අද අපේ වටපිටාවේ කඩපොළේ , වැඩපොළේ ,දේශපාලනය පිලිබඳ මහප්‍රාණ දේශන පවත්වන බොහෝ දෙනා මේ 13 ,17 ,18 , 19 ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ වගේ වගක් නැති 'පබා' පන්නයේ දේශපාලන 'ඔස්තාර්ලා' බව අපි අත්දැකීමෙන්
දනිමු . මෛත්‍රීපාල සිරිසේන මහතා දණ බිම ගසා බුදුන් වැඳීම , කහ ඉරේ වාහන පෙළ
නැවැත්වීම , රු 2850 පමණකින් දිනක ජනාධිපති වියදම පිරිමසාගැනීම , අරලිය මන්දිරයේ වැසිකිළි කටේ ස්වභාවය වැනි 'මහා දාර්ශනික' මාතෘකා විනා මේ ව්‍යවස්ථා සංශෝධන කෙහෙල්මල්වලින්
ඔවුනට ඇති වැඩක්ද නැත. ඒ චම්පික රණවක මහතා වැන්නවුන් උජාරුවෙන් කියන "උගත් වියත් තරුණ
පරපුර" අයත් වන මධ්‍යම පාන්තික පුරවැසි මනෝභාවයේ සාමාන්‍ය ස්වභාවයයි.
ඒ අතුරු කතාව මඳක් පසෙකින් තබා අදාල කතාවට එමු.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කල දින 100 වැඩපිළිවෙල යටතේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දු වී තිබුනේ පසුගිය 21 වන දාටය. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ දින දෙකක් තුනක් ප්‍රමාද වූයේ ඇයිද යන තාක්ෂණික කාරණය නොවේ. අප මේ අවධානයට ගෙනෙන්නේ 17 වන සංශෝධනය පිළිබඳ වැඩසටහනේ කැපී පෙනෙන භූමිකාවක රඟන හෙළ උරුමයේ නායකයන්ගේ දෙබිඩි දේශපාලන පිළිවෙත හොඳින්ම දැකගත හැකි අවස්ථාවක් මේ හරහා ලැබී ඇතැයි යන්නයි.
අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානයේ ප්රමුඛත්වයෙන් කෙටුම්පත් කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ සටහනේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඇත්තේ ඉතා ධනාත්මක ඇගයීමකි. 17 වන සංශෝශනය හරහා ඉතා සාධනීය කාර්යභාරයක් සිදු වූ බවත් පසුව එය ක්‍රියාත්මක නොවීම හරහා ඒ සාධනීය වැඩපිළිවෙල නතර වූ බවත් 19 වන සංශෝධන යෝජනාවේ සඳහන්වේ. (දැනට දින 100 කාලසටහනෙන් පිට පැන තිබුනත් ) ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති යෝජනාවලියේ එක් මුඛ්‍ය අරමුණක් වන්නේ මේ 17 වන සංශෝධනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි.
ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අතිශෝක්තියට නැගූ වීරත්වයෙන් බිහි වූයේ යැයි කියන 17 වන සංශෝදනය ක්‍රියාත්මක කිරීමෙන් මේ රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා යෑයි සිතීමට බොහෝ දෙනා අද කැමතිය. නමුත් එය සිදුවන්නේ කෙසේදැයි පෙරළා ඇසුවහොත් එයට එක එල්ලේ පිළිතුරක් දී ගත හැක්කේ කී දෙනෙකුටද?
අද 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 17 නැවත ප්‍රතිස්ථාපනය කරන්නේ යැයි සපත කරන රතන හිමියන් චම්පික රණවක මහතා ආදීන් මීට පෙර මේ පිළිබඳ දැරූ මතය අද දරන මතයට කෙතරම් පරස්පරදැයි බලමු. අපට මෙහිදී චම්පික මහතා විසේෂයෙන් මතු කිරීමට හේතු වන්නේ පාර්ලිමේන්තුවේ 225න් 224 දෙනෙක් ඒකමතික වෙද්දී 17 වන සංශෝධනයට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා වූයේ ඔහු පමණක් බැවින් සහ අද ඔහු සහ ඔහුගේ අණසක යටතේ ක්‍රියාත්මක ජාතික හෙළ උරුමයේ රතන හිමි - චම්පික පාර්ශවය එදා ඔවුන් දැරූ මතය යට ගසා අද අලුත් වටයකින් ඊට හාත්පසින් වෙනස් ස්ථාවරයක් මත ක්‍රියාත්මක වෙමින් ඇති නිසාත්ය. 17 වැනි සංශෝධන මාළු කඩය ගැන චම්පිකගේ අත්දැකීම් මැයෙන් 2010 පමණ කාලයේ දිවයින පුවත් පතේ පලවූ ලිපියක සඳහන් පහත උපුටා ගැනීම කියවමු.
මේ එදා චම්පික රණවකගේ හඬයි.
"මේ සාකච්ඡා පැවැති අවසන් දිනයේ අලුත්
තත්ත්වයන් කීපයක්ම ඇති විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 17 වන සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ
යුතු යෑයි නියමකරාවිය
යන බය නිසා ජනාධිපතිගේ නියෝජිතයෙක් ව්‍යවස්ථාදායක සභාවට ඇතුළත්
කරන ලදී. ඉන්පසු උතුරේ දෙමළ නියෝජිතයෙක් අවශ්‍ය බව දෙමළ මන්ත්‍රීවරුන්
කියා සිටියේය. ඉන්පසුව මුස්ලිම් නියෝජිතයන් තමන්ටද ව්‍යවස්ථාදායක සභාව
තුළ අසුනක් අවශ්‍ය බව කියා සිටියේය. මෙම ඉල්ලීමම කඳුරට දෙමළ
නියෝජිතයන්ගේ පැත්තෙන් ද ආවේය. මේ නිසා ජනවාර්ගික නියෝජිත ක්‍රමයක්
ඇති කරන ලදී. මේ සියල්ල
වුණේ එක දවසක් ඇතුළතය. උදෙන්ම ජනාධිපතිවරයාට එක් නියෝජිතයෙක්
ලබාදෙන ලදී. ඊට පැය බාගයකට පසු උතුරේ දෙමළ නියෝජිතයෙක් ද
දවල් වන විට මුස්ලිම් නියෝජිතයකුටද ඊට පසු උඩරට දෙමළ
නියෝජිතයකුටද ඉඩ සලසන ලදී. අවසානයේදී ජ.වි.පෙ. ට ද නියෝජිතයෙක්
අවශ්‍ය විය. මේ නිසා ඔවුන් යෝජනා කර සිටියේ අගමැතිවරයා හෝ
විපක්ෂ නායකවරයා අයත් නොවන වෙනත් පක්ෂ වලටද එක්
නියෝජිතයෙක් සිටිය යුතු බවයි. ව්‍යවස්ථාදායක සභාවේ ආසන 10 බිහිවූයේ ඒ ආකාරයටය."
"17 වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාව පත් කරන විට මේ පත්වූ සියලුම නියෝජිතයන් විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් විය. එවක අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ද විපක්ෂ නායක තුමාට ද ඒ සිදුවූ ක්‍රියාදාමය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිණි. ජාතික හෙළ උරුමය 17 වන සංශෝධනයට ඡන්දය දීමෙන් වැලකී සිටියේ මේ ක්‍රියාදාමයට විරෝධය පෑමක් හැටියටයි."
"ව්‍යවස්ථාදායක සභාවක් පත් කිරීමට දෙවැනි අවස්ථාව එන විට එනම් 2005 න් පසු අලියා ලකුණින් හෝ බුලත් කොලය ලකුණින් තරග නොකළ දෙමළ සංධානයද නොවන විශාලම කණ්ඩායම වූයේ මන්ත්‍රීවරු 9 දෙනකු සිටි ජාතික හෙළ උරුමයයි. නමුත් මේ අවස්ථාවේදී ද දෙමළ සංධානය කියා සිටියේ විපක්ෂ නායකවරයාත් අගමැතිවරයාත් අයත් නොවන පක්ෂවලට හිමිවන අසුන තමන්ට හිමිවිය යුතු බවයි. ප්රශ්නය පැන නැග්ගේ මෙතනින්ය. අද 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොවී ඇත්තේ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක නොකිරීම නිසා නොව දෙමළ සංධානය විසින් ජාතික හෙළ උරුමයට ලැබිය යුතු අවස්ථාව පැහැර ගැනීමට තැත් කිරීම නිසා ඇති වූ අර්බුදයක් හේතුවෙනි. ජාතික හෙළ උරුමය මෙහිදී තදින්ම කියා සිටියේ මුල් ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමේදී ඇති කරන ලද පූර්වාදර්ශය අනුව එම අසුන හෙළ උරුමයට අයත් විය යුතු බවයි. ඒ මන්දයත් දෙමළ සංධානයට උතුරේ දෙමළ නියෝජිතයා පත් කිරීමට ලැබීමෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ ඉබේටම අසුනක් හිමිවන නිසාය. මේ ආකාරයට නිර්දේශපාලනීකරණය අරමුණු කරගෙන පත් කරන ලද ව්‍යවස්ථාදායක සභාව අවසන් වූයේ නිර්දේශපාලනීකරණය කිරීමෙන් නොව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන්ය."
"17 වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාව පත් කරන විට මේ පත්වූ සියලුම නියෝජිතයන් විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් විය. එවක අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ද විපක්ෂ නායක තුමාට ද ඒ සිදුවූ ක්‍රියාදාමය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිණි. ජාතික හෙළ උරුමය 17 වන සංශෝධනයට ඡන්දය දීමෙන් වැලකී සිටියේ මේ ක්‍රියාදාමයට විරෝධය පෑමක් හැටියටයි."
"ව්‍යවස්ථාදායක සභාවක් පත් කිරීමට දෙවැනි අවස්ථාව එන විට එනම් 2005 න් පසු අලියා ලකුණින් හෝ බුලත් කොලය ලකුණින් තරග නොකළ දෙමළ සංධානයද නොවන විශාලම කණ්ඩායම වූයේ මන්ත්‍රීවරු 9 දෙනකු සිටි ජාතික හෙළ උරුමයයි. නමුත් මේ අවස්ථාවේදී ද දෙමළ සංධානය කියා සිටියේ විපක්ෂ නායකවරයාත් අගමැතිවරයාත් අයත් නොවන පක්ෂවලට හිමිවන අසුන තමන්ට හිමිවිය යුතු බවයි. ප්රශ්නය පැන නැග්ගේ මෙතනින්ය. අද 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොවී ඇත්තේ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක නොකිරීම නිසා නොව දෙමළ සංධානය විසින් ජාතික හෙළ උරුමයට ලැබිය යුතු අවස්ථාව පැහැර ගැනීමට තැත් කිරීම නිසා ඇති වූ අර්බුදයක් හේතුවෙනි. ජාතික හෙළ උරුමය මෙහිදී තදින්ම කියා සිටියේ මුල් ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමේදී ඇති කරන ලද පූර්වාදර්ශය අනුව එම අසුන හෙළ උරුමයට අයත් විය යුතු බවයි. ඒ මන්දයත් දෙමළ සංධානයට උතුරේ දෙමළ නියෝජිතයා පත් කිරීමට ලැබීමෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ ඉබේටම අසුනක් හිමිවන නිසාය. මේ ආකාරයට නිර්දේශපාලනීකරණය අරමුණු කරගෙන පත් කරන ලද ව්‍යවස්ථාදායක සභාව අවසන් වූයේ නිර්දේශපාලනීකරණය කිරීමෙන් නොව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන්ය."
අද 'බලය සහ බලය' පිළිබඳ ආත්මාර්ථකාමී පටු බල අරමුණ වෙනුවෙන් පීලි පන්නවා ඇති නිසාදෝ මීට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිටියත් එදා චම්පික 17 වන සංශෝධනයේ ඇති දුබලතාවය ඉතාමත් නිවරදිව තක්සේරු කර තිබූ බව මෙයින් පැහැදිලි වේ. ඊට අමතරව එකල සාකච්චාවලදී රණවක මහතා මතු කල ප්‍රධාන තර්කයක් වූයේ මැතිවරණයකින් බහුතර චන්දයෙන් පත් වන ආණ්ඩුවේ අභිමතය යටකරමින් විපක්ෂයේ වැඩි ක්‍රියාකාරීත්වයකින් සමන්විත කොමිෂන් සභා හරහා රට පාලනය කිරීම කොතරම් ප්රචාතන්ත්රවාදීද - කොතරම් සදාචාරාත්මකද යුක්ති සහගතද යන්නයි.
අද ආණ්ඩු පෙරලීමට බටහිර බලපෑම් නැතැයි මේ පිරිසිදු ජනතා නැගිටීමක් - නිහඬ විප්ලවකැයි සහතික දෙන චම්පික රණවක මහතාම ඔවුන්ගේ ජනාධිපතිවරණයේ මුඛ්යම පොරොන්දුවක් වන 17වන සංශෝධනය සම්බන්ධයෙන් බරහිර රාජ්‍යන් දැරූ මතය එදා විස්තර කළේ මෙසේය.
"17 වන සංශෝධනය පිළිබඳ මුලින්ම යෝජනාවක් පැමිණියේ වෘත්තීයවේදීන්ගේ සංගමයෙනි. මෙහි අදහස වූයේ රාජ්‍ය අංශයත් අධිකරණයත් නිර්දේශපාලනීකරණයකට ලක් කිරීමයි. මෙම 17 වන සංශෝධනය ගැඹුරින් සාකච්ඡා කිරීමට නොහැකි වූයේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ තිබූ හදිස්සිය නිසාය. ආණ්ඩුව අස්ථාවරභාවයට පත්වී ඔවුන්ට බලයේ සිටීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනා අවශ්‍ය විය. තමන්ගේ සහයෝගය ආණ්ඩුවට ලබාදීමට නම් ජ.වි.පෙ. ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වූයේ 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමය. අනෙක් අතට එ.ජා.ප. යට අවශ්‍ය වූයේ 17 සංශෝධනය තුළින් චන්ද්‍රිකා කුමාරතුංගගේ බලතල සීමා කොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. ඒ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ බලය ලැබුණත් චන්ද්‍රිකා කුමාරතුංග පන්නා ගැනීමට නොහැකි වන බව දැනගෙන සිටි නිසාය. එයට අමතරව එකල මේ රටට උපදෙස් දෙමින් සිටි බටහිර බලවතුන්ට අවශ්‍ය වූයේද ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම හා මෙකී 17 වන සංශෝධනය වැනි යාන්ත්‍රණයක් තුළින් දේශපාලන බලය "අවතැන්" කරවීමටය.
චම්පික ඇමැතිවරයාගේ මේ කතාවෙන් පෙනී යන ප්‍රධාන කරුණ නම් 17 වන සංශෝධනයෙන් කිසිදු නිර්දේශපාලනීකරණයක් සිදුවී නැති බවයි. සිදුවී ඇත්තේ තිබුණාටත් වඩා දේශපාලනීකරණයකි. කොමිෂන් සභා සඳහා පත් කරගන්නා නියෝජිතයන් බෙදා ගැනීමට නොහැකිව 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක විය නොහැකි මට්ටමට අඩපණ වූ ආකාරයට මුළු රටම අක්‍රිය වීමට ඉඩක් එමගින් විවර වේ. චම්පිකම කියන "බටහිර බලවතුන්ට අවශ්‍ය වූයේද ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම හා මෙකී 17 වන සංශෝධනය වැනි යාන්ත්‍රණයක් තුළින් දේශපාලන බලය "අවතැන්" කරවීමටය" යන්නෙහි අරුත වැටහෙන්නේද එවිටය.
නමුත් අද සිදුව ඇත්තේ කුමක්ද?
අද චම්පිකලා නියෝජනය කරන්නේ මෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තය නොවේද? චම්පිකලා අද අපට කියන්නේ බටහිරයන්ද මේ අරමුණ පසෙකලා අපේ රටේ 'යහ පාලනය' ඇති කිරීමේ සත් ක්‍රියාවට දායක වූ බවද? මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමටත් ප්‍රථම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරට පාලකයන්ට උපදෙස් දෙන්නේ, එරිස් සෝල්හයිම් වැන්නන් නිදි මරාගෙන මැතිවරණ ප්‍රතිපළ අසමින් ජයග්‍රහණය භුක්ති විඳින්නේත් අපට යහපාලනය ගෙනෙන්නට ඇති පපු කැවුත්ත උණු වන උවමනාව වෙනුවෙන් බවද? එදා චම්පිකම කියූ මෙරට දේශපාලන බලය අවතැන් කිරීමේ බටහිර උපාය අද ඔවුන් විසින්ම ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් කර ගෙන ඇති බවද?
අද චම්පිකලා නියෝජනය කරන්නේ මෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තය නොවේද? චම්පිකලා අද අපට කියන්නේ බටහිරයන්ද මේ අරමුණ පසෙකලා අපේ රටේ 'යහ පාලනය' ඇති කිරීමේ සත් ක්‍රියාවට දායක වූ බවද? මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමටත් ප්‍රථම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරට පාලකයන්ට උපදෙස් දෙන්නේ, එරිස් සෝල්හයිම් වැන්නන් නිදි මරාගෙන මැතිවරණ ප්‍රතිපළ අසමින් ජයග්‍රහණය භුක්ති විඳින්නේත් අපට යහපාලනය ගෙනෙන්නට ඇති පපු කැවුත්ත උණු වන උවමනාව වෙනුවෙන් බවද? එදා චම්පිකම කියූ මෙරට දේශපාලන බලය අවතැන් කිරීමේ බටහිර උපාය අද ඔවුන් විසින්ම ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් කර ගෙන ඇති බවද?
ජාතික හෙළ උරුමය සංධානය තුලින් ගලවා
ගැනීමේ මෙහෙයුමේ ක්‍රියාකාරිකයකු වූ රාජිත සේනාරත්න මහතා පසුගියදා හෙළි කළ
පරිදි ඒ මෙහෙයුම තුලදී රතන හිමියන් රාජිතගෙන් බලය බෙදා හැරීම බලය බෙදා
හැරීම විමසූ පැනය අද අපට චම්පිකගෙන් අසන්නට සිදුවේ. ඒ චම්පික 17 වන
සංශෝධනය ගැන දැරූ මතය "Fundamental ද Political ද යන්නයි.
චම්පික රණවක මහතා අතින්ම මීට වසර හතර පහකට පමණ කලින් ලියවුනු පටිසෝතගාමීව තිස් වසක් යන ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ 17 වන සංශෝධනය පිළිබඳ ඔහු විසින්ම තබා ඇති සටහනයි මේ.
"17 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂම් සභා සඳහා ජාතිවාදී පදනමින්
ව්‍යාවස්ථා සභාව පිහිටුවීම විරුද්ධත්වය පළකළ එකම මන්ත්‍රී මම වීමි. පසුව 17 වැනි සංශෝධනය හා
ස්වාධීන කොමිෂම් පසුව විකාරයක් බවට පත්විය. ඇත්තටම පොදු පෙරමුණ හා ජ.වි.පෙ සති
දෙකක් පාලන බලය දිගුකර ගැනීම සඳහා කළ දේශපාලන විකාරයකි එය. දේශපාලනයෙන් තොර රාජ්‍ය සේවයක් ඉතා හොඳය. නමුත් අපි කරුණු
දෙකක් තේරුම් ගත යුතු වෙමු. ලංකාවේ සිදුවූ ලොකුම වංචා (වැට් වංචාව,හේජීන් සූදුව, රක්ෂණය හා තෙල්
පුද්ගලීකරණය) සිදුකළේ නිලධාරීන්ය. රාජ්‍ය සේවය දේශපාලන දූෂිතයන්ගෙන් ඉවත්කර
නිලධාරී දූෂිතයන්ට ලබාදීමෙන් පලක් නැත. දෙවැන්න රාජ්‍ය සේවා කොමිෂම් (රාජ්‍ය සේවා, මැතිවරණය, පොලීස්, නීති ) පත්කිරීම්
මූලික ව්‍යවස්ථා සභාව පත්කරන්නේ දේශපාලකයින්ය. එයද ජාතිභේදය අනුවය එහි සිංහලනියෝජනයක් නැත. මෙසේ හෙයින් එකී 17වැනි සංශෝධනයට එරෙහිවූ එකම මන්තී‍්‍ර ලෙස අදටත් මට ආඩම්බරයක් දැනේ.
-චම්පික රණවක
-පටිසෝතගාමීව තිස්වසක්
චම්පික රණවක මහතා තමන්ගේ පූර්ව මතය ගැන දැරූ ආඩම්බරය සහ අද අද ඔහු රඟපාන ජඩ අවස්ථාවාදී භූමිකාව දෙස බැලීමේදී කණගාටුවෙන් නමුත් පැවසිය හැක්කේ අපට නම් ඇතිවන්නේ ආඩම්බරයක් නොව පිළිකුළක් , ජුගුප්සාවක් බවයි.
චම්පික 17 වගේම 13 ත් පොලිටිකල් මිසක් ෆන්ඩමැන්ටල් නෙමේ කියලා දැන් තේරෙනවා නේද?
ReplyDelete17 ,13 පමණක් නොව චම්පිකලාග් සම්පූර්ණ ජාතිකත්ව මවාපෑමම FUNDAMENTALනොව POLITICAL බව දැන් උවමනාවටත් වඩා හොඳින් පැහැදිලි වෙලා ඉවරයි.
Deleteඊයේ රතන හාමුදුරුවො එක තවත් තහවුරු කලා " අපි කවදාවත් සිංහල බෞද්ධ ජාතිකත්වය මූලික කරගෙන දේශපාලනය කලේ නෑ" කියල.
චම්පිකලා සියල්ල කරමින් ඉන්නේ " බලය සහ බලය " වෙනුවෙන්.
උගත් වියත් යැයි උජාරු වන මධ්‍යම පාන්තික හිස් මිනිස්සුන්ට මේවා වැටහෙන විට බොහෝ ප්‍රමාද වේවි.
ඡන්දෙට කලින් ඉදලම මුන් ගැන සහ වෙන්න යන දේ ගැන යුතුකම සංවාදකවය හරියටම කිව්වා. ප්‍රණාමය!
ReplyDeleteසිංහලයාගේ බලය නිෂේධනය කරන බෙදුම්වාදී විළිය වසන වැරහැල්ල - See more at: http://www.yuthukama.com/2014/12/Veraheli.html
අද සියළුම බෙදුම්වාදීන් එක පැත්තකට එක් වී සිටිත්. අපගේ සහෝදර දමිළ සහ මුස්ලිම් ජනතාව අතරින් බෙදුම්වාදයට විරුද්ධ බොහෝ පිරිසක් සිටියද ඔවුනතරින් බහුතරයක් තවමත් සිය ජාතිවාදී නායකයන්ගේ බසට ඇහුම්කන් දෙන්නන්ය. ඒ නිසාම බෙදුම්වාදයට එරෙහි වෙමින් මෙරට ඒකීයභාවය රැකගැනුමට වැඩි වගකීමක් ඇත්තේ බහුතර සිංහලයන්ටය. අවාසනාවකට මෙන් මේ පිලිබද වගේ වගක් නැතිව පක්ෂ පාට බදා ගෙන දෙකට බෙදී සිය බලය නිෂේධනය කරගෙන ඇත්තේද සිංහලයන්ය. අද, චම්පික සහ සිරිසේන සිංහලයාගේ බලය නිෂේධනය කරන බෙදුම්වාදී විළිය වසන වැරහැලි පමණි. - See more at: http://www.yuthukama.com/2014/12/Veraheli.html
ReplyDeleteඅවුලක් නෑ. චම්පික ඉන්නවනේ!
ReplyDeleteහිත හදාගෙන my3 ට චන්දය දුන් සිරි ලංකා කාරයා..
දැන් චම්පික රණවකට අවශ්‍ය ජාතික නායකයෙක් වීමට. සිංහල බෞද්ධ ලේබල් එක තියාගෙන ඒක කරන්න බැහැ. ඒ නිසා තමයි දැන් මිනිහා සිංහල බෞද්ධ මතවාද වලට පහර දීලා, රාජපක්ෂ රජයේ දූෂණ ගැන මතයන් පමණක් ඉස්මතු කරලා, තමන්ගෙ දේශපාලන අතීතය සිංහල බෞද්ධ නොවන ජනතාවට අමතක කරවන්න උත්සාහ කරන්නෙ. මේක තනිකරම බලලෝභයේ ප්‍රතිඵලයක්! මේක චම්පිකට විතරක් නෙවෙයි වර්තමාන දේශපාලකයන්ගෙන් බහුතරයකට පොදු තත්වයක්.
ReplyDeleteපාඨලී චම්පික රණව-කපටිසෝතගාමීව තිස් වසක්
ReplyDeleteChampika,
ReplyDeleteyou are a real gentleman in the country.go ahead.dont care about biayans voice