10/28/2017

මධ්‍යයේ බලය අතහැර - බෙදෙන්නට හැර රට අමුසොහොනක් කරන්නට හදන හැටි...

කතෘ:යුතුකම     10/28/2017   No comments
මධ්‍යක් (center)‍ නැත. ඇත්තේ පරම පරිධි (periphery) 9ක් පමණි
==========================================
ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාවට අනුව, සැකසෙමින් පවතින ව්‍යවස්ථාව තුළ පෙනී යන සුවිශේෂී ලක්‍ෂණයක් නම්, එහි මධ්‍යක් නොපැවතීම ය. මධ්‍යට, මධ්‍ය යන්න සිතීමට පවා මධ්‍ය නොවන යාන්ත්‍රණයක හෙවත් සියල්ලට පිටින් පවතින ව්‍යවස්ථාදායක අධිකරණයක පිහිට පැතිය යුතු ය. මෙම තත්වය තුළ ඇත්ත වශයෙන් ම මධ්‍ය යන්න හුදු නමට පමණක් ප්‍රකාශිත ප්‍රබන්ධමය යථාර්තයකි (fictional reality). මෙම ව්‍යවස්ථාව අනුමත වුවහොත් ඉතිරි වන්නේ පරම බලය (absolute power) සහිත පළාත් නමයක් හෝ, යෝජිත ලෙස දමිළ නිජබිම් සංකල්පය මත උතුර හා නැගෙනහිර එකතු කළ හොත් පළාත් 8කි. එකී පළාත්වලට හිමි පරම බලය අනුල්ලංඝනීය වන අතර, එසේ නම් එහි දී මධ්‍යම ආණ්ඩුවට එකී පරම පළාත් පිළිබඳ ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය නොහැකි ලෙස බලය බෙදා දී තිබේ.

බලය බෙදා ඇත්තේ මධ්‍යයෙන් බව සත්‍යකි. එහෙත් එසේ බෙදා දුන් බලය කෙරෙහි ක්‍රියාත්මක වීමට තිබෙන සියළු හැකියාවන් බලය බෙදා දෙන මොහොතේ ම මධ්‍ය විසින් ස්වේච්ඡාවෙන් ම අතහැර දමා ද තිබේ. කිසියම් පවුලක දියණියක් විවාහ කරදුන් පසු එම දියණිය නීතියෙන් හිමි වන්නේ අදාළ ස්වාමිපුරුෂයාට පරිදි ය. මවට හෝ පියාට ස්වාමියා ඉක්මවා තීරණ ගත නොහැකි ය. දෙමාපියනට හා දියණියට පවා අවශ්‍ය වුව ද එ‍ෙසේ කළ නොහැකි ය. අනිත් අතින් සිය බිරිඳ ඉක්මවා ගොස් ස්වාමිපුරුෂයාට ද ඔහුගේ පවුලේ කැමැත්ත අනුව ක්‍රියාත්මක විය නොහැකි ය. බිරියට සවන් දිය යුතු ය. මෙහි දී මධ්‍ය හෙවත් දෙමාපිය පවුල හා දූ/පුත්‍ර පවුල අතර සම්බන්ධයක් පවතී. එහෙත් එම සම්බන්ධය ජීවවිද්‍යාත්මක එකක් වන අතර නෛතික එකක් නොවේ. බිරිඳගේ හෝ ස්වාමිපුරුෂයාගේ කැමැත්ත පරිදි නිවසේ සියළු දෙය සිදු වේ. අවශ්‍ය නම් මවගෙන්/පියාගෙන් මිදී පිටරට පදිංචියට වුව යත හැකි ය.

වත්මන් අතුරු වාර්තාවට අනුව, උපරිම බලය බෙදා තිබෙන පරිසරයක, (පිටු අංක 1) ඒකීය යන්න හුදු සිංහල නාම මාත්‍රයක් හා ඒ අතර ම එම මාත්‍රය පවා දමිළ 'ඔරුමිත්ත නාඩු' නැමැති පදයෙන් පරස්පර කර තිබෙන පරිසරයක (පිටු අංක 2), උතුරු හා නැගෙනහිර පළාත් දෙක වෙනම නිජබිමක් යන සංකල්පය මත එකතු කිරීම තුළ (පිටු අංක 4), මේතාක් මධ්‍ය හා පරිධිය අභ්‍යන්තරික ව ගැටගසා තිබූ වත්මන් සමගාමි ලැයිස්තුව අහෝසි කර තිබෙන පරිසරයක (පිටු අංක 6), පළාතට අදාළ බලයන් හා ප්‍රතිපත්ති පළාතේ අනුමැතියකින් තොරව සන්තක කර ගැනීමට හෝ සංශෝධනය කළ නොහැකි පරිසරයක (පිටු අංක 8 හා 18), පළාත විසින් විධායක බලය භාවිත කරන පරිසරයක (පිටු අංක 8 ), විශේෂයෙන් ම ආණ්ඩුකාර තනතුර අදාළ පළාතේ ඇමති මණ්ඩලයේ අනුමැතියට යටත් කර තිබෙන පරිසරයක (පිටු අංක 9), යම් අර්බුදයක් වී ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු වුවහොත්, එසේ කළ හැක්කේ පිහිටුවන ලද දෙවැනි මන්ත්‍රණ සභාවේ (මෙහි සංයුතියේ අති බහුතරය එනම් 55න් 45ක් ම පළාත් නියෝජිතයින්) හා පාර්ලීමෙන්තුවේ ද තුනෙන් දෙකක අනුමැතියෙන් හා ජනමත විචාරණයකින් පමණක් වන පරිසරයක (පිටු අංක 20) මධ්‍ය යන්න ඉහත සඳහන් පරිදි නොපවතින ඒකකයක් බවට පත්කොට ඇත.

මෙවන් පරිසරයක, මෙම යෝජිත ව්‍යවස්ථාව තුළින් රටට ඉතිරි කරනු ඇත්තේ සදාකාලික වියවුල (eternal chaos) හා ‍බලයේ සීමා ගැන නීති තර්ක හා කඹ ඇදීම්වලින් මහත් සේ ගහන එක තැන පල්වෙමින් මිනිසුන් ඇණ කොටා ගන්නා රටක් මිස අන් කුමක් ද?

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
(Like us on facebook : https://www.facebook.com/yuthukama

8/11/2017

ආණ්ඩුව වැටුණේ තමා ම කැපූ වළටයි !

කතෘ:යුතුකම     8/11/2017   No comments
- ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ -

ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩු හිතවාදීන් හා ඔවුන්ගේ වෙබ් අඩවි තම ක්‍ෂණික වැටීම හමුවේ ඇති වූ වික්‍ෂිප්තභාවය හා කම්පනය දරා ගැනීමට තෝරා ගෙන ඇති මාදිලිය ඉතා සිත්ගන්නාසුළු එකකි. ඔවුහු තම පාර්ශවයේ ම ඇතැමුන් ඊට වැරදිකරුවන් කොට ඉන් ද නොනැවතී ඔවුන් රාජපක්‍ෂවරුන් වෙත තල්ලු කොට පහර දීමට පටන්ගෙන තිබේ. මෙම විගඩමෙහි පවතින සුවිශේෂීභාවය නම් ඔවුන් තමන් ගැන ඉතා උසස් සදාචාරමය නිර්ණායකයක් ඔස්සේ සිතමින්, තමන්ට වැරදිය හැකි නැති බවත් වැරදී ඇත්නම් එය අනෙකාගේ ම ප්‍රශ්නයක් ලෙසත් කල්පනා කිරීමයි. අප මොවුන්ට අනුකම්පා කළ යුතු බව සිතෙන්නේ මෙහි දී ය.

සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට පැහැදිළි වන්නේ, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව වැටෙන්නට පටන් ගත්තේ එය පත් වූ දා සිට ම බව ය. සිරිසේන හරහා ශ්‍රිලනිපය ඩැහැ ගැනීම වත්මන් ආණ්ඩුව වැටීමේ මුල්ගලයි. එවක අද කෑගසන මේ සැම ඊට හුරේ දැමූහ. මහින්දට "කෙළවන්නට" නම් ඔහුට ජනපතිකම මතු නොව, පක්‍ෂය පවා අහිමි කළ යුතු බව ඔවුහු සිතූහ. එහෙත්, ලක්‍ෂ 58ක් එකවර මහපාරයට ඇද දමමින් සිරිසේන කළ අමනෝඥ ක්‍රියාව මහින්දට ඡන්දය දුන් හා ඇතැම් නොදුන් පිරිස් තුළ පවා දැඩි කම්පනයක් හා හිරිකිතක් ඇති කළේ ය. මහින්ද එසේ නොවිය යුතු නායකයෙකු බව සැමගේ සිතෙහි කුඩා කොනක හෝ තිබීම ඊට හේතුවයි. එදින සිට මහින්දවාදීන් එකාවන් ව මහින්ද වටා රොක්වන්නට පටන් ගත්තේ තමන්ට සිදු ව ඇති දෙය එකින් එක පැහැදිළිව පෙනේනට වූ විට ය. ඔවුන් සිරිසේනට තර ව කීවේ බුදුන් මරා දෙව්දත්ට බුදුවිය නොහැකි බව ය.

රටට විපක්‍ෂයක් අහිමි කිරීම සුළුපටු දෙයක් නොවේ. එය පළමුව මනෝවිද්‍යාත්මක කාරණයකි. විපක්‍ෂය හරහා කෙරෙන්නේ ආණ්ඩු විරෝධීන්ගේ හඬ ඇසෙන්නට සැලැස්වීම ය. එය එක්තරා සුව-ප්‍රතිකාර ක්‍රමයකි. එහෙත් ආණ්ඩුව කළේ තමන් කප්පරක් වැරදි කරමින් ඊට ජනතා ප්‍රතිචාර ලබා දීමේ සෑම මගක් ම අහුරාලීම ය. එය සැසඳිය හැක්කේ විරේක බෙහෙත් දී අධෝමුඛය වසා දැමීමකට ය. පැවැත්විය යුතු ඡන්ද වසර ගණනාවකින් කල්දැම්මේ ය. වැඩිවන බඩුමිළ, කැපූ සහනාධාර, පහළ ගිය තේ හා රබර් මිළ හමුවේ ආණ්ඩුව කළේ ජනතාවට කෝචොක් කිරීම පමණි. ජීවන අරගලයට මුහුණ දී පැරදෙමින් සිටි ජනතාව වෙත ඔවුන් යෝජනා කළේ ව්‍යවස්ථා සංශෝධනයන් ය. බදුබර වැඩී කිරීම් ය. ඒ ප්‍රමාණවත් මදිව දෝ මැති ඇමතිවරුන් සඳහා වාහන ගෙනාවේ රුපියල් කෝටි ගණනන් එකකට වැය කරමින් ය. ඒ සියල්ල මැද රටේ මහබැංකුව ම කොල්ල කා ආණ්ඩුවේ ම ඇමතිවරුන්ට අනුව
රුපියල් ට්‍රිලියනයක් හෙවත් බිලියන 1000ක් හෙවත් කෝටි 100,000ක් රටට අහිමි කළේ ය.
දැන් නවතම ජන-පීඩක ක්‍රියාමාර්ගය නම් අසාධාරණ ලෙස රථවාහන දඩ වැඩීකිරීම ය. ඇතැම් වරදවලට දඩ වැඩී වූවාට කම් නැත. එහෙත්, අසාධාරණය වන්නේ, රටේ මාර්ග පද්ධති සංවර්ධනය සපුරා නවතා, ජීවන අරගලයෙන් පොඩි පට්ටම් වී සිටින ජනතාවගේ කැවුතු කෑමට නීතිය යොදා ගැනීම ය.

ඉහත ජනතා විරෝධී ක්‍රියා, වංචා හා සොරකම් ආණ්ඩුවේ එකෙකුගේ හෝ දෙදෙනෙකුගේ ක්‍රියා නොව සමස්තයේ ක්‍රියාවන් බව පැහැදිළි ය. මේ ඔවුන් රට කරවන කාරණය පසෙක තබා රාජපක්‍ෂවරුන්ගෙන් පළි ගැනීම ම එක ම දිනචරියාව කර ගැනීමේ විපාකයයි. එහෙත්, විහිළුකාරී ලෙස ආණ්ඩු හිතවාදීන්ට අනුව, මේවාට වගකිව යුත්තේ ද ඔවුන්ගේ ම අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ වැනි අයයි. එසේ ම නීතිපති දෙපාර්තමේන්තුවයි. ඇතැම් විට සාගල රත්නායකගේ ද නම කියනු ඇසේ. අනිවාර්යෙන් ම ඔවුන් ද වගකිව යුතු ය. එහෙත්, මේ තම ආණ්ඩුවේ "කෙරුවාව" බව මොවුන්ට තාමත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? මේ ආණ්ඩුහිතවාදීන් තමා දෙස බරපතළ ලෙස බැලීමට පටන් ගන්නේ කවදා ද?

අධිකරණ ඇමතිට හා එකී පද්ධතියට එල්ල කරන චෝදනාව තුළින් පැහැදිළි වන්නේ කුමක් ද? ඒ යහපාලන විහිළුකාරයින්ගේ තවත් පස් කෑමකි. මොවුන් බලයට පැමිණියේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන බවට ශපථ කරමිනි. දැන් ඔවුන් කියන්නේ කුමක් ද? ඇමතිවරයා අධිකරණ ක්‍රියාවලියට මැදිහත් විය යුතු බව ය. අජිත් පී. පෙරේරා නම් ඇමතිවරයා පසුගිය දා කියා තිබුණේ ඇතැම් නඩු කල් යන්නේ මාස ගණනකින් බව ය. විනිසුරුවරුන් නඩු කල් තබන්නේ ඉතා සංකීර්ණ හේතු ගණනාවක් නිසා ය. කලක් අධිකරණ මුඩිලියර් කෙනෙකු ලෙස සේවය කර ඇති මම පුද්ගලික ව අධිකරණයේ නඩු කල්යෑම ගැන හොඳාකර ව දනිමි. නීතිඥයෙකු බව කියන පෙරේරා කරන ප්‍රකාශය පැහැදිළි ව ම අධිකරණයට බලපෑම් කිරීමකි. කෙසේ වෙතත්, සහකාර නීතිපතිවරයා අද මේ වික්‍ෂික්පිතයින්ට කිස් කැවෙන පිළිතුරක් දී තිබුණි. යසන්ත කෝදාගොඩ ඔවුන් ව අමතා තිබුණේ අඥානයින් ලෙස ය. එය නිවැරදි ය. අපට ද මේ පිරිස අඥානයින් ලෙස හඳුන් අනුම්කම්පා ලැයිස්තුවට දැමී හැර විකල්පයක් නැත.


යසන්ත කෝදාගොඩ මහතාගේ එම ප්‍රකාශය ඇතුලත් දෙරණ ප්‍රවෘත්ති වාර්ථාව පහත සබැඳියෙන්...


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/06/2017

සයිටම්, පුද්ගලික අධ්‍යාපනය හා මහින්ද

කතෘ:යුතුකම     2/06/2017   1 comment
-කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
සයිටම් පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කරන මතය අර්බුදයට සම්බන්ධ සියළු කොටස්කරුවන් විසින් සැලකිල්ලට ගතයුතු වැදගත් කාරණයක්. ඔහු ප්‍රකාශ කරන්නේ ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ සම්බන්ධයෙන් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගැනීමට පූර්ණ නිදහස තිබිය යුතු බවයි. අධිකරණයට පවා ඊට මැදිහත් වීමේ විෂයාත්මක හා සදාචාරාත්මක අයිතියක් නැති බව මහින්දගේ ප්‍රකාශය තුළින් ව්‍යුත්පන්න කරගත හැකියි.

ඒ ඇයි? අධිකරණය හා වෛද්‍ය විද්‍යාව යන දෙකම මිනිසාගේ ජීවිතයට ඉතා සමීප හා සංවේදී ක්‍ෂේත්‍ර දෙකක් හෙයින් එකක් අනෙකට මැදිහත් වීම වෘත්තිය සීමා හා සම්ප්‍රදායන් අතික්‍රමණය කිරීමක් ලෙස දැක්විය හැකියි. ඊට හේතු පාදක වන්නේ, උක්ත ක්‍ෂේත්‍ර දෙක ක්‍රියා කරන්නේ තමාට ම ආවේනික දැනුම් මාර්ගයක හෙයින් එකකට අනික නිශේෂධනය කිරීමේ ප්‍රඥාව නැති නිසා. නීති පොතක දැක්වෙන වගන්තියක් තුළට යම් සංසිද්ධි දෙකක් කොටු කොට ඒ දෙකෙහි සමානතාවක් පෙන්වා දී ඒ දෙක නීතියට අනුව සමාන හෝ අසමාන බව අධිකරණයකට කිව හැකියි. ගොයම් "කොලය" පවා ගොයම් පත්‍රයක් ලෙස අර්ථ ගැන්වීමට නීතියට හැකි වූ බව අප අසා තිබෙනවා. එහෙත් එය යථාර්තය නොවන බව සාමාන්‍ය දැනුම බව විවාදයක් නැහැ. මෙන්න මේ නිසයි අධිකරණය හා වෛද්‍ය විද්‍යාව එකිනෙකට මැදිහත් නොවිය යුත්තේ.

සයිටම් ආයතනය මහින්ද යුග‍යේ ඇරඹි එකක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මෙරට අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා පුද්ගලික අංශයේ මැදිහත් වීම අගය කිරීමක් ලෙස. වෛද්‍ය මතු නොව, ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්‍ෂණ ආදි නොයෙක් ක්‍ෂේත්‍රවල පුද්ගලික අංශ මැදිහත් වීම්වලට එවකට ඉඩ ලැබුණා. ඒ අනුව, ආදළ ක්‍ෂේත්‍ර ඉතා විශාල ලෙස පුළුල් වූ බව ද අවිවාදිතයි. වෛද්‍ය ක්‍ෂේත්‍රය අරබයා ද මෙවැනි ආයෝජන කිරීමේ ප්‍රතිපත්තිමය ගැටළුවක් මහින්ද රජයට තිබුණේ නැහැ. සයිටම් එහි ප්‍රතිඵලයක්. එහෙත් සයිටම් ආයතනයේ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමේ ක්‍රියාවලිය ලංකාවේ පවතින නිර්ණායකයන්-මෙහි දී වෛද්‍ය සභාවේ පරාමිතීන් සපිරිය යුතුයි. එය අනිවාර්යයක්. එසේ ම එය ඔවුන්ගේ අත ඇති වගකීමක්. රජයට හෝ අධිකරණයට එහි කිසිදු කාර්යභාරයක් නැහැ. එසේ කර ගැනීමට සයිටම් සිසුන් පවා තම ආයතනයට බලකළ යුතු බවයි අපගේ මතය. ඒ හරහා ඔවුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබීමේ ඉඩකඩ සැලසෙනවා. මහින්ද රජය කිසිදා වෛද්‍ය සභා පරාමිතීන් අතික්‍රමණය කිරීමට මැදිහත් නොවූයේ මේ පදනම මතයි. එහෙත් වත්මන් රජය ඊට සපුරා වෙනස්. ඔවුන් වෛද්‍යවරු සමග ඇති "ඇරියස්" පිරිමසා ගැනීමට අධිකරණය (අව)භාවිත කරන බව දක්නට හැකියි. අධිකරණය මීට හසු වූවේ ද? මෙය පටලවා ගෙන අයෙකු වෛද්‍ය සභාව අභිබවා යෑමට අධිකරණය යොදා ගන්නේ නම් එය වෛද්‍ය වෘත්තිය පමණක් නොව නීති වෘත්තිය පවා නොදැන ගත් පියවරක් මිස අනෙකක් නොවෙයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  :  https://www.facebook.com/yuthukama

9/27/2016

බැඳුම්කර මගඩියේ ලාභය හා රටේ අලාභය

කතෘ:යුතුකම     9/27/2016   No comments
-මහින්ද පතිරණ-
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400 ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට ආසන්න පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 9කට නංවා තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද? මේ දේශපාලන ප්‍රශ්නයක් ද? සිතා බලන්න.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/04/2016

කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ මරණයයි !

කතෘ:යුතුකම     9/04/2016   No comments
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
ශ්‍රිලනිප 65 වන සංවත්සරය පිළිබඳ මේ වන විට දේශපාලන භූමිය තුළ ඇති ව තිබෙන සංවාදය ඉතා යහපත් එකකි. එය එසේ වන්නේ ශ්‍රිලනිපය යනු කුමක් ද මනාව තේරුම් ගැනීමට ඒ හරහා මෙරට ජනතාවට අවස්ථාව උදාවන හෙයිනි. අනෙත් කාරණය නම් පක්‍ෂයක ප්‍රතිපත්ති පිළිබඳ සංවාද ඇතිවීම නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට මහත් රුකුලක් වීම ය. අද ශ්‍රිලනිපය පිළිබඳ දේශපාලන සංවාදයේ කේන්ද්‍රය නම් ‘වඩාත් වැදගත්කොට සැලකිය යුතු වන්නේ පක්‍ෂයේ නිල නාමය ද එසේත් නැතිනම් පක්‍ෂයේ ප්‍රතිපත්ති ද’ යන්න ය. ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සභාග ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිවරුන් පවසන්නේ වැදගත් ම දෙය පක්‍ෂයේ නිල නාමය බව ය. එය ආරක්‍ෂා වී අන් සියල්ල කැප කළ ද ඔවුන්ට ගැටළුවක් නැති බව වේදිකාවෙන් ඇසේ. අනෙත් අතින් මහින්ද ප්‍රමුඛ බලවේගයේ තර්කය වන්නේ ශ්‍රිලනිප ප්‍රතිපත්ති හා පාක්‍ෂිකයා තුළින් ම පක්‍ෂය පිළිබිඹු වන බව ය. නිල නාමය වැනි දෙය යල්පැන ගිය කොන්දේසියක් ලෙස ඔවුහු දකිති. අපි මෙය සාධාරණ උපහැරණයකින් විසඳාගමු. රෝස මලක් ගන්න. අපි ඊට රෝස යන්න වෙනස් කොට අන් නමක් යොදමු. දැන් ඒ මල සිඹින්න. නම වෙනස් කළ පමණින් මලෙහි සුවඳ වෙනස් වී තිබේ ද? පිළිතුර වන්නේ නැත යන්න ය. දැන් අන් වර්ගයක මලක් ගමු. ඊට රෝස ලෙස නම තබන්න. දැන් එය ද සිඹින්න. රෝස ලෙස නම් කළ පමණින් මලින් රෝස සුවඳ විහිදේ ද? නැත. පක්‍ෂයක් සම්බන්ධයෙන් ද තත්වය එසේ ය. සුවඳ ඇත්තේ මලෙහි මිස නමෙහි නොවේ. ශ්‍රිලනිපය ඇත්තේ ප්‍රතිපත්ති හා ඒවා පිළිගන්නා පාක්‍ෂිකයා තුළ මිස නමෙහි නොවේ.

මේ අනුව වත්මන් ශ්‍රිලනිපය යනු පෙනුමෙන් ශ්‍රිලනිපය ලෙස පෙනී සිටින එහෙත් ක්‍රියාවෙන් එජාපයම ය. අද ශ්‍රිලනිපය එදා බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති බැහැර කොට එජාප ප්‍රතිපත්ති වැළඳගෙන තිබේ. එජාපය සමග සභාග ආණ්ඩුවකට යෑම මතු නොව එජාපයේ ස්වදේශීක විරෝධී සමාජීය හා ආර්ථික ප්‍රතිපත්තිවලට අනුගත වීමේ ද අර්ථය ඒ ය. විහිළුකාරී තත්වය නම් එවන් ශ්‍රිලනිප මායාව හැරදමා ඇත්ත ශ්‍රිලනිප බලවේගයට පණ දීමට උත්සාහ කරන මහින්ද රාජපක්‍ෂ එජාප වුවමනාව අනුව ක්‍රියා කරන බව පවසමින් ඔහුට චෝදනා කිරීම ය. අද ශ්‍රිලනිපය එජාපය සමග එකතු වී ආණ්ඩු කරන්නේ එජාපයේ වුවමනාවට නොවේ ද? මේවාට කියන්නේ වඳුරු කුණුහරුප ය. එජාපයේ වුවමනාව සපුරන්නේ කවුදැයි ඉතා පැහැදිළි ය.

වර්තමානයේ ඇති ව තිබෙන ආකාරයේ ම දැවැන්ත සංවාදයක් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ස්වදේශිකවාදී පිරිස් විසින් 50 දශකයේ දී මතු කළ බව ඉතිහාසය පිරික්සන්නෙකුට පෙනේ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවීම ය. එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂය හා සෙසු කොමිනිස්ට්වාදී පක්‍ෂ විසින් ලංකාවේ මහපොළොවේ අවශ්‍යතාව හඳුනා නොගෙන විදේශීය බලවේගවල කූට අභිලාෂයන් ජනතාව මත බලෙන් පැටවීමට යාම නිසා ම ඉහත පක්‍ෂ දෙකට ම අතරින් මැද මාවත ගමන් කරන ප්‍රතිපත්ති සමුදායක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවිය. පක්‍ෂය පිහිටුවා ඉතා සුළු කලකින් ම එවකට මුළු රට පුරාම විහිදී තිබූ එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමට තරම් ශ්‍රිලනිපයට හැකි වීම අදාළ නව පක්‍ෂය පිළිබඳ රට තුළ මතුව තිබූ දැවැන්ත ඉල්ලුම ප්‍රකට කරන්නකි.

දැන් පවතින තත්වය නම් 2015 ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමග ශ්‍රිලනිපය නැවත වරක් සිය එජාප ප්‍රතිපත්තිවලට පූට්ටු කිරීමකි. ශ්‍රිලනිපය තුළ එවන් උත්සාහයක් ගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ද කළේ සිය පියාගේ ස්වදේශිකවාදි ප්‍රතිපත්ති අමු අමුවේ බැහැර කරමින් එජාපය හා ශ්‍රිලනිපය ශරීද දෙකක් සේ මතුපිටට පෙන්වන අතර අභ්‍යන්තරයෙන් දෙක ම සමාන තැනකට රැගෙන යාම ය. චන්ද්‍රිකාගේ අවසාන ඉලක්කය වූයේ “දෙකම එකයි මානසිකත්වය” සමාජගත කොට කුමන්ත්‍රණකාරී දෙස් විදෙස් බලවේගවලට ලංකාව නතු කරගැනීමට ඇවැසි පසුබිම නිර්මාණය කිරීමයි. කෙසේ වෙතත්, 2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීමත් සමග ශ්‍රිලනිපය යළිත් වරක් සිය පුරෝගාමීන් වෙතට ගමන් කිරීම හරහා ඒ කුමන්ත්‍රණය තාවකාලික ව පරාජයට පත්විය.

කුමන්ත්‍රණය නැවත මතුවන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ මූලිකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන හරහා නැවත වරක් අව්‍යාජ ශ්‍රිලනිප ගමන් මග වෙනස් කිරීමට මහින්ද රාජපක්‍ෂට එරෙහි ව පක්‍ෂය තුළින් ම කුමන්ත්‍රණයක් දියත් කොට ඔහු ව පරාජය කිරීමෙනි. කුමන්ත්‍රණය සාර්ථක වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රිලනිප නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ නොසැලකිල්ල බව ද කිව යුතු ය. ඔහු රටේ සංවර්ධන කටයුතු කරන අතරතුර තමන් වෙත බාහිර සතුරාගෙන් පැමිණිය හැකි තර්ජන ගැන සිතුවා මිස තම පක්‍ෂය තුළ ම සිටිමින් එකී කුමන්ත්‍රණය මෙහෙය වූ පිරිස් ගැන ඔහුට තක්සේරුවක් නොතිබීම ය. පෙරදා එකට ආප්ප ද කා පසුදා තමා පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන ගැන මහින්ද සැක නොකළේ ඔහුගේ ‘හිතහොඳකම’ නැමැති දුබලතාව නිසා ය. තමා අසල සිටින්නන් පිළිබඳ සාධාරණ සෝදිසියකින් සිටීම දේශපාලන විද්‍යා පාඩමේ මග නොහැරිය යුතු පරිච්ඡේදයක් වුව රාජපක්‍ෂවරු එය තැකුවේ නැත. එසේ නොකිරීමේ ප්‍රතිඵලය වූයේ අප අද අත්දකිමින් සිටින ඒ කුමන්ත්‍රණයේ දෙවැනි දිගහැරුම සාර්ථක වීමයි.
අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්තිය මෙන් ම සැබෑ ශ්‍රිලනිප පාක්‍ෂිකයා ද පක්‍ෂයක් අහිමි ගන්දබ්බ අවදියක සිටින බව රහසක් නොවේ. එහෙත් එය දිගින් දිගට ම කළ යුතු හා හැකි එකක් නොවේ. නැගෙමින් තිබෙන බලවේගයට වහා පණදිය යුතු ය. එහි උපත සිදුවීමට අවශ්‍ය වින්නඹු කම කළ යුතු ය. එම කාර්යේ දී ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ පාක්‍ෂික විඤ්ඤාණය හා ධෛර්ය කිසිදු අයුරකින් අඩු වී නොතිබීම කාගේත් අපේක්‍ෂාව දල්වන්නකි. බලමණ්ඩලයෙන් බලමණ්ඩලය රැස්වී කුරුණෑගල සංවත්සරයට නොයන ලෙස සිය මන්ත්‍රීවරුන්ට බලකර සිටීම තරම් පාක්‍ෂිකයා ධෛර්යවන්ත වී තිබේ. පාක්‍ෂිකයාගේ මනස නියෝජනය නොකරන පක්‍ෂයක් තවදුරටත් පක්‍ෂයක් වන්නේ නැත. එය අතහැර ගිය මී වදයකි. හිස් වදය තිබේ. පැණි නැත.

මේ අතර, බණ්ඩාරනායක මහතාගෙන් පසු ලංකාවේ නව පක්‍ෂයක් නිර්මාණය කරන ලෙස මහපොළොවෙන් ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙය බව ද කිව යුතු ය. ලංකාවේ අලුතින් නිර්මාණය කළ සියළු පක්‍ෂ ලත් තැන ලොප් වීමට බලපෑ ප්‍රධාන කාරණයක් වූයේ ඉහළින් පහළට ඉල්ලුම පැටවීම ය. එහෙත් අද පහළ සිට ඉහළට පක්‍ෂ නිර්මාණය කරන ලෙස වන තෙරපුම ලංකා දේශපාලන ඉතිහාසයේ අද්වීතීය හා සුන්දර අවස්ථාවකි. මහින්ද රාජපක්‍ෂට වුව දැන් එම ඉල්ලීම බැහැර කළ නොහැකි ය. සැබෑ ජන බලවේගයක් පාලනය කිරිම එහි නායකයින්ට පවා කළ නොහැකි දෙයකි. ශ්‍රිලනිපයේ ස්වදේශිකවාදී දැක්ම හා එහි සාරය ගැබ්කරගත් නව දේශපාලන බලවේගයක් මේ ඉල්ලුමේ තාර්කික ප්‍රතිඵලය බව අවධාරණය කරමු.

ඒ සියල්ලේ අර්ථය වන්නේ අද ශ්‍රිලනිපය ජීවතුන් අතර නැති බව ය. ශ්‍රිලනිපයේ ආත්මය හා සාරය ඉන් ඉවත් වී තිබේ. එසේ නම් ශ්‍රිලනිපයට අද තවදුරටත් සැමරීමට ඉතිරි වී ඇත්තේ කුමක් ද? ඇත්ත වශයෙන් ම අද දින කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ අකාල මරණයයි. ශ්‍රිලනිපය මරා දැමූවෝ දැන් කුරුණෑගල සිට මතක බණ කියති.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

3/24/2016

යුරෝපය; 'විවෘත සමාජයේ' සිට 'විවෘත සිරගෙය' දක්වා

කතෘ:යුතුකම     3/24/2016   No comments
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
පසුගිය පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ සලේ අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර දී අත්අඩංගුවට ගෙන සතියක් යෑමටත් පෙර ඊට පළිගැනීමක් ලෙස අයිසිස් ත්‍රස්තයන්ට යුරෝපයේ හදවත තුළ ඊයේ වන් ප්‍රහාරය සැලසුම් කිරීමට හැකි වීම සැමගේ විමතියට ලක්ව තිබේ. යුරෝපය පුරා විසිරී සිටිමින් අවශ්‍ය වූ විට මහා පරිමාන ප්‍රහාර එල්ල කළ හැකි තරම් දියුණු තත්වයට අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත ජාල ක්‍ෂණික හා සක්‍රීය බව මින් පැහැදිළි වේ. මෙය එම කලාපයේ ආරක්‍ෂාව දුබලවීම පිළිබඳ පැහැදිළි සත්‍යයකි. බුෂ් සමයේ ඇමරිකානු ආරක්‍ෂක ලේකම්වරයෙකු වූ ඩොනල්ඩ් රම්ස්ෆෙල් නිග්‍රහ‍ාත්මක අර්ථයෙන් යුරෝපය චොකලට් හදන රටවල් ලෙස නම් කළේ ඔවුන්ගේ බොලඳ බව නිසා ය. ප්‍රශ්නය වන්නේ එසේ වෙමින් සිට, ඔවුන් ඇමරිකානු පදයට නටමින් ලොව පුරා තෝරාගත් ත්‍රස්ත කණ්ඩායම්වලට මුදලින් හා භූමියෙන් ද ආධාර කිරීම ය. එල්ටිටිය තනිකර වැඩුනේ යුරෝපා උදාසීනත්වය නිසා ය. මේ අතර, තම භූ දේශපාලන අභිලාෂ ඉටුකර ගැනීම සඳහා ලොව පුරා ත්‍රස්ත කණ්ඩායම් යුරෝපය විසින් යොදා ගන්නේ සෙල්ලම් බඩු සේ නොසැලකිල්ලෙනි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, බොස්නියාව, ලිබියාව හා සිරියාව ආසන්නත ම නිදසුන් ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සුදුකරපටි අපරාධකරුවන් හා ඝාතකයින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවියන් ලෙස හා ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කරන රටවල් හා මිනිසුන් ලෙස ලොව හමුවේ පෙනී සිටීම ය. දැන් දැන් බෝම්බ ලෙස මේ ඇසෙන්නේ ඇත්ත වශයෙන් ම ඒ දෙබිඩිබවේ හා කුහක බවේ හඬ ය.

බ්‍රසල්ස්, පැරිස් හා ලන්ඩන් වැනි නගරවල ත්‍රස්තවාදීන්ට හිතු සේ ක්‍රියාත්මක වන්නට තවත් සාධක බලපා තිබේ. ඒ නම් එම රටවල මුස්ලිම් හා සෙසු සුළු ජාතික කොටස්වල‍ට එල්ල වී තිබෙන ප්‍රවේණිගත ජාතිවාදී පීඩනයයි. විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයින් නිරන්රයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීම, හිරිහැරකිරීම් හා මහමග දී නිති පරීක්‍ෂා කිරීමට ලක් කිරීම වැනි දෙය මැද මට්ටමේ සාධක ලෙස පෙන්වා දිය හැකි ය. මීටත් යටින් තව බොහෝ සාධක තිබේ. ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති මං ඇහිරීම, අමාරුවෙන් හෝ එවැන්නක් ලබා ගත්ත ද ඊට සරිලන රැකියාවක් ලබා ගැනීමේ දී බාධා පැමිණවීම මෙන් ම ඇතැම් අවස්ථාවක පොදු සමාජය තුළ කොන් කිරීම වැනි දෙය සුලබ සිදුවීම් ය. යුධ සමයක දී පවා ශ්‍රී ලංකාව වැනි රටක් තම සුළුජාතිකයින්ට සැලකූ අයුර පිළිබඳ මොවුන්ට කොතරම් වැදගත් පාඩමක් ඉගෙනගත හැකි ද? එය මෙරට බොහෝ සුළුජාතිකයින් පවා තේරුම් නොගැනීම ඛේදයකි. කෙසේ වෙතත්, ඉහත වන් හේතු නිසා ම අයිසිස් වෙනුවෙන් සටන්කරුවන් බඳවා ගැනීමට යුරෝපය ඉතා සරු ගොදුරු බිමක් වී තිබේ. මේ වන විට යුරෝපා මුස්ලිමුන් 5000ක් පමණ සිරියාවේ හා ආශ්‍රිත ප්‍රදේශවල බටහිරට එරෙහි සටනෙහි නිරත ව සිටිති. ඊයේ ප්‍රහාරය එල්ල කළේ ද බෙල්ජියම් ජාතික මුස්ලිමුන් විසින් ම ය. ඇතැමුන් යුරෝපය හඳුන්වන්නේ විවෘත සමාජ (open society) ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන් ම අද එය එහි අනිත් පැත්ත ය. යුරෝපය යනු විවෘත සිරගෙයකි (open prison). සුළුජන කොටස්වලට විශේෂයෙන් එය එසේ ය. අවාසනාවකට අප වැනි රටවල සංහිඳියාව හා සමාජ වටිනාකම් කියා දීමට එන්නේ ඒ සිරගෙවන් පාලනය කරන ජේලර්ලා හා ඔවුන්ගේ දේශීය නියෝජිතයින් වීම දෛවයේ සරදමක් නොවන්නේ කෙසේ ද?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/23/2016

බ්‍රසල්ස් බෝම්බ දුම අස්සෙන් දුටු මහින්ද...

කතෘ:යුතුකම     3/23/2016   2 comments
මහින්ද නුඹ වීරයෙකි
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
බ්‍රසල්ස් හි ප්‍රධාන දුම්රිය ස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාරයේ රූපරාමු අතරින් මම දුටුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එල්ල වූ කෲර ත්‍රස්ත ප්‍රහාරයයි. සිය ගණනකට මරු කැඳවමින් දෙහිවල මගී දුම්රියට එල්ල වූ ගොරතර ප්‍රහාරයයි. කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයේ මූසල හඬ බ්‍රසල්ස් ගුවන්තොටට එල්ල වූ ප්‍රහාරයත් සමගම මට නිතැතින් ම අද මතත් විය. අනපේක්‍ෂිත බෝම්බ ප්‍රහාරයෙන් බියට පත් ව හිස් ලූ ලූ අත දුවන සුදු යුරෝපීයයන් අතර පෙරදින එල්ටීටි ත්‍රස්ත ප්‍රහාර හමුවේ පණ බේරාගනු වස් දුවන මම ද මගේ සහෝදර පුරවැසියන් ද සිටිනු ඇතැයි මට මොහොතකට සිතුණි.

ඒ බ්‍රසල්ස් ය. මා සිටින්නේ ලංකාවේ ය. 2009 වසරේ මැයි මාසයේ දිනක සහමුලින් ම ත්‍රස්තවාදය අවසන් කළ සුරක්‍ෂිත ශ්‍රී ලංකාවේ ය. ඒ පිං බිමේ ය. එහෙත් ත්‍රස්තවාදීන් සමග ‍ජීවිතයත් මරණයත් අතර දිනපතා සටන් වැදෙමින් ගෙවා දැමූ ඒ තිස් වසරක ශාපලත් කාලය ලොව කොතැනක හෝ පුපුරා යන බෝම්බ හඬක් සමග අවදි වීම මට පාලනය කළ හැකි නොවේ. බ්‍රසල්ස් වැනි ප්‍රහාර එදා අපගේ ජීවිතයේ සුපුරුදු කොටස් ය. සවසට අප ගුවන්විදුලිය හෝ රූපවාහිනිය සුසර කරන්නේ අද එවන් ප්‍රහාර කීයක් නම් සිදුව කී දෙනෙකු නම් මියගොස් ඇති ද යන්න දැන ගැනීමට පමණි. 2005 වසරේ යුග පෙරළිය නොවන්නට ප්‍රභාකරන් විසින් මිනිසෙකුගේ පරම අයිතිය වූ ජීවත් වීමේ අයිතිය මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ යන අප බොහෝ දෙනාගෙන් උදුරා ගෙන ඇති බව නිසැක ය. මහින්ද නුඹ වීරයෙකි.

ජාතික ආරක්‍ෂාව යනු තවදුරටත් ලොව කොතැනකවත් සුඛෝපභෝගයක් නොවන බව පසුගිය කාලය පුරා ලන්ඩන්,පැරිස් හා දැන් බ්‍රසල්ස් ප්‍රහාර තුළින් අපට පසක් කර තිබෙන සත්‍යයකි. එය නිරන්තර අවදිය අපේක්‍ෂා කරන රාජ්‍ය පාලනයේ මුදුන් මල්කඩ බව ප්‍රත්‍යක්‍ෂ ය. ආර්ථීකය ද එවැනි ය. මේවා මත ඇති අත් දුබලවීම වීම යනු සුළුපුටු දේවල් නොවේ. වත්මන් පාලනයට වසරකුත් මාස දෙකක් තුළ අපගේ ආර්ථිකයට සිදු වූ හානිය නොකිවමනා ය. අප බදුපිට බදු තෑගි ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ආරක්‍ෂාව පිළිබඳ නම් ඇත්තේ නිහැඬියාවකි. එහෙත් ඒ නිහැඬියාව භයංකර බව සිතේ. බ්‍රසල්ස් වන් ප්‍රහාර නැවතත් අපගේ ජීවිතයේ කොටස් වීමට අවැසි සියළු කොන්දේසි මේ නිදහස් භූමිය තුළ නැවතත් සැකසෙමින් තිබෙන බව සිහිපත් කරගනිමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/08/2016

"රනිල්ට බෑ" - දෑස් ඉදිරිපිට ඔප්පු වේ...

කතෘ:යුතුකම     3/08/2016   1 comment
මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි?

අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

“1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

යු‍රෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.
ණය බර දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පසුගිය දශකය පුරා අඩු වී ඇති අයුරු
අද රනිල් මෙහෙම කියනවා; “රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
http://www.mahindapathirana.com/

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/03/2016

ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩනැගීම එකම විකල්පයයි

කතෘ:යුතුකම     3/03/2016   2 comments
උසාවි අසල හා මහදවල් මහපාරේ දිනක් නෑර නාදුනන තුවක්කුකරුවන් අතින් වෙඩි වැදී මියෙන පුද්ගලයින් දකිනකොට ගෝඨාභය රාජපක්‍ෂත්, නායකත්වයක් නොමැති ව අයාලේ යන රටේ ආර්ථිකය පිළිබඳ දිනපතා පිරිහෙන ඉලක්කම් දකින විට බැසිල් රාජපක්‍ෂත්, මේ සිද්ධි දෙකම එකවර සිහිවන විට මහින්ද රාජපක්‍ෂත් මේ රටේ පුරවැසියන්ට මතක් නොවෙනවනම් ඔවුන්ට ප්‍රභාකරන් කීවා සේ සති දෙකෙන් අමතක වීමේ සින්ඩ්‍රෝමය හැදිල තියෙන්න ඕන. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු මිසක් මේසන් බාස් නොවන බව මේ තුන් දෙනා සීන් එකෙන් ඉවත් වුනාම රටට වෙච්ච හරියෙන් දැන් හොඳට ම පේනවා.

නිදහසින් පස්සේ මේ රටට නොතිබුණු එකම දෙය උජුපටිපන්න නායකත්වය හා ඉලක්කය විතරයි. රටකට නායකත්වය තියෙනවනම් වෙන මොනවත් ඕන නැ. අවුරුදු 500ක් අපට අහිමි ව තිබූ එය අපට ලැබණෙ 2005 දී. බොහෝ පමා වී ආවා වුනත් මහින්දල 2005 ඉඳල මේ රටට පිළිවෙළ (order) ගෙනාව. ඒ තම ඍජු නායකත්ව ගුණාංග දේශපාලන මෙහෙයුමක් බවට පරිවර්තනය කිරමින්. මහින්දල අතින් යම් ‘කොස්මෙටික්’ වැරදි සිදු වුණත් ඒ වැරදිවල මුල් සොයාන ගියාම ඒවා ඔහුට පෙර සිටි නායකයින්ගේ ප්‍රවේණිගත රෝගවල සම්බන්ධ වෙන්නෙ. ‘කොස්මෙටික් වැරදි’ කියන්නේ පද්ධතියට හානි නොකරනසුළු එහෙත් මතුපිටින් දිළිසෙන වැරදි. මේ මතුපිට දිළිසෙන වැරදි ම අතිශෝක්තියට නංවල තමා, මහින්ද පාලනය මගින් කාටත් නොපෙණී රට‍ට ගෙනා අභ්‍යන්තර පිළිවෙල හා ආර්ථිත සෞභාග්‍ය පරාද කරන්නෙ. දළ දේශීය නිෂ්පාදය 2005 දී ඩොලර් බිලියන 25 ඉඳලා 2014 වෙනකොට 76ක් කිරීම ලෙහෙසි පහසු දෙයක් ද? ඒක පුද්ගල ආදායම ඩොලර් 800 ඉඳලා 3000 වීම කොහොම ද?. අපේ අසල්වැසි රටවල් පවා ඊර්ෂ්‍යව ‍කළ මේ ගමනයි ජනවාරි 08 වෙනිදා පරාජය කළේ. ඇත්තට ම ඒ ඊර්ෂ්‍යාව නේද අපට කනකොකා ගෙනාවේ !

‘යහපාලනය’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හා ‘නිදහස’ වැනි ‘ලොකු වචන’ තුන්වැනි ලෝකය නතුකරගැනීම යොදා ගැනීම යෝජනා කළේ 1919 ඇමරිකාව පාලනය කළ වුඩ්රෝ විල්සන් නම් ජනපතිවරයා. ඒකම නේ ද ලංකාවේ ජනවාරි 08 සිදුවුණේ. අපි හැමෝම දන්නවා බඩගින්න හැදුනාම ඔය එක වචනයක්වත් වලංගු නැතිබව. ජාතික ආරක්‍ෂාව හා ජාතික ආර්ථිකය අතින් අවිනිශ්චිත අනාගතයක් ගැන කියන රටක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පැළවෙන්නෙ? මෙතනයි මේ සියළු සංකල්පවල හෙළුව පේන්නේ. විකල්ප සෙවිය යුත්තෙ මෙනිසායි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික ප්‍රශ්නයක්.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
http://www.mahindapathirana.com/

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/03/2016

ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?

කතෘ:යුතුකම     1/03/2016   No comments
වසරින් වසර අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ විරැකියාව දැන් එහි ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සැලකිය යුතු පමණින් වැඩිවෙමින් තිබෙන බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වලින් හෙළිදරුව් වේ. 2013 වසරේ දී විරැකියාව සියයට 4.3ක් ලෙස සටහන් විය. එය 2014 වසරේ දී 4.2 දක්වා අඩු වී තිබුණි. කෙසේ වෙතත්, 2015 අවසන් කාර්තුවේ දී විරැකියා ප්‍රතිශතය සියයට 5.0 දක්වා වැඩි වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපල පසුගිය 2015 වසරේ දී සියයට 5.5ක් තරම් විශාල ප්‍රමාණයකින් පහත වැටුණු බව රොයිටර් පුවත් සේවය පසුගිය දා වාර්තා කොට තිබුණේ ය. එම වාර්තාවට ම අනුව, 2014 වසරේ දී රටතුළට ගලා ආ විදේශ ආයෝජන රුපියල් බිලියන 22.07 සාපේක්‍ෂ ව 2015 වසරේ දී රුපියල් බිලියන 4.43ක් රටින් බැහැර ගොස් ඇත. වත්මන් ආණ්ඩුව පිළිබඳ ව, විශේෂයෙන් එහි දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විදෙස් ආයෝජකයින්ගේ අවිස්වාසය මෙම තත්වයට බලපා ඇති බව මේ අනුව පැහැදිළි වේ. කිසිදු ආර්ථික ක්‍රමෝපායකින් තොරව, අතනින් මෙතනින් බදු එකතු කිරීම හරහා ම රට කරවීම එකම විකල්පය කරගත් වත්මන් අයවැය හමුවේ 2016 වසරේ දී ද විදෙස් ආයෝජන පමණක් නොව, දේශීය ආයෝජන පවා දැඩි පසුබෑමකට ලක්වීමට නියමිත බව පැහැදිළි ය. අයවැය යෝජනා නිසා දේශීය බැංකු ක්‍ෂේත්‍රය තුළ මේ වන විටත් හටගෙන ඇත්තේ දැඩි නොසන්සුන්තාවකි.

මේ අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ද සියයට 19.05කින් අඩු වූවේ ය.එකී අඩුවීම තුළ ලංකාවේ සියළු ප්‍රධාන පෙළේ අපනයන වර්ග වන තේ, රබර් හා ඇඟළුම් ද ඇතුළත් ව තිබුණි. මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයනය සියයට 40කින් පමණ පහළ බැස්සේ ය. මේ අතර, ප්‍රවාහන නිෂ්පාදය අපනයන ආදායම 2014 වසරට සාපේක්‍ෂ ව පහළ ගොස් තිබුණේ සියයට 85ක් තරම් වූ විශාල ප්‍රතිශතයකිනි. කෙසේ වෙතත්, ආනයන බිල පසුගිය වසර තුළ දී සියයට 30.4ක ප්‍රමාණයකින් අඩු ව තිබීම විශේෂයෙන් සටහන් කළ යුතු ය. ඒ අන් හේතුවක් නිසා නොව, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ විශාල ලෙස පහත බැස තිබූ හෙයිනි.

පසුගිය වසර තුළ ඩොලරයට සාපේක්‍ෂ ව රුපියල බාල්දුවීමේ ප්‍රවණතාව වාර්තාගත එකකි. මේ වන විටත් එය සිදුවෙමින් තිබේ. අපනයන ආදායම් සඳහා මෙසේ වීම යහපත් එකක් වුව ද පසුගිය වසරේ ලංකාවේ අපනයන ආදායම විශාල ලෙස පහත වැටීම තුළින් පෙනී යන්නේ එය ද සාර්ථක වී නැති බව ය. කෙසේ වෙතත්, රුපියල බාල්දුවීම නිසා මේ වන විටත් ආනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක මිළ ඉහළ යෑම වැළකිය නොහැකි එකක් බවට පත් වී ඇත.

අයවැයෙන් වැඩිකළ බදුවර්ග අටෝරාසියක් ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වීම හේතුකොට ගෙන ඉතා අවම තත්වයකට පැවති උද්ධමනය ද විශාල ලෙස වැඩිවීමට නියමිත ය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වක්‍රව පනවා ඇති බදුහේතුවෙන් ඒවාහි පාලන මිලට භාණ්ඩ ලබාදිය නොහැකි බව මේ වන විටත් වෙළඳුන් විසින් රජයට දන්වා ඇත. කෙසේ වෙතත්, මේවන් අසීරු ආර්ථික තත්වයකට රට පහත ‍හෙලීම සනිටුහන් කළ ජනවාරි 08 ආණ්ඩු වෙනස සතියක් පුරා සමරනු වස් නිවෙස්වල ජාතික කොඩිය ඔසවන ලෙස රජය ජනතාවට දන්වා තිබේ.

-මහින්ද පතිරණ >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/28/2015

තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි

කතෘ:යුතුකම     12/28/2015   2 comments

තමන්ට ඡන්දය දුන්නේ එන්රික් වැනි ගායකයින්ට පමණක් නොව, කැබරේ ඩාන්ස් සුනිල් පෙරේරා වැන්නන්ට පවා වශීවී බ්‍රෙසියරය මතු නොව සෙසු යට ඇඳුම් වුව උනාලීමට තරම් පරල වෙනසුළු දුබල පෞරුෂැති පිරිසක් විසින් බව ජනපති මෛත්‍රීපාල අමතක කොට ඇති සෙයකි. ඔහුගේ ප්‍රකාශය හමුවේ ඔහු ව පත් කිරීමට උල්පන්දම් දුන් බොහෝ පිරිස් දැන් කරකවා අතහැර දමා තිබීමෙන් ම ඒ බව පැහැදිළි වේ. මේ අතර, මේ ප්‍රකාශයත් සමග මෛත්‍රීපාල කඳවුර තුළ ස්වභාවික ව තිබුණු තරමටත් වඩා භයානක තරමේ අනන්‍යතා අර්බුදයක් හට ගැනීමට නියමිත අතර මේ හරහා රටට වන හානිය නම් මෛත්‍රි හා ඔහුගේ අනුගාමිකයින් තුළ අනවබෝධය පළල් වී රට කරවීම පිළිබඳ දෙපාර්ශවය ම තුළ ම අවිනිශ්චිතතාවන් ඇති වීම ය.

මේ තමා විසින් වැපිරූ ඵල නෙලන කාලය බව සිරිසේන මහතා සිහිකට යුතු ය. වයස පහළොව දාසයේ කෙල්ලන්ට ටියුෂන් පන්තිවල කුණුහරුප කියන අතරතුර මෙරට තිස් වසරක් තිස්සේ විනාශයට ඇද දැමූ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයමින් නන්දිකඩාල් පීනූ සන්නස්ගල, ලෝක පූජිත ජය ශ්‍රී මහා බෝධිය අසල අඩියක් ගැසීමට සිහින දකිමින් සිටින ඩබ්ලිව්. ජයසිරි හා එම මානසිකත්වයෙන් ම කල්ගෙවන රස්තියාදුකාර අලුත් පරපුර හා පුරවැසි බලය මතු නොව, මෙරට බෞද්ධ සංස්කෘතික පදනම නැතිකළ යුතු බව ප්‍රසිද්ධියේ කිවූ රෝසි සේනානායක වැන්නන්ගේ විනාශකාරී අදහස් ය ජනපති මෛත්‍රීපාලගේ මැතිවරණ වේදිකාව දෙසින් මුළු රටට ම මීට වසරකට පෙර ඇසුණේ හා තාමත් ඇසෙන්නේ. ජනපති ධුරයට පත්වීමෙන් ද සන්නස්ගලගේ පොත් එළිදැක්වීමකට සහභාගී වෙමින් මෛත්‍රීපාල විසින් කිය වූ ඔහුට ලියාදුන් පු# වැනි වචන ජනපතිවරයෙකු තබා සාමාන්‍ය පුරවැසියෙකු විසින් වුව ප්‍රසිද්ධියේ නොකියනසුළු ඒවා ය. ඒවාහි එක ම අරමුණ නම් මෙරට පුරවැසියාගේ අතින් සදාචාර මාලිමාව ඉවත දැම්මවීම ය. අපි දැන් මග නොමග නොදැන සදාචාර වංකගිරියක වසන්නෙමු. මෛත්‍රී ජයග්‍රහණය කො‍ට ඇත.
ජනපතිවරයා හා ඔහුගේ අනුගාමිකයින් සැම විට ම කතාවෙන් හා ක්‍රියාවෙන් රටට පෙන්වා දුන්නේ තමන් මෙරට වටිනාකම් පද්ධතිය තඹ දොයිතුවකට මායිම් නොකරන බව ය. ජනපති මෛත්‍රීපාල විසින් කිවූ මහින්ද විසින් එන්ගලන්තයෙන් ගෙනා රත්තරන් අශ්වයින් හා හෙලිකොප්ටර් වැනි නීලකාස කෙබර මෙරට ජනයාගේ බොරුකීම පිළිබඳ යම් විළිබියක් තිබුණේ නම් එය ද නැතිකර දැම්මේ ය. මේ අතර, දේශපාලන එදිරිවාදිකම වෙනුවෙන් සිය මිතුරා හා නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා පසුව පාවාදීම තුළින් ඒවාට සුජාතබවක් දීම මෙන් ම කළගුණ සැලකීම වැනි මහාර්ඝ ගුණාංග පිළිබඳ ජනතා විස්වාසය අවුල් කිරීම ද මෛත්‍රීපාල කඳවුර විසින් ගත් ස්වයංවිනාශකාරි.පියවරයන් ය.ඉදින්, එවැනි දෘෂ්ටිවාදයක් දේශපාලනික ඔළුගෙඩි ප්‍රමාණයෙන් ජයග්‍රහණය කොට තිබෙන අවස්ථාවක දුබල කෙල්ලක උම්මත්ක ව සිය යට ඇඳුම් ඉණිම කැලණි පාලමෙන් ගලා ගිය පොල් ලෙල්ලක් වැනි ය.
ඇත්ත වශයෙන් ම මේ තරුණිය විසින් සිය බ්‍රෙසියර ගලවා විසි කළේ එන්රික් වෙත නොව ජනපති මෛත්‍රීපාල වෙත ය. ඒ හරහා මෙම තරුණිය විසින් සංකේතාත්මක ව පෙන්වා දුන්නේ යහපාලය යටතේ අප ජයග්‍රහණය කළේ මේ කාමවාදය බව ය. එනම් රනිල්-මෛත්‍රී දේශපාලන භාවිතයේ තාර්කික අවසානය මෙය බව තරුණිය මොනවට පෙන්වා දුන්නේ ය. එය ස්වභාවික ය. අපට තේරුම්ගත නොහැක්කේ මේ පිළිබඳ ජනපතිවරයාගේ උදහස් වීම ය.

- ජේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ   >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/20/2015

සිංහ-ලේ ලණුව කන්න එපා

කතෘ:යුතුකම     12/20/2015   4 comments
සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන්ට අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා.

අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්‍ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා.

දැන් රැල්ලක් යනවා සිංහ-ලේ කියලා. මේක පැරඩියක්. පැරඩියක් කියන්නේ කිසියම් ගුණයක් එකේ තිබෙන සාමාන්‍ය පිළිගත හැකි තත්වයට වඩා විශාල ලෙස වැඩිකරල පෙන්වල ඒක පිළිගත නොහැකි, උපහාසයට ලක්කල යුතු දෙයක් බව‍ට පත්කිරීම. බොදුබල සේනාව කියන්නෙත් ඒවගේ පැරඩියක්. ඒකෙන් මෙරට ජාතිකවාදය හා දේශප්‍රේමය යන සංකේතවල හරය ඉවත් කරල ඒවා උපහාසයට ලක්කළ හැකි තත්වයට ගෙනාවා. හෙළ උරුමයත් එහෙමයි. ඔවුන් යුද්ධය කාළේ අපට කිසියම් දුරක‍ට පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බත් ඊට පස්සේ එහෙම කරන්න බැ. එතරම් ව රළු තත්වයකට ඔවුන් පෙරලෙමින් තිබ්බේ. කොහොමහරි මේ ව්‍යාපෘථිවලින් කළේ සිංහලයා අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ලෝකයට හා අනෙත් ජනවර්ගයන්ට පෙන්නන ව්‍යාපෘථිය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වටිනාකම් පද්ධතියත් ජාතිවාදී කියල පෙන්නීම. මේ සංවිධාන ආරම්භ කරපු භික්‍ෂූන් වහන්සේලා හා ගිහි නායකයින් අවස්ථාවාදීන් මිසක් උපක්‍රමික දේශපාලකයින් නෙමෙයි. මුස්ලිම් හා සෙසු අන්තවාදයන්ට ප්‍රතිචාර දක්වන්න ඊට සමාන සංවිධාන හදලා බැහැ. ඒක උපක්‍රමශීලි එකක් වෙන්න ඕන. අන්තිමේ දී මේ අන්තවාදයන්ට ප්‍රතිචාරයක් හැටියට දුර්වල සිංහලයා මේවට අහුවුණා.

ඔය සිංහ-ලේ කියන එකත් පැරඩියක්. වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යන කොට ජාතීන් අතර අසමගිය හා අසහනය ඇති කරල අවධානය වෙතකට හැරවීමේ ව්‍යාපෘථියක්. බෙදාවෙන්කර පාලයන කිරීමට ගන්න උපක්‍රමයක්. මේ ලණු කන්න එපා.

සිංහ-ලේ ව්‍යාපෘථියේ ප්‍රධාන අරමුණක් තමයි සිංහලයා උභතෝකෝටියටක‍ට ගෙනත් ගතයුතු මග මොකක් ද කියල හිතාගන්න බැරි කරල දෙකට තුනට බෙදා බලය දියකර හැරීම. එත් එක්කම අනිත් ජාතීන් සිංහලයා කෙරෙහි තවත් කොටවනවා. අපි එකිනෙකා මරාගන්න තත්වයක් පවා ඇති වෙන්න පුළුවන් මේත් එක්කල. දැන්ටමත් ඒ ලකුණු පහල වෙලා.ලඟ චූන් වෙන සමහරු දැනටමත් මේකට අහුවෙලා. ඔවුන් අනිත් අතට මේකෙන් වෙන අහිමි වීම් සැලකිල්ලට ගන්නේ නැ.

ඕනෑම ජාතියකට තිබෙනවා තමන්ගේ වර්ගය පිළිබඳ කැක්කුමක්. මෙතෙන්දී කුමන්ත්‍රණකාරීන් යොදාගන්නේ අන්න ඒ කැක්කුම. අපේ සමහරුන්ට හිතෙනවා මේක තමයි අපි යන්න ඕන පාර කියල. 83 දී ජේ ආර් මේක අපට කරල පෙන්නුවා. කළු ජූලිය කියන ප්‍රහාරය ජේ ආර් හිතාමත සැලසුම් ක‍ළේ. ඒක නිසා දෙමළ ජාතිවාදීන්ට පුළුවන් වුනා ලෝකේ පුරාම අනුකම්පාව විතරක් නෙමෙයි, විශාල මුදල් කන්දරාවක් දිනාගන්න. කළු ජූලිය කියන්නේ ප්‍රභාකරන්ට ඇදුණු ලොකුම ලොතරැයිය. දැන් ජේ ආර්ගේ බෑණාවන රනිලුත් ඒකම කරයි. පස්සේ අපි ලේ රත්වෙලා ඒ මතින් තීරණ ගන්නකො‍ට අපට ගහල දායි නැතිවෙන්න. ඇයි හේතුවක් තියෙනවානේ. අපි ජාතිවාදී වෙලා. ඒ කියන්නේ අපට පහර දෙන්න පුළුවන් ප්‍රමාණයට ඔවුන් අප ව පාත් කරල ගන්නවා. අපි ලවාමයි මේක කරන්නේ. ඒකයි මෙතන තියෙන ශුක්‍ෂමබව

අපි මොනවා කරන්නත් දේශපාලන බලය ගන්න ඕන. එහෙම හිතන්න. කොට ගේම්වලින් දෙන්නේ කොට හා දීර්ඝකාලීනව අප ව දුකට ගෙනෙන ප්‍රතිපල. අපේ මහින්දටත් මේක කළමනාකරණය කරගන්න නිසි උපදෙස් ලැබුණේ නැහැ. අපි ඒකයි පරාජය වුනේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama 

[pic :LNW]

12/10/2015

ලංකා ආර්ථිකය අවිනිශ්චිත අඩවියේ : අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF)

කතෘ:යුතුකම     12/10/2015   No comments
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික තත්වය අවිනිශ්චිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (09) අනතුරු අඟවා සිටියේ ය. අරමුදල අවධාරණය කර සිටින්නේ පවතින ආර්ථික තත්වයන් වඩාත් ගැටළුකාරී පරිසරයක් නිර්මාණය කොට ඇති බව හා 2014 වසරේ අග භාගයේ ඇරඹි සාර්ව මූල්‍ය අසමානතා දැන් තීව්‍ර තත්වයකට පෙරලී ඇති බව ය. මේ අනුව, සමස්ත ගෙවුම් ශේෂ පැතිකඩෙහි ගරාවැටීම, මහබැංකුව සතු විදෙස් සංචිත සීඝ්‍ර ලෙස සිඳීයාම, දුර්වල රාජ්‍ය මූල්‍ය තත්වය හා වර්ධනය වන රාජ්‍ය ණය ප්‍රමාණය යන හේතු ඉහත තත්වයට බලපා ඇති බව ගෝලීය ණය දෙන්නා අවධාරණය කර සිටියි.

මේ වසර මුල සිටම ආර්ථිකයේ නැගෙනමින් තිබෙන අසුබවාදී ස්වභාවය අපිදු මෙහි දී වරින් වර අවධාරණය කර සිටියෙමු. එහෙත්, රජය නිරන්තරයෙන් ම කියා සිටියේ ආර්ථිකයට අනතුරක් නොමැති බවත් ඇතැමුන් දේශපාලන හේතුමත එවැනි චිත්‍රයක් නිර්මාණය කෙරෙමින් පවතින බවත් ය. එහෙත් ඇත්ත ම තත්වය වූයේ වත්මන් රජය පත්වූ දින සිට ඔවුන් විසින් ආර්ථිකය මත තැබිය යුතු වූ නිරන්තර බර දේශපාලන වෛරය මත තබමින් රාජපක්‍ෂ පසුපස හඹා යන මාධ්‍ය සංදර්ශයක් බවට රට පත්කළ බව ය. මැතිවරණ සමයන්හි කොතරම් දේශපාලන අවලාද හුවමාරු වූව ද ඕනෑම රජයක් බලයට පත්වීමෙන් පසු ඒ සියල්ල අතහැර දමා කරනු ලබන්නේ නැවතුන තැනින් යළිත් රටකරවීම වහා පටන් ගැනීම ය. එහෙත් වත්මන් රජය දිගටම කටයුතු කළේ තමන් මැතිවරණ වේදිකාවක සිටින ලෙස ය. පුරවැසි බලය, සෝභිත හිමියන්ගේ සංවිධානය, ෆූටා වැනි සංවිධානවල දුෂ්ට අරමුණුවලට වත්මන් රජය අසුවුනාදොයි අපට සිතේ. පුද්ගලික ව සෝභිත හිමි පසෙක තැබූවිට, ඉහත සියළු සංවිධාන ක්‍රියා කළේ ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල තැනකොට කොටුකොට එම සංවිධාන පිටුපස සිටින බෙදුම්වාදී සංවිධාවල අවශ්‍යතාවන් ඉටුකොට ගත හැකි ලංකාවක් නිර්මාණය කිරීම ය. දැන් නිමවෙමින් යන්නේ ඔවුන්ට අවශ්‍ය ඒ දුර්වල ලංකාව ය.

ගෝලීය හේතූන් මත බොර තෙල් මිළ අඩු නොවුනේ නම් අප ආර්ථිකය මේ වන විටත් කඩා වැටීමට ආසන්න මට්මක ය. බොරතෙල් අඩුවීම නිසා අපගේ ඩොලර් පිටර‍ට යෑම සෑහෙන දුරකින් අඩුවූවේ ය. එහෙත්, එසේ තිබිය දීත් මහබැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයකින් පසුගිය වසර තුල අඩු වූවේ වත්මන් රජයේ කළමනාකරණ දුර්වලතා හා දේශපාලන හේතුමත අවධානය වෙනතක යොමුව තිබීම නිසා ය. වත්මනෙහි වන් දැඩි තරඟකාරී ගෝලීය පසුබිමක, ආර්ථිකයන් පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහගේ හණමිටි ඇමරිකා ගැති ලිබරල් දැනුම අසමත් ය. මහින්ද විසින් ආර්ථිකය පවත්වාගෙන ආවේ ඔහුට ම ආවේනික රැඩිකල් මූලෝපක්‍රම මත මිස සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය මත නොවේ. මන්ද තත්වයන් වහා වෙනස්වලසුළු පරිසරයක න්‍යාය පොත් යනු හුදු කඩදාසි ගොඩක් පමණක් නිසා ය.

මේ සියල්ල කරන අතරතුර මහින්ද පිටුපසින් චීනය දැවැන්තයෙක් ලෙස නැගී සිටියේ ය. ලොව දෙවැනි විශාලතම ආර්ථිකය විසින් මෙරට මුදාහල මුදල් කන්දරාව රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගලා යමින් අවපීඩන තත්වයක් ඇති නොවන පරිදි ආර්ථික නලයේ පීඩනය එකසේ පවත්වාගෙන යාමට සහාය විය. රටක් ස්ථාවර වනතුර ඕනෑම රටක් පිටුපසින් තල්ලු කරන එවැනි දැවැන්තයෙකු අත්‍යාවශ්‍ය වේ. එහෙත් වත්මන් රජය පැමිණි විගස කළේ, සියළු චීන ව්‍යාපෘථි නවතා දැමීම හෝ අධෛර්යමත් කිරීම පමණි. කෙසේ වෙතත් එම හිඩැස පිරවීමට යහපාලන රජය පිටුපස සිටින බටහිර රටවල් මැදිහත් වන බවක් ද දක්නට නොලැබුණි.
පොහොර සහනාධාරය කපා දැමීම, තේ කර්මන්තයේ වැටීම වැනි කාරණා මත එන වසරේ දෙස් හා විදෙස් ආදායම්වල අඩුවීමක් මිස වැඩීවීමක් අපේක්‍ෂා කළ නොහැකි ය. වත්මන් රජය පත් වූ පසු ඍජු විදෙස් ආයෝජකයින් රටහැර ගියා මිස එකෙකුදු රටට ආවේ නැත. ඒ අනුව, ඔවුන්ගෙන් ද අප ආර්ථිකයට ඩොලර් එක්වීම අපේක්‍ෂ කළ නොහැකි ය. 2016 අයවැය මගින් යෝජිත දැඩි බදුබර තුලින් ද අවසානයේ සිදුවනු පරිභෝජනය අඩු වී කර්මාන්ත හැකිලීම මිස පිබිදීම නම් නොවේ.ඒ හරහා ද ආර්ථිකය අවපීඩනය වීමට නියමිත ය. මේ සියල්ල තුළින් පැහැදිළි වන්නේ,අනූගණන්වලට ලංකාව ආපසු ගෙනයන එජාපයේ හණමිටි ආර්ථික න්‍යා එහෙම් පිටින්ම අසමත් බව ය.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama 

[කාටූනය සන්ඩේ ටයිම්ස්.]

12/06/2015

ජනවාරි 08 මෝඩයාගේ කැරැල්ලක් ද?

කතෘ:යුතුකම     12/06/2015   1 comment
ජනවාරී 08 සිදු වූයේ මෝඩයින්ගේ කැරැල්ලක්. අපි එහෙම කියන්නේ එම කැරැල්ලට නායකත්වය දුන් න්‍යායාචාරයින්ට මෙන් ම දේශපාලකයින්ට ද කැරැල්ලෙන් පසු සිදු වෙන්න යන දෙය පිළිබඳ කිසිම අදහසක් නැති වීම නිසා. ඇත්තට ම මේක මම හිතන්නේ ඇකඩමික් හා එම කෝවේ ම නිර්මාණය වූ බුද්ධිමතුන්ගේ පිරිහීම නියෝජනය කරනවා කියල. මිට හේතුව වත්මන් උගතා නිර්මාණශීලි බුද්ධිමතෙක් නොවීම. මෙය ගැඹුරින් හැදෑරිය යුතුයි. මොකද ඕනෑම සමාජයක උගත්කම කියන්නේ කෙනෙක් වහා හසුවන වෙළඳ දැන්වීමක් නිසා.

බුද්ධිමතාගේ පිරිහීමට බලපාන අමතර බොහෝ කාරණා හේතු වුනත් ප්‍රධාන හේතුව වෙන්නේ බටහිර මොඩලයේ අධ්‍යාපනයේ අර්බුදය. බටහිර අධ්‍යාපනය දැනුම සොයා යන්නේ ඒවා කොටස්වලට ‍‍බෙදළා ඒ තනි තනි කොටස වෙන වෙනම අරගෙන. දැන් ඔය විශ්වවිද්‍යාල කියන්නේ අන්න එහෙම දැනුම හොයන්න හදපු ආයතනය. එකේ දැනුම අධ්‍යනාංශවලට බෙදල ඒ ඒ අධ්‍යයනාංශ තුළ ඒ ඒ විෂයට අදාළ විශේෂ දැනුමැත්තන් හදනවා. මෙහෙම ඉගෙන ගෙන එළියට එන බොහෝ අයට ලෝකයේ සෙසු පැතිකඩ ගැන අවබෝධයක් නැ. උදාහරණයක් විදියට ආර්ථික විද්‍යාවෙන් කියන්නේ කෙසේ හෝ පරි‍භෝජනය වැඩිකරල ඉලක්කම් ඉහළ නංවන්න කියල. ඒත් වැඩි කල් මෙහෙම යන්න සම්පත් නැති බවත් ඒ අතර ම පරිසරය විනාශ වි මිනිසා විනාශ වෙන බවත් හිතන්න උගන්වන්නේ නැහැ. අද දේශගුණික විපර්යාස ප්‍රශ්නය බටහිර දැනුමේ අර්බුදයක්.

ලංකාවෙත් ඉන්නෙ මෙහෙම හිතන අය. මොවුන් යම් දෙයක් හුදකලා කරල අරගෙන, ඒ වටා තිබෙන අතුරු සෙසු දැනුම් සලකන්නේ නැතුව නිගමනවලට එනවා. බලන්න විශ්වවිද්‍යාල ආචාර්වරු බහුතරයක් මහින්ද එළවන්න පාරට බැස්ස විදිය. ඔවුන්ට හැකියාවක් නැ මේ රට නිදහසින් පසු මුහුණ දෙමින් සිටි අර්බුදය හා මහින්ද රජය විසින් ඉන් මිදීමට ගත් දැවැන්ත උත්සාහය එකට තියල තේරුම් ගන්න. ඔවුන් මහින්ද වෙනමත් මහින්දට හිමි වූ සෑම අතින් ම කුණු වූ රට වෙනමත් තියල තේරුම් ගත්තා. අනික ඔවුන්ට බැරි වුණා රනිල් ආවොත් මොන විදියේ ආර්ථික මොඩලයක් ක්‍රියාත්මක කරයි ද කියලවත් හිතන්න. පූර්ණ නවලිබරල්වාදය දැන් යල්පැනපු එකක්. ඒත් රනිල් නවලිබරල් ගැත්තෙක් කියල දැන දැනත් ඔහුගෙන් රටේ සමාජ සුබසාධනයට එල්ල විය හැකි දැවැන්න බලපෑම ගැන තක්සේරු කරන්න මේ ආචාර්වරුන්ට හැකියාව තිබුණෙ නැහැ. මේ ‍ගොඩක් ආචාර්යවරු ශිෂ්‍ය කාලෙදි කෑව වාමංශික තෙල් නිසා කිසියම් මතුපිට සමාජවාදයක් නියෝජනය කරන අය. ඒත් අඩුම තරමින් ඔවුන්ට බැරි වුණා තමන් දක්ෂිණාංශික ද වාමාංශික ද කියලවත් තීරණය කරගන්න.

අයවැය නිසා අද රටේ සෑම ස්ථරයක් ම දැඩි අසහනයට පත් කරල උද්ඝෝෂණ කරන තැනට රට තල්ලු කළේ මේ ඇකඩමික් බුද්ධිමතුන්. හැබැයි අපේ ගම්වල මිනිසුන් තාම තීරණ ගන්නේ ව්‍යවහාරික බුද්ධියෙන්. ඔවුන්ට පුළුවන් සමස්තය දිහා බලල වඩාත් හොඳ තීරණයක් ගන්න. ඒකයි ජනාධිපතවරණයේ දී මහින්දගේ ප්‍රශ්න තිබිලත් ඔවුන් මහින්ද ව තෝරගන්න යොමු වුනේ. ඒ කියන්නේ අද රට පත්වෙලා තිබෙන අර්බුද සියල්ල ගැමියා තමන්ගේ ඉවෙන් ම එදා තේරුම් ගත්තා. අව්‍යාජ බුද්ධිය විසින් ව්‍යාජ උගත්කම පරයා ගිය කදිම අවස්ථාවක් ඒක. උගත්කම සැක කරන්න.


-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/03/2015

මහින්ද-මුවහමට තැලීමෙන් පළක් නැත. වඳබව පිළිගන්න

කතෘ:යුතුකම     12/03/2015   1 comment
මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ පැවති රාජ්‍ය ආයතන විසි ගණනක වැය ශීර්ශය ඔහුගේ පුද්ගලික වියදමක් සේ හුවා දැක්වීමේ පහත් ගණයේ උත්සාහයක් සිරස රූපවාහිනය නිර්ලජ්ජිත ලෙස අද ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණි. වියදම් අඩුවූයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ එවකට පැවති ආයතන සිරිසේනගෙන් ගලවා අගමැතිවරයා යටතට ගෙන ඇති නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. එහෙත් ආණ්ඩුවේ බොරුව කුණි වී සාරු ගලන විට එය පවුඩර් දමා සැඟවීමට සිරස ගන්නා උත්සාහය හාස්‍ය ජනක ය.

මහින්දගේ අධිවේගී මාර්ග කොමිස්, පුතුන්ගේ රත්තරන් අශ්වයින්, චොපර් හා ලැම්බෝගිනි වැනි නීලකාර බොරු ද කීවේ ද මේ විනාශකාරී නාලිකාව විසිනි. මේ අතර, වාර්තාවන ලෙස දැවැන්ත අල්ලසක් ගෙන සියල්ල එක්වර නවතා දමන්නට පෙර කොළඹ පෝර්ට් සිටිය තහනම් කරවීමට පැයෙන් පැය අප්ඩේට්ස් ගෙනා වේ ද මොවුන් ය. එහෙත් චීන සමාගමකට මේ මුළු ආයතනය ම ඩොලර් මිලියනයකට විකිණිමෙන් ම මොවුන්ගේ හිඟන කම රටට හෙළිවීම රට ලද ජයකි. කෙසේ වෙතත්, ආණ්ඩුව ජනතාව අතර කුජීත වන විට නැවතත් මෙම නාලිකාව ජඩ මාධ්‍ය කළාවට පිවිසීම ජාතික අපරාධයකි.
අපගේ ප්‍රශ්නය මේ ය. මෙතරම් වියදම් අඩුකර ගැනීමට හැකි වූයේ නම්, මෙවර අයවැය මගින් දුප්පතාට ම පහර වැදෙන ලෙස බදුවර්ග 15ක් පමණ වැඩි කළේ ඇයි? දුම් පරීක්‍ෂණ ගාස්තුව 1100 සිට 5000 කළේ ඇයි? වෛද්‍යවරුන් ඇතුළු රජයේ විධායක ශ්‍රේණිගත නිලධාරීන්ට වෘත්තීන් ඇරඹි දා පටන් පැවති වරප්‍රසාද කපා දැමූයේ ඇයි? රජයේ විශ්‍රාම වැටුප ගසා කෑමට යන්නේ ඇයි? අහිංසක ගොවියාගේ පොහොර සහයාධාරය කපා දැමූයේ ඇයි? ලොකු කුඩා සැමගේ වාහන මිළ ඉහළ දැමූයේ ඇයි? රටේ සියළු සංවර්ධන ව්‍යාපෘති නැවතී ඇති පසුබිමක මෙසේ ඉතිරි කරන ලදැයි පැවසෙන මුදල් යන්නේ කාගේ සාක්කුවට ද?

මහින්ද රාජපක්‍ෂ විසින් සියයට 7කට ආසන්න ව පවත්වාගෙන ආ ආර්ථික වර්ධන වේගය ලබන වසරේ දී සියයට 5ටත් වඩා පහළ යනු ඇති බව අගමැතිවරයා ම පසුගිය දා පැවසුවේ ය. ලෝක ආර්ථිකය පසුබෑමකට ලක්වීම අගමැතිවරයා ඊට දුන් හේතුව ය. එසේනම් දැවැන්ත ගෝලීය ආර්ථික අර්බුයක් මැදින් ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6ක සීමාව තුළ රඳවාගෙන ඒමට මැදමුලන බයියා සමත් වූ ආකාරය ගැන රනිල් ටියුෂන් ගතයුතු නොවේ ද? මේ අතර, සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ආයතනය මෙවර අයවැය ගැන පවසා තිබුණේ කිසිම ඉදිරි දැක්මක් රහිත ලියවිල්ලක් බව ය. ඒ අනුව, ලංකාවේ ආර්ථික වර්ධනය අඩු වන්නේ ගෝලීය ප්‍රශ්නයක් නිසා නොව රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ දුර්වල කළමනාකරණය නිසා බව නම් හොඳට ම පැහැදිළි ය.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/21/2015

සිතනවාට වඩා අනතුර ගැඹුරුය‍‍. ඊළම පෙනෙන දුරින්

කතෘ:යුතුකම     11/21/2015   1 comment
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ හදිසිය පැහැදිළි සංදර්ශනයක් වූව ද එහි ශ්‍රී ලංකාවේ පැවැත්ම පිළිබඳ දැවැන්ත අනතුරක බිජු සැඟ ව තිබෙන බව අපි අවධාරණය කරමු. මියගිය සෝභිත හිමියන්ගේ ලාමක හා එනිසා ම විනාශකාරී වූ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ධුරය, එහි අතුරු ආබාධ ගැන සැලකිල්ලක් නැතිව ම අහෝසි කිරීම ය. ඊලාම්වාදීන් මෙන් ම මේ රට එක් රටක් ලෙස පැවතීමට එරෙහි ව සටන් කරන විශ්විවිද්‍යාල ආචාර්ය සංගම් පිටුපස සැඟවුණු පිරිස් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සෝභිත හිමියන් සාන්තුවර තත්වයට උසවා තැබීමට දැන් උත්සාහ කරන්නේ ද මෙහිමිගේ මේ දේශද්‍රෝහි පෙනී සිටීම නිසා ය. ජනපති මෛත්‍රීපාලගේ හදිසි ප්‍රකාශය සේ ම ඉදිරියේ දී ද සෝභිත හිමියන්ගේ 'අරමුණ දිනවීම' නැමැති පිරුවටයට මුවා වී එකී ව්‍යාපෘථිය ක්‍රියාත්මක කිරීමට මේ පිරිස් උත්සාහ ගනු ඇත. ඒ අනුව, ජීවත් වන සෝභිත හිමිට වඩා මියගින සෝභිත හිමි වඩාත් වැඩියෙන් භයානක වීමට ද අපයෝජනය වීමට ද පුළුවන. විටෙක හිමියන්ගේ සැකසහිත මරණය ජනවාරි 08 තිර රචනයේ ම කොටසක් වීමට ද හැක.

දැනට සංදර්ශනයක් වූව ද, මෛත්‍රීපාල ධුරයෙන් යෑමට පෙර ඔහු ලවා මෙය කෙසේ හෝ අහෝසි කරගැනීමට ඒ සඳහා කැස කවන පිරිස් අනිවාර්යෙන් ම කටයුතු කරනු ඇත. එහෙත් එසේ වන්නේ ශ්‍රී ලංකාව, ඇමරිකාව හා එක් ව අප රටට ම එරෙහි ව සම්මත කළ ජිනීවා යෝජනා තුළ 13 වැනි සංශෝධනය ඉඩම් හා පොලිස් බලතල ද සහිත ව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එකඟතාව හා කැපවීම ලිඛිතව පොරොන්දු වී ඇති භයානක මොහොතක බව අප සිහිපත් කරගත යුතු ය. 13 වැනි සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල ද 19 වැනි සංශෝධනයෙන් පාර්ලීමේන්තු බලතල ද කොමිසම් සභාවලට බෙදා හැර තිබෙන පරිසරයක ශ්‍රී ලංකාව තනි රාජ්‍යක් ලෙස පැවැත්ම දැඩි ව අනතුරට ලක්වීම මේ අනුව වැළකිය නොහැක. 13වැනි සංශෝධනය විසින් බෙදා හැරෙන බලය යළි තුලනය කරන්නේ විධායක ජනපති ධුරය මගිනි. ඒ අනුව විධායකයක් නැති රට බෙදීමට ලක් නොකොට පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි වනු ඇත. අපගේ පාර්ලීමේන්තුව පවා දැඩි සේ අස්ථාවර ය. මේ අනුව, ඊලාම්වාදීන්ට අප රට නිරාවරණය වන මෙම ව්‍යවස්ථාමය අරාජිකබව වහා ප්‍රයෝජනයට ගෙන උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ප්‍රකාශයට පත් කිරීමේ පැහැදිළි හැකියාවක් ගොඩ නැගී තිබේ. එදා සිට ම ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යක් ලෙස පැවැත්ම මෙරට සතුරන් විසින් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ මේ අවස්ථාව උදාකර ගැනීමට ය. තමන්ට ම කියා රාජ්‍යක් නොමැති ව ලොව පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාව ජාතීවාදී පදනමින් උසිගන්වා මෙම ව්‍යාපෘථියට සහාය ලබා ගැනීම අපහසු ද නැත. ඒ අනුව, පැහැදිළිව ම උදාවෙමින් තිබෙන්නේ 30 වසරක යුද්ධයකින් දිනාගත නොහැකි වූ ඊළම ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ලබා ගැනීමේ ව්‍යාපෘතිය යි. මීට එරෙහි වීමට වත්මන් රජය තුළ සිටින කිසිදු පාර්ශවයකට හැකියාව, වුවමනාව හා ධෛර්ය ද නැති බව නම් විස්වාස ය. ඔවුන් සැම සිටින්නේ බල අරගලයක දී තම පාර්ශවයේ බලය ස්ථාවර කරගන්නේ කෙසේ ද යන්න සිතමින් ය. ජාතික අභිලාෂ පිළිබඳ අවධානයන් ඔවුන්ගේ දේශපාලන වපසරිය තුළ ඇත්තේ ම නැත.

මේ අතර, අනෙත් පසින් වර්ධනය වන යුධ අපරාධ අධිකරණ හරහා ඉහත තත්වයන්ට ප්‍රතිරෝධය දැක්විය හැකි ජාතික නායකයින් සිරගත කිරීම හෝ වෙනත් මාර්ගයකින් නිහඬ කිරීම වැනි උත්සාහයන් ද අප බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු ය. මන්ද අපගේ දේශපාලන ගමන ඉන් අඩාල කළ හැකි හෙයිනි.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/14/2015

දැනෙන බසින් බටහිරට පාඩම්

කතෘ:යුතුකම     11/14/2015   No comments
160කට මරු කැඳ වූ ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරය අපගේ ඇස්පනාපිට අපට පෙන්වා සිටින්නේ මැදමුලන බයියාගේ ප්‍රඥාවේ ආලෝකය ද සකලවිධ බටහිර ප්‍රජාවේ මුග්ධබවේ අඳුර ද අතර වෙනසයි. අද ප්‍රහාරයට ලක් වූ ප්‍රංශයේ, හිටපු විදේශ ඇමති බර්නාඩ් කුෂ්නර් මිලිබෑන්ඩ් ද සමග එදා ඇඹිලිපිටියට විත් මහින්දට කීවේ වහාම කොටි ත්‍රස්තයින්ට එරෙහි මෙහෙයුම් නවත්වන ලෙස ය. නැතිනම් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් වන ලෙස ද තර්ජනය කර සිටියේ ය. මහින්ද උතුරුට පමණක් නොව බටහිරට ද බිය ඇත්තෙකු නොවේ. ඔහු කියා සිටියේ මෙරට ජනතාව ඔහුට එසේ කිවහොත් මිස, නුඹ මතු නොව නුඹගේ මෑනියන් විත් කීව ද මෙහෙයුම් නොනවත්වන බව ය.

එදා මහින්ද ද බටහිර යටවී යුද්ධය නවතාලූයේ නම් අපට අද ප්‍රංශයේ ඇති වූ තරමේ අමානුශික ප්‍රහාරයන්ට වසර 30ක් මුහුණ දුන්නා සේ ම අද ද සෑම මසකම අපට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් මේ පුංචි රටට ඒ මහා ලෝක ඉතිහාසය වෙනස් ව ලිවීමට හැකි මහා නායකයෙක් සිටියේ ය. වත්මන් ජනපති සිරිසේනගේ වචනයෙන් අපට ඇත්ත ම රජෙක් සිටියේ ය.

මේ ඛේදවාචකයේ දී අපි ප්‍රංශයට ශෝකය පළ කරමු. එහෙත් එදා අප රටේ බෝම්බයක් පුපුරා යන විට ම ඔබ කළ සංචාරක අනතරු ඇඟවීම මෙන් ම ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කරන ලෙසට කළ බලපෑම ද නොකරන බව මතක් කරමු. කෙසේ වෙතත්, මේ වන විට ප්‍රංශයේ මුස්ලිම් ජනතාවට නොයෙක් ජාතිවාදී ප්‍රහාර හා නිවාස ගිනි තැබුම් ආදිය සිදුවන බව වාර්තා වන අතර ඒවා නවතන ලෙස හෝ සුපුරුදු පරිදි මාධ්‍යයෙන් වසං කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අප වැනි රටවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් වැනි අය ඔබගේ ජනතාව ඉතා දියුණු, ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදි මතු නොව පශ්චාත්නූතන ගති පැවතුම්වලින් යුතු පිරිසක් බව තහවුරු කරන පර්යේෂණ පත්‍රිකා සහිත සම්මන්ත්‍රණ පවත්මින් සිටින නිසා ය. ඒවාහි නිගමන වෙනස් වීම ඔවුන්ගේ ආදායම් මාර්ගයන්ට ගැටළුවක් වනු ඇත.
බටහිරට ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දිනන්ට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ කුහක දෙබිඩි ප්‍රතිපත්තිය නිසා ය. බටහිරයාට ත්‍රස්තවාදියෙකු එසේ වන්නේ ඔහු තමන්ගේ උන්ගේ කඳ හරහා මූනිස්සම් යවන්නේ නම් පමණි. එසේ නොකරන අනෙත් සැම කැරලිකරුවන් ය. ඔවුන් රැකිය යුතු ය. ඔවුන්ගේ මානව හිමිකම්, ඔවුන්ගේ ගොදුරුවල මානව හිමිකම්වලට වඩා අති උසස් ය. බීබීසි ආදි වැඩවසම් බටහිර මාධ්‍යවලට ද එසේ ය. ලංකාව වැනි රටවල බටහිර ගැත්තන් ද අන්තවාදී මාර්ක්ස්වාදීන් ද මීට සමාන ය. ‍

අප දන්නා ඉතිහාසය තුළ ත්‍රස්තවාදය එනමින් ම හඳුන්වා ඊට තේරෙන බසින් කතා කළේ මහින්ද රාජපක්‍ෂ හා රුසියාවේ පූටින් පමණි. ලොව දරුණුතම ත්‍රස්තවාදය වූ කොටි ත්‍රස්තවාදය හා රුසියාවේ චෙච්නියානු ත්‍රස්තවාදය යළි නොනැගිටින ලෙස අවසන් කරන්නට මෙම නායකයින්ට හැකි වූයේ මෙනිසා ය. ඇමරිකාවට හා බ‍ටහිරට පොදුවේ අවශ්‍ය වන්නේ අයිසිස් නැති කිරීම නොව බෂාර් අල් අසාද්ට ගඩාපිගේ ඉරණම ලබා දීමට ය. මේ දෙබිඩි කුහකත්වය විසින් අද යුරෝපයේ චොකලට් පුරවැසියන්ට අපාය විවෘත කර තිබේ.

අපගේ ප්‍රශ්නයන්ට දැනුදු දෙන බටහිර විසඳුම් ද ඒවා ගෙනෙන ගැත්තන් ද මේ අප විසින් එකවර බැහැර කළ යුතු කාලයයි. එසේ නොවන්නේ නම් අප ද නැවතත් අවසන් වනු ඇත්තේ රුදුරු ත්‍රස්තවාදයක ගොදුරු බවට පත්කරමින් ය.


ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

අපතයින් ගැන

කතෘ:යුතුකම     11/14/2015   No comments
මහින්ද හා ගෝඨාභය සමග දේශපාලන විරුද්ධත්වයට එහා ගිය බද්ධ වෛරයකින් රාජිත, චම්පික හා අර්ජුන දැඩි සේ රෝගාතුර වී සිටින බව මොනවට පැහැදිළි ය. විටෙක මොවුන් චන්ද්‍රිකාගේ හෝ අන්කිසි ප්‍රබලතම දේශපාලකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව සිතිය හැකි ය. කෙසේ වෙතත්, එජාපයේ පීඩිත පන්ති මානසිකත්වය ආමන්ත්‍රණය කරන රන්ජන් රාමනායක ඇතුළු කීප දෙනෙක් හැර රනිල් ඇතුළු සෙසු බහුතර දේශපාලකයින්ට මහින්ද සමග ඇත්තේ දේශපාලන විරසකයක් පමණක් බව ද පෙනී යමින් තිබේ. ඔවුන් මහින්දගේ රීරි මාංශය ම ඉල්ලමින් පොරකන බවක් තාම නම් නොපෙනේ. දේශපාලන විරසකය එකකි, පුද්ගල වෛරය තවෙකකි. දේශපාලන විරසකය ධනාත්මක වන අතර පුද්ගල වෛරය නිෂේධනාත්මක ය. රනිල් වැන්නන් මහින්ද කෙරෙහි ක්‍රියා කිරීමේ දී, වෛරය නොව ඔවුන්ගේ දේශපාලන විරසකය ම ක්‍රියාත්මක වන බව පෙනී යන්නේ ඔවුන් මැතිවරණ සමයේ දී මෙන් ම ඉන් පසුව ද මහින්ද ගැන වෛරී ප්‍රකාශ නොව දේශපාලන විරුද්ධවාදී ප්‍රකාශ පමණක් ම කිරීම තුළ ය.

මේ අතර, මෛත්‍රීපාල ජනපතිවරයා සමග සිටින ශ්‍රිලනිප මැති ඇමතිවරුන් මහින්දට එරෙහි ව ඇනුම්පද කියන විට හෝ අනෙකුන් කරන ප්‍රකාශ හමුවේ නපුංසකයින් සේ සිටින විට ඇතැම් එජාප මන්ත්‍රීවරුන් මහින්ද හා ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටීම විශේෂ නිරීක්‍ෂණයකි. ඇවන්ගාර්ඩ් හරහා ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉඩ නොතබන බව විජේදාස හඬ නගා කියද්දී හා මාරපන ඒ වෙනුවෙන් වන මිළ ලෙස තම ඇමතිකම අතහරිද්දී මෙන් ම හරීන් ප්‍රනාන්දු නොපැකිළ ඊට සහාය වෙද්දී මහින්දගේ අනුහසින් මනාප ගෙන පාර්ලීමේන්තුවට රිංගාගත් ශ්‍රීලනිප ඇමතිවරුන් කසාය බී ගොළුවන් සේ සිටීම දැරිය නොහැකි තරම් ජුගුප්සා ජනක දසුනකි. ඇමතිකමක් වෙනුවෙන් මෙතරම් ම තම ආත්මය පාවාදීය හැකි ද යන්න අපට නැගෙන ප්‍රශ්නයි.

කෙසේ වෙතත්, අප මෙහි දී අවධාරණය කරන්නේ රනිල් හෝ විජේදාස වැන්නන් ජාතිකවාදීන් වි සිටින බව නොවේ. විජේදාස කෙසේ වෙතත් රනිල් නවලිබරල්වාදියෙකි. ඇමරිකන් ක්‍රමය විස්වාස කරන්නෙකි. එහෙත් අපට එය ප්‍රශ්නයක් නැත. අපි ඔවුන්ගේ ඒ බව දනිමු. අපි ඊට එරෙහි වෙමු. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි ය. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ හුදු පුද්ගල වෛරය මතින් ක්‍රියාත්මක ඉහත අපතයින් ය. මොවුන්ට දේශපාලන මතයක් නැත. රැළි නැගෙන විට ඒවාට ගොඩ වී පැදීම පමණක් මොවුන්ගේ දේශපාලනයයි.
අප සිතන්නේ අද මේ රට විනාශය කරා ඇදගෙන යමින් සිටින්නේ ජාතිකවාදයට හා ලිබරල්වාදයට යන දෙකට ම නොවැටෙන අවස්ථාවාදය ම ආත්මය කරගත් මේ අපතයින් විසින් බව ය. කෙසේ වෙතත්, මෙම අපතයින් අප සමාජයේ රෝගී ස්ථරයක් නියෝජනය කරන බව ද කිව යුතු ය. ඒ පිරිස නම් අනෙකෙකු නොව, දේශපාලන විරසකයෙන් එහා ගොස් මහින්දට වෛරය කරන 'පුරවැසි බලය', සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියන පිරිස් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ය. මොවුන්ගේ එක ම රෝගය යටත්විජිත හීනමානයයි. රනිල්වාදීන් ද මහින්දවාදීන් ද මේ අතරමැදි අපත පන්තිය හඳුනාගෙන ඒ අනුව ක්‍රියාකළ යුතුය.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/08/2015

හිමි එන්න පමා නෑ

කතෘ:යුතුකම     11/08/2015   No comments


වැඩ වුන්න උස් තැනින්
නුඹ නුඹට එරෙහි ව ම
අන් තැනක රැගෙන ගොස්
රට නොරට කරන්නට
වෙර දැරූ උන් කෙරෙහි
මිස
නොමැත නුඹ කෙරෙහි
මා තුළ අබමල් රේනුවක නොමනාපයක්.

එදා දත්මිටි කමින්
වැරෙන් දෑතම තබා
නුඹ විසින් ඉහළට නංවා තැබූ මේ දේශය
පෙරදින ඒ ගැන
හාන්කවිසියක් නොදත්
නොදරුවෙකු සේ
කොටි හිවල් රැලක් වෙත
පාවා දෙන්නට
වෙර දැරූ අයුර දෙස
මවිතයෙන්
බැලුවෙමි.
තිගැස්සුනෙමි.

අනද හිමි සේ එදා
නුඹ ඇවැසි මොහොතේ ම
විකල් සිහි ඇති වුණි ද?
ඉනික්බිති සිහි ඇවිත්
කල් යත්ම නොදැනීම
නුඹගේ ම සිරුරතින්
එගොඩ වූ යමපලුන්
නුඹ පැතූ තුසිත ලොව
සුණුවිසුණු කරනයුරු
දැක ‍බොහෝ
කම්පිත ව
සිටි බව ද මම දනිමි.

අචින්තිතම්පි භවති
ගිය නුවණ අදින්නට
නුඹ සතුව ඇතුන් නැති
නිසා නුඹ සිතුවාද
තනියෙන් ම මෙසේ ගොස්
උන් අරන් යළිත් මේ
ලක් පොළොව
වෙත එන්න.

එනු මැනව
බලාහිමි
යළිත් උපතක් රැගෙන
එදා අප සතුව සිටි
ඒ මහා යති ලකුණ
නුඹ විසින් ඔටුන් දුන්
යමපලුන් එළවන්න.
යළිත් රට නංවන්න.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/03/2015

'පුරවැසි බලය' හෙළුවෙන්

කතෘ:යුතුකම     11/03/2015   No comments
සිසු උද්ඝෝෂණය පිටුපස වගේ ම ඔවුන්ට පහරදීම පිටුපසත් අදිසි බලවේගයක් තියනව කියල 'පුරවැසි බලයේ' කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ බිබීසි සංදේශයට කියනවා. සබාවේ මහහඬින් සිනා.

ඉස්සෙල්ලාම කියන්න ඕන බීබිසියටත් මේ සිසුන්ට පහර දීම ප්‍රවෘත්තියක් වුනේ වියන්ගොඩගේ කටින් මේ 'කුමන්ත්‍රණ' ප්‍රකාශය පිට වුනාට පස්සේ. වියන්ගොඩ කරන තරමේ චෝදනාවක් අන්තරයට එරෙහි ව කරන කොට රෙදි ඇඳගෙන ඉන්න මාධ්‍යක් නම් බිබිසියට තිබුණා අන්තරයෙන් මේ චෝදනාව පිළිබඳ අහල ඔවුන්ගේ මතයත් මෙතෙන්ට ගෙන්න. එහෙම එකක් නැතිව යහපාලන සට්ටැඹියෙකුගෙන් පමණක් කරුණු විමසල ඒකපාර්ශවික විග්‍රහයක් ප්‍රචාරය කිරීමෙන් බීබිසියේ කුහක මාධ්‍ය භාවිතාව බෝනස් එකක් විදියට හෙළි වෙනවා.

දැන් වියන්ගොඩගේ පැත්තට හැරෙමු. වියන්ගොඩ කියන්නේ මහින්ද පාලනය පෙරළා මේ රජය පත්කිරීමට පොළොවේ පස් කාපු කෙනෙක්. අපි මුලසිට සරලව මොවුන්ගේ සැබෑ ස්වරූපය දැනගෙන සිටියත් ලංකාවේ බොහෝ පුරවැසියෝ මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි මේ විනාශකාරීන්ට රැවටුනා. ලංකාවේ කරුමය තමයි ඒ.

කොහොම හරි අපට මතකයි රතුපස්වල හා හංවැල්ලේ තුන්නානේ විරෝධතා ගැන ගෝඨාභයල ඔහොම කියනකොට වියන්ගොඩල ඒකට කෝචොක් කළා. ඒත් කටුනායක, රතුපස්වල හා තුන්නානේ විරෝධතා නම් ඇත්තට ම කුමන්ත්‍රණ. අපි එහෙම කියන්නේ මේ ර‍ජය පත්වුනාට පස්සේ අර කොම්පැනි නිසා අපිරිසිදු වන ජලය ගැන කියපු 'ප්‍රදේශවාසීන්', පාදිලිවරු හා භික්‍ෂූන් පෙන්නවත් නැති නිසයි. හැබැයි අන්තරේ විරෝධතාවලට නම් මහින්ද රජය කවදාවත් කුමන්ත්‍රණ කියල ලේබල් ගැහුවෙ නැ. අනේ අද නම් මේ කවදත් සිදුවන අන්තරේ සිසු විරෝධතා තේරුම් ගන්න වියන්ගොඩල කුමන්ත්‍රණවල සහය පතනවා. හෙට අනිද්දා මේ අය කිව්වොත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් නිසා කියල පුදුම වෙන්න එපා. වාමංශික කියල කියන, එහෙත් ඇත්තට ම දමිළ ජාතිවාදියෙකු වන වික්‍රමබාහුත් කියල තිබ්බා සිසු විරෝධතා කරල තිබ්බෙ රනිල් අපහසුවට පත් කරන්නලු. ‍මෙන්න නියම වහල්බව. මේක තමයි 'උගත් බුද්ධිමත් ජනතාව' ලෙස ඇඳගත් දේශපාලන කුලීකාර වහලුන්ගේ නිරුවත ඔවුන් විසින් ම පෙන්වන ඒ සොඳුරු මොහොත.

-මහින්ද පතිරණ
 
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions