1/05/2015

චම්පිකලා ඒකීයභාවය රකින ආකාරය

කතෘ:යුතුකම     1/05/2015   1 comment

දේශපාලනයේ නියැළීමේ භයානකම අනතුර නම් දේශපාලනය නිසා තම මමත්වය ඉහළ යාමට ඇති අනතුරයි. දේශපාලකයන්ට තරම් අටලෝ දහමේ ද්වයක් වන නින්දා, ප්‍රශංසා බලපාන වෙන කිසිවෙකු නැති තරම්ය. ඒවා ඉවසීමට අවැසි තාදී ගුණය තමන් තුළ වර්ධනය නොකර ගත හොත් ඔවුන් දේශපාලනිකව මිය යාම වැළැක්වීම උගහටය.

අද හෙළ උරුමය නියෝජනය කරන පාඨලී චම්පික රණවක නමැති මිනිසා දෙස විචාරක්ෂියෙන් බලන ඕනෑම දේශපාලකයකු පමණක් නොව වෙනත් යහ මිනිසෙකුට වුව ඒ පාඩම අදාළය. අද ඔහු පවසන්නේ රටේ ඒකීයභාවය කිසිදු හානියක් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවය. මේ උදාන වැකිය විශ්වාසය තබා සිරිසේන දිනවන්නට යැයි මෙරට මිනිසුන්ගෙන් ඔහු ඉල්ලා සිටියි. නමුත් රාජිතගේ හඬ පටය හෙළිදරව් වීමත් සමඟ ද්‍රෝහියා නිරුවත් වී ඇත. මෙරට ජාතික බලවේග විසින් පුල පුලා සඳහන කළ ආකාරයට සිංහලයන්ගේ ඡන්ද දෙකට බෙදා ඉන් පසුව රට දෙකට බෙදන වැහි නැති හෙණ වදින කුමන්ත්‍රණය දැන් රටට හෙළි වී හමාරය.

අපි ආසාවට මෙන් මදකට සිතමු සිරිසේන ජනපතිදු වී පාර්ලිමේන්තු බහුතරයක් වත්මන් විපක්ෂයට හිමිවූ කලක් ගැන. (මෙය රනිල් වික්‍රමසිංහ මහතාට පෙනිය හැකි නපුරුම සිහිනයයි. විපක්ෂ නායකකම ඔහුට දහ අතින් සම්පති.) ඒ සඳහා අවම වශයෙන් පාරිලිමේන්තු මන්ත්‍රීන් 113ක් ඔවුන් සතු විය යුතුය. හෙළ උරුමයට අද ආසන දෙකක් පමණි පාර්ලිමේන්තුවේ ඇත්තේ. ඔවුන්ගේ පක්ෂයෙන් පළුවක් අනෙක් පසට වී පිවිතුරු හෙළ උරුමයක් සාදාගෙන ඇත. නමුත් අප වඩා සාධාරණ වෙමින් හෙළ උරුමයට ආසන පහක්ම එකලක ඇතැයි උපකල්පනය කරමු. එවිට එම සිරිසේන ආණ්ඩුව තුළ අවම වශයෙන් ආසන 108 ක් සෑදෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා පාර්ශවය, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සියල්ලත් සමඟිනි. මේ 108 ම (ස්ථාවර රජයක් නම් 108 ටද වඩා වැඩි විය යුතුය.) ලංකාව ඒකීය රටක් යන්න පිළි නොගනියි.

චන්ද්‍රිකා 1994 පටන් දත කෑවේද ඒකීයභායවට වැඩේ දීමටය. රාජ්‍ය සම්පත් විකුණා දැමීම හැර අන් කිසිදු කාර්යයක් නොකළ ඇගේ ඒකායන අරමුණ වූයේ ඒකීයභාවය නැති කිරීමය. ඇය සාම තවලම් ගියේ පමණක් නොව, ඇය යුද්ධ කළේත් රටේ ඒකීයභාවය විනාශකර දැමුමටයි. රට ෆෙඩරල් කෙරුමටයි. කැළෑ සතෙකු වූ ප්‍රභාකරම්ට ඊළමම එකවර වුමනා වූ නිසාය චන්ද්‍රිකාගෙන් රට බේරුණේ.

වත්මන් දෙමළ සන්ධානය මිනී නොමරයි. ඒ කාරණයේ දී අපට  මිස්ටර් සම්බන්ධන් යැයි පැවසිය හැකිය. නමුත් අප තේරුම්ගත යුතු කරුණක් ඇත. එනම් සම්බන්ධන්ලා අනුගමනය කරන්නේද දැන් ටිකක් පසුව හුඟක් යන චෙල්වනායගම් න්‍යාය බවයි. ප්‍රභාකරන් නමැති කෑළෑ සතාද එම න්‍යාය අනුගමනය කළා නම් අද ඔහු මිස්ටර් ප්‍රභාකරන් නොව ඊළාම් දේශයේ අතිගරු ජනාධිපතිතුමාය. චන්ද්‍රිකාලා රනිල්ලා යොදවාගනිමින් බටහිරයන් කරමින් සිටියේ  එසේ වීමට අවශ්‍ය ප්‍රථම තත්වය වන මිස්ට ප්‍රභාකරන් තත්වය සාදා දීමයි. මිසිස් චන්ද්‍රිකාගේ සහ මිස්ට වික්‍රමසිංගේ මිස්ට ප්‍රභාකරන් කෙනෙකු තැනීමේ ඒ ප්‍රයත්නය නතර කිරීමට එදත් එඩිව නැගී සිටියේ මෙරට දේශමාමක බලවේගයන්ය.

ඒකීයභාවය මෙරට ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය වුව රනිල්ගේ ශබ්ද කෝෂයේ එය නැත. ඔහු කියන්නේ එක්සත් රටක් ගැනය. එසේ පැවසීම ව්‍යවස්ථාවට පටහැනිය. නමුත් අප දන්නා කාලයේ පටන් ඔහු කියන්නේ එසේය. මේ සම්බන්ධයෙන් සම්බන්ධන්ලාට හා හකීම්ලාට ඇති කෙටි කාලීන අරමුණ ෆෙඩරල් රටයි. එය ඕනෑම ගොනෙකුට (ලක්ෂ්මන් කිරිඇල්ල මතක් විය) පැහැඳිලි යයි සිතමි.

කරුණු මෙසේ නම් චම්පිකලා සාදන අනාගත ආණ්ඩුවේ අවම වශයෙන් 108 ක්වත් ඒකීයභාවය පිළි නොගන්නා බව ඉතා පැහැඳිලිය. ඒ 108ට එරෙහිව චම්පිකලාගේ පහෙන් කළ හැකි විජ්ජාව කුමක්ද? එදාට චම්පිකට කළ හැකි එකම විජ්ජාව නම් දෙකඩ වූ රට එකට තබා කොළයක අලවා මාධ්‍ය හමුවක් පවත්වා රට දෙකඩ වී නැතැයි වහසි බස් දෙඩවීම පමණි. එසේ නැතිනම් රාජිත හඬපටයේ සඳහන් කළ පරිදි ඊට විරුද්ධ වෙමින් සිංහල බෞද්ධ දේශපාලන නාම්බන් ඉදිරියේ නැවත වරක් වීරයාට ඇදීමය.

මිනිසුන් මේ බව ප්‍රශ්න කරන බව දැන දැනත් තමා කලින් නියෝජනය කළ මතවාදය ජනතා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වන බව දැන දැනත් සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒකීයභාවය යන වචනය ඔහුට ඇතුළත් කරගත නොහැකි වන්නේ අප ඉහත පෙන්වා දුන් විපක්ෂය තුළ ෆෙඩරල් රටකට ඇති අධිනැඹුරුතාව හේතු කොට ගෙනය. එහි සිටින්නේ ඒකීය කී විට ඊට සිනාසෙන නායකයින්ය. මිස්ට සිරිසේනගේ පොතට ඒකීයභාවය දමා ගන්න බැරි වුනු මිස්ට චම්පිකට අර 108 ම එක්වී රට දෙකඩ කරන්නට යද්දී එය වැළැක්විය හැකි හැකියාවක්, බලයක් හිමි නම් මහින්ද රාජපක්ෂ රජයේ තිබෙනවා යයි ඔවුන් චෝදනා කරන අඩුපාඩු ඒ අධි-බලයෙන් අවම බලය පමණක් යොදා නිවැරදි නොකළේ මන්ද? රටේ ඒකීයභාවය සුරැකෙන බවට චම්පිකට අවංකව වගකීමෙන් පැවසිය හැක්කේ එකම එක කාරණාවක් මත පදනම්ව පමණි. ඒ, මේ රටට ආදරය කරන බුද්ධිමත් ඡන්ද දායකයා ලබන අට වැනිදා ලබාදෙන තීන්දුව මත පදනම්ව පමණි. අර ෆෙඩරල්වාදී බෙදුන්වාදී රැළ විසින් චම්පිකව යොදා ගන්නේ සිය බෙදුම්වාදී කැත නිරුවත වසන වැරැහැල්ලක් ලෙස පමණි. ඔවුන් කිසිවෙකුත් මේ ඒකීයභාවය පිළිබඳ අතිශය තීරණාත්මක පැනයට පිළිතුරු දීමට ඉදිරියට එන්නේ නැත.

ඒ අප කල්පනා කරන ආකාරයයි. ඔබත් කල්පනා කර බලන්න. මමත්වය නිසා ඔද වැඩුනු බල ලෝභය නිසා අද චම්පිකලා මෙන්ම රතන හිමියෝ ද මේ රටට, ජාතියට මෙන්ම බෞද්ධයන්ටද ද්‍රෝහි වෙමින් සිටිති.

චම්පිකලා පැවසුයේ තමන් ලෙන්දොර බින්ද බවයි. මේ රටට, අපගේ මාතෘභූමියට, දස දහස් ගණනක් දිවි පුදා සුරැකි මෙරට ඒකීය භාවයට පණ මෙන් ආදරය කරන අපගේ සහෝදර සහෝදරියන් වෙත සිංහයා සිංහසීවලී දියණිය වෙත උතුරා ගලා හැලෙන හද ශෝකයෙන් හා දරු සෙනෙහසින් යුතුව පවසන වදනක් සටහන් කරමින් අවසන් කරමු.

"ඔහුගේ බසටද කීකරු වූයේ...
පෙරළා එන්නෙද ඔහුගේ ගැලවී..."



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සුගත්1/05/2015 2:08 PM

    රටට එරෙහි වෙන උන්ට පාරාවළල්ලක් වෙලා පඬිසන් දෙන්නේ.. මේ රටට ජාතියට විණ කරන සිඟාලයන් හෙළි වීම ලොකු දෙයක්. මුන්ට අපිත් රැවටිලා හිටියනේ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions