11/27/2023

අපේ රටේ තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ධර්මපාලතුමාගේ දැක්ම

කතෘ:යුතුකම     11/27/2023   No comments

අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන – ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.

අනගාරික ධර්මපාලතුමා යටත්විජිත යුගයේ දියත් කළ අරගලය බුදු දහම නගා සිටුවීමේ ව්‍යාපාරයකට ලඝු කිරීම වැරදියි. ධර්මපාලතුමා බුදු දහම, අධ්‍යාපනය, ආර්ථිය, සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර සුවිශාල මතවාදී අරගලයක් දියත් කළා. ඒ සියල්ල ධර්මපාලතුමා දියත් කළ යටත්විජිත විරෝධී නිදහස් අරගලයේ එකිනෙකට බැඳුණු විවිධ මුහුණවර විදිහට හඳුනා ගැනීම වැදගත්.

ධර්මපාලතුමා නිදහස් අරගලය ක්‍රියාත්මක කරන සමය වන විට ඒ කියන්නේ 1908 පමණ වන විට ලංකාවේ ජනගහනය මිලියන 40යි. ඒ අවුරුද්දේ රජයේ සමස්ත ආදායම රු. 35,572,849 වුණත් අධ්‍යාපනය සඳහා වෙන් කළේ රු. 761 000ක් හෙවත් 2.1%ක් විතරයි.  එහෙත් එංගලන්ත ආණ්ඩුවට ලොව පුරා යුද්ධ කරන්න එම වසරේ දී අපේ රටෙන් රු. ලක්ෂ 19ක් අපේ මුදල් ලබා දී තිබෙනවා. රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් සඳහා ලක්ෂ 19ක් වැය කර තිබෙනවා. එදා අපේ රටේ අධ්‍යාපනය ලැබිය යුතු පිරිස මිලියන 16ක් වුණත් ඒ අතරින් ස්වදේශික (14%) සහ ඉංගිරිසි පාඨශාලා (16.25%)  අධ්‍යාපනය ලැබුවේ සියයට තිහක් වගේ සුළු පිරිසක් විතරයි. සුදු ආණ්ඩුව අපට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මෙමගින් හොඳට පේනවා. එයත් අපේ රටට ගැළපෙන අධ්‍යාපනයක් නොවන බව ධර්මපාලතුමා අවබෝධ කරගෙන හිටියා.

රටේ සියලු පන්සල් ආශ්‍රිතව එදා පැවැති අධ්‍යාපන ක්‍රමය යටත්විජිතවාදීන් 1870 දී තහනම් කරනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තහනම් කරලා ඒ වෙනුවට අපේ සංස්කෘති උරුමයෙන් සංස්කෘතික විඥානයෙන් සම්පූර්ණයෙන් වියුක්ත වූ බටහිර ගැති අධ්‍යාපනයක් තමයි, ඉංගිරිසි ආණ්ඩුව එකල ලබා දුන්නේ. අපේ ඉතිහාසය වෙනුවට අපට ඉගැන්නුවේ ඉංගිරිසි ඉතිහාසය.

යටත්විජිතවාදීන් මේ රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ධර්මපාලතුමා හැඳින්නුවේ ස්ථීර පදනමක් නැති අවජාතක නැත්නම් තුප්පහි අධ්‍යාපන ක්‍රමයක් කියලා. තුප්පහි කීවේ hybrid එහෙම නැත්නම් දෙමුහුන් කියන අර්ථයෙන්. දෙමුහුන් කොටලුවෙකුට පරපුරක් ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේ ම දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට සංස්කෘතියක් පෝෂණය කරමින් ඉදිරියට අරන් යන්න බෑ කියලා ධර්මපාලතුමා අවබෝධ කරගත්තා.

එකල අපේ රටේ ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් සහ නීතීඥයින් වීමේ අභිලාෂයෙන්. ධර්මපාලතුමා කියනවා, රටේ සෙසු සමාජ කණ්ඩායම් විසින් අනුකරණය කරන ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගන්නේ වෛද්‍යවරුන් නීතීඥයින් වෙන්න නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ කියලා. කලහකාරයින්ගේ සල්ලි නීතීඥයින්ගේ සාක්කුවටත් ලෙඩ්ඩුන්ගේ සල්ලි දොස්තලගේ සාක්කුවලටත් යනවා. ඒ සල්ලි නැවත ආයෝජන විදිහට රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නෑ. මේ බව එදා ධර්මපාලතුමා දැක්කා.

අපට රටක් විදිහට දියුණු වෙන්න නම් අප තුළ ජාතික විඥානයක් දේශප්‍රේමීත්වයක් ගොඩනැගිය යුතු වුවත් එදා පැවැති අධ්‍යාපන ක්‍රමය තුළ ඒ කිසිවක් නොවන බවට ධර්මපාලතුමා තර්ක කළා. එතුමා කෝට්ටේ මිෂනාරි පාසලේ ඉගෙනීම කරද්දි ධර්මපාලතුමා ගුරුවරු අරක්කු පානය කළ හැටි, කුරුල්ලන් දඩයම් කළ හැටි දකිනවා. එතුමාට තෙරුවන් නමදින්න ඉඩ නොදී බලහත්කාරයෙන් පල්ලියට අරන් යනවා. එතුමා මේ සියල්ල  දකින්නේ ළමා මනස දූෂණය කිරීමක් විදිහට. නිවසේ අභාසයත් සමග එතුමාට ඒ බලපෑමෙන් මිදීමේ භාග්‍යය ලැබුණත් අති බහුතරයකට එම හැකියාව නැති බව එතුමා දුටුවා.

සුද්දාගේ ආණ්ඩුව මෙතෙක් කල් තිබුණා නම් එහෙම කියන අයට වගේ ම ඔවුන්ගේ මාපියන්ටත් කිසිදා පාසලක් නොදුටු නූගත් වහලුන් විදිහට තමයි, මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි දැක්කා ගාලු මුවදොර තරුණ පිරිසක් අරගලය වෙලාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ඇස් වහනවා. ඔවුන් කීවේ ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීමෙන් බණ්ඩාරනායක මහත්තයා වරදක් කළා කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ, 1956 වෙද්දී මේ රටේ ඉංගිරිසි දැනගෙන හිටියේ 11%යි කියලා. මේ අතරින් 4%ක් සිංහල, 7%ක් දෙමළ. එවැනි පසුබිමක සිංහල භාෂා පනත සහ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙන ආවේ නැත්නම් මේ රටේ බහුතරයකට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නෑ.

ඒ සමග තමයි, නිදහස් අධ්‍යාපනය ගම් දනව් පුරා පැතිර ගියේ. අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද සහ ගනඳුරු මැදියම දකිනෙමි අරුනළු කියන කෘතිවල ගුණදාස අමරසේකර මහත්තයා පෙන්වා දෙනවා, ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය 1925 පමණ වන විට එතුමාගෙන් ගිලිහී ගොස් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරය.  ඒ පිරිස තමයි, අනතුරුව මේ රටේ ආණ්ඩුව භාර ගත්තේ. ධර්මාපලතුමා දැල්වූ ජාතික විඥානය 56 මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණා කීවොත් නිවැරදියි.

බෞද්ධ අරමුදලට ආධාර එකතු කරන්න ලංකාවට පැමිණි ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක ලෙස ධර්මපාලතුමාට රට පුරා චාරිකාවේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. සිංහලයා අසීමිත ලෙස දුප්පත්භාවයේ ගිලි ඇති ආකාරයත් බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්ව ඇති ආකාරයත් ධර්මපාලතුමාට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව එහි දී ලැබෙනවා.

සියවස් ගණනක් ස්වයංපෝෂිතව පැවැති රටක් මේ විදිහට පරිහානියට පත්වීම එතුමාගේ කම්පාවට හේතු වෙනවා. මේ දුප්පත්කමින් මිදීමේ මාර්ගය විදිහට එතුමා දැක්කේ බුදු දහම අනුව ජීවත් වීම සහ කර්මාන්ත දියුණු කිරීම. ඒ නිසා තමයි, සෑම ගමක ම තිබෙන පන්සලේ පුස්තකාලයක් සහ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා එතුමා යෝජනා කළේ.

එතුමා ලෝකය පුරා බුදු දහම ප්‍රචාරය කිරීම ඔස්සේ වගේ ම ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීම ඔස්සේ උත්සාහ කළේ අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය සඳහා එය ශක්තියක් කරගන්න. අපේ රටේ අධ්‍යාපනයට බෞද්ධ ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා උවමනා ශක්තිය එමගින් ලබා ගන්න පුළුවන්. එය සාර්ථක කරගන්නත් අපට බැරි වුණා. අප පාසලෙන් ලද අධ්‍යාපනය අපේ සංස්කෘතියට බුදු දහම පදනම් කරගත් හර පද්ධතියට ආගන්තුකයි. අලුත් පරම්පරාවේ හැසිරීමෙන් එය තහවුරු වෙනවා. 

ඒ බටහිර රටවල කාර්මික විප්ලවය ඇති වෙමින් පැවැති යුගය. එකල බටහිර නොයෙක් කාර්මික නිෂ්පාදන බිහි වෙනවා. නමුත් අපේ රටට කාර්මික අධ්‍යාපනය හඳුන්වා දෙන්න හෝ නව කර්මාන්ත හඳුන්වා දෙන්න සුදු පාලකයින් කිසිම අවස්ථාවක කටයුතු කළේ නෑ. ඔවුන් ලබා දුන්නේ අපේ රට දියුණුවට පදනමක් දමාගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනග ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ අඩු වියදමින් තමන්ගේ පාලන කටයුතු කරගෙන යන්න ස්වදේශික ලිපිකරු පිරිසක් බිහි කරගන්න විතරයි.

මේ අර්බුදය ධර්මපාලතුමා දකිනවා. ඒ නිසා තමයි, එතුමා මහාබෝධි අරමුදලින් යම් යම් කර්මාන්ත ඉගෙන ගන්න තරුණයින් ජපානය ඇතුළු විදෙස් රටවල පුහුණුවට යවන්නේ. අලියා ගිනි පෙට්ටි කර්මාන්තශාලාව පටන් ගන්නේ ධර්මපාලතුමා ඒ විදිහට පුහුණුව දුන් තරුණයෙක්. ලංකාවේ පළමු පේෂ කර්මාන්ත ආයතනය පටන් ගන්නේ ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් එතුමා උපන් ගෙදරමයි. ඒ වගේ ම රටේ ප්‍රභූන්ට ආරාධනා කරනවා තරුණයින්ට විදෙස් රටවලට ගිහින් කර්මාන්ත ඉගෙන ගන්න ආධාර කරන්න කියලා. එතුමා දැනගෙන හිටියා අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් යා යුතු මාර්ගය එයයි කියලා.

ඒ වගේ ම එතුමාට ලෝකය ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තිබුණා. චීන දරුවන් තාක්ෂණය සහ කර්මාන්ත ඉගෙන ගන්න ඇමරිකාවට යවන හැටි එතුමා දැක්කා. ඉන්දියාවේ ජපානයේ දරුවන්ට කර්මාන්ත උගන්වන අයුරු එතුමා දුටුවා. ඒ නිසායි, අපේ දරුවන් ඒ රටවලට යොමු කරලා කර්මාන්ත උගන්වන්න දිරිමත් කළේ. මහා චීනය යනුවෙන් ලිපියක් ලියමින් ධර්මපාලතුමා ප්‍රකාශ කළා, අබිං කන්න පුරුදු කළ චීන ජාතිය දැන් ඉන් මිදිලා දියුණුවේ මාවතට පිවිසිලා අවසන්, ඔවුන් නුදුරේ දීම දියුණු රාජ්‍යයක් වෙයි කියලා. අද චීනය එදා තමන් ගුරුහරුකම් ගත් ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වෙලා. මහා දුරදක්නා නුවණකින් කටයුතු කළ ධර්මපාලතුමා උත්සාහ කළේ අපේ රටත් ඒ මාර්ගයේ යවන්න.

ධර්මපාලතුමා කාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව අවධාරණය කළත් අපේ පාසල් අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ 2012 අවුරුද්දේ. ඒ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. අපේ විශ්වවිද්‍යාලවලට මේ විෂය හඳුන්වා දෙන්නේ 2014. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවුරුදු 100කට පස්සේ කළත් එය ඉතා ම ප්‍රගතිශීලි පියවරක්.

අපේ රට දියුණුව කරා මෙහෙය වන්න නම් මේ රටේ අධ්‍යාපනය තුළට නව චින්තනයක් ගෙන එන්න ඕන. ඒ සඳහා ධර්මපාලතුමා පෙන්වා දුන් අපේ සභ්‍යත්වය පදනම් කරගත් බෞද්ධ චින්තනය මිස වෙන විකල්ප නෑ. හැබැයි බොහෝ දෙනා මේ වචනෙට පවා කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මෙතෙක් එය කිසිවෙකුට කරගන්න බැරි වුණේ. ආගම කතෝලික හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් කුමක් වුවත් මේ රටේ සභ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබා දිය යුතුයි.

ධර්මපාලතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතික වීරයෙක්. එතුමා සිංහල ජාතියට දියුණු වෙන මාර්ගය පැහැදිලි කරන්න කතා නොකළ දෙයක් නෑ. කන බොන විදිහ අඳින පළඳින විදිහ විතරක් නෙමෙයි, වැසිකිළියට ගිහින් හෝද ගන්න හැටි පවා කියලා දුන්නා. නමුත් එතුමා ජාතික ව්‍යාපාරයෙන් නෙරපා හරින්න පිරිසක් නොයෙක් දේ කළා. ඒක අසාර්ථ වුණා ම එතුමා බෝධිසත්වයෙක් බවට පත් කරලා බුදු දහම ගලවා ගන්න පැමිණි ආගමික නායකයෙක් ලෙස සමාජගත කළා.

ගුණදාස අමරසේකර මහත්තයා අනගාරික ධර්මපාල මාස්ක්වාදී ද කියන කෘතිය ඔස්සේ මේ පිළිබඳ කතා කරන්න කලින් අපි වුණත් ධර්මපාලතුමා හඳුනා ගත්තේ ආගමික නායකයෙක් විදිහට. බහුතර සමාජයට අදත් එතුමාගේ සමාජ දේශපාලන සංස්කෘතික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.

බුද්ධිගලනය කියන්නේ අපේ උගත්තු මේ රටේ තත්ත්වයට අනුගත වෙලා ඒ දුෂ්කරතා විඳිමින් කටයුතු කරමින් වටු රැලක් වගේ රට ඉහළට ඔසවන්න සූදානම් නැති නිසා ඇති වෙන ප්‍රශ්නයක් නෙ. නියම බෞද්ධ හර පද්ධතිය තුළ හැදුණා නම් මේ විදිහට රට අතහැර ගොස් සැප හෝ නිදහස සෙවීමට අලුත් පරපුර පෙළඹෙන්නේ නෑ. මහාවංශයේ ගැමුණු කුමාරයාගේ කතාවේ පේළියක් පේළියක් ගාණේ අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. රට දුෂ්කර කාලයක් පසු කරද්දි අපි අපේ හර පද්ධතිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතු ආකාරය ගැමුණු කුමාරයාගේ චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තුළ පරපුරෙන් පරපුරට ඒ කුසලතා ගෙන ආවේ වංශකතා ජාතක කතා ඇතුළු කතාන්දර සම්ප්‍රදාය ඔස්සේ. අද දරුවන් විතරක් නෙමෙයි, ඒ දරුවන්ගේ දෙමාපියන් පවා මේ සම්ප්‍රදායෙන් ඈත් කරලා.

එකල මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ මිනිස්සු කෙතරම් අවිචාරවත් විදිහට පිටරට සංකර භාණ්ඩ සඳහා වියපැහැදම් කළ හැටි ධර්මපාලතුමා දකිනවා. සිංහල මිනිහාට සුද්දන්ගෙන් උගතයුතු බොහෝ දේවල් තිබුණත් සිංහලයා සුද්දාගෙන් ඉගෙන ගත්තේ සුද්දා වගේ අඳින්නයි, ඉංගිරිසි කතා කරන්නයි, අරක්කු බොන්නයි විතරයි කියලා එතුමා කර්කශ විදිහට කියනවා. ඉංගිරිසිකාරයෝ කර්මාන්ත කළාට සිංහලයෝ ඒවා ඉගෙන ගත්තේ නෑ.

ඉහළ මධ්‍යම පන්තිය අදත් ඒ විදිහට ම අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ නාස්තිකාර වියදම් කරනවා. සෙසු පිරිස පුළුවන් විදිහට ඔවුන් අනුකරණය කරමින් ඔවුන් පසුපස යනවා. අපි ධර්මපාලතුමා පෙන්වා දුන් මග ගියේ නෑ. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉහළ මධ්‍යම පන්තිය සංකර වියදම් නතර කළොත් අපට මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔවුන් අනුකරණය කරන පිරිසත් එතකොට ඒ මාවතේ යනවා. දේශපාලකයින්ට විතරක් බැනලා මේ අර්බුදයෙන් මිදෙන්න අපට බෑ. මේ සියල්ලට ම හේතුව අප ලද අධ්‍යාපනය පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් වීමයි.

ධර්මපාලතුමා වරක් කියනවා, අපි සියලු දෙනා මහායාන බෞද්ධයින් වගේ හැසිරිය යුතු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා. ශ්‍රාවකවාදය අනුව අපට ශ්‍රාවකයෙක් විදිහටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මහායානය අනුව සියලු දෙනා බෝධි සත්වයෝ. බෝධිසත්වයින් සියලු දෙනා බුදු වෙනවා. ඒ බෝධිසත්වයින්ට අනෙක් අයට උදව් කරමින් බුද්ධත්වයට පත්වීම කල් දමමින් සසරේ ඇවිදින්න පුළුවන්. ධර්මපාලතුමා කියන්නේ මහායාන බෝධිසත්වයින් වගේ අපි සියලු දෙනා අනික් අයට උදව් කරමින් ජනතාව දුප්පත්කමින් මුදාගත යුතුයි කියලා. මේ වෙලාවේ ධර්මාපාලතුමාගේ අධ්‍යාපන සහ ආර්ථික දැක්ම යාවත්කාලීන කරලා ඉදිරියට ගත්තොත් අද අපේ රට අද මුහුණ දෙන ආර්ථික අභියෝගය වෙස් වලා ගත් ආශීර්වාදයක් කරගන්න පුළුවන්.

සංවාද සටහන – නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook
https://www.facebook.com/yuthukama

11/12/2023

නවකතාවෙන් දේශපාලනය ලියන්න බෑ කියන්නෙ විශාල දුර්මතයක් – ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     11/12/2023   No comments
ගුණදාස අමරසේකර වූ කලී සිංහල සාහිත්‍යයේ වඩාත්ම විප්ලවවාදී සහ කතාබහට ලක් වූ ලේඛකයාය. එක්දහස් නවසිය පනහේ දශකයේ මුල සාහිත්‍යකරණයට පිවිස තවමත් සාහිත කලා ජීවය නොසිඳී තරුණ ජවයෙන් ලියන ඔහු සිංහල ප්‍රබන්ධයේ කඩඉම් කෘති රැසක් බිහි කර ඇත. ‘කරුමක්කාරයෝ’, ‘දෙපා නොලද්දෝ’, ‘යළි උපන්නෙමි’ වැනි නවකතා, ‘ජීවන සුවඳ’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’, ‘පිළිම ලොවයි පියෙවි ලොවයි’, ‘විල්තෙර මරණය’ වැනි කෙටිකතා සංග්‍රහ ඊට නිදසුන්ය. සිය 90 වෙනි වයස් කඩඉමේදී ඔහු ලියූ ‘සංක්‍රාන්ති සමයක’ නවකතාව විස්මයාවහ කලාත්මකභාවයකින් යුතු වන අතර නොබෝදා ඔහු තවත් නවකතාවක් එළිදැක්වීය. ඒ, ‘මහගෙදර’ ය. මේ සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඔහුගේ එම අවසන් නවකතා ද්වය පාදක කරගෙන වුවත් ඊට ආසන්න තවත් හේතුවක් තිබේ. ඒ, ඔහු 94 වෙනි වියට පා තැබීමය. සැබැවින්ම අද (12 වෙනිදා) ඔහුගේ 94 වෙනි උපන්දිනයයි. අප ඔහුට සුබ උපන්දිනයක් පතන අතර මේ අප ඔහු හා කළ සංවාදයයි:

ඔබේ අලුත් නවකතාව ‘මහගෙදර’ ආරම්භ වන්නේ ඔබේ ගාල්ලේ යටලමත්තේ තිබූ මහගෙදර ඔබට අහිමි වීම පිළිබඳ කතාන්දරයෙන්. මා දන්නා විධියට යටලමත්තේ නිවස ඔබේ ඥාතීන් විසින් විකුණා තිබෙන්නේ දැනට වසර දහයකට පහළොවකට පමණ පෙර. එවැනි අතීත සිදුවීමක් ඔබ මේ මොහොතේ කරළියට ගත්තේ ඇයි?

ඇත්ත වශයෙන් මට ඕන වුණේ මහගෙදර එක්තරා සංකේතයක් වශයෙන් අරගන්න. ඒ කිව්වෙ පහුගිය කාලය තුළ මේ රටට වෙච්ච විනාශය මහගෙදරට සිදු වූ අකරතැබ්බ ඇසුරෙන් කථා කරන්න. මහගෙදර ගොඩනඟලා එහි මුලින්ම පදිංචි වෙලා තියෙන්නෙ මේ රටට, සංස්කෘතියට ආදරය කළ එහි උරුමක්කාරයො කොටසක්. ඒ කිව්වෙ වෙල්ලස්ස කැරැල්ල නිසා එහෙන් මෙහෙට පැනලා ආ මයිල් රාවණා ඇතුළු පිරිසක්. ඒ මුල් පරම්පරාවෙන් පස්සෙ මහගෙදර දේශපාලනඥයො අතට ගියා. මුලින්ම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට. ඊළඟට එක්සත් ජාතික පක්ෂය අතට. ඊට පස්සෙ ජේවීපී එකත් ඒකට සම්බන්ධ වුණා. කථානායකයාගේ අයියා මහගෙදර ඇතුළෙ මුලින්ම අනගාරික ධර්මපාලතුමාගේ පිංතූරය අලවනවා. ඊළඟට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ පිංතූරය අලවනවා. ඊළඟට ඩඩ්ලි සේනානායකගේ පිංතූරය අලවනවා. ඒවගේම එය ජේවීපී පක්ෂ කාර්යාලයකුත් වෙනවා. මේ විධියට මහගෙදර දේශපාලනඥයන්ගේ මධ්‍යස්ථානයක් වෙනවා. ඉතින් මහගෙදරින් සංකේතවත් වෙන්නෙ අපේ රටට අත්වූ ඉරණම. මට කියන්න ඕන වුණේ සභ්‍යත්වයේ සංකේතයක් විධියට පටන්ගත්තු මහගෙදර අන්තිමේ එන්ජීඕකාරයන්ගේයි නොයෙකුත් විජාතික, රටට එරෙහි ආගමික බලවේගවලයි – මෙහිදී බෝන් අගේන් සංවිධානයේ – තිප්පළක් බවට පත් වෙලා ඒ මුල් සභ්‍යත්වය විනාශ වන අයුරුයි.

මහගෙදර කතාන්දරයේ ඔබේ මහගෙදර කතාවත් ඒ විධියටම කියවෙනවාද?

සෑහෙන දුරට කියවෙනවා. අපේ මහගෙදරත් ජර්මන්කාරයෙක් සල්ලිවලට අරගෙන තිබුණා. මං ගෙදරට ගිය වෙලාවේ දැක්කා ඔහු එහි එන්ජීඕ එකක් කරගෙන යනවා. නවකතාවේ කියවෙන්නෙ ජර්මන්කාරයා ලෝක කපටියෙක් විධියට. ඔහු නියම එන්ජීඕකාරයෙක්. ඔහුගෙන් පස්සෙ මහගේ තවත් එන්ජීඕ නඩයකට ගියා. එහිදී තමයි ඒක බෝන් අගේන්ලාගේ එසෙම්බ්ලී ඔෆ් ගෝඩ්වල (දෙවියන්ගේ හමුවේ) රැස්වීම් පොළක් බවට පත් වෙන්නෙ. මං දකින විධියට මේ නවකතාවේ වැදගත්කම මගේ මහගෙදර කතාව නෙවෙයි, මහගෙදරින් සංකේතවත් වන පුළුල් සමාජ දේශපාලන කතාන්දරයයි. එය පුළුල් අරුතින් වටහා නොගත්තොත් නවකතාවෙන් ඇති වැඩක් නැහැ.

නවකතාව අවසානයේ ඔබ කෙළින්ම කියනවා “…. ‘අපේ මහගෙදරට වුණු දේම නේද අපේ රටටත් වෙන්න යන්නෙ?”’ කියල.

ඇත්ත වශයෙන් එහෙම ඍජුව කියන්න ඕන නෑ. මොකද නවකතාව කියවද්දි පාඨකයාට තේරෙන්න ඕන මේක මහගෙදර ගැන කතාව නෙවෙයි, රටට, ජාතියට සිද්ධ වූ විපත කියල. මං ඒක නවකතාවේ කෙළින්ම සඳහන් කළේ හුඟක් පාඨකයන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් දේවල් තේරෙන්නෙ නැති නිසයි.

මෙහි කතානායකයා කිසියම් දුරට නිරීක්ෂකයෙක්. ඔහු නවකතාවේ අගට යනකන් මැදිහත්ව ඉන්නවා. පැත්තක් ගන්නෙ නෑ. ඔහු පිටරට ගොස් ආචාර්ය උපාධියකුත් ලබනවා. නම දාස. ඒත් කතාව අවසානයේ ඔහු එක් දේශපාලන දහමකට අනුගත වෙනවා. එම චරිතයෙන් ඔබේ චරිතයත් යම්තාක් කියවෙන බව පේනවා.

කතානායකයා ඇත්තටම වෙල්ලස්සෙන් ආ පරපුරෙන් අන්තිමට බිහි වන පුද්ගලයා. ඔහු නිරීක්ෂකයකු වගේ පෙනුණා වුණත් ඔහු හසුරුවනු ලබන්නේ මේ රටේ සභ්‍යත්ව උරුමය විසින්. මගේ චරිතය, මගේ දර්ශනය ඉන් එළියට ඒම වළක්වන්න බෑ. මාත් මුලදි පේරාදෙණි සාහිත්‍යයේ අනුගාමිකයෙක් වෙනවානෙ. එතකොට මේ කියන දාසගේ චරිතය ගොඩනැඟෙන්න මගේ පෞද්ගලික ජීවිතයත් බලපාන්න ඇති. හැබැයි ඒක මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි.

මෙහි තවත් වැදගත් චරිතයක් තිබෙනවා. ඒ, මහාචාර්ය මාරසිංහ චරිතය. එය කතානායකයාට පරස්පර චරිතයක්. රටට, ජාතිකත්වයට එරෙහි එන්ජීඕ කප්පිත්තෙක්. ඔහු බලන්නෙ කතානායකයා වන දාසවත් ඔහුගේ පැත්තට හරවා ගන්න. දාසට ඇමෙරිකාවට යන්න ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබෙන්නෙත් ඒ නිසයි. ඔහුත් මුලදී මහාචාර්ය මාරසිංහගේ අනුගාමිකයෙක් වෙනවා. ඒත් ඇමෙරිකාවේදී ඔහුට වැඩ කරන්න සිදු වන ආචාර්ය නිව්මන්ගේ ක්‍රියාකලාපයෙන් ඔහුගේ ඇස් පෑදෙනවා. ඔහු හසු වී ඇති උගුල ඔහුට තේරුම් යනවා. ඉතින් අවසානයේ ඔහු ඔහුගේ ග්‍රහණයෙන් මිදෙනවා. නවකතාවේ තේමාව ඔවුන් දෙදෙනා අතර මතු වන ආධ්‍යාත්මික ගැටුමයි. ඒත් ගැටුම අවසානයේ සභ්‍යත්ව දෙකක් අතර ගැටුමකුයි ඉදිරිපත් වෙන්නෙ.

අපේ උරුමය විනාශ කරන්න ඉස්සරත් ව්‍යාපාර පැවතුණා. අදත් පවතිනවා. නවකතාවේ එන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ‘ෆ්‍රයිඩේ ෆෝරම්’ ව්‍යාපාරයත් එහෙම එකක්. ඒවා සංවිධානය කරන මිනිසුන්ට කිසි සභ්‍යත්ව උරුමයක් නැහැ. බෞද්ධ සභ්‍යත්වයෙන් වියෝ වූ ඔවුන්ට ඕන කරන්නෙ අපේ අතීත උරුමය විනාශ කරන්න. මහාචාර්ය මාරසිංහ චරිතය පෙනී ඉන්නෙ ඒ වෙනුවෙන්. ඔවුන් කියනවා මහාවංශය පල්බොරුවක්ය, ඒක අලුතින් ලියන්න ඕනය කියල. ඔවුන් මාර්ටින් වික්‍රමසිංහටත් පහර දෙනවා ඔහු නැති දේවල් ඔළුවෙ තියාගෙන ඇත්ත කියල බොරුවක් පෙන්නලා දුන්නා කියල. මේ විජාතික බලවේගයට රට වගේම මහගෙදරත් ගොදුරු වෙන සැටියි නවකතාවෙන් මං කියන්න උත්සාහ ගත්තෙ.

නවකතාව තුළ දාසගේ අයියාගේ චරිතයත් හුඟක් කියවෙනවා. එම චරිතය නිමවන්න ඔබේම අයියා කොච්චර බලපෑවාද?

අපේ අයියා නවකතාවේ එන චරිතයට හුඟක් දුරට සමීපයි. ඔහු මුල් අවදියේ මුළුමනින් ශ්‍රී ලංකාකාරයෙක්. ඉස්කෝලෙ යන කාලෙම ඔහු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට ලියුමකුත් යවපු බණ්ඩාරනායක වාදියෙක්. ඔහු ලොකු තැනකින් විවාහ වුණේ. විවාහයෙන් පස්සෙ එහෙම පිටින්ම එක්සත් ජාතික පක්ෂයට හැරුණා. නවකතාවේ කියවෙනවානෙ ඔහු මුලදි ගෙදර අනගාරික ධර්මපාලතුමාගේ පිංතූරයක් ගසාගෙන පස්සෙ එතන බණ්ඩාරනායකගේ පිංතූරයක් ගසනවා කියල. ඒවගේම ඊටත් පස්සෙ ඩඩ්ලි සේනානායකගේ පිංතූරයක් ගසනවා. මේ සිද්ධි සෑහෙන දුරට ඇත්ත ඒවා.

ඔබ නවකතාකරණයේදී ඇතැම් තැන සැබෑ පුද්ගලයන්ගේ නම්, ගම් එහෙමම පාවිච්චි කරනවා. ඒවා නිර්දය විවේචන. ‘මහගෙදර’ නවකතාවේත් එවැනි දේ එනවා. උදාහරණයකට ඔබ මහාචාර්ය ගණනාථ ඔබේසේකර ගැන කරන සඳහන් කිරීම් නිර්දය විවේචනයක්. නවකතාකරණය මෙසේ වූ විට එය රසවින්දනයට බාධාවක් නැද්ද? ඒවගේම කතුවරයා විධියට ඔබට එරෙහිව නඩු හබ වැටෙන්න බැරිද?

නවකතාවක් ලියද්දි සැබෑව ඒ විධියටම ලියන්න බෑ. සැබෑවට වෙන දේවල් කිසියම් දුරකට සඟවලායි කියන්න ඕන. ඒත් ප්‍රසිද්ධ කාරණා එහිදී සඳහන් කරන්න බෑ. ඔබේසේකර ගැන විවේචනය වුණත් එහෙමයි. එතනදි කාටවත් ද්වේශසහගතව පහර දෙන්න මට ඕන වුණේ නෑ. මං කියන්නෙ පිළිගත් සත්‍යයක්. එතනදි ලේඛකයා නිර්භය වෙන්න ඕන.

මං පහුගිය කාලෙ ලියපු දේවල් ගැන තියෙන පොදු චෝදනාවක් තමයි මගේ පොත්වල දේශපාලනය වැඩියි කියල. ඒත් මං කියන්නෙ දේශපාලනය නොලිය යුතුයි යන්න අපේ සාහිත්‍යකරුවන්ගේ ඔළුවලට දාපු සාවද්‍ය අදහසක් කියල. මාර්ටින් වික්‍රමසිංහ වුණත් සම්පූර්ණයෙන් දේශපාලන ප්‍රශ්නවලට මැදිහත් වෙලා ලිව්වෙ නැහැ. ඔහු දේශපාලනය ගැන ලියන්නෙ වටින් පිටින්. ‘ගම්පෙරළියේත්’ යම්තාක් දුරකට එහෙමයි. දැන් ‘යුගාන්තය’ යුගයක අන්තයක් කියල කිව්වාට එහි යුගාන්තයක් වෙනවා කියල එච්චර පේන්නෙ නෑ. මං හිතන්නෙ දේශපාලනය ලියන එක මඟහැරීම අපේ සාහිත්‍යකරුවන්ගේ දුර්වලකමක්. මිනිහා කියන්නෙ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් තියෙන්න බෑ.

ඔබ නවකතාව අර්ථකථනය කරන්නේ එය දේශපාලනයේ උත්තර සංවාදයක් කියල.

නොබෙල් තෑග්ග දිනූ රුසියානු ලේඛකයෙකු වන ඇලෙක්සැන්ඩර් සෝල්සිනෙට්සීන් කියනවා ශ්‍රේෂ්ඨ නවකතාකාරයා කියන්නෙ රටක් ඇතුළෙ තියෙන තවත් රාජ්‍යයක් කියල (Novelist is a state within a state). A state within a state වෙන්න නම් ඔහු දේශපාලනය ගැන ලියන්න ඕන. අපේ වෙලා තියෙන්නෙ අපි විවේචනය කරන්න බයයි. වරප්‍රසාද බුක්ති විඳින්න නම් අපි බලයේ ඉන්න පක්ෂය සතුටු කරන්න බලනවා. පේරාදෙණි සාහිත්‍යයත් කියා සිටියේ දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් ගැනනෙ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ දුර්මතය මඟහැරගන්න ඕන.

ඔබ සරච්චන්ද්‍රයන්ගේ ‘කල්පනා ලෝකය’ ප්‍රතික්ෂේප කරනවා?

ඔව්. කල්පනා ලෝකය කියන්නෙ පල් බොරුවක්. සාහිත්‍යයෙන් දෙන්න ඕන සමාජ දේශපාලනය ගැන ප්‍රබල චිත්‍රයක්. එහෙම නැතුව කල්පිතයක් නෙවෙයි.

සාහිත්‍යය කියවන්නේ රසික සමාජයක්. රසිකයන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වෙනස්. ඔබ නවකතාව සමාජ දේශපාලන විචාරයක් කළ විට ඒ රසිකයන්ට අත් වන්නේ කුමක්ද? රසිකයන් ඉල්ලන්නේ කල්පනා ලෝකයක් ඔස්සේ රස වින්දනයෙන් ලබන අවබෝධයක්.

කල්පනා ලෝකයෙන් මවන රසිකත්වයෙන් ඇති වැඩක් නෑ. රසිකත්වයට සමාජ දේශපාලන යථාර්ථය අහු වෙන්නෙ නැත්නම් ඒක වැඩක් නෑ. සරච්චන්ද්‍ර මහතා ගෙනාපු කල්පනා ලෝකවාදය මං දකින්නෙ නවකතාව ගැන සම්පූර්ණ වැරදි අදහසක්. නවකතාවක් කියන්නෙ කලාත්මකව ඉදිරිපත් කළ සමාජ දේශපාලන චිත්‍රයක්. දැන් ‘විරාගය’ නවකතාවේ පවා ඒ සමාජ දේශපාලන දර්ශනය වැඩිය පේන්නෙ නෑ. ඒක මතු කරලා තියෙන්නෙ එක්තරා විධියක ප්‍රේම කතාවක් වගේ. ඒත් තිස්ස අබේසේකරගේ ‘විරාගය’ චිත්‍රපටයේ නවකතාවේ එන දුර්වලතාව නෑ. එහි අරවින්ද චරිතය සමාජ දේශපාලන සත්ත්වයෙක් විදියට නිරූපණය වෙනවා.

කලාව අපි හඳුනාගන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යන මාධ්‍යයක් විධියට. කලාවෙන් ඍජු සමාජ දේශපාලන විග්‍රහයක් කළොත් ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකිද?

කලාවේ ආනන්දය තියෙන්න ඕන. ඒත් ඒක තියෙන්න ඕන ප්‍රඥාව මුල් කරගෙන. ආනන්දය කියන්නෙ සුරංගනා ලෝකයක් නෙවෙයි. කලාවේ ආනන්දය එන්න ඕන සමාජ දේශපාලන චිත්‍රය තුළින්. ඒ සමාජ දේශපාලන චිත්‍රයෙන් නොඑන කලාවෙන් ඇති වැඩක් නෑ. මොකද එහෙම චිත්‍රයකින් ආවොත් තමයි ප්‍රඥාව ලැබෙන්නෙ. දැන් සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා දෙකම නවකතා නෙවෙයි. ඒවායේ ආනන්දය එනවා. ඒත් ප්‍රඥාව එන්නෙ නෑ.

නවකතාව ජීවිතාවලෝකනයකුත් වෙනවා.

ඔව්. ඒත් ජීවිතාවලෝකනයක් එන්න නම් පුද්ගලයා සමාජයේ ප්‍රතිඵලයක් විධියට දකින්න ඕන. පුද්ගලයා සමාජයෙන් ඈත් වෙලයි ‘මළගිය ඇත්තෝ’ සහ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවල ඉදිරිපත් වෙන්නෙ. ‘විරාගයේත්’ ඒ ගතිය යම්තාක් දුරකට තියෙනවා. එතකොට එම කෘතිවලින් ජීවිතාවලෝකනයක් වෙන්නෙ නෑ. ඒත් ‘ගම්පෙරළියේ’ පුද්ගලයා සමාජයෙන් මතු වන බව සෑහෙන දුරට කියවෙනවා. පුද්ගලයා සමාජ ජීවිතයේ කොටසක් ලෙස ඉදිරිපත් නොවන තාක් ජීවිතාවලෝකනයක් වෙන්නෙ නෑ. මං කලින් කිව්වා වගේ නවකතාකාරයාගේ මූලික අරමුණ විය යුත්තේ සමාජ දේශපාලන චිත්‍රයක් මැවීමයි. ඒ තුළිනුයි ඔය ආනන්දය ඇති වෙන්න ඕන. මේ අවබෝධය නැතිකම සිංහල නවකතාවේ විශාල දුර්වලතාවක්. මේ තත්ත්වයට සරච්චන්ද්‍ර මහතාත් එක්තරා දුරකට වගකියන්න ඕන. දැන් අපි පියදාස සිරිසේන ගත්තොත් ඔහුගේ නවකතා කලාත්මක වශයෙන් දුර්වල වෙන්න පුළුවන්. ඒත් ඔහු නවකතාව මොකක්ද කියල හරියටම හඳුනාගත්තා. ඔහු නවකතාවෙන් සමාජ දේශපාලන චිත්‍රයක් මවන්න උත්සාහ කළා. එකම දේ ඔහුට එය කලාත්මකව කරන්න බැරි වුණා. ඒක කලාත්මකව කළේ මාර්ටින් වික්‍රමසිංහයි. ජී.බී. සේනානායකට පවා ඒක කරන්න බැරි වුණා. ඔහුගේ තියෙන්නෙ ඔක්කොම අහසෙ පාවෙන චරිත. එහි ජීවන සුවඳක් නෑ.

කෙටිකතාවටත් සමාජ දේශපාලන චිත්‍රය තියෙන්න ඕනද?

අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ චිත්‍රය තිබුණොත් තමයි ඉන් ලබන ආස්වාදය ප්‍රඥාව බවට පත් වෙන්නෙ.

ඔබ මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා දකින්නේ කෙසේද?

ඔහුගේ හොඳම කෙටිකතාව ‘මුදියන්සේ මාමා’ යන කෙටිකතාවයි. එමගින් සම්පූර්ණ සමාජ දේශපාලන චිත්‍රයක් මැවෙනවා වගේම ඒ උඩයි අනෙක් සියලු චරිත ගොඩනැඟෙන්නේ. ‘කුවේණි’ කෙටිකතාවේත් ඒ ස්වභාවය පේනවා. ඉන් පැහැදිලි වෙන්නෙ කෙටිකතාව ගැන වික්‍රමසිංහට නිවැරදි අවබෝධයක් තිබුණු බව. මුළුමනින් සාර්ථකව භාවිත කරන්න අසමත් වුණත් වික්‍රමසිංහ නවකතාව යනු කුමක්ද කියලත් හරියට අවබෝධ කරගත්තා. ඇත්ත වශයෙන් නවකතාව නිවැරදිව අවබෝධ කරගත්තු එකම නවකතාකරුවා මාර්ටින් වික්‍රමසිංහයි. ඩබ්ලිව්. ඒ. සිල්වාටත් මේ අවබෝධය තිබුණෙ නෑ.

අද නවකතා දෙස බැලූ විට ඔබට හැඟෙන්නේ කුමක්ද?

අද නවකතා විධියට තියෙන්නෙ එක්කො සමාජ දේශපාලන ප්‍රචාර. නැත්නම් මනඃකල්පිත ලෝක.

ඔබේ නවකතා ආස්ථානයට ලෝක සාහිත්‍යයෙන් ඔබට බලපෑ නවකතාකරුවන් ඉන්නවාද?

රුසියානු සාහිත්‍යකරුවන් හුඟක් දෙනා මට බලපෑවා. ටෝල්ස්ටෝයි, දොස්තොයෙව්ස්කි, චෙකොෆ් යන හැම දෙනාගේම ශ්‍රේෂ්ඨ නවකතා, කෙටිකතා මට බලපෑවා.

ඒත් ටෝල්ස්ටෝයි එදා පැවති සමාජ දේශපාලනයේ එන සැබෑ පුද්ගලයන් ඍජු විවේචනයකට ලක් කරන්නෙ නෑ.

ඒ වුණාට ඔහු එදා පැවති රුසියානු සමාජ දේශපාලන සමාජය දැඩි විවේචනයකට ලක් කරනවා. එය සැබෑ සමාජ දේශපාලන විචාරයක්.

ඔබේ ‘සංක්‍රාන්ති සමයක’ නවකතාවේ එන සුජාතා සහ ඇගේ අක්කා වැනි චරිත තුළින් සමාජ දේශපාලන විවරණයකට වඩා ජීවිත විවරණයක් සිදු වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඛේදවාචකය අත්දැකීම තුළින් පාඨකයා ජීවිතාවබෝධයක් ලබනවා. ඇත්තටම සුජාතාගේ මරණය කියවද්දී පාඨකයා කම්පනයට පත් වෙනවා. මෙය නොවේද නවකතාව?

ඔබ හරි. ඒත් සුජාතාගේ ජීවිතය තුළින් මං කියා සිටින්නේ අපේ දෙමළ – සිංහල ගැටුමයි. අපේ ජාතීන් අතර ඇති විරසකයයි. සුජාතා රාජන් නම් දෙමළ තරුණයා එක්ක හිතුවක්කාරෙට විවාහ වෙනවා. ඒත් ඒ නිසා ඇය විශාල මානසික පීඩාවකට ලක් වෙනවා. ඇය පවුලෙන් ඈත් වෙනවා. ඇයට ඒ දුරස්වීම දරාගන්න බැරි වෙනවා. මේ තත්ත්වයයි නවකතාවෙන් කියවෙන්නෙ.

ඇත්ත වශයෙන් නවකතාවේ පසුභාගයේ රාජන් බෞද්ධ සභ්‍යත්වය ඉහළින් පිළිගන්නා චරිතයක් බවට පත් වෙනවා. ඔහුත් ධර්මලිංගමුත් එකතු වී ඇමෙරිකාවේ කොටි ඩයස්පෝරාවට එරෙහිව සංවිධානයකුත් පිහිටුවා ගන්නවා. මේ තුළින් අරුන් නම් තවත් වැදගත් චරිතයක් මතු වෙනවා. ඇත්ත වශයෙන් මං අරුන් චරිතය නිමවද්දි අරුන් සිද්ධාර්ථන් නම් සැබෑ දෙමළ දේශපාලන චරිතය ගැන දැනගෙන සිටියේ නැහැ. නවකතාවේ එන නමින්ම සැබෑ චරිතයත් පසු කාලයේ එළියට ඒම මාවත් පුදුමයට පත් කළ දෙයක්. මං මෑතක අරුන් සිද්ධාර්ථන්ව හම්බුණු වෙලාවක ඔහුට කිව්වා “අරුන්, මං උඹ පහළ වෙන්න ඉස්සර වෙලාම උඹ එනවා කියල ලියලා තියෙනවා” කියල. අරුන් කියන්නේ බෞද්ධ සභ්‍යත්වය පිළිගත් සහ අපි ජාතීන් දෙක අතරෙ සංහිඳියාවක් ඇති වෙන්න නම් මේ බෞද්ධ සභ්‍යත්වයට දෙමළ ජනයා අනුගත විය යුතුයි කියල අදහන චරිතයක්.

‘සංක්‍රාන්ති සමයක’ කියවද්දී හිතෙනවා රාජන්, ධර්මලිංගම් වැනි සිංහල ජාතික චින්තනය පිළිගත් දෙමළ ජනයා අපේ සමාජයේ ඉන්න විධියක් නෑ, ඒ චරිත අමරසේකරගේ හිතළු කියල.

නෑ. එහෙම චරිත ඇත්තටම අපේ රටේ ඉන්නවා. අරුන් සිද්ධාර්ථන් එවැනි චරිතයක්. අපි අවබෝධ කරගන්න ඕන සිංහල බෞද්ධ සභ්‍යත්වය කියන්නෙ සිංහල බෞද්ධයන්ගේ සභ්‍යත්වයක් නෙවෙයි, මේ රටේ අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ තිබුණු මේ රටට අනන්‍ය සභ්‍යත්වය. සුළු ජාතීන් අපේ රටේ එදා පටන් අපි එක්ක සාමයෙන්, සංහිඳියාවෙන් සිටියෙත් මේ සභ්‍යත්වයට අනුගතව ජීවත් වූ නිසා.

සුජාතා සහ ඇගේ අක්කා නවකතාවේ ප්‍රබල චරිත ලෙස ඉස්මතු වෙනවා. මේ චරිතවලට ඔබට බලපෑ සැබෑ චරිත කවුද?

සුජාතා කියන්නෙ මගේ බිරිඳගේ නංගී. ඇයයි එහෙම පිටින්ම නවකතාවේ එන්නේ. ඇය විවාහ වෙන්නෙත් දෙමළ ජාතිකයකු එක්ක. ඇය ඇමෙරිකාවේ ජීවත්ව ඉන්න අතරේ පිළිකාවකින් මියගියා. සුජාතාගේ අක්කා විධියට ඉන්නෙ මගේ බිරිඳ. ඇයත් සැබෑ ජීවිතයේදී ඍජු, කිව්ව දේ කිව්වාම තමයි කියල පිළිගැනෙන චරිතයක්.

සාකච්ඡා කළේ:

රවීන්ද්‍ර විජේවර්ධන

ඡායාරූප – හර්ෂණ ජයතිලක
www.divaina.lk

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama


10/03/2020

විස්ස හොඳ ද බලන මන්තරේ

කතෘ:යුතුකම     10/03/2020   No comments

සතිඅග අරුණ පුවත්පත වෙත යුතුකම සංවිධානය යැවූ ලිපිය..
 
2020/10/02
මහින්ද ඉලේපෙරුම මහතා
ප්‍රධාන කර්තෘ,
සතිඅග අරුණ.

"විස්ස හොඳ ද බලන මන්තරේ"

ඉහත මැයෙන් පසුගිය සතිඅග අරුණ පුවත්පතේ කතුවැකියෙන් කිරීමට උත්සාහ දරා ඇති මඟපෙන්වීම පිළිබඳව විශාල කම්පාවක් ඇති වූ බැවිනි. එ මඟින් ඔබ කියා සිටින්නේ, "රට නිදහස් කර ගැනීමට යුද්ධ කළ කාලයේ ඊට එරෙහිව කටයුතු කළේ කවුද? ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන විට එයින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඒකාධිපතිවාදය තහවුරු වන බව කීවේ කවුද? එසේ සිදු කොට ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා රණවිරුවන් පාවා දීමට කටයුතු කළේ කවුද? ඒ ඇත්තන් සමඟ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා මොහොතේ කරන්නේ මොනවා ද, කියන්නේ මොනවා ද? ඒ අනුව හුදී ජනයාට දහනව වැනි සංශෝධනය වෙනස්වීම හොඳ ද නරක දැයි තීන්දු කළ හැකි ය" කියා ය.

"20 වැනි සංශෝධනයට පෙර දූරදර්ශීව සිතා බලන්න!" යන මැයෙන් ලිපියක් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ගේ හා බෞද්ධ සංවිධානවල නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති බව ඔබ නොදන්නවා විය නොහැකි ය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නා හිමිපාණන් වහන්සේ ද විස්සේ නිවැරැදි විය යුතු කරුණු පිළිබඳ අදහස් දක්වා තිබිණි. පසුගිය දා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ "විස්සෙන් විවෘත කරන දොරටුවලින් අශ්වයන් පමණක් නොව බූරුවන් ද ඇතුළට ආ හැකි බවත් විස්ස ගෙනැවිත් නව ව්‍යවස්ථා ගෙන ඒමට නොහැකි වුණොත් අපට අත්වන ඉරණම කුමක් ද?" යන්නත් ප්‍රශ්න කළහ.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විස්සේ නිවැරැදි විය යුතු කරුණු ගැන ජනාධිපතිතුමාට විවෘත ලිපියක් යොමු කර තිබිණි. විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා නායකත්වය දෙන ජාතික ඒකාබද්ධතා කමිටුව අගෝස්තු 20 වැනි දින යෝජිත විසි වෙනි සංශෝධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. නැවත සැප්තැම්බර් 06 වන දින "යෝජිත 20 වන සංශෝධනය, 13 වන හා 16 වන සංශෝධන පිටුදැකීමේ හදිසි අවශ්‍යතා" යන මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. 20 වන සංශෝධනය සභාගත කළ පසු නැවත සැප්තැම්බර 26 වැනි දින නීතීඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් 20 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ විවර කිරීම වළක්වාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නායකත්වය දෙන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ද අතිගරු ජනාධිපතිතුමා වෙත "20 වැනි සංශෝධනය තුළ අඩංගු ජනතා අභිලාෂයන්ට හානිකරන කරුණු කිහිපයක් සම්බන්ධව" යන මැයෙන් ලිපියක් යොමු කරමින් විස්සෙහි නිවැරැදි විය යුතු කරුණු පෙන්වා දී ඇත. යුතුකම සංවිධානය ලෙස අප ද විසි වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා වන අවස්ථාවේ දී ම "19 වන සංශෝධනයේ තබාගත යුතු සහ පිටුදැකිය යුතු කරුණු" සම්බන්ධයෙන් පෙන්වා දී ඇත.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන්, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඇතුළු යුතුකමේ අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහි වූවෝ ද? ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් පාවා දීමට කටයුතු කළ අය ද?

එපමණක් නොව ඔබ එම පුවත්පතේ ම අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හා කළ සම්මුඛ සාකච්ඡාවේ ප්‍රධාන සිරස්තලය වී ඇත්තේ "මෛත්‍රීිට ජයම්පතිට සුමන්දිරන්ටත් එපා වූ 19 අපට මොකට ද?" යන්න ය. ඔබ ගේ කතුවැකියේ තර්කය අනුව දැන් ජයම්පතිට සුමන්දිරන්ට 19 එපා වී ඇත්නම් එය අපට, රටට හොඳ විය යුතු ද?

අපි අරුණ පුවත්පත සලකන්නේ ජාතියට මඟ පෙන්වන මැදිහත් වීමක් ලෙස ය. පටු දේශපාලන බෙදීම් මත ජාතික මතය යටපත් වීමට ඉඩ නො දී ඒ හඬෙහි ගැඹුරු රජයටත් ජනතාවටත් පෙන්වා දීම ජාතික පුවත්පතක යුතුකම යැ යි අපි තරයේ විශ්වාස කරමු.

ජනතාව 2/3 ජනවරමක් දුන්නේ 13, 16, 17, 18, 19 සියල්ල වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ය. ඒ සියල්ල සමඟින් 78 ව්‍යවස්ථාව ම අතීතයට එක්කොට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ය. අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ය. ඒ වෙනුවට විස්සෙන් ආපස්සට අඩි තබන්නේ නම් ඒ අඩි තබන තැන අශූචි ද මළ මිනී ද බෝම්බ ද යන්න හොඳින් පරීක්ෂා කර බැලීම සියලු දේශපේමීන් ගේ යුතුකම ය.

මේ රජය ආරක්ෂා කරගත හැකි වනුයේත්, මේ රජයට 2/3 ජනවරමක් ලබා දුන් ජනතාවගේ අභිලාෂ ඉෂ්ට කළ හැකි වනුයේත් මේ රටට ආදරේ අප ඒ වගකීම, ඒ යුතුකම ඉෂ්ට කළ හොත් පමණි.

පින්!
යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්,

ගෙවිඳු කුමාරතුංග
සභාපති

අනුප පස්කුවල්
ජාතික සංවිධායක


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/21/2020

Defeating unseen foreign forces, our key objective - Yuthukama Chief

කතෘ:යුතුකම     9/21/2020   No comments

Yuthukama Organisation President and SLPP national list parliamentarian Gevindu Cumaratunga in an interview with the Sunday Observer discussed the future role of the organisation which played a pivotal role in electing President Gotabaya Rajapaksa to office and later securing a two-thirds for the Government.

“The 19th amendment was also flawed due to the ad-hoc amendments brought in during the third reading of the committee-stage debate. We don’t want the same predicament to befall the 20th amendment,” he said outlining his stance on the new Constitutional amendment in the offing.

Q. Yuthukama was a major force behind the election of the current president and the government. Do you think your role is over now, since the organisation’s primary mission has been accomplished? What would be the future role of the ‘Yuthukama’ organisation?

A. The ‘Yuthukama’ organisation was given birth, after the change of government in 2015, which we believe is a direct result of external manipulations.Our key objective was to defeat that unseen foreign forces. Gotabaya Rajapaksa’s victory and securing two-thirds majority for the government was compulsory to achieve our objectives. But there are bigger expectations for forming ‘Yuthukama’. That is to re-establish a society which values justice and morals, a righteous society.

We were more worried and alarmed about the strategy used to defeat Mahinda Rajapaksa in 2015 than his defeat itself. For example the construction of the Southern highway was completely portrayed as a means of corruption, creating a public opinion against those behind this public centric development project.

The people were made to forget about its numerous advantages for the masses. We are not against investigating corruption but unfair labelling and baseless allegations cannot be condoned. The 2015 election campaign by the then Opposition which was full of jealousy and vengeance, was harmful to the whole society.

Former President Maithripala Sirisena’s victory through conspiracy was portrayed as a huge achievement. But the best lessons in our history didn’t come that way. Prince Gemunu openly criticised his father King Kavantissa’s attitude towards invaders and endured many hardships as a result.

Keppetipola Disawe too officially handed back the army and the weapons which were officially under his command to the Colonial rulers before defecting to save his people. He lost his battle but for us he is a real hero. This teaches us that winning is not always heroism. For us, it is not only the goal – the path too is vital.

Unlike the West which is always about winning their own rights, our world revolves around responsibility (yuthukam) towards others. This attitude paid huge dividends during the Covid 19 pandemic.

UN has a Rights Charter, in our Constitution also there is a chapter on rights. We believe that our Constitution must also have a chapter on responsibility.

So we believe our role is not limited to electing the president and the government. We have a long way to go to create a disciplined and a humane society within this country. We believe even in a small way, we can be an example to the world too.

Q. How do you plan to work with the government in the future?

A. The society has a negative attitude towards the people’s representatives, they are being accused of not having a set policy or a firm opinion on any issue. People think that they can be bought over by the sitting government or by various foreign forces. We hope to change this attitude by standing for principles.

We will strive to be a bridge between the people and the leaders, mediate with the government on issues affecting the people and direct it on the right path.

All actions of the 2015 government, was choreographed by foreign forces. The Geneva resolution and other ill conceived agreements were forced upon the country.

We will play a constructive role to help the government in its good deeds such as the project to train and employ 100,000 youth of low income families while constructively criticising the actions that need revisiting. We will try to create knowledge and awareness of what has to be done. The employment project for low income families will transform our society.

We don’t believe that ‘Yuthukama’ is also a 100 percent perfect outfit, we will have shortcomings too. But our aim is to correct ourselves, to be an example to the society.

Q.There is a lot of emphasis on the President - as a person who will protect Buddhism and the Sinhala community. Do you think too much emphasis on that will lead the other communities to doubt genuine intentions of the government which in turn will pave way for more Saharans and Prabhakarans to come by?

A. Protecting Sinhala Buddhists does not mean that he will work against minorities. We want to save our traditional way of life from imperialist elements and not from the minorities here. That has to be made clear. The Tamil speaking people are not our enemies.But some arguments of Tamil politicians are very unfortunate. During a recent interview with a TV presenter MP Sumanthiran said he was not discriminated in working as a lawyer since the language in the Supreme Court was English.

I felt very sad to hear his response. He went to Royal College in Colombo and was fortunate to be able to work in English but what about the other rural, Tamil youth? Some Tamil politicians say that they had a kingdom in Jaffna and the Colonial rulers handed over that land to Sinhalese before leavingthe country. If they believe this story, they should be angry with the British rulers and the English language shouldn’t they?

Most of the Sinhala Buddhist forces have united to elect Gotabaya Rajapaksa to office this time. It is time for all communities to unite and come together. Respect should be a two way thing. It is unfair to ask Sinhalese to respect them when they desecrate our monuments and national assets. Shouldn’t all Sri Lankans admire Tissa Wewa, Ruvanweliseya?

The SLFP, after two decades has been able to elect an MP from Jaffna district in the last election. It is a good trend. There is a misconception, that Tamil people left mainstream politics after Sinhala was made the official language and the introduction of the quota system to universities. These are all myths. In 1956, the SLFP government made Sinhala the official language, but till his assassination in 1976, SLFP member Alfred Duraiappah was Mayor of Jaffna. In the 1982 Presidential election, the highest votes from the Jaffna district was obtained by SLFP candidate Hector Kobbekaduwa. These examples show that the ordinary Tamil people had no hard feelings against the steps taken to de-colonise our country.

Q. What is your view on the issues of the Tamil speaking people?

(Justice Paranagama of the Disappearances Commission at the conclusion of the Commission’s months long ‘hearings’ said if the Tamil people are given proper solutions to their issues, which are very basic, they will never be a cat’s paw of any extremist/political force.)

A.We agree that there are common issues for all the people. but we must find out whether the Tamil speaking people have specific issues. Of course, the people in the North and the East who had to bear the brunt of the 30-year battle against terrorism have specific shortcomings.For example, I don’t understand why Sumanthiran can embrace English language but resent Sinhala, a national language of his own country. If that is the attitude, we will never be able to find unity and harmony.

As far as the university quota system is concerned at one point the Jaffna district had more schools with GCE Advanced Level science classes than even in the Colombo district. In the 1980s Anuradhapura, the biggest district had only two such schools. How many schools with Science stream are there in Colombo city itself?

This disparity led to the quota system being introduced for university admission. It not only affected the Jaffna district, it affected Colombo as well. There is no communal facet to this issue.

This system was not intended to deprive the Tamils in the North, in contrary, it helped the Batticaloa district in the East to send more Tamil students to the university. Karuna Amman in an interview with India’s Frontline magazine acknowledged this fact.

They must realise terrorism and separatism brought about nothing but destruction and an entire generation was lost as a consequence.We are ready to share equal rights with them but if they put forward unreasonable demands then we will be compelled to respond.President Gotabaya Rajapaksa did not hesitate to express that stance and we respect him for that.

Q. Yesterday the Cabinet spokesman said the government accepts the ownership of the original 20-A Bill, any amendments, will be accommodated at the committee stage debate which is the proper procedure in case of a constitutional amendment. Your comments?

A. We regret that stance of the government.

Q. Could you elaborate on your answer?

A. As a government the intention should be to present a flawless amendment to the constitution. It is true that the proposed law can be changed before enactment in Parliament. The 19th amendment was also flawed due to the ad-hoc amendments brought in during the third reading of the committee-stage debate. We don’t want the same predicament to befall the 20th amendment. The then Attorney General submitted last minute amendments while it was challenged at the Supreme Court.

This will be a bad precedent. Though the Yahapalana government cheated there are good features in the 19th amendment. We should preserve them. As much as the 19th amendment was flawed, the complete abolition of the 19th amendment will take it back to the dictatorial constitution of J.R. Jayewardene and various amendments that are even worse.

Q. You said you met the President and the Prime Minister on the 20-A. Would you like to comment on what transpired at these meetings?

A. At the Parliament group meeting, we conveyed to the Prime Minister the need to discuss the Bill before finalising it.On Friday, at the party leaders meeting the PM appointed a committee to study and make recommendations on the controversial aspects of the amendment.In parallel, the members of the Yuthukama Organisation and National Joint Committee met the President and we expressed our stance. President agreed to revisit the Bill before presenting it to Parliament.

The 1977 Constitution is designed to safeguard the UNP and that government. All the amendments thereafter also strived to consolidate power for the government in office.

We accept that the Constitution can’t be corrected by ad hoc amendments. One of the major promises of the Yuthukama Organization in the President Rajapaksa’s campaign trail, was to undo constitutional flaws and put away this ‘time-bomb’ for good. We said the present constitution should be completely replaced. People gave our Government a 2/3rd majority and they are hoping for a new beginning, a new constitution.

 Sunday Observer - 2020/09/21

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions