6/30/2025

අපේ මතය - 6 : ඇමරිකානු නව ජාතිකවාදය

කතෘ:යුතුකම     6/30/2025   No comments

අපේ මතය - 6
ඇමරිකානු නව ජාතිකවාදය

ඇමරිකානු ජාතිකවාදයේ මූල බීජ 18 වන සියවසේදී පැන නැගි ඇමරිකානු විප්ලවය දක්වා දිව අතීතයට දිවෙයි. මෙම යුගයේදී, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව සටන් වැදුණු ඇමරිකානු ජනතාව තුළ තමන් ලෝකයේ වෙනත් ජාතීන්ට වඩා සුවිශේෂී බවට අදහසක් ඇති විය. අලුතින් බිහි වූ ජාතියක් ලෙස ඇමරිකාව ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශය ලෙස පෙනී සිටිය යුතු බවත්, ලෝකයටම නූතන අගනාකම් කියා දීමේ වගකීම තමන් සතු බවට ඔවුන් සිතන ලදි. මෙම සංකල්පය "ඇමරිකානු අසාමාන්‍යතාවය" (American Exceptionalism) ලෙස ඇමරිකානු කොමියුනිස්ට්වාදීන් විසින් විග්‍රහ කරයි. විශ්වාසයට පදනම් විය.

19 වෙනි සියවස පුරා උතුරු ඇමරිකානු මහද්වීපය මුළුල්ලේ ව්‍යාප්ත වීම සඳහා යුරෝපීය ඇමරිකානුවෙන් වෙත උත්තේජනයක් සැපයුවේ මේ සිතිවිල්ලයි. 1861 සිට 1865 දක්වා දික් ගැස්සී ගිය ඇමරිකානු සිවිල් යුද්ධය විසින් ද ඇමරිකානුවා තුළ ‘අප එක්සත් ජනපද වැසියෝ වම්හ’ යන අදහස ශක්තිමත් කරන ලදි. පසුව උතුරු ඇමරිකානු මහද්වීපය ද ඉක්මවා ලෝකයේ අන් රාජ්‍යන් සඳහා ද අත පෙවීමටත්, එම අතපෙවීම් සාධාරණීකරණය කර ගැනීමටත් ඇමරිකානුවාව මෙහෙයවූයේ ද මේ සිතිවිල්ලම මිස අන් යමක් නොවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ පැරණි වලව්කාර ජාතීන් පරයා ඇමරිකා එක්සත් ජනපදය ලෝක බලවතෙකු වශයෙන් නැගී සිටියේ ය. එහිදී එක්සත් ජානපදයේ ප්‍රතිවාදියා මෙන්ම තරඟකරුවා බවට පත් වූයේ සමාජවාදී සෝවියට් සංගමයයි. සෝවියට් සංගමයට එදිරිව ලෝක බල අරගලයේ නියුතු වෙද්දී වඩා ජාත්‍යන්තරවාදී වෙස් මුහුණක් පැළඳ ගැනීමට ඇමරිකාවට සිදු විය. ඔවුන් විසින් එම වෙස් මුහුණේ හැඩය ලෝකය හමුවේ නිර්වචනය කළේ ලිබරල් ජාත්‍යන්තරවාදය වශයෙනි.

ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹි නිරවි යුධ සමයේදී ඇමරිකනු ජාතිකවාදය ලිබරල් ජාත්‍යන්තරවාදය (Liberal Internationalism) යටතේ යටපත් වූ බවක් පෙනෙන්නට තිබුණෙ. එසේ වුවද සැබැවින්ම වී තිබුණේ ලිබරල් ජාත්‍යන්තරවාදය නැමැති අලංකාර වෙස් මුහුණක් පැළඳ ඒ මුවාවෙන් තවදුරටත් ඇමරිකානු බලය, ඇමරිකානු අගනාගම් ලෝකයේ ව්‍යාප්ත කරවීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කිරීමයි. මෙම සමය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, NATO, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන හරහා ඇමරිකාව ලෝක පාලනයේ සුක්කානම තමන් සතු කර ගැනීමට ප්‍රයත්න දරණ ලදි 1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීම සමඟ එක්සත් ජනපදය ලෝක පොලිස් කාරයාගේ තත්ත්වයට පත් වුණි. එසේ වුවද ඔවුන් ප්‍රාර්ථනා කළ පරිදි ආර්ථිකය සමෘද්ධියේ උපරිමයට ළඟා වීමට හෝ ලෝකය තමන්ට අවශ්‍ය තරමට අවනතව සහ සන්සුන්ව තබා ගැනීම තවදුරටත් ළඟා කොට ගත නොහැකි ඉලක්ක ලෙස පැවතුණි. රට අභ්‍යන්තරයේ ආර්ථික අසමානතාවය ඉතා ප්‍රබල ලෙස ජනතාව පීඩාවට පත් කරමින් පැවතුණි. 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්ක්වයිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මෙවන් පසුබිමක ය. පසුව 2008 දී ආර්ථික අර්බුධයකට මුහුණ දීමට එක්සත් ජනපදවාසීන්ට සිදු විය. මේ අතර ඇමරිකානුවාගේ ධනය ට්‍රිලියන ගණනින් වැය කොට ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතභාවය එක්සත් ජනපදය වෙත රඳවා ගැනීම සඳහා දැරූ උත්සාහය ව්‍යර්ථ වී තිබුණි. දශක කිහිපයක් තිස්සේ ලිබරල් ජාත්‍යන්තරවාදයේ සළු පිළිවලින් වසා පැවති ඇමරිකානු ජාතිකවාදී චින්තාවන් යළි ඉස්මතු වීමට මග පෑදුනේ මේ අයුරිනි.

America Firs යන ප්‍රචාරක පාඨය ඔසවාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ මෙම පසුබිම තුළය. America First යන සටන් පාඨය ට්‍රම්ප් විසින් නිපදවූවක් නොවේ. එය සියවසකට වඩා පැරණි ඉතිහාසයක් සහිත, ඇමරිකානුවාගේ අභිලාෂය පිළිබිඹු කරන තේමාවකි. ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබුවේ ශූර දේශපාලන ඉවකින් යුතුව මතු වෙමින් පැවති ප්‍රවණතාව ග්‍රහණය කර ගැනීමයි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කිරීම, දැඩි සංක්‍රමණ සීමා පැනවීම, පැරිස් ගිවිසුම, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) ආදී ජාත්‍යන්තර ගිවිසුම්වලින් ඉවත් වීම මේ හා සමඟම සිදු විය.

මේ සියල්ලට අමතර ඇමරිකාව අභ්‍යන්තරයේ තීව්‍ර ලෙස මතුවන සංස්කෘතික ජාතිකවාදය නොතකා හැරිය නොහැකි සාධකයකි. ඉවැන්ජලික ක්‍රිස්ත්‍රියානි ඇදහීමට ප්‍රමුඛතාවය ලබා දීම සහ ධවල උත්තමවාදය පිළිබඳ අදහස් ද මෙම සංස්කෘතික ජාතිකවාදය පසුපස පැමිණෙති.

2020 මහ මැතිවරණයේදී ට්‍රම්ප් පරාජයට පත් වී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමරිකානු නව ජාතිකවාදයේ ක්‍රමික නැගීම ආපසු නොහැරුනි. ඒ අනුව එහි තවත් පිම්මක් ලෙස නැවත වරක් 2024 ජනාධිපතිවරනයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය පෙරටත් වඩා උණුසුම් ජාතිකවාදී සටන් පාඨයක් වූ Make America Great Again යන පාඨය අතැතිවය. USAID වැනි ආයතන හරහා ඩොලර් පොම්ප කරමින් ලෝකයේ ජාතීන්ගේ පක්ෂපාතීත්වය තමන් වෙත දිනා ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් වලංගු නොවන බව සිතන ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය කේවල්කරණය තුළින් ලෝකය දිනා ගැනීමේ උත්සාහයක නිරත වන බව පෙනී යයි. මෙම ජාතිකවාදයේ නැගීම හමුවේ ලෝකය තුළ ඇමරිකානුවා කොන් වීමකට ලක් වෙන බවට ලිබරල්වාදීන් විසින් තර්ක කළත් බහුතර සාම්ප්‍රදායික ධවල ඇමරිකානුවා තවදුරටත් ජාතිකවාදය වෙත ආශක්ත වීම වැළැක්විය නොහැකිය.
[ලෝකයේ ක්‍රියාත්මක ජාතිකවාදී ප්‍රවණතාවයන් පිළිබඳවත්, ඒවා එකිනෙකට කොතරම් වෙනස්ව පවතීද යන්නත් පසුගිය කලාපවල ඇතුළත් වූ ලිපි මගින් පැහැදිලි කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීම එළඹෙන කලාපයේ පටන් ආරම්භ වනු ඇත

යුතුකම සඟරාවේ ජුනි කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

3/28/2025

අපේ මතය - 3

කතෘ:යුතුකම     3/28/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප ජනවාරි කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ පළමු උදාහරණය ලෙස යුතුකම පෙබරවාරි කලාපය තුළින් අප සාකච්ඡා කළේ බෝල්කන් කලාපයේ ජාතිකවාදී පැන නැගීම සම්බන්ධයෙනි. මෙම මාර්තු කලාපයෙන් අපි තවත් උදාහරණයක් විමසා බලමු.

යුරෝපයේ දක්ෂිණාංශික ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරවල නැගී ඒම

90’ දශකය වන තුරු ලෝකයේ පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් අදියර 3 කට වෙන් කොට හඳුනාගත හැකි බව අප දැනටමත් සාකච්ඡා කොට ඇත. එම කියවා ගැනීමට අනුව ජාතිකවාදය යන වචනය පවා ප්‍රථමයෙන් භාවිතයේ යෙදෙන්නේ 17 වන සියවසේ යුරෝපයේ ජාතික රාජ්‍ය ස්ථාපිත වීම සමඟ ඇති වූ ප්‍රවණතාවය විග්‍රහ කර ගැනීමෙ පිණිස ය.

පළමු සහ දෙවන ලෝක යුද්ධ ඇති වී, පැතිරී යාමට පවා මෙම යුරෝපීය රාජ්‍යන්වල ක්‍රියාත්මක වූ ජාතිකවාදයන් හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ කම්පනය තුළ යුරෝපයේ රාජ්‍යන්වල ජාතිකවාදයන් සීඝ්‍ර ලෙස යටපත් විය. ලෝක යුද්ධයෙන් ඇති වූ ආර්ථික පරිහානිය නැවත ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා රාජ්‍යන් අතර ආර්ථික ඒකාබද්ධතාවයන් තර කර ගැනීම සඳහා වූ නැඹුරුව, සීතල යුද්ධයේ බලපෑම ආදී කරුණු ගණනාවක් මෙලෙස යුරෝපයේ රාජ්‍යන්වල පැවති ජාතිකවාදයන් යටපත් වීමට හේතු විය.

එහෙත් 90’ දශකය ආරම්භ වන විට, සීතල යුද්ධයේ නිමාවත් සමඟ යුරෝපීය රාජ්‍යන්වල නැවත ජාතිකවාදී සෙවණැලි මතු වීම ආරම්භ වූ අතර අප මේ කතා කරන මොහොත වන විට එලෙස 90’ දශකයේ මතු වූ යුරෝපීය ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇත. ඉන් ඇතැම් ඒවා ඒ ඒ රාජ්‍ය තුළ තීරක දේශපාලන බලයක් හිමි කර ගැනීමට සමත්ව ඇත.

ප්‍රංශයේ ජාතික පෙරමුණ (National Front), ජර්මනියේ ජර්මනිය වෙනුවෙන් විකල්පය (Alternative for Germany-AfD), හන්ගේරියානු සිවිල් සන්ධානය (Fidesz – Hungarian Civic Alliance), ඉතාලියේ ඉතාලි සහෝදරත්වය (Brothers of Italy), ස්විස්ටර්ලන්තයේ ස්විස් ජනතා පක්ෂය (Swiss People's Party), පෝලන්තයේ නීති සහ සාධාරණත්ව පක්ෂය (Law and Justice Party), ස්වීඩනයේ ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන් (Sweden Democrats), ෆින්ලන්තයේ ෆින්ස් පක්ෂය (The Finns Party), ග්‍රීසියේ රන් අරුණෝදය (Golden Dawn), ඔස්ට්‍රියාවේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂය (Freedom Party of Austria), නෙදර්ලන්තයේ නිදහසේ පක්ෂය (Party for Freedom), ස්පාඥ්ඥයේ වොක්ස් පකෂය (Vox) යන දේශපාලන ව්‍යාපාර 90’ දශකයෙන් මෙපිට යුරෝපයේ හමා යමින් පවතින ජාතිකවදී රැල්ලෙහි පල නෙලා ගැනීමට සමත් වූ දේශපාලන ව්‍යාපාරවලට උදාහරණයන් වෙති. මෙම උදාහරණ ගොන්න අතරින් වඩා වැදගත් කිහිපයක් පිළිබඳව තොරතුරු විමසා බලමු.


ප්‍රංශයේ ජාතික පෙරමුණ හෙවත් ජාතික රැළිය

ජාතික පෙරමුණ පිහිටවනු ලැබුවේ 1972 වසර තරම් ඈත කාලයකදී වුවත් එය සැළකිය යුතු ජන බලයක් සහිත දේශපාලන පක්ෂයක් බවට පත් වූයේ 90’ දශකය තුළදී ය. එහි නිර්මාතෲ මෙන්ම 2011 වසර දක්වා එහි නායකත්වය දැරූ ලේ පෙන් (Jean-Marie Le Pen) දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රංශයේ මතු වූ පූජාඩිස්මේ (Poujadisme) ව්‍යාපාරයෙන් දේශපාලන අත්පොත් තැබූවෙකු වේ. ඇමරිකානු අනුකාරක නූතනකරණයට එරෙහි වීම, නාගරීකරණයට එරෙහි වීම, යුදෙව්වන්ට සහ සංක්‍රමණිකයන්ට එරෙහි වීම, ඉන්දු-චීනයේ සහ ඇල්ජීරියාවේ ප්‍රංශ යටත් විජිත තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීම, ප්‍රංශ ජාතික වෙළඳුන්ගේ සහ කාර්මිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම පූජාඩිස්මේ ව්‍යාපාරයේ ලක්ෂණ වේ.

1972 සිට ක්‍රම ක්‍රමයෙන් පුළුල් වූ ජාතික පෙරමුණ සිය පළමු කැපී පෙනෙන ජයග්‍රහණය උදා කරගන්නේ 1988 ජනාධිපතිවරණයේ සමස්ත චන්ද ප්‍රතිශතයෙන් 15% ක් ලබා ගනිමිනි. එතැන් සිට ප්‍රංශ දේශපාලනයේ වඩා මතභේදකාරී සහ බලපෑම් සහගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික පෙරමුණ නැගී ආවේ ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය මෙන්ම චාල්ස් ඩි ගෝල් ගේ ආභාසය සහිතව ප්‍රංශයේ ලිබරල්කරණය වෙනුවෙන් පෙනී සිටි ‘ජනරජය සඳහා නව-ගෝලිස්ට් රැලිය පක්ෂයට’ ද තියුණු අභියෝගයක් ලබා දෙමිනි.

2011 දී ජාතික පෙරමුණේ නායකත්වය ලේ පෙන්ගේ දියණිය වූ මරීන් ලේ පෙන් ට හිමි විය. ඇයගේ නායකත්වය යටතේ ජාතික පෙරමුණ වඩා පුළුල් ජනතා ආමන්ත්‍රණයක් සිදු කිරීමේ සක්‍යතාවය හිමි කරගෙන ඇත. 2018 ජාතික පෙරමුණ යන පක්ෂ නාමය නැෂනල් රැලි (National Rally) යනුවෙන් වෙනස් කරන ලද අතර ආර්ථික ආරක්ෂණවාදය සහ යුක්තිය, සාධාරණත්වය ඉලක්ක කොටගත් සටන් පාඨ ඇය විසින් පෙරට ගෙන ඇත.

2024 ප්‍රංශ ජාතික සභා (National Assembly) මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කිරීමට පවා ‘නැෂනල් රැලි’ සමත් වූ අතර එය මේ වන විට ජාතික සභාවේ ආසන 577 න් ආසන 143 කට හිමිකම් කියයි. තවද එය ජනාධිපති මැක්‍රෝන් වෙත තීව්‍ර දේශපාලන පීඩනයක් ලබා දෙමින් සිටින අතර මීළඟ මැතිවරණයකදී බලයට පත් වීමට පවා ඉඩ ඇත.

90’ දකයෙන් මෙපිට යුරෝපය පුරා හමා යමින් පවතින දක්ෂිණාංශික ජාතිකවාදී රැල්ල ප්‍රකට කෙරෙන තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපයෙන් විමසා බලමු

(සංවාදයට විවෘත්තයි)

-පැතුම් ඒ. රණසිංහ-

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

‘යුතුකම’ කුමක් සදහා ද? -3

කතෘ:යුතුකම     3/28/2025   No comments
ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි 1977 දී බලයට පැමිණි බටහිර හිතවාදී නව ලිබරල්වාදී (හා ධනවාදී) ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් මුලින්ම කරනු ලැබූ කාර්යයන් අතර ප්‍රධානම කාර්යයක් වූයේ අපරාධ යුක්ති කොමිෂන් සභාව විසින් 1975 වසරේ දී, ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කොට සිටි වාමාංශික විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ට නිදහස ලබා දීම යි. වාමවාදී පක්ෂ ද එකතුව ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවන ලද ජාතිකවාදී රජයක් ආයුධ සන්නද්ධව පෙරලා දැමීමට උත්සහ කළ ජවිපෙ නායකයින්ට, බලයට පැමිණ වසරක් යාමට පෙර නිදහස ලබා දෙන ජේ. ආර්. ජයවර්ධන මහතාගේ එජාප රජය, එදා එම ප්‍රජාතන්ත්‍රවාදී රජයට නායකත්වය සැපයූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7ට අහෝසි කොට ඇයව පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දැමීමමට කටයුතු කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

ප්‍රජා අයිතිය අහෝසි කිරීම හේතු කොට ගෙන 1982 දී පවත්වන ලද පලමු ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමෙන් ඇයව වලකනු ලැබූ අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් නිදහස ලැබූ වාමාංශික විජේවීර මහතා එම ජනාධිපතිවරණයට තරග කරනු ලැබී ය. ඉන් ජය ලබන ජේ. ආර්. ජයවර්ධන මහතා එම වසරේම පවත්වන ලද ‘ජනමත’ විචාරණය (කළගෙඩි ලාම්පු සෙල්ලම) ඔස්සේ පාර්ලිමෙන්තුවේ කාලය ද තවත් වසර 6කින් දිගු කරගනු ලැබී ය. නව ලිබරල්වාදි ආර්ථිකයකට රට මුළුමනින්ම පරිවර්තනය කිරීමට පියවර ගනු ලැබූ ජයවර්ධන රජය එමගින් ආර්ථික ක්‍රියාවලියට රජයේ මැදිහත් වීම අකුලන්නට විය. නිෂ්පාදන ක්‍රියාවලියෙන් රට මුළුමනින්ම ඉවත් වන්නට වූ අතර සේවා ආර්ථිකයේ ගොදුරක් බවට රට පත්වන්නට විය. සාමූහිකත්වය වෙනුවට පුද්ගලවාදය ඉස්මතුවන්නට විය. මැද පන්තිය පුළුල් වන්නට වූ අතර කිසිවකින් තෘප්ත කල නොහැකි පරිභෝජනවාදී පිසාචයන් අරක්ගත් දේශයක් බවට මුළු රටම පත් වන්නට වී ය. ‘ධර්මිෂ්ඨ සමාජයක්’ උදාකිරීමට යැයි බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජය දුෂ්ඨත්වයෙන් පිරි අධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගන්නට වූයේ එසේය.

එහිදී ජවිපෙ ගත් ක්‍රියා මාර්ගය කුමක් වී ද ? තවදුරටත් ඔවුන් ජාතික නායකත්වයක් විනාශ කිරීමේ කොටස්කරුවන් නොවී ද? ජාතිකත්ව රජයක් බිහිවීම වැළැක්වීමේ අරමුණක් ඉන් පසුවවත් ඔවුනට නොවී ද?

බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් නැවතත් ජාතිකවාදී රජයක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් 1988 වසරේ දී උදා වී ය. ඒ 1987 වසරේදී ඉන්දියාවේ බලපෑමට යටත්ව අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පැන නැගුනු දැවැන්ත විරෝධය හමුවේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ගොඩනැගුනු පුළුල්ම ජාතික සංධානය හරහා ය. ජවිපෙ විසින් එය වලකනු ලැබුයේ 88’ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන් මරා දමන බවට තර්ජනය කරමින් හා එය වර්ජනය කරන ලෙස ජනතාවට බල කරමින් හා තර්ජනය කරමින් එකම භීිෂණයක් රට පුරා මුදා හැරීමෙනි. එමගින් ආර්. ප්‍රේමදාස මහතාට බලයට ඒමට ඉඩ හසර විවර කර දීමෙනි. ඒ සමගම බිහි වූයේ අති බිහිසුණු භීම සමයකි. එම භීම සමය අවසාන වන විට දසදහස් ගණනක තරුණ ජීවිත රටට අහිමි වී තිබුනි. බණ්ඩාරණායක මැතිනියගේ නායකත්වය ද රටට එතැනින්ම අහිමි විය.

ඉන්පසුව නැවතත් ජාතිකවාදී රජයක් බිහිවනුයේ 2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එම රජයට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් 2009 දී බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීමට හැකි විය. එය නිදහසින් පසුව රටක් ලෙස අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණය විය.

දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර නැවත රට එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ දී එජපෙ හා ජවිපෙ ක්‍රියා කලේ කෙසේ ද?

මහින්ද රාජපක්ෂ මහතාට 2005දී බලයට ඒමට ජවිපෙ (විමල් වීරවංශ කණ්ඩායම) උදව් වූ නමුත් වැඩිකල් නොගොස්ම උතුරේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වීමට ආසන්නව තිබිය දී ජවිපෙ මහින්ද රාජපක්ෂ රජයට එරෙහි වන්නට විය. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය වන්නට ආසන්නව තිබිය දී ඉතා තීරණාත්මක මොහොතක අයවැය පරාජය කිරීමට එජාප මෙන්ම ජවිපෙ ද තැත් කරනු ලැබී ය. විමල් වීරවංශ ඇතුළු ජවිපෙ කණ්ඩායම ජවිපෙ එම ක්‍රියා මාර්ගයට එරෙහිව එයින් ඉවත්ව කටයුතු නොකරන්නට එදා ත්‍රස්තවාදය පරාජය කිරීම සිහිනයක් වන්නට ද තිබුණි.

මහින්ද රාජපක්ෂ රජය අල්ලස, දූෂණය හා හොරකමට එරෙහි යහපාලන සටන් පාඨය හරහා 2015 වසරේදී පරාජය කරනු ලැබී ය. ඒ සදහා ජවිපෙ දැක්වූ දායකත්වය රටට රහසක් නොවේ. එහෙත් වැඩි දවසක් නොගොසින්ම හමා ගිය මහින්ද සුළග ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා පෙර නොවූ විරූ තරම් බලවත්ව නැවතත් කරලියට පැමිණි නමුත් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට පැමිණීම වැලැක්වීමම අරමුණු කොටගෙන යහපාලන ආණ්ඩුව විසින් ගෙනෙන ලද ව්‍යවස්ථා සංශෝධනය හේතුකොට ගෙන ඔහුට 2019 ජනාධිපතිවණයට තරග කිරීමට නොහැකි වී ය. ඒ වෙනුවට නායකත්වයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාව ද වැඩිකල් නොගොස්ම බලයෙන් පහකරනු ලැබී ය. ඒ සදහා දියත් වූ වැඩ පිළිවෙල තුල ප්‍රධාන වශයෙන්ම බටහිර (ඇමෙරිකාව හා බිරිතානිය) හා ඉන්දියාව සිටි බවට සැකයක් තිබිය නොහැකි ය. එසේම ඒ සදහා එක් වූ දේශීය හවුල්කරුවන් අතර පෙර සදහන් කළ ජාතිකත්වයට එරෙහිවූ බලවේග ද නොඅඩුවම ක්‍රියාකාරී වී ය.
අද මූලික වශයෙන් ජවිපෙ නායකත්වයෙන් යුතු මාලිමා ආණ්ඩුවක් බලයට පැමිණ ඇත. ඒ අපට පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් ලබා දෙන්නට යි!


-අභය-

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

2/27/2025

බොදු බල සේනා මග හැර යා නොහැකි කතාවක් - 1

කතෘ:යුතුකම     2/27/2025   No comments


රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් තෙවෙනි වරටත් සිරගත වී ඇප මත නිදහස් වන්නට යෙදුණි. තමන්ට මෙසේ නොකරන ලෙසත් අවශ්‍ය නම් එකවර තමාව මරා දමන ලෙසත් උන් වහන්සේ සිරගත කරන ලද මොහොතේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව මාධ්‍යවල සඳහන් විය.


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සහ එම්.එච්.එම් අෂ්රෆ් මහතා සහභාගී වූ TNL නාලිකාව මගින් විකාශය කරන ලද නැණ පහන සංවාදය

ඥානසාර හිමි යනු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් වරයා මෙන්ම එම සංවිධානයේ ජනප්‍රියම නායකයා ද වෙයි. උන්වහන්සේ දිගින් දිගටම සිරගත වීම් වලට ලක් වනුයේ බොදු බල සේනා සංවිධානය හා සහ සම්බන්ධව සිදු කළා වූ ක්‍රියාකාරකම් හේතුවෙනි.

පසුගිය දසක එකහමාරක කාලය තුළ බොදු බල සේනා සංවිධානය විසින් මෙරට සමාජ දේශපාලනයට සිදු කළ බලපෑම අති මහත් ය. මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරි ගමන සැළසුම් කරන්නෙකුට බොදු බල සේනා සංවිධානයේ නැගීම, එහි ක්‍රියාකාරීත්වය සහ පරිහානිය  විචාරය කර ගැනීම අතිශය වැදගත් වේ.


සිද්ධි ලෙබ්බේ වැන්නවුන් විසින් පණ පොවනු ලදුව මුස්ලිම් ජනතාවට ව්‍යවස්ථාදායකයේ වෙනම ජනවාර්ගික නියෝජනයක් ලබා ගැනීම වැනි ජාතිවාදී ප්‍රවේශයන් ඔස්සේ ඇදී ආ මුස්ලිම් දේශපාලනය මුල් කාලයේදී සංවර්ධනය වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය පක්ෂය සෙවණේ ය. දෙමළ කතා කරන ජනතාවට වෙනම රාජ්‍යක් ලෙස චෙල්වනායගම් ගෙන ආ ව්‍යාපාරයට මුල් කාලීන මුස්ලිම් දේශපාලනඥයන් ඇතැමෙකුගේ සහය ද හිමි විය. 1960 දී කාරියප්පර් විසින් පිහිටවූ ස්ලාමීය එක්සත් පෙරමුණ මෙරට පළමු මුස්ලිම් වාර්ගික දේශපාලන පක්ෂය ලෙස හැඳින්විය හැකිය.

මෙරට මුස්ලිම් වාර්ගික දේශපාලනය ‘රජුන් තනන්නාගේ’ භූමිකාව ඉටු කරන ව්‍යාපාරය වශයෙන් වර්ධනය කරනු ලැබුවේ එම්.එච්.එම්  අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසය විසිනි. අෂ්රෆ් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් නායකයන් 1976 දී මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තරඟ කළ බවත්, එහිදී ඊළම වෙනුවෙන් පෙනී සිටි බවත් රහසක් නොවේ. එසේම මෙරට මුස්ලිම් ජනයාගේ සම්භවය පිළිබඳව ව්‍යාජ ඉතිහාසයක් ගොතා එය ඉතා සාර්ථකව නිජ බිම් සංකල්පයක් ලෙස සාම්ප්‍රදායික මුස්ලිම් ජන මනසට ඇතුළත් කිරීමට ද මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය සමත් විය. මෙම ව්‍යාජ ඉතිහාස ඉගැන්වීම මේ මොහොත වන විටත් නිදැල්ලේ ක්‍රියාත්මක වේ.

මෙලෙස මුස්ලිම් වාර්ගික දේශපාලනය සහ ඊළාම් බෙදුම්වාදී දේශපාලනය අතර පැවති අනියම් දීගය කෙළවර වන්නේ ප්‍රභාකරන් විසින් උතුරු නැගෙනහිර මුස්ලිම් සංහාරය ආරම්භ කිරීමෙන් පසුව ය. වරෙක ප්‍රේමදාස සමඟ ද, වරෙක චන්ද්‍රිකා සමඟ ද, වරෙක රනිල් සමඟ ද සන්ධානගත වූ මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය මෙම කාලය තුළදී ඉතා උපක්‍රමශීලී ලෙස වාර්ගික නීති සම්මත කරවා ගැනීමටත්, අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය සකස් කර ගැනීමටත් සමත් විය.

මෙරට මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ප්‍රබල ජන මතයක් ඇති කිරීම සඳහා මුල් වරට කටයුතු කරන ලද්දේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන් වහන්සේ විසින් එකී අදහස් ජනගත කිරීම ඉතා සං‍යමයකින් සිදු කරන ලද අතර අෂ්රොෆ් වැනි මුස්ලිම් නායකයන් සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී සංවාද වලට එළඹීම දක්වා එම ක්‍රියා පිළිවෙත තියුණු විය.

වෙනම මුස්ලිම් රාජ්‍යක් පිළිබඳව ඇති කරගන්න ලද ඔලුවිල් සම්මුතිය පිළිබඳවත්, නැගනහිර ක්‍රියාත්මක වූ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳවත්, ස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන වෙත විදේශයන්ගෙන් ගලා එන මහා පරිමාණ විදේශ අරමුදල් සම්බන්ධයෙනුත්, හින්දු සහ බෞද්ධ පවුල් ස්ලාම්කරණය කිරීම පිළිබඳවත් වරින් වර තොරතුරු වාර්තා වූ නමුත් 2009 වසර දක්වා මෙම කරුණු අරභයා එතරම් සමාජ අවධානයක් යොමු නොවූයේ ඊට වඩා ප්‍රබල අවධානයක් සමස්ත සමාජය තුළින් ඊළාම් බෙදුම්වාදය කෙරෙහි එල්ල වී තිබීම හේතුවෙනි. 

2012 දී බොදු බල සේනා සංවිධානය බිහි වන්නේ මෙවන් පසුබිමක ය. දේශීය වශයෙනුත්, කලාපීය වශයෙනුත්, ගෝලීය වශයෙනුත් ඒ වන විට ඇති වෙමින් තිබුණු ස්ලාම් අන්තවාදයට ප්‍රති විරෝධයක් ලෙස ඒ වන විටත් ඉන්දියාවේ ශිව් සේනා සංවිධානය, මියන්මාරයේ 969 ව්‍යාපාරය ආදී සංවිධාන බිහි වී තිබුණි.

බොදු බල සේනා සංවිධානයේ සභාපති, මහ ලේකම් ඇතුළු ප්‍රධාන නායක කාරකාදීන් බොහෝමයක් ඊට පෙර ජාතික හෙළ උරුමය සමඟ දේශපාලනික සම්බන්ධතා පැවැත් වූ අයවලුන් ලෙස හඳුනා ගත හැකි නමුත් සංවිධානයක් වශයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රමික විකාශනයකින් තොරව එක්වනම මතු වූ සංවිධානයක් ලෙස නිරීක්ෂණය කළ හැකිය. බොදු බල සංවිධානයට අරමුදල් සැපයුණු ආකාරය, එහි නායකයන් විදේශයන් සමඟ පැවැත් වූ සම්බන්ධතාවල ස්වරූපය, දේශීය දේශපාලඥයන් සමඟ එම සංවිධානය සිදු කොට ඇති ගනුදෙනු පිළිබඳව ඉතා විවාදාපන්න කරුණු මතු වී තිබේ. එසේම එහි නායකයන්ගේ පෞද්ගලික චරිත සහ හැසිරීම් පිළිබඳව ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වී තිබේ. ඒ සියල්ල එසේ තිබියදීත් එමගින් ස්ලාම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු, සාක්ෂි සහ සාධක බැහැර කළ නොහැකි බව සනාථ වී ඇත.

(මෙම ලිපියේ මීළඟ කොටස යුතුකම මාර්තු කලාපයෙන් බලාපොරොත්තු වන්න)

 -පැතුම් ඒ. රණසිංහ-

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

2/20/2025

අපේ මතය - 2

කතෘ:යුතුකම     2/20/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ උදාහරණ කිහිපයක් පිළිබඳව විමසා බැලීම මෙවර කලාපයෙන් අපි ආරම්භ කරමු.

 බෝල්කන් ජාතිකවාදී පැන නැගීම

80 දශකයේ අග සෝවියට් සමූහාණ්ඩුව පරිහානියට පත්වෙත්ම ඊට සමාන්තරව යුරෝපයේ පිහිටි අනෙක් සමාජවාදී දැවැන්තයා වූ යුගෝස්ලෝවියානු සමූහාණ්ඩුව ද පරිහානියට පත් වීම ආරම්භ විය. ආර්ථික සහ දේශපාලන හේතු සාධක සමුච්චයක් පාදක කර ගනිමින් යුගෝස්ලෝවියාව බිඳ වැටෙත්ම එම සමූහාණ්ඩුවේ පාර්ශවකාර ජාතීන් අතට තියුණු ජාතිකවාදී රැල්ලක් හමා යමින් තිබුණි.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රො හංගේරියන් සහ ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙද්දී දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවයක් සහිත ජාතීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් යුගෝස්ලෝවියාව බිහි විය. දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවය පුළුල් ජාතික අනන්‍යතාවයකි. එහි ස්භාවය අවබෝධ කර ගැනීම සඳහා ලබා දිය හැකි ආසන්න උදාහරණයක් වනුයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ අනන්‍යතාවයයි. දකුණු ඉන්දියාවේ දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්නඩ ආදී ජාතීන් ද්‍රවිඩ යන පොදු අනන්‍යතාවය යටතේ ඇතැම් තැන්හි පෙනී සිටී. එසේ වුවත් ද්‍රවිඩ යන පොදු කුලකය යටතේ තමන්ව හඳුන්වා ගන්නා එක් එක් ජාතීන් අතර භාෂාව, සංස්කෘතිය, ජීවන රටාව ආදී පදාසයන්හි නේක විධ වෙනස්කම් පවතී.

යුගෝස්ලෝවියා සමාජවාදී ෆෙඩරල් ජනරජය 1991 බිඳී යාමට පෙර


දකුණු ස්ලාව් යන පොදු කුලකය යටතට සර්බියානු, ක්‍රොඒෂියානු, බොස්නියානු, ඇල්බේනුයානු, මැසිඩෝනියානු ආදී විවිධ ජාතීන් ගොනු කොට යුගෝස්ලෝවියාව ගොඩ නගා තිබුණි. නමුත් යුගෝස්ලෝවියාව දුර්වල වෙත්ම එහි සිටි නොයෙක් ජාතීන් අතර තිබූ භාෂාමය, ආගමික සහ සංස්කෘතික වෙනස්කම් වඩ වඩා ඉස්මතු වන්නට විය.

රාජ්‍යක ආර්ථික සහ දේශපාලන ශක්තිය දුර්වල වීමේදී එම රාජ්‍යයේ වෙසෙන ජනවර්ග හෝ ජාතීන් අතර ඝට්ටනයන් ඇති වීම සුලභව සිදු වේ. රාජ්‍යක ජීවත්වන ජාතීන් හෝ ජන වර්ග අතර සාමග්‍රියක් පවත්වා ගැනීමට නම් නිසැක වශයෙන්ම එම රාජ්‍යයේ ආර්ථිකය සහ දේශපාලනය ශක්තිමත් මට්ටමක පවත්වා ගත යුතුය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීමෙහි ප්‍රතිපලය වූයේ යුගෝස්ලෝවියාව බිඳ වැටීමයි. 1991 දී ස්ලොවේනියාව, උතුරු මැසිඩෝනියාව, බොස්නියාව සහ ක්‍රොඒෂියාව සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් උද්ගත වූ යුධ ගැටුම් වසර කිහිපයක් ඔබ්බට ඇදී යන ලදි. විශේෂයෙන්ම බොස්නියාව තුළ සිදු වූ ගැටුම් ඉතා විනාශකාරී සහ විදේශ අත පෙවීම් සහිත ඒවා විය.

දකුණු ස්ලාව් අනන්‍යතාවය මත යුගෝස්ලෝවියාව එක්සත්ව තබා ගැනීමට සමත් වූ දැවැන්ත ප්‍රතිරූපය වූයේ මාෂල් ටිටෝ ය. ඔහුගේ නායකත්වය යටතේ ‘සහෝදරත්වය සහ එකමුතුකම’ යන තේමාව පාදක කර ගනිමින් කලාපයේ ජාතිකවාදී ප්‍රවණතාවයන් පාලිත තත්ත්වයක පවත්වා ගන්නා ලදි. ඔහු 1980 දී මිය ගිය අතර ඒ හා සමගම බෝල්කන් ජාතිකවාදී රැල්ල හමා යාම ආරම්භ විය.


යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පමණක් බෝල්කන් ජාතිකවාදී රැල්ල නිමාවට පත් නොවූ අතර 2008 දී උද්ගත වී මේ දක්වාම නොවිසඳුණු ගැටළුවක් ලෙස ඉතිරිව පවතින කොසෝවෝ අර්බුධය ද එහිම දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීම ඔස්සේ ස්වාධීනත්වයට පත් වූ ඇතැම් ජාතීන් ඉන් සාර්ථක පල නෙළා ගැනීමට සමත්ව ඇති අතර තවත් ජාතීන් තවමත් ඉතා ව්‍යසනකාරී අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. උදාහරණයක් ලෙස 1991 දී ස්වාධීනත්වයට පත් ස්ලොවේනියාව මේ වන විට සංවර්ධිත තත්ත්වයට පත්ව කලාපයේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව සිටී. ක්‍රොඒෂියාව ද ඉහළ ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පත් වී ඇත. නමුත් සර්බියාවේ සහ උතුරු මැසිඩෝනියාවේ තත්ත්වය තවමත් පවතින්නේ සතුටුදායක තත්ත්වයක නොවේ. සර්බියාව ඉහල මැදි ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පැමිණියත් කොසෝවෝ අර්බුධය වැනි ගැටළුකාරී තත්ත්වයන් අභිමුව එහි ඉදිරි ගමනට බාධා පැමිණ ඇත

90’ දකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපවලින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘත්තයි)


පැතුම් ඒ. රණසිංහ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

1/30/2025

‘යුතුකම’ කුමක් සදහා ද? -1

කතෘ:යුතුකම     1/30/2025   No comments

ගෝල්ෆේස් අරගලකරුවන් බණ්ඩාරනායක ප්‍රතිමාවේ දෑස් කළු රෙදි කඩකින් බැඳ දමා තිබුණි
(AI Generated)


‘යුතුකම’ කියලා සඟරාවක්! ඒ මොනවට ද? කුමක් වෙනුවෙන් ද?

අලුත් ආණ්ඩුවකුත් පත්වෙලා. ජනතාව ඒ අයට ලොකු ජනවරමකුත් දීලා. ඒ මොනවාට ද? 76 වසරක ශාපය අවසාන කරන්න! අල්ලස, දූෂණය හා හොරකම නතර කරන්න! වෙනසක් වෙනුවෙන්! ඩොලර් ගේනන- ණය ගෙවන්න! රට සුද්ද කරන්න! පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබන්න! ඉතින් එහෙනම් තව මොනවා ද? “යුතුකම” ක් මොන එහෙකට ද? මීට වඩා යුතුකමක් තවත් තියෙනවා ද?

මොනවා වුනත්, ‘76 වසරක ශාපය අවසාන කරන්න’ කියන එක නම් හරිම අපූරු යි! ඒ මුළු කතාවම ඉන් කියවෙන හින්දා ද? 76 වසරක් තිස්සේ අප කර ඇත්තේ කුමක් ද? අද අප කර ඇති දේට වෙනස් යමක් ද? තව අවුරුදු 5න් එය 81 වසරක ශාපයක් නොවේවි ද? ගතවූ ඒ 76 වසරම ඇත්තටම ශාපයක් වුනා ද? 76 වසරක් පුරාවටම අපි රටක් ජාතියක් ලෙස කිසිවක් දිනාගෙන නැත් ද? එකදු ජයග්‍රහණයක්වත් ලබාගෙන නැත් ද?

56’ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා බිරිතානායට අපව බැද තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛස්ථානය තහවුරු කිරීම හා 2009’ බටහිර (බිරිතානියේ) හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් රට ආරක්ෂා කිරීම (ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම) ඒ කාලය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයන් නොවේ ද?

ඒ සමගම ඒ සුවිශේෂ ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගත්ත උත්සහායන් ද ඒ 76 වසර පුරාවටම අපට අත්විදින්නට සිදුවුනා නොවේ ද? ඒ මාරපායාශය ද 76 වසරක ශාපය? ඔව්; ඒ ශාපය නම් අපට ඉදිරියටත් අත්විදින්නට සිදු නොවනු ඇතැයි ඉදින් කාට නම් කිව හැකි ද?

අපි ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයෙන් පටන් ගනිමු. ඒ ‘76 වසරක ශාපයට’ වසර 65ට පමණ කලින්! එනම් 1818 නිදිහස් සටන පැරදී වසර 60 කට පමණ පසුව, එහෙමත් නැතිනම් 1848 නිදහස් සටන පැරදී වසර 30ට පමණ පසුව!! එම කාලය සුදු අධිරාජ්‍යවාදීන් ජය කෙහෙළි නගන ලද අවධියක්. මහා සංස්කෘතික පරිහානියකට හා ආර්ථික පරිහානියකට රටත් ජාතියත් ගොදුරු වෙමින් තිබූ අවධියක්. ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය නගර තුල සංවිධිතව තහවුරු වෙමින් මුළු මහත් රට පුරා එහි සෙවනැලි පතිත වෙන්නට පටන් ගෙන! සම්බුද්ධ සසුන අනතුරක අභියස!! මෙවන් පසුබිමක අනගාරික ධර්මපාලතුමා විසින් 19වන සියවස අගභාගයේ පටන් රටපුරා යමින් ආරම්භ කරන ලද්දේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම අරමුණු කොටගත් ජාතික විමුක්ති ව්‍යාපාරයක් ය. එය සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා සිංහලයා බලමුළු ගැන්වීම සදහා වූ ජාතික විමුක්ති අරගලයකි.

ඒ සදහා සංස්කෘතියෙන් ද චින්තන ශක්තියෙන්ද ආර්ථිකයෙන් ද පරිහානියට පත්ව සිටි සිංහලයා එයින් මුදවා ගත යුතු විය. හුදී ජනීජනයාගේ ආර්ථිකය නගා සිටුවීම ද ඒ ව්‍යාපාරය තුල එයින් වෙන් කළ නොහැකි වූ තවත් අරමුණකි. ඒ සදහා විවිධ ධාර්මික කර්මාන්ත ඇරඹීම සදහා ද ධර්මපාලතුමා ඒ සංචාරයන් අතරතුර දී ජනීජනයා උනන්දු කරන්නට විය. එපමණකින් නොනැවතී තෝරාගත් කිහිප දෙනෙකුම ජපානය ඇතුළු රටවල් කිහිපයකට විවිධ කර්මාන්ත මෙරට ඇරඹීම සදහා පුහුණුව ලැබීමට පිටත්කර යැවීමට ද එතුමා කටයුතු කලේය. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය තුල පක්ෂ

දේශපාලනයක් නොවී ය. භික්ෂූන් වහන්සේ සහ හුදී ජනීජනයා එතුමාගේ ශක්තිය විය. එදා ඉංගිරිසි යටත් විජිතවාදය බිය වූ එකම පුද්ගලයා ද ඔහු විය.

ඉංගිරිසි යටත් විජිතවාදීන් පමණක් නොවේ ඔහුට බිය වූයේ... බිරිතානියන්ගෙන් වරප්‍රසාද ලද එම සංස්කෘතියට අනුගත වූ අනාගතයේ දවසක රටේ පාලන බලය සුදු සෙවැනැලි යටතේ හෙබවීමට කැස කවමින් සිටි පිරිසට ද ධර්මපාලතුමාගේ ව්‍යාපාරය දරුණු අභියෝගයක් විය. ඔවුන් අතරින්, ඔවුන් වෙනුවෙන් මතුවූ ප්‍රභලයෙකි පිය පරපුරෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ක්‍රිස්තියානි පවුලකට අයත් වූ ඩී. ආර්. විජේවර්ධන මහතා. ඔහු විසින් සිය ධන බලය යොදාගෙන එවකට ප්‍රකාශනයේ පැවති සිංහල (දිනමිණ), දෙමළ (තිනකරන්) හා ඉංගිරිසි (Ceylon Daily News, The Observer) පුවත්පත් සමූහයක් ක්‍රමයෙන් මිල දී ගනිමින් සංනිවේදන මාධ්‍යයේ (පුවත්පත්) අධිරාජ්‍යක් ගොඩනගා ගැනීමට සමත් වී ය. ඒ පුවත්පත් සියල්ල එක්කර 1926 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුසිය) නමින් සමාගමක් ද ඔහු විසින් ආරම්භ කරනු ලැබීය. මෙම සංනිවේදන (පුවත්පත්) අධිරාජ්‍යයේ එක් මූලික අරමුණක් වූයේ අනගාරික ධර්මපාලතුමා ඉලක්ක කොට පහර දීමයි.

එම පුවත්පත් සමාගමේ ප්‍රහාර කෙතරම් දරුණු වී ද යත් මෙරට සිංහල බෞද්ධ හුදී ජනීජනයා විසින් බුද්ධංකුරයෙකු ලෙස සැලකූ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමාව මුට්ට කාසි හොරෙකු ලෙස හැඟවීම දක්වා දුරදිග ගිය අති දුෂ්ඨ ක්‍රියා මාර්ගයක් විය. ඒ ධර්මපාලතුමාව ජාතික දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම අරමුණු කොට ගෙන යි. එතුමා වටා එක්සිත්ව එක්රොක්ව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු බොදු හුදී ජනීජනයා එතුමාගෙන් ඈත් කරවීම සදහා යි! [ධර්මපාලතුමාට එරෙහි දැවැන්ත මාධ්‍ය ප්‍රහාරය හමුවේ එතුමාගේ සහ එතුමා මුල පුරන ලද ජාතික ව්‍යාපාරයේ ඉරණම කුමක් වීද? යුතුකම පෙබරවාරි කලාපයෙන් කියවමු

-අභය-

යුතුකම මාසික සඟරාවේ 2025 ජනවාරි කලාපයේ පළවූ ලිපියකි
 යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය 1: ජාතිකවාදය, ලෝක ප්‍රවණතා සහ අපි

කතෘ:යුතුකම     1/30/2025   No comments

මිනිසා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තොරව දේශපාලනය අවබෝධ කරගත නොහැකිය.

දේශපාලනය යනු දේශයක ජනතාව පාලනයයි. එය ගෝලීය සන්දර්භයෙන් ගත් කළ භූ දේශපාලනය වේ.

දියුණු මනසක් පමණක් ඇති තවත් එක් සත්ත්වයෙකු වන මිනිසාගේ ස්භාවික චර්යාවන්, මිනිසාගේ සහ මිහිතලයේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය මානව චර්‍යාවන් ලෙස හැඩගස්වාගනිමින් පවත්වාගෙන යාම අප විශ්වාස කරන දේශපාලනයේ උත්තරාර්ථයයි.

ප්‍රායෝගික දේශපාලනයේ නියුතු බොහෝ දෙනා යම්කිසි දේශපාලන මතවාදයක පිහිටා කටයුතු නොකරතත් හැමදෙනාම පාහේ තමන් යම් දේශපාලන මතවාදයක් දරන බව පැවසීමට ආශා කරති. එය වත්මන් දේශපාලන භාවිතයේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයකි.

මේ ආකාරයෙන් ගත් කළ ගෝලීය දේශපාලන ධාරා ලෙස ගත හැකි ප්‍රමුඛ දේශපාලන මතවාද ද්විත්වයක් පවතී.

ඉන් පළමුවැන්න වන්නේ ධනවාදයයි. පෞද්ගලික ධනය උපරිමයෙන් ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය විසින් පහසුකම් සැපයීමත්, ධන හිමි පුද්ගලයන් හෝ ධනහිමියන්ගේ ආශිර්වාදය සහිත අය රාජ්‍ය පාලනයේ සුක්කානම දැරීමත් ධනවාදයේ මූලික ලක්ෂණයන්ය. ධනවාදයට මානුෂීය සළු පිළි අන්දවා එය ලිබරල්වාදය ලෙස අභිෂේක කිරීම ඇඩම් ස්මිත්, රූසෝ වැනි චින්තකයන් විසින් සිදු කරන ලදි. එය නියෝ ලිබරල්වාදය ආදි උපචින්තන ධාරාවන්ගෙන් ද සමන්විතය. තනි පුද්ගල නිදහස ලෝකයේ සමස්ත පැවැත්මට බාධා කරන අවස්ථාවන්හි දී පවා ලිබරල් ධනවාදය තනි පුද්ගල නිදහසෙහි පැවැත්ම වෙනුවෙන් තව දුරටත් පෙනී සිටී. එය මිනිසා නම් සත්ත්වයාගේ උන්නතිකාමී සහජ හැසිරීම් ඒ අයුරින්ම භාර ගැනීමට සූදානම්ය.

දෙවැන්න වන්නේ සමාජවාදයයි. සැමට සම අයිතිවාසිකම් හිමි වන සාමූහිකත්වය පෙරදැරි කරගත් සමාජවාදී ලෝකයක් බිහි කර ගැනීමේ මාර්ගය මේ යැයි න්‍යායාත්මකව සූත්‍රගත කොට පෙන්වා දුන් පුරෝගාමීන් වන්නේ මාක්ස්, එංගල්ස් ආදීන්ය. සමාජවාදය යනු මාක්ස්වාදයම නොවෙතත් මාක්ස්ගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම බැහැර කරන සමාජවාදීන් නොමැති තරම්ය. මිනිස් සත්ත්වයාගේ සහජ චර්‍යාව පිළිබඳව උත්සුක නොවන මාක්ස්වාදී සමාජවාදය භෞතිකවාදී ඇසකින් ලෝකය නිර්වචනය කරමින් ඒ තුළ විසඳුම් සෙවීමට ප්‍රයත්න දරයි. අවසානාත්මක වශයෙන් එය යෝජනා කරන්නේ රාජ්‍ය දිය කර හරිනු ලැබූ, ලෝකය තනි යායක් වූ, නිෂ්පාදන සම්පත් සාමූහිකව සහ සමානත්වයෙන් භුක්ති විදින පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ස්ථාපිත කිරීමටය.

මේ අයුරින් බලන කල ලිබරල් ධනවාදය මිනිස් සත්ත්වයාගේ සහජ උන්නතිකාමී සහ තිරශ්චීන හැසිරීම් ඒ අයුරින්ම භාරගැනීමට සූදානම් අතර මාක්ස්වාදී සමාජවාදය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස මුළුමනින්ම මිනිසාගේ සහජ හැසිරීම් සහ හැඟීම් නොතකා හැර පරමාදර්ශී ලෝකයක් පිළිබඳ සිහිනය මවා පෙන්වයි.

ලිබරල් ධනවාදයේ සහ මාක්ස්වාදී සමාජවාදයේ අගනාකම් සහ සීමාකම් පිළිබඳවත්, ඒවායේ ප්‍රායෝගික භාවිතාවේ දී ලිබරල් සමාජවාදය, රාජ්‍ය ධනවාදය වැනි විකෘතීන් හටගෙන ඇති අන්දමත්, ඒවා ඒ ඒ රාජ්‍යන් තුළ ඇති වුණු තත්ත්වයන් සමඟ අනුගත වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධනවාදය ආදී ප්‍රවාහයන් ලෙස ක්‍රියාත්මක වන ආකාරයත් අප වෙනම සාකච්ඡා කළ යුතුය.

ලිබරල් ධනවාදයත්, මාක්ස්වාදී සමාජවාදයත් යන චින්තන ධාරාවන් ද්විත්වයම වරින් වර අධිපතිවාදී සහ ව්‍යාප්තවාදී ප්‍රවේශයන්ට එළඹ ඇත. එකී අධිපතිවාදී ව්‍යාප්තවාදයන්ට එදිරිව 'ජාතීන්' විසින් ස්වකීය දේශපාලන ආධිපත්‍යයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා නිර්මාණය කොටගත් දේශපාලන මතවාද පොදුවේ ජාතිකවාදයන් ලෙස වර්තමාන සන්දර්භය අනුව සරලව නිර්වචනය කොට දැක්විය හැකිය. ලෝකයේ ජාතිකවාදී දේශපාලන භාවිතාවන් ගණනාවක් නිරීක්ෂණය කළ හැකිය. ඒ සියල්ල එකිනෙකට වෙනස් අනන්‍යතා ලක්ෂණවලින් සමන්විත වන අතර ඒවායේ ඇති එකම පොදු ගුණාංගය වනුයේ ඒවා යම්කිසි අධිපතිවාදී ව්‍යාප්තවාදයකට එරෙහිව ස්වකීය ජාතික පැවැත්ම උදෙසා කටයුතු කිරීමයි.

අනූව දශකය වන තුරු ලෝකයේ පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් ප්‍රධාන අදියර ත්‍රිත්වයකට වෙන් කොට දැක්විය හැකිය.

01. ජාතිකවාදය (nationalism) යන යෙදුම මුල්වරට භාවිතයට යෙදෙන්නේ 17 වන සියවසේදී බටහිර යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට තුඩු දුන් සහ එම රාජ්‍යන්වල ආර්ථික නැගීමට තුඩු දුන් මතවාදය හැඳින්වීම සඳහාය.

02. එලෙස ජාතික රාජ්‍ය ගොඩනගාගත් බටහිර යුරෝපා ජාතීන් ලිබරල් ධනවාදය සමඟ සහවාසයේ යෙදෙමින් ලෝකය ශිෂ්ටාචාරගත කිරීමේ ඊනියා මෙහෙයුම දියත් කොට ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපය සිය යටත්විජිත කොලනි බවට පත් කරගත් අතර එවිට එම යටත්විජිතකරණයට එරෙහිව එම ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපයන් තුළ ජාතිකවාද පැන නැඟිණි. බටහිර යුරෝපයේ ලිබරල් ධනවාදී අධිරාජ්‍යවාදයට එරෙහිව යටත්විජිත තුළ පැන නැඟුණු ජාතිකවාදී ව්‍යාපාර 20 වන සියවස මුල් භාගයේදී මාක්ස්වාදී සමාජවාදය සමඟ සන්ධානවලට එළඹෙමින් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වන ලදි.

03. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹුණු දශක කිහිපය තුළ දී සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ මාක්ස්වාදී සමාජවාදී බලකඳවුරද තරගකාරී ලෙස සිය අධිපතිවාදය ව්‍යාප්තවාදී ස්වරූපයෙන් ලෝකය පුරා පැතිරවීමට උත්සුක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට එරෙහිව ද ජාතිකවාදී පැන නැගීම් ලෝකයේ විවිධ කලාපවල සිදු විය. එම ජාතිකවාදී පැනනැඟීම් එවර ලිබරල් ධනවාදයේ සහයෝගය ද සහිතව ක්‍රියාත්මක විය.

අනූව දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැඟීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසුය. ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂ අනන්‍යතා ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතුය.

90 දශකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සුවිශේෂතාව පිළිබඳව ඉදිරි කලාපය තුළින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘතයි)

පැතුම් ඒ.රණසිංහ
ලේකම් - යුතුකම ජාතික සංවිධානය

(යුතුකම මාසික සඟරාවේ ජනවාරි කලාපයේ ලිපියකි )

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම ජාතික සංවිධානයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/27/2023

අපේ රටේ තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ධර්මපාලතුමාගේ දැක්ම

කතෘ:යුතුකම     11/27/2023   No comments

අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන – ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.

අනගාරික ධර්මපාලතුමා යටත්විජිත යුගයේ දියත් කළ අරගලය බුදු දහම නගා සිටුවීමේ ව්‍යාපාරයකට ලඝු කිරීම වැරදියි. ධර්මපාලතුමා බුදු දහම, අධ්‍යාපනය, ආර්ථිය, සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර සුවිශාල මතවාදී අරගලයක් දියත් කළා. ඒ සියල්ල ධර්මපාලතුමා දියත් කළ යටත්විජිත විරෝධී නිදහස් අරගලයේ එකිනෙකට බැඳුණු විවිධ මුහුණවර විදිහට හඳුනා ගැනීම වැදගත්.

ධර්මපාලතුමා නිදහස් අරගලය ක්‍රියාත්මක කරන සමය වන විට ඒ කියන්නේ 1908 පමණ වන විට ලංකාවේ ජනගහනය මිලියන 40යි. ඒ අවුරුද්දේ රජයේ සමස්ත ආදායම රු. 35,572,849 වුණත් අධ්‍යාපනය සඳහා වෙන් කළේ රු. 761 000ක් හෙවත් 2.1%ක් විතරයි.  එහෙත් එංගලන්ත ආණ්ඩුවට ලොව පුරා යුද්ධ කරන්න එම වසරේ දී අපේ රටෙන් රු. ලක්ෂ 19ක් අපේ මුදල් ලබා දී තිබෙනවා. රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් සඳහා ලක්ෂ 19ක් වැය කර තිබෙනවා. එදා අපේ රටේ අධ්‍යාපනය ලැබිය යුතු පිරිස මිලියන 16ක් වුණත් ඒ අතරින් ස්වදේශික (14%) සහ ඉංගිරිසි පාඨශාලා (16.25%)  අධ්‍යාපනය ලැබුවේ සියයට තිහක් වගේ සුළු පිරිසක් විතරයි. සුදු ආණ්ඩුව අපට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මෙමගින් හොඳට පේනවා. එයත් අපේ රටට ගැළපෙන අධ්‍යාපනයක් නොවන බව ධර්මපාලතුමා අවබෝධ කරගෙන හිටියා.

රටේ සියලු පන්සල් ආශ්‍රිතව එදා පැවැති අධ්‍යාපන ක්‍රමය යටත්විජිතවාදීන් 1870 දී තහනම් කරනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තහනම් කරලා ඒ වෙනුවට අපේ සංස්කෘති උරුමයෙන් සංස්කෘතික විඥානයෙන් සම්පූර්ණයෙන් වියුක්ත වූ බටහිර ගැති අධ්‍යාපනයක් තමයි, ඉංගිරිසි ආණ්ඩුව එකල ලබා දුන්නේ. අපේ ඉතිහාසය වෙනුවට අපට ඉගැන්නුවේ ඉංගිරිසි ඉතිහාසය.

යටත්විජිතවාදීන් මේ රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ධර්මපාලතුමා හැඳින්නුවේ ස්ථීර පදනමක් නැති අවජාතක නැත්නම් තුප්පහි අධ්‍යාපන ක්‍රමයක් කියලා. තුප්පහි කීවේ hybrid එහෙම නැත්නම් දෙමුහුන් කියන අර්ථයෙන්. දෙමුහුන් කොටලුවෙකුට පරපුරක් ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේ ම දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට සංස්කෘතියක් පෝෂණය කරමින් ඉදිරියට අරන් යන්න බෑ කියලා ධර්මපාලතුමා අවබෝධ කරගත්තා.

එකල අපේ රටේ ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් සහ නීතීඥයින් වීමේ අභිලාෂයෙන්. ධර්මපාලතුමා කියනවා, රටේ සෙසු සමාජ කණ්ඩායම් විසින් අනුකරණය කරන ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගන්නේ වෛද්‍යවරුන් නීතීඥයින් වෙන්න නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ කියලා. කලහකාරයින්ගේ සල්ලි නීතීඥයින්ගේ සාක්කුවටත් ලෙඩ්ඩුන්ගේ සල්ලි දොස්තලගේ සාක්කුවලටත් යනවා. ඒ සල්ලි නැවත ආයෝජන විදිහට රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නෑ. මේ බව එදා ධර්මපාලතුමා දැක්කා.

අපට රටක් විදිහට දියුණු වෙන්න නම් අප තුළ ජාතික විඥානයක් දේශප්‍රේමීත්වයක් ගොඩනැගිය යුතු වුවත් එදා පැවැති අධ්‍යාපන ක්‍රමය තුළ ඒ කිසිවක් නොවන බවට ධර්මපාලතුමා තර්ක කළා. එතුමා කෝට්ටේ මිෂනාරි පාසලේ ඉගෙනීම කරද්දි ධර්මපාලතුමා ගුරුවරු අරක්කු පානය කළ හැටි, කුරුල්ලන් දඩයම් කළ හැටි දකිනවා. එතුමාට තෙරුවන් නමදින්න ඉඩ නොදී බලහත්කාරයෙන් පල්ලියට අරන් යනවා. එතුමා මේ සියල්ල  දකින්නේ ළමා මනස දූෂණය කිරීමක් විදිහට. නිවසේ අභාසයත් සමග එතුමාට ඒ බලපෑමෙන් මිදීමේ භාග්‍යය ලැබුණත් අති බහුතරයකට එම හැකියාව නැති බව එතුමා දුටුවා.

සුද්දාගේ ආණ්ඩුව මෙතෙක් කල් තිබුණා නම් එහෙම කියන අයට වගේ ම ඔවුන්ගේ මාපියන්ටත් කිසිදා පාසලක් නොදුටු නූගත් වහලුන් විදිහට තමයි, මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි දැක්කා ගාලු මුවදොර තරුණ පිරිසක් අරගලය වෙලාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ඇස් වහනවා. ඔවුන් කීවේ ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීමෙන් බණ්ඩාරනායක මහත්තයා වරදක් කළා කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ, 1956 වෙද්දී මේ රටේ ඉංගිරිසි දැනගෙන හිටියේ 11%යි කියලා. මේ අතරින් 4%ක් සිංහල, 7%ක් දෙමළ. එවැනි පසුබිමක සිංහල භාෂා පනත සහ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙන ආවේ නැත්නම් මේ රටේ බහුතරයකට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නෑ.

ඒ සමග තමයි, නිදහස් අධ්‍යාපනය ගම් දනව් පුරා පැතිර ගියේ. අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද සහ ගනඳුරු මැදියම දකිනෙමි අරුනළු කියන කෘතිවල ගුණදාස අමරසේකර මහත්තයා පෙන්වා දෙනවා, ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය 1925 පමණ වන විට එතුමාගෙන් ගිලිහී ගොස් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරය.  ඒ පිරිස තමයි, අනතුරුව මේ රටේ ආණ්ඩුව භාර ගත්තේ. ධර්මාපලතුමා දැල්වූ ජාතික විඥානය 56 මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණා කීවොත් නිවැරදියි.

බෞද්ධ අරමුදලට ආධාර එකතු කරන්න ලංකාවට පැමිණි ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක ලෙස ධර්මපාලතුමාට රට පුරා චාරිකාවේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. සිංහලයා අසීමිත ලෙස දුප්පත්භාවයේ ගිලි ඇති ආකාරයත් බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්ව ඇති ආකාරයත් ධර්මපාලතුමාට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව එහි දී ලැබෙනවා.

සියවස් ගණනක් ස්වයංපෝෂිතව පැවැති රටක් මේ විදිහට පරිහානියට පත්වීම එතුමාගේ කම්පාවට හේතු වෙනවා. මේ දුප්පත්කමින් මිදීමේ මාර්ගය විදිහට එතුමා දැක්කේ බුදු දහම අනුව ජීවත් වීම සහ කර්මාන්ත දියුණු කිරීම. ඒ නිසා තමයි, සෑම ගමක ම තිබෙන පන්සලේ පුස්තකාලයක් සහ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා එතුමා යෝජනා කළේ.

එතුමා ලෝකය පුරා බුදු දහම ප්‍රචාරය කිරීම ඔස්සේ වගේ ම ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීම ඔස්සේ උත්සාහ කළේ අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය සඳහා එය ශක්තියක් කරගන්න. අපේ රටේ අධ්‍යාපනයට බෞද්ධ ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා උවමනා ශක්තිය එමගින් ලබා ගන්න පුළුවන්. එය සාර්ථක කරගන්නත් අපට බැරි වුණා. අප පාසලෙන් ලද අධ්‍යාපනය අපේ සංස්කෘතියට බුදු දහම පදනම් කරගත් හර පද්ධතියට ආගන්තුකයි. අලුත් පරම්පරාවේ හැසිරීමෙන් එය තහවුරු වෙනවා. 

ඒ බටහිර රටවල කාර්මික විප්ලවය ඇති වෙමින් පැවැති යුගය. එකල බටහිර නොයෙක් කාර්මික නිෂ්පාදන බිහි වෙනවා. නමුත් අපේ රටට කාර්මික අධ්‍යාපනය හඳුන්වා දෙන්න හෝ නව කර්මාන්ත හඳුන්වා දෙන්න සුදු පාලකයින් කිසිම අවස්ථාවක කටයුතු කළේ නෑ. ඔවුන් ලබා දුන්නේ අපේ රට දියුණුවට පදනමක් දමාගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනග ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ අඩු වියදමින් තමන්ගේ පාලන කටයුතු කරගෙන යන්න ස්වදේශික ලිපිකරු පිරිසක් බිහි කරගන්න විතරයි.

මේ අර්බුදය ධර්මපාලතුමා දකිනවා. ඒ නිසා තමයි, එතුමා මහාබෝධි අරමුදලින් යම් යම් කර්මාන්ත ඉගෙන ගන්න තරුණයින් ජපානය ඇතුළු විදෙස් රටවල පුහුණුවට යවන්නේ. අලියා ගිනි පෙට්ටි කර්මාන්තශාලාව පටන් ගන්නේ ධර්මපාලතුමා ඒ විදිහට පුහුණුව දුන් තරුණයෙක්. ලංකාවේ පළමු පේෂ කර්මාන්ත ආයතනය පටන් ගන්නේ ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් එතුමා උපන් ගෙදරමයි. ඒ වගේ ම රටේ ප්‍රභූන්ට ආරාධනා කරනවා තරුණයින්ට විදෙස් රටවලට ගිහින් කර්මාන්ත ඉගෙන ගන්න ආධාර කරන්න කියලා. එතුමා දැනගෙන හිටියා අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් යා යුතු මාර්ගය එයයි කියලා.

ඒ වගේ ම එතුමාට ලෝකය ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තිබුණා. චීන දරුවන් තාක්ෂණය සහ කර්මාන්ත ඉගෙන ගන්න ඇමරිකාවට යවන හැටි එතුමා දැක්කා. ඉන්දියාවේ ජපානයේ දරුවන්ට කර්මාන්ත උගන්වන අයුරු එතුමා දුටුවා. ඒ නිසායි, අපේ දරුවන් ඒ රටවලට යොමු කරලා කර්මාන්ත උගන්වන්න දිරිමත් කළේ. මහා චීනය යනුවෙන් ලිපියක් ලියමින් ධර්මපාලතුමා ප්‍රකාශ කළා, අබිං කන්න පුරුදු කළ චීන ජාතිය දැන් ඉන් මිදිලා දියුණුවේ මාවතට පිවිසිලා අවසන්, ඔවුන් නුදුරේ දීම දියුණු රාජ්‍යයක් වෙයි කියලා. අද චීනය එදා තමන් ගුරුහරුකම් ගත් ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වෙලා. මහා දුරදක්නා නුවණකින් කටයුතු කළ ධර්මපාලතුමා උත්සාහ කළේ අපේ රටත් ඒ මාර්ගයේ යවන්න.

ධර්මපාලතුමා කාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව අවධාරණය කළත් අපේ පාසල් අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ 2012 අවුරුද්දේ. ඒ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. අපේ විශ්වවිද්‍යාලවලට මේ විෂය හඳුන්වා දෙන්නේ 2014. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවුරුදු 100කට පස්සේ කළත් එය ඉතා ම ප්‍රගතිශීලි පියවරක්.

අපේ රට දියුණුව කරා මෙහෙය වන්න නම් මේ රටේ අධ්‍යාපනය තුළට නව චින්තනයක් ගෙන එන්න ඕන. ඒ සඳහා ධර්මපාලතුමා පෙන්වා දුන් අපේ සභ්‍යත්වය පදනම් කරගත් බෞද්ධ චින්තනය මිස වෙන විකල්ප නෑ. හැබැයි බොහෝ දෙනා මේ වචනෙට පවා කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මෙතෙක් එය කිසිවෙකුට කරගන්න බැරි වුණේ. ආගම කතෝලික හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් කුමක් වුවත් මේ රටේ සභ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබා දිය යුතුයි.

ධර්මපාලතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතික වීරයෙක්. එතුමා සිංහල ජාතියට දියුණු වෙන මාර්ගය පැහැදිලි කරන්න කතා නොකළ දෙයක් නෑ. කන බොන විදිහ අඳින පළඳින විදිහ විතරක් නෙමෙයි, වැසිකිළියට ගිහින් හෝද ගන්න හැටි පවා කියලා දුන්නා. නමුත් එතුමා ජාතික ව්‍යාපාරයෙන් නෙරපා හරින්න පිරිසක් නොයෙක් දේ කළා. ඒක අසාර්ථ වුණා ම එතුමා බෝධිසත්වයෙක් බවට පත් කරලා බුදු දහම ගලවා ගන්න පැමිණි ආගමික නායකයෙක් ලෙස සමාජගත කළා.

ගුණදාස අමරසේකර මහත්තයා අනගාරික ධර්මපාල මාස්ක්වාදී ද කියන කෘතිය ඔස්සේ මේ පිළිබඳ කතා කරන්න කලින් අපි වුණත් ධර්මපාලතුමා හඳුනා ගත්තේ ආගමික නායකයෙක් විදිහට. බහුතර සමාජයට අදත් එතුමාගේ සමාජ දේශපාලන සංස්කෘතික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.

බුද්ධිගලනය කියන්නේ අපේ උගත්තු මේ රටේ තත්ත්වයට අනුගත වෙලා ඒ දුෂ්කරතා විඳිමින් කටයුතු කරමින් වටු රැලක් වගේ රට ඉහළට ඔසවන්න සූදානම් නැති නිසා ඇති වෙන ප්‍රශ්නයක් නෙ. නියම බෞද්ධ හර පද්ධතිය තුළ හැදුණා නම් මේ විදිහට රට අතහැර ගොස් සැප හෝ නිදහස සෙවීමට අලුත් පරපුර පෙළඹෙන්නේ නෑ. මහාවංශයේ ගැමුණු කුමාරයාගේ කතාවේ පේළියක් පේළියක් ගාණේ අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. රට දුෂ්කර කාලයක් පසු කරද්දි අපි අපේ හර පද්ධතිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතු ආකාරය ගැමුණු කුමාරයාගේ චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තුළ පරපුරෙන් පරපුරට ඒ කුසලතා ගෙන ආවේ වංශකතා ජාතක කතා ඇතුළු කතාන්දර සම්ප්‍රදාය ඔස්සේ. අද දරුවන් විතරක් නෙමෙයි, ඒ දරුවන්ගේ දෙමාපියන් පවා මේ සම්ප්‍රදායෙන් ඈත් කරලා.

එකල මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ මිනිස්සු කෙතරම් අවිචාරවත් විදිහට පිටරට සංකර භාණ්ඩ සඳහා වියපැහැදම් කළ හැටි ධර්මපාලතුමා දකිනවා. සිංහල මිනිහාට සුද්දන්ගෙන් උගතයුතු බොහෝ දේවල් තිබුණත් සිංහලයා සුද්දාගෙන් ඉගෙන ගත්තේ සුද්දා වගේ අඳින්නයි, ඉංගිරිසි කතා කරන්නයි, අරක්කු බොන්නයි විතරයි කියලා එතුමා කර්කශ විදිහට කියනවා. ඉංගිරිසිකාරයෝ කර්මාන්ත කළාට සිංහලයෝ ඒවා ඉගෙන ගත්තේ නෑ.

ඉහළ මධ්‍යම පන්තිය අදත් ඒ විදිහට ම අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ නාස්තිකාර වියදම් කරනවා. සෙසු පිරිස පුළුවන් විදිහට ඔවුන් අනුකරණය කරමින් ඔවුන් පසුපස යනවා. අපි ධර්මපාලතුමා පෙන්වා දුන් මග ගියේ නෑ. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉහළ මධ්‍යම පන්තිය සංකර වියදම් නතර කළොත් අපට මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔවුන් අනුකරණය කරන පිරිසත් එතකොට ඒ මාවතේ යනවා. දේශපාලකයින්ට විතරක් බැනලා මේ අර්බුදයෙන් මිදෙන්න අපට බෑ. මේ සියල්ලට ම හේතුව අප ලද අධ්‍යාපනය පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් වීමයි.

ධර්මපාලතුමා වරක් කියනවා, අපි සියලු දෙනා මහායාන බෞද්ධයින් වගේ හැසිරිය යුතු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා. ශ්‍රාවකවාදය අනුව අපට ශ්‍රාවකයෙක් විදිහටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මහායානය අනුව සියලු දෙනා බෝධි සත්වයෝ. බෝධිසත්වයින් සියලු දෙනා බුදු වෙනවා. ඒ බෝධිසත්වයින්ට අනෙක් අයට උදව් කරමින් බුද්ධත්වයට පත්වීම කල් දමමින් සසරේ ඇවිදින්න පුළුවන්. ධර්මපාලතුමා කියන්නේ මහායාන බෝධිසත්වයින් වගේ අපි සියලු දෙනා අනික් අයට උදව් කරමින් ජනතාව දුප්පත්කමින් මුදාගත යුතුයි කියලා. මේ වෙලාවේ ධර්මාපාලතුමාගේ අධ්‍යාපන සහ ආර්ථික දැක්ම යාවත්කාලීන කරලා ඉදිරියට ගත්තොත් අද අපේ රට අද මුහුණ දෙන ආර්ථික අභියෝගය වෙස් වලා ගත් ආශීර්වාදයක් කරගන්න පුළුවන්.

සංවාද සටහන – නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions