1/02/2018

2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා සහ වාසනාවන්තම ජයග‍්‍රාහකයා

කතෘ:යුතුකම     1/02/2018   No comments
2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා ජනාධිපති සිරිසේනයි. වාසනාවන්තම ජයග‍්‍රාහකයා ගෝඨාභය රාජපක්‍ෂයි.

-නීතිඥ සංජීව වීරවික‍්‍රම-

අවුරුදු තුනකට ආසන්න කාලයක් තිස්සේ නොපවත්වා සිටි පළාත් පාලන මැතිවරණය ස`දහා අවසානයේ දී දින නියමවී ඇත. ඒ 2018 පෙබරවාරි 10 වන දිනයයි. අගමැතිවරයාගේ මතය අනුව එය ආණ්ඩු මාරුකරන මැතිවරණයක් නොවේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයිනට අනුව නම් එය පවතින යහපාලන රජයට එරෙහි පොදු ජනතාවගේ විරෝධය පෙන්නුම්කරන ජනමත විචාරණයකි. කවුරු කෙසේ කීවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හුරු මේ රටේ ජනතාව මෙම මැතිවරණය ස`දහා ඉතා උනන්දුවෙන් සහභාගීවනු ඇත. මෙම මැතිවරණයේ ප‍්‍රතිපලය කුමන දිශානතියක් කරා ගමන්කරන්නේද යන්න පිළිබ`ද දැන් කා තුළත් දැඩි උනන්දුවක් ඇතිකරමින් ඇත. ඒ ස`දහා අප විමසා බැලිය යුතු කරුණු රාශියකි.

මැතිවරණය පැවැත්වීම නියම වීමත් සමගම ඉංග‍්‍රීසි මාධ්‍ය වාර්තා මගින් දක්වා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මත හා සහ වත්මන් ජනාධිපති සිරිසේන මහතා ඔහුගේ සොහොයුරාගේ නිවසේ දී හමුවූ බවත් එහිදී වත්මන් ජනාධිපතිවරයා විසින් ඔවුන් දෙදෙනා නියෝජනය කරන දේශපාලන බලවේග හා පක්‍ෂ එක් පෙරමුණක් සේ තර`ග කිරීමට යෝජනාකල බවත්ය. එම යෝජනාව දීර්ඝ ලෙස සාකච්චා වුණු අතර ඒ දෙස රටේ ප‍්‍රගතිශීලී ජනතා බලවේග බලාසිටියේද බලාපොරොත්තු දල්වාගත් දෑසකින් යුතුවය. ඒ පසුබිමේ වූ සරළ ගණිත සමීරකරණය වූයේ එම බලවේග දෙක එක්වී රටේ මධ්‍ය වාමාංශික බලවේගවල එකමුතුවක් ලෙස තර`ග කලහොත් (ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්දානයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත්* එක්සත් ජාතික පක්‍ෂය පරාජය වන බවත් එසේ නොවී වෙන්ව තර`ග කලහොත් මධ්‍ය වාමාංශිකයන්ගේ ඡුන්ද බෙදී යන බැවින් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන බවත්ය.

එහෙත් එය අවසානයේ දී සිදු නොවිනි. අදද රටේ බොහෝ ප‍්‍රගතිශීලී සාමාන්‍ය ජනතාව සමග කථාබහ කරන විට ඔවුන් තුළ එසේ එක් නොවීම ගැන ඇත්තේ සිත්කලකිරීමකි. තරමක වේදනාවෙන් කථාකරන බොහෝ පිරිස් ඇත. සුසිල් පේ‍්‍රමජයන්ත් ඇමතිවරයාට අනුව ගෙදර සිට ලබාගත හැකිව පැවති ජයග‍්‍රහණය දැන් වැළකී ගොස් ඇත. මේ නිසාවෙන්ම මෙම සිදුවූ සමස්ථ ක‍්‍රියාවලිය වඩාත් තීවෘර ලෙස විශ්ලේෂණය කොට පැහැදිලිකරගැනීම ඉතා වැදගත් යයි සිතමි.

සිරිසේන ජනාධිපතිවරයාට එක්වී තරග කිරීමට අවශ්‍යවූයේ ඇයි?

2015 ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපති සිරිසේන විසින් සිදුකල දේශපාලනික වශයෙන් වඩාත්ම සටකපටම ක‍්‍රියාව වූයේ නිර්දේශපාලනිකයැයි කියූ ඔහු පරාජිත අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන පක්‍ෂ දෙකම තම විධායක බලය යොදාගනිමින් ඩැහැ ගැනීමයි. මෙය ඔහු සිදුකලේ ඇයි? සත්‍යවශයෙන්ම ඔහු මෙය සිදුකලේ තම පාලනය ගෙනයෑමේදී ඔහුට මුහුණ දීමට සිටි වඩාත්ම ප‍්‍රබලතලම විරුද්ධවාදියා වූ මහින්ද රාජපක්‍ෂ දුර්වල කොට නිහ`ඩ කිරීමයි. තවත් අතකින් තමන්ගේ පෞද්ගලික ජයග‍්‍රහණය අත්කරගැනීමට මග සළසා දුන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලනය ආරක්‍ෂාකොට, වඩාත් පහසුවෙන් කරගෙනයෑමට ඉඩ සළසා දීමයි. නොඑසේනම් ඔහුට තමාට විරුද්ධව ඡුන්දය දුන් ජනතාවගේ පක්‍ෂය බලෙන් ලබාගැනීම සාධාරණීකරණය කිරීමට වෙනත් කිසිදු තර්කයක් ඔහුට ගොඩනැගිය නොහැකිය. ජනාධිපති සිරිසේන ඉන්පසුව, 2015 අගෝස්තුවේ පැවති මහා මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැරදවීමට වක‍්‍රව කටයුතු කලේ ද මෙම කාර්යය ස`දහාම බව පසුව ඔහු විසින්ම ඒ පිළිබ`දව ප‍්‍රසිද්ධියේ සිදුකල ප‍්‍රකාශයෙන්ම තහවුරු විය.

එසේ නම් මෙම 2018 ප‍්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සමගි සන්ධානයක් ඇතිකරගැනීමට ඔහුට අ`එතින් ඇතිවූ අවශ්‍යතාවය කුමක්දැයි සළකා බැලීම අත්‍යාවශ්‍යය. එහිදී ජනාධිපති සිරිසේනගේ අරමුණ ඉතා පැහැදිලිව හ`දුනාගැනීම පහසුය. විධායක ජනාධිපති ක‍්‍රමය දින 100 ක් තුළ අහෝසිකරන බව පොරොන්දු වී බලයට පැමිණි ඔහු බලයට පත්වී ගෙවුණු අවුරුදු 3 තිස්සේම කටයුතු කලේ එම පොරොන්දුවට එරෙහිවය. එය කෙතරම් ශූක්‍ෂම ලෙස ඔහු කලේද යත් ප‍්‍රසිද්ධ මාධ්‍යයට ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන බවට පුලපුලා පවසයි. එහෙත් තමන් නායත්වය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිල මතය ලෙස නිමල් සිරිපාල ද සිල්වා හා අනෙකුත් ඇමතිවරුන් මගින් ප‍්‍රකාශ කරන්නේ, තම පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මු`එමනින්ම විරුද්ධ වන බවත්, එමනිසා තම පක්‍ෂය විරුද්ධ වන බැවින් පාර්ලිමේන්තුවේ 2/3 නොලැබෙන බැවින් ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම සිදු නොවන බවයි. තවදුරටත් ඔහු වෙනුවෙන් කථාකරන්නන් පවසන්නේ ජනමත විචාරණයට යෑමට සිදුවන ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමට ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත්, එම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ඔවුන් විරුද්ධ වන බවත්ය.

ඔවුන්ට අනුව මෙහි අපූරුම ප‍්‍රතිපලය වන්නේ ඊල`ගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපති සිරිසේනට ඉදිරිපත් වීමට සිදුවීමය. එසේ නම් දැන් ඔහු ඒ ස`දහා කුමක් කල යුතුද? ජනාධිපති සිරිසේන 2015 ජනාධිපතිවරනයේ දී ජයග‍්‍රහණය කලේ ලක්‍ෂ 62 ක ජනවරමක් ඇති ජනාධිපතිවරයා ලෙසිනි. එමනිසා 2018 පෙබරවාරි 10 වන දින පැවැත්වෙන පළාත්පාලන මැතිවරණය සිරිසේන ජනාධිපතිවරයාගේ එම මීල`ග ජනාධිපතිවරණ සිහිනයට බලපාන්නේ කෙසේද? එය සරළව සලකා බලමු.

අගමැති රනිල් වික‍්‍රමසිංහ 2019 දී දුර්වල ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත්කිරීම
දෙවන වර ජනාධිපති වීමේ සිහිනයේ සිටින ජනාධිපති සිරිසේන හො`දින්ම දන්නා කරුණක් නම් 2019 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි. එහිදී සිරිසේන මහතා ද ඉදිරිපත් වන්නේ නම් එක්කෝ ඒ පොදු අපේක්‍ෂකයා ලෙසම ඉදිරිපත් විය යුතු අතර නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා ලෙසින් විය යුතුය. පසුගිය අවුරුදු 3 ක කාලය පුරා සාමාන්‍ය ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ද ඔහුට එරෙහිව දැඩිව විරෝධයක් එළ්ලවෙමින් ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභිකයන් මෙන්ම විධායක සභිකයන් ද තවමත් තම පාලනයට ගැනීමට සිරිසේන ජනාධිපතිවරයා අසමත්ව සිටී. එම තත්ත්වය තුළ රාජපක්‍ෂවරයෙකු අභිබවමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ මධ්‍ය වාමාංශික පෙරමුණක අපේක්‍ෂකයා වීම තමන්ට කිසිසේත්ම කල නොහැකි බව ජනාධිපති සිරිසේන සක්සුදක් සේ දන්නවා ඇත. පසුගිය මැයිදින රැුලිය මෙන්ම රටපුරා දිනෙන් දින ප‍්‍රදර්ශීය වන මහින්දවාදී ජනපදනමේ ජනප‍්‍රියභාවය පිළිබ`ද තමන්ට ලැබෙන රහස්‍ය වාර්තා ද ඔහු හො`දින් කියවනවා ඇත.

මෙම තත්ත්ව තුළ ජනාධිපති සිරිසේනට වැඩි විභවයක් ඇත්තේ නැවතත් පොදු අපේක්‍ෂකයා ලෙසින්ම ඉදිරිපත්වීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ ස`දහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම වැළැක්විය යුතුය. එවන් පසුබිමක් තුළ ජනාධිපති සිරිසේනගේ ක‍්‍රියාකාරීත්වය පහත සිදුවීම් සමග ප‍්‍රශ්ණ සහගතය. ජනාධිපති සිරිසේන තමන් විසින්ම බැ`දුම්කර ගණුදෙනු පිළිබ`ද විශේෂ බලැති ජනාධිපති කොමිසමක් පත්කලේය. එහි ක‍්‍රියාකාරීත්වය තුළ සමස්ථ රටපුරා දැඩිව පැතිරී ගොස් ඇති හා පොදුජන මනසට කි`දාබැස ඇති ප‍්‍රවෘර්තිය වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ යහපාලන රජය විසින් රුපියල් ටි‍්‍රලියනයකට වඩා විශාල මහා පරිමාන රාජ්‍ය මූල්‍ය වංචාවක් සිදුකොට ඇති බවකි. ජනාධිපති සිරිසේන මාධ්‍ය ඔස්සේ හැසිරෙන්නේ හා ප‍්‍රකාශ කරන්නේ තමන් කඩුව ගෙන ඇති බවත් වැරදි කළවුන්ට තරාතිරම නොබලා ද`ඩුවම් දෙන බවත් ප‍්‍රකාශකරමින්ය. කවුරුන් විසින් වරද සිදුකරණු ලැබූවද, බ`දුම්කර කොමිසන් සභා අවසන් වාර්තාවේ කුමක් ස`දහන් වි තිබුණද, එහි කුමන නිර්දේශයන් අන්තර්ගත වූවද, අවසානයේ සමස්ථ ජනමනසේ අද වන විට ඇතිව ඇති තත්ත්වය වන්නේ සෘජුව හෝ වක‍්‍රව රනිල් වික‍්‍රමසිංහ මහතා හා/හෝ ඔහුගේ රජය මෙම මහාපරිමාණ රාජ්‍ය මූල්‍ය වංචාවට වගකිව යුතුබවය. මෙහි අවසාන ප‍්‍රතිපලය වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කිර්තිනාමයට අතිවිශාල හානියක් සිදුව ඇතිවා මෙන්ම ඔහුගේ ජනප‍්‍රයභාවයටද දැඩි හානි පැමිණ ඇත. මේ තත්ත්වය තුළ අගමැති වික‍්‍රමසිංහ 2019 ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමේ දී ඔහුට විශාල අවාසිසහගත තත්ත්වයක් වර්තමානයේ දී උද්ගතව ඇත.

ලග නොබැලූ දුරම බැලූ මහින්ද රාජපක්‍ෂගේ තීක්‍ෂණ නුවණ

දැන් ජනාධිපති සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සමග විස`දාගත යුතු ප‍්‍රශ්ණය කුමක්ද? සිරිසේන ජනාධිපතිවරයා විසින් 2015 බලයට පත්වීමෙන් පසු ඇතිකල රජය විසින් සිදුකල බොහෝ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දැනට බරපතල ලෙස මහජන විරෝධයක් ගොඩනැගෙමින් ඇත. රණවිරුවන්, විශ්ව විද්‍යාල සිසුන්, රජයේ වෛද්‍යවරුන්, රේගු සේවකයින්, වරාය සේවකයන්, ගොවිජනතාව පමණක් නොව භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ත‍්‍රයිනිකායික මහානායක හිමිවරුන්ද ප‍්‍රසිද්ධියේම රජයේ විවිධ ක‍්‍රියාදාමයන් පිළිබ`ද දැඩි විරෝධයන් ඉදිරිපත් කොට ඇත. මෙම බොහෝ බුරබුරා නැගඑන මහජන විරෝධයන්හී සක‍්‍රීය හා සංවේදී දේශපාලන නායකත්වය ගැනීමට මහින්ද රාජපක්‍ෂ මෙන්ම ඔහු වටා සිටින මහජන බලවේග වලටද වර්තමානයේ හැකිවී ඇත. මෙම තත්ත්වය තුළ මහින්ද වටා බිහිවන ඕනෑම දේශපාලන පක්‍ෂයක් හෝ සන්ධානයක් මීල`ග පැවැත්වෙන මැතිවරණයක දී සාතිශය බහුතර බලයක් අත්පත්කරගැනීම දක්නට ලැබෙන යථාර්තයයි.

මෙම වටපිටාව තුළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමග එක්වීම හෝ එක් නොවීම ජනාධිපති සිරිසේනට බලපාන්නේ කෙසේද?

සිරිසේන ජනාධිපතිවරයා මෙහෙයවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහෙයවන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්වුව හොත් ස්ථීරවම මෙම මැතිවරණය දෙපාර්ශවයක් අතර සටනක් බවට පත්වේ. එනම් සුපුරුදු එක්සත් ජාතික පක්‍ෂය හා මධ්‍ය වාමාංශිකයන් අතර සටනය. එහිදී පවත්නා එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව තුළ පවතින දැඩි අප‍්‍රසාදය මත හා ආණ්ඩුව බොහෝ අංශයන් හිදී නැවත නැවත පෙන්නුම් කොට ඇත අසාර්ථකභාවය ද නිසා එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ඉදිරිපත්වන්නාවූ, පාර්ශවයට විශාල ජයග‍්‍රහණයක් ලබාගැනීමට හැකි වනු ඇත.

සිරිසේන-මහින්ද රාජපක්‍ෂ හවුල ඇතිවිනි නම්, එය ජයගතහොත් ඇතිවන තත්ත්වය කුමක් විය හැකිද?

එවන් හවුලක් ඇතිවී ජයග‍්‍රහණයක් ලැබීනම් ජනාධිපති සිරිසේන නැවතත් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් පවසනු ඇත්තේ මෙම ජයග‍්‍රහණය තමන් ලද ජයග‍්‍රහණයක් බවත්, තම යහපාලන ප‍්‍රතිපත්ති ලද ජයග‍්‍රහණයක් බවත්, තමා නව දේශපාලන සංස්කෘතියක් ඇතිකල බවත් එය ජනතාව නැවත නැවතත් අතිවිශාල බහුතරයකින් අනුමත කල බවත්ය. ඔහු කිසිදු හිරිකිතයකින් තොරව මෙතෙක් පැවති 3 න් අවුරුදු යහපාලනයේ සියලූ දෝෂ එක්සත් ජාතික පක්‍ෂයේ හා එහි නායකයන්ගේ වරදින් සිදුවූ බව පවසා එම සියලූ පවු ඔවුන් කරමත තබා තමා නිවැරදි බවත,් සුපිරිසිදු බවත් මහත් උජාරුවෙන් පසවනු ඇත.

තවද එපමනකින්ද නොනැවතී, වර්තමානයේ පවතින යහපාලන රජයට එරෙහි දැවැන්ත මහජන බලවේගයට නායකත්වය දෙන මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ජාතික හා ප‍්‍රාදේශීය නායකන් හා ඔහුන්ගේ ක‍්‍රියාකාරීත්වය තම විධායක බලය යොදාගනිමින් ශූක්‍ෂම ලෙස යටපත් කර දමනූ ඇත. එකී ක‍්‍රියාව හරහා 2019 මීල`ග ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු, තමන්, තවමත් මීල`ග ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වීමට සුදුස්සා යැයි හ`ගවමින් ජනමතය හැසිරවීමට ඔහු සමත්වනු ඇත.

එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, සිරිසේන ජනාධිපතිවරයාගේ හවුලේ මැතිවරණයට ඉදිරිපත්වීමේ මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීම ඉතා විශ්ලේෂණාත්මකව තේරුම්කරගත යුතුය. දශක ගණනාවක් තිස්සේ එකට, එකම පක්‍ෂයේ සිට දේශපාලනය කල සිරිසේන මහතා තේරුම් ගැනීමටත්, ඔහුගේ රුව ගුණ මෙන්ම ගතිගුණද මහින්ද රාජපක්‍ෂ මහතාට තවමත් මතක ඇතිවා ඇත. එමෙන්ම තමා යටතේ කැබිනට් මණ්ඩලයේ, ඔහු සිටි ආකාරයත්, තම පක්‍ෂයේ මහලේඛම් ලෙස ක‍්‍රියාකල ආකාරය මෙන්ම, 2014 නොවැම්බරයේ දී මීල`ග ජනාධිපතිවරණය ස`දහා මහින්ද රාජපක්‍ෂගේ නම යෝජනා කොට, පසුව ආප්ප ද ආහාරයට ගෙන ඊල`ග දිනයේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ ආකාරයද සිහිවූවා ද විය හැක.

කෙසේ වූවද මහින්ද රාජපක්‍ෂ මහතා එකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග එකවිට එක්ව සිට, සමූහයක් ලෙස, දීර්ඝව සාකච්චා කොට අන්මත වලට ඉඩදෙමින්, බොහෝ මතයන්ට ගැටෙන්නට ඉඩදෙමින්, බහුතරයේ මතයට ගරුකරමින් අවසානයේ තීරණය කලේ වෙන්ව තර`ග කිරීමටය. එවන් තීරණයක් ගැත්තේ ඇයිදැයි බොහෝ ජනයා තවමත් ප‍්‍රශ්න කරති. සහමරුන් දක්වා සිටියේ ඉන්දියානු රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානයේ අවශ්‍යතාවය පරිදි මෙලෙස හවුලේ තර`ග කිරීම වැළකී ගිය බවත්ය. තවද එලෙස හවුලේ තර`ග කිරීමේ ඉඩ වළක්වමින් ඉන්දීය රෝ සංවිධානයේ අවශ්‍යතාවය ඉටුකලේ බැසිල් රාජපක්‍ෂ හා විමල් වීරවංශ යන හිටපු ඇමතිවරුන් බවටද චෝදනා නැගිනි. එහෙත් මෙලෙස වෙන්ව තර`ග කිරීමෙන් ඇතිවන ප‍්‍රතිපලය දෙස විශ්ලේෂණාත්මකව විමසිමෙන් මෙම ගත් තීරණයේ වැදගත්කම වටහාගත හැකි වනු ඇත.

වෙන්ව තරග කොට ඇතිවන ප‍්‍රතිපලය

දැන් පළාත්පාලන මැතිවරණයට තර`ග කරන්නේ වෙන්වෙන්වය. එක්සත් ජාතික පක්‍ෂය එක් පසෙකත්, මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් පසෙකත්, ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමහර ස්ථානවලත් ඔහුම නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් ස්ථානවලත් තර`ග කරයි. මෙම තත්ත්වය තුළ ප‍්‍රතිපලය කුමක් වේවිද යන්න බොහෝ දෙනා සාකච්චා කරති. එමෙන්ම බොහෝ දෙනා පුරෝකථනය කරන්නේ විශාල වශයෙන් ජනතාව ඡුන්දය භාවිතා නොකරනු ඇත යන්නයි.

කෙසේ වුවද, සරලව විශ්වාසය තැබිය හැක්කේ එක්සත් ජාතික පක්‍ෂය අවම වශයෙන් ඡුන්ද ලක්‍ෂ 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් ලබාගනු ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි ඡුන්දදායකයින්ගේ ඡුන්දය මහින්ද රාජපක්‍ෂගේ ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂය විසින් ලබාගනු ඇති බවත් එයද අවම වශයෙන් ඡුන්ද ලක්‍ෂ 30 ත් 40 ත් අතර ප‍්‍රමාණයක් ලබාගැනු ඇති බවයි. මෙම ප‍්‍රමාණය ඡුන්දය පැවැත්වෙන දිනය වන විට වෙනස් වන තත්ත්වයන් හා ඡුන්දය භාවිතා කරන්නන්ගේ ප‍්‍රමාණය අනුව ස්ථිරවම ධනාත්මක ලෙස වෙනස් වනු ඇත.

එහෙත් සිරිසේන ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් කුමන ප‍්‍රතිපලයක් අත්වනු ඇත්ද? ඔවුන් මෙම ඡුන්දය තුළ මුහුණ දෙන බරපතල ප‍්‍රශ්ණ රාශියක් ඇත. පොදු ජන මනසට අනුව මෙම පවත්නා යහපාලන රජය ආරක්‍ෂා කලේ ජනාධිපති සිරිසේන ප‍්‍රමුඛ ඔහු සමග සිටින ඇමතිවරුන් පිරිසයි. ඒ නිසාවෙන්ම මෙම රජය සිදුකොට ඇති අතිවිශාල රටට හා මහජනතාවට එරෙහි වැරදි ක‍්‍රියාවන්ට ඔවුන් එකසමානවම වැරදි කරුවන්ය. මෙම රජයේ පාලනය මගින් පීඩාවට පත්ව ඇති ගොවි, කම්කරු, වානිජ භෝග වැවිලිකරුවන්, රාජ්‍ය සේවකයන් මෙන්ම රණවිරුවන් හා තරුණ පරපුර වැනි අතිවිශාල සමාජ කණ්ඩායම් ස`දහා ජනාධිපති සිරිසේන හෝ ඔහුගේ පක්‍ෂය යෝජනාකරන, ජනතාවට පිළිගත හැකි හා විශ්වාසය තැබිය හැකි කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොමැත. මේ සියල්ලටත් වඩා මෙම පක්‍ෂ දෙක පසුගිය මැතිවරණ දෙකේදීම පරාජය කිරීමට මුල්වූ තැනැත්තා ජනාධිපති සිරිසේන බව රටේ ඕනෑම කෙනෙක් පිළිගන්නා යථාර්තයකි. මෙම තත්ත්වය තුළ ජනාධිපති සිරිසේනට තම ඡුන්ද ව්‍යාපාරය තුළ ඡුන්ද ලක්‍ෂ 5 ක් ලබාගත හැකි වන්නේ නම් එයද බරපතල සිද්ධියකි.

2018 පෙබරවාරි 11 දින ප‍්‍රතිපලයෙන් පසු ජනාධිපති සිරිසේනගේ ඉරණම

මෙම තත්ත්වය මත ඡුන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කරන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රකාශ කරණු ඇත්තේ 2015 ජනවාරි 08 දින ඡුන්ද ලක්‍ෂ 62 ක් ලබාගෙන බලයට පැමිණි ජනාධිපතිවරයා වූ සිරිසේන ජනාධිපතිවරයා ආසන්න වශයෙන් ඡුන්ද ලක්‍ෂ 5 ක් ලබාගෙන 5‍්‍ර ක ඡුන්ද ප‍්‍රතිශතයක් මෙම ඡුන්දයේදී ලබා ඇති බවයි. මෙය සිදුවිය හැකි ආසන්තම සිදුවීමය. මේ ඉරණමට මුහුණ දෙන ජනාධිපති සිරිසේනගේ ඉදිරි වර්ශ දෙකක ධූරකාලය කෙබ`දු වේද?
තමා බලහත්කාරයෙන් නායකත්වය ලබාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්, මධ්‍යම කාරක සභිකයන් හා විධායක සභාවේ සාමාජිකයන් තවදුරටත් ඔහු සමග සිටීද? නොඑසේනම් ජනතා ප‍්‍රසාදය සමග සිටින මහින්ද රාජපක්‍ෂ වටා රැුස්වෙනු ඇත්ද? මෙම තත්ත්වය තුළ 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ මධ්‍ය වාමාංශික සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අවකාශය ජනාධිපති සිරිසේනට අවශ්‍යයෙන්ම අහිමි වනු ඇත.
එමෙන්ම ඡුන්ද ලක්‍ෂ 62 ජනාධිපතිවරයා ලෙස මෙතෙක් උජාරුවෙන් එක්සත් ජාතික පාක්‍ෂ නායකයන් ඉදිරියේ හැසිරුණු ජනාධිපති සිරිසේන මින්පසු ඡුන්ද ලක්‍ෂ 30 ක් හෝ 40 ක් අතැති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියට යා යුත්තේ තම අතේ ඡුන්ද ලක්‍ෂ 5 ක් අතැති පුද්කලයෙකු ලෙසින්ය. එහිදී ඔහුට සිදුවන්නේ ඔහු පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මුල්ම ප‍්‍රවෘර්ති සාකච්චාවේ දී ප‍්‍රකාශ කලාක් මෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහට සර් කියා අමතන්නටය. මෙය ජනාධිපති සිරිසේනගේ ඛේදජනක ඉරණම වනු ඇත.

මෙම බියකරුබව කෙතරම් ගැඹුරින්ම ජනාධිපති සිරිසේනට දැනී ඇත්ද යන්න 2018 දුරුතු පෝදා ඔහුගේ ක‍්‍රියාකාරීත්වය තුළින්ම දැකගත හැකිවිය. පොදු ජනතාව ප‍්‍රකාශකරන අයුරින්, සිරිසේන ජනාධිපතිවරයා සු`එ ජාතික ඡුන්දවල බහුතරයක් දිනාගැනීමෙන් ජනාධිපතිවරයා බවට පත් විය. එමෙන්ම තමා ජනාධිපති වූ දින සිටම දමිළ හා මුස්ලිම් වැනි සු`එ ජන කොටස්වලට විශේෂ ඇල්මකින් ඔහු කටයුතු කලේය. මෙහිදී තමන්ට අසාධාරණයක් වන බව සිංහල මෙන්ම බෞද්ධ ජනකොටස් මෙන්ම භික්‍ෂූන් වහන්සේද පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම හ`ඩක් නැගීය. තම සිත් රිදවූ බව ප‍්‍රකාශකලේය. එහෙත් හදිසියේ මෙම දුරුතු පෝදා එක් දිනක් තුළ දළදා මාළිකාව, අස්ගිරි මල්වතු විහාර, කතරගම පුදබිම, කිරිවෙහෙර, මාලිගාවිල රජමහා විහාරය වැනි විහාර රාශියක් වෙත ජනාධිපතිවරයා පැමිණීමෙන්ම ඔහුගේ මනසේ ඇති මෙම නව තත්ත්වය හ`දුනාගත හැක. බෞද්ධ ජනතාවගේ ඡුන්ද දිනාගැනීමට ඔහු දරන මෙම අප‍්‍රිතිහත ධෛර්යය, ඔහු බුදුන් නමදින විට ඔහුගේ දෑත් නළලේ එසෙවෙන උසින්ම මෙන්ම, රැුගෙන යන මල් වට්ටියේ විශාලත්වයෙන්ද මොනවට පැහැදිලිවේ.

2018 පෙබරවාරි 11 දින ඡුන්ද ප‍්‍රතිපලයේ වාසනාවන්තයා කවුරුන්ද?

ප‍්‍රගතිශ‍්‍රීලී සාමාන්‍ය ජනතාවද, බහුතර ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ද සිතුවේ, ජනාධිපති සිරිසේන සමග මහින්ද රාජපක්‍ෂ මෙම මැතිවරණයේ දී එක්ව තර`ග කොට ජයග‍්‍රහණය කල පසු තමන් දැඩිව විරෝධය දක්වන මෙම යහපාලන ආණ්ඩුව වෙනස්වන බවත්, ඒ සමගම පාර්ලිමේන්තුවේ බලය වෙනස්වී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා බවට පත්වන බවත්ය. එහෙත් තුන්කල් දක්නා මහින්ද ඊට වැඩි යමක් ඔහුගේ ඒකාබද්ධයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග දැක්කේය. ඒ තමන් වෙහෙසී ගමින් ගමට ගොස් ගෙයක් ගෙයක් ගානේ ගොස් දිනාගන්නා ජයග‍්‍රහණය ජනාධිපති සිරිසේන විසින් නැවත ඩැහැ ගන්නා ආකාරයත්, තමන් ලද ජයග‍්‍රහණයම නැවත 2019 දී තමන්ගේ පරාජයට හේතුවන බවත්ය. එනිසා ඔවුන් එක්ව තර`ග නොකරන්නට මං සොයාගත්හ.

මෙම තත්ත්වය තුළ 2018 පෙරවාරි 11 දින ඡුන්ද ප‍්‍රතිපලයේ දී මහින්ද රාජපක්‍ෂගේ පක්‍ෂය සාතිශය බහුතරය සමග යෝධ ජයග‍්‍රහණයක් නොලබනු ඇත. එහෙත් ප‍්‍රතිපල ගෙනහැර බලද්දී එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි මහා යෝධ ජනතා ව්‍යාපාරයේ, අතිමහත් බහුතරය ඡුන්ද ලක්‍ෂ 30 හෝ 40 රැුගෙන එය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෝතෙහි ර`දවනු ඇත. එම ප‍්‍රතිපලය මගින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි 2019 ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මහතා වටා රැුස්වුණු ව්‍යාපාරය විසින් තෝරාගනු ඇති බවය. එය පොදුජන මනසේ මැනවින් ලියැවෙනු ඇත. ල`ග නොබලා දුරම බලා තම තීක්‍ෂණ නුවනින් තීන්දුව ගන්නට ඔහුට හැකිව ඇත. තම ල`ග සිටින පුද්ගලයා මෙන්ම, තවත් වසර දෙකකින් උදාවන තත්ත්වයද තක්සේරු කොට තීරණයක් ගන්නට ඔවුන් දක්‍ෂ වී ඇති බව පෙනී යයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීල`ග ජනාධිපතිවරයණය ස`දහා ඉදිරිපත්වීමට ඇති ඉඩ අහුරා ඇති තත්ත්වයක, අද බොහෝ දෙනාගේ කථාබහට ලක්වන්නේ මීල`ග අපේක්‍ෂකයා වියයුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි. එය එසේ නම් මෙලෙස ජනාධිපති සිරිසේන සමග එක්ව ඡුන්ද සටනට එක්නොවීමට ගත් එම තීරණයේ වඩාත්ම වාසනාවන්තම, වාසනාවන්තයා වී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/19/2016

මහින්දගේ තීක්‍ෂණ නුවන හා පාද යාත‍්‍රාවේ දේශපාලන යථාර්ථය

කතෘ:යුතුකම     8/19/2016   No comments



-නීතිඥ සංජීව වීරවික‍්‍රම-

දීර්ඝ කාලයක් තිස්සේ පැවති දිගු නිහැ`ඩියාව බි`දමින් ප‍්‍රගතිශීලී ජනතාවගේ හදවතේ බලාපොරොත්තු පුබුදුවමින් ‘පාද යාත‍්‍රාව’ අති සාර්ථකව නිමවිය. මධ්‍යස්ථ මනසක් හා සාධාරණ මනසක් සහිත ඕනෑම කෙනෙක් එය පිළිගන්නවා ඇත. දැන් ඒ ගැන බොහෝ කථා බහ ඇති වී ඇත. එහෙත් ඒ ගැන එකක් කිව යුතුව ඇත. බොහෝ පන්ඩිතයින් ඊට විවිධ අර්ථ නිරූපන දීමට උත්සාහ කළ ද, පාද යාත‍්‍රාවේ සමස්ථ ක‍්‍රියාවලියේ අභ්‍යන්තරය දෙස විමසා බලන්නෙකුට හ`දුනාගත හැකි ගැඹුරු සත්‍යයන් කිහිපයක් ඇත. ඒ ගැන විමසීම මෙම ලිපියෙහි අරමුණ වන්නේය.

මහින්ද සංවිධානය කල 1992 පැවති කතරගම පාදයාත‍්‍රාව, 2001 දී පැවති ගාමිණි අතුකෝරළගේ පාදයාත‍්‍රාව, 2004 ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛව සංවිධානය කල පාදයාත‍්‍රාව ද අපි දැක ඇත්තෙමු. එහෙත් ලංකා ඉතිහාසයේ මේතරම් ප‍්‍රබලව සංවිධානය වූද, මහා ජන සහභාගීත්වයක් පැවතියාවූද, දැඩි උද්යෝගයකින් පැවතියා වූද, සමාජ වෙඞ් අඩවි හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අතිමහත් ජනතාවක් සජීවීව දෑසින් දැකගත්තාවූද, පාදයාත‍්‍රාවක් ලංකා ඉතිහාසයේ පැවත නැත. එය සාධාරණ මනසකින් යුත් ඕනෑම පුද්ගලයෙකු පිළිගත යුත්තේය.

මෙම පාදයාත‍්‍රාව කැරුණු කිහිපයක් මත, ශ‍්‍රී ලාංකීය දේශපාලනයට තීරණාත්මක ලෙස බලපෑවේය. එමෙන්ම මහින්ද විසින් පාදයාත‍්‍රාව මගින් පවත්නා රජය දැඩි ලෙස අසරණ කර දැමීය. මෙතැන් සිට ඒ ගැන විමසා බලමු.

ජන පීඩක වැට් බද්ධට එරෙහි ජන විරෝධය කු`එ ගැන්වීම :(Value Added Tax)

පාදයාත‍්‍රාවෙන් සිදුවූ තීරණාත්මකම බලපෑම වන්නේ VAT බද්ධට එරෙහිව ජනතාව වෙතින් එළ්ලවන විරෝධය ප‍්‍රබල ලෙස ප‍්‍රදර්ශනය කිරීමට සමත්වීමය.

මෑත ඉතිහාසයේ ආර්ථිකයේ සිදුවූ, මිනිසුන්ට දැණුනු, දරුණුම බලපෑම එළ්ල වූයේ රනිල් වික‍්‍රමසිංහගේ රජය මු`එමනින්ම නීතියට පටහැනිව සිදුකල අත්තනෝමතික බදු අයකිරීමේ ක‍්‍රියාවලියයි. නීතියේ ආධිපතිත්වය ඇති ඕනෑම රටක තිබිය යුතු අවම නියාමය නම් පාර්ලිමේන්තුව හෝ පවත්නා මහජන නීති පැණවීමේ ආයතනය හෝ නීතිපැණවීමේ බලය ඇති අධිකාරීයක් විසින් පමණක් රටේ නීති පැණවීමය. එහෙත් VAT බද්ධ පැණවීම, සිදුකලේ මු`එමනින්ම නීතියේ එම රාමුවට පරිභාහිරවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිදුකල දිගු අරගලයකින් පසුව එය නතර කරගැනීමට හැකිව ඇත. ඒ ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ගොනුකල නඩුවක ප‍්‍රතිපලයක් ලෙසය. මෙම ශේ‍්‍රෂ්ඨාධිකරණයේ නියෝගය සමග රනිල්ගේ හා සිරිසේනගේ ආණ්ඩුවට සමස්ථ රට ඉදිරියේ තම බලයේ රැු`දී සිටීමේ සුජාතභාවය අහෝසිවී ගිය අතර බටහිර වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නම් එය, එම ආණ්ඩුව අවසන්වීමට තරම් ප‍්‍රමාණවත් සිදුවීමකි.

කෙසේ නමුත් සමස්ථ පාදයාත‍්‍රාව තුළ පැහැදිලිව දක්නට ලැබුණු ප‍්‍රබලම දර්ශනයක් වූයේ ජනතාව වෙතින් දැඩිව බුරබුරා නැගුනු රජයේ බදු ගැනීම් වලට එරෙහි ජනතා නැගිටීමය. පාද යාත‍්‍රාවට එක්වුණු බොහෝ දෙනා අතිවිශාල සටන් පාට ප‍්‍රමාණයක් නිර්මාණය කර තිබුනේ රජයේ බදු ගැනීම් වලට එරෙහිවය. එය කෙතරම් මනස්කාන්ත ආකාරයෙන් නිර්මානය කර තිබුනේද යත්, සමහර සටන් පාටයෝ ඉතාමත් මනරම් චිත්තාකර්ශනීය ඒවා විය.

‘කොහොමද යහපාලනේ, ගොං රනිල්ගෙ පාලනේ.’ ‘මුහුණු හයයි අත් දොළසයි මයුරා පිට වාහනේ, පිහිටි කණ්දේ වැඩසිටිනා කදිරදේව රාජණේ, ලූණු මිරිස් සීනි ටිකේ මිල වැඩිකල පාලනේ, හත් දවසින් වැනසේවා හිටංගේ වහපාලනේ.’

‘නැන්දෙ වෙනස කොහොමද? කඬේ එහෙම ගියාද?’ ‘බඩු මිල දැන් කොහොමද? වෙනස හරිම සැපයිද?’ ‘පරිප්පු මිල කොහොමද? හාල්මැස්සො කීයද?’

‘මාමේ වෙනස සැපයිද? වී 50ට කිරුවද?’ ‘කොහොමද යහපාලනේ, ගොන් රනිල්ගේ පාලනේ’.

මේ සියල්ල පුරා බුරබුරා නැගෙමින් පැවති ජනතා විරෝධය හා ජනතාව වි`දිමින් තිබෙන වේදනාවේ පීඩාව මෙම ප‍්‍රකාශන හරා ඉතා නිර්මාණශීලීව ඉස්මත්තට ගෙන ආවේය. පාද යාත‍්‍රාව ගෙන ආ ප‍්‍රබලම ප‍්‍රතිපලය වූයේ එයයි. එමෙන්ම මෙම නිර්මාණශීලී හා ප‍්‍රබල කියාපෑම හරහා ඒවා යලි යලිත් ජනගතවීමද සිදුවිය.

මෙය කියවා ගන්නේ නැති දේශපාලනඥයෙකු සිටීනම් ඔහු බරපතල වර්ගයේ අඥ්ඥානයෙකි. රනිල් වික‍්‍රමසිංහ බොහෝ කාලයක් තිස්සේම තම ක‍්‍රියාවෙන්ම පෙන්නුම් කර ඇති එක් දෙයක් ඇත. එනම් ඔහු දැඩි අසංවේදී නායකයෙකු බවත්, ජනසමාජයේ වෙනස් වීම් ඔහුට කිසිදිනක විශය නොවන බවත්ය. සිරිසේන ජනාධිපතිවරයාට ද ඇති බරපතලම ප‍්‍රශ්නය වන්නේ ඔහුට මෙවන්, සමස්ථ සමාජයේ මිනිසුන් වි`දින පීඩාව නොතේරීම පමණක් නොවේ. වඩාත් බරපතල කරුණ වන්නේ ඔහුට මෙම මහජන පීඩාවන් වැළැක්වීම සම්බන්ධයෙන් කිසිවක්ම සිදුකල නොහැකි බවය. ඔහු වර්තමාන රජය තුළ ඉතා නාමික තනතුරක් දරන්නෙකු බව සමස්ථ සමාජයම පිළිගන්නා තත්ත්වයක් ඇති වී ඇත. මේ සියල්ලේ අවසානයේ පෙන්නුම් කරන සත්‍යය නම් සමස්ථ රජය දැඩි අසාර්ථක තත්ත්වයකට පත්වී ඇති බවය.

වැට් බද්ධට එරෙහිව ලංකාවේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ වෙළ`දුන් විසින් හර්තාල් හා විරෝධතා පාගමන් සංවිධානය කලේය. 1953 මහා හර්තාලයෙන් පසුව සිදුවූ ඒ ආකාරයේ ප‍්‍රථම විරෝධතා ව්‍යාපාරය ලෙස වැට් බද්ධට එරෙහි ව්‍යාපාරය ස`දහන් කල හැකිය. එය රජයට එරෙහි මහා පරිමාන විරෝධයකි. සිරිසේන-රනිල් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදුකල නොහැකිය. ඇයි ඒ?

දැන් සිරිසේන ජනපති චෙක් මේට් වී ඇත

2015 ජනවාරි 08 වන විට, රජයේ, රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩිය. එහෙත් එය ප‍්‍රමානාත්මකව කුඩා වූ අතර මැනවින් පැවති රජයට පාලනය කරගත හැකි මට්ටමක විය. වඩාත් ආර්ථික විද්‍යානුකූලව පැවසුව හොත් ඒ වන විට පැවති, අයවැය හි`ගය, කළමනාකරය කරගැනීම ඉතාමත් පහසුවෙන්, පැවති රජය සිදුකලේය. එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධීක්‍ෂණය යටතේ හා සුපරීක්‍ෂණය යටතේ නිවැරදිව හා සිදුකල හැකි මට්ටමකින් පවත්වාගෙන ගියේය.

ජනතා විමුක්ති පෙරමුණ රුපියල් 5000 හේ වැටුප් වැඩිවීම් ඉල්ලද්දීත්, ෆොන්සේකා පොදු අපේක්‍ෂක ලෙස රුපියල් 10000 සේ වැටුප් වැඩිවීම් යෝජනා කරත්දීත්, මහින්ද ඉතා ඥානාන්විතව හා ආර්ථික විද්‍යානුකූලව ආර්ථිකයට දැරිය හැකි මට්ටමකින් පමණක් වැටුප් වැඩිවීම් හා සහනාදාර ලබාදීම් සිදුකරමින්, රාජ්‍ය වියදම කළමණාකරනය කලේය. කිසිදු සහන ලබාදීමක් ආර්ථිකයට දැරිය නොහැකි ලෙස සිදුනොකලේය. ඒ මහින්ද රටට ආදරය කල නිසා පමණක් නොව මේ රට ඉදිරියටද ආර්ථික වෘද්ධියක් සහිතව පවත්වාගෙන යෑමට තීරණය කල නිසා විය හැක.

සිරිසේන ජනාධිපති පත්වී මාසයක් ඇතුලත රුපියල් 10000 වැටුප් වැඩිවීමත්, ඉන්දන සහනයත් ජනතාවට ලබාදුන්නේ ඔහුගේ මැතිවරණ පොරොන්දු ලෙසය. ඒ 2015 පෙබරවාරියේ ඉදිරිපත් කල අතුරු අයවැය මගින්ය. එතැන් සිට රජයේ රාජ්‍ය වියදම අහස උසට නැගිනි. ඒ මිලියන 1.5 වූ රාජ්‍ය සේවකයින්ට හා 350 000 ට අධික විශ‍්‍රාමිකයින්ට අදාල වැටුප් වැඩිවීම හා විශ‍්‍රාම වැඩිවීම ලබාදීම මගින් රාජ්‍ය වියදම බිලියන ගණනකින් වැඩිවීම නිසාය. ඒ සමගම, ඉන්ධන හා ගෑස් සහනයත්, ඉන්දියානු වාහන ආනයනය ස`දහා ලබාදුන් තීරුබදු අඩු කිරීමත්, ඉන්දියාවෙන් ගෙන්වන, රතු පරිප්පු, කොත්තමල්ලි, උ`දු, උ`එහාල් ස`දහා ලබාදුන් සහනත් නිසා රජයට අහිමිව ගිය රාජ්‍ය ආදායම අතිවිශාලය. රාජ්‍ය අයවැය පරතරය, අයවැය හි`ගය, අහස උසට නැග ගියේය.

ඒ සමගම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මූඞීස් හා ස්ටෑන්ඞ්ර්ඞ් ඇන්ඞ් පුවර්ස් වැනි ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතන සියල්ල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවුණු බරපතල වෙනස පිළිබ`ද දැඩිලෙස සෘණාත්මක ප‍්‍රතිචාර දැක්වීය. ඔවුන්ගේ ආර්ථික විශ්ලේෂණ හා පුරෝකථන මගින් ජාත්‍යන්තර ආයෝජකයන්ට හා ණය දෙන ආයතන වලට දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කලේය. එය රටේ ආර්ථිකයට භයානක ප‍්‍රතිපල දෙකක් අත්කර දුන්නේය. එකක් රටතුළ ඒ වන විට සිටි ආයෝජකයෝ රටින් තම මුදල් රැුගෙන ආපසු ගියා මෙන්ම පැමිණිමට සිටි ආයෝජකයන් ද නොපැමිණියේය. දෙවැන්න ශ‍්‍රී ලංකාවට ණය දීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමය. මේ අතරේ හිටපු මහබැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ දැනුවත්භාවය ඇතුව සිදුකල මහාපරිමාන වංචාවන් මගින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය කළමණාකරනය හා බැංකු ක්‍ෂේත‍්‍රය කෙරෙහි, ජාතික හා ජාත්‍යන්තර විශ්වාසය බි`දී ගියේය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම, මහා බැංකු බැ`දුම්කර වංචාව නිසා සමස්ථ බැංකු ක‍්‍රමය තුළ ණය පොලී අනුපාත ඉහළ ගියේය. ඒ සමගම රජයේ ණය සේවා ගාස්තුද බිලියන ගණනකින් ඉහළ ගියේය. අවසාන ප‍්‍රතිපලය ලෙස සමස්ථ රාජ්‍ය වියදම අතිවිශාල ලෙස ඉහළ ගියේය. අයවැය හි`ගය ද ඉහළ ගියේය.

රනිල් වික‍්‍රමසිංහ ගෙනආ රජයට නව ආදායම් සොයගැනීමේ කිසිදු යෝජනවාක් සාර්ථක වූයේ නැත. ඒ ගෙනආ යෝජනා ඒතරම්ම, ආසාර්ථක යෝජනා වූ නිසාය. ඔහු ත‍්‍රී වීල් ස`දහා දුම් බද්ධක් යෝජනා කලේය. වර්ග අඩි 2000 වැඩි නිවාස ස`දහා මන්දිර බද්ධක් යෝජනා කලේය. බැංකු වල මුදල් ආපසු ගැනීමේ දී ඒ ස`දහා බද්ධක් යෝජනා කලේය. ගොවින්ගේ පොහොර සහනාධාරය කපා දැම්මේය. මෙලෙස ගෙනආ යෝජනා රාශියකි. ඒ කිසිවකින් රාජ්‍ය වියදමට සිදුවූ වැඩිවූ වියදම පියවාගැනීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් තාමත් සොයාගැනීමට රාජයට නොහැකි වී ඇත.

ඔවුන් අවසානයේ සිදුකලේ දිගින් දිගටම දිගුකාලීන හා කෙටිකාලීන බැ`දුම්කර මගින් දේශීය හා විදේශීය මුල්‍ය වෙළ`ද පොලින් ණය ලබාගැනීමයි. අනෙක් උපාය වූයේ මුදල් අච්චු ගසමින් උද්දමනකාරී ලෙස ණය ගැනීමයි. මෙය රජයේ ණය කන්ද තවතවත් විශාල කලේය. වික‍්‍රමසිංහ පැවසූයේ මෙලෙස ණය ගන්නේ මහින්දගේ කලින් ණය ගෙවීමට බවය. එහෙත් මහින්ද අවුරුදු 11 ක් පුරාවට ගත් මු`එ විදේශ ණය ප‍්‍රමාණය හා සමාන ප‍්‍රමණයක් සිරිසේන-වික‍්‍රමසිංහ රජය මාස 18 ක දී, ගත්තේ කුමකට දැයි, දැන් සවිංඥානික සියල්ලෝ ප‍්‍රශ්නකරති. ඔවුන්ගේ එම ප‍්‍රකාශ තවදුරටත් නොපිළිගනිති.

දැන් සිරිසේන-වික‍්‍රමසිංහ රජය උත්සාහ කරන්නේ අතිවිශාල වැට් බද්ධක් රටේ සියලූ අංශ වෙත පණවමින් එම මහා රාජ්‍ය වියදම පියවාගැනීමටය. ජනතාව දන්නා සෑම ආකාරයකින්ම කලේ ඊට හැකි සෑම අවස්ථාවක දීම විරෝධය පෑමය.

මහින්ද මේ මැද්දේ ඉතා සුවිශේෂ දෙයක් කලේය. ඒ රටේ සෑම අංශයකින්ම බුරබුරා නැගී ආ ආණ්ඩු විරෝධය හා වැට් බදු වංචා විරෝධය කු`එ ගන්වමින් මහා පාදයාත‍්‍රාව සංවිධානය කිරීමය. රජයට සම්බන්ධ දේශපාලකයන් පැවසූයේ මහින්ද පාදයාත‍්‍රාව සංවිධානය කලා වේලාසන වැඩිබවය. ඒ ඔවුනගේ මොළයට අනුවය. මහින්දගේ තීක්‍ෂණ ඥානයට අනුව මෙය නිවරදිම හො`දම නැකැත් වේලාවය.

දැන් ලංකාවේ ප‍්‍රධානතම A1 පාර දිගේ ආණ්ඩුවට එරෙහි මහජනතාවගේ මහා විරොධය රටටම පමණක් නොව ලොවටම පෙනෙන සේ දොර ගලා ගොස් ඇත. ඒ වැට් එකට විරුද්ධවය. සහන කැපීමට විරුද්ධවය. රට බෙදීමට විරුද්ධවය.

දැන් සිරිසේන චෙක් මේට් වී ඇත. ඔහු දැන් එක්කෝ මේ මහා ආර්ථකික අර්බුදය හා ඊට එරෙහි ජනතා විරෝධය නොතකමින්, වැට් පනත පාර්ලිමේන්තුවේ පනවා ජනතාව වෙත මහා බදු බරක් පැණවිය යුතුය. එසේ නැත්නම් වැට් නොපනවා පාදයාත‍්‍රාව දිගේ ගලා ආ ජනතාවගේ හ`ඩට කන් දී බදු නොපැනවිය යුතුවා මෙන්ම සහන කැපීම නතර කලයුතුය. මේ දෙකෙන් මොකක් කළද සිරිසේන ජනාධිපතිත්, වික‍්‍රමසිංහ අගමැතිගේ රජයත් අවසානයක් කරා යෑම දැන් සක්කර දෙවියාටවත් නතරකල නොහැකි දෙයකි.

ඊට හේතුව වන්නේ ජන හ`ඩට කණ් නොදී මහා බදු බරක් පැණවුව හොත් ජනතාව බුරුතු පිටින් පාරට පැමිණ මේ රජය වහවහා බලයෙන් පන්නා දමනු ඇත. ඒ බදු බර නොපැනවුව හොත් රජයේ මාසික වියදමද පවත්වාගෙන යා නොහැකිව හා මාසික වැටුප්ද ගෙවාගත නොහැකිව සමස්ථ ආර්ථිකයම ග‍්‍රීක ආර්ථිකයේ තාලයට පත්වනු ඇත. එසේ වූවද ආණ්ඩුව දින කිහිපයකින් අවසන් වනවා ඇත.

කෙසේ නමුත් ආණ්ඩුවට දැඩි මර්ධන ක‍්‍රියාමර්ග කරා යෑමේ පසුබිමක්, රජයේම ජනවිරෝධී පිළිවෙත් නිසා දැන් ඇතිවී ඇත. රජයට ගොඩඑ්මක් පෙනෙන තෙක් මානයේ නැත. බේරාගැනීමට එන්නට කිසිවකුද නැත.

පාදයාත‍්‍රාවේ අවසානයේ පෙන්නුම් කල මහා යතාර්ථය නම් ජනප‍්‍රියතාවය අතින් මෙම රජය සෘණ මට්ටමකට පත්ව ඇති බවය. බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නම් මෙවැනි තත්ත්වයකදී, පවත්නා රජය මැතිවරණයක් කැ`දවා ජන මතයට හිසනමමින් බලය දැරිය හැකි සුදුස්සෙකුට රජය භාරදෙයි. එහෙත් සිරිසේන සිදුකලේ තවත් අවුරුදු 5 ක් යනතුරු මේ රජය නීතියෙන් යනවාය යන වහසි බස් දෙඞීමය. එය කෙතරම් අඥාන ප‍්‍රකාශයක්ද? කි‍්‍රයාවක්ද? ඔහුගේ අවම මොළයද දැන්නම් වැඩකරන බවක් නොපෙනේ.

කෙසේ නමුත් මහින්දට අනුව මෙය ඔහුගේ හො`දම නැකැත් වේලාවය. මේ ගැන කිවහැක්කේ ඉතා තීක්‍ෂණ දේශපාලන මොළයකින් මහින්ද විසින් සිරිසේන ජනාධිපති චෙක්මේට් කර ඇති බව පමණකි.

ඒකීයභාවය, රට බෙදීම, රණවිරු දඩයම හා දෙමුහුන් අධිකරණය

සිරිසේන පොදු අපේක්‍ෂකයා බවට පත්වූ 2015 ජනවාරි 08 මැතිවරණයේ ප‍්‍රතිපලය නිවැරදිව අංක ගණිතය අනුව හා සංඛ්‍ය විද්‍යාත්මකව කියවන ඕනෑම කෙනෙකුට පෙනීයන එක් කරුණක් ඇත. එනම් උතුර හා නැගෙනහිර පලාත් දෙක හැර රටේ සෙසු සමස්ථ රටේ ඡුන්දයෙන් 52‍්‍ර වඩා වැඩි ප‍්‍රතිශතයකින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ජයගෙන ඇති බවය. එහෙත් සිරිසේන අපේක්‍ෂකයාට උතුරු හා නැගෙනහිර පලාත් දෙකින් පමණක් ලැබුණු මිලියන 1.2 වඩා වැඩි ඡුන්දය නිසා ඔහු අවසානයේ ජනාධිපති මැතිවරණය ජයගත් බවය.

ප‍්‍රශ්ණය ඇත්තේ එහි නොවේ. ප‍්‍රශ්නය ඇත්තේ සිරිසේන ජනාධිපති තනතුරට පත්වූ දා සිට තමාට එම තනතුරට පත්වීමට එම ඡුන්දය දුන් පිරිසට දොළපිදේනි දෙමින්, තමපාලනය සිදුකරගෙන ගිය ආකාරයයි. ඔහු රණවිරුවන් පෝරකයට යැවීමේ ක‍්‍රියාමාර්ග කිසිදු හිරිකිතයකින් තොරව සිදුකලේය. ජ්‍යාත්‍යන්තර යුධ අධිකරණයක් පිහිටුවීම ස`දහා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ස්වේච්චාවෙන් පොරොන්දු විය. වරෙක දෙමුහුන් අධිකරණයක් ඇතිකරන බව ප‍්‍රකාශ කලේය. යුධ හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් හිරගත කලේය. රණවිරුවන්ගේ දෙමාපියන්ට, මහින්ද පාලනය යටතේ ලබාදුන් රණවිරු දෙමාපිය දීමනාව නතර කරදැමීය. උතුරේ හමුදා ක`දවුරු ඉවත් කිරීම ඇරඹීය. හමුදා නිළධාරීන් බොහෝමයක් සේවා දිගුවන් නොදීම සේවයෙන් ඉවත් කලේය. ආරක්‍ෂක මර්මස්ථාන බව ආරක්‍ෂක විශේසඥයින් පවසද්දීම රජය පවරාගත් ඉඩම් නිදහස් කලේය. දේශහිතක්‍ෂීව කටයුතු කල ස්වාමීන් වහන්සේ 48 නමක් රක්‍ෂිත බන්ධනාගාර ගත කලේය.

එතැනද නොනැවතුණු සිරිසේන ජනාධිපතිවරයා, විසින් ෆෙඩරල් විස`දුමක් ස`දහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව දැන් සියල්ලෝ දනිති. එයින් රට බෙදෙන බවත් මහානායක හිමිවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සියල්ලෝ පවසති. සිරිසේන රටේ ඒකීයභාවය අන්තරගත වූ වර්තමාන ව්‍යවස්ථාව වෙනස්කරන බවද කියයි. වික‍්‍රමසිංහ අගමැති පත්කල ව්‍යවස්ථා සංශෝදන යෝජනා සළකා බලන කමිටුව, බුදුදහමට හිමි ව්‍යවස්ථා තත්ත්වය වෙනස් කිරීමට ද යෝජනා කරයි. ඔහු රටට එරෙහි වූ තවත් බොහෝ දෑ සිදුකර ඇත.

මේ සියල්ලට එරෙහිව පොදු මහ ජනතාව, බුද්ධිමතුන්, ගරුතර සංඝයාවහන්සේලා පමණක් නොව අන්‍ය ආගමික නායකයන්ද, උගතුන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු නොනැවත හ`ඩනගති. සිරිසේන ඒ කිසිවක් නොඇසුනා සේ සිටී.

දිගින් දිගටම ජාත්‍යන්තර දමිළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන්ට අනුව සිරිසේනගේ පාලනය පවත්වාගෙන යන බවට රටපුරා නොනැවතී විරෝධයක් ඇතිවී ඇත.

මේ මහා විරෝධතා සියල්ල එක මිටට ගෙන එක්තැන් කිරීමට පාදයාත‍්‍රාව ඔස්සේ මහින්ද සමත් විය. මේ සිය`එ ආකාරයේ විරෝධතා ඔස්සේ හ`ඩනැගුවෝ සිය`එ දෙනා පාදයාත‍්‍රාව දිගේ සිරිසේන ජනාධිපතිගේ මේ සිය`එ උත්සාහයන්ට එරෙහිව සටන් පාට කීහ. සිරිසේනගේ මේ දේශද්‍රෝහී කි‍්‍රියාවලට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බව කීහ.

දැන් සිරිසේනගේ වාරයි. එක්කෝ ඔහු පොරොන්දු වූ පරිදි තමාට බලයට ඒමට සහාය වූ දමිළ ඩයස්පෝරාවේ හා රට බෙදීමට ඉල්ලා සිටින බෙදුම්වාදී හා ෆෙඩරල්වාදී බලවේග වල ඉල්ලීම් ලබාදිය යුතුය. නැත්නම් ඔහුට ඔවුන්ගෙන් ගැලවීමක් නැත. එසේ ඒවා දුනහොත් සමස්ථ රටේ, දේශයට ආදරය කරන, රට දැය රකින සාමකාමී මහා ජනයාගේ අතිමහත් විරෝධයට මුහුණ දී තනතුර ඇතැහැර යා යුතුය. සිරිසේන චෙක් මේට් වී ඇත.

යහපාලනය යනු මෙයද?

පාද යාත‍්‍රාව පුරාම ජනතාව දැක්වා සිටි බරපතලම කරුණ වනුයේ යහපාලනය යනුවෙන් අදහස් කරන්නේ මෙයද යන්නය. එය මනාව ඉතාමත් නිර්මානශීලීව ප‍්‍රදර්ශනය කලේය. ‘මේකද යහපාලනේ, ගොං රනිල්ගෙ පාලනේ’. ‘මේකද යහපාලනේ, හිටං හුටං පාලනේ’. මෙම සටන් පාටය සෑම විනාඩි 5-10 වරක් සමස්ථ පාදයාත‍්‍රාව පුරා කියවෙනු ඕනෑම කෙනෙකුට දක්නට ලැබුණ දෙයකි. වඩාත්ම ජනප‍්‍රිය සටන් පාටය වූයේ මෙයයි. වරෙක එය ප‍්‍රකට වූයේ ඉතාමත් සරල එහෙත් ඉතා ප‍්‍රබල හ`ඩකිනි. එම සටන් පාට වූයේ, ‘මුන් දෙන්නා ආ`දමූ, වෙලේ දාල හාවමූ. මුන් දෙන්නා ආ`දමූ, පොළොන්නරුවෙ දක්කමූ. මුන් දෙන්නා ආ`දමූ, සිරිකොතටම දක්කමූ’ ලෙසය.

මේ ජනතාව වෙතින් සිරිසේන ජනාධිපතිවරයාට පෞද්ගලිකවත්, වික‍්‍රමසිංහ රජයට පොදුවේත් එළ්ල කොට, ජනතාව පෙන්නුමක් කල දඩි අප‍්‍රසාදය සු`එවෙන් තැකිය යුතු නොවේ. මෙතරම් දැඩිව හා පිළිකුල් සහගතව එළ්ල වූ විරෝධයේ පැහැදිලිව හ`දුනාගත හැකි ලක්‍ෂණ කිහිපයක් ඇත. එකක් නම් මෙම දැඩි විරෝධය ඉදිරිපත් වූයේ ඉතාමත් සාමකාමී හා සංවර ආකාරයෙන් විමයි. එය ප‍්‍රචන්ඩ ස්වරූපයක් නොගත්තේය. ඒ මහින්දගේ ජනතා ක‍්‍රියාකාරීත්වයන් ගේ හැටිය. ඔහු ජනතාව රකිමින් ඔවුන් සමගම සිටිමින්, ඔවුන්ගේ, මහජන විරෝධය හා දැඩි පිළිකුල ඉතාමත් සංවර, සාමකාමී හා අවිහිංසක ලෙසත්, ඉතාම තිවෘර ලෙසත් ප‍්‍රදර්ශීයව එළියට ගෙන ඒමට දක්‍ෂ නායකයෙකි. ඔහුගේ සංවිධාන ශක්තිය අති විශිෂ්ඨය. ඔහු සෑමදාම ජනතා ආකර්ශනයට ලක්වූ නායකයෙකි. ඔහු දක්‍ෂ සටන් කරුවෙකු වූයේ ඒ නිසාය. පාලන බලයේ සිටින මහින්දට වඩා විපක්‍ෂයේ සිටින මහින්ද ප‍්‍රබලය. මහින්ද විපක්‍ෂයේ සිටින විට ආණ්ඩුවකට ජනපීඩක පාලනයක් කරගෙන යෑම ඉතාම අපහසුය. විශේෂයෙන් මහින්ද විසින් කු`එ ගන්වන හා නායකත්වය දෙන මෙම දිගින් දිගටම බුර බුරා නැගෙන මහජන විරෝධයට මුහුණ දීමට, වර්තමාන සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුවට පණ නැති බව දැන්නම් ඉතා පැහැදිලි කරුණකි.

ආර්ථිකය ගොඩ ගැනීමට මෙම ආණ්ඩුවට නොහැකිය

දැන් රනිල්ගේ හා සිරිසේනගේ ආණ්ඩුව දරුණු අර්බූදයකට මුහුණ දී ඇත. ආර්ථික විද්‍යාවේ මූලිකාංග දන්නා ඕනෑම කෙනෙක් දන්නා මූලික සිද්ධාන්ත වලට අනුව මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා භයානක අවස්ථාවකට මුහුණ දෙමින් ඇත. එම තත්ත්වය ඇතිවූයේ 2015 ජනවාරි 08 වෙනිදායින් පසුව බව සාධාරණ මනසක් ඇති හා ආර්ථික විද්‍යාවේ මූලිකාංග දන්නා ඕනෑම අයෙක් පිළිගන්නවා ඇත. එය සාර්ව ආර්ථික මූලිකාංග හා ශුද්‍ර ආර්ථික මූලිකාංග ගැන අවම අධ්‍යාපනයක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙන ඉතා සරළ කරුණකි. සිරිසේන මහතා හා රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට බලය ලබාගැනීම ස`දහා ඉදිරිපත් කරන ලද මහාපරිමාන මුසාවන් හා ඒ මුසාවන් ක‍්‍රියාත්මක කිරීමට ගොස් සිදුකල ආර්ථික විද්‍යානුකූලව දැඩි අඥාන පියවරයන් නිසා ආර්ථිකය මු`එමනින්ම කඩා වැටුනි. හතරගාතෙන් ඇද වැටුනි. සරල උදාහරනයක් ගෙන බැලූව හොත්, රුපියල් 10000 වැටුප් වැඩිවීම හා ඉන්ධන මිල අඩුකිරීම හරහා රජයේ සමස්ථ ආර්ථික සමීකරණයම අසමතුලිත වී ගියේය. එයට හේතුව වූයේ අදාල වියදම් සිදුකිරීමට හා සහන දීමට අවශ්‍ය, නිසි රාජ්‍ය ආදායම් සොයාගැනීමේ නිශ්චිත ක‍්‍රමවේදයන් නොමැතිව රජය විසින් ඒවා ක‍්‍රියාත්මක කිරීමය. නව මහබැංකු අධිපති ලෙස පත්වූ ලක්‍ෂමන් කුමාරස්වාමි මහතා පත්වීම් ලිපිය ලැබ සිදුකල ප‍්‍රථම මාධ්‍ය හමුවේදීම පැවසූයේ 2015 අතුරු අයවැයෙන් ලබාදුන් සහන නිසා හා වැටුප් වැඩිවීම් නිසාවෙන් සමස්ථ රජයේ ආර්ථිකයම අර්බුදයකට පත්ව ඇතිබවය.

2015 ජනවාරි 08 වන විට පැවති ශ‍්‍රී ලංකා රාජ්‍ය ආර්ථිකයට එවැනි මහා පරිමාන සහන ජනතාවට ලබාදීමේ හැකියාවක් නොපැවතුනි. එසේ පැවතියේ නම් සිරිසේනලාට, රනිල්ලාට බොහෝ ප‍්‍රථමයෙන් මහින්ද රාජපක්‍ෂ එම සහන හා වැටුප් වැඩිවීම් ජනතාව වෙත ලබාදෙනවා ඇත. ඔහු ඊට හපනෙකි.

සිය`එ ජනකොටස් පීඩාවට පත්ව ඇත

ගොවියා මහපාරේය. ඔවුන් ඔවුන්ට අහිමිකල පොහොර සහනාධාරය ඉල්ලා පාරට බැස ඇත. ජනතාවට වී විකුණාගත නොහැක. මහින්ද ලබාදුන් රුපියල් 38 හා 45 සහතික මිල රුපියල් 50 කරන බව, සිරිසේන, පොදු අපේක්‍ෂකයා ලෙස පැවසීය. අවසානයේ අද ඔහුගේ පාලනය යටතේ අද වී රුපියල් 18 ටද විකුණාගත නොහැකි තත්ත්වයකට ගොවියා පත්ව ඇත. මහින්ද රාජපක්‍ෂ පාද යාත‍්‍රාව අවසානයේ සිදුකල ඉතා කෙටි දේශනයේ දී, අද වී මිල රුපියල් 20 ලෙස පවසද්දී ගොවීන් මහපාරේ සිට නොනවත්වා මොරදුන්නේ එය 18 ක් වන බවය. ඒ කියන්නේ තත්ත්වය වඩාත් බරපතල බවය. පාද යාත‍්‍රාව පුරා සහභාගී වූවන් පොහොර සහනය ඉල්ලා සිටියා මෙන්ම වී මිල අඩුවීමේ වේදනාවද දැඩිව කියා පෑවෝය.

මහින්ද ඉතාමත් නිර්මාණශීලීව, සිරිසේන පාලනය යටතේ සිදුවන, වී මිලදී ගැනීමේ වංචනික යටිකථාව ජනගත කලේය. ඔහු ප‍්‍රශ්නකර සිටියේ මෙලෙස වී මිල 18 වීමෙන්, කවර වීමෝල් හිමියාට වාසි වන්නේද යන්නය. ජනතාව මහහ`ඩින් ඊට නිසි පිළිතුර දුනි. අවසානයේ මහින්ද ප‍්‍රශ්නකර සිටියේ සමස්ථ ගොවි ජනයාගේ ආර්ථිකය විනාශකර දමා, ඉන් තම පවුලට වාසි ගැනීමට තරම් කෲර කි‍්‍රයාවක් තමාගේ පාලනය යටතේ කිසිම හෝ දිනක සිදුකලේද? යන්නය. එමෙන්ම, ඔහු වර්තමාන සිරිසේන පාලනය, ගොවි ජනයාගේම ආර්ථිකය මු`එමනින්ම විනාශකොට පාලකයන්ට සම්බන්ධ කිහිපදෙනෙකු ඉන් වාසි ලබාදෙන ආකාරය පිළිබ`ද පණිවිඩය, ඉතා දැඩිව හා තීවෘර ලෙස ජනහදවත් පත්ලටම යවනු ලැබීය.

තේ වගාකරුවා තේ දළ්ලට පැවති මිල අහිමි වීම ගැන අලගලය අරඹා ඇත. ඔවුන් සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තේ ද`එ කිලෝවට ලබාදෙනවා කියූ රුපියල් 90 වේ මිල නොනැවතී ඉල්ලා සිටී. රබර් වගාකරුවා තම රබර් කැපීම නවතා දැමූයේ රබර් මිල ඉතිහාසයේ දරුණුම කඩා වැටීමට ලක්ව ඇති නිසාය. වගාකරුවා දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. මේ සියල්ල තුළ පෙනෙන්නේ මෙම පාලනය ආර්ථිකය කළමනාකරනය කිරීමට දැඩි ලෙසම අසමත් බව මිස වෙන කිසිවක් නොවේ. ඔවුනට වගාකරුවන් ගැන හැ`ගීමක් නැති බව ජනතාව දනී. ජන දුකට ඔවුන් කණ් දෙන බවක්ද දක්නට නොලැබේ. ඊට ඔවුන්ට ඇති පිළිතුරක්ද නැත.

පාසැල් දරුවන්ගේ නිල ඇ`දුම අහිමිව යෑමෙන් දෙමාපියෝ අරගලය අරඹා ඇත. ගුණාත්මක අධ්‍යාපනයක් නවීන ලෝකයට ගැළපෙන ලෙස ලබාදීමේ අරමුණින් මහින්ද ඇරඹූ විද්‍යාගාර, ගණිතාගාර හා භාෂා විද්‍යාගාර ගම් මට්ටමින් දහසක් හා කළාපීය මට්ටමින් කළාප පාසැල්ද ලෙස, වඩාත් දියුණු පාසැල් ඇරඹීමේ ව්‍යාපෘතිය මු`එමනින්ම නතර කර දමා ඇත. ආණ්ඩුව ඉතා අසාර්ථකය. පොඩි මිනිහාට මෙය හො`දින් තේරෙයි.

රජයට එරෙහි ජනතාවගේ බිය තුරන්විය

පාද යාත‍්‍රාව අත්කරදුන් වඩාත්ම වැදගත්ම ප‍්‍රතිපලය නම් ජනතාවගේ මනසේ රජය කෙරෙහි පැවති භීතිය මු`එමනින්ම බැහැර කර දැමීමය. මේ රජය විවේචනය කරන්නට දැන් කිසිවෙකු බිය වන්නේ නැත. ලංකා ඉතිහාසයේ පැවති දරුණුතම කාල පරිච්ෙඡ්දයන් ලෙස ඉතිහාසය අපට උගන්වා ඇත්තේ, කාලිංග මාග ගේ පාලනය හා පෘතිගීසි පාලන සමයන් සම්බන්දයෙනි. ඉන් පසුව ඇතිවූවා වූ වඩාත්ම, භයංගකරතම, අ`එගෝසු කාලපරිච්ෙඡ්දය, ජනාධිපති පේ‍්‍රමදාසගේ කාලය වනු ඇත. එම යුගයේ තම අසල්වාසීන් බුරුතුපිටින් මරා දමද්දීත් මිනිසුන් නිහ`ඩව බලාසිටියේය. ඒ, ඒ සමයේ පැවති භීතිය නිසාය. අවසානයේ රටම අ`දුරක ගිලී පැවති එම කුරිරු වූ ද, අ`දුරුවූ ද, ගෝර වූ ද, එම යුගයේ පැවති, නිහැ`ඩියාව බින්දේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ එතෙක් මෙතෙක් ලංකාවේ පැවති දීර්ඝතම පාද යාත‍්‍රාව විසිනි. එය අවසන්වීමත් සමග ජනතාව නොබියව, විවෘර්තව, ආණ්ඩුවට විරුද්ධව කථාකිරීමටත්, සංවිධානය වීමටත්, රැුස්වීම් පැවැත්වීමටත්, ඒවාට සහභාගීවීමටත් පටන්ගත්තේය. ඒ සමගම යෝධ එක්සත් ජාතිත පක්‍ෂය දෙකඩ විය. අවසානයේ ජනතාව අතිවිශාල ජන සහභාගීත්වයකින් යුතුව ඊල`ගට පැවති මැතිවරණය සියල්ල මගින්ම පැවති එම එක්සත් ජාතික පක්‍ෂ රජය පරාජය කර දැමීමය.

ඒ හා සමානවම, ජනමනසේ බිය තුරන් කිරීමක් මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පාද යාත‍්‍රාව මගින්ද සිදුකලේය. හො`දම උදාහරය වූයේ පාද යාත‍්‍රාව මැද්දේ බස්රථයක ගිය කුඩා දැරුවෙක් ‘අපි රනිල්ට බය නෑ. අපි මෛත‍්‍රිට බය නෑ. මහින්ද රාජපක්‍ෂට ජයවේවා යැයි කෑ ගසා කීමය. එය බොහෝ අවස්ථා ගණනකදී ඉතා පැහැදිලිව දර්ශනය වූ සිදුවීමකි. සමාජ වෙබ් අඩවි ඔස්සේ ඉතාමත්ම ජනප‍්‍රිය වීඩියෝවක් ලෙස එය පැතිර ගියේය.

එයින් අපට කියා පෑයේ දැඩි ලෙස ජන අප‍්‍රසාදයට පත්ව ඇති මේ පවත්නා රජයට විරුද්ධව මිනිසුන් හ`ඩනැගීමටත්, පාරට ඒමටත් තවදුරටත් බිය නොවන බවය.

සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත්වූයේ ඡුන්ද 62 ලක්‍ෂයක් ලබාගෙනය. ඉන්පසුව ඔහු රනිල් සමග එක්ව ඇතිකල සහයෝගීතා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ඇති බැවින් එයද ඉතා බලවත් ආණ්ඩුවකි. එවන් තත්ත්වයකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ එවන් අතිවිශාල බලවන්ත රජයකට එරෙහිව මිනිසුන් කෙතරම් ජන පීඩනයක්, ගෙන දුන්නද තමන් ආණ්ඩුවට එරෙහිව මුනිවත රැුකීමය. එහෙත් මෙහිදී මහින්ද රාජපක්‍ෂ නම් නිර්භීත වූද, නිර්මානාත්මක වූද, ඉතා තීක්‍ෂණ දේශපාලන බුද්ධියකින් සමන්විත වූද, මෙම නායකයා සිදුකලේ මෙම පාද යාත‍්‍රාව හරහා රටේ සමස්ථ ජනතාවගේ බිය දුරුකොට ඔවුන් ආණ්ඩුවට එරෙහිව පාරට ගෙන එ්මය. ඔහු දහස් වාරයකින් සාර්ථකය. ජනතාව පාරට ආවා පමණක් නොව ඔවුන් විවෘර්තව උපහාසාත්මකව කියා සිටියේ ‘මේකද යහපාලනේ, හිටං හුටං පාලනේ’ ‘මේකද යහපාලනයේ, ගොං රනිල්ගෙ පාලනේ’කියාය. එය කෙතරම්ම සමච්චලයට ලක් කලේද යත් ‘හුටං කැමති රනිල්ට, රනිල් කැමති අකිලට’ ලෙස වගකීම් විරහිත ආණ්ඩුවේ පාලනය මිනිසුන් සමච්චලයට ලක්කලේය.

එය ඉතා නිර්මානාත්මකව විමල් වීරවංශ අවසානයේ ඔහුගේ, ඉතාම කෙටි වූ ද, ශූර වූ ද, කථාවේදී ගෙනහැර දැක්වීය. ඔහු කියා සිටියේ මේ රටට, ‘රටට වගකියන පාලකයෙකු’ අවශ්‍ය වන බවය. මේ සිදුවූ සියල්ලත්, මේ වචනත් නොතේරෙන දේශපාලකයෙකු සිටීනම් ඔහු සාධාරණ මනසකින් යුක්තවූවෙකු නොවනු ඇත.

එය කෙතරම් උද්යෝගීමත්ව පැවතියේ ද යත් අවසාන දිනයේ හා ඊට පෙර දිනයේ පාද යාත‍්‍රාව පුරා ගිගුම් දුන් සටන් පාටයක් වූයේ, ‘රනිල් රනිල් මේ අහපන්, පෙළපාලියේ දිග බලපන්. හිටන් හුටන් මේ අහපන්, උඩ බලපන්, බිම බලපන්, පෙළපාලියේ, දිග බලපන්.’ යන්නය. රජයේ බංකොලොත් හා වගකීම් විරහිතව, කෑමොරදීම පමණක් කරන දේශපාලකයන් මොනවා කීමට උත්සාහ කලද, රටේ මහජනතාව පාද යාත‍්‍රාව පුරාවට දැඩි උද්යෝගීකමකින් යුතුව, සිදුවූ සියල්ල දැක බලාගත්තේය. ඔවුන්ට එය දර්ශයන විය. රජයේ හා ආණ්ඩුවට පක්‍ෂ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය මොනවා කීවත් පාදයාත‍්‍රාව තුළ සිදුවූ සියල්ල ජනතාවගෙන් වසන් කිරීමට රජයට නොහැකි විය. ඊට හේතු කිහිපයක් විය. රජයේ දැඩි මර්දනය යටතේ වුවත්, පෞද්ගලික මාධ්‍ය කිහිපයක්, පාදයාත‍්‍රාව ස`දහා සාධාරණ ආවරණයක් ලබාදුන්නේය.

ඒ සියල්ලට වඩා වැදගත් වූයේ ‘මුහුණු පොත’ හරහා නොනැවත විඩියෝ හා ඡුායාරූප මගින් කෙරුණු, අවරණය කිරීම්ය. කිහිප දෙනෙකු විසින්ම, මුහුණු පොතේ ඇති, සජීවී විඩියෝ ප‍්‍රචාරණ වෙබ් මෙවළම, භාවිතා කරමින් ඉතා ප‍්‍රබල සජීවී ආවරණයක් ලබාදීම සිදුකලේය. ඒ ස`දහා රටතුළ මෙන්ම, ලොව වටා සිටි නරඹන්නන්ගෙන්ද ලැබුනේ අතිවිශාල ප‍්‍රතිචාරයකි. සමර අවස්ථා වලදී අදාල සජීවී නරඹන්නන්ගේ ප‍්‍රමාණය විනාඩියට 1000-2000 තරම් වේගයකින් වැඩි වී ගියේය. බලා සිටියදී නරඹන්නන්ගේ ප‍්‍රමාණය වැඩි වී ගියේය. කෙතරම් උද්යෝගයක් මේ ස`දහා පැවතියේද යන්න එමගින්ම පෙනී යයි. එම වීඩියෝ ස`දහා නරඹන්නන් සිදුකල ප‍්‍රතිචාර දැක්වීම්ද එවේලේම නරඹන්නන්ට දැක ගත හැකි විය. ඒ සියල්ල දුටුවෙකු, මේ පාදයාත‍්‍රව අසාර්ථකයැයි කියන්නේ නම් ඔහු අවශ්‍යයෙන්ම එක්කෝ අ`දබාලයෙකු හෝ මන්දමානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නකු හෝ අඥාන තත්වයකින් පෙළෙන්නකු වියයුතුමය.

දැන්, පාලනයේ යෂ්ටිය සිරිසේන ජනාධිපතිට අහිමිය

පාලකයෙකුගේ මූලිකම ලක්‍ෂණය වන්නේ ඔහු විසින් සිදුකරන නියෝගයක් හෝ අණක් පාලනයේ පහල සිටින්නන් හා ජනතාව පිළිපදින්නේය යන විශ්වාසයයි. යම් දිනක පාලකයාගේ අණ හෝ නියෝගයන් පිළිනොගන්නා, ගරු නොකරන, ඊට සවන් නොදෙන තත්ත්වයක් රටක ඇතිවන්නේ නම්, එය පාලකයාගේ අවසානය පෙන්නුම් කරන තත්ත්වයකි.

පාදයාත‍්‍රාව තුළ සිදුවුනු බරපතලම සංසිද්ධිය වන්නේ මෙම තත්ත්වයට සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය ඇද වැටීමය.

ජේ අර් ගේ පේ‍්‍රමදාසගේ, චන්ද්‍රිකාගේ පාලන කාලවලදී අධිකරණයක කරුණක් විමසීමට පැමිණිමට පෙරම, එම කරුණ පිළිබ`ද කුමන තීරණයක් පැමිණේද යන්න, නීතිඥයින්ට, අධිකරණවල සේවයේ යෙදෙන්නන්ට මෙන්ම, සාමාන්‍ය ජනතාවට ද යම් වැටහීමක් මුල සිටම පැවතුනි. එහෙත් පාදයාත‍්‍රාවට එරෙහිව සිරිසේනගේ ආණ්ඩුවේ පොලීසිය අධිකරණ පහකට ගියේය. පොලීසිය එසේ ක‍්‍රියාකලේ, ආණ්ඩුවේ අවශ්‍යතාවය ස`දහා බව ඕනෑම කෙනෙකුට මැනවින් පෙනීගියේය. මහනුවර, මාවනැල්ල, තුල්හිරිය, අත්තනගල්ල, මහර, කොළඹ යන අධිකරණයන්ගෙන් පාදයාත‍්‍රාව වළක්වාලමින් අතුරු නියෝගයන් ඇයද සිටියේය. ඒ සියල්ල අධිකරණ විසින් ප‍්‍රතික්‍ෂේප කර දැමුවේය. අවසානයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කරමින්, පාදයාත‍්‍රාවේ ප‍්‍රධාන සංවිධායකයින් 11 දෙනෙකු ස`දහා පාදයාත‍්‍රාවේ අවසාන දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස, වෙනත් නඩුවක් පාදක කරගනිමින් නොතීසි ඉල්ලා සිටියේය. අධිකරණය එයද ප‍්‍රතික්‍ෂේප කලේය.

මේවා සිදුවූයේ උපරිමාධිකරණ විනිසුරන් අතින් නොවේ. අධිකරණ ධූරාවලියේ පහළින්ම සිටින මහේස්ත‍්‍රාත්වරුන් අතිනි. අධිකරණ කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාට ගිය පණිිවිඩය නම් මේ ආණ්ඩුවේ අසාර්ථකත්වයත් ඔවුන් කෙතරම් අසරණ වී ඇත්ද යන්නත්ය. මේ පණිවිඩය ගියේ ජනමනසටයි. රජයේ දේශපාලඥයින් මොනවා දෙඩවුවද නීතිය ගැඹුරින් දන්නා සියල්ලන් දන්නා එක් දෙයක් ඇත. එනම් නීති විද්‍යාව නම් විශයේදී, සමාජවිද්‍යාත්මක නීතිවිද්‍යාව න්‍යාය නම් විශයයක් ඇති බවත් එහි දක්වා ඇති පරිදි, සමාජයේ පොදු එක`ගතා මත දැක්වෙන සමාජ මතවාදයන් විනිසුරන්ගේ තීන්දු ස`දහා බලපාන බවයි. වර්තමානයේදී, ජනතාව රජය නිසා මුහුණ දෙන දැඩි පීඩාවන් මෙන්ම, ඊට එරෙහි දැඩි මහජන විරෝධතාවයන් ද, බුරබුරා නැගෙන ආණ්ඩු විරෝධය ද, අධිකරණය, හ`දුනානොගන්නේ නම් එය පුදුම උපදවන සු`එ තත්ත්වයකි. මෙවන් තත්ත්වයකදී අධිකරණයකින් අපේක්‍ෂා කල හැක්කේ නීතිය අකුරටම පිළිපැදීමත්, මහජන නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව අධිකරණය භාවිතා කිරීමට, ජනපීඩක රජයක් දරන උත්සාහයන්ට, අධිකරණය විසින් ඊට ඉඩ නොදීමත්ය. එය මැනවින් පිළිබිඹු වන තත්ත්වයක් දැන් දර්ශනයවේ.

රජයේ නන් දොඩවන දේශපාලඥයින් කිහිප දෙනෙක් රජය විසින්, අධිකරණය ස්වාධීන කර ඇති නිසා මේවා මෙලෙසින් සිදුවන්නේ යැයි පැවසුවද එය අසත්‍යයකි. මන්ද යත් රජය අධිකරණය, පොලීසිය, නීතිපති දෙපාර්ථමෙන්තුව මෙන්ම විගනකාධිපතිවරයා, අල්ලස් කොමිසම වැනි ආයතන සම්බන්ධයෙන්, ක‍්‍රියාකරන ආකාරය විග‍්‍රහකර බැලීමේදී රජයේ ප‍්‍රතිපත්තිය මෙහි පරස්පරය බව මැනවින් ප‍්‍රදර්ශනය වේ.

මේ සියල්ලෙන් පෙනෙන්නේ, සිරිසේන ජනාධිපතිවරයාට මෙන්ම වික‍්‍රමසිංහ අගමැතිටද තමන්ට උවමනා දෙයක් කරවා ගැනීමට තවදුරටත් අත්තනෝමතික ලෙස රජයේ නිලධාරීන් හෝ ආයතන යොදා ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් උද්ගතව ඇති බවය. ඔවුන් දෙදෙනාගේ අත්තනෝමතික නියෝග පිළිගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්ත්වයක් ඇතිව ඇත. මෙය පාලනය දරන්නාට සිදුවන බරපතලම පරාජයයි. සිරිසේනට හා රනිල්ට දැන් එම තත්ත්වය ඇතිව ඇත.

නිලධාරීන් තබා වර්තමාන තත්ත්වය තුළ තමන් නායකත්වය දරන පක්‍ෂවල මධ්‍යම කාරක සභිකයන්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් හෝ මන්ත‍්‍රීවරුන් හෝ පාක්‍ෂිකයන් තමන්ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් තවදුරටත් පිළිනොගන්නා තත්ත්වයක් දැන් ඇතිවී ඇත.

පාදයාත‍්‍රාව විසින් විද්‍යමාන කල මහා පරිමාන ජනවිරෝධය දැන් සිය`එ දෙනාටම පෙනී ගොස් අවසානය. එය රජයේ නිලධාරීන්, රාජ්‍ය ආයතන, මෙන්ම පොදුජන මනස පුරාවටම පැතිර ගොස් ඇතිබව මැනවින් පිළිබිඹු කලේය. තමා විධායක ජනාධිපති වුවද, පාර්ලිමේන්තුවේ 2/3 ආණ්ඩුවට තිබුණද, මහජනතාවගෙන් 2/3 ක් ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂව ආණ්ඩු විරෝධීව සිටින බව ඉතා සාමකාමීව මෙම පාදයාත‍්‍රාව මගින් රටට පමණක් නොව ලොමටම පෙන්නුම් කලේය. මහින්දගේ ඉතා තීක්‍ෂණවූ, දේශපාලන අත්දැකීම් බරිත වූ, ඥානය එයයි. ප‍්‍රායෝගික නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය එය මිස වෙන කුමක්ද?

රජය සිය`එ බාධක සිදුකලේය

පාදයාත‍්‍රාවේ සාර්ථකත්වය ඉදිරියේදී රජයට කරකියාගත හැකි දෙයක් නැතිව බලාසිටීමට සිදුවිය. යාත‍්‍රාව යන ලෙස ඉදිරියට යෑමට ඉදදෙනු විනා, ඊට එරෙහිව කල හැකි කිසිවක් ඔවුන්ට නොවීය. උතුවන් කන්දේ සිට, කෑගල්ලට එන විටත්, නෙ`එම්දෙනියේ සිට නිට්ටඹුවට මෙන්ම කිරිබත්ගොඩට එන විටත් සමස්ථ පාරම කිලෝමීටර් ගණනාවක් පුරාවටම එකම හිසි ගොඩක් වී දිස්විය. පාර දෙපස ජනතාව පොරකමින් අතිශය උද්යෝගයෙන් බලා සිටියෝය. නිට්ටඹුවට එන විට රාත‍්‍රී 7.30 පසුවී තිබිණි. සමස්ථ පාර පුරාවට මෙන්ම නිට්ටඹුව නගරයේද රජය විසින් විදුලිය විසන්දි කොට දමා තිබුණි. අ`දුරේ නමුත් ජනතාව පාර දෙපසට වී උද්යෝගයෙන් බලාසිටිනු දක්නට ලැබුණි. කිරිබත්ගොඩ නගරයට ල`ගාවන විට රාත‍්‍රී 9.30 පමණ විය. ඒ වන විටද විදුලිය විසන්දි කොට තිබුණි. පාර දෙපස දස දහස් ගණනින් ජනතාව අ`දුරේම පාදයාත‍්‍රාව පිළිගැනීමට බලා සිටියේය. පාරේ මන්තීරු දෙකම ජනතාවගෙන් පිරී පැවතුණි. කිසිදු බස්රථයක් හෝ වාහන දක්නට නොළැබුනි. මේ සියල්ල ඉදිරියේ රජය තමන්ට කළ හැකි සෑම බාධාවක්ම කලේය. එය ජනතාවට මැනවින් ප‍්‍රදර්ශනය විය.

රජයට එරෙහිව නැගඑන පොදු ජනතාවගේ විරෝධයකට මෙවැනි ලෙසකින්, පවත්නා රජයක්, විරෝධය දක්වන්නේ එම රජයේ අවසානය ලං වූ විටය. එය මෙහිදී මැණවින් පෙනීගියේය. ජනතාව එමගින් නිසි පණිවිඩය ලබාගත්තේය.

හයිඩි පිටිය විනාශ කලේය

පාදයාත‍්‍රා සංවිධායකයින් හයිඞ් පිටිය තම අවසාන රැුස්වීම ස`දහා කල්තියාම වෙන්කරවා ගත්තේය. එහෙත් රජය හයිඞ් පිටියේ වලවල් හාරා, පස් ක`දුගසා, ඊට සිදුකල විනාශය දකින්නෙකුට, රජය මෙම රැුස්වීම කඩාකප්පල් කිරීම ස`දහා සිදුකල විනාශයේ තරම හ`දුනාගත හැකිය. පිට්ටනියට කල විනාශය කිසිසේත්ම සංවර්ධන ක‍්‍රියාදාමයක, කොටසක් නොවේ. එය රජයේ මුදල් අවභාවිතා කරමින් සිදුකල මහා විනාශයකි. රැුස්වීම පැවැත්වීමට තිබූ, මුදල් ගෙවා වෙන්කරගත් පිට්ටෙනිය විනාශ කිරීම තරම් විනාශයක්, සිරිසේන ජනාධිපතිට තවත් කල නොහැක. ඔහු මෙවැනි දේත් සිදුකොට තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාද පවත්වති. මෙවැනි ක‍්‍රියා ජනපති කෙනෙකුට තරම් නොවන බව පමණක් ඔහුට කිව හැක.

පොලීසිය අවභාවිතා කලේය

ආණ්ඩුව පොලීසිය ලව්වා බොහෝ බාධා කිරීම් සිදුකිරීමට උත්සාහ කලේය. මුලින්ම රජය පොලීසිය ලව්වා තහනම් නියෝග ගැනීමට උත්සාහ කලේය. එය පරාජය විය. ඊල`ගට පළමු දිනයේදීම පාද යාත‍්‍රාව, මාවනැල්ල නගරය පසුකර ගියේනම් ජල ප‍්‍රහාර හා බැටන් ප‍්‍රහාර සිදුකිරීමටත්, මාර්ග බාධක යෙදීමටත් උත්සාහ කලේය. මහින්ද ඉතා විනයවත්ව පාදයාත‍්‍රාව කලින් නතර කොට ජනතාව රැුක්කේය. මේ අතර කෑගල්ල, නෙ`එම්දෙනිය, නිට්ටඹුව පසුකරද්දී නැගඑමින් පැවති ආණ්ඩු විරෝධී මහා ජනතා නැගී සිටීමත්, පාදයාත‍්‍රා ජන සහභාගීත්වයත් දකින පොලිස් නිලධාරීන් තමන් පෞද්ගලිකවම, පාදයාත‍්‍රාවට සහාය වනවා මිසක ඊට කිසිදු බාධාවක් නොකිරීමට පියවර ගත්තේය. ජනතාවද පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිවක් නොකීවේය. ඒ් ඔවුන්ගේ මනස හ`දුනාගැනීමත් සමගය.

‘රාලහාමි කොහොමද, යහපාලනේ කොහොමද? නිකං බයික් ලැබුනද?. පනස් දාහ දුන්නද? දැන් හො`දටම සතුටුද?, යහපාලනේ හො`දයිද?’ මේ සියල්ල හරහා සියලූ රජයේ සේවකයින්ගේ පත්ව ඇති වේදනාව හා පසුතැවීමත්, ඔවුන්ට කල රැුවටීම මැනවින් පෙන්නුම් කලේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් සිප වැළද පිළිගැනීම

පාදයාත‍්‍රාවේ පැමිණි ජනතාවට යමකින් සංග‍්‍රහ කිරීමට යමෙකු සිතයි නම් එය බොහෝ දුෂ්කර කි‍්‍රයාවකි. ඊට හේතුව පැමිණි ජනතාවගේ ප‍්‍රමාණයට අනුව, සැපයීම සිදුකල නොහැකි වීමේ අපහසුවයි. වියදම් දරාගත නොහැකි වීමය. එහෙත් මග දෙපස දී දුටු, කිරිබත් දන්සැල්, සුප් දන්සැල්, මඤ්ඤොක්කා දන්සැල් ආදියද, තම නිසවාස වලින් වතුර පයිප්ප බට පාර දෙසට යොමුකරමින් සහභාගී වූවන්ට, පොදු ජනයා දැක්වූ සහාය දුටු විට කරුණු කිහිපයක් දැකගත හැකි විය. ඉන් එකක් නම්, පවත්නා රජයට විරුද්ධව නොබියව මේ මිනිසුන් ඉදිරියට එන්නේ, මේ ආණ්ඩුව පළවා හැරීමට ඔවුන් තුළ ඇති බලවත් උවමනාව නිසාය. අනෙක, මේ දන්සැල් දුන් ජනයා ගේ සහභාගීත්වයත්, ඔවුන් ප‍්‍රධානය කල දෙය දෙස බලන විටත්, දකින විටත්, දැනුනේ ඔවුන් වර්තමාන ආර්ථික දුෂ්කර තත්ත්වයන් නිසාවෙන් කෙතරම් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇද්ද යන කරුණය. අවසාන වශයෙන්, රජයට එරෙහි, විපක්‍ෂයේ නායකයන්, සංවිධානය වන්නේ නම්, රජය ඉවත් කිරීමට මහජනයා දැඩි උද්යෝගයකින් සූදානම්ව ඇති බව එහිදී දැකගත හැකිවූ අනෙක් පණිවිඩයයි.

වර්තමාන පාලකයන් 2015 ඡුන්දයට පෙර ජනතාවට කියා පෑයේ මහින්ද රාජපක්‍ෂගේ පාලනයේ සිටින්නේ, ලැම්බෝගින් හිමි, රත්තරන් අශ්වයින් සහිතවූ, නිරන්තර හෙලිකොප්ටර් වලින් ගමන්බිමන් යන, මෙගා ඞීල් කිරීමෙන් කෝටි ප‍්‍රකෝටි ධනයක් උපයාගත්, කුඩු බිස්නස් කරන, එතනොල් බිස්නස්, කැසිනෝ වලින් ප‍්‍රකෝටිපතියන් වූ, ජනතාවගෙන් ස්වායක්ත වූ වෙනත් ලෝකවල ජීවත්වන පිරිසක් ලෙසය.

අවසානයේ අවුරුදු දෙක ගතවීමට ප‍්‍රථමයෙන් මේ සියල්ල බලය පැහැර ගැනීම ස`දහා කුමණ්ත‍්‍රනකාරී ලෙස ගෙතු සාවද්‍ය චෝදනා බව ජනතාවට දැන් වැටහී ගොස් ඇත. විචාරශීලී බුද්ධියක් සහිත වූ කිසිවකුත්, මේ කිසිවක් තවදුරටත් විශ්වාස නොකරනු ඇත.

අවසානයේ පාදයාත‍්‍රාව දිගේ තමන්ගේ දෑස් ඉදිරියේ ගමන්කරන්නේ මෙලෙස චෝදනාවල ලක්කල, ජනනායකයින්දැයි සිතෙන විට ජනතාව තමන්ට වූ රැුවටීමේ ප‍්‍රමාණය දැකගත හැකි වන්නට ඇත. මෙම නායකයින් දැන් බලයේ සිටින්නන්, ඡුන්දයට පෙර කියූ පරිදි මහා අපරාධකාරයින් පිරිසක් වූයේ නම් ජනතාව ඔවුන්ට කොසු මිටෙන් පහර දෙනු ඇත. ඔවුන් දෙසට අසූචී වීසි කරණු ඇත. ලාංකිකයා දීන මිනිසුන් පිරිසක් නොවේ. අපට එරෙහිවූ විට, ලොව හතරවෙනි හමුදාවට අණදෙන ඉන්දියාවේ සේනාධිනායක, අගමැති රජිව් ගාන්ධිටත් ඔ`එවටම පහර දීමට ඉදිරිපත් වූ ජාතියක මිනිසුන් වෙමු. එහෙත් මෙම පාදයාත‍්‍රාවේ නායකයින් මහින්ද ප‍්‍රමුක නායකයින් සමග පාද චාරිකාවේ යෙදෙන විට ඔවුන්ට වැ`ද නමස්කාරයෙන් පිළිගත්තා මෙන්ම, සමහරුන් ආචාර කොට පිළිගත්තේය. සමහරුන් දෙපා නැමැද පිළිගත්තේය. තවත් සමහරු සෙල්ෆි ගත්තේය. මේ සියල්ල සිරිසේන-වික‍්‍රමසිංහලා වැපිරූ, අසත්‍යය සුණු විසුණු කලේය. මේ සියල්ල බලා සිටින ඔවුන්ගේ මනස් වලට කුමක් වන්නට ඇත්ද?

තරුණ අසහනය ඉතා ප‍්‍රබලව ඉස්මත්තට එනු පෙනිනි

‘නංගි වෙනස කොහොමද? යහපාලනේ හො`දයිද?’ ‘පුංචි කාර් ලැබුණද? නිකං කෝල් ගත්තද?’

‘මල්ලි වෙනස සැපයිද? රස්සා එහෙම ලැබුනද? රැුකියා දස ලක්‍ෂේ, තාමත් දුම් මැස්සේ’ ‘මල්ලිලාට කොහොමද? දැන් ඔහෙලට සතුටුද? වොක්ස් වෑගන් ආවද? රස්සාවක් ලැබුනද? යහපාලනේ කොහොමද? දැන් මල්ලිට සතුටුද?’ ‘මල්ලි වෙනස සැපයිද? 100 ලෝඞ් දැම්මද? 57 ක් කැපුනද?’ ‘නංගිලාට සතුටුද? ෆරී වයි ෆයි ලැබුණද?’ සෑම මිනිත්තු 5 ක් තුළ දීම නැවත නැවතත් දෝංකාර දෙනු ඇසිනි.

ඒ තුළ කිසිවකුට කෘතීම හ`ඩක් නොඇසුණු අතර එය සත්‍යවශයෙන්ම තනි තනිව බොහෝ දෙනාගේ හිත්තුළ ආණ්ඩුවට එරෙහිව කියවුණු වදන්ය.

පොලීසියේ නිලධාරීන් හා රජයේ නිලධාරීන් වෙත එළ්ල කෙරුණු, ‘රාළ හාමි කොහොමද? නිකං බයික් ලැබුණද? පනස් දාහ දුන්නද? දැන් හො`දටම සතුටුද?’ දැඩි නිර්මානාත්මක ස්වරූපයක් ගත්තේය. ඉතා ජනප‍්‍රිය වූවා මෙන්ම පොරොන්දු කඩ කොට මුසා ලෝකයකින් පිරුණු රජය වෙත පැවති ජනතා අප‍්‍රසාදය දැඩිව ඒමගින් පෙන්නුම් කලේය.

ප‍්‍රගතිශීලී ක`දවුර බලමු`එ ගැන්වීය

මහින්ද විසින් සිදුකල ඉතාම සියුම් වූ ද, ගෞරවනීයවූද , වැදගත් වූද, ප‍්‍රහාරය එළ්ල වූයේ ජවිපේ නායක අනුර කුමාර වෙතය. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ඉතා බරපතල ලෙස වැරදි මාවත ගෙනයමින් එය, ජනපීඩක, එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය ලෙස භාවිතා කිරීමට එරෙහිව, රටපුරා ජනතාව තුළ පවතින්නේ දැඩි පිළිකුළ් සහගත විවේචනයකි. මහින්ද විසින්, ඒ සම්බන්ධව ඉතා තීරණාත්මක ලෙස, ‘රතු අලි පැටියෝ හරියට පැත්ත තෝරාගන්න’ ලෙසින් සිදුකල ඉතා සියුම් වචන කිහිපය අනුර කුමාරට දැඩිව රිදුන් දුන් බව ඊල`ග දිනයේදීම ඔහු විසින්, ඒ සම්බන්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පෙනී යයි. මහින්ද ජනතාවට මෙන්ම ජවිපෙ සාමාජිකයා වෙතද ඉතා තීරණාත්මක පණිවිඩයක් එමගින් ගෙන ගියේය.

එම පණිවිඩය ජවිපෙ සම්බන්ධයෙන් පමණක් අදාල නොවේ. මේ නැග ආ ජනතා විරෝධය හමුවේ දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්, පසුගිය මහ මැතිවරණයේ දී, මහින්දගේ රූපය පෙන්නා බලයට පැමිණි කාට කාටත් තමන්ගේ පැත්ත තෝරාගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. නොඑසේ නම් ඒ බොහෝ දෙනාගේ දේශපානික අවසානය මේ සමග උදාවනු ඇත.

රටපුරා දැස් හැර මැදහත් නුවනින් විමසා බලන කාට වුවත් පෙනීයන එක් දෙයක් ඇත. එනම්, රටපුරා, මධ්‍ය දක්‍ෂිණාංශික මෙන්ම, වාමවාදී ද, දේශපේ‍්‍රමී මෙන්ම ප‍්‍රගතිශීලීද ජන කණ්ඩායම් මෙම පවත්නා පාලනයට එරෙහිව මොරගා කියන විරෝධයක් දිනෙන් දින කු`එ ගැන්වෙමින් පවතින බවය. ඉහළ මධ්‍යම පාන්තිකයා මෙන්ම, පහළ මධ්‍යම පාන්තිකයාද, මෙම රජයේ අසාර්ථක ආර්ථික පිළිවෙත හරහා දැඩි පීඩාවකට පත්ව ඇත. ගොවියා, වැවිලිකරුවා, කුඩා කර්මාන්ත වල නියෙලෙන්නා, සු`එ ව්‍යාපාරිකයා, පුද්ගලික අංශයේ සේවකයා මෙන්ම රජයේ සේවකයාද, දැඩිව ඉහළ යන ජීවන බරට එරෙහිව මෙන්ම, තම හිස මත දිණෙන් දින පටවන අධික බදු බරට එරෙහිව රටපුරා කෑමොර දෙමින් ඇත. මේ සිය`එ බලවේග එක්තැන් කරන්නාවූද, සංවිධානානය කරන්නා වූද ජනතා ව්‍යාපාරයක අවශ්‍යතාවය දිනෙන් දින ඇතිවෙමින් ඇත. මහින්ද ඊට නායකත්වය දීම, ඉතා නිවැරැුදිව ඉටුකරන බව මෙහිදී පෙනීගියේය.

තමතමන්ගේ පටු දේශපාලන අරමුණු ඉස්මත්තට ගෙන, මහින්දට එරෙහිවී සමස්ථ රටකට කල විනාශය දැන්වත් අප තේරුම් ගත යුතුය. ලෝක බැංකුවට හා අන්තර් ජාතික මූල්‍ය අරමුදලට අනුව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වූ රට, අද මහා ආර්ථික අඝාදයකට ඇද දමා ඇත. ශ‍්‍රී ලංකාව 2014 දි ලෝකයේ දෙවෙනියට වේගයෙන් සංවර්ධනය වූ රට බව පැවසූවේද ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදලයි. එය දෙවැනි වූයේ චීනයට පමණි. බ්ලූම්බර්ග් හා ෆෝබර්ස් ස`ගරාවට අනුව ලෝකයේ සංවර්ධිත රාජ්‍ය මට්ටමට වේගයෙන් නැගී එන රාජ්‍ය 7 ට අයත්වූ එකම දකුණු ආසියානු රට ශ‍්‍රී ලංකාවයි. මෙතරම් මහා වාසනාවක් අත්කරගත් ශ‍්‍රී ලංකාවට 2015 ජනවාරි 08 පසු අත්වූ මේ විනාශය, අප කෙසේ වළක්වා ගමුද? සිත් ඇති, මනස් ඇති සියල්ලන්ට සිතීමට කාලය එළඹ ඇත. 2005 දී බලයට පැමිණි මහින්ද, මේ මහා ආශ්චර්යය අපට ගෙනත් දුන්නේ, 2004 දී ලෝකයේ අසාර්ථක රාජ්‍යයක් ලෙස නම් කොට තිබූ රටක, තත්ත්වයක සිටය. මහින්ද තවත් එක් තනි මිනිසෙකු නොව ලොවම දිණුවා වූවද, උත්සාහවන්ත වූද, ධෛර්ය වන්ත වූද, ඥාන සම්ප‍්‍රයුක්තවූද, මහා ජන සමූහයකට නායකත්වය දිය හැකි නිර්මානාත්මක මිනිසෙකි. මහා දක්‍ෂතා පිරිණු මිනිසුන් රැුසක් එක්කොට යෝධ ව්‍යාපෘතියක් රට වෙනුවෙන් සිදුකල හැකි මහා නායකයෙකි. මහින්ද යනු නමක් නොව රටකි. පාදයාත‍්‍රාව අපට කියාදුන් මහා පාඩම එයම මිස වෙන කිසිවක්ද?

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions