ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ගණනක් පමණි. ඇමරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගැනීමට හැම දහංගැටයක්ම ගසමින් සිටියි. ඒ වුවත් මේ ජිනීවා ක්‍රියාවලිය ගැන අතිශයින් පරස්පර අදහස් මෙරට දේශපාලන කතාබහ තුළින් මතු වන්නේ මේ දිනවල උණුසුම්ව ඇති පළාත් සභා මැතිවරණ වේදිකාව නිසාම නොවේ. ඒ මේ රටේ හැටිය. මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියේ හැටිය.සමහරෙකුට මෙය භායානක බිල්ලෙක් ලෙස පෙනෙද්දී තවත් සමහරෙකුට ආණ්ඩුවේ මවාපෑමකි. තවත් කෙනෙකුට මෙය රටට එරෙහි යෝජනාවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණි.
ජිනීවා යෝජනාවලට පක්ෂපාතව අදහස් දක්වන්නන්ගේ අදහස් කිහිපයක් මෙලෙස සරලව සටහන් කළ හැක :
- 1 : “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක .”
- 2: “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත. එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කළ LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ හරහා තම චන්ද ගොඩ වැඩි කරගන්නටය.“
- 3 : “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි. ඒ යෝජනා එන්නේ ආන්ඩුවේ වරදින්. ආණ්ඩුව මානව හිමිකම් කඩකරමින් , මාධ්‍ය නිදහස නැති කරමින් සිදුකරගෙන යන පාලනයේ වරද නිසයි අපට මෙවැනි චෝදනා එන්නේ.
අප මේ සහටන තුළදී මූලික ලෙසම මේ කරුණු කිහිපය සලකා බලමු.
රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?
ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල්
වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්
ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව මේ දිනවල නිතර ඇසෙන කතාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා
තමන් සිදුකරන සෑම කතාවකදීම මෙය සඳහන් කිරීමට අතපසු නොකරයි. ඔහු පමණක් නොව
ජවිපෙ නායකයින් මෙන්ම සරත් ෆොන්සේකා මහතා පවා නිතර ප්‍රකාශ කරන කරුණක් නම්
මේ විදුලි පුටු කතාව ආණ්ඩුව විසින් ගොතන අමු කෙප්පයක් බවයි. එයටම අත්වැල් අල්ලමින් හිටපු ජනාධිපතිනියද පසුගියදා ප්‍රකාශ කර තිබුනේ තමන් ලෝකය ගැන දන්නා බවත් විදුලි පුටුවක් ගැන නම් තමා නොදන්නා බවයි.
"2003 දී මම අගමැති වෙලා හිටියදී රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාවේ කිසිවෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ගෙන යා නොහැකියි. මේ පිළිබඳව රාජපක්‍ෂ රෙජීමය එක්සත් ජාතික පක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. "
-රනිල් වික්‍රමසිංහ : 2014 පෙබරවාරි
"ජර්මනියේ හේග් නුවර තියෙන යුධ අධිකරණය හා සම්බන්ධ ප්‍රඥප්තියක් සම්මත කරගෙන තිබුණට අපේ රටේ කවුරුවත් ඒකට ගෙනියන්න බෑ. මොකද අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරල නෑ. අපි විතරක් නෙවෙයි .ඇමරිකා එක්සත් ජනපදය , ඉරාකය ආදී ඒ මොහොතේ යුද්ධ පැවති කිසිම රටක් අත්සන් කරල නෑ. ඒ නිසා අපේ රටේ ජනාධිපතිවරයා තියා සාමාන්‍ය සෙබලෙක් වත් යුධ අධිකරණයට ගෙනියන්න බෑ. කවුරු හරි කැමැත්තෙන් යන්න හිතාගෙන ඉන්නව නම් මිසක්. "
-අනුර කුමාර දිසානායක : 2014 පෙබරවාරි
මොවුන් මෙතරම් විස්වාසයෙන් මෙන් පවසන මෙහි සැබෑවක් තිබේද? රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට යුධ අපරාධ ප්‍රඥ්ඥප්තියෙන් මුක්තිය ලැබේද?
මූලිකවම රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක් නොව , එවකට ඔහු අගමැතිවරයා පමණක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ. ඊට පෙර 1998 දී චන්ද්‍රිකා බණ්ඩරණායක මැතිණිය වෙත ඉදිරිපත්වූ එම යොජනාවද ප්‍රතික්ෂේප වී තිබුණේ එවකට එල්ටීටීඊය සමග සටන් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසයි.
![]() |
ටේලර් - අල් බාෂිර් - මිලසොවිච් |
එසේ නම් මොවුන් මේ අයුරින් ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කම නිසාද? නැත. මේ අපේ දේශපාලන පක්ෂ නරාවළේ ස්වරූපයයි. ඔවුන්ට අනුව ජිනීවා වල බටහිර තර්ජනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාගේ මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පැවැත්ම සඳහාත් භාවිතා කරමින් සිටියි. ජනතාවද ඒ මතයට අවනත වෙමින් සිටියි. කිසිඳු පදනමක් නැති මේ ප්‍රකාශ කෙරෙන්නේ එයට එරෙහිව මිස යථාව එය නිසා නොවේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවද මේ මොහොතේ මේ ජිනීවා අනතුර තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උපායක් ලෙස භාවිතා කරමින් සිටිනවා යන්න අසත්‍යක් නොවේ. ජිනීවා මෙහෙයුම අස්සට මැතිවරණ සිතියම එලෙන්නේම ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් බවට සැක නැත. කම්බ හොරුන් , තක්කඩියන් ජිනීවා සළුවෙන් නිරුවත වසාගෙන පළාත් සභාවට රිංගන බවද සත්‍යකි. එය දේශපාලන සදාචාරය පැත්තෙන් කෙතරම් සාධාරණද යන පැනය පැන නගින නමුත් අනෙක් පසින් එය බටහිර මෙහෙයුමේ ජවය අඩු කරන උපායක් ලෙසද සැලකිය හැකිය.
මේ කරුණු අනුව සලකා බැලූ විට රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවේ අත්පුඩියට සහ ඒවා ඕපාදූප ලෙසින් පළවන ගොසිප් අඩවි වලින් දේශපාලන දැනුම ලබාගන්නන්ගේ තෘප්තියට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති ප්‍රකාශයක් බව පැහැදිලිය.
සුරූපීබවට රවටා මෝහිණීට බිලි දීමේ බටහිර තැත...
ජිනීවා මෙහෙයුම පිළිබඳ තවත් මතයක් නම් මෙය හුදෙක් LLRC වාර්ථාවේ කරුණු ඉටු කරන ලෙස කරන ඉල්ලීමක් බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත්ය.ජිනීවා යෝජානාවලට උඩ ගෙඩි දෙන කණ්ඩායම් පවසන්නේ මේ යෝජනා හරහා යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ආදී හරයන් යළි ස්ථාපිත වනු ඇති බවයි. අන්ධයන් අලියාගේ හැඩරුව කීවා සේ එක් එක් අය එක් එක් කොටස් තමන්ට ගැලපෙන අයුරින් සිතාගෙන මේ ජිනීවා බලහත්කාරය තනුක කරන උත්සාහයක නිරත වෙමින් සිටී. උදාහරණයක් ලෙස නිදහස් මාධ්‍යයේ පොල්මංකාර ව්‍යාපාරික කණ්ඩායම් ජිනීවා යෝජනාවලියේ මාධ්‍ය නිදහසට අදාල වාක්‍ය තමන්ට අදාළ යැයි කියමින් මුළු ජිනීවා බලහත්කාරයටම උපරිමයෙන් අනුබල දෙමින් සිටී.
බටහිරයන් එක් එක් කණ්ඩායම් ඉලක්ක කර මේ ආලවට්ටම් දමන්නේම යෝජනාවලියේ ඇතුළත ඇති භයානක අනතුර සඟවා මෙලෙස එක් එක් කන්ඩායම් නිෂ්ක්‍රීය කරමින් තමන්ගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ කෑදරකමින් බව අප අමතක නොකළ යුතුය. එක් එක් වියුක්ත කරුණු ඔස්සේ විවිධ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය වන සේ සකසන මේ ලියවිල්ල අවසානයේ රටේම බෙල්ල තොණ්ඩුවට හිරවන උගුලක් බව සංයුක්ත චිත්‍රයම එකවර දැක අවබෝධ කරගත යුතුය.
මේ අනුව ජිනීවා යෝජනා යනු උගත් පාඩම් කොමිසම යන රූසපුව පෙන්නා යුධ අපරාධ නැමති මෝහිනියට අප බිලි දීමේ බටහිරයන්ගේ අරමුණ බව යථා සිහියෙන් අප වටහා ගත යුතුය. යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතීන් ආදී ආභරණ පැලඳවූ දුටුවනම වශීවන තරමට ආකර්ෂණීය සුරූපිනියට අකමැති වන්නේ ඇයිදැයි සමහරෙකු ප්‍රශ්න කරන්නේ එය වැටහී ගොස් නොමැති බැවිනි.මෝහිණියගේ අතේ ඇති දරුවා ගැනද ඊනියා මානවහිතවාදීන් අදහස් පළකරනු දැකිය හැක.
උගත් පාඩම් කොමිසමක් පත් කිරීමේදීම අපි බටහිර උගුලට අඩිය තැබූ වග අනාගතය කලින් දුටු වියතුන් විසින් ආරම්භයේදීම පෙන්වා දුන් නමුත් බටහිර සතුටු කර අපට නිදහස් විය හැකි යැයි සිතූ සහ එයට උඩගෙඩි දුන් ඊනියා උගතුන්ට එය නොවැටහිණ.කල්ගැනීමේ උපායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් යතාර්ථවාදී නොවන ඉටු කළ නොහැකි කොන්දේසි වලින් වාර්ථාව පිරෙන්නේ නැත.ඒ කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසමෙන් කරුණු වල කළ හැකි නොහැකි ප්‍රමාණය හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කළ කොමිෂමකි. එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත. සියලු යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි. අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කළ යුතු නැත. සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් අපට අමතක කරවන්නට හදන කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.පසුගිය කාලයේ එකා පිට එකා බැගින් ඇමරිකන් ඒජන්තයන් ලංකාවට ආවේත් ඒ සැනින් උතුරට දිවගොස් කොටි හිතවාදී පූජකයන් සහ එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ගෙන් කේලම් ආසා ඒවා දේව වාක්‍ය ලෙස හිස් මුදුනින් ගෙන නැවත ගියේත් නිකන්ම නොවේ. ඔවුන්ට දිගු කාලීන න්‍යායපත්‍රයක් තිබේ. මේ සියලු ජවනිකා ඒ පිටපතට අනුකූල ඒවාය.
මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ. උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් , යුද්ධයේ අවසන් දින කිහිපය කොටි නායකයන්ගේ ඝාතන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන තැනට අදාළ
යාන්ත්‍රණයක් බල ගැන්වීමටත් , ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත. ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය තව තවත් අවුළුවන පන්නයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත. එමගින් ඊළාම් පිපාසය අවුළුවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත. ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් එහිදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත. ඒ හරහා ඇතිවන ආර්ථික පීඩනය හමුවේ ජනතාව අරාබිය පුරා අත්හදා බැලූ ලේ හලන විනාශයකට වුව පොළඹවා ගැනීමට හැකියාවක් ඇතැයි මේ මොළකරුවන් තක්සේරු කර ඇති බවට සැක නැත.අතනින් මෙතනින් ජනතා උද්ඝෝෂණ යැයි කියමින් පසුගිය කාලයේ සිදුකළ අත්හදාබැලීම් ඔවුන්ට ඒ සඳහා උපකාරී වන්නටද ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රකරණය , යහ පාලනය ආදී ආකර්ෂණීය වචන අස්සේ දවටා ජිනීවා හරහා ගෙන එන්නේ කාල බෝම්බයක් බව පැහැදිලිය. දවටනය ඉවත් කළද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් එය බටහිරටන්ට අවසි වේලාවට පුපුරා යනු ඇත.
එබැවින් ජිනීවා යෝජනාව හරහා යුධ අපරාධ නැමති මෝහිනියට බිලි දීමට බටහිරයන් කටයුතු කරමින් සිටින බවත් එය හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බව අප වටහා ගත යුතුය.
ජිනීවා තර්ජනය කාටද?
මෑතක් වන තුරුම බොහෝ දෙනා මේ ජිනීවා යෝජනා ආණ්ඩුවට එර්හි යෝජනා ලෙස මිස රටට එරෙහි යෝජනා ලෙස හඳුනා ගෙන නොතිබිණ.විශේෂයෙන් ජවිපෙ ආකර්ෂණීය කතිකයන් මෙන්ම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ එජාප මහත්වරු මේ කතාව නිතර කියනු ඇසිණ.එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මේ අනතුරේ බරපතල කම අඩු කරන්නටත් , ආණ්ඩු විරොධී ජනතාව මේ රටට එරෙහි යෝජනාවටද පක්ෂ වන තැනට සමාජ මතය හදන්නටත්ය. කලින්ද සඳහන් කළ පරිදි මේ අප පෙලන මජර පක්ෂ දේශපාලනයේ උරුම කරුමයයි. ආණ්ඩුවට විරුද්ධ වීමට කරුණු ඕනෑතරම් තිබියදී ඒවාට වඩා ජිනීවා මෙහෙයුම ගැන මේ කණ්ඩායම් වැඩි බලාපොරොත්ත්තු තබාගෙන සිටින්නේ බටහිරයන් කඩන ගෙඩිය තම ඔඩොක්කුවට වැටේ යැයි අපේක්ෂාවෙනි. නමුත් ඉතිහාසය අපට මතක් කර දෙන්නේ බටහිරයන් අනුන්ගේ ඔඩොක්කුවලට වැටෙන්නට ගෙඩි කඩන ජාතියක් නොවන බවය. ඔඩොක්කුවට වැටෙන්නට වගේ පෙනුනත් අවසන් මොහොතේ හෝ ඔවුන් එය ඩැහැගන්නා අයුරු මැදපෙරදිග කලාපය පුරා පසුගිය කාලයේ අවශ්‍ය පමණටත් වඩා උදාහරණවලින් පෙනේ.
යුතුකම සංවාද කවය
www.yuthukama.com