10/31/2018

පරමාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නොව ජනතාව අතේ

කතෘ:යුතුකම     10/31/2018   No comments

පරමාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නොව ජනතාව අතේ
- 'යුතුකම සංවාද කවයේ' සභාපති ගෙවිඳු කුමාරතුංග


පසුගිය ජාතික ආණ්ඩුව ගැන යුතුකම සංවාද කවය නියෝජනය කළ ඔබ නව ආණ්ඩුව පත්වීම ගැන දරන්නේ කුමන අදහසක්ද..?

2015 ජනවාරි ස්ථාපිත වූ ආණ්ඩුව විජාතික බලවේගවල වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව අපි දුටුවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කතාව දෙස බලන විට අපි එදා සිට කළ විවේචනය නිවැරැදි බව පෙනෙනවා. එම විජාතික වුවමනාවන්ට මවුබිමේ ස්වාධීනත්වය, මවුබිමේ අපට උරුම ජීවිතය සම්පූර්ණයෙන් අහිමි කරන ගමනක යෙදුණු ගමන නැවැත්වීම ඉතාම සුබදායී කාරණයක්, අත්‍යවශ්‍යම කාරණයක් කියන එකයි අපේ අදහස. බටහිර වුවමනාවට ගිය ගමන නැවැත්වීම ආර්ථික, සමාජමය, දේශපාලන වශයෙන් වගේම රට වැටිලා තිබෙන ප්‍රපාතයෙන් මුදා ගැනීමේ උත්සාහයක් ලෙසත් මෙය සැලකිය හැකියි. උදාහරණයක් දක්වනවා නම් පසුගිය කාලයේ තිබුණෙ උතුරේ ජනතාවගේ පීඩා ගැන කතා කරපු ආණ්ඩුවක්නෙ. ඒත් අඩුම ගානෙ ලැබුණු විදේශ ආධාරවලින් ගෙවී ගිය වසර තුනහමාර තුළ එම ප්‍රදේශවල ගෙයක්වත් හදාගන්න අසමත් වුණු හැටි ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වා. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ඉවත් කළේ අසාර්ථක ආණ්ඩුවක් කියලා.

විනාශය හැරෙන්න වෙන කිසිම දෙයක් උරුම කර නොදුන් කාලකණ්ණි ආණ්ඩුව ඉවත් කිරීම සුදුසුයි.

ඒත් නව අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවට නැඟෙන චෝදනා සුළුකොට තැකිය නොහැකියි..?

ව්‍යවස්ථාව විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය ආදී කුමන අංශයකින් බැලුවත් 2015 ජනවාරි 08 වැනිදා රට හමුවේ තිබ්බෙ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා මේ රටේ සියලු ප්‍රශ්න විසඳන ප්‍රතිඥාවයි. එය සංකේතවත් කරන්න තමයි මෛත්‍රිපාල සිරිසේන තෝරා ගත්තේ. ඒත් ඉතා පැහැදිලියි ඒ ප්‍රතිඥාව ඉටුකරන්න හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අසමත් වුණා කියන කාරණය. ඔවුන්ම තෝරා ගත්ත ජනාධිපතිම කියනවා ඔහු මහ බැංකුව කැඩුවා, මහ බැංකු හොරුන් රැක්කා, රට විනාශයට යොමු කළා, මවුබිමට නොගැළපෙන අසංස්කෘතික, සදාචාර විරෝධී ක්‍රියාදාමයක් ඉදිරියට ගේන්න උත්සාහ දැරුවා කියලා.

ඒ කාරණය අපටත් පේනවා. අනෙක සදාචාරය පැත්තෙන් සැලකුවොත් එජාපයත්, ඔවුන් සමඟ සිටි සිවිල් සංවිධානත් ජනතාව අතර සපථ කළේ ප්‍රධාන පක්ෂ එකතු වෙලා රටේ ප්‍රශ්න විසඳන බවයි. ඒ අනුව එම ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එජනිසය ඉවත් වීම හරිද වැරැදිද කියන එකට වඩා ඒකෙන් කියැවන්නේ ඔවුන් අසාර්ථකයි කියන කාරණාවයි. ඒ අනුව ඔවුන්ගේ ව්‍යාපෘතිය මේ මවුබිමේදී සහමුලින්ම පරාජයට පත් වෙලා තියෙනවා. ඒ නිසා එය පිළිඅරගෙන මේ දේශපාලන වේදිකාවෙන් බැහැල යන එකයි ඔවුන් කළ යුත්තේ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් එජාප දේශපාලන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එජාප ප්‍රතිපත්තිවලට එරෙහිව ලක්ෂ තිහකට අධික ජනතාවක් මෛත්‍රි - මහින්ද වටා ඡන්දය දී තිබෙනවා. ඉතින් මේ පත් කිරීම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන්නෙ කොහොමද?
2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා බටහිර වුවමනාවට ජනාධිපති වුණා නම් කොහොමද ප්‍රගතිශීලී අදහස් තිබෙනවා කියන මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එක්ව ගමනක් යන්නේ?

මෛත්‍රිපාල මහත්තයා 2005දී ත්‍රස්තවාදයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට ඉතා සහයෝගයෙන් කටයුතු කළා. අතීතයෙත් එවැනි උදාහරණ තියෙනවා. විමලධර්මසූරිය රජතුමා උඩරටට ගියේ පෘතුගීසි සේනා එක්ක. ඇහැලේපොළ නිලමෙතුමත් එහෙමයි. දේශපාලන වේදිකාවෙ ඔහු කුමන තීරණ ගනීද කියල ජනතාව බලා සිටිනවා. අපේ පැතුම එතුමා මෙවර ගත් නිර්භීත තීරණයට එකඟව ඒ මත හිටගෙන මවුබිමට අවශ්‍ය තීරණ ගැනීමයි. විජාතිකත්වයේ කුලීකාරයෙක් වෙන්න ඕන නැහැ කියන කාරණාව මෛත්‍රිපාල ජනාධිපතිතුමා මේ වනවිටත් පෙන්වා දී තිබෙනවා.

ඒත් මේ එකතුව දෙන්නට දෙන්නා දේශපාලන වශයෙන් විනාශ කිරීමට සකස් කළ උගුලක් බවයි ඇතැමකුගේ අදහස?

විවිධ අයගේ සිත් කියවන්න යෑම දේශපාලන වශයෙන් කෙතරම් ප්‍රායෝගිකද කියල මම දන්නෙ නැහැ. ඒත් මවුබිම පැත්තෙන් ගත්තොත් ඒ අරගෙන තියෙන්නෙ ඉතාම නිවැරැදි තීරණයක්. ඔබ අහනව වගේ නොයෙකුත් සැක සංකා ඒ නායකයන් අතරම තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඔවුන්ගේ පාක්ෂිකයන් අතර විශාල වශයෙන් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි කියන්නෙ මේ තීරණය නිවැරැදි වගේම නිර්භීත තීන්දුවක් කියලා. මෙවැනි තීන්දුවක් එනම් තමන්ව සැකයට භාජන වන තීන්දුවක් ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. මෛත්‍රිපාල සිරිසේන මහතා මවුබිම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විශ්වාස කිරීම හොඳ දෙයක්. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්වාස කරල එතුමාගේ ආරාධනාව මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගැනීමත් පහසු කාරණාවක් නොවෙයි. ඒ නිසා මොවුන් දෙදෙනාම මවුබිම වෙනුවෙන් තමන්ගෙ අනාගතය අභියෝගයකට ලක් කරගෙන තිබෙනවා. හැබැයි ඒක මේ වෙලාවෙ රට වෙනුවෙන් සිදුවිය යුතු ක්‍රියාවලියක්. ඉතිහාසය වෙනස් කරලතියෙන්නෙ නිර්භීත නායකයන් පරාර්ථකාමීත්වයෙන් ගත් තීන්දුවලින්.

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විදේශ රටවල සුබ පැතුම් අවම වී ඇති බවයි ආරංචි. මේක රටට කුමන ආකාරයකින් බලපාවිද?

ඇත්ත වශයෙන්ම ඒක බලාපොරොත්තු විය යුතුයි නේද? මේ පුංචි රට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැඟී සිටිනවාට බටහිර ලෝකය එතරම් කැමැත්තක් දක්වන්නේ නැති බව පැහැදිලියි. ත්‍රස්තවාදයට උදවු කළ රටවල්, තමන්ගෙ රටවල ත්‍රස්තවාදීන්ට උදවු කරන කාර්යාල පවත්වාගෙන යන රටවල්, එම කටයුතු කරන්නෙ ශ්‍රී ලංකාවේ අපිට ඕන හැටියට නොවෙයිනෙ. මේ සත්‍යය අපි පිළිගන්න ඕන.

ඒ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕන. මේක මීට පෙරත් තිබුණා. ඔවුන් 2015දී මේ ආණ්ඩුව හැදුවේ මවුබිම පාවාදීමටයි. මවුබිමේ ඉතිහාසයට පටහැනි ව්‍යවස්ථා හැදුවෙත් ඒකට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් පනස් ගණනක් සිටින පක්ෂයට විපක්ෂ නායක ධුරය නොදී මන්ත්‍රිවරු 16ක් ඉන්න සම්පන්දන්ට විපක්ෂ නායකකම දෙනකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නායකයා කොහේද හිටියෙ? පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවට ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කර තිබියදීත් එම ඡන්ද කල් දමන විට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අය කොහේද හිටියෙ, විජාතික වුවමනාවන් වෙනුවෙන් වෙහෙසෙන කුලීකාරයන්ගෙන් පටන් ගෙන අපේ මවුබිමේ ඉතිහාස ගමන වෙනස් කරන්න උත්සාහ ගත් සෑමවිටම එය බිඳ වැටී තිබෙනවා. අද සිදුවී තිබෙන්නෙත් ජනවාරි 08 කුමන්ත්‍රණය පරාජය වීමයි. ඒ නිසා විජාතික බලවේග කනගාටුවට පත්වෙලා කරන මැදිහත්වීම් හෙළා දැකිය යුතුව තිබෙනවා. අපි රුවන්වැලිය, කලාවැව හදන විට කැලේ සතුන්ගේ මස් කකා, සතුන්ගෙ හම් ඇඳගෙන හිටපු ජාතීන්ගෙන් අනුශාසනා ගන්න අවශ්‍යතාවක් තියෙනව කියලා මම හිතන්නෙ නැහැ.

රටේ උද්ගතව පවතින ප්‍රශ්නවලට මේ ආණ්ඩුවෙන් විසඳුමක් අපේක්ෂා කළ හැකිද?

මහින්ද රාජපක්ෂ විශ්වාස කළ හැකි නායකයකු බවට මේ දවස් දෙක තුන තුළ වුවත් යහපත් සංඥා ලැබී තිබෙනවා.

කොටස් වෙළෙඳපොළ වසර පහකට පසුව ඉහළ අගයක් වාර්තා කළා. මම දකින්නෙ මේ ආණ්ඩුවේ කාර්ය භාරය වෙන්නෙ ගිය විනාශය නවත්තල ජනතාවගේ හදවතට අනුකූල අන්තර්කාලීන පාලනයක් ගෙන යෑමයි. යමින් තිබූ විනාශකාරීත්වය නතර කිරීම මේ රටට සෙතක් හැටියටයි මම දකින්නේ.

නව අගමැතිවරයකු තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුව කරා යොමු වන ප්‍රශ්නයක් වෙමින් පවතිනවා. මේක තව තවත් දේශපාලන අරාජිකත්වයකට යෑමක්?

රටේ තිබුණෙ ස්ථාවර ආණ්ඩුවක්ද? රට තිබුණෙ අරාජික වෙලා නොවේද? ආර්ථිකය මොන ආකාරයක හෝ පාලනයක් ඇති තත්ත්වයක නොවෙයි නේද තිබුණේ. 77ට අවුරුදු 40යි කියලා නිදහස් ආර්ථිකය සැමරුව ආණ්ඩුවට වාහන ආනයනය නතර කරන්න, වෙනත් කෑම ජාති ආනයනය සීමා කරන්න තරම් අරාජිකත්වයකට යොමු වෙලා නොවේද රට තිබුණේ. රටේ මූල්‍ය ආයතන කඩා වැටෙන තත්ත්වයක නොවේද තිබුණේ. වරාය, ගුවන්තොටුපොළ ආදී මර්මස්ථාන රටට අහිමි වන අරාජිකත්වයක නොවේද තිබුණේ. වෙළෙඳ ගිවිසුම් මඟින් රට නව යටත් විජිතයක ගොදුරක් බවට පත්වෙමින් නොවේද තිබුණේ. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම් බවට චෝදනා තොරතුරු සමාජගත වෙමින් තිබුණා. එවැනි තත්ත්වයක මේ රට අරාජික නොවී තිබුණා කියන්න පුළුවන් කාටද?

ඒ නිසා අරාජිකත්වය පිළිබඳ ගැටලුවක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව හමුවේ තිබෙන්නෙ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ පවතින ආණ්ඩුව තහවුරු වෙයිද බිඳ වැටෙයිද කියන කාරණයයි. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ගැන කතා කරන්නෙ ජනවරමට එකඟවද? ප්‍රධාන පක්‍ෂ දෙක එකතු කරලා රටේ ප්‍රශ්න විසඳනවා කියලා කියපු නායකයකුට ඒක අසාර්ථක වුණාම තවදුරටත් ඒකම කියමින් දේශපාලනයේ යෙදෙන්න අයිතියක්නැහැ. ෆෙඩරල් ආණ්ඩුවක් හදාගන්න ඕන කියන දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ.

එහෙම හදනව නම් අනිවාර්යයෙන්ම රට පාවලා දෙන්න එකඟ වෙලානෙ එහෙම පාලනයක් හදන්නේ. එහෙම නැතිව වෙන විධියක් නැහැනෙ. එහෙම නම් හදන්න. මේ රටේ මිනිස්සු තීරණය කරාවි එහෙම ආණ්ඩුවකට මොකද්ද කරන්නෙ කියලා. පරමාධිපත්‍ය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ නෙවෙයි ජනතාව අතේ. අනුර කුමාරට හැංගි හැංගි ඉන්නෙ නැතිව ඇමැතිකමක් ගන්න කියන්න.

ඔබ විශ්වාස කරන්නෙ මේ ආණ්ඩුව කොපමණ කාලයක් පවතින්න ඕන කියලද?

මෙහෙමයි. ගිය විනාශකාරී ගමන වළක්වපු නිසා මේ ආණ්ඩුවේ එක දවසත් අපේ රටටවටිනවා. මේ රටේ තිබුණු දේශපාලන, ආර්ථික අරාජිකත්වය නැති කිරීමට අඩිතාලම දැමීමයි. තව අවුරුදු සියයකින් අපේ රට පවතින්න ඕනද කියලා තීරණය කරන්න මේ ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. රටේ ස්ථාවරත්වය ඇති කිරීමට අවම කාලය අරගෙන අලුත් ගමනක් ආරම්භ කරන්න ජනතාවට අවකාශ සැලසිය යුතුයි.

ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වන බවට අවධානය යොමු වී සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ ආණ්ඩුවේ තනතුරු භාර නොගැනීමට තීරණය කිරීම ගැන මොකද හිතන්නේ?

මේ ආණ්ඩුව අන්තර්කාලීන කාර්යභාරයක් ඉටු කරන්න ගොඩනඟපු එකක්නෙ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා තනතුරු භාර නොගත්තත් රට නිවැරැදි තැනකට යොමු කිරීම සඳහා උදවු කරන බව පවසා තිබෙනවා. දිනේෂ්, ඩලස් ආදී ජේ‍යෂ්ඨයන් පවා නව ආණ්ඩුවේ තනතුරු අවශ්‍ය නැහැ කියලා කියා තිබෙනවා. අපේ මවුබිම පරපුරෙන් පරපුරට ගොඩනංවපු ජීවිතය රැක ගැනීමේ කාර්ය දුටුගැමුණු කාලයේ පටන්ම සිදුවුණා. පිරමීඩ මිසරයට ඓතිහාසික පුරාවිද්‍යා ස්මාරකයක් වුණාට රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහ බෝධිය අපේ ජීවිත එක්ක බැඳිච්ච වස්තු. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඒ ජීවිතය, ඒ පදනම රැකගන්නයි. මෙවැනි ආණ්ඩුවක් තමයි අපි අපේක්‍ෂා කරන්නෙ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් ඒකට සම්බන්ධ වෙනවා. මේ ආණ්ඩුව පත්වුණේ සිදුවෙමින් පැවැති මහ විනාශය නතර කර ගැනීමටයි.

සංලාපය-දෙනගම ධම්මික රණවීර [mawbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions