1/02/2015

ජාතික - විජාතික සටනක්‌...

කතෘ:යුතුකම     1/02/2015   No comments


දෙමළ සන්ධානය හා හකීම් ඇතුළු මුස්‌ලිම් කොංග්‍රස්‌ නඩය මෛත්‍රීපාලට සහය දැක්‌වීමට ඉදිරිපත්වීම, එම පෙරමුණට තලමල පීදුනා බඳු කටයුත්තක්‌ වෙමින් පවතින බව පෙනේ. තමන් බෙදුම්වාදී නොවන බව කීම සඳහා සිරිසේන පාර්ශ්වය නොයෙක්‌ කතා ගොතමින් සිටියද සියලු බෙදුම්වාදී කල්ලි දැන් එකතු වී සිටින්නේ සිරිසේන වටාය.

පොංගු තමිල් උත්සවයන්හිදී ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කළ මනෝ ගනේෂන් සිරිසේනගේ සහයෝගිතා කණ්‌ඩායමේ සිටියි. හැමදාමත් බෙදුම්වාදයට දරදිය ඇද්දා වූ වික්‍රමබාහු ද සිරිසේන සමඟය.

එජාපය සිරිසේනගේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. 2001 මහ මැතිවරණය සමයේදී රනිල් - ප්‍රභා සමඟ රහසිගත ගිවිසුමක්‌ ඇතැයි අනිත් පාර්ශ්වය චෝදනා කරන විට එජාපයෙන් පුවත්පත් දැන්වීමක්‌ පළ කළේය. එවැනි රහසිගත එකඟතාවක්‌ තමන් එල්. ටී. ටී. ඊ. ය සමඟ නැති බව රනිල් වික්‍රමසිංහ, ධම්මපදයේ අත තබා දිවුරා කියන අයුරු එම දැන්වීමෙන් නිරූපණය විය. එසේ කියූ රනිල් 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී, 2002 පෙබරවාරි වන විට එළිපිටම ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කළේය. උඩරට ගිවිසුම මගින් සටනකින් තොරව මුළු සිංහලයම ඉංග්‍රීසීන් අත්පත් කරගත්තා සේ, ඊළම සඳහා අවශ්‍ය සමස්‌ථ පරිසරයම එල්. ටී. ටී. ඊ. ය එමගින් අත්කර ගැනීමට සමත් විය. හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මහ දවාලේ කොළඹදීම එල්. ටී. ටී. ඊ. පිස්‌තෝලකරුවන් විසින් මරා දමන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. එහෙම කරන ලද එජාපය, මහින්ද විසින් එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද්ධ කරන විට කකුලෙන් අදින්නට කළ හැකි සෑම දෙයක්‌ම කළේය. මාවිල්ආරු සටන ඇරඹුණු මොහොතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජලයට රණ්‌ඩුවීම අනවශ්‍ය කටයුත්තක්‌ බවය. යුද්ධය නිමා වූ පසු යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාත්‍යන්තරය කරන ලද බලපෑමේදී රනිල් ප්‍රමුඛ එජාපය සිsටියේ ජාත්‍යන්තරය පැත්තේය. ද. අප්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රම්පෝසා ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් පැමිණි විට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහව ද මුණගැසිණි. ඒ මොහොතේ රම්පෝසා වෙත රනිල් ප්‍රකාශ කළේa 'ජාත්‍යන්තර පරීක්‍ෂණය' ඉදිරියට ගෙනයැමේ වැදගත්කම ගැනය. මෙසේa බෙදුම්වාදයට නොපිරිහෙලා සේවය කළ එජාපය පමණක්‌ නොව බෙදුම්වාදයට හැම අතින්ම 'යුතුකම්' ඉටු කළ චන්ද්‍රිකා ද මෛත්‍රී සමඟය. මෙසේ බලන විට සිරිසේන සමඟ මුල සිටම නොසිටියේ මුස්‌ලිම් කොංග්‍රසය පමණය.

රාවෆ් හකීම් යනු ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කරන ලද එකම පක්‍ෂ නායකයාය. එපමණක්‌ නොව උතුරේ ඊළම පිහිටුවන අතරේ, නැගෙනහිර වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඇතිකර ගැනීම හකීම්ලාගේ වුවමනාව විය. ඒ වුවමනාව ඇතුළත් කර සිය යෝජනාවලිය සකසා හකීම්ලා ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා වෙතම ඒ යෝජනා යෑවුවද මහින්ද රාජපක්‍ෂ එම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රවෆ්ලා එය පිළිගත් සිරිසේනට සහය දීමට ඉදිරිපත් විය.

මේ සියල්ල කේන්ද්‍ර කර බලන විට සිරිසේනලා අද මෙහෙයුම්කරුවන් වී සිටින්නේ, බෙදුම්වාදයේ අන්තේවාසිකයෝය. 2009 දී මේ බලවේග සියල්ල සිටියේ රනිල් සමඟය. 2010 දී ෆොන්සේකා සමඟය. දැන් 2015 දී සිරිසේන සමඟය.

දිනාගත් ජයග්‍රහණය සිරිසේන ලවා ආපසු හැරවීම මෙම බලවේග සිරිසේන පිටුපසින් සිටීමේ ප්‍රධාන වුවමනාවය.

සිහල උරුමයේ එක කොටසක්‌ සිරිසේන සමගින් සිටියාට මේ බලවේග සියල්ල එමගින් පමණක්‌ යටපත් වන්නේ නැත. සිහල උරුමයේ එක්‌ කොටසක්‌ සිරිසේන සමඟ සිටියාට, සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඒකීය රාජ්‍ය සුරකින බව, ඊළාම්වාදය, බෙදුම්වාදයට, ඉඩ නොතබන බව මෛත්‍රී පාලනයක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල් කරන්නට එම පිරිසට නොහැකි විය. වහාබ් වාදය ගැන, හලාල් ගැන විශාල වශයෙන් හඬ තැලූ සිහල උරුමයේ පිරිස අද සිටින්නේ තමන් එදා වහාබ් රජවරුන් ලෙස දොaෂදර්ශනයට ලක්‌ කළ මුස්‌ලිම් අන්තවාදීන් සමඟය. ඊළාම්වාදයට එරෙහිව කතා කළ හෙළ උරුමය අද සිටින්නේ, සියලු ඊළාම් ගැත්තන් සමඟය. බෙදුම්වාදී මතය හෙළ උරුමයෙන් යටපත් කරනවා වෙනුවට සිරිසේන සටනේදී යටපත් ඇත්තේ සිහල උරුමයේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තියය. වෙනකක්‌ තබා අද සිහළ උරුමයවත් තමන්ගේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නේ නැත. මේ නිසා සිරිසේන වටා ගොනු වී ඇති බෙදුම්වාදී පොකුරේ එක මලක්‌ වනවාට අමතරව කිසිදු භූමිකාවක්‌ සිහල උරුමයට ද හිමි වී නැත.

සිංහල ජනතාව, සියල්ල අතහැර බැලිය යුත්තේ මේ දෙසය. මේ පිරිසගේ වුවමනාව වී තිබෙන්නේ මේ රටේ සිංහල විරෝධී බලවේගයක්‌ නිර්මාණය කර බෙදුම්වාදයට අවශ්‍ය න්‍යාය පත්‍රය සකසා දීමය.

එතැනදී මෛත්‍රීපාල නිකම්ම නිකං ඉත්තකු වන්නේ නැත. යුද ජයග්‍රහණයට උරදුන් සරත් ෆොන්සේකා ඉතාම කෙටි කාලයක්‌ තුළ විජාතික බලවේගවලට හසුවූයේය. එවැනි පරිසරයක්‌ තුළ බෙදුම්වාදී දිශානතියට මෛත්‍රීපාල පහසුවෙන් හසුවෙනවා හැරෙන්නට ඔහුට වෙන කාර්යයක්‌ නොමැත. එසේ හසු නොවන්නට මෛත්‍රීපාල තුළ වුවමනාවක්‌ ඇත්නම් ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඒ ගැන සඳහනක්‌ තිබිය යුතුය. අවම වශයෙන් ඔහු තම හවුලේ මාතෘකාවක්‌ බවට බෙදුම්වාදී විරෝධය පත්කරගත යුතුය.

ආණ්‌ඩුව තමන්ගේ පළමු තැන ලෙස හඳුනාගෙන තිබෙන්නේ බෙදුම්වාදයට එරෙහිව සිටින බවය. එසේ නම් එයට පිළිතුරක්‌ ලෙස මෛත්‍රීපාලට අවම වශයෙන් ඒකීය රාජ්‍ය සහතික කළ නොහැක්‌කේ ඇයි? 2005-2010 යන තීරණාත්මක ජනාධිපතිවරණයන්හිදී බෙදුම්වාදය සිටි පැත්ත පරාජයට පත්වී තිබේ. ජයග්‍රාහකයා කවුදැයි යන්න සෙවීමට කරන සමීක්‍ෂණ ද අභිබවා ජ්‍යෙdතිෂය පැමිණ තිබෙන විට ඒ ගැන පෙර ඇගයුමට බෙදුම්වාදය ද යොදාගත හැක. 2005, 2010 දී පමණක්‌ නොව ඊට පෙර සිටම බෙදුම්වාදය තීරණාත්මක වූ මැතිවරණවලදී බෙදුම්වාදී පිල පරාජයට පත්විය.

අවම තරමෙන් මේ ගැන සිතාවත් මෛත්‍රීපාලට බෙදුම්වාදයේ සිරකරුවෙක්‌ නොවෙන්නට තිබිණි.

කේ. පී., කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ආණ්‌ඩුව සමඟ සැපට සිටිනවා යෑයි එක ඇඟිල්ලක්‌ ආණ්‌ඩුවට දික්‌කරන පිරිස තමන් වෙත ඉතිරි ඇඟිලි හතරම හරවාගෙන බෙදුම්වාදයේ සියලු බලවේග සමඟ සිටියි.

කරුණා එල්. ටී. ටී. ඊ. යේ නැගෙනහිර නායකකමෙන් මිදී පලා ආවේ එල්. ටී. ටී. ඊ, ය විනාශ කිරීමට ආණ්‌ඩුවට සහාය දීමටය. ඒ මොහොතේ එල්. ටී. ටී. ඊ. වාදීන් එක හඬින් කීවේ කරුණාගේ කණ්‌ඩායම නිරායුධ කළ යුතු බවය. එල්. ටී. ටී. ඊ. ය කැබලි කරමින් කරුණා ලබාදුන් සහය නිසා ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌වූවකි කරුණා. අනික්‌ අතට කරුණා, එල්. ටී. ටී. ඊ. යෙන් වෙන්වීමේ ජයග්‍රාහී බව මීට පෙර සෑම අවස්‌ථාවකදීම අත්කර ගත්තේ එජාපයය. කරුණාව එල්. ටී. ටී. ඊ. යෙන් කැඩුවේ තමන් බව එජාපය ප්‍රසිද්ධියේම කීවේය. ඒ කරුණා අම්මාන් අද ආණ්‌ඩුව සමඟ ඊළාම් මතය අතහැර එල්. ටී. ටී. ඊ. විරෝධීව සිටිනා විට වැඩිම චෝදනා කරන්නේ ද ඒ පිරිසය.

කේ. පී., මැලේසියාවේ සිට කුදලාගෙන ඇවිත් ඔහු එල්. ටී. ටී. ඊ. යේ හතුරකු බවට පත්කළේ හමුදාවය. කේ. පී. පිළිබඳ විදෙස්‌ගත ඊළාම්වාදීන් දක්‌වන වෛරී ආකල්පයම ඔහුගේ අද භූමිකාව කියාපායි. එසේ වන අතරේ කේ. පී. එදා නියෝජනය කළ මතය අද දරනා පිරිස සිටින්නේ ආණ්‌ඩුවට චෝදනා කරන අය සමඟය.

මේ නිසා ඊළාම්වාදී පිල හඳුනාගැනීමට වැඩි අපහසුතාවයක්‌ ජනතාවට නැත.

-මනෝඡ් අබයදීර

 දිවයින
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions