2015 ජනවාරි 8 වනදා ඔබ භාවිතා කරන ඡන්දයෙන් රටේ ඉදිරි අනාගතය තීරණය වන බව ඔබ අප සියලු දෙනාම දන්නා කරාණයකි. එය ධනාත්මකව හෝ ඍනාත්මකව අප රටේ දේශපාලන පසුබිම වෙනස් කරනු ඇත. ඒ හා අනුරූපව සංස්කෘතික,සමාජයීය වෙනසක් ද බලාපොරොත්තු විය හැකිය.
යුද්ධය අතීතය, වත්මන හා අනාගතය
සමාජවිද්‍යාවේ හා දේශපාලන විද්‍යාවේ සඳහන් වන බෙදා පාලනය (divide and rule) මගින් යටත් විජිත සමයේ ඇතිකලා වූ බෙදුම්වාදය මුකුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස වසර 30ක යුද්ධයක් ඇතිවිනි. මෙම යුද්ධය නිසා ජීවිත දහස් ගණනක් අහිමිවී ගොස් රට අරාජික වී තිබිනි. මෙයට යුධමය විසඳුමක් හෝ සාමකාමී විසඳුමක් ලබාදීමට විවිධ රාජ්‍යනායකයින් ගත් විවිධ උත්සාහය ව්‍යක්ථ වී ගියෙය. මෙම ගැටලුවට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස දෙස් විදෙස් රාජ්‍ය නායකයින් , රාජ්‍ය තාන්ත්‍රිකයින් තම ජීවිතවලින් වන්දි ගෙවූහ. මෙවන් සමයක 2005 දී බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දේශපාලන නායකත්වය යටතේ 2009 මැයි මස 19 වෙනි දින කොටි ත්‍රස්තවාදීන්ව යුධමය වශයෙන් පරාජය කරන ලදී. නමුත් අප පැහැදිලි කරගතයුතු දෙයක් නම් දෙමළ නිජබිම් සංකල්පය තවමත් ශ්‍රී ලංකාව තුල යහමින් පවතින බවයි. ඒ පිලිබඳ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සංධානයේ ප්‍රකාශ , දමිළ ඩයස්පෝරාවේ ප්‍රකාශ සලකා බැලීම ප්‍රමානවත්ය. වසර සිය ගණනක්, පරම්පරා ගණනක් දමිළ ජනතාවට පොවන ලද බෙදුම්වාදී විස අද කෙමින් වියැකී යමින් තිබුනත් එය අළු යට ගිනිපුපුරු මෙන් තවමත් මතු කල හැකි කාරණයකි. දෙමළ ජාතීන්ට දෙමළ වීම නිසා අප රට තුල ප්‍රශ්නයක් නැත. එහෙයින් බෙදුම්වාදය පරාජය කිරීමටනම් කල යුතුව ඇත්තේ මේ බෙදුම්වාදී දේශපාලන කන්ඩායම් පරාජය කොට ඔවුන්ට අරමුදල් සපයන ඊනියා දෙමළ හිතවාදී ඩයස්පෝරා අකර්මන්‍ය කිරීමයි. එවිට බෙදුම්වාදී විස තවත් ඔවුන් තුලට නොයනු ඇත. ඔවුන් පෙර මෙන් සංස්කෘතිය හා මුහුව සාමකාමීව දිවි ගෙවන ඇත.
2005 න් පසු ලංකාවේ දේශපාලන පසුබිම
2005 න් පසු ලංකාවේ දේශපාලන පසුබිම
සමානුපාතික ඡන්ද ක්‍රමය මත ගොඩන්ගෙන්නේ අස්ථාවර පාර්ලිමේන්තුවකි.ඒතුල ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයෙකු වූ පමණින් රටේ දේශපාලනය ස්ථාවර නොවේ. එම පාර්ලිමේන්තුවද ශක්තිමත් විය යුතුය. 2005 න් පසු ලංකාව තුල ඇතිවූ පාර්ලිමේන්තු ස්ථාවර පාර්ලිමේන්තු විය. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පිහිටවූ පාර්ලිමේන්තුව ආණ්ඩුවේ 2/3 ක බහුතරය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් වන අතර පිල් මාරු මගින් සෙලවිය හැකි හැකි පාර්ලිමේන්තුවක් ද නොවිනි. ඒ තුල බෙදුම්වදයට පාර්ලිමේන්තුව තුල ඉඩක් නොවුනි.
අස්ථාවර පාර්ලිමේඅන්තුව හා බෙදුම්වාදය
අස්ථාවර පාර්ලිමේඅන්තුව හා බෙදුම්වාදය
අස්ථාවර පාර්ලිමේන්තුව බෙදුම්වාදීන්ගේ රස බොජුනකි. පාර්ලිමේන්තුවේ බහුතරය තීරනය වන්නේ මන්ත්‍රි ආසන සුළු ගණනකින් නම් බෙදුම්වාදී දේශපාලන පක්ෂවලට මුලු පාර්ලිමේන්තුවේම පාලක බලය ලැබේ. එමගින් තම බෙදුම්වාදී අදහස් මුදුන්පත් කරගැනීම ඔවුන්ගේ සිරිතයි.මේ තුල ගොඩ නැගෙන දේශපාලන අස්ථාවරභාවය; සමාජීය, අර්ථිකමය හා සංස්කෘතික අවපාතයක් ඇතිවීම දක්වා උඩුදිවීම නැවැත්විය නොහැක. මේ සඳහා සජීවී උදාහරණ අපි දැක ඇත්තෙමු. එවන් අරාජික රටක් බිහි කිරීමේ වරද නොකර සිටීමට අපි සියලු දෙනාට බල කොට සිටිය යුතුව ඇත්තෙමු
විදෙස් කුමන්ත්‍රන බොරුවක් ද?
විදෙස් කුමන්ත්‍රන වලින් රට ආරජික කිරීම හුදෙක් සටන් පාඨයක් ලෙස සමහරක් ඊනියා බුද්ධිමතුන් විචාරය කරයි. නමුත් පසුගිය දශකය දෙස හැරී බැලීමේදී මෙම ඊනියා විචාරය විහිළුවක් බව පෙනීයයි. ඇමරිකාව , එංගලන්තය ,එක්සත් ජාතීන්ගේ සංවිධානය , දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩුව එකී මෙකී නොකී සියලු අභියෝග අපි හොඳින් දැක ඇත්තෙමු. රටේ ඇති ස්ථාවරභාවය හමුවේ බල විරහිතව සිටින බටහිර තානාපති කාර්යාල අස්ථාවරභාවය ඇති කිරීමට ඩොලර්, පවුම් ක්‍රෝන විසිකිරීම අද ඊයෙක සිදුවූවක් නොවන බව අප දනිමු. අප ඡන්දය ප්‍රකාශ කල යුත්තේ මෙවන් පසුබිමක බව මතකතබා ගත යුතුව ඇත
ප්‍රාධන අපේක්ෂකයින් හා රටේ අනාගතය
විදෙස් කුමන්ත්‍රන බොරුවක් ද?
විදෙස් කුමන්ත්‍රන වලින් රට ආරජික කිරීම හුදෙක් සටන් පාඨයක් ලෙස සමහරක් ඊනියා බුද්ධිමතුන් විචාරය කරයි. නමුත් පසුගිය දශකය දෙස හැරී බැලීමේදී මෙම ඊනියා විචාරය විහිළුවක් බව පෙනීයයි. ඇමරිකාව , එංගලන්තය ,එක්සත් ජාතීන්ගේ සංවිධානය , දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩුව එකී මෙකී නොකී සියලු අභියෝග අපි හොඳින් දැක ඇත්තෙමු. රටේ ඇති ස්ථාවරභාවය හමුවේ බල විරහිතව සිටින බටහිර තානාපති කාර්යාල අස්ථාවරභාවය ඇති කිරීමට ඩොලර්, පවුම් ක්‍රෝන විසිකිරීම අද ඊයෙක සිදුවූවක් නොවන බව අප දනිමු. අප ඡන්දය ප්‍රකාශ කල යුත්තේ මෙවන් පසුබිමක බව මතකතබා ගත යුතුව ඇත
ප්‍රාධන අපේක්ෂකයින් හා රටේ අනාගතය
මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහන අනුව රටේ අනාගතය කෙබඳු වනු ඇතිද? මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රනය කලහොත් රටේ ස්ථාවරභාවය නොනැසී අඛන්ඩව පවතිනු ඇත. ඒතුල ස්ථාවර පාර්ලිමේන්තුවක්ද ඒහා බැඳුනු ස්ථාවර සමාජයක්ද ගොඩනැගෙනු ඇත. අප වැඩියෙන් අවදානය යොමු කලයුතුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත් කුමක් සිදුවනු ඇතිද කියායි. මක්නිසාදයත් ඔහු ජයගතහොත් ආණ්ඩුව විසින් "අශුද්ධ සංධානය " යැයි හඳුන්වන පක්ෂ එකතුව බෙදී වෙන්වී යන බැවිනි.ඉන්පසු සිදුවනු ඇත්තේ කුමක්ද ? අනිවාර්‍යයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව විසුරවා හැරීමට සිදු වනු ඇත. මක්නිසාද යත් දැනට පවතින මහින්ද හිතැති ශක්තිමත් ආණ්ඩුව අඩපණ කිරීමටයි. ඉන්පසු බිහිවන ආණ්ඩුව නිසැක වශයෙන්ම අස්ථාවර බෙදී වෙන්වී ගිය ආණ්ඩුවක් වනු ඇත. බලය ස්ථාවර කරගැනීමට සුළු ජාතික බෙදුම්වාදී පක්ෂවල සහය ගැනීමට ජනාධිපතිට සිදුවනු ඇත.ඔවුන්ගේ සහය ලබාගැනීමට ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා ඉටුකරදීමට සිදුවනු ඇත. ඒ තුල 13න් එහා යන ෆෙඩරල් පාලනයක් සිහිනයක් නොවනු ඇත . රට අස්ථාවර වනු ඇත කැරලි කෝලාහල , කලු ජූලි අතර අරාබි වසන්ත ලංකාවට ගෙන ඒමේ තානාපති කාර්යාල වල සිහිනය සැබෑවනු ඇත. එදිනට අද කෑමොර දෙන තමා ජාතිකවාදීන් යැයි කියාගන්නා කිසිදු නායකයෙක් ඉදිරිපත් නොවනු ඇත. ලොව කොතැනකවත් නැති යහපාලනයක් ගැන සපථ කරමින් නන් දොඩමින් එන මිස්ටර් පිරබාහරන් අමතන බෙදුම්වාදී නඩය තම කොටස් බෙදාගෙන පසෙකට වනු ඇත. වසර 30ක් තිස්සේ බෙදුම්වාදයට තුඩුදුන් ,ලේ කඳුලු දහඩිය වගුරා දිනාගත්තාවූ ශ්‍රී ලංකා මාතාව බෙදුම්වාදයට යට වනු ඇත.
අසීමිත වෙහෙසක් දරා ලක් මාතාව දිනාගත් මේ ස්ථාවරත්වය රැක ගැනීම අප සැමගේ වගකීමකි. දිනූ රට සුරකිනවා ද නැතිද යන්න තීරණය කරනුයේ අපයි. ඊනියා යහපාලනයේ සිහිනය වෙනුවෙන් රටේ ගමන හරවනවාද නැද්ද යන්න තීරනය කරන්නේ අපයි. බෙදුම්වාදී මනසින් දමිළ ජනයා ගලවා ගන්නවාද නැතිද යන්න තීරණය කරන්නේ අපයි. ඒ තීරනය ගෙන 8 වෙනිදාට ඔබේ ඡන්දය භාවිතා කරන්න. සියයට සියයක් දූෂණය නැති යහපාලනය ඇති රටක් ලොව නැත. එයට හේතුව එය කල නොහැකි වීමයි. එනමුදු ශ්‍රී ලාංකීය අප බලාපොරොත්තු වන ඒකීය රටක් බෙදුම්වාදයෙන් තොර රටක් කරා අපි යමින් සිටිමු. අවසාන වශයෙන් හෙළ උපමාවක් ඔබේ මතකයට නංවමි
"දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා "
අසීමිත වෙහෙසක් දරා ලක් මාතාව දිනාගත් මේ ස්ථාවරත්වය රැක ගැනීම අප සැමගේ වගකීමකි. දිනූ රට සුරකිනවා ද නැතිද යන්න තීරණය කරනුයේ අපයි. ඊනියා යහපාලනයේ සිහිනය වෙනුවෙන් රටේ ගමන හරවනවාද නැද්ද යන්න තීරනය කරන්නේ අපයි. බෙදුම්වාදී මනසින් දමිළ ජනයා ගලවා ගන්නවාද නැතිද යන්න තීරණය කරන්නේ අපයි. ඒ තීරනය ගෙන 8 වෙනිදාට ඔබේ ඡන්දය භාවිතා කරන්න. සියයට සියයක් දූෂණය නැති යහපාලනය ඇති රටක් ලොව නැත. එයට හේතුව එය කල නොහැකි වීමයි. එනමුදු ශ්‍රී ලාංකීය අප බලාපොරොත්තු වන ඒකීය රටක් බෙදුම්වාදයෙන් තොර රටක් කරා අපි යමින් සිටිමු. අවසාන වශයෙන් හෙළ උපමාවක් ඔබේ මතකයට නංවමි
"දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා "

-ඉසුරු රන්දෙනිකුමාර 1/3/2015
යුතුකම සංවාද කවය
www.yuthukama.com
එබැවින් මේ අවස්තාවේදී ගතයුතු එකම විකල්ප ක්‍රියාමාර්ගය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දීම පමණයි.
ReplyDeleteකවුද මේ නිර්ණාමිකයා? සම්බන්ධන්ද? හකීම්ද? ආ වෙන්න බෑ උන් සිංහලෙන් ලියන්නේ නෑනේ. රනිල්ද? චන්දිර්කාද? නැතිනම් පච රණවකට රැවටිච්ච චූටි පුතෙක්ද?
ReplyDeleteඉතිහාසය පිළිබදව නිවැරදි කියවිමකින් තොරව නිකම්ම නිකම් මතු පිටින් පෙනෙන්නට තිබෙන දේ සත්‍යයැයි ගෙන සිදු කෙරෙන අවිචාරවත් ප‍්‍රකාශයන්ගෙන් රටට සිදුවන්නේ අනර්ථයකි. 2009 එල් ටී ටී යේ යුද පෙරමුණ පරාජය කිරිම වනාහී 2009 සිදුවු ආශ්චර්යයක් ලෙස සැළකීම පාපා කර්මයකි. ඒ දක්වා පැමිණි ඉතිහාසයක් ඇත.
Deleteමහින්ද හෝ චන්ද‍්‍රිකා හෝ මෙම බෙදුම් වාදය යුධමය ලෙස පරාජය කළ හැකියැයි සිහිනෙන් හෝ නොසීතූ අයයි. ජ.වි.පෙ% සහ හෙළ උරුමය පමණක් මෙම ව්‍යාපාරය යුධමය ලෙස පරාජය කළ යුතුයැයි පෙනී සිටි අතර ඒ වෙනුවෙන් අරගල කරන ලදී.
2005 මහින්දගේ සම්ප‍්‍රාප්තිය සිදුවුයේ නිකම්ම නිකම් අහඹු සිදුවීමක් ලෙස නොවේ. එය ජ.වි.පෙ සහ හෙළ අරුමයේ මෙහෙය වීමෙන් සිදු කළ කි‍්‍රයාන්විතයක ප‍්‍රතිඵලයකි. ඒ බව අවශ්‍ය නම් විමල් වීරවංශගෙන් අසා දැන ගන්න.
2005 සිට මහිනද ගෙන ගියේ බලය බෙදිය යුතුය සාකච්ඡුාවෙන් මෙය විසදිය යුතුය යන මාවතේමය. මෙය යුද්ධයෙන් අවසන් කළ හැකියැයි ඔහු විශ්වාස කළේ නැත. ජ.වි.පෙ සහ හෙළ අරුමය ප‍්‍රභාකරන්ට තේරෙන්නේ එකම එක භාෂාවක් බවත් එය තුවක්කුවේ භාෂාව බවත් ඔහුට ඒම භෘෂාවෙන්ම පිළීතුරු දිය යුතු බවත් පැවසු අයුරු ඒ දිනවල සිහි බුද්ධියෙන් දේශපාලනය ගැන අනන්දුවෙන් සිටි ජනතාවට අමතකව යන්නට හේතුවක් නැත. එවිට බලය බෙදීම සදහා යුද්ධයට එරෙහිව මහින්ද වෙනුවෙන් ජ.වි.පෙ ට හා හෙළ අරුමයට පතුරු යන්න බනිමින් ඩිලාන් ලා පෙළපාලි ගියා අමතකද? අමතක නම් පහත විඩියෝව බලන්න.
https://www.facebook.com/video.php?v=760156254053330&set=vb.421622894573336&type=2&theater
"2005 සිට මහිනද ගෙන ගියේ බලය බෙදිය යුතුය සාකච්ඡුාවෙන් මෙය විසදිය යුතුය යන මාවතේමය " යන ඔබගේ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් ඇත. ජ.වි.පෙ සහ හෙළ අරුමය ප‍්‍රභාකරන්ට තේරෙන්නේ එකම එක භාෂාවක් බවත් එය තුවක්කුවේ භාෂාව බවත් ඔහුට ඒම භෘෂාවෙන්ම පිළීතුරු දිය යුතු බවත් පැවසු බව සත්‍යයකි. නමුත් ඒ සදහා ඔවුන් මෙහෙයවූ බලවේගය වන්නේ ජාතික ව්‍යාපාරයයි. දේශ හිතය්ෂි ජාතික ව්‍යාපාරය තුල ජේවීපී ය ( මුලිකවම විමල්) , ඒ සදහා අවශ්‍ය න්‍යාය සැපයුවේ, ගුණදාස අමරසේකර , සහ නලින්ද සිල්වා මහතා ප්‍රමුඛ ජාතික ව්‍යාපාරය මගිනි. අවසානයේදී ජෙවිපියෙන් විමල් බෙදීයාමට හේතුවුයේ ද ඔව් මාක්ස්වාදී මතවාදයන් ට වඩා ජාතිකවාදී මතවාදය වෙනුවෙන් පෙනී සිටීම නිසා පක්ෂය තුල ඇතිවූ මත ගැටුම් නිසාවෙනි. ඔබ ඉතිහාසය කියවා ඇති බව පෙනේ.එක්කෝ උඩින් පල්ලෙනි. නැත්තනම් ඔබට අවශ්‍යකරන පරිච්චේද පමණකි.
Deleteමොකා උනත් කමක් නෑ පලවෙනි ඇනෝ කියලා තියෙන්නේ ඇත්ත.
ReplyDeleteමෛත්‍රිගේ අඳබාලයන් ගැන මට කිසිදු විශ්වාසයක් නැත. චන්ද්‍රිකා එකියකි. ඉන්නා තැනක් අසලින්වත් යාමට මට නොසිතේ.. රනිල් එකෙකි. සම්බන්ධන් තව එකෙකි. හකීම් තව එකෙකි. ඊටත් යටින් සිට සට්ටැඹිකම් කරනා අය ගැන කතා කර කිසිදු පලක් නැත. ඔක්කොම එකම නරා වලකි. මෛත්‍රිට වෙන්නේ පොන්සේකාට වුණාටත් වඩා අසරණ තත්ත්වයකි. චන්ද්‍රිකා, සම්බන්දන් සහ හකීම් ලා රනිල්ට සහ මෛත්‍රිට අරිනු නොඅනුමානයි... මුලු රටටම කෙළවෙනු නියතයි.
ReplyDeleteමේ නිසා මගේ පැතුම තවමත් මහින්ද පමණකි.
.