5/14/2020

රටට යුතුකම් ඉටුකළ තස්ලිම් වෙනුවෙන් යුතුකමින් අරමුදලක්!

කතෘ:යුතුකම     5/14/2020   No comments

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් කණ්ඩායම විසින් සිදු කළ වෙඩි තැබීමකින් මාරාන්තික තුවාල ලැබූ මොහොමඩ තස්ලීම් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට යුතුකම ජාතික සංවිධානය ලෙස අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු.

පසුගිය දශක කිහිපය තුළ ලාංකීක සහෝදර මුස්ලිම් ජනතාව අන්තවාදය කරා රැගෙන යාමේ කුමන්ත්‍රණ දිගින් දිගටම දියත් වන අතර එහි උච්චතම අවස්ථාව සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් දියත් කළ ත්‍රස්තවාදී ක්‍රියාදාමය බව කිව යුතුය.
සහරාන්ලාගේ ධනය බලය හමුවේ බහුතර මුස්ලිම් ජනතාව නිහඬව සිටිය ද ඊට එරෙහිව කටයුතු කළ මුස්ලිම් නායකයන් ද කලාතුරකින් වුව දැකගත හැකිය. කෑගල්ල මාවනැල්ලේ මොහොමඩ් තස්ලිම් එවැන්නෙකි. මෙම කණ්ඩායම විසින් මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමට එරෙහිව තස්ලිම් රටේ ආරක්ෂක අංශ සමග එකතු වී කටයුතු කළේය. ඔහු එම කල්ලිය පමණක් නොව පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සඟවා තබා තිබූ පුපුරන ද්‍රව්‍ය කිලෝ සියයකට අධික ප්‍රමාණයක් අල්ලා දීමේ මෙහෙයුමට ද එකතු විය.
එහි ප්‍රතිඵලය වූයේ 2019 මාර්තු 09 වන දින රාත්‍රී නිවසේ නිදා සිටිය දී ම තස්ලිම් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වීමය. එවක ආණ්ඩුවේ ඇමතිවරයකු වූ කබීර් හෂීම්ගේ සම්බන්ධීකාරකයකු ලෙස කටයුතු කළ තස්ලිම්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණු අතර ත්‍රස්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදුණු ඔහුට කිසිදු ආධාර මුදලක් පවා ලබා දී තිබුණේ නැත.

සැබවින්ම මොහොමඩ් තස්ලිම් ලබා දුන් තොරතුරු අනුව එවක ආණ්ඩුව කටයුතු කළේ නම් සහරාන් ඇතුළු කණ්ඩායමට 2019 අප්‍රේල් 21 වෙනිදා එනම් පාස්කු දා ප්‍රහාරයක් එල්ල කර ජීවිත සිය ගණනක් බිලි ගන්නට ඉඩ ලැබෙන්නේ නැත.

පාස්කු ප්‍රහාරයේ පළමු සංවත්සරය යෙදුණු පසුගිය පාස්කු දා යුතුකම ජාතික සංවිධානයේ නාමල් උඩලමත්ත, මොහොමඩ් තස්ලිම් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වගකීම ජාතිය මත පැටවී ඇතැයි ලිපියක් ලියන අතර ඊට ලැබුණු ප්‍රතිචාර අනුව තස්ලිම් වෙනුවෙන් ආධාර එකතු කරන වැඩසටහනක් අප ආරම්භ කළෙමු. ඒ සඳහා යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, ලේකම් ලසන්ත වික්‍රමසිංහ සහ කැළුම් නිරංජනගේ නොමද සහයෝගය ලැබිණි.

තස්ලිම්ට ආධාර කිරීමට කිසිදු භේදයකින් තොරව ලංකාවේ සහ ලොව පුරා වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් හිතවතුන් පිරිසක් ඉදිරිපත් වූ අතර පිරිසක් ඔහුට මාසිකව ආධාර මුදලක් ලබා දීමට ද එකඟ වී සිටින බව පවසන්නේ මහත් අභිමානයෙනි. එම මිතුරන්ට සියලු ආධාර මුදල් මොහොමඩ් තස්ලිම්ගේ ගිණුමට බැර කරන ලෙස අප ඉල්ලා සිටි අතර මේ වන විට රු. 170 000ක පමණ මුදලක් එහි තැන්පත් කිරීමට අපට හැකි විය. තවමත් පිරිසක් ආධාර මුදල් තැන්පත් කිරීමට බැංකුවට යාමට නොහැකිව සිටිති.

තිදරු පියෙකු වන මොහොමඩ් තස්ලිම්ගේ දරුවන් දෙදෙනෙකු පාසල් යන අතර අනෙකා තවමත් කුඩාය. සැත්කම් කිහිපයකට භාජනය වූ තස්ලිම්ට අද රැකියාවක් කරගත නොහැකිය. තස්ලිම්ගේ බිරිඳට සැමියාගේ කටයුතු සහ දරුවන්ගේ කටයුතු ඉටු කරදීමට සිදුව ඇති නිසා රැකියාවක් කරගත නොහැකිය.

රටේ සමගිය සහ සංහිඳයාව වෙනුවෙන් සැබවින්ම නැඟී සිටි තස්ලිම්ට අසරණ වන්නට දිය යුතු නැත. ඔහුගේ දරුවන් ද රැකබලාගත යුතුය. ඒ සඳහා රජය මැදිහත් වී වැඩපිළිවෙළක් ආරම්භ කරනු ඇතැයි අපි යුතුකම සංවිධානය ලෙස අපෙක්ෂා කරමු. ඔබත් තස්ලිම්ට ආධාර දෙන්න කැමති නම් මොහොමඩ තස්ලීම් මහතාගේම නමින්  ඇති පහත විස්තර දක්වා ඇති ගිණුමට 
එම ආධාර මුදල් යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

Mohommad Raseek Mohomad Thasleem - 
116054438890
Sampath bank
Mawanella Branch
වැඩිදුර විස්තර සඳහා : 0714416054

සටහන - යටිනය ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions