11/07/2020

ජනතා පැතුම් ඉටු කිරීමේ වගකීම!

කතෘ:යුතුකම     11/07/2020   No comments
යුතුකම ජාතික සංවිධානය විශ්වාස කරන්නේ 20 වෑනි සංශෝධනය වනාහි මෙ රටට අත්‍යවශ්‍යව තිබූ පියවරක් බවයි. එ මෙන් ම අත්‍යවශ්‍ය නිවැරදි කිරීමක් බවයි. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිට කැමැති ඇමැති ධූරයක් දැරීමේ බලය, පාර්ලිමේන්තුවේ තමන් කැමැති ඕනෑ ම පුද්ගලයකු ඇමැති ධුරයකට පත් කිරීමේ / ඉවත් කිරීමේ බලය හා වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය පැවැතිණි. එ මෙන් ම තම අභිමතය පරිදි අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීමේ බලය, නීතිපති, පොලිස්පති ඇතුළු රජයේ ඉහළ තනතුරුවලට පත්කිරීමේ බලය තිබිණි.

19 වැනි සංශෝධනයෙන් වූයේ මේ සියලු බලතල පාහේ ජනාධිපතිවරයා ගෙන් ඉවත් කිරීම ය. කිසිඳු ඇමැති ධූරයක් දැරීමේ අයිතිය ද අහිමි කෙරිණි. මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් ආරක්ෂක, මහවැලි හා පරිසර ඇමැති ධූර දැරීමේ හැකියාව තිබුණත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරුන්ට එකඳු අමාත්‍යංශයක් හෝ දැරීමේ අයිතියක් තිබුණේ නැත. එ මෙන් ම අමාත්‍යවරුන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය තිබුණ ද එය ක්‍රියාත්මක කළ යුතු වූයේ අගමැතිවරයා ගේ අනුමැතිය අනුව ය. පාර්ලිමේන්තුව විසිරු වීම ද එහි වසර පහක නිල කාලයෙන් වසර හතරහමාරක් ගතවන තුරු කළ නො හැකි වි ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් මෙන් ම කොමිසම් සභාවල සාමාජිකයන් පත්කිරීම ද නීතිපති පොලිස්පති පත් කිරීම ද ජනාධිපතිවරයා ගේ අභිමතය නො සැලකෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවරා තිබිණි. අවසන මුළු ජනයාගේ ම ඡන්දයෙන් තේරි පත් වන ජනාධිපතිවරයා ගේ බලය ව්‍යවස්ථාවෙන් ම උදුරා ගෙන අගමැතිවරයා වටා කේන්ද්‍ර කළේ ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් ජනාධිපතිවරයාට පවරනු ලබන විධායක බලය ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට පවරනු ලැබේ. එ විට කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා හැර සෙසු සියලු ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා විසින් පවරනු ලබන විධායක බලය හිමි වෙද්දී, ඒ ජනාධිපතිවරයාට ම කිසිදු ඇමැති ධූරයක් දැරීමට නො හැකි වීම මොන තරම් විහිළුවක් ද? 19 වැනි සංශෝධනයේ අභිමතාර්ථය වූයේ රාජ්‍ය ව්‍යුහය දුර්වල කොට රට අරාජික කිරීම ය. එ වැනි වටපිටාවක 20 වැනි සංශෝධනයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු ද 19 වැනි සංශෝධනයෙන් මෙන් පඹයකු ද නිර්මාණය නො කර ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර වඩා හොඳ සමතුලිතතාවක් නිර්මාණය වූ බව අපේ අදහස යි.

ජනාධිපතිවරයාට දැන් ආරක්ෂක ඇමැති ධූරය ඇතුළු අමාත්‍ය ධූර දැරීමේ අයිතිය ලැබී තිබේ. එ මෙන් ම අමාත්‍යවරුන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ලැබී තිබේ. එහෙත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ලැබෙන්නේ වසර දෙකහමාරකට පසුව ය. එ මෙන් ම ඇමැතිවරුන් පත් කිරීමේ දී කැබිනට් ඇමැතිවරුන් තිහක හා සෙසු ඇමැතිවරුන් හතළිහක සීමාව තිබේ. මේ නිසා ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර යම් බල තුලනයක් ඇති වී ඇති බව අපේ විශ්වාසයයි.

එ මෙන් ම ඉහත තනතුරු පත්කිරීමේ දී 20 වැනි සංශෝධනය අනුව පත් කෙරෙන පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ජනාධිපතිවරයා ලබාගැනීම අනිවාර්ය කොට තිබේ. පාර්ලිමේන්තු සභාව තනිකර ම කතානායක, අගමැති, විපක්ෂ නායක හා අගමැති ගේ හා විපක්ෂ නායක ගේ නියෝජිතයන් ගෙන් සමන්විත ය. එහි නිරීක්ෂණ ලබාගැනීම අනිවාර්ය කිරීම යනු ජනාධිපතිවරයා ගේ පත්කිරීම් එම නිරීක්ෂණවලට අනුකූල විය යුතු බව ය. එ මෙන් ම එම තැනැත්තන් ඉවත් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා අනෙකුත් අණ පනත්වල සඳහන් පරිදි විය යුතු ය. අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ පටිපාටිය කතානායකවරයා විසින් විනිශ්චය කරනු ලැබෙන අතර එම පටිපාටියට අදාළ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට දැනුම් දීම ද ඇතුළත් කළහොත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තහවුරු වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි. 1978 පූර්ණ මුක්තිය ජනාධිපතිවරයාට ඒ ආකාරයෙන් ම හිමි නො වන තත්ත්වයක් තුළ, එ නම් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අවස්ථාව හිමි ව තිබෙන බැවින් සංවරණය හා තුලනය නිසි පරිදි සිදුවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීම!

යුතුකම ජාතික සංවිධානය ඇතුළු ජාතික සංවිධාන, විශේෂයෙන් ම දේශමාමක භික්ෂූන් වහන්සේ ලා 20 වැනි සංශෝධනයට විරුද්ධ වූ බවට ඇති වූ මතය වැරැදි ආකල්පයකි. ඒ මැදිහත් වීම සිදු කෙරුණේ 20 වැනි සංශෝධන කෙටුම්පත වඩාත් නිවැරැදි කර ගැනීමට ය. යමක අඩුපාඩු පෙන්වා දී නිවැරැදි කර ගැනීමට මැදිහත් වීම වෙනුවට යමකට පක්ෂ වීමේ හෝ විපක්ෂ වීමේ දේශපාලනය අපි අවසන් කළ යුතු වෙමු. 69 ලක්ෂයක ජනතා පැතුම් තුළ එවැනි පක්ෂ-විපක්ෂ දේශපාලනය ඉක්මවා යන ගැඹුරු මැදිහත්වීම් පිළිබඳ අපේක්ෂාවක් ද වූ බව අපේ පිළිගැනීමයි.

ජාතික සංවිධානවල, විශේෂයෙන් ම ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක නාහිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීමෙන් කාරක සභා අවස්ථාවේ දී කළ සංශෝධන සමඟ සම්මත වූ 20 වැනි සංශෝධනය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, වඩාත් දියුණු සංශෝධනයක් වූ බව අප ගේ අදහස යි. මේ මැදිහත් වීම නිසා හදිසි ආපදා තත්ත්වයක දී හෝ ජාතික ආරක්ෂාවට බලපාන කරුණක දී හෝ හැර ඕනෑ ම පනතක් සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ අයිතිය රටවැසියාට සුරක්ෂිත වී ඇත.

එ මෙන් ම සියලු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, කොමිසන් සභා, සංස්ථා රජයට හෝ රාජ්‍ය ආයතනයකට හෝ 50%කට වඩා කොටස් හිමි සමාගම් සියල්ල විගණකාධිපතිවරයා ගේ විගණනයට යටත් කර ඇත. මුදල්වලට හෝ වරප්‍රසාදවලට හෝ මහජන මතය විකෘති වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස කැබිනට් හා අනෙකුත් ඇමැතිවරුන් ගේ සංඛ්‍යාවට පැන වූ සීමාව එ ලෙස ම ආරක්ෂා වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී ද්විත්ව පුරවැසියන්ට මේ රටේ දේශපාලන හා රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තනතුරු දැරීමේ අවස්ථාව සම්බන්ධයෙන් ද පුළුල් සංශෝධන ගෙන ඒමේ ක්‍රියාවලියට ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. මේ ප්‍රතිඥාව අධිකරණ ඇමැතිවරයා ගේ පිළිතුරු කතාවට ඇතුළත් කර හැන්සාඩ්ගත කෙරිණි. ඒ නිසා දේශමාමක භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීම මව්බිමට සුවිශේෂී වටිනාකම් රැසක් රැකදුන් මැදිහත් වීමකි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ සංචාරයට පෙර මේ භික්ෂූ නායකත්වය විසින් ම එම්.සී.සී. ගිවිසුම ප්‍රධාන පසුගිය රජය විසින් ගොඩනඟන ලද අප රටට අහිතකර ගිවිසුම් සම්බන්ධයෙන් ද වත්මන් ජනාධිපතිවරයා හා රජය ජනතාවට දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව කටයුතු කළ යුතු බව පෙන්වා දෙනු ලැබී ය. මුළුමනින් ම එය අපේ රටේ භික්ෂූන් වහන්සේ ලා රාජ්‍ය නායකත්වය නිවැරැදි රාජ්‍ය පාලනයක් සඳහා යොමු කිරීමේ, ඒ ඓතිහාසික සංසිද්ධිය මූර්තිමත් කිරීමක් ම විය. අවුරුදු දහස් ගණනක් පැරැණි අපේ සභ්‍යත්ව උරුමය යළි ක්‍රියාවට නැඟීමක් විය. එහි දී ජනාධිපතිතවරයා ප්‍රමුඛ රජය ද ඒ අවවාද අනුශාසනාවලට කන් දී නම්‍යශීලී වීම අප දකින්නේ අප ගේ රටට වඩාත් යෝග්‍ය වන අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනතා පැතුම් අවදි කිරීමක් ලෙස ය.

චීන ඇමරිකානු බල අරගලය!

චීන රජයේ ඉහළ ධූත පිරිස ගේ සංචාරයේ දීත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ සංචාරයේ දීත්, ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර වූ සාකච්ඡාවේ දීත් අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය යළි සහතික කෙරෙන ස්ථාවරයෙහි පිහිටා සිටීමට වත්මන් රජය සමත් විය. එහි දී ඉන්දීය සාගරය බල කඳවුරක පාලනයට යටත් නො වන නිදහස් සාගරයක් ලෙස පවත්වා ගෙන යෑමේ වැදගත්කම සම්බන්ධයෙන් පළ වූ අදහස් මව්බිමේ අනාගතයට ඉතා වැදගත් ය. ශ්‍රී ලංකා භූමිය පාදක කර ගනිමින් ඇමරිකාව හා චීනය හුවමාරු කරගත් එකිනෙකාට සතුරු අදහස් දැක්වීම් ඇමරිකානු ජනාධිපතිවරණය මුල් කරගත් උපක්‍රමික ක්‍රියාවලියක් ද යන සැකය මේ වන විට මතුවෙමින් පවතී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විසි වෑනි සංශෝධනය පිළිබඳ සමාජ සංවාදයේ දී අප දුටු වැදගත් ම කාරණය නම් ජනාධිපතිවරයා ගේ දෙ වැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ලබන වසරේ නොවැම්බර් 16ට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත රට හමුවේ තබන බවට ජනාධිපතිවරයා ගෙන් ලැබුණු ප්‍රතිඥාවයි. එය වඩාත් තහවුරු කරමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥයන් නව දෙනෙකුගේ සාමාජිකත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. මේ නොවැම්බර තිස් වැනි දාට පෙර සිය අදහස් එම කමිටුවට ඉදිරිපත් කරන්නැයි මහජනයාට ආරාධනා කෙරෙන පුවත්පත් දැන්වීම් පළ වූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

යුතුකම ජාතික සංවිධානය ඊටත් වඩා සතුටට පත්වන්නේ මේ අවස්ථාවේ රජය බලයට පත් කිරීමට මුල් වූ සංවිධාන හා භික්ෂූන් වහන්සේ ලා පෙරට පැමිණීම ය. තමන් පත් කළ ආණ්ඩුව කුමක් කළත් ආරක්ෂා කරන්නෙමැයි යන සම්ප්‍රදායක අගතිගාමී අදහස්වලින් මිදී මවුබිමට ආදරය කරන ජනයා කටයුතු කිරීම යි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ඉන්දියාව අප මත බලහත්කාරයෙන් පටවා ඇති පළාත් සභා ක්‍රමය ගැනත්, මහජන නියෝජිතයා දූෂිතයකු කරන සමානුපාතික ඡන්ද ක්‍රමය ගැනත් බැරෑරුම් තීරණ ගත යුතු ය. මහජන නියෝජිතයන් 75%ක්වත් කොට්ඨාශ නියෝජනය කරමින් පත්වන්නේ නම් මහජන මතය හා නියෝජිතයා අතර වඩා ඍජු සම්බන්ධයක් ගොඩනැඟීමට හැකි වනු ඇත. එමෙන් ම මහජන නියෝජිතයා මුදලට අලෙවි වීම වැළැක්වීමට ද එය හේතු වනු ඇත. කිසියම් මහජන නියෝජිතයකුට තම හෘද සාක්ෂියට අනුව සිය පක්ෂයේ හෝ ආණ්ඩුවේ හෝ මතය අභියෝගයට ලක් කිරීම අවශ්‍ය වන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී අතුරු මැතිවරණයකට මුහුණ දීම හරහා ඊට අවස්ථාව දිය යුතු ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'ගම සමඟ පිළිසඳරක්' ක්‍රියාවලියෙන් පැන නැඟුණු සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක ම ඡන්දදායකයන් සියලු දෙනා සාමාජිකයන් වන ප්‍රාථමික ග්‍රාම පාලන ව්‍යුහයක් ගොඩනඟා ගැනීම වැදගත් යෝජනාවකි. එහි දී එක් අතකින් පක්ෂ දෙශපාලනය ඉක්මවා ගම ඒකරාශී කෙරෙන අතර ඊට අදාළව ගොඩනැඟෙන ආයතනයෙහි ගමට අදාළ සියලු රාජ්‍ය සේවා හා සැපයුම් කේන්ද්‍රගත කෙරේ. එය තනිකර ම ගමේ මූලික අවශ්‍යතා ගමෙන් ම සපිරෙන ඉදිරිගාමී පියවරකි.
කොරෝනා වසංගතය වැනි අවස්ථාවක පවා සෞඛ්‍යාරක්ෂිතව සහනාධාර සම්පාදනයට ප්‍රාදේශීය සභා නියෝජිතයා, ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය නිලධාරී හා පොලිස් නිලධාරී ඇතුළු කමිටු ගොඩනැඟීමෙන් මෙවැනි ප්‍රාථමික ව්‍යුහයක වැදගත්කම මොනවාට පැහැදිලි වෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අප අපේක්ෂා කරන්නේ අපේ අතීත සභ්‍යත්ව උරුමය මත අපේ රටේ අනාගතය ගොඩනඟා ගත හැකි මහජන සම්මුතියකි. එය අප ගේ විරෝදාර හමුදා ඉමහත් පරිත්‍යාගයන් මත ලබාගත් නන්දිකඩාල් ජයග්‍රහණයේ දේශපාලන අරුත ක්‍රියාවට නැඟෙන ව්‍යවස්ථාවක් ද විය යුතු ය. රණවිරුවන් මවුබිමේ ඒකීයභාවය රැකගැනීමට කළ අපමණ වූ කැපකිරීම් පිළිබිඹු කරන ව්‍යවස්ථාවක් විය යුතු ය.

පක්ෂ දේශපාලනය

අප ගේ අතීත සභ්‍යත්වය මත අනාගතය ගොඩනැඟීමේ දී අප විසින් ගොඩනඟනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පක්ෂ දේශපාලන බෙදීම් රටට, ජන සමාජයට අහිතකර ලෙස බලපෑම අවම වන පරිදි නිර්මාණය කර ගැනීමට වග බලා ගත යුතු ය. බ්‍රිතාන්‍යය අප මත පැට වූ පක්ෂ දේශපාලනය මේ රටේ ජනයා පිටු දකිමින් සිටින බව අපේ අදහස යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කළහොත් මේ සත්‍ය අවබෝධ කරගත හැකි ය. එ මෙන් ම මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ මුළු සමාජ දේහය ම රෝගාතුර කරන පරපෝෂිතයන් ද යන ප්‍රශ්නය අපේ රටේ ජනතාව මතු කරති.

මේ රටේ ජයග්‍රහණ රාශියකට අද වන විට පදනම සපයා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පවා සිය පක්ෂයට වසර හතරක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ දී ස්වදේශික ජනයා දේශපාලන පක්ෂයකින් අපේක්ෂා කරන්නේ කුමක් දැයි ගැඹුරින් සිතා බැලිය යුතු බව අපේ අදහස යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීමට පදනම සැපයූ බවට කිසිඳු සැකයක් නැත. ඒ සඳහා මූලිකත්වය ගත් මහින්ද රාජපක්ෂ ජන නායකයාට හා බැසිල් රාජපක්ෂ මහතාට ජනතාව ගේ කෘතඥතාව පිදෙන බවට ද සැකයක් නැත.

එසේ වූවත් අප පළාත් පාලන මැතිවරණය ජය ගන්නා අවස්ථාවේ ඊට නායකත්වය දුන් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල වැනි දේශපාලන නායකයන් ද පැවැති ආණ්ඩුවේ පාවාදීම්වලට එරෙහිව ඉදිරියට ආ ජාතික සංවිධාන හා මහ සඟරුවන ද එම පක්ෂයේ මිතුරන් මිස සාමාජිකයන් නො වූ බව ද අප අමතක නො කළ යුතු ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වුව ද ඒ පෙරමුණ ගොඩනඟූ නායකයකු නො වූ බව අප අමතක නො කළ යුතු ය. පක්ෂයේ සිවු වැනි සංවත්සරය වෙනුවෙන් ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිකුත් කළ නිවේදනයේ "දේශප්‍රේමී දේශපාලනයේ හිදැස පිර වූ පක්ෂයක සභාපතිවරයකු වීම භාග්‍යයක්" ලෙස ඔහු සඳහන් කොට ඇත. එයින් පෙනෙන්නේ ද ඒ පක්ෂයේ ජයග්‍රහණය සඳහා පක්ෂ භේදය ඉක්මවා ගොස් මේ රට වෙනුවෙන් කැපවන භික්ෂූන් වහන්සේලා ගේ හා ජාතික සංවිධානවල මතවාදීමය මැදිහත්වීමේ වැදගත්කමයි.

ඒ නිසා දේශපාලන පක්ෂ පටු සීමා ඉක්මවා ගොස් මේ රටේ ජනයා ගේ සැබෑ අභිලාෂ වෙනුවෙන් පෙනී නො සිටින්නේ නම් එම පක්ෂ තව දුරටත් කර තබා ගෙන යෑමට ජනයා සූදානම් නැති බව අපේ අදහස යි. ඉතින් අප උදක් ම බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනයා ගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කිරීමට කැපවනු ඇතැයි කියා ය.

(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සම්පාදිත ලිපියකි)

බිඟුන් මේනක ගමගේ
දිනපතා ලංකාදීප 2020. 11. 05
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/24/2020

20 වැනි සංශෝධනයේ පසුබිම, අරමුණ සහ අභියෝග

කතෘ:යුතුකම     10/24/2020   No comments


(විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙ වෙනි වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා 2020.10.22 වෙනි දින සිදුකළ දේශනය.)

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

විසි වැනි සංශෝධනයේ පසුබිම කුමක් ද, විසි වැනි සංශෝධනයේ අරමුණ කවරේ ද, විසි වැනි සංශෝධනය මුහුණ දෙන අභියෝග කවරේ ද, යන කරුණු පිළිබඳ අප ගේ යුතුකම ජාතික සංවිධානයේ විග්‍රහය මේ ගරු සභාව හමුවේ තබමින් මා මේ අදහස් දැක්වීම ඇරැඹීමට කැමති යි.

විසි වැනි සංශෝධනයේ ආසන්න පසුබිම වන්නේ, 2015 වසරේ 'යහපාලනය' නාමයෙන් ක්‍රියාවට නැඟුණු විජාතික කුමන්ත්‍රණයේ දුෂ්ට අරමුණු කරා යෑම පිණිස තැනූ පහුර වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යි. ෆෙඩරල් නැතිනම් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම මඟින් මේ රට අනාථ භූමියක් කිරීම, සදාදරණීය මව්බිම කැබලි කිරීම, සුදු ලෝක අධිරාජ්‍යයේ හමුදා කඳවුරක්, සැපයුම් මධ්‍යස්ථානයක්, වහල් බිමක් කිරීම - ඒ සඳහා ඉඩ හසර විවර කරගැනීමටයි, 19 වැනි සංශෝධනය ගෙන ආවේ. 19 ඒ ඉලක්කය කරා යෑමට තැනූ පහුර යි.

දහ නවයෙන් රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරිමට, රනිල් වික්‍රමසිංහ අගමැති අතට වංචනික ලෙස බලය සංකේන්ද්‍රණය කිරීමට හා රාජ්‍ය ව්‍යුහය දුර්වල කිරීමට උත්සාහ කළේ මවුබිම අනාථ භූමියක් කිරීම, මවුබිම කැබැලි කිරීම යන ඉලක්කය සපුරා ගැනීම පිණිස ය. විසි වැනි සංශෝධනයේ අරමුණ මේ 19 නිෂේධනය යි.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට දැරූ ප්‍රයත්නය අද වන විට මේ රටේ ජනතාව විසින් සහමුලින් ම පරාජය කර අවසාන ය. රනිල් වික්‍රමසිංහ අගමැති අතට බලය සංකේන්ද්‍රණය කර ගැනීමට දැරූ ප්‍රයත්නය මෙ රට ජනතාව පරාජය කළා පමණක් නොව ඒ දුෂ්ට ප්‍රයත්නයේ නියමුවන් දේශපාලන අනාථයන් බවට ද පත් කර ඇත. දහනවයෙහි පරාජය කිරීමට ඉතිරිව ඇත්තේ රාජ්‍ය දුර්වල කිරීමට ගත් ක්‍රියාමාර්ග නිවැරැදි කිරීම යි. විසි වැනි සංශෝධනයේ අරමුණ වනුයේ මෙය යි.

එ සේ නම් ඒ දුෂ්ට අරමුණු සහිත 19 පිටු දැකීමට 20 ගෙන එන විට අපි, යුතුකම සංවිධානය මෙ තරම් සංවේ දී වූයේ ඇයි? සමස්ත 19ම ඉරා දමනවාට යුතුකම ඇතුළු ජාතික බලවේග සංවේදී ඇයි? ඒ 19 දුෂ්ට අරමුණු සඟවා ගනු පිණිස, 2015 විජාතික කුමන්ත්‍රණයට මෙ රට ජන මනස රවටා ගනු පිණිස, 19ට ඇතුළු කර තිබූ සාධනීය අංග ලක්ෂණ රැකගනු පිණිස ය.

අප දකින ආකාරයට ඇමැති සංඛ්‍යාව සම්බන්ධයෙන් 19න් පැන වූ සීමා, ඡන්දය මගින් පළ වන ජනමතය විපරිත වීම වළක්වා ගනු පිණිස, මහජන නියෝජිතයන් මුදලට අලෙවි වීම වළක්වා ගනු පිණිස, විශේෂයෙන් ම අන්තවාදී ආගමික පක්ෂවල කප්පම් දේශපාලනය වළක්වා ගනු පිණිස මේ රටේ ජනයා ගේ ප්‍රාර්ථනාවකි.

හදිසි පනත් ලෙස මේ තාක් ගෙනැවිත් ඇත්තේ ඉන්දියාවට කප්පම් දීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ආ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත්, ආගමික දේශපාලනය භෞතීස්ම කරමින් කප්පම් දීමට ආර්. ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා (එවකට අගමැතිතුමා) ගෙන ආ 15 වැනි සංශෝධනයත් පමණි. ඒ අන්තවාදයට හා විජාතිකත්වයට කප්පම් දීමේ දේශපාලනය තම ප්‍රතිපත්තිය කරගත් පසුගිය රජය, හදිසි පනත් ගෙන ඒමේ අවකාශය අහුරා දමන්නේ තමන් ගේ අභිලාෂ වසන් කරගනු පිණිස යි. ජනතාව මුළා කරගනු පිණිස යි. එහෙත් මවුබිම වෙනුවෙන් අධිකරණයට යෑමේ ඉඩහසර මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජනයා ගේ අයිතියකි.

විගණනය පිළිබඳ එතෙක් ව්‍යවස්ථාවේ පැවති ප්‍රතිපාදන තව දුරටත් තහවුරු කෙරෙන වගන්ති 19ට ඇතුළු වූයේ ඔවුන් හොරකමට එරෙහිව, ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහිව නැඟූ ව්‍යාජ ඝෝෂාවට ජනයා රවටා ගනු පිණිස යි. හොරකමට එරෙහිව, විජාතිකකරණයට එරෙහිව විගණකාධිපතිතුමා ගේ කාර්යභාරය ශක්තිමත් කරන වගන්ති ගෙනෙන ගමන් සිදු කළ මහබැංකු බැඳුම්කර හොරකමින්, හම්බන්තොට වරාය කුණුකොල්ලයට 99 වසරකට බදු දීමෙන් මේ බව පැහැදිලි යි. සොරකමට එරෙහිව, විජාතිකකරණයට එරෙහිව, රාජ්‍ය දේපොළ, ජාතික සම්පත් රැකගැනීම ජනතා පැතුමකි.

ඇමති ධූර සංඛ්‍යාව පිළිබඳ 19 වැනි සංශෝධනයේ සීමාවන් රැකගැනීමට, විවිධ අණපනත්වල අහිතකර වගන්ති අභියෝගයට ලක්කරමින් අධිකරණයට යෑමේ රටවැසියා ගේ අයිතිය රැකගැනීමට, රාජ්‍ය ආයතන, මහජන දේපොළ සහ සබැඳි විගණකාධිපතිතුමා ගේ සුපරීක්ෂාව පවත්වාගෙන යෑමට යුතුකමේ අපි, ජාතික සංවිධාන හා ගරුතර සංඝරත්නය මැදිහත් වූයේ ඒ නිසා යි. ඒ ජාතික මතයට අතිගරු ජනාධිපතිතුමා, අතිගරු අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජය කන්දීම පිළිබඳ ව අපි අපේ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නට කැමැත්තෙමු.

විසි වැනි සංශෝධනය මුහුණ දුන් අනෙක් දැවැන්ත අභියෝගය වූයේ 19 පමණක් නොව 77 ව්‍යවස්ථාව ම, ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ම, ඒ තාක් කෙරුණු සංශෝධන සියල්ල ම පාහේ ම රට වෙනුවට, ජනතාව වෙනුවට, ඒ ඒ දේශපාලන පක්ෂවල, ඒ ඒ දේශපාලන නායකයන් ගේ බලය රැකගැනීමේ, බලය තහවුරු කිරීමේ කෑදර ප්‍රයත්නයන් වීම ය.
විශේෂයෙන් ම ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා මහතා ගේ "බෙදුම්වාදීන් ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන" කෘතිය පෙන්වා දෙන පරිදි 13 වැනි සංශෝධනයෙන් පසු කෙරුණු බොහෝ සංශෝධන බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව සිදුකර ඇති බව පැහැදිලි ය.

මේ නිසා 19න් ඉවත් වීමට ඔසවන පය ආපස්සට තබන්නේ කොතැන ද? පය තැබීමට යන සැම තැන ම බොරු වළවල් නම්, මරුවැල් නම්, බිම්බෝම්බ නම්? මේ නිසා යි, යුතුකමේ අපි ජනාධිපතිවරණයට පෙර ම 'මරාගෙන-මැරෙන බෝම්බ, ව්‍යවස්ථා බෝම්බ පරදමු!' යනුවෙන් ජනයා දැනුම්වත් කිරීමට කටයුතු කළේ.

නව ව්‍යවස්ථාව සකසන තෙක්, ඉදිරියට පය තබන තෙක්, තාවකාලික පියවරක් ලෙස ආපස්සට යෑමට, විස්සෙන් දහනවය අහෝසි කිරීමට ගන්නා ප්‍රයත්නය අභියෝගාත්මක වූයේ, වන්නේ මේ නිසා යි. බලන්න, 1987 වසරේ පටන්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පටන් අපේ ව්‍යවස්ථාවට
ඇතුළත්ව ඇති මේ වගන්තිය: 2015 ප්‍රතිශෝධිත මුද්‍රණයේ 240-241 පිටු, 13 වන සංශෝධනයට අදාළ II වැනි ලැයිස්තුව (සංවෘත ලැයිස්තුව),
"සියලු විෂයයන් සහ කර්තව්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" යටතේ, "රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික සුරක්ෂිතතාවය, අභ්‍යන්තර ආරක්ෂාව, නීතිය හා යථා පැවැත්ම" යටතේ (අ), (ආ) ආදී ලෙස දක්වා ඇති විෂයයන් ගෙන් අවසාන ලෙස දක්වා ඇති (ඔ) විෂය කියවා බලන්න:
"යම් පළාතකට අයත් පොලිස් හමුදාවක සාමාජිකයන් සතු බලතල" ආදී ලෙස ඇරඹෙන ඒ වගන්තිය අවසන් වන්නේ,
"යම් පළාතකට අයත් පොලිස් හමුදාවක සාමාජිකයෝ සතු බලතල හා ඒ බලතලවල විෂය පථය ඒ පළාතෙන් පිටත දුම්රිය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම" ලෙස ය.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ උත්තරීතර සභාවේ ගරු මහජන නියෝජිතයිනි, මොනවා ද මේ 'දුම්රිය ප්‍රදේශ'? මෙ වැන්නක් අපේ රටේ තිබේ ද? තිබුණා ද?

මේ ගැන සොයද්දී ලැබුණු පිළිතුර වූයේ ඉන්දියාවේ 'දුම්රිය ප්‍රදේශ' ඇති බව ය. මේ ව්‍යවස්ථාව අපේ රටේ කෑදර දේශපාලකයන් ගේ වුවමනාවන් මත පමණක් නො ව අසල්වැසි ඉන්දියාවේ කෑදර අභිලාෂ වෙනුවෙන් ද කෙලෙසා, දූෂණය කරන ලද්දක් බවට තව දුරටත් කරුණු දැක්විය යුතු ද?

විස්ස යනු දහ නවය ඉවත් කිරීමක් පමණක් ම යැයි කීව ද ගරු අධිකරණ ඇමැතිතුමාත් රජයත් මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව පස් දෙනකු තෙක් වැඩි කිරීමට ගත් තීරණය, ඉදිරියට පය තැබීමට ගත් තීරණය අප අගය කරන්නේ අවසාන වශයෙන් අප රටේ ජනීජනයා ගේ අභිලාෂ ඉටුකළ හැක්කේ, 69 ලක්ෂයක ජනවරමට යුක්තිය ඉෂ්ට කළ හැක්කේ, ඉදිරියට පය තැබීමෙන් ම, නව ව්‍යවස්ථාවක් සම්පාදනයෙන් ම පමණක් බව ඉතා පැහැදිලි බැවිනි. ලබන වසරේ නොවැම්බරයට පෙර අතිගරු ජනාධිපතිතුමා ගේ පදවිප්‍රාප්තියේ දෙ වන සැමරුමට පෙර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නය අපි දෝතින් ම වැළඳ ගන්නේ මේ නිසා ය.

දැන්, 20 වන සංශෝධනයේ මුල් කෙටුම්පතේ නිවැරැදි විය යුතු කරුණු ගණනාවක් අපි, යුතුකම සංවිධානය දුටු බව, ඒ නිවැරැදි කිරීම් කරගැනීමට මැදිහත් වූ බව කවුරුත් දනිති. 7 වන උපලේඛනයට අනුව බෙදුම්වාදී ප්‍රයත්නයන්ට දායක නො වන බවට වන ප්‍රතිඥාව, 53 වන හා 61 (ඇ) වගන්තිවලට ඇතුළත් කිරීම හා ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපති ගේ විෂය පථයට අයත් බවට අවධාරණය කිරීම නීතිපතිතුමා මඟින් අධිකරණයට දැනුම් දුන් සංශෝධනවලට ම ඇතුළත් ව තිබිණි.

ඉන් ඉක්බිති ව, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දී අප කළ කරුණු දැක්වීම්වලට අනුව ඒ ඉල්ලීම් ලිඛිතව අගමැතිතුමා හට ලබාදෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා කළ දැනුම්දීමට අනුව, අප විසින්, යුතුකම විසින් තව දුරටත් කරුණු 07ක් නිවැරැදි කරන ලෙස ගරු අගමැතිතුමා ගෙන් ඉල්ලා සිටින ලදි. ඒ ලිපිය මේ අවස්ථාවේ දී සභාගත කිරීමට කැමැත්තෙමි.

මේ ඉල්ලීම් අතරින්, 50%කට වැඩි කොටස් ජනයා සතුව ඇති, සමාගම් පනත යටතේ පිහිටුවා ඇති, ආයතන විගණකාධිපතිතුමාගේ විෂය පථයට යටත් කිරීම, රටවැසියාට පනත් සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ අවස්ථාව තහවුරු කිරීම, අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පැවැති සීමා තවදුරටත් පවත්වා ගෙන යෑම යන කරුණු අතිගරු ජනාධිපතිතුමා අතිගුරු අගමැතිතුමා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය මඟින් ගත් තීරණයට අනුව කාරක සභා අවස්ථාවේ නිවැරැදි වීමට නියමිත ය.

ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර නැතිනම් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව අතර යම් තුලනයක් ඇති කිරීමට අප කළ යෝජනාව ද අප යෝජනා කළ ආකාරයට නො වුව ද, තේරී පත්වී වසර 2 1/2 (දෙකහමාරක්) යන තෙක් පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට විසිරවීමට නො හැකි වීම මඟින් තහවුරු වී ඇති බව අප ගේ අදහස යි.

ඒ හා සමඟ ම ඉහළ අධිකරණවල විනිශ්චයකාරතුමන් ලා, කොමිසන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කිරීම හා නීතිපති, පොලිස්පති ඇතුළු ඉහළ තනතුරුවලට පත් කිරීමේ දී පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පිහිටු වීමට අපි එකඟ ය. එහි දී අතිගරු ජනාධිපතිතුමා ගේ අභිමතය ද, විශේෂයෙන් පොලිස්පති හා නීතිපති සම්බන්ධයෙන් වැදගත් බව අපි පිළිගනිමු. විසඳාගත යුතුව ඇත්තේ පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ හුදු නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණක් ද යන්න ය.

එකී පත්වීම් කිරීමේ දී ජනාධිපතිතුමා නිරීක්ෂණ ලබා ගැනීම අනිවාර්ය බව, 41(අ) වගන්තියෙහි (20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 5 පිටුව) "නිරීක්ෂණ ඉල්ලා සිටීම කළ යුත්තේ ය," යනුවෙන් සඳහන් වීමෙන් පෙනේ. එ සේ නම් ඒ නිරීක්ෂණවලට අනුකූල ව එම පත්කිරීම් සිදු කිරීමෙහි ආදර්ශය දෙන ලෙස අපි අතිගරු ජනාධිපතුමා ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. 41(අ)(10) වගන්තිය මඟින් එ සේ පත් කරනු ලබන තැනැත්තන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් විධිවිධාන සලස්වා ඇති ආකාරයට මිස නො කළ යුතු බව ප්‍රකාශිත බැවින් ඒ තනතුරු දරන්නන්ට ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරය සුදුසු පරිදි තහවුරු කර ඇති බව අප ගේ හැඟීම යි.

41(අ) (11) මගින්, "සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය කතානායකවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ ය," යි ප්‍රකාශිත බැවින් ගරු කතානායකතුමා ඒ නිරීක්ෂණ මේ සභාවට දැනුම් දීමට තීරණය කළහොත් මේ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැදිහත් වීම වඩාත් තහවුරු වනු ඇත.

මෙහි දී පාර්ලිමේන්තු සභාවට ගරු අගමැතිතුමා ගේ හා විපක්ෂ නායකතුමා ගේ නියෝජිතයන් පත්කිරීමේ දී 20 වැනි සංශෝධනයෙහි පනවා ඇති නිර්නායක මේ 21 වන සිය වසට නො ගැළපෙන බව ද කිව යුතු ය. ගරු අධිකරණ ඇමැතිතුමෙනි, ඔබතුමා ගේ හැකියාව, වෘත්තීය නිපුණතාව ආදී නිර්නායක නො සලකා හුදු ලබ්ධිය මත පදනම් ව කරන විවේචන මේ 21 වැනි සියසවට නො ගැළපෙන්නේ යම් සේ ද, ඒ ලෙස ම අධ්‍යාපනය නැතිනම් වෘත්තීය සුදුසුකම් වෙනුවට අපැහැදිලි 'ජන කොට්ඨාස' යන නිර්ණයක් ඉදිරිපත් කරතිබීම ගැන අපි කණගාටු වෙමු. 'ජන කොට්ඨාස' තීරණය කරනු ලබන්නේ ජනවර්ගය මත ද? අදහන ආගම මත ද? කුලය මත ද? මීට පෙර අගමැතිතුමාට බලපෑ ආදිශිෂ්‍ය සංගම් අනුව ද? කාරක සභා අවස්ථාවේ දී හැකි නම් මේ නුසුදුසු නිර්ණායකය නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් විස්ස ද නව ව්‍යවස්ථාව කරා අප යන ගමනට ආධාරයක් උපකාරයක් ම වේවා යි ප්‍රාර්ථනය කිරීමට අපි කැමැත්තෙමු. 69 ලක්ෂයක ජනතා පැතුම හා අප ගේ විපක්ෂයේ මහජන නියෝජිතයන් ද ඒකාත්මික වී ඇති බව ඔවුන් පුනපුනා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන ලෙස මේ විවාදය පුරා කරන ඉල්ලීම්වලින් පැහැදිලි ය.

ජේ.ආර්. ගේ කෑදර, දූෂිත, ලේ තැවරුණු ව්‍යවස්ථාව වෙනුවට මවුබිමේ අතීත සභ්‍යත්ව උරුමය මත පදනම් ව අනාගතය කරා අප සිය රැගෙන යන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට කැප වීමට ඔබ සියලු දෙනාට ආරාධනා කිරීමට කැමැත්තෙමු. එහි දී මූලික ව මැතිවරණ ක්‍රමය ගැන හා පළාත් සභා පිළිබඳ ව මවුබිම ඉල්ලා සිටින නිවැරැදි කිරීම් සිදුකළ යුතු බව, රණවිරුවන් දිවිපුදා රැකගත් ඒකීය රාජ්‍යය ශක්තිමත් කළ යුතු බව, සෑම ග්‍රාම සේවක කොට්ඨාසයක ම සියලු ගම්වැසියන් සාමාජිකයන් වන ග්‍රාම පාලන ව්‍යුහයක් නිර්මාණය කළ යුතු බව යුතුකමේ අපි විශ්වාස කරමු.

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් යුතුකමේ අපි, ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන හා ගරුතර මහා සංඝරත්නය මතු කළ කරුණුවලට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍රමුඛ රජය දැක් වූ සංවේදීතාව මෙන් ම, එහි දී මහා සංඝරත්නය කළ සුවිශේෂි මැදිහත් නව ව්‍යවස්ථාව පිළිබඳ විශාල ජාතික පිබිදීමකට හේතු සාධක වෙමින් ඇති බව කෘතඥපූර්වක ව ප්‍රකාශ කරමු!

ගෙවිඳු කුමාරතුංග
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2020.10.22 


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/21/2020

මහජන නියෝජිතයන්ගේ යුතුකම

කතෘ:යුතුකම     8/21/2020   No comments
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/25/2020

විජිතරපුර ජයග්‍රහණය අනුරාධපුර විජයග්‍රහණයෙන් පරිසමාප්ත කරමු !

කතෘ:යුතුකම     6/25/2020   No comments


මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය සහ ජනතා අපේක්ෂා

'ස්වාධීන මැතිවරණ කොමිසම' පසුගිය කාලය පුරාම පෙන්නුම් කළ හැසිරීම නිසා නැවතත් 19 වැනි සංශෝධනයේ තිබෙන අබල දුබලතා පිළිබඳ කතා බහක් ඇතිවී තිබේ.

ඒ හරහා බහුජන සහභාගීත්ව දේශපාලනය නම් වූ යහපත් මූලධර්මය අවභාවිතාවේ යොදවමින් ඇටවූ 19 වැනි සංශෝධනයේ විකෘතිභාවය හොඳින් නිරාවරණය වෙමින් තිබේ. 19 වැනි සංශෝධනයේ තිබෙන විකෘතිභාවයට වඩා අධම ලෙස එම සංශෝධනය පසුගිය පාලනය විසින් පාවිච්චි කළේය.19 වන සංශෝධනය හරහා ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූයේ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් පත් වන ලෙසයි. අගමැතිතුමාගේ සහ විපක්ෂ නායකතුමාගේ එකඟතාවයෙන් තවත් නියෝජිතයන් පස් දෙනෙකු පත්වෙයි. එලෙස ව්‍යවස්ථාදායක සභාවේ සම්පූර්ණ සංයුතිය දස දෙනෙකි. එහි ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සහ ප්‍රධාන විපක්ෂය නොවන විපක්ෂයේ පක්ෂයක නියෝජිතයකු පත් වේ.
19 වන සංශෝධනයෙන් යෝජිත ආකාරයට එහි යම්කිසි යුක්ති සහගත බවක් තිබේ. එහිදී යොදා ගැනුනේ අගමැති විසින් රජයේ පාර්ශවය නියෝජනය කරන ලෙසත් විපක්ෂ නායක හරහා විපක්ෂයේ නියෝජනය ව්යවස්ථාදායක සභාව තුළට ලැබෙන බවට වූ මූලික සරල මූලධර්මයයි. එවිට නිවැරදි ලෙස නම් ව්යවස්ථාදායක සභාව තුළ රටේ සමස්ත ජනතාවම නියෝජනය වේ. නමුත් පසුගිය ආණ්ඩුව මේ යහපත් අදහසට මුවා වී කළේ කුමක් ද? ඔවුන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගැනීම සඳහා එක පෙළට සිටි බලවේගය නියෝජනය කළවුන්ගෙන් ව්යවස්ථාදායක සභාව පුරවා දැමීමයි. අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, තානායකවරයා සහ ප්‍රධාන විපක්ෂයේ නියෝජිතයන් මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයා ද එවකට ජනාධිපතිවරණයේ දී ද එකම පිල නියෝජනය කළ පිරිසයි. වැදගත්ම කාරණය වන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවට , ජනාධිපති ධූරයට ශක්තියක්ව තිබූ විධායක බලතල වලින් ද කොටසක් පවරා තිබීමයි. අගවිනිසුරුවරයා පත්කිරීම, පොලිස්පතිවරයා පත් කිරීම ආදි විධායක බලතල පවා මෙම කොමිසමට පැවරී තිබේ.
රටේ ලක්ෂ 58ක් වූ සුවිශාල ජනතා නියෝජනය තඹයකට නොසලකා පිටමං කළේ මේ රටම තීරණාත්මක තීරණ ගන්නා යාන්ත්‍රණයෙනි. එකම පිළක නියෝජිතයන්ට ඉඩ සලසා දුන් දුෂ්ඨ ක්‍රියාවලිය නිසා ලක්ෂ 58 වූ ජනතාවගේ නියෝජිතයන් පිටමං කර තිබීම ‍ප්‍රජාතන්ත්‍රවාදයටත් අවම යුක්තිසහගතභාවයටත් මරු පහරකි. අනිත් පසින් ඒකාධිපති වියරු හැසිරීමකි.
උත්ප්‍රාසයට කරුණ වන්නේ මේ අයුක්තිසහගත දුෂ්ඨ හැසිරීමට 'යහපාලනය' යන නම දීමයි.

ස්වාධීන මැතිවරණ කොමිසම
අපි දැන් මැතිවරණ කොමිසම ගැන මඳක් විමසා බලමු.
තවමත් සමහරුන් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය ගැන තර්ක කරමින් සිටිනු පෙනේ. නමුත් අපගේ වැටහීම අනුව නම් මැතිවරණ කොමිසම තම ස්වාධීනත්වය අතහැර දැමුවේ මීට කලකට පෙරය.2018 දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත්කළ අවස්ථාවේ ඇතිවූ නීතිමය ගැටලුවේදී එය බාහිර සමාජය හමුවේ නිරාවරණය විය. එහිදී ආණ්ඩුව විසුරුවා මහමැතිවරණයක් ලබා දුන් ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පිරිස අතර ඉදිරියෙන්ම සිටියේ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතාය. මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ දේශපාලන කාරණයක් අරභයා වෘත්තීය නිල බලයෙහි සිටියදීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑම ඒ ස්වාධීනත්වය කෙලෙසා ගත් ප්‍රබලම අවස්ථාව විය. අප ප්‍රශ්න කර සිටින්නේ ස්වාධීන යැයි කියන කොමිෂමක නියෝජිතයකුට එලෙස නිලයේ සිටියදීම එක් දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටිය හැකිද යන්නයි. මේ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ හූල් මහතා එලෙස අධිකරණයට ගියේ පෞද්ගලික මතය අනුව බවයි. නමුත් අරුමය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමේ ඔහුගේ පළමු ලිපිනය ලෙස සඳහන් වන්නේ රාජගිරියේ මැතිවරණ කොමිසමේ ලිපිනයයි. ඉතා පැහැදිලිව ඔහු මැතිවරණ කොමිසම හමුවට යන්නේ කොමිසමේ සාමාජිකයකු ලෙස ඉදිරිපත් වෙමිනුයි. ඒ හරහා ඔවුන් පැහැදිලිව සනාථ කර පෙන්නුවේ මැතිවරණ කොමිසම තව දුරටත් ස්වාධීනත්වය රැක ගැනීමට සමත් වූ ආයතනයක් නොවන බවයි.

එබැවින් දැන් වන විට ඇති ගැටලුව මැතිවරණ කිමිසම ස්වාධීනද නැද්ද යන්න නොවේ. ස්වාධීනත්වයේ දිග පළල ඔවුන් මේ වන විටත් තහවුරු කර අවසන්ය. දැන් තිබෙන්නේ මෙය මැතිවරණ කොමිසමක්ද නැද්ද යන ගැටලුවයි. මක් නිසාද යත් ඔවුන් දිගින් දිගටම ක්‍රියා කරනුයේ මැතිවරණ පැවැත්විම වෙනුවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දය නොතබා සිටින්නේ කෙසේද යන උත්සාහයේය. පසුගිය ආණ්ඩුව පවතිනතාක් ඔවුන් මේ කොමිසම පාවිච්චි කළේ මැතිවරණ නොපැවැත්වීමය.
එවකට ආණ්ඩුව එදා මැතිවරණයේදී පොරොන්දු ආකාරයට දින සියයෙන් මහ මැතිවරණයකට නොගියේය. ඉන් පසු අගෝස්තු මැතිවරණයට ගියේ ඩියු ගුණසේකර මහ තාගේ සභාපතීත්වයෙන් පැවති කෝප් කමිටුව විසින් බැඳුම්කර හොරකමට අදාළ වාර්ථාව සභාගත කරන්නට තිබූ දිනට පෙර දිනයි. පළාත් පාලන චන්දය නොයෙක් උප්පරවැට්ටි දා 2018 දක්වා වසර දෙකකට වඩා වැඩි කලක් කල් දැමීය. ඉන් පසු පළාත් සභාවල කාලය සම්පූර්ණ කලින් ඒවා විසිරුවලා තවමත් චන්දය නැත.
මේ පාර්ලිමේන්තු මැතිවරණය අරඹයා එක්සත් ජාතික පක්ෂය ,ජනාතා විමුක්ති පෙරමුණ ඇතුලු විජාතික බලවේග සියල්ලේම අපේක්ෂාව වූයේ ගෝඨාහය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු හැකි තාක් ඒ ජයග්‍රහණයට හිමි පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වැලැක්වීමයි. එනම් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට අනුරූප පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වලක්වා ජනමතයෙන් කුණු වූ කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව හැකි තාක් දුරට ඇද ගෙන යාමයි ඔවුන්ගේ අපේක්ෂාව වූයේ.

එනම් 69 ලක්ෂයකගේ බහුතර කැමැත්තට එරෙහිව පාර්ලිමේන්තුවක් බලහත්කාරයෙන් පවත්වාගෙන යාමයි. විකෘති 19 වැනි සංශෝධනය නොතිබෙන්නට ජනාධිපතිවරණයෙන් පසු කෙටි කලක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ස්ථාවර පාර්ලිමේන්තුවක් සහිතව දේශපාලන ස්ථාවරත්වයෙන් යුතු රටක් නිර්මාණය කරගන්නට තිබුණි. එය බහුතර ජයයා අනුමත කර ජයග්‍රහණය කරවූ ගෝඨාභය ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල ක්‍රියාමාර්ග වේගවත් කිරීමට තිබූ අවස්ථාවකි. ලැබෙන්නට නියමිත නියත අන්ත පරාජයේ සැර බාලකරගැනීමට මේ ද්‍රෝහී බලවේග කොරෝනා වසංගතය ට මුවා වන්නට උත්සාහ දැරීය. "කොරෝනා අස්සේ චන්ද එපා" යැයි නැගුණු හඬ ඒ පරාජිත විලාපයේ දෝංකාර හඬයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24.3 වගන්තිය අනුව අදාළ දිනයට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්ථාවක මැතිවරණ කොම්සාරිස්වරයාට වෙනත් දිනයක් නියම කළ හැකිය. මේ වගන්තියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට චන්ද පැවැත්විය නොහැකි යැයි සිතන්නේ නම් කල් දැමීමට ඉඩක් නැත.මේ පනතට අනුව ඔහු විසින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරගෙන යා යුතුය. යම් හෙයකින් යෝජිත දිනට පැවැත්වීමට නොහැකි නම් අලුත් දිනයක් නියම කළ යුතුය. ඒ වුවත් මේ මැතිවරණ කොමිසම කළේ කුමක්ද? සියල්ලට කලින් මැතිවරණය පැවැත්විය නොහැකියැයි නිගමනය කර චන්ද දිනය කල් දැමීමයි. කොරෝනා නිසා යැයි කීවාට ඒ වෙද්දී දිස්ත්‍රික්ක 11 ක එකම කොරෝනා රෝගියෙක්වත් වාර්ථා නොවීය. එසේනම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රටේම චන්දය පැවැත්වීමට නොහැකි යැයි තීරණය කළේ කෙසේද? අනෙක් අතින් දිනයක් නියම නොකර මැතිවරණ දිනය කල් දැමීම නීතියට පටහැනිය. සුමන්තිරම් ඇතුළු පිරිස ශේෂ්ඨාධිකරණය හමුවට ගොසින් මැතිවරණා කටයුතු සිදු කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය . නමුත් ශ්‍රේෂ්ධාධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මැතිවරණ ක්‍රියාවලිය දිගටම අදාල පරිදි පවත්වාගෙන යන ලෙසයි. නමුත් අපේ මැතිවරණ කොමිසම ක්‍රියා කළේම මැතිවරණය නොපැවැත්වීමටය. අධිකරණයෙන් තහනම් නියෝගයක් එනතුරු එතෙක් කළ හැකි කාර්යන් පවා සිදු නොකර කල් මර මර සිටියේ එබැවිනි. මේ නරක පූර්වාදර්ශය ඉදිරි මැතිවරණ කිමිසම් පවා චන්ද නොපැවැත්වීමට යෝදා නොගනීද? අධිකරණයෙන් තහනම් නියෝගය නොලැබුනු තැන මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයාගෙන් කොළ එළියක් ලැබෙන තෙක් තමන් සිටින බවයි. මෙය නම් අපූරු හැසිරීමකි. ගොවීන්, ව්‍යාපාරිකයන්, රූපලාවන්‍ය කර්මාන්තකරුවන් ආදීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට තව වෘත්තීය කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙසයි. ඒ සඳහා මග පෙන්වන ලෙසයි. නමුත් මැතිවරණ කොමිසම තමන්ට පැවරී ඇති වගකීම ඉටු කරනු වෙනුවට ක්‍රියා කලේ එයින් පැන යෑමට අවස්ථාවක් සොයමිනි. සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඒ කොළ එළිය වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කළ වුට මේ අපූරු මැතිවරණ කොමිසම කළේ කුමක් ද? තමන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් ගැනීමට අවශ්‍ය බවයි.


කොරෝනා නිසා අප රටේ තුළ ජීවිත හානි සිදුවී ඇත්තේ 9 දෙනෙකු පමණි. එසේ තිබියදී කොරෝනා නිසා මැතිවරණ එපා යැයි විපක්ෂයේ බලවේග නැගූ බොල් හඬ පරාජයේ පරිමාණය අඩු කරගැනීමේ අඳෝනාවක් මිස වෙනකක් නොවේ. මීට පෙර කුරිරු වියරු ත්‍රස්තවාදීන්ගේ දරුණු භීෂණය මැද පවා අප මැතිවරණ පැවැත්වූවෙමු.එදා94 ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණී දිසානායක අපේක්ෂකයා සමග තවත් පනස් ගණනක් තොටලඟ බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් විය .99 මැතිවරණයේදී චන්ද්‍රිකා මැතිණියගේ වේදිකාවට කොටි බෝම්බ ගසා ඇයට ඇසක් පවා අහිමි විය.තිස් හය දෙනෙකු මරණයට පත් විය. ඊට පෙර දකුණේ ජවිපෙ-එජාප භීෂණය පැවති අවධියේදී මැතිවරණ ක්‍රියාවලිය තුල දේශපාලන ඝාතන 681ක් සිදු විය. මැතිවරණ යාන්ත්‍රණය මෙහෙයවූ මැතිවරණ නිළධාරීන් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඔවුන් ජීවිත අහිමි කරගත්තේ ජනතාවට චන්ද අයිතිය ලබාදීම වෙනුවෙනි. සැබැවින්ම නම් මැතිවරණ කොමිසම පෙනී සිටිය යුත්තේ ජීවිත පුදා මැතිවරණ අයිතිය රැකි ඒ නිළධාරීන්ට ගෞරවයක් ගෙන දෙන ස්ථාවරයක නොවේ ද? ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඒ සියළු උත්සාහයන් පරාජය වී දැන් අපට මැතිවරණයක් ලැබී තිබේ. මෑතකදී මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් තවත් අපූරු හැසිරීමක් පෙන්වීය. උතුරේ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තමන්ට එරෙහිව මාධ්‍ය මෙහෙයවන පොදුජන පෙරමුණට චන්දය නොදී සිටින ලෙසයි. පසුව ජනතා විරෝධය නැගෙද්දි එයින් ගැලවීමට බොළඳ උත්සාහයක් ගත්තද ඔහු පැහැශිලිලිව පෙන්නුම් කලේ ඔහුගේ පරාධීන බවයි.

අයිලන්ඩ් පුවත්පත සමග ඉන් පසු පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී ඔහු එය තව දුරටත් තහවුරු කරමින් පැවසුවේ 2005 දෙමළ ජනයාගේ චන්දය දැමීම වලක්වා ජයග්‍රහණය කළ පිරිසට චන්දය නොදෙන ලෙසයි. මේ ස්වාධීන යැයි මැතිවරණ කොමිසමේ සාමාජිකයකුට අවම යුක්ති සහගතකමක් වත් තිබේ නම් සිදු කළ හැකි ප්‍රකාශද? අහවලාට චන්දය දෙන්න අහවලාට නොදෙන්න යනුවෙන් ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට ඇති බලය කුමක් ද? අයිතිය කුමක් ද? ඒ සඳහා දේශපාලන පක්ෂ තිබේ. මැතිවරණ කොමිසමේ යුතුකම වගකීම විය යුත්තේ මැතිවරණ පැවැත්වීමයි.මේ හැසිරීම සදාචාර සම්පන්නද? මේ නිළධාරීන්ගේ වෘත්තිය වගකීම කුමක් ද? මේ දුෂ්ට උත්සාහය වෙන කිසිවක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමග ජාතික හදවත් තුළ ඇතිවී ඇති නබ පිබිදීම බොඳ කිරීමේ දීන උත්සාහයයි.

විජිතරපුර ජයග්‍රහණය අනුරාධපුර විජයග්‍රහණයෙන් පරිසමාප්ත කරමු !

මේ කරුණු අනුව අපට තහවුරු වන්නේ විජාතික බලවේගවල අවශ්‍යතාවයට ක්‍රියාකරන මෙවලමක් බවට මැතිවරණ කොමිසම පත්ව තිබෙන බවයි. ඔවුන්ගේ පැතුම වන්නේ ජනාධිපතිවරයාගේ නැවුම ජනවරම හරහා පිළුණු වූ ජනමතයක් සහිත පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කර ඒ හරහා ඊලඟට ලැබෙන්නට නියමිත අන්ත පරාජයෙන් ගැලවීමට පොටක් පාදා දීමයි. එය නිර්ලජ්ජිත අධම උත්සාහයක් බව කිව යුතුය. නමුත් මෙරට ජනතාව මේ දුෂ්ඨ උත්සාහය නිවරදි ලෙස තේරුම් ගෙන ඇතිවාට සැක නැත. එය පරාජය කිරීමට ඊලඟ මැතිවරණය යොදාගැනීමට ඒ ජනතාවට පුළුවන. ඒ හරහා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිධූරයට ඔසවා තැබූ ජනවරම ඉක්මවන ජනවරමකින් එය නැවතත් තහවුරු කිරීමට මේ දුෂ්ඨයන්ගේ උත්හාසයට දිය හැකි හොඳම පිළිතුරයි.
බාධක කුමක් ආවත් එදා ඒ විජයග්‍රහණයට උර දුන් දේශමාමක ජනයා ඒ ජයග්‍රහණයේ මූලික අරමුණ මොහොතක්වත් අමතක නොකළ යුතුය. එනම් එදා කොටි ත්‍රස්තවාදයට , අවිගත් බෙදුම්වාදයට් එරෙහිව ලබාගත් විජයග්‍රහණය ව්‍යවස්ථාව තුලින් යුග යුග පවතින ලෙස තහවුරු කර ගැනීමයි. 13 වැනි සංශෝධනය, 16 වැනි සංශෝධනය , අපට රාජ්‍යක් අහිමි කරන 19 වැනි සංශෝධනය ආදිය මගින් අහිමි කර ඇති අපේ උරුමය යළි තහවුරු වන , අස්ථාවර පාර්ලිමේන්තු හරහා සුළු කණ්ඩායම් වල කප්පම්වල්ට යටවූ පාර්ලිමේන්තු නිර්මාණය වීමේ මැතිවරණ ක්‍රමය ආදිය වෙනස් කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමයි. ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කූඨප්‍රාප්තියට පත් වන්නේ මේ මහමැතිවරණයෙන් ලැබෙන පාර්ලිමේන්තු බලය හරහාය.

ඉතිහාසය සමග සැසඳුවහොත් එය විජිත පුර සටන වැනිය. නමුත් විජිතපුර ජයගැනීම ප්‍රමාණවත් නැත. අනුරාධපුර ජයග්‍රහණය අනිවාර්‍ය අවශ්‍යතාවයකි. විජිතපුර සටන පරිසමාප්තියට පත්වන්නේ අනුරාධපුර අවසන් සටනිනි.
ඒ බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකි වන්නේ මේ එලඹෙන මැතිවරණයෙන් ලබන සුවිෂේශී ජටග්‍රහණයෙනි. බෙදුම්වාදී අන පණත් යට කර මව්බිම රැකෙන ව්‍යවස්ථාවක් ගෙන ආ හැක්කේ එලෙස වුවහොත් පමණි. ගෝඨාභය ජනාධිපතිවරයා සහතික කළ සෞභාග්‍යයේ දැක්ම යථාවක් බවට පත් වන්නේ එවිටයි.

[ගෝලීය ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද
"මැතිවරණ කොමිසමේ ස්වාධිනත්වය සහ ජනතා අපේක්ෂා" යන මැයෙන් පැවැත්වූ සංවාදයේදී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ දෙසුම ඇසුරින්]

සටහන : කැලුම් නිරංජන
[2020-06-25 දින අරුණ පුවත්පතේ පළවූ ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/08/2020

මහින්ද මෙහෙවර කූඨප්‍රාප්තිය කරා

කතෘ:යුතුකම     6/08/2020   No comments

-ගෙවිඳු කුමාරතුංග
මහින්ද රාජපක්ෂ ජනනායකයා ගේ පාර්ලිමේන්තු දිවියට පනස් වසරක් සපිරීම මුල් කරගෙන එතුමාගේ සුවිශිෂ්ට දේශපාලන ජීවිතය පිළිබඳව, අපගේ මව්බිමට ඉටු කළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳ ව කතාබහක්, සමාජ සංවාදයක් පැනනැගීම අපගේ, අප රටේ ඉමහත් වාසනාවකි. මේ ඒ සංවාදය සඳහා සුදුසුම කාලය යි.

මේ අදහස් දැක්වීම සඳහා ලැබුණු අවස්ථාව ඉත සිතින් භාරගත්තේ මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර ඇගයීම අපගේ යුතුකමක්, වගකීමක් වන නිසාම නොවේ. ගැමුණු මහ රජතුමන්ගේ මහ මෙහෙය මහාවංශ, ථූපවංශ කතුවරයන් වහන්සේලා අතින් රචනාවීම, අරුත් ගැන්වීම හා ඒ මගින් ජනිත කළ හුදීජන ප්‍රසාදය වසර දහස් ගණනක් පුරා අප රටට, එහි ජනීජනයාට වැඩදායී වූයේ යම් සේද, තවදුරටත් වෙමින් පවතින්නේ යම් සේ ද මහින්ද ජනාධිපතිතුමාගේ මහා මෙහෙවර පිළිබඳ සාකච්ඡාවද එලෙසම වසර දහස් ගණනාවක් පුරාවට අප රටට, ජනතාවට වැඩ සඳන්නක් වන නිසා මද නොවේ. මහින්ද මෙහෙයෙහි කූටප්‍රාප්තිය එළැඹෙන මහ මැතිවරණයට පෙර දියත් කෙරෙන හූදී ජන සංවාදයක් මතින් උදා කරගත යුතුව ඇති බැවිනි. එළැඹෙන මහ මැතිවරණයෙන් අතිවිශාල අනුමැතියක් ලබමින් සාක්ෂාත් කරගතව ඇති හෙයිනි. ඒ අනුව බලන කළ නව කොරෝනා වසංගතය නිසා හෝ වේවා, ගෝඨාභය-මහින්ද රජයට අබමල් රේණුවක හෝ අප්‍රසාදයක් ඇති වේවා යන පැතුමෙන් මහ මැතිවරණය දිනයකින් හෝ කල් දමාගැනීමට වෙට්ටු දමන විපක්ෂයේ නැතිනම් මැතිවරණ කොමිසමේ ඇතැම් සාමාජිකයන් නිසා හෝ වේවා මහින්ද මෙහෙවර පිළිබඳ සංවාදය මහ මැතිවරණයට පෙර දියත්වීම රටේ ඉමහත් භාග්‍යයකි.

ඒ පිළිබඳ සාකච්ඡාවට පෙර මහින්ද රාජපක්ෂ යුග මෙහෙවර සැකෙවින් මෙනෙහි කරමු.

සටන්කාමී නායකයා

මහින්ද රාජපක්ෂ මහතා 1970 පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳ අපට මතකයක් නැත. මුල්ම මතකයන් වන්නේ 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය සමගය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර, 1982 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ප්‍රමුඛ ඒ.ජා.ප.ය රජය, පාර්ලිමේන්තුවේ සිය 5/6 බලය තවදුරටත් රැකගැනීමට සිදු කළේ මහා මැතිවරණය වෙනුවට ප්‍රෝඩාකාරී ජනමත විචාරණය පැවැත්වීමය. රාජ්‍ය බලයත්, මැර බලයත් උපරිමයෙන් යොදා පැවැත්වූ ඒ ජනමත විචාරණයේ දී එ.ජා.ප. මතය පරාජය වූ ආසන සඳහා පමණක් අතුරු මැතිවරණ පැවැත්විය. සීමිත කොට්ඨාස සංඛ්‍යාවක් සඳහා පමණක් පැවැති මේ අතුරු මැතිවරණ ද සම්පූර්ණ මැර බලය යොදා ජයගැනීම එ.ජා.ප.යේ අරමුණ විය. මුල්කිරිගල සඳහා තරග කළේ චමල් වුවත් ඒ මැර බලය ඉදිරියේ දණ නොගැසූ මහින්ද රාජපක්ෂ නම් සටන්කාමියා ගැන රටට දැනගන්නට ලැබුණේ ය.

ඊට පසු එළැඹුණේ එක්සත් ජාතික පක්ෂයේ භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රති භීෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ කාලයකි; රට ම අමුසොහොනක් වූ යුගයකි. රණසිංහ ප්‍රේමදාස ජයගත් 1988 ජනාධිපතිවරණය සේම 1989 මහ මැතිවරණය ද පැවැත් වුණේ නන්නාදුන තුවක්කුකරුවන් දඩයමේ යද්දී ය; එ.ජා.ප.යේ හා ජ.වි.පෙ. ඝාතකයන් උනුන්ව මරාගනිද්දී ය; ඒ සමගම උන් දෙගොල්ලන් ම තමතමනට අභියෝගයක් විය හැකි යැ යි සිතූ නිරායුධ මිනිසුන් සියදහස් ගණනින් මරාදමද්දී ය. මේ ප්‍රචණ්ඩත්වය මැද, අසරණ වූ මිනිස් ජීවිත වෙනුවෙන් හඬ නැඟූ මහින්ද රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ආර්. ප්‍රේමදාස අගමැතිතුමාට ජනාධිපති වීමට සේවය කළ භීෂණය ජ.වි.පෙ. යුගයක අවසානය ද සනිටුහන් කළේ ය. ඒ වනවිට සිරිමාවෝ මැතිනිය නොනවත්වා එල්ල කෙරුණු එ.ජා.ප. ප්‍රහාරයන් ගෙන් ද, ඒ සතුරා හා සටන පසෙක තබා පුතා (අනුර) හා දුව (චන්ද්‍රිකා) එකිනෙකා හා කළ කුලල් කෑමෙන් ද හෙම්බත් ව සිටියා ය. විජය කුමාරතුංග ඝාතනය කෙරී තිබුණු අතර චන්ද්‍රිකා එංගලන්තයට පළාගොස් තිබුණි. අනුර බණ්ඩාරනායකගේ නායකත්වය පාර්ලිමේන්තුවේ ඉංගිරිසියෙන් කෙරෙන කතාවලට සීමා වී තිබිණි. බහුතර ජනතාවකගේ හදවතේ ඇණවුමට ඵරෙහි ව ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවීමේ හා පළාත් සභාවලට පිහිටුවීමට එ.ජා.ප. සහකරුවන් වීමේ හේතුවෙන් වම ආණ්ඩු විරෝධීන් ගෙන් වියෝ වී තිබිණි. සොත්ති උපාලිලාගේ පාතාලයෙහි ක්‍රියාකාරකම්, පොලිසියේ ලෝරන්ස් අතුරු හමුදාවන්ගේ උකුසු ඇස් එ.ජා.ප.යේ ප්‍රබලයන්ට ද දරාගත නොහැකි පීඩනයක් ගෙනදෙමින් තිබිණි.

මහින්ද රාජපක්ෂ සටන්කාමී නායකත්වයෙන් කොළඹ සිට කතරගමට පාද යාත්‍රාවක් සංවිධාතය කෙරෙන්නේ මෙවන් පසුබිමක දී ය. එය අනුරව පාරට ගෙනාවේය, චන්ද්‍රිකාව ලංකාවට ගෙනාවේය, වාම බලවේග ජාතික බලවේග හා එක් කළේ ය. බියගන්වා, පළවාහැර සිටි ජනතාව ප්‍රජාතන්ත්‍රීය අවකාශයට යළි කැඳවනු ලැබුවෝය.

එතැන් පටන් මහින්ද රාජපක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් ජනඝෝෂා, මිනිස් දම්වැල් ආදි බොහෝ විරෝධතා සංවිධානය වීය. 1977 පටන් දශක දෙකක් පුරා සෑම මැතිවරණයක්ම ජයගත් එ.ජා.ප.ය 1994 දකුණු පළාත් සභා මැතිවරණය පරාජය විය. ඒ ද මහින්ද රාජපක්ෂ සෙන්පතියා සටන අත් නොහළ බැවිනි. චන්ද්‍රිකා මැතිනිය බස්නාහිර පළාතේ මහ ඇමැතිනියව, රටේ ම අගමැතිනියව, විධායක ජනාධිපතිනිය වන්නේ ඒ අනුවය.

රට බේරාදුන් නායකයා

විසි එක්වැනි සියවස උදා වන විට ලංකාව එහි ඉතිහාසයෙහි ගැඹුරුතම අර්බුදයකට මුහුණ දෙමින් පැවැතිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක චන්ද්‍රිකා මහත්මිය සේ ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ද සාමයේ නාමයෙන්, ජනවාර්ගික සහෝදරත්වයේ නාමයෙන් මවුබිමේ පැවත්ම ම පාවා දෙමින් තිබිණි. විජාතිකත්වයේ සරණ ගිය මේ නායකයන් දෙදෙනා ප්‍රභාකරන් හා රට බෙදාගැනීමේ දී එකිනෙකාට විරුද්ධ නොවීමේ එකඟතාවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් (ඇමැති) ලියෝන් ෆොක්ස්ගේ මෙහෙයවීම මත එළඹ තිබිණි. දේශයේ භෞමික අඛණ්ඩතාව ඛණ්ඩනය වී භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් තමන් ගේම යුද, නාවික, ගුවන් ත්‍රස්ත හමුදා සහිත, ඔවුන්ගේ ම පොලිසි, බැංකු, බදු, නූතන සන්නිවේදන පහසුකම් සහිත ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක පාලනයට නතු වී තිබිණි. ඒ බෙදුම් රේඛ නිරීක්ෂණයට ජාත්‍යන්තරයද මැදිහත් කරගෙන තිබිණි. ප්‍රභාකරන් ම්ලේච්ඡයාට මහතා යැයි අමතමින්, අතට අත දෙමින් අපගේ රාජ්‍ය නායකයන් අප වසර දහස් ගණනක් පුරාවට පෝෂණය කරමින් රැකගත් සභ්‍යත්ව උරුමය ම, යුක්තියේ උදාරත්වයේ ධජය ම නිහීන ලෙස, දීන ලෙස පාවා දෙමින් තිබිණි.

මෙරට ජනීජනයා තමන්ගේ නායකයකු, ජාතික නායකයකු සොයන්නට වූහ; පතන්ට වූ හ. මහින්ද රාජපක්ෂ ජන නායකයා මේ ජනතා පැතුමන්ට සංවේදී විය. දේශපාලන බලාධිකාරිය මහින්ද මහතාට දීමට බලාපොරොත්තු නොවූ විපක්ෂ නායකකම, අගමැතිකම හා අවසන ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට ලැබෙන්නේ ඒ අනුව ය.

මහින්ද ජනාධිපතිතුමා තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදයෙන් අප මව්බිම මුදවාගත් අයුරු විස්තර කථනයට මේ අවස්ථාව නොවේ. අවසාන වශයෙන් තුන් ලක්ෂයකට ආසන්න පුරාණ ඇපකරුවන් මුදාගනිමින්, ඒ හා සමග ම භූ-දේශපාලන වුවමනාවන් මත ලෝක බලවතුන් ගෙන් කෙරුණු දැවැන්ත බලපෑම්වලට යට නොවී ම්ලේච්ඡ ත්‍රස්ත නායකත්වය විනාශ කරමින් ලද ඒ සුවිශේෂ ජයග්‍රහණය මහාවංශයෙහි ලියැවී ඇති දේශයේ ධීර වීර වික්‍රම හා සමතැන් ගන්නා බවට සැකයක් නැත.

එහිදී මහින්ද ජනාධිපතිතුමා දේශපාලනය කළමනාකරණය කරගත් ආකාරය, ජනතාව හා හමුදා ඒ මහා අරගලයට සන්නද්ධ කළ ආකාරය, ලෝක බලවතුන්ගේ පීඩනය කළමනාකරණය කළ ආකාරය. තම ජීවිත අවදානම නොතකා සෙබළුන් දිරිමත් කිරීමට ඔවුන් අතරට ගිය අයුරු, බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූ ජනයාගේ දුක්වේදනා බෙදාහදා ගැනීමට ඔවුන් අතරට ගිය අයුරු, ප්‍රභාකරන් ම්ලේච්ඡයා බේරාගැනීමට බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ විදේශ ඇමැතිවරු පැමිණි විට, ඔවුන්ව ඇඹිලිපිටියේ වැව ඉස්මත්තට ගෙන ගොස් අප නිදහස් රටක් බව කියා පෑ අයුරු, ජයග්‍රාහී රාජ්‍ය නායකයා ලෙස මේ මවුබිමට වැඳ සිපගත් අයුරු - මේ මතකයන් මෙරට හුදී ජන හදවත්හි යුගයුග පවතිනවා නොඅනුමාන ය.

රට ගොඩනැගූ නායකයා

මහින්ද මහතා රට ගොඩ නැංවීම අරඹන්නේ 90 දශකයේ ඇමැතිවරයෙක් වීමත් සමඟය. එහි දී එතුමාට යමක් කළ නොහැකි වේ ය යි අපේක්ෂාවෙන්, නැතිනම් විපක්ෂයේ සිටිය දී එතුමා නායකත්වය දුන් කම්කරු ජනයා හා ගැටුමක් අපේක්ෂාවෙන් දුන් කම්කරු ඇමැතිකම එතුමා වෘත්තිය පුහුණුව, විදේශ රැකියා ආදි ක්ෂේත්‍ර ගණනාවකට පුළුල් කළේ විසල් දැක්මක් ප්‍රකට කරමිනි. අවසානයේ ඒ තාක් පැවැති එ.ජා.ප. රජයේ පුද්ගලිකරන ප්‍රතිපත්තිය ම චන්ද්‍රිකා රජයත් ඉදිරියට ගෙන යද්දී, ඊට එරෙහි ව කම්කරු ඇමැතිතුමා ඊ.පී එෆ්. අරමුදල් යොදවා ගනිමින් ඒ රාජ්‍ය ආයතන රැකගැනීමට ඉදිරිපත් වීම ජනතාවගේ පැත්තෙන්, රට පැත්තෙන් හිතන නායකයකුගේ ආගමනය සලකුණු කළේ ය.

නිදහසින් පසු ආර්ථිකය හා ජන ජීවිතය නැංවීමට මහින්ද ජනාධිපතිතුමා තරමට මැදිහත් වීමක් කළ නායකයකු වේ ද යන්න සැක සහිත ය.. පළමු අධිවේගය සමගින් මුළු රටේම මාර්ග පද්ධතියෙහි කළ පෙරළිය - ගම නගරය යා කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින්, හම්බන්තොට වරාය ගොඩනගමින්, වරාය නගරය ඉදි කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ලංකාව ස්ථානගත කිරීම, ගම නැගුම, දිවි නැගුම වැනි අප රටට කදිමට ගැලපෙන සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීම, වී, බොහෝ ධාන්‍ය, සත්ත්ව නිෂ්පාදන ආදියෙන් ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට දැරූ ප්‍රයත්න, ගම්බඳ පාසල්වලට තාක්ෂණාගාර ලබාදීම හා රටට තාක්ෂණ විෂය ධාරාව ලබාදීම.... රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන රැකගැනීමෙන් කළ සේවය - එදා රටට බරක් ලෙස බොහෝ අය දුටු ශ්‍රීලන්කන් ගුවන් සේවය රැකගැනීම, මත්තල ගුවන් තොටුපොළ ආදිය පවා නව කොරෝනා වසංගතය හමුවේ රටට කෙතරම් නම් ප්‍රයෝජනවත් වුණා ද?

හුදී ජන කැරැල්ලෙහි නායකයා

එතුමාගේ පාලන සමයේ සිදුවූ යම් යම් අඩුපාඩුද යොදාගනිමින් සිදු කළ දැවැන්ත විජාතික කුමන්ත්‍රණය හමුවේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද ජනාධිපතිතුමන් පරාජය වීමත් සමගින් යළිත් අපි මෙරට ඉතිහාසයේ අඳුරුතම කාලයක් උදාවිය. ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන්ගෙන් ඉටු කරගත නොහැකි වූ ඉලක්ක ව්‍යවස්ථා බෙදුම්වාදීන් මගින් ඉටුකර ගැනීමට තැත් දැරිනි. රට කැබිලි කරනු වස් පාර්ලිමේන්තුවෙහි ව්‍යවස්ථා බෝම්බ ඇටවිණි. ආරක්ෂක හමුදාත් රටේ ආරක්ෂාවත් අනතුරට පත්විය. ආර්ථිකය හා රාජ්‍ය සම්පත් කොල්ලකන ලද්දේ ආක්‍රමණික චෝල, පෘතුගීසි හමුදා සිහිපත් කරමින්ය. විදේශීය ගිවිසුම් හා වෙළෙඳ ගිවිසුම් මඟින් රටේ ස්වෛරීත්වය මුළුමනින්ම පාවා දෙමින් තිබිණි. මේ අඳුරුතම මොහොත මෙරට ඉතිහාසයෙහි ලියැවෙන සොඳුරුතම කැරැල්ලක ආරම්භයද සනිටුහන් කළේය. හුදී ජනයා දසදහස් ගණනින් සිය ආදරණීය නායකයා සොයා යන්නට විය. රට පුරා භික්ෂූන් වහන්සේලා රටත් නායකයාත් රැකගැනීමට පෙරමුණ ගත්හ. ජාතික සංවිධාන, වෘත්තීය සංවිධාන තම ඓතිහාසික වගකීම ඉටු කරන්නට විය. ජාතිකත්වය, අපේ උරුමය, සභ්‍යත්වය ගැන නව කථිකාවන් බිහි විය. මේ හුදීජන කැරැල්ලට මහින්ද රාජපක්ෂ ජන නායකයා දුන් නායකත්වය සුවිශේෂීය. තමාට යළි රාජ්‍ය නායකයා වීමේ ඉඩප්‍රස්ථා අවම බව දැන දැන ම එතුමා ඒ කැරැල්ලට නායකත්වය දුන්නේය. එහි දී ඇටවුණු ව්‍යවස්ථා උගුල් හමුවේ එතුමා තමාට වාසිසහගතද, නැද්ද යන්න වෙනුවට රටට වැඩදායිද යන්නම සලකා බැලුවේය. අවසානයේ රටේ ඉරණම විසඳන මහා සංග්‍රාමය ජනාධිපතිවරණය වූ විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මුළුමනින් ම කැපවී, රටම දිනෙව්වේ ය.

කූටප්‍රාප්තිය

දුර්දාන්ත එ.ජා.ප. පාලනයෙන් රට මුදවාගත් නායකයකුට, ලොව බිහිසුණුම ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කර මවුබිමට විජයග්‍රහණය ලබාදුන් නායකයකුට, ලොව බලවත් රටවල අනුග්‍රහයෙන් කෙරුණු විදේශීය කුමන්ත්‍රණයක් හුදීජන කැරැල්ලක් මඟින් පරාජය කළ ජන නායකයකුට මවුබිම වෙනුවෙන් කළ හැකි තවත් මෙහෙවරක් තිබිය හැකිද? තිබේ යනු අපේ අදහසයි. ඒ අන් කිසිවක් නොව සන්නද්ධ ත්‍රස්තවාදය අවියක් කර ගනිමින් හා විජාතික බලපෑම්, කුමන්ත්‍රණ මඟින් අටවා ඇති ව්‍යවස්ථා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමයි. එදා ඔබතුමාගේ නායකත්වයෙන් හා ගෝඨාභය ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් අපගේ රණවිරුවන් ලබාදුන් විජයග්‍රණයට ගැලපෙන්නා වූ ශක්තිසම්පන්න රාජ්‍යයක් මේ පොළොවෙහි ස්ථාපනය කෙරෙන නව ව්‍යවස්ථාවක් එළඹෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීම සඳහා නායකත්වය දීමයි. කප්පන් දේශපාලනය සදහටම පිටුදකින, සැබෑ මහජන නියෝජනයක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරදීමයි. ඉදිරි මහා මැතිවරණයෙන් එවන් ව්‍යවස්ථාවක් උදෙසා මහා සම්මතයක් ගොඩ නැගීමට නායකත්වය දීමයි. අප රට අපට උරුම සභ්‍යත්වය කරා ගෙන යෑමෙහි පදනම වන්නා වූ එවන් ව්‍යවස්ථාවක්, බෙදුම්වාදී අණවින සදහටම දුරින්දුරු කරන්නා වූ එවන් ව්‍යවස්ථාවක් මවුබිමට උරුම කරදීම මහින්ද මෙහෙවරෙහි කූටප්‍රාප්තිය වනු ඇත. මහින්ද ජන නායකයාණෙනි, චිරං ජයතු!

-ගෙවිඳු කුමාරතුංග

[මේ  ලේඛකයා පළමු වරට මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසෙන්නේ "කාලය" සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට 1989 පෙබරවාරි මාසයේ නුගේගොඩ, මිරිහානේ එතුමා ගේ නිවසේ දී ය. එ තුමා නායකත්වය දුන් පාද යාත්රාවට චින්තන පර්ශදයෙහි අත් පත්රිකාවක් බෙදමින් සහභාගී විය. පසු කලෙක මහින්ද ජනාධිපතිතුමා නායකත්වය දුන් ත්රස්තවාදය පරාජය කරලීමේ ක්රියාවලියට අවශ්ය මතවාද මූලිකව ම නිර්මාණය කෙරුණේ චින්තන පර්ෂදයෙන් ප්රකාශයට පත් කළ ආචර්ය නලින් ද සිල්වා සංස්කරණය කළ 'කාලය' සඟරාවෙන් බව පොදුවේ පිළිගැනේ.
2015 දී විජාතික කුමන්ත්රණයකින් මහින්ද ජනාධිපතිතුමා පරාජයට පත් කෙරුණු විට මේ ලේඛකයා යුතුකම සංවිධානය ගොඩ නඟමින් ඊට එරෙහි ව මැදිහත් විය.]

අරුණ[2020-06-08]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/19/2020

මුළු රටම එක පාලනයකට එක නීතියකට

කතෘ:යුතුකම     5/19/2020   No comments

11 වැනි විජයග්‍රහණය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග මහතා දිනමිණ සමඟ කළ විශේෂ සාකච්ඡාවකි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් ලංකාව මුදාගෙන වසර 11ක් ගතවෙලා. ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
තුන් ලක්ෂයකට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හා මිනිස් පළිහක් ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් රඳවාගෙන තිබීම මත හා ඔවුන් රජයේ පාලන ප්‍රදේශවලට යෑම වැළැක්වීමට එසේ පලා යන්නට උත්සාහ දරන්නන්ට වෙඩි තැබීම, සිවිල් වැසියන් හමුදාවට භාරවන ස්ථානයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, තමන්ට එරෙහිව කෙරෙන හමුදා මෙහෙයුම් නවත්වාලීමට අන්තර්ජාතික මැදිහත්වීමක් අපේක්ෂාවෙන් තමන් හා සිටින සිවිල් වැසියන් ඉලක්ක කර මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ලකිරීම හේතුවෙන් 2009 අප්‍රේල් - මැයි මාසයන්හි දී ශ්‍රී ලංකාවේ හමුදා මුහුණ දී සිටියේ අතිබිහිසුණු මානව ඛේදවාචකයක් වළක්වා ගැනීමේ දැවැන්ත අභියෝගයකට. ඒ සමඟම වසර 30ක් පුරා මෙර⁣ට වැසියන් පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත්කිරීමේ මෙහෙයුම් ඉලක්ක සපුරාගැනීම ද අත්‍යාවශ්‍ය වුණා. සිවිල් වැසියන් දෙලක්ෂ අනූපන්දහස් අටසිය හැත්තෑ තුන් දෙනකුගේ ජීවිත බේරාගනිමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායකයන් විනාශ කර දැමීමට හැකිවීම ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමු⁣දාවත් ලැබූ අතිදැවැන්ත ජයග්‍රහණයක්. බ්‍රිතාන්‍ය විශේෂ හමුදාවන්ට අණ දුන් මේජර් ජනරාල් ජෝන් හෝම්ස් විසින් පරණගම කොමිසමට සැපයූ යුද විශේෂඥ වාර්තාවට අනුව, එසේත් නැතිනම් මහාචාර්ය මයිකල් රොබර්ට්ස් වැනි විද්වතුන් මේ පිළිබඳ රචනා කර ඇති පොත්පත්වලට අනුව මානව සංහතියම ලද විශිෂ්ට ජයග්‍රහණයක් සේ මෙය විග්‍රහ කළ හැකියි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අනුව මේ ජයග්‍රහණය සලකා බැලුවහොත් එය ගැමුණු මහරජතුමා ලද ඒ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය සේම වැදගත් වන බව පේනවා.

ගැමුණු රජතුමාගේ ජයග්‍රහණය අපට බුදුදහම වැනි අවිහිංසාවාදී ආගමක් අදහන අතරම මවුබිමේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීමේ වැදගත්කම කියා දුන්නා. ඒ වගේම මේ ත්‍රස්තවාදයට එරෙහිව අප ලැබූ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විවිධ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට ගරුකරමින් ජාත්‍යන්තර සබඳතා මඟින් පාලනය වනු ලබන ලෝකයක මවුබිමේ ස්වාධීනත්වය රැකගැනීම පිළිබඳ විශිෂ්ට පාඩම් රැසක් කියා දෙනවා.

එහෙත් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට පසුගිය සමයේ විවිධ චෝදනා එල්ලවුණා?

මෙම ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ දී අපගේ ත්‍රිවිධ හමුදාව ඉතා උදාර ලෙස කටයුතු කළ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ත්‍රස්තවාදයට ⁣එරෙහි අවසන් සටන් ඇරඹුණු 2008 අගෝස්තු සිට 2019 මැයි 13 වන දින තෙක් එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධානයන්හි සේවකයන් ගැටුම් පවත්නා ප්‍රදේශයන්හි රැඳී සිටියා. ඔවුන්ගේ වාර්තා අනුව ඒ සමස්ත කාලය තුළ සිදුවූ සිවිල් මරණ සංඛ්‍යාව 7,721ක් බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නෙස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය රජයට යවන ලද රහසිගත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ හමුදා විසින් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවක් දෙමින් කටයුතු කළ බව ප්‍රකාශ කර තියෙනවා.

ශ්‍රී ලංකා හමුදා විසින් 40,000කට අධික වූ සිවිල් වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කළ බව හේතු සාධක දැක්වීමකින් තොරව චෝදනා නැඟුවේ 2011 වසරේ දරුස්මාන් වාර්තාව මඟින්. එම දෝෂ සහිත චෝදනාවම ඉන්පසුව ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස්තුමාගේ වාර්තාව මඟිනුත් එල්ල කළා. එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් ඝාතනය කිරීම හිතාමතා සැලසුම්කොට යුද උපක්‍රම ලෙස භාවිතා කර තියෙන බවට චෝදනා කර තිබුණා. වඩාත්ම බිහිසුණු හා කම්පාවට පත්කරන කාරණය වුණේ කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව නැඟුණු මේ ⁣චෝදනා පසුගිය යහපාලන රජය පවතිද්දී එහි විදේශ ඇමතිවරයාව සිටි මංගල සමරවීර මහතා විසින් ජිනීවා නුවරදී පිළිගනු ලැබීම. 2015 වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම මඟින් අපගේ වීරෝධාර හමුදාවන් පමණක් නොව ශ්‍රී ලංකා රජයම පාවාදීම පිළිකුල්සහගතයි. අද විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් යළි කැඳවන්නැයි මොර දෙන මේ අය මේ පිළිකුල්සහගත පාවාදීම සිදු කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම තබා ඊට දැනුම්දීමකින් පවා තොරවයි.

ත්‍රස්තවාදයට එරෙහි සටන වර්ණනා කිරීම මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සිදුකරන්නක් බවට විපක්ෂ පාර්ශ්වයන්ගෙන් චෝදනා නැඟෙනවා?

2009 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉදිරිපත් නොවී, ඒ වගේම ජ.වි.පෙ. අපේක්ෂකයකු ඉදිරිපත් නොකර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේ කුමක් වෙනුවෙන් ද? ඒ වගේම පසුගිය මහමැතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේ කුමක් සඳහාද?

මහානාම හිමියන් එදා මහාවංශය රචනා කරමින් ගැමුණු රජතුමාගේ ජයග්‍රහණය වර්ණනා කළේ මතු මතුත් ඉපදෙන පරපුරවල් මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැස්වීමටයි. මේ ⁣ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය අපි සමරන්නෙත් තව අවුරුදු දහස් ගණනක් මවුබිමේ තිර පැවැත්ම වෙනුවෙන් එය දායක කරගත හැකි නිසායි.

විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් කිහිප දෙනකු රජයේ වගකිව යුතු නිලතලවලට පත් කිරීමට ජනපතිවරයා ගත් තීන්දුව, රට මිලිටරීකරණයට ගන්නා උත්සාහයක් බවට විවිධ කණ්ඩායම් චෝදනා කරනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම නිලධාරියකු විසින් හොබවන ලද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පළමු වතාවට හිටපු හමුදාපතිවරයකු පත් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් නොවේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින්. ඒ ත්‍රස්තවාදය රටට අභියෝගයක් වූ නිසා.

තිස් වසරක් පුරා ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කළ මෙහෙයුම් තුළ අපේ ත්‍රිවිධ හමුදාව සුවිශේෂ අත්දැකීම් සමුදායක් සේම විශේෂිත වූ වෘත්තීය හැකියාවන් හා නිපුණතා ද අත්පත් කරගෙන තිබෙනවා. පිරිස් කළමනාකරණය, ඉංජිනේරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, නීතිය, පරිගණක විද්‍යාව ආදී බොහෝ ක්ෂේත්‍රවල නිපුණතාව ලැබූවන් උපාධි, පශ්චාත් උපාධි හා විදේශීය පුහුණුවීම් ලැබූ වෘත්තිකයන් රැසක් අද අපේ හමුදාවල සේවය කරනවා. මේ අයගේ සේවය සුදුසු පරිදි මවුබිමට ලබාගැනීම වරදක් ද?

දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර ඇත්තේ ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට සුවිශේෂ දායකත්වයක් දුන් මේජර් ජෙනරාල්වරයෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයකු වූ මේජර් ජනරල්වරයෙක්. ත්‍රස්තවාදී බෝම්බ හමුවේ මවුබිම අතහැර විදෙස්ගත වූ උගතුන්ට, වෘත්තිකයන්ට වඩා මවුබිම රැක ගැනීමට හමුදාවට බැඳුණු උගතුන්, වෘත්තිකයන් කොයිතරම් වටිනවාද?

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ සටනෙහි වැදගත්කම කොරෝනා අභියෝගය හමුවේ ඔබ දකින්නේ කෙලෙසකද?

එදා මහින්ද රාජපක්ෂ රජය ත්‍රස්තවාදය පරාජය කර නොතිබුණා නම්, ත්‍රස්තවාදය පරාජය කර නොතිබුණු අවස්ථාවක මේ කොවිඩ් 19 වසංගතය පැමිණියා නම් සිදුවිය හැකිව තිබූ විනාශය ගැන සිතීමටවත් පුළුවන්ද? එසේනම් වසංගතය මර්දනය කිරීමට නොහැකි වීම තුළ ජීවිත දසදහස් ගණනින් අහිමි වන බව, රටක් ලෙස රෝගය පාලනය කිරීමට අප සහමුලින්ම අසමත් වන බව ඉතා පැහැදිලියි.

මේ වෛරසය පෙන්නුම් කරන ඉතාම වැදගත් කාරණයක් වෙන්නේ මුළු රටම එක පාලනයකට, එක නීතියකට යටත්ව තිබීමේ වැදගත්කම. දැන් වෛරසය යම් පමණකට හෝ පැතිර යෑමට බලපෑ බේරුවල, බණ්ඩාරනායක මාවත, සුදුවැල්ල ආදී ප්‍රදේශ තුළ අපට දක්නට ලැබුණේ නීතියට සහමුලින්ම අවනත නොවීමේ ප්‍රතිවිපාක.

ගෝඨාභය රාජපක්ෂ මහතා සුළු ජාතීන්ට වෙනස්ව සලකන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී විපක්ෂ කණ්ඩායම් මත පළ කළා. ඊට හේතුව වුණේ ත්‍රස්තවාදයට එරෙහි සටනට ඔහු දුන් නායකත්වය බව පැහැදිලියි. ඇත්තටම ත්‍රස්තවාදයට එරෙහි සටනෙහි අරමුණ වුණේ සිංහලයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමද?

ත්‍රස්තවාදය නිසා වඩාත්ම පීඩාවට පත්වූයේ දෙමළ ජනතාව නොවේද? හිටපු යාපනයේ නගරාධිපතිවරයකු වූ දොරේඅප්පා මහතාගේ පටන් හිටපු විපක්ෂ නායකවරයකු වූ අමිර්තලිංගම් මහතා, හිටපු විදේශ ඇමතිවරයකු වූ කදිරගාමර් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන් සිය ගණනක් ඝාතනය වී තියෙන්නේ ඔවුන්ගේම ත්‍රස්තවාදීන් අතින් නොවේද? ඒ ත්‍රස්තවාදය මඟින් දෙමළ ස්ත්‍රීන් පුපුරන ද්‍රව්‍ය ශරීරයේ බැඳගෙන යන, මනුෂ්‍යත්වය අහිමිකරනු ලැබූ නින්දාසහගත තත්ත්වයකට පත්කරනු ලැබුවා නොවේද? පාසල්වල අධ්‍යාපනය ලැබිය යුතු දෙමළ දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් බැඳ ඒවා විකීමට නියමව ජීවත්වූවා නොවෙද? දිගුකාලීන ත්‍රස්ත ක්‍රියාවලිය තුළ දෙමළ ජනයා පමණක් නොව; ඒ ත්‍රස්ත සංවිධානයේම සාමාජිකයන් පත්ව තිබූ අවමන්සහගත ජීවිතය පිළිබඳ අවබෝධයක් ලැබීමට එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකාවක වූ තමිලිනීගේ පොත පෙරළා බැලීම වුවද සෑහෙනවා. දෙමළ ජනයා වෙත අධ්‍යාපනය, ඉඩම්, ගෙවල්, රැකියාවල් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදීමේ ක්‍රියාවලියක රජය හා හමුදාව නිරත වී සිටි බව පැහැදිලියි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු හමුදා නිලධාරියා වන්නි ප්‍රදේශයට සමුදුන් අවස්ථාවේදී දෙමළ ජනයා හඬා වැළපුණු ආකාරයෙන් මේ බව පැහැදිලි වෙනවා.

මේ කොරෝනා වසංගත අවස්ථාවේදී පවා කොරෝනා වැළඳුණු ස්විස්ටර්ලන්ත පාදිලිවරයකුගේ ක්‍රියාකාරිත්වය නිසා යාපනය දිස්ත්‍රික්කය පුරා වසංගතය බෝවී දෙමළ ජනතාව සියදහස් ගණනින් මියයෑමේ උවදුරින් ඔවුන්ව මුදවා ගත්තේ ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් බුද්ධි අංශවල මැදිහත්වීමෙන් නොවේද? ඉන්දුනීසියාවේ මැලේසියාවේ හා ඉන්දියාවේ ආගමික සංචාරයක යෙදුණු ඉස්ලාම් බැතිමතුන් මඟින් බේරුවල, අටලුගම, පුත්තලම, බණ්ඩාරනායක වීදිය අාදී වශයෙන් මුස්ලිම් ප්‍රජාව සියදහස් ගණනින් රෝගයෙන් මියයෑම වළක්වා ගැනීමට හැකිවූයේ ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදා මැදිහත්වීමෙන් නොවේද?

යුද්ධයෙන් අනතුරුව රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට අපට ලැබුණු අනර්ග අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ විශ්වාස කරනවාද?

එවකට පැවැතුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ආර්ථික ජයග්‍රහණ ලබාදීමට මැදිහත් වූ බව ඉතා පැහැදිලියි. යටත්විජිත යුගයෙන් පසුව මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් මාර්ග සංවර්ධනයක් නොවූ බව කවුරුත් පිළිගන්නා කාරණයක්. ලංකාව ගෝලීය ආර්ථික ක්‍රියාවලිය තුළ ඉදිරියට ගෙන ඒම අරමුණු කරගෙන කොළඹ වරාය දියුණු කිරීම, හම්බන්තොට නව වරාය ආරම්භ කිරීම, කොළඹ වරාය නගරය සැලසුම් කිරීම වැනි යෝජනා රැසක් එදා ක්‍රියාවට නැඟුණා. ඒ වගේම කොළඹ නගරය ප්‍රධාන නගර සංවර්ධනය, ගම නැඟුම දිවි නැඟුම ආදී අද වැනි අභියෝගාත්මක තත්ත්වයකදී සුවිශාල වටිනාකමක් දරන ආර්ථික ක්‍රියාවලීන් අතින් ද එදා සුවිශාල ඉදිරි පියවරවල් තබමින් තිබූ බව රහසක් නෙවෙයි.

ගැටලුව පසුගිය රජය පැවති කාලය පුරාවට ඒ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයෑමයි. හම්බන්තොට වරාය විකුණා දැමීමයි. කොළඹ වරාය සංවර්ධනය කිරීමේ එකදු සැලැස්මක්වත් ක්‍රියාත්මක නොවීමයි. වසර හතරක් පුරාවට කතා කළ මහනුවර අධිවේගයවත් ඉදිනොවීමයි. ස්වයංපෝෂිත ගමක් වෙනුවට විජාතික වෙළෙඳ ගිවිසුම් මත යැපෙන ආර්ථිකයකට රට යොමු කිරීමයි.

ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා එක්සේසත් වූ රටට අවශ්‍ය ව්‍යවස්ථාව, පාලන ව්‍යුහය ගොඩනඟා ගැනීමට අපි එදාමෙදා තුර අසමත්ව ඇති බව පිළිගත යුතුයි. සොල්දාදුවා දිනා දුන් භූමිය පාලනයට සුදුසු ශක්තිමත් ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තහවුරු කිරීමට අපි තවමත් අසමත්ව සිටිනවා. හැටනව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවූයේ ඒ සඳහායි.

එම ජයග්‍රහණ තහවුරු කර ගැනීමට රටෙහි ගමන්මඟ කෙලෙස සකස්විය යුතුද?

ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට ලබාදිය හැකි උසස්ම ප්‍රණාමය නම් අපගේ මාතෘභූමියෙහි ශක්තිමත් ඒකීය රාජ්‍යයක් තහවුරු කිරීමයි. බෙදුම්වාදී, ෆෙඩරල්වාදී, ආගමික අන්තවාදී දේශපාලන ප්‍රවාහයන් සහමුලින්ම පරාජයට පත්කිරීමයි.

තමා අපේක්ෂා කරන ඒකීය රාජ්‍යය කෙබදුද යන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය නිදහස් දින ජාතිය අමතා කරන ලද කතාවේදී මැනවින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව රට දියුණු කළ යුත්තේ රටේ ඇති නැති පරතරය අඩුවන ආකාරයටයි. රට පුරා ජීවන අවස්ථා, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සමානව බෙදී යන ආකාරයටයි.

මේ සඳහා නව ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, නව නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ සඳහා ශක්තිමත්, ගුණාත්මක නව පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. වසර 30ක් පුරා ත්‍රස්තවාදය හා සටන් කරමින් මැතිවරණ පැවැත්වූ රටකට කොරෝනා වසංගතය පාලනය කරමින් මැතිවරණ පැවැත්වීම අභියෝගයක් විය නොහැකියි.

නදී මාණික්කගේ [Dinamina 2020-05-19]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/10/2020

සිය පරමාධිපත්‍යය තහවුරු වනු දැකීම ජනතා පැතුමයි

කතෘ:යුතුකම     5/10/2020   No comments
මාධ්‍ය නිවේදනය

සජිත් ප්‍රේමදාස මහතා ගේ සමඟි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඞාර, පා. . රණවක, වික්ටර් අයිවන්, ආචර් ය පාක්‍යසෝති සරවනමුත්තු, ජනාධිපති නීතිඥ එම්. සුමන්දරන් ආදි වශයෙන් විජාතික වුවවමනාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයන්හි නායකයන් හා එන්.ජී.. කප්පිතන් මැතිවරණ අවලංගු කරන ලෙසත් පාර්ලිමේන්තුව විසුරුවීම බල රහිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත. මේ සියලු කොටස් කී කරුණු, දුන් පොරොන්දු, කළ ඉල්ලීම් සියල්ල 69 ලක්ෂයකට වැඩි ජනතාවක් ප්‍රතික්ෂේප කර තිබිය දී කරන මේ ඉල්ලීමෙහි අර්ථය කුමක් ?  ජනයා ගේ  අකැමැත්ත නොතකා  තමන්ව පිළිගන්නට බලකරන ලෙස, තමන්ට යටත්වීමට  බල කරන ලෙස  ඉල්ලා සිටීමක් හැර අන් කුමක් ?
පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බවට තර්ක මතු කරනු පෙනේ. එහෙත් 'මෙන්න මිනී මරාගෙන 2/3 ගන්න යනවෝ' යයි කරන කෑගැසීමෙන් මහාමැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව, 69 ලක්ෂයක විශ්වාසය, කැමැත්ත  තවදුරටත් යහවුරු   වී ඇති බව කවුරුත් පිළිගන්නා බව පැහැදිලි . රටට හතුරු බලවේග අධිකරණයෙන් මේ ඉල්ලා සිටින්නේ කැමැත්තට, විශ්වාසයට,  ආදරයට ඉඩ නොදෙන ලෙස . අතිනූතන ලෙස, නව  පරපුරු ලෙස පෙනී සිටීමට තැත් කළ මේ විජාතික එන.ජී.. කොටස් කරන මේ ඉල්ලීම සම කළ හැක්කේ කොරෝනා වසංගතය හමුවේ විවාහෝත්සව පැවැත්වීම අනතුරුදායක බැවින් තමන් විසින් නැවත නැවතත් රැවටීම නිසා, විනාශයෙන් විනාශයට පත් කිරීම නිසා භාර්යාව ලබාගත් දික්කසාදය වහා අවලංගු කර ඇය ගේ අකැමැත්ත, අප්‍රසාදය, පිළිකුල කිසිචක් නොකතා තමන් සමඟ   ජීවත්වීමට ඇයට බල කරන ලෙස අචීර් ණකල්පික, අවිනීත, ගොරහැඩියකු අධිකරණයෙන් කරන ඉල්ලීමකට .
පරමාධිපත්‍ය බලය හිමිව ඇත්තේ ජනතාවට . ජනතාව ගෙන් අතිබහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී 'ජනතාවට වගකියන ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණයක්'  සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. වැනි අවස්ථාවක ව්යවස්ථාවේ වගන්ති මත කෙරෙන කෙස්පැලෙන තර්ක මත ජනයා ගේ කැමැත්ත, අභිලාශය, පරමාධිපත්‍ය  යටපත් කිරීම කළ හැකි ? ජනයා ගේ කැමැත්ත ඉතා පැභැදිලි ලෙස ප්‍රකාශයට පත් ඇති අවස්ථාවක අධිකරණයේ යුතුකම වනු ඇත්තේ ජනතා පරමාධිපත්‍ය වඩාත් අර්ථගැන්වෙන සේ කටයුතු කිරීම . නීතිය මඟින් යුක්තිය තහචුරු කිරීම .

ගෙවිඳු කුමාරතුංග
සභාපති - යුතුකම
2020-05-10

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions