6/25/2018

සිංගප්පුරුවෙන් ලොව පුරා භාණ්ඩ බදු රහිතව ලංකාවට

කතෘ:යුතුකම     6/25/2018   No comments
සිංගප්පුරුවෙන් ලොව පුරා භාණ්ඩ බදු රහිතව ලංකාවට

සිංගප්පුරුව යනු වෙළඳ මධ්‍යස්ථානයකි. ලොව ඕනෑම රටකින් සිංගප්පූරුවට ඇතුලුවන භාණ්ඩවලින් 99%කටම ආනයනික බදු අය නොකෙරේ. එනිසා එවැනි රටක් සමඟ ගිවිසුමකට එළැඹීමේදී ශ්‍රී ලංකාව විසින් බදු සහන ලබා දෙන්නේ සිංගප්පුරුවේ නිපදවන හෝ සිංගප්පූරුවේදී ප්‍රමාණවත් තරම් අගයක් එකතු කරන ලද භාණ්ඩවලට පමණක් බවට තහවුරු කර ගැනීම ඉතා අවශ්‍යය. වෙළඳ ගිවිසුම් වල ඒ සඳහා භාවිතා කරන නීතිය, ප්‍රභවය පිළිබඳ නීතිය (rules of origin) ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයා අනාථ වන ලෙස, මෙම ගිවිසුම මඟින් ලෝකයේ අන් රටවලින් ආනයනික බදු රහිතව සිංගප්පූරුවට ඇතුල්වන භාණ්ඩවලට, ලංකාවට ආනයනික බදු රහිතව ඇතුලුවීමට අවශ්‍ය කරන තත්වය සකස් කර ඇත. ඒ බව සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ගිවිසුම අත්සන් කරන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන‍යේ, "The SLSFTA also contains one of the most liberal rules of origin (ROO) which will allow more exports from Singapore to qualify for the lower tariffs negotiated." යනුවෙන් සඳහන් වීමෙන් පැහැඳිළි වේ.



මෙම වගන්තිය ඉතා ලිහිල් ලෙස යොදා ඇති බැවින් බොහෝ භාණ්ඩ මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට යැවීමට සුදුසුකම් ලබන බව සිංගප්පුරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිවේදනයෙන් පැහැදිළි වේ. Rule of Origin (Protocol 1, Article 5) නමැති වගන්තිය ඉතා දුර්වල ලෙස යෙදීම මඟින් මෙය සිදු කර ඇත.

නිදහස් වෙළෙඳ ගිවිසුමක් යටතේ තීරුබදු ඉවත් කළ භාණ්ඩ සැබැවින්ම ගිවිසුම අත්සන් කර ඇති රටවලින් පැමිණෙන බව තහවුරු කිරීම සඳහා ප්‍රභවය පිළිබඳ නීතිය (Rule of Origin) යොදා ගැනේ. මෙහිදී සිංගප්පුරුවට ලංකාවේ සිට භාණ්ඩ පැමිණියත් වෙනත් රටක සිට භාණ්ඩ පැමිණියත් ආනයනික බද්දෙන් නිදහස්ය. එනිසා සිංගප්පූරුවට මෙම ප්‍රභවය පිළිබඳ නීතිය පලක් නැත. එම නීතිය මඟින් ආරක්ෂාව අවශ්‍ය වන්නේ ලොව ඕනෑම රටක සිට බදු රහිතව භාණ්ඩ ඇතුලු වීමට ඉඩ ලබා දී ඇති සිංගප්පුරුව සමග ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවටයි. මෙම ගිවිසුම මඟින් වෙනත් රටවල භාණ්ඩවලට ද බදු රහිතව ලංකාවට ඇතුළු වීමට ඉඩ සළසමින් ප්‍රභවය පිළිබඳව රීතිය ඉතා දුර්වල ලෙස යොදා ඇති ආකාරය සළකා බලමු.

Chapter 02- 7, Protocol 1, Article 5

මෙහිදී (a) හෝ (b) හෝ (c) යන කොන්දේසි තුනෙන් එකක් සපුරාලූ විට මෙම ගිවිසුම යටතේ බදු ඉවත් කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අනෙක් ගිවිසුම් වලදී මෙම වගන්තිය සඳහා මෙලෙස සම්බන්ධ කර ඇත්තේ And යෙදීම මඟිනි. එනම් කොන්දේසි සියල්ල සපුරාලිය යුතු ලෙසටය. එසේම එම කිසිම ගිවිසුමක භාණ්ඩ සඳහා කියා වෙනම, Product Specific Rules ඉදිරිපත් කර නැත.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ කරුණ පිළිබඳව සඳහන් කරන විට ඔහු හිතාමතාම මෙරට දේශීය නිෂ්පාදකයා නොමඟ යැවීම සිදු කරයි. ඔහු පවසන්නේ 35% ක අගය එකතු කිරීම සහ HS කාණ්ඩ අගය (භාණ්ඩ වර්ගීකරණය කරන ක්‍රමයකි) 4 වන මට්ටම දක්වා වෙනස් කළ යුතුය යන මෙහි පළමු කොන්දේසි දෙක පිළිබඳව පමණි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ Product Specific Rules ලෙස නම් කරමින් ඉතාම ලිහිල් තත්වයන් යටතේ බදු රහිතව ලංකාවට එවිය හැකි වෙනම භාණ්ඩ ලයිස්තුවක් සිංගප්පූරුව විසින් මේ සඳහා ඇතුළු කිරීමයි. මලික් සමරවික්‍රම මහතා වංචාකාරී ලෙස එම කොන්දේසිය ගැන සඳහන් කිරීම මඟ හරියි. එම භාණ්ඩ ලයිස්තුවේ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් සඳහන් කර ඇත. ඒ භාණ්ඩ සඳහා HS අගය 6 වන මට්ටමෙන් වෙනස් වීම සෑහේ. (6 වන මට්ටමෙන් වෙනස් වීම 4 වන මට්ටමෙන් වෙනස් වීමට වඩා ඉතා අඩු ප්‍රමාණයක වෙනසකි.) උදාහරණයක් ලෙස බල්බය සහ ලාම්පු කවරය රටවල් දෙකකින් ආනයනය කර ලාම්පු කවරයට බල්බය සවිකර එය සිංගප්පුරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ආනයනික බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට මෙමගින් අවස්ථාව ලැබේ. ඇතැම් දියර ආකාරයේ භාණ්ඩ සඳහා ඒවායේ ගඳ, රසය, වර්ණය සහ ආම්ලිකතාවය ඉවත් කිරීම සෑහේ.
Chapter 02- 7, Protocol 1, The first few limes of Annex B.
Chapter 02- 7, Protocol 1, Annex A, 1.5

සිංගප්පුරුව ASEAN (බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය) නමැති ආර්ථික කලාපයේ සාමාජිකයෙක් වේ. මේ නිසා ASEAN කලාපයේ රටවල නිෂ්පාදනය වන භාණ්ඩ ඉතා පහසුවෙන් බදු රහිතව ලංකාවට ඇතුළු වනු ඇත. ඒ වගේම ඉන්දියානු සහ චීන භාණ්ඩද සිංගප්පුරුව හරහා බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිය. එවිට දේශීය නිෂ්පාදකයාට සිය කර්මාන්තශාලා වසා දමන්නට සිදුවනු ඇත.

-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/01/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     3/01/2018   No comments


අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:



 එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. කොච්චර උනන්දුවක් තිබෙනවාද කියනවා නම් එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවර්යෙක්වත් වෙන්න කළින් අර බැදුම්කර හොරකමට කළින් දවසේ යනවා මහ බැංකුවට. ගිහින් සාකච්ඡුා කරනවා පාරවල් හදන්න සල්ලි හොයන විදිහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්වත් නෙමේ එතකොට. පුදුම උනන්දුවක්!

හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

 මේ අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්.
(නවතම තත්වයට අනුව 2018, පෙබරවාරි 21 සිට 23 දක්වා එට්කා සඳහා අටවන සාකච්ඡා වාරයද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීය.)

 එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

 අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.

 මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

 මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

 ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

 මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත. මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

 එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

 මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

 එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

 මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

 මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.

 දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා. 

 හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

 දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/06/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     1/06/2018   No comments
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:

එට්කා ඇමතිවරු සහ බැදුම්කර

එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. බැදුම්කර වංචාව වෙන්න කලින් දවසේ එතුමා යනවා මහ බැංකුවට. ගිහින් කතා කළේ පාරවල් හදන්න සල්ලි ගන්න විදියලු. එතකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නෙමෙයි. පුදුම උනන්දුවක් තියෙන්නේ රට හදන්න.

 හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

එට්කා අතළගට

2017 අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්. 


අපි අතරෙම අපිත් එක්ක ඉන්න ඝාතකයා

එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.


මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

රෝගය සහ පිළියම

ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත.


ආර්ථික ඝාතකයන් වෙළද හිගය පිළිබද කියන බොරුව

මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.


පිළියමට වෙන දේ


මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.


පාලකයන්ගේ කොන්ද පණ නැති කම


දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා.

හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/28/2017

"පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් ආණ්ඩුවේ සල්ලාලකම් නතර කළ හැකිය" [Video]

කතෘ:යුතුකම     7/28/2017   No comments
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ එම සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ විසින් රචිත ” එට්කා- නෑයෙක්ද? ආක්‍රමණිකයෙක්ද?” කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගිය 19 වනදා කොළඹ, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛනාගාර සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

එහිදී මෙම කෘතිය පිළිබඳ දේශන පැවැත්වූ ආචාර්ය ගුනදාස අමරසේකර, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග යන විද්වතුන් අතින් කෘතිය විශේෂ ඇගයීමකට ලක්වීම කැපී පෙනිණි. උත්සවයේ මුලසුන හෙඹවුයේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෙද්‍ය අනුරුද්ද පාදෙනිය මහතායි.

මේ අවස්ථාවට ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේ, මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම කෘතිය තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ප්‍රකාශනයකි.

එහිදී ප්‍රධාන දේශකයන් පැවැත්වූ දේශන පහත දැක්වේ.

"මම දිගටම බලාපොරොත්තු වුන දෙයක් තමයි මේ රට තුලින්, මේ රට බේරගන්න දැන උගත් තරුණ පරපුරක් බිහි වෙයි කියලා. ඒ පිරිස දැන් පහල වෙලා තියෙනවා" - ගුණදාස අමරසේකර



මමයි Dr.PBයි CEPA එකට විරුද්ධවයි හිටියේ
.
පුරවැසියා සිය යුතුකම ඉටු කරන්නේ නම් සල්ලාලකම් නතර කළ හැකිය."
- අජිත් නිවාඩ් කබ්‍රාල්



මේ වයසෙදී මේ වගේ කෘතියක් රටට දායාද කරලා තියෙන වෙන කෙනෙක් නෑ
- යුතුකම සභාපති, ගෙවිඳු කුමාරතුංග

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දැක්වූ අදහස්
මහාචාර්‍ය සුමනසිරි ලියනගේ මහතා



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/19/2017

මලික් සමරවික්‍රමගෙන් තවත් වික්‍රමයක් - අනාචාර්ය පත්කිරීමක්

කතෘ:යුතුකම     6/19/2017   2 comments
ආචාර්ය සමන් කැලේගම  ලැජ්ජා නැති වැඩක..?

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ ඉතාම අක්‍රමික පත්වීමක් පිළිබඳව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හෙළිදරවු කළේය.

එම අමාත්‍යාංශය විසින් චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා පත්කරන ලද සාකච්ඡා කණ්ඩායම සහ චීනය නියෝජනය කළ කණ්ඩායම අතර පැවති සාකච්ඡාවක රැස්වීම් වාර්තාවක කොපියක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අතට ලැබී ඇත. එහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අත්සන් තබා ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි.

