අගවිනිසුරුවරයෙක් ඉවත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලංකාවෙ ව්‍යවස්ථාවේ 107 වගන්තියෙ දැක්වේ. නමුත් අද( 28/01/2015 ) සිටින අගවිනිසුරුවරයා ඒ පටිපාටියට ඉවත් නොකරම ශිරාණී බණ්ඩාරණායක මහත්මිය නැවතත් අගවිනිසුරු ධූරයේ පිහිටවනු ලැබීය. මේ යහපාලන ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීමට දැනට යහපාලන මහත්වරුන්ගෙන් අදහස් 2ක් ඉදිරිපත් වී ඇත.
1) මේ පළමු අදහස එම ක්‍රියාදාමය නීත්‍යානුකූල බවත් නීතියේ ආධිපත්‍යට මෙයින් කැලලක් ඇති නොවන බවත් ඒත්තු ගැන්වීම සඳහා ඉදිරිපත් වී ඇත. එම නිසා සාපේක්ෂව මේ අදහස අහිංසක අදහසකි.
එනම්, ශිරාණි බණ්ඩාරණායක මහත්මිය ඉවත් කිරීම නීති විරෝධී බවත්, එබැවින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් වීම ඔහු පත් කල දින සිටම අර්ථ ශූන්‍ය බවත්, ශිරාණි බණ්ඩාරණායක මහත්මිය නැවත් පත් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්, සිදු කල යුත්තේ කෙලින්ම පැමිණ ධූරයේ වැඩ කටයුතු කරගෙන යාම බවත්ය. බයියන් පත් කර එවූ ව්‍යවස්ථාදායකයේ සිටින බයියන්ගේ උදව්වෙන් තමන්ගේ ක්ෂේත්‍රයේ ලොකු තැන, රටේ ලොකුම බයියා විසින් පත් කිරීම නිසා කෝපයට පත් වී සිටි ටොයි නීතීඥ්ඥ මහත්වරුන්ගෙන් ප්‍රධානවම මේ තර්කය ඉදිරිපත් වේ. ඔවුන්ගෙ තර්කය පදනම් වන්නේ 107 වගන්තියට අනුව අගවිනිසුරු ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමන්ට යවන නිර්දේෂයේ ඉවත් කිරීමේ ඉල්ලීමක් සෘජුවම අඩංගු විය යුතු බවයි. නමුත් මෙහිදී එම නිර්දේෂයේ අගවිනිසුරු ඉවත් කිරීමට ඉල්ලීමක් කර නොමැති බවත් එහි ඇත්තේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ කටයුතු කල යුතු බව පමණක් බවත් එනිසා එම ක්‍රියාපටිපාටිය නිවැරදිව පිළිපැද නොමැති බවත් ඔවුන් පවසයි. එම නිසා එම නිර්දේෂය මත ජනාධිපතිතුමා ශිරාණි බණ්ඩාරණායක මහත්මිය ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බව ඔවුන්ගේ තර්කයයි. මේ කරුණු දැන් සිටින ජනාධිපතිතුමා සැලකිල්ලට ගෙන එම තර්කය පිළිගෙන පෙර සිටි ජනාධිපති තුමා සිදු කල අගවිනිසුරු ඉවත් කිරීම අවලංගු කර ඇත. ඒත් සමගම ඉබේම ශිරාණි බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරු වරිය බවට පත්වෙයි.
මෙය අවම ලංසුවේ තර්කයක් වුවත් අවශ්‍ය නම් ඒ ආකාරයට අසීරුවෙන් 107වෙනි වගන්තිය අර්ථ නිරූපණය කර ගත හැක. නමුත් ඊට වඩා ඉතා පහසුවෙන් එසේ "ඉවත් කිරීම" යන්න සෘජුව අඩංගු වීම අනිවාර්ය නොවන බවටද අර්ථ නිරූපණයක් සැපයිය හැකිය. පහළ (*) සබැඳියෙන් ගොස් 107 වගන්තිය කියවා ඔබටම එය තේරුම් ගත හැකි විය යුතුය. දැන් ඉතා පැහැදිලිව මෙතැන අඩුම වශයෙන් අර්ථ නිරූපණ දෙකක් ඇත. පාර්ලිමේන්තුවේදී පවා මේ අර්ථ නිරූපණ දෙක පිළිබඳ ඒ දිනවල කතා වුනු බව මතකය. දැන් මේ දෙකෙන් නිවැරදි අර්ථ නිරූපණය ව්‍යවස්ථාවට ලබා දිය යුත්තේ කවුද? මගේ දැනුම නම් ඒ උපරිමාධිකරණයයි. නමුත් එවන් අර්ථ නිරූපණයක් පිළිබඳව නොවෙහෙසීම, ගරු ජනාධිපතිතුමා, උපුල් ජයසූරිය නීතිඥ්ඥ මහතා( ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජාතික නීත්ඥ්ඥ සංගමයේද තනතුරු දැරූවෙකු බව ප්‍රසිද්ධ රහසකි ) සභාපතිත්වය දරණ Bar Association of Sri Lanka (BASL) (බාර් සංගමයේ) අර්ථ නිරූපණය පිළිගෙන මේ අවලංගු කිරීම කර ඇත. දැන් අප පිළිගත යුත්තේ යහපාලනය තුල ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම බාර් සංගමය තමන්ට පවරා ගෙන ඇති බවද? අහෝ ! .
එසේත් නැතහොත් උපරිමාධිකරණය ගැන ගරු ජනාධිපතිතුමාට විශ්වාසයක් නැතිනම් ඔහුට වෙනත් විකල්පයක්ද ඇත. එනම් 107 වගන්තියට ප්‍රකාර කටයුතු කර සිටින අගවිනිසුරු ඉවත් කර නව අගවිනිසුරු පත් කර ගැනීමයි. නමුත් එයද සිදු නොවුනි. අවසානයේ තර්ජන, ගර්ජන, බලපෑම්, මහපාරේ හන්දිවල පැවැත්වූ පෙර සූදානම් කල නාට්‍යමය උද්ඝෝෂණ හරහා රටේ අගවිනිසුරු පත් කර ඇත. ටොයියන්ගේ මොබ් ඇටෑක්(Mob Attack) එකකට වඩා දෙයක් මෙතන නැත. මෙය ටොයියන්ගේ බොදු බල සේනා පන්නයේ යහපාලන සේනා ප්‍රහාරයකි. බාර් සංගමය විධායක ජනාධිපති තුමන්ගේ මතය බා ගෙන ඇත.
2) මේ දෙවන අදහස 1) අදහසට වඩා භයානක "විප්ලවීය" එකකි. වැරදි පූර්වාදාර්ශ සැපයිය හැකි, වැරදි ලෙස ඕනෑම ජඩ වැඩක් සාධාරණීකරණය කිරීමට යොදා ගත හැකි අදහසකි. ඒ අදහස මෙසේය. ඔවුන්ට අනුව මෙහිදී සිදු වී ඇත්තේ මිනි(mini) විප්ලවයකි. දැන් මේ උදා වී ඇත්තේ විශේෂ තත්වයකි. මොහාන් පීරිස් අගවිනිසුරු තුමා රාජපක්ෂ රෙජීමයේ මෙවලමකි. එම රෙජීමය පැරදී ඇත. මේ මොහොතේ හෝ ඉදිරියේදී මොහාන් පීරිස් මහතා ට්‍රෝජන් අශ්වයෙකු ලෙස ක්‍රියාත්මක වීමේ අවධානමක් ඇත. මෙවන් තියුණු උණුසුම් දේශපාලන අරගලයකදී දේශපාලනය නීතියට වඩා ඉහළින් තැබිය හැක. මේ ක්‍රියාවලියම නිවැරදිව දැකීම සඳහා විප්ලවීය ඉතිහාසයෙන් උදාහරණ විමසා බැලිය යුතුය. අප මිත්‍ර ගරු නිර්මාල් දේවසිරි ආචාර්ය තුමා මෙවන් අදහසක් ඉදිරිපත් කරයි. ඒ වගේම ඔහුගේ පිළ එම අදහස සමඟ එකඟ වන බවක්ද පෙනේ. බුද්ධිමත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන එතුමා මේ අදහස යෙදිය හැකි සීමා මායිම් සහ සංදර්භ ගැන වැටහීමකින් එය කියා ඇති බවට මගේ කිසිදු සැකයක් නැත. එතුමන් මේ ප්‍රවාදය අවභාවිතාවේ නොයොදනු ඇති බවට මගේ කිසිදු සැකයක්ද නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙය සියළු දෙනා ඒ ආකාරයෙන්ම ග්‍රහණය කර ගනීද යන්නයි. මේ අදහස කෙනෙකුට ඉතා පහසුවෙන් තවත් සරලව මේ ආකාරයට ගත හැක. "අවශ්‍ය නම් විප්ලව සඳහා දේශපාලනය නීතියට ඉහළින් තැබිය හැක". එවන් වියුක්ත ප්‍රවාදයක් ඒ ඒ පුද්ගලයින්,සංවිධාන තම තම නැණ පමණින් ඒ ඒ අවස්ථාවලදී සංයුක්ත කල හැක. උදාහරණයකට මුජිබර් රහ්මාන්ට සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණය කල වසන්ත බණ්ඩාරගේ ඔළු පැලීමට මේ ප්‍රවාදය පහසුවෙන් යොදා ගත හැක. එසේ සාධාරණීකරණය කල පිරිස්ද සිටියහ. එපමණක් නොව, මේ හරහා යමින් පිලිප් ශාන්ත මහතා ප්‍රශ්න කරන්නෙ නීති විරෝධීව මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත් වූ කල ඔහුට ආශිර්වාද කල චීවරධාරියන්ට( ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් සහ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් මොහාන් පීරිස්ට ආශිර්වාද කරන පිංතූරයක් ඔහු ඒ සඳහා බුකියේ යොදා ගෙන ඇත ) දැන් කල යුත්තේ කුමක්ද කියායි. නිර්මාල් මහතා ඉදිරිපත් කරන
මේ අදහසේ ඇති භයානක කම පිලිප් ශාන්ත මහතා ඉදිරිපත් කරන අදහසින් සහ එයට ලැබී ඇති ප්‍රතිචාර වලින් පැහැදිලි විය යුතු යැයි සිතමි. ශාන්තලා පිරී සිටින සමාජයක මේ අදහස ශාන්ත නොවන අවසානයක් කැඳවිය හැකිය. අනෙක් අතට ඔය ප්‍රවාදයම පාරා වලල්ලක් වී තමන් වෙතම පැමිණිය හැකිය. 88/89 වකවානු පිළිබඳ සෘජු ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඇති කිසිවෙකුට ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කල යුතු යැයි නොසිතමි.
ඒ නිසා යහපාලන මහත්වරුන්ගෙන් කෙරෙන මගේ අහිංසක ඉල්ලීම නම්, ඔබලාගේ දේශපාලන ව්‍යාපෘතියේ යහපාලන අඩංගුව දැන් නග්නවම පැහැදිලියි. තව දුරටත් සුරංගනා යහපාලන බලාපොරොත්තු තබා ගන්නවුන්ට ඉතිරිව ඇත්තේ තම්න්වම රවටා ගැනීමේ විකල්පය පමණි. නමුත් මේ යහපාලන දේශපාලන ව්‍යාපෘතිය සඳහා නීතිය නවා ගැනීමට අවශ්‍ය නම්, 1) අදහසේ මෙන් අහිංසක ආකාරයකට එය නවා ගන්න. 2) අදහස ආකාරයේ සාහසික බීජ සහිත අදහස් යොදා නොගන්න. මන්ද එවන් සාහසික අදහස් මන්ද බුද්ධික ළාමක සුකිරි බටිල්ලන් අතට පත් වී Mini(මිනි) විප්ලව, මිනී විප්ලව බවට පහසුවෙන් පත් විය හැකි නිසායි.
(*) http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_15_Amd.html
ඒ නිසා යහපාලන මහත්වරුන්ගෙන් කෙරෙන මගේ අහිංසක ඉල්ලීම නම්, ඔබලාගේ දේශපාලන ව්‍යාපෘතියේ යහපාලන අඩංගුව දැන් නග්නවම පැහැදිලියි. තව දුරටත් සුරංගනා යහපාලන බලාපොරොත්තු තබා ගන්නවුන්ට ඉතිරිව ඇත්තේ තම්න්වම රවටා ගැනීමේ විකල්පය පමණි. නමුත් මේ යහපාලන දේශපාලන ව්‍යාපෘතිය සඳහා නීතිය නවා ගැනීමට අවශ්‍ය නම්, 1) අදහසේ මෙන් අහිංසක ආකාරයකට එය නවා ගන්න. 2) අදහස ආකාරයේ සාහසික බීජ සහිත අදහස් යොදා නොගන්න. මන්ද එවන් සාහසික අදහස් මන්ද බුද්ධික ළාමක සුකිරි බටිල්ලන් අතට පත් වී Mini(මිනි) විප්ලව, මිනී විප්ලව බවට පහසුවෙන් පත් විය හැකි නිසායි.
(*) http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_15_Amd.html
-චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
සහතික ඇත්ත!
ReplyDeleteමූණු පොතෙන් උපුටා ගත් කමෙන්ට් එකක්
ReplyDelete"අද ශ්‍රී ලංකාවට කණගාටුදායක දිනයකි. අධිකරණය විසින් ව්‍යවස්ථාදායකය මෙල්ල කරන ලදී. ව්‍යවස්ථාදායකය (පාර්ලීමෙන්තුව) යනු මෙරට ජනතාව ය. කුමන වර්ගයේ හෝ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායකයට පත්කරන ලද්දේ ජනතාව විසින් ය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිණිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කරන ලද්දේ ඉහත කී ජනතාව විසින් පත්කළ පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකක බලයක් මගිනි. එකී දෝෂාභියෝගයේ ස්වභාවය පිළිබඳ ගැටළු මතු කොට ඇත. එහෙත් එය අන්තිම විග්‍රහයේ දී දෝෂාභියෝගයකි. එය ජනතා නියෝජිතයින් විසින් පිළිගන්නා ලද්දකි. ඒ අනුව එකී දෝෂාභියෝගය රටේ නීතිය බවට පත්විය. අද දින ජනාධිපතිවරයා විසින් නීතිඥ සංගමය බලපෑමට නතු ව එසේ පාර්ලීමෙන්තුව විසින් පිළිගත් නීතියට අනුව ඉවත් කළ බණ්ඩාරනායක මැතිණිය ව නැවත සේවයේ පිහිටුණු ලැබුණි. අව ම වශයෙන් මේ පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක් හෝ නොපැවැත්විණි. මෙය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විධායක බලය අයුතු ලෙස භාවිත කිරීමක් වන අතර නීතිඥ සංගමය විසින් නීතිය සියතට ගැනීමකි. නිසි කොන්දේසි සපුරා, ඉක්මන් නොවී මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් ගැටළුවක් නැත. මෙය රටට හිතකර නොවන තත්වයකි. අව ම වශයෙන් නීතිඥවරුන්ට තමන් නීතියට එකඟ බව හා ඊට අනුව කටයුතු කරන බව පෙන්වීමට හැකියාව තිබුණි. එහෙත් නීතිය අභිබවා ආවේගය හා අභිමානය ජයගත් සෙයකි.
ශිරාණි ප්‍රශ්නය තුළ මුල සිට ම දක්නට තිබුණේ අන් කිසිත් නොව අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර බල අරගලයක් මෙන් ම අභිමානය පිළිබඳ ගැටළුවකි. තම වර්ගයාගේ මුදුන වන අගවිනිසුරුවරයා පාර්ලීමේන්තුව විසින් ඉවත් කිරීම පිළිබඳ නීතිඥ සංගමයට තිබුණේ පරාජිත හැඟීමකි. ප්‍රභාකරන්ට ආදරය කළ වුන්ට ඔහුගේ මරණයෙන් පසු අැති වූ තත්වය වන් එකකි එය. ඔවුන්ට පාර්ලීමේන්තු බලය පිළිබඳ හීනමානයක් ද තිබෙතැයි සැක සිතේ. මීට හේතුව පාර්ලීමෙන්තුව විසින් නීති සම්පාදනය කිරීම ය. කෙසේ වෙතත්, අද දින ජයග්‍රහණය කරන ලද්දේ මෙරට ජනතාව නොව තම අභිමානය වෙනුවෙන් සටන් කළ නීතිඥ ප්‍රජාව බව පක්‍ෂ විපක්‍ෂ සැම දැනගත යුතු ය.
මහින්ද පතිරණ
- ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය : සබරගමුව විශ්ව විද්‍යාලය
චරිතගේ ලිපියේ අති බහුතරයක සමඟ එකඟ වන අතර, චරිත නිර්මාල් පිලිබඳ දක්වන ආකල්පය පිලිබඳ එකඟ නොවෙමි. නිර්මාල්ලා මුළු දිවිය පුරාම ජාතිවාදීන් වෙනුවෙන් පෙනී සිටි ජාතිවාදීන්ය. අරුමය නම් ඔවුන් ජාතිවාදීනට එරෙහි වන්නන්ට ජාතිවාදියා යැයි කීවේ ජාතීවාදීන් හා එක යහනේ ළගිද්දීය. සම්බන්ධන්ගේ මතයේ සහ නිර්මාල්ගේ මතයේ වෙනසක් නැත. දෙමළ නිජබිම, දෙමළ ස්වයංපාලන අයිතිය, සිංහල බෞද්ධ වර්ගෝන්මාදයෙන් පෙළුනු මහානාම හිමි වසින් රචිත ව්‍යාජ මහාවංශය වැනි අදහස් දැරීම අතින් නිර්මාල්ලා සම්බන්ධන්ලා පරයා ගොස් වඩා ලං වනේ ප්‍රභාකරන්ගේ ඔළුවටය. ඒ ඔළුව චරිත කියන පරිදි ශාන්තලාට වඩා ශාන්ත නැත. එකම වෙනස ශාන්තලාට වඩා කපටි වීම පමණි. මේ ඊනියා කාල් මාක්ස්වාදීන් මාක්ස්ට නොදකින්නට ලැබීම මාක්ස් ලැබූ භාග්‍යයකි. මේ යහපාලන මහත්තුරුන් මේ එන්නේ අන් කිසිවකට නොව කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ හොදින් නැත්නම් නරකින් හෝ තම මනදොළ වන දෙමළ නිජබිම සාකෂාත් කර ගැනීමටයි. අවාසනාවකට මොවුන් සිංහල වීම නිසාම මොවුන්ව තේරුම් ගැනීමට පොදු සිංහලයා අසමත්ය. සිංහලයාගේ ඒ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගන්නා මේ ජාතිවාදීන් ප්‍රභාකරන්ට වඩා භයානකය.
ReplyDeleteප්‍රභාකරන්ට මිනී මැරිය හැක. නමුත් ඔහුට රට දෙකඩ කළ නොහැකිය. නිර්මාල්ලාට මිනී මැරිය නොහැක. නමුත් ඔවුනට රට දෙකඩ කළ හැකිය. ප්‍රභාකරන්ගෙන් සිංහලයාට සිදු වූ වැදගත්ම සේවය නම් ඔහුට වඩා ඒ කාරයයෙහි සමත් නිර්මාල්ලාට ඉඩක් නොලැබීමය. නමුත් අද අන්ධ සිංහලයාට ප්‍රභාකරන්ගේ ඒ ආරක්ෂාව නැත. නිර්මාල්ලා ගෙන එන ජනපති හරහා ගෙන එන අගවිනිසුරු ගැන නොකියන්නේ අධිකරණයට අපහාස නොකළ යුතු නිසා හා ඒ නිසාම පමණි. වෙන දේ බලාගන්නට ලැබෙනු ඇත.
නිර්මාල්ලා යහපාලනයක් කතා කළත් ඔවුන්ගේ ඔළුවේ තිබුනේ විප්ලවයක් බව ඔහුගේ ෆේස්බුක් කොමෙන්ටුවලින් බලාගත හැකිය. මේ විප්ලවය අනෙකක් නොව ප්‍රභාකරන් දශක ගණනක දත කෑ විප්ල්වයමය. ඒ විප්ලවය සඳහා සියළු යටිතල පහසුකම් දින 100 නොකියූ නමුත් ක්‍රියාත්මක සැලැස්ම තුළ අධි වේගයකින් සැපයෙමින් ඇත. නිර්මාල්ලා යහපාලනය කියා ජනාතාව ගොනාට ඇන්දූයේ ඒ සඳහා මිස මේ යහපාලනයක් වුවමනා වී නොවන බව අපි දැන සිටියෙමු. නිර්මාල්ලාගේ බෙදුම්වාදී විප්ලවය ජයග්‍රහණය කරා යමින් ඇත. මිය ගිය රණ විරුවන්ගේ මරණයට අර්ථයක සැපයීමට අසමත් වූවන බවට අපි පත් වෙමින් සිටින්නෙමු.
හයියෝ.. මේකට ලියන උන්ගෙ දැනුමෙ තරම ..
ReplyDelete"ඉවත් කිරීම" කියන වචනෙ නැතිවෙච්ච එක නෙමෙයි ප්‍රශ්නෙ. එහෙම ඉවත් කරන්න කියල යෝජනාවක් පාර්ලිමේන්තුවෙ සම්මත වී නැති වීමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.
ඔය ව්‍යවස්ථාවෙ පැහදිලිව කියල තියෙන්නෙ.තේරුම් ගන්න පහසුවෙන්න මෙහෙම කියන්නම්කො.
1.අගවිනිසුරුගේ කල්ක්‍රියාව වැරදි බැවින් එය විභාග කොට ඉවත් කිරීම සඳහා පරීක්ෂනයක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තු තේරීම් සභාවක් පිහිටුවීමට අවසර දෙන්න.(කථානායකතුමා වෙත )
2.අගවිනිසුරුගේ කල්ක්‍රියාව වැරදි බව තහවුරු වූ බැවින් තනතුරෙන් ඉවත් කරන්න.(ජනාධිපතිතුමා වෙත )
රජයේ (එවක විපක්ෂයේ ) තර්කය අනුව මටනම් තේරෙන්නේ, මෙතන වෙලා තියෙන්නෙ 2=1 වීම. ජනාධිපති අත්සන් කරලා අවසර දීල තියෙන්නෙ 1හි සඳහන් දෙයටයි.
එහෙම නෙමෙයි, වෙන වෙනම ලියවිලි දෙකක් ඉදිරිපත් වෙලා තියනවා කියල කියනවනම් කරුණාකර ඉදිරිපත් කරන්න. මට තවම හම්බ වුනේ නැති නිසා.
උපරිමාධිකරණයේ අර්ථදැක්වීම අවශ්‍යයි කියන්නේ, එවකට උපරිමාධිකරණයෙන් ඒකමතිකව සම්මත් උනා නේද දෝශාභියෝගය නීති විරෝධී කියලා. එහෙම බැලුව්වොත් විපක්ෂයේ තර්කය අවශ්‍ය වෙන්නෙත් නැහැ.නීතිවිරෝධී උපරිමාදිකරණයකින් අර්ථ නිරූපනයක් ගැනීමෙන් ඇති ඵලය කුමක්ද? එවක ජනාධිපතිවරයා කෙලින්ම නීති විරෝධී වැඩක් කරලා තියෙන නිසා වර්තමාන ජනාධිපතිවරයා ඒ වරද නිවැරදි කර ගැනීම විතරයි කරලා තියෙන්නෙ ලිපිය ඉල්ලා අස් කරගැනීම තුල.
ඔය දෙවෙනි තර්කය ගැන නම් කියන්න දෙයක් නෑ. මාක්ස්වාදීන්ගෙ මනස්ගාත. රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ කල නිල අදහසක් නෙමෙයිනෙ.
http://asianmirror.lk/news/item/6728-legal-basis-of-cj-44-removal-and-cj-43-reinstatement
ReplyDeleteඅනුන්ගෙ දැනුම මනින්න වෙලාව නාස්ති කලාට ස්තුතියි. :)
මේ ලිපිය කියවන්න. ඔය කියන අඩු දැනුම ශිරාණි බණ්ඩාරණායක මහත්මියගේ නීතිඥ්ඥායා වන සාලිය පීරිස්ටත් එහෙමම තියෙනව කියල තමයි ඔබතුමා කියන එක හරි නන් අපිට නිගමනය කරන්න වෙන්නෙ.
"උපරිමාධිකරණයේ අර්ථදැක්වීම අවශ්‍යයි කියන්නේ, එවකට උපරිමාධිකරණයෙන් ඒකමතිකව සම්මත් උනා නේද දෝශාභියෝගය නීති විරෝධී කියලා."
මෙක තමයි හාස්‍යජනකම කතාව. කවුද එතකොට ඔය නීති විරෝධී කියන නඩුව දැම්මෙ? කවුද නීති විරෝධී කියල කියන නීතිඥ්ඥ මඩුල්ල තීරණය කලේ? මේ පිළිබඳ සරත් එන් සිල්වා මහත්තය සහ අශෝක සිල්වා මහත්තය දක්වල තියෙන අදහස් හොයාගෙන කියවන්න, අනුන්ගෙ දැනුම් මනින්න ගිහින් වෙලාව ඉතුරු උනොත් විතරක්.
-චරිත කාරියවසම්
What's your point? The article says the same thing that im saying. Please, try talk to @Charitha Kariyawasam
Deletethe point without going rounds. And show me if there is a resolution adressing the president asking presidents permission to remove the CJ.
Also, it would be much easier if you can point out what articles from Sarath N. and Ashoka de silva you suggesting me to go through,.
අගවිනිසුරු ඉවත් කල හැටි වැරදියි.. අධිකරණය කවදාවත් මෙසේ බාල්දු වී නෑ.. - සරත් නන්ද සිල්වා
ReplyDeleteඅගවිනිසුරු ඉවත් කල හැටි වැරදියි.. අධිකරණය කවදාවත් මෙසේ බාල්දු වී නෑ..
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කළ ආකාරය බලශුන්‍ය යැයි කියන්නේ නම් වසර දෙකක කාලයක් පුරා ඔහු දුන් නඩු තීන්දු ද බල රහිත වන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
අගවිනිසුරුවරයා ඉවත්කිරීමට අනුගමනය කළ ක්‍රමය තමා කිසිසේත් අනුමත නොකරන බව ද කීය.අධිකරණයේ ඉහළම තනතුර මේ ආකාරයෙන් බාල්දුවීමක් එම තනතුර ප්‍රතිෂ්ඨාපනය කළ 1802 වසරේ සිට මේ දක්වා වූ ඉතිහාසයේ කිසිම විටෙක සිදුවී නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.
මෙම සිද්ධිය තුළින් අවිනිශ්චිත අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන අතර යම් ක්‍රියාවක් නීත්‍යනුකූලව කරනු මිස හදිසියේ කරන්නට යාම නිසා අර්බුදකාරී තත්ත්වයන් උග්‍ර වන බවත් කීවේය.
අධිකරණ ක්‍ෂේත්‍රයට පවතින මහජන ගෞරවය හා විශ්වාසය පළුදු වී යාමට මෙවැනි තත්ත්වයන් හේතු වන අතර මතු අනාගතයෙහි නඩු විසඳීම්වලට පවා බියක් ඇතිකරවන බවත් සරත්නන්ද සිල්වා මහතා කියා සිටී.
නඩු විසඳීමේ ක්‍රියාවන්හි යෙදුනු ඉහළ තනතුරු දැරුවන් නීත්‍යනුකූල නොවන අයුරින් ඉවත් කිරීමෙන් ඇතිකරන තත්ත්වය යහපාලනයට පටහැනි වන අතර නීතියේ යහපාලනය බිඳ හෙළීමක් යැයි ද සරත්නන්ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
//Anonymous1/29/2015 1:27 PM//
DeleteWell well it seems I'm wrong on that regard too. Read the 119(2) of the constitution.
119. (2) The Supreme Court shall have power to act notwithstanding any vacancy in its membership and no act or proceeding of the Court shall be, or shall be deemed to be, invalid by reason only of any such vacancy or any defect in the appointment of a Judge.
How this guy Sarath N become the CJ?
So finally you lot have no other option but to seek help from Sarath N. Silva. What a pity ne?
ReplyDeleteBut I think what he says is right. Right in that by rejecting Mohan P. the new govt give the validity to the logic that all the judgements handed out by Mohan P. will be invalid.
I don't have an element of doubt about the legality of reinstating Shirani B. in this manner. But it will raise questions which are purely ethical in the eyes of the public. But going for an motion of impeachment against Mohan P. is indirectly giving his appointment an undue validity. That's why this govt never wanted to go on that path and all the way was asking to honorably step down from Mohan.
අහිංසක රජයක් නේද? පව් අනේ එයාලා
Deleteඅහිංසක රජයක් නේද? පව් අනේ එයාලා
DeleteSarath N. Silva also said he himself made a mistake by not giving a sentence to MR on stealing Helping Hambantota funds thus allowing him to be the president of the country. Don't you think it's the origin of all of these problems?
ReplyDeleteThis is the official announcement from the Govt.
ReplyDeletehttps://lankacnews.com/sinhala/news/127786/
As I said, there was never a motion addressing the president to asking the removal of 43rd CJ. If there is a one, show me Charitha Kariyawasam without going rounds. And also tell me what articles should I read from Saran N Silva and Ashoka de Silva.
//“But the UPFA majority Parliament had its way and the vote was taken, irrevocably relegating Shirani Bandaranayake to defeat, despite her consistent victories before the law, which found the process to be profoundly flawed and constitutionally unsound.” (Ends)
ReplyDeleteTwo years later, lawyers contend that the former President did not have the power to remove the Chief Justice, because in accordance with Article 107 of the Constitution, President Rajapaksa did not receive an address by Parliament – a prerequisite to the constitutional removal of a sitting Supreme Court judge.
What transpired yesterday was fundamentally an Executive error by President Mahinda Rajapaksa, undone and rectified by his successor, Maithripala Sirisena, on a procedural point.
Parliament voted on 11 January 2013, on a motion of impeachment, which sought to set up a Parliamentary Select Committee to investigate 14 charges that had been brought against her. The trouble was, that motion had already been voted upon on 6 November 2012, and several sittings by the PSC headed by Anura Priyadarshana Yapa had already been held. Chief Justice Bandaranayake had hired lawyers and appeared before the Committee herself before refusing to attend any more sittings after ruling party MPs on the committee verbally abused and insulted her.
It was this same motion that had been included on the Order Paper two months later, when the UPFA-controlled Parliament was preparing to vote on her impeachment.
The error was pointed out. But Speaker Chamal Rajapaksa ruled at 7:30 p.m. on 11 January that the motion of impeachment ‘would suffice,’ in blatant disregard of Parliamentary procedure. But there was a tragic flaw in the process as yesterday’s developments have now made clear. The Constitution also requires that after an accused judge is found guilty, Parliament must present an address to the President, requesting him to remove the senior judge.//
"As I said, there was never a motion addressing the president to asking the removal of 43rd CJ. If there is a one, show me Charitha Kariyawasam without going rounds."
ReplyDeletehttps://lankacnews.com/sinhala/news/127786/#sthash.yeKSNblE.dpuf
ඔබතුමා දෙන මූලාශ්‍රයෙම තියෙනවනෙ මම කියන කාරණය. ඇත්තටම මම දීපු මූලාශ්‍රයට වඩා පැහැදිලිව සරල සිංහලෙන් ඒකෙ තියෙනවා. ස්තුතියි ලබා දුන්නට. :)
"අනතුරුව තේරීම්කාරක සභාව වාර්තාව 2013 ජනවාරී 10 සහ 11 දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කර අවසානයේ යෝජනාවක් සම්මත කරන ලදී.
එහෙත් එම සම්මත වූ යෝජනාවේ සඳහන් වූයේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පමණි."
මේ අනුව ඉතා පැහැදිලියි ඒ සම්මත උනු යෝජනාවේ "ඉවත් කිරීම" කියන කාරණය නැති වීම තමයි මෙතන ප්‍රශ්නය.
මේ යෝජනාව ගෙන ඒමේදී ආණ්ඩුව කල වරද තමයි විවාදය කිරීමට ගෙනාපු යෝජනාවම නැවත විවාදයට පසුවත් සම්මත කර ගත යුතු යෝජනාව ලෙස ඉදිරිපත් කිරීම.
නමුත් මෙතන නීතිමය ප්‍රශ්නය ඇති වෙන්නෙ ඒ ගෙනාපු යෝජනා දෙකම එකම වීම නිසා නෙමෙයි. පාර්ලිමේන්තුවෙ සම්මත උනු
යෝජනාවෙ "ඉවත් කිරීම" කියන කාරණය අඩංගු නොවීම. නමුත් ඔය තර්කයට ප්‍රති තර්ක ඇති වෙන්න ඒ හැන්සාඩ් එකේම ඇතුලත්. ඒ හැන්සාඩ් එකේ කතානායක තුමා අවසානයට කරල තියෙන ප්‍රකාශය කියවන්න.
ඒ නිසා මගේ ප්‍රධාන තර්කය මේකයි. මෙතන නීතියට අර්ථ නිරූපණයක් අවශ්‍යම මොහොතක්, මොකද ප්‍රතිවිරුද්ධ මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක්. ඒ වෙලාවෙ කරන්න ඕන උපරිමාධිකරණයේ මතය විමසන එක. එහෙම නැත්තන් 107 ට අනුව අගවිනිසුරු ඉවත් කරන එක. නමුත් ඒ දෙකම උනේ නැහැ.
"And also tell me what articles should I read from Saran N Silva and Ashoka de Silva."
සරත් එන් සිල්වා මහතා පැහැදිලිවම කරුණු දැක්වුවා එහෙම අධිකරණයට ව්‍යවස්ථාදායකයට නියෝග දිය නොහැකියි කියලා. ඔහු පමණක් නෙමෙයි, ගෝමින් දයාසිරි වගේ අයත් කලා. ඒ වගේම ඒ අධිකරණ තීන්දුවේ නිවැරදි භාවය ඒ විනිසුරුවන් දෙදෙනාම දැඩිව ප්‍රශ්න කලා. ඒ සංවාද දෝෂාභියෝගය ගිය වකවානුවෙ ආර්ටිකල් කියෙව්ව නන් හොයා ගන්න පුළුවන් වෙන්න ඕන. මා ගාව සේව් කරල නන් නැහැ. හම්බ උනොත් මෙතන ෂෙයා කරන්නන්. හැබැයි උනන්දුවෙන් හොයන්න නන් ඕනකමක් හෝ වෙලාවක් නැහැ මොකද ඒව හැමෝම දන්න කරුණු.
ප.ලි : ඔබට නියම නමින් සංවාද කරන්න පුළුවන් නන් මීට වඩා සාධාරණයි කියල හිතනවා. අනික මේ සංවාදය ෆේස්බුක් එකේ ජාතික චින්තන ගෘප් එකේ හරි යුතුකම පේජ් එකේ හරි කලා නන් මේ කමෙන්ට්ස් වලට නොටිෆිකේෂන්ස් එනවා. නැත්තන් මේව මිස් වෙනවා.
- චරිත කාරියවසම්.
@චරිත කාරියවසම්
ReplyDeleteඔය එහෙන් මෙහෙන් හොයා ගත්තු පත්තර කෑලි කියවන ගමන් පාර්ලිමේන්තුවෙ හැන්සාඩ් එකත් කියවලා බලන්නකෝ "ඉවත් කිරීම" කියන වචනෙ තියෙනවද නැද්ද කියලා. කියවලා තේරුම්ගන්න උත්සාහ කරන්නකෝ ඒ යෝජනාවෙන් මොකක්ද ඉල්ලල තියෙන්නෙ කියලා. ඔන්න පහසුවට මම ලින්කුවත් දැම්මා.
http://www.parliament.lk/uploads/documents/hansard/PUBDOC4334_document.pdf
ඊට පස්සේ කියන්නකෝ එකම ඉල්ලීමක් වෙනුවෙන් ක්රම දෙකකට ක්රියා කල යුත්තේ ඇයි කියල.
දෝශාභියෝග ක්රියාවලිය පිළිබඳව අධිකරණය තීරණයක් දීල ඉවරයි. ඒ අවස්ථාවෙ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව (චමල් සහ රනිල්) අධිකරණයට දෝශාභියෝගයට මැදිහත් වීමේ බලයක් නැහැ කියලා පිළිගෙන ඉවරයි. ඒ අවස්ථාවෙ අනවශ්ය වූ දෙයක් මේ අවස්ථාවෙදි අවශ්යයි කීමට හේතුවක් නෑ.
මම ඔය කියන එහෙන් මෙහෙන් අහුලන පත්තර කෑලිත් කියවනවා. ඒ වගේම හැන්සාඩ් එකත් කියවනවා. මම ලියපු පිළිතුර සංයමයකින් කියෙව්ව නන් මේ කෑල්ල මිස් වෙන්න විදියක් නැහැ.
Delete"ඒ හැන්සාඩ් එකේ කතානායක තුමා අවසානයට කරල තියෙන ප්‍රකාශය කියවන්න."
ඔය හැන්සාඩ් එකේම 650 සහ 651 පිටු දෙකේ කථානායකතුමා කරල තියෙන ප්‍රකාශයත් ඔබතුමාට පුළුවන් නන් මෙතන ලියන්නකො. එතකොට වැඩේ පැහැදිලියි :)
"දෝශාභියෝග ක්රියාවලිය පිළිබඳව අධිකරණය තීරණයක් දීල ඉවරයි. ඒ අවස්ථාවෙ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව (චමල් සහ රනිල්) අධිකරණයට දෝශාභියෝගයට මැදිහත් වීමේ බලයක් නැහැ කියලා පිළිගෙන ඉවරයි. ඒ අවස්ථාවෙ අනවශ්ය වූ දෙයක් මේ අවස්ථාවෙදි අවශ්යයි කීමට හේතුවක් නෑ"
මේ කියන දේ නන් පැහැදිලි නැහැ. මේක මම කියන එකට සෘජුව අදාලත් නැහැ.
කොහොම නමුත් මගේ තර්කය මෙච්චරයි. එහෙම ඉවත් කිරීම සෘජුව සඳහන් කරගෙන යෝජනාවක් අවශ්‍යයි කියන්න වගේම එහෙම සෘජුව ඉවත් කිරීම සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියන්නත් පුළුවන් 107 වගන්තිය අනුව. ඒතකොට එතන අර්ථ කථන දෙකක් තියෙනවා. ඒ දෙකෙන් හරි එක මොකක්ද කියල තීරණය කරන්නෙ මම දන්න තරමින් නන් උපරිමාධිකරණය. එහෙම නැතුව බාර් සංගමයවත්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවත් නෙමෙයි.
අනිත් කාරණය දැන් මතු වෙන කරුණ තමයි ඒ සම්මත කරගත් යෝජනාව පවා කථානායක තුමා පිළි අරන් තියෙනවා ඉවත් කිරීම සඳහා ගෙන ආපු යෝජනාවක් කියලා. 650 සහ 651 පිටු වල ඒක පැහැදිලිව තියෙනවා. ඒ තර්කය මම මේ ලිපියෙ ලියල තියෙන තර්කයටත් වඩා ශක්තිමත් තර්කයක්.
-චරිත කාරියවසම්.
http://www.parliament.lk/uploads/documents/hansard/PUBDOC4334_document.pdf#sthash.IOCrLNP5.dpuf
ReplyDeleteමේ හැන්සාඩ් එක සහ
https://lankacnews.com/sinhala/news/127862/
මේ ලිපිය කියෙව්වම මට හිතෙන්නෙ මම ලිපියෙ දක්වල තියෙන අඩුම ලංසුවෙ තර්කයටත් වඩා දුර්වල තර්කයක් එතුමල ඉදිරිපත් කරන්නෙ කියලයි.
නමුත් නැවතත් කියන්න තියෙන ප්‍රධානම කරුණ තමයි, ඒ දැක්වෙන අර්ථ නිරූපණ කිහිපයෙන් හරි එක තීරණය කරන්න ජනාධිපතිට බලයක් නැහැ. එහෙම බලය අරන් කරපු වැඩේ නීති විරෝධී. ව්‍යවස්ථා විරෝධී. අධිකරණයේ පමණක් නෙමෙයි ව්‍යවස්ථාදායකයේ බලයත් අතට ගැනීමක්.
-චරිත කාරියවසම්
ඉවත් කිරීම සෘජුව සඳහන් විය යුතුයි කියලා කව්ද කිව්වේ? එය ඔබ වැරදි කොනෙන් අල්ලගෙන ඳඟලන ප්‍රශ්නයක්නෙ. ඉවත් කිරීම තිබුනත් නැතත් එකයි. අවශ්‍ය වන්නේ ඒ අදහස පැහැදිලිව සඳහන් වනසේ වාක්‍ය ගොනුකර තිබීමයි.
ReplyDeleteඔබ මගේ ප්‍රශ්නයට උත්තරේ දුන්නේ නැහැනේ. පහසුව සඳහා මම අනුපිලිවෙලට ලියන්නම්කෝ.
1.එකම ඉල්ලීමක් සඳහා දෙවිදියකට ක්‍රියාත්මක විය යුත්තේ කථානායකට භාෂාව තේරුම් ගැනීමේ අපහසුව නිසාද? නැතිනම් වෙන හේතුවක්ද?
2.ඔබ කියන විදියටනම් ඒ අවස්ථාවත් මතභේදාත්මක සිද්ධියක් නිසා අර්ථ දැක්වීමක් සඳහා උසාවි යා යුතුව තිබුනා නේද?
3.ඔබ හිතන්නේ ශිරානි මහත්මිය ඉවත් කිරීමේදී නීතිමය වශයෙන් වරදක් සිදුවී නැතිද?
4.තවත් පැහැදිලි වෙන්න මේකත් කියන්නකෝ. අගවිනිසුරුට එරෙහිව ඔප්පු වුනේ චෝදනා කීයද? මේ යෝජනාවේ චෝදනා කීයක් ඇතුලත්ද.
කථානායක පිළිගත්තද නැතිද කියන කාරනය නෙමෙයි වැදගත්, ඔහු ක්‍රියා කරපු ආකාරය හරිද කියන වැරදිද කියන එකයි.කථානායක කියන්නේ ශක්‍රදේවේන්ද්‍රයා නෙමෙයිනේ ඔහු කියපු පලියට හරියි කියලා පිලිගන්න.
ඔහු තේරීම් කාරක සභාවක් ඉල්ලුවහම එකපාරක් තේරීම් කාරක සභාවක් දෙනවා. දෙවෙනි වරත් ඒකම ඉල්ලුවහම අගවිනිසුරුව ඉවත් කරනවා. දෙකින් එකයිනෙ හරි වෙන්න පුලුවන්. දෙකම හරි වෙන්න බැහැනෙ.
කථානායක කියන විදියට පරමාර්තය අගවිනිසුරු ඉවත් කිරිම වෙන්න පුලුවන්. ඒත් යෝජනාවෙන් ඒක කියවෙන්නෙ නැහනෙ. පරමාර්ථය පැහැදිලිව ප්‍රකාශ කරන්නනෙ භාෂාවක් තියෙන්නෙ එවෙලෙ එතන හිටපු නැති කෙනෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් වෙන්න අදහස ප්‍රකාශ කරන්න.
ඇත්ත කාරණාව තමයි ඔවුන්ට එම දිනය තුල (සිකුරාදාව ) කෙසේ හෝ අගවිනිසුරුව ඉවත් කර ගත යුතුව තිබුනා.ඔවුන් දැනන් සිටියා මේ යෝජනාව නීතිමය වශයෙන් වැරදි බව. ඒත් එය නිවැරදි කර ගැනීමට තව දිනයක් බලන් ඉන්න ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට සුපුරුදු බලාත්කාරයම අනුගමනය කරමින් එය සම්මත කර ගත්තා (යැයි සිතුවාට ) නීතිය ඉදිරියේ එය එසේ වන්නේ නැහැ. බාර් සංගම් මාධ්‍ය ප්‍රකාශකලා මේකට අදාල වෙන්නේ නැහැ. උද්ගෝශනය කිරීම ඔවුන්ගේ කැමැත්ත (ගෝල්ඩන් කී තැන්පත්කරුවන් උද්ඝෝශනය කල අරුතින්). එහි තිබෙන්නේ දේශපාලනයක් පමණයි කියා ඔබත් මමත් දනී.
මයිත්‍රී කලේ අගවිනිසුරුවරියට නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව දීම පමණි. චෝදනා ඔප්පු වී ඇති බැවින් නැවත නිවැරදිව ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් එය කල හැක. නමුත් අගවිනිසුරුවරිය ඉල්ලා අස්වීමට කැමැත්ත පලකල බැවින් එහි අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.
"කථානායක පිළිගත්තද නැතිද කියන කාරනය නෙමෙයි වැදගත්, ඔහු ක්‍රියා කරපු ආකාරය හරිද කියන වැරදිද කියන එකයි.කථානායක කියන්නේ ශක්‍රදේවේන්ද්‍රයා නෙමෙයිනේ ඔහු කියපු පලියට හරියි කියලා පිලිගන්න"
ReplyDeleteමම කොහෙද කියල තියෙන්නෙ කථානායක කියපු පලියට හරියි කියල පිලිගන්න කියලා?
"ඔහු තේරීම් කාරක සභාවක් ඉල්ලුවහම එකපාරක් තේරීම් කාරක සභාවක් දෙනවා. දෙවෙනි වරත් ඒකම ඉල්ලුවහම අගවිනිසුරුව ඉවත් කරනවා"
අසම්පූර්ණ ප්‍රකාශයක්නෙ. ඔබ අදහස් කරන්නෙ විපක්ෂයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලපු එක කියල හිතලා මට උත්තර දෙන්න පුළුවන්. එතනදි මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මත දෙකට අදාලව කතානායකවරයා තමන්ගෙ තීරණය ඉදිරිපත් කරල තියෙනවා හැන්සාඩ් එකේ 650,651 කියන පිටු දෙකේ. ඒ අනුව ඔහු ක්‍රියා කරල තියෙනවා. ඒ තීරණය ඔහු සතුයි. අනිත් ප්‍රධානම කාරණය, කතානායකට අගවිනිසුරු ඉවත් කිරීමේ බලයක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි කතාවක්.
"කථානායක කියන විදියට පරමාර්තය අගවිනිසුරු ඉවත් කිරිම වෙන්න පුලුවන්. ඒත් යෝජනාවෙන් ඒක කියවෙන්නෙ නැහනෙ."
ඒ මොහොතෙ මේ තීරණය ගන්නෙ කථානායක. ඒකට කාටවත් බලපෑම් කරන්න බැහැ. මම දන්න තරමට අඩුම තරමේ අධිකරණයටවත් ඒ තීරණයට බලපෑම් කරන්න බැහැ.
"ඇත්ත කාරණාව තමයි ඔවුන්ට එම දිනය තුල (සිකුරාදාව ) කෙසේ හෝ අගවිනිසුරුව ඉවත් කර ගත යුතුව තිබුනා.ඔවුන් දැනන් සිටියා මේ යෝජනාව නීතිමය වශයෙන් වැරදි බව. ඒත් එය නිවැරදි කර ගැනීමට තව දිනයක් බලන් ඉන්න ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ."
මේකෙ අර්ධ සත්‍යක් තිබිය හැකියි. ඒ වගේමයි අනිත් පැත්ත. විපක්ෂය මේ මතු කාරණය මතු කලේම අගවිනිසුරු ඉවත් කර ගැනීමේ ක්‍රියාදාමය හිතා මතාම පරක්කු කිරීමට. ඔය කාරණා දෙකේම තියෙන දේශපාලනය මම නන් ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මම ඔය දෙකම අර්ධ සත්‍ය දෙකක් ලෙස පිළිගන්නවා.
"ඔවුන්ට සුපුරුදු බලාත්කාරයම අනුගමනය කරමින් එය සම්මත කර ගත්තා (යැයි සිතුවාට ) නීතිය ඉදිරියේ එය එසේ වන්නේ නැහැ"
මේක තීරණය කරන්නෙ කවුද? මේක තමයි මම ළිපියෙන් මතු කරල තියෙන ප්‍රධාන ප්‍රශ්නය.
"මයිත්‍රී කලේ අගවිනිසුරුවරියට නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව දීම පමණි. චෝදනා ඔප්පු වී ඇති බැවින් නැවත නිවැරදිව ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් එය කල හැක. නමුත් අගවිනිසුරුවරිය ඉල්ලා අස්වීමට කැමැත්ත පලකල බැවින් එහි අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත."
මේ විපක්ෂයේ මතය. එවෙලෙ ආණ්ඩුවෙන් පැහැදිලිවම කිව්වෙ එය නීතිමය ආකාරයට සිදු උනා කියලයි.හැන්සාඩ් එකෙන් ඒක පැහැදිලියි. නැවතත් ප්‍රධාන ප්‍රශ්නය වටේමයි ඔබ කැරකෙන්නෙ. මේ ක්‍රියාදාමය නිවැරදිද නැද්ද කියල තීරණය කරන්නෙ කවුද? බාර් සංගමයද? ජනාදිපති මාධ්‍ය ප්‍රකාශකද? ඔබද ? මමද?
-චරිත කාරියවසම්.
ඔබ අහන ප්‍රශ්න වලට නෙමේනෙ උත්තර දෙන්නෙ.(1,2,3,4)
Delete//"කථානායක පිළිගත්තද නැතිද කියන කාරනය නෙමෙයි වැදගත්, ඔහු ක්‍රියා කරපු ආකාරය හරිද කියන වැරදිද කියන එකයි.කථානායක කියන්නේ ශක්‍රදේවේන්ද්‍රයා නෙමෙයිනේ ඔහු කියපු පලියට හරියි කියලා පිලිගන්න"
මම කොහෙද කියල තියෙන්නෙ කථානායක කියපු පලියට හරියි කියල පිලිගන්න කියලා?//
ඔබම කියල තියෙන්නෙ මෙහෙම."අනිත් කාරණය දැන් මතු වෙන කරුණ තමයි ඒ සම්මත කරගත් යෝජනාව පවා කථානායක තුමා පිළි අරන් තියෙනවා ඉවත් කිරීම සඳහා ගෙන ආපු යෝජනාවක් කියලා. 650 සහ 651 පිටු වල ඒක පැහැදිලිව තියෙනවා. ඒ තර්කය මම මේ ලිපියෙ ලියල තියෙන තර්කයටත් වඩා ශක්තිමත් තර්කයක්. "
ඔය කියන්නේ කථානායක පිළිගත්තු නිසා ඔක්කොම හරි කියලනෙ.
//""ඔහු තේරීම් කාරක සභාවක් ඉල්ලුවහම එකපාරක් තේරීම් කාරක සභාවක් දෙනවා. දෙවෙනි වරත් ඒකම ඉල්ලුවහම අගවිනිසුරුව ඉවත් කරනවා"
අසම්පූර්ණ ප්‍රකාශයක්නෙ. ඔබ අදහස් කරන්නෙ විපක්ෂයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලපු එක කියල හිතලා මට උත්තර දෙන්න පුළුවන්. එතනදි මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මත දෙකට අදාලව කතානායකවරයා තමන්ගෙ තීරණය ඉදිරිපත් කරල තියෙනවා හැන්සාඩ් එකේ 650,651 කියන පිටු දෙකේ. ඒ අනුව ඔහු ක්‍රියා කරල තියෙනවා. ඒ තීරණය ඔහු සතුයි. අනිත් ප්‍රධානම කාරණය, කතානායකට අගවිනිසුරු ඉවත් කිරීමේ බලයක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි කතාවක්.//
2012.11.6 වෙනිදා කරපු ඉල්ලීමට ඔහු තේරීම් කාරක සභාවක් පත් කරනවා. එම ඉල්ලීමම 2013 .1.10 වෙනිදා නැවත ඉදිරිපත් කලාම ඔහු වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්නවා. ඒකයි මට කියන්න ඕනෙ උනේ.කථානායකට අගවිනිසුරු ඉවත් කිරීමේ බලයක් නැහැ. එතන ගැටලුවක් නැහැ.
//"කථානායක කියන විදියට පරමාර්තය අගවිනිසුරු ඉවත් කිරිම වෙන්න පුලුවන්. ඒත් යෝජනාවෙන් ඒක කියවෙන්නෙ නැහනෙ."
ඒ මොහොතෙ මේ තීරණය ගන්නෙ කථානායක. ඒකට කාටවත් බලපෑම් කරන්න බැහැ. මම දන්න තරමට අඩුම තරමේ අධිකරණයටවත් ඒ තීරණයට බලපෑම් කරන්න බැහැ.//
එහෙනම් නැවත ඔබ කියන විදියට අධිකරණයෙ අදහස විමසුවත් ඵලක් නැහැ නේද?
//"ඔවුන්ට සුපුරුදු බලාත්කාරයම අනුගමනය කරමින් එය සම්මත කර ගත්තා (යැයි සිතුවාට ) නීතිය ඉදිරියේ එය එසේ වන්නේ නැහැ"
මේක තීරණය කරන්නෙ කවුද? මේක තමයි මම ළිපියෙන් මතු කරල තියෙන ප්‍රධාන ප්‍රශ්නය.
"මයිත්‍රී කලේ අගවිනිසුරුවරියට නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව දීම පමණි. චෝදනා ඔප්පු වී ඇති බැවින් නැවත නිවැරදිව ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් එය කල හැක. නමුත් අගවිනිසුරුවරිය ඉල්ලා අස්වීමට කැමැත්ත පලකල බැවින් එහි අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත."
මේ විපක්ෂයේ මතය. එවෙලෙ ආණ්ඩුවෙන් පැහැදිලිවම කිව්වෙ එය නීතිමය ආකාරයට සිදු උනා කියලයි.හැන්සාඩ් එකෙන් ඒක පැහැදිලියි. නැවතත් ප්‍රධාන ප්‍රශ්නය වටේමයි ඔබ කැරකෙන්නෙ. මේ ක්‍රියාදාමය නිවැරදිද නැද්ද කියල තීරණය කරන්නෙ කවුද? බාර් සංගමයද? ජනාදිපති මාධ්‍ය ප්‍රකාශකද? ඔබද ? මමද? -//
1,2,3,4 ට පිළිතුරු දීමට උත්සාහ ගත් විට ඔබට පැහැදිලි වේයයි සිතමි.
එක්වරක් අධිකරණයට මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක් නැතිබව දෙපාර්ශවයම එකඟව තිබියදී ඔබලාට අවාසිදායක අවස්ථාවේදී පමණක් අධිකරණයේ පිහිට පැතිය යුතුය කීමෙන් පලක් වන්නේ නැත. එසේනම් දෝෂාභියෝග ක්‍රියාවලියම නීතියට පටහැනි බව අධිකරණයේ තීරණය වී හමාරය.
නමුත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. කථානායක වරයාගේ ක්‍රියා කලාපය තුලය. ඔහුට තිබුනේ පිටින් (ඉහලින්) එන ඕඩර්ස් වලට අනුව ව්‍යවස්ථාදායකය මෙහෙයවීම පමණි.සද්භාවයෙන් බලන අයකුට මෙම අවසන් අවස්ථාවේ කථානායක වරයාගේ ක්‍රියාකාරීත්වය ගැටලු සහගත බවත් එහි මධ්‍යස්ථ බවක් නැති බවත් පැහැදිලි වී ඇත. මේ අවස්ථාවේ එහි තීරකවරයා අධිකරණය නොවේ. මහජනතාවය.
මම මේ ප්‍රශ්නයට පිළීතුරු 2ක් පබ්ලිෂ් කලා. නමුත් එකකට පමණයි "Your comment will be visible after approval. " නොටිෆිකේෂන් එක ආවෙ. පිළිතුරු දෙකම පබ්ලිෂ් නොවුනොත් කරුණාකරල දන්වන්න.
ReplyDelete-චරිත කාරියවසම්.
"ඉවත් කිරීම සෘජුව සඳහන් විය යුතුයි කියලා කව්ද කිව්වේ? එය ඔබ වැරදි කොනෙන් අල්ලගෙන ඳඟලන ප්‍රශ්නයක්නෙ. ඉවත් කිරීම තිබුනත් නැතත් එකයි. අවශ්‍ය වන්නේ ඒ අදහස පැහැදිලිව සඳහන් වනසේ වාක්‍ය ගොනුකර තිබීමයි."
ReplyDeleteදැන් මම කියන එකෙයි ඔබ කියන එකෙයි වෙනස මොකක්ද? මම කියන්නෙ ඉවත් කිරීම සෘජුව සම්මත කර ගත් යෝජනාවේ අඩංගු නොවීම ප්‍රශනය ලෙස ආණ්ඩුවෙන් දක්වනව කියලා.
"ඔබ මගේ ප්‍රශ්නයට උත්තරේ දුන්නේ නැහැනේ. පහසුව සඳහා මම අනුපිලිවෙලට ලියන්නම්කෝ."
මෙ ප්‍රශ්න 4න් 3ක් අළුත් ප්‍රශ්න. 1 ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්නා. ඒ ප්‍රශ්නෙ පැහැදිලි මදි කියලා. කණගාටුවට මට පිළිතුරු දෙන්න පුළුවන් අහපු ප්‍රශ්න වලට විතරයි. ඕබේ හිතෙ තියෙන ඒවට මට පිළිතුරු දෙන්න බැහැ.
1.එකම ඉල්ලීමක් සඳහා දෙවිදියකට ක්‍රියාත්මක විය යුත්තේ කථානායකට භාෂාව තේරුම් ගැනීමේ අපහසුව නිසාද? නැතිනම් වෙන හේතුවක්ද?
ප්‍රශ්නය අසම්පූර්ණයි. එකම ඉල්ලීම කුමක්ද? ක්‍රියාත්මක වූ දෙවිදිය කුමක්ද?
2.ඔබ කියන විදියටනම් ඒ අවස්ථාවත් මතභේදාත්මක සිද්ධියක් නිසා අර්ථ දැක්වීමක් සඳහා උසාවි යා යුතුව තිබුනා නේද?
නැවතත් ප්‍රශ්නය අසම්පූර්ණයි. ඒ අවස්ථාවථාව යනු කුමන අවස්ථාවද? පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්මත කර ගත් අවස්ථාවද? ඒ සඳහා උසාවි යා යුතුව තිබුණා කියලද කියන්නෙ?
3.ඔබ හිතන්නේ ශිරානි මහත්මිය ඉවත් කිරීමේදී නීතිමය වශයෙන් වරදක් සිදුවී නැතිද?
මට ඒක දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්. වරදක් සිදුවී ඇති පැත්තටත් කරුණු තියෙනවා. නැති පැත්තටත් කරුණු තියෙනවා. ඒක මම මගේ ලිපියෙත් පැහැදිලිවම කියල තියෙනවා. කියවල බලන්න. නමුත් මගේ මතය වරදක් සිදු වී ඇති බවට නැගෙන කරුණු තාක්ෂණික කරුණුයි. නමුත් යෝජනාව ගෙනාවෙ මොකටද? කියන කාරණය හරි පැහැදිලියි. ඒක කථානායක තුමාත් 650 651 පිටු වල දක්වල තියෙනවා.
4.තවත් පැහැදිලි වෙන්න මේකත් කියන්නකෝ. අගවිනිසුරුට එරෙහිව ඔප්පු වුනේ චෝදනා කීයද? මේ යෝජනාවේ චෝදනා කීයක් ඇතුලත්ද.
මගෙ තර්කයට අදාල නැහැ. ඒ නිසා හොයන්න යන්නෙ නැහැ. මතකෙන් කියන්නන්. ප්‍රබලම ඡෝදනා 5ක් විභාගයට ගත්ත මුලින්ම. එයින් 3කට වරද කරු, 2කට නිවැරදි කරු. ඉතුරු 9 විමර්ෂණය කලේ නැහැ.මේ ඉලක්කම් වරදින්න පුළුවන්. මතකෙන් කිව්වෙ. හේතුව මගේ තර්කයට මේක අදාල නැති නිසා.
-චරිත කාරියවසම්.
"ඔබ අහන ප්‍රශ්න වලට නෙමේනෙ උත්තර දෙන්නෙ.(1,2,3,4)"
ReplyDeleteමම ඔය 4ටම පිළිතුරු දුන්නා. නමුත් ඒ පිළිතුර කුමක් හෝ හේතුවට සබ්මිට් වෙලා නැහැ මගෙ වරදකින්. ඒ පිළිතුර මම ආපහු දක්වල තිඉයෙනවා.
"ඔබම කියල තියෙන්නෙ මෙහෙම."අනිත් කාරණය දැන් මතු වෙන කරුණ තමයි ඒ සම්මත කරගත් යෝජනාව පවා කථානායක තුමා පිළි අරන් තියෙනවා ඉවත් කිරීම සඳහා ගෙන ආපු යෝජනාවක් කියලා. 650 සහ 651 පිටු වල ඒක පැහැදිලිව තියෙනවා. ඒ තර්කය මම මේ ලිපියෙ ලියල තියෙන තර්කයටත් වඩා ශක්තිමත් තර්කයක්. "
ඔය කියන්නේ කථානායක පිළිගත්තු නිසා ඔක්කොම හරි කියලනෙ."
:). මේකෙන් කියවෙනවද කථානායක පිළිගත්තම ඔක්කොම හරි කියලා :) . මන්ද මම නන් ඕක කිව්වෙ කථානායක තුමත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් ගෙනාපු තර්කය පිළි අරන් තියෙනව කියන්න විතරයි. කථානායක තුමා පිළි ගත්ත කියන මම දක්වන්නේ එක සාධකයක් ලෙස පමණයි. ඒක ප්‍රධාන සාධකයක් මිසක් එකම සාධකය නෙමෙයි. මේක මම ලියන එක සංයමයෙන් කියවන කෙනෙක්ට තේරුම් ගන්න අමාරු වෙන්න බැහැ. ඉතාම සරල කාරණයක්.
"2012.11.6 වෙනිදා කරපු ඉල්ලීමට ඔහු තේරීම් කාරක සභාවක් පත් කරනවා. එම ඉල්ලීමම 2013 .1.10 වෙනිදා නැවත ඉදිරිපත් කලාම ඔහු වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්නවා."
"එම ඉල්ලීමම" කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 11.6 ඉදිරිපත් වෙන්නෙ එක ඉල්ලීමක් ආණ්ඩු පක්ෂයෙන්. 1.10 ඉදිරිපත් වෙන්නෙ වෙනම ඉල්ලීමක් විපක්ෂයෙන්. ඔය දෙකටම සමාන ක්‍රියා මාර්ග ගැනීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නෙ ඇයි?
"එහෙනම් නැවත ඔබ කියන විදියට අධිකරණයෙ අදහස විමසුවත් ඵලක් නැහැ නේද?"
මම කියන විදියට එහෙම ඵලක් නැති වෙන්නෙ ඇයි?
"එක්වරක් අධිකරණයට මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක් නැතිබව දෙපාර්ශවයම එකඟව තිබියදී ඔබලාට අවාසිදායක අවස්ථාවේදී පමණක් අධිකරණයේ පිහිට පැතිය යුතුය කීමෙන් පලක් වන්නේ නැත. එසේනම් දෝෂාභියෝග ක්‍රියාවලියම නීතියට පටහැනි බව අධිකරණයේ තීරණය වී හමාරය."
දැන් කවුද කියල තියෙන්නෙ දෝෂාභියෝගය සම්බන්ධයෙන් උසාවියෙන් මැදිහත් වීමක් ලබා ගන්න කියලා. මම නන් එහෙම කියවල නැහැ. ඔබ මම දෙන පිළිතුරු කියවලද පිළිතුරු දෙන්නෙ?
"නමුත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. කථානායක වරයාගේ ක්‍රියා කලාපය තුලය. ඔහුට තිබුනේ පිටින් (ඉහලින්) එන ඕඩර්ස් වලට අනුව ව්‍යවස්ථාදායකය මෙහෙයවීම පමණි.සද්භාවයෙන් බලන අයකුට මෙම අවසන් අවස්ථාවේ කථානායක වරයාගේ ක්‍රියාකාරීත්වය ගැටලු සහගත බවත් එහි මධ්‍යස්ථ බවක් නැති බවත් පැහැදිලි වී ඇත. මේ අවස්ථාවේ එහි තීරකවරයා අධිකරණය නොවේ. මහජනතාවය."
:). මෙක ඉතින් හිතළුවක් මත පදනම් වෙලා ඔබ ( සහ ඔබ වැනි මත දරන්නන් ) කියන කතාවක්නෙ. ඔබලාම ඔබලාව "සද්භාවයෙන් බලන අය" කියන කැටගරියට දාගෙන ඔබලා කරන ප්‍රකාශයක්. ඒ විදියටම ප්‍රතිපක්ෂව "සද්භාවයෙන් බලන අය" කැටගරියක් ඉන්නවා එතනදි කථානායක තුමා වැඩ කරපු හැටි හරි කියලා. අනුර බණ්ඩාරණායක මහත්තය දුන්න තීන්දුවටත් බොහෝ දෙනා එකඟ උනත් එකඟ නොවුන අය හිටියා. ඒ විවාදෙට නන් මට එච්චර උනන්දුවක් නැහැ. මොකද එතන තියෙන්නෙ කථානායක තුමාගෙ තීරණයක් සම්බන්ධව විවේචනයක්. එහෙම කථානායක පක්ෂපාතී කියල හිතුන නන් කරන්න තිබුණ හොඳම දේ දෝෂාභියෝගයක් නමට හෝ ගේන එක. නමුත් එහෙම දෙයක් උනේ නැහැ.
-චරිත කාරියවසම්
අනේ මෙහෙමත් හරක් රැලක්. ශිරාණි බණ්ඩාරණායකව අයින් කලේ රටේ යහපතට කියල හිතාගෙන්ද එදා උඹල සද්ද නතුව හිටියේ. දැන් බොරුවට නීති කතා කරන්නේ.
ReplyDeleteමට දුක අපිත් එක්ක එකට ඉන්ජිනේරු ඩිග්‍රී එකක් කරපු Udara Puwasuru Gamage කියන උගත් මිත්‍රයත්, FB එකේ මේවා share කර කර ගොන් ආතල් දෙන එකයි.
@චරිත කාරියවසම්
ReplyDeleteඅනිත් කරුණු වලට පසුව පිළිතුරු දෙන්න පෙර,පහත කරුණු දෙක පැහැදිලි කරන මෙන් ඉල්ලමි.
1.//"ඉවත් කිරීම සෘජුව සඳහන් විය යුතුයි කියලා කව්ද කිව්වේ? එය ඔබ වැරදි කොනෙන් අල්ලගෙන ඳඟලන ප්‍රශ්නයක්නෙ. ඉවත් කිරීම තිබුනත් නැතත් එකයි. අවශ්‍ය වන්නේ ඒ අදහස පැහැදිලිව සඳහන් වනසේ වාක්‍ය ගොනුකර තිබීමයි."
දැන් මම කියන එකෙයි ඔබ කියන එකෙයි වෙනස මොකක්ද? මම කියන්නෙ ඉවත් කිරීම සෘජුව සම්මත කර ගත් යෝජනාවේ අඩංගු නොවීම ප්‍රශනය ලෙස ආණ්ඩුවෙන් දක්වනව කියලා.//
ඔබ කියන්නේ "ඉවත් කිරීම" යන වචනය යෝජනාවේ අඩංගු විය යුතුය කියාද? නැතිනම් ඉවත් කිරීම යන්න අදහස් වන ලෙස යෝජනාව ඉදිරිපත් විය යුතු බවද?
2.//"2012.11.6 වෙනිදා කරපු ඉල්ලීමට ඔහු තේරීම් කාරක සභාවක් පත් කරනවා. එම ඉල්ලීමම 2013 .1.10 වෙනිදා නැවත ඉදිරිපත් කලාම ඔහු වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්නවා."
"එම ඉල්ලීමම" කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 11.6 ඉදිරිපත් වෙන්නෙ එක ඉල්ලීමක් ආණ්ඩු පක්ෂයෙන්. 1.10 ඉදිරිපත් වෙන්නෙ වෙනම ඉල්ලීමක් විපක්ෂයෙන්. ඔය දෙකටම සමාන ක්‍රියා මාර්ග ගැනීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය වෙන්නෙ ඇයි?//
මේ කියන්නේ කුමක්ද? 1.10 දින විපක්ෂයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම කුමක්ද? මම කතා කරන්නේ න්‍යායපත්‍රයේ තිබෙන යෝජනා සම්මතය ගැනයි.ඔබ කතා කරන්නේ කුමක් ගැනද?
1) මම කියන්නෙ නැහැ ඉවත් කිරීම කියන වචනය අඩංගු විය යුතුයි කියලා. මම හිතන්නෙ නැහැ මගේ ලිපියෙ එහෙම අදහසක් එනව කියලා. සම්මත් වූ යෝජනාවේ ඉවත් කිරීම අඩංගු නොවන බවයි මෙතන ඉදිරිපත් කරල තියෙන ප්‍රශ්නෙ විපක්ෂය. ඕකයි මම කියන්නෙ. ඒ නිසා වැරදි කොණින් අල්ලන් තියෙන්නෙ මම නෙමෙයි ඔබ.
ReplyDelete2) මේ ප්‍රශන් එන්නෙ ඔබ අහන ප්‍රශ්න අසම්පූර්ණ නිසයි. එතකොට මට උත්තර දෙන්න වෙන්නෙ උපකල්පනය කරලා. 1.10 තවත් කාරක සභාවක් පත් කරන්න කියලා විපක්ෂයෙන් ඉල්ලීමක් ආව. මම හිතුවෙ ඔබ අදහස් කරන්නෙ ඒක කියලා. ඔබ අදහස් කරන්නෙ ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් උනු යෝජ්නාව ගැන බව දැන් පැහැදිලියි. නමුත් එතනදිත් ප්‍රශ්නයක් එන්නෙ නැහැ කියල කරුණු දක්වන්න පුළුවන්. මොකද ඒ යෝජනාවෙ කාරක සභාවක් පත් කිරීම සහ ඉවත් කිරීම කියන දෙකම අඩංගුයි ( හැන්සාඩ් එක බලන්න ). ඒ නිසා එම යෝජනාවම නැවත ඉදිරිපත් කිරීමේ කිසිම ගැටළුවක් නැහැ. ඒක අවසානයේදී කථානායක තුමත් පිළී අරන් ඡන්දයට ගියා. කථානායක තුමා පැහැදිලිවම කියනවා ඡන්දය තියන්නෙ ඉවත් කිරීමේ යෝජනාවට කියලා. එහෙම තිබ්බ ඡන්දයට විපක්ෂය සහභාගීත් වෙනවා!
-චරිත කාරියවසම්
@චරිත කාරියවසම්
ReplyDeleteමුලින්ම පෙර ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්.
1.// ප්‍රශ්නය අසම්පූර්ණයි. එකම ඉල්ලීම කුමක්ද? ක්‍රියාත්මක වූ දෙවිදිය කුමක්ද?//
දැන් මම අදහස් කළදෙය ඔබට පැහැදිලි වී ඇති බව පෙනෙන බැවින් පිළිතුරු අනවශ්‍යයි
2.//නැවතත් ප්‍රශ්නය අසම්පූර්ණයි. ඒ අවස්ථාවථාව යනු කුමන අවස්ථාවද? පාර්ලිමේන්තුවේ මේ යෝජනාව සම්මත කර ගත් අවස්ථාවද? ඒ සඳහා උසාවි යා යුතුව තිබුණා කියලද කියන්නෙ?//
කතානායකතුමා හැන්සාර්ඩ් එකේ 650,651 පිටුවේ ඔබ කියන ඔය තීරණයට පැමිණි අවස්ථාව.
3. //මට ඒක දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්. වරදක් සිදුවී ඇති පැත්තටත් කරුණු තියෙනවා. නැති පැත්තටත් කරුණු තියෙනවා. ඒක මම මගේ ලිපියෙත් පැහැදිලිවම කියල තියෙනවා. කියවල බලන්න. නමුත් මගේ මතය වරදක් සිදු වී ඇති බවට නැගෙන කරුණු තාක්ෂණික කරුණුයි. නමුත් යෝජනාව ගෙනාවෙ මොකටද? කියන කාරණය හරි පැහැදිලියි. ඒක කථානායක තුමාත් 650 651 පිටු වල දක්වල තියෙනවා.//
කතානායක පක්ෂග්රාහිව තීරණය කර තිබෙනවා. ඒකට තමයි 1වෙනි ප්ර්ශ්නයෙන් උත්තර ලැබෙන්නේ.තව දුරටත් පසුව විස්තර කරන්නම්.එසේම ඔබේ කඳවුරේ ඇතැමුන්ද වරදක් සිදුවී ඇති බව පිළිගනී. (2015.1.27 දෙරණ වාද පිටිය බලන්න). තාක්ෂණික වැරදීම්ද නීතිය ඉදිරියේ (ව්‍යවස්ථාව ඉදිරියේ) වරදකි.
4.//තවත් පැහැදිලි වෙන්න මේකත් කියන්නකෝ. අගවිනිසුරුට එරෙහිව ඔප්පු වුනේ චෝදනා කීයද? මේ යෝජනාවේ චෝදනා කීයක් ඇතුලත්ද.
මගෙ තර්කයට අදාල නැහැ. ඒ නිසා හොයන්න යන්නෙ නැහැ. මතකෙන් කියන්නන්. ප්‍රබලම ඡෝදනා 5ක් විභාගයට ගත්ත මුලින්ම. එයින් 3කට වරද කරු, 2කට නිවැරදි කරු. ඉතුරු 9 විමර්ෂණය කලේ නැහැ.මේ ඉලක්කම් වරදින්න පුළුවන්. මතකෙන් කිව්වෙ. හේතුව මගේ තර්කයට මේක අදාල නැති නිසා.//
ඉතාම අදාලයි.ව්‍යවස්ථාවේ 107.2 නැවත කියවා බලන්න. මේ ඉදිරිපත් කර තිබෙන්නේ චෝදනය. ඔප්පුවූ වැරදි නොවේය.
@චරිත කාරියවසම්
ReplyDelete//:). මේකෙන් කියවෙනවද කථානායක පිළිගත්තම ඔක්කොම හරි කියලා :) . මන්ද මම නන් ඕක කිව්වෙ කථානායක තුමත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් ගෙනාපු තර්කය පිළි අරන් තියෙනව කියන්න විතරයි. කථානායක තුමා පිළි ගත්ත කියන මම දක්වන්නේ එක සාධකයක් ලෙස පමණයි. ඒක ප්‍රධාන සාධකයක් මිසක් එකම සාධකය නෙමෙයි. මේක මම ලියන එක සංයමයෙන් කියවන කෙනෙක්ට තේරුම් ගන්න අමාරු වෙන්න බැහැ. ඉතාම සරල කාරණයක්.//
හැන්සාර්ඩ් එකේ විජිහමුනි සොයිසාගේ තර්කයට කතානායක තුමා දී ඇති පිළිතුර බලන්න.(646 පිටුව).
ඊට පස්සේ බලන්න ආණ්ඩුවේ ජානක බණ්ඩාර කියල තියෙන දෙය. ඔහුට තේරුම් ගිහිල්ල තියෙනවා යෝජනාව ලිකිතව ඉදිරිපත් වෙලා නැහැ කියල. (649 පිටුව)
ඔය 650 පිටුවෙන් කතානායකතුමා කියන්නේ යෝජනාවේ මොනව ලියවිලා තිබුනත් 107.2 සහ 78 ස්ථාවර නියෝග ගැන සඳහන් වෙලා තියෙන නිසා අවුලක් නැහැ කියලනේ. එහෙනම් ඉතින් ඔය ටික සදහන් කරලා “බත් ටිකක් කමු” කියල කිව්වත් අවුලක් නැතිව අගවිනිසුරුකාරයව එලවන්න පුළුවන්නේ.
කතානායක වෙන මොනවා කියන්නද අන්තිමට ගැලවීමක් නැති තැන.
//"එහෙනම් නැවත ඔබ කියන විදියට අධිකරණයෙ අදහස විමසුවත් ඵලක් නැහැ නේද?"
මම කියන විදියට එහෙම ඵලක් නැති වෙන්නෙ ඇයි?//
ඔබම කියනවා “ඒ මොහොතෙ මේ තීරණය ගන්නෙ කථානායක. ඒකට කාටවත් බලපෑම් කරන්න බැහැ. මම දන්න තරමට අඩුම තරමේ අධිකරණයටවත් ඒ තීරණයට බලපෑම් කරන්න බැහැ.” කියලා. එහෙනම් අධිකරණයෙන් අසන්නේ කුමක්ද? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
//"එක්වරක් අධිකරණයට මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක් නැතිබව දෙපාර්ශවයම එකඟව තිබියදී ඔබලාට අවාසිදායක අවස්ථාවේදී පමණක් අධිකරණයේ පිහිට පැතිය යුතුය කීමෙන් පලක් වන්නේ නැත. එසේනම් දෝෂාභියෝග ක්‍රියාවලියම නීතියට පටහැනි බව අධිකරණයේ තීරණය වී හමාරය."
දැන් කවුද කියල තියෙන්නෙ දෝෂාභියෝගය සම්බන්ධයෙන් උසාවියෙන් මැදිහත් වීමක් ලබා ගන්න කියලා. මම නන් එහෙම කියවල නැහැ. ඔබ මම දෙන පිළිතුරු කියවලද පිළිතුරු දෙන්නෙ?//
නැවතත් ඉහත උත්තරයමයි. එසේ නම් අදිකරණයට යා යුතුයයි ඔබ කියන්නේ කුමක් සඳහාද?
//"නමුත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. කථානායක වරයාගේ ක්‍රියා කලාපය තුලය. ඔහුට තිබුනේ පිටින් (ඉහලින්) එන ඕඩර්ස් වලට අනුව ව්‍යවස්ථාදායකය මෙහෙයවීම පමණි.සද්භාවයෙන් බලන අයකුට මෙම අවසන් අවස්ථාවේ කථානායක වරයාගේ ක්‍රියාකාරීත්වය ගැටලු සහගත බවත් එහි මධ්‍යස්ථ බවක් නැති බවත් පැහැදිලි වී ඇත. මේ අවස්ථාවේ එහි තීරකවරයා අධිකරණය නොවේ. මහජනතාවය."
:). මෙක ඉතින් හිතළුවක් මත පදනම් වෙලා ඔබ ( සහ ඔබ වැනි මත දරන්නන් ) කියන කතාවක්නෙ. ඔබලාම ඔබලාව "සද්භාවයෙන් බලන අය" කියන කැටගරියට දාගෙන ඔබලා කරන ප්‍රකාශයක්. ඒ විදියටම ප්‍රතිපක්ෂව "සද්භාවයෙන් බලන අය" කැටගරියක් ඉන්නවා එතනදි කථානායක තුමා වැඩ කරපු හැටි හරි කියලා. අනුර බණ්ඩාරණායක මහත්තය දුන්න තීන්දුවටත් බොහෝ දෙනා එකඟ උනත් එකඟ නොවුන අය හිටියා. ඒ විවාදෙට නන් මට එච්චර උනන්දුවක් නැහැ. මොකද එතන තියෙන්නෙ කථානායක තුමාගෙ තීරණයක් සම්බන්ධව විවේචනයක්. එහෙම කථානායක පක්ෂපාතී කියල හිතුන නන් කරන්න තිබුණ හොඳම දේ දෝෂාභියෝගයක් නමට හෝ ගේන එක. නමුත් එහෙම දෙයක් උනේ නැහැ.//
මෙම තර්කයේ සාධාරණයක් තිබේ යයි මටද සිතේ. මෙය මින් පසුවට වුවත් කළ හැක. ගෙනාවා හෝ නොගේනාවා කියා මා කී කරුණු අවලංගු වන්නේ නැත. නමුත් මේ තුල විපක්ෂය ගොඩ නැගූ මතවාදය (කතානායක ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ක්රියාපිලිවෙතට එරෙහිව) ජනතාව අනුමත කර ඇත.
@චරිත කාරියවසම්
ReplyDeleteවැඩිදුර පැහැදිලි කිරිම් සහ Anonymous2/02/2015 10:25 AM ට පිළිතුරු.
//සම්මත් වූ යෝජනාවේ ඉවත් කිරීම අඩංගු නොවන බවයි මෙතන ඉදිරිපත් කරල තියෙන ප්‍රශ්නෙ විපක්ෂය.//
කොහෙද එහෙම කියල තියෙන්නේ. විපක්ෂය අහල තියෙන්නේ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන යෝජනාව කොහෙද කියලනේ. ඔබ දන්නවද යෝජනාවක් ඉදිරිපත් කළ යුත්තේ කෙසේද කියල පාර්ලිමේන්තුවේ?
//මොකද ඒ යෝජනාවෙ කාරක සභාවක් පත් කිරීම සහ ඉවත් කිරීම කියන දෙකම අඩංගුයි ( හැන්සාඩ් එක බලන්න ). ඒ නිසා එම යෝජනාවම නැවත ඉදිරිපත් කිරීමේ කිසිම ගැටළුවක් නැහැ. ඒක අවසානයේදී කථානායක තුමත් පිළී අරන් ඡන්දයට ගියා. කථානායක තුමා පැහැදිලිවම කියනවා ඡන්දය තියන්නෙ ඉවත් කිරීමේ යෝජනාවට කියලා. එහෙම තිබ්බ ඡන්දයට විපක්ෂය සහභාගීත් වෙනවා! //
ඔබ හිතන විදියට ඔය යෝජනාවේ උක්තය, ආඛ්‍යාතය හා කර්මය මොනවද? ඔය යෝජනාව ඔය කථානායකතුමටම 2012.11.14 දින වෙනත් විදියකට තේරුම් ගියේ ඇයි? ජනාදිපති ආමන්ත්‍රණය කරමින් ලිකිතව ඉදිරිපත් කළ යෝජනාව කෝ? ජනාදිපතිතුමා තේරිම්කාරක සභාවකුත් පත් කළ යුතුද?
(2012.11.14 හැන්සාර්ඩ් පිටු 858 බලන්න). එහි කතානායකතුමා පිළිගෙන තියෙනවා මෙය එම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන යෝජනාව නෙමෙයි. යෝජනාව ඉදිරිපත් කිරිමට ඉඩ ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා සම්මතය බව. නමුත් එම යෝජනා සම්ම්තයේ භාෂාවත් වැරදියි. තේරීම්කාරක සභාවක් පත් කිරිමට නෙමෙයි ඉල්ලන්න ඕන. [චෝදනා විභාග කර අගවිනිසුරුවරිය වැරදි බව ඔප්පු වුනොත් ඇය ඉවත් කිරීමට ජනාදිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන්න අවසර දෙන්න ] කියන ඉල්ලීම තමයි 2012.11.06 න්‍යාය පත්‍රයට ඇතුලත් කළ යුතුව තිබුනේ.
* යෝජනාවෙ සහ යෝජනා සම්මතයේ වෙනස.
(පාර්ලිෙම්න්තුෙව් මුළු මන්තීවරයන්සංඛාෙවන් බහුතර සංඛාවක් විසින් සම්මත කරන ලද පාර්ලිෙම්න්තුෙව්ෙයෝජනාවක් ජනාධිපතිවරයා ෙවත ඉදිරිපත් කරනු ලැබීෙමන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර ඒ විනිශ්චයකාරවරයකු ඉවත් කළ ෙනොහැක්ෙක් ය :
එෙසේ වුව ද, එවැනි ෙයෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ ෙයෝජනාසම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිෙම්න්තුෙව් මුළු මන්තීවරයන් සංඛාෙවන් යටත් පිරිෙසයින් තුෙනන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා ෙචෝදිත විෂම පැවැත්ම ෙහෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම්
මිස කථානායකවරයා විසින් එවැනි ෙයෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම ෙයෝජනා සම්මතයක් භාර ගැනීම ෙහෝ පාර්ලිෙම්න්තුෙව් නාය පතයට ඇතුළත් කිරීම ෙහෝ ෙනොකළ යුත්ෙත් ය.)
ඇත්ත වශයෙන්ම ඔය යෝජනාව ඉදිරිපත් වී නැති බව 2013.1.10 දින යෝජනාව ඉදිරිපත් කිරීමට යාමේදී නිමල් සිරිපාලට තේරුනා. ඒක නිසා ඔහු ඔය යෝජනාව කියවා එයට වාචිකව ඌන පුර්ණයක් එක්කහු කරනවා. එහෙම එක්කහු කරපු බව ඔහු 2013.1.11 දින නැවත පිලිගන්නවා.
(2013.1.10 හැන්සාර්ඩ් පිටු 422 සහ 2013.1.13 හැන්සාර්ඩ් පිටු 640 )
නමුත් ඔහුට අමතක වන දෙය තමයි යෝජනාවක් දැනුම් දිය යුත්තේ පාර්ලිමේන්තු මහලේකම්ගේ නමට ලිකිතව අත්සන් කළ ලිපියකින් බව.
ඔය ගැන තමයි විපක්ෂය අහන්නේ කෝ ඒ ලිකිතව ඉදිරිපත් කළ යෝජනාව කියලා.
අපි මොහොතකට හිතමුකෝ 11වෙනිදා ඉදිරිපත් කළ යෝජනාව අනුව අගවිනිසුරුවරිය ඉවත් කිරිම හරි කියලා.
පලවෙනිව, කෝ එතකොට ඒ යෝජනාව අනුව පත් කළ යුතු තේරීම් කාරක සභාව? එක කොටසක් විතරක් ක්‍රියාත්මක කිරීමට හේතුවක් තියෙනවද?
දෙවෙනිව, යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඔප්පු වූ චෝදනා මත පදනම්වද? ඔබ කියනවා ඔප්පු වුන ගණන අදාළ නැතිලු. ඒක ඉතාම අදාළයි.
(107.2 .......ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහාඔප්පු වී ඇති විෂම පැවැත්ම ෙහෝ අබලතාව ෙහෝ පදනම් ෙකොටෙගන(ෙනොපැමිණි මන්තීවරයන් ද ඇතුළුව) පාර්ලිෙම්න්තුෙව් මුළු මන්තීවරයන් සංඛාෙවන් බහුතර සංඛාවක් විසින් සම්මත කරන ලද පාර්ලිෙම්න්තුෙව් ෙයෝජනාවක්........)
විපක්ෂය කතානායකතුමාගේ තීරණය පිළිගෙන කියල චන්දෙ දීමෙන් ඒත්තු යනවා කියන එක හරි බොළඳ තර්කයක්නේ. වැරදි දෙයකට දෙන චන්දයට සහබාගී වී එයට එරෙහිව චන්දය පාවිච්චි කිරීමෙන් එය හරියි කියලා පිළිගැනීමක් වෙනවද? වැරදි දෙයක් වැරදි විදියට පාර්ලිමේන්තුවේ සම්මත වීම වලක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? එහෙනම් විපක්ෂය ඔය තේරීම් කාරක සභාවම වර්ජනය කලානේ. එතකොට තේරිම්කාරක සභාව නීති විරෝධී වෙන්න ඕන. ඇත්ත දේ තමයි කතානායකවරයාගේ පක්ෂග්‍රාහි ක්‍රියාකලාපය. ඔබ නැවතත් කියනවා කථානායක පිලිගත්ත්ලු . ඉතින් පක්ශග්රාහීව කටයුතු කරලා පිලිගත්තම පිළිසරණ පැතිය යුත්තේ කොතැනින්ද? අධිකරණයට ඒ සදහා බලයක් නැහැ. විපක්ෂය ඒ නිසා තමයි ජනමතය ගොඩනැගුවේ එයට එරෙහිව. දැන් එය මහජන අධිකරණයෙන් අනුමත වී අවසානයි. ඇස් කන් ඇරැගෙන හිටියනම් ඒක නොතේරෙන්න විදියක් නැහැ.
ඉහත දේවලට අමතරව, පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් නොකිරීම පිළිබඳවද ප්‍රශ්න ඇත. නමුත් එක් තැනක් වැරදීම ප්‍රමාණවත්ය.
1) හරි.
ReplyDelete2) කථානායක තීන්දුව දුන් මොහොතේ උසාවි ගිහින් වැඩක් නැහැ. මම එහෙම එකක් කියලත් නැහැ. ඇත්නම් පෙන්වන්න.
3) කථානායක පක්ෂග්‍රාහී තීන්දුවක් දෙන ලද නම් දෝෂාභියෝගයක් ගෙන ඒමට තිබුණා. නමුත් එය උනේ නැහැ. මම ඒ තීන්දුවෙ පක්ෂග්‍රාහී බවක් දකින්නෙ නැහැ. මම විතරක් නෙමෙයි, අද විරුද්ධ කඳවුරේ ඉන්න වර්ථමාන ජනාධිපති පමණක් නෙමෙයි සෞඛ්‍ය ඇමතිත් එදා කථානායකතුමාගෙ ස්ථාවරයෙම ඉඳල පක්ෂව ඡන්දයත් පාවිච්චි කලා.
4) නැහැ අදාළ නැහැ. මගෙ තර්කයට කොහොමත් මෙය අදාළ නැති දෙයක්. නමුත් ඔබ විවේචනය කරන්නෙ පාර්ලිමේන්තු කාරක සභාව සහ එහි තීරණ නම්, එක තේරුමක් නැති දෙයක්. මොකද ඒ තීරණය ව්‍යවස්ථාදායකයේ 2/3කකින් සම්මත උනා. එයට වර්ථමාන ජනාධිපති තුමා පවා පක්ෂව අත ඉස්සුවා.
5) "මේකෙන් කියවෙනවද කථානායක පිළිගත්තම ඔක්කොම හරි කියලා"
කථානායක පිළිගත්තම ඔක්කොම හරි කියල මම කිව්ව කියල පෙන්නල නැහැ. හැන්සාඩ් වාර්ථා කොටස් එහෙම පෙන්නන්න අදාළ නැහැ( අවශ්‍ය නම් ඒ ටික ගැන වෙනම කතා කරමු). නමුත් මම මෙන්න මේ දේ කියනවා. ඒ අවස්ථාවේ අවසාන තීරණය දිය හැක්කේ කථානායකටයි. එය අභියෝග කල හැක්කේ පාර්ලිමේන්තුවේදීම පමණයි. විධායකයේ හෝ අධිකරණයේ නොවෙයි.
6) "එහෙනම් අධිකරණයෙන් අසන්නේ කුමක්ද? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි"
මේ අදාළ පාර්ලිමේන්තු අවස්ථාවේ අධිකරණයෙන් අහන්න කියල මම කියල නැහැ. ඔබනෙ කියල තියෙන්නෙ. ඔබම කියපු දේ ඇයි කියල මගෙන් අහන්නෙ මොකටද?
මම අධිකරණයෙන් මතය විමසන්න කියල තියෙනෙන් නීතියට අර්ථ නිරූපණ එකකට වඩා ලැබෙන අවස්ථාවක් වුවොත් එහිදීයි. වර්ථමාන ජනාධිපති තුමා මුහුණ දුන්නෙ එවන් අවස්ථාවකට. ඔහුට අවශ්‍ය උනා කථානායක දුන් තීරණය ඕවර්ටර්න් කරන්න ( ඇත්තටම මේ දේ ඔහුට කරන්නත් බැහැ. තීන්දුව දීම ව්‍යවස්ථාදායකයට බාරයි. ක්‍රියාත්මක කිරීම පමණයි ජනාධිපතිට බාර. ඔහුට උපරිම වශයෙන් කරන්න පුළුවන් ක්‍රියාත්මක නොකර ඉන්න එක විතරයි. ඒ වගේම එක් ජනාධිපති කෙනෙක් ක්‍රියාත්මක කරපු ව්‍යවස්ථාදායකයේ තීන්දුවක් ඉන් පසු වැඩ බාර ගන්නා වෙනත් ජනාධිපති කෙනෙක්ට බලරහිත කරන්න පුළුවන්ද කියන එකත් ගැටළුවක්. ). එහෙම ඕවර්ටර්න් කරන්න යනකොට අර්ථ නිරූපණ දෙකක් ලැබුණා. එකක් ඔහුට පක්ෂ පාර්ශවයෙන්. අනිත් එක දැනටමත් කථානායක තීරණය කරන්න පාදක කර ගත්ත අර්ථ නිරූපණය. ඊට අමතරව ඕකට තව අර්ථ කථනත් දෙන්න පුළුවන්. තව දුරටත්, එහෙම විධායකයට ව්‍යවස්ථාදායකයේ තීරණයක් ඕවර්ටර්න් කරන්න පුළුවන්ද? කලින් ජනාධිපති ක්‍රියාත්මක කල විධානයක් බල රහිත කරන්න පුළුවන්ද? වගේ තියුණු සංවාද තිබුණා. එහෙම තියුණු අර්ථ නිරූපණ කිහිපයක්ම තිබියදී ඔහු තමාට අවශ්‍ය තර්කය මත පදනම්ව තීරණයක් ගන්නවා. මම කියන්නෙ මේ ඉදිරිපත් වෙලා තියෙන අර්ථ නිරූපණ අතරින් කුමන එක නිවැරදිද කියල ඔහුට උපරිමාධිකරණයෙන් මත විමසන්න තිබුණා කියලයි. නමුත් ශිරාණි බණ්ඩාරණායක මහත්මිය ඉවත් කිරීමේදී ඔය ප්‍රශ්නය එන්නෙ නැහැ. කථානායකගේ තීරණයක් ක්‍රියාත්මක කිරීමට එහෙම අර්ථ නිරූපණ කිහිපයක් නැහැ. ඒක ව්‍යවස්ථාවේ පැහැදිලියි. කථානායකගේ තීන්දුව ලැබීමත් සමඟම යම්කිසි හෝ අපහැදිලි කමක් තිබුණ නම් ඒ අපහැදිලි කමත් පැහැදිලි වෙලා ඉවරයි. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම පමණයි විධායකයට තියෙන්නෙ. ඔහු ඒක කරනව මත විමසීමකින් තොරව. ඔය සිද්ධි දෙක පැහැදිලිවම දෙකක්. එකකදි අර්ථ නිරූපණ අවශ්‍යයි, අනෙකෙදි අවශ්‍ය නැහැ. මම හිතනව මගෙ මතය පැහැදිලියි කියල මේකෙන්.
7) "නමුත් මේ තුල විපක්ෂය ගොඩ නැගූ මතවාදය (කතානායක ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ක්රියාපිලිවෙතට එරෙහිව) ජනතාව අනුමත කර ඇත."
නැත. කොහොමවත් නැත.
8) "විපක්ෂය අහල තියෙන්නේ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන යෝජනාව කොහෙද කියලනේ"
නැහැ. ඔබයි පටලවගෙන තියෙන්නෙ. විපක්ෂය කියන්නෙ මේකයි. පාර්ලිමේන්තුවෙ යෝජනාව සම්මත කරන වෙලාවෙ ඉදිරිපත් කලේ කාරක සභාවක් පත් කරන්න අදාල යෝජනාවමයි. ඒක සලකන්න පුළුවන් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් ලෙස පමණයි. ඒ නිසා සම්මත වූ යෝජනාවේ ඉවත් කිරීමක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ඉවත් කිරීමට යෝජනාවක් සම්මත වෙලා නැහැ. ඔබට මම දුන් මුල්ම පිළිතුරේම මේක සඳහන් වෙනවා. නැවතත් පහතින් එය ලියනවා.
- චරිත කාරියවසම්.
----
ReplyDeletehttps://lankacnews.com/sinhala/news/127786/#sthash.yeKSNblE.dpuf
ඔබතුමා දෙන මූලාශ්‍රයෙම තියෙනවනෙ මම කියන කාරණය. ඇත්තටම මම දීපු මූලාශ්‍රයට වඩා පැහැදිලිව සරල සිංහලෙන් ඒකෙ තියෙනවා. ස්තුතියි ලබා දුන්නට. :)
"අනතුරුව තේරීම්කාරක සභාව වාර්තාව 2013 ජනවාරී 10 සහ 11 දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කර අවසානයේ යෝජනාවක් සම්මත කරන ලදී.
එහෙත් එම සම්මත වූ යෝජනාවේ සඳහන් වූයේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පමණි."
----
කණගාටුවට කරුණ නම් ඔබ පිළීතුරු කියවා ප්‍රතිවාදියාගේ මතය තේරුම් ගැනීමට ප්‍රමාණවත් සංයමයකින් කටයුතු කරන බවක් පේන්නෙ නැහැ. නැත්නම් මේ වගේ දෙයක් මිස් වෙන්න විදියක් නැහැ.
එහිම තවත් මෙහෙමත් තවත් පැහැදිලිව කරුණ දක්වනවා " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තිය ප්‍රකාරව ***එසේ ඉවත් කරන ලෙස ඉල්ලූ යෝජනා සම්මතයක් නොමැති බැවින්**** ". යෝජනා සම්මතයක් නොමැති බව නෙමෙයි කියන්නෙ. ඉවත් කරන ලෙස ඉල්ලා යෝජනා සම්මතයක් නොමැති බවයි. පැහැදිලි ඇති කියල හිතනවා.
**) මේ අතර දක්වල තියෙන සියළුම කරුණු කථානායක තුමාගෙ තීන්දුව පක්ෂග්‍රාහී කියන්න කරුණු. හරිම සරල පිළිතුරක් ඕකට තියෙන්නෙ. පහත 9ත් මම ඒක පැහැදිලි කරනවා. ඇයි විෂ්වාසභංගයක් ගෙනාවෙ නැත්තෙ? විෂ්වාසභංගයක් ගෙනාව නන් පැහැදිලිව ඒ කථානායක පක්ෂග්‍රාහී කියන මතයෙ විපක්ෂය හිටිය කියල පැහැදිලි වෙනවනෙ දිනුවත් නැතත්. නමුත් එහෙම උනේ නැහැනෙ. මගේ තර්කයට අදාල කථානායක යෝජනා සම්මතයට ඡන්දය විමසුවේ කුමකටද කියන එක පමණයි. එය ඉතාම පැහැදිලිව හැන්සාඩ් ගත වෙලා තියෙනවා.
9) "විපක්ෂය කතානායකතුමාගේ තීරණය පිළිගෙන කියල චන්දෙ දීමෙන් ඒත්තු යනවා කියන එක හරි බොළඳ තර්කයක්නේ."
ඒකෙ කිසිම බොළඳ බවක් නැහැ. කථානායක තුමා පැහැදිලිවම කියනවා ඡන්දය පවත්වන්නේ කුමන යෝජනාවටද කියලා. විපක්ෂය විරුද්ධ වෙන්නෙ ඒ යෝජනාවටයි. නැත්තන් වෙන මොකටද? විපක්ෂය ඒ යෝජනාවට යෝජනාව විදියට පිළීනොගන්නව නන් කරන්න තියෙනෙන් ඡන්දයට සහභාගී නොවී සිටීම. ඔවුන් ඡන්දයට සහභාගී වීමෙන් යෝජනාව පිළිබඳ කථානායකතුමාගෙ තීරණයට එකඟ වෙනවා. වචනයෙන් විරුද්ධ වුනා කියල තේරුමක් නැහැ.
10) "වැරදි දෙයකට දෙන චන්දයට සහබාගී වී එයට එරෙහිව චන්දය පාවිච්චි කිරීමෙන් එය හරියි කියලා පිළිගැනීමක් වෙනවද?"
මම එහෙම එකක් කියල තියෙනවද? මම කියල තියෙන්නෙ ඒ "දෙය" "දෙයක්" ලෙස පිළිගෙන තමයි ඡන්දෙ දෙන්නෙ විරුද්ධව හෝ පක්ෂව. එච්චරයි. හරිම සරලයි.
11) "වැරදි දෙයක් වැරදි විදියට පාර්ලිමේන්තුවේ සම්මත වීම වලක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද? "
ඉහත පිළිතුරෙන් පැහැදිලි විය යුතුයි. ඡන්දයට සහභාගී වූ සැනින් "දෙය" "දෙයක්" ලෙස පිළිගෙන අවසන්. සම්මත වීම වළක්වා ගැනීමට විරුද්ධ විය යුතුයි. සම්මත වූ පසුත් පක්ෂග්‍රාහී ලෙස හැඟේ නම් දෝෂාභියෝගයක් ගෙන හැකියි.
12) එහෙනම් විපක්ෂය ඔය තේරීම් කාරක සභාවම වර්ජනය කලානේ. එතකොට තේරිම්කාරක සභාව නීති විරෝධී වෙන්න ඕන.
සම්පූර්ණ වැරදියි. විපක්ෂය තේරීම් කාරක සභාව පිළීගෙන එයට සහභාගී උනා. ඊට පසුවයි නැගිටල ගියේ. නමුත් ඒ වෙනකොට ඔවුන් තේරීම් කාරක සභාව පිළි අරගෙන ඉවරයි.
13)" ඔබ නැවතත් කියනවා කථානායක පිලිගත්ත්ලු . ඉතින් පක්ශග්රාහීව කටයුතු කරලා පිලිගත්තම පිළිසරණ පැතිය යුත්තේ කොතැනින්ද?"
මේ 3 වෙනි හරි 4වෙනි වතාවට හරි අහන එකම ප්‍රශ්නෙට ආපහු උත්තර දෙන්නෙ. කථානායක පක්ෂග්‍රාහීව කටයුතු කලා නන් ඇයි විෂ්වාසභංගයක් ගෙනාවෙ නැත්තෙ?
14) "විපක්ෂය ඒ නිසා තමයි ජනමතය ගොඩනැගුවේ එයට එරෙහිව."
නැවතත් කියන්න තියෙන්නෙ විපක්ෂය මේ නිසා ජනමතයක් හැදුවෙ නැහැ. ඇස් කන් නෙමෙයි නවදොරම ඇරගෙන හිටියත් නැති එක නැහැනෙ.
කෙසේ නමුත් අවසාන වශයෙන් නිර්ණාමිකව වුවත් ඔබ( හෝ ඔබලා කිහිප දෙනා ) සමඟ සංවාද කිරීමට ලැබීම සතුටක් බවත් දැන්විය යුතුයි. මගේ ලිපියේ ප්‍රස්තුතය සහ මට දෙන්න අවශ්‍ය උනු පණිවිඩයට( ඔබ එය තේරුම් ගත්ත බවක් මට පෙනුනෙ නැහැ ) සෘජුවම අදාළ නොවුනත් මම මේ සඳහා කාළය කැප කලා. නමුත් තව දුරටත් මේ සඳහා කාලය වෙන් කර ගැනීමටත්, උනන්දු වීමටත් මට දැනට බැහැ. එනිසා මෙතනින් ඉදිරියට එකඟ නොවීමට එකඟ වී නැවතීමෙන් හැර සංවාදය කිරීමේ හැකියාවක් මට පේන්නෙ නැහැ. ඒ නිසා මගේ කරුණක් වැරදි යැයි හැඟුනොතින් එය අවංකවම පිළිගැනීමට හෝ පිළීතුරු දීම අවශ්‍යම යැයි සිතුනොතින් හැර මම සංවාදය මගේ පැත්තෙන් මෙතනින් නවත්තනවා. ස්තුතියි.
- චරිත කාරියවසම්.
@චරිත කාරියවසම්
ReplyDeleteඔබ නැවතත් ඔබට අවශ්‍ය තැන් වලින් විතරක් පිළිතුරු දීගෙන යනවනේ.
මුලින්ම කියන්නකෝ බලන්න ඔය කියන යෝජනාවේ උක්තය, කර්මය හා ආඛ්‍යාතය. ඔබට තේරෙන්නේ නැතිනම් සිංහල ගුරුතුමෙකුගෙන් අහගෙන කියන්නකෝ. (ඔබට කැමති නම් සන්නස්ගලගෙන් අහන්නත් පුළුවන්)
ඊට පස්සේ පාර්ලිමේන්තු ලේකම්ගේ නමට ලියපු ලියවිල්ල කෝ කියල.(ස්ථාවර නියෝග 25 අනුව)
ඊටත් පස්සේ කියන්නකෝ ඔය යෝජනාව අනුව ජනාධිපතිතුමා පත් කළ කාරක සභාව කෝ කියල.
1.වෙනි ප්‍රශ්නය ට මම ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.මගෙන් පිළිතුරු අනවශ්‍යයි කියල ලියල තියෙන්නේ ඔබට ප්‍රශ්නයේ අරුත පැහැදිලි නිසා.
2.ඔබ කියන දෙය පැහැදිලියි. මම කිව්වේ අර්ථ නිරුපනයක් අවශ්‍යනම් කතානායකටත් ඔය අවස්ථාවේ උසාවි යන්න තිබුනා කියාය.නමුත් එසේ නොකොට කතානායකට තීරණය දිමේ බලය ඇත. නමුත් එයින් විපක්ෂය කතානායක දුන් වැරදි තීරණයක් පිළිගත් බව අදහස් නොවේ.
3. සහ 5. ඔබට කියන්න දෙයක් නැති උනාම අන්තිමේදී හැම එකටම උත්තරේ තමයි කතානායකතුම තීරණය කලා කියල. කතානායකතුමාගේ පක්ෂග්‍රාහී තීන්දුවකට එරෙහිව උසාවි යන්න බැහැ. එසේම පක්ෂග්‍රාහී තීන්දුව අනුමත කළ පාර්ලිමේන්තුවේම එයට එරෙහිව දොශාබියෝගයක් ගෙන්න කියලද කියන්නේ? එහෙනම් මෙහෙම තර්ක කරන්නත් පුළුවන්. මොහාන්ව ඉවත් කලාට පස්සෙත් කතානායක පුටුවේ ඉන්නවනේ. එයාට පුළුවන් මගේ තීරණය පිළිගන්නේ නැතිනම් මම මෙතන ඉදල තේරුමක් නැහැ. මම බැහැල යනවා යන්න කියල.ඔබ කියන විදියට ඕනෑම දෙයක් කතානායක තුමා පිලිගත්තනම් ඉන් එහාට කළ දෙයක් නැත. නමුත් ඔබ අමතක කරන දෙයනම් පාර්ලිමේන්තුව විධානය කරන දෙය ක්‍රියාත්මක නොකර සිටීමට ජනාදිපතිට ඕනෑ තරම් බලතල ඇති බවය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ එහෙයිනි. මෛත්‍රී කර ඇත්තේ බලහත්කාරකමක් වුවත් එය නීතියට පටහැනි නැත. එම බලහත්කාරකම මෙම අවස්ථාවේදී විෂමාචාරයක්ද (unethical) ද නොවේ.
හැන්සාඩ් වාර්ථා කොටස් එහෙම පෙන්නන්න අදාළ නැහැ කියන එකට “අනේ ලොල්” කියල තමයි කියන්න තියෙන්නේ. නැවතත් කීමට ඇත්තේ කතානායක එම තීරණයට පමිණි ආකාරය ප්‍රශ්නසහගත බවය.107 හා 78 සදහන් කරලා “බත් ටිකක් කමු” කියල කිව්වත් අවුලක් නැතිව අගවිනිසුරුකාරයව එලවන්න පුළුවන් විය යුතුය කියාය.
කතානායක වෙන මොනවා කියන්නද අන්තිමට ගැලවීමක් නැති තැන.
4.මොනවද මේ කියන්නේ. කාරක සභාවේ තීරණයේ තියෙන්නේ චෝදනා 3යි ඔප්පු වුනේ කියල. යෝජනාව ඉදිරිපත් කරන්න ඕන ඒ චෝදනා 3 මත පදනම්වයි. ඉතාම හෙමිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලන්න කියා මම ඔබට යෝජනා කරනවා. ඔය තර්කය ඉතාම අදාලයි ඔබට අදාළ නැති උනාට. විපක්ෂය එකයි කියන්නේ මේ නොවැම්බර් 6 වෙනිදා ඉදිරිපත් වුන යෝජනාවමයි කියලා. ඒ කියන්නේ 11 වෙනිදා ඉදිරිපත් උන යෝජනාව වැරදි බවයි. //
6.මොනවද අනේ මේ ඔයා දොඩවන්නේ. විධායකයට තමන්ගේ දිපු තීන්දුවක් අවලංගු කරන්න බැහැ කියල කොහෙද තියෙන්නේ?(පුද්ගලයා වෙනස් වුනාට එකම තනතුර. ආරක්ෂක ලේකම්ගේ ගිණුම වගේ තමයි) ව්‍යවස්ථාදායකයේ තීන්දුව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියල කොහෙද තියෙන්නේ? එහෙම කියල නැති දෙයක් ගැන අධිකරණයේ මත විමසුමක් අවශ්‍ය ඇයි? මෙහි කිසිම කතානායකගේ තීරණය ඕවර්ටර්න් කිරීමක් සිදුව නැත. පාර්ලිමේන්තුවේ කතානායක දුන් තීරණය තවමත් එහෙමම ඇත.
@චරිත කාරියවසම්
ReplyDelete7.එහෙනම් ජනාධිපතිවරණය දින්නේ මහින්දද?මට නම් මතක මෛත්‍රී වැඩි චන්ද ලක්ෂ 4කින් පමණ ජයග්‍රහණය කළ බවයි. ආණ්ඩුව හැර විපක්ෂය හෝ අන්තර්ජාතික ප්‍රජාව හෝ මොහාන්ගේ පත්වීම නිත්යනුකුලයයි පිළිගෙන නැත. එයට එරෙහිව දිගටම කරුණු දක්වා ඇත. මෛත්‍රීද ජනාදිපතිවරන් වේදිකාවේ ඒ බව කියා ඇත.
8. අනේ අනේ.ඔබ නැවතත් වටේ කැරකෙනවා.ඔබ කියන දෙය මට තේරෙනවා. නමුත් එය නෙමෙයි සිදුව තිබෙන්නේ කියයි මම කියන්නේ. පැහැදිලිවම භාෂාව පළිබඳ ඔබේ දැනුමේ ප්‍රශ්නයක්. ඉවත් කිරීමක් අඩංගු වන්නේ නැහැ කියා නෙමෙයි කියා තිබෙන්නේ. ඉවත් කිරීම සදහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කියා ඇති බවයි යෝජනාවෙන් අදහස් වන්නේ කියලයි විපක්ෂය කියල තියෙන්නේ. නැවතත් කියා සිටිනවා හොඳ සිංහල ගුරුතුමෙක් හොයාගෙන යෝජනාවේ උක්තය, කර්මය හා ආඛ්‍යාතය පැහැදිලි කර ගන්නා ලෙසය. ඔබ පොඩිකාලේ සමිතියක උනත් සභාපති පත් කරනකොට කොහොමද යෝජනා කරන්නේ කියල මතක ඇතිනේ. (“A මහතාව සභාපති වශයෙන් පත් කරන ලෙස මම යෝජනා කරමි” කියලද? නැතිනම් “A මහතාව සභාපති වශයෙන් පත් කිරීමේ යෝජනාව කියලද?”)
එසේම තවදුරටත් උක්තය , ආක්යාතය ආදිය නිවැරදිව තිබුනද එයද ප්‍රමාණවත් නැත. ස්ථාවර නියෝග 25අනුව යෝජනාව පාර්ලිමේන්තු ලේකම්ගේ නමට ලිකිතව දිය යුතු වේ.
විපක්ෂය මතු කර ඇත්තේ ඔය තර්ක දෙකය.
**(ඉදිරිපත් කර ඇත්තේ යෝජනා සම්මතයි. Resolution. යෝජනාව (address) නොවේ). අපැහැදිලිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, හැන්සාර්ඩ්, න්‍යාය පත්‍ර හා එදින 11 දින ඉදිරිපත් කළ යෝජනාවේ ඉංගිරිසි පිටපත්ද කියවා බලන්න. )
පාර්ලිමෙන්තුවෙදීද ඉන් පිටතදීද විපක්ෂය කතානායකතුමාගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කර ඇත. කතානායකතුමා යෝජනාවෙන් කියවෙන්නේ කාරක සභාවක් පත් කිරීම බව පිලිගන්න අතරේ හෘද සාක්ෂියට එරෙහිව ක්‍රියාකර ඇතිබව නොයෙක් වර පෙන්වා දී ඇත. එවෙලේ දෝෂාභියෝගයක් ගෙනවිත් එය පරාද වී අමුතුවෙන් ඔප්පු කළ යුත්තේ කුමක්ද? පරාද උනානම් එයට තවත් නිතයානුකුල බවක් ලැබෙයි කියාද තර්ක කළ හැක.
එසේම මෙහි මම මතු කර ඇති වැදගත්ම කරුණු මගහැර ඔබ පිළිතුරු දී ඇත. (උක්ත ආක්යාත පිළිබඳ ප්‍රශ්නය හා ස්ථාවර නියෝග 25 පළිබඳ ප්‍රශ්නය, 11වෙනිදා යෝජනාව අනුව පත් කළ කාරක සභාව කෝ කියන ප්‍රශ්නය. ඉතිරි ටික හැන්සාර්ඩ් වාර්තා අදාළ නැහැ කියල මග හරිනවා. ඔබට තියෙන එකම ගැලවීම කතානායකතුම තීරණය කරලා ඉවරයි. එක නිසා එතැනින් එහාට ඒ ගැන තර්ක කරලා වැඩක් නැහැ කියන එක විතරයි.
9.ඔබේ තර්කයේ කිසිම පදනමක් නැත. ඔබගේ මේ තර්කයෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂග්‍රාහී බව පැහදිලි වේ. ඔය කියන්නේ චන්දය ඉල්ලන්න කලින්ම ප්‍රතිපලය දැනගෙන සිටිය කියන එක නොවෙයිද? විපක්ෂය චන්දය පාවිචිචි කලේ වැරදි දෙයක් සම්මත වීම වලක්වා ගැනීමට අවස්ථාවක් ඇත යන ජනතාවට ඇති වගකීම මතය. හරිම බොළඳ තර්කයකි. ඔබගේ කියමන අනුව පසුගිය ජනාධිපතිවරනයේ නිත්‍යානුකුල බාවය පිලිබඳ ආණ්ඩුවේ මතයටද විපක්ෂය එකඟ වූ නිසා ඉදිරිපත් ව ඇත. එකඟ නොවී සිටියා නම් කළ යුතුව තිබුනේ ඉදිරිපත් නොවී සිටීමය. ආස ඇති නේද? //
10.11. //නැවතත් 8 හා 9ට ඇති උත්තරයමය. ව්‍යවස්ථාව කඩන දෙයක් සම්මත වීමට විරුද්ධව චන්දය භාවිතා කර ඇත. ඔබට අවශ්‍යනම් ඒ අවස්ථාවේ චන්දය පාවිචිචි කලේ ඇයි කියල රනිල්ගෙන් නැවත අසා ගත හැක. චන්දයට සහභාගි වීමෙන් කතානායකගේ තීරණය පිලිගන්නවා යයි කොහෙවත් ලියවී නැත.//
12.තේරීම් කාරක සභාව පිලිගත්තට එහි ක්‍රියාපටිපාටිය පිළිගෙන නැත.
13. සහ 14 වලට ඉහත පිළිතුරු වල පිළිතුරු දී ඇත.
වරද ඇත්තේ ඔබේ තර්කයේය.මගේ අදහසේ හැටියට ඔබ මුලින්ම කළ යුත්තේ විපක්ෂය මතුකළ තර්කය කුමක්දැයි නැවත තේරුම් ගැනීමට උත්සාහ කිරීමය. එපමණකිනුත් අපහැදිලි නම් කළ යුත්තේ විපක්ෂයේ කිසිවකු (රනිල්, විජේදාස, සුමන්තිරන් වැනි) සම්බන්ධ කරගෙන පැහදිලි කිරීමක් ලබා ගැනීමය.
මේ පිලිතුරද පලකරාවියයි බලාපොරොත්තු වෙමි.
තව දෙයක්. විපක්ෂය චන්දය දී ඇති නිසා කතානායකගේ තීරණයට එකඟ වී ඇතැයි කියන තර්කයද වැරදිය. චන්දය දිමට පෙර ව්‍යවස්ථාවට විරුද්ධ නිසා විරුද්ධව චන්දය දෙමි කියා පැහදිලිව ප්‍රකාශ කර ඇත. පිළිගත්තද ප්‍රශ්නයක් නැත. වරද වරදමය.
ReplyDeleteපිළිතුරු නොදී සිටින්නට තීරණය කලත් දීර්ඝ පිළිතුරෙ ඇතැම් කොටස් වලට පිළිතුරු දෙන්න වෙනවා. (කරුණු විකෘති කිරීම්, අදාළ නැති කොටස් සහ එකම දේ නැවත නැවත ඇසීම් ස්කිප් කරනවා) සංවාදයකදි තමන්ගෙ තර්කයේ දුබල බව හෝ පරාජය එලි වෙන ප්‍රධානම සාධකයක් තමයි පළමුවම තමන්ගෙ භාෂාව අනෙකාට මුදා හරින ආකාරය සහ එය කරන කෙනා සොයා බැලීම. තර්ක දුබල වෙන්න වෙන්න අනෙකා රිඩිකියුල් කිරීම, ස්ට්‍රෝමෑන් තනා පහර දීම, අනෙකාගෙ ප්‍රකාශ වලට තමන්ම වැරදි අර්ථකතන දීල ඒවට තමන්ම උත්තර දීම, මාතෘකාවෙන් පිට දේ කතා කිරීම.... ආදී අන්ත වලට මිනිස්සු ඉබේම යොමු වෙනවා. මේ දක්වා සංවාද වලදි මම කරපු නිරීක්ෂණයක් තමයි ඒ. ඒ නිරීක්ෂණය නැවතත් ඔබේ පිළිතුරු වලින් එහෙමම සනාථ වෙනවා.
ReplyDeleteඔබ අහපු හැම ප්‍රශ්නෙකට මම උත්තර දුන්නා. නමුත් ඔබට තවමත් මම ලිපියෙ මතු කරන කාරණය ගැන කිසිම අවබෝධයක් නැති බවක් තමයි පේන්න තියෙන්නෙ. ඔබ මුලින්ම ලිපිය හෙමීට සංයමයකින් කියවල ඒ කරුණ අවබෝධ කර ගන්න, හරවත්ව සංවාදය ගෙන යාමට අවශ්‍ය නම් පමණක්. ඔබට අවශ්‍ය දේ, අවශ්‍ය පමණ මෙතන ලිවීමට හැකියි, නමුත් එය ලිපියෙ ප්‍රධාන කාරණයකට අදාළ නැත්නම් පිළිතුරු දීමට යෑමේ තේරුමක් නැහැ කියන මතයෙයි මම ඉන්නෙ. එවන් කාරණා බොහොමයකට මම පිළිතුරු දුන්නා සංවාදය ප්‍රධාන මාතෘකාවට එයි කියල හිතාගෙන නමුත් එක තැන කැරකෙනවට වඩා දෙයක් ඔබේ පිළිතුරු වල නැහැ. එකකට පිළිතුරු දුන්නම , ආහ් එහෙනන් මේක කොහොමද කියල වෙන එකක් අහන චක්‍රයේ තමයි ඔබ කැරකෙන්නෙ. ඒ අතරම කියනව පිළිතුරු දුන්නෙ නැහැ කියලත් !
සරලව කියනව නන්, ඔය උක්ත ආක්‍යාත ප්‍රශ්නය, කාරක සභාවේ වැලිඩිටි එක, කථානායක තුමාගේ පක්ෂග්‍රාහී බව, ... ආදී ඔබ මතු කරන කිසිම කාරණයකින් මම මතු කරන පොයින්ට් එක ඉන්වැලිඩ් වෙන්නෙ නැහැ. (ඒකයි ඒව අදාල වෙන්නෙ නැහැ කියන්නෙ. ).මම නීති ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නෙමෙයි. නීති ක්ෂේත්‍රයේ ඉන්න හිටපු අගවිනිසුරු තුමා පවා පිළිගෙන තියෙනව ඒ ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදු උනා කියන එක. අවම වශයෙන් එයින් පැහැදිලි වෙනවා මෙහිදී ඉතාම වලංගු මත දෙකක් ඇති බව. අනෙක් අතට ඒ සියල්ලටම ඔබ ඉදිරිපත් කරල තියෙන තර්ක වලට ප්‍රතිපක්ෂව ඉතාම ලේසියෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. ඉන් එකක් තමයි කථානායක සියළු කරුණු සලකා බලා අගවිනිසුරු ඉවත්කිරීමට කල යෝජනාවක් ලෙස පිළිගෙන ඡන්දයක් පැවැත්වීම සහ ඡන්දය පැවැත්වෙන්නෙ කුමකටද කියල පැහැදිලිව දුන්නු තීන්දුවට පසුව ඡන්දයට සහභාගී වීමෙන් ඒ ඡන්දය පැවැත්වූ අරමුණ විපක්ෂය අනුමත කිරීම. එහිදී කථානායක පක්ෂග්‍රාහී බව අවම වශයෙන් වාර්ථාවලට ඇතුලත් කිරීමට හෝ විශ්වාසභංගයක් නොගෙනේම. ඊට අමතරව වත්මන් ජනාධිපතිවරයා මේ යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේ කතාවක්ද කර ඒ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම. ඊටත් අමතරව වර්ථමාන සෞඛ්‍ය ඇමතිතුමා සහ ෆය්සර් මුස්තාෆා වැනි වෙනත් ඇමතිවරුත් ඒ දේම කරල තියෙනවා. මේ තර්ක එකක්වත් බිඳ හෙලන්න ඔබට පුළුවන් වෙලා නැහැ. ඒ වගේ අවස්ථාවලදි ඔබ උත්සහ කරල තියෙන්නෙ ඒ තර්ක ඔබ ආස විදියට වෙනස් කරගෙන ඉතාම බොළඳ අවසානයකට ගෙන යෑම. උදාහරණයකට,
"කතානායකතුමාගේ පක්ෂග්‍රාහී තීන්දුවකට එරෙහිව උසාවි යන්න බැහැ. එසේම පක්ෂග්‍රාහී තීන්දුව අනුමත කළ පාර්ලිමේන්තුවේම එයට එරෙහිව දොශාබියෝගයක් ගෙන්න කියලද කියන්නේ? එහෙනම් මෙහෙම තර්ක කරන්නත් පුළුවන්. මොහාන්ව ඉවත් කලාට පස්සෙත් කතානායක පුටුවේ ඉන්නවනේ. එයාට පුළුවන් මගේ තීරණය පිළිගන්නේ නැතිනම් මම මෙතන ඉදල තේරුමක් නැහැ. මම බැහැල යනවා යන්න කියල.ඔබ කියන විදියට ඕනෑම දෙයක් කතානායක තුමා පිලිගත්තනම් ඉන් එහාට කළ දෙයක් නැත"
මේ කතා දෙකේ වැඩිම උනොත් තියෙන්නෙ අසම්බන්ධයක්. ඒ කියන්නෙ නිකන් මල් පිපෙයි පිට කහයි වගේ එකක්.
මෙතනදි මේකත් කියන්න ඕන. එක පාරක් ඔබ කිව්ව මම කියනවයි කියල "කථානායක කිව්වම ඔක්කොම හරි" කියලා. මම එහෙම කිව්වෙ නැහැ කියල පෙන්නුවම ඔබ ඒක පිළිගන්න තරමෙ අවම සදාචාරයවත් අනුගමනය නොකර සද්ද නැතුව ඉඳලා ආපහු මෙතන කියනවා. "" ! දැන් මම මේ ලිපියෙම 10 පාරකට වඩා ලියල තියෙනවා කථානායක කියූ පලියෙන් කිසි දෙයක් පිළීගන්න ඕන නැහැ පක්ෂග්‍රාහී නම් කල හැකි දේ විශ්වාසභංගයක් නමට හෝ ගේන එක. ඒක තමයි ස්ථාපිත පාර්ලිමේන්තු ක්‍රමයෙ ගත හැකි පියවර. කණගාටුවකට ඒ වගේ අවම සදාචාරයක්වත් සංවාදයේදි ඔබෙන් දැක්විල නැහැ.
ලිපිය පුරාම තියෙන්නෙ ඔන්න ඔය වගේ අසම්බන්ධතායි.
-චරිත කාරියවසම්
"චන්දය දිමට පෙර ව්‍යවස්ථාවට විරුද්ධ නිසා විරුද්ධව චන්දය දෙමි කියා පැහදිලිව ප්‍රකාශ කර ඇත"
ReplyDeleteමේක හරි. නමුත් මෙතන කියල තියෙන්නෙ ජෝශප් මයිකල් පෙරේරා මහතා තමන්ට අදාළ කරගෙන "මම විරුද්ධව ඡන්දය පාවිච්චි කරමි" කියලා ඒක වචනයෙන්. මම දන්න තරමට එතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා. එතුමා මෙතන "මම" කියන එකෙන් අනිත් සියළුම විපක්ෂ මන්ත්‍රිල නියෝජනය වෙනවාද? මම ඒ ගැන දැනුවත් නැහැ. එහෙම නීතියක් හෝ ස්ථාවර නියෝග හෝ වෙනත් කුමක් හෝ තියෙනවා නම් කරුණාකර පෙන්වන්න.
-චරිත කාරියවසම්
දැන් අපි කෙලින්ම මේ ලිපියේ අපි කතා කරපු මේ කාරණය සම්බන්ධව මම අහල තියෙන ප්‍රශ්නයට යමු.
ReplyDelete"දැන් ඉතා පැහැදිලිව මෙතැන(ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරේමේ ක්‍රියාවලිය සම්බන්ධව) අඩුම වශයෙන් අර්ථ නිරූපණ දෙකක් ඇත. පාර්ලිමේන්තුවේදී පවා මේ අර්ථ නිරූපණ දෙක පිළිබඳ ඒ දිනවල කතා වුනු බව මතකය. දැන් මේ දෙකෙන් නිවැරදි අර්ථ නිරූපණය ව්‍යවස්ථාවට ලබා දිය යුත්තේ කවුද?"
මේ ප්‍රශ්නයට ඔබ තාම පිළිතුරක් දීල නැහැ.
ඒ වෙනුවට ඔබ නිකාම්ම මෙහෙම කියල දාල තියෙනවා. "මෛත්‍රී කර ඇත්තේ බලහත්කාරකමක් වුවත් එය නීතියට පටහැනි නැත. එම බලහත්කාරකම මෙම අවස්ථාවේදී විෂමාචාරයක්ද (unethical) ද නොවේ.". මේ කරුණට ඔබට පිළිතුරක් තියෙනව නන් දක්වන්න. ස්තුතියි.
-චරිත කාරියවසම්
නැවත කියවීමේදී දුටු නිවැරදි කිරීමක්,
ReplyDelete"නීති ක්ෂේත්‍රයේ ඉන්න හිටපු අගවිනිසුරු තුමා පවා පිළිගෙන තියෙනව ඒ ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදු උනා කියන එක."
එතුම පිළිගෙන තියෙන්නෙ ඇතැම් ක්‍රියාපටිපාටි දුර්වලතා ත්බුණත්, එය පාර්ලිමේන්තුවේ සම්මත වූ නිල යෝජනාවක් සහ එම නිල යෝජනාව අනුව ජනාධිපතිට ලැබුණ වරම අනුව ඔහු ක්‍රියා කලා, එම නිසා ඉන් පසුව අපි කැමති උනත් නැතත් ඒ ඉවත් කිරීම වලංගු ඉවත් කිරීමක් බවයි .
මේ ප්‍රකාශය එතනට ආදේශ කරන්න. ඒකෙන් මම එතන මතු කරණ කාරණයට කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ. ඇත්තටම මම මෙතන තියෙනව කියල කියන මත දෙකෙන් එකක් සරලව එතුම වාක්‍ය කීපයකින් පැහැදිලි කරල තියෙනවා.
-චරිත කාරියවසම්
@Charith
ReplyDeleteඔබේ මුළු තර්කයම පදනම් වෙන්නේ කතානායක තුමා තීරණය කරලා චන්දෙදි සම්මත වෙලා තියෙන දෙය ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරිම විතරයි කලේ. ඒක නිත්‍යානුකුලව ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන බලය නිසා අපි කැමති උනත් නැති උනත් මොහාන් අගවිනිසුරු වෙලා ඉවරයි කියන එක.
ඔබ කිසිම විටෙක කතානායකතුමා තීරණයට ආ ආකාරය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. එතනින් පෙර සිදුවූ දේ ඔබට අනුව අදාළ නැහැ. ඒ ක්‍රියාවලිය ව්‍යවස්ථානුකුල හෝ ව්‍යවස්ථා විරෝධී හෝ කතානායකතුමා තීරණය දුන් පසු නිත්‍යානුකුල බව ලැබිල ඉවරයි කියල ඔබ කියනවා. (මට හිතෙන හැටි) . ඒකයි ඔබට උක්ත ආඛ්‍යාත, ස්ථාවර නියෝග 23 ආදිය වලංගු නැත්තේ. කතානායකගේ තීරණය දීමට පෙර ප්‍රොසෙස් එක ප්‍රශ්න නොකරන ඔබ ඉන් පසු ප්‍රොසෙස් එක ප්‍රශ්න කරනවා. හරි. අපි ඒකත් හරි කියමුකෝ.
ඔබ කියන්නේ මොහාන්ගේ පත්වීම හරි සහ වැරදි ලෙස අර්ථ 2ක් තිබෙන බව නේද? (වෙනත් වචන වලින් ශිරානිගේ ඉවත් කිරීමේ ක්‍රියාවලිය හරි සහ වැරදි ලෙස අර්ථකතන දෙකක තිබෙන බව නේද). දැන් ඔය අර්ථකතන දෙක ගැන මත විමසීමකට ශ්‍රේෂ්ටාධිකරණයට යා යුත්තේ කවුද? කුමන අවස්ථාවේදීද? කුමන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුවද? කරුණාකර පැහැදිලි කරන්න.
-Saman
@charitha
ReplyDeleteඔබේ මුළු තර්කයම පදනම් වෙන්නේ කතානායක තුමා තීරණය කරලා චන්දෙදි සම්මත වෙලා තියෙන දෙය ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරිම විතරයි කලේ. ඒක නිත්‍යානුකුලව ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන බලය නිසා අපි කැමති උනත් නැති උනත් මොහාන් අගවිනිසුරු වෙලා ඉවරයි කියන එක.
ඔබ කිසිම විටෙක කතානායකතුමා තීරණයට ආ ආකාරය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. එතනින් පෙර සිදුවූ දේ ඔබට අනුව අදාළ නැහැ. ඒ ක්‍රියාවලිය ව්‍යවස්ථානුකුල හෝ ව්‍යවස්ථා විරෝධී හෝ කතානායකතුමා තීරණය දුන් පසු නිත්‍යානුකුල බව ලැබිල ඉවරයි කියල ඔබ කියනවා. (මට හිතෙන හැටි) . ඒකයි ඔබට උක්ත ආඛ්‍යාත, ස්ථාවර නියෝග 23 ආදිය වලංගු නැත්තේ. කතානායකගේ තීරණය දීමට පෙර ප්‍රොසෙස් එක ප්‍රශ්න නොකරන ඔබ ඉන් පසු ප්‍රොසෙස් එක ප්‍රශ්න කරනවා. හරි. අපි ඒකත් හරි කියමුකෝ.
ඔබ කියන්නේ මොහාන්ගේ පත්වීම හරි සහ වැරදි ලෙස අර්ථ 2ක් තිබෙන බව නේද? (වෙනත් වචන වලින් ශිරානිගේ ඉවත් කිරීමේ ක්‍රියාවලිය හරි සහ වැරදි ලෙස අර්ථකතන දෙකක තිබෙන බව නේද). දැන් ඔය අර්ථකතන දෙක ගැන මත විමසීමකට ශ්‍රේෂ්ටාධිකරණයට යා යුත්තේ කවුද? කුමන අවස්ථාවේදීද? කුමන ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුවද? කරුණාකර පැහැදිලි කරන්න.
-Saman
@charitha
ReplyDeleteමොන හෙතුවකටද මන්ද මේ ටික පල වෙලා නැහැ. මෙය මගේ ඉහත පිළිතුරේ මුල් කොටස.
ආපහු වටේ යනවනේ. ඔය ටික ටයිප් කරන වෙලේ මම අහපු ටිකට උත්තර දෙන්න තිබුනා.අනේ මන්දා.. අදාළ නැහැ කියනවා නම් අත ඇරලා දාමුකෝ.
ඔබතුමා මෙහෙම කියනවා. “ඔබ මම කියපු දෙයට වැරදි අර්ථකතනයක් දෙනවා”
එහෙම කියන ගමන් මෙහෙමත් කියනවා.
“ඉන් එකක් තමයි කථානායක සියළු කරුණු සලකා බලා අගවිනිසුරු ඉවත්කිරීමට කල යෝජනාවක් ලෙස පිළිගෙන ඡන්දයක් පැවැත්වීම සහ ඡන්දය පැවැත්වෙන්නෙ කුමකටද කියල පැහැදිලිව දුන්නු තීන්දුවට පසුව ඡන්දයට සහභාගී වීමෙන් ඒ ඡන්දය පැවැත්වූ අරමුණ විපක්ෂය අනුමත කිරීම.” එහෙම කියල විපක්ෂය කරපු දෙයකට ඔබේම අර්ථකතනයක් දෙනවා.
එහෙම කියල මම හැන්සාර්ඩ් එක බලන්න කිව්වම ඊලඟට මෙහෙමත් කියනවා.” නමුත් මෙතන කියල තියෙන්නෙ ජෝශප් මයිකල් පෙරේරා මහතා තමන්ට අදාළ කරගෙන "මම විරුද්ධව ඡන්දය පාවිච්චි කරමි" කියලා ඒක වචනයෙන්.” දැන් මොකක්ද මේ කියන්න උත්සාහ කරන්නේ. කතානායකතුමා කියපු දේ පිළිගන්නේ නැතිනම් හැමෝම ඔය ජෝශප් මයිකල් කියපු වාක්‍යය කියල චන්දෙ දෙන්න ඕන කියලද? කොහෙද එහෙම ලියල තියෙන්නේ. ජෝශප් මයිකල්ගේ වාක්‍යය කියපු එකෙන් සමුහය නියෝජනය උනත් නැතත්, විරුද්ධව චන්දෙ දීමෙන් කතානායකගේ ප්‍රකාශයට එකග නොවී උනත් චන්දයට සහභාගී වෙන්න පුළුවන් කියල හිතෙන්නේ නැතිද? තවදුරටත් කියනවනම් ඔය චන්ද විමසීමෙන් පසු ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු කවුන්සිලයක් පත් කළා ඊළග ව්නිසුරුව පත් කරන්න. රනිල් සහ ස්වාමිනාදන් විපක්ෂයේ නියෝජිතයෝ එය වර්ජනය කළා ශිරානි ඉවත් කළ විදිය ව්‍යවස්ථානුකුල විරෝධී බවට කරුණු දක්වමින්. ඒත් මදිනම් ඒකට ප්‍රතිකර්මය තමයි මම කිව්වේ රනිල්ගෙන් කෙලින්ම අහන්න කියල ඔය වගේ බොළඳ තර්ක ගෙනෙන්නේ නැතිව.
ඊට පස්සේ ඔබ කියනවා කතානායකට එරෙහි දෝෂාභියෝගයක් ගෙන්න තිබුනලු විපක්ෂයේ ගැලවිජ්ජාවට. මොන එහෙකටද ඒ වෙලාවේ එහෙම එකක් ගේන්නේ? තව මොනවද ලබා ගන්න පුළුවන් එහෙම එකක් ගෙනාව කියල. විපක්ෂය උවමනාවටත් වඩා තම මතය කියල තියෙනව දෝෂාභියෝගය සම්මත කළ ආකාරය ව්‍යවස්ථානුකුල නැහැ කියලා. කතානායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනල්ල ඒක පැරදීමෙන් අමුතුවෙන් ලැබෙන දෙයක් නැහැ. අනෙක් අතට එහෙම ගෙනල්ල පැරදුනානම් අද ඔබලාම තමයි කියන්නේ කතානායක ක්‍රියාකරපු ආකාරය හරි. කතානායකට එරෙහි විශ්වාසභන්ගෙනුත් එහෙම තහවුරු වෙලා තියෙනවා කියල. ඔබ ඔය ඔක්කොම කියන්නේ පාර්ලිමේන්තුව ක්‍රියා කරපු ආකාරය සාධාරණීකරණය කරන්න. නමුත් ඒ ප්‍රොසෙස් එක ගැන ප්‍රශ්න කරනකොට ඔබ එතනින් පලා යනවා අදාළ නොවෙයි කියල. ඔබේ එතැනදී එල්ලෙන්න හදන්නේ වත්මන් ජනාධිපති තුමා (
සහ තවත් කට්ටිය) එකඟව චන්දෙ පාවිච්චි කළා කියන පිදුරු ගහේ. විධායකයක් යටතේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ඔබට වැඩක් නැහැ. 78න් පස්සේ ලංකාවේ ජිවත් වෙලා නැති බවක් තමයි මට නම් හිතෙන්නේ.
-saman
මාර තර්කනේ මෙයා ගේන්නේ. හිනා යනවා ඕයි. විරුද්ධව චන්දෙ දුන්න නිසා ව්‍යවස්ථාවට එකඟ බව පිලිගත්තලු. මාරයි හොඳේ.
ReplyDeleteදැන් මොකද එතකොට ඒ අවස්ථාවේ අධිකරණයේ අර්ථ නිරුපනය වැරදි වෙලා මේ අවස්ථාවේ විතරක් හරි යන්නේ කිව්වනම්.
ReplyDelete