඇති වීමට තරම් අද අප පෙළන හදිසි ව්‍යසනය කුමක්ද?

සිරිසේන මහතා තම කතාව තුලදී ඔහු යෝජනා කරන ආණ්ඩු මොඩලය ඇති වීම දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති නූතන රාජ්‍යක ලක්ෂණයක් බවද පවසන්නේ ආඩම්බරකාර හසරැල්ලක් කට කොනකට නගා ගනිමිනි. නමුත් ඊයේ පෙරේදා මහමැතිවරණයක් පැවැත්වූ සිරිසේන මහතාගේ පතිරූප පාලනය පවතින බ්‍රිතාන්‍ය තුල මැතිවරණයටද පක්ෂ කිහිපයක් තරඟ කළ බවද එයින් කැමරන්ගේ නායකත්වයෙන් යුත් කොන්සවේටිව් පක්ෂය ජය ගත් බවද දුටුවෙමු. වැඩි ආසන ගණනක් හිමිවූ කැමරන් අගමැතිධූරය දරමින් කොන්සවේටිව් ආණ්ඩුවක් පිහිටුවනු මිස කම්කරු පක්ෂයට ජාතික ආණ්ඩුවකට ආරාධනා කල බවක් අප නොදුටුවෙමු.
ආර්ථික අවපාතයේ කරවටක් ගිලී ගිය පසුගිය වකවානුවල පවා බ්‍රිතාන්‍යයේ එවැනි ජාතික ආණ්ඩු කතා ඇති නොවූයේ ඒවා අප රට තරම් නූතන දේශපා
න සංස්කෘතියක් බිහි වී නොමැති නිසාද? එය එසේ වී නම් අත් මේස් නැතිව රැජිණ හමුවූ අවස්ථාවේදී සිරිසේන මහතාට අවශ්‍යනම් ශ්‍රී ලංකාවෙන් ජාතික ආණ්ඩු පිළිබඳ පුහුණු සැසියක් පැවැත්විය හැකි යැයි යෝජනා කරන්නට තිබිණ.
[ඒ රටවල් බොහෝ විට ජාතික ප්‍රතිපත්ති මත ශක්තිමත් වූ පාලනක්‍රමයකට හුරු වී ඇති නමුත් මෙවැනි ජාතික ආන්ඩු ව්‍යාජවල පැටලෙන්නේ නැත. ]
බ්‍රිතාන්‍ය පමණක් නොව අද වන විට එලෙස ජාතික ආණ්ඩු නිර්මාණය වී ඇති නූතන දේශපාලන සංස්කෘතියක් සහිත රාජ්‍යන් මොනවාද යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ අග්‍ර පුර්‍රෝහිත සියල්ල දත් දන්ත වෛද්‍යතුමාගෙන් වත් අසා අපට පවසන්නේ නම් යෙහෙකි.

මෛත්‍රී වේශයෙන් එන ව්‍යාජයට හසු නොවෙමු

මෛත්‍රීපාල සිරිසේන මහතා ආයාසයෙන් මවාගෙන සිටින ස්වරයෙන් කෙතරම් වැල් බයිලා ගැසුවත් ජාතික ආණ්ඩු යෝජනාව එන්නේම එක් පසකින් ශ්‍රීලනිප සභාපතීත්වය පැහැරගත්තත් තවමත් එහි බලය තහවුරු කරගැනීමට ඔහු අසමත්ව සිටින නිසාය. එලෙස බලය තහවුරු කර නොගත් වටපිටාවකදී ශ්‍රීලනිප ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට ඔහු අසමත් වන නිසාය.

අනෙක් ප්‍රධාන කරුණ නම් ජාතික ආණුව ජනාධිපතිධූරය ලබාදීමට මෛත්‍රී ගෙවන කප්පමේම කොටසකි. ඔහුට ජානාධිපති ධූරයට වරම් ලැබෙන්නේම ඒ පූර්ව කොන්දසිය පිටයි. ඉන් එහා යමට අන් අයට 'වහලා වහලා' යැයි අවලාද නගන සිරිසේන මහතාට නොහැකිය. ඒ ඔහු පත්වී ඇති නිවට වහල්භාවයේ දිග පළලයි. ඒ හරහා ශ්‍රිලනිපය තව කාලකයකට බලයට පැමිණිය නොහැකි අයුරින් දියාරු කර හැරීම මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ඒම වැලැක්වීමද වේ.  ඒ දෙකම ජනාධිපතිධූරය ලබා දීම වෙනුවෙන් සිරිසේන මහතා චන්දටට කලින් පොරොන්දු වූ දේශපාලන අල්ලස් ගොන්නට අයත්ය. ශ්‍රීලනිප බලයේ පවතින බහුතර පලාත් පාලන ආයතන එජාපයට අවශ්‍ය පරිදි විශේෂ කොමසාරිස් වරයෙකු යටතට පවරා ශ්‍රීලනිප යේ කොන්ද කඩන්නේ ඒ අල්ල්ලස් මල්ලේ අවසන් කොටසට උත්ප්‍රේරකයක් වශයෙනි.ඒ ශ්‍රීලනිප ය වනසා තව කලකට ඔලුව ඉස්සිය නොහැකි ලෙස අඩපණකර යූඇන්පී ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහගේ දෝතට ලබාදීමටය.

එමෙන්ම උතුර හා නැගෙනහිර සඳහා ඊළමට පාර කපන අසමමිතික බලය බෙදීමක් දක්වා රට තල්ලු කිරීමටත් එයට බාධක වෙන උතුරේ ආරක්ෂක කලාප හමුදා ස්ථානගතකිරීම් බෙදුම්වාදය ශක්තිමත්වන දිශාවට වෙනස් කිරීමත් ඒ සඳහා අනුබල දෙන බෙදුම්වාදී මනෝභාවයක් සමාජයේ ඇති කිරීමත් මේ ජාතික ආණ්ඩු මර උගුලේ අනෙක් ප්‍රධාන ඉලක්කයයි. මේ බටහිර උපාය අද ඊයේ ඇති වූවක් නොවේ . එවකට චන්ද්‍රිකාගේ රනිල්ගේ ආණ්ඩු කාල වලදී මනෝ මලික් සාකච්චාවල මෙන්ම ලියම් ෆොක්ස් ගිවිසුම හරහාද කරළියට ආවේ එයයි. උතුර හා නැගෙනහිරට දෙමළ බ්දුම්වාදය ශක්තිමත් වන පන්නයේ විසඳුමක් දීම ශ්‍රීලනිප මෙන්ම එජාප ආණ්ඩුවකට තනිව කල හැක්කක් නොවේ . එක් පාර්ශවයක් එයට උත්සාහ කරන විට අනෙක් පාර්ශවය එයට එරෙහි වේ. ඉතිහාසය පුරාම එයට සාක්ෂි සැපයේ. පක්ෂවල නායකත්වයන් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම හරහාවත් ඒ ගැටලුව විසඳ ගැනීමට බටහිරයනට නොහැකි විය. ජාතික ආණ්ඩු අදහස කරළියට එන්නේ එවැනි වටපිටාවකය . කිසිවෙකු විරුද්ධ නොවන වටපිටාවක සිට වෙනම ඊළමක් බිහි කිරීමේ මුල් පියවර වන අසමමිතික බලය බෙදා හැරීම එහි අවසන් ව්‍යසනයයි.

එබැවින් දිය රෙද්දෙන් ජාතියේ බෙල කැපෙන ජාතික ආණ්ඩු මර උගුල තිඹිරි ගෙයිදීම පරාජය කල යුත්තේ එබැවිනි. එලෙස ජාතික ආණුවක් සාදන්නේ නම් ඔවුන් යෝජනා කරන වෙන් වෙන්ව තරඟ කිරීමක් අවශ්‍ය වන්නේත් නැත. එක් සළකුණකින් චන්දය ඉල්ලා 'අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ' කියා ප්‍රීතියෙන් ජාතික ආණ්ඩු සව්දිය පිරිය හෑක. එසේ නොකර වෙන වෙනම මැතිවරණයට තරඟ කර ඉන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ජනතාව ගොනාට ඇන්දවීමක් පමණි. එබැවින් ඒ බොරුවට හසු නොවෙමු. සිරිසේන මහතාට තමා බලහත්කාරයෙන් කූට ලෙස අත්පත්කර ගත් ශ්‍රීලනිපය ජයග්‍රහණය කර එහි ආණ්ඩුවක් බිහි කර ගැනීමට කොන්ද පණ නැත්නම් වහාම අත්පත් කරගත් ශ්‍රිලනිපය කරගත ගැකි අයකුට පවරා තමාට හිමි වහල් මනසින් යුතුව එජාපය සමග එක්විය හැකිය.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/11/2015

මොණර මන්දිරය හා යහපාලන මොණර නැටුම

කතෘ:යුතුකම     5/11/2015   4 comments
මොණර මන්දිරයක් පිළිබඳ මීට මාස කිහිපයකට පෙර පොදු සමාජයේ බහුතරයක් දෙනා අසා තිබුණේ නැත. හිටපු ජනාධිපතිවරයා මෑතකදී එහි පදිංචියට පැමිණෙන බවට කතා බහක් පැතිරෙත්ම මන්දිරය පිළිබඳවද කතා වන්නට විය. 
මෙහිදී විශේෂයෙන් සිහි කරගත යුතු කරුණ නම් හිටපු ජනාධිපතිවරයාට මෙසේ තැන් තැන් වල තාවකාලික නවාතැන් සොයන්නට සිදුව ඇත්තේ මෛත්‍රී -රනිල්- චන්ද්‍රිකා ආණ්ඩුවට දින 150 කුත් ඉක්ම යද්දීත් ජනාධිපතිධූරය දැරූ තැනැත්තෙකුට නීත්‍යානුකූලව හිමි වන නිල නිවස තවමත් ලබා නොදීමේ දේශපාලන පළිගැනීම නිසා බවය. ඒ ඔවුන්ගේ ඇගේ වෛරයේ ස්වභාවයයි.

හිටපු ජනාධිපතිව
යාට කොළඹ ස්ථානගතවන්නට ස්ථානයක් නොවූ බැවින් ව්‍යාපාරිකයෙකු වන ඒ.එස් පි. ලියනගේ මහතාට හිමි දියවන්නාව අසල ඇති මොණර මන්දිරය නම් වූ දැවැන්ත නිවහන ස්ව කැමැත්තෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණයට ලබා දෙන බව ලියනගේ මහතාම ප්‍රකාශ කළේය. ඒ අනුව පසුගිය මස හිටපු ජනාධිපතිවරයා එහි පදිංචියට යන බවට ආරංචි පැතිරිණ. නමුත් හදිසියේම සියල්ල අවුල් වීය. ස්වකැමැත්තෙන්ම තම නිවස පරිත්‍යාග කරන්නට සූදානම්ව සිටි එහි හිමිකරු එක රැයකින් අංශක 180ක් කනපිට ගැසී තිබිණ.

ඒ සමගම මාධ්‍යට අදහහස් පළකළ ඔහු පවසා සිටියේ තමන් කලින් දැරූ අදහස වෙනස් කරගත් බවයි. එහිදී ඔහු තව දුරටත් පැවසුවේ තමන් ව්‍යාපාරිකයෙකු බවත් තමන් එම ව්‍යාපාරවලට මෙන්ම තමන්ගේ ජීවිතයටත් ආදරය බැවින් මේ පරිත්‍යාගය සිදු කල නොහැකි බවයි. තමන් ඒ වෙද්දී බියට පත්ව සිටින බවද ඔහු පැවසීය. නමුත් ඒ කුමකටදැයි කාටදැයි  තමන් බිය වැද්දුවේ කවුදැයි ඔහු ප්‍රසිද්දියේ පැවසුවේ නැත. මාධ්‍යවේදීන්ද ඔහුගන් නිකමටවත් ඒ ගැන නොවිමසුවේ අද ඇත්තේ 'යහපාලනයක්' 'මෛත්‍රීපාලනයක්' බැවින් විය හැක.
 
ඒ.එස්.පී හිමිකරුවාට ජීවිත භය ඇති කලේ කවුද?

ඒ පිලිබඳ නැවත තහවුරු කිරීමක්  පසුගිය සතියේ ලියනගේ මහතා විසින් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සමුඛ සාකච්චාවකදී ප්‍රකාශ කෙරින. එහිදී ඔහු පවසන්නේ මොණර මන්දිරය හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණයට දීම ආපස්සට හැරවෙන්නේ ඊට කලින් දින යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා සමහ ලියනගේ මහතා පැවැත්වූ සාකච්චවකින් පසුව බවයි. ඒ වෙන කිසිවෙකු නොව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීමට පොදු අපේක්ෂක මෙහෙයුම කරට ගෙන ක්‍රියා කළ එහි පෙරගමන් කරුවකු වූ රාජිත සේනාරත්න මහතාය.

ලියනගේ මහතා කලින් දිනයක පැවසූ තමන්ගේ ව්‍යාපාර සහ ජිවිත පිළිබඳ බිය ඇතිවී ඇති තැන දැන් ඕනෑවටත් හොඳින් පැහැදිලිය. ඒ ඇමතිවරයාට ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ 88-89 යුගයේදී ප්‍රා සංවිධානයට බිලි වූ තරුණයන්ගේ විලාප හඬ දෝංකාර දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ පවත්වාගෙන  ගිය ප්‍රා වදකාගාරය සාක්ෂි දරනවා ඇත. අද ඔහු මෛත්‍රීපාලනයේ  අග්‍ර පුරෝහිත ධූරයක් දරයි...
මේ යහපාලන යුගයයි. මෛත්‍රී වේශයෙන් එන යහපාලන ව්‍යාජයේත් මෛත්‍රී වේශයෙන් එන දේශපාලන වෛරයේත් පැහැදිලි සලකුනක් මොණර මන්දිරය හරහා සටහන් වී අවසන්ය.

එක් පසකින් ජනාධිපතිධූරය දැරූවකුට නීත්‍යානුකූලව හිමිවන නිල නිවස ලබා නොදීම හරහාත් අනෙක් පසින් බාහිර පාර්ෂවයක් හරහා ඇබුණු අවස්ථාව දේශපාලන බල
හරහා ත්‍රස්ත කිරීමෙන් නිහඬ කල ත්‍රාඩ හැසිරීම මෛත්‍රි පිරුවටයෙන් වසා ගෙන සිටීම හරියට මොණර නැටුමට සමානය. මොණර නැටුම නටද්දි මොණරා ඉතා ආකර්ශනීයව පිටට පෙනෙන්නට නැටුවද පිටුපසින් බලන්නෙකුට මොණරාගේ නිරුවත් පශ්චාත් භාගය හොඳින් පෙනේ. මොණර මන්දිර සිදුවීම හරහා තහවුරු වූයේ මෛත්‍රීය ,සාධාරණය ,පිවිතුරු බව වැනි අකර්ශනීය පිල් විහිදා නටන යහපාලන මොණර නැටුමේ යථා ස්වභාවයයි.
-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/10/2015

විල්පත්තුවෙන් ඔබ්බට.....

කතෘ:යුතුකම     5/10/2015   3 comments
විල්පත්තු වන සංහාරය අද ඊයේ අරඹුනක් නොවේ. එදා ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ දේශපාලන බලය බුල් ඩෝසර බවට පත් වෙමින් දීඝවාපි බුද පුද බිම සමතලා කරමින් වනසා දැමුවේ කෙසේද , එලෙසම රිෂාද් බදියුදීන්ගේ උද්ධච්ච දේශපාලන බලය විල්පත්තුව වනසමින් තිබේ. ඒ අද ඊයෙක සිට නොවේ. එය දැන් වසර පහ හයක සිට පමණ සිට ක්‍රමයෙන් සිදුවන්නකි. අද එය මෛත්‍රී මුද්‍රාව යටතේ සිදු වුවත් එදා එයම එලෙසම එවකට රිෂාද් බදියුදීන්ගේ දේශපාලන සහෝදරයා වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා සෙවනේ සිදු විය.
වන සංහාරය සිදු වෙමින් ඇත්තේ යලි පදිංචි කිරීමේ බෝඩ් ලෑල්ලට මුවා වී නීති පොත් වල ඇති විල්පත්තු රක්ෂිතයේ නීතිමය සීමා දඩමීමා කරගනිම් . නීති පොතේ සීමාව කොතන තිබුණත් ඇස් කන් ඇති සිහි බුද්ධියක් ඇති  ඕනෑම අයෙකුට මේ කරමින් තිබෙන්නේ මහ පොළව නුහුලන අපරාධයක් බව වැටහෙනු ඇත. මේ අපරාධය පිළිබඳ පසුවී හෝ සමාජ කතිකාවතක් ඇරඹීම සුභ නිමිත්තකි. මේ ජඩ දේශපාලකයන් ජාතිවාදී ලෙස මුස්ලිම් චන්ද කුට්ටිය පෙන්නා පාලකයන් නිවටයන් සේ බිය වද්දවා කරමින් තිබෙන විනාශය වැලැක්විය හැක්කේ එවැනි සමාජ ක්‍රියාකාරකම් මගින් පමණි.

විල්පත්තුවට මේ කෑ ගහන්නේ කවුද?

විශේෂයෙන් සමාජ ජාලා සහ අන්තර්ජාල මාධ්‍ය හරහා මූලික වශයෙන් ගොඩ නැගී ඇති විල්පත්තු විනාශයට විරුද්ධ කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය.

- සැබෑ ලෙසම පරිසරයට ආදරය කරන පරිසරවේදීන් පරිසර සංවිධාන සහ මේ ජාතිවාදී දේශපාලන ත්‍රස්තවාදයට එරෙහි සාමාන්‍ය ජන විඥ්ඥානය සහිත කොටස්.
- විල්පත්තුව තම මඩිය තර කරගැනීමේ තවත් ව්‍යාපෘතියක් බවට පත් කරගත් පරිසරවේදී වෙළෙන්දන්.
- විල්පත්තුව හරහා මුස්ලිම් විරෝධය අවුළුවාගත හැකියැයි සිතන අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
- යහපාලන වෙස්මුහුණ තව දුරටත් අලෙවි කරගන නොහැකිව තමන් අතින් ගිලිහී යමින් තිබෙන ජනතා අවධානය (විසේෂයෙන් සමාජ ජාලා තුල ) නැවත වටයකින් ඩැහැ ගැනීමට වෙර දරන අවස්ථාවාදීන්.
- ජාතික ආරක්ෂාව , විදෙස් අත පෙවීම් ආදිය හරහා රට තුල ඇති සැබෑ දේශපාලන වියවුල පිළිබඳ ජනතා අවධානය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණ ඇති දේශපාලන කොටස්.
  
මෙහි පළමුවෙන්ම සඳහන් කර ඇති කණ්ඩායම පිළිබඳ අපට ඇත්තේ ගෞරකපූර්වක හැඟීමකි. ඒ ජනතා හඬ කුළු ගැන්වීමට කල හැකි සියල්ල කල යුතුය.

නමුත් මෑත කාලයේ සිහින වංකගිරි තුල ජනතාව අතරමං කල, අද වන විට දේශපාලන ලෙස යන මගක් පැහැදිලිව නැතිව අතරමංවී ඇති දේශපාලන කොටස් මෙන්ම අනාගත බල සිහින වෙනුවෙන් ජනතාව නොමගට දක්කාගෙන ගිය සිංහ හම පොරවාගත් වෘකයන් මේ විල්පත්තු සිදුවීම දඩමීමා කරගනිමින් නැවත කරලියේ රඟන්නට සූදානම් වෙමින් සිටිනු පෙනේ. විසේෂයෙන් සිංහලයාට ද්‍රෝහී වූ කරුම පක්ෂ වල උද්ධච්ච නායකයන් නැවතත් සිංහලයා රවටා කොඩිය තමන් අතට ගැනීමට දරන උත්සාහය සිහි නුවණින් අවබෝධ කර නොගතහොත් රෑ වැටුණු වලේ දවල්ද වැටී අඬු කඩා ගැනීම නියතය.

සමාජ ජාලා තුල විල්පත්තු විරෝධී කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හතු පිපෙන්නාක් මෙන් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන්නේ ඉතා ක්ෂණිකව ඉතාමත් කෘතිම ආකාරයටය.

කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් මතයකින් වත් එක් නොවූ සමහර කොටස් 'විල්පත්තුව' වෙනුවෙන් බෙල්ල දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇයිද යන්න විමසිලිමත්ව කල්පනා කල යුතුය. "ඕන එකෙක් ආවම මොකද. විරුද්ධ වෙනවනම් ඒ ඇතිනේ. මොකා උනත් කමක් නෑ" යනුවෙන් ක්ෂණික සිතුවිල්ලක සිර වුවහොත් නිසැක ලෙසම විල්පත්තුව පමණක් නොව අවසානයේ සියල්ලම අහිමි වනු නියතය.

රට පාවා දී විල්පත්තුව රැකීම..

එදා උතුර හා නැගෙනහිර ඇතුළු ලංකා භූමියෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3ක්  කොටි ත්‍රස්තවාදයට බුක්තියට ලියා දුන් සහ ඒවා හ්ම්ම් සද්දයක් නැතිව අනුමත කර සහය දුන් දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ විපත්තුව වෙනුවෙන් හෙලන කඳුළු කිඹුල් කඳුළුමය.
එමෙන්ම අද ජෝන් කෙරීලා , නරේන්ද්‍ර මොඩිලා මෙරට තමන්ගේ යටත් විජිතයක්  , තවත් දේශපාලන කොළනියක් බවට පත් කරගැනීමට එළා ඇති දැලේ පැටළී ඒ දේශපාලන ක්‍රියාවලිය මෛත්‍රියෙන් ඉවසන කොටස් විල්පත්තුව වෙනුවෙන් සරම කරට ගෙන කරන රඟපෑමේ ඇති ව්‍යාජය  , කෘතීම බව නොබියව හෙළි කල යුතුය. 
රට විකුණා හෝ රට පවාදී විල්පත්තුව රැකීමෙන් පළක් නැත. මේ මුළු ක්‍රියාදාමයම සංගතව එක් දිශාවකට යොමු විය යුතුය.  විල්පත්තු , කුරගල  ,සාම්පූර් , පලාලි ආදී මේ සියලු සිදුවීම් නිසි පරිමාණයට ඒකමිතිකව ගැනීම මිස එකක් පරිමාණය ඉතා විශාල කරමිනුත් අනෙකේ පරිමාණය  ආසාමාන්‍ය ලෙස කුඩා කරමිනුත් මේ කරන සෙල්ලම ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් අවබෝධ කර නොගතහොත් විල්පත්තුව පමණක් නොව රටේම නිදහස සහමුලින්ම වැළලෙන දිනය ඉතා ඉක්මනින් එළඹෙනු ඇත.

කළ යුත්තේ කුමක්ද?

විල්පත්තු ව්‍යසනයට විරුද්ධව නැගිටීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපගේ අරෝවක් නැත. නමුත් එම විරෝධය හයි ජැක් කර විල්පත්තුව රැක ගැනීම වෙනුවට තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් විල්පත්තුව යොදා ගැනීමට තටමන අවස්ථාවාදී කණ්ඩායම්වලට කිසිඳු ඉඩක් නොතිබිය යුතුය. හලාල් විරෝධය වැනි සැබෑ මහජන අභිලාෂයන් හයි ජැක් කර දෝහී  බල ව්‍යාපෘතිවල ආයෝජනය කළ මෑත කාලීන උදාහරණ අපට ඒ සඳහා පාඩමක් වනු ඇත. අවසානයේ හලාල් විරෝධී සිංහ හම පොරවාගත් වෘකයන් හලාල් වී හලාල් විරෝධී නැගිටීම පරාජයට පත් විය. වෘකයන්ට අහිමි වී ගිය ඇමතිධූරය නැවත ලැබීම පමණකින් සැහීමකට පත් විය.

එබැවින් විල්පත්තුවට ඉහළින් නැගෙන විල්පත්තු රැකගැනීමේ ජනතා ධජය සතුරන් , අවස්ථාවාදින් අතට පත් වීමට ඉඩ නොදී එය විල්පත්තු , කුරගල  , සාම්පූර් , පළාලි ඇතුලුව මුළු රටම රැක ගැනීමේ කොඩිය සමග එකට ළෙලදීමට සැලැස්වීම සබුද්ධික ජනතාවගේ වගකීමකි.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/22/2015

මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂමට කැඳවනු... !

කතෘ:යුතුකම     4/22/2015   1 comment
යහපාලනවාදී මෙගා චෝදනා

ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ "පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා " යන්නයි. එකල යමෙකුට ඒ ප්‍රචාරණ යාන්ත්‍රණයට හසු නොවී ඊට විරුද්ධ මතයක සිටීමට නම් ඉමහත් ධෛර්‍යයක් අවශ්‍යව තිබිණ. විශේෂයෙන් උගත් වියත් යැයි ආඩම්බරයෙන් කියන සමාජ කලාපය තුල මේ බලපෑම ඉතා දැඩිව තිබුණි. කොටින්ම හොරා කෑමේ සංකේතය බවට මහින්ද රාජපක්ෂ පත් කරන්නට 'උගත් වියත්' සමාජය හරහා හඹා යෑමට නිර්මාණය කර එවූ 'යහපාලන' සුනාමියට හැකි විය.
ඊට සාක්ෂි සාධක කියවීම් කිසිවක් අවැසි නොවීය. බුදුන් වහන්සේගේ සමයේ ඒහි භික්ෂු බාවයෙන් භික්ෂූත්වය ලැබූ ආකාරයට මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කරන සැනින් ඔහු අන්ත දූෂිතයෙක්, හොරෙක් , මං පහරන්නේක්ගේ තත්වයට පත් කර තිබිණ. මේ දරුණු දුෂ්ඨ අසාධාරණ මතවාදී ප්‍රහාරය හමුවේ  ( විශේෂයෙන් උගත් වියත් යැයි සම්මත )  බොහෝ දෙනා රාජපක්ෂ පිල අත් හැරීය. ඒ අත්හැරීම උතුරු නැගෙනහිරින් ලද අසාමාන්‍ය චන්ද ගොඩට එක්වීම හරහා මහින්ද රාජපක්ෂ පරාජය විය. තවත් ගැඹුරු විශ්ලේෂණ තිබුනත් පසුගිය ජනාධිපතිවරණ පරාජයේ සරලම ගණිතමය පැහැදිලි කිරීම එයයි.

ඉන්පසු එලඹි කුප්‍රකට දින 100 මෙහෙයුම තුලදී "හොරා කෑවා" යනුවෙන් නැගුනු චෝදනාව සාධනය කරන්නටත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සොයන්නටත් වැඩිම කැපවීම වෙන් කෙරිණ. අරලිය ගහ මන්දිරයේ වැසිකිලි වලේ සිට ලැබ්බෝගිනි , රන් අශ්වයන් , හොර ගිණුම් ,බිලියන ට්‍රිලියන ගනණින් ගසා කෑ යැයි කියූ මෙගා ඩීල් , රාජ මාලිගා පිලිබඳ වැටලීම් ඇරඹිණ. මස් පිඩු පුම්බාගත් නලු බට්ටන්ගේ සිට අරහත් ධජය පොරවාගත් කපටි උන්නාන්සේලා දක්වා විශාල පිරිසක් මේ මෙහෙයුම්වල ඉදිරි පෙළ සේනාංක බවට පත්ව තිබිණ.
නමුත් දින 100 අවසන් වන මේ අවස්ථාව වන විට ඒ චෝදනා වලට සිදු වී ඇත්තේ කුමක්ද? රත්තරං අශ්වයන් තවමත් කැලේ පැන ඇතිද? ලැම්බෝගිනි ප්‍රභාකරන් කාලතුවක්කු වලදැමූ ලෙස තවමත් වල දාමාවත් ද? රජ පවුලට ගෙනා ගුවන් යානා තවමත් අහසේද? සිදු වූයේ යැයි කියූ පෝට් සිටියේ හොරකම් මුහුදෙ ගිලී ගොස්ද? අධිවේගී හොරකම් අධිවේගයෙන් පැන ගොස්ද?
සිහි බුද්ධිය කළඳක් හෝ ඇත්තනම් සිහි කරගත යුතු මූලික කරුණ නම් ජනාධිපතිවරණ සමයේ චෝදනා කල 'හොරා කෑමේ' මෙගා ඩීල් පිලිබඳ කිසිඳු ප්‍රගතියක් මේ දක්වා වූ දින 100 තුල ලබා නොමැති බවත් මේ මහමැතිවරණ කටේදීත් එවැන්නක් නොවී නම් ඉදිරියටත් කිසිසේත්ම එය නොලැබෙනු ඇති බවත්ය.

කන්දක් විළිලා වැදූ මළ මී පැටියා...

දින 100 පුරාවට අසාර්ථව වූ 'හොරු ඇල්ලීමේ' බලාපොරොත්තුවට නව පණක් ලැබුනේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂම හමුවට ගෙනෙන බවට වූ පුවතයි. 'ඇති යන්තම්' යනුවෙන් යහපාලනය වෙනුවෙන් අන්තර්ජාපල , සමාජ ජාලා පුරා වෙහෙසවූ යහපාලන වාදීන් සුසුමක් හෙළුවේ ඒ අහදසිනි. රත්තරං බකිංහැම් අශ්වයන් , හෙලිකොප්ටර්, මාලිගා , මෙන්ම අධිවේගී මෙගා ඩීල් ඒ චෝදනාවල ඇතැයි ඔවුන් සිතුවා වන්නට බැරි නැත. "හොරු රකින්න හොරු" යනුවෙන් පොල් ගෙඩි මාතෘකා සහිතව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චායාරූප සහිතව බැනර් පෝස්ටර් ක්ෂ්ණිකව නිර්මාණය වූයේත් "හොරා කැවෙ නැත්නම් මොකද බය" යනුවෙන් උද්දාමයට පත් වැකි පළවූයේත් ඒ ප්‍රබෝධය නිසාය. අපේ 'පිනට' පහල වූ අගමැති තුමාද පාර්ලිමේන්තුවේදී "හොරු එක්ක හොරු " යනුවෙන් අති උද්වේගකර කතාවක් කරනවා දුටිමි.
නමුත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පුස්සද බිඳින. බිංදු හතේ අටේ ඉලක්කම් වලින් යුක්ත වූ මෙගා ගිගා චෝදනා කිසිවක් එහි නොවීය. කන්දක් විළිලා මළ මී පැටියෙක් වදා තිබිණ. විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරය තහවුරු කල ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට නගා තිබූ චෝදනාව ඔහු ජනාධිපති ධූරයේ සිටියදී එජාපයෙන් පැමිණි තිස්ස අත්තනායක මහතාට ඇමති ධූරයක් පිරි නැමීමයි. තිස්ස අත්තනායක මහතාද මීට පෙර අල්ලස් කොමිෂම හමුවට පමුණවා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා කැඳවා තිබුනේ එහිදී නැගුණු චෝදනාවේ විත්තිකාර පාර්ශවය ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 1 හා 2 ව්‍යවස්ථාවන්හි ජනාධිපතිධූරය දරනෙනකුට සහ දැරූවෙකුට හිමිවන නීතියේ මුක්තිය පිළිබඳ සඳහන් වෙන්නේ මෙසේය.
35. (1) ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වෙයහි ලා හෝ නිල තත්ත්වෙයහි ලා හෝ කරන ලද හෝ  නොකර හරින ලද කිසිවක් සම්බන්ධෙයන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ  විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාෙගන යාම නොකළ යුත්තේ ය.
(2)  කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව නඩු පැවරීෙම් දී නඩු පැවරිය හැකි කාලසීමාව නීතිෙයන් නියම වී ඇති විට ,  ඒ කාලසීමාව තුළ ඒ තැනැත්තා යම් කිසි කාලයක්  ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ඉකුත් වූෙය් ද යන වග නිශ්චය කිරීෙම් දී ඔහු ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේය.

මේ වගන්ති දෙකෙන් පලමු වගන්තියෙන් ජනාධිපතිධූරය දරණ කාල සීමාව ආවරණය වන අතර දෙවන වගන්තියෙන් ඔහු ජනාධිපති ධූරයේ ක්‍රියාත්මක නොවන විටක නීතිය ක්‍රියාත්මක කල යුතු ආකාරය සඳහන් වේ. ඒ අනුව ජනාධිපති ධූරය දැරූ  කාලය තුලදී සිදුවූ කිසිඳු කරුණක් සම්බන්ධව ඔහු නීතිය හමුවට පැමිණවීමට නොහැකිය . විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතු ‍යැයි කාලයක් පුරාම නැගේන රාවයේ එක් ප්‍රධාන කරුණක් නම් ජනාධිපතිවරයාට ලැබී තිබෙන නීතියේ මුක්තියයි. පසුගිය ජනාධිපතිවරණ සමයේද ඒ මුක්තිය පිළිබඳ කතාබහක් පැවතිණි. ඇමරිකන් ජනාධිපතිවරයාටද නැති මුක්තියක් මෙරට තිබීම පිළිබඳ බොහෝ දෙනා කරුණු ඉදිරිපත් කෙරිණ. පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී චම්පික රණවක ඇමතිවරයාද මේ පිලිබඳ අදහස් පල කල අතර ඔහු ආඩම්බරයෙන් පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිධූරය දැරූවෙකුට හිවිවන ඒ මුක්තියේ බලතල අහෝසි කරන බවත් එය ඉතා ප්‍රගතිශීලී පියවරක් බවත්ය. ඊට ටික දිනකට පෙර ඔහු ප්‍රකාශ කර තිබුනේ නීතියේ මුක්තිය නොසලකා හැර හෝ මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රම සෙවිය යුතු බවත්ය.

අල්ලස් කොමිෂමේ පිස්සු කෙලීද?

එසේ වී නම් අල්ලස් කොමිෂම මේ සිදුකරනුයේ කුමක්ද? මහින්ද රාජපක්ෂ මහතාට නීතිය ඉදිරියේ (ජනාධිපති ධූරය දැරූ සමයට අදාළව ) චෝදනා කල නොහැකි නම් ඔහු චූදිතයෙකු කරමින් ගෙනෙන අල්ලස් දීමේ (ඇමතිකම ක් දීම නම් වූ අල්ලස ) චෝදනාවේ අරමුණ කුමක්ද?

කොටින්ම වත්මන් අල්ලස් කොමිෂම ක්‍රියාත්මක කරන්නේ දඩයම් කොමිෂමක් ලෙස යැයි නැගෙන චෝදනාව පදනම් විරහිත චෝදනාවක් නොවන බව අල්ලස් කොමිෂම තම ක්‍රියාකාරීත්වය තුලින්ම ඔප්පු කිරීමක් නොවේද මේ කරමින් සිටිනුයේ? . එසේ නොවේ නම් යහාපාලන ව්‍යාපාරයේ කොටස්කරුවන් පෙරා එහි විරුද්ධවාදීන්ට පමණක් ක්ෂණික  අල්ලස් ප්‍රහාර එල්ල වන්නේත් , යහපාලන ව්‍යාපාරයේ කොටස් හිමියන් ඒ මෙහෙයුම්වල පැමිණිලිකාර පාර්ශවය වන්නේත් නැත.

අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂවරිය බවට පත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ (වික්‍රමසිංහ මහත්මියගේ ) පෞදගලික හිතවතෙකුගේ භාර්‍යාව වන අතර ඇයගේ ක්‍රියා කලාපය අනාගතයේ ඇති කරන්නේ යැයි කියන ස්වාධීන කොමිෂන් සභාවල හැඩ රුව හඳුනාගැනීමට හොඳ සාම්පලයක් වන්නේ මේ පත්වීම සිදු කලේද රාජපක්ෂවරුන් පක්ෂග්‍රාහී කල අල්ලස් කොමිෂම 'ස්වාධීන කිරීමේ ' බෝඩ් ලෑල්ල යට සිට බැවිනි.

අල්ලස් කොමිෂම හමුවට මෙවැනි කිසිදු වැදගැම්මකට නැති චෝදනාවකට ( මේ චෝදනාව කිසිම වැදකට නැති සත පහක වටිනා එකක් නොවන බව චම්පික රණවක ඇමතිවරයා අද මාධ්‍ය හමිවේ වියරුවෙන් මෙන් පවසනු දුටිමි) ගෙන එන්නේ  "හොරෙක් හොරෙක් යනුවෙන්" හතර අතේ බෙරිහන් දුන් අද වන විට අවසන් සුසුම් හෙළමින් ඇති තමන්ගේ ප්‍රමුඛම චෝදනාව තව ටිකක් දිනක්වත් ජීවී තත්වයෙන් පාවත්වාගෙන් යා හැකිද යන අවසන් උත්සහය ලෙස වන්නට පුලුවන.එසේ නොවුනහොත් දින 100 ශේෂපත්‍රයේ එක් පසක් බින්දුව වනු ඇත. එමෙන්ම මෙය අනාගතයේ යුධ අපරාධ චෝදනා සම්බන්ධ නීතිමය මෙහෙයුමේ පූර්ව අත්හදාබැලීමක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත. මේ මුට්ටිය දමා බලන්නේ ඊලඟ පියවරවලදී ඇතිවන තත්වයේ පෙර මග සලකුකුණුය. එබැවින් මුට්ටිය කුඩු වෙන්නට පහර දීම අද දවසේ යුතුකමයි. "එහිදී හොරු රකින්න හොරු පෙරමුණේ"  යනුවෙන් නැගෙන යහපාලන අඩෝවැඩියාව සතයකට මායිම් කල යුතු නැත. බන්ධුල ගුණවර්ධන මහතා  ඉතා නිවරදිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල පරිදිම ' පාර්ලිමේන්තුවේ සෙස්සන්නට විරුද්ධ ඕනම චෝදනාවක් ගේන්න. එයට මුහුණ දීමට ලෑස්ති නමුත්  පලිගැනීමේ චේතනාවේන් පොදු සම්මතයට  පට්ටහැනිව සිදුකරන දඩයම් කොමිෂමේ  අසාධාරණ වැටලීම් වලට කොන්දේසි විරහිතව එරෙහි විය යුතුය. යහපාලන ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ටද ඒ වෙනුවෙන් තම අත්සන තබන්නට බල කෙරී ඇත්තේ එබැවිනි.

මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂමට කැඳවනු... !

ඉහතින් සඳහන් කල නීතිමය තර්කය පසෙක තබමු. විපක්ෂයෙන් පැමිණෙන මන්ත්‍රීවරයෙකුට ධූරයක් පිරි නැමීම අල්ලසක් යැයි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් ආණ්ඩු පක්ෂයේ සිට පිටි පසින් සිට පිහියෙන් ඇන පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීම අල්ලස් දීමක් නොවන්නේද? ඒ ධූරය පිළිගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලසක් භාර ගැනීමක් නොවන්නේ ද ? ඇමති ධූරය අල්ලසක් නම් ජනධිපති අපේක්ෂකත්වය කෙතරම් අල්ලසක්ද?  එය සිදුවූයේත් මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තුබූ වාතාවරණයකදීය.

එමෙන්ම අගැමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් අහෝසි නොවී පවතිද්දීම (රාජපක්ෂ පාලන සමයේ තිබූ කැබිනට්ටුව කිසි විටෙකත් විසුරුවා නැත )  බහුතරයක් නැති සුළුතර පාර්ලිමේන්තු කණ්ඩාකම නායකයෙකුට තම හිතුවක්කාර ඒකාධිපතිකම යොදා අගමැති ධූරය පිරි නැමීම අල්ලසක් ලෙස අර්ථ නොගැන්වේද?

තමාට ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් ප්‍රජාතත්‍රවාදී පක්ෂ නායකයාට ෆීල්ඩ් මාෂල් තනතුරක් දීම  අලලස් දීමක් නොවේද? (යුද්ධය කල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් එක් අයෙක් පමණක් තෝරා දීමම සන්තෝසමක් නොවේද?. යුද්ධය  දිනුවාට ෆීල්ඩ් මාෂල් කලේ නම් අනිත් දෙදෙනාටද එය ලැබිය යුතු නොවේද? දේශපාලන වශයෙන් උදව් කල නිසාම නම් එය ලැබිය යුත්තේ ෆොන්සේකා මහතාට පමණකි )

තවද මෛත්‍රීපාල මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමට යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීම අල්ලසක් නොවනෙනේද? තිස්සට මහින්ද ඇමතිකමක් දීම සහ ශ්‍රීලනිප මන්ත්‍රරීඋවරු 26 දෙනෙකුට ඇමතිකම් පිරිනැමීම අතර ඇති වෙනස කුමක්ද?

එපමණක් නොවේ. ඇමතිකම් නොදුන් ඉතිරි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තමන් කලින් ඇමති ධූරය දැරූ කල මෙන් අතිරේක වාහන දෙක බැගින් ලබා දීම අල්ලසක් නොවන්නේද?
 
එබැවින් මේ බරපතල යෝධ දේශපාලන අල්ලස් ලබා දීම සමග සැසඳීමදී මහින්ද තවමත් අඟුටුමිට්ටෙකි. මේ මහින්ද වැටලීමේ අල්ලස් මෙහෙයුම මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් එකක් නොවන බව එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබිණ. එසේ නම් මෙය තනිකර රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයුමකි.
එබැවින් අපි පිනට පහල වූ අගමැති තුමාගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.

දින 100 කෙටි කාලය තුලදීම මහින්දට වඩා බරපතල ලෙස අල්ලස් දී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා  වහා අල්ලස් කොමිෂමට කැඳවීමට තම හිතවතා මාර්ගයෙන් වත් ඔහුගේ බිරිඳට පණිවිඩයක් වහ වහා යවනු මැනවි. අල්ලස් දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වැරදිකරුවකු වුවත් අගමැති කම අල්ලසක් ලෙස ගත් ඔබ අල්ලස් ගැනීමට නිවරදි කරු වනු ඇති. ඒ සඳහා අපූරු පූර්වාදර්ශයක් මේ දින 100 ඇතුලත ඔබම සපයා දී තිබේ . ඒ  අපේ ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වූ (දැනට එහි පාඩුව කෝටි 4500 ඉක්මවා ඇතැයි පැවසේ ) බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වූ ඔබේ නියෝජිතයා අර්ජුන් මහේන්ද්‍රන් ඔබේම පරීක්ෂණ මණ්ඩලයක් හරහා නිදොස් කොට නිදහස් කිරීමෙන්. එබැවින් ඔබ  බිය විය යුතු නැත. වහාම මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂම හමුවට කැඳවනු !!!

- කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/27/2015

17 වැනි සංශෝධන ඝෝෂාව සහ චම්පිකලා නිරුවත් වීම

කතෘ:යුතුකම     1/27/2015   8 comments
අද අපේ වටපිටාවේ කඩපොළේ , වැඩපොළේ ,දේශපාලනය පිලිබඳ මහප්‍රාණ දේශන පවත්වන බොහෝ දෙනා මේ 13 ,17 ,18 , 19  ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ වගේ වගක් නැති  'පබා' පන්නයේ දේශපාලන 'ඔස්තාර්ලා' බව අපි අත්දැකීමෙන් දනිමු .  මෛත්‍රීපාල සිරිසේන මහතා දණ බිම ගසා බුදුන් වැඳීම , කහ ඉරේ වාහන පෙළ නැවැත්වීම , රු 2850 පමණකින් දිනක ජනාධිපති වියදම පිරිමසාගැනීම , අරලිය මන්දිරයේ වැසිකිළි කටේ ස්වභාවය  වැනි 'මහා දාර්ශනික' මාතෘකා විනා මේ ව්‍යවස්ථා සංශෝධන කෙහෙල්මල්වලින් ඔවුනට ඇති වැඩක්ද නැත. ඒ චම්පික රණවක මහතා වැන්නවුන් උජාරුවෙන් කියන "උගත් වියත් තරුණ පරපුර" අයත් වන මධ්‍යම පාන්තික පුරවැසි මනෝභාවයේ සාමාන්‍ය ස්වභාවයයි.

ඒ අතුරු කතාව මඳක් පසෙකින් තබා අදාල කතාවට එමු.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කල දින 100 වැඩපිළිවෙල යටතේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දු වී තිබුනේ පසුගිය 21 වන දාටය. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ දින දෙකක් තුනක් ප්‍රමාද වූයේ ඇයිද යන තාක්ෂණික කාරණය නොවේ. අප මේ අවධානයට ගෙනෙන්නේ 17 වන සංශෝධනය පිළිබඳ වැඩසටහනේ කැපී පෙනෙන භූමිකාවක රඟන හෙළ උරුමයේ නායකයන්ගේ දෙබිඩි දේශපාලන පිළිවෙත හොඳින්ම දැකගත හැකි  අවස්ථාවක් මේ හරහා ලැබී ඇතැයි යන්නයි.

අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් කෙටුම්පත් කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ සටහනේ 17 වන ව්‍යවස්ථා  සංශෝධනය පිළිබඳ ඇත්තේ ඉතා ධනාත්මක ඇගයීමකි. 17 වන සංශෝශනය හරහා ඉතා සාධනීය කාර්‍යභාරයක් සිදු වූ බවත් පසුව එය ක්‍රියාත්මක නොවීම හරහා ඒ සාධනීය වැඩපිළිවෙල නතර වූ බවත් 19 වන සංශෝධන යෝජනාවේ සඳහන්වේ. (දැනට  දින 100 කාලසටහනෙන් පිට පැන තිබුනත්  ) ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති යෝජනාවලියේ එක් මුඛ්‍ය අරමුණක් වන්නේ මේ 17 වන සංශෝධනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි.

ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අතිශෝක්තියට නැගූ වීරත්වයෙන් බිහි වූයේ යැයි කියන 17 වන සංශෝදනය ක්‍රියාත්මක කිරීමෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා යෑයි සිතීමට බොහෝ දෙනා අද කැමතිය. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි පෙරළා ඇසුවහොත් එයට එක එල්ලේ පිළිතුරක් දී ගත හැක්කේ කී දෙනෙකුටද?

අද 18 වන ව්‍යවස්ථා සංශෝධනය  අහෝසි කර 17 නැවත ප්‍රතිස්ථාපනය කරන්නේ යැයි සපත කරන රතන හිමියන් චම්පික රණවක මහතා  ආදීන් මීට පෙර මේ පිළිබඳ දැරූ මතය අද දරන මතයට කෙතරම් පරස්පරදැයි බලමු.  අපට මෙහිදී චම්පික මහතා විසේෂයෙන් මතු කිරීමට හේතු වන්නේ පාර්ලිමේන්තුවේ 225න් 224 දෙනෙක් ඒකමතික වෙද්දී 17 වන සංශෝධනයට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා වූයේ ඔහු පමණක් බැවින් සහ අද ඔහු සහ ඔහුගේ අණසක යටතේ ක්‍රියාත්මක ජාතික හෙළ උරුමයේ රතන හිමි - චම්පික පාර්ශවය එදා ඔවුන් දැරූ මතය යට ගසා අද අලුත් වටයකින් ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක් මත ක්‍රියාත්මක වෙමින් ඇති නිසාත්ය. 17 වැනි සංශෝධන මාළු කඩය ගැන චම්පිකගේ අත්දැකීම් මැයෙන් 2010 පමණ කාලයේ දිවයින පුවත් පතේ පලවූ ලිපියක ඳහන් පහත උපුටා ගැනීම කියවමු.

මේ එදා චම්පික රණවකගේ හඬයි.
"මේ සාකච්ඡා පැවැති අවසන් දිනයේ අලුත් තත්ත්වයන් කීපයක්‌ම ඇති විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 17 වන සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු යෑයි නියමකරාවිය යන බය නිසා ජනාධිපතිගේ නියෝජිතයෙක්‌ ව්‍යවස්‌ථාදායක සභාවට ඇතුළත් කරන ලදී. ඉන්පසු උතුරේ දෙමළ නියෝජිතයෙක්‌ අවශ්‍ය බව දෙමළ මන්ත්‍රීවරුන් කියා සිටියේය. ඉන්පසුව මුස්‌ලිම් නියෝජිතයන් තමන්ටද ව්‍යවස්‌ථාදායක සභාව තුළ අසුනක්‌ අවශ්‍ය බව කියා සිටියේය. මෙම ඉල්ලීමම කඳුරට දෙමළ නියෝජිතයන්ගේ පැත්තෙන් ද ආවේය. මේ නිසා ජනවාර්ගික නියෝජිත ක්‍රමයක්‌ ඇති කරන ලදී. මේ සියල්ල වුණේ එක දවසක්‌ ඇතුළතය. උදෙන්ම ජනාධිපතිවරයාට එක්‌ නියෝජිතයෙක්‌ ලබාදෙන ලදී. ඊට පැය බාගයකට පසු උතුරේ දෙමළ නියෝජිතයෙක්‌ ද දවල් වන විට මුස්‌ලිම් නියෝජිතයකුටද ඊට පසු උඩරට දෙමළ නියෝජිතයකුටද ඉඩ සලසන ලදී. අවසානයේදී ජ.වි.පෙ. ට ද නියෝජිතයෙක්‌ අවශ්‍ය විය. මේ නිසා ඔවුන් යෝජනා කර සිටියේ අගමැතිවරයා හෝ විපක්‍ෂ නායකවරයා අයත් නොවන වෙනත් පක්‍ෂ වලටද එක්‌ නියෝජිතයෙක්‌ සිටිය යුතු බවයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ආසන 10 බිහිවූයේ ඒ ආකාරයටය."

"17 වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ව්‍යවස්‌ථාදායක සභාව පත් කරන විට මේ පත්වූ සියලුම නියෝජිතයන් විවිධ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් විය. එවක අගමැතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට ද විපක්‍ෂ නායක තුමාට ද ඒ සිදුවූ ක්‍රියාදාමය පිළිබඳ හොඳ අවබෝධයක්‌ තිබිණි. ජාතික හෙළ උරුමය 17 වන සංශෝධනයට ඡන්දය දීමෙන් වැලකී සිටියේ මේ ක්‍රියාදාමයට විරෝධය පෑමක්‌ හැටියටයි."
"ව්‍යවස්‌ථාදායක සභාවක්‌ පත් කිරීමට දෙවැනි අවස්‌ථාව එන විට එනම් 2005 න් පසු අලියා ලකුණින් හෝ බුලත් කොලය ලකුණින් තරග නොකළ දෙමළ සංධානයද නොවන විශාලම කණ්‌ඩායම වූයේ මන්ත්‍රීවරු 9 දෙනකු සිටි ජාතික හෙළ උරුමයයි. නමුත් මේ අවස්‌ථාවේදී ද දෙමළ සංධානය කියා සිටියේ විපක්‍ෂ නායකවරයාත් අගමැතිවරයාත් අයත් නොවන පක්‍ෂවලට හිමිවන අසුන තමන්ට හිමිවිය යුතු බවයි. ප්‍රශ්නය පැන නැග්ගේ මෙතනින්ය. අද 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොවී ඇත්තේ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක නොකිරීම නිසා නොව දෙමළ සංධානය විසින් ජාතික හෙළ උරුමයට ලැබිය යුතු අවස්‌ථාව පැහැර ගැනීමට තැත් කිරීම නිසා ඇති වූ අර්බුදයක්‌ හේතුවෙනි. ජාතික හෙළ උරුමය මෙහිදී තදින්ම කියා සිටියේ මුල් ව්‍යවස්‌ථාදායක සභාව පත් කිරීමේදී ඇති කරන ලද පූර්වාදර්ශය අනුව එම අසුන හෙළ උරුමයට අයත් විය යුතු බවයි. ඒ මන්දයත් දෙමළ සංධානයට උතුරේ දෙමළ නියෝජිතයා පත් කිරීමට ලැබීමෙන් ව්‍යවස්‌ථාදායක සභාව තුළ ඉබේටම අසුනක්‌ හිමිවන නිසාය. මේ ආකාරයට නිර්දේශපාලනීකරණය අරමුණු කරගෙන පත් කරන ලද ව්‍යවස්‌ථාදායක සභාව අවසන් වූයේ නිර්දේශපාලනීකරණය කිරීමෙන් නොව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන්ය."

අද 'බලය සහ බලය' පිළිබඳ ආත්මාර්ථකාමී පටු බල අරමුණ වෙනුවෙන් පීලි පන්නවා ඇති නිසාදෝ මීට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිටියත් එදා චම්පික 17 වන සංශෝධනයේ ඇති දුබලතාවය ඉතාමත් නිවරදිව තක්සේරු කර තිබූ බව මෙයින් පැහැදිලි වේ. ඊට අමතරව එකල සාකච්චාවලදී රණවක මහතා මතු කල ප්‍රධාන තර්කයක් වූයේ මැතිවරණයකින් බහුතර චන්දයෙන් පත් වන ආණ්ඩුවේ අභිමතය යටකරමින් විපක්ෂයේ වැඩි ක්‍රියාකාරීත්වයකින් සමන්විත කොමිෂන් සභා හරහා රට පාලනය කිරීම කොතරම් ප්‍රචාතන්ත්‍රවාදීද - කොතරම් සදාචාරාත්මකද යුක්ති සහගතද යන්නයි.
අද ආණ්ඩු පෙරලීමට බටහිර බලපෑම් නැතැයි මේ පිරිසිදු ජනතා නැගිටීමක් - නිහඬ විප්ලවකැයි සහතික දෙන චම්පික රණවක මහතාම ඔවුන්ගේ ජනාධිපතිවරණයේ මුඛ්‍යම පොරොන්දුවක් වන 17වන සංශෝධනය සම්බන්ධයෙන් බරහිර රාජ්‍යන් දැරූ මතය එදා විස්තර කළේ මෙසේය.

"17 වන සංශෝධනය පිළිබඳ මුලින්ම යෝජනාවක්‌ පැමිණියේ වෘත්තීයවේදීන්ගේ සංගමයෙනි. මෙහි අදහස වූයේ රාජ්‍ය අංශයත් අධිකරණයත් නිර්දේශපාලනීකරණයකට ලක්‌ කිරීමයි. මෙම 17 වන සංශෝධනය ගැඹුරින් සාකච්ඡා කිරීමට නොහැකි වූයේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ තිබූ හදිස්‌සිය නිසාය. ආණ්‌ඩුව අස්‌ථාවරභාවයට පත්වී ඔවුන්ට බලයේ සිටීමට ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනා අවශ්‍ය විය. තමන්ගේ සහයෝගය ආණ්‌ඩුවට ලබාදීමට නම් ජ.වි.පෙ. ඉදිරිපත් කළ එක්‌ කොන්දේසියක්‌ වූයේ 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමය. අනෙක්‌ අතට එ.ජා.ප. යට අවශ්‍ය වූයේ 17 සංශෝධනය තුළින් චන්ද්‍රිකා කුමාරතුංගගේ බලතල සීමා කොට පාර්ලිමේන්තුව ශක්‌තිමත් කිරීමයි. ඒ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ බලය ලැබුණත් චන්ද්‍රිකා කුමාරතුංග පන්නා ගැනීමට නොහැකි වන බව දැනගෙන සිටි නිසාය. එයට අමතරව එකල මේ රටට උපදෙස්‌ දෙමින් සිටි බටහිර බලවතුන්ට අවශ්‍ය වූයේද ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම හා මෙකී 17 වන සංශෝධනය වැනි යාන්ත්‍රණයක්‌ තුළින් දේශපාලන බලය "අවතැන්" කරවීමටය.

චම්පික ඇමැතිවරයාගේ මේ කතාවෙන් පෙනී යන ප්‍රධාන කරුණ නම් 17 වන සංශෝධනයෙන් කිසිදු නිර්දේශපාලනීකරණයක්‌ සිදුවී නැති බවයි. සිදුවී ඇත්තේ තිබුණාටත් වඩා දේශපාලනීකරණයකි. කොමිෂන් සභා සඳහා පත් කරගන්නා නියෝජිතයන් බෙදා ගැනීමට නොහැකිව 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක විය නොහැකි මට්ටමට අඩපණ වූ ආකාරයට මුළු රටම අක්‍රිය වීමට ඉඩක් එමගින් විවර වේ. චම්පිකම කියන "බටහිර බලවතුන්ට අවශ්‍ය වූයේද ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම හා මෙකී 17 වන සංශෝධනය වැනි යාන්ත්‍රණයක්‌ තුළින් දේශපාලන බලය "අවතැන්" කරවීමටය" යන්නෙහි අරුත වැටහෙන්නේද එවිටය.
 
නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද?
අද චම්පිකලා නියෝජනය කරන්නේ මෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තය නොවේද?  චම්පිකලා අද අපට කියන්නේ බටහිරයන්ද මේ අරමුණ පසෙකලා අපේ රටේ 'යහ පාලනය' ඇති කිරීමේ සත් ක්‍රියාවට දායක වූ බවද? මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමටත් ප්‍රථම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරට පාලකයන්ට උපදෙස් දෙන්නේ, එරිස් සෝල්හයිම් වැන්නන් නිදි මරාගෙන මැතිවරණ ප්‍රතිපළ අසමින් ජයග්‍රහණය භුක්ති විඳින්නේත් අපට යහපාලනය ගෙනෙන්නට ඇති පපු කැවුත්ත උණු වන උවමනාව  වෙනුවෙන් බවද?  එදා චම්පිකම කියූ මෙරට දේශපාලන බලය අවතැන් කිරීමේ බටහිර උපාය අද ඔවුන් විසින්ම ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් කර ගෙන ඇති බවද?

ජාතික හෙළ උරුමය සංධානය තුලින් ගලවා ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාකාරිකයකු වූ රාජිත සේනාරත්න මහතා පසුගියදා හෙළි කළ පරිදි ඒ මෙහෙයුම තුලදී රතන හිමියන් රාජිතගෙන් බලය බෙදා හැරීම බලය බෙදා හැරීම විමසූ පැනය අද අපට චම්පිකගෙන් අසන්නට සිදුවේ.  ඒ චම්පික 17 වන සංශෝධනය ගැන දැරූ මතය "Fundamental ද  Political ද යන්නයි.

චම්පික රණවක මහතා අතින්ම මීට වසර  හතර පහකට පමණ කලින් ලියවුනු පටිසෝතගාමීව තිස් වසක් යන ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ 17 වන සංශෝධනය පිළිබඳ ඔහු විසින්ම තබා ඇති සටහනයි මේ.

"17 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂම් සභා සඳහා ජාතිවාදී පදනමින් ව්‍යාවස්ථා සභාව පිහිටුවීම විරුද්ධත්වය පළකළ එකම මන්ත‍්‍රී මම වීමි. පසුව 17 වැනි සංශෝධනය හා ස්වාධීන කොමිෂම් පසුව විකාරයක් බවට පත්විය. ඇත්තටම පොදු පෙරමුණ හා ජ.වි.පෙ සති දෙකක් පාලන බලය දිගුකර ගැනීම සහා කළ දේශපාලන විකාරයකි එය. දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ඉතා හොය. නමුත් අපි කරුණු දෙකක් තේරුම් ගත යුතු වෙමු. ලංකාවේ සිදුවූ ලොකුම වංචා (වැට් වංචාව,හේජීන් සූදුව, රක්ෂණය හා තෙල් පුද්ගලීකරණය)  සිදුකළේ නිලධාරීන්ය. රාජ්‍ය සේවය දේශපාලන දූෂිතයන්ගෙන් ඉවත්කර නිලධාරී දූෂිතයන්ට ලබාදීමෙන් පලක් නැත. දෙවැන්න රාජ්‍ය සේවා කොමිෂම් (රාජ්‍ය සේවා, මැතිවරණය, පොලීස්, නීති ) පත්කිරීම් මූලික ව්‍යවස්ථා සභාව පත්කරන්නේ දේශපාලකයින්ය. එයද ජාතිභේදය අනුවය එහි සිංහලනියෝජනයක් නැත. මෙසේ හෙයින් එකී 17වැනි සංශෝධනයට එරෙහිවූ එකම මන්තී‍්‍ර ලෙස අදටත් මට ආඩම්බරයක් දැනේ.
-චම්පික රණවක
-පටිසෝතගාමීව තිස්වසක්


චම්පික රණවක මහතා තමන්ගේ පූර්ව මතය ගැන දැරූ ආඩම්බරය සහ අද අද ඔහු රඟපාන ජඩ අවස්ථාවාදී භූමිකාව දෙස බැලීමේදී කණගාටුවෙන් නමුත් පැවසිය හැක්කේ අපට නම් ඇතිවන්නේ ආඩම්බරයක් නොව පිළිකුළක් , ජුගුප්සාවක් බවයි.


- කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions