12/05/2015

වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?

කතෘ:යුතුකම     12/05/2015   No comments
ඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල සීක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ජනරාල් අරුන් විද්‍යා ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුම දියත් කළේය.

එහිදී ත්‍රස්‌තයන්ට අමතරව කාන්තාවන් හා ළමුන් රැසක්‌ද මරුමුවට පත්විය.

ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්‍රියා මර්දනය කිරීමට ඉන්දීය හමුදාව ක්‍රියා කිරීමේදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බව දක්‌වමින් ඉන්දීය හමුදා නිලධාරීන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.
ඇµaගනිස්‌තානයේ තාලිබාන් ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට ඇමරිකාව ෙඩ්‍රාaන් යානා ප්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක්‌ ඝාතනය විය. එහෙත් මේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමරිකාව තම හමුදාවේ සේනාධිපතිවරුන්ට එරෙහිව විශේෂ අධිකරණ ස්‌ථාපිත කළේ නැත. ඊශ්‍රායල් හමුදා පලස්‌තීන සිවිල් වැසියන් මරා දැමීමට වගකිව යුතු යෑයි එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවේ සඳහන් වුවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස කියා සිටියේය. "අපේ සෙබළුන් ත්‍රස්‌තවාදයට එරෙහිව තම වර්තමානයත් අනාගතයත් පුද කළා. ඔවුන් සිටියේ නැත්නම් අද ඊශ්‍රායලය කියා රටක්‌ නැහැ. ත්‍රස්‌තවාදීන් මනුෂ්‍යත්වයේ දේවාලය විනාශ කිරීමට උත්සාහ කරද්දී අපට බලා සිටිය හැකිද?"

මේ පසුබිම මැද මෙරට සිදු වන්නේ කුමක්‌ද? වසර 30 ක්‌ තිස්‌සේ මෙරට දේශපාලනඥයන් ප්‍රභාකරන්ට බියේ ගැහෙමින් සිටියහ. ප්‍රභාකරන් සැතපුම් 250 ක්‌ ඈත වන්නියේ සිට දේශපාලඥනයන් ජීවත් විය යුතුද නැද්ද යෑයි තීරණය කළේය.

මරාගෙන මැරෙන බෝම්බකාරියන් සහ බස්‌රථවල ඇටවූ බෝම්බ නිසා ත්‍රස්‌ත භීතිය රටපුරා පැතිර ගොස්‌ තිබුණි. 2009 මැයි 19 දා ත්‍රස්‌ත භීතිය සහමුලින්ම නතර විය. වන්නි මෙහෙයුමින් කොටි ඝාතක කණ්‌ඩායම වැනසුණි. එහෙත් ත්‍රස්‌තවාදය නැති කළ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ චෝදනාවලට මුහුණ දී ඇත. ලෝක ඉතිහාසයේ මෙවැන්නක්‌ සිදු වන්නේ මුල්වරටය. මේ යුද අපරාධ චෝදනාවල පැමිණිලිකරුවන් කවුද? ඒ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානය සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ගෙන යැමට අරමුදල් සැපයූ ඊළාම් සංවිධානයි.

එසේ වුවත් ද්‍රවිඩ සංධානයට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධවලට සම්බන්ධ ජීවත්වී සිටින කොටි ක්‍රියාකාරීන්ට එරෙහිවද යෝජිත විශේෂ අධිකරණය මගින් ක්‍රියා කරන බව පවසා ඇත. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 60 කට අධික පිරිසක්‌ විදේශ රටවල ජීවත් වේ. ඔවුන්ට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. එම තත්ත්වය යටතේ ඔවුන්ට එරෙහිව කිසිසේත් ක්‍රියා කළ නොහැකිය. මෙහිදී සිදු වී ඇත්තේ ජයග්‍රාහී යුද හමුදාවට පරාජිතයන් වී වන්දි ගෙවීමට සිදු වීමයි.

වන්නි මෙහෙයුමේදී 6000 කට අධික පිsරිසක්‌ දිවි පුදා ඇත. ඔවුන් දිවි පිදුවේ ත්‍රස්‌තවාදය විනාශ කර රටේ ඒකීය භාවය රැකීමටය. එහෙත් වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන් විශේෂ අධිකරණය වෙත ගෙන ඒමට උත්සාහ කරන්නේ එකී මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පාර්ශව බව හෙළි වී ඇත.

එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රභාකරන් උතුරේ ඡන්ද ප්‍රචාරක කටයුතු
කිරීමට ඉඩ නොදෙන බව පවසමින් අධිකරණයට යොමු කළ පෙත්සම විභාග කිරීම පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් ප්‍රතික්‍ෂේප කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ අතීතය අමතක කළ යුතුද?

මෙම තත්ත්වය යටතේ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු අධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද? බටහිර රටවල් සහ ඊළාම් සංවිධාන පසුගියදා ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධකරුවන්ට දඬුවම් කරනතුරු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රමවේදයට එකඟ නොවන බව දතක්‌වා ඇත. යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමිවිය යුතු බවද ඊළාම් සංවිධාන තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේ නම් මෙහි සඳහන් වන යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්‌තිය හිමි වූයේද?
1. වැලිවේරිය, මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම
2. කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම
3. නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බ පිපිරීම.
4. දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරීම
5. පිළියන්දල හා ගල්කිස්‌ස බස්‌ රථවල බෝම්බ පිපිරීම
6. කොටුව මහ බැංකු බෝම්බ ප්‍රහාරය
7. මරදාන, පිටකොටුව බෝම්බ පිපිරීම
8. කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය
මේ බිහිසුණු සිදුවීම් ගැන ද්‍රවිඩ සංධානය වචනයක්‌වත් කතා කර නැත. මේ තත්ත්වය මත අදාළ විශේෂ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කර ඇත.

වන්නි මෙහෙයුම නතර කර කොටි ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ දැඩි උත්සාහයක්‌ ගත් බවද සිහිපත් කළ යුතුය.
මෙකී පසුබිම මැද බිහිසුණු යුද අපරාධ කළ කොටි ත්‍රස්‌තයන් බේරා ගැනීම සඳහා ද්‍රවිඩ සංධානයද දැඩි උත්සාහයක යෙදී ඇත.

එහෙත් ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්‌ටු සහ විනිසුරු කලිපුල්ලා රජිව් ගාන්ධි ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ කොටි ක්‍රියාකාරීන් හත්දෙනා සම්බන්ධව දැඩි තීන්දුවක්‌ ප්‍රකාශ කර ඇත.

මේ ඝාතක කණ්‌ඩායම තමන් යම් දිනෙක නිදහස්‌ වනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. රජිව් ගාන්ධි ඝාතනයට අදාළ ගොදුරු වූ අනෙකුත් අය වෙනුවෙන් අනුකම්පාවක්‌ දක්‌වා නැති විටෙක මොවුන් නිදහස භුක්‌ති විඳිය යුතුද?
මෙම තත්ත්වය මත කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ වීමට උත්සාහ කරද්දී වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු දඬුවම් ලැබිය යුතුද?
මෙරටින් විදේශ රටවලට පැන ගිය කොටි ත්‍රස්‌තයන්, කොටින්ට අරමුදල් සැපයූවන් සහ බෙදුම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‌ෂි දී ඇත. ඔවුන් කවුදැයි කිසි දිනෙක හෙළි නොවේ. එසේම මෙරට මාධ්‍ය පාර්ශවයක්‌ ජිනීවා ගොස්‌ ගල්පැලෙන බොරු ප්‍රකාශයන් කළේය.
හිටපු ආරක්‍ෂක ලේකම්, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අමතා කොටි හමුදා නායකයන් මරන ලෙස පැවසූ බව ඔහු සිය සාක්‌කියේ දක්‌වා ඇත.
හිටපු ආරක්‍ෂක ලේකම් ප්‍රකාශ කළ බව කියන මේ නියෝගය ඔහුට ශ්‍රවණය වීමට නම් ආරක්‍ෂක ලේකම්ගේ හා ශවේන්ද්‍ර සිල්වාගේ ජංගම දුරකථන ශබ්ද විකාශන යන්ත්‍ර විය යුතුය.

වන්නි මෙහෙයුම යටතේ මෙරට කොටින් හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් හා චැනල්-4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්‌කි දී ඇත.

එසේම නමක්‌ හා මූණක්‌ නැති අබිරහස්‌ සාක්‌කිකරුවන්ද ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‌කි දී තිබේ. මෙවන් විශ්වාස කළ නොහැකි සාක්‌කි මත යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?

-කීර්ති වර්ණකුලසූරිය

දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/07/2015

රණවිරුවන් දංගෙඩියට, ත්‍රස්‌තවාදින්ට නිදහස

කතෘ:යුතුකම     11/07/2015   No comments
අද 2015 නොවැම්බර් මස 08 වැනිදා ය. හෙට නව වැනිදා වන විට මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් විසින් ආණ්‌ඩුවට කරනු ලැබූ බල කිරීම් හමුවේ එක්‌ සුවිශේෂි දෙයක්‌ සිදු වීමට නියමිතව ඇත. එය සිදු වන්නේ යෑයි කියා සිටින්නේa විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.

ඔහුට අනුව සිරගත කොටි ත්‍රස්‌තවාදීන් හෙවත් මෙරට දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දෙමළ දේශපාලන රැඳවියන් තිස්‌දෙදෙනකු හෙට දිනයේ ආණ්‌ඩුවේ තීරණයක්‌ මත නිදහස ලැබීමට නියමිත වීම එකී සුවිශේෂිත්වය වන්නේය.

ඊට අමතරව ලබන විසිවැනිදාට පෙර තවත් කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් 30 දෙනකු නිදහස්‌ කිරීමට නියමිත බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේයෑයි ඉකුත් සිකුරාදා "තම්ල් වින් වෙබ් අඩවියේ සඳහන් විය.

පොදු සමාවක්‌ යටතේ ත්‍රස්‌තවාදී සැකකරුවන් 48 දෙනකු නිදහස්‌ කරගැනීම සඳහා මේ වන විටත් ආණ්‌ඩුව සමග සාකච්ඡ පවත්වමින් සිටින බවට වූ පුවතක්‌ද සම්බන්දන් මහතාගේ ප්‍රකාශයක්‌ ලෙස ඒ සමග පළ වී තිබිණි.

නමුත් මෙහිදී කොටි සැකකරුවන් තිස්‌දෙදෙනකු නව වැනිදා නිදහස්‌ කරනුයේ සහ විසිවැනිදාට පෙර තවත් 30 දෙනකු නිදහස්‌ කරනුයේ කුමන පදනමක්‌ යටතේ ද යන්න කොතැනකවත් සඳහන්ව නොතිබිණි.

බන්ධනාගාරගත කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් තමන්ව යහපාලන ආණ්‌ඩුව මගින් රැවටුවේ යෑයි කියමින් නිදහස ඉල්ලා උපවාසයක්‌ ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස (ඔක්‌තෝබර්) 12 වැනිදා ය. නමුත් ඉන් දින පහකට පසු උපවාසයේ නිරත කොටි ත්‍රස්‌තවාදීන් වෙත පණිවිඩයක්‌ එවූ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර සිටියේ නොවැම්බර් 07 වැනිදාට පෙර ඔවුනට විසඳුමක්‌ ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බවකි.

එනිසා ආරම්භ කරනු ලැබූ උපවාසය නතර කරන ලෙසද සම්බන්ධන් මහතා එකී පණිවිඩය මගින් කොටි ත්‍රස්‌තවාදී හෙවත් මෙරට සමස්‌ත දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දේශපාලන සිරකරුවන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ඔවුහු අරඹා තිබූ උපවාසය ඔක්‌තෝබර් 17 වැනිදා නතර කරනු ලැබූහ.

එහෙත් ඉකුත් සතිය ආරම්භයේ සිට මෙම කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් යළිත් Rජුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ නිදහස පිළිබඳ පවසා විවිධ ප්‍රකාශ කරන්නට විය. ඒ සම්බන්ධන් කියූ පරිදි නොවැම්බර් 07 වැනිදාට දින ළඟා වෙමින් තිබෙන බවද ආණ්‌ඩුවට පෙන්වා දෙමිනි.

ඔවුන්ගේ එම ප්‍රකාශ දෙමළ වෙබ් අඩවි මගින්a පළ කරන්නට විය. එම පළ කිරීම් සිදු වූයේ ඔවුන්ගේ ඥතීන් ලබාදුන් තොරතුරු අනුව බව හැඟී යන පරිදිය. එසේ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් කළ බව කී එක්‌ ප්‍රකාශයකින් ඔවුන් පවසා තිබුණේ මෙවැන්නකි.

"ආරම්භ කළ උපවාසය ජනාධිපතිවරයාගේ පොරොන්දුවක්‌ අනුව නතර කිරීමෙන් පසු අපි මේ වන විට නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින්නෙමු.. එහෙත් අපව ඇප මත නිදහස්‌ කිරීමට ආණ්‌ඩුව සැරසෙන්නේ යෑයි ලෙසින් පුවත් පළ වෙමින් තිබේ.

"අප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ සහ ඉල්ලා සිටිනුයේ පොදු සමාවකි. අපව ඇප මත නිදහස්‌ කිරීම අනුමත කළ නොහැකිය. එහෙයින් 2015-11-07 දිනට පෙර අපව නිදහස්‌ නොකළහොත් මියෑදීම හැර වෙනත් කරන්නට දෙයක්‌ නැත. අපගේ ශරීර දන් දෙන ලෙසට ලිතව සටහන් කර අපි මියෑදෙන්නෙමු. අප එසේ මියෑදීමෙන් පසු අපගේ ශරීර අදාළ අංශ වෙත භාර දීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය.

"එසේම එළැඹෙන දීපවාලී උත්සවය වර්ජනය කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට නිවේදනය කළ යුතු අතර දීපවාලී උත්සවය වර්ජනය කරන ලෙසට සමස්‌ත දෙමළ ජනතාවගෙන් සහ හින්දු භක්‌තිකයන්ගෙන් අපිද ඉල්ලා සිටින්නෙමු. එසේම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරු එක්‌වී උපවාසයක්‌ ආරම්භ කළ යුතුය.."

කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් මෙහිදී පැහැදිලිවම කියනුයේ තමන් උපවාස කර මියගිය පසු ජනාධිපතිවරයා විසින් තමන්ගේ මළකඳන් ඇදීමේ වගකීම භාරගත යුතු බවය. එවන් ප්‍රකාශයක්‌ රටේ රාජ්‍ය නායකයා ඉලක්‌ක කර සිදු කරන්නට තරම් මොවුන්ට බලයක්‌ ලැබුණේ කෙසේද?

ඔවුන්ගේ ඒ ශක්‌තිය පසුපස මුළුමනින්ම සිටිනුයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. දෙමළ දේශපාලනය විසින් කාලයක සිටම උපක්‍රමශීලීව ඔවුන්ව එසේ දිරිමත් කරනු ලැබීය. කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් හෙවත් ඊනියා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම රජයට ඇඟිල්ල දිගු කර, කරනු ලැබූ ප්‍රකාශ මගින් දිගු කලක සිට ඒ බව තහවුරු කළේය.

"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ඉකුත් 02 වැනිදා මම දුරකථනයෙන් සාකච්ඡා කළෙමි. ප්‍රථම පියවර ලෙස දෙමළ දේශපාලන රැඳවියන් (කොටි සිරකරුවන්) ඇපමත නිදහස්‌ කිරීමට නියමිතය. ඒ සඳහා රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එසේ නිදහස්‌ කරන සිරකරුවන් පිළිබඳ නාම ලේඛනයක්‌ පාර්ලිමේන්තුවේදී ලබා දෙන බව අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී. එය ලැබුණු පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි."

ඒ සටහන් වූයේ දෙමළ ජාතික සන්ධනාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පසුගිය දිනෙක මෙකී කොටි සිරකරුවන් පිළිබඳ පවසමින් කරන ලද ප්‍රකාශයකි.

ඔහු එසේ කියන අතරේ ඉකුත් සතියේ වව්නියාව ව්‍යාපාරික සංගමය සංවිධානය කර තිබූ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්දන් ශිවශක්‌ති දේශපාලන රැඳවියන් (කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්) නිදහස්‌ කිරීම විෂයෙහි ජනාධිපතිවරයා යහපත් ක්‍රියාමාර්ගයක්‌ නොගතහොත් ආණ්‌ඩුව සමග ඇති සම්බන්ධතා ගැන නැවත සිතා බලන්නට සිදු වන බව සඳහන් කරනු ලැබීය.

දෙමළ දේශපාලන රැඳවියන් (කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්) සඳහා වන සාක්‍ෂි නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් ඔවුන් නිදහස්‌ කිරීම ප්‍රමාද කරමින් සිටින බවට මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් ඉකුත් සතියේ ප්‍රකාශයක්‌ කර තිබූ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඔවුන් සියලු දෙනා නිදහස්‌ කළ යුතු අතර 11-07 දිනට පෙර රජය ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කර තිබිණි.

ඒ අතරේ මෙකී කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගේ කතාව පිළිබඳ ඉතා වේගවත් අදහසක්‌ දක්‌වා තිබුණු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අප්පාතුරෙයි විනයාගමුර්ති ඉකුත් දා සඳහන් කර තිබුණේ 2015-11-07 දිනට පෙර ඉටු කරන බව කියමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලබාදුන් පොරොන්දුව ආරක්‍ෂා නොකළහොත් කොටි සිරකරුවන් හෙවත් දේශපාලන රැඳවියන් සමග එක්‌ව තමන්ද සටන් කරන බවකි.

ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කළ යුතු අතර විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ජාතිවාදීන්ට බිය වී රජය සිරකරුවන් නිදහස්‌ කිරීමට චකිතයක්‌ දක්‌වන බවටද එහිදී ඔහු චෝදනා කර තිබිණි.

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්, සුමන්තිරන්, මනෝ ගනේෂන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහ ඊට අදාළ නොවන දෙමළ දේශපාලනඥයන් ගණනාවක්‌ කොටි සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් කාලයක සිට විවිධ ප්‍රකාශ කරනු ලැබූවේ මේ අයුරිනි..

දෙමළ දේශපාලනය කොටි ත්‍රස්‌තවාදී සිරකරුව්නට ශක්‌තිය සපයනු ලැබුවේ එසේය. මේ අතරේ පසුගියදා බන්ධනාගාරගත කොටි සිරකරුවන් පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්‌ථාවක තමන්ට පුනරුත්ථා පනයක්‌ අවශ්‍ය නොවන අතර අවශ්‍යව ඇත්තේ නිදහස්‌ වීමට පමණක්‌ බව ඔවුහු එකහඬින් අධිකරණය ඉදිරියේ කියන්ට වූහ. ඒ තමන්ට දෙමළ දේශපාලනය තුළින් ලැබෙන ශතක්‌තිය අධිකරණයටද පෙන්වමිනි.

දෙමළ දේශපාලනයේ සහ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගේ හැසිරීම එසේ වෙද්දී මීට දෙසතියකට පමණ ඉහතදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ කොළඹදි පවත්වනු ලැබීය. එහිදී මොවුන්ව ඇපමත මුදා හැරීමේ තීරණය කරනු ලැබුවේ තවත් දේශපාලන මතෘකාවක්‌ද සමාජගත කරමිනි.

එම සාකච්ඡාවට නීතිය හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති තිලක්‌ මාරපන මහතා ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් තිලක්‌ මාරපන මහතා පසුව කියා සිටියේ නඩු පවරා ඇප ලබා දිය හැකි පිරිසට ඇප ලබාදීමට එහිදී තීරණය වූ අතර ඒ පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කළ බවය.

මේ අනුව පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. ඒ දෙමළ දේශපාලනයේ සහ කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන්ගෙන් එල්ල වන පීඩනයට හිස පහත් කරන්නට ආණ්‌ඩුව දැන් පිඹුරුපත් සකසමින් සිටින බවය. ආණ්‌ඩුවේ එකී කොඳු නාරටිය බිඳුණු වැඩපිළිවෙළට අනුව හෙට දිනයේ බන්ධනාගාරවලින් නිදහස්‌ව සමාජගත වනුයේ කවුරුන්ද?

ඒ අතරේ සිර අංක 234 සෙල්වරාඡ්, අංක 06 ශ්‍රීදරන්, (මහ බැංකු බෝම්බ ප්‍රහාරය 1996) - අංක 6412 සගාදේවන්, 6413 අරෝග්‍යනාදන් (ලක්‍ෂමන් කදීර්ගාමර් ඝාතනය 2005) - අංක 3042 තංගවේලු ශිවකුමාර්, 3043 ආනන්දරාජා, අංක 3044 සෑම් ශිවලිංගම් (කරන්දෙණිය ලොරි බෝම්බ ප්‍රහාරය 2007) - අංක 1957 කේ. කේ. ශිවාෂ්, 3190 පී. දේවරාජා, 3953 එච්. අරූන් (හිටපු ආරක්‍ෂක ලේකම් බෝම්බ ප්‍රහාරය 2009) - අංක 3537 එච්. ඒ. සුදාකරන් (පිළියන්දල බස්‌බෝම්බ ප්‍රහාරය 2008) අංක 88 වී. කිරගුලන්, 2010 සුරේන්ද්‍ර රාජා, 2009 යෝගරාජා මුරුගන් (පාකිස්‌තාන මහකොමසාරිස්‌ කාර්යාල බෝම්බ ප්‍රහාරය) ඇතුළු දරුණු ගණයේ ත්‍රස්‌තවාදීහු රැසක්‌ම සිටින්නාහ.

ත්‍රස්‌තවාදය වැලැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි මොවුන් බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹ ඇතුළු දකුණේ විවිධ ප්‍රදේශවල බොම්බ පිපිරවීම, සැලසුම් කිරීම සහ ප්‍රභූ ඝාතන සිදු කිරීම හා ඊට උත්සාහ දැරීම වැනි බරපතළ චෝදනා යටතේ ය.

මේ අකාරයෙන් බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන්ගේ ගණන 217 කි. ඒ අතරින් බොහෝ දෙනා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය හමුවේ දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් බව නොරහසකි. දෙමළ දේශපාලනයේ හඬට කන් දීමට සැරසෙන ආණ්‌ඩුව අද ඇප දී ගෙදර යවන්නට යන්නේ මෙකී ත්‍රස්‌තවාදී අපරාධකරුවන්ය.

ආණ්‌ඩුව එසේ ක්‍රියාත්මක වෙද්දී ත්‍රස්‌තවාදී සිරකරුවන් පොදු සමාවක්‌ දී එළියට දමාපන් යෑයි කියන බෙදුම්වාදී දෙමළ දේශපාලනය අද තවත් පැත්තකින් කියා සිටින්නේ කුමක්‌ද? ඉකුත් මානුෂීය මෙහෙයුමේදී ජාති ඝාතනයක්‌ සිදුව ඇතැයි කියන ඔවුහු ඒ පිළිබඳ වහා විමර්ශන කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවටද ආණ්‌ඩුවට බලකර සිටින්නාහ.

ඔවුන්ගේ මෙම ප්‍රකාශය සරලව ගතහොත් ඔවුන් එක හඬින් මේ ආණ්‌ඩුවට කියනුයේ ලේ, දහදිය, කඳුළු වගුරුවා ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ රණවිරුවන් ඇතුළට දමා කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරපන් යන්නය එසේ නොවේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.

නමුත් මෙකී කොටි සිරකරුවන්ද ප්‍රභාකරන්ගේ බහට උතුරේ සිට දකුණට පැමිණ බෝම්බ පුපුරවා ම්ලේච්ඡ ලෙස සිදු කරනු ලැබුවේ ජාති ඝාතනයක්‌ බව මේ මොහොතේ සියල්ලන්ටම අමතකව ඇති සේය. එය ආණ්‌ඩුවටද අමතක වී ඇති බවක්‌ පෙනෙන්නට ඇත.

ඉකුත් මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ රණවිරුවා උතුරේදී ජාති ඝාතනයක්‌ කළ බව බෙදුම්වාදී දෙමළ දේශපාලනය කියා සිටින්නේ නම් දකුණට පැමිණ බෝම්බ ගැසූ මෙකී ත්‍රස්‌තවාදී සිරකරුවන්ද සිදු කරනු ලැබුවේ එවැනිම වූ ජාති ඝාතනයක්‌ නොවේද? කතා දෙකක්‌ නැත. රට බේරාගත් රණවිරුවාට වඩා ජාති ඝාතකයන් වූයේ ත්‍රස්‌තවාදීන්ය. එහෙත් කිසිවකුත් ඒ පිළිබඳ කිසිත්ම නොකියන්නේය.

පසුගිය කාලයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය මෙන්ම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව, ඇමරිකාව ප්‍රධාන අපට එරෙහි බටහිර කඳවුර සමග එක්‌ව යුද අපරාධ සහ මානව හිමිකම් යන කඩතුරාවට මුවා වී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දක්‌වා ජාති ඝාතන කතාව රැගෙන ගියේ යථාර්ථය එසේ පසෙක තිබියදී විය.

ඒ හමුවේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට අවැසි තීරණය ගනු ලැබීය. ඒ ජාත්‍යන්තරයේ මැදිහත්වීම සහිත අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව සඳහන් කරමිනි. දැන් ආණ්‌ඩුව එයටද හිස නමා අවසන්ය. දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමයක්‌ තුළ සිදු කෙරෙන අභ්‍යන්තර පරීක්‍ෂණය යනු ආණ්‌ඩුවේ ඒ වන්දනීය බවට හොඳම උදාහරණයකි.

එහෙත් මානුෂීය මෙහෙයුමේදී අරක මේක සිදු වූවේයෑයි ලෙසින් කවුරුන් හෝ කියන පලියට අභ්‍යන්තර පරීක්‍ෂණ පවත්වන්නේ නම් එළිපිට වැරදි කර ආරක්‍ෂක අංශවලට කොටු වූ මෙකී කොටි සිරකරුවන් නිදහස්‌ කිරීමට පෙර රජය දෙවරක්‌ සිතා බැලිය යුතුය.

මන්ද එසේ නොකළහොත් රට බේරාගත් රණවිරුවා දංගෙඩියට යවා තිස්‌වසරක්‌ මේ රට වැනසූ ත්‍රස්‌තවාදී සතුරාට සමාව දී ගෙදර යෑවූ ආණ්‌ඩුවක්‌ ලෙස ඉතිහාසයේ කුණු කූඩය යහපාලනයට උරුම වීම ඒකාන්තයෙන් සිදු වන නිසාය.

මෙහිදී ආණ්‌ඩුවට කරනවා නම් කරන්නට එක්‌ පැහැදිලි දෙයක්‌ ද ඇත. ඒ සියලු කොටි සිරකරුවන් පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරන්නේ නම් රණවිරුවා දංගෙඩියට යෑවෙන දෙමුහුන් අභ්‍යන්තර පරීක්‍ෂණයද හකුලා දමා අතීතය අමතක කරමු යෑයි ලෝකයට හඬ නඟා ප්‍රකාශ කිරීමය. එවිට මානුෂීය මෙහෙයුමේදී ජාත්‍යන්තරය කියන පරිදි යමක්‌ සිදුව තිබේ නම් තරාදියේ දෙපැත්ත බැලන්ස්‌ වනු ඇත.

එසේ නොවී බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ පදයට නටමින් ආණ්‌ඩුව මේ අන්දමින් තවදුරටත් ක්‍රියාත්මක වන්නට ගියහොත් අහිගුණ්‌ඨිකයා නොමැතිව තනිවම නටන්නට ගිය නයා ට වුණ දේ නුදුරේදී සිකුරටම සිදු වන බව නම් පැහැදිලිය.
 
-සමන් ගමගේ [දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions