10/17/2018

"අතට අහුවුණු දේකින්... හැකි ඉක්මනින්... අපි ආණ්ඩුව පෙරළනවා" - මහින්ද

කතෘ:යුතුකම     10/17/2018   1 comment

ඔහු සිය විජේරාම මාවතේ නිල නිවසේ සිට තත්ත්වාකාර රාජ්‍යයක් මෙහෙයවනවා සේය. එක් අතකින් රාජ්‍ය තාන්ත‍්‍රික හමුවීම්ය. තෑගි බෝග හුවමාරු කරගනිමින්, ඡායාරූප සඳහා පෙනී සිටිමින් ඒවා නිමාවට පත්වේ. ඒ අතර එක් එක් පක්ෂ නායකයන්, මන්ත‍්‍රීවරු සමග දේශපාලන සාකච්ඡාය. ඇතිවීමට යන දේශපාලන පෙරළිය පිළිබඳව කතිකා කර ගැනීම සඳහා විවිධ පිරිස් ඔහු හමුවීමට පැමිණෙති. දුරකථනය ඔස්සේ රටේ විවිධ පළාත් වල ජනතාව ඔහුගේ අලූත් තොරතුරු විමසති. ගංවතුර තත්ත්වය පිළිබඳව, සමහර ප‍්‍රදේශවාසින්ගෙන් ඔහු විමසන්නේ, ඒ සඳහා ආධාර ලබා දීමට කණ්ඩායම් එවන බව පවසමිනි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයෙක් වුවත්, ඔහුගේ නිල නිවස අන් රාජ්‍ය කාරක පිරිස් වල නිල කාර්යාලයන්ට වඩා කාර්ය බහුලය. ඒ කාර්ය බහුලතාවය මැද්දේ, වත්මන් දේශපාලන කැළඹිල්ල පිළිබඳව  සිදු කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය - ආණ්ඩු පෙරළන සාකච්ඡාවක් සඳහා ඔබගේ කණ්ඩායම සහ ආණ්ඩුවේ පාර්ශ්වයක් අතර රහසිගත හමුවීමක් සිදු වූ බව මාධ්‍ය වාර්තා කළා. මේ සාකච්ඡාවේ තොරතුරු සමගින් අපේ සාකච්ඡාව ආරම්භ කළොත්...


පිළිතුර - මේක විශේෂ සාකච්ඡාවක් කියන්න බැහැ... මේ තමයි විපක්ෂයේ භූමිකාව. අද මේ රටේ විපක්ෂ දෙකක් තිබෙනවා. එකක් තමයි, ජනවාරි අට වැනිදා, අපේ ආණ්ඩුව පෙරළන්න එකතු වුණු හංස කණ්ඩායමේ විපක්ෂය. ඒ විපක්ෂය කරන්නේ ආණ්ඩුවට අලූත්ම තාලෙට කඬේ යන එකනේ... ඔය විපක්ෂය හැමවිටම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ අයගේ කතා දිහා බැලූවත් පේන දෙයක් තමයි, ආණ්ඩුවට සීයට දහයක් විතර යන්තම් බැනලා, අපිට සීයට අනූවක් විතර පලූ යන්න බනින එක. ඒ අය හිතන්නේ තවම ආණ්ඩු කරන්නේ අපි කියලා. ඒ විපක්ෂයේ අය ආණ්ඩුවට එරෙහිව, මේ අවුරුදු තුනහමාරටම එක උද්ඝෝෂණයක් කළා ද...? අපි ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කෙරුවත්, ඒ විපක්ෂය කරන්නේ, අපිට බනින එක මිසක් එකට සහාය දෙන එක නෙමෙයිනේ... සහාය දෙන්න බැරි නම්, අඩුම ගණනේ නිශ්ශබ්දව ඉන්න පුළුවන් නේ... එහෙම කරන්නෙත් නැහැ... මේ අය තවම බනින්නේ අපිට. එදා ආණ්ඩුව පත් වුණහම, විපක්ෂය සඳහා අපිට තියෙන අයිතිය උදුරා ගත්තා. අපිට මන්ත‍්‍රීවරු බහුතරයක් සිටියදී, දෙමළ සන්ධානයට සහ ජවිපෙට විපක්ෂයේ තනතුරු ලබා දුන්නා. හංස සන්ධානය රටට පේන්න දෙකට බෙදිලා, ආණ්ඩුව සහ විපක්ෂය කියන තැන් දෙකම අල්ලා ගත්තා. ඒ විපක්ෂයට මේ ආණ්ඩුව රකින්න මිසක් පෙරළන්න කිසිම වුවමනාවක් නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව සැබෑ විපක්ෂයේ භූමිකාව නියෝජනය කරන්නේ අපි. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි මේ ආණ්ඩුවේ ගමනට එරෙහිව දිගටම කටයුතු කළා. ඒ ගමනේ එක දෙයක් තමයි, මේ සාකච්ඡාව.

ප‍්‍රශ්නය - ආණ්ඩුව පෙරළීම සඳහා මීට පෙරත් ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කළා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව එවැන්නක්. එවැනි ක‍්‍රියා මාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට, ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණේ නැහැ. මෙවරත් ඔබේ උත්සාහය වතුරේ යයිද කියන සැකය තිබෙනවා නේද...?

පිළිතුර - විපක්ෂයක් ලෙස ආණ්ඩුවකට එරෙහිව දේශපාලනික වශයෙන් ගත යුතු පියවර සෑම එකක්ම අපි ගන්නවා. ලැබෙන හැම අවස්ථාවකම අපි ඒ සඳහා උපයෝගී කර ගන්නවා. රනිල්ට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංගය, එජාපය ජයග‍්‍රහණය කළේ කොහොමද කියන එක, දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසක්. ඒ විශ්වාසභංගය නිසා අපිත් සමග ශ‍්‍රීලනිපයේ සිට ජාතික ආණ්ඩුව නියෝජනය කරපු පහළොස් දෙනෙක් එකතු වුණා. ඒ නිසා තමයි, මේ ආණ්ඩුවට තුනෙන් දෙක නැති වුණේ. ඒ තුනෙන් දෙක තිබුණා නම්, මේ ආණ්ඩුව රටට එරෙහිව කොයිතරම් දේවල් අද වෙන කොට කරලාද...? එදා විශ්වාසභංගයෙන් රනිල් දිනුවාට, යහපාලන ආණ්ඩුව පරාජය වුණා. ආණ්ඩුවේ කෑල්ලක් කඩාගෙන, ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කරන්න, එදා අපිට පුළුවන් වුණා. ඒ තමයි, මේ ආණ්ඩුව අසරණ වුණ, මුල්ම අවස්ථාව. දැන් අපි යන්නේ එහි දෙවැනි පියවරට.

ප‍්‍රශ්නය - ආණ්ඩුව පෙරළීම සඳහා හොදම අවස්ථාව මෙය බව එක්බද්ධ විපක්ෂයේ සමහරු සඳහන් කර තිබුණා. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයට තනි ශක්තියක් තිබෙනවාද...?

පිළිතුර - අනිවාර්යෙන්ම... මේ ආණ්ඩුව පෙරළන්න අපිට කාගෙවත් අතකොලූ වුවමනා නැහැ. තමන්ගේ ආණ්ඩුව පෙරළන්න, ඒ අයට නම් අපිව ඕනෑ වෙලා තියෙනවා. පසුගිය පළාත් පාලන ඡුන්දය පොහොට්ටුව දිනුවේ, සියලූදෙනා, එකට හිටගෙන අපිට ගහද්දි. අපිට තනියෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන් බව, ආණ්ඩුව හොඳින්ම දන්නවා. ඒ නිසා තමයි, ඡුන්ද මේ විදිහට කල් දාන්නේ. ඡුන්දයක් තියන්න කියන්නකෝ....අපේ තනි ශක්තියෙන් ආණ්ඩුව පෙරළලා පෙන්වන්න.

ප‍්‍රශ්නය - ඔබේ පක්ෂයේ තනි ශක්තියෙන් ආණ්ඩුව පෙරළන්න පුළුවන් ඡුන්දයක් ලැබුණොත් විතර නම්, මෙවැනි දේශපාලන විජ්ජා මාර්ගයෙන් ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරන්නේ ඇයි...?

පිළිතුර - මේවා දේශපාලන විජ්ජා නෙමෙයි. මේ රටේ පැහැදිලි ජනමතය දැන් තියෙන්නේ, පොහොට්ටුවට. මහ මැතිවරණයේ ලැබුණු ජනමතය දැන් අහෝසි වෙලා ඉවරයි. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඒ පාඩම ආණ්ඩුවට කියලා දුන්නා. ජනමතයට පිටුපාලා, මේ ආණ්ඩුව කටයුතු කරනවා නම්, මෙවැනි අතර මැදි අවස්ථා ප‍්‍රයෝජනයට අරගෙන අපි ආණ්ඩුව පෙරළිය යුතුයි. ඡුන්දයක් තියන්නේ නැත්නම් මේ රට බේරා ගැනීම සඳහා, අපිට ලැබෙන හැම අවස්ථාවක්ම භාවිත කළ යුතු වෙනවා. අද බලන්න මේ රටට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා. රුපියල රැක ගන්න මේ ආණ්ඩුවට පුළුවන් වුණා ද...? 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් තියෙනවා. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහළ යෑම යැයි කියලා, ආණ්ඩුවේ අය කියනවා. 2007 - 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය නිසා, මගේ ආණ්ඩු කාලය තුළ දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් කඩා වැටුණා. එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන්නට අපි වග බලා ගත්තා..

2007 - 2008 වසර කාලයේ මුළු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බව ලංකාවේ ජනතාව දැනගෙන හිටියෙවත් නැහැ. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක තියා ගන්න අපිට පුළුවන් වුණා. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරපු, එල්ටීටීඊය, අපි පරාජය කළේ, 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම තිබියදී. ලෝක ආර්ථිකය ගැන කිය කියා, ජනතාව ඉදිරියේ අපි අඬා වැටෙන්න ගියේ නැහැ. එහෙම අඬ අඬා යන්න ආණ්ඩුවක් මොකටද...? මේ ආර්ථික අර්බුදය පටන් ගත්තා විතරයි. දැන් මූල්‍ය ආයතන කඩා වැටෙන්න ආසන්න අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ... කොටස් වෙළෙඳ පොළේ තිබෙන සමහර සමාගම් දැනටමත් කඩා වැටිලා. මේ ආණ්ඩුව ඉක්මනින්ම, පෙරළලා දැම්මේ නැත්නම්, මේ රටට මොකද වෙන්නේ...? ජනතාවට රැකියා දැනටමත් නැති වෙලා. මේ අවුරුද්දේ අග වෙනකොට බෝනස් දෙන්න විදිහක් නැතුව සමාගම් ළතවෙනවා. බඩු මිල ඉහළ යන විදිහට ලබන සිංහල අවුරුද්ද වෙනකොට කිරිබතක් උයාගන්න ජනතාවට ඉඩක් ලැබෙන එකක් නැහැ. ජනතාව අපිට ඡුන්දය දුන්නේ මේවා දිහා බලාගෙන, කියව කියවා ඉන්න නෙමෙයිනේ... ඒ වැඬේ කරන්න, ජවිපෙ ඉන්නවනේ... රතු අලි පැටියා කරන දේවල් අපි කරන්න යන්නේ නැහැ... අපි ජනතාව වෙනුවෙන්, මේ ආණ්ඩුව පෙරළුවේ නැත්නම්, මේ රට සෝමාලියාවක් වෙන එක නතර කරන්න පුළුවන් කමක් නැහැ.

ප‍්‍රශ්නය - ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා පවත්වමින්, ඔබ ආණ්ඩුව පෙරළන්න යන බවට ආරංචි පැතිර යමින් තිබෙනවා. ආණ්ඩුව කියලා, ඒකාබද්ධය සහ පොහොට්ටුව අදහස් කරන්නේ, අගමැතිවරයාගේ ප‍්‍රමුඛත්වයෙන් යුත් එජාපය පමණද...?

පිළිතුර - එජාපය මේ රටේ වර්තමාන විනාශයට වගකිව යුතු පක්ෂයයි. සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි කොල්ලකමින්, මේ රටේ සිදුවූ මහා වංචාවට නායකත්වය ලබා දුන්නේ එජාපයේ නායකයායි. ඒ විතරක් නෙමෙයි, එජාපයේ මන්ත‍්‍රීවරු රාශියක්, ඒ වංචාවෙන් තමන්ගේ මල්ල පුරෝ ගත්තා. සමහරු කෝප් වාර්තාවට ෆුට් නෝට් දැම්මා. සමහරු ඡුන්දයට සල්ලි ගත්තා. මේ රටේ වටිනාකම වැඩි කරපු, අපි හදපු මහා සංවර්ධන ව්‍යාපෘති සියල්ලම, අත යට ගනුදෙනු අරගෙන, කුණු කොල්ලයට විකුණන්න නායකත්වය දුන්නේ එජාපයයි. අනිත් කට්ටියත් ඒවාට සහාය දුන්නා. මම ඒක නැහැ කියන්නේ නැහැ. ඒ සියලූදෙනා සිදු කළේ එජාපයේ දර්ශනය ක‍්‍රියාවට නැගීමයි. හම්බන්තොට වරාය කියන සම්පත වික්කා. ත‍්‍රිකුණාමලයේ වරාය වික්කා. මත්තල ගුවන්තොටුපළ විකුණන්න සියල්ල සූදානම්... අපේ රටේ ආර්ථිකය, ඉන්දියාවේ, චීනයේ සහ සිංගප්පූරුවේ, රූකඩයක් කරන ගිවිසුම් සියල්ල සකසා අවසන්... , මුලින්ම බලන්න ඕනේ, අපිට මේ මොහොතේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් කොතැනින්ද කියලා... මේ ආණ්ඩුවම එකවර පෙරළන්න පුළුවන් නම් ඒක තමයි, හොඳම ක‍්‍රමය. ඒ සඳහා අපිට ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් අවශ්‍යයි. ඒ අවස්ථාව ලැබෙනකන් මේ වෙන දේවල් අපිට ඉවසන්න පුළුවන්ද...? මේ රටේ මහා සංඝරත්නය මාංචු දාලා හිරගෙට දක්කනවා.කාදිනල් උතුමාණන්ට මඩ ගසමින් අපහාස කරනවා. රටේ ආගම් එකිනෙකාට කොටවමින්, බටහිර තිබෙන සංකර සංස්කෘතිය මේ රටට බලෙන් කාවද්දමින් තිබෙනවා. මුළු රටම අපරාධපුරයක් වෙලා ඉවරයි... පාතාලය රටේ වෙනම ආණ්ඩුවක් කරගෙන යනවා. ආණ්ඩුව විසින් පටවා ඇති අධික බදු බර සහ අධික බැංකු පොලියට අමතරව, රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පාතාලයන්ට කප්පම් ගෙවනවා... අපි දිව්‍ය ලෝකයක් වගේ ගොඩනගපු මේ පුණ්‍ය භූමිය, මේ ආණ්ඩුව විසින් නරකාදියක් බවට පත්කරලා හමාරයි. ඒ රට යළි ගොඩනගන්න අවශ්‍යයි. තව වසරක් පමණ ගතවෙන විට ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. එතෙක් කල් ඉවසුවොත් අපිට රටක් ඉතුරු වේවිද කියලා මට බය හිතෙනවා. රණවිරුවෝ තමන්ගේ ජිවිත, තම දෙමව්පිය, දරුවන්, බිරිඳගේ අනාගතය අමතක කරලා, රැකගත්ත මේ රට නරකාදියක තත්ත්වයකට පත් කරලා තියෙද්දී අපිට අහක බලාගෙන ඉන්න බැහැ. දැන් බලන්න අපි ලෝකයේ අංක එකේ නගරය බවට පත්කරපු කොළඹ නගරයේ කුණු ටික ඇදගන්න ආණ්ඩුව දෙපැත්තට අදිනවා... මේ තත්ත්වයෙන් රට මුදාගන්න, මේ ආණ්ඩුව වට්ටන්න ඕනේ... ඒක අතට අහුවෙච්ච තැනින් පටන් ගන්න ඕනේ... හොරෙක් හතුරෙක් ගෙදරට පැන්නොත් අපි මොකද කරන්නේ... ගෙදර තියෙන හොඳට කැපෙන පිහිය හොයලා, මුවහත් තියෙනවාද...? නැත්නම් එහා ගෙදරින් ආයුධයක් ඉල්ලගෙන එනවද...? අතට අහුවුණු දෙයක් අරගෙන එළියට බහිනවාද...? සමහර වෙලාවට අතට ගන්නේ ඇඳ පොල්ල වෙන්න පුළුවන්... කොස්ස වෙන්න පුළුවන්... ඒක අරගෙන අපි හොර හතුරා එක්ක සටන් කරනවා... හොඳට මතක තියාගන්න, මේක ඒ වගේ වෙලාවක්... අහුවෙච්ච පළවෙනි තැනින් ආණ්ඩුව වට්ටන්න අපි වැඩ කරන්න ඕනේ. ඒ සඳහා තියෙන්නේ එක සීමාවක් පමණයි. ඒ තමයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව...

ප‍්‍රශ්නය - ඒ කියන්නේ, අගමැතිවරයා ඉවත් කර, එජාපය ආණ්ඩුවෙන් ඉවතට දමා, පාර්ලිමේන්තුවේ බහුතරයක් සාදා ගෙන ආණ්ඩු කිරීම සඳහා ඒකාබද්ධය බලාපොරොත්තු වෙන බවද...?

පිළිතුර - ජනාධිපතිවරයා ඉවත් කළහොත් කවුද බලයට එන්නේ...? මේ රටේ බෙදුම්වාදයට සින්නක්කර ලියලා දෙන්න සූදානම්, මේ රටේ ලොකුම හොරකම කරපු, ජාතික සම්පත් විකුණන අගමැතිට එයින් ජනාධිපති පුටුවට එන්න අවස්ථාව ලැබෙනවා. රනිල් වික‍්‍රමසිංහ ගේ ආණ්ඩුව පෙරලූවොත්, අපිට මේ රටේ සම්පත් ටික බේර ගන්න පුළුවන්... ඒ සඳහා අපි පාර්ලිමේන්තුවේ බලය අතට ගත යුතු වෙනවා.

ප‍්‍රශ්නය - ඒ සඳහා ඔබ, බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවත්වුණ බව, පුවත්පත් වාර්තා කළා... එහිදී යම් එකඟතාවකට මේ පිරිස පැමිණි බවත් සඳහන් වුණා. මොනවද මේ එකඟතාවන්...?

පිළිතුර - එහෙම විශේෂ හමුවක් හෝ සැලසුමක් සකස් වුණේ නැහැ. එහෙම කතාවක් රටේ පැතිරුණා... මාධ්‍ය වාර්තා කළා... අපි ඒ සඳහා පිළිතුරු දිය යුතු නැහැ. මෙතැනදී වැදගත් අප හමුවුණා ද, නැද්ද කියන එක නෙමෙයි. මේ ආණ්ඩුව පෙරළනවා ද නැද්ද කියන එක විතරයි. පළාත් පාලන මැතිවරණයේදී අපි මොකද කිව්වේ...? රටේ වෙනසක් කරන්න මේ ඡුන්දය අපිට දෙන්න කියලා. ඒ වෙනස කරන්න, මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඕනේ කියලා තමයි, අපි ජනතාවගෙන් ඡුන්දය ඉල්ලූවේ... මේ ලැහැස්ති වෙන්නේ, ඒ වෙනස ඇති කරන්නයි. ඒ සඳහා අහවලා එක්ක සාකච්ඡා කරනවාද, කියන එක වැදගත් නැහැ. ජනාධිපති එක්ක සාකච්ඡා කළත් එකයි නැතත් එකයි. අපි මේ ආණ්ඩුව පෙරළන්න ඕනේ.

ප‍්‍රශ්නය - මෛත‍්‍රිපාල සිරිසේන මහතා, ඔබව එක් වරක් නොවේ දෙවරක් රැවට්ටුව බව සඳහන් කරන සමහරු අහන්නේ, මේ තුන්වෙනි පාරටත් ඔබ රැවටෙන්න යනවාද කියලයි...?

පිළිතුර - පළවෙනි පාර මම රැවටුණේ නැහැනේ... එකට ඉඳලා බෙල්ල කැපුවනේ... ඒක රැවටීමක් නෙමෙයි, පාවාදීමක්. එකට ඉඳලා ගිහිල්ලා, එයා ඡුන්දයෙන් දින්නනේ... ජනතාව මෛත‍්‍රීව ජනාධිපති ලෙස පත් කරගත්තනේ... මම පරාද වුණා . ඒ ජනතා මතයට මම ගරු කරනවා. මහජනයා ඔහු කෙරෙහි විශ්වාසයක් තිබ්බා. ඒ ජනාධිපතිකම අපිට නොසලකා හරින්න බැහැ. මේ පාර්ලිමේන්තුවේ බලය අපි කොයි ආකාරයෙන් ගත්තත් මේ රටේ ජනාධිපති මෛත‍්‍රීනේ... ඔහු සමග අපිට සමහර දේවල් කරන්න වෙනවා. මේවා මගේ තනි තීරණයට වෙන්නේ නැහැ. අපි කණ්ඩායමක් ලෙස ඒ ගැන කතා කරනවා. වාද විවාද කරගන්නවා. අවසානයේදී තීරණයකට එනවා. එජාපයේ මන්ත‍්‍රීවරු පිරිසක් පවා මේ අගමැති වෙනස් විය යුතුයි කියන මතයේ ඉන්නවා. තමන්ගේ පක්ෂය කියා කියා, මේ ආර්ථිකයෙන් පීඩාවට පත්වෙලා ඉන්න, ජනතාවට ගමේ ගිහිල්ලා, ඒ මන්ත‍්‍රීවරයා මොකද කියන්නේ...? ඒ නිසා එජාපයේ පිරිසක් පවා මේ ආණ්ඩු පෙරළිය කරන්න ඕනේ කියන මතයේ ඉන්නවා. ඒ වගේම මම මේකත් කියන්න ඕනේ... වෙන කාටවත් නියම් හෝ අනියම් අන්දමින් වාසි ගන්න අපි ආයෙත් ඉඩ දෙන්නේ නැහැ. මේ මාතෘභූමිය වෙනුවෙන් පමණයි අපේ කැපවීම.

ප‍්‍රශ්නය - මේ ආණ්ඩු වෙනස ඇති කරන්නේ අයවැය පරාජය කිරීමෙන්ද...?

පිළිතුර - මම මුලින් කිව්වා වගේ අතට අහුවුණු දෙයකින්... හැකි ඉක්මනින්... ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව...

ප‍්‍රශ්නය - ඔබේ පවුලේ පිරිසට සහ ඔබේ ළඟම දේශපාලනික හිතවතුන්ට එරෙහිව පවරා තිබෙන නඩුවල තීන්දු ලැබෙන්න ළඟයි... එක දිගට නඩු ඇහෙන විශේෂ මහාධිකරණය දැන් ක‍්‍රියාත්මකයි. ලහි ලහියේ මේ ආණ්ඩු පෙරළන්න හදන්නේ මේ නඩු තීන්දු වලින් බේරෙන්න කියලත් කතාවක් පැතිරෙනවා...

පිළිතුර - තව මොනවා බේරෙන්නද...? මගේ දරුවෝ හිරේ දැම්මා... මේ රටේ අවුරුදු නවයක් ජනාධිපතිකම් කරපු මම, බත් උයාගෙන හිර ගෙදර දොර අරිනකන් පාරට වෙලා හිටියා. අපිත් එක්ක දේශපාලනයේ රැඳී සිටීමේ වරදට, බැසිල්, විමල්, ගම්මන්පිල, ජොන්ස්ටන්, මහින්දානන්ද ඇතුළු විශාල පිරිසක් හිරේ දැම්මා. මගේ ලේකම් ලලිත්ව සහ අනුෂව සිල් රෙදි බෙදුවා කියලා හිරේ දැම්මා. මට තිබුණු ආරක්ෂාව අඩු කළා. අපේ අම්මට තාත්තට පවා අපහාස කළා. ඔය නඩු වලට අපි බය නැහැ. මම අම්මගේ මරණය බලන්න ආවේ, හිර ගෙදර ඉඳලා... එදා එජාප ආණ්ඩුව අපිට එහෙමයි කළේ... ඒවායෙන් අපේ දේශපාලන ගමන නතර වුණේ නැහැනේ... අපි මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපති පුටුව දක්වාම ආවනේ... ඔය නඩු වලට අපි බය නැහැ. ඔය නඩු කියන්නේ දේශපාලන පළිගැනීම් වගේම අපේ දේශපාලනයට පන්නරයක් මිසක්, අපි ඒවාට බයේ හැංගෙන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට බය නැතුව මුහුණ දීලා පරාජය කරපු අපි, මේ වෙන වෙන අයගේ පළිගැනීම් වලට බය වෙනවද...? හැබැයි මේ රටේ ජනතාවගේ බය නැති කරපු අපිට, යුද්ධය දිනලා දුන්න අපිව මෙහෙම පවුල් පිටින් පක්ෂ පිටින් හිරේ දාපු එකට වැඩි කලක් යන්න ඉස්සෙල්ලා උත්තර දෙනවා කියන එක නම් මම කියනවා.


සාකච්ඡා කළේ- මනෝජ් අබයදීර [Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions