අහෝ මෙරට අනුවණ දනන් කරගෙන ඇත්තේ කිනම් පාපයක්ද? ඔවුහූ නුඹට කඩපලේදී බිනීය. බස් රථයේදී, දුම්රියේදී බිනීය. රූපවාහිනිය බලද්දී බිනීය. පුවත්පත් බලද්දී බිනීය. විවේකයට තේ බොද්දී පමණක් නොව රහමෙර පානය කරද්දීත් බිනීය. කෙතරම් අඥානයින් පිරිසක්ද?
දැන් උන් තක්කු බුක්කු වී ඇත. ඉතිහාසය විසින් ඔබ නිදොස් බවත් උන් සිතා සිටි බලලෝභී කෑදර අමන කුඩු විකුණන වනචර මුදලාලියකු නොවන බවත් ඔප්පු කර හමාරය. සියළු අමන දනන් තෙපලා ඇත්තේ මුසා බස්ය. ඔබ අද යහපාලනයට උර දෙන විරුවෙකු පමණක් නොව එය සැළසුම් කිරීමේ මූලාරම්භයේ පටන්ම සිටි පෙරටුගාමියකු බව අසා උන් කළ වරද දැන් උන්ටම පසක් වී ඇත. නමුත් දැන් උන්ගේ පශ්චාත්භාගය බිම ඇණී අවසන්ය. (උන්ට හොඳ වැඩේය.) නුඹ තව දුරටත් විත්ති කරුවකු නොවේ. නුඹේ දෑතේත් දැන් මේ රටේ හිටපු ආරක්ෂක ලේකම් තැනගේ ෆයිල්ය. නුඹ අසම සම නොවන්නේ මන්ද? නුඹ වැන්නෙකු හා සසදදී ගෝඨාභය කවුද?
නුඹ පුත් රුවනට යෝෂිත රාජපක්ෂ විසින් ගැස්සවූ බව අසා මෙරට ගම් නියම් ගම්හි වෙසෙන ජනී ජනයාගේ හද කම්පා විය. එපවත් නුඹ ඡන්දයට පෙර පැවසී නම් යෝෂිතයාගේ පියාට තව ඡන්ද ලක්ෂ පහ හයක් වැටී ඔබ තුමාට අදත් එදා මෙන් මහින්දගේ දෙපා ලෙව කකා දෑත් ශක්තිමත් කිරීමේ කරුමය ගෙවන්නට සිදු වන්නට තිබිනි. වාසනාවකට ඔබ අද සිරිසේනගේ යහපාලන දෑත් ශක්තිමත් කරන්නෙකි. ඔබ තුමාට සහ ඔබ පවුලට එරෙහිව කට කතා පැතිරවූවෝ මෙරට අමන දනන් පමණක් නොව. අධිරාජ්‍යවාදීන් පවා නුඹට එරෙහි වූ අයුරු අද මෙරට අමන දනන් අමතක කර ඇත. ඇතැම්වා හෙළි වූයේ විකිලීක්ස් වැනි ජාත්‍යන්තර ලීක් වලිනි. ඔබ පුත් අති උතුම් මාලක සිල්වා එක්ස්ටසි නැමැති කුඩු වර්ගය මෙරට සමාජ ශාලාවල බෙදාහරින බවට අමු මුසාවාදයක් එවක මෙරට ඇමරිකානු තානාපතිනිය පැට්‍රීසියා බුටේනිස් කේබල් පණිවුඩ හරහා ඇමරිකාවට යවා තිබුනි. මේවා සහගහන අපරාධ කතා නොවේද?
මහින්ද රාජපක්ෂ උතුම් මනුෂ්‍යයෙකැයි නුඹගේ ගරු මුඛයෙන් වදාළේ ඡන්දයට දින තුන හතරකට පෙරාතුය. ඕනෑම හොඳ මිනිසකු අතින් වුව වරදක් සිදු විය හැකිය. නුඹ කී එකම මුසා බස එපමණ නොවේද? එකම එක මුසාවක් පමණක් කී නුඹ වන් යහපාලන උතුමෙකුට මෙරට ජනයා කොතරම් නම් මුසා බස් වලින් අතීතයෙදී දමා ගැසීද? ඇතැම් ඇමතිවරයෙකු විසින් තම නිවස සාදාගත් ආකාරය සැක යයි කියා පවා පැමිණිලි එල්ලවන මෙසමයෙහි නුඹට එරෙහිව එකඳු චෝදනාවක්වත් නැති වීමෙන් කියැවෙන්නේ කුමක්ද? නුඹේ අකලංක නිර්දෝෂී චරිතය නොවේද?
එක්තරා සමෘධි නිලධාරියකු විසින් හෙතෙමේම තමා ගස් බැද ගත් කල්හි මෙරට අමන දනන් ඔබ වෙතට නිරපරාදේ ඇඟිල්ල දිගු කළ අයුරු අපට මතකය. ඔබගේ දිවිය පුරාම ඔබ වෙත බොරු චෝදනා එල්ලවන ආකාරය කැටි කොට දක්වන රූපකයක් මෙනි ඒ සිද්ධිය. ඔබ ෆයිල් රැගෙන ගොස් පැමිණිලි කරන දසුන් රූප පෙට්ටියේ මුව අයා බලා සිටින ඒ අමන දනන් අද ඔබ දකිනුයේ අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටින ප්‍රදීපස්ථම්බයක් ලෙසිනි. ඔබ දෙවැනි වනවා නම් දෙවැනි වන්නේ වීර විකුම් රංජන් රාමනායකයන්ට පමණි.
රණ විරුවන් ජීවිත, ඇස්, හිස්, මස්, ලේ දන් දී රැකගත් මාතෘ භූමියේ කොටසකට වෙනම ස්වයං පාලනයක් ඇති වීමේ දිශාවට ගමන් කිරීමේ භයෙන් මෙරට අසරණ ජනතාව මුදාගෙන ඒ සියළු දෙනා යහපාලන ස්වප්නයෙහි සැතපවිය යුතු මෙවන් අතිශය තීරණාත්මක සංක්‍රාන්ති සමයෙක නුඹ වන් යුගපුරුෂයකුගේ අභීත අතීත හෙළිදරව් අපගේ මාතෘභූමියට අතිශයින් වැදගත් හෝරාවකි මේ ගත වන්නේ. වීරත්වය කඩප්පුලි කතා මගින්ම පමණක් ඔපවත් කළ නුඹ එදත් අදත් අපගේ ගැමුණු මහතාමය. ඔබගේ මේ ව්‍යායාමය හුදෙක් ඇමති සැප හා ව්‍යාපාර සැප පිණිස නොව, යහපාලනයේ චිරස්ථිතිය උදෙසාම බව දැන් දැන් මේ අමන දනන් වටහා ගනිමින් තිබේ. ඒ අමන දනන්ට අබසරණයි! ඔබට චිරං ජයතු!

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.yuthukama.com
දැන් ඇත්ටම අපි පැරැද්දුවේ කාවද? දිනෙව්වේ කාවද? රටේ තිබුනු දේශපාලන ස්ථාවරභාවය විතරයි අපි යහපාලනයට රැවටිලා පරද්ද ගත්තේ..
ReplyDeleteඉඟුරු දී, නයි මිරිස් ගෙන, ඒවා කාළා,දනවෝ, දනවෝ කියා කීම, අංක 2. අපේම නයි, අපිටම කයි. හෝ, අපේම නයි, අපිට -කයි කීම වටී.
ReplyDeleteලොක්ක ඔයා මොකටද මේ රාජපක්ශල ගෙ බලු කුක්ක(කලින් චන්ද්‍රිකා නෝන, මෛත්‍රි මහත්තය මෙකව හුරතල් කරාද කියල දන්නෙ නෑ) ගෑන වද වෙන්නෙ, ඔය මේව ලියල කාවද කරලියට ගේන්න උත්සහ කරන්නෙ, මෙයා ගෑන නොලිය ඉන්න කො , පින්න සිද්ද වේ ඔයාට, මෙයා පෑමිනිලි කරාට , ඔයා තරම් කවුරුවත් එව ගනන් ගත්තෙ නෑ, සමහර මද්‍ය මගිනුත් මෙයව පුම්බනව, ඔයා කරන වෑඩේම කරනව
ReplyDeleteමනො විශ්ලේශනයට අනුව ගත්තම ඔයා අවින්ඥ්ඥානකව ආස කරන දෙයක් ගෑන ඔයා ලියනව, අපි දන්නෙ නෑති දේවල් ඔයා අපිට කියනව, මෙයා මෙහෙමලු, අරෙහෙමලු
ඔයා මොකටද මෙය උඩ දන්නෙ, පාඩුවෙ ඉන්න දෙන්න කො එයාට
මොකක්ද අනේ ඔයා ඔය බව් බව් ගාලා කියන්න හදන්නේ. ශිෂ්‍යත්වෙ පේපර්ස් 2 කරල නිසා වාක්‍ය රචනාව ලියන්න පුරුදු වෙනවද?
ReplyDeleteඊළඟ චන්දෙදි චන්දෙ දෙන්න පක්ෂයක් හොයා ගනින් 8පාස් පනික්කියත් එක්ක.
People commented here has not understood this article. Mervin is only a plot here. \the article is describing the real nature and the myth of YAHAPALANAYA and it elaborate how the separatism is hidden under the carpet of yahapalanaya.
ReplyDeleteඑහෙම තමයි
Deleteඒ චම්පිකගේ 'උගත් වියත් තරුණ පරපුරේ' හැටි :)