1/15/2015

වර්තමාන දේශපාලන තත්වය සහ ජාතිකත්වයේ ඉදිරි ගමන් මග

කතෘ:යුතුකම     1/15/2015   5 comments

පළමුවම අභිනවයෙන් පත් වූ ජනාධිපති තුමාට සුබ පතන අතර, ඔහුට ජාතික චින්තන ලෝක දැක්මක් සහිත පාලනයක් ගෙන යෑමට අවශ්‍ය සියළු ශක්තිය ධෛර්යය ලැබේවායැයි පතමු!

ඒකීය භාවය සහ බෙදුම්වාදය

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමත් එතුමා නැවතත් නොබෙදූ රටක බලය බෙදා ගැනීමට සියළු පාර්ශව එකඟ වූ බව පැවසීමත් පළමු ජාතිය ඇමතීමේදී සිදු විය. මේ නොබෙදූ රටක බලය බෙදා ගැනීම ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කරන්නේ ඒකීය රට නම් නොවන බව නොදන්නා අය සිටී දැයි නොදනිමි. ඒකීය වචනය එතුමා නොදන්නා වචනයක්ද විය නොහැක. ඒකීය යන වචනය ඇලජික් වූ නායකයින් දෙදෙනාම පළමු වතාවට එක පිළක එකට අත් වැල් බැඳගෙන ඇත. ඒ පිළට තවත් බෙදුම්වාදී ( ඒකීය වාදී නොවන අර්ථයෙන් ) පක්ෂ එකතු වී ඇත. ඊට අමතරව එපිළේ මතවාදී දිශානතියද ඒකීය රාජ්‍යකට වඩා එක්සත් රාජ්‍යයක දිශාවකට වැටී ඇත. එපිළේ මැතිවරණ ප්‍රකාශයට ඒකීය රාජ්යය යන වචනය සෘජුව ඇතුලත් කරද නැත. පාරවල් කන්නද ඇසුවා සේම කෙනෙක්ට රටේ ඒකීය භාවය කන්නද යනුවෙන් ඇසිය හැකිය. ඇත්තටම 1999 වකවානුවේ එහෙම ඇසූ පිරිස්ද සිටියහ. නමුත් 2005 වන විට රටේ ඒකීය භාවය රැක ගත යුතුය යන මතයේ බහුතර ජනයා සිටි බව අවිවාදිතය. රටේ ඒකීය භාවය අපි 2009දී ලබා ගත්තේ මිල කල නොහැකි ජීවිත ගණනාවක් බිල්ලට දීය. අප සාපේක්ෂව සැප ජීවිත ගෙවද්දී අප සහ රටේ ඒකීය භාවය වෙනුවෙන් අප වැනිම මිනිසුන් තම ජීවිතය පරදුවට තබා සටන් කොට එය නැවත අපට ලබා දී අවුරුදු 4ක්වත් ඉක්ම ගොස් නැත. රටේ බහුතරයට රටේ ඒකීය භාවය තවමත් තීරක සාධකයක් බව මම විශ්වාස කරමි. එසේ නොමැති නම්, අවුරුදු 4කට පෙර ඒ වෙනුවෙන් දිවි පිදූ සෙබළුන්ගේ ජීවිත අපරාදේය. ඒ අපරාදයට අපට සමාවක්ද නොලැබෙනු ඇත. දහස් ගණනක් ජීවිත පිදුවේ ඉන් වසර 4කට පසු ඒකීයභාවය අහෝසි කර ගැනීමට හෝ දුර්වල කර ගැනීමට නම් එය සාහසික අපරාධයකි. රටේ ඒකීයභාවය සිංහල දෙමළ මුස්ලිම් සියළු ජන කොටස්වලට දීර්ඝ කාලීනව කා කොටා නොගෙන ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් යැයි සිතමි. නමුත් මගේ දැක්ම අනුව එයට තර්ජනයක් දැන් මතු වී ඇත.

ඒකීයභාවය ගැන දැන් කතා කිරීමට සිදු වී ඇත්තේ ඇයි.

මේ ජනාධිපතිවරණයත් සමඟ බෙදුම්වාදී උවදුර නැවතත් හිස එසවීමේ විභවයක් ඇති බව මට සිතේ. මේ පිළිබඳ සැකය සැකයක්ම වෙනවා නම් වඩාත්ම කැමති වන්නේ මමය, එය බොරු වේවා යැයිද පතමි. නමුත් එය සාධාරණ සැකයක් වීමට හේතු ඇත. ඊට හේතුව නම් ජනාධිපති වරණයට තරඟ කල සිරිසේන මහතාගේ පිළ වටා බෙදුම්වාදීන් ( රටේ ඒකීයභාවයට අහිමි වීම ප්‍රශ්නයක් නොවන ලෝක දැක්මක් සහිත යන අර්ථයෙන් ) කේන්ද්‍ර ගත වීමත් ඔවුන් මෙහෙයවන මතවාදය බෙදුම්වාදයට බර වීමත් ඔවුන් මැතිවරණය ජයග්‍රහණය කිරීමත්ය. චන්‍ර්ද්‍රිකා, රනිල්, රාජිත, මංගල මහත්ම මහත්මීන් වැනි අංක එකේ බෙදුම්වාදීන් දේශපාලන තලයේද, නිර්මාල් රංජිත් මහතා වැනි බෙදුම්වාදීන් මතවාදී තලයේද එක් රැස් වී ඇත. ඒ අතරම මේ ව්‍යාපාරය පිටුපස බෙදුම්වාදයට උඩගෙඩි දෙන විදේශ බළල් අත් ඇති බව ඉතාම පැහැදිලිය. අද ප්‍රභාකරන් නැති නිසා බෝම්බ කාළ තුවක්කු නැත, එනිසා බෙදුම්වාදී තර්ජනය සමාන්‍ය ජනයාට ඇඟට දැන්නෙන්නෙ නැත. ඒ අනුව බෙදුම්වාදීන් මතවාදීව මෙන්ම දේශපාලනිකවද ශක්තිමත් වී ඇත. දැනට සිටින විපක්ෂය පහුගිය මැතිවරණයේදි නියෝජනය කලේ ඒකීයවාදී කඳවුරය. එ අනුව එය පැහැදිලිවම දේශපාලනිකව පරාජය වී ඇත. ඒ සඳහා මතවාදීව සහය දුන් කණ්ඩායම් දුර්මුඛ වී ඇති හෙයින් මතවාඳිවද එය තාවකාලිකව පරාජයට ලක්වී ඇත. ඒ අනුව සම්ප්‍රයුක්ත ප්‍රථිඵලය නම් එකීය වාදී කඳවුරට වඩා බෙදුම්වාදී කඳවුර බෙහෙවින් ශක්තිමත් වී ඇත යන්නයි. භයානකම කරුණ නම් ඔවුන් මෙවර එක් රැස් වී ඇත්තේ "යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය" යන රූකඩ සටන් පාඨය යටය. "යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය" යන සටන් පාඨය යට මේතාක් බිහි වූ සාන්ද්‍රම බෙදුම්වාදී කඳවුර බිහිවී ඇති බව පැහැදිලි විය යුතුය. මෙය 1994ටද වඩා දරුණු තත්වයක් යැයි මට සිතේ. ඒ මතවාදය සහ දේශපාලනය සැකසුණු ආකාරයයි.

පහුගිය මැතිවරණයේදී පොදු ජන විඥාණය සැකසුණේ කෙසේද? උතුරු නැගෙනහිර ජනයා ඡන්දය දීමේදී වාර්ගික විඥාණය පාදක කොටගෙන ඡන්දය පාවිච්චි කර ඇත. ( අළුත්ම තත්වය මෙවැනි ප්‍රකාශයක් කල පමණින් ඔවුන්ට ජාතිවාදී ලේබලය ඇලවීමයි. ලේබල් අලවාගෙන හෝ මෙය පැහැදිලි කල යුත්තේ පේන උවදුරකින් රට බේරා ගැනීමට ජන මනස සැකසිය යුතු බැවිනි. නැවතත් මේ උවදුර පිළිබඳ සැකය බොරුවක් වෙනවා නම් වඩාත්ම කැමති වන්නේ මමය, එය බොරු වේවා යැයිද පතමි. ). ඊට හේතුව ඔවුන් නියෝජනය කරන පක්ෂ තවමත් බෙදුම්වාදය දිශාවට ඔවුන්ව යොමු කරමින් සිටීමය. නමුත් ඒ පක්ෂ සහ නායකයින් ජාතිවාදී නොවේ !.  ඊට සාපේක්ෂව දකුණේදී සිංහල ජනයා අඩු වාර්ගික විඥාණකින් ඡන්දය ප්‍රකාශ කර ඇත. වෙනත් ආකාරයට කිව හොත්, "යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය" යන සටන් පාඨයට දකුණ උතුරට වඩා සංවේදී වී ඇත. වාර්ගික විඥාණයට උතුර, දකුණට වඩා සංවේදී වී ඇත, ඇත්තටම සංවේදී කර ඇත. එසේ දකුණේදී වාර්ගික විඥාණයට අඩු සංවේදීව ඡන්දය පාවිච්චි කිරීම හොඳ ප්‍රවණතාවයකි. නමුත් දැන් මෙහි පැහැදිලි අසමමිතියක් ඇත. සුළු ජනකොටස් අතර වාර්ගික විඥාණය ත්‍රිව්‍ර වී ඇති අතර ප්‍රධාන ජන කොටසේ වාර්ගික විඥාණය තුනී වී ඇත. මෙය සමතුලිත තත්වයක් නොවන බව පැහැදිලි විය යුතුය. මේ අසමතුලිතතාවය එලිවීම වැලැක්වීමට මාධ්‍ය වාරණ, ජාතිවාදී හංවඩු ගැසීම්, සිංහල බෞද්ධයාට තඩි බෑම් වැනි ළාමක උපක්‍රම වලින් නොහැකිය. එයින් ප්‍රශ්නය යටගොස් වඩාත් තීව්‍රව අනාගතයේදී මතු වනු ඇත.

ජාතිවාදය අවුස්සන්නේ කවුද?

දැන් මෙය බෙදුම්වාදයට තෝතැන්නකි. පාලනය දේශපාලනිකව සහ මතවාදීව බෙදුම්වාදී වී ඇත්තේ යහපාලන ප්‍රෝඩාව නැමති නංගී පෙන්වමින්ය. ඒ අතර මහ ජන කොටස බෙදුම්වාදී අනතුරට සංවේදි නොවන, වාර්ගික විඥාණය තුනී වූ පසුබිමකද සුළු ජනකොටස් බෙදුම්වාදී වාර්ගික විඥාණය තීව්‍ර වූ පසුබිමකටද සීරු මාරු වී ඇත. පැහැදිලිව වටහා ගත යුතු කරුණ නම් මෙතන සිදු වී ඇත්තේ සිංහල බෞද්ධයා පැරදී දෙමළා සහ හම්බයා දිනීම නොවේ. සිංහල බෞද්ධයා පැරදී, ඒ නිසාම දෙමළාද හම්බයාද පැරදීමයි. රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වන සිංහල දෙමළ මුස්ලිම් ජනයා සමාන වන්නේ ගඩාෆි මරා සතුටු වන ලිබියා වැසියන්ටය. අද ලබන සතුට නිසා අනාගත උවදුර ඔවුන්ට නොපෙනේ. ඇත්තටම ඔවුන් පව්ය. මේ ආණ්ඩුව යූ එන් පී එකක්ද ශ්‍රි.ලංකා එකක්ද යන්න ඉදිරියේදී තවත් අපහැදිලි වන තත්වයක් තුල පක්ෂ විඥාණයෙන් සතුටු වන ජනයා පවේත් පව්ය. මේ අතර පැරදුන සිංහල බෞද්ධයා දැක කල දුටු කල වල ඉහ ගන්නෝ එමටය. තමන්ගේ අතීත සිංහල බෞද්ධ ඇරියස් පියවා ගැනීමට ඔවුන් මේ අවස්ථාව යොදා ගනියි. ඒ වාගේම ඊනියා සුළු ජාතික අසාධාරණකම් සඳහා නොබෙදූ රටක බලය බෙදීම් වැනි සුන්දර වචන යට සඟවා බෙදුම්වාදී පැල සිටවන්නෝද මේ අවස්ථාව යොදා ගනු පෙනේ. පන්ති විඥාණයක් සඳහා පෙනී සිටිමින් ඊනියා ම්ලේච්ච, මරි මෝඩ, ලේ පිපාසිත, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් නම් ෆැන්ටසියක් මවාගෙන එයට පහර දෙන මන්ද මානසිකයෝද මේ අවස්ථාව යොදා ගනි. මේ සියල්ලක්ම ඉදිරිපත් කරන්නෙ ප්‍රශ්නයට විස දුම් මිස විසඳුම් නොවේ. මේවායින් ජාතිවාදය තවත් වටයකින් අලුත් වීම මිස විසඳිම සිදු නොවේ. මේ ක්‍රියාවන්ට සහාය දෙන්නන් සහ මේ මත පතුරන්නන් සැබෑ ලෙසම ජාතිවාදය අවුස්සනන් වේ. මේ අවස්ථාවේ මාධ්‍ය වාරණ මහින් ප්‍රශ්නය යට ගසා පැලැස්තර විසඳුම් යෙදීම විකාරයකි.

මේ සඳහා විසඳුම කෙටියෙන් පවසන්නේ නම්, සිංහල බෞද්ධ සංස්කෘතිය තුල නව ජාතිය ගොඩ නැංවීමට පියවර ගැනීමයි. එක් ජාතියක් තුල සිංහල, දෙමළ මුස්ලිම් ජනයාට තම අනන්‍යතා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සංස්කෘතිමය වටපිටාව සලසා දී ඒ සඳහා කාලය ලබා දීමයි. ඒ සඳහා මෙරට සුදුසුම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. සිංහල බෞද්ධ සංස්කෘතිය අතීතයේ පටන්ම විවිධ ජනවර්ග එකතු කිරීමෙන් ජාතිය නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත. ඒ සංස්කෘතියේ ජනවර්ග එකතු කිරීමේ ජාන ඇත. ඒ සංස්කෘතියට ජාතිය අනුකලනය කිරීමට කල පුරුද්ද පල පුරුද්ද ඇත. නමුත් ඒ සඳහා "මහ ජනවර්ගය" එම සංස්කෘතිය මත ශක්තිමත්ව සිටගෙන අනෙක් ජනවර්ග ජාතියට එක් කර ගැනීමට දක්ෂ විය යුතුය. මේ කිසිම කාරණාවක් ප්‍රමාණවත් මට්ටමකට ඉටු කර ගැනීමට පහුගිය පාලනය හරහා නොහැකි විය. එයට පාලනය මෙන්ම මතවාදී කඳවුරද වගකිව යුතුය. අනෙක් අතට වසර 30ක් තිස්සේ පැවති වාර්ගික විඥාණය මත පදනම් වූ ත්‍රස්තවාදයක් හමාර වී ගෙවී ඇත්තේ වසර 4කි. සියළු වාර්ගික විඥාණයන් දුරලා නව ජාතියක් බිහි කිරීමට ඒ වසර 4 කෙසේවත් ප්‍රමාණවත් නැත. නමුත් අවම වශයෙන් ඒ සඳහා පදනම වැටී තිබිණි. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? බෙදුම්වාදය තීරණාත්මකව පරදා ජාතිය ගොඩ නැගීම යන සැබෑ විසඳුම වෙනුවට බෙදුම්වාදී ගිනි පුපුරු පවතිද්දීම "යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය" යන උඩින් පාත් වූ සටන් පාඨයක් ගෙනවිත් අත ඇරීමය. සරලව කිවහොත් බෙහෙත දෙන්නේ ලෙඩේට නොවේ.

ජනාධිපතිවරණය හරහා අපට විධායකයට බලපෑම් කිරීමේ හැකියාව අහිමි වුවද, දෙවැනි අවස්ථාවක් ව්‍යවස්ථා සංශෝධනයට පසුව එන මැතිවරණයෙන් සැලසෙනු ඇත. ජනාධිපති හරහා බැරි නම්, අගමැති හරහා විධායකයට බලපෑම් කිරීමෙ හැකියාවක් අප සාදා ගැනීමට වෙර දැරිය යුතුය.

සංධාන බල කඳවුර හරහා ගත යුතු ක්‍රියාමාර්ග.

සංධාන පාලනය තුල විවේචනයක් තිබුණේ නම් තිබුණේ 2009ට පසු රටේ ඒකීය භාවය තව දුරටත් ස්ථාවර කිරීමට 13 අහෝසි කිරීම, ජාතිය ගොඩ නැගීමට ප්‍රමාණවත් සහයක් නොලැබීම, පටු වාර්ගික කල්ලි කණ්ඩායම්වලට හිස එසවීමට ඉඩ දීම වැනි කාරණා සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකරීම ගැනය. නමුත් 2005 රට බාර ගත් තැන සිට රටේ ඒකීය භාවය තහවුරු වන දිශාවට මිස ඒකීය භාවය දුර්වල වන දිශාවට එම පාලනය තුල ගමන් කලේ නැත. අවම වශයෙන් සංධාන බල කඳවුරේ මේ තත්වය තවදුරටත් රැක ගැනීම කල යුතුය. එයින් එහාට ලැබෙන ජයග්‍රහණ බෝනස්ය. දැනට ඇති වී ඇති නායකත්ව අර්බුදයෙන් මේ අරමුණ ස්වායත්තය. නායකයා රාජපක්ෂ මහතා වුවද, සිරිසේන මහතා වුවද මේ අරමුණ මේ බල කඳවුර හරහා සාක්ෂාත් කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතුය. රාජපක්ෂ මහතා හරහා මේ තත්වය රැක ගැනීම වඩා පහසු වනු ඇත. යම් ලෙසකින් සිරිසේන මහතාට එම බලය ලැබුනහොත්, ඔහු හරහාද මෙයට ඉඩක් ඇත. නමුත් ඔහුට ඒ සඳහා යම් ප්‍රමාණයක උඩු ගම් බලා යෑමක් සහ දැඩි තීන්දු ගැනීමට සිදු වනු ඇත. එවැනි තත්වයක් ඇති වුවහොත් ඔහුට හැකි සෑම අයුරුන්ම සහය විය යුතුය. කුමාරතුංග මහත්මිය අතට සංධානය හෝ ශ්‍රි.ලං.නි.ප පත්වීම කෙසේ හෝ වැලැක්විය යුතුය.මේ කඳවුරේ විමල්, මහින්ද, ගම්මන්පිල සහ ගෝඨාභය යන මහත්වරු අපට ප්‍රයෝජනවත් පුද්ගලයින් යැයි සිතමි. සංධාන බල කඳවුරු බෙදීමක් සිදු වුවහොත්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වහාම සංධානයේ මතවාදී දේශපාලනය ජාතික චින්තන ලෝක දැක්මට යට කිරීමට කටයුතු කල යුතුය.

ආණ්ඩු පක්ෂ බල කඳවුර හරහා ගත යුතු ක්‍රියා මාර්ග.

මේ කඳවුර හරහා බෙදුම්වාදී යෝජනා ගෙන එම වැලැක්වීම කර ගත යුතුය. එතනින් එහා ලැබෙන ජයග්‍රහණ බෝනස් වේ. ඒ සඳහා කරු, සජිත් ආදී ගැමි ඡන්ද පදනමින් එන දේශපාලකයින් යොදා ගත හැක. හෙළ උරුමය පාර්ශවය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති නමුත් ඔවුන් සමඟ කරන ගනුදෙනුවක් ලෙස මේ සඳහා ප්‍රවිශ්ඨ විය හැක. අනෙක් අතට මේ පාර්ශවය පිටු පස සිටින සංඝයා වහන්සේලා හරහා බලපෑමක් කිරීමට අවශ්‍ය විභවය සකසා ගත යුතුය. අවසානයේ ජාතියේ ආරක්ෂාවට කවදත් සිටින මහා සංඝරත්නයේ පිහිට මෙහිදීද පතන්නට වනු ඇත. ඒ ඇරෙන්න ආණ්ඩු පක්ෂය හරහා ජාතිකත්වයට ජයග්‍රහණ ලබා ගත හැකි වැඩිම අවස්ථාව ඇත්තේ සිරිසේන මහතා තම පොරොන්දු කඩ කරමින් රනිල්,චන්ද්‍රිකා චින්තනයට හිස එසවීමට ඉඩ නොදී තම ගැමි පදනම මත පදනම් වී පාලනයක් ගෙන ගිය හොත්ය. ඒ සඳහා ලැබෙන සෑම අවස්ථාවකදීම හැකි සෑම අයුරින්ම සහය දිය යුතුය. වර්ථමාන තත්වය තුල ආණ්ඩු පක්ෂ බල කඳවුර ජාතිකත්වයට නැඹුරු කිරීම විපක්ෂය එසේ කිරීමට වඩා අපහසු බව කිව යුතුමය.

අධිශ්ඨානය

අවසාන වශයෙන් ජාතිකවාදී හම් පොරවාගෙන ජාතිකවාදී සටන් පාඨ සහ සටන් තම අතට ගෙන ඒවා අවස්ථාවාදයට සහ පටු අරමුණු වලට යොදවන පක්ෂ/සංවිධාන/පුද්ගලයින් හඳුනාගමු, ඔවුන් පිළිබඳ සැලකිලිමත් වෙමු. ගිණි පෙනෙල්ලෙන් බැට කා ඇති මොහොතක කණා මැදිරි එළියටද සංවේදී වෙමු. එවන් අවස්ථාවල ඔවුන් තීරණාතමකව පරදවමු. තම තමන් ආස දේශපාලන පක්ෂ වලට ඇල්ම තුනී කරගනිමින් ජාතිකත්ව අරමුණු පක්ෂ හරහා මතු කර ගැනීමට වැර දරමු. මේ ඉතාමත් අසීරු අවස්ථාවක් බව නොකිව මනාය. උකටලී නොවෙමු. නොසැලී ඉදිරියට යමු. අවශ්‍ය වුවහොත් මුල සිටම අරඹමු. සියළු ජනකොටස් කෙරෙහි අනුකම්පාවෙන් ඒකීය රාජ්‍යය සඳහා පෙළ ගැසෙමු.
 

-චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. මහින්ද-මෛත‍්‍රී හමුවේ.. ශ‍්‍රීලනිප නායකත්වය මෛත‍්‍රීට

    ඔක්කොම වතුරේ.....
    රට ඉවරයි..... :(

    ReplyDelete
  2. සමාජ ගත විය යුතු මාතෘකාවක්. දැන් දුෂණ සහ වංචා අල්ලනවා පෙන්නගෙන යටින් ෆෙඩරල් ගේම යන්න පුළුවන් නිසා විමසිලිමත් විය යුතුය

    ReplyDelete
  3. උඹලගෙ ගුණදාස ලොක්ක තවම ඉන්නවද බන්? චන්දෙන් පස්සෙ දැක්කෙත් නෑ. වලකජ්ජ ගැහුවද ෂොක් එකට?

    ReplyDelete
  4. " යහපාලන " තිරයෙන් වසාගත් "බෙදුම්වාදී" නාටකය.
    ජවනිකා අංක 1 : මංගල සමරවීර නමැති ෆෙඩරල් වාදියා විදේශ ඇමති ලෙස පත්වීම.
    ජවනිකා අංක 2 : කරුණාරත්න පරණවිතාන නමැති ෆෙඩරල් වාදියා ජනමාද්‍ය ලේකම් ලෙස පත්කිරීම
    ජවනිකා අංක 3 : ජි ඒ චන්ද්‍රසිරි මහතා ආණ්ඩුකාර දුරයෙන් පහ කිරීම.
    එලියට පෙන්නේ යහපාලන තිරේ විතරයි. මෙන්න ඇතුලේ යන ජවනිකා.. විමුක්ති අනාගත ජනාදිපති කුමාරයා කියන දේ තම කියන්න තියෙන්නේ..සිංහලයෙක් වීම ගැන ලජ්ජා වෙමි,

    ReplyDelete
  5. pau lankawa

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions