10/01/2018

සිංගප්පූරු ගිවිසුම රටට කරන හානිය උතුරට ඊළාම් දුන්නාටත් වඩා භයානකයි

කතෘ:යුතුකම     10/01/2018   No comments

- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති නීතිඥ සරත් විජේසිංහ

අපේ රට ඉන්දියාව, චීනය, ඇමරිකාව, සිංගප්පූරුව ආදි බොහෝ රටවල් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත් මේවා පිළිබඳ බොහෝ දෙනා පළ කරන්නෙ සුබවාදී අදහස් නෙමෙයි?


ජාත්‍යන්තර ගිවිසුමක් කියන්නෙ වෙනත් රටක් සමග හෝ අන්තර්ජාතික සමාගමක් සමග අත්සන් කරන ලියවිල්ලක්. රටකට ජාත්‍යන්තර ගිවිසුම් අවශ්‍යයි. කිසිම රටකට ලෝකෙ තනිවම පවතින්න බෑ. එහෙම වුණත් ජාත්‍යන්තර ගිවිසුමක් අස්සන් කරන කොට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තිබෙනව. අපි වෙනත් රටක් සමග ගිවිසුමක් අත්සන් කරන්නෙ එයින් අපේ රටට ලාභයක් ලබාගන්න. අපිත් සමග ගිවිසුම අත්සන් කරන අනිත් රටත් ඒ විදිහටම කල්පනා කරන බවත් අපි හිතන්න ඕන. ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමේ දී අපේ රට, ජාතිය, අපේ වෙළඳ ගනුදෙනු ආදිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි.

අපේ රට මේවන විට විවිධ රටවල් සමග ගිවිසුම් 419 ක් පමණ අත්සන් කර තිබෙනවා. අපේ රට ජාත්‍යන්තර වෙළෙඳාම අතින් විශාල දියුණුවක් ලබා තිබෙන රටක් නෙමෙයි. අපේ ජනතාවගෙ ප‍්‍රධාන ජීවනෝපාය රට තුළ සිදුකරන ගොවිතැන. 1815 සිටම අපි නොයෙක් රටවල් සමග අත්සන් කළ ගිවිසුම්වලින් වැඩි වාසි ලබාගත්තෙ අපි නෙමෙයි. අනිත් පාර්ශ්වය. හරියටම කිව්වොත් වෙනත් රටවල් සමග මේතාක් අපි අත්සන් කර ඇති ගිවිසුම්වලින් අති බහුතරය අපි පරාදයි.

ඔබ හිතන්නෙ ඇයි එහෙම වුණේ?

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අප තුළ තිබෙන දැනුමේ සහ අවබෝධයේ අඩුකම. අපට වැඩි වාසි ලබාගත හැකි ආකාරයට ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය දැනුම හා අවබෝධය සහිත අය අපේ රටේ නැහැයි කිව්වොත් මම හිතන්නෙ හරි. ඒ නිසා තමයි අපි හැමදාමත් මේ කාරණයේදී පැරදුනේ. මම හිතන්නෙ චීනය සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කළ රබර් සහ හාල් ගිවිසුම පමණයි අපට වාසිදායක ගිවිසුමක් වුණේ.

පසුගිය කාලෙ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳවත් විශාල ආන්දෝලනයක් ඇතිවුණා. මේ ආණ්ඩුව සිංගප්පූරුවත් සමග අත්සන් කළ ගිවිසුම නිසා අපේ රට තුළ අර්බුද ගණනාවක් මතු වන බවට විවිධ අදහස් පළවෙනවා?

ඇත්තවශයෙන්ම ඉන්දියාවත් සමග අපි අත්සන් කළ සියලූම ගිවිසුම් අපට අවාසියි. දෙරට අතර පවතින වෙළෙඳ අසමානතාව ඊට ප‍්‍රධාන වශයෙන් බලපෑවා. මේ ආණ්ඩුව සිංගප්පූරුවත් සමග අත්සන් කළ ගිවිසුමත් කාගේ වුවමනාවට කවුරු කෙටුම්පත් කළ ගිවිසුමක් ද යන්න තවම හෙළිදරව් වෙලා නෑ. මේ ගිවිසුම බැලූබැල්මට හරි බලසම්පන්න රටට හොඳ ගිවිසුමක් වගේ තමයි පෙනෙන්නෙ. ඉතාම ලස්සනට බොහොම සූක්ෂමව හදල තිබෙන මේ ගිවිසුමේ පිටු 1089 ක් තිබෙනවා. ඒ 1089 යම ඉංග‍්‍රීසියෙන් විතරයි තිබෙන්නෙ. පිටු 1089 කින් යුතු මේ ගිවිසුම බොහොම සැලසුම් සහගතව හදල තිබෙනව වගේ පෙනුණට එහි සම්පූර්ණ වාසිය තිබෙන්නෙ සිංගප්පූරුවට.

සිංගප්පූරුවට කියන්නෙ එහෙමපිටින්ම වෙළෙදාමෙන් ජීවත් වෙන රටක්. අවුරුදු 200 ක වගේ කෙටිකාලීන ඉතිහාසයක් තිබෙන සිංගප්පූරුවට ඇත්තවශයෙන්ම නැතිවෙන්න දෙයක් නෑ. සිංගප්පූරුව අපේ රට වගේ ස්වාභාවික සම්පත් සහිත රටක් නෙමෙයි. අඩුතරමින් තමන්ගෙ රටේ කුණු ටිකවත් දාන්ඩ තැනක් නැති රටක්. ඔවුන් අපේ රටත් සමග ගිවිසුමක් අත්සන් කරන්නෙ මෙන්න මේ වාතාවරණයත් සමගයි. ඔවුන්ගෙ අරමුණ ඔවුන් හිරවෙලා ඉන්න ප‍්‍රශ්න කිහිපයක් විසඳා ගැනීමයි. මේ ගිවිසුමේ 1089 ක් වන පිටු තුළ භාණ්ඩ 9900 ක් ගැන සඳහන් කර තිබෙනවා. මේ ගිවිසුම මුළුමනින්ම සකස් කරල තිබෙන්නෙ සිංගප්පූරුවේ විශේෂඥයින්. මෙවැනි දෙයක් කරන විට ඒ තුළින් අපේ රටට ආරක්ෂාවක් වෙළඳ ලාභයක් ලැබෙන ආකාරයට එය සකස් කර ගත යුතුව තිබුණත් ඒ සඳහා හැකියාවක් ඇති අය අපේ රටේ නොමැති වීමෙන් මෙම ගිවිසුම අපට අවාසි සහගත ලෙස සකස් වූ බවයි මගේ අදහස.

මේ ගිවිසුම අත්සන් කළ ආකාරය පිළිබඳ මේ වන විට ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වී තිබෙනවා?

ඔව්. මේ ගිවිසුම අත්සන් කළ විදිහ වැරදියි. අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබුණා. එක්සත් රාජධානියේ, කැනඩාවේ, ඕස්ටේ‍්‍රලියාවේ හෝ වෙන ඕනෑම රටක මෙවැනි ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන විට පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ දැඩි ලෙස සාකච්ඡා කෙරෙනවා. වාද විවාද සිදු කෙරෙනවා. එය අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස එම රටවල් සලකනවා. වෙනත් රටවල් මෙවැනි ගිවිසුම් අත්සන් කරන්නේ තම ව්‍යාපාරික ප‍්‍රජාව සහ විවිධ ක්ෂේත‍්‍රවල උගතුන්, බුද්ධිමතුන් සමග දීර්ඝ සංවාදයකින් පසුවයි. අපේ රට සිංගප්පූරුව සමග මේ ගිවිසුම අත්සන් කළේ මේ කිසිදෙයක් කරල නෙමෙයි. අඩුතරමින් පාර්ලිමේන්තුවේ වත් මේ ගිවිසුම ගැන කිව්වෙ නෑ. අපේ පාර්ලිමේන්තුවෙ මේ වගේ ගිවිසුමක් කියවල තේරුම් ගන්න පුළුවන් අය ඉන්නෙත් කීප දෙනෙක් විතරයි. ඇත්තවශයෙන් අපේ පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් මේ සිදුවුණේ කුමක්ද කියා තවමවත් දන්නෙ නෑ.

නීතිපති මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය නැතැයි ප‍්‍රකාශ කළා නේද?

එය සම්පූර්ණයෙන්ම වැරදි උපදෙසක්. මෙවැනි ගිවිසුමක් අත්සන් කරන විට එය පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුයි. ලෝකෙ කොහෙවත් ජාත්‍යන්තර ගිවිසුම් හැංගිහොරා අත්සන් කරන්නෙ නෑ.

ඒවගේම අපි දැක්කා සුමන්දිරන් මහතා පාර්ලිමේන්තු බැඳුම්කර සිද්ධියේදී එය සිංහල භාෂාවෙන් පමණක් තිබෙන බව කියා එය ප‍්‍රතික්ෂේප කළා. ඒ අනුව ඉංගී‍්‍රසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කර මෙම ගිවිසුම අත්සන් කිරීම වැරදියි. දිනකට මිලියන ගණනක් පාර්ලිමේන්තුවට වියදම් කරන රටේ මෙම ගිවිසුම සිංහල බසින් සහ දෙමළ බසින් පළකිරීම එතරම් ලොකු වියදමක් නෙමෙයි. අඩුතරමින් මේ ඉංග‍්‍රිසි පිටපත වත් පහසුවෙන් ලබාගැනීමට නෑ. මේ ගිවිසුමේ අඩංගු කරුණු ජනතාව අතරට යෑම මේ ලෙස වළක්වා තිබීම ගැන අද බොහෝදෙනා තුළ විශාල සැකයක් මතුව තිබෙන්නේ ඒ නිසයි.

ඊළඟට මේ ගිවිසුමට අපේ රට වෙනුවෙන් අත්සන් කළේ මලික් සමරවික‍්‍රම මහතා. ඔහු අත්සන් කළේ ඔහුගේ පක්ෂය වෙනුවෙන්වත් ආණ්ඩුව වෙනුවෙන්වත් නෙමෙයි, අපේ රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන්. මුළු රට වෙනුවෙන් මෙවැනි ගිවිසුමකට අත්සන් කරන්න ඔහුට තිබෙන අයිතිය කුමක්ද? ඔහු මේ ගිවිසුමට අත්සන් කිරීම නීත්‍යානුකූල නෑ. ඒ සඳහා ඔහුට බලයක් ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවයි. එවැන්නක් සිදු වී නෑ.

මේ ගිවිසුම පිළිබඳව ජනාධිපතිතුමා පත් කළ කොමිසමට ඔබත් සාක්ෂි දුන්නා?

එම කොමිසමට සාක්ෂි දීමට යන පුද්ගලයකුට ලැබෙන්නේ මිනිත්තු 15 යි. ඒ මිනිත්තු 15 තුළ දී මම මේ ගිවිසුමට පක්ෂව සහ විපක්ෂව මෙතෙක් පළ වී ඇති ලිපිත් මම ලියා පළ කළ ලිපිත් පිළිබඳ ඔවුන් දැනුවත් කර මා ඔවුන්ට යොමු කළ ප‍්‍රශ්නය වුණේ දැන් අත්සන් කර අවසන් වී ඇති ගිවිසුමක් ගැන සාක්ෂි විමසා මේ කොමිසමට කළ හැක්කේ කුමක්ද යන්නයි. කොමිසමක් පත් කිරීම හෝ වෙනයම් ආකාරයක විමර්ශනයක් මේ පිළිබඳව කළ යුතුව තිබුණේ මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙරයි. සියල්ල අවසන් වූ පසු එහි හොඳ නරක සොයාබැලීමෙන් ප‍්‍රයෝජනයක් නෑ.

මේ ආණ්ඩුව හිතන්නෙ හැම රටක් එක්කම නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරල ඔවුන්ට මේ රටේ ආයෝජන කරන්න ආරාධනා කළාම අපේ ආර්ථිකය දියුණු වෙයි කියලයි. ඒ රටවල් මෙහෙ ඇවිත් මුදල් ආයෝජනය කරන්නෙ අපේ රට දියුණු කරන්න නෙමෙයි. අපේ සම්පත් අරගෙන ඒ අය දියුණු වෙන්න. හොඳම උදාහරණය සිංගප්පූරුව අපේ රටේ කරන ප‍්‍රීමා සමාගම. මේ ගිවිසුමේ හැටියටත් මෙහේ සමාගමක් පිහිටුවල පිටරටවල සේවක පිරිස් මෙහෙට ගෙන්වාගන්න සිංගප්පූරුවට පුළුවන්. අද සිංගප්පූරුව සහ චීනය එකම ගමනක යන රටවල් දෙකක්. අපේ රට සිංගප්පූරුව සමග මේ ගිවිසුම අත්සන් කළේ සැලැස්මක් ඇතිව නොවෙයි. භාණ්ඩ 9900 ක් බදු නැතිව අපේ රටට ගෙන ඒමට අවස්ථාව ලබාදීම, විදේශ ශ‍්‍රමිකයන් ගෙන්වීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම වැනි අපේ රටට කිසිසේත්ම නොගැලපෙන තීරණ තුළින් අපේ රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවෙනවා. මේ ගිවිසුමේ තිබෙන අනර්ථකාරී බව පිළිබඳ එක උදාහරණයක් කුණු. සිංගප්පූරුවට අද තමන්ගෙ කුණු ටිකවත් දාගන්න ඉඩක් නෑ. චීනයත් සමග ඔවුන් ඒ ගැන සාකච්ඡා කළත් චීනය එය ප‍්‍රතික්ෂේප කළා. අපේ රටේ අවාසනාවට අපි ඒකට අහුවුණා. අනිත් භාණ්ඩ 9900 යේ ඉරණමත් ඕකම තමයි. මම හිතන්නෙ එල්ටීටීඊයට අපි උතුරු නැගෙනහිර දුන්න නම් අපේ රටට නැතිවෙන්නෙ ඒ දෙපළාත විතරයි. මේ ගිවිසුමෙන් අපට මුළු රටම නැතිවුණා.

ඔබ හිතන්නෙ දැන් මෙය වෙනස් කළ නොහැකි බවද?

අපි දැන් උගුලෙ අහුවෙලා ඉවරයි. දැන් මෙය වෙනස් කිරීම පහසු නෑ. මම හිතන්නෙ දැන් එය ජනාධිපතිතුමාටවත් කරන්න බෑ. සිංගප්පූරුව බලසම්පන්න රටක්. අපේ රටට මේ නිසා සිදුවන අවාසි පිළිබඳ ඒ රටත් සමග තර්ක කරල දැන් මෙය නිවැරදි කළ හැකි පුද්ගලයෙක් අපේ රටේ ඇතැයි මම හිතන්නෙ නෑ.

සාකච්ඡා කළේ පාලිත සේනානායක [Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions