11/16/2017

දෙමළාගේ නැති ප්‍රශ්න උලුප්පා එතුල ඇති බටහිරයන්ගේ අභිලාශ සඟවන කෛරාටිකයෝ.. [video]

කතෘ:යුතුකම     11/16/2017   No comments

දෙමළාගේ ප්‍රශ්නය සහ බටහිරයන්ගේ අභිලාශ

-ආචාර්ය දර්ශන කස්තුරිරත්න -



ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය ජානක වංශපුර අතර ‘දෙමළාගේ ප්‍රශ්නය සහ ව්‍යවස්ථා සංශෝධන‘ යන මැයෙන් පැවති විවාදයක් නරඹන්නට කොළඹ විශ්ව විද්‍යාලයේදී අවස්ථාව ලැබුණි. විශේෂයෙන්ම මේ අවස්ථාවට ෆේස් බුක් හරහා දේශපාලන මතවාද කතා කරන බොහෝ පිරිසක් සම්බන්ධව සිටියහ.

මෙවැනි සංවාදයක් සංවිධානය කිරීම පිළිබඳව ආචාර්ය නිර්මාල් සහ ආචාර්ය ජානකට ස්තුතිවන්ත විය යුතුය.(ලිවීමේ පහසුව සදහා මේ දෙදෙනා හැදින්වීමට නිර්මාල් සහ ජානක කියන නම් දෙක පාවිච්චි කරමි). එමෙන්ම මෙයට සහභාගි වී සිටි අනිත් අයත් බොහෝ දුරට සාවධානව මීට සහභාගි වීම සතුටට කරුණක්. ඉදිරියේදීත් මෙවැනිම සංවාද තව පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මේ සටහන තැබීමට සිත් වූයේ එහිදී කතිකා වූ සමහර කාරණා ගැන මට දැණුනු අදහස් කිහිපයක් සටහන් කිරීමටයි. කාලවේලාව සහ අනෙකුත් සීමා සහගත කරුණු නිසා ඒ අවස්ථාවේ මේවා මතු කිරීමට ප්‍රමාණවත් අවකාශයක් වූයේ නැත.

මගේ මතය නම් මේ සංවාදයේ මාතෘකාව ඇත්තටම ඉහත දැක්වූ මාතෘකාවයි. මන්ද යත් ජානක ඔහුගේ කතාවේ වැඩි අවධානයක් යොමු කළේ ව්‍යවස්ථාව ගැන කතා කිරීමට නොව බටහිර අධිරාජ්‍යවාදය තුළ දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වෙන බව තහවුරු කිරීමටයි. ඔහු අවධාරණය කළේ මෙහි මුල බටහිර අධිරාජ්‍යවාදය බව. ඒ ප්‍රවේශය වැදගත්. මන්ද ඇත්තටම ව්‍යස්ථාව මේ ප්‍රශ්නයේ ප්‍රකාශනයක් පමණක් වන නිසා. වෙනත් ආකාරයකින් කියනවානම් ජානක කතා කළේ මේ ප්‍රශ්නයේ මුල ගැන.
ආචාර්‍ය නිර්මාල්ගේ මුල් කතාවේ හරය මට හරි හැටි වැටහුනේ නැත. ඔහු විවිධ ඓතිහාසික කරුණු මතු කරත් ඒවායේ පැහැදිලි සම්බන්ධයක් ගොඩනැගීමට ඔහු අසමත් විය. ඒ කතාවේ තිබුනේ විසුරුණු ස්වභාවයකි. කෙසේ වෙතත් ඔහු අවසාන භාගයේ තීරණාත්මකව මතු කරපු කරුණක් තිබුණි. එය නම් එල්ටිටීඊ සංවිධානය සම්බන්ධයෙන් අවසාන කාලයේ බටහිර රටවල් සහ ඉන්දියාව කටයුතු කරපු ආකාරය සහ ජානකගේ තර්කය අතර විසංවාදයක් ඇති බවයි.

ඔහු මෙහිදී මූලික වශයෙන් මතු කරපු කාරණා නම් 2005 රනිල් පැරදවීම, සාම සාකච්ඡා ආදියේ බටහිර සහ ඉන්දියාවේ මතයට පටහැනිව එල්ටීටීඊය ක්‍රියා කරපු බව. ඒ අනුව දෙමළ බෙදුම්වාදයට එයටම අනන්‍ය වූ ‘ආත්මයක්‘ (ඔහු ඒ වදන යෙදුවේ නෑ. එය මගේ වදනක්) ඇති බව සහ එය හුදු බටහිර අධිරාජ්‍යවාදයේ මෙවලමක් ලෙස සැලකීම වැරදි බව. මෙහිදී ඔහු මතු කළ තර්කවල cherry picking ස්වභාවයක් තිබුනු බව කිව යුතුයි. මොකද අන් බොහෝ අවස්ථාවලදී බටහිර රටවල් සහ ඉන්දියාව එල්ටීටීඊ හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනියපු නිසා. ඔහුම වරක් කියූ පරිදි වඩමාරච්චි මෙහෙයුමේදී එල්ටීටීඊය බේරගන්ඩ ඉන්දියාව තීරණාත්මකව මැදිහත් විය. අනෙක යුද්ධයේ අවසාන කාලයේ කුෂ්නර් සහ මිලිබෑන්ඩ් වැනි අය යුධය නවත්වන්ඩ කියලා බලපෑම් කිරීම කවුරුත් දන්න දෙයක්. එපමණක් නොවේ බටහිර රටවල් යුධයට ඔය තරම් අනුග්‍රහය දැක්වූවානම් ඔවුන් තමන්ද අනුග්‍රහය දැක්වූ යුද්ධයක යුධ අපරාධ හොයන්ඩ මෙච්චර කරදර වෙන්නේ ඇයිද යන්නත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ඔහු මතු කරපු කාරණාවල, විශේෂයෙන්ම ගෝඨාභය විසින් එල්ටීටීඊය පරාජය කරන්ඩ ඇමරිකාව ඊශ්‍රායලය වැනි රටවල අවසාන යුධයේදී උපකාර කරා කියන එක ජානකගේ තර්කයට පරස්පරයක් ලෙස මතු කරන්ඩයි ඔහු උත්සාහ කළේ.

මගේ අදහස නම් නිර්මාල් මතු කළ ‘පරස්පරය‘ පරස්පරයක් නොව ජානකගේ කතාව වඩාත් තහවුරු කරන්නක් බවයි. ඔහු පැවසුවේ එල්ටීටීඊය සමහර අවස්ථාවල බටහිර හෝ ඉන්දියාවට අවනත නොවූ බවත් එනිසාම අවසාන යුධයේදී බටහිරයන් එල්ටීටීඊය පැරදවීමට ආධාර කළ බවත්ය. අඩුම තරමින් එතරම් තදින් විරුද්ධ නොවූ බවත්ය. එසේ නම් එමගින් ද කියවෙන්නේ බටහිර අධිරාජ්‍යවාදය නඩත්තු කරන්නේ තමන්ට අවනත මටටමේ දෙමළ බෙදුම්වාදයක්ය කියන අදහසම නොවේද? බටහිරට සහ/හෝ ඉන්දියාවට අවනත නොවන ස්වාධීන දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයකට පැවැත්මක් නැති බව නොවේද?

මේ සංවාදයට වැදගත් වන ලියවිල්ලක් මට පහුගිය දිනක කියවීමට අවස්ථාව උදාවිය. මෙය ඇත්තටම ෆේස්බුක් ආදියේ සෑහෙන්ඩ සංසරණය වූ ලියවිල්ලකි. මේ සංවාදයට ඇති වැදගත්කම නිසාම එය යළිත් උපුටා දක්වන්නට මට සිත් විය. එය නම් වර්තමාන විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා 2012 වසරේදී ඉලංකෙයි තමිල් අරස්සු කච්චි පක්ෂයේ මඩකලපුවේ පැවති වාර්ෂික සමුළුවේදී කරපු කතාවක ඉංගිරිසි පරිවර්තනයකි. මෙය Colombo Telegraph අඩවියේ පළවී තිබුණි. පහත දැක්වෙන්නෙ එම කතාවයි.

The Struggle For The Political Rights Of The Tamil Nation Has Now Entered An Entirely New Chapter

බටහිර රටවල්, ඉන්දියාව සහ ලංකාවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය අතර සම්බන්ධය තේරුම් ගැනීමට ඉහත කතාව ඉතාම වැදගත් ලියවිල්ලක් බවයි මා සිතන්නේ. එය වඩාත් වැදගත් වන්නේ වර්තමාන දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙක් විසින්ම එය සිදු කිරීම නිසයි. මේ කතාවේ වැඩියෙන්ම සදහන් වන keyword එක නම් International Community යන වදනයි. මේ සන්දර්භයේ International Community කියන්නේ බටහිර රටවල් සහ ඉන්දියාව බව අමුතුවෙන් කිවයුතු නෑ.

මෙහි ඉතාම වැදගත් ඡේදයක් තිබෙනවා. මා එය උපුටා දක්වන්නම්,

“ The rise and fall of the LTTE taught us that regardless of how strong such a movement may be, or how just its demands may be, it is not realistic for the Tamil people to resort to violent political struggle. Further, a struggle that runs counter to the values of the international community, built only on military might, will not prevail. It is for this reason, that in the new environment created by various global influences, we have, together with the support and assistance of the international community, found new ways of continuing with our struggle. “

මෙහිදී සම්බන්ධන් මහතා සදහන් කරන්නේ නිර්මාල් කියූ දෙයට සමාන අදහසක්. එනම් එල්ටීටීඊය සමහර අවස්ථාවල අන්තර්ජාතික ප්‍රජාව, එනම් බටහිර රටවල් සහ ඉන්දියාවට අනුකූල නොවූ බව. එනිසාම එහි අභාවය වූ බව. මේ කතාව ඇත්තටම ජානක ඉදිරිපත් කරපු මතය තහවුරු කරන්නක්. මෙතන නැති විසංවාදයක් පෙනෙන්නේ policy එක සහ strategy එක පටලවා ගැනීම නිසයි. බටහිර රටවල් සහ ඉන්දියාව policy එකක් ලෙස හැමදාම හිටියේ ලංකාවේ දෙමළ ස්වයං පාලනයක් දෙන්ඩ ඕන කියන මතයේ. එහි වෙනසක් උනේ නෑ. නමුත් ඒ සදහා භාවිත කරන උපාය මාර්ගය (strategy) එක වෙනස් වෙන්ඩ පුළුවන්. නිර්මාල් සදහන් කරපු පරිදි ඔවුන් හැකි තරම් උත්සාහ කරා බාලසිංහම් හරහා එල්ටීටීඊය ‘දේශපාලන විසදුමකට‘ එකග කරවා ගන්ඩ. එදා එසේ කළේ නම් අද වෙනම රටක් නිර්මාණය වී අවසන්. නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ ආදියේ සිදුවූයේ එයයි. එනම් දේශපාලන විසදුමක් හරහා ස්වයං පාලනයක් දී පියවරෙන් පියවර වෙනම රටක් නිර්මාණය වීම. නමුත් එල්ටීටීඊය දිගටම යුධමය ස්ථාවරයේ සිටීම ස්වයං පාලනයක් කරා යන ගමනට සැබැවින්ම බාධාවක් විය. චන්ද්‍රිකා ඉදිරිපත් කළ පැකේජයේදී වගේම සුනාමි සහන මණ්ඩලයේදීත් වැඩිම බාධාවක් ඇති කළේ වෙන කිසිවකු නොවේ එල්ටීටීඊයමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ (ඇත්තටම ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ ) යුධමය ජයග්‍රහණයකින්ම වෙනම රටක් දිනා ගැනීම. සාම සාකච්ඡා යනු ඒ සදහා සම්පත් එකතු කරන විරාමයක් පමණයි ඔවුන්ට. එහෙත් බටහිරයන්ට සහ ඉන්දියාවට එදා ඉදන්ම අවශ්‍ය වූයේ සාකච්ඡා හරහා ස්වයං පාලනයක් ලබා දීමටයි. ඇත්තටම අද බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණට වේගයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලැබී ඇත්තේ එල්ටීටීඊය නැති නිසාමය .

මීටත් වඩා වැදගත් ප්‍රකාශයක් සම්බන්ධන් මහතා කරනවා. එනම්,

My respected friends. The current practices of the international community may give us an opportunity to achieve, without the loss of life, the soaring aspirations we were unable to achieve by armed force.

වත්මන් දෙමළ බෙදුම්වාදයට බටහිර රටවල් සහ ඉන්දියාවෙන් තොරව පැවත්මක් නැති බව මීටත් වඩා සෘජුව පැවසිය හැකිද? වංගීසට සම්බන්ධන් මහතාව හමු වුවොත් අසන්නට පුළුවන් ‘දෙමළ බෙදුම්වාදයට එයටම අනන්‍ය වූ ආත්මයක් නැත්ද?“ කියලා. එසේ වුවොත් බොහෝ විට සම්බන්ධන් මහතා කට කොනකට හිනාවක් නගමින් වංගීසගෙ පිටට තට්ටුවකුත් දමා යන්ඩ හොදටම ඉඩ තිබේ. ඇත්ත වශයෙන්ම සම්බන්ධන්ගේ මේ ප්‍රකාශය සහ කතාව පුරාම දැක්වෙන ප්‍රකාශවලින් වඩ වඩාත් තහවුරු වන්නේ ජානක ඉදිරිපත් කළ, දෙමළ බෙදුම්වාදය නිර්මාණය කළේ සහ නඩත්තු කරන්නේ බටහිර අධිරාජ්‍යවාදය විසින් බවයි. බටහිර අධිරාජ්‍යවාදයෙන් තොරව දෙමළ බෙදුම්වාදයක් තිබෙන්නට ඉඩ තිබුණි.. එහෙත් එසේ නම් ඒ ගැන කිසිවෙකු කතා නොකරනු ඇති. එය ඒ තරම්ම නොසැලකිය හැකි බලවේගයක් වනු ඇති. සම්බන්ධන්ගේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ එයයි. කොටින්ම බටහිර බලපෑම්වලින් වැඩිම වෙනස උනේ උතුරේ නොවේ. ලංකා ආණ්ඩුවේය. බටහිර රටවල් සහ ඉන්දියාවේ මැදිහත්වීමෙන් ලංකාවේ ආණ්ඩු වෙනසක් ඇති කළේ දෙමළ බෙදුම්වාදීන්ද? නැත . ඔවුන් ඊට සම්මාදම් වූවා පමණයි. ප්‍රධානම වැඩ කොටස කළේ බටහිර රටවල් සහ ඉන්දියාවයි. අද නැවත දෙමළ බෙදුම්වාදයට අවස්ථාවක් ලැබී ඇත්තේ ඒ වෙනස නිසයි.

කෙසේ වෙතත් මට මේ සම්බන්ධව මතු කරන්නට අවශ්‍ය වූ මූලික කරුණ මෙය නොවේ. මූලික කරුණ නම් ආචාර්ය නිර්මාල්ද මේ කාරණයේදී ඉන්දියාව සහ බටහිර රටවල බලපෑමක් ඇති බව පිළිගැනීමයි.. වරක් ඔහු තම දේශනයේදී ඇවසුවේ බටහිර රටවල් දෙමළ ඉල්ලීම් ගැන sympathize කරන බවයි. Sympathy කියන්නෙ හැගීමක්. අන්තර්ජාතික දේශපාලනයේ හැගීම් නැහැ. ඇත්තේ අභිලාශ (interests) සහ උපාය මාර්ග (strategies) පමණයි. දෙමළ බෙදුම්වාදයට නඩත්තු කිරීමෙන් සහ අනුග්‍රහය දැක්වීමෙන් බටහිරයන්ට ලැබෙන දේ කුමක්ද යන්නට ජාතිකවාදීන්ට පැහැදිලි කතාන්දරයක් තිබේ . ඔවුන්ට අනුව බටහිරයන් තම අධිරාජ්‍යවාදී අවශ්‍යතා සදහා දෙමළ බෙදුම්වාදය භාවිත කරයි . මේක සැබැවින්ම අලුත් කතාවක් හෝ ලංකාවට පමණක් සිමා වූ කතාවක් නොවේ. බෙදුම්වාදය අධිරාජ්‍යවාදී අවශ්‍යතා සදහා භාවිත කිරීම කාශ්මීරයේ, ටිමෝරයේ, කොසොවෝ, ඊශ්‍රායලයේ සිට වත්මන් ඉරාකය දක්වාම දිවෙන තත්වයක්.

ප්‍රශ්නය එය නොවේ. ප්‍රශ්නය නිර්මාල්ලාගේ කදවුර දෙමළාගේ ප්‍රශ්නය කරට ගැනීමෙන් ඉන්දියාවට හෝ බටහිරයන්ට ලැබෙන දේ හෝ ඔවුන්ගේ අභිලාශ ගැන මුනිවත රැකීමයි. සැම දෙනාම දන්නා නමුත් කිසිවෙකු කතා නොකර කාරණාවලට ඉංගිරිසියේ එන යෙදුම elephant in the room යන්නයි. මේ කාරණය නිර්මාල්ලාගේ කදවුරේ elephant in the room කීවාට වරදක් නැත . මෙයට බොහෝ විට ලැබෙන පිළිතුර sympathize කරනවා වැනි බොළද පිළිතුරක් . ලිස්සලා යාමක් පමණි. එය ඇත්තටම ‘සුදු මහත්තුරු සුදුයි. ඒක හින්දා ඒගොල්ලො හොදයි. පපුව උණු වෙනවා‘ වැනි කතාවක් වඩා ශාස්ත්‍රීය වචනවලින් ප්‍රකාශ කිරීමක් පමණයි. ලෝක දේශපාලනය ගැන අබමල් රේණුවක් දනා කෙනෙකුට පිළිගත හැකි කතාවක්ද එය? මා නම් සිතන්නේ නිර්මාල් පාර්ශවය මේ කාරණය උවමනාවෙන්ම මග හරින බවයි. මේ කාරණයට පැහැදිලි පිළිතුරක් නොදී ජාතිකවාදීන්ගේ කතාවේ නැති පරස්පර මතු කරන්ඩ උත්සාහ කිරීම වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගැසීමක්. තමන් නිර්වස්ත්‍රව ඉදගෙන අනුන්ගේ ඇදුම්වල ඇදකුද හෙවීමක් පමණයි.

ඒ අතින් බැලූ කළ සම්බන්ධන්ලා නිර්මාල්ලාට වඩා අවංකය. සම්බන්ධන්ලා "සුද්දෝ නිසා තමා අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ" කියා කෙලින්ම පවසයි. ඔහු පවසන්නේ " අපි කරන කියන දෙයක් සුදු මහත්තුරුන්ගේ අරමුණුවලට අනුකූලව කළ යුතු" බවයි. නමුත් නිර්මාල්ලා එය උවමනාවෙන්ම සඟවන්නට උත්සාහ කරයි. එසේ සඟවා "දෙමළාගේ ප්‍රශ්නය" ගැන පමණක් කතා කරන්නට සැරසේ.එයින් ඔවුන් කරන්නේ බටහිර අධිරාජ්‍යවාදයට සේවය කිරීම, ඊට කත් ඇදීම නොවේද? මේ ප්‍රශ්නය ගැන ගොතන ඕනම කතාවක ප්‍රවාදයක බටහිරයන්ගේ අභිලාශ කුමක්දැයි කියන එක පැහැදිලි කළ යුතුමයි. නැත්නම් ඒ ප්‍රවාදය, කතාන්දරය අසම්පූර්ණයි. එමෙන්ම ඒ ප්‍රශ්නයට යෝජනා කරන විසදුමෙන් බටහිරයන්ගේ අභිලාශ ඉටු වෙනවාද, නැද්ද යන්නත් පැහැදිලි කළ යුතුයි. ජාතිකවාදීන්ට මෙයට පැහැදිලි පිළිතුරු තිබේ . කොටින්ම සම්බන්ධ මහතාලටද තිබේ. පිළිතුරු නැත්තේ හෝ සිතා මතා පිළිතුරු නොදෙන්නේ නිර්මාල්ලාගේ "බුද්ධිවාදී කඳවුරයි". ඔවුන් හැමවිටම ඒ කාරණය මගහරී. නමුත් ඒ කාරණය මගහැර ප්‍රශ්නය තේරුම් ගත නොහැකිය. තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් විසඳීමද කළ නොහැක.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

4/11/2016

56න් 2016ට

කතෘ:යුතුකම     4/11/2016   No comments
-දර්ශන කස්තුරිරත්න-
කලකට පෙර තිරගත වූ ‘අස්වැසුම‘ නම් චිත්‍රපටයේ මතක හිටින දර්ශනයක් තිබිණි. රත්නපුර ප්‍රදේශයේ ගමක වූ සිද්ධි දාමයක් ඊට පදනම් විය. ඒ ගමේ ප්‍රභූවරයෙක් ලෙස සිටි දොස්තරකෙනෙක්ගේ නිවසේ නිදහස් දින සංවිධානය කරන උත්සවයක් ඒ නිවසේ ගේට්ටුවට පිටත සිට ගැමියන් පිරිසක් බලා සිටිති. ‘මොකටද මුං මේ ජවුසං නටන්නේ‘ කියා එක ගැමියෙක් අනෙකාගෙන් අසයි. අනෙකාටද ඒ ගැන අවබෝධයක් නැත. 48 ලැබුන නිදහස සාමාන්‍ය ගැමියාගෙන් කොතරම් ඈත් වීද යන්න එයින් හැගවුනි. මේ ගැන ධර්මපාලතුමාත් කලින් අනතුරු හගවා තිබිණ. යටත්විජිත පවත්වාගන යාම තවදුරටත් ලාභදායක නොවන විට බිරිතානින් කරේ කළු සුද්දන් පිරිසකට පාලනය පවරා දීමයි. මෙය එක අතකින් සෘජු යටත්විජිත තත්වයටද වඩා භයානකය. මන්ද මිනිසුන් තමන් යටත්විජිතයක වැසියන් බව නොදන්නා හෙයිනි. යටත්වැසියන් බව දන්නා විට කැරලි ගහන මිනිස්සු යටත්වැසියන් බව නොදැන්නා විට යටත්වැසිභාවය පිළිගනිති.

ටික කලෙකින්ම සිංහලයන්ට මේ තත්වය අවබෝධ විය. ඩී.ඇස්. සේනානායක මහතාගේ යම් ජාතිකත්වයක් තිබූ නමුත් (ඇත්තටම පළමු අගමැති වීමට ජාතික බලවේග තෝරගත්තේ ඩී.බී. ජයතිලක මහතා වුවත් ඩි.ඇස්. සේනානායක මහතා කූට ලෙස ඒ අවස්ථාව ඔහුට අහිමි කරේය) ඉන් පසුව අගමැති වූ ජෝන් කොතලාවල සෘජු බටහිර ගැත්තෙකි. සංස්කෘතිකවද ඔහු සිංහලයන්ගෙන් ඉතා ඈතින් සිටියෙකි. ඔහු ගැත්තෙක් වීම ගැන ආඩම්බර වූ ගැත්තෙකි. කොටින්ම රනිල් වික්‍රමසිංහ වැන්නෙකි. එවන් පසුබිමක් යටතේ එජාපය පුපුරා ගොස් ශ්‍රිලනිපය 51දී බිහිවූ අතර එහි ජයග්‍රහණයත් සමග ජාතික නිදහස් අරලගය 56දී පණ ගැන්විනි. ඇත්තටම බණ්ඩාරණායක මහතා ඊට නායකත්වය දුන්නා නොව ඔහුව එතැනට තල්ලු කෙරිනි. මෙත්තානන්ද මහතා වැනි පිරිස නායකත්වය දැරූ ජාතික ව්‍යාපාරයට බණ්ඩාරණායක මහතා නායකත්වය දුන්නද ඔහුගේ ලිබරල් සහ වාමවාදී මුල්වලින් මිදිමට ඔහුට නොහැකි විය. ජාතික බලවේග විසින්ම පසුව ඔහුට ‘සෙවල බණ්ඩා‘ යැයි නාමයක් ගොතන ලද්දේ ඒ නිසා විය යුතුය. ඒ මොන අඩුපාඩු තිබුනද 56 අපේ නිදහස් වසරයි. සිංහල රාජ්‍ය බස වීම ගැන විස්සෝප වන ලිබරල්වාදින් සහ මාක්ස්වාදින් අධිරාජ්‍යවාදීන් යටතේ ඉංගිරිසි නොදන්න සිංහල සහ දෙමළ ජනතාව විදි පීඩාව ගැන නිහඩ වෙති (මේ ගැන යම් අදහසක් බද්දේගම වැනි නවකතාවලින්ද ගත හැකිය). ඇත්තටම යටත්විජිතවාදීන්ට සහ ඔවුන්ගේ ඒජනන්තයට වූ ප්‍රශ්නය සිංහල රාජ්‍ය බස වීම නොව ඉංගිරිසි බසට තිබූ රාජ්‍ය බස තත්වය නැති වීමය. 50-50 (මේ සිංහල 50 සහ දෙමළ 50 නොව, දෙමළ 50 සහ අන් සියල්ලන්ටම 50ය) ඉල්ලීම, චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීම (ඉංගිරිසි උගත් මෝඩ සිංහලයන් ඇන්දවීමට ඔහු මෙය ඉංගිරිසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙස නම් කරේය), ආදි වර්ගවාදි බෙදුම්වාදී පියවරයන් දෙමළ වර්ගවාදින් ගත්තේ ඊනියා ‘භාෂා ප්‍රශ්නය‘ නිර්මාණය වීමට බොහෝ කලකට පෙරය.

ජාතික නිදහස් අරගලය විටින් විට වැටි වැටී නැගිටියි. 1815 යටත්විජිතයක් වූ අපි තවම පූර්ණ නිදහස ලබා නැත. අපේ තීරක ප්‍රශනය එයයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතභාවයට අමතරව සංස්කෘතික (දැනුම්) යටත්විජිතවාදයද අපව පෙළයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදය පවත්වාගෙන යාමටද දැනුම් යටත්විජිතවාදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2009දීද සිදුවූයේ ජාතික නිදහස් අරගලයේ තවත් එක් පියවරකි. ඒ බටහිර සහ ඉන්දියාවේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමය. බටහිරයන් යුධ අධිකරණ පිහිටුවන්නේ ඒ වෙනුවෙන් අපට දඩුවම් කිරීමටය. 2015 පැරදුනේ මහින්ද රාජපක්ෂ පමණක් නොවේ. ඔහු වටා සිටි ජාතික බලවේගද පැරදුනි. එහෙත් එදා දිනුවේ නං රනිල් හෝ යූඑන්පී කාරයන් හෝ ජේවීපී කාරයන් නොවේ. 2015 ජනවාරි මස දිනුවේ අන් කිසිවකු නොව බටහිරයන් සහ ඉන්දියාව බව දැන් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අයටද ටිකෙන් ටික තේරෙමින් පවතී. එක්ටා ගිවිසුමෙන් ලංකාවට ලැබෙන කෙංගෙඩියක් නැතත් තියෙන, ටිකත් නැති උනත් මේ ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩ කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව නොතේරෙන කෙනෙක් සිටිය නොහැකිය. තම තමන්ගේ පාක්ෂික ගැතිභාවය නිසා නොතේරෙන බව බොරුවට හගවන අයනම් සිටිය හැකිය.

දැන් නැවතත් 56කට අවස්ථාව පහළ වී ඇත. එදා 48 නාමික නිදහසෙන් පසු එක්සත් (වි)ජාතික පක්ෂය තුළ ජාතික බලවේග සිර කරපු ආකාරයටම අද ශ්‍රිලනිපය වටා සිටි ජාතික බලවේග මෛත්‍රිපාල විසින් එජාපයට හිර කර ඇත. මේ බලවේගවලට මතු වීමට දේශපාලන නායකත්වයක් අවශ්‍යය. මේ නායකත්වය මතු වීමට පක්ෂයක් බිහිවීම යුගයේ අවශ්‍යතාවයකි. එසේ නොමැතිව ජාතික බලවේගවලට හෝ රටට අනාගතයක් නැත. දීර්ඝකාලීනව බැලූ විට අප බෙදන පක්ෂ නම් ගෝත්‍රවාදයෙන් අප මිදිය යුතු වුවද මේ අවස්ථාවේ ජාතික බලවේගවලට විකල්පයක් නැත. මේ තත්වය ඇතිවීමට ශ්‍රිලනිපයේ ලිබරල් සහ වාමවාදී උපන්ගෙයි දෝෂයද බලපා ඇත. ඩිලාන් පේරේරා සහ එස්.බී. දිසානයක වැන්නන් ජාතික බලවේගවල ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන්නේද මෛත්‍රිපාල වැනි පැරණි වාමවාදීන් (සහ පසුව අවස්ථාවාදීන්) ශ්‍රිලනිපයේ ඉහළ තනතුරුවලට පත්වන්නේද ඒ උපන්ගෙයි දෝෂය නිසාය.

සමගි පෙරමුණ ආණ්ඩුවේ අර්ථ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් මනෝරාජිකයන් අතට පත්වී මර්ධනකාරී හාල් පොලු වැටීමත් ඒ පිහිටෙන් නව ලිබරල්වාදී ජේආර් බලයට ඒමත් ඒ උපන්ගෙයි දෝෂයේම රෝග ලක්ෂණ වේ. ඒ දෝෂ හැර ඒ වෙනුවට ජාතිකත්වය මතම පදනම් වූ ජාතිකවාදී පක්ෂයකට සහ පුළුල් පෙරමුණකට අද ඕනෑවටත් වඩා ඉඩ ඇත. ජවිපෙ එජාප ගැති එන්ජීඕවක් වීම සහ පෙසප පොතේ ගුරු වාමවාදී පක්ෂයක් වීම තුළ ඒ ඉඩකඩ තවත් පුළුල් වී ඇත. ඒ නව පක්ෂය/පෙරමුණ පදනම් වන ජාතිකත්වය සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නා අන්‍ය සංස්කෘතීන්ද ආරක්ෂා වන සියලුම දෙනාට සිය වාර්ගිකත්වය සහ ආගමිකත්වය කුමක් වුවද රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්විය හැකි, අධ්‍යාපනය ලැබිය හැකි සහ රැකියාව කිරීමට නිදහස ඇති කරවන පොදු ශක්තිමත් ශ්‍රිලාංකික ජාතිකත්වයක් විය යුතුය. පඩු අබා රජු යක්ෂ නාග ආදි ගෝත්‍රිකයන් සිංහ වාංශිකයන් යටතේ එකතු කර සිංහල ජාතිය ගොඩනැගූ ආකරයටම අද ඒ ජාතිය තවත් පුළුල් කර ඊට දෙමළ සහ මුස්ලිම් වාර්ගිකයන් එකතු කරගෙන ශ්‍රි ලාංකික ජාතියක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවයකි.

56 විප්ලවය තවත් පිම්මකින් ඉදිරියට තැබීමට අවස්ථාවක් 2016 දී උදා වී ඇත. ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට නායකත්වය දීමට ඉදිරිපත් වේද යන්නය. මේ වන විට සිය දිවි ගමනේ හැත්තෑ වන වියද පසු කර ඇති ඔහුට ඔහුගේ ජීවිත කාලයේ මුහුණ දීමට සිදුවන ඉහළම අභියෝගය එය වේ. ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමට සිදුවන වන්දිය ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නිදහස් ජීවත වේ. එමෙන්ම ඒ ක්‍රියාවලියේදී ඔහුගේ ‘පෙර වැරදි‘ හදාගන්නා අතරම පැරදුන විට පමණක් නොව දිනපු පසුද අවස්ථාවාදීන් සහ වාමවාදී/ලිබරල්වාදී කේවට්ටයන් නොව ජාතික බලවේගම වට කොට ගැනීම ඔහුගේත් රටේත් හිතසුව පිණිස හේතුවනු ඇත.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/02/2016

රට රැකෙන්නට නම් : පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය

කතෘ:යුතුකම     4/02/2016   2 comments
පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය
-
දර්ශන කස්තුරිරත්න-මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ. සිංහල කතෝලිකයන්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවත් සුළු පිරිසක් ඉන්නවා. දෙමළ වාර්ගිකයන්ගේ ටික දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ වාර්ගිකයන්ගේ කඩ ටවුමේ තියෙනවා. ඒවයේ සේවය කරන දෙමළ සහ මුස්ලිම් අයත් ඉන්නවා. මේ අයට නගරය සහ ඒ අවට ස්ථිර දේපළත් තියෙනවා. මට තේරෙන හැටියට සහ මම දැකලා තියෙන විදියටනං මේ අයට සිංහල බෞද්ධ බහුතරය එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්ඩ මේ දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කළු ජූලියෙන් වේයන්ගොඩ නගරයේ වෙළදාම් කරපු දෙමළ ව්‍යාපාරිකයන් නගරය අත්හැරලා ගියපු බවත් ඉන්පස්සේ ඒ අයගේ කඩ සමහර මැර ක්‍රියා කරපු අයම (මේ බොහෝ දෙනා ජේආර් ආණ්ඩුවේ හිතවතුන්) ඒ කඩ අල්ලාගත් බව හෝ කුණු කොල්ලෙට අරන් තියෙන බවත් මං අහලා තියෙනවා. කෙසේ වෙතත් දැං ඒ අය නැවත ඇවිල්ලා තිබීම සතුටට කරුණක්. මේ වගේ කොළඹීන් ඈත නගරවල දෙමළ සහ මුස්ලිම් ජනතාව කුඩා ප්‍රමාණවලින් විසිරිලා ඉන්න අතර කොළඹ නගර සීමාවේ සහ වත්තල වැනි පැතිවල දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව ඉන්නවා. ඔවුන් දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා සිංහල බහුතරයක් ඉන්න බස්නාහිර පළාතෙන් සහ සිංහලයන් බහුතරයක් ඉන්න බස්නාහිර පළාත් සභාවෙන් ඔවුන්ට ඕන තැනක ජීවත් වෙන්ඩ, ඉගෙනගන්ඩ සහ රැකියාව කරන්ඩ ව්‍යාපාර කරන්ඩ තියෙන අවස්ථා සීමා කරලා නෑ.

මට තියෙන ප්‍රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා. අධිරාජ්‍ය ගැති වර්ගවාදීන් හුරතල් කරන ආණ්ඩුත් ඒකට උල්පන්දම් දෙනවා. නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. උපන්බිමේම දෙවන පන්තියේ පුරවැසියන් වූ සිංහල ජනතාව අමතක කරමු. අඩුම තරමින් අනූව දශකයේ මුල් භාගයේ යාපනය නගරයෙන් එක රැයින් පළවාහැරපු ලක්ෂ දෙකක් පමණ වූ මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් නැවත පදිංචි කරන්ඩ බැරිව තියෙන්නේ ඇයි? කොටින් මොවුන් පළවාහැරියේ ආමි එකට ඔත්තු දෙනවා කියන චෝදනාව උඩ. මේකට හේතුව දෙමළ වර්ගවාදය සහ නාසිවාදය මිස අන් කුමක්ද?

මීට අමතරව මේ පළාත්වල වර්ගවාදය පෝෂණය වෙන්ඩ යටත්විජිත යුගයේ ඉදන් එන තේසවලාමෙයි නීතිය වැනි නෛතික වර්ගවාදී නීතිත් තියෙනවා. මට තේරෙන් හැටියටනං මේ නීති ලංකාවෙ ව්‍යවස්ථාවටත් පටහැනියි. මොකද මේවා වර්ගවාදී නීති නිසා. ඒ වගේම බටහිරයන්ගේම (තෝරාගත් රටවල් වලට විතරක් අදාළ වන) මානව හිමිකම් කතන්දරයටත් පටහැනියි. මේ වර්ගවාදය දෙමළ සමාජය ඇතුලේත් තියෙනවා. උතුරේ පාසල්වල හිටං වෙල්ලාල ස්වෝත්තම වාදය දැඩිව ක්‍රියාත්මක වෙනවා. උතුරේම වෙල්ලාල නොවන සහ නැගෙනහිර/වතුකරයේ දෙමළ ජනතාව පාගන්ඩ මේ වෙල්ලාල කුලවාදය වැඩකරනවා. ඒකෙම විකාශනයක් තමා මේ වෙල්ලාල කුලවාදය මත පදනම් වූ දෙමළ වර්ගවාදය. මේ වර්ගවාදය පෝෂණය කරන්ඩ සහ ඊට පන්දම් අල්ලන්ඩ මාක්ස්වාදීන් කියන සිංහල බෞද්ධ විරෝධී වර්ගවාදීන් කටයුතු කරනවා. ඊට අමතරව ලිබරල්වාදීන් කියන අයත් තමන්ගේ බටහිර ගැති බව හින්දා එහෙන් මෙහෙන් පන්දම් අල්ලනවා. නැත්තං අඩුම ගානේ නොදැක්කා වගේ ඉන්නවා. හැබැයි බටහිර රටව ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදය විවේචනය කරද්දිනං ලිබරල්වාදීන් තම බටහිර ස්වාමිවරු වෙනුවෙන් සිංහයෝ වෙනවා.

ලංකාව රටක් විදියට ඉදිරියට යන්ඩනං හෝ අඩුම තරමින් පවතින්ඩනං මේ දෙමළ වර්ගවාදය සහ ඒ මත පදනම් වෙච්ච දෙමළ බෙදුම්වාදය මතවාදීව සහ දේශපාලනිකව පරාජය කළ යුතුමයි (මෙහි යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේ පරාජය කරා. දැන් යහපානය යටතේ නැවතත් එය හිස ඔසවමින් ඉන්න බව පේනවා). මේක පරාජය කරන්ඩ අපහසු ප්‍රධානම හේතුව මේක අභ්‍යන්තර ප්‍රපංචයක් නොව බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දීය ව්‍යාප්තවාදය විසින් හසුරවන නිසා සහ පෝෂණය කරන නිසා. මේකෙ ආරම්භය යටත්විජිත යුගයට දිව යනවා. ඉන්පස්සේ ඉන්දියාව විසින් ත්‍රස්තවාදීන්ට පුහුණු කිරීම, ආයුධ දිම, බලෙන් ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනි වැඩක් කරා. අදටත් මේක වෙනවා. විජේවීර ඇතුළු හැටදාහක් ඝාතනය යුධ අපරාධ පරික්ෂණ කරන්ඩ කාරණාවක් නොවෙන්ඩත් කොටි නායකයන් ඝාතනය යුධ අපරාධ පරීක්ෂණ කරන්ඩ කාරණාවක් වෙන්ඩත් හේතුව ඒකයි. උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට ‘බලය බෙදන්ඩ‘ කියලා එංගලන්තෙ ඇමරිකාව සහ ඉන්දියාව කියන්නේත් ඒකයි. ඒ දෙමළ ජනතාවට ඇති ආදරයකට නං නොවේ. ඔවුන් දෙමළ වර්ගවාදය තම අධිරාජ්‍යවාදය සහ ව්‍යාප්තවාදී අවශ්‍යතාවලට බළල් අතක් විදියට පාවිච්චි කරනවා. බටහිර රටවල් මැදපෙරදිග කලාපය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්ඩ ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කරා සහ පාවිච්චි කරනවා වගේ. එහෙම නැත්තං බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යොදාගෙන දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය හැදුවා වගේ. යුගෝස්ලාවියාව කැඩුවා වගේ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/31/2016

මරණ හයක් ඇති ලංකා මාතාව

කතෘ:යුතුකම     3/31/2016   No comments
-දර්ශන කස්තුරිරත්න -
 
ලංකාවට මරණ හයක් ඇත.
එකක් නම් ව්‍යව්ස්ථාව හරහා රට කැඩීමයි. ඒකට අවශ්‍ය එන්ජීඕ ව්‍යවස්ථාදායක සභාව හදලා ඉවරයි. ඕනම දේකට අත උස්සන ගොන්නු රැලක් ඉන්නවා නාමික විපක්ෂයක් එක්ක. 2/3ට 5/6ක බලයක් තියෙනවා. ඉස්සර වෙලා සහ සන්ධීය රාජ්‍යයක් හදලා ඉන් පස්සේ ජනමත විචාරණයක් හරහා වෙන් කරන්ඩ පුළුවන් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ කරා වගේ. කැඩුනට පස්සේ ඉතිං දේශසීමා සටන් එහෙම තමා. එකක් කැඩුන ගමන් වතුකරයේ, මුස්ලිම් ප්‍රෙද්ශ එහෙමත් කැඩෙන්ට බලනවානේ. හරි ලස්සන කාලයක් එයි.

අනෙක තමා යුධ අපරාධ නඩු කතාව. ඒකෙ ethnic cleansing උනා කියලා හයිබ්‍රිිඩ් අධිකරණයේ ලංකා ආණ්ඩුවේ සීල් එකත් එක්ක තීන්දුව ආවහම එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙනම රටක් හදන්ඩ පුළුහන් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුධ රථ දැනටම මෙහේ කරක් ගහන්නේ ඒකට පෙරහුරුවකට විය හැකියි).

තුන්වෙනි එක අයිසිස් කතාව. දැනටම මේ කණ්ඩායම් රටට රිංගලානං නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්ඩ පුළුවන් ඒ හරහා. ඒක වෙන්ඩ මේ ආණ්ඩුව ඉඩ දෙන බවක් පෙනෙන්නේ. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ඒකෙන් ගොඩයන්නේ දෙමළ බෙදුම්වාදයයි එය මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදයයි.

හතරවෙනි එක ජාතික ආර්ථිකය එක්ටා ගිවිසුම හරහා ඉන්දියානු අධිරාජ්‍යවාදයට ලියලා දෙන එක. මේකෙන් ආර්ථිකය විතරක් නොවේ දේශපාලනිකවම ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් වෙනවා. ලංකාවෙ ජන සංයුතිය, සංස්කෘතිය වගේම අනන්‍යතාවයත් වෙනස් වෙනවා. විනාශ වෙනවා.

පස් වෙනි එක ආර්ථිකය කඩං වැටිලා අයිඑම්එෆ් ණය උගුලේ හිර වෙන එක. අයිඑම්එෆ් එක ණය ගෙවන්ඩ තවත් ණය දෙනවා. ඒවාට දාන කොන්දේසි වලින් ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ණය ගන්ඩ වෙනවා. මේකෙන් ගැලවීමක් නෑ සියලුම රාජ්‍ය සම්පත් විකිණිම සහ බදු වැඩිකිරීම සහ සහන කප්පාදුව හැර. මේකෙන් නැවතත් ලංකාව ආර්ථික වහල්භාවයකට ඇදලා දානවා.

ඒ අස්සේ නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදයකුත් ඔලුව උස්සන බව ඊයේ පෙරේදා ඉදං එන නිව්ස් වලින් පේනවා. බුද්ධි අංශයට බඩු බනිස් කරලා තියෙන නිසා මේවා ගැන තොරතුරු දැනගන්ඩ ක්‍රමයකුත් නෑ බෝම්බ පත්තු වෙන්ඩ පෙර. අල්ලපු එකත් ගංජා අල්ලන්ඩ ගිහිල්ලා කණාවට සෙට් වෙච්ච එකක්නේ. මේක තමා හයවෙනි මරණය.

මේ මරණවලින් මොකක් ඉස්සර වෙයිද කියන්ඩ බැරි තරං ත්‍රාසජනක තත්වයක් තියෙන්නෙ. සමහර විට එක පාර මරණ දෙක තුනක් වෙන්ඩත් පුළුහන්. දැං මරණ හයක් ඇති විට ආණ්ඩුව කරන්නේ මොකක්ද? පුළුවන් තරම් ඒ මරණ හයටම ලංකාව දක්කන එක (ඒක සාධාරණයිනේ. ඒ මරණ ඇති කරෙත් මේගොල්ලමනේ තමන්ගේ බටහිර/ඉන්දිය ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව අනුව). ඒක නවත්තවන්ඩ දේශපාලන නායකත්වයක් දෙන්ඩ පුළුවන් හැකියාවක් ඇති තමන්ට ඇති එකම දේශපාලන තර්ජනය වන මහින්දට බැන බැන ඉන්න එක. ශ්‍රිලනිපය පුළුවන් තරං එජාප අතකොළුවක් කරලා විපක්ෂයක් හැදෙන එක නවත්වන එක. මහින්දත් වෙනම පක්ෂයක් හෝ සන්ධානයක් හදාගෙන එන එක නවත්වන්ඩ ඔහුට සහ ඔහුගේ පවුලේ අයට බලපෑම් කරන එක. ජේවීපි, ටිඑන්ඒ, ශ්‍රීලනිප ව්‍යාජ නාමික විපක්ෂය එක්ක බොරුවට රණ්ඩු අල්ලන එක (ඒකත් දැං කෙරෙන්නේමැ නැති තරං. බොරුවට රගපාන එකෙත් සීමාවක් තියෙනවනේ අප්පා). නැත්තං අර ලිංග මාරු වෙච්ච ආණ්ඩුකාරයා පත් කිරීම, කොණ්ඩයාගේ කතා වස්තුව, එච්අයිවී හැදුනේ (නැති) ළමයා, නිදහස් චතුරස්‍රෙය් ලව් කිරීම වගේ බොරු ඉෂුස් හදලා මේ මරණ හය කකුළු ජනතාවට අමතක කරවන එක.

[ඡායාරූපය :Alamy.com]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/22/2016

රනිල් සිරිසේන

කතෘ:යුතුකම     3/22/2016   1 comment
-දර්ශන කස්තුරිරත්න-
අද ලංකාව පාලනය කරන්නේ රනිල් සිරිසේන කියන තනි මිනිහෙකි. මේ මිනිහා දෙබිඩ්ඩෙකි. මේ මිනිහාගේ රනිල් පාර්ශවය නියෝජනය කරන්නෙ නාගරික සෘජු බටහිර ගැති අනුකාරකයෙකි. මේ අනුකාරකයාට බටහිරයන් කියන දේ කිරීම සහ ගැති භාවය කියන එක ඇත්තටම සතුටකි. ඔහුට ඒ ගැන කිසිම ලැජ්ජාවක්වත් 'ගිල්ටි' හැගීමක්වත් නැත. ඇත්තටම ඔහුගේ අනුකාරකත්වය සහ ගැති බව ඔහුට ආඩම්බරයට කරුණක්.

අනෙක් පැත්තෙන් මේ මිනිහාගේ සිරිසේන පාර්ශවය නියෝජනය කරන්නේ ගැමි සංස්කෘතියක ජීවත් වෙන, එහෙත් අර බටහිර සංස්කෘතියට රනිල් පාර්ශවය තරම් ඇතුළත් වීමට බැරි වීම ගැන දැඩි හීනමානයකින් පෙළෙන්නෙකි. මේකට ඕන්නං කියන්ඩ පුළුහන් ‘අත් මේස් මානසිකත්වය‘ කියලා. මේ හීනමානය නිසා සිරිසේන පාර්ශවය කරන්නේ රනිල් පාර්ශවයටත් වඩා බටහිර ගැති වීම සහ නිවට නියාලු තත්වයකට පත් වීම. සිරිසේන පාර්ශවය හිතෙනවා එතකොට රනිල් පාර්ශවයට තියෙන අනුකාරක ‘තත්වය‘ තමන්ටත් ලැබෙයි කියලා . දහම් කොලුවා රෝයල් තෝමියන් බිග් මැච් එකේ රනිල්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ත්‍යාග ප්‍රධානොත්සවයට බලෙන් ගොඩ වීම බලන්න. මොන වගේ මානසිකත්වයක්ද එතන තියෙන්නේ. එතනදී රනිල්ලාගේ මූණු ඇඹුල් වීමත් කොලම්බු ටෙලිග්‍රාෆ්
වගේ නාගරික අනුකාරකයන්ගේ ‘ප්‍රබුද්ධ‘ දේශපාලන ෆෝරම් එකක් සුදු මහත්තුරුන්ගේ සුද්ද ඉංගිරිසියෙන් දහම් කොලුවාට බැණ වැදීමෙනුත් පේනවා රනිල්ලා තමන්ගේ නොම්මරේ ඒකේ අනුකාරකත්වය සිරිසේනලාගේ නොම්මර දෙකේ (දෙකේ කිව්වට හතරේ පහේ වගේ) අනුකාරකත්වයට සමවීමට ඇති අකමැත්ත ["Daham Sirisena, What The Fuck Were You Doing Up There?" - Colombo Telegraph ] . එතන තියෙන්නේ වඩා හොද අනුකාරකයා, වඩා හොද ගැත්තා වීමට තරගයක්.

දැං රනිල් සිරිසේන කියන තනි පුද්ගලයා හරහා මේ දෙකේ දුසංයෝගයක් කියන්නෙ. (ඇත්තටම මේ පුද්ගලයාට සහය දෙන අය අතරත් මේ කුලක දෙක අපූරුවට දකින්ඩ පුළුවන්. දැං ඔය පේස්බුක් එකේ එහෙමත් දහම්ලා වගේ අය ඉන්නවා රනිල්ලා වගේ රගපාන්ඩ හදන. ඒකෙන් අර රනිල්ලාට තියෙන ‘තත්වය‘ ලබාගන්ඩ හදන. ඒ උනාට ඉතිං පිටිං ඉදලා බැලුවාම ඒ අය සිරිසේනලා කියලා අපිටනං පේනවා). ඉතිං රටක් විදියට අපි තනිකරම නිවට නියාලු ගැති ඕනම විදේශික රටකට හෝ සංවිධානයකට තමන්ට ඕන ඕන විදියට නටවන්ඩ පුළුවන් යටත්විජිතයක් වෙන එක අහන්ඩත් දෙයක්ද? Worst of both worlds තත්වයක් තමා තියෙන්නේ. 


පින්තූරය :nation.lk
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/14/2016

එක්ටා යනු රනිල් - සිරිසේන ආණ්ඩුකාරවරුන් විසින් ලංකාව ඉන්දියානු අධිරාජ්‍යයට පවරා දීමේ ගිවිසුමයි.

කතෘ:යුතුකම     3/14/2016   No comments
එක්ටා හිටං
-දර්ශන ක්ස්තුරිරත්න

ගොඩක් දෙනෙක් ගිවිසුම් කිව්ව ගමන් අහන්නේ මොනවද ගිවිසුමේ තියෙන වගන්ති කියලා හිටං. හැබැයි ගිවිසුමක පාර්ශවකරුවනුත් වැදගත්. සමහර විට වගන්ති වලටත් වඩා වැදගත්. දැං රෝම ලන්දේසි නීතියේ විවාහයත් ගිවිසුමක්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ගිවිසුමක් ගහනවා අපි දෙන්නා මැරෙනකල් දුක සැප බෙදාගෙන එකට ඉන්නවා කියලා හිටං. දෙවියන් වහන්සේ පේන්ඩ නැති නිසා (දෙවියන් වහන්සේගේ) නීතිය ඉස්සරහා ගිවිසුම ගහනවා (ගිවිසුම කඩන්ට නං ඒ දෙවියන් වහන්සේගේම නියෝජිතයා වන නඩුකාර උන්නාන්සේ ගාවට යන්ඩ වෙනවා). ඉතිං එතනදි මං හිතන්නෙ නෑ ගොඩක් අය ඕකෙ තියෙන වගන්ති ගැන එච්චර සැලකිලිමත් වෙනවා කියලා. හැමෝම කියන්නේ එකම වගන්තිනේ. නමුත් එක එක විවාහ එක එක ආකාරයට තමයි turn-out වෙන්නේ. සමහර විවාහ පට්ට. සමහර ඒවා පතෝල වගේ ගුණත් නෑ අගුණත් නෑ. පෙළක් ඒවා නිකං පණ පිටිං අපායේ ගියා වගේ. ඉතිං ඒක තීරණය වන්නේ ගිවිසුමේ ‘පාර්ශවකරුවන්‘ මත. කොන්දේසි මතම නොවේ. පාර්ශවකරුවන් වෙන ගෑනු මිනිස්සු පස්සේ යනවානං, control freaks ලා නං හෝ වෙන මොනා හරි අවුලක් තියෙනවානං අර ගිවිසුමේ පණ දෙනවා කියාල තිබ්බත් වැඩක් නෑ. දැං විවාහයකදි අපිට ඇහැට පේන සංයුක්ත පුද්ගලයෙක් එක්ක ගහන නිසා පුද්ගල සාධකය සැර වැඩියි. රාජ්‍යයක් හෝ සමාගමක් එක්ක ගහන ගිවිසුමකදි සාපේක්ෂව වගන්ති වැදගත් වෙනවා වැඩිපුර. මොකද රාජ්‍යය හෝ සමාගම කියන්නේ වියුක්ත සංකල්ප නිසා. ඒවා අපිට ඇහැට පේන්නේ නෑ. අපිට රාජ්‍යයේ ඉඩම් හෝ මිනිස්සු පෙනුනට රාජ්‍යය පේන්නේ නෑ. සමාගමත් එහෙමයි. ඒවා වියුක්ත සංකල්ප. නමුත් එතැනදීත් ‘පාර්ශවකරු‘ වැදගත් වෙනවා. එකම වගන්ති ටික ඉන්දියාවයි ජපානයයි එක්ක වෙන වෙනම ගැහුවොත් ඒ දෙකේ ප්‍රතිඵල වෙනස් විය හැකිය. පාර්ශවකරුගේ ‘කැරැට්ටු‘ එතනදි වැදගත් වෙනවා. ඒක විවාහ ගිවිසුමේද, රටවල් අතර ගිවිසුමකද නැත්තං සමාගම් අතර ගිවිසුමකද කියලා එච්චරම වෙනසක් නෑ.


මේවට උදාහරණ අතීතයේ තියෙනවා. හොදම උදාහරණය 1815 ගිවිසුම. සුදු මහත්තුරු පට්ට සාධාරණයි පොතේ හැටියට වැඩ කරනවා කියලා අපි හිතං හිටයට 1815 ගිවිසුම සුදු මහත්තුරු අවුරුදු කීපයක් යද්දී කැඩුවනේ. 1815 ගිවිසුමේ තිබ්බා බුද්ධාගම පෝෂණය කරලා ආරක්ෂා කරනවා සහ සිංහල නීතියට අනුව රට පාලනය කරනවා කියලා. නමුත් සුදු මහත්තුරු ඒ වගන්ති කැඩුවා. ඒකනේ 1818 කැරැල්ල ඇති උනේ. බොහෝ විිට ඔය ගිවිසුම ගහන්ඩ ඇත්තේත් කඩන්ඩ බලාගෙන. නැත්තං උඩරට ප්‍රධානීන් ඒ ගිවිසුමට කැමති නොවන නිසා. ඉතිං එතනදීත් සමහරු ඔය ගිවිසුමේ ‘වගන්ති‘ අල්ලගෙන කෙස් පැළෙන තර්ක දාන්ඩ ඇති. සමහර නිළමෙලා තර්ක කරන්ඩ ඇති බලන්ඩකෝ මේකෙ බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා තියෙනවානේ ඒක හින්ද sign කරමු කියලා. නමුත් ඒක මෝඩ වැඩක්. මොකද ගිිවිසුමේ වගන්ති උල්ලංඝනය උනොත් මොකද කරන්නේ. එතකොට අපි යටත් වෙලා ඉවරයි. අහු වෙලා ඉවරයි. බකං නිලාගෙන ඉන්ඩ තමා වෙන්නේ. ඒ නිසා පාර්ශවකරුනේ ‘අරමුණ‘ මොකක්ද කියලා බලන එක වැදගත් වෙනවා රාජ්‍ය අතර ගිවිසුමකදිත්. විශේෂයෙන්ම අසසමිතික දේශපාලන සහ ආර්ථික බලයක් හිමි පාර්ශව දෙකක් අතර ගිවිසුමකදී වඩා බලවත් පාර්ශවයේ අරමුණ ඉතා වැදගත් වෙනවා.

අපි ගිවිසුම්වලින් ඇණගත්ත ඒවා ගැන තව මෑත උදාහරණ තියෙනවා. අසූ ගණන් වල ඉන්දු ලංකා ගිවිසුම, සටන් විරාම ගිවිසුම (මේවා දේශපාලන ගිවිසුම්), චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඉන්දියාව එක්ක ගහපු නිදහස් වෙළද ගිවිසුම (FTA) වගේ ඒවා. මෙයින් ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දියාව පොරොන්දු උනා කොටින්ව නිරායුධ කරනවා කියලා. නමුත් ආයුධ බාර දෙනවා කියලා විහිලුවක් උනේ. වඩමාරච්චි මෙහෙයුමෙන් කොටි නැත්තට නැති කරන්ඩ ලංකා ආණ්ඩුවට තිබ්බ අවස්ථාව නැති උනා. ඉන්දියාව තමන්ගේ දරුවා වන කොටියා බේර ගත්තා. අන්තිමට බොරු උත්සවයක් තියෙලා කොටි තමන්ගේ පරණ තුවක්කු ටිකක් ඉන්දියන් ආමි එකට බාර දුන්නා. අනෙක් පැත්තෙන් ලංකාවෙ පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත උනා ඉන්දියාවෙ උවමනාවට. ඒ මදිවාට ඒ මුවාවෙන් ඉන්දියන් හමුදාව ලංකාවට ගොඩ බැස්සා. බොහොම අමාරුවෙන් තමා යවා ගත්තේ. හොද වෙලාවට ජේආර් මහත්තයාගෙ විධායක ජනාධිපති ක්‍රමයට පින්සිද්ධ වෙන්ඩ ලංකාව කෑලි කෑලි වලට කැඩිලා ලේ විලක් වෙන එක වැළකුනා. නැත්තං ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙ වර්ධරාජා පෙරුමාල් වෙනම රටක් declare කරහම ඒක නිෂේධ කරන්ඩ ප්‍රේමදාස මහත්තායටයි එවකට ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මහත්තයාටයි ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති වෙනවා.

කොටින් එක්ක ගහපු සටන් විරාම ගිවිසුම ගත්තත් අන්තිමට වගන්ති වලට වඩා වැදගත් උනේ පාර්ශවකරුගේ අරමුණනේ (එතනනං වගන්තිත් පට්ට පජාතයි. රනිල් ඉතිං ලියලම දුන්නනේ). කොටින්ට ඕන උනේ දුර දිග විහිදුම් බලකායෙන් තමන්ගේ නායකයන් මැරෙන එක නවත්තලා හැමදාමත් වගේ බොරුවට සාකච්ඡාවලට ගිහිල්ලා පිරිස් බලය, ආයුධ බලය සහ ආර්ථික බලය වැඩි කරගන්ඩ. ඒ කරලා ලංකා හමුදාව දුර්වල කරලා ඔවුන් ශක්තිමත් වෙලා හැමදාම වගේ තීරණාත්මක අවස්ථාවකදී යුධය පටන් අරන් යුධය දිනලා ඊළම පිහිටුවන්ඩ (එහෙම උනානං උ.බු. ජනතාව දැං වගේ ‘දේශපාලන විසදුම්‘ ගැන කියන එකක් නෑ නේ. කට්ටිය කියයි යුධය කියන්නේ මතවාදී දේශපාලනයේම extension එකක් කියලා දැං අපි කියන්නා වගේ). සටන් විරාම ගිවිසුමේදි බටහිර රටවල සහය සහ ආශිර්වාදය ඇතුව ඔවුන් ඒ අරමුණු ඉටු කරගත්තා. මොනිටර් කරන්ඩ දාපු සුදු මහත්තුරු ඉන්න මොනිටරිං මීසම වැඩ කරේත් හරියට අර ඉන්දියාවයි ලංකාවයි මැච් ගහද්දි ඉන්දියන් අම්පෑර්ලා ප්ලේ කරනවා වගේ. සමහර මොනිටරිං අය ඒ අය ආපු රටවල කට්ටිය කොටින්ට ආයුධ, උපකරණ දෙන්ඩ ට්‍රේන් කරන්ඩ සහ සැලසුම් දෙන්ඩ තරං ‘ස්වාධීන‘ උනා කියහල්ලාකෝ. හමුදාව බංකර්වලට වෙලා මදුරුවෝ තලද්දි කොටි පිස්තෝල කල්ලියේ අය ගල්කිස්සට ඇවිල්ලා හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ට වෙඩි තියලා මරලා බස් එකේ නැගලා වව්නියාවට ගිහින් එතනින් වන්නි කොටි මූලස්ථානයට කිසි අවුලක් නැතිව යන තත්වයක් උදා උනා. ඒකනං මාර ගිවිසුමක් අප්පා.

මේ ඔක්කොටම වඩා වැදගත් චන්ද්‍රිකා නෝනා ඉන්දියාවත් එක්ක ගහපු නිදහස් වෙළද ගිවිසුම. මේක වැදගත් වෙන්නේ මේක ආර්ථික ගිවිසුමක් වීම නිසා සහ ගැහුවේ ඉන්දියාවත් එක්ක නිසා. ඒක භාණ්ඩ වෙළදාම පිළිබද දේශ සීමා ඉවත් කරන ගිවිසුමක්. ඒකෙ වෙච්ච දේ ඉදිරියේදි එක්ටා එකෙන් වෙන දේ ගැන අදහසක් ගන්ඩ හොද අවස්ථාවක් වෙනවා. ඒ කාලෙ චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් වෙච්ච මහාචාර්ය ජී.ඇල්. පීරිස් මේ එක ගැන වැදගත් ලිපියක් ලියලා තිබ්බා අයිලන්ඩ් පත්තරේ. මේ තියෙන්නේ ඒ ලිපිය.
Proposed economic agreement with India: Lessons from the recent past
By Prof. G. L. Peiris
http://www.island.lk/index.php?page...

කාටහරි කියන්ඩ පුළුවන් දැන් ජී.ඇල්. ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නිසා ඔහුගේ අදහස් පක්ෂග්‍රාහී කියලා. නමුත් මෙතන ඔහු මතු කරන කාරණයට ආණ්ඩුව පැහැදිලිව උත්තරයක් දීලා නෑ. ඔහු පෙන්වා දෙන්නේ FTA එකේ මොන වගන්ති තිබ්බත් ඒකට පරිබාහිරව ඉන්දියානු රජය දාපු වෙනත් ආරක්ෂණවාදී නීති රිති නිසා ‘ප්‍රායෝගිකව‘ ලංකාවෙ සමාගම්වලට ඉන්දියාවේ භාණ්ඩ වෙළදපොලට යන්ඩ බැරි තත්වයක් උදා වූ බවයි. මේ සමහර ආරක්ෂණවාදී නීති රීති ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවෙන් දාපුවා. සමහරක් ඒවා ප්‍රාන්ත ආණ්ඩුවලින් දාපුවා. ඒකට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියානු ආණ්ඩුව දාපු Import license කියන එක. දැං ගිවිසුමේ මොනවා තිබ්බා ඉන්දියානු ආණ්ඩුවට ලංකාවෙ නිෂ්පාදන ඉන්දියාවට එන එක වළක්වලා ඉන්දියාවේ සමාගම් ආරක්ෂා කරගන්ඩ පුළුවන් මේ කියන බාධකය දාලා. නමුත් ලංකාවෙ ඇතුලේ ඔපරේට් වෙන ඉන්දියානු සමාගම්වලට එවැනි බාධවක් නෑ. එකේ වගන්ති පරිශීලනය කරහම එහෙම එකක් ඒකෙ නෑ. මේක බාහිරින් දාපු එකක්. නමුත් ඒකෙන් වෙන්නේ එකෙන් ඉන්දියාවට විතරක් වාසි වෙලා ලංකාවෙ සමාගම්වලට ඉන්දියාවෙ තබා ලංකාවෙ තියෙන වෙළදපොලත් නැති වෙන එක. එතනදි ඉන්දියාව රාජ්‍යයක් විදියටම සදාචාර විරෝධී ලෙස කටයුතු කරලා තියෙනවා. ඔවුන්ගේ ‘චේතනාව‘ වෙලා තියෙන්නේ ලංකාවෙ වෙළදපොල ආක්‍රමණය කරලා ඒ ඒක්කම ලංකාවේ සමාගම් ඉන්දියානු වෙළදපොලට එන එක බ්ලොක් කරන්ඩ. ඉතිං එතනදී වගන්ති අල්ලගෙන කෙස් පැලෙන තර්ක දාලා වැඩක් නෑ නේද පාර්ශවකරුගේ ‘චේතනාව‘ සහ ‘කැරැට්ටුව‘ බලන්නේ නැතුව?

දැං මේ ගහන්ඩ යන එක්ටා එකෙත් මේ වගේම දෙයක් නොවන බවට තියෙන සහතිකය මොකක්ද? එක්ටා එකේ සේවා ආර්ථිකයනේ විවෘත කරන්ඩ යන්නේ (ඇත්තටම ලංකාවෙ ආර්ථිකය දුවන්නේ සේවා ආර්ථිකයෙන් නිසා මේක ඉතාම වැදගත් කාරණයක් අපි හැමෝටම). එක්ටා එකේ මොන වගන්ති තිබ්බත් ඉන්දියාවට තමන්ගේ සේවා ක්ෂේත්‍රය ඉන්දියානුවන්ට විතරක් සීමා කරන්ඩ අවශ්‍යනං වෙනම බාහිර නීති දාලා ඒක කරන්ඩ පුළුහන්. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යවලටත් එවැනි නීති දාන්ඩ පුළුවන්. අනෙක එහෙම නීති නැතත් භාණ්ඩයක් විකුණනවා වගේ නොවේ සේවවක් විකුණනවා කියන එක. බොහෝ විට සේවාව සපයන මනුස්සයාට ඒ රටට යන්ඩ වෙනවා. එතනදී ඒ සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිවිරෝධතාවලට මුහුණ දෙන්ඩ වෙනවා. පොතේ මොනවා තිබ්බත් ඉන්දියානු සමාගම් ලංකාවෙ සමාගම් වගේ නොවේ දැඩි ජාතිකවාදී ස්ථාවරයක ඉන්න නිසා ලංකාවෙ මිනිස්සුන්වනං හයර් කරයි කියලා හිතන්ඩ අමාරුයි.

බටහිර රටවල ඉන්න අය පවා ගොඩක් වෙලාවට මුහුණ දීලා ඇති වර්ගවාදය නිසා ජොබ් හොයා ගන්ඩ තියෙන අමාරුව ගැන (මං දන්න තරමින් බටහිර ප්‍රකට විශ්ව විද්‍යාලයක - හාවඩ් වගේ මතක - පර්යේෂණයක් කරලා තියෙනවා බටහිර රටක සම්ගම්වල අර CV එකේ නම අනුව අනෙකුත් සුදුසුකම් සමාන අයට interview කෝල් කිරීමේ සම්භාවිතාව ගැන. එතනදී පෙනී ගිහිල්ලා තියෙනවා CV එකේ තියෙන නම සුද්දෙක්ගේ නමක්නං interview කෝල් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව. සුද්දෙක් නොවන නමක්නං සම්භාවිතාව අඩුයි. මුස්ලිම් නමක් නං සම්භාවිතාව බිංදුවට ආසන්නයි. හෙහෙ). ඉතිං අච්චර හොද සාධාරණ සුදු මහත්තුරුත් වැඩ කරන්නේ එහෙමනං කොහොමත් ලංකාව සම්බන්ධයෙන් වර්ගවාදී අධිපතිවාදී මානසිකත්වයක ඉන්න ඉන්දියන්කාරයෝ මොනවා නොකරයිද? ඉන්දියාවේ ප්‍රාන්ත තුළත් විරෝධයක් තියෙනවා වෙන ප්‍රාන්ත වලින් ඇවිල්ලා ජොබ් කරන අය ගැන (මේ ප්‍රාන්ත කියන්නේත් අතීතයේ ස්වාධීන රාජ්‍යයන් බොහෝ විට. ඉතින් වෙනම ප්‍රාන්තයක කෙනෙක් විදේශිකයෙක් ලෙස සැලකීම එක අතකිත් සාධාරණයි. ඉන්දියාව කියන්නේ විවිධ සංස්කෘති ඇති රටවල් ගොඩක් එකට ගැටගහලු හදපු මෙව්වා එකක්නේ).

India can stop the mauling, harassing, and killing of northeasterners—yet chooses not to
http://qz.com/285393/india-can-stop...
Troops deployed as deadly clashes in India cut water to capital
http://www.sfgate.com/world/article...

මං හිතන්නේ මෙතනදි ඉන්දියාවේ ‘චේතනාව‘ දැනගන්ඩ වැදගත් වෙන උපමාවක් තියනෙවා අයිටී ෆීල්ඩ් එකේම. ඒ කියන්නේ දැං ප්‍රධාන පෙළේ සමාගම් කරන වැඩක් තමයි තමන්ට competition එකක් දෙන්ඩ පුළුහන් කුඩා සමාගමක් නැගගෙන එද්දි ඒක සල්ලිවලට ගන්නවා. ඊට පස්සේ එක්කෝ ඒ කුඩා සමාගමේ products and services තමන්ගේ ඒවා කරගන්නවා. නැත්තං කරන්නේ කුඩා සමාගම නිකං අල කරලා ලොස් කරලා දානවා. එහෙම තමයි ලොකු සමාගම් තමන්ගේ monopoly එක තියාගන්නේ. Microsoft සමාගම මේ වැඩේ නිතරම කරනවා. ඉන්දියාවයි ලංකාවයි බැලුවත් මේ දෙක ආදේශක (complimentary) ආර්ථික නොවේ තියෙන්නේ. අපි දෙගොල්ලම හදන්නේ එකම දේවල්. දෙගොල්ලන්ම දෙන්නේ එකම සේවා. තේ, ඇගලුම් වගේ භාණ්ඩ බැලුවත් අයිටී, වෛද්‍ය වගේ සේවා බැලුවත් එහෙමයි. ඉන්දියාව නොදෙන අපි දෙන එකම සේවය මැදපෙරදිග වහල් සේවය විතරයි මගේ හිතේ. ඉන්දියාවෙ ඒක තහනම් මං දන්න විදියට. ඉතිං එහෙම බැලුවම ඉන්දියාවට ලංකාව competitor කෙනෙක්. ඉන්දියාව තමන්ගේ FTA එක හරහා භාණ්ඩ නිෂ්පාදන ක්ෂේතයේ ලංකාව අල කරලා දැම්ම. ඒ මදිවට ලංකාවත් තමන්ගේම වෙළදපොලක් කර ගත්තා. දැං ඉන්දියාව හදන්නේ ලංකාවේ සේවා ආර්ථිකයෙන් තමන්ට එන competition එකත් නැති කරලා ඒ මදිවට ලංකාවත් තමන්ගේ සේවාදායකගෙක් කරගන්ඩ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්ඩ. ඔය වගේ ගිවිසුම් ටිකක් හෝ සාර්ථක වෙලා තියෙන්නේ complimentary ආර්ථික තියෙන රටවල. ඒ කියන්නේ එක රටක නිෂ්පාදනයක් තව රටක අමුද්‍රව්‍යයක් වෙන විට. ඒක දෙපැත්තටම යම් ප්‍රමාණයකට හෝ සමමිතිකව වෙන්ඩත් ඕනේ. අසසමිතික දෙන්නෙක් එක්කහු කරොත් වෙන්නේ පොඩි එකා ලොකු එකා විසින් ගිලගන්න එක.
දැං යුරෝපා හවුලේ සාපේක්ෂව කුඩා ආර්ථික ඇති ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවලට වඩා බලවත් ආර්ථිකය ඇති ජර්මනිය විසින් කරලා තියනේනේත් ඒකනේ. ඒ රටවල් අද වෙන විට ජර්මනියේ නිල නොවන යටත් විජිත වෙලා. පත්වෙන ආණඩු මොනවාද කියලා තීරණය කරන්ඩ තරම් ජර්මනිය බලවත් වෙලා. යුරෝපා ආර්ථික හවුල තනිකර අසාර්ථක ව්‍යාපෘතියක් විතරයි ඒකෙන් උනේ යුරෝපයේ සාපේක්ෂව දුර්වල ආර්ථික නැතිභංගස්ථාන වෙලා සාපේක්ෂව ශක්තිමත් ආර්ථිකය වන ජර්මනිය ආර්ථික අධිරාජ්‍යයක් උන එකයි කියලා අද වෙනකොට ලෝකෙම මිනිස්සු පිළිගත්ත කාරණයක්. ආර්ථිකය අල්ලගත්තා කියන්නේ රටම අල්ලගත්තා වගේ තමා. ඇත්තටම යුරෝපා සංගමයේ වෙච්ච දේම ප්‍රමාණවත් මේ වගේ ඊනියා විස්තීරණ ‘සහයෝගිතා‘ ගිවිසුම් වල සැගව ඇති ආර්ථික සහ දේශපාලන/සංස්කෘතික අධිරාජ්‍යවාදය තේරුම්ගන්ඩ. සමහර යහපාලනවාදී උ.බු.ජනතාව කියන්නා වගේ අපට ඇත්තේ ඉන්දීය විරෝධයක් නොව අධිරාජ්‍ය විරෝධයක්. ඒ අධිරාජ්‍යවාදය එන්නේ බටහිරින්ද ඉන්දියාවෙන්ද ඒ දෙකේම එකතුවක්ද කියන එක විතරයි වෙනස.


ඇත්තටම පුද්ගලයෙක්ගේ වගේම එතනදී රාජ්‍යයක හෝ සමාගමක ‘සංස්කෘතිය‘ මත තමා ඔවුන්ගේ හැසිරීම තීරණය වෙන්නේ. ඉන්දියාව කියන්නේ අපිටත් වඩා සංස්කෘතික අනාථභාවට පත් වෙච්ච රටක්. කට්ටියක් පාරේ මළ පහකරනකොට අපද්‍රව්‍ය කාණුවල කිමිදෙනකොට තවත් කට්ටියක් සුරසැප විදින්නේ ඒ නිසා. ඉන්දියාව කියන්නේ අපිට බුදුදහම දුන්න දඹදිව හෝ ඊට පස්සේ තිබ්බ භාරතය නොවේ. ඉංගිරිසීන් විසින් අටවපු නූතන රටක්. වත්මන් ඉන්දියානුවන්ගේ ආකල්පවල බටහිර සුද්දන් අනුකරණය කිරීමයි පැරණි බමුණු අධිපතිවාදී සංස්කෘතියයි අපූරුවට එක්කහු වෙලා මහා චාටර් අධිපතිවාදී දැඩි ආත්මාර්ථකාමී, පුහු මානය, බක පණ්ඩිතකම සහ show-off එක පිරිච්ච හිස් සදාචාර විරහිත ගතියක් පිහටලා තියෙනවා. ඉන්දියානුවන්නේ සදාචාරය සහ සාරධර්ම ගැන පොදුවේ ලෝකෙම මිනිස්සු කළකිරිලා ඉන්න සංස්කෘතික අනාථභාවට හේතුව මේ සංස්කෘතික අනාථභාවයයි.


ඉන්දියාවේ මේ චාටර්ගතිය එන්නෙ රාජ්‍යයෙන්මයි. එහි සංස්කෘතියෙන්මයි. කිරිකැට් මැච් වල හොර කරලා දිනනවා කියන එක එන්නේ ඒ සිස්ටම් එකෙන්මයි. සුද්දෝ උනත් එහෙම හොර කරන්ඩ ලැජ්ජයිනේ. නමුත් ඉන්දියානුවාට එහෙම හොර කරලා දිනනවා කියන එක ලැජ්ජාවක් නෑ. ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලය හොර කරන එක අමාරු වෙන review system නැති කරන්නේත් ඉන්දියන් අම්පෑර්ලාම අන්තර්ජාතික තරගවලට දාන්නෙත් systematicallyම හොර කරන්ඩනේ. ඒක ඉන්දියානු රාජ්‍ය ආයතනයක් වන ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලයෙන්ම කරන වැඩක්. ඒක අම්පැර්ලාගේ පුද්ගලික වැරැද්දක් නොව ඒ රාජ්‍යයේ හැටියක්. ඒ සංස්කෘතියේම ඉන්න මිනිස්සුත් ඒවා අනුමත කරනවා වගේ පේන්නේ. ලංකාවෙන් ඔහොම කරානං අපේ මිනිස්සුම ඕවාට විරුද්ධ වෙනවා ඒක අපේ සංස්කෘතියට පටහැනි නිසා. කිරිකැට් මැච් එකක සිස්ටමැටිකලි හොර කරන රටක් මේ වගේ අතිශය තීරණාත්මක ආර්ථිකය විවර කරන ගිවිසුමකදි පට්ට අසාධාරණ සහ සදාචාර විරෝධි ලෙස කටයුතු නොකරයිද?

ඉන්දියාව එක්ක ලංකාව වැඩ කරපු මෑතම උදාහරණය ගත්තත් අර ‘ධීවර ප්‍රශ්නය‘ කාරණයේදි ඉන්දියාව කටයුතු කරේ කොහොමද? ගොඩක් දෙනෙක් මාර සිරා පොරක් විදියට සලකන ආචාර්ය අබ්දුල් කලාම් (seriously මටනං කලාම් මෙච්චර සිරා පොරක් වෙන්නේ කොහොමද කියාල තේරෙන්නේ නෑ. ඔහු දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. උපාධි ගොඩක් තියෙනවා. පාඩං කරන්ඩ සහ විභාග පාස් කරන්ඩ දක්ෂ කෙනෙක් වගේ පේන්නේ. ඒ හැරෙන්ඩ ඔහු අලුතෙන් හදපු සංකල්පයක් හෝ ප්‍රවාදයක් තියෙද කියලා මං දන්නේ නෑ. ඔහු ඉතාම අස්ථාවර සහ ප්‍රචණ්ඩ දේශපාලන වටපිටාවක් ඇති කලාපයකට න්‍යාෂ්ටික ආයුධ තාක්ෂණය ‘හදුන්වා දෙන්ඩ‘ පුරෝගාමී උනාලු. ඒකෙන් කලාපිීය න්‍යාෂ්ටික අවි තරගයක් ඇති උනා මේ රටවල අන්ත දුප්පත් මිනිස්සු කන්ඩත් නැතුව ඉන්දැද්දී. ඒක හොද දෙයක්ද? අනිත් එක ඒකෙ මොකක්ද ඇති නව නිර්මාණය? පස්සේ මනුස්සයා වයසට ගිහිල්ලා රිටයර් වෙලා motivational කතන්තර කිය කිය එහේ මෙහේ ගිහිල්ලා. මන් දන්නෑ සමහර විට ඔහුගේ මට නොතේරෙන වැදගත් කමක් ඇති) ධීවර ප්‍රශ්නයට දුන්න ‘විසදුම‘ මේක තමා. ඒ කියන්නේ රටවල් දෙකේ මුහුද සතියට දවස් තුන බැගින් බෙදාගෙන මාළු අල්ලනවා. එක දවසක් ‘නිවාඩු‘ දවසක් (ඒ දවසේ මාළුන්ට පට්ට ආතල් එකේ ඉන්ඩ පුළුහන්). බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා. ලංකාවේ ධීවර ප්‍රජාවට වඩා ඉන්දියාවේ ධීවර ප්‍රජාව සහ බෝට්ටු ගාන ගොඩක් ලොකුයි. ලංකාවෙ මත්ස්‍ය සම්පත වැඩියි. අනෙක මේක ධීවර ප්‍රශ්නයක් නොවේ දේශ සීමා ප්‍රශ්නයක්. ධීවර කටයුතු මුවෙන් හොර බඩු ජාවාරම, මත්කඩු ජාවාරම (මේක ලංකාවෙ ආණ්ඩුවේ අන්තරාදායක ඖෂධ පාලන අධිකාරියේ ප්‍රධානියාම වරක් කිව්වා), නීති විරෝධී සංක්‍රමණය සහ (අනාගතයේ විය හැකි) ආයුධ ජාවාරමත් ඔතන තඩි ප්‍රශ්න. ලෝකෙ ලොකුම නාවික හමුදාවක් තියාගෙන හිතාමතාම ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම අනුමත කරන රාජ්‍යයක් එක්ක මේ වගේ රිස්කි ගිවිසුමක් ගහලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කලාම් වගේ සාපේක්ෂව හොදයි කියලා හිතන මිනිහෙක් හිටපු ජනාධිපති කෙනෙකුත් හිතුවේ මෙහෙමනං අනිත් එවුන් මොනවා නොකරයිද?
India-Sri Lanka Fishermen Problems: Some solutions
http://www.idsa.in/idsacomments/Ind...

ඕනම රටක් ගිවිසුම් ගහන්නේ තමන්ගේ වාසිය බලලා තමයි. ඉන්දියාවත් එහෙමයි චීනෙත් එහෙමයි. චීනෙට සාපේක්ෂව ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කරනවා වැඩියි. ඉතිහාසය ඒකට සාක්ෂි දරනවා. ඉන්දියාව බන්නේ ලංකාව වගේම අසල්වැසි රටවල් තමන්ට අවශ්‍ය විදියිට හසුරවන්ඩ. නේපාලය වගේ රටවල් ගත්තහම තනිකරම ඉන්දියාවෙ නිල නොලත් යටත්විජිත වෙලා ඉවරයි. මේ විදියට ගියොත් ලංකාවටත් වෙන්නේ ඒ සන්තෑසියම තමයි. හැබැයි වත්මන් ලංකාවෙ ආණ්ඩුවනං එහෙම ලංකාවෙ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ස්ථාවරයක් අරන් විදේශීය රටවල් හෝ සංවිධාන එක්ක negotiate කරන බවක් අපිටනං පෙනිලා නෑ. දෙකට නැමියං කිව්වම හතරට නැමෙන ආණ්ඩුවක් තියෙන්නේ. ඉතිං එතකොට වෙන්නේ විදේශීය රටවල් දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පැති තුනෙංම අපිව exploit කරන එක සහ අපි දිගින් දිගටම කැමැත්තෙන්ම ඔවුන් අතින් exploit වෙන එක. අපි යටත්විජිතයක් වෙන එක. හොදම උදාහරණය අර ‘වකුගඩු ජාවාරම‘ පිළිබද කතාවේදි ලංකාවෙ ‘ආණ්ඩුව‘ (ආණ්ඩුව ආණ්ඩුව කිව්වට ලංකාවෙ දැන් ආණ්ඩුවක් තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. අපිටනං පේන්නේ ලංකාව පාලනය කරන්නේ බටහිර සහ ඉන්දීය තානාපති කාර්යාල වලින් වගේ) හැසිරෙච්ච විදිය. ඉන්දියානු වදුරු පොලිසියේ මාධ්‍ය ප්‍රකාශයක් සහ හින්දු පත්‍රයේ තනිකර සදාචාර විරෝදී නිව්ස් එකක් (උන් කරේ කිසිම පරී්කෂනයක් නැතුව මේකට සම්බන්ධයි කියලා ලංකාවේ දොස්තරලාගෙ නම් පළ කරපු එක. ටිපිකල් ඉන්දියන් ඇටිිටුයුඩ්) මත පදනම් වෙලා මොනම පරීක්ෂණයක්වත් නැතුව ඩෝං ගාලා සියලුම වකුගඩු බද්ධයන් තහනං කරලා ලංකාවෙ නැගගෙන ආපු මෙඩිකල් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඉන්දියන් හාම්පුතාගෙ උවමනාවට වළලලාම දාපු එක. දැං ඉතිං වකුගඩු ලෙඩ්ඩුන්ට ඉස්සර වගේ සේසතම විකුණලා ඉන්දියාවෙ ගිහිල්ලා එහෙ රෝහල් පෝසත් කරන්ඩ පුළුහන්. අන්න එහෙම ‘ආණ්ඩුවක්‘ තමා අපිට තියෙන්නෙ.

එක්ටා එකේ මුලින් වෛද්‍ය සේවය වගේ දේවලුත් විවෘත කරනවා කිව්වා. පස්සේ දැං ඒක අයින් කරලා පට්ට මානුෂික ගිලන් රථ සේවයයි (අරහේ ඉන්දියාවේ මිනිස්සු වතුර නැතුව මැරෙනවා. ඒ අස්සේ ඉන්දියාව අපිට නොමිලේ ගිලන් රථ සේවා දෙනවා. බලන්න ඉන්දියාව අපිට කොච්චර ආදරේද කියලා හිටං. මෙතන යන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගන සහ මුට්ටිය දාලා බලන strategies නං නෙවෙයි ඈ) තව IT ක්ෂේත්‍රයයි තව නැව් අලුත්වැඩියා සේවයයි (FTA එකෙන් යන්තං ලංකාවට ටිකක් හරි වාසි උනේ මේ නැව් නිෂ්පාදනය. දැං ඒකටත් බඩු. යකෝ මුං අනුකම්පාවටත් එකක්වත් අත හරින්නේ නෑනේ) කීපයක් විවෘත කරන්ඩයි යන්නේ. දැං මේ වගන්ති කවුද හිතුමතේ වෙනස් කරන්නේ? මේවා තනිකර political decisions මිසක් කිසිම ආකාරයට විධිමත් අධ්‍යයනයකින් පසුව කරන දේවල් නෙවෙයි කියලා මේකෙන්ම පේනවා. නැත්තං කෝමද එක පාර එහෙම වගන්ති වෙනස් කරන්නේ. ඒවායෙන් වෙන impact එක study කරන්නේ නැතුව. මේ ගොල්ල කරන්නේ ඒ වෙලාවට එන විරෝධය මැනේජ් කරන්ඩ බොරුවට වගන්ති වෙනස් කරලා මොකක් හරි එකක් පාස් කරගන්න එකයි. ඊට පස්සේ ඒකට හිතුමතේ සංශෝධන දායි. වගන්තිවල නැති ඒවත් පස්සේ වෙයි. වගන්ති අස්සෙත් ඕන තරං හිල් හදලා තියන්ඩ පුළුහන්නේ පස්සේ රිංගලා යන්ඩ. ඒවා සුළු වැඩ.

IT ෆීල්ඩ් එක බැලුවොත් ලංකාවෙ අයිටී ගැන policy decisions ගන්න ආයතනය ICTA එක. ඒකෙන් මේ එක්ටා එකෙන් අයිටී ක්ෂේත්‍රයට වෙන බලපෑම ගැන කරලා තියෙන study එක මොකක්ද? නැත්තං මේ ගැන ඩිජිටල් ඇමති හරීන්ද තීරණය කරන්නේ? IT පුද්ගලික සමාගම්වල එකතුව වන SLASSCOM එක මේ ගැන දරන මතය මොකක්ද? (සමහර විට ඒ සමාගම්වල අයනං කැමතිවෙයි ලාභ ශ්‍රමය ලැබිලා ලාභය වැඩි වෙන නිසා. ප්‍රශ්නය ඒකෙන් ලංකාවේ IT ෆීල්ඩ් එකට වෙන්නේ යහපතක්ද නැද්ද කියන එක. මොකද මේ සමාගම්වල අයිතිය ඇත්තේත් විදේශික ආයෝජකයන්ටනේ. ඒ ලාභය ලංකාවෙ ආයෝජනය වෙන්නේ නෑ කොහොමත්. ඉතිං මේ සමාගම්වල ලාභය වැඩි උනා කියලා ලංකාවට ලැබෙන කෙංගෙඩියක් නෑ. වෙන එකම දේ කලින් ලාංකිකයන්ට ලැබිච්ච ජොබ් ටික සහ උන්ට ගෙවන salary වලින් ලාංකාවට ආපු විදේශ විනිමය ටිකත් ඉන්දියානුවන් අතට යන එක විතරයි).

ඇත්තටම ලංකාවේ IT ඉන්ඩස්ට්‍රිය කියලා මහලොකු එකක් නෑ. ගොඩක් තියෙන ලොකු සමාගම් විදේශ සමාගම්. නැත්තං විදේශ සමාගම්වල ශාඛා. ලංකාවෙම සමාගම් තියනේනේ අතලොස්සයි. තියෙන ඒවත් සමහර විට විදේශික සමාගම්වට විකුණනවා. දැං ලංකාවෙ IT ක්ෂේත්‍රය වර්ධනය වෙන්ඩ තියෙන බාධාව පුහුණු ශ්‍රමිකයන් නැති වීම කියලා ICTA එක සහ අනිත් අය කියනවානේ. මං නං හිතන්නේ ඒක අර්ධ සත්‍යයක්. IT field එක expand නොවෙන්ඩ ගොඩක් හේතු තියෙනවා. සමහර ඒවා කෙලින්ම පොලිටිකල් හේතු. උදා ලෙස stock exchange වලට සිස්ටම් හදන සමාගමක කෙනෙක් වරක් එක ලෙක්චර් එකකදි කිව්වා ඔවුන්ගේ product එක කොච්චර හොද උනත් ඔවුන්ට මැද පෙරදිග මාකට් එකට යන්ඩ බෑ මොකද එහේ මිනිස්සු ‘house-maid country‘ එකෙන් සොෆ්ට්වෙයාර් ගන්ඩ කැමති නැති හින්ද කියලා. බොහෝ විට ලංකාවෙ සමාගම් විදේශයන්ට විකුණන්නේ හෝ ලංකාවෙ ඩිවලොප්මන්ට් කරන සමාගම් බටහිර රටක ලියාපදිංචි වෙන්නෙ මේ ‘සුදු හම‘ සාධකය අන්තිමට සේල් එක කරද්දි වැදගත් වෙන නිසා. සොෆ්ට්වෙයාර් එක හදන්නේ ලංකාවෙ කියන එක පුළුවන් තරම් හංගන්ඩ තමා මේ මව් සමාගම්වල මාකටිං අංශයත් පුළුවන් තරං උත්සාහ කරන්නේ. මොකද නැත්තං සුදු මහත්තුරු මේවා සල්ලිවලට ගන්නේ නැති නිසා.

අනෙක් කාරණය අපේ මිනිස්සු සමාගම් පටන් ගන්නේ නැති එක. අපි කොහොමත් ගොවි සමාජයක්නේ. එක්කේ අපි කරන්නේ ගොවිතැන. නැත්තං රාජ්‍ය සේවය. රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියලනේ ඒ කාලෙ කිව්වේ. අපිට වෙළදාම එච්චර හුරු නෑ. බුදුහාමුදුරුවොත් වර්ණනා කරේ ගොවිතැන මිසක් වෙළදාම නොවේනේ. ඒ ගොවිතැනෙ තියෙන විවේකය නිසා. (IT ඉන්න අයටනං ඇති විවේකෙකුත් නෑ හැබැයි). අනෙක අපි පුද්ගලික සමාගමක වැඩ කරන්නේත් රාජ්‍ය සේවයේ වැඩ කරනවා වගේ බොහෝම භක්තියෙන්. සමාගම් කාරයෝ කරන්නේ ඒක exploit කරන එක. කෙසේ වෙතත් අපේ විශ්ව විද්‍යාල උපාධිවලත් මේ ව්‍යවසායකත්වය (entrepreneurship) කියන කතාව ලොකුවට කතා කරන්නේ නෑ. ලංකාවෙ IT සමාගම් රන් කරන අය බැලුවොත් එක්කෝ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත අය, නැත්තං විදේශ විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත අය නැත්තං උපාධි නැති අය. රාජ්‍ය විශ්ව විද්‍යාලවල වැඩ කරන අය කරන්නේ සහ පුද්ගලික විශ්ව විද්‍යාලවලින් එන බහුතරයක් දෙනා කරන්තේ මේ සමාගම් වල වැඩ කරන එක. කොම්පැනියක් පටන්ගන්නවා කියන්නේ රිස්ක් එකක් අරන් කරන අමාරු වැඩක්. ගොඩක් දෙනෙක් කැමති නෑ ඒ වගේ රිස්ක් ගන්ඩ. ඒක අපේ සංස්කෘතියෙන් එන දෙයක්. සුද්දන්ට ඒ ප්‍රශ්නය නෑ. දැං ෆේස්බුක් උනත් පටන් ගත්තේ යුනිවසිටි ප්‍රොජෙක්ට් එකක් විදියටනේ (පස්සේ එක්සත් ජනපද ආණ්ඩුවෙ බැකිං එක ආවා කියනවා NSA එක හරහා. එතනත් ඉතිං රාජ්‍ය අනුග්‍රහයක් තියෙනවා).

පිටරටවල ගොඩක් යුනිවසිටිවල incubators තියෙනවා යුනිවසිටි projects හරහා එන අලුත් අදහස් සහ products වෙළදපොලට යනකං ගෙනියන්ඩ. ඒකට අවශ්‍ය ව්‍යාපාරික දැනුම දෙන එක, කන්ටැක්ට්ස් හදලා දෙන එක, මාර්ගෝපදේශකත්වය දෙන එක මේ incubators වලින් වෙනවා. Incubators වල ඉන්නෙ ළදරුවොනේ. ළදරු සමාගම් රජයෙන් හෝ වෙනත් පාර්ශවයකින් රැක බලාගන්ඩ වෙනවා මුලදි. ටිකක් ලොකු උනාම තනියෙන් ඔක්කොම කරගන්ඩ පුළුවන්. අනෙක් කාරණය කවුරුවත් IT (හෝ පොදුවේ ටෙක්නොලිජි සම්බන්ධ ක්ෂේත්‍රවල) අයෛා්ජනය කරන්ඩ හොර වීම. ලංකාවෙ ප්‍රධන සමාගම් ආයෝජනය කරන්නේ හැමදාම කරපු profit margins අඩු competition වැඩි ඇගලුම්, plantations වගේ ක්ෂේ්ත්‍රවල විතරයි. ගොඩක් වෙලාවල මේවායේ තීරණ ගන්න තැන් වල ඉන්න අයත් engineering/technology background එකක් ඇති අය නොවේ. මාකටිං හෝ finance වගේ ක්ෂේත්‍රවලින් ආපු අය. ටෙක්නිකල් අය ටෙක්නිසල් අංශයේම හිර වෙලා (හෝ හිර කරලා) ඉන්නවා මිසක් තීන්දු ගන්න (executive) ලෙවල් එකට යැවෙනවා අඩුයි. මේවා මොකවත් කතා නොකර නිකාංම IT ඩිග්‍රි තියෙන ඔලු ගෙඩි ගාන වැඩි කරලා IT ක්ෂේත්‍රය හෝ වෙනත් ටෙක්නිකල් ක්ෂේත්‍රයක් ගොඩගන්ඩ හිතනවානං ඒක හෙනම බොළද සිතිවිල්ලක්. ඒකෙන් වෙන්ඩ පුළුවන් එකම දේ අන්තිමට එහෙම එළියට එන මිනිස්සු හයර් කරන්ඩ කොම්පැනි නැතුව නිකංම නිකං රැකියා විරහිත උපාධිධාරීන් තොගයක් ඉතුරු වෙන එක විතරයි.

අනෙක ලංකාවෙ අයිටී දියුණු කරන්ඩ කියලා ඉන්දියාවෙන් මිනිස්සු ගේන එක හෙනම විහිලු කතාවක්. ඒ එන්නේ ඉන්දියානු සමාගම්. ඔවුන් ඉන්දියාවෙන්ම මිනිස්සු හයර් කරයි. කරලා ලංකාවෙ salary scales තවත් බස්සයි. අන්තිමට ලංකාවෙ සමාගමකට බාර දෙන project එකත් අර ඉන්දීය සමාගමට ගිහිල්ලා ලංකාවේ ඉතුරු වෙලා තියෙන අයිටී සමාගම් ටිකත් නැති භංගස්ථාන වෙන එක ඕකෙන් වෙන්නේ. මේ ආණ්ඩුව පහුගිය අයවැයෙන් විදේශ විනිමය හුවමාරුව නිදහසේ කරන්ඩ ඉඩ දීලා තියෙන නිසා (මේ ගැන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ අයවැය කතාව මෙතනින් අහන්ඩ පුළුවන් -https://web.facebook.com/SriAvTvNet...) මේ සල්ලි ලංකාවෙ රැදෙන්නේ නැහැ. මේක හරියට අල්ලපු කඩේ මුදලාලිට මිනිහගේ බඩු විකුණ ගන්ඩ තමන්ගේ කඩේ ඉඩ දෙනවා වගේ වැඩක්. අන්තිමට අල්ලපු කඩේ මුදලාලිගෙ නම යනවා. මිනිහගේ ආදායමත් වැඩි වෙනවා. අපේ හම යනවා. තිබ්බ ආදායමත් නැති වෙනවා. ඒ දෙන්නෙත් නිකං. ඊට වඩා හොදා කඩේ කෙලින්ම විකුණලා දැම්මනං.

ඇත්තටම ලංකාවට ලාභ ශ්‍රමය අතින් ඉන්දියාවත් එක්ක තරග කරන්ඩ බැහැ. ලංකාවට IT ක්ෂේත්‍රෙය් තරගයක් දෙන්ඩ වෙන්නේ යම් යම් ක්ෂේත්‍රවල specialize වීමෙන්. Niche markets අල්ලා ගැනීමෙන්. ඇගලුම් සමාගම් මේක සාර්ථකව කරා. ඉන්දියාවෙන් චීනෙන් බංගලිදේශයෙන් ආපු ලාභ ශ්‍රමය එක්ක තරග කරන්ඩ ලංකාවේ ඇගලුම් සමාකමර කරේ යටඇදුම්, ක්‍රීඩා ඇදුම්, මංගල ඇදුම් වගේ සාපේක්ෂව ඉහළ තාක්ෂණයක් ඕනේ ක්ෂේත්‍රවල specialize උන එක. එතකොට ඉන්දියාවට හෝ බංගලිදේශයට ලාභ ශ්‍රමයෙන් පමණක් ලංකාව එක්ක තරග කරන්ඩ අමාරුයි. ලංකාවට එන සේවාදායකයා එන්නේ අපේ තියෙන විශේෂඥ දැනුම නිසා මිස ලාභ ශ්‍රමය නිසා නොවේ. එයින් ලංකාවෙන් කෙරෙන value addition එකත් වැඩියි. අඩු මිනිස් සම්පතකින් වැඩි විදේශ විනිමයක් උපයන්ඩත් පුවවන්. අනෙක දිගටම එහෙම කස්ටමර්ස්ලා අපිට එනකොට අපිට ඒ පැත්තේ තව තවත් විශේෂඥ දැනුම වැඩි වෙනවා. මේක චක්‍රයක් වගේ යනවා.

IT ක්ෂේත්‍රෙයත් මේක කරන්ඩ පුළුවන්. සමහර සමාගම් යම් ප්‍රමාණයකට මේක කරලා තියෙනවා. ආචාර්ය සංජීව වීරවර්ණ වරක් කතාවකදී මේ ගැන කිව්වා. එනම් ලංකාවේ අයිටී වලට ‘සන්නාමයක්‘ (brand-name) හදන්ඩ ඕනෙ කියලා. ඒ කියන්නේ අයිටී වල යම් niche area එකක හෝ කීපයක විශේෂඥ දැනුමක් ලංකාවෙ ඉන්න අයිටී කට්ටියට ලබා ගන්ඩ ඕන කියලා. ඔහුගේ wso2 සමාගමේ සම්බන්ධ එවැනි විශේෂඥ දැනුමක් තියෙනවා web services middle-ware සම්බන්ධව. එතකොට ඒ සමාගමට කවුරුහරි එන්නේ ලාභ ශ්‍රමය නිසාා නොව ඒ දැනුම වෙන තැනකින් ගන්ඩ බැරි නිසා. එතකොට එක ඩිවපොපර් කෙනෙක් අතින් වෙන value addition එක සාපේක්ෂව ගොඩක් වැඩියි. මේකම කරලා තියෙනවා අයර්ලනත්නය සහ ඊශ්‍රායලලය වගේ රටවල්. ඊශ්‍රාලයනේ computer security, computational mathematics වගේ පැතිවල විශේෂඥ දැනුමක් තියෙනවා. එතකොට ගොඩක් ඒ පැත්තට යන සමාගම් ඊශ්‍රායලයේ ආයෝජනය කරනවා. ඒකෙත් තවත් ඒ විශේෂඥ දැනුම ඔවුන්ට වැඩි වෙනවා. සමහර විට ඒ specialization එක හැදෙන්නෙ අර වගේ technological domain එකක නොවේ financial markets, healthcare වගේ service domain එකක වෙන්ඩත් පුළුවන්. මෙතන චක්‍රයක් තියෙන්නේ. අපිත් එහෙම චක්‍ර ටිකක් හදාගන්ඩ ඕනේ. ඊශ්‍රායලය වගේ රටක තනි ඩිවොලොපර් කෙනෙක් තමන්ගේ විශේෂඥ දැනුම භාවිත කරලා ඉන්දියාව වගෙ රටක හුදෙක් ලාබ ශ්‍රමය මාකට් කරන ඩිවෙලොපර් කෙනෙක් වගේ හතර පස් ගුණයක value addition එකක් කරනවා. හතර පස් ගුණයක විදේශ විනිමය උපයනවා. නමුත් දැන් මේගොල්ල කරන්ඩ යන වැඩෙන් වෙන්නේ ඉන්දියානු සමාගම් ලංකාවෙ දැනට තියෙන සන්නාමයත් භාවිත කරලා (උදා ලෙස ස්කැන්ඩිනේවියානු රටවල සමාගම් ඉන්දියාවට යනවාට වඩා ලංකාවට එන්ඩ කැමති. සමහර විට ඉන්දියන්කාරයන්ගේ බක පණ්ඩිතකම් ඔවුන්ට නොදිරවන නිසා වෙන්ඩ ඇති) ලංකාවෙ මාකට් එක infiltrate කරන්ඩ අවස්ථාව ලැලබෙන එකයි. මේකෙන් ලංකාවට අයිටී පැත්තේ තමන්ගේම සන්නාමයක් හදාගන්ඩ තියෙන අවස්ථාව නැති වෙනවා. ලංකාවේ අයිටී ඉන්ඩස්ට්‍රියත් ඉන්දියන් අයිටී ඉන්ඩස්ට්‍රිෙය්ම extension එකක් වෙනවා. කොටින්ම ‘ලංකාවෙ අයිටී ඉන්ඩිස්ට්‍රියක්‘ කියලා එකක් තියෙනවානං හෝ හැදෙන්ඩ ඉඩ තියෙනවානං ඒ සියලු උත්සාහයක් තිඹිරි ගෙදරදීම මිය යන තතත්වයක් උදා වෙනවා.

ආණ්ඩුව මේ එක්ටා එක ගැන ජනමත විචාරණයක් අනිවාර්යෙන් තියන්ඩ ඕනේ. ගිය අවුරුද්දේ තියපු ජනාධිපතිවරණයේ හෝ මහා මැතිවරණයේ මේ ගැන හාංකවිසියක්වත් කීවේ නෑ. ඒ කීවේ නැත්තේ මේකට මිනිස්සු විරුද්ධ බවත් මේක ගැන කිව්වානං ඡන්දෙ නොලැබෙන බවත් දන්න නිසානේ. ඒ නිසා ආණ්ඩුවට මේ වගේ බරපතල ගිවිසුමක් ගහන්ඩ කිසිම ජනවරමක් නෑ. අනෙක මේක රනිල් හෝ මලික් හෝ හර්ෂ හෝ රොහාන් සමරජීව වගේ කීප දෙනෙක්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. රටේ සමස්ත ජනතාවගේ සහ අනාගත පරපරේ අනාගතය ගැන ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැමෝටම මේක අත්සන් කරනවාද නැත්ද යන්න තීරණයට දායක වෙන්ඩ අයිතියක් යුතුකමක් හා වගකීමක් තියෙනවා. මේ වගේ ගිවිසුම්වලින් වෙන විනාශය ගැන අපිට බොහොම සමීප අත්දැකීම් තියෙනවා. 77-94 එජාප ආණ්ඩුවෙන් රජයට අයත් වේයන්ගොඩ වේටෙක්ස් එක කුණු කොල්ලෙට වික්කා හිතවතෙකුට. ඇත්තටම ආරංචි විදියට ඔහු ඒක අරන් තිබ්බේත් මහජන බැංකුවෙන් ණයක් දාලා. ඒ කියනේනේ මහජන ධනයෙන්. ඔන්න ඕකයි තත්වේ. නමුත් කොහොම හරි මේක ඇදගෙන ගියා. චන්ද්‍රිකා ආවා. ගැහුවා ඉන්දියාවත් එක්ක FTA එක. ආයෙ මොකක්ද එක අස්සනයිනේ. තීරු බදු මොකුත් නැතුව ලංකාවට ආපු රෙදි එක්ක තරග කරන්ඩ බැරුව වේටෙක්ස් එක වැහුනා ඒකත් එක්තම. සිය දහස් ගාණක් white-collar jobs කරපු මිනිස්සු හිගමනට වැටුනා. සමහරු කඩවල්වල අත්උදව්වට ගියා ජීවත් වෙන්ඩ. සමහරු කුලී වැඩ කරන්ඩ ගියා. ඒ නිසා මේවා අස්සන් කරන අයට මේවා සතපහක ගානක් නැති උනාට මේ තීරණ නිසා මිනිස්සු විනාශ වෙනවා. අද ලිබරල්වාදය ගැන බණ දෙසන ඉන්දියාව තමන්ගේ රථ වාහන ඉන්ඩස්ට්‍රිය පටන් ගත්තා කාලේ දැඩි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරේ නැද්ද? දැං ඔවුන් යම් තත්වයක ඉන්න නිසා රථ වාහන ආනයනය කරන්ඩ යම් නිදහසක් දීලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ආරක්ෂණවාදී පිළිවෙත් අනුගමනය කරන්ඩ ඕනේ දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්ත රැක ගන්ඩ. ජාතික ආර්ථිකය රැකගන්ඩ සහ වර්ධනය කරන්ඩ.

මේකත් අර සටන්විරාම ගිවිසුම වගේ අත්සන් කරලා ඊට පස්සේ හෙළි කරන තත්වයට පත් විය යුතු නෑ (ඇත්තටම අපි කොච්චර කෑ ගැහුවත් රනිල් දැනටමත් මේක අස්සන් කරලාද දන්නේත් නෑ. ඒ තරම්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක්නේ. අර ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමේද මොකේද එකෙත් යාවජීව සාමාජිකයෙක්ලුනේ). මොකද මේක හුදෙක් ආර්ථික ගිවිසුමක් නොව දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්‍ර තුනටම බලපාන අන්තිමට රටේ ජන සංයුතියත් වෙනස් වෙලා ලංකාව කියන රටේ අනන්‍යතාවයත් වෙනස් වෙන බරපතල කාරණාවක්. මේක ඇත්තටම දෙවැනි වෙනවානං දෙවැනි වෙන්නෙ 1815 ගිවිසුමට විතරයි. ඒ නිසා ආණ්ඩුව හොරා පොලිස් නොකර මේකෙ draft එක හරි ප්‍රසිද්ධ කරන්ඩ ඕන. ඊට පස්සේ ඒක සංවාදයට ලක් කරන්ඩ ඕන. පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටනේ. නැතුව ඔතනට එන උන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩයි, ඇමතිකං දෙන්ඩයි වාහන පර්මිට් දෙන්ඩයි විතරක් නෙවිනේ. ඊට පස්සේ ජනමත විචාරණයකට යන්ඩ ඕන. එතනදී ජනතාව තීරණය කරයි මේක අපිට ගැලපෙනවාද නැත්ද කියලා.

මෙ වෙනකොට ආචාර්ය නිර්මාල් රංජිත් වගෙ සමහර මාක්ස්වාදීනුත් මේකට විරුද්ධව කතා කරනවා. ඇත්තටම ඔවුන් මේකට විරුද්ධ වෙන්නේ මාක්ස්වාදයේ මොන මතවාදී පදනමින්ද කියලා පැහැදිලි නෑ. සමහර මාක්ස්වාදීන්නං හිතනවා මේකෙන් ලංකාවෙ රාජ්‍යය දිය වෙලා ලංකාවෙයි ඉන්දියාවෙයි කම්කරු පන්තිය එකතු වෙලා ගෝලීය කම්කරු මෙව්වා එකක් වෙන්ඩ පදනම වැටෙයි කියලා. පව්. ඒගොල්ලනට තේරෙන්නේ නෑ මෙතන වෙන්නේ ලංකාවෙ රාජ්‍යය දිය වෙන ගමන් ඉන්දීය රාජ්‍යය තවත් පුළුල් වෙලා අධිරාජ්‍යයක් හැදනෙ එක කියලා. අනෙක් පැත්තෙන් ලිබරල්වාදීන් සිහින දකිනවා ආර්ථිකයේ ජාතික සීමා ඉවත් වෙලා ගෝලීය ආර්ථිකයට ‘ප්ලග්‘ වෙන්ඩ මේකෙන් අපිට පුළුවන් වෙයි කියලා. ඒ ගොල්ලොත් පව්. මොකද මෙතන වෙන්නේ ඉන්දීය ආර්ථික දේශ සීමාව තවත් ශක්තිමත් වෙලා පුළුල් වෙන එකයි. මේ දෙගොල්ලොම කරන්නේ දැන හෝ නොදැන පාරවල් දෙකකින් අධිරාජ්‍යවාදයට කඩේ යන එක. එක්ටා එකට විරුද්ධ වෙන්ඩ මතවාදී පදනමක් ඇත්නම් ඒ ජාතික ආර්ථිකය සහ ඒකට පදනම් වෙන ජාතිකවාදය පමණයි. අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන්ඩත් රටේ දේශපාලන ස්වාධිනත්වය සහ ආර්ථික සමෘද්ධිය සහ සදාචාරය ගොඩනගන්ඩත් අදට වගේම හෙටටත් වලංගු වෙන එකම මතවාදය පොදු සංස්කෘතියක් මත පිහිටවු ජාතිකත්වය ජාතිකවාදය කියන එක මේ එක්ටා කතන්දරයෙන් වඩාත් තහවුරු වෙනවා.

අනෙක මේ ගිවිසුම ගැහුවට පස්සේ බඩේ පාර වදින්නේ යුන්පී, ශ්‍රීලංකා, ජේවීපී, හෙළ උරුම, ටීඑන්ඒ හෝ මුස්ලිම් කොන්‍ග්‍රස් බේදයක් නැතුව. සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානි බේදයක් නැතුව. ඇත්තටම උතුරේ සහ වතුකරයේ දෙමළ ප්‍රජාවට තමයි මුලින්ම තර්ජනය එන්නේ මොකද දකුණු ඉන්දියාවෙන් එන සංක්‍රමණික සේවකයන් (විශේෂයෙන්ම blue collar jobs කරන අය) තමන්ගේ සංස්කෘතියට ඇති සමීප බව හන්දාම මේ පැතිවලට යන්ඩ ඉඩ වැඩි නිසා. දැං ධීවර ප්‍රශ්නෙනුත් සෘජුවම බඩේ පාර වදින්නේ උතුරේ දෙමළ ධීවරයටනේ. අනෙත් පැත්තෙන් තොග වෙළදාම කරන දෙමළ වෙළද ප්‍රජාවටත් බඩේ පාර වදිනවා ඉන්දීය දැවැන්ත retail industry එක මෙහෙට ආවොත්. සිල්ලර වෙළදාම කරන මුස්ලිම් වෙළද ප්‍රජාවටත් යන එන මං නැති වෙනවා. ඉතිං එහෙම බැලුවම මේ ඉන්දීය යටත්විජිතකරණයට ඇති විරෝධය අපි පදනම් කරගන්ඩ ඕනේ විවිධ ජනවර්ග සහ ආගම් එක්කහු කරගෙන, ඊටත් වඩා මේ පක්ෂ කියන ගෝත්‍රවාදය අතික්‍රමණය (transcend) කරපු (කොටින්ම පක්ෂයට කලින් රට ගැන හිතන) සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂත වූ සහ අනෙකුත් සංස්කෘති අවශෝෂය කරපු පොදු ශ්‍රී ලාංකික සංස්කෘතියක් සහ ඒ මත ගොඩනැගුනු ශ්‍රී ලංකික අනන්‍යතාවයක් මත පදනම් වූ ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්ඩ. ඒකට අර හැම sub-group එකේම නායකයන් මතු කර ගැනීමත් මීට විපක්ෂ පක්ෂ සහ බලවේගවලට පැවරෙන කාර්යභාරයක්. සමහර විට එක්ටා කියන කළු වළාවෙන් මතු වෙන රිදී රේඛාව ඒ පොදු ජාතිකත්වය ගොඩනගා ගැනීම වෙන්ඩ පුළුවන් (හැබැයි ඉතිං ඒකට මේක කොහොමහරි අත්සන් කරන්ඩ පෙර නවත්තගන්ඩ වෙනවා. නැත්තං ඉතිං රිදී රේඛාවෙ කෑලිත් නැති වෙනවා).

මේක ගැහුවට පස්සේ සහ ක්‍රියාත්මක උනාට පස්සේ ලංකාව ඉන්දියාවේ නිල නොලත් යටත් විජිතයක් කරගන්නවා ස්ථිරයි. ලංකාවේ මිනිස්සු උපන් රටේ යටත් වැසියන් සහ වහලුන් ටිකක් වෙනවා. ඒක ආපහු හරවන්ඩත් බෑ. මහින්ද රාජපක්ෂ පන්නලා මෝදි ඇදුම ඇදපු පඹයෙක් (ඒ කාලේ යහපාලනවාදී උ.බු. ජනතාව කිව්වේ නිකං ඇදුමක එල්ලිලා දගලන්ඩ එපා කියලයි. නමුත් සාටකයි, මෝදි සූට් එකයි වැදගත් සංකේත. ඒ වගේම වැදගත් සංකේතයක් තමයි ටොයිලට් එකට යද්දිවත් ගලවනවාද කියාලා ෂුවර් නැති රනිල්ගේ සූට් එකත්) ලංකාවෙ රජ කරන්ඩ ඉන්දියාව මෙච්චර වළි කෑවේ මේකයි. ඔවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන තෑග්ග තමා ලංකාව. බටහිරයන්ටත් තමන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය මේ හරහා ක්‍රියාත්මක කරන්ඩ පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය ‘ආණ්ඩුකාරයා‘ සහ ලංකාවෙ තානාපතිවරයා යන දෙන්නාම ඇමරිකානු ඉන්දියානුවන් වෙන්නේ අහම්බෙන් වෙන්ඩ බෑනේ. අද ඉන්දියාව ඉන්නේ බටහිර කදවුරේ. ඉතිං ඔවුන්ට ඕන දෙයක් ඕන විදියට කරාට බටහිරයන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරපු ජනාධිපතිවරයා බෙල්ලෙන් අලල්ලා ගිහිං හිරේ දාලා ඒකාධිපතියෙක් පත් උන එකට ඉන්දියාවෙ මැදිහත් වීමක් තියනෙවා කියලානේ කියන්නෙ. මාලදිවයිනේ හිටපු පොර මහින්දගෙත් යාළුවෙක්. දැං ඒ වෙච්ච දේට බටහිර රටවලුත් අවුලක් නෑ. UN එකත් අවුලක් නෑ. හැමෝම සද්ද නෑ. සුද්දන් සහ බමුණන් එකතු වෙලා මේ පාර ගේම දෙන්නේ. කොහොමත් ඉන්දියාවේ බමුණන්ට ලංකාව එක්ක ඓතිහාසික සංස්කෘතික සහ දේශපාලනික වෛරයක් තියනෙවා. ඒක පිරිමහා ගැනීමත් මේ හරහා වෙනවා මොකද ලංකාවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය සහ අනන්‍යතාවය මේ හරහා ඉන්දියානු අනන්‍යතාවයේ ගිලිලා වැළලිලාම යන හන්දා. හින්ද චිත්‍රපට, ඉන්දීය කාටුන් සහ වැල් නාට්‍ය හරහා වෙන සංස්කෘතික බලපෑමත් මෙතනදී වැදගත් වෙනවා. එක්ටා කියන්නේ රනිල් - සිරිසේන ආණ්ඩුකාරවරුන් දෙපළ විසින් ලංකාව නිල වශයෙන් ඉන්දියානු අධිරාජ්‍යයට පවරා දීමේ ගිවිසුමයි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
[Cartoon :Gihan de Chickera ]

12/13/2015

2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය

කතෘ:යුතුකම     12/13/2015   1 comment
[සටහන: 2014-12-02 දින ලියූ ලිපියකි. වසරකට පසු අදටත් මෙය අදාළ යැයි සිතන බැවින් යළි පළ කරන්නෙමු. ]
-දර්ශන කස්තුරිරත්න
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියමිත කාලයට වසර දෙකකට පමණ පෙර ජනාධිපතිවරණයක් කැදවා ඇත. තමන්ගේ ආණ්ඩුවේ ගිලිහෙන ජනප්‍රියත්වය හමුවේ ඔහු මේ පියවර ගන්නට ඇතැයි සිතිය හැකිය. එසේම 2015 මාර්තු මස රැස්වන ජෙනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමෙන් යම් තීරණාත්මක බලපෑමක් ඇති වීමට ඉඩ ඇති නිසා එයට පෙර ජනවරමක් දේශීයව දිනා ගැනීමද ඔහුට වැදගත් විය හැකිය. කෙසේ හෝ වේවා දැන් තිබෙන තත්වය අනුව ජනාධිපතිවරණයක් 2015 ජනවාරි මස 8 වන දින පැවැත්වෙයි. එහිදී ජාතික බලවේග ගත යුතු තීරණය සහ ඒ තීරණය ගත යුත්තේ ඇයිද යන්න අප දකින ආකාරයට පැහැදිලි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ වෙයි.

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා ශ්‍රිලනිපයේ මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල මහතා ජාතිකත්වයට බර ප්‍රතිරූපයක් තිබූ නායකයෙකි. විශේෂයෙන්ම සිගරට් අරගලය වැනි කාරණාවලින් ඔහු පහුගිය කාලයේ ඒ ප්‍රතිරූපය තහවුරු කර ගත්තේය (ඒ කාලයේද මෙවැනි පිම්මක් පැනීමේ අදහසක් ඔහුට හෝ අද ඔහුට අනුග්‍රහය දක්වන කණ්ඩායම්වලට තිබිණිදැයි අපි නොදනිමු). රනිල් වික්‍රමසිංහ වෙනුවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමම තවමත් රටේ ප්‍රධාන දේශපාලන මතවාදය ජාතික මතවාදය බව තහවුරු කරන්නකි. රනිල්ට නොලැබෙන සිංහල ඡන්ද මෛත්‍රිපාල මහතාට ලැබීම මීට ප්‍රධාන හේතුව වෙයි. හෙළ උරුමය මෙහිදී ඒ සදහා ආධාරකයක් වෙයි. මෛත්‍රිපාල යනු රනිල්ගේ කොන්ඩමයක් නම් හෙළ උරුමය යනු ඒ කොන්ඩමයට උඩින් පළදින තවත් කොන්ඩමයකි. 2010දී පරාජයෙන් බේරී විපක්ෂ නායකධූරය රැක ගැනීමට ෆොන්සේකා කොන්ඩමය පමණක් භාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා, මෙවර බලය ලබා ගැනීමට කොන්ඩම් දෙකක්ම එකවර භාවිත කරනු දැකිය හැකිය. 2004දී ශ්‍රිලනිප ඡන්ද කඩා එජාප ආණ්ඩුවක් පිහිටුවීමට කඩේ ගිය හෙළ උරුමය (එය අසාර්ථක විය) නැවත වතාවක් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට තීරණාත්මකව මැදිහත්ව සිටී. ජාතික ව්‍යාපාරය දේශපාලන වශයෙන් ශක්තිමත් වන විට එහි පෙරමුණේම සිට ලකුණු දමා ගන්නා හෙළ උරුමයේ දෙබිඩි පිළිවත මතු වන්නේ ජාතික බලවේග දේශපාලන වශයෙන් වඩා අස්ථාවර වන අවස්ථාවලය. 2004 පාර්ලිමේන්තුවේ කථානායක ධූරය තේරීම එවැනි එක් තීරණාත්මක අවස්ථාවකි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් හෙළ උරුම ව්‍යාපෘතිය මෙතැනින් අවසාන වනු ඇත. මේ එහි කූටප්‍රාප්තියයි. එහි අවසාන පිම්මයි. ඒ පිම්ම ඔවුන් පිටුපස සිටින විජාතික බලවේගවලට ඉතා වැදගත් පිම්මකි.
මෛත්‍රිපාල මහා දෙසැම්බර් 1 වන දින පොදු විපක්ෂයේ පක්ෂ සහ පුද්ගලයන් අතර අත්සන් කළ ගිවිසුමේ ප්‍රධානම කරුණක් මතු වෙයි. එය නම් විධායක ජනපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරන බවය. එවැනි පාලන ක්‍රමයක විධායක බලය පැවරෙනුයේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. මෙහිදි රනිල් අගමැති කරන කතාව ඔහු කිවේ පළමු මාධ්‍ය හමුවේදීය. පසුව ඔහු ඒ ගැන එතරම් කතා නොකළ අතර එමගින් සිංහල ඡන්ද කැඩීම වැළක්විම එයට හේතුව විය හැකිය. කෙසේ වෙතත් දෙසැම්බර් 2 දින මෛත්‍රිපාල මහතාට සහය දීමට ගත් එකගතාවයේදී හෙළ උරුමයේ චම්පික රණවක මහතාද රනිල් අගමැති වීම ගැන සදහන් කර ඇත. එජාපය මෛත්‍රිපාල මහතාට සහය දෙන්නේ නිකම් විය නොහැකිය. මේ නිසා මෛත්‍රිපාල මහතා පොදු විපක්ෂය සමග ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව සිදු වීමට වඩාත්ම ඉඩ ඇති දෙය නම් රනිල් අගමැති ධූරය උසුලන පාර්ලිමේන්තු බලය ඇති ආණ්ඩුවක මෛත්‍රිපාල නාමික ජනාධිපතිවරයෙකු වීමය. 2001-2003 සමයේ විරුද්ධ පක්ෂයේ විධායක ජනපති කෙනෙක් සිටින විට පවා රනිල් කටයුතු කළ ආකාරය සලකන විට මෙවැනි ආණ්ඩුවක ක්‍රියාකලාපය කෙසේ වේදැයි නිගමනය කිරිමට අංජනම් එළි බැලීමට අවශ්‍ය නොවේ.

දෙමළ බෙදුම්වාදයේ සංරචක තුනක් ඇත. එ් යුධමය, දේශපාලනමය, සහ මතවාදීමය සංරචක තුනයි. මෙයින් යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේදී පැරදුනි. මතවාදී සංරකයද අද එතරම් ශක්තිමත් නොවේ. එහෙත් දේශපාලන සංරචකය ටිකෙන් ටික ඉන් පසුව වර්ධනය විය. උතුරු පළාත් සභාව පිහිටුවීම එහි ප්‍රධාන සන්ධිස්ථානයකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයට රිසිසේ ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය. මහින්ද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය ආපස්සට හැරවීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැතැයි අපි සිතමු. අනෙක් අතට ඔහු එය වර්ධනය වීමට ඉඩ දුන්නේද නැත. ඔහු උතුරු පළාත් මහ ඇමතිවරයා ඉල්ලු පරිදි ආණ්ඩුකාරවරයා මාරු කිරීමට මෙන්ම යුධ හමුදාව ඒ පළාත්වලින් ඉවත් කිරීමටද විරුද්ධ විය. ඔහු යටතේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට නොලැබුනි. රනිල් යටතේ එන ආණ්ඩුවකින් මේ තත්වය සහමුලින්ම වෙනස් වීමට ඉඩ ඇති බව අපේ විශ්වාසය වෙයි. එය 2001-2003 අත්දැකීම් මත එන නිගමනයකි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවකින් පහසුවෙන් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය දැනට වඩා සිය ගුණයකින් ශක්තිමත් විය හැකි බව අපේ හැගීමය. එහි පළමු පියවර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම (ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම), උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණඩුකාරවරුන් මාරු කර බෙදුම්වාදයට හිතැති පුද්ගලයන් පත් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කිරීම වැනි දෑ විය හැකිය. ඇත්තටම මේ ඉල්ලීම් කාලයක පටන් ඉදිරිපත් වෙයි. පාර්ලිමේන්තු ක්‍රමය යටතේ එන රනිල්ගේ ආණ්ඩුවක්, විධායක ක්‍රමය යටතේ ඇති මහින්දගේ ආණ්ඩුවකට වඩා මේ ඉල්ලීම්වලට එකග වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මෙහි ඊළග පියවර අභ්‍යන්තර ස්වයං පාලනය ඉල්ලීමයි. මේ අභ්‍යන්තර ස්වයං පාලනය අවුරුදු කිහිපයකින් ජනමත විචාරණයකින් වෙන් වීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. චන්ද්‍රිකාගේ පැකේජයේද එවැනි යෝජනා අන්තර්ගතව තිබිණි. ඇත්තවශයෙන්ම චන්ද්‍රිකා මෛත්‍රිපාලගේ මාධ්‍ය සාකච්ඡාවේදී තම පැකේජය ගැනද කිහිපවරක්ම මතක් කිරීම බළලා මල්ලෙන් එළියට පැනීමකි (38 මිනිත්තුවේ සිට බලන්න) (මාධ්‍ය සාකච්ඡාවේදී ඇගේ එක් විවේචනයක් වූයේ මහින්ද මේවා ගැන ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවය). එසේම පොදු අපේක්ෂකයාගේ එකගතාවය අත්සන් කරන රැස්වීමේදී චන්ද්‍රිකා කලකට පසු පොදු අපේක්ෂකයා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එක්සත් ලංකාවක්‘ පිහිටුවන බවට ප්‍රතිඥා දුන්නාය. පොදු අපේක්ෂකයාගේ කර මතින් බිහිවන නව ආණ්ඩුව ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය.

මේ ආකාරයට පියවරෙන් පියවර වෙනම රාජ්‍ය බිහිවීම හිතලුවක් නොවන අතර නෝර්වේ මැදිහත්වීමෙන් දකුණු සුඩානයේද, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේන් නැගෙනහිර ටිමෝරයේදී සිදු වූයේ මේ ආකාරයට ස්වයං පාලනය සහ ජනමත විචාරණ හරහා වෙන්වීමකි. එම රාජ්‍යය ඊශ්‍රායල පන්නයේ දෙමළ ෆැසිස්ට්වාදී රාජ්‍යයක් වනු ඇති. එම නව රාජ්‍යය විසින් දේශසීමා පුළුල් කිරීම සහ ජනපදකරණය හරහා ලංකාවේ ඉතිරි ටිකත් ගිල ගැනීම හෙවත් ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය බවට පත්වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි. චෙල්වනායගම්ගේ ‘දැන් ටිකක්, පසුව හුගක්‘ න්‍යාය චෙල්වනායගම්ට පමණක් අනන්‍ය වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම දෙමළ වර්ගවාදීන්ට මුලින්ම අවශ්‍ය වූයේ මධ්‍යයේ එනම් ලංකා රාජ්‍යයේ බලය ලබා ගැනීමය. ජී.ජී. පොන්නම්බලම් රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ 50ට 50 බලය ඉල්ලුවේ (මෙහිදි ඔහු කරේ සිංහල 50ක් සහ දෙමළ 50ක් ඉල්ලීම නොව දෙමළ 50ක් සහ සිංහල ඇතුළු අන් සියල්ලන්ටම 50ක් ඉල්ලීමකි) උතුරු නැගෙනහිර දෙපළාතට නොව මුළු ලංකාවටමය. චෙල්වනායගම් උතුරු නැගෙනහිර පළාත් සදහා වූ දෙමළ රාජ්‍යයක් යන ඉල්ලීමට පසු බැස්සේ සර්වජන ඡන්ද බලය ලැබිමත් සමග රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ බහුතරය සිංහල වූ පසු තව දුරටත් මධ්‍යයේ බලය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව පැහැදිලි වූ පසුවය. යම් හෙයකින් උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යය සාක්ෂාත් වුවහොත් දෙමළ වර්ගවාදීන් නැවතත් මුලටම යනු ඇත. බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් කප්පම්කරුවන් වැනිය. කප්පම් දීමෙන් කප්පම්කරුවන් සැනසිය හැකියැයි යමෙක් සිතන්නේ නම් ඒ මුළාවකි. එයින් සිදුවන්නේ කප්පම්කරුවන් වඩාත් ධෛර්යමත් වී වඩ වඩාත් කප්පම් ඉල්ලීම සහ ලබාගැනීම පමණය.

මෙය විය හැකි නරකම දෙය උනත් මේ සිදුවීම් පෙළ සිදුවීමට හොදටම ඉඩ ඇති බව අපේ හැගීමය. මෙතැනින් දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රධානම පෙළේ දේශපාලන විශ්ලේෂකයන් සහ ක්‍රමෝපායන් සැලසුම් කරන්නන්ගේ සාකච්ඡාවකි. ඔවුන්ට අනුව ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්ට මහින්ද රාජපක්ෂ බාධාවකි. ඒ චීන මැදිහත්වීම නිසාත් ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය ආකාරයට මහින්ද 13 වන සංශෝධනය හෝ ඊටත් එහා ගිය බලය බෙදීමක් ක්‍රියාත්මක නොකරන නිසාත්ය (ඔවුන් කියන්නේ මහින්ද 13 ගැන බයිලා කියමින් ඔවුන්ව අන්දන බවය. එය අපේ පැත්තෙන් බලන කල මහින්දට කළ හැකි ලොකුම ප්‍රශංසාවකි). එසේම ලංකාවේ ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කිරිමද ඔවුන්ට වැදගත් වෙයි. ඔවුන්ට අවශ්‍ය ලංකාව තුළ ඔවුන්ට පාලනය කළ හැකි මට්ටමේ ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය එතනින් නතර නොවෙයි. වරක් දෙමළ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වා තම රාජ්‍ය නායකයා අහිමි කරගත් කෞටිල්‍යලාට නොවැටහෙන කරුණ නම් එම දෙමළ ෆෙඩරල් රාජ්‍යය වෙනම දෙමළ රාජ්‍යයක් බවට පත් වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණක් බවය. බටහිර රටවල භූමිකාව මෙහිදී වැදගත් වෙයි. මෙහි අවසන් ප්‍රතිඵලය දීර්ඝකාලීනව ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවයටද එමගින් තර්ජනයක් එල්ලවීමය. සන්නද්ධ කැරැල්ලකදී මෙන් නොව, ලංකා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව, බටහිර රටවල ආශිර්වාදය සහ මෙහෙයවීම මත සිදු වන බෙදුම්වාදී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිකයදී, ඉන්දියාවට ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට සෘජුව මැදිහත් වීමට ඇති අවකාශ අවම වෙයි.

අද එල්ටීටීඊ සංවිධානය භූමිකාවේ නැති වීම ඇත්තටම බෙදුම්වාදයේ දේශපාලන සංරචකයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙයි. චන්ද්‍රිකාගේ පැකේජය හෝ රනිල්ගේ සාම ගිවිසුම් කාලයේ දුන් යෝජනා එල්ටිටීඊය පිළිගත්තානම් අද ඊළම බිහිවී හමාරය. එහෙත් ෆැසිස්ට්වාදි දැඩි මතධාරී සංවිධානයක් වූ එල්ටිටීඊයට අවශ්‍ය වූයේ සටන් කිරීමෙන්ම ඊළම දිනා ගැනීමටය. ඔවුන් සාකච්ඡා යොදා ගත්තේ තම යුධ ව්‍යාපාරයට අරමුදල්, පිරිස් සහ සම්පත් රැස් කිරීමට අවකාශය සහ කාලය ලබා ගැනීමට පමණි. එහෙත් ඔවුන්ට අනුරූපික සුඩාන සහ ටිමෝර බෙදුම්වාදී කණ්ඩායම් බටහිරයන්ගේ සැලසුමට එකග වී පියවරෙන් පියවර ගොස් වෙනම රාජ්‍යයක් දිනා ගත්හ. අද සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ද එවැනි ක්‍රම ක්‍රමයෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීමට එක පයින් කැමති වෙති. එයට අකුල්හෙලිමට එල්ටීටීඊයක් නොමැති වීම ඔවුන්ට අමතර වාසියක් වෙයි. මෙහිදී මහින්ද ආණ්ඩුව කළ වරද නම් යුධ ජයග්‍රහණය මාකට් කරමින් ඡන්ද ගරමින් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය අමතක කිරීමය. යුධ ජයග්‍රහණයෙන් දෑස් නිලංකාර වූ මහාජනතාවද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය නොතකා හැරි අතර ටික කලකින් යුධ ජයග්‍රහණයද ඔවුන්ට අමතක විය.

අප හිතවත් ආචාර්ය නිර්මාල් රංජිත් සිය ෆේස්බුක් සටහනක දැක්වූ ආකාරයට (ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මධුසමය තීරණාත්මක ලෙස අවසන් වී ඇත. එහෙත් දෘෂ්ටිවාදයක් ලෙස එහි ශක්තිය දුර්වල වී නැත. එමනිසා යලි දේශපාලන පුනරාගමනයකට හැකියාව ඇත. ඒ නිසා මේ තත්වය නිවැරදිව තක්සේරුකර අපතේ නොයැවීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. - නිර්මාල් දේවසිරි - 27-11-2014) මේ ඡන්දය සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයේ දේශපාලන බලය වළලා දැමිය හැකි ඡන්දයකි. ඔහු පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අයෙකි. යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී කතා මේ බව වසා ගැනීමට ඇටවූ බොරු බයිලා පමණක් වෙයි. මේ ඡන්දයේද තීරක කාරණය වන්නේ ඒකීය රාජ්‍යයද නැද්ද යන්නය. එහෙත් එය තේරුම් ගැනීම අපහසු වන්නේ විජාතික බලවේග ජාතික සළුපිළි අැදගෙන ඉදිරිපත් විම නිසාය. නිර්මාල් මෙසේ කියන විට, චන්ද්‍රිකා එක්සත් ලංකාවක් ගැන කතා කරන විට, චම්පික මේ ඡන්දය ‘යහපාලනය ගැන ඡන්දයක් මිස ඒකීය හෝ ෆෙඩරල් භාවය පිළිබද ඡන්දයක් නොවේය‘ කියමින් සිංහලයන්ගේ ඇස්වලට වැලි ගසයි. කොහොමත් රනිල්ගේ ආණ්ඩුවකට සහය ගැනීමට නම් කුඩුකාරයන්ට සහ එතනෝල් කාරයන්ට ඇමති පට්ටම් සහ/හෝ මුදල් දීමට සිදුවෙයි. පොදු අපේක්ෂකයාගේ එකගතාවයේ ඇමති මණ්ඩල සීමාව හැලී අත්තේ සභාග ආණ්ඩුවකට මන්ත්‍රීරුන් බාගැනීමටනම් යළිත් වරක් ජම්බෝ කැබිනට්ටුවක් අවශ්‍ය වන හෙයිනි. චම්පිකම කියන ආකාරයට මහින්දටද ඒ ආණ්ඩුවට එකතු විය හැකිය. එවිට චම්පික සතුව ඇති මහින්දගේ ෆයිල් 1000ට සිදු වන්නේ කුමක්ද? එවිට මහින්දගේ ෆයිල් ටික සමග යහපාලනයද අමතක කර දැමීමට චම්පිකට සිදු වනු ඇත.

මේ අවදානම් සහගත තත්වය උදා වීමට ප්‍රධානම වගකිවයුතු පාර්ශව කීපයක් වෙයි. ඉන් ප්‍රධානම පාර්ශවය නම් අන් කවරෙකුවත් නොව මහින්ද රාජපක්ෂමය. ඔහු පහුගිය අවුරුදු 5 තුළ ගෙන ගිය පාලනය ලංකා ඉතිහාසයේ වඩාත්ම දූෂිත මෙන්ම ඥාති සංග්‍රහයෙන් අනූන පාලනයකි. එසේම කුඩු, එතනෝල්, කැසිනෝ ආදී දුරාචාරවලට උපරිම අනුග්‍රහ දැක්වූ පාලනයකි. නීතිය සම්පූර්ණයෙන්ම බිද වැට්ටවූ පාලනයකි. ඔහුගේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රමය කොමිස් අාර්ථික ක්‍රමයකි. සංවර්ධන ආකෘතිය කොමිස් සංවර්ධනයකි. ඔහුගේ සංවර්ධනයෙන් පොදු ජනතාවට වූ සෙතක් නැත. සිදුවූයේ ණය බර සහ ජීවන බර තව තවත් වැඩිවීමය. යුධ ජයග්‍රහණයෙන් ලත් ජනප්‍රියතාව ඔහු වේගයෙන් අහිමි කරගත්තේය. ඔහුගේ අසීමිත පවුල්වාදය නිසා ශ්‍රිලනිපය ජ්‍යෙෂ්ඨයන් ඔහු හැර ගියහ. ශ්‍රිලනිපය දෙකඩ විය. එයින් වාසිය අත්වූයේ බෙදුම්වාදීන්ටය. ඔහු යුධ අපරාධ චෝදනා ඡන්ද ගරා ගැනීමට හිගන්නාගේ තුවාලයක් කරගත්තේය. පහුගිය කාලයේ විදේශ සේවයේ සිදු වූ ක්‍රමානුකූල බිඳ වැට්ටවීිම මේ අනුව තේරුම් ගත හැකිය. එහෙත් සමහර අවස්ථාවල හිගන්නාගේ තුවාලයෙන් හිගන්නාම මරණයට පත් විය හැකිය. දැන් උදා වි ඇත්තේ එබඳු තත්වයකි. එහෙත් ඔහුගේ එකම එක හොඳක් ඇත. ඒ බෙදුම්වාදයට ඉඩ නොතැබීමය. ඔහුගේ ඇති එකම හොඳ එයයැයි සිතමි. එහෙත් ඒ හොඳ ඉතා වැදගත් වෙයි. අප දකින ආකාරයට වඩාත්ම වැදගත් වන්නේ එයයි. මන්ද ලංකා රාජ්‍යයේ අනාගත පැවැත්ම ඒ මත තීරණය වන හෙයිනි. දුෂණය හෝ නීතිය බිද වැටීම මෙන් නොව ඒකීය රාජ්‍ය සමග කරන සෙල්ලමෙන් ආපසු හැරවිය නොහැකි සදාකාලික හානියක් සිදුවෙයි. ලංකා රාජ්‍යයේ පැවැත්මම අභියෝගයට ලක් වෙයි. මොනවා කරන්ඩත් රටක් තිබිය යුතුය. එහෙත් බොහෝ දෙනාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඒකීය රාජ්‍යය හැරෙන්නට අනිකුත් කාරණාද වැදගත් වෙයි. සමහර විට කවුරුන් බලයට පත්වුවත් ඒකීය රාජ්‍යයේ පැවැත්ම ගැන අර්බුදයක් අනාගතයේ ඇති වන්නට ඉඩක් නැතැයි ඔවුන් සිතීමටද ඉඩ ඇත. එහෙත් ඒ එසේ නොවන බව අපේ අදහසය.

පොදු විපක්ෂය බලයට පත්වුවත් මේ දුර්වලකම්වල ලොකු වෙනසක් වේයැයි අපි නොසිතමු. ඩඩිලි සිරිසේන අනාගත බැසිල් රාජපක්ෂ කෙනෙක් වීමේ ලකුණු පෙන්වා ඇත. එසේම ආණ්ඩුවක් පිහිටුවිමට නම් මේ ඉන්න කැසිනෝ සහ කුඩු කාරයන් පිරිසම මුදල් හෝ ඇමතිකං පෙන්වා (සමහර විට මහින්ද ගාව තිබු ෆයිල්ම මේ අය බා ගැනීමට පාවිච්චි කිරීමට බැරි නැත. මේ නම් පශ්චාත් නූතන යහපාලනයකි!) මේ පැත්තට ගැනීමට සිදුවෙයි. එවැනි තත්වයක යහපාලනය විහිලුවක් වෙයි. 2016 අප්‍රේල් වන විට වත්මන් පාර්ලිමේන්තුවේ නිලකාලය අවසන් වුවත් පොදු විපක්ෂයේ එකගතාවයට අනුව අවම වශයෙන් (උපරිම සීමාවක් දක්වා නැත) අවුරුදු 2ක් රනිල්ගේ සභාග ආණ්ඩුව පවතිනු ඇත. එනම් කුමන හෝ ගේමක් ගසා පාර්ලිමේන්තු ඡන්දය කල් දමා ගැනිමක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ ලොකුම දේශපාලන පරාජිතයා කිසිදු ජනවරමක් නැතිව ලංකාවේ අනාගතය තීරණය කරන චරිතය බවට පත් වීමය. මහාජනතාව ඡන්දයෙන් පත් කළ ආණ්ඩුව සහ විධායක ජනාධිපතිවරයා වෙනුවට වෙනත් පිරිසක් රට පාලනය කිරීමය. මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නම් නැත. මෙය සිදුවුවහොත් ඇත්තටම එය ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වනු ඇත.
මේ තත්වයට වගකිව යුතු අනිත් පාර්ශවය නම් ජාතික බලවේගවලම න්‍යායාචාර්යවරුය. විශේෂයෙන්ම ආචාර්ය නලින් ද සිල්වා පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂට කොන්දේසි විරහිත සහයක් දැක්වීය. වඩා විවේචනාත්මක සහයක් දුන්නේනම් මහින්ද ඊට අනුව තම පිස්සු කෙළීම ටිකක් හෝ අඩු කරගැනීමට ඉඩ තිබු බව අපේ හැගීමය. නමුත් සිදුවූයේ පනින රිලවුන්ට ඉණිමක් බදින්නාක් වැනි වැඩකි. මේ තත්වය විශේෂයෙන්ම මතු වූයේ රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක් මෙහෙයවිමෙන් සහ ආශිර්වාදයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරුණු මුස්ලිම් විරෝධී වැඩපිළිවලත් සමගය (මෙයට ආණ්ඩුවේම සමහර ඇමතිවරු පවා එදා විරුද්ධ වූහ). අලුග්තම ප්‍රහාරය එහි කූටප්‍රාප්තිය විය. ආචාර්ය නලින් ද සිල්වා මේ ක්‍රියාදාමය සාධාරණීකරණය කළ අතර එය වැරදි බව අපි එදා මෙන්ම අදද කියමු. එයින් රට තුළ වර්ගවාදයක් වර්ධනය වී රට අස්ථාවර විය. මුස්ලිම් ජනතාවද බෙදුම්වාදය සහ අන්තවාදය දෙසට වඩාත් තල්ලු විය. එදා මහින්දව මුස්ලිමුන්ට විරුද්ධව උසි ගැන්වූ හෙළ උරුමය මෙන්ම 2010දී මහින්ද සමග සිටි මුස්ලිම් ජනතාවද අද මහින්ද හැර දමා ඇත. තමන් රැවටුනු බව තේරෙන විට රාජපක්ෂවරු ප්‍රමාද වැඩිය. දැන් නැවත තම සුවච කීකරු බොදු බල සේනාව ලවා වෙනත් වටයකින් ප්‍රචාරණය අරඹා ඇත. බොබසේනාව දැන් මුස්ලිම් විරෝධය අමතක කර දමා බෙදුම්වාදයට විරුද්ධ ස්ථාවරයකට යාම අහඹුවක් නොවේ. එහෙත් දැන් ප්‍රමාද වැඩිය. ගුණදාස අමරසේකර මහතා ආණ්ඩුවට විවේචනාත්මක සහයක් දුන් නමුත් ඔහුට ප්‍රමාණවත් ඉඩක් මාධ්‍යවලින් නොලැබුනි. පොදුවේ ජාතික බලවේග මහින්දකරණය විම මේ තත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූ බව අපි සිතමු.

විමල් වීරවංශ වැනි ජාතික බලවේග නියෝජනය කරනවාය කියන දේශපාලකයන්ද මහින්දගේ අත්තනෝමතික වැඩපිළිවල වෙනස් කිරීමට කිසිදු ආකාරයට ප්‍රමාණවත් පීඩනයක් හෝ ප්‍රතිරෝධයක් දුන්නේ නැත. බොහෝ විට අපි විමල් වීරවංශගෙන් දැක්කේ අවංක පීඩනයක් රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කිරීමට වඩා තිර රචනයකට අනුව කරන බොරු රගපෑමක්යැයි සිතිය හැකි තත්වයකි. මේවාට රැවටීමට තරම් මහාජනතාව මෝඩ නැත. ජාතිකවාදීය කියාගන්නා හෙළ උරුමයට මහින්දගේ වැරදි මතක් වූයේ ජනාධිපතිවරණය කිට්ටු වූ පසුවය. ඒ වන විටත් ඔවුන් සිටියේ පොදු අපේක්ෂකයා සමගය. 18වන සංශෝධනය හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කර රාජ්‍යය අසමතුලිත කර අස්ථාවර කිරීමට මේ සියලු පාර්ශව එදා මතවාදීව සහ දේශපාලනිකව සහය දුන්හ.

දැන් තිබෙන ප්‍රශ්නය මේ තත්වය උඩ ජාතික බලවේග කුමක් කළ යුතුද යන්නය. ජාතික බලවේගවලට ඇති එක් විකල්පයක් නම් ජාතික බලවේග කඩේ යවන, ඒ ජාතික බලවේග සතුටු කිරීම පිණිසම බෙදුම්වාදයට ඉඩ නොදෙන මහින්දව දිගටම තබා ගැනීමය. අනෙක් විකල්පය නම් ජාතික සළුපිළි පැළදගෙන එන සෘජු විජාතික බලවේග බලයට පත් කිරීමය. මේ ගැන තීරණයක් ගැනීම ඔබටම බාර කරමි. මහින්ද බලයට පත් වුවත් ඔහුගේ බලය අඩුවනු ඇති බව මගේ හැගීමයි. මන්ද ශ්‍රිලනිපය දෙකඩ වූ තත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ තමාට සහය පවත්වාගැනීමටත් දෝෂාභියෝග අනතුර අවම කිරීමටත් පෙර තරම්ම අත්තනෝමතික පාලනයට යාමට ඔහු පසුබට වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවකට වඩා ශ්‍රිලනිප ආණ්ඩුවකට වැඩි අවස්ථාවක් දීමට අකමැත්තෙන් වුවද ඔහුට සිදුවනු ඇත. එය රටට හිතකරය. කෙසේ වෙතත් ජාතික බලවේගවල දිගු කාලින න්‍යායපත්‍රය විය යුත්තේ පුද්ගල චරිත වන්දනාවේ ගොස් ඇණ ගැනීමට වඩා ඒකීය රාජ්‍යය නොබිදිය හැකි ලෙස තහවුරු කරන ව්‍යවස්ථාවක් සහ නීති ක්‍රමයක්, ජාතික ආර්ථිකයක් සහ සදාචාරවත් සමාජයක් බිහිකරගැනීමය. ඒ සදහා වන මතවාදී සහ දේශපාලනික ක්‍රියාවලියක් ඇරඹිමය. වඩා ප්‍රධාන විය යුත්තේ මතවාදය මිස පුද්ගලයන් නොවේ. අපට අවශ්‍ය ජාතික මතවාදයක් පසුපස පුද්ගල චරිත මෙහෙයවන ජාතික ව්‍යාපාරයක් මිස මතවාදය ‘බැක්පැක්‘ එකක දමාගෙන පුද්ගල චරිත පසුපස අන්ධ භක්තියෙන් (කඩේ) යන ජාතික ව්‍යාපාරයක් නොවේ. මේ අවුල ඇතිවීමට ප්‍රධාන හේතුවද එයමය. ඔබට යමක් විශ්වාස කිරීමට අවශ්‍ය නම් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් නොව මතවාදයන්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

12/09/2015

රනිල්ගේ හොර පොලිසිය

කතෘ:යුතුකම     12/09/2015   1 comment
2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය.
FCID to be legalised -Ranil

ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල නොවන බවය. ඊට ප්‍රතිචාර ලෙස රනිල් එජාපයේ විශේෂ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ මහ මැතිවරණයෙන් පසු FCID එක නිත්‍යානුකූල කරන බවය. එනම් ඒ වන විටත්
FCID එක නිත්‍යානුකූල නොවූ බව ඔහු පිළිගත්තේය. තත්වය එසේ නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග වැනි අයගෙන් ප්‍රශ්න කිරීමට සහ බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ නිත්‍යානුකූල නොවන හොර පොලිසියට එකල තිබූ වලංගුභාවය ගැන ප්‍රශ්නයක් උපදී.

කෙසේ වෙතත් මහ ඡන්දය අවසන් වී ඇතත් තවමත් රනිල් තමන් යටතේ පාලනය වෙන නම් ගෙස්ටාපෝ වර්ගයේ FCID පොලිසිය නිත්‍යානුකූල කරන පාටක් නැත. එනම් එය තවමත් නීත්‍යානුකූල නොවන හොර පොලිසියකි. එහි නවතම බිල්ල යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ආචාර්ය නාලක ගොඩහේවාය. ඔහු පසුගිය දිනවල මේ ආණ්ඩුවේ අයවැයටද ප්‍රබල විවේචනයක් එල්ල කරේය. ප්‍රතිපලය ඔහු FCID එක මගින් හිරබාරයට පත්වීමය.

යහපාලන බබාලා තවමත් හිතාගෙන සිටින්නේ රනිල් හාමුගේ FCID එකෙන් රාජපක්ෂවරුන්ගෙ හොරකං අල්ලන බවය. ප්‍රශ්නය ඒ හොරකං අල්ලන පොලිසිය රනිල්ගේ හොර පොලිසියක් වීමය. හොර පොලිසියකින් හොරු ඇල්ලීමද විනෝද ජනක වැඩකි.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/08/2015

යහපාලන නාඩගමට නොදෙවෙනි කොමිසං සබා මායම

කතෘ:යුතුකම     12/08/2015   No comments
කොමිසං සබා මායම
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මහත් ප්‍රහර්ෂයෙන් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් නම් ඊනියා ‘ස්වාධීන‘ කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්වීමය. මෙය 19 වන සංශෝධනයේ සෘජු ප්‍රතිඵලයකි. මේවා පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙස දිගින් දිගටම මාකට් කරන ලදී. මේ ප්‍රවෘත්තිය මෙන්ම කොමිසං සභාවල සංයුතියද පහතින් බලාගත හැකිය.
http://lankaenews.com/news/3139/si
වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය ලෙස බැලීමේදී පෙනී යන්නේ තනිකරම රනිල් වික්‍රමසිංහගේ අභිමතය පරිදි මේ කොමිසං සභාවලට සාමාජිකයන් පත් වෙන බවයි. දැන් රනිල් කතානායකට විධාන දෙයි. ජනාධිපති මෛත්‍රිපාල මහතා රනිල්වාදියෙකි. ඔහුම කියූ පරිදි ඔහු පාර්ලිමේන්තුව විසුරවා හැරියේ රනිල්ව විශ්වාසභංගයකින් බේර ගැනීමටයි. ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට රනිල් සමග ඇත්තේ මතවාදී ප්‍රශ්න නොව පොඩි පොඩි ‘තාක්ෂණික‘ ප්‍රශ්නය. අනුර කුමාර නායකත්වය හොබවන ජවිපෙ යනු එජාප යොවුන් පෙරමුණයි. සැබෑ විපක්ෂයක් ලෙස ඉතිරිව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, වාසුදේව සහ ශ්‍රිලනිපයේම පිරිසක් පමණි. ශ්‍රීලනිප පිරිසටද මෛත්‍රිපාලගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා හරිහමං විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට බැරිය. එසේ කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වයට පමණක් නොව මන්ත්‍රීකමටද කෙළ වීමට ඉඩ ඇත. මේ නිසා මේ කොමිසං සභාවල ස්වාධීනකම නමට විතරක් සීමා වීම වැළැක්විය නොහැකිය. මේ කොමිසං සභා සහ රනිල්ගේ එජාප ‘කුත්තාදිකාරි මණ්ඩලය‘ අතර වෙනසක් නැත (රනිල් කුත්තාදිකාරි මණ්ඩලය පත් කරන අතර කුත්තාදිකාරි මණ්ඩලය නැවත රනිල්ව පත් කරයි).

මේ කොමිසං සභාවල සංයුතිය බැලූ විට රටේ බහුතරය වන සිංහල බෞද්ධයන් බහුතරයක් මේවායේ සුළුතරයක් වී ඇත. එහෙත් අය එතරම්ම වැදගත් කාරණයක් නොවන්නේ ජනවර්ගය සහ ආගම මතම යමෙක් දරන මතවාදය තීරණය නොවන බැවිනි. රනිල් වික්‍රමසිංහ සහ වික්‍රමබාහු කරුණාරත්නගේ උප්පැන්න සහතිකවල සිංහල යනුවෙන්ද මොහොමඩ් මුසම්මිල්ගේ උප්පැන්න සහතිකයේ මුස්ලිම් යනුවෙන්ද ඇත. එහෙත් ඔවුන් දරන මතවාද එයින් සෘජුව නියෝජනය නොවේ. අපට වැදගත් වන්නේ මේ කොමිසං සභාවල ඉන්න අයගේ මතවාද මොනවාද යන්නයි. මේ කිසිවෙක් වැරදිලාවත් ජාතික මතවාදය නොදරන බවට රනිල් වගබලාගෙන ඇත. රනිල්ගේ අභිමතයට පටහැනි කිසිවෙක් මේවාට පත්වන්නේ නැත.

මේ කාරණය වැදගත් වන්නේ මේ කොමිසං සභාවල ස්වභාවයම එය නිසයි. එයින් ජනමතය නියෝජනය නොවේ. එමගින් කරන්නේ ජනවරමක් නැති පිරිසකට රටේ ව්‍යස්ථාදායක බලය මෙන්ම ප්‍රතිපත්ති තීන්දු කිරීමේ බලයද පවරා දීමයි. මේ පිරිස පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමටද ජනතාවට හැකියාවක් නැත. ජාතික මතවාදය තවමත් රටේ සිංහලයන්ගෙන් බහුතරයක්ද රටේ සමස්ත ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන තනි මතවාදයද වුවත් එයට කොමිසං සභාවල කිසිම නියෝජනයක් නැත්තේය. යම් හෙයකින් මෙහි ඇති ‘සීමා නිර්ණය කිරීමේ කොමිසම‘ විසින් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දෙමළ අලුත් ස්වයං පාලන ඒකකයකට අවශ්‍ය පළාත් සීමා නිර්ණය කළහොත් ඊට විරුද්ධව ජනතාවට කළ හැක්කේ කුමක්ද? කිසිවක් නැත.

ප්‍රශ්නය තවත් බරපතල වන්නේ මේ කොමිසං සභාවල ආයු කාලය අවම වශයෙන් අවුරුදු තුනක් වීමය. මේ අනුව හෙට ආණ්ඩුව පෙරළී ඡන්දයකට ගියත් වැඩක් නැත. ඊළග අවුරුදු තුනේම රටේ ව්‍යවස්ථාදායකය, මූල්‍ය පාලනය ආදී ඉතා වැදගත් දෑ ගැන තීරණ ගන්නේ කලින් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවෙන් පත් වූ කොමිසං සභාමය. ඡන්ද එකක්වත් නොවැටුනත් තමන්ගේ ගෝලබාලයන් සිටින කොමිසං සභා හරහා ගෙදර ඉදගෙන රට පාලනය කිරීමට වුවද රනිල්ට හැකිය.

කොමිසං සභාවල අනෙක් ප්‍රශ්නය එමගින් ජනවරමක් ඇතුව පත්වූ ආණ්ඩුවට තම වගකීම් පැහැර හැරීමට හැකිවීමයි. සිංහලෙන් කියනවානං Accountability එක ගැනීමට එකෙක් නැති වීමයි. උදා ලෙස රනිල් අයවැය කතාවෙන් කීවේ සේවක අර්ථසාධක අරමුදල් මහබැංකුවේ පාලනයෙන් බැහැර කොට ව්‍යවස්ථාදායක කොමිසං සභාවෙන් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය කරනු ඇති බවය (http://lankaenews.com/news/3137/si). හරියට රනිල්ගේ මතයට පටහැනිව ‘ස්වාධීනව‘ මේවා ක්‍රියාත්මක වේයැයි සිතන්නට කියා ඔහු අපට කියයි. මෙතනදීත් වෙන්නේ අර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතාවමයි. අන්තිමට සේවක අර්ථසාධක අරමුදල කම්බස් වී එයින් ආර්ථිකයම කඩා වැටී ආණ්ඩුවත් බංකොලොත් වූ විට රනිල් කියනු ඇත්තේ තමන් මොකුත් නොදන්නා බවත් ව්‍යවස්ථාදායක කොමිසං සභාව මේවා තීන්දු කරපු බවත්ය. සටන් විරාම ගිවිසුම හරහා රට කොටින්ට ලියා දුන් රනිල්ට එදා එහි වගකීම බාර ගැනීමට සිදු වුවත් ඉදිරියේ සීමා නිර්ණ කොමිසං සභාව සහ ව්‍යවස්ථාදායක කොමිසං සභාව හරහා දෙමළ ස්වයං පාලන ඒකකයක් තැනූ විට රනිල්ට එහි වගකීම තමන්ම පත් කරපු කොමිසං සභාවලට පවරා අතපිහ දමාගත හැකිය.

මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස යහපාලනයට රැවටුන ජහමනයාට ගිල්ලවූ මේ කොමිසං සභා ලණුව තරං ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ව්‍යුහයක් තවත් නැත. මෙහි ප්‍රධාන අරමුණ දෙමළ බෙදුම්වාදය රජ කරවීමයි. අනෙක් අරමුණ ආර්ථික යටත්විජිතයක් බවට ලංකාව පත්කිරීමයි. වෙන අරමුණක් මෙහි නැත. වෙන දෙයක් මෙයින් වෙන්නේද නැත. ඊනිව්ස් කරුගේ සතුට ඒ වෙනුවෙනි.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/22/2015

හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව

කතෘ:යුතුකම     11/22/2015   No comments
හදුන්නෙත්ති මහතාගේ අයවැය කතාව පහතින් නැරඹිය හැකිය. >>https://web.facebook.com/SriAvTvNet...


පහුගිය කාලයේ හදුන්නෙත්තිි මහතාව වර්ණනා කරපු එජාප සහ ජවිපෙ පාක්ෂිකයනුත් හදුන්නෙත්ති මහතාගේ අයවැයේ කතාවට ඇහුන්කන් දෙයි කියා හිතනවා. හදුන්නෙත්ති මහතා කියන ආකාරයට මෙරට මූල්‍ය ක්ෂේත්‍රය මේ ආණ්ඩුව විසින් තනිකරම විවෘත කිරීම නිසා (deregulate කිරීම නිසා) රටේ ආර්ථිකය අස්ථාවර වෙලා ග්‍රීසියේ, ආජන්ටිනාවේ හෝ යුක්රේනයේ උනා වගේ එකවර දැවැන්ත කඩාවැටීමකට ආර්ථිකය ලක් වෙන්ඩ ඉඩ තියෙනවා. ඊට පෙර යම් වර්ධනයක් (බබල් එකක්) එයි. ඒත් ඒක තාවකාලිකයි සහ නොමග යවන සුළුයි. රුපියල විශාල ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ ගිහින් විරැකියාව වැඩි වෙලා රජය බංකොලොත් වෙලා බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙන තත්වයක් ඇති වෙන්ඩ ඉඩ තියෙනවා. මෙය කොරහේ කිඹුල්ලු දැකීමක් ලෙස කියන අයට කීමට ඇත්තේ ගෝල්ඩක් කී ආයතනයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ වෙලාවේ සෙලින්කෝ ව්‍යාපාරයට සම්බන්ධ ද ෆිනෑන්ස්, සෙලාන් බැංකුව වගේ ආයතන වැටිලා මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්ඩ ගිය වෙලාවේ මහ බැංකුව මැදිහත් වෙලා මූල්‍ය වෙළදපොල පාලනය නොකරන්නට මුළු බැංකු පද්ධතියම සහ ආර්ථිකයම අර්බුදයකට යන්ඩ ඉඩ තිබූ බවයි. සම්පූර්ණයෙන්ම විනිමය සහ මූල්‍ය වෙළදපොල විවෘත කරපු තත්වයක් තුල මහ බැංකුවට එවැනි මැදිහත්වීමක් කරන්ඩ ඇති ඉඩකඩ අවම වෙනවා.

මා නම් හිතන්නේ මේ තත්වය මහ බැංකුවේ ඉන්න ඉකොනොමික් හිට්මෑන් විසින් රනිල්, රවී වගේ සෘජු බටහිර ඒජන්තයන්ගේ අනුග්‍රහය පිට හිතාමතාම ඇති කරන බවයි. ප්‍රතිඵලය IMF වගේ ආයතන හරහා එන තමන්ගේ ස්වාමිවරුන්ට මෙරට ආර්ථිකය සහ සම්පත් අයිති කරගන්ඩ අවස්ථාව පෑදෙන එක සහ ලංකාවෙ ජනතාව සදාකාලික ආර්ථික වහල්භාවයට පත් වීම. ආණ්ඩුවක් බංකොලොත් වෙන්ඩ යනකොට IMF එක කරන්නේ ණය දීලා බේරගන්ඩ නං (bail-out plan) රටේ සම්පත් පවරාදෙන්ඩ සහ අඩු මිලට විකුණන්ඩ (fire sale) බල කරන එක සහ අනෙක් පැත්තෙන් ටැක්ස් වැඩි කරන්ඩ සහ ආණ්ඩුවේ වියදම් කපා හරින්ඩ (austerity measures) බල කරන එක. මේකෙන් මිනිස්සුන්ගේ පාරිභෝජන හැකියාව අඩුවෙලා ආර්ථිකය තවත් සංකෝචනය වෙලා තවත් ආණ්ඩුවේ ආදායම් අඩු වෙනවා. ප්‍රතිඵලය කලින් ගත් ණය ගෙවා ගන්ඩ තව තවත් ණය ගන්ඩ සිදුවිම. මේක විෂම චක්‍රයක්. මෙයින් ගොඩ ඒමක් නෑ. IMF එක හරහා ආර්ථික යටත්විජිතවාදය ක්‍රියාත්මක වෙන එක ප්‍රධානම ක්‍රමයක් තමයි මේක. යුක්රේනය, ග්‍රීසිය වැනි රටවල අද වෙන්නේ ඒක. එක පැත්තකින් නම වෙනස් කරපු සීපා ගිවිසුම සහ හනුමා පාලම හරහා ඉන්දීය ආර්ථික යටත්විජිතවාදයට ලංකාව ගොදුරු කරන රනිල් ආණ්ඩුව අනෙක් පැත්තෙන් නව ලිබරල් ප්‍රතිපත්ති හරහා බටහිර ආර්ථික යටත්විජිතවාදයට ලංකාව සෘජුවම ගොදුරු කරනවා.

මේ වගේ වෙලාවක පුද්ගලික මට්ටමින් කරන්ඩ පුළුවන් එක දෙයක් තමයි තමන්ගේ ඉතුරුම්වලින් යම් ප්‍රමාණයක් හෝ රත්‍රං වලට කන්වර්ට් කර ගැනීම. ඉඩම්, වාහන වැනි ආයෝජනවලත් වටිනාකම රටේ මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මත ගොඩක් රදාපවතිනවා. නමුත් රත්‍රං වලට ඇති පිළිගැනීම නැති වන්නේ නෑ. ආර්ථික කඩාවැටීමකින් පස්සේ ආපහු අළු ගසා දාලා නැගිටිනකොට තමන්ට යම් වත්කමත් ඉතුරු වෙලා තියෙයි ආරම්භයක් ගන්ඩ (මේ ආණ්ඩුව බලපත්‍ර හරහා තෝරාගත් ධනවතුන් 50 දෙනෙකුට රත්තරං ආනයනය කිරීමේ ඒකාධිකාරය පැවරීමත් ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදයකදී සහ ඉන් ගොඩ ඒමේදී මේ පිරිසට ලොකු වාසියක් ලැබෙනවා). නැත්තං වෙන්නේ තමන්ගේ ඉතුරුම් සියල්ල වාෂ්ප වෙලා පාරට වැටෙන එක. අනෙක් කරන්ඩ පුළුවන් දේ තමයි හැකිතාක් ස්වයංපෝෂිත ජීවන රටාවකට පුරුදු වෙන එක. මේක නගරවල මිනිස්සුන්ට කරන්ඩ අමාරු උනත් ගම්වල මිනිස්සුන්ට කරන්ඩ පුළුවන්. එයින් තමන්ට මේකෙන් වෙන ඉම්පැක්ට් එක අඩු කරගත හැකියි.

කඩා වැටීමකින් පස්සේ නැවත ආර්ථිකයක් ගොඩනගන්ඩ රටක් ඉතුරු වෙලා තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. මොකද අනෙක් පැත්තෙන් දෙමළ බෙදුම්වාදය ඉස්සරහට දාගෙන එන බටහිර/ඉන්දීය දේශපාලනික යටත්විජිතවාදයත් අපි බලාපොරොත්තු වූ පරිදිම රනිල් ආණ්ඩුව යටතේ උපරිමව ක්‍රියාත්මක වෙන නිසා. දෙමළ ඊළම දකුණු ආසියාවේ ඊශ්‍රායලය සහ ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය වෙන අනතුර ඉතාම සැබෑ අනතුරක් ලෙස අපි ඉදිරියේ තියෙනවා. 2001 වගේම මේ රනිල් ආණ්ඩුවෙත් බටහිර/ඉන්දීය දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදි සංරචක දෙකම ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එල්ටිටීඊ වගේ සන්නද්ධ හමුදාවක් රටේ නැති නිසා ගොඩක් දෙනෙක්ට ඒක එච්චර දැනෙන්නේ නෑ අවසාන ප්‍රතිඵල එනකං. බොහෝ විට ඉදිරියේදී මේ සංරචක දෙක එකතු වෙලා එකට ක්‍රියා කරන්ඩත් පුළුවන්. සංස්කෘතික යටත්විජිතවාදය කොහොමත් තියෙනවානේ.


දේශපාලන අස්ථාවරත්වය මතු වෙන්ඩ පුළුවන් තවත් පැත්තක් තමා නැවත සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති වෙන එක. මේ ගැන සැක ඇති වෙන කාරණාවත් තමයි ලංකාව ස්විස් බැංකුවල ඇති කලු සල්ලි බාධාවකින් තොරව මෙරට ආයෝජනය කරන්ඩ අවසර දුන් පසු මෙරටට සල්ලි පොම්ප කරපු අය අතර ලෝකෙම වහාබ්වාදයට සහ ජිහාඩ්කාරයන්ට ෆන්ඩ් කරන (ඇමරිකානු එක්සත් ජනපදයේ මැදපෙරදිග චක්ගෝලයෝ දෙන්නා වන) සවුදි අරාබියේ සහ කටාරයේ පුරවැසියන් සිටීම (http://www.news.lk/news/business/it...). මේ අයට අවශ්‍යනම් මේ එවන සල්ලිවලින් අයිසිස් වගේ කල්ලියක් හදලා යම් බෞද්ධ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ටිකක් කරන්ඩ පුළුවන්. මේ අතරතුර පිරිසක් ආපහු සමාජ ජාල හරහා බොදුබල සේනා පන්නයේ මුස්ලිම් විරෝධී ෆැසිස්ට්වාදයක් මතු කරන ගතියකුත් පේනවා. මේ නිසා සමහර විට නැවතත් සිංහල මුස්ලිම් ගැටුමක් හදලා දකුණේ අර්බුදයක් ඇති කරන්ඩත් ඉඩ තියෙනවා උතුරු සහ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයට සමගාමීව. මේ ගැනත් අවධානයෙන් ඉන්න එක වැදගත්.


-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

2/05/2015

ජාතික ව්‍යාපාරයේ දේශපාලන අනාගතය

කතෘ:යුතුකම     2/05/2015   6 comments
මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ ඇයි? මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ජාතික බලවේග වල පරාජයක් වන්නේ ඇයි? මේ ප්‍රශ්න දෙක දෙකක් වුවත් එකිනෙකට සම්බන්ධය. මහින්ද රාජපක්ෂ මහතා පැරදීමට විවිධ සංයුක්ත හේතු (දූෂණය, නීතියක් නැතිවීම, කැසිනෝ, කාර් රේස්, මෛත්‍රිපාල මහතාද මහින්ද මහතා මෙන්ම බයියෙක් වීම ආදිය)  දිය හැකි වුවත් ඒ සියල්ල එක් පොදු කාරණයකට ගොනු කළ හැකිය. මහින්ද රාජපක්ෂ මහතා එල්ටිීටීඊය යුධමය වශයෙන් පරාජය කිරීමට පියවර ගත්තේ ජාතික බලවේගවල න්‍යායපත්‍රය අනුවය. එසේම ඉන්පසුව ඒකීය රාජ්‍යය දිගටම පවත්වා ගැනීමට බෙදුම්වාදයේ දේශපාලනික පෙරමුණ නමැති රබර් බෝලය දිය යට ඔබා ගෙන සිටියේද ජාතික බලවේගවලට අනුකූලවය (ඔහුගේ අත නොමැති විට ඒ රබර් බෝලය ඉතා වේගයෙන් ඉහළට මතු වූ බව පසුගිය මාසයකට අඩු කාලයක වූ සිදූවීම් වලින් පෙනී යයි). මේ කාරණා දෙකම ඔහුගේ දේශපාලන බලය වැඩි කිරීමට හේතු විය. එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසුව ආර්ථික, සාමාජීය මෙන්ම අනිකුත් දේශපාලන ක්ෂේත්‍රවලද ජාතික මතවාදයක පිහිටා ක්‍රියා නොකිරීම ඔහුගේ පරාජයට හේතු විය. යුධ ජයග්‍රහණයට යොදා ගත් ජාතික මතවාදය අනිකුත් ක්ෂේත්‍රවලට ප්‍රසාරණය කිරීමට ඔහු අසමත් විය.

අනෙක් පැත්තෙන් ජාතික බලවේගවලින්ද විශාල අඩුපාඩුවක් විය. එනම් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් සෑහීමකට පත් වීමය. විකල්ප ජාතික නායකත්වයකට ඉඩ නැතිනම් අඩුම තරමින් අනෙකුත් ක්ෂේත්‍රද ජාතික මතවාදයක් අනුව මෙහෙයවීමට ඔහුට මතවාදී මෙන්ම දේශපාලනික බලපෑමක් එල්ල කිරීමට ජාතික ව්‍යාපාරයට අවකාශයක් තිබිණි. එමගින් ජාතික මතවාදය වර්ධනය වන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයද ආරක්ෂා වෙනු ඇත. එහෙත් එය සිදු නොවීය.

ඕනෑම මතවාදයක මතවාදී පෙරමුණ සහ දේශපාලන පෙරමුණ අතර චක්‍රීය සම්බන්ධයක් වෙයි. මතවාදය වර්ධනය වීමට දේශපාලන නායකත්වය අවශ්‍ය අතර දේශපාලන නායකත්වයේ පැවැත්මට මතවාදය වර්ධනය වීම අවශ්‍ය වෙයි. මහින්ද රාජපක්ෂ යුගයේදී, විශේෂයෙන්ම 2010 පසු යුගයේදී සිදුවූයේ මෙයින් එක් අර්ධයක් පමණි. එයද බාගෙටය. එනම් මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයේ පැවැත්මට ජාතික මතවාදය යොදා ගැනීමය. ප්‍රතිඵලය වූයේ ජාතික මතවාදය වර්ධනය නොවිමත් ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයද කෙමෙන් පිරිහීමත්ය. මෙහි කුටප්‍රාප්තිය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පැරදීමය. මේ ආකාරයෙන්ම නොවුනත් චම්පික රණවක මහතා සහ අතුරලියේ රතන හිමි ප්‍රමුඛ හෙළ උරුමයට ජාතික බලවේග නියෝජනය කළ යම් පිරිසක් නොමග යවා සෘජු විජාතික බලවේග නියෝජනය කරන රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවක් බලයට පත්කිරීමට හැකි වූයේද ජාතික බලවේගවල මේ දුර්වලතාවය නිසාය. එනම් මතවාදය වර්ධනය කිරීම හෝ අඩුම තරමින් නායකත්වය ගන්නා දේශපාලන තීන්දු සහ මතවාදය අතර ඇති සංගතභාවය පරීක්ෂා කිරීම පසෙක තබා හුදෙක් දේශපාලන නායකත්වය පසුපස යාම නිසාය (‘අවුලක් නෑ චම්පික ඉන්නවානේ‘ පාඨය පිටුපස ඇති අර්ථයද මෙයම වෙයි).

ජාතික ව්‍යාපාරයට අද දේශපාලන නායකත්වයක් නැත. පාර්ලිමේන්තුව තුළ ජාතික බලවේග නියෝජනය කරන්නේ විමල් වීරවංශ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා පමණි. අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද පාලනය කරයි. වාර්තාවන අන්දමට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මේ ‘සභාගය‘ පවතින බවට එකගතාවයක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිවී ඇත. එවිට මහා මැතිවරණය යනු ඇස්බැන්දුමක් පමණක් වෙයි. කිසිදු ප්‍රතිවිරෝධයක් නැතිව ක්‍රියාත්මක වන එවැනි පාලනයක් වඩාත් මර්ධනකාරී, විශේෂයෙන්ම ජාතික බලවේග කෙරෙහි මර්ධනකාරී, එකක් වනු ඇති අතර එවැනි පාලනයක් තුළ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකිය. ගතවූ මාසය තුළ බෙදුම්වාදී මාවතේ ලංකාව ගියේ පියවරකින් හෝ ඉදිරියට මිස ආපස්සට නම් නොවේ. දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී දේශපාලනයට සහ බටහිර/ඉන්දීය බලපෑම්වලට හිස නමා යටත් වෙනු විනා එයට මුහුණ දිය හැකි නායකත්වයක් වර්තමාන ආණ්ඩුවෙන් අපි දුටුවේ නැත. පුදුමය එවැනි නායකත්වයක් තිබුනානම්ය. මෛත්‍රිපාල මහතා වැඳුම් පිදුම්, ව්‍යායාම් ආදිය කරන විට රටේ පාලනය මෙහෙයවන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ අතීත ක්‍රියාකාරකම් අනුව මෙය බලාපොරොත්තු විය හැකි තත්වයකි. මෙකී රාජ්‍යය දිය කර හරින ප්‍රවණතාව දේශපාලන මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයටද පොදු බව අතුරු අයවැයෙන් පෙනී යයි. මිට සමගාමීව සංස්කෘතික ආධිපත්‍යයක්ද ක්‍රියාත්මක වනු අැති. මහා මැතිවරණයට පෙරම තත්වය මෙසේනම් මැතිවරණයට පසු තත්වය සිතා ගැනීම අසීරු නැත.

ජාතික බලවේගවල දෘෂ්ටිකෝණය අනුව මේ තත්වය වහා වෙනස් විය යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ජාතික ව්‍යාපාරයේ මෙන්ම රටේද අනාගතය සුරක්ෂිත වීමටනම් එය සිදු විය යුත්තකි. මතවාදී පෙරමුණ සහ දේශපාලන පෙරමුණ අතර චක්‍රය ගොඩනගා ගැනීම යළි මුලසිටම කළ යුතුව ඇත. කලින් වතාවේ කළ වරද, එනම් දේශපාලන නායකත්වය මත පමණක් යැපීමද ප්‍රඥාගෝචර නොවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේශ් ගුණවර්ධන වැනි දේශපාලකයන් විසින් ඉදිරියේදී සන්ධානයක් ගොඩනගන බව කියවෙයි. එය හොඳ දෙයකි. විශේෂයෙන්ම ජාතික බලවේග නියෝජනය කරන දේශපාලන බලවේග එක පෙරමුණකට ගොනුවීම අත්‍යවශ්‍යය. නමුත් ශ්‍රිලනිපය නැතිව ජාතික බලවේගවලට රටේ අනාගතය වෙනස් කළ හැකි දේශපාලන නායකත්වයක් ගොඩනගා ගැනීම සිහිනයක් පමණක් වෙයි.

ගුණදාස අමරසේකර මහතා එදා සිටම ශ්‍රිලනිපය හැදින්වූයේ ශ්‍රිලනිපය හිස නැති කවන්ධයක් ලෙසය. ආචාර්ය නලින්ද සිල්වාට අනුව ශ්‍රිලනිපයට වරින් වර සවි වූයේ ලිබරල්වාදී හිසකි. නැත්නම් මාක්ස්වාදී හිසකි. එහෙත් එහි ගත ජාතිකවාදී විය. එනම් එය වටා රොක් වූයේ ජාතික බලවේගය. එයට ජාතික හිසක් සවි කෙරුණේ 2005-2009 කාලයේ පමණක් යැයි සිතමි. ඉන්පසුවද ජාතිකත්ව හිස තිබූවද එහි ඇස් අන්ධ වී තිබිණි. අද වන විට ශ්‍රිලනිපයේ හිස ගසා දමා ඇති අතර ඒ මදිවාට ගතද ආබාධිත තත්වයට පත්ව රෝද පුටුවකට සීමා වී ඇත. නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ රෝද පුටුවේ වාඩි වී සිටින අතර මෛත්‍රිපාල සිරිසේන මහතා කරන්නේ රෝද පුටුව තල්ලු කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා පසුපස යාමය.

මේ තත්වයෙන් ශ්‍රිලනිපය මුදවා ගැනීම ජාතික බලවේග වලට පැවරෙන කාර්යභාරයකි. ශ්‍රිලනිපයට හැමදාම නැති වූ ජාතිකත්ව හිස සවි කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. වෙන කිසිම කාරණයක් නැතිනම් අඩුම තරමින් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ බලලෝභය නිසාවත් ඔවුන් ඊට එකඟ විය යුතු වේ. ජාතිකත්වයෙන් තොරව ශ්‍රිලනිපයට යළි කිසිදා බලයට පැමිණිය නොහැකිය. මතවාදයක් ලෙස අදටත් වඩාත්ම ශක්තිමත්ම සහ ජනප්‍රියම මතවාදය ජාතික මතවාදය වෙයි. මහින්ද පැරදුනේ ජාතික මතවාදයේ සංගතභාවය හෝ පිළිගැනීම පිළිබද ප්‍රශ්නයක් නිසා නොව බොහෝ අවස්ථාවල ජාතික මතවාදයකට අනුව (හෝ මොනම මතවාදයකට අනුවවත්) කටයුතු නොකිරීම නිසාය. ඔහුට එල්ල වූ එකදු විවේචනයක්වත් ජාතික මතවාදය පිළිපැදීම නිසා එල්ල වූ ඒවා වේද? අනෙක් පැත්තෙන් ඔහුට තිබූ එකම ධනාත්මක කාරණා වන යුධ ජයග්‍රහණය සහ බෙදුම්වාදයට ඉඩ නොතැබීම සිදුවූයේ ඔහු ජාතික මතවාදය අනුව කටයුතු කළ අවස්ථාවලය. එජාපයට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට ජාතික මුහුණුවරක් ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිදු වූයේද ඒ නිසාමය.

එජාපයට හෝ දෙමළ ජාතික සන්ධානයට ජනාධිපතිවරණයට පෙර ජාතික බලවේගවල විරෝ්ධයට හේතු වන 13 ගැන හෝ උතුරේ හමුදා කඳවරු ඉවත් කිරීම ගැන කතා කිරීමට නොහැකිව ස්වයං වාරණයක් දමා ගැනීමට සිදුවූයේද ජාතික මතවාදය මතවාදයක් ලෙස ජනතාව අතර ශක්තිමත් නිසාය. ඒ කතා කරළියට ආවේ ජනාධිපතිවරණයෙන් පසුවය. ශ්‍රිලනිපයට කිසිදා ලිබරල්වාදයෙන් රනිල් වික්‍රමසිංහගේ එජාපයට අභියෝග කළ නොහැකිය. ඔවුන්ට එකම පිහිට ජාතික මතවාදය පමණය. ඔවුන් ජාතික මතවාදය අතට ගතහොත් චක්‍රය නැවත සම්පූර්ණ වී රෝදය කරකැවීමට පටන් ගනු ඇත. ජාතික බලවේග ඒ වෙනුවෙන් හැකිතාක් මතවාදීව සහ දේශපාලනිකව ශ්‍රීලනිපයට බලපෑම් කළ යුතුය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ වැනි මහත්වරුන් සිය පක්ෂවල එකතුවෙන් නිර්මාණය කරගන්නේ යැයි කියන සන්ධානය එහිදී වැදගත් විය හැකිය. එවැනි සන්ධානයකට අලියා (අත) විය නොහැකි වුවත් හෙණ්ඩුව විය හැකිය.

අද ශ්‍රීලනිපය යනු ඉතා වටිනා නිධානයක් තමාගේ ගෙදර පිටුපස වළලා හිඟමනේ යන හිඟන්නෙක් වැනිය. වාසනාවකට හෝ අවාසනාවකට අදටත් ශ්‍රිලනිපය වටා ජාතික බලවේග ඒකරාශි කරගත හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂය. එය ‘මහින්දවාදයකට‘ ලඝු කළ නොහැක්කේ වර්තමාන දේශපාලන වටපිටාව තුළ ජාතික බලවේග ඒකරාශී කරගත හැකි විකල්ප නායකයෙක් ශ්‍රිලනිපය තුළ ඇත්තටම නොමැති බැවිනි. ශ්‍රිලනිපයේ මුල් පෙළේ නායකත්වය කෙසේ වෙතත් දෙවන පෙළ නායකත්වය සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මේ තත්වය හැකි තාක් ඉක්මනින් අවබෝධ කර ගෙන ක්‍රියාකාරී වීම ඔවුන්ගේම සුබසිද්ධියට හේතු වේ. ඔවුන්ට කල් මැරීමට අවකාශයක් නැත්තේ මහා මැතිවරණයක් ළග ළගම එන බැවිනි. ජාතික බලවේගවලට යළි දේශපාලන බලයක් ගොඩනගා ගැනීමට ඇති අවසාන අවස්ථාව මෙය වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජය ගතහොත් හෝ අඩුම තරමින් මෛත්‍රිපාල මහතාගේ ශ්‍රිලනිපය සමග සභාගයකට ගොස් නැවතත් ආණ්ඩුව පිහිටුවහොත් ශ්‍රිලනිපයට හෝ ජාතික බලවේගවලට යළි කිසිදිනක හිස එසවීමට ඉඩක් නොලැබෙනු ඇත. ඒ හරහා රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය අභියෝගයට ලක් වීම වැළැක්විය නොහැක්කේ ඊට විරුද්ධ විය හැකි විපක්ෂයක්ද නැති වන බැවිනි. මෙතැනදී ශ්‍රිලනිපය තම වගකීම පැහැරහැරියොත් එය ඓතිහාසික වරදක් වන අතර එහි පාඩුව මුළු රටටමය.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions