3/28/2025
ඩොයිලි කියවමු
අපේ මතය - 3
90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක
වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත්
ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා
නිර්වචනය කොටගත යුතු බවත් අප ජනවාරි කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ
පළමු උදාහරණය ලෙස යුතුකම පෙබරවාරි කලාපය තුළින් අප සාකච්ඡා කළේ බෝල්කන් කලාපයේ
ජාතිකවාදී පැන නැගීම සම්බන්ධයෙනි. මෙම මාර්තු කලාපයෙන් අපි තවත් උදාහරණයක් විමසා
බලමු.
යුරෝපයේ දක්ෂිණාංශික
ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරවල නැගී ඒම
90’ දශකය වන තුරු ලෝකයේ
පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් අදියර 3 කට වෙන් කොට හඳුනාගත හැකි බව අප දැනටමත්
සාකච්ඡා කොට ඇත. එම කියවා ගැනීමට අනුව ජාතිකවාදය යන වචනය පවා ප්‍රථමයෙන් භාවිතයේ
යෙදෙන්නේ 17 වන සියවසේ යුරෝපයේ ජාතික රාජ්‍ය ස්ථාපිත වීම සමඟ ඇති වූ ප්‍රවණතාවය විග්‍රහ
කර ගැනීමෙ පිණිස ය.
පළමු සහ දෙවන ලෝක යුද්ධ
ඇති වී, පැතිරී යාමට පවා මෙම යුරෝපීය රාජ්‍යන්වල ක්‍රියාත්මක වූ ජාතිකවාදයන්
හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ කම්පනය තුළ යුරෝපයේ රාජ්‍යන්වල
ජාතිකවාදයන් සීඝ්‍ර ලෙස යටපත් විය. ලෝක යුද්ධයෙන් ඇති වූ ආර්ථික පරිහානිය නැවත ප්‍රතිපූර්ණය
කර ගැනීම සඳහා රාජ්‍යන් අතර ආර්ථික ඒකාබද්ධතාවයන් තර කර ගැනීම සඳහා වූ නැඹුරුව,
සීතල යුද්ධයේ බලපෑම ආදී කරුණු ගණනාවක් මෙලෙස යුරෝපයේ රාජ්‍යන්වල
පැවති ජාතිකවාදයන් යටපත් වීමට හේතු විය.
එහෙත් 90’ දශකය ආරම්භ වන
විට, සීතල යුද්ධයේ නිමාවත් සමඟ යුරෝපීය රාජ්‍යන්වල නැවත ජාතිකවාදී සෙවණැලි
මතු වීම ආරම්භ වූ අතර අප මේ කතා කරන මොහොත වන විට එලෙස 90’ දශකයේ මතු වූ යුරෝපීය
ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇත. ඉන් ඇතැම් ඒවා ඒ ඒ
රාජ්‍ය තුළ තීරක දේශපාලන බලයක් හිමි කර ගැනීමට සමත්ව ඇත.
ප්‍රංශයේ ජාතික පෙරමුණ (National Front), ජර්මනියේ
ජර්මනිය වෙනුවෙන් විකල්පය (Alternative for Germany-AfD), හන්ගේරියානු සිවිල් සන්ධානය (Fidesz – Hungarian Civic Alliance), ඉතාලියේ ඉතාලි සහෝදරත්වය (Brothers of Italy), ස්විස්ටර්ලන්තයේ ස්විස් ජනතා පක්ෂය (Swiss People's Party), පෝලන්තයේ
නීති සහ සාධාරණත්ව පක්ෂය (Law and Justice Party), ස්වීඩනයේ ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන්
(Sweden
Democrats), ෆින්ලන්තයේ ෆින්ස් පක්ෂය (The Finns Party), ග්‍රීසියේ
රන් අරුණෝදය (Golden Dawn), ඔස්ට්‍රියාවේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂය (Freedom Party of
Austria), නෙදර්ලන්තයේ නිදහසේ පක්ෂය (Party for Freedom), ස්පාඥ්ඥයේ
වොක්ස් පකෂය (Vox) යන දේශපාලන ව්‍යාපාර 90’ දශකයෙන් මෙපිට යුරෝපයේ හමා යමින් පවතින
ජාතිකවදී රැල්ලෙහි පල නෙලා ගැනීමට සමත් වූ දේශපාලන ව්‍යාපාරවලට උදාහරණයන් වෙති.
මෙම උදාහරණ ගොන්න අතරින් වඩා වැදගත් කිහිපයක් පිළිබඳව තොරතුරු විමසා බලමු.
ප්‍රංශයේ ජාතික පෙරමුණ
හෙවත් ජාතික රැළිය
ජාතික පෙරමුණ පිහිටවනු
ලැබුවේ 1972 වසර තරම් ඈත කාලයකදී වුවත් එය සැළකිය යුතු ජන බලයක් සහිත දේශපාලන
පක්ෂයක් බවට පත් වූයේ 90’ දශකය තුළදී ය. එහි නිර්මාතෲ මෙන්ම 2011 වසර දක්වා එහි
නායකත්වය දැරූ ලේ පෙන් (Jean-Marie
Le Pen) දෙවන ලෝක යුද්ධයෙන් පසුව
ප්‍රංශයේ මතු වූ පූජාඩිස්මේ (Poujadisme) ව්‍යාපාරයෙන් දේශපාලන අත්පොත් තැබූවෙකු වේ. ඇමරිකානු
අනුකාරක නූතනකරණයට එරෙහි වීම, නාගරීකරණයට
එරෙහි වීම, යුදෙව්වන්ට සහ සංක්‍රමණිකයන්ට
එරෙහි වීම, ඉන්දු-චීනයේ සහ
ඇල්ජීරියාවේ ප්‍රංශ යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීම, ප්‍රංශ ජාතික වෙළඳුන්ගේ සහ කාර්මිකයන්ගේ
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම පූජාඩිස්මේ ව්‍යාපාරයේ ලක්ෂණ වේ.
1972 සිට ක්‍රම ක්‍රමයෙන්
පුළුල් වූ ජාතික පෙරමුණ සිය පළමු කැපී පෙනෙන ජයග්‍රහණය උදා කරගන්නේ 1988
ජනාධිපතිවරණයේ සමස්ත චන්ද ප්‍රතිශතයෙන් 15% ක් ලබා ගනිමිනි. එතැන් සිට ප්‍රංශ
දේශපාලනයේ වඩා මතභේදකාරී සහ බලපෑම් සහගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික පෙරමුණ
නැගී ආවේ ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂය,
සමාජවාදී
පක්ෂය මෙන්ම චාල්ස් ඩි ගෝල් ගේ ආභාසය සහිතව ප්‍රංශයේ ලිබරල්කරණය වෙනුවෙන් පෙනී
සිටි ‘ජනරජය සඳහා නව-ගෝලිස්ට් රැලිය පක්ෂයට’ ද තියුණු අභියෝගයක් ලබා දෙමිනි.
2011 දී ජාතික පෙරමුණේ
නායකත්වය ලේ පෙන්ගේ දියණිය වූ මරීන් ලේ පෙන් ට හිමි විය. ඇයගේ නායකත්වය යටතේ ජාතික
පෙරමුණ වඩා පුළුල් ජනතා ආමන්ත්‍රණයක් සිදු කිරීමේ සක්‍යතාවය හිමි කරගෙන ඇත. 2018
ජාතික පෙරමුණ යන පක්ෂ නාමය නැෂනල් රැලි (National
Rally) යනුවෙන් වෙනස් කරන ලද අතර
ආර්ථික ආරක්ෂණවාදය සහ යුක්තිය, සාධාරණත්වය
ඉලක්ක කොටගත් සටන් පාඨ ඇය විසින් පෙරට ගෙන ඇත.
2024 ප්‍රංශ ජාතික සභා (National Assembly) මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය
කිරීමට පවා ‘නැෂනල් රැලි’ සමත් වූ අතර එය මේ වන විට ජාතික සභාවේ ආසන 577 න් ආසන
143 කට හිමිකම් කියයි. තවද එය ජනාධිපති මැක්‍රෝන් වෙත තීව්‍ර දේශපාලන පීඩනයක් ලබා
දෙමින් සිටින අතර මීළඟ මැතිවරණයකදී බලයට පත් වීමට පවා ඉඩ ඇත.
90’ දශකයෙන් මෙපිට යුරෝපය පුරා හමා යමින් පවතින දක්ෂිණාංශික ජාතිකවාදී රැල්ල ප්‍රකට කෙරෙන තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපයෙන් විමසා බලමු
(සංවාදයට විවෘත්තයි)
-පැතුම් ඒ.
රණසිංහ-
https://www.facebook.com/yuthukama
උඩරැටියන්ගේ ඉරණම
සියවස් ගණනාවක් පුරා යුරෝපීය ආක්‍රමණ ගණනාවකට මුහුණ දෙමින් සිය ස්වෛරීත්වයත් තම වැසියන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් සටන් කළ උඩරැටියන් ගැන අපි දනිමු. 18 වන සියවස අවසාන භාගයේ දිවයිනේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික රොබට් පර්සිවල් (1805) විසින් උඩරැටියන් හඳුන්වන ලද්දේ ස්වාධීනත්වයේ අභිමානයෙන් යුත් ජනකොටසක් ලෙසය (පි. 233).
නමුත් උඩරැටියන් 1815
මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුමක් අත්සන් කරමින් බ්‍රිතාන්‍ය කිරීටයට
යටත් විය. එම ගිවිසුම අත්සන් කර දැනට සියවස් දෙකක් පමණ ගෙවී ගොස් ඇත. ඒ
සම්බන්ධයෙන් ලිපි, පොත් ගණනාවක්
ලියවී ඇත. නමුත් එම ගිවිසුමෙන් පසුව උඩරැටියන්ට අත්වුණු ඉරණම පිළිබඳව අප ඇති තරම්
අවධානය යොමු කර තිබේ දැයි යන්න ගැටළුවකි. උඩරැටියන්ගේ ඛේදවාචකය ගැන ඉතිහාසඥයන්ගේ
අවධානය යොමු වන්නේ මඳ වශයෙනි.
උඩරට ගිවිසුම 1815 දී
අත්සන් කෙරුණේ උඩරට නිලමේවරුන් හා ඉංග්‍රීසි නියෝජිතයන් අතරයි. ලන්දේසි - මලබාර්
බලාධිපත්‍යය හමුවේ සිය සංස්කෘතිය, සම්ප්‍රදායන්
හා ආර්ථික නිදහස නැතිවීමේ තර්ජනයට මුහුණ පා සිටි සිංහලයන්ට මලබාර් රජුගෙන් මිදී තම
රාජ්‍යය හා ජනයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය විය. ඒ අනුව උඩරට ගිවිසුම අත්සන් කෙරිණ.
ඇතැමුන් මේ සිංහල ප්‍රධානීන් දෙමළ රජුට විරුද්ධ වූ ජාතිවාදීන් යැයි හංවඩු ගසන අතර
තවත් කොටසක් ඉංග්‍රීසීන්ට රජු පාවා දුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසයි. ඒ සම්බන්ධයෙන්
තර්ක කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වෙතත් සිංහල රාජධානියේ හා ජනයාගේ ආරක්ෂාව
උදෙසා ඉංග්‍රීසීන් සමඟ එකඟතාවයකට ඒම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සිංහල ප්‍රධානීහු
දුටුවහ. නමුත් ඉංග්‍රීසීන් විසින් උඩරැටියන් කෲර ලෙස රවටන ලදී.
1. තමන් විසින්ම
අත්සන් කරන ලද 1815 ගිවිසුම උල්ලංඝණය කිරීමට ඉංග්‍රීසිහු කටයුතු කළහ. තමන්
රැවටීමකට ලක්වූ බව අවබෝධ කරගත් සිංහල ප්‍රධානීන් නැවතත් උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ගෙන්
ගලවාගෙන ආරක්ෂා කරගැනීමට ප්‍රයත්න දැරූහ. ඒ 1818 වසරේ දීය. නමුත් ඒ වන විට
උඩරැටියන්ගේ බල බිඳීමට ඉංග්‍රීසිහු සමත්ව සිටියහ.
2. උඩරට රාජධානිය
ආරක්ෂා කරගැනීමට සිංහල ප්‍රධානීන් විසින් 1818 වසරේ දී දරණ ලද උත්සාහය අවසාන වූයේ
ඉංග්‍රීසීන් විසින් සිංහලයන් සංහාරය කරනු ලැබීමෙනි. එහිදී කාන්තාවන් හා කුඩා ළමුන්
පවා ඉංග්‍රීසි හමුදාවන් අතින් මැරුම් කෑ බව වාර්තා වේ. එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ
අණ කිරීම යටතේ ගම්වැසියන් මරා දැමූ පසුව ගම් පවා ගිනිබත් කරන ලදී. උදාහරණයක් ලෙස
1817 දෙසැම්බර් 9 වන දින ඉංග්‍රීසි හමුදාවේ මේජර් මැක්ඩොවෙල් බදුල්ලේ මඩුගල්ල ගම
සම්පූර්ණයෙන් ගිනිබත් කරන ලද අතර ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා එය ප්‍රශංසාවට ලක් කර
සෙස්සන්ට අනුකරණය කරන ලෙසත් පවසා ඇත. (CO 54/56 7th Nov.
1817) ඉංග්‍රීසි හමුදාවේ ක්‍රියා
පිළිවෙත හේතුවෙන් ඌව පළාතේ ජනයා සාගතයෙන් ද බැට කෑවේය. ඌව පළාතේ ඇතැම් ගම්මාන වල
වයස 18ට වැඩි පිරිමි වැඩිහිටියන් ඉතිරි වූයේම නැත.
කැරැල්ල මර්ධනයේ දී තමන්ට
අවනත නොවන උඩරට ප්‍රධානීන් ඝාතනය කිරීමට ද ඉංග්‍රීසීහු වගබලා ගත්හ. ඇතැමුන් මුරුසු
දිවයිනේ සිරභාරයට පත් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස උඩරැටියන් කිසිදු නායකත්වයක්
නැති අසරණ ජනකොටසකගේ තත්ත්වයට පත් විය.
3. කෝල්බෲක්
කොමිසමේ යෝජනා අනුව නායකත්වයක් නැතිව අසරණ වී සිටි උඩරැටියන්ගේ සාම්ප්‍රදායික
භූමිය ඉංග්‍රීසීන් විසින් තමාට අවැසි ලෙස කැබැලි කරමින් එහි ජනයාගේ ජීවන ක්‍රමය
සම්පූර්ණයෙන්ම විකෘති කිරීමට කටයුතු කරන ලදී.
1815 දී ඉංග්‍රීසීන්
විසින් උඩරට ග්‍රහණය කරගන්නා ලද අවස්ථාවේ උඩරට රාජ්‍යය මධ්‍යම සානුවේ සිට
මුහුදුකරය හෝ ලන්දේසි දේශ සීමාව දක්වා වූ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පැවතිණ.
එම ප්‍රදේශ නුවර පළාත් යනුවෙන් ඉංග්‍රීසීහු හැඳින්වූහ. ලන්දේසීන්ගෙන් ලබා ගත්
මුහුදු බඩ ප්‍රදේශ වෙනමත් නුවර පළාත් වෙනමත් මුල් අවස්ථාවේ දී පාලනය විය. 1833
වසරේ දී උඩරට ප්‍රදේශය මුහුදු බඩ ප්‍රදේශ පළාත් හා ඒකාබද්ධ කර මුළු රටම පළාත් පහකට
බෙදන ලදී. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සරළ මෙන්ම ගොරහැඬි ද විය. මහනුවර
රාජධානියට අයත්ව තිබූ පහත රට ප්‍රදේශ කැබලි කර මුහුදු බඩ පළාත්වල කොටස් හා ඒකාබද්ධ
කරන ලද්දේ ප්‍රදේශ දෙක අතර සාම්ප්‍රදායිකව පැවැති වෙනස්කම් ගැන කිසිදු තැකීමකින්
හෝ අවබෝධයකින් හෝ තොරවය. මූලික අරමුණ වූයේ උඩරැටියන්ගේ ජාතිමාමක හැඟීම් දුබල කරනු
වස් උඩරට රාජධානිය අංගච්ඡේදනය කිරීමය. මේ අළුත් පලාත් අතරින් මධ්‍යම පළාතට පැරණි
මහනුවර රාජධානියේ කේන්ද්‍රය අන්තර්ගත විය. සිංහලයන්‍ගේ පැරණි කෘෂි ශිෂ්ඨාචාරයේ
හදබිම කැබලි කරන ලදුව ඉන් කොටසක් වූ නුවරකලාවිය, යාපනය හා දෙමළ බහුතර පළාත් සමඟ සම්බන්ධ කර උතුරු පළාතේ කොටසක් බවට පත් කරන
ලදී. තමන්කඩුව, ත්‍රිකුණාමලය
සමඟ බද්ධ කර නැගෙනහිර පළාතේ කොටසක් බවට පත් කරන ලදී. ඉංග්‍රීසි පාලකයන් විවෘතවම
කියා සිටියේ පැරණි උඩරට ප්‍රදේශ එකිනෙකින් වෙන් කිරීමෙන් ඔවුන්ගේ දේශපාලනික
එකමුතුව බිඳ දැමීමේ උග්‍ර අවශ්‍යතාව හේතුවෙන් එසේ කළ බවය.
උතුරු හා නැගෙනහිර පළාත් වලට සම්බන්ධ කරන ලද නුවර පළාත් වල වැසියන්ට ජීවත් වීමට වූයේ දෙමළ පරිපාලකයන් යටතේය. දෙමළ පාසල්, දෙමළ නිලධාරීන් වැඩ කළ කච්චේරි කරා යාමට ඔවුන්ට සිදුවිය. පසුකාලීන ඉංග්‍රීසි වාර්තාම හෙළි කරන ලද පරිදි මෙම ප්‍රදේශ වල ජීවත් වූ සිංහලයන් ක්‍රමානුකූලව දෙමළකරණය වීම සිදුවී ඇත.
ඇතැම් වාර්තා වල සඳහන්
ආකාරයට ඉංග්‍රීසීන්ගේ මෙම උත්සාහට විරුද්ධව ඉංග්‍රීසි කිරීටයට ආයාචනා කිරීමට ද
උඩරට සිංහලයන් කටයුතු කර ඇත. 1834 වසරේ දී සංදේශයක් භාර දෙමින් උඩරැටියන් පිරිසක්
ආයාචනා කර සිටියේ තම නිජභූමිය අංගච්ඡේදය කර මුහුදු බඩ පළාත් සමඟ ඒකාබද්ධ කිරීමේ
වෑයම නවත්වන ලෙසය (CO/54/137). යටත් විජිත පාලකයන් ඒ දුක්ගැනවිලි කණට ගත්තේ
නැත. වර්තමානය වන විට එසේ ඈඳාගත් ප්‍රදේශ වලින් සමහරක් වසර 3000කට වැඩි අතීතයක්
ඇතැයි කියන දෙමළ නිජභූමියේ කොටසක් ලෙස සැළකෙයි.
4. උඩරට රාජධානියේ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන් විනාශ විය. උඩරැටියන් බහුතරයක් ගොවිතැන් වල නියුතු ගොවි ප්‍රජාවක් විය. ඔවුන්ගේ ආර්ථිකයේ පැවැත්ම සඳහා ගොවි ඉඩම් හා වැව් අමුණු අත්‍යාවශ්‍ය විය. මේවා ප්‍රතිසංස්කරණය කරමින් පවත්වා ගෙන යාම ඊට පෙර සිටි නුවර රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් විය. නමුත් බ්‍රිතාන්‍යයන් සාම්ප්‍රදායික ආර්ථිකය විනාශ මුඛයට ඇද දැමූහ. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කෙරුණේ නැත. ගොවිතැනට අවශ්‍ය රාජ්‍ය සහාය ලැබුණේ නැත. උඩරැටියන්ගේ සාම්ප්‍රදායික ආර්ථිකය සහමුලින්ම විනාශ මුඛයට ඇද දැමිණි.
5. ඉන්පසුව බ්‍රිතාන්‍ය
පාලකයෝ උඩරැටියන්ගේ ගොවි ඉඩම් මංකොල්ල කෑහ. විවිධ අණ පනත් ගෙනමින් ඉඩම් අත්පත්
කරගන්නා ලදී. ඒ ඉඩම් පසුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට විකුණා දමන ලදී. වර්ෂ 1837 හා
1845 අතරතුර පමණක් එලෙස අක්කර 349, 870ක ඉඩම් ප්‍රමාණයක් උඩරැටියන්ගෙන්
මංකොල්ලකා තිබුණි. මේ අනුව උඩරට ගොවි ජනයා සිය ගොවි ඉඩම් හා සාම්ප්‍රදායික ආර්ථික
අවස්ථා අහිමි වූ දුප්පත්කමින් බැට කන අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවක් බවට
පත්විය. මේ හේතුව නිසාම උඩරට කැලෑ අභ්‍යන්තරයට සංක්‍රමණය වී හේන් වගාවට යොමු වීමට
ඔවුන්ට සිදුවිය.
6. සිය ඉඩම් හා
සාම්ප්‍රදායික ආර්ථිකය අහිමි වීමෙන් බැට කෑ උඩරට ගැමියා තමන් ලක්ව සිටි දුෂ්කරතාවය
හේතුවෙන්ම ඉතා පහසුවෙන් එවක පැතිර ගිය මත්ලෝලි භාවයට ගොදුරු විය. බ්‍රිතාන්‍ය රජයේ
අනුග්‍රහය යටතේ මත්ලෝලි භාවය ව්‍යාප්ත කරන ලද බව පැවසේ.
7. බ්‍රිතාන්‍ය
වැවිලිකරුවන්ට උඩරැටියන්ගේ ඉඩම් පවරා දුන් පසුව බ්‍රිතාන්‍යයන් සිදුකළේ
උඩරැටියන්ගේ සාම්ප්‍රදායික නිජභූමියේ ජන සංයුතිය සදාකාලික ලෙස වෙනස් කිරීමයි. ඉංග්‍රීසීන්
විසින් කොල්ලකා ගත් උඩරට ඉඩම් වල දකුණු ඉන්දියාවෙන් දෙමළ භාෂාව කතා කළ දාලිත් ජනයා
ගෙනවිත් ශ්‍රමිකයන් වශයෙන් දහස් ගණනින් පදිංචි කරන ලදී. ඇතැමුන් නැවතත් සිය
ගම්බිම් බලා ඉන්දියාවට ගිය ද උඩරට පදිංචි වූ ඉන්දියානු ශ්‍රමික ජනගහණය 1871 -
123,654, 1881 – 205, 495, 1891
– 262, 362, 1901 – 441, 601 හා 1911 – 513, 463 ලෙස අනුක්‍රමයෙන් වැඩි
විය.1948 වන විට ලක්ෂ ගණනක් වූ ඉන්දියානු දාලිත් ජනකොටසක් උඩරැටියන්ගේ නිජභූමියේ
පදිංචිකරුවන්ව සිටියහ.
8. මේ ආකාරයට උඩරැටියන් සිය නිජභූමිය තුළම දුප්පත් හා අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමූ පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර ටොරින්ටන් සිදුකළේ ඔවුන් මත මහා විශාල බදු බරක් හෙළීමය. අසරණ උඩරට ගැමියාට තමා සතුව ඉතිරිව තිබූ කුඩා ඉඩම් ද මුහුදු බඩ ප්‍රදේශ වල සිට පැමිණි මුස්ලිම් හා චෙට්ටි ව්‍යාපාරිකයන්ට උකස් කිරීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උඩරට ප්‍රදේශයන් තුළ මුස්ලිම් ජනකොටස වේගයෙන් ව්‍යාප්ත වී උඩරට ජනසංයුතිය තවදුරටත් වෙනස් විය.
9. උඩරැටියන් ප්‍රධාන
වශයෙන්ම බෞද්ධ ජනකොටසකි. ඉංග්‍රීසි පාලනය යටතේ, විශේෂයෙන් මුල් අවධියේ
බෞද්ධයන් මර්ධනයට ලක් කෙරිණි. ඔවුන්ට සිය ආගමික කටයුතු කරගෙන යාමට බාධා පැමිණියේය.
බෞද්ධාගමික කටයුතු යම් තරමකින් හෝ ආරම්භ වූයේ 1860 සිටය. දළදා පෙරහැර පැවැත්වීමට ද
බාධා ඇති විය.
10. මේ සියළු
අසාධාරණයන්ට විරුද්ධව උඩරට ගැමි ජනයා 1848 වසරේ දී නැගී සිටියහ. ඔවුන්ට තමන් පෙළූ
බ්‍රිතාන්‍ය පාලකයන් එළවා දමා තමන්ගේම පාලකයෙක් යටතට තම නිජභූමිය ගෙන ඒමට අවශ්‍ය
විය. නමුත් එය කෲර ලෙස බ්‍රිතාන්‍යයන් විසින් මර්ධනය කරන ලදී. මාතලේ ප්‍රදේශයේ
උඩරැටියන් සියගණනින් මරා දමමින් කැරැල්ල මර්ධනය කළ බව ආණ්ඩුකාර ටොරින්ටන් සඳහන් කර
ඇත (CO/54/250, 14.8.1848).
11. උඩරැටියන්ට
සිදුවූ අනෙක් බලවත්ම හානිය නම් ඔවුන් දේශපාලන නියෝජනයක් නැති ජනකණ්ඩායමක් බවට පත්
කරනු ලැබීමයි. එය සමස්ථයක් වශයෙන් දිවයින පුරා සිටි සිංහල බෞද්ධයන් මුහුණ දුන්
අසාධාරණයකි. ඔවුන් සතුව දේශපාලන නියෝජනයක් නැති කම හේතුවෙන්ම ඉහත දැක්වූ
අසාධාරණකම් වලට මුහුණ දෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්නට කිසිදු කෙනෙක් සිටියේ
නැත.
1833 වසරේ දි ඇරඹි ව්‍යවස්ථාදායක
සභාව තුළ බර්ගර්, මලබාර් හා සිංහල යන කොටස් තුනට සමාන නියෝජනයක් ලබා
දුණි. මෙම ජනවර්ග වල ජනගහන අනුපාත සළකා බැලූ විට පෙනෙන්නේ සිංහලයන්ට දේශපාලන
වශයෙන් ඉතා දුර්වල ස්ථානයක් හිමිව තිබූ බවය. එලෙස ලැබුණු සිංහල නියෝජනයත් හිමි
වූයේ බෞද්ධයෙකුට නොව ක්‍රිස්තියානි ආගමිකයෙක්ටය. එම නියෝජිතයා බෞද්ධයන් වෙනුවෙන්
පෙනී සිටියේ නැත. උඩරැටියෙක් නියෝජිතයෙක් ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරුණේ ද
1880 තරම් පසුකාලීනවයි. ඒ උඩරැටියන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු නොව ආණ්ඩුකාරවරයාට
හිතවත් නුවර රදළ පවුලකින් පැමිණෙන්නෙකුටයි.
20 වන සියවස මුල් කාලයේ දී
උඩරැටියන්ගේ ගැටළු ගැන විශේෂයෙන් ඉඩම් හිඟය හා ජන සංයුතිය වෙනස් කිරීම හේතුවෙන්
ඔවුන් ලක් වූ අසාධාරණයන් ගැන කතා කිරීමට ඇතැමුන් පෙළඹුණ ද ඊට නිසි අවධානය ලැබුණේ නැත.
නිදහසින් පසුව එම ගැටළු වලට පිළියම් සෙවීමට උත්සාහ ගැණුන ද උඩරැටියන් මහජාතියේ
කොටසක් ලෙස සැළකුණු හෙයින් ඔවුන්ට සිදුවූ අසාධාරණයන් ගැන කතා කිරීම ද ඊට පිළියම්
සෙවීම ද සැළකුනේ ජාතිවාදයක් ලෙසය.
උඩරට සිංහලයන් මුහුණ
දුන්නේ සංහාරයකටය. මේ ගැන කරුණු සොයා බලා නිසි ලෙස වාර්තා කිරීමේ උත්සාහයක් විමලානන්ද
තෙන්නකෝන් ගත්ත ද ඔහුගේ ඇවෑමෙන් පසුව එම උත්සාහය යට ගියේය. අද අප ඉදිරියේ ඇත්තේ
කුමක් ද? උඩරට සිංහලයන් මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳ තොරතුරු ඒකරාශි කිරීම,
උඩරැටියන්ගේ සංහාරය ගැන වාර්තා කිරීම, එයට
ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් නිසි පිළිගැනීම ලබා ගැනීමට කටයුතු කිරීමය.
විශේෂයෙන් ලංකාවේ මානව හිමිකම් ගැන දොඩවන බ්‍රිතාන්‍ය රජයට උඩරැටියන්ගේ ඛේදවාචකයට
ඔවුන් වගවිය යුතු බව දන්වා සිටිය යුතුය.
https://www.facebook.com/yuthukama
‘යුතුකම’ කුමක් සදහා ද? -3
www.yuthukama.com
උඩරට ගිවිසුම හා සිංහල බෞද්ධයෝ
1815 මාර්තු මාසයේ දී උඩරට
සිංහල රාජ්‍ය බිඳ වැටෙන්නේ අභ්‍යන්තර වියවුල් නිසා ය. මේ කාලය වනවිට ඉංගිරිසිහූ
තමන්ට සහජයෙන්ම උරුම වු වංකබව හා චපල
පිළිවෙතට සරිලන අයුරින් උඩරට රාජ්‍ය තුල අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් සිටියහ.
කන්ද උඩරට ඉංගිරිසි ආක්‍රමණයට
ආසන්නම හේතුව ලෙස ගැනෙන රජුගේ පාක්ෂිකයන් පිරිසක් හා ඇහැළේපොලගේ පිරිසක් අතර ජනවාරි 10 වැනි දා රාත්‍රියේ හංවැල්ලේදී ඇති වූ
ගැටුම නොගිණිය හැකි සුළු සිද්ධියක් ලෙසින් ඉංග්‍රිසි හමුදාවේ වෛද්‍ය නිළධාරියාව
සිටි හෙන්රි මාෂල් විසින් ම සඳහන් කර ඇත.
එමෙන්ම සිංහලේ රජුගේ කෘරත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා හුදු කරුණාව
පෙරදැරිව උඩරට ආක්‍රමණය කළේය යන ප්‍රලාඵය ද හෙන්රි මාර්ෂල් සෝපහාසයෙන් බැහැර කරයි.
මේ ආක්‍රමණයේ අවාසනාවන්ත අවසන් ප්‍රතිථලය වූයේ 1815 මාර්තු මාසයේ දී වසර දෙදහස් ගණනක් අවිච්ඡින්නව මෙරට පැවති සිංහලේ බෞද්ධ රාජ්‍යය, ගිවිසුමක් මඟින් එංගලන්තයේ මහරජුට පවරා දීම යි.
1803 දී උඩරට රාජ්‍යය ආක්‍රමණය
කිරීමට ගොස් ඉංගිරිසින් ලැබූ අපකීර්තිමත් පරාජය 1815 දී ජයග්‍රහණයක් බවට පෙරළුනේ
ඔවුන් සතු වූ වීරෝධාර භාවයක් නිසා නොව
ඔවුනට ආවේණක වූ චපල ගතිය
හා වංක ස්වාභාවය නිසාය. ඒ බව ඔවුන් විසින්
අත්සන් කිරීම සඳහා උඩරට නායකයින් වෙත ඉදිරිපත් කළ ගිවිසුමේ ස්වභාවය මෙන්ම එය ක්‍රියාත්මක
වූ ආකාරයෙන් ද පැහැදිලි වෙයි.
උඩරට ගිවිසුමේ දෙවැනි
වගන්තියෙන් වඩුග රජුගේ කිසිම නෑදෑයෙකුට සිංහල දේශයේ කිරුළ දැරීමට අයිතියක් නොමැති
බව ද, ඉනුත් ඔබ්බට ගොස් කිසිම දෙමළ ජාතිකයෙකුට ද ඒ සඳහා අයිතියක් නැත යන්න ද
සඳහන් වෙයි.
එහි පස්වැනි වගන්තයෙන් මෙරට රජුන් මුලෑදෑනිවරුන් මෙන්ම පොදු ජනතාවද අදහන්නාවූ බෞද්ධාගමත් සාසනයත්, දේවාගමත් නොකඩවා පවත්වාගෙන යෑමත් ඒ සඳහා සංඝයා ද විහාරස්ථාන ද දේවාල ද නොනවත්වා පවත්වාගෙන යෑමට හා ආරක්ෂා කරගෙන යෑමට අවශ්‍ය බව ද පිළිගෙන තිබේ.
මේ වගන්ති දෙක උඩරට
ගිවිසුමට ඇතුලත් වීම එංගලන්ත පාර්ලිමේන්තුව තුළ
දැඩි විවේචනයට ලක් විය. මෙසේ විවේචනයට ලක්වීමට හේතුවූයේ අධිරාජ්‍ය විසින්
සිය යටත් විජිතයක් තුල උතුම් වූ ක්‍රිස්තියානි දහම ස්ථාපිත කිරීම වෙනුවට ‘මිථ්‍යා
දිට්ඨික ආගමක්’ වූ බුදු දහම ප්‍රවර්ධනය කිරීමට අනුබල දීම ක්‍රිස්තියානි රාජ්‍යකට
අයිතියක් නැති ය යන ආකල්පය යි. ඔවුන් ඒ චෝදනාවෙන් ගැලවුනේ එම වගන්තිය සිංහල ජනතාව
රැවටීම සඳහා පමණක් යොදා ගත් වගන්තියක් බව ප්‍රකාශ කරමිනි.
එමෙන්ම මේ රට තුල පසු කලෙක පිළිකාවක් සේ වර්ධනය වූ දෙමළ ජාතිවාදයේ මුල් බීජයද උඩරට ගිවිසුම තුලින් ම හිතාමතා නිර්මාණය කරන ලද්දකැ යි මට නම් සිතේ. මන්ද උඩරට ගිවිසුම අත්සන් කරන වකවානුව වනවිට දී මෙරට ජාතිභේදයක් නිර්මාණය වී තිබුනු බවට සාධක නැත. දෙමළ ජාතිකයෙකුට මෙරට රජවීමට නොහැකිය යන්න සිංහලයන්ගේ සංකල්පයක් නොවේ. මන්ද සිංහලයාගේ ප්‍රධාන භූමිකාව බුදුදහම රැකගැනීම මිස සිංහලයා රැකගැනීම නොවේ. සිංහලයා රැකෙනු යුත්තේ බුදුදහම රැක ගැනීමටය.
මෙරට සංඝයා වහන්සේලා හා
ජනතාව විසින් උඩරට ගිවිසුමට වසර 68 කට පෙර සිංහලේ රජු වශයෙන් නායක්කර් වංශිකයෙකු
වූ කීර්ති ශ්‍රී රාජසිංහ පත්කරගත් අතර අවුරුදු 33ක් වූ එතුමාගේ රාජ්‍ය කාලය තුළ
සාසන දියුණුව වෙනුවෙන් කරණ ලද මෙහෙය අතිවිශාලය.
අද මෙරට ඇතැම් අනුකාරක
උගතුන් සිතා සිටින අයුරු, සිංහලේ යන්නෙන් හැඳින්වුනේ ජාතිවාදී රාජ්‍යක් නොව,
සියලු ජාති ආගම් වලට සහජීවනයෙන් ජීවත් විය හැකි බෞද්ධ ව්‍යවස්ථාවක්
සහිත රාජ්‍යකි.
මේ බෞද්ධ ව්‍යවස්ථාවේ
සලකුණු පිළිබඳව ජෝන් ඩොයිලි විසින් පවා විස්තර කර දී ඇත.
ස්වභාවයෙන් ම
තුච්ඡ ජාතියක් වූ ඉංගරිසිහු අත්සන් කළ දා සිටම ගිවිසුම කඩකිරීම ද ආරම්භ කළෝ ය. එදා
සිටිම සිංහලයෝ ද ඉංගිරිසින්ට එරෙහිව නොනවතින අරගලයක් ආරම්භ කළෝ ය. අදටත් එය අවසන්
වී නැත.
-මහාචාර්ය වසන්ත දේවසිරි-
www.yuthukama.comhttps://www.facebook.com/yuthukama
යුතුකම මාසික සඟරාව
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්නා හැඟුමෙකි. පැදි රස විඳීම ප...
-
අමධ්‍යප ව්‍යාපාරයේ නායකයන් ලෙස පෙනී සිටි ලාංකේය ධනවත් සහ ප්‍රභූ පන්තිය නියෝජනය කරන තරුණයන්ගේ පවුල් බොහෝමයක් අනෙක් පසින් අරක්කු රේන්ද ව්‍යාපා...
-
17 වැනි සියවස යනු යුරෝපයේ ‘බුද්ධි ප්රබෝධය’ නිර්මාණය වෙමින් පැවති යුගයකි. ඒ ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන දර්ශනයේ පදනම වූයේ ද ජීවත් වීමේ අයිතිය...
-
අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරය...
-
ප්‍රවේශය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට සහ අවධානයකට ලක් නොවී ක්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම...
-
මුස්ලිම් ප්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප්‍රදේශයේ පසුගිය...
-
බස රැස දෙස සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය -වෛද්‍ය වසන්ත දේවසිරි- [ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ග...




.jpg)