නමුත් ඔහු බහු ජතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාව වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ වත්මන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි. එම සමාගම විසින් පසුගිය වසර ඇතුළත පමණක් රුපියල් මිලියන 8,500 කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. එවන් සමාගමක ප්‍රධානියෙකු චීනය සමඟ ආනයන බදු සහන පැනවෙන භාණ්ඩ ලැයිස්තුව සහ අදාළ බදු සහන ප්‍රමාණයන් තීරණය කෙරන ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් තබා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කිරීමත් බැඳියාම් අතර ගැටුම් අවස්ථාවක් (Conflict of interest) බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි. එනිසා වහාම මෙම පත්වීම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ පිටපත් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් වෙතද යොමු කර ඇත.

එම සංගමයේ ප්‍රකාශකයෙකු අප සමඟ පවසා සිටියේ යහපාලනය මත ප්‍රතිඥා දී පැමිණි ජනාධිපතිවරයකු වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම නිවැරදි කර මේ සැකකටයුතු පත්කිරීම හා සම්බන්ධව කිසියම දූෂණයක් අක්‍රමිකතාවයක් සිදුව ඇත්දැයි වහාම පරීක්ෂණයක් පවත්වන්නට අවශ්‍ය පියවර ගනු ඇතැයි එම සංගමය බලාපොරොත්තු වන බවයි.

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සමපාදනය සඳහා වූ මහජන කොමිසම ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා ගත් එම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා එම කොමිසමෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමේදී මෙවැනි දූෂිත සිදු වීම් වළක්වාලීමට සමත් ක්‍රමවේදයක් ජාතික වෙළඳ ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව තම සංගමයේ ස්ථාවරය වන බවයි.




යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/07/2017

ජාතික ප්‍රතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ..

කතෘ:යුතුකම     6/07/2017   No comments
ජනතා වෙළඳ ප්‍රතිපත්තියට පිළිතුරු ලෙස NGO ඒජන්තයින් ලවා හදවා ගත් ආණ්ඩුවේ ව්‍යාජ වෙලඳ ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය.

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ව්‍යාජ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම හෙළා දකිමු.

පසුගියදා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන ලදැයි නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාව දැකීමෙන් අපි මවිතයට පත්වුයෙමු. එම අමාත්‍යංශය විසින් වෙළඳ ගිවිසුම්වලට එළැඹිමේදී පෙන්නුම් කරන ලද අත්තනෝමතිකභාවය ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් යැයි ඔවුන් විසින් පවසන කූඨ ලේඛනය සෑදීමේදීද ඉතා උපරිමයෙන් පෙන්නුම් කිරීම ඊට හේතුවයි.

රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු ලවා සෑදවූ වෙළඳ ප‍්‍රතිපත්තිය

එම අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද්දේ ආචාර්ය රවී රත්නායක නමැත්තෙක් පිට රටින් ගෙන්වා ඔහුට ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම භාර දීමයි.
රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකරිකයකු වන ඔහු මින් පෙර සිදු කර ඇත්තේ ආසියානු පැසිෆික් කලාපයේ දිළිඳු රටවල් බටහිර අධිරාජ්‍යවාදීන්ට කොල්ල කෑමට අවශ්‍ය වන පහසුකම් සැපයීමයි. ඔහුට දැන් පැවරී ඇත්තේ ඉන්දියාව ඇතුලූ කලාපීය බලවතුනට ශ‍්‍රී ලංකාව කොල්ල කෑමට අවැසි ප‍්‍රතිපත්තියක් ලංකාවට සකස් කර දීමයි.

වඩාත්ම උත්ප‍්‍රාසජනක කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ එම එම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කළේ සියලූ පාර්ශවයන් විමසීමෙන් බව සඳහන් කිරීමයි. එය මුසාවාදයකි. එම ප‍්‍රතිපත්තිය සකස් කළේ තනි පුද්ගලයෙකු විසිනි. එම ප‍්‍රතිපත්තිය කිහිප දෙනෙකුට පෙන්වා අදහස් විමසා සිටියද එම ප‍්‍රතිපත්තිය පිළිබඳව ලබා දුන් කිසිදු අදහසක් රවී රත්නායක සිය වෙළඳ ප‍්‍රතිපත්තියට ඇතුළත් නොකළේය. එසේම මෙහිදී ඔහු විසින් අනුගමනය කෙරුණු ක‍්‍රියාදාමයද දැඩි විවේචනයට බදුන් විය. අවම වශයෙන් පැවති රැුස්වීම් වාර්තාවටවත් වෙනත් අය විසින් මතු කළ කාරණා ඇතුළත් නොකළ නිසා ඔවුහූ මෙම ඊනියා සාකච්ඡුාවෙන් ඉවත්වූහ. එනිසා මේ ප‍්‍රතිපත්තිය ”රවී රත්නායකගේ වෙළඳ ප‍්‍රත්පත්තිය” මිස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නොවේ.

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය රජය පිළිගනියි.

කෙසේ නමුත් මේ රට පාවා දෙන්නන්ගේ භූමිකාව එලෙසම පැවතියදී වුවත් මෙරට පොදු ජනතාව විසින් ලද ජයග‍්‍රහණයක් තිබේ. එනම් එට්කා, චීන - ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වැනි භයානක ගිවිසුම් සඳහා සාකච්ඡුා පැවැත්වීමට පෙර ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතු යැයි වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව විසින් පවසන විට එය හුදෙක් කල් මැරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන උපායකැයි පවසා සිටි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිගැනීමයි.
ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නේ නම් ජාතික වෙළඳ පතිපත්තියක් සැකසීම සඳහා නිවැරදි ලෙස කටයුතු යොදමින් එය වහාම රජය විසින් ආරම්භ කළ යුතුය. එසේම දැනට සාකච්ඡුාවේ පවතින තීරණාත්මක වෙළඳ ගිවිසුම් පිළිබඳව වෙනත් රටවල් සමඟ සාකච්ඡුා පැවැත්විය යුත්තේ එලෙස නිවැරදි ලෙස සකසන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් මත පිහිටායි. එම සාකච්ඡුා තුළදී වෙනත් රටක් සමඟ යම් යම් කාරණා වලට එකඟ වීමෙන් පසුව ජාතික ප‍්‍රතිපත්තියක් සෑදීමේ කිසිදු ඵලක් නැත. එනිසා නිවැරදි ක‍්‍රමවේදයකට අනුව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන තෙක් නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව දැනට පවතින සාකච්ඡුා අත්හිටුවා දැමිය යුතුය.

ජනතාවගේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය

නිවැරදි ලෙස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන්නේ කෙසේදැයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයට අවබෝධයක් නැති වුවද මේ රටේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එකමුතුව ස්වේච්ඡුාවෙන් ඒ අඩුව දැනටමත් පුරවා ඇති බව අප ප‍්‍රකාශ කරන්නේ නිහතමානී අභිමානයකිනි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කරන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වු මහජන කොමිසම මේ වන විට ඉතාම සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර පාර්ශව කරුවන් විසින් ලබා දෙන සියලූම වාචික සාක්ෂි එම කොමිසමේ වෙබ් අඩවිය :එර්ාැචදකසජහිරසක්බන්ගදරට* ඔස්සේ ඕනෑම අයකුට නැරඹිය හැකිය.

එසේම රජයේ කැබිනට් අමාත්‍යවරුවන් වන පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, තාක්ෂණ සහ නව සොයා ගැනීම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැනි කැබිනට් ඇමතිවරු පවා මෙම කොමිසම හමුවේ සිය අදහස් ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජයේ ඇමතිවරුන් පවා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කරන්නට යෙදුනු රවී රත්නායකගේ ජාතික ප‍්‍රතිපත්තිය නොතැකූ බවයි. කැබිනට් ඇමතිවරු පවා විශ්වාසය තැබූවේ යහපාලන මූලධර්මවලට අනුව විනිවිදිභාවය සහ ස්වාධීනත්වය තහවුරු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පිළිබඳවයි.

රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයාගේ යෝජනාද මහජන කොමිසමට

රවී රත්නායකගේ වාර්තාවද දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුගේ සභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම වෙත භාරදී එහි ගත යුතු යමක් ඇත්දැයි සලකා බැලීමේ බාධාවක් නැත. දැනටමත් දිවයිනේ ප‍්‍රමුඛ ආර්ථික විද්‍යා මහාචාර්යවරු සහ ආචාර්යවරුන් සිය අදහස් මෙම කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව ලබා දී ඇත.

තව මාස කිහිපයක් ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කිරීමට නියමිත සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසමින් සියලූ දෙනාගේ විශ්වාසය දිනා ගන්නට සමත් වූ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සඳහා වූ මහජන කොමිසමේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරන්නෙමු.

- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

5/11/2017

ETCA will destroy Sri Lanka’s IT sector– Lasantha Wickramasinghe SITP

කතෘ:යුතුකම     5/11/2017   No comments
The proposed Economic and Technology Corporation Agreement (ETCA) with India has caused many a controversy, and in this interview with Ceylon Today Secretary of the Society of Information Technology Professionals, Lasantha Wickramasinghe, explains how ETCA will affect the country's economy, and the reasons for opposing it.

Following are excerpts of the interview:

?: What are the major reasons for IT professionals to oppose ETCA ?

A: First, if you analyze the impact of this agreement on Sri Lanka's balance of payments, it is not that difficult to understand that ETCA is detrimental to our country's economy. Unfortunately, Sri Lanka has not engaged in any fruitful dialog in this regard.

Secondly, the government is far behind its mandate for good governance; the way it is conducting the ETCA negotiations with India completely ignoring the voice of local stakeholders and with no transparency in the process. In fact, the government took measures to legalize its lack of transparency by excluding the Right to Know about international trade agreements by its Right to Information Bill.

Thirdly, Information Technology is the largest net foreign exchange earning industry in the service sector next to tourism. This industry should be identified as a sector with a huge potential as it is one of the few sectors that has a competitive advantage over other countries. Sri Lanka should develop the IT sector to earn more foreign exchange and provide more jobs to Sri Lankan youth.

As we concentrated on tea, rubber and coconut over several decades and then apparel and tourism in the last two decades, now, Sri Lanka should keep its eye on the IT sector. But, ETCA will destroy our competitive advantage in the IT sector. It is not a problem only of the IT sector. It is a problem for all citizens of Sri Lanka as we will lose the ability to earn foreign exchange through this sector which will have a direct impact on the lives of everybody.

?: How do you see ETCA's impact on the overall economy?

A: Sri Lanka's main problem is the huge balance of trade, the gap between the imports and exports which is around 8.5 billion USD annually. Out of that more than 3.5 billion USD comes from trade with India and this has been widening over the years. This is not bearable for our economy. Hambanthota Port is supposed to be sold or leased for 99 years to earn 1.2 billion USD. That is a one-time earning. We create a trade deficit of 3.5 billion USD annually with India. You can see where we are heading due to our increasing trade deficit with India. We will have to sell more and more resources which are capable of earning foreign exchange for the country, each year, in order to mitigate the deficit of one year. So what should we do? We should learn from India. India has no Free Trade Agreement with China though China is its biggest trading partner. That is because India has a trade deficit with China. India is negotiating with China to reduce the trade deficit. India knows that natural tendency of flow of goods and services are more towards India from China than the other way around. Our case is similar to that. Signing of the ETCA will increase the outflow of money from Sri Lanka which will lead to a decrease in foreign reserves, an increase in national debt, devaluation of the Sri Lankan rupee and ultimately a crisis in Balance of Payments. On that day, no one will be responsible. That is why we demand that good governance be the process and a national trade policy prior to any negotiation of a trade pact.

?: Why do you claim that the ETCA will destroy our competitive advantage in IT sector?

A: First we need to identify is that we have a competitive advantage in the IT sector. That is why the IT sector has been rapidly growing in Sri Lanka. If we are in a position where we have a competitive advantage in a sector that is growing globally, the country must pay careful attention to that sector.

In 2007, the revenue from the industry was about USD 200 million. In 2015 it was around USD 900 million. In 2007, workforce was around 33,000. Now, it is around 90,000. You can see the growth. The industry is growing as it has been able to attract both local and foreign investors.

Why have those investors chosen Sri Lanka over India? That is the most important thing that the government needs to be aware of. But during the discussions, we held with the Ministry of International Trade, we realized that they know nothing about this though they are keen to sign agreements in a hurry.

Top tier talent, low cost operations, and our cultural adaptability have made it a logical choice for many global companies to invest in Sri Lanka. Those are our global competitive advantages. India also can provide low cost operations. So Sri Lanka was winning some investments over India due to top tier talent and cultural adaptability. Strategically, Sri Lanka should be positioned as a destination for product engineering work in the IT industry.

If the ETCA is signed, the Sri Lankan job market will be virtually merged with the massive Indian job market with their enormous number of unemployed IT professionals where 95 per cent of them are unfit for take up software development jobs as per an Indian research. They will be able to arrive to Sri Lanka even without being employed by any company as free-lance professionals. Once they arrive here they would benefit from the "National Treatment" which explains as having the same right as Sri Lankan citizens. This will definitely lead to the reduction of salary levels in Sri Lanka and the value of IT professionalism. This decline will not be marginal but very much significant. This will lead to destroy the balanced system we have had to attract the required talent pool to the industry from Sri Lanka. That will lead to the Sri Lankan IT industry to absorb more and more Indian employment. Ultimately the investors will not experience the above mentioned competitive advantage of top tier talent in Sri Lanka. Then, they will have very good reasons to shift their investments to India where they have closer access to a massive market and a huge number of employees.

From the IT industry's point of view, ETCA will be a bridge to take the investor from Sri Lanka to India. This will kill the Sri Lankan IT industry which is the largest net foreign exchange earning service industry next to tourism.

ETCA is not just a FTA. It covers trading of goods, trading of services, investments and migrations. ETCA builds a legislation bridge between the two countries. Then India needs to merge Sri Lanka to India physically as well. Our Prime Minister held discussions with the Indian Minister of Highways during his last visit to India on the proposed bridge joining Sri Lanka to India.

?: Is there a shortage of employees in the IT sector in Sri Lanka?

A: No. The supply and demand for IT graduates is well balanced. There are some areas which do some over production of IT graduates while some areas show some sort of a shortage. What should be done is, balance out this gap by improving the collaboration between the industry and the academia.

?: How should the Government intervene in developing the IT sector?

A: First of all, the government should not blindly open the Sri Lankan IT industry to India without properly identifying our competitive advantage and the potential of the industry. That will murder the industry. They should formulate a national trade policy by obtaining the support of the stakeholders where IT can be identified as one of the major industries that the country should try to evolve as a service industry. If you look at India's national trade policy, they have given very high prominence to the IT sector in their trade policy.

The office space has been an issue. The government should make sure that infrastructure like office space is ample to support the growth.

Apart from that government should have a vision to create Sri Lankan entrepreneurs in the IT industry. Entrepreneurship in the IT industry may start with one bright idea with a small capital investment, but that has to be supported and looked after. Universities should try to enhance the entrepreneurial mind set among IT students. Government should allocate more funds for IT education and innovation. The government should encourage banks to grant lending facilities for IT related start-ups to encourage innovations in the sector; because in the IT sector the market can be the entire globe. If one or two start-ups in the IT industry could break its boundaries to be a global product that can bring a fortune to the county.

?: Would we not have opportunities by having access to the Indian job market?

A: Why should we try to access less paid Indian job market in the current situation, where we already have a demand from highly paid job markets like Australia, America and Europe? Many Sri Lankan IT professionals are working abroad and I think we should encourage that move to earn foreign exchange instead of earning foreign exchange by selling our mothers to the Middle East.

?: You are involved in drafting trade policy. How is the progress so far?

A: Professionals' National Front which comprises wide range of professional bodies and trade unions such as Organization of Professional Associations, Government Medical Officers Association, Inland Revenue Trade Unions Joint Committee, Customs Officers Union, Society of IT Professionals, National University Teachers Association, Railway Professionals Trade Unions Alliance, Public Service United Nurses' Union..etc established an independent commission with respected personnel to obtain the views of stakeholders and general public towards national trade policy. The co-chairmen are former vice chancellor, University of Colombo Prof. W.D. Laxman and former Attorney General Palitha Fernando. We are not involved in drafting the trade policy. It is the all stakeholders such as Cabinet Ministers, MPs, chambers, professional institutions, intellectuals, importers, exporters, and professionals who share their experiences and submit proposals to the commission. The commission will then identify the key elements of the national trade policy. The report will be handed over to the President and to Members of Parliament.

?: Is the Government support satisfactory?

A: Some Cabinet Ministers made oral and written submissions to the commission. We appreciate that. It is widely accepted, even by the World Trade Organization that those agreements should be analyzed and negotiated based on one's national trade policy.

But the government is rapidly engaged in ETCA discussions without any transparency and without a national policy on trade. That is unacceptable and the people of this country and the next generations too will have to pay the price of these baseless acts. Also it is clear that the Sri Lankan negotiation team lacks the negotiating capacity and the reliability as well. What can you expect from a weak negotiation team comprised of individuals with vested interests of a country without a national trade policy negotiating a comprehensive agreement with its regional super power who as a clear agenda? Professionals' National Front's demand a halt to these unfavourable negotiations at least until a national trade policy is created; required regulations for the professionals are identified and formulated. Otherwise Sri Lanka will move into much bigger issues.

[Ceylon Today newspaper on May 8, 2017.] යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/29/2017

ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ

කතෘ:යුතුකම     3/29/2017   No comments
-අවසරයි අපේ නායක හාමුදුරුවනේ,

විහාරාධිපති පදවි පත්කිරීම්, පළාත් නායක පදවි පත්කිරීම්, පත්කළ නායක පදවි ස`දහා සන්නස්‌ ලබාදීම්, දෙස්‌ විදෙස්‌ අමුත්තන්ගේ පලතුරු වට්‌ටි පිළිගැනීම් එමට ඇති මේ කාලවකවානුව අපට හරිම කාර්ය බහුලයි. මගේ සූදානම ඔබ වහන්සේලාට ගතුවක්‌ එහෙම කියන්නටම නොවෙයි. කොසොල් රජ්ජුරුවන් දැකපු සිහිනවලට වඩා අරුම පුදුම දේවල් මේ දවස්‌වල ලංකාවේ සිදුවෙනවා. සුඛෝපභෝගි හිරගෙවල් ඉදිවෙනවා. මහා භාණ්‌ඩාගාරයේ හොරකම් සිදුවෙනවා. පාසල් ආපනශාලාවල කසිප්පු පෙරනවා. පාසල් ළමා ප්‍රජාව ඒඩ්ස්‌ රෝගයෙන් පෙළෙනවා, උද්ඝෝෂණ කරන්නේ නම් එයට නිශ්චිත භූමි වෙන්කරනවා, මෙවැනි දේවල් දකින්ට අහන්ඩ ලැබෙන අතර පිරිසිදු සිංහලයින්ට උරුමයෙන්ම හිමිකම් ලැබී ඇති වීරෝදාර ක්‍රියාවන් පිළිබඳව ද අහන්නට ලැබෙනවා.

මේ ඊයේ පෙරේදා තරමේ දිනක "රියාර් අද්මිරාල් සරත් වීරසේකර නම් සිංහල විරවරයෙකු තනියම ජිනීවා ගිහින් තියෙනවා ලංකාවේ හමුදාව යුධ අපරාධ කළේ නෑ කියල මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරන්නට. රාජ්‍ය නොවන සංවිධානයක්‌ හරහා නෙවෙයි එතුමා ගිහින් තියෙන්නේ. ඒ නිසා මානව හිමිකම් කොමිසමට තමන් ඉදිරිපත් කරන්නට අපේක්‌ෂා කළ "විත්තියේ වාචකය නම් වාර්තාව ජිනීවාහි ඇති ලංකාවේ බෞද්ධ විහාරය හරහා සමුළුවට ඉදිරිපත් කරන්න හිතාගෙන අපේ යෑයි කියා ගන්නා පන්සලට ගියත් එහි දායක සභාව යහපාලනයට යටත්ව කටයුතු කරන නිසා හාමුදුරුවෝ එතුමාගේ ඉල්ලීම එක පයින්ම ප්‍රතික්‌ෂේප කරල. සිංහල බෞද්ධයින් ඉන්න පන්සලකින් සිදුවූ මේ අනපේක්‌ෂිත සිදුවීමෙන් පසුබට නොවූ අද්මිරාල්වරයා ලන්ඩන් බෞද්ධ විහාරය හරහා තම කටයුත්ත කරගෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳ කාර්යාලයට ගොස්‌ ඇත.

බෞද්ධ සංඝ නායකයින් රියර් අද්මිරාල්වරයාට මේ අයුරින් යහපාලන මූලධර්ම ඉස්‌මතු කරගෙන කටයුතු කරන විට ලංකාවේ උතුරේ දේවවාදි ආගමික නායකයින් 21 නමක්‌ ලංකා රාජ්‍ය ජාත්‍යන්තර අධිකරණ පද්ධතියකට ගෙන යා යුතුය, කියා සන්දේශයක්‌ බාර දීල තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය යුධ අපරාධ සිදු කළා සහ දෙමළ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියල රාජ්‍ය නොවන දෙමළ සංවිධාන හයක්‌ මානව හිමිකම් සමුළුවට පැය එක හමාර බැගින් පැය නමයක්‌ පුරාවට කරුණු ඉදිරිපත් කර තියෙනවා. අපේ වීරෝදාර වීරසේකරයන්ද මානව හිමිකම් කවුන්සලය ලංකාවට එල්ල කළ සියලු කරුණුවලට මනා ප්‍රතිචාරයක්‌ දක්‌වා ඇත. රජයේ කිසිදු සහයෝගයක්‌ නැතිව වීරසේකර මැතිතුමා ලංකා හමුදාව වෙනුවෙන් මේ කළ ක්‍රියාව ඉතිහාස ගතවනු ඇත, අපේ නායක හිමිවරුනේ. ඒ නිසා ලංකාවේ අනාගත ගමන්මාර්ගයට අප මුරදේවතාවුන් වහන්සේලාම වියයුතු කාලය දැන් එළඹ ඇත.

මේ අල්ලපනල්ලේ අපේ අගමැතිතුමා රටේ ජනතාවගේ පරමාධිපත්‍යයත්, ප්‍රජාතත්ත්‍රවාදයත් තහවුරු කරන දේශීය යාන්ත්‍රණයක්‌ නිර්මාණය කරනවා කියලා ප්‍රකාශ කරමින් ජිනීවා මානව හිමිකම් කාර්යාලයට ඇමරිකාවේද සහාය ඇතිව යෝජනාවලියක්‌ ගෙන එන බව අපේ පත්තරවලට කියල තිබුණා. ඒයෝජනාවලිය සෙයිද් රාද් හුසේන් කොමසාරිස්‌වරයා වාර්තාවක්‌ වශයෙන් ගෙන ඒමට නියමිතය. එමඟින් ලංකා රාජ්‍ය අසමත් රාජ්‍යයක්‌ වශයෙන් ගණනය කරමින් අපේ අධිකරණ පද්ධතිය විශ්වාස කළ නොහැකි හා එහි දණ්‌ඩ නීති සංග්‍රහය මඟින් යුධ සමයේ ඇති කළ සාපරාධි ක්‍රියාවන් කළ අයට දඬුවම් පැමිණ වීමට ප්‍රමාණවත් නීති රීති පද්ධතියක්‌ නොමැති හෙයින් ජාත්‍යන්තර මැදිහත්වීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව ඔහු පෙන්නනවා ඇත. එය පවත්නා ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් කළ නොහැකි දෙයක්‌ බව ඔහුගේ විශ්වාසයයි. මේ නිසා නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඇමරිකාව පෙන්වා ඇත. මේ නිසාම දෝ ලංකා විදේශ අමාත්‍යවරයා ජිනීවා සමු`ඵවේදි දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවන ව්‍යවස්‌ථාවක්‌ දැනටමත් සම්පාදනය වන බව සමුළුව හමුවේ කියා ඇත. මේ ව්‍යවස්‌ථාව ලංකා සමාජය තුළ තහවුරු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ "අලුත් ව්‍යවස්‌ථාවක්‌ උදෙසා යන ජාතික ව්‍යාපාරය" නම් සංවිධානය විසින් ය.

මෙරට සිදුවූ 30 වසරක යුදමය තත්ත්වය සමස්‌ත දෙමළ ජනතාවම ඉලක්‌ක කරගෙන සමස්‌ත හමුදාවම හිතාමතා සිදුකළ මර්දනයක්‌ හෙයින් සිදුවූ මානව හිමිකම් කඩකිරීම් විභාග කිරීම දෙමුහුන් අධිකරණයකින්ම සිදුකළ යුතු බව සෙයිද් රාද් හුසේන්ගේ මතයයි. එය අපේ විදේශ අමාත්‍ය මංගල සමරවීර අනුමත කරමින් ඒ අධිකරණ විනිශ්චයට තවත් වර්ෂ දෙකක කාලයක්‌ ඉල්ලා ඇත. හුසේන්ට අනුව ලංකා සමස්‌ත හමුදාව කර ඇත්තේ sහිඑeප ජර්සප නම් වන ක්‍රමික අපරාධයක්‌ය. එය බරපතල වරදකි. සමස්‌ත දෙමළ ජනතාවම ඉලක්‌ක කරමින් සමස්‌ත සිංහල ජනතාවම හමුදාව සමඟ එකට එකතුවී මනා සිහිබුද්ධියෙන් කළ සමූල ඝාතනයකි. ඒ සඳහා යටත් විජිත රාජ්‍යයක ඇති අධිකරණ පද්ධතියක්‌ ලංකාවට යෝජනා කර ඇත. සිංහලයින් කළ මේ සාපරාධි ක්‍රියාව විභාගයන් සඳහා විශේෂ උසාවියක්‌ අවශ්‍යය. එයට සම්පූර්ණයෙන්ම ලංකා ආණ්‌ඩුව යටත් විය යුතුය.

දෙවැනි යෝජනාව වන්නේ අවසන් යුධ සමයේ දී මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන ආකාරයෙන් හමුදාව කටයුතු කර ඇත, යන චෝදනාවයි. මේ උල්ලංඝනයන් ස්‌වාධීන පරිපාලන ක්‍රියාවලියක්‌ හරහා විශ්වාස කටයුතු මාර්ගයකින් ඔප්පු කළහොත් ඔවුන් ලංකා හමුදාවෙන් ඉවත් කළ යුතුය. සිවිල් වැසි යමෙකු මේ හරහා වරදකරු වුවහොත් එවැනි අය කිසි දිනක හමුදාවන්ට බඳවා නොගත යුතුය, බුද්ධි අංශවල පිරිස්‌හි බෙලහීන කළ යුතුය, වැනි යෝජනාද එහි අදෘශ්‍යමාන යෝජනාවන් බවට පත්කර ඇති බවක්‌ කියනු ලැබේ.

තෙවැනි යෝජනාව වන්නේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සමාලෝචනය කර එය අහෝසි කොට වෙනත් පනතක්‌ ගෙනා යුතුය, එයින් අදහස්‌ කරන්නේ සිරගතව ඇති සියලු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කළ යුතුය යන්නයි.

මේ යෝජනාවලියේ කටයුතු නිසියාකාරයෙන් සිදුවේද යන්න නිරීක්‌ෂණය කර ඊළඟ සභා වාරයට වාර්තා කිරීම භාර දී ඇත්තේද මානව හිමිකම් සභාවේ හුසේන් කුමරුටම ය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මේ අනුමත කිරීම් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක්‌ අපට නොපෙනේ. එපමණක්‌ නොව විපක්‌ෂයේ සන්ධාන මන්ත්‍රීවරු හෝ ජනතා විමුක්‌ති පෙරමුණ මේ පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරනු පෙනේ. නමුත් දෙමළ ජාතික විපක්‌ෂ නායකවරයා ඇතුළු දෙමළ සංවිධාන නව ව්‍යවස්‌ථාවකින් ලැබෙන බලයට වඩා පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය බලාත්මක කරගැනීම ඔවුන්ගේ අවසාන අපේක්‌ෂාව වී ඇති බවක්‌ පෙනේ.

අද ලංකා නාගරික හා ග්‍රාමීය සිවිල් සමාජයන් සමාජ අර්බුද හා සටන් පාඨ හමුවේ මංමුලාවූවන් බවට පත්ව ඇත. ඔවුන්ගේ අවධානය දැනට යොමුව ඇත්තේ දිනපතා සිදුකරන සයිටම් වැනි උද්ඝෝෂණ මෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ බැඳුම්කර මගඩිය වැනි දූෂණයන් කෙරේ සහ දිනපතා සිදුකරන පෙළපාලියාම් සහ උද්ඝෝෂණ ක්‍රමවේදයන් වෙතය. පවත්නා රජය විසින් හිතාමතාම තම අභිලාෂයන් ක්‍රමයෙන් ඉටුකර ගැනීමේ ක්‍රමවේදය මෙය වේ. නිදසුනක්‌ වශයෙන් හම්බන්තොට වරාය බදු දීමට එරෙහි විශාල උද්ඝෝෂණ කළත් ඒ උද්ඝෝෂණ අතර නිල විවෘත කිරීම රනිල් අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලැබුයේ ඉන් පිටත කිසිම සිදුවීමක්‌ නොවෙන බව අඟවමිණි. අද වන විට එය කිසිවෙකුගේත් විරෝධතාවයකින් තොරව චීනයේ "චයිනා මර්චන්ට්‌" සමාගමට පැවරීමේ කැබිනට්‌ අනුමැතිය ලබා ගෙන ඇත. එමෙන් "අලුත් ව්‍යවස්‌ථාවක්‌ උදෙසා" යන ජාතික ව්‍යාපාරය, නව ව්‍යවස්‌ථාව සමාජගත කිරීමේ වගකීම භාර ගෙන ඇත. අද ඇති වන සමාජ තත්ත්වයන් ක්‍රමයෙන් දියාරු කිරීමට එයට හැකි වේ යෑයි සමහරු සිතනු ඇත. නායක හිමිවරුනුත් දැන් අනුගමනය කරනු ලබන දියාරු ප්‍රතිපත්තියේ ම ඉදිරියටත් වැඩ වාසය කළහොත් ඇමරිකාවේ රූකඩ රාජ්‍යයක්‌ බවට ලංකාව පත්වී සන්ධීය පාලනයක්‌ ඇති, ව්‍යවස්‌ථාවෙන් පමණක්‌ ඒකීය රටක්‌, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලැබී ඇති රටක්‌, බවට පත්වනවා පමණක්‌ නොව පසුගිය දිනක ඉන්දියානු පුවත්පතක වාර්තා වූ අන්දමට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ඇතුල් වී ලංකාවේ තලෙයිමන්නාරමෙන් එළියට පිවිසීමට හැකි විශාල උමං මාර්ගයක්‌ ඉදිවී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීමට ඉඩ ඇත. ඉස්‌ලාමීය අරාබියක්‌ වෙනවට වඩා ඉට්‌කා ගිවිසුමට අනුකූල ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීම යෝග්‍යයෑයි සිතන්නෝ ද අප සමාජයේ ඇත.

අපේ නායක මාහිමිවරුනි, ඉහත කරුණු කාරණා පිළිබඳ සිතා බලා, විමසා අපේ රටේ සුරක්‌ෂිතතාවය පිළිබඳ මුරදේවතාවුන් වහන්සේලා බවට පත්වන මෙන් ගෞරවයෙන් අයදිමි.

තෙරුවන් සරණයි!

රංගිරි දඹුලු රජමහ විහාරාධිපති
ආචාර්ය ගොඩගම මංගල නායක ස්‌ථවිර
අස්‌ගිරි මහා විහාරය - මහනුවර

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

3/27/2017

ආර්ථික ඝාතකයා හෙළිදරව් කිරීම... [video]

කතෘ:යුතුකම     3/27/2017   No comments
මාර්තු 23 දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගරයේදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP) විසින් මාධ්‍ය හමුවක් කැදවා තිබිනි. එහිදී එට්කා ගිවිසුම පිටුපස ඇති ආර්ථික ඝාතක භූමිකාව, ලෝකයේ වෙළද ගිවිසුම් පිළිබදව ඇති අත්දැකීම් සහ මහජන අදහස් ලබා ගනිමින් වෙළදාම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට පිහිටවූ මහජන කොමිසම පිළිබඳව අදහස් දැක්වුනි.

ලේකම්, ලසන්ත වික්‍රමසිංහ මහතා..


අපි දැක්කා ඊයේ ජාතික සම්පතක් වන හම්බන්තොට වරාය විකුණා දමන්න කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා තියෙනවා. අපි දැක්කා මීට කළින් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරලා තිබ්බා විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ ලංකාවේ විදෙස් සංචිත අඩුවීම නිසා මේ ජාතික සම්පත් විකුණන්න වෙන බව.
තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන් විදියට අපිත් නියෝජනය කරන්නේ විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක්. මාධ්‍ය වාර්තා කරලා තිබුනා මේ වරාය විකුණන්න යන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයක වගේ මුදලකට බව. තොරතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රය ගත්තොත් එම වර්ෂයකට විතරක් ඇමරිකානු ඩොලර් බිලියනකට ආසන්න මුදලක් උපයනවා. මේ රටේ මිනිස්සු විදේශීය රැකියා කරලා ඒ වගේ හත් ගුණයක් මුදල් ලංකාවට එවනවා. අපේ දුප්පත් අම්මාවරුන් ළමයින් මෙහේ දාලා එක අවුරුද්දකට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන තුනහමාරක් විතර ලංකාවට එවනවා. ඒ වෙනුවෙට විදේශ විනිමය හොයන්න තියෙන්න ස්ථානයක් වන හම්බන්තොට වරාය සදාකාලිකවම විකුණලා දැමෙන්නේ බිලියන එකක් වගේ මුදලකට.
මේකට එතුව ලෙස දක්වන විදෙස් සංචිත පහළ යාම ගැට ගැසී තිබෙන්නේ අන්තර්ජාතික වෙළදාමත් එක්ක. 2015 වසර සැළකුවොත් අපේ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක්. අපට ඉන්දියාව එක්ක විතරක් එම වසරේ වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක්. මේ ඉන්දියාවත් එක්ක තිබෙන වෙළඳ හිඟය මේ රටට විශාල ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නයට අවධානය යොමු වීම න්‍යායාත්මකව වළක්වන විශේෂ පුද්ගලයෙකු ඉන්නවා. ඔහු තමයි ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම.

මොහුගේ තර්ක තමයි අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු ලංකාවේ ජාත්‍යන්තර ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශයේ නිලධාරීන් පුනරුච්චාණය කරන්නේ. මේ පුද්ගලය කියලා දෙන්නේ රටවල් දෙකක් අතර වෙළද හිඟය නොතැකිය යුතුයි කියලා. හැබැයි ඉන්දියාවේ අගමැතිතුමා චීන ජනාධිපතිගෙන් විශේෂ ඉල්ලිමක කළා ඉන්දියාවට චීනය එක්ක වෙළඳ පරතරය අඩු කරන්න උදව් කරන්න කියලා. ඒ වෙගේම ඉන්දියානු වෙළද කටයුතු ඇමතිනී නිර්මලා සීතාරමන් මහත්මිය නිතර නිතර මේ ද්විපාර්ශවික වෙළද හිඟය පිළිබඳව, විශේෂයෙන්ම චීනයත් එක්ක ඉන්දියාවට තියෙන වෙළද හිඟය පිළිබදව ඉතා උනන්දුවෙන් ක්‍රියා කරනවා. එහෙම තියෙද්ද සමන් කැලේගම ලංකාවට උගන්වනවා රටවල් දෙකක් අතර වෙලද හිඟය නොතැකිය යුතු බව.
ඉන්දියාවත් එක්ක තියෙන වෙළද හිඟය ගැටළුවක් විදියට හදුනා ගත්තොත් එතනින් එහාට බැරි වෙනවා එට්කා ගිවිසුම සාධාරණීකරනය කරන්න. මොකද එට්කා ගිවිසුමෙන් මේ වෙළද හිඟය තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ වෙළද හිහයට යම් සහනයක් ලැබුනේ අපේ රටේ ශ්‍රමිකයන් විදේශ රැකියාවල නියැලිලා වාර්ෂිකව මේ රටට එවන ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදල. දැනට අපේ රටේ රැකියා කරන විදේශීය ශ්‍රමිකයන් රටින් පිටට යවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණයි. එට්කා ගිවිසුම හරහා මේ රටට එන ඉන්දියනු වෘත්තිකයන් විශාල වශයෙන් මුදල් පිට රට යවන්න ගත්තහම රටෙන් පිටට යන මුදල ඉහළ ගිහින් ගෙවුම් තුලන අර්බුදය තවත් දරුණු වෙනවා.

ඒ තුළ අප මුහුණ පාන විදේශ සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම, ණය බර සහ දේශීය ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නට සිදු වීම යනාදි ආර්ථික ගැටළු තවත් උත්සන්න වෙනවා.
අපි කියනවාට පිළිගන්න එපා මේ පුද්ගලයෝ ආර්තික ඝාතකයෝ කියලා. ඒක ඔබටම හොයා ගන්න පුළුවන්. සමන් කැලේගම ගෙන් සම්මුඛ සාකච්ඡාවක් අරන් අහන්න "ඇයි ඉන්දියාව චීනය එක්ක කිසිම ගිවිසුමකට එළඹෙන්නේ නැත්තේ?" කියලා
මේ අය කියන්නේ මේ ගිවිසුම් ගහන්නේ රටවල දෙකක් අතර වෙළදම කාර්යක්ෂම කරන්න කියලා. ඉන්දියාව වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ චීනය එක්ක. එහෙනම් ඉන්දියාව කරන්න ඕනා චීනය එක්ක වෙළද ගිවිසුමකට යන එක. හැබැයි ඉන්දියාව චීනය එක්ක සේවා සදහා තබා භාණ්ඩ සඳහාවත් කිසිම වෙළද ගිවිසුමක් නෑ. ආර්තික ඝාතකයෙකුගේ කාර්යය තමයි වැරදි න්‍යාය සකස් කරලා රටක් නොමඟ යවන එක.


සභාපති, කපිල පෙරේරා මහතා

මීට පෙර ඇත්ත බොරුව කිරීම සහ බොරුව ඇත්ත කිරීම දේශපාලකයන්ගේ පුරුද්දක් වූවත් දැන් සිටින මේ ආර්ථික ඔස්තාර්ලා යයි කියාගත් අය ලංකාවේ රජයට උපදෙස් දෙන්නේ මෙසේ ඇත්ත බොරුව කරමින් සහ බොරුව ඇත්ත කරමිනි. ආර්ථික ඝාතකයන්ගේ ක්‍රියාදාමය මෙසේ සිදු කෙරෙද්දී අපේ රජයද මේ මුසාව අන්දගනිමින් සිටිති. වෘත්තීයවේදීන් හට තම වෘත්තීයට අදාල ආචාර ධර්ම පද්ධතියක් පවතී. ඒ සියලුම ආචාර ධර්ම පද්ධති තුල තම සේවාදායකයා රැවටිය නොහැකි බවට එක් වගන්තියක් හෝ පවතී. එහෙයින්ම තම වෘත්තියෙන්ම සත්‍ය කීමට බැඳුනු මේ වෘත්තිකයෝ සියලු දෙන ඇත්ත පවසමින් මේ ETCA ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් වල විනාශකාරී බවත් මෙවැනි කාර්යයන් සඳහා අදාලවන අන්තර්ජාතික වෙළෙඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවත් පෙන්නුම් කරත්දී, තවත් පට්ටපල් බොරු කාරයෙක් දෙන්නෙක් ඊට හාත්පසින්ම වෙනස් අදහස් දක්වයි. මෙය අසා සිටින ජනතාව සිතන්නේ අපි කියන ඇත්තත් ඔවුන්ගේ බොරුවත් අතර සත්‍යය ඇතැයි සිතා සමහරෙක් බොරු බාගයකට රැවටෙයි. මේ නිසාම අදටත් මේ කපටි ගිවිසුම් සහමුලින්ම පරාජය කර ඉවත දැමීමට අපටත් රජයටත් නොහැකි විය.

රජය අපේ ක්ෂේත්‍රයන් දියුණු කිරීමට කටයුතු කරන්නේද, ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දරන්නේද යන්න පිළිබඳව අපට මහත් සැකයක් උපදී. ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය දියුණුකිරීමට බදු නොමැතිව ඉන්දියන් සහ වෙනත් රටවලින් සේවා සපයා ගතයුතු බව රජය එක් පසෙකින් පවසන අතර, අනෙක් අතින් VAT බද්ද ලංකාවේ ජාල පහසුකම් (Networking) සපයනන් ටද ඇතුල් කරමින් මේ කුඩා දේශීය සමාගම් පවා අමාරුවේ දමයි. ඉතින් රජය අවංක ලෙසම අඩු මිලට තොරතුරු තාක්ෂණ සේවා ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් මෙලෙස කටයුතු කරාවිද?

මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, විද්වතුන් ඇතුළු සියලු ජනතාව ඉල්ලාසිට අනතර්ජාතික වෙළෙදාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා දැන් මහජන කොමිෂන් සභාවක් පත්කොට තිබෙයි. තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංසදය වන අපද පාර්ශවකරුවන් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි මූලිකත්වයෙන් පිහිටුවාගත් මේ මෙම කොමිෂන් සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ලංකාවේ ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රභලයා ලෙස සැලකෙන හසල දැනුමකින් යුතු මහාචාර්ය W D ලක්ෂ්මන් මහතායි. එවැනිම වූ විශිෂ්ඨයින් සමුහයකින් සැදී මේ කමිෂන් සභාව වෙත අදහස්, යෝජනා භාර දෙන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. අපිද ඉදිරියේ අප සංගමයේ යෝජනා ඔවුනට භාර දීමට කටයුතු කරමු.

විධායක සභික, ලහිරු කරුණාසිරි

අද ලෝකයෙ අත්සන් කරපු මෙවැනි ගිවිසුම් මගින් ලැබෙන අත්දැකීම් පවසන්නේ මේ ගිඩිසුම් මගින් කුඩා රට සූරා කෑමකට ලක්වෙන එකයි. උදාහරණයක් විදියට කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර සැදුනු NAFTA ගිවිසුම සලකා බලන්න පුලුවන්. මේ මගින් මෙක්සිකෝවේ හිටපු අපනයනකරුවන් ආනයනකරුවන් බවට පත්වුනා. රටේ වෙළද හිඟය උත්සන්න උනා. වසර් තුනක් ඇතුළත් ආර්ථික වර්ධන වේගය ඉතා කුඩා අගයක් බවට පත් වුනා.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/09/2017

ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා

කතෘ:යුතුකම     3/09/2017   No comments
එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයා
ලංකාවේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සෛද්ධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා වන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ (institute of Policy Studies) විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම 2014 දී ඉදිරිපත් කළ India-Sri Lanka Free Trade Agreement and the Prosposed CEPA: A Closer Look නම් පත්‍රිකාවක එට්කා ගිවිසුම (එවක සීපා) සාධාරනීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයක සිංහල පරිවර්තනය මෙසේ වෙයි.

"රටක් ද්විපාර්ශිකව ඇතිවන වෙළෙඳ හිඟයන් පිළිබඳව එතරම්ම අවධානය යොමු නොකළ යුතු බව තේරුම් ගත යුතුය. ගෝලීයකරණයේ සහ ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ස්වභාවය අනුව සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන අතර මෙය හුදු කාර්මිකරණය වී ඇති ස්වභාවයෙහි පිළිඹිබුවක් පමණක් වේ. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සහ චීනය වැනි රටවලින් විශාල වශයෙන් ආනයනය කරන අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙත වැඩි වශයෙන් අපනයනය කරයි. ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ජංගම ගිණුම තුළ වර්ධනය වි තිබුනත් ප්‍රාග්ධන ගිණුම තුළ ඉන්දියානු ආයෝජන ලංකාවට ගලා ඒම නිසා එය විශාල වශයෙන් තුලනය වේ.”

සමන් කැලේගමගේ සටහන් වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ එට්කා ප්‍රවර්ධකයන් සහ එට්කා ගිවිසුම වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම පදනම් වන්නේ සමන් කැලේගම විසින් ඉදිරිපත් කරන පදනම මත වීම නිසාවෙනි.

ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමති මලික් සමරවික්‍රම, එම අමාත්‍යාංශ ලේකම්වරුන්, වාණිජ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් වහරන්නේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කයන් බව ඔවුන් සමඟ සාකච්ඡාවකදී අපට පැහැදිළි විය. එනම් සමස්තයක් ලෙස ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳව ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය බවට පත් වී ඇත්තේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කය වේ.

නමුත් සමන් කැලේගම මෙහිදී ඉදිරිපත් කරන කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු වේ.

ඉන්දියාවේ භාවිතාව හා කැලේගමගේ උපදේශනාත්මක අවභාවිතාව

චීනයේ ජනාධිපතිවරයා නිතරම ඉන්දියානු සංචාරවල නියැලෙන්නේ නැත. එලෙස චීන ජනපති ඉන්දියාවට පැමිණි අවස්ථාවකදි ඉන්දීය අගමැතිවරයා චීන ජනපතිගෙන් යම් ඉල්ලීමක් කරනවා නම් එය ඉන්දියාවට අත්‍යන්තයෙන්ම වැදගත් කාරණයක් අරඹයා විය යුතුය. 2014, සැප්තැම්බර් මස චීන ජනපති ජින්පින් ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. නමුත් සමන් කැලේගම අප රටේ පාලකයන්ට කියා දී ඇත්තේ ද්විපාර්ශවික වෙළෙද හිඟයන් නොතැකිය යුතු බවයි.

ඉන් පසුව 2015 වසරේදීත් ඉන්දියාව විසින් චීනයට එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක භාණ්ඩ අපනයනය කරත්දී චීනය විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 63 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී ඉන්දියාවට චීනය සමඟ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 53 ක් පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. එනිසා 2016 මාර්තු මස ඉන්දියාවේ වෙළද සහ කර්මාන්ත ඇමතිනි ආචාර්ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ඉන්දියානු ලොක් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කළ වාර්තාවක මෙලෙස සටහන් විය.

"චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළද හිඟය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාවය ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක් තිස්සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.”

ඇය විසින් 2016 මැයි මාසයේදි ප්‍රධාන වශයෙන් රටවල් 27 ක් සමඟ පසුගිය වසර තුනක් පුරා එක දිගට ඉන්දියාවට ද්විපාර්ෂවික වෙළඳ හිගයන් (සෘණ වෙළඳ පරතරයන්) පවතින බව ලොක් සභාව ඉදිරියේ සඳහන් කළාය. එසේම එම රටවල් සමඟ වෙළඳ හිගයන් පැවතීමට හේතු සාධක වන කරුණුද ඇය ඉදිරිපත් කළාය.
මෙමගින් අපට පෙනී යන කාරණය නම් ඉන්දියාව සිය වෙළද හිඟය පිළිබඳ දක්වන ආකල්පය සහ උනන්දුවයි. ඔවුන් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් පිලිබද නිරන්තර අවධානයකින් පසුවන බවත් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සලකා බලමින් සිටින බවත් පැහැදිලිය. මන්ද යත් මේ සෘණ වෙළඳ පරතරය වර්ධනය වුවහොත් එය ඉන්දියානු රුපියල දුර්වල වීම කෙරෙහි, ඉන්දියාවේ ණය බර වැඩි වීම, සහ විදෙස් සංචිත අඩු විම වැනි ප්‍රතිපලයන්ට තුඩුදිය හැකි බැවිනි.

චීන ජනපති ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තරමටම චීනය සමඟ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ඉන්දියාවට වැදගත් වී තිබියදී ලංකාවේ සමන් කැලේගම විසින් රටක් ද්විපාර්ශවික වෙළෙඳ හිඟයන් පිළිබඳව කලබල නොවිය යුතු බව පවසන්නේ කුමක් නිසාද යන කාරණය අපි දැන් විමසා බලමු.

ලංකාවෙ ප්‍රධාන ගැටලුව සැඟවිමට ගන්නා උත්සාහය

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2015 දී අප විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 643 ක භාණ්ඩ අපනයන කරන අතරතුර එක්සත් ජනපද ඩොලර් මිලියන 4268 ක භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. ඒ අනුව 2015 දී දෙරට අතර සමස්ත වෙළඳාම එක්සත් ජනපද ඩොලර් මිලියන 4911 වන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ ඇති වෙළඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 3625 ක් වේ. එම වසර සඳහා ලංකාවේ සමස්ත වෙළෙඳ හිඟයෙන් 40% කට වඩා සැකසී ඇත්තේ ඉන්දියාව සමඟ සිදු වුනු වෙළෙඳාමෙනි.

ඉන්දියාවේ සමස්ථ වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල මට්ටමක ගැටළුවක් ලංකාවේ සමස්ථ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවේ වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6% ක් වන අතර ලංකාවේ එම අගය 10% කි. ඉන්දියාවට චීනය සමඟ ඇති වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල ගැටළුවක් ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවට චීනය සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.5% වන අතර ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5% පමණ වේ.

අද අප රට අද මුහුණ පාන විදේශ සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම, ණය බර සහ දේශීය ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නට සිදු වීම යනාදි ආර්ථික ගැටළු රාශියකට හේතුව වන්නේ ශ්‍රී ලංකාව විසින් ඇති කරගෙන තිබෙන අධික වෙළෙඳ හිඟයයි. 2015 වසරේදි එම හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් පමණ වේ. වෙළෙදාමෙන් අත්වන මෙම හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ විදෙස් සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මඟිනි. එම ප්‍රේෂණවල ශුද්ධ අගය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ වේ. එට්කා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ සමස්ථ හිඟයෙන් දැනටත් 40%ක් පමණ වන ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ හිඟය තවත් වර්ධනය වන බව තේරුම් ගන්නට කුඩා දරුවෙකුට වුව හැකියාව ඇත. එසේම එට්කා ගිවිසුම හරහා මෙරටට එන ඉන්දියානු වෘත්තිකයින් මෙරටින් මුදල් ඉන්දියාව වෙත ප්‍රේෂණය කරනු ඇති නිසා අපගේ විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගයද (අප රටට එන මුදලෙන් රටින් පිටවන මුදල අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය) අඩුවන නිසා ගෙවුම් තුලන අර්බුදය එට්කා ගිවිසුම මඟින් තවත් උත්සන්න වනු ඇත.

සිය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟයන් පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් ක්‍රියාකරන ඉන්දියාව තම රට විසින් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනය සමඟ සේවා සඳහා තබා භාණ්ඩ සඳහාවත් කිසිදු ගිවිසුමකට එළැඹ නැත. එසේ එළැඹිම මඟින් චීනය සමඟ සිය ද්විපාර්ෂවික වෙළෙද හිඟය තවත් උත්සන්න වන බව ඉන්දියාව දනියි.

ඉන්දියානු රජයේ භාවිතාවට අනුව ශ්‍රි ලංකා රජයද ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පාලකයෙන්ගේ නොමඳ අවධානය ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා යොමු විය යුතුය. රජය විසින් එවැනි අවධානයක් යොමු කළහොත් ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය සිය ප්‍රධානම ගැටළුව ලෙස ලංකා රජය විසින් හදුනා ගන්නවා ඇත. එවිට එට්කා වැනි ගිවිසුම් සාධාරනීකරණය කිරීම හිතළුවක් බවට පත්වනු ඇත. විදෙස් රටවල අරමුදල් වලින් වැටුප් ලබන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක සමන් කැලේගම ගේ භූමිකාව මේ අරඹයා තීරණාත්මක වෙයි. ඔහුගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ රජයේ අවධානය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟය වෙත යොමු වීම වැළැක්වීම බව ඉතා පැහැඳිළිය.

සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවට ඕනෑම අයෙකුට පැහැඳිළි කාරණයක් පවසා රටක් වශයෙන් අතිරික්ත වෙළඳ පරතරයන් වැඩි කරගන්නනට උත්සාහ ගන්නා අතරම හිඟ වෙළඳ පරතරයන් අවම කර ගැනිමට උත්සාහ දැරිය යුතු බව අවධාරණයට ලක් වීම වැළැක්වීමට සමන් කැලේගම ඉතා සූක්ෂම ලෙස කටයුතු කරන ආකාරය ඔහුගේ ප්‍රකාශය තුළින් පැහැඳිළි වේ. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳවම ආචාර්යවරියක් වන ඉන්දියාවේ වෙළෙඳ ඇමතිනිය සමන් කැලේගම වැන්නන්ගෙන් උපදෙස් ලබා ගෙන නැති බව ඉතා පැහැඳිළිය. නමුත් පාසල් අධ්‍යාපනය පමණක් ලබා ඇති ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන් හට සිය විෂයපථය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අල්ප දැනුමකි.

වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ සමන් කැලේගම විසින් ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ලංකාව තුළ සිදු කරන ඉන්දියානු ආයෝජන නිසාවෙන් තුලනය වන බව පැවසීමයි. එදා මෙදා තුර ඉන්දියාව විසින් ලංකාවේ සිදු කර ඇති සමස්ථ ආයෝජනයනගේ එකතුව ඇමරිකානු ඩොලර් බිලියන එකක් පමණ වේ. නමුත් ලංකාව සහ ඉන්දියාව අතර එක වර්ෂයකට පමණක් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වේ. සමන් කැලේගම මෙය නොතේරෙන පුදගලයකු නොවන අතර ඔහුගේ එම ලේඛනයේම වෙනත් තැනක සමස්ථ ඉන්දියානු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් බව දක්වා ඇත. ඔහු මෙහිදී ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය විශාල වශයෙන් ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවට පට්ටපල් බොරු පවසන්නේ කවුරුන් රවටන්නද? ලංකාවේ පාලකයින් සහ අවසාන වශයෙන් මේ ගිවිසුම්වල වන්දිය ගෙවන්නට සිදු වන අහිංසක මහජනතාව රැවටීමට නොවේද?

එසේම සමන් කැලේගම විසින් ඉහත ලේඛනය පුරාවට ඉන්දියානු සහ ශ්‍රී ලංකා පිළ විසින් 2003 වසරේදී ඉදිරිපත් කළ ඒකාබද්ධ කමිටු වාර්තාව උපුටා දක්වයි. නමුත් සමන් කැලේගමද එහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇති සාමාජිකයෙකි. ඔහුට අමතරව එට්කා ගිවිසුමේ අනෙක් ප්‍රධාන ප්‍රවර්ධකයා වන මහාචාර්ය රොහාන් සමරජීව ද මෙම කමිටුව තුළ ලංකා පිළ නියෝජනය කළේය. එසේම අද බැඳුංකර වංචාවට ප්‍රාධානම සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන්ද එවක රජයේ ආයෝජන මණ්ඩල සභාපතිවරයා ලෙස මෙහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇත.

ආර්ථික ඝාතක භූමිකාව: ජෝන් පර්කින්ස් සහ සමන් කැලේගම

ස්වයං පාපොච්චාරණයක යෙදුනු එක්සත් ජනපදය වෙනුවෙන් ආර්ථික කුලී ඝාතකයකු ලෙස සිය රැකියාව කළ ජෝන් පර්කින්ස් සිය පාපොච්චාරණය තුළ මෙවැනි වෙළඳ ගිවිසුම් පිළිබඳව සිය අත්දැකීම විස්තර කරයි.

"එක්සත් ජනපද රජය, සමාගම් තන්ත්‍රය සහ මා මෙන් ආර්ථික ඝාතක රැකියාවේ නියැලුණු මිනිසුන් එකතුවී NAFTA සහ CAFTA වැනි "නිදහස් වෙළඳ ගිවිසුම්" යැයි පවසන ගිවිසුම් සඳහා එළැඹිමට මධ්‍යම ඇමරිකානු රටවල් වෙත බලකරන ලදී. එම ගිවිසුම් මගින් යෝජනා කෙරුනේ කැනඩාවේ, එක්සත් ජනපදයේ සහ මධ්‍යම ඇමරිකාවේ ආර්ථික වර්ධනය කඩිනම් කිරීමයි. නමුත් මෙම ගිවිසුම් මගින් පෝසතුන් තව තව පොහොසත් වන බවත් දුප්පතුන් තව තවත් දුප්පත්වන බවත් ඒවායෝ නිර්මාපකයෝ දැන සිටියහ. බොහෝ විට දූෂිත රාජ්‍යයන් (එක්සත් ජනපදයද ඇතුළුව) අතර සිදුවන මෙවැනි ගිවිසුම් මඟින් කුඩා රටෙහි දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනුමට පවතින බදු සහ බදු නොවන බාධකයන් සඳහා ඉඩ ලබා නොදෙයි."

"නිදහස් වෙළඳ ගිවිසුම් මගින් මේ ආකාර වූ අසමානතාවයක් හරහා සාමාන්‍ය ජනයාගේ ජීවිත කොල්ල කමින් මධ්‍යම ඇමරිකානු රටවල ආර්ථිකයන් විනාශ කර දැමුනි. මෙම ගිවිසුම් පවතින්නේ මිනිස් අයිතිවාසිකම් උදුරාගෙන ඒ වෙනුවන්ට සමාගම්වල අයිතීන් ව්‍යාප්ත කිරීම සඳහායි."

නිවැරදිව, ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන උගතෙකු නම් සමන් කැලේගමගේ උපදෙස විය යුත්තේ අනෙකක් නොව අපට දැඩි වෙළඳ හිඟයක් පවතින ඉන්දියාව සමඟ වෙළඳ පරතරය අවම කර ගැනීමට ගත හැකි පියවර ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කළ යුතු බවයි. ඒ සඳහා ඉන්දියාව වෙත ලංකාවේ අපනයනයන් වර්ධනය කරලීම සඳහා දැනට ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම මගින් ලංකාවට සිදුවන අසාධාරණයන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. නමුත් සමන් කැලේගම හට එට්කා ගිවිසුම සාධාරනීකරණය කර පෙන්වීම සඳහා කිසිදු හරවත් තර්කයක් වසර විස්සක් පමණ පුරාවට ඉදිරිපත් කරගැනීමට හැකි වී නැත. සමන් කැලේගම විසින් සිදු කර ඇති එකම ශාස්ත්‍රීය කටයුත්ත වී ඇත්තේ දේශීය ව්‍යවසායකයන් විසින් පෙන්වා දුන් ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තුළ ශ්‍රී ලංකා අපනයනයන් කෙරෙහි පවතින බදු නොවන බාධාවන් ඒ ආකාරයෙන්ම පිළිගැනීම පමණි. ඉන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන ඉළ ඇදෙන තර්කය වන්නේ එම බාධාවන් ඉවත් කරගැනීමට නම් සේවා සහ ආයෝජනද ඇතුළත් වඩාත් පුළුල් වූ එට්කා ගිවිසුමට ඉන්දියාව සමඟ එළැඹිය යුතුයි යන්නයි.

ඊට අමතරව ඉහත පෙන්වා දූන් පරිදි මෙම උපදේශකයා විසින් පාලකයින් ගොනාට අන්දන්න උත්සාහ කරන්නේ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ගැන එතරම් නොතැකිය යුතු බවත් ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවටත් කෙරෙන අතිශය සාවද්‍ය ඉගැන්වීම් මඟිනි. දේශපාලන නායකත්වය මෙම සාවද්‍ය ඉගැන්වීම් හිස මුදුනින් පිළිගන්නේ ඉන්දියානු බලපෑම මත ක්‍රියාකිරීමට අවශ්‍ය වන ව්‍යාජ න්‍යායන් එමඟින් ලැබෙන නිසාද? නොඑසේනම් ඔවුන් මේ උපදේශකයන් අතින් රැවටීමට ලක්වන නිසාද?

දූෂිත පාලකයන් විසින් තමන් කැමැත්තෙන්ම ගොනාට ඇද ගැනීම සඳහා හෝ අනුවණ පාලකයින් ගොනාට ඇන්දවීම සඳහා හෝ අවශ්‍ය සාවද්‍ය න්‍යායන් සහ මතවාද සකස් කිරීම හැර ආර්ථික ඝාතකයකුගේ කාර්යය අන් කවරක්ද?

-ලසන්ත වික්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP)


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/25/2017

බෙල්ලන්විල නාහිමියෝ එට්‌කා ගිවිසුම හා ඉන්දියානු ව්‍යාප්තවාදය පතුරු ගසති

කතෘ:යුතුකම     2/25/2017   2 comments
වෙළෙඳාම හා ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ සැකසීම මහජන කොමිසමේ සමාරම්භක උළෙල
බෙල්ලන්විල නාහිමියෝ එට්‌කා ගිවිසුම හා ඉන්දියානු ව්‍යාප්තවාදය පතුරු ගසති

සී. ඒ. චන්ද්‍රප්‍රේම
(දි අයිලන්ඩ් පුවත්පතට ලියන ලද ලිපියක්‌ ඇසුරෙනි.)

වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලැබූ වෙළෙ\ම හා ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ප්‍රතිපත්ති මාලාවක්‌ සකස්‌ කිරීමේ මහජන කොමිසමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය බදාදා පැවැත්විණි. මෙවන් ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය පැනනැගුණේ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්‌කා ගිවිසුම ගැන වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ හා ආණ්‌ඩුව අතර ඇතිවූ සාකච්ඡා වල ප්‍රතිඵලයක්‌ හැටියටය. ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළුවීමේදී යම්කිසි ප්‍රතිපත්ති රාමුවක්‌ තුළ සිට තීන්දු ගැනීමේ අවශ්‍යතාවය වෘත්තීයවේදීන් දිගින් දිගටම පෙන්වා දී තිබුණු කාරණයකි. පසුගිය බදාදා මේ සඳහා මහජන කොමිසමක්‌ පිහිටුවීමට යෙදුණු අවස්‌ථාවේදී එම රැස්‌වීම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස්‌ තිබිණි. වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, ජාතික විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ සංගම් 12 ක එකතුවකටය. ජාත්‍යන්තර වෙළෙ\ම හා ගිවිසුම් සඳහා ප්‍රත්පත්ති මාලාවක්‌ සකස්‌ කිරීමට මහජන කොමිසමක්‌ පිහිටුවීමේ අරමුණ පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසා සිටියේ මීට කලකට පෙර පාවිච්චි කළ සංවර්ධනය නමැති වචනය දැන් තිරසාර සංවර්ධනය ලෙස වෙනස්‌ වී ඇති බවයි.

දේශපාලනඥයන් මේ වදන නිතරම පාවිච්චි කරන බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරයා දහම් පාසල් උත්සවයක්‌ අමතන අවස්‌ථාවලදී පවා මේ වචනය පාවිච්චි කරන බවත් වෛද්‍ය පාදෙනිය පෙන්වා දුන්නේය. මේ වදනේ අර්ථය දේශපාලනඥයන් හරියට අවබෝධ කරගෙන සිටියේ නම් එයින් හැඟෙන්නේ ආර්ථික සංවර්ධනයේදී හුදෙක්‌ම ආර්ථික කාරණා පමණක්‌ ඉස්‌මතු නොකොට එමගින් පරිසරයට ඇතිවන බලපෑම්, සෞඛ්‍යට ඇතිවන බලපෑම වැනි කාරණා ද ගණන් ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා උදාහරණයක්‌ දෙමින් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යා කොට පාලමක්‌ තනා ලංකාවට ආර්ථික වාසියක්‌ අත්කර දීම ගැන ඇතැම් අය කතා කළ ද මෙවැන්නකින් ඇතිවිය හැකි ආර්ථික වාසි කුමක්‌ දැයි පෙන්වන පුවත්පත් ලිපියක්‌ වත් තවම දැක නැති බව වෛද්‍ය පාදෙනිය මහතා පවසා සිටියේය. නමුත් වෛද්‍ය විශේෂඥයන් ඔහුට පවසා තිබුණේ දෙරට යා කරන මෙවන් පාලමක්‌ හරහා මැලේරියා, ඒඩ්ස්‌ හා ක්‍ෂය රෝගය වැනි බෝවන රෝග ලංකාවට ඒම වැළැක්‌විය නොහැකි බවයි.

දැනට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින නිදහස්‌ වෙළෙඳ ගිවිසුමෙන් ලංකාවට අත්වී තිබෙන්නේ පාඩුවක්‌ මිස වාසියක්‌ නම් නොවන බව වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. මේ වෙළෙඳ ගිවිසුම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළ කළ පොත් පිංචක අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු පෙන්වා දුන්නේ එම ගිවිසුමට අත්සන් තබා අවුරුදු 15 ක්‌ ගතවූ පසුත් ලංකාවෙන් ඉන්දියාවට යවන ප්‍රධානම අපනයනයක්‌ වන්නේ පුනක්‌කු බවයි. ඉන්දියාව සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුමකට එළඹුණේ පුනක්‌කු අපනයනය සංවර්ධනය කිරීමට දැයි ඔහු අසා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ පොත් පිංචට අනුව ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ප්‍රධානම භාණ්‌ඩය පුවක්‌ වුවත් මේ වෙළෙ¹මෙන් ලංකාව තුළ පුවක්‌ වගාව වත් සංවර්ධනය වී නැති බව කියෑවේ. එයට හේතුව ඉන්දියාවට යවන පුවක්‌ ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වා නැවත අපනයනය කරන නිසාය.

ඉන්දියාව දකුණු ආසියාවේ සෙසු රටවල් යටත්කර ගැනීමට උත්සාහ කරන බවත් සීකිම් දැනටම ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ බවට පත්වී හමාර බවත් නේපාලය අද ඉන්දියාවේ ගොදුරක්‌ බවට පත් වී ඇති බවත් ඒ රට ද ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ බවට පත්විය යුතු යෑයි ඇතැම් අය දැනටම අදහස්‌ පළකරන බවත් වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. ලංකාවේ කුමන ආණ්‌ඩුව පෙරලුණත් දිගටම තම තනතුරු රැක ගන්නා ආර්ථික උපදේශකයන් පිරිසක්‌ ගැන වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය. මේ පිරිස තමන් ඔක්‌ස්‌µර්ඩ් හා හාවර්ඩ් විශ්වවිද්‍යාලවලට ගොස්‌ තිබෙන බව කියමින් මේ රටට අවශ්‍ය කුමක්‌ දැයි තමන් දන්නා බව සිතාගෙන සිටී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුම සම්පාදනය කිරීමේදී තරග පාවා දීමට සමාන දෙයක්‌ සිදුවන බව වෛද්‍ය පාදෙනිය ප්‍රකාශ කර සිටියේය. ඒ කියන්නේ මේ සාකච්ඡාවලදී අපේ රට නියෝජනය කළ යුතු අයත් සැබවින්ම ඉන්දියාව නියෝජනය කිරීමයි. කවුරු එයට විරුද්ධ වුණත් ලබන ජුනි මස වන විට එට්‌කා ගිවිසුමට අත්සන් තබන බව අගමැතිවරයා කියා තිබෙන බව පෙන්වා දුන් වෛද්‍ය පාදෙනිය එවන් තත්ත්වයක්‌ යටතේ වෘත්තීයවේදී පිරිස්‌ බකන්නිලාගෙන සිටින්නේ නැති බවට ද අනතුරු හඟවා සිටියේය.

මේ සභාව ඇමතූ සියම් නිකායේ ශ්‍රී කල්‍යාණි පාර්ශ්වයේ අනුනායක ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක්‌ නොතිබීම තුළින් ලංකාව ලෝක වාර්තාවක්‌ තබා ඇති බව පෙන්වා සිටියේය. පසුගිය කාලයේ "ධර්මිෂ්ඨ සමාජයක්‌" ගොඩනඟනවා යෑයි කියමින් දේශපාලනඥයන් ජනතාව රවටා බලයට පැමිණියත් එය සම්පූර්ණ බොරුවක්‌ වූ බවත් මෑත කාලයේ යහපාලනය ගැන කතා කරමින් පිරිසක්‌ බලයට පැමිණ සිටියත් මේ යහපාලනය යනු කුමක්‌ දැයි කිසිවකුටත් තේරුම්ගත නොහැකි බවත් මහජනතාව සුරංගනා කතාවලින් මුලාවට පත්කරන බවත් උන්වහන්සේ පවසා සිටියේය. ආණ්‌ඩුව කිසිදු වගවිභාගයකින් තොරව වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු වීමට උත්සාහ දරන බව උන්වහන්සේ තවදුරටත් කීවේය. ලංකාවට වාසියක්‌ ගෙන දෙන්නේ නම් තමන් වහන්සේ කිසිදු අවස්‌ථාවක ඒවාට විරුද්ධ නොවන බව අනුනායක හිමි පවසා සිටියේය. ලංකාවට වාසිදායක වෙළෙඳ ගිවිසුමකට උදාහරණයක්‌ හැටියට උන්වහන්සේ ගෙන හැර දැක්‌වූයේ චීනය සමඟ පැවති රබර් සහල් ගිවිසුමයි. දශක ගණනාවක්‌ වන තුරුම එමගින් ලංකාවට වාසි අත්වූ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

එට්‌කා ගිවිසුම අත්සන් කළ පසු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර භාණ්‌ඩ පමණක්‌ නොව සේවාවන්වලට ද නිදහසේ එහා මෙහා යැමට හැකි වන බව බලධාරීන් කීවද මෙවැන්නකින් වාසිය අත්වන්නේ කාටදැයි කුඩා ළමයකුට වුවද තේරුම් ගත හැකි බව අනුනායක හිමි පෙන්වා දුන්නේය. සේවා අංශයත් විවෘත කළ පසු ඉන්දීය වෘත්තිකයන්ට ලංකාවට ඒමට හැකි වුවත් ලංකාවේ වෘත්තිකයන්ට ඉන්දියාවට ගොස්‌ රැකියා කිරීමට හැකිවේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේය. ආචාර්ය උපාධි ඇති අය ඉන්දියාවේ ත්‍රිරෝද රථ පදවන බව උන්වහන්සේ පෙන්වා දුන්නේය. මීට කලකට පෙර එක්‌තරා තරුණ දේශපාලන කණ්‌ඩායමක්‌ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ න්‍යායක්‌ ප්‍රචාරය කරගෙන ගිය බවත් මේ යෝජිත එට්‌කා ගිවිසුම ඉන්දීය ව්‍යාප්තවාදයේ කොටසක්‌ බවත් මේ ගැන නිහඬව නොසිට කතා කිරීමට පටන්ගත යුතු බවත් උන්වහන්සේ පවසා සිටියේය. කවුරුන් විරුද්ධ වුවත් ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබනවා යෑයි කීමට රටේ නායකයන්ට කිසිදු අයිතියක්‌ නැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

වෘත්තීයවේදීන් මේ අවස්‌ථාවේදී අතගසා තිබෙන්නේ ඉතාමත්ම වැදගත් කාරණයකට බවත් උන්වහන්සේට මේ අවස්‌ථාවේදී 1950 ගණන් වල මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද බෞද්ධ කටයුතු කොමිසම සිහිගැන්වෙන බවද බෙල්ලන්විල අනුනාහිමි ප්‍රකාශ කර සිටියේය. 1956 මහ මැතිවරණයේදී මේ බෞද්ධ කටයුතු කොමිෂන් වාර්තාව විශාල බලපෑමක්‌ වූ බවත් එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එම කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාරගත් බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

සභාව ඇමතූ ව්‍යාපාරිකයකු වන සමන්ත කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ 1980 ගණන් වලදී ලංකාවට ආනයනය කරන තිරිඟු වලින් පිටි නිපදවා බෙදාහැරීමට සිංගප්පූරු සමාගමක්‌ සමග ගිවිසුමකට එළඹුණු බවත් අවුරුදු 30 කට පසු මේ කර්මාන්ත ශාලාව ලංකාවට හිමිවිය යුතුව තිබූ බවත් මේ මහා පරිමාණ ව්‍යාපාරය අදාළ චීන සමාගමට ඩොලර් මිලියන 60 ක්‌ වැනි සුළු මුදලකට විකුණා දැමූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අවස්‌ථාවේ සිට අද දක්‌වා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම ඩොලර් මිලියන 8000 ඉක්‌මවන බවත් මේ වගේ මහා පරිමාණ දූෂණ සිදුවූයේ ජාත්‍යන්තර වෙළෙ¹ම හා ආයෝජනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්‌ නොමැති නිසා බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රතිපත්ති රාමුවක්‌ නැති තැනකදී රාජ්‍ය නායකයන්ට ජාතික සම්පත් ගැන අත්තනෝමතික තීන්දු ගත හැකි බවද වාහන අවභාවිතාව ගැන ඇතැම් අය අද උසාවි ගානේ ගෙනගියද විදේශිකයන්ට ජාතික සම්පත් විකිණීමේදී ඇතිවූ මහා දූෂණ ගැන කතා කිරීමටවත් කෙනෙක්‌ නැති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ ආකාරයටම ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාරයෙන් කොටසක්‌ ද ඩොලර් මිලියන 75 ක මුදලට ඉන්දීය සමාගමකට විකුණා දැමූ බවත් ඔවුන් කරන්නේ ලංකාවේ පරිපහදුවක්‌ වත් පිහිටුවන්නේ නැතුව පිටරටින් ඉන්ධන ගෙන්වා බෙදාහැරීම පමණක්‌ බවද කුමාරසිංහ මහතා පවසා සිටියේය. දැන් මහ බැංකු අධිපතිතුමා ද ලංකාව ණය උගුලකට අසුවී සිටින බවත් මෙයින් ගැලවීමට රජයේ දේපල විකිණීමට සිදුවන බවට අදහසක්‌ ප්‍රකාශ කරන බව කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය. නමුත් ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණයබරතාවය 250% දක්‌වා වැඩි වී තිබුණත් ඒ රටේ ජාතික සම්පත් පිරටට විකිණීමක්‌ ගැන කිසිවකු කතා කරන්නේ නැති බවද කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය. හම්බන්තොට වරාය විදේශිකයන්ට විකිණිය යුතු නැති බවද ඔහුගේ මතය විය.

වෙළෙ¹ම හා ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව ප්‍රතිපත්ති රාමුවක්‌ සැකසීමට පත්කොට තිබෙන කොමිසමේ සම සභාපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්‍ෂ්මන් මහතා පවසා සිටියේ ලංකාවේ පාලකයන් නව ලිබරල්වාදී නිදහස්‌ වෙළෙඳ ප්‍රතිපත්තියක්‌ ගැන විශ්වාසයක්‌ තබා සිටිය ද මේ අවස්‌ථාවේදී මුලු ලෝකය පුරාම එය වෙනස්‌ වෙමින් පවතින බවය. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය තීන්දු කිරීම ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය විසින් නැµaටා ගිවිසුම සහ ශාන්තිකර කලාපීය සහයෝගීතා ගිවිසුම නැවත සලකා බැලීම වැනි කාරනා තුළින් මුලු ලෝකයම උඩු යටිකුරු වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් කතාකරමින් මහාචාර්ය ලක්‍ෂ්මන් මහතා අනතුරු හඟවා සිටියේ අපේ ප්‍රධානම විදේශ විනිමය ප්‍රවාහය විදේශීය ශ්‍රමිකයන්ගේ වැටුප් බවයි. ඉන්දියාවෙන් ලංකාවට සේවකයන් පැමිණ ඔවුන්ගේ වැටුප් ඉන්දියාවට යවනු ලැබුව හොත් ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය ප්‍රවාහය අවදානමට ලක්‌වන බව ඔහු පෙන්වා දුන්නේය. වෙළෙ¹ම හා ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ප්‍රතිපත්ති රාමුව සැකසීමට පත්කොට තිබෙන මහජන කොමිසමේ සාමාජිකයන් පහත දැක්‌වෙන පරිදි වේ. මහාචාර්ය ඩබ්. ඩී. ලක්‍ෂ්මන් හා ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු (සම සභාපතිවරුන්) පී. ඩී. ප්‍රනාන්දු, ආර්. පී. එල්. වීරසිංහ, ආචාර්ය බන්දුල වීරසේකර, වෛද්‍ය අනුලා විඡේසුන්දර හා ලක්‍ෂ්මන් පෙරේරා යන මහත්ම මහත්මීන් වේ.

(Divaina)


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

1/15/2017

ව්‍යවස්ථාව සහ එට්කා බෞද්ධ ශාසනය විනාශ කරනු ඇත. [වීඩියෝ]

කතෘ:යුතුකම     1/15/2017   No comments


බුද්ධ ශාසනය විනාශවන ආකාරය


ETCA ගිවිසුමත් ව්‍යවස්ථාවත් දෙකම ක්‍රියාත්මක වුවහොත් එය බෞද්ධ ශාසනයේ විනාශයට හේතු වනු ඇත. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුනද ආගම රට තුළ ප්‍රවර්ධනය කිරීමේ අයිතිය මෙතෙක් කල් හිමිව තිබුනේ පුරවැසියන්ට පමණි. නව ව්‍යවස්ථාවක් සඳහා නිර්දේශ ඉදිරිපත් කළ මානව හිමිකම් පිළිබඳ අනුකමිටුවේ නිර්දේශයන්ට අනුව මෙතෙක් කල් පුරවැසියන්ට පමණක් හිමිව තිබූ ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය සියළු පුද්ගලයන් වෙත ලබා දී තිබේ. එනම් ආගම ප්‍රචාරය කිරීම  මෙරටට එන විදේශිකයින්ගේද මානව හිමිකමක් බවට පත් වේ. ඒ සමඟ එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට මෙරටට පැමිණ බොහෝ කලක් රැදී සිටීමට අවස්ථාව උදා වේ. ඉන්දියාවේ ලොව සියලූ ආගම් ඇති අතර ලෝකයේ වෙන කොහේවත් නැති ආගම්ද ඉන්දියාවේ පවතියි. මේ සියල්ල මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ මානව හිමිකමක් බවට පත් වූ කල්හි අපගේ ව්‍යවස්ථාව තුළ බුදු දහම පෝෂණය කොට සුරක්ෂිත කිරීම රජයේ වගකීම බව ලියා තබා ගත්තාට පලක් නොවනු ඇත.

ඒ වගේම පළාත් සභාවලට ඉඩම් බලතල හිමි වීමට සමඟ එට්කා ගිවිසුම හරහා ලංකාවට පැමිණෙන ඉන්දියානුවන්ට ඉඩම් විකිණීම සඳහා තීරණ ගැනීමේ හැකියාව පළාත් සභා මහ ඇමති වරුන්ට ලැබෙනු ඇත.  නිසා එට්කා ගිවිසුම සහ නව ව්‍යවස්ථා සංශෝධනයන් දෙකම ක්‍රියාත්මක වූ විට ඇති වන තත්වය ඉතා බරපතලය. එය රා‍ජ්‍යය දිය කර හැරීමට මඟ පදනු ඇත.


විශ්ව විද්‍යාල සිසුන් හට අත් හළ නොහැකි වගකීමක්


එට්කා ගිවිසුමෙන් වඩාත්ම අවදානමට ලක්වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ගිවිසුම අත්සන් තබන්න ඉඩ හැරියොත් වර්තමාන විශ්ව වීද්‍යාල සිසුන් රැකියා වෙළඳපල වෙත පැමිණෙන විට ඉන්දියානුවෝ රැකියා සොයා මෙරටට පැමිණෙනු ඇත. එනිසා වත්මම් සිසුන්ට රැකියාවක් සපයා ගැනීම දුෂ්කර වනු ඇති අතර ලැබෙන රැකියාවේ වැටුපත් ඉනිදියානු වැටුප් මට්ටම දක්වා පහත වැටෙනු ඇත. එනිසා මෙම ගිවිසුම මගින් වැඩියෙන් අවදානමට ලක් වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. එසේම විශ්ව විද්‍යාල සිසුන්ට අද පවතින විශාලතම අවදානම අන් කිසිවක් නොව එට්කා ගිවිසුමය. එනිසා මේ සඳහා විරෝධය පෑම සියළු ශි‍ෂ්‍ය සංගම් වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් වන්නේය. එම සටන නිසි ලෙස අතට ගැනීම විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ජනාධිපති වරයා දේශද්‍රෝහී විදේශික පිළෙන් ඒවිද?



බටහිර අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ අපගේ ජාතික වීරවරයන් නිල වශයෙන් ජාතික වීරයන් ලෙස නම් කිරීමේ උත්සවයකට සහභාගී වී ජනාධිපතිතුමා පැවසූවේ එදා මෙන් අද කැප්පෙටිපොළ නිළමේතුමා මෙන් විදේශික බලපෑම්වලට කඩුවෙන් මුහුණ දිය නොහැකි බවත් ඒ සඳහා ප්‍රඥාවෙන් මුහුණ දිය යුතු බවත්ය. සත්‍ය වශයෙන්ම කැප්පෙටිපොළ නිළමේ තුමාද සිටියේ දේශද්‍රෝහී පිළේය. නමුත් නිවැරදී අවස්ථාවේදී ප්‍රඥාව භාවිතා කොට ස්වදේශික ජාතිමාමක ජනයාගේ පිළට එක්වීම නිසා අද එතුමා ජාතික වීරයෙක් ලෙස නම් කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාවක් ලැබුනි. එසේම ජනාධිපති තුමාද ප්‍රඥාව භාවිතා කොට ස්වදේශික ජනමතය සමඟ සිට ගනිමින් එට්කා ගිවිසුම හකුළා දැමීමට කටයුතු කළ යුතුය. නොඑසේනම් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලය තුළ මෙම දේශද්‍රෝහී එට්කා ගිවිසුමට ඉඩ සැළසුවොත් එය ජනාධිපතිතුමා ජනතාව අතර තව තවත් අප්‍රසාදයට පත් වීමට බෙහෙවින් බලපානු ඇත.


ETCA ගිවිසුමෙන් ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයක්


2015 වසර තුළ ඇමරිකානු බොලර් බිලියන 8.5 ක වෙළඳ හිඟයක් ලංකාව විසින් වාර්තා කර ඇති අත්‍ර ඉන් ඇමරිකානු ඩොලර් 3.7 ක පමණ හිඟයක් එනම් සම්ස්තයෙන් 40% ක පමණ වාර්තා වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළඳාමෙනි. ලංකාවට දැනටත් පවතින උග්‍ර ගැටළුවකි ඉන්දියාව සමඟ ඇති දැරිය නොහැකි තරම් වන වෙළඳ ශේෂය. එට්කා ගිවිසුම අත්සන් කළ පසු ලංකාව විසින් වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ පරිභෝජනයට නැඹුරුවීම තුළ මෙම හිඟය තවත් උත්සන්න වනු ඇත. 

ලංකාව විසින් ලෝකය සමඟ වෙළඳාමේදී සිදුවන පාඩුව පියව ගන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මඟිනි. 2015 වසර සැළකුවහොත් ලාංකිකයන් විදේශ සේවයෙහි නියුතුව ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් පමණ මෙරටට එවා ඇත. එසේම විදේශිකයින් විසින් මෙරට සේවයේ නියුතුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණි රටින් පිටට යවා ඇත්තේ. ඒ නිසා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශුද්ධ අගය ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක මුදලක් රට තුළට පැමිණ ඇත. එට්කා ගිවිසුමෙන් පසු ඉන්දියානුවන් මෙරට රැකියා කර ඉන්දියාව වෙත විදේශ විනිමය යැවිම හේතු කොට ගෙන මේ රටින් පිටවන මුදල දැඩි ලෙස ඉහළ යනු ඇත. එවිට විදෙස් සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා වන ශුද්ධ අගය පහත යාම තුළ ඉහළ ගෙවුම් ශේෂය දැඩි අර්බුදයකට ලක්වනු ඇත.

නමුත් ඉන්දියාවේදී සිය අධ්‍යාපනය ලද සැක සහිත භූමිකාවක නිරතවන එට්කා ගිවිසුමට පක්ෂග්‍රාහී  ආර්ථික විද්‍යා ප්‍රධානීන්ට එට්කා ගිවිසුම හොඳ යැයි කීම සඳහා ජනතාව හමුවේ පෙනී නොසිටියි. එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමකි. 

2017 වසරේදී එට්කා ගිවිසුම සහමුලින්ම පරාජය කර දැමීම සඳහා සියළු දෙනා එකාවන්ව කටයුතු කළ යුතුය.


මාධ්‍ය හමුවකදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වු අදහස් ඇසුරෙන්.

සම්පූර්ණ කතාව:


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions