1/21/2015

බෙදුම්වාදය ශක්තිමත් කරන ඉඩම් පොලිස් බලතල සහිත 13+ ? - අග්‍රාමාත්‍ය රනිල් NDTV සමග පැවැත්වූ සාකච්චාව

කතෘ:යුතුකම     1/21/2015   3 comments

මාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජෛන් මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද සාකච්ඡාවක් ඉන්දීය එන්.ඩී.ටී.වී රූපවාහිනිය පසුගිය දා විකාශය කරන ලද අතර, දැන් එම සාකච්ඡාව එන්.ඩී.ටී.වී නිළ වෙබ් අඩවියේ පළ වී ඇත. ඉංග්‍රීසි බසින් කරන ලද එම සංවාදයේ සිංහල පරිවර්තනයක් යුතුකම පාඨකයන් වෙත අපි මෙසේ ගෙන එමු. මෙහි දී අසනු ලබන ප්‍රශ්න වල අඩංගු මතවාද එම මාධ්‍යවේදියාගේ මතවාද වන අතර එය අපේ මතය නොවන බව කරුණාවෙන් සලකන්න.

මාධ්‍යවේදියා: ජනාධිපති සිරිසේන මහතා දිවුරුම් දීමත් සමග ම අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත තුන්වන වරටත් දුවුරුම් දුන්, ශ්‍රී ලංකාවේ වඩාත් පරිණත දේශපාලඥයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තියුණු විජයග්‍රහණය සිදු නොවනු ඇතැ යි බොහෝ දෙනා විශ්වාස කරනවා.  වික්‍රමසිංහ මහතාණෙනි, මා සමග එකතු වීම ගැන ඔබට බෙහෙවින් ම ස්තුතිවන්ත වනවා. එසේ ම, ඔබ නොවන්නට සිරිසේන මහතාගේ ජයග්‍රහණය සිදු  නොවනු ඇති බව පැවසීම සාධාරණ තක්සේරුවක් නොවේ ද? මේ මැතිවරණයේ දී සැබෑ රජුන් තනන්නා වුනේ ඔබ නොවේ ද?

වික්‍රමසිංහ මහතා: රජුන් තනන්නන් වුනේ වෙනසක් ඉල්ලා සිටි ජනතාව යි. ඔවුන්ට රජෙක් අවශ්‍ය වුනේ නෑ.  ඔවුන්ට අවශ්‍ය වුනේ ජනාධිපතිවරයෙක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යි. මේ නිසා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.  ඒ.ජා.ප. ය විපක්ෂයේ විශාලම පක්ෂය වුනා වගේ ම පැහැදිලිව ම බිම් මට්ටමේ සංවිධාන කටයුතු සිදු කළා, උතුරු පළාතේ හැර.  
මාධ්‍යවේදියා: නමුත්, ඔබ දන්නවා, බොහෝ දෙනෙක් විශ්වාස කළ වෙනස එළඹුනා සාමකාමීව, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ බලය අල්ලා ගැනීමේ උත්සාහය ගැන පුවත හැරුණු විට.  එසේ ම, ඔහු මුණ ගැසීමට ඔබ අරලිය ගහ මන්දිරයට පාන්දරින් ම පැමිණියා වගේ ම ඔහු අවසානයේ දී බලය අත හැරියා. ඔහු එක වරම එසේ කළා ද නැත්නම් කිසියම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් තිබුණා ද? 


වික්‍රමසිංහ මහතා: ජනාධිපති රාජපක්ෂ මහතා මට පණිවුඩයක් ඒවා තිබුණා, ඔහුට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙස.  දුරකතනයෙන් කතා කරනවාට වඩා මම එහි පැමිණීම හොඳ බවත්, බලතල හුවමාරුව සාකච්ඡා කරන බවත් මම පැවසුවා. මම එහි ගිය විට රාජපක්ෂ ජනාධිපතිවරයා බලතල අත හැරියා වගේ ම, බලතල හුවමාරුව ගැන විස්තර අපි සාකච්ඡා කළා. 

මාධ්‍යවේදියා: ඔහු කලබලයක් හෝ එවැනි දෙයක් කළේ නැත්ද?

වික්‍රමසිංහ මහතා: නෑ. මා ඔහු හමුවන විට කිසිම කලබලයක් තිබුණේ නෑ.

මාධ්‍යවේදියා: නමුත්, ඔබ දන්නවා, මෙම රජය පිටුපස සිටින සැබෑ බලවේගය ඔබ බවත්, මෙය රනිල් වික්‍රමසිංහ රජයක් වීමට යන බවත්, සිරිසේන රජයක් නොවන බවත් බොහෝ දෙනා සිතන බව පැවසෙනවා.  මේ කතාව සැබෑවක් ද?

වික්‍රමසිංහ මහතා: හොඳයි, අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා වගේ ම, රජය සමන්විත වන පක්ෂ එකාබද්ධව පාලනයේ යෙදෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මාසයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අපට අවශ්‍ය යි. ඊළඟට ජුනි මාසයේ, බොහෝ විට මැයි හෝ ජුනි මාසයේ, අපි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා.  අගමැතිවරයා සහ රජයේ ප්‍රධානියා වන්නේ කවුදැ යි ජනතාවට එහි දී තීරණය කළ හැකි යි. 

මාධ්‍යවේදියා: හොඳයි.  ඔබ රජය අන්තර්කාලීන රජයක් (transitionary government) බව ඔබ කියන නමුත් සියලු කැබිනට් ඇමතිවරු ඔබේ පක්ෂයෙන් පත්ව ඇති නිසා බොහෝ දෙනෙක් හිතන්නේ එය වික්‍රමසිංහ රජයක් බව යි.

වික්‍රමසිංහ මහතා: නෑ. මම කලින් පැවසූ ආකාරයට, ඒ.ජා.ප.ය තමයි ප්‍රධාන පක්ෂය. එම නිසා බහුතර ඇමතිවරුන් පත්ව ඇත්තේ ඒ.ජා.ප.යෙන්. නමුත්, අපි විශේෂයෙන් ම, ජනාධිපති රාජපක්ෂ මහතාට සහය දුන් ශ්‍රී.ලං.නි.ප. සාමාජිකයන්ටත් අමාත්‍යංශ කිහිපයක් ම ප්‍රදානය කළා. 

මාධ්‍යවේදියා: ඉන්දියාවේ අවධානය යොමුව ඇති ප්‍රධාන ගැටළු තුනක් දෙස දැන් අපි යොමු වෙමු. අංක එක, ඔබ දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනය ලබා දෙනවා ද? නැත්නම් එය හුදෙක් කඩදාසියකට පමණක් සීමා වෙයි ද?

වික්‍රමසිංහ මහතා: හොඳයි. එකඟතාවය වුනේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යි. එය තමයි, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කලෙත්. ප්‍රතිපත්තිමය විදිහට සියලු දෙනා එකඟ වෙලා තියනවා, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට.

මාධ්‍යවේදියා:
ඔබ ඊට එකඟ යි?

වික්‍රමසිංහ මහතා: එය යි අපේ මතය. අපි සාකච්ඡා කරන්නේ පොලිස් බලතල ගැනත් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැනත් පමණ යි.

මාධ්‍යවේදියා: ඒත්, එය තමයි ප්‍රධාන ම දේ.

වික්‍රමසිංහ මහතා: නෑ. පොලිස් බලතල කියන්නේ පළාත් බද විෂයක් වුනත්, යම් ගැටළු කිහිපයක් තියනවා. අපි ස්වාධීන කොමිසම ගෙනාවට පස්සේ, අපි එය කරන්නේ කොහොමද? එය සහතික කිරීමට...රටේ ලොකු බියක් තියනවා, උතුරේ පමණක් නෙවෙයි, ඇමතිවරුන් නව දෙනා..මහ ඇමතිවරුන් පොලීසි ඔවුන්ගේ පුද්ගලික හමුදාවන් කර ගනීවි කියා. අපි සියල්ල ගැන සැලකිලිමත්. දෙමළ ජාතික සන්ධානය පවා එය දන්නවා. ඉන් ආරක්ෂා වීමට විධිවිධානයක් අප සොයා ගත යුතුයි.

මාධ්‍යවේදියා: නමුත්, ඔබ ප්‍රතිපත්තියක් ලෙස ඊට විරුද්ධ නැහැ? ඔබ පූර්ණ බලතල ලබා දීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ නැහැ.

වික්‍රමසිංහ මහතා: 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කෙරෙනවා. ඊළඟට ප්‍රශ්නයක් මතු වෙනවා, ස්වාධීන පොලිස් කොමිසමක් පමණක් නොව ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ද ඇති කිරීමට නියමිත නිසා. එම නිසා එය පළාත් වලට කොහොම බලපානවද කියන එක සාකච්ඡා කළ යුතු යි.

මාධ්‍යවේදියා: දෙවැනි ප්‍රශ්නය ඇත්තෙන් ම, රාජපක්ෂ රජයේ අධි චීන හිතවාදී නැඹුරුව් ගැන යි. ඔබ එය නිවැරදි කරනවා ද? මන්ද එය ඉන්දියාවේ විශාල සැලකිල්ලට යොමු වූ ප්‍රශ්නයක්.

වික්‍රමසිංහ මහතා: අපි, සම්ප්‍රදාය වුනු ඉන්දියාව සමහ මිත්‍රත්වයේ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරනවා, චීනය, ජපානය සහ අනිත් රටවල් සමග අපේ මිත්‍රත්වය පවත්වා ගන්නා අතර ම.

මාධ්‍යවේදියා: නමුත්, රාජපක්ෂ යුගයේ දී චීනය දෙසට වූ නැඹුරුව ටිකක් දුර දිග ගියා කියන එකට ඔබ එකඟ ද? ගිවිසුම් ගණනාවක් ම අත්සන් කෙරුනා.

වික්‍රමසිංහ මහතා: මම හැම විටම කිව්වේ රාජපක්ෂගේ පාලනය ඉන්දියාවට විරුද්ධව චීනයත්, චීනයට විරුද්ධව ඉන්දියාවත් යොදා ගත්තා කියන එකයි. ඒක මහ නස්පැත්තියක් උනා.

මාධ්‍යවේදියා: එතකොට ගිවිසුම් ගැන මොකද කියන්නේ? බොහෝ ව්‍යාපෘති වලට රාජපක්ෂ මහතා ඔහුගේ කාලයේ අත්සන් කරලා තිබෙනවා.ජනාධිපතිවරයට අරමුදල් සැපයුවේ චීනය. ඉන් සමහරක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඔබ ම කියලා තිබෙනවා.

වික්‍රමසිංහ මහතා: විදේශීය හා දේශීය දූෂිත කොන්ත්‍රාත්තු ගැන අපි සොයා බලනවා. චීනය හෝ වෙනත් රටක් වුවත් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි වග බලා ගන්නවා. අපි පොර්ට් සිටි ව්‍යාපෘතියත් සමාලෝචනය කරනවා. මොකද අපි එහි ශක්‍යතා අධ්‍යයනය සහ පරිසර බලපෑම් ඇගයුම තවම දැකලා නැහැ. මම විපක්ෂයේ ඉන්න කාලේ, මම රජයෙන් ඇහුවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. ඔවුන් එය කළේ නෑ. ඒ නිසා අපි පාරිසරික සහ ශක්‍යතා පැතිකඩ දෙස බැලිය යුතුව තිබෙනවා.

මාධ්‍යවේදියා: ඔබ එය සොයා බලනු ඇති. එහි දූෂණ සිදු වුන බව ඔබ විශ්වාස කරනවා ද?

වික්‍රමසිංහ මහතා: අපි ප්‍රධාන වශයෙන් ම සොයා බලන්නේ එකී වාර්තා දෙක ගැන යි. දූෂණ තිබුණා ද නැත් ද කියන එක ඊළඟට අපිට දැන ගන්න පුළුවන්.

මාධ්‍යවේදියා: යුධ අපරාධ චෝදනා සම්බන්ධ ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ?

වික්‍රමසිංහ මහතා: සෑම විටම අපේ ස්ථාවරය වුනේ අප කරන සෑම දෙයක් ම අපේ දේශීය අධිකරණ අණසක තුළ සිදු කළ යුතු යි කියන එක යි.

මාධ්‍යවේදියා: එසේ නම් ඔබ කියන්නේ කිසිඳු ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ නොදෙන බව යි?

වික්‍රමසිංහ මහතා: නෑ, අපි කියන්නේ ශ්‍රී ලංකාව තුළ අපරාධයක් සිදු කර ඇති ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණය විභාගයක් පැවැත්විය යුතු බව යි.

මාධ්‍යවේදියා: එසේ නම් ඔබේ ස්ථාවරයත් කලින් රජයේ ස්ථාවරය ම යි? එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් පිළිගන්නේ නැහැ. ඔබ ඔබේ ම අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා?

වික්‍රමසිංහ මහතා: එක්සත් ජාතීන්ට ඔවුන්ගේ විමර්ශන වාර්තා ලබා දිය හැකි යි. මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ඔවුන් සමග සම්බන්ධ වී ක්‍රියා කරනවා. ඒකයි වෙනස. අපි මේ ප්‍රශ්න ගැන එ.ජා. මානව හිමිකම් කවුන්සිලය සමග සම්බන්ධ වී ක්‍රියා කිරීමට සූදානම්. අපි කියන්නේ ඕනෑම අපරාධ අධිකරණයක් ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ බව යි. ඕනෑම සිවිල් අධිකරණයක් ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාව තුළ බව යි. ශ්‍රී ලංකාවේ උසාවි පමණයි මේ ගැටළුව ගැන තීන්දු දිය යුත්තේ. ඉන්දියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය හෝ වගේ ම අපි කිසිවෙකුගෙන් වෙනස් වෙන්නේ නෑ. නමුත් අපි අධිකරණ පද්ධතියේ ස්වාධිපත්‍යය ප්‍රතිස්ථාපනය කරනවා.

මාධ්‍යවේදියා: හොඳයි, නමුත් ඔබ පිළිගන්නවා මෙම යුධ අපරාධ සිදු වූ බව?

වික්‍රමසිංහ මහතා: ඕනෑ ම මානව හිමිකම් උල්ලංගනය වීමක් ගැන අපි සොයා බලනවා. කෙසේ වෙතත්, එක්සත් ජාතීන් ඔවුන්ගේ ම වාර්තා එවීමට සූදානම්. ඉන් පසුව අපි තීරණය කරමු මොනවද කරන්නේ කියලා. අපි එකට සම්බන්ධ වී වැඩ කළත් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට යාමක් නෙවෙයි. යුධ අපරාධ වුනා ද නැත් ද කියන එකට පිළිතුර ඒක යි.

මාධ්‍යවේදියා: ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යයෙන් ම ඒකීය රාජ්‍යයක් ද? සිංහල රාජ්‍යයක් ද? නැතිනම් එහි සියලු ජනයා ජීවත් වන රාජ්‍යයක් ද? මෙය පසුගිය රජය සමයේ තිබූ ප්‍රශ්නයක්. මෙම ස්ථාවරයේ වෙනසක් වන්නේ දැ යි අපේක්ෂාවන් තිබෙනවා.

වික්‍රමසිංහ මහතා: ඉන්දියාව පිළිගෙන ඇති 13 වැනි සංශෝධනය වත්මන් ව්‍යවස්ථාව මත යි පදනම් වී තිබෙන්නේ. එය ඒකීය යි. එමෙන් ම ශ්‍රී ලාංකික යි. එය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු දෙනාගේ ම රට. එය මෙහි සියලු දෙනා ම පිළිගන්නවා.

මාධ්‍යවේදියා: ඔබ ප්‍රචාරණ ව්‍යාපාරයේ දී නඟන ලද චෝදනා සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට අධිකරණයට මුහුණ දීමට සිදු වනු ඇති ද? එසේත් නැතිනම් යම් කිසි ගනු දෙනුවක් සිදු වී තිබෙනවා ද?

වික්‍රමසිංහ මහතා: ඔව්, අපි හැම දෙයක් ම සොයා බලනවා වගේ ම යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා.

මාධ්‍යවේදියා: එසේ ද? ඒ වගේ ම මේ මොහොතේ, අගමැතිවරයා ලෙස ඔබට ඇති විශාලත ම අභියෝගය කුමක් ද?

වික්‍රමසිංහ මහතා: දැන් අපේ ප්‍රධාන ම අභියෝගය තමයි මුලින් ම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම. ඒ වගේ ම, ජනතාවට සහන ලබා දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම

මාධ්‍යවේදියා: හොඳයි. අගමැති තුමනි, මම ඔබට සුබ පතනවා. මෙය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාලයක් වන නමුත් කැපී පෙනෙන එකක්. ස්තුතියි!


යුතුකම සංවාද කවය 
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මාතර බයියා1/22/2015 12:01 AM

    ඉඩම් පොලිස් බලතල සහිත 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරල අනෙක් පසින් ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කල විට එය අවශ්‍ය පමණටත් වඩා 13 ++ ය.
    දෙමළ බෙදුම්වාදය සැමදාම ක්‍රියාකලේ චෙල්වනායගම් 40 දශකයේ පමන සූත්‍රගත කල 'දැන් ටිකක් පසුව හුඟක්' යන ප්‍රතිපත්තිය මතයි.

    බෙදුම්වාදය මේ දුර ගෙන ගියාට පසු වෙනම පාලනයක් බිහිවීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත....

    ReplyDelete
  2. "13 අහෝසි කරන පනතක්‌ පාර්ලිමේන්තුවට ගෙන එනවා
    - ඇමැති පාඨලී චම්පික රණවක
    පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන පනතක්‌ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස මේ සතියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
    දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ඒම සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ බව ද ඒ මහතා සඳහන් කරයි."
    2013-05-22
    ===========================================================================

    හැබෑටම දැන් මේ හාදය කෝ?
    විදුලි බල මණ්ඩලේ මීටරේ බදාගෙන ඇති....
    මූ තමයි මෑත කාලයේ අපේ දේශපාලනයෙන් බිහි කල ජරාම සතා....
    සිංහ හම පොරවාගත් නරියා...

    ReplyDelete
  3. Indian sagaraye balaaragalayata madiwuna kuda rate enna moda minissu.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions