10/17/2018

ද්‍රෝහී බලධාරීන් මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම

කතෘ:යුතුකම     10/17/2018   No comments

මහාචාර්‍ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අවලංගු කිරීමේ පසුබිම

-ආචාර්ය චමිල ලියනගේ විසිනි -

මහාචාර්ය රාජ් සෝමදේව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ පාර්ශවයන් සතුව තිබිය හැක. එහෙත් එතුමා ජාතික වස්තුවකි. මේ සටහන එතුමා අපගේ සමීප මිතුරකු නිසා නොවේ. එතුමා කරන අති දැවැන්ත ජාතික මෙහෙවර නිසාවෙනි.

“පළමුව කපනු ලබන්නේ සෘජු හා උස ගස්ය“ යනු ජනප්‍රිය ඉන්දියානු කියමනකි. සොමදේවයන් පිිළිබඳව විවිධ මත දරන්නන් පිළිබඳ අපට ගැටලුවක් නොවේ. එහෙත් බොහෝ දෙනාට සෝමදේවයන් පිළිබඳ බියක් දැනී ඇති බව නම් පැහැදිළිය. හැකි පෞරුෂයන් පිළිබඳ බය ඇති කරගන්නා ලිලිපුට්ටෝ විවිධ දෙකයි පනහේ වැඩ කරති. ඒ සියල්ල කාලීනව ප්‍රභලයා අභියස මල් පොකුරු බවට පත්වන බව අපි දනිමු. එහෙත් මේ අවස්ථාවේ සෝමදේවයන් මුහුණ දී ඇති අභියෝගය හමුවේ අප එතුමා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ මිත්‍රත්වයේ නාමයෙන් නොවේ. හෙළයන් වශයෙනි. මේ භූමියේ සැඟව පවතින කල්පකාලාන්තරයක් ඈතට දිවෙන අභිරහස් ඔස්සේ අපේ අතීතය ඉතිහාසය පිළිබදව කරන්නාවු සාක්ෂි සාධක සහිත එනම් ආනුභවික (empirical) අනාවරණයන්හි අපට ඇති අදාලත්වය නිසාය.
මහාචාර්ය රාජ් සෝමදේවයන් යනු ස්කැන්ඩිනේවියානු විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත දැනට ලෝකයේ සිටින විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයින් අතුරෙන් එක් විද්වතෙක් බව බොහෝ දෙනා දන්නේ නැත. එතුමාගේ පර්යේෂණ උපාධි අධ්‍යයයනයන් කොහේ සිදු කරන ලද්දේ වුවද, එතුමා කොඩ්රිංග්ටන්ලාගේ කනිංහැම්ලාගේ සම්ප්‍රදායේ පුරා විද්‍යාඥයකු නොවේ. එතුමා නිතර අප සමග කියන්නේ අපේ දේ අපට අවශ්‍ය න්‍යායපත්‍රයක් අපට අවශ්‍ය ක්‍රමවේදයක් ගුරුකොට ගනිමින් කැණිය යුතු බවය.
‍සෝමදේවයන් කල්තොට කල සමීක්ෂණය බොහෝ දෙනාට ආසාත්මික විය. ඊටහේතුව එවැනි සිදුවීම් දඩමීමා කරගනිමින් පවතින යැපෙන දේශපාලන ආර්ථික යටිකූට්ටු වැඩ හැර වෙනත් කිසිවක් අප වර්තමානයේ අත්විඳන අනාර්ය අත්‍යාචාරයන්හි නොමැති බැවිණි. සෝමදේව යනු හුදෙක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයනාංශ අරක්ගෙන තම කාමරය අරක්ගෙන තම රථය අක්ගෙන මහාචාර්ය පට්ටහේ උෟෂ්ණය විදහාපාමින් පොලවට සමාන්තරව නිකට පවත්වාගෙන සිටින මිනිසකු නොවේ. ඔහු මා දන්නා පරිද්දෙන්, පොළවේ පය ඇන සිටින අපේ කාලයේ මහා ප්‍රාඥයෙකි; බුද්ධිමතෙකි. සෝමදේවයන්ගේ ජනප්‍රියතාව ඉහල යන්නේ බොරු සාටෝප වලින්, බලය හිමි දේශපාලනඥයාට ආවැඩීමෙන් නොවේ. එක එකාට කඩේ යාමෙන් නොවේ. මේ රටට භූමියට ආදරය කරන්නවූ එහි දිගපළල දැවැන්ත භාවය පපුවට දැනෙන්නාවූ මිනිසුන් වෙනුවෙන් පරන කලිසමක් හැඳ කොහේ හෝ ගල්ලෙනක කන්දක මිනීවලක පොලව හාරමින් යුක්තිය හා සත්‍යය සොයා මහන්සි වන නිසාය. ඒවා ඔහේ ඉබාගාතේ බිම හාරන වනසූකරයන්ට හා බිම් ඌරන්ට වැටහෙන්නේ නැත. සෝමදේවයන් මහජන විද්වතකු (public Intellectual) වන්නේ එහෙයිනි.

පළමුව සිදුවී ඇති දෙය තේරුම් ගනිමු. ඒ නැතිව විවිධ උපකල්පන අභ්‍යුපගමන හිතලු ඔස්සේ ඩිජිටල් අරගල කලාට වැඩක් නැත. එතුමා සිය කැනීම් සඳහා වන බලපත්‍රය අලුත් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත වෙනුවෙන් මාස ගණනාවක් යනතුරුත් බලපත්‍රයක් නිකුත් නොකෙරිනි. ලංකාවේ පුරා විද්‍යා ආඥා පණත ඉතාම බල සම්පන්න පනතකි. එහි කිසිතැනක පුරා විද්‍යාඥයින් සඳහා බලපතු නිකුත් නොකල යුතුයැයි කියා නැත. එහෙත් යම් කැනීමක් නිසා පුරා විද්‍යාත්මක ස්ථානයකට හානි වන්නේ නම්, එ් කැනීම නවතා දමන්නට නොව, එම හානිය අවම වන පරිද්දෙන් කැනීම කරන්නට අවසර තිබේ. එහෙත් කලකට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල විශේෂ ස්ථාවර නියෝගයක/චක්‍රලේකයකට අනුව, පුරා විද්‍යා කැනීමක් කිරීමට අවසර ගැනීම සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතුය. එය ගෙන ඒම ඉතාම විහිලු සහගත ක්‍රියාවකි. නිදහසේ කැනීම් කරමින් අතීතය ඉතිහාසය විද්‍යාත්මකව අනාවරණය කිරීමට භාධාකිරීමකි. ඒවා ගෙන ආවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අරකගෙන සිටි බහිරවයකු විසිනි. වර්තමාන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ තනතුර දැරීමට සුදුසුකම් දරන්නේද යන්න අවශ්‍යෙයන්ම සොයා බැලිය යුතුය. සැබෑ මහාචාර්යවරුන්ට පර්යේෂණ කරන්නට බැරි වන්නේ නමට පමණක් මහාචාර්යලා (හෙවත් පිනාචාර්යලා) මහපුටු අරක්ගත් විටදී්‍ය.

මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනම් බලපත නිකුත් නොවීඹ ගැන විමසද්දී අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ තමාට මෙතෙක් එතුමා කර ඇති කැනීම් පිළිබඳ වාර්තා අවශ්‍ය බවයි. සෝමදේවයන් විසින් විධිමත්ව පළකරනු ලැබූ සියලු වාර්තා ලබාදුන් විට ලැබෙන පිලිතුර විහිලු සහගතය. මේ වාර්තා අධ්‍යයනය කිරීමට ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතු නැති බවය!.ඒ උත්තර කාගේදැයි අපි දනිමු. සෝමදේවයන්ට පහර ගැසීමට පඩිගෙවා නඩත්තු කරන්නේ කවුරුන්වදැයි අපි දනිමු. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය තුල සෝමදේවයන්ට එරෙහිව කටයුතු කරන්නන් කවුරුන්දැයි අපි දනිමු. එහෙත් ඒ පෞද්ගලික එදිරිවාදිකම් වෙනුවෙන් මේ සා දැවැන්ත විද්වතකුගේ පර්යේශෂන නිදහස නැතිකිරීම සාපරාධී අපරාධයකි.
සෝමදේවයන් යනු විද්වත් ශාස්ත්‍රී්‍ය ව්‍යවසායකත්වය සහිත පඬිරුවණකි. මන්ද වැටුපට හෝ ඉඳහිට ලැබෙන පරියේෂන ප්‍රතිපාදනයන්ට පමනක් සීමාවී කැනීම් කරන්නට බලා නොසිටින එමෙන්ම සිය ජීවිත කාලය තුළ කල හැකි උපරිම සේවය ජාතිය හා රට වෙනුවෙන් කරන්නට වෙර දරන්නෙකි. එතුමාගේ ඒ කැපවීම නිසාම විවිධ පාර්ශව එතුමාට ආදරය කරයි. එතුමා හා සම්බන්ධ වෙයි.

‍මේ රට ලෝකයේ පුරා විද්‍යාත්මක ගනත්වය අතින් ඉතා වැඩිම රටකි. මෙතෙක් කැනීම් කර ඇත්තේ 10%ත් අඩු ප්‍රමාණයකිත එහෙත් අප සිතන්නේ 1%වත් කැනීම් කර නොමැති බවය. තවත් පර්යේශකයකුගේ පර්යේෂණයක් විසින් අපගේ න්‍යායක් සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය විද්වත් දෘෂ්ටියකින් බැලීමට පර්යේෂකයන් ලෙස අපි පොරොන්දු වී සිටිමු. එය පෞද්ගලික කෝන්තරයක් නොවේ. විෂයය සංවර්ධනයේ ස්වභාවයකි. එහෙත් පුරාවිද්‍යාවේ පරණ කාක බෝධි (හා ගෝලබාලයන්) සම්බන්ධයෙන් මේවා වලංගු නැත. ඔවුන් ගිය දුරට වඩා කැනියනොහැක. ඉතිහාසය වෙනස් කල නොහැක. ඒ බමුනු මත මැද, බමුණු දළ මැද සෝමදේවයන්ට යුක්තිය අපේක්ෂා වෙන් ඉවසන්නට සිදුවී ඇත. යුක්තියේ රෝදය කැරකෙන දෙස අපි බලා සිටිමු.

මහාචාර්ය සෝමදේවයන්ට යුක්තිය පසිඳලන්නට සිටින්නේ කවුරුන්ද? එතුමාට යුක්තිය ඉෂ්ට කරතියි අප සිතන්නන්ටද එතුමා නවතා ලීමේ වුවමනාවක් තිබේ. දේවානම්පියතිස්සද දෙමළ ජාතිකයකුයි කියමින් සිංහලයන් ලංකාවට එනවිට දේමල ජාතියකියන් මෙහි සිටියේය ආදී බේගල්ද කි විග්නේෂ්වරන්ට උත්තර බැන්දේ එතුමාය. උතුරු නැගෙනහිර හමුවන ඕනෑම මිනී ඇට කෑල්ලක් හමුදාව විසින් ‘ම්ලේච්ඡ‘ ලෙස මරාදමනු ලැබු දෙමළ වැසියන්ගේ යැයි කියතන්නට කටබලියාන සියටින්නන්ගේ මුඛ කුහර නිරුත්තර වන්නේ එතුහා මන්නාරම් සමූහ මිනීවලේ සිදුකල කැනීම් මැදිහත් වීම නිසාය. රටේ ඉතිහාසය තීරණය කරන්නට පමණක් නොව උදෑසන ශරීර කෘත්‍යය කර සෝදන්නට පිහදාගන්නද යන්න පවා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් බීරිතාන්‍යෙයන් අසා තීරණය කරන පවුකාර දේශපාලනඥයින්ගෙන් සමන්විත අපේ පරගැති පාලක පද්ධතියටද එතුමාගේ වැඩ නවතා ලිමේ වුවමනාව තිබේ!

ඒ සියල්ල මැද අපි මේ දෙස උපේක්ෂාවෙන් එහෙත් දැඩි විමසිල්ලෙන් බලා සිටින්නෙමු. තත්ත්වය වෙනස් කරන්නට වගකිවයුත්තන් මැදිහත් වේයැයි සිතමු. එසේ නොවන්නේ නම්, ඊටද මුහුණ දීමට අප සූදානම් ය. මන්ද සෝමදේව හුදෙක් මිතුරකු නොව ජාතික වස්තුවක් බැවිනි!!


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions