11 වැනි විජයග්‍රහණය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග මහතා දිනමිණ සමඟ කළ විශේෂ සාකච්ඡාවකි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් ලංකාව මුදාගෙන වසර 11ක් ගතවෙලා. ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
තුන් ලක්ෂයකට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හා මිනිස් පළිහක් ලෙස එල්.ටී.ටී.ඊ.ය විසින් රඳවාගෙන තිබීම මත හා ඔවුන් රජයේ පාලන ප්‍රදේශවලට යෑම වැළැක්වීමට එසේ පලා යන්නට උත්සාහ දරන්නන්ට වෙඩි තැබීම, සිවිල් වැසියන් හමුදාවට භාරවන ස්ථානයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, තමන්ට එරෙහිව කෙරෙන හමුදා මෙහෙයුම් නවත්වාලීමට අන්තර්ජාතික මැදිහත්වීමක් අපේක්ෂාවෙන් තමන් හා සිටින සිවිල් වැසියන් ඉලක්ක කර මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ලකිරීම හේතුවෙන් 2009 අප්‍රේල් - මැයි මාසයන්හි දී ශ්‍රී ලංකාවේ හමුදා මුහුණ දී සිටියේ අතිබිහිසුණු මානව ඛේදවාචකයක් වළක්වා ගැනීමේ දැවැන්ත අභියෝගයකට. ඒ සමඟම වසර 30ක් පුරා මෙරට වැසියන් පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය සහමුලින්ම පරාජයට පත්කිරීමේ මෙහෙයුම් ඉලක්ක සපුරාගැනීම ද අත්‍යාවශ්‍ය වුණා. සිවිල් වැසියන් දෙලක්ෂ අනූපන්දහස් අටසිය හැත්තෑ තුන් දෙනකුගේ ජීවිත බේරාගනිමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායකයන් විනාශ කර දැමීමට හැකිවීම ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවත් ලැබූ අතිදැවැන්ත ජයග්‍රහණයක්. බ්‍රිතාන්‍ය විශේෂ හමුදාවන්ට අණ දුන් මේජර් ජනරාල් ජෝන් හෝම්ස් විසින් පරණගම කොමිසමට සැපයූ යුද විශේෂඥ වාර්තාවට අනුව, එසේත් නැතිනම් මහාචාර්ය මයිකල් රොබර්ට්ස් වැනි විද්වතුන් මේ පිළිබඳ රචනා කර ඇති පොත්පත්වලට අනුව මානව සංහතියම ලද විශිෂ්ට ජයග්‍රහණයක් සේ මෙය විග්‍රහ කළ හැකියි.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අනුව මේ ජයග්‍රහණය සලකා බැලුවහොත් එය ගැමුණු මහරජතුමා ලද ඒ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය සේම වැදගත් වන බව පේනවා.
ගැමුණු රජතුමාගේ ජයග්‍රහණය අපට බුදුදහම වැනි අවිහිංසාවාදී ආගමක් අදහන අතරම මවුබිමේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීමේ වැදගත්කම කියා දුන්නා. ඒ වගේම මේ ත්‍රස්තවාදයට එරෙහිව අප ලැබූ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විවිධ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට ගරුකරමින් ජාත්‍යන්තර සබඳතා මඟින් පාලනය වනු ලබන ලෝකයක මවුබිමේ ස්වාධීනත්වය රැකගැනීම පිළිබඳ විශිෂ්ට පාඩම් රැසක් කියා දෙනවා.
එහෙත් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට පසුගිය සමයේ විවිධ චෝදනා එල්ලවුණා?
මෙම ත්‍රස්තවාදයට එරෙහිව කළ සටනේ දී අපගේ ත්‍රිවිධ හමුදාව ඉතා උදාර ලෙස කටයුතු කළ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ත්‍රස්තවාදයට එරෙහි අවසන් සටන් ඇරඹුණු 2008 අගෝස්තු සිට 2019 මැයි 13 වන දින තෙක් එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධානයන්හි සේවකයන් ගැටුම් පවත්නා ප්‍රදේශයන්හි රැඳී සිටියා. ඔවුන්ගේ වාර්තා අනුව ඒ සමස්ත කාලය තුළ සිදුවූ සිවිල් මරණ සංඛ්‍යාව 7,721ක් බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නෙස්බි සාමිවරයා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය රජයට යවන ලද රහසිගත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ හමුදා විසින් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවක් දෙමින් කටයුතු කළ බව ප්‍රකාශ කර තියෙනවා.
ශ්‍රී ලංකා හමුදා විසින් 40,000කට අධික වූ සිවිල් වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කළ බව හේතු සාධක දැක්වීමකින් තොරව චෝදනා නැඟුවේ 2011 වසරේ දරුස්මාන් වාර්තාව මඟින්. එම දෝෂ සහිත චෝදනාවම ඉන්පසුව ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස්තුමාගේ වාර්තාව මඟිනුත් එල්ල කළා. එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් ඝාතනය කිරීම හිතාමතා සැලසුම්කොට යුද උපක්‍රම ලෙස භාවිතා කර තියෙන බවට චෝදනා කර තිබුණා. වඩාත්ම බිහිසුණු හා කම්පාවට පත්කරන කාරණය වුණේ කිසිදු පිළිගත හැකි සාක්ෂියකින් තොරව නැඟුණු මේ චෝදනා පසුගිය යහපාලන රජය පවතිද්දී එහි විදේශ ඇමතිවරයාව සිටි මංගල සමරවීර මහතා විසින් ජිනීවා නුවරදී පිළිගනු ලැබීම. 2015 වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම මඟින් අපගේ වීරෝධාර හමුදාවන් පමණක් නොව ශ්‍රී ලංකා රජයම පාවාදීම පිළිකුල්සහගතයි. අද විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් යළි කැඳවන්නැයි මොර දෙන මේ අය මේ පිළිකුල්සහගත පාවාදීම සිදු කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම තබා ඊට දැනුම්දීමකින් පවා තොරවයි.
ත්‍රස්තවාදයට එරෙහි සටන වර්ණනා කිරීම මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සිදුකරන්නක් බවට විපක්ෂ පාර්ශ්වයන්ගෙන් චෝදනා නැඟෙනවා?
2009 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉදිරිපත් නොවී, ඒ වගේම ජ.වි.පෙ. අපේක්ෂකයකු ඉදිරිපත් නොකර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළේ කුමක් වෙනුවෙන් ද? ඒ වගේම පසුගිය මහමැතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේ කුමක් සඳහාද?
මහානාම හිමියන් එදා මහාවංශය රචනා කරමින් ගැමුණු රජතුමාගේ ජයග්‍රහණය වර්ණනා කළේ මතු මතුත් ඉපදෙන පරපුරවල් මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැස්වීමටයි. මේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය අපි සමරන්නෙත් තව අවුරුදු දහස් ගණනක් මවුබිමේ තිර පැවැත්ම වෙනුවෙන් එය දායක කරගත හැකි නිසායි.
විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් කිහිප දෙනකු රජයේ වගකිව යුතු නිලතලවලට පත් කිරීමට ජනපතිවරයා ගත් තීන්දුව, රට මිලිටරීකරණයට ගන්නා උත්සාහයක් බවට විවිධ කණ්ඩායම් චෝදනා කරනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?
රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම නිලධාරියකු විසින් හොබවන ලද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පළමු වතාවට හිටපු හමුදාපතිවරයකු පත් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් නොවේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින්. ඒ ත්‍රස්තවාදය රටට අභියෝගයක් වූ නිසා.
තිස් වසරක් පුරා ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව කළ මෙහෙයුම් තුළ අපේ ත්‍රිවිධ හමුදාව සුවිශේෂ අත්දැකීම් සමුදායක් සේම විශේෂිත වූ වෘත්තීය හැකියාවන් හා නිපුණතා ද අත්පත් කරගෙන තිබෙනවා. පිරිස් කළමනාකරණය, ඉංජිනේරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, නීතිය, පරිගණක විද්‍යාව ආදී බොහෝ ක්ෂේත්‍රවල නිපුණතාව ලැබූවන් උපාධි, පශ්චාත් උපාධි හා විදේශීය පුහුණුවීම් ලැබූ වෘත්තිකයන් රැසක් අද අපේ හමුදාවල සේවය කරනවා. මේ අයගේ සේවය සුදුසු පරිදි මවුබිමට ලබාගැනීම වරදක් ද?
දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර ඇත්තේ ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට සුවිශේෂ දායකත්වයක් දුන් මේජර් ජෙනරාල්වරයෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයකු වූ මේජර් ජනරල්වරයෙක්. ත්‍රස්තවාදී බෝම්බ හමුවේ මවුබිම අතහැර විදෙස්ගත වූ උගතුන්ට, වෘත්තිකයන්ට වඩා මවුබිම රැක ගැනීමට හමුදාවට බැඳුණු උගතුන්, වෘත්තිකයන් කොයිතරම් වටිනවාද?
ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ සටනෙහි වැදගත්කම කොරෝනා අභියෝගය හමුවේ ඔබ දකින්නේ කෙලෙසකද?
එදා මහින්ද රාජපක්ෂ රජය ත්‍රස්තවාදය පරාජය කර නොතිබුණා නම්, ත්‍රස්තවාදය පරාජය කර නොතිබුණු අවස්ථාවක මේ කොවිඩ් 19 වසංගතය පැමිණියා නම් සිදුවිය හැකිව තිබූ විනාශය ගැන සිතීමටවත් පුළුවන්ද? එසේනම් වසංගතය මර්දනය කිරීමට නොහැකි වීම තුළ ජීවිත දසදහස් ගණනින් අහිමි වන බව, රටක් ලෙස රෝගය පාලනය කිරීමට අප සහමුලින්ම අසමත් වන බව ඉතා පැහැදිලියි.
මේ වෛරසය පෙන්නුම් කරන ඉතාම වැදගත් කාරණයක් වෙන්නේ මුළු රටම එක පාලනයකට, එක නීතියකට යටත්ව තිබීමේ වැදගත්කම. දැන් වෛරසය යම් පමණකට හෝ පැතිර යෑමට බලපෑ බේරුවල, බණ්ඩාරනායක මාවත, සුදුවැල්ල ආදී ප්‍රදේශ තුළ අපට දක්නට ලැබුණේ නීතියට සහමුලින්ම අවනත නොවීමේ ප්‍රතිවිපාක.
ගෝඨාභය රාජපක්ෂ මහතා සුළු ජාතීන්ට වෙනස්ව සලකන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී විපක්ෂ කණ්ඩායම් මත පළ කළා. ඊට හේතුව වුණේ ත්‍රස්තවාදයට එරෙහි සටනට ඔහු දුන් නායකත්වය බව පැහැදිලියි. ඇත්තටම ත්‍රස්තවාදයට එරෙහි සටනෙහි අරමුණ වුණේ සිංහලයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමද?
ත්‍රස්තවාදය නිසා වඩාත්ම පීඩාවට පත්වූයේ දෙමළ ජනතාව නොවේද? හිටපු යාපනයේ නගරාධිපතිවරයකු වූ දොරේඅප්පා මහතාගේ පටන් හිටපු විපක්ෂ නායකවරයකු වූ අමිර්තලිංගම් මහතා, හිටපු විදේශ ඇමතිවරයකු වූ කදිරගාමර් මහතා ඇතුළු දෙමළ දේශපාලනඥයන් සිය ගණනක් ඝාතනය වී තියෙන්නේ ඔවුන්ගේම ත්‍රස්තවාදීන් අතින් නොවේද? ඒ ත්‍රස්තවාදය මඟින් දෙමළ ස්ත්‍රීන් පුපුරන ද්‍රව්‍ය ශරීරයේ බැඳගෙන යන, මනුෂ්‍යත්වය අහිමිකරනු ලැබූ නින්දාසහගත තත්ත්වයකට පත්කරනු ලැබුවා නොවේද? පාසල්වල අධ්‍යාපනය ලැබිය යුතු දෙමළ දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් බැඳ ඒවා විකීමට නියමව ජීවත්වූවා නොවෙද? දිගුකාලීන ත්‍රස්ත ක්‍රියාවලිය තුළ දෙමළ ජනයා පමණක් නොව; ඒ ත්‍රස්ත සංවිධානයේම සාමාජිකයන් පත්ව තිබූ අවමන්සහගත ජීවිතය පිළිබඳ අවබෝධයක් ලැබීමට එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකාවක වූ තමිලිනීගේ පොත පෙරළා බැලීම වුවද සෑහෙනවා. දෙමළ ජනයා වෙත අධ්‍යාපනය, ඉඩම්, ගෙවල්, රැකියාවල් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදීමේ ක්‍රියාවලියක රජය හා හමුදාව නිරත වී සිටි බව පැහැදිලියි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු හමුදා නිලධාරියා වන්නි ප්‍රදේශයට සමුදුන් අවස්ථාවේදී දෙමළ ජනයා හඬා වැළපුණු ආකාරයෙන් මේ බව පැහැදිලි වෙනවා.
මේ කොරෝනා වසංගත අවස්ථාවේදී පවා කොරෝනා වැළඳුණු ස්විස්ටර්ලන්ත පාදිලිවරයකුගේ ක්‍රියාකාරිත්වය නිසා යාපනය දිස්ත්‍රික්කය පුරා වසංගතය බෝවී දෙමළ ජනතාව සියදහස් ගණනින් මියයෑමේ උවදුරින් ඔවුන්ව මුදවා ගත්තේ ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් බුද්ධි අංශවල මැදිහත්වීමෙන් නොවේද? ඉන්දුනීසියාවේ මැලේසියාවේ හා ඉන්දියාවේ ආගමික සංචාරයක යෙදුණු ඉස්ලාම් බැතිමතුන් මඟින් බේරුවල, අටලුගම, පුත්තලම, බණ්ඩාරනායක වීදිය අාදී වශයෙන් මුස්ලිම් ප්‍රජාව සියදහස් ගණනින් රෝගයෙන් මියයෑම වළක්වා ගැනීමට හැකිවූයේ ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදා මැදිහත්වීමෙන් නොවේද?
යුද්ධයෙන් අනතුරුව රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට අපට ලැබුණු අනර්ග අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ විශ්වාස කරනවාද?
එවකට පැවැතුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ආර්ථික ජයග්‍රහණ ලබාදීමට මැදිහත් වූ බව ඉතා පැහැදිලියි. යටත්විජිත යුගයෙන් පසුව මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් මාර්ග සංවර්ධනයක් නොවූ බව කවුරුත් පිළිගන්නා කාරණයක්. ලංකාව ගෝලීය ආර්ථික ක්‍රියාවලිය තුළ ඉදිරියට ගෙන ඒම අරමුණු කරගෙන කොළඹ වරාය දියුණු කිරීම, හම්බන්තොට නව වරාය ආරම්භ කිරීම, කොළඹ වරාය නගරය සැලසුම් කිරීම වැනි යෝජනා රැසක් එදා ක්‍රියාවට නැඟුණා. ඒ වගේම කොළඹ නගරය ප්‍රධාන නගර සංවර්ධනය, ගම නැඟුම දිවි නැඟුම ආදී අද වැනි අභියෝගාත්මක තත්ත්වයකදී සුවිශාල වටිනාකමක් දරන ආර්ථික ක්‍රියාවලීන් අතින් ද එදා සුවිශාල ඉදිරි පියවරවල් තබමින් තිබූ බව රහසක් නෙවෙයි.
ගැටලුව පසුගිය රජය පැවති කාලය පුරාවට ඒ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයෑමයි. හම්බන්තොට වරාය විකුණා දැමීමයි. කොළඹ වරාය සංවර්ධනය කිරීමේ එකදු සැලැස්මක්වත් ක්‍රියාත්මක නොවීමයි. වසර හතරක් පුරාවට කතා කළ මහනුවර අධිවේගයවත් ඉදිනොවීමයි. ස්වයංපෝෂිත ගමක් වෙනුවට විජාතික වෙළෙඳ ගිවිසුම් මත යැපෙන ආර්ථිකයකට රට යොමු කිරීමයි.
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා එක්සේසත් වූ රටට අවශ්‍ය ව්‍යවස්ථාව, පාලන ව්‍යුහය ගොඩනඟා ගැනීමට අපි එදාමෙදා තුර අසමත්ව ඇති බව පිළිගත යුතුයි. සොල්දාදුවා දිනා දුන් භූමිය පාලනයට සුදුසු ශක්තිමත් ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තහවුරු කිරීමට අපි තවමත් අසමත්ව සිටිනවා. හැටනව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවූයේ ඒ සඳහායි.
එම ජයග්‍රහණ තහවුරු කර ගැනීමට රටෙහි ගමන්මඟ කෙලෙස සකස්විය යුතුද?
ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට ලබාදිය හැකි උසස්ම ප්‍රණාමය නම් අපගේ මාතෘභූමියෙහි ශක්තිමත් ඒකීය රාජ්‍යයක් තහවුරු කිරීමයි. බෙදුම්වාදී, ෆෙඩරල්වාදී, ආගමික අන්තවාදී දේශපාලන ප්‍රවාහයන් සහමුලින්ම පරාජයට පත්කිරීමයි.
තමා අපේක්ෂා කරන ඒකීය රාජ්‍යය කෙබදුද යන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය නිදහස් දින ජාතිය අමතා කරන ලද කතාවේදී මැනවින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව රට දියුණු කළ යුත්තේ රටේ ඇති නැති පරතරය අඩුවන ආකාරයටයි. රට පුරා ජීවන අවස්ථා, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සමානව බෙදී යන ආකාරයටයි.
මේ සඳහා නව ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, නව නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ සඳහා ශක්තිමත්, ගුණාත්මක නව පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. වසර 30ක් පුරා ත්‍රස්තවාදය හා සටන් කරමින් මැතිවරණ පැවැත්වූ රටකට කොරෝනා වසංගතය පාලනය කරමින් මැතිවරණ පැවැත්වීම අභියෝගයක් විය නොහැකියි.
නදී මාණික්කගේ [Dinamina 2020-05-19]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .