2/27/2016

හුසේන් ගෙනා සීනි තැවරූ වෙඩි උණ්ඩ

කතෘ:යුතුකම     2/27/2016   No comments
~දයාන් ජයතිලක~
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරා සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කළේ වැදගත් මාධ්‍ය හමුවක් ද පවත්වමිනි. එහිදි කී දේ මෙන්ම ඒ තුළ වූ යටි අරුත් පිළිබඳ ආන්දෝලනාත්මක මතවාදයක් මේ වන විට රටතුළ ඇති ව තිබේ. අතිශය බුද්ධිමත් හා අනුහස් සහිත නායකයෙකු වු හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා වරක් කී කතාවක් වන්නේ යමෙක් කටින් කියන දේ නොව ඔහු ඔහුගේ දැතින් කරන දේ දෙස හොඳින් බලා සිටින්න යන්නයි. ඒ අනුව වැදගත් වන්නේ සෙයිද් අල් හුසේන් කුමරා කටින් කී දෙය නොව ආණ්ඩුව ජිනිවා යෝජනාව සම්බන්ධයෙන් දැතින් කරන්නට හදන දේ පිළිබඳව සළකා බැලීමයි. එහිදී පැහැදිලිවම කටින් කියන දේත් දෑතින් කරන දේත් අතර වෙනස අපට හඳුනාගත හැකිය.

ඉකුත් සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක පළවු ප්‍රධාන දේශපාලන ලිපියක් වැදගත් අනාවරණයක් කර තිබුණි. එම ලිපියේ සිරස්තලය වූයේ ජිනිවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කාර්ය සාධක මණ්ඩලයක් පත් කරයි යන්නය. එම ලිපියේ විස්තර වූ ආකාරයට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඇමරිකාව, ඉන්දියාව සහ තවත් සමහර රටවලට ලියවිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම ලියවිල්ල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. එමෙන්ම එම ලියවිල්ල පාර්ලිමේන්තුවට යොමු කොටද නැත. එම ලියවිල්ලේ සඳහන් වන්නේ ජිනිවා ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා එකොලොස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක මණ්ඩලයක් පිහිටුවනු ලබන බවයි. මෙම කාර්ය සාධක මණ්ඩලයේ එකොලොස් දෙනාගේ නම්ද සඳහන් ව ඇත. එම නම් දෙස බලන විට සභාපතිත්වයට පත් කර ඇත්තේ සැහෙන සමාජ ගෞරවයක් හිමි නිතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියයි. එහෙත් ජිනිවා යෝජනා ක්‍රියාවට නැංවීම එම කාර්යය සහතික කිරීමේ කාර්ය සාධක මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍ය සෝත් සරවනමුත්තු මහතායි. මේ වැදගත් කාර්ය සාධක මණ්ඩලයේ එකොළොස් දෙනාගෙන් පස් දෙනෙකු පමණක් සිංහලයෝ වෙති. මෙහි සාමාජිකයන් තෝරාගනු ලැබුවේ කවර මිනුම් දඬු අනුවදැයි අපි නොදනිමු. එහි කිසිදු පාරදෘශ්‍යභාවයක් නැත. එහි පාරදෘශ්‍යභාවයක් තිබුණේ නම් එහි බහුතරය කුමන ජනවර්ගයකින් පැමිණියත් කමක් නැත. මෙම මණ්ඩලය සුදුසුකම් සහිතව පත්වූ මණ්ඩලයක් නොව එය තෝරා පත්කර ගන්නා ලද්දකි.

මෙහි කාර්යභාරය වන්නේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම පමණක් නොව එම කටයුත්ත සඳහා ලංකාවට එන්නට නියමිත එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරුවකු වන පබ්ලෝ ඩි ග්‍රීෆ් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමයි. යුද්ධය පිළිබඳ විවේචනාත්මක යෝජනාවක් වන ජිනිවා යෝජනාව මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව විසින් පත් කරනු ලබන මණ්ඩලයේ සංයුතියෙන් පෙනෙන්නේ ජි.ජි.පොන්නම්බලම් මහතාගේ පනහට පනහ සුත්‍රයටත් ඔබ්බට යමින් රටේ බහුතරය සුළු තරයක් වන ලෙසත් කටයුතු කර ඇති බවයි. මෙමගින් සාධාරණයක් සිදුවේද යන්න අප විසින් ඇසිය යුතුම ප්‍රශ්නයකි.

එමෙන්ම මෙම පත් කරන්නට යන කාර්ය සාධක මණ්ඩලයේ අනෙක් ගුණාංග ලක්ෂණය වන්නේ කුමන ජනවර්ගයකින් හෝ වේවා රාජ්‍ය නිලධාරියෙකු ලෙස හෝ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ කිසිදු අයෙකු නොමැති වීමයි. මෙම කාර්ය සාධක මණ්ඩලයේ සියලු දෙනා රටේ විමුක්ති යුද්ධයට එරෙහිව කොටි සංවිධානය සන්තර්පනය කිරීමේ සටන් විරාම ගිවිසුමට පක්ෂව කටයුතු කළ සහ විදේශ තානාපති කාර්යාලවලට වඩාත් කිට්ටු ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන (NGO) සාමාජිකයන් බව කිව යුතුය. මෙයින් අපට පෙනෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය හා හමුදාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි සාධාරණ ක්‍රියාවලියක් මෙවැනි මණ්ඩලයකින් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ අනුව මෙම ප්‍රායෝගික භාවිතය තුළ සෙයිද් අල් හුසේන් ගේ කථිකාව අපට

මැනවින් තේරුම් ගත හැකියි. සෙයිද් අල් හුසේන් මහතා මාධ්‍ය හමුවේදි කි කරුණු වලින් බොහොමයක් පැවසීමට ඔහුට නිල අයිතියක් නැත. ඔහු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පමණි. ඔහුට කතා කරන්නට තිබෙන්නේ එක්සත් ජාතින්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය රටක ක්‍රියාත්මක වන්නේද නැද්ද එය කරන්නේ කෙසේද යන්න ගැනයි.

මෙහිදි ඒ සම්බන්ධයෙන් වුවද ඔහු කියන සියල්ල පිළිගත යුතු නැතත් ඔහුට ඒ පිළිබඳව කතා කරන්නට අයිතියක් ඇත. එහෙත් සෙයිද් අල් හුසේන් කතා කර ඇත්තේ මොනවා ගැනද?

ලංකාවේ ප්‍රශ්නය වි ඇත්තේ අන්තවාදය යැයි ඔහු සඳහන් කර ඇත. උතුරු නැගෙනහිර ජනතාවට කොළඹ ජනතාව තරම් දියුණු ජිවන මට්ටමක් නැතැයිද පවසා තිබේ. යුද්ධයට පසුකාලීනව මුල් අවුරුදු කීපය තුළ ගත යුතු පියවර හා අනුගමනය කළයුතු ආකල්පයන් ගැන කතා කර තිබේ. යුද්ධයට පසු අනුගමනය නොකළ යුතු දේ ගැනත් හෙතෙම කතා කර ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධිතිය ගැන ඔහු දක්වා ඇති අදහස් ඉතාමත්ම නිශේධනාත්මකය. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව වැලඳගැනීමට ලැහැස්ති බවත් ත්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිර ඉවත් කිරීමේ හැකියාව හා වුවමනාව ගැනත් පවසා ඇත. මේ කිසිවක් ගැන කතා කරන්නට ඔහුට අයිතියක් නැත. ඒ මක් නිසාද යත් ඔහු විසින් කියන ලද සියලු කාරණා අදාළ වන්නේ දේශපාලන කේෂ්ත්‍රයට බැවිනි. මෙහිදී ලංකාව හැර වෙනත් රටකට ගොස් ත්‍රස්තවාදය පරාජය කළ පසු රටක් ලෙසින් ගතයුතුය තිබූ පුළුල් ප්‍රතිපත්ති මාලාව ගැන කතා කළා නම් ඔහුට ලැබෙන්නේ අතුල් පහරකි. නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ වන දීනත්වය නිසාම රටේ සියලු මාතෘකා සම්බන්ධයෙන් විවෘතවම ඔහුට අදහස් දැක්වීමට ඉඩකඩ ලැබුණි. මේවා මානව හිමිකම් වලින් පරිබාහිර වු අභ්‍යන්තර කටයුතුය. රටේ දිසාව පිළිබඳ හා ආයතන පිළිබඳ විනිශ්චයන්ය. මේ කිසිවක් කිරීමට ඔහුට අයිතියක් නැත. සෙයිද් අල් හුසේන්ට එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට අයිතියක් නැතැයි දන්නා විදේශ අමාත්‍යවරයෙක් හෝ කැබිනට් අමාත්‍යවරයෙකුද අවාසනාවට මෙන් රටතුළ අද නැති බව පෙනේ.

තවද ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට සලකන්නේ කෙසේද යන්න පිළිබඳ කතා කිරීමට ඔහුට කිසිදු අයිතියක් නැත. ඒ එය රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් බැවිනි. මෙහිදී ඔහු ජාත්‍යන්තර ප්‍රජාව ලෙස අදහස් දක්වන්නේ කවරෙක්ද? රටේ විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකම අවස්ථාවල පවා ලෝකයේ සැහෙන

ජනගහනයක් නියෝජනය කළ රටවල සහයෝගය අපට ලැබුණි. එහිදී ජාත්‍යන්තර ප්‍රජාව ලෙසින් මොවුන් ඉඟිකරන්නේ බටහිර රටවල්ය. සෙයිද් අල් හුසේන් යනු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නොවේ. මහ ලේකම් වරයා එවන් කතාවක් කළේ නම් ඊට අර්ධ වශයෙන් හෝ අයිතියක් ඔහුට ඇතැයි කිව හැකිය. මෙහිදී මානව හිමිකම් කවුන්සිලය ගැන පවා කතා කරන්නට සෙයිද් අල් හුසේන්ට අයිතියක් නැත.

ඔහුට හිමිකම් ඇත්තේ තමාගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ගැන පමණක් වගකීමක් හා බලයක් සහිතව කතා කිරීමට පමණි.

සෙයිද් අල් හුසේන් කළ ප්‍රකාශ සළකා බැලීමේදි එහි අර්ධ සත්‍යයක් හා ව්‍යංගයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් ද තිබුණි. ඔහු කියා සිටියේ තමාගේ වාර්තාව යුධ අපරාධ පිළිබඳ වූ වාර්තාවක් නොවන බවයි. එහෙත් එම වාර්තාව මඟින් සෙයිද් අල් හුසේන් පවසා සිටියේ සහ වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී වාචිකව ඔහු පවසා සිටියේ යුධ අපරාධ පමණක් නොව මානව වර්ගයාට එරෙහිව අපරාධ පවා ශ්‍රී ලංකාව තුළ සිදුවූ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ සිදුවු බවට විශ්වාස කළ හැකි සාක්ෂි ඇති බවයි.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ ඇමරිකානු යෝජනාව ආරම්භ වූයේ සෙයිද් අල් හුසේන් ගේ එම කියමන කේන්ද්‍රගත කරගත් වාර්තාව පිළිගනිමිනි. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සෙයිද් අල් හුසේන් වාර්තාවේ ගර්භාෂයෙන් එළියට පැමිණි යෝජනාවයි.

සෙයිද් අල් හුසේන් සිය වාර්තාවෙන් ජාත්‍යන්තර උසාවියට ලාංකික නායකයින් හෝ හමුදා නායකයින් ගෙන යා යුතු බවට සඳහන් නොකළ බව පැවසීය. එහි ඇත්තේ ද අර්ධ සත්‍යයකි. ඒ සෙයිද් අල් හුසේන් ගේ වාර්තාවල ඇති නිර්දේශයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193ම විශ්ව අධිකරණ බල සීමා න්‍යාය යටතේ ලංකාවේ යුධ අපරාධ සිදු කළා යයි විශ්වාසනීයව සැකකළ හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තම තමන්ගේ රටවල නඩු පැවරිය යුතු බවයි. ඒ අනුව ලාංකිකයන්ට එරෙහිව ලෝකයේ සියළු රටවල උසාවි වල නඩු පැවරිය යුතු යැයි කීම ජාත්‍යන්තර උසාවියට ගෙන යාම තරම්ම බරපතළ නිර්දේශයකි.

සෙයිද් අල් හුසේන් ගේ මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන දරුණු විවේචන එල්ල විය. ඔහු කියන ලද්දේ ලංකාවේ අධිකරණය තුළ සතිපතා අර්බුදකාරී හා අසතුටුදායක දේ පැන නගින බවයි. අධිකරණ කටයුතු වලට බාධා සිදුවන ආකාරයට නොයෙකුත් පිරිස් කඩා පනින බවද ඔහු කීය. එහිදී ප්‍රශ්න දෙකක් මතු වේ. පළමු ප්‍රශ්නය වන්නේ විශේෂ අධිකරණයක් පිහිටෙව්වත් කලහකාරීන් එය වටකරනු ලැබීම වැළැක්විය නොහැකි නිසා මෙහිදී ඔවුන් අදහස් කරන ලද්දේ කුමක් ද යන්නයි. දෙවන ප්‍රශ්නය වන්නේ මෑතකදී උසාවිය අසළ ඇති වූ කලහකාරී සිද්ධිය සෙයිද් අල් හුසේන්ට එවන් ප්‍රකාශයක් කිරීමට තරම් මහෝපකාරී වන ලෙස කෘතිම වශයෙන් නිර්මාණය කරන ලැබු සිදුවීමක් ද යන්නයි.

කෙසේ නමුත් සෙයිද් අල් හුසේන් කියන්නට උත්සාහ දරන්නේ මෙරට අධිකරණ පද්ධතිය හරහා යුද්ධය පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය විභාග කළ නොහැකි බව නොවේද? මින් අනාවරණය වන්නේ කුමක් ද?
මෙහිදි කිසිදු රටක නීති පද්ධතිය හා අධිකරණ පද්ධතිය ගැන විවේචනාත්මකය කතා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හුදු නිලධාරියෙකුට අයිතියක් නොමැති බවයි. ඉහළ නිලධාරියෙකුට වුවද එම අයිතිය නැත. එම අයිතිය උල්ලංඝනය කරන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිවෙකු ඊට එරෙහිව කට නොඇරීම ඉතාම දුක්ඛිත තත්ත්වයකි.

එම කාරණයටත් වඩා වැදගත් කාරණාව වන්නේ සෙයිද් අල් හුසේන් ගේ පණිවිඩය කුමක් ද යන්නයි. ඔහුගේ පණිවුඩය වන්නේ ලංකා අධිකරණයේ නුසුදුසු කම නිසා විදේශ සහභාගිත්වයක් සහතිව අධිකරණ පද්ධතියට පරිභාහිරව විශේෂ අධිකරණයකින් හා විශේෂ ආයතන මඟින් වගවීම පිළිබඳ සොයා බැලිය යුතු බවයි. මෙය අතිශය භයානක කතාවකි. ඒ මක්නිසාද යත් රටේ ස්වෛරීභාවය හා ස්වෛරී තීරණ ගැන කුමක් කටින් කීවත් ඔහුගේ ප්‍රකාශනය මඟින් පැහැදිලිව පෙනෙන දෙයක් තිබේ. ඒ රටේ රාජ්‍ය ආයතන පිළිබඳ අවලාදාත්මක අවප්‍රමාණයක් සිදු කිරීම මඟින් රටේ ස්වෛරීත්වයට විශාල හානියක් සිදුවන පරිදි විදේශ සහභාගිත්වයක් සහිත විශේෂ උසාවියක් පිහිටුවන්නට ඔහු මාන බලනු ලබන බවයි.

මෙහිදී යෙදෙන ක්‍රමවේදය අප හොඳින් හඳුනාගත යුතුය. යටත් විජිතවාදී කාල පරිච්ඡේදයේදී අපේ රටවල පාලන කටයුතු මෙන්ම පරිපාලන කටයුතු වලට හා අධිකරණ කටයුතු වලට නායකත්වය දුන්නේ විදේශිකයන්ය. එහෙත් පැරණි යටත් විජිතවාදයේ සිට නව යටත් විජිතවාදයට හෙවත් නව අධිරාජ්‍යවාදයට පැමිණි පසු සිදුවන්නේ දුඹුරු හෝ කළු පැහැති වෙස් මුහුණු පැළඳ ගෙන විදේශිය මෙහෙයවීමක් සහිතව එම කටයුතු කරවීමයි. සෙයිද් අල් හුසේන් ගේ සූත්‍රය වන්නේ

දේශිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් විදේශිය සහභාගීත්වයක් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවා එහි දේශපාලන අවදානම ලංකා ආණ්ඩුව විසින් රැගෙන බටහිරට අවශ්‍ය පරිදි දඩයමක් ක්‍රියාත්මක කිරීමයි.

මෙහදී සෙයිද් ගේ කතාවෙන් මට සිහිවන්නේ ඇමරිකාවේ යමෙකු විදුලි පුටුවට යවන විට එන‍්නත් කරනු ලබන එන්නත් තුන පිළිබඳවයි. එහි පළමු එන්නතකින් සිදු කරන්නේ සිහිමුර්ඡා කිරීමයි. එම සිහි නැති කිරීමෙන් පසුව චූදිතයා මරණයට පත් කිරීමේ එන්නත් දෙක්ක දෙනු ලබයි. සෙයිද් අල් හුසේන් ගේ කතාව මෙරට වැසියන් ගේ විඥාණය නිද්‍රාවට පත් කරන ආකාරයේ පළමු එන්නතයි. ඉතිරි එන්නත් දෙක ලබා දීමේ වගකීම පවරා ඇත්තේ ශ්‍රී ලංකාව ආණ්ඩුවටයි.

මේ ගැන ලංකා ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුය. එවැනි පැහැදිලි ප්‍රකාශයක් රටේ විපක්ෂය විසින්ද බලකර ඉල්ලා සිටිය යුතුය. එම ප්‍රකාශය විය යුත්තේ ඊනියා වගවීම පිළිබඳව රටේ

පවතින ව්‍යවස්ථාව සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කරනු ලැබෙන්නේද? රටේ පවතින නීති රටාව සංශෝධනය කරනු ලබන්නේද? එමෙන්ම රටේ පවතින ආයතන අලුත් ආයතන වලින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දෙනු ලබන්නේ ද? මෙම ක්‍රියාවලිය පරිපූර්ණ වශයෙන් දේශිය වූ ජාතික ක්‍රියාවලියක් වන්නේද එසේත් නැත්තම් විවිධ නම් හා විවිධ වෙස් මුහුණු බැඳගත් විදේශිකයින් වද්දා ගන්නා වූ ක්‍රියාවලියක් වන්නේද? යන්නයි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ නිල ප්‍රකාශයක් කළ යුතුයි.

සෙයිද් අල් හුසේන් කුමාරයා පවසන්නේ අධිකරණ ක්‍රියාවලිය ගැන තීන්දු ගැනීම හා විශේෂයෙන් ම හයිබ්‍රිඩ් උසාවියක් ද නැද්ද යන්න පිළිබඳ තීන්දු ගැනීම ලංකාවේ ස්වෛරී අයිතියක් බවය. එහෙත් ඊටත් වඩා ලංකාවේ ස්වෛරිත්වය සම්බන්ධ කාරණාවක් තිබේ. එනම් තම රට තිස් අවුරුදු යුද්ධයකින් මුදවා අතිශය භයානක ත්‍රස්තවාදී රකුසෙකුගෙන් රට මුදවාගෙන පුරවැසියන්ට සාමය හා අනාගත පරම්පරාව ට ජීවත් වීමේ අයිතිය තහවුරු කරදුන් හමුදාවක් සහ දේශපාලන නායකත්වයක් ගැන සය අවුරුද්දක් ගිය තැන හාරා අවුස්සා බලන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුවයි.

ලෝකයේ මෙවැනි තත්ත්වයක් ඇති වූ වෙනත් රටක් සම්බන්ධයෙන් මා අසා නැත. භයානක ත්‍රස්තවාදයකින් රට මුදවා දුන් නීත්‍යානුකුල හමුදාවක් හා ප්‍රජාතන්ත්‍රවාදි නායකත්වයක් ගැන පරීක්ෂණ කරන්නට විදේශිකයන් වද්දවා ගෙන විශේෂ අධිකරණ පිහිටුවා නඩු විභාග කරන කිසිදු රටක් මිහිපිට නැත. මෙවැන්නක් කරනවාද නැද්ද යන්න පිළිබඳ මූලික තීන්දුව ගැනීම ලංකාවේ ස්වෛරී අයිතියකි.

මෙම කාරණයේදී මට කිව හැක්කේ ආණ්ඩු හා දේශපාලනඥයින් සම්බන්ධයෙන් මගේ විශ්වාසය අල්ප බවයි. එහිදී ආණ්ඩු හා දේශපාලනඥයන් ගේ අවධානයට යමක් යොමුවන්නේ ඡන්ද හිමිවීමෙන් හෝ අහිමි වීමෙන් ඔවුන්ට අත්වන පලාපල අනුව බව කිවහැකියත ඒ අනුව බලද්දී දැන් කළ යුතුව ඇත්තේ ලංකා හමුදාවේ තිස් අවුරුදු යුද්ධයට අනුගාමීව එහි සේවය කළාවූ සියලු රණවිරුවන් හා එම පවුල්වල සාමාජිකයන් එක්කර ගන්නා වූ ජාතික ව්‍යාපාරයක් ගම්මට්ටමින් ඇරඹීමයි.

කොටි සංවිධානය තම පැත්තෙන් පරිත්‍යාග සිදුකළ අයට කියනු ලැබුවේ මහ විරු පවුල් කියායි. ඒ අනුව තිස් අවුරුදු යුද්ධයකට දායක වූ හමුදාවේ වීර පවුල් ලංකාවේ සෑම ගමකම සිටිති. මොවුන්ගෙන් සැදුම්ලත් දැවැන්ත ජාතීක ව්‍යාපාරයක් සන්නද්ධ හමුදා සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවන්නේ නම් එතැන විශාල ඡන්ද ප්‍රමාණයක් රැඳෙනු ඇත. එම විශාල ඡන්ද ප්‍රමාණය තමන්ට අහිමි වෙතැයි ආණ්ඩුව බිය වන්නේ නම් පමණක් සෙයිද් අල් හුසේන් ගේ සීනි තැවරූ වෙඩි උණ්ඩ හමුදාවට සහ යුද්ධය ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වයට වත්මන් ආණ්ඩුව විසින් එල්ල නොකරනු ඇත.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/24/2016

සිරිසේනලාට රනිල්ලාට යලි නොරැවටෙමු -රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථා උගුල පරදවමු...

කතෘ:යුතුකම     2/24/2016   No comments
ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන ක්‍රියා පටිපාටිය තීරණය කරන තීරණාත්මක චන්ද විමසීමක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

මේ ඒ ද්‍රෝහී වෑයම පිළිබඳ පළවූ අදහස් කිහිපයකි...

සිරිසේන සත පහකට විස්වාස නොකරමු - රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු-
-ගෙවිඳු කුමාරතුංග
 


 "මේ එන්නේ රට බෙදන ෆෙඩරල් යක්ෂයායි" -
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා


සිංහලයාගේ ඇසට වැලි ගසා ව්‍යවස්ථා උගුලෙන් රට හතරට බෙදන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී තක්කඩියෝ....
-
නීතීඥ කල්‍යාණන්ද තිරාණගම



රනිල් - මෛත්‍රී හවුලේ රට බෙදන ව්‍යවස්ථා මර උගුල පැරදවිය යුත්තේ ඇයි? -
නලින් ද සිල්වා



යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/23/2016

අපි ඉඟුරු දී මිරිස්‌ ගත යුතු නැත

කතෘ:යුතුකම     2/23/2016   No comments
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකිවයුතු බොහෝ දෙනා අද පවසනු ලබනවා ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විරුද්ධ පාර්ශව විසින් බොරු බිල්ලෙක්‌ මවනවා කියා. එ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපට අවශ්‍ය සුන්දර ව්‍යවස්‌ථා දරුවකු රටට බිහි කරන්න යයි කියා තිබුණා. ඉතා ම අපූරුයි. මේ කරන්න යන්නේ එ වැනි සුන්දර ක්‍රියාවක්‌ ද? එහෙම නම්, මේ රටට ආදරය කරන මහා සංඝ රත්නය, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ව්‍යාවස්‌ථා නීති විශාරදයන් මේ ගැන සැක සංකා මතු කරන්නේ ඇයි?

ඇමැති සංඛ්‍යාව, මැතිවරණ ක්‍රමය, විධායක බලතල - දුන් පොරොන්දු ඉටු කළා ද?

ඉතා ම සරල කාරණයක්‌ ගත්තොත් මෛත්‍රී-රනිල් හවුල දීපු ප්‍රධාන පොරොන්දුවක්‌ තමයි කැබිනට්‌ ඇමැතිවරු 30 කට අඩු කරනව කියන එක. මේ පොරොන්දුව ඉෂ්ට කරන්න ව්‍යවස්‌ථා සංශෝධන අවශ්‍ය නෑ. ජනාධිපතිවරයාට හා රජයට ඒ පොරොන්දුව ඉෂ්ඨ කිරීමට තිබුණා. එසේ වුවත් ඒ පොරොන්දුව ඉටු නොකොට ඔවුන් ඒ සඳහා 19 වැනි සංශෝධනය ගෙනාවා. ඒ වෙලාවේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ප්‍රධාන සාධාරණ සමාජයක්‌ ගැන, පිවිතුරු හෙටක්‌ ගැන ජනතාවට සිහින සපයපු හැමෝ ම පාර්ලිමේන්තු පිට්‌ටනිය පැත්තේ උද්ඝෝෂණ කළා. මේක සුදු මල් වට්‌ටියක්‌, ඒ නිසා මේකට අනුමැතිය දෙන්න කියා අපේ මහජන නියෝජිතයන් ගෙන් ඉල්ලුවා.

දැන් 19 සංශෝධනය සම්මතයි. දැන් කැබිනට්‌ ඇමැතිවරු 30 කට සීමා වෙලා ද?

දැන් කී දෙනෙක්‌ ද? 47 ද? 48 ද? 50ට කිට්‌ටු බව නම් ස්‌ථීරයි. මේ කැබිනට්‌ මණ්‌ඩලය 30කට සීමා කිරීමේ මහජන ඉල්ලීම හුදු නාස්‌තිය හා දූෂණය වැළැක්‌වීමේ පියවරක්‌ ම නෙවෙයි. එය මේ රටේ ජන සමාජය විසින් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ට අයුතු වරප්‍රසාද, වරදාන දීම හරහා මහජන මතය කෙළෙසීමේ ක්‍රියාදාමයක්‌ හැටියට මේ සීමාවකින් තොර ව අමාත්‍ය ධූර දීම සලකපු නිසා යි.

එතරම් සරල, එතරම් පහසුවෙන් ඉටු කරගත හැකි කාරණයක්‌, තමන් ම ගෙනා 19 වැනි සංශෝධනය උල්ලංඝනය කරමින් ඉටු නොකර සිටිය දී, එවැනි රජයක්‌ තවදුරටත් මහජන අදහස්‌ අනුව ක්‍රියා කිරීම ගැන කියන විට අප එය සැක කළ යුතු නැද්ද?

දැන් කැබිනට්‌ ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සියයකට ආසන්න ගණනක්‌ විතරක්‌ නෙවෙයි, දිස්‌ත්‍රික්‌ක 25 ට දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපතිවරුන් 54 දෙනකුට වඩා පත් කර තියෙනවා. ඒ පළාත් සභාවල මහ ඇමැතිවරුන්ට අමතරව යි. ඔවුනුත් සංවර්ධන කමිටු සභාපතිවරු බවට නිල බලයෙන් ම පත්ව ඇතිs බැවින් දැනට හැට ගණනක්‌ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපතිවරුන් පත් ව සිටිනවා. දිස්‌ත්‍රික්‌ක 25 ම මහජන මතය නිවැරැදි ආකාරයකට නිරූපණය වීම වැළැක්‌වීම සඳහා මේ වරප්‍රසාද වරදාන දීම යොදා ගනිමින් තිබෙනවා.

මේ අය ව්‍යවස්‌ථා සංශෝධන ගැන කියද්දී නිතර කියනවා අපි මේ ගැන මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ටත් ප්‍රතිඥාවක්‌ දුන්නා කියා, ඒ නිසා ඒ ප්‍රතිඥ ඉටු කළ යුතු යි කියා. ඉතින් උන් වහන්සේ ගේ ආදාහන උත්සවයට ගොස්‌ කතා පැවැත්වීමට පෙර ඇමැතිවරු සංඛ්‍යාව 30කට සීමා කරන්න තිබුණා නේ ද? කෝ, කළා ද?

උන්වහන්සේ ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවට ජනතාව ප්‍රතික්‌ෂේප කරපු අය, නැවත ජාතික ලැයිස්‌තුවෙන් පත් නොකරන ලෙස. ඒ වෙනුවට මොකක්‌ ද කළේ? පරාජිතයන් ව පත් කළා විතරක්‌ නෙවෙයි, ඔවුන්ට කැබිනට්‌ ඇමැතිකම්, නියෝජ්‍ය කතානායකකම් ආදී වරප්‍රසාද කිසිදු විලි ලැඡ්ජාවක්‌ නැතිව දීල තිබෙනවා. මේ ආකාරයට කටයුතු කරමින් ම මේ අය තවදුරටත් තමන් ව්‍යවස්‌ථා සංශෝධනයකට පොරොන්දු දුන් බව කියමින් මේ කරන්න යන දේ පිළිබඳ විශාල සැකයක්‌ ඇති වෙලා තිබෙනවා.

එපමණක්‌ නොවෙ යි. මැතිවරණ ක්‍රමය සංශෝධනය ගැනත් පාලකයන් කතා කරනවා. මහජනතාවට තමන් ගේ නියෝජිතයෙකු පත් කරගැනීමට ඉඩ දීම ගැන ඔවුන් කතා කරනවා. ඒ සඳහා ඉතා පැහැදිලිව 20 වන සංශෝධනය ගෙන ආ හැකි යි. හරිනම් එය ඔවුන් ගේ දින 100 වැඩසටහන තුළ ඉටු කළ යුතු පොරොන්දුවක්‌.

දින 100 අවසන් වූ පසු 20 වැනි සංශෝධන කෙටුම්පත ගෙනාවා. ඒකත් ගෙන ආවාට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. හරිනම් ඉන් පසු හදා ගත්ත හවුල් ආණ්‌ඩුවේ පළමු කාර්යය ලෙස ඒ සංශෝධනය යළි ගෙන ඒම කළ යුතු ව තිබුණා. දැන් එය කරගත නොහැකිව තිබෙන්නේ අප නිසා ද? දේශමාමක භික්‌ෂූන් වහන්සේලා නිසා ද? ඒකාබද්ධ විපක්‌ෂයේ මහජන නියෝජිතයන් නිසා ද?

නැහැ. එය ඔවුන් සමඟ ම හවුලේ බලය භුක්‌ති විඳිමින් සිටින ඔවුන් ගේ ම කණ්‌ඩායම් නිසා. එක්‌සත් ජාතික පක්‌ෂය, මුස්‌ලිම් කොංග්‍රසය, ජනතා විමුක්‌ති පෙරමුණ ආදී කොටස්‌ නිසා යි. මෙලෙස ඉතා පහසුවෙන් සිදු කළ හැකි, සිදු කළ යුතු, සංශෝධන තිබිය දී ඒවා හිතාමතා මඟ හැර මොවුන් නව ව්‍යවස්‌ථාවක්‌ ම ගෙන ඒමට කටයුතු කරන්නේ ඇයි ද යන කරුණ පිළිබඳ සැක සංකා ඇති වීම වරදක්‌ ද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක්‌ නැතිනම් විධායක බලතල අගමැතිට පැවරීමේ යෝජනාවක්‌ පළමුවරට 19 වැනි සංශෝධනය ගෙන එද්දී එයට ඇතුළත්ව තිබුණා. එවිට එයට එරෙහිව ඒ කැබිනට්‌ මණ්‌ඩලයේ ම සාමාජිකයෙක්‌ වුණ චම්පික රණවක ඇමැතිවරයා, මෙය ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයකැ යි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඔහු කිවුවා බෙල්ල කපන්නයි හදන්නේ කියලා. කපන්න හැදුවේ ජනාධිපතිතුමා ගේ බෙල්ල ද, එසේත් නැත්නම් අපේ සදාදරණීය මාතෘභූමියේ බෙල්ල ද?

ඒ සංශෝධන සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට අධිකරණය තීන්දු කළ විට, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනමත විචාරණයකට යන සංශෝධන නොකරන බවට දුන් පොරොන්දුව පෙන්වා ඒ සංශෝධනය හකුළා ගත්තා. අපූරු ම කාරණය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්මා ඉතා ම කැමැත්තෙන් උත්සාහ කරනවලු විධායක බලතල දන් දෙන්න. මේ විධායක බලතල හුවමාරුවට එරෙහිව අධිකරණයට ගිය, එය ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයක්‌ ලෙස නම් කළ, පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ව්‍යවස්‌ථාදායක සභාවට මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ම පත් කරනවා තමා (ජනාධිපතිවරයා) ගේ නියෝජිතයා ලෙස . එක්‌ වරක්‌ නෙවෙයි දෙවරක්‌ ම. එක වරක්‌ හෙළ උරුමයේ සිටිය දී. මේ මැතිවරණයෙන් ඔහු පත් වුණේ එක්‌සත් ජාතික පක්‌ෂයෙන්. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකයා. ඔහු පත් කරනවා එක්‌සත් ජාතික පක්‌ෂයේ මේ මන්ත්‍රීවරයාව තමන් ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්‌ථාදායක සභාවට. එතකොට මේ අය කියන දේවල් අවංකයි කියල පිළිගන්න පුළුවන් ද?

බෙදුම්වාදීනට කප්පම්?

බණ්‌ඩාරනායක-චෙල්වනායගම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් කඩකප්පල් නොකළා නම් යුද්ධයක්‌ නිර්මාණය වෙන එකක්‌ නෑ කියල මෛත්‍රිපාල ජනාධිපතිවරයා කියා තිබුණා. ඒ අතර ම ආබාධිත රණවිරුවන් හමුවක දී ඔහු ම කියා තිබුණා අප ප්‍රභාකරන් පරාජය කරා, දැන් ඔවුන් ගේ බෙදුම්වාදී මතය පරාජය කරමින් ඉන්නවා කියලා. ප්‍රභාකරන් බිහිවීම සාධාරණීකරණය කරමින් ද මේ රටේ ජනාධිපති ඒ මතවාදය පරාජය කරන්නේ? ඒක පුදුමාකාර පරාජය කිරීමක්‌ වෙන්න ඕනේ.

බණ්‌ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්හරින්න වුණේ කවුරු නිසා ද? හැන්සාඩ් වාර්තාවල තිබෙන අයුරින් නම් බණ්‌ඩාරනායක අගමැතිතුමා චෙල්වනායගම් මහතාගෙන් අහනවා කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ තියෙනවා නම් කියන්න, මම එය විසඳන්නම්, ය යි කියා තිබිය දී මට දැනුම් නොදී ඇයි ශ්‍රී අකුරේ තාර ගාන්න ගත්තේ? ඇයි උතුරේ කලබල ඇතිකළේ? කියලා.

එදා එක රටක ජීවත් වීමට මේ ශ්‍රී අකුර ප්‍රශ්නයක්‌ වුණා. ශ්‍රී අකුර සංකේතයක්‌ විතරයි. දෙමළ අම්මා කෙනෙකුට තම පුතාව වාහනයක්‌ හප්පං ගියොත් වාහනේ නොම්මරය කියන්න ශ්‍රී අකුර දැනගන්න ඕන නෑ. එක සිංහල අකුරයි පාවිච්චි කළේ. ඒ අම්මාට කියන්න තිබුණේ අංක ටික විතරයි. ඉලක්‌කම් ටික දැනගත්තම ඇති වාහනය හොයාගන්න. එක ම අකුර භාවිත කළ නිසා සිංහල අකුර දැන ගන්න ඕනෑකමක්‌ තිබ්බේ නෑ වාහනය අඳුරගන්න. ජනවාර්ගික සාමය වෙනුවෙන් කියා ශ්‍රී අකුර අයින් කළා. දැන් මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ මේ රටේ ජනයා සියදහස්‌ ගණනින් මරපු ඉංග්‍රීසීන් ගේ අකුරු. ඉංග්‍රීසි එක්‌ක අපට වෛරයක්‌ නෑ. හැබැයි අද ඉංග්‍රීසි දන්නේ නැති සිංහල වේවා දෙමළ වේවා අම්මා කෙනෙකුට පුළුවන් ද තමන් ගේ පුතාව වාහනයක්‌ හප්පං ගියොත් ඒ වාහනේ නොම්මරය කියන්න? මේකද මේ ඉෂ්ට කරගන්න හදන යුක්‌තිය?

ඒ වනවිටත් චෙල්වනායගම් පාර්ශවයෙන් ගිවිසුම කඩා තිබුණු නිසා යි බණ්‌ඩාරනායක මහත්මයා බද්දේගම විමලවංශ ස්‌වාමීන් වහන්සේලා රොස්‌මීඩ් පෙදෙසට ආවාම කිවුවේ, හාමුදුරුවනේ ඒ ගිවිසුම දැනටත් ඉරිලා ඉවරයි කියා. එය දැනටත් නිශ්ප්‍රභ වෙලා ඉවරයි කියා. මේ වගේ ම වැඩක්‌ දැනුත් වෙනවා. සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාවේ පුවත්පතකට කියා තිබුණා, මේ ජූනි මාසයට පෙර යුද්ධයෙන් ඉඩම් අහිමි වූ සියලු දෙනාට ඉඩම් ලබා දෙනවා කියා. ඉතා හොඳයි. යුද්ධයෙන් ඉඩම් අහිමි වූ සියල්ලන්ට ම ඉඩම් දෙන්න. මේ ගැන "දි අයිලන්ඩ්" පුවත්පත විමසනවා සුමන්තිරම් මන්ත්‍රීවරයාගෙන්. ඔහු අපූරු පිළිතුරක්‌ දෙනවා. එතුමා කියනවා, ඉඩම් දෙන්න, හැබැයි හමුදාව ඉන්න ඉඩම්වලින් හමුදාව ඉවත් වෙන්න ඕන කියා. මේ අය ගේ වුවමනාව මිනිස්‌සුන්ට ඉඩම් දෙන්න ද? හමුදාව පන්නන්න ද? මිනිස්‌සුන්ට ඉඩම් දුන්නට මදි හමුදාවත් පැන්නිය යුතු යි කියලයි මේ බෙදුම්වාදීන් කියන්නේ. මේක තමයි ඇත්ත. මේ ඇත්තට අපට මුහුණ දෙන්න වෙනවා වැඩි දවසක්‌ නොගිහින්.

බණ්‌ඩාරනායක-චෙල්වනායගම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම්වල තිබුණු අහිතකාරි දේ ගැන, බලය රැක ගැනීම වෙනුවෙන් මේ දේශපාලනඥයන් ගත් වැරදි තීරණ ගැන, ඒ විතරක්‌ නෙවෙයි ඉන්දු-ලංකා ගිවිසුම ගැන, පළාත් සභා පිහිටුවීම ගැන, චන්ද්‍රිකා ගේ පැකේජය ගැන, මේවා ගැන රට දැනුවත් කළේ කවුද? රට දැනුවත් කළේ අපේ මහ සඟ රුවන යි. මේ සඳහා පෙරමුණ ගත්තේ පූජ්‍ය බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ, පූජ්‍ය හේන්පිටගෙදර ඥානසීහ නායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවෝ, අතිපූජ්‍ය පලිපානේ ශ්‍රී චන්දානන්ද අස්‌ගිරියේ මහා නායක හාමුදුරුවෝ, ඒ වගේ ම පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ. සෝභිත හාමුදුරුවෝ වෙනුවෙන් ජනතාව දුක්‌වුණේ ඒ ජාතික මෙහෙවර නිසා යි. දැන් ජනාධිපතිතුමා අපට කියන්නේ උන්වහන්සේලා එදා රට ගිනි තිබ්බා කියලා ද? මේ රට රැක්‌ක මහ සඟරුවනට ද කියන්නේ ප්‍රභාකරන් කෙනෙක්‌ හැදුවා කියලා? ඒ සමඟ ම එතුමා කියනවා දකුණෆෙඩරල්වලට බයයි - උතුර ඒකීය වචනෙට බයයි කියලා. මේ අපව රවට්‌ටන්න ද හදන්නේ?ෆෙඩරලුත් එපා, ඒකීයත් එපා, ඒ නිසා අපි රට එක්‌සත් කරමු කියලා කියන්න ද මේ හදන්නේ? ඒ සමඟ ම විග්නේශ්වරන් කියනවා උතුරයි දකුණයි සම බලතල ඇති රාජ්‍යයන් දෙකක සමූහාණ්‌ඩුවක්‌ විය යුතු යි කියලා. මෙහෙම කතා ඇහෙද්දි අප බය විය යුතු නැද්ද?

විකෘති පාර්ලිමේන්තුවකට නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කළ හැකි ද?

ඊළගට මෙ පවත්නා පාර්ලිමේන්තුව සැබෑ ලෙස ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක්‌ ද? ජනතාව විසින් තමුන් ගේ ඡන්ද බලයෙන්, මනාපයේ බලයෙන් ප්‍රතික්‌ෂේප කර පරාජය කළ කී දෙනෙක්‌ නම් සන්ධානයේ ජාතික ලයිස්‌තුව කොල්ලකෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වී සිටිනවා ද? එ වැනි විකෘති පාර්ලිමේන්තුවකට රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ අයිතියක්‌ තිබෙනවා ද?

ඒ විතරක්‌ නෙවෙයි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා සහ කථානායකයා හැරුණු විට ඊළඟ පුද්ගලයා තමයි විපක්‌ෂ නායකයා. විපක්‌ෂ නායකයා පත්වුණු පක්‌ෂයට තිබෙන්නේ ඡන්ද ලක්‌ෂ 5 යි, මන්ත්‍රී ආසන 16 යි.
ඒත් අප දන්නවා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් පනස්‌ ගණනක්‌ ඉන්නවා. ඔවුන් 48 ලක්‌ෂයක්‌ ජනතාව ගේ දේශපාලන මතය නියෝජන කරනවා. එහෙම බැලුවා ම කාට ද විපක්‌ෂ නායකකම ලැබිය යුත්තේ? ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මේ මූලික කාරණය පවා ඉතා මර්දනකාරී ලෙස, ඒකාධිපති ලෙස කොල්ලකා තිබිය දී අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට මේ පාර්ලිමේන්තුවට මොනම අයිතියක්‌වත් නැහැ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් නම් මුලින් ජාතික ලැයිස්‌තුව නිවැරැදි කරන්න. ඒ 48 ලක්‌ෂයේ මතය නිවැරැදි ලෙස නියෝජනය කරන්නට ඒ මන්ත්‍රීවරුන්ට ධුර ලබා දෙන්න. 48 ලක්‌ෂයේ නියෝජනයට විපක්‌ෂ නායක ධුරය දෙන්න. ඒ අනුව ව්‍යවස්‌ථාදායක සභාවේ 48 ලක්‌ෂයට හිමි විය යුතු ස්‌ථාන දෙක ලබා දෙන්න. අන්න එවිට අපට හිතන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ මහජන මතය නියෝජනය වෙනවා කියා. එසේ නැතිව මහජන මතය කොල්ලකා ඇති ආණ්‌ඩුවකට, විකෘති පාර්ලිමේන්තුවකට රටේ ව්‍යවස්‌ථාවක්‌ හදන්න දිය හැකි ද? අපේ ඡන්දයට නිසි වටිනාකමක්‌ දී නැති, නිසි මහජන නියෝජනයක්‌ නැති, ඒ මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න නිදහසක්‌ දෙන්නේ නැති, ඔවුන්ට හිමි විය යුතු විපක්‌ෂ නායකකම දෙන්නේ නැති පාර්ලිමේන්තුවකට අප වෙනුවෙන් ව්‍යවස්‌ථාවක්‌ හදන්න අයිතියක්‌ තිබේ ද?

මේ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඕන කියලා ද? මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න එපා කියලා ද? මේ පවතින ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරගත යුතුයි කියලා ද?

මේ ප්‍රශ්නේ යහපාලනයේ කේවට්‌ටයන් අහන්නේ. ඒ සඳහා නිශ්චිත ව්‍යවස්‌ථා සංශෝධන ගේන්න. ඒකට මුළු ව්‍යවස්‌ථාවම භාරගන්න ඕනෙ නෑ. ජනතාවට පොරොන්දු වූ පරිදි අදාල සංශෝධන සඳහා රජයේ යෝජනා ගේන්න. එවිට විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ඒ ගැන සලකලා බලන්න. විධායක ජනාධිපති ධුරය අහෝසියක්‌ ගේන්න. හැබැයි ඒ සමඟ ම පළාත් සභාවල අන්තනෝමතික ක්‍රියා වැළැක්‌වීමටත් ප්‍රතිපාදන සහිත ව යි එය කළ යුත්තේ. පවතින ව්‍යවස්‌ථාවේ අඩුපාඩු රාශියක්‌ ම පවතින මුත් ඊටත් වඩා නරක ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍ය නැත. අප ඉඟුරු දී මිරිස්‌ ගත යුතු නැත.

-ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

2/19/2016

"මේ එන්නේ රට බෙදන ෆෙඩරල් යක්ෂයායි" - ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     2/19/2016   No comments
==
මේ ආණ්ඩුව ඒකීයභාවය නැමති බෝඩ් ලෑල්ල පෙන්නා සිංහලයා මුලා කර රට බෙදන ව්‍යවස්ථා මර උගුලක රට හිරකරමින් සිටින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.
13 වන සංශෝධනය හරහා ෆෙඩරල් ආකෘතියකින් යුත් නාමිකව ඒකීය නමුත් බෙදුනු රටක් දැනටමත් බිහි වී ඇති තත්වයක ඒය යන්තම් හෝ වළක්වා ගෙන සිටින විධායක සහ මධ්‍යම ආණ්ඩුවේ බලතල දුර්වල කිරීම හරහා නියත වශයෙන්ම එකිනෙකා මරාගන්න සීසී කඩ බෙදී ගිය රාජ්‍යන් කිහිපයක් නිර්මාණය වනු ඇතැයිද අනතුරු අඟවයි.
පසුගියදා කුමන්ත්‍රණ , බිල්ලෝ සහ ව්‍යවස්ථාව යන මැයෙන් පැවති යුතුකම සම්මන්ත්‍රණයේ මුඛ්ය දේශනයක් පවත්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මනෝහර ද සිල්වා මහතා

"වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 12ක් තියෙනවා .ඒ වගන්ති සංශෝධනය කරනවනම් විතරයි ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ.ඒ වගන්ති 12 ඇරුණම වෙන ඕනෑම වගන්තියක් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයෙන් සංශෝධනය කරන්න පුළුවන්.

දැන් ආණ්ඩුව ජනමත විචාරණයක් තියෙනව කියල කියනවා. ඒකෙන් ගම්‍යමාන වෙන්නේ මොකක්ද? අර තීරණාත්මක වගන්ති 12 සංශෝධනය කරන්න යනවා කියන එකයි ඒකෙන් කියන්නේ.
මොකදේ ඒ වගන්ති 12 ඒ ආකාරයෙන් තියා ගන්නවනම් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට ගෙනන යෝජනා මගින් සම්මත කරගන්න පුළුවන්.

මොවනද ඒ වගන්ති 12?
ඒවා තමයි අපේ රටේ නම , මේ රට ඒකීය රාජ්‍යක් කියන එක ,බුද්ධාගම සුරැකීම ආණුවේ වගකීමයි කියන එක , බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතුයි කියන එක,අපේ ජාතික කොඩිය , ජාතික ගීය , පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ඩ්ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුයි කියන එක වැනි අතිශය තීරණාත්මක කරුණු යි ඒ.
ආණ්ඩුව ජනමත විචාරණයකට යනවා කියන්නේ මේ වගන්ති 12 තියෙන දේවල් සංශෝඪ්Hඅනය කරනවා කියන එකයි. අප රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕන නෑ. පසුගිය අවුරුදු 30 තුලම සිද්ධ වුනු ව්‍යවස්ථා සංශෝධන ටික දිහා බැලුවම මේ අය අද ලෑස්ති වෙන්නේ කුමකටද කියන වග අපට ලේසියෙන් සිතා ගන්න පුලුවන්. 1987 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ලංකාව පළමු වටය කොටස් 9 කට කැඩුවේ.පළාත් 9ක් හදලා ඒ වැඩේ කළා. දැන් එතකොට මේක ඒකීයද? නෑ මේක ෆෙඩරල් ආකෘතියක් තිබෙන රාජ්‍යයක්. "

"13 වන ව්‍යවස්ථාව සම්මත කරන වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වනසුන්දර මහතා ඇතුළු විනිසුරුවන් හතර දෙනෙක් කිව්වා මේකෙන් ඒකීයභාවය වැනසෙනවා කියලා. විනිශ්චකාරවරු පස් දෙනෙක් කිව්වා 2/3 දෙකක් තියෙනවනම් මේක වෙනස් කරන්න පුළුවන් නිසා මේක ඒකීය රාජ්යයක් කියලා. අප එක චන්දෙකින් එදා පැරදුනා.මොන තරම් අපරාධයක්ද අපට වුනේ මේ එක චන්දයක් නිසා. මේකයි අපට තියෙන බය.
අපේ රටේ අනාගතය අධිකරණයට භාර දෙන්න බෑ. මේ රටේ ව්‍යහුහය කුමක්ද කියල තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාවයි.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හදන ජයම්පති වික්‍රමරත්න මහත්මය අහල තිබ්බ තවම අප ඒක හදලත් ඉවර නෑ , ඇයි ඒකට විරුද්ධ වෙන්නේ කියලා.
එතුමා 95 ඉඳලා හදපු ව්‍යවස්ථා සංශෝධන යෝජනා බැලුවම අපට භය වෙන්න ඇති තරම් කාරණා තිබෙනවා.
95 පැකේජය , 97 පැකේජය ,2000 පැකේජය , 2010 APRC යෝජනා. මේ හැම එකකම යෝජනා හොඳින් කියවලා බැලුවම පේනවා මධ්‍යම අණ්ඩුවට පළාත් ආණ්ඩුවක් පාලනය කරන්න බැරි වෙන විදියේ රාජ්‍ය ව්‍යුහයක් කිර්මාණය කිරීම තමයි 95 සිට සෑදූ සෑම ව්‍යවස්ථා යෝජනාවකම අරමුණ වුනේ.ජයම්පති වික්‍රමරත්න මහත්මයා හදපු යෝජනවල තිබුණ විදියට රටේ විධායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා පාලනය විය යුතුයි කියල තිබුනා, නමුත් පළාත් මහ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට යටත් නෑ. ඔහු පාලනය විය යුත්තේ පලාත් ඇමති මණ්ඩලය තුලින් කියලයි ඒ යෝජනාවල තිබුණේ.
ඒකෙන් කියන්නේ මොකක්ද? එහෙම නම් මේක තව දුරටත් ඒකීයද?
හැබැයි කියන්නේ නම් මේක ඒකීය රාජ්‍යයක්ලු. සිංහල මිනිහා ගොනාට අන්දවන්න පුලුවන් කියල හිතලා ෆෙඩරල් අන්තර්ගතයට ඒකීය රාජ්‍ය ලේබලය ගහනව . අප ප්‍රවේශම් විය යුත්තේ මෙන්න මේ උගුලෙනුයි. අපට ඕනෑ බෝඩ් ලෑලි නෙවෙයි.අපට ඕන සත්‍ය වශයෙන්ම ඒකීය ව්‍යුහයක්."


"පළාත් ඒකාබද්ධ කරන්න 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන තියෙනවා.අනාගතයේ සිදු වන සංශෝධනයකදි අනිවාර්‍යෙන් මේ ප්‍රතිපාදනය ඉවත් කරන්නයි ඔවුන් යෝජනා කරන්නේ.

ඒ වගේම ඉඩම් හා පොලිස් බලතල කිසි සේත්ම අන් සතු නොකළ යුතුයි. දැනට 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා එක පලාතක පොලිසියකට අනෙත් පළාතට ඇතුළුවෙන්නවත් බෑ. උදාහරණෙක්කට හොරෙක් අල්ලන්න ගියොත් එක පළාතක ඉඳලා අනෙක් පළාතට යද්දි හොරා පැනල යනවා.මොකද පොලිසියට ඒ පළාතට ඇතුළු වෙන්න බෑ.ඕක තියෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සංවෘත වගන්තියේ "කේ" ලැයිස්තුවේ.

එහි තිබෙනවා ජාතික පොලිසියේ අය පළාත් සභාවල සිටිය යුත්තේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන. නිල ඇඳුම් අඳින්න බෑ. ඒ පොලිසිය පාලනය කළ යුත්තේ මහ ඇමතිවරයා විසින් කියල එහි තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මේ රටේ යහපාලනයක් ඇති කරන්න කියලා කියනවනේ. එහෙම කියලා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළා. හැබැයි එහි ජනාධිපතිවරයාට වගේම පළාතේ මහ ඇමතිවරයාට හිමි වෙලා තිබ්බ බලතල ටික කප්පාදු කළේ නෑ. ඒකට අත තිබ්බේ නෑ ජයම්පති වික්‍රමරත්න මහත්වරු.
මිත්‍රවරුනි මෙහෙව් 13 වන සංශෝධනයත් ගෙනාවේ ඒකීය බෝඩ් ලෑල්ලත් එක්ක.

එහෙම බලද්දි වත්මන් ආණ්ඩුවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙදිත් ඒකීයභාවය රකිමින් සිදු කරනව කිව්වත් අපට විශාල සැකයක් තිබෙනවා ඒ ගැන. මොකද මෙතෙක් කල් මේ සියලු විනාශයන් කළේ ඒකීය භාවය කියන නම විකුණලා.ඒකීය බෝඩ් ලෑල්ල සහිතව ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ඇති වීමයි සිදු කළේ.

ඒ නිසා ආණ්ඩුවේ මේ ප්‍රයත්නය පිළිබඳ ඉතාම විමසිලිමත් විය යුතුයි.
ජනාධිපතිධූරය නැති කරනවනම් මධ්‍යම ආණ්ඩුවේ විධායක බලයත් , මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක බලයත් පළාත් ආණ්ඩුවට වඩා ඉහළින් තිබිය යුතුයි.

ඒ කරුණු ඇතුළත් බුද්ධශාශන කාර්‍ය මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අප රජයට බල කළ යුතුයි.
මේ රට එක්සේසත් කරලා මේ ජාතීන් එකතු කරන්න නම් අපට පළාත් වලට ස්වාධීනත්වය ලබා දෙන්න බෑ. එහෙම දුන්නොත් පළාත් වෙන් වෙන්ව ක්‍රියා කරලා මේ රට කෑලි කෑලි වලට කැඩෙන එක නවත්තන්න අපට බෑ. ආණ්ඩුව එක්සත් කියල යෝජනා කරන්නේ එවැනි උත්සාහයක්.

අන්න ඒ නිසයි අප මේ භයානක යෝජනාවලිය පරාජය කළ යුත්තේ. "
ඒ මහතාගේ දේශනයට මෙතනින් සවන් දෙන්න...


-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
2016 ජනවාරි 22 කොළඹදී
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/23/2015

දෙමළ බෙදුම්වාදය පිමි ගානක් ඉදිරියට පන්නවන ජිනීවා පාවාදීම-මහාචාර්ය ජී. එච්. පීරිස්‌

කතෘ:යුතුකම     12/23/2015   No comments
- සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌
ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ වන විට විවිධ අදහස්‌ පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්‍රකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌ කරන විග්‍රහයකි මේ.

එල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ශ්‍රී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක්‌ නෑ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක්‌ තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්‌ෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්‍රී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්‌ථානයක්‌ බවට පත්කිරීම.

තමන්ට අවනත නොවන රාජ්‍යවල කැළඹිලි ඇතිකිරීම ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක්‌. අපේ රට වගේ ආර්ථික වශයෙන් දුර්වල, ඇමරිකානු ආයෝජන නැති, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු නොකරන රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වැනි ආයතනත් කටයුතු කරන්නේ හරිම දැඩි ප්‍රතිපත්තියකින්. ඒක අසාධාරණයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව බටහිර රටවල් මැදිහත් වූ සිවිල් යුද්ධවලදී ඔවුන් සිවිල් ජනතාව ගැන කිසිදු තැකීමක්‌ නොකළ බව ඓතිහාසික සත්‍යයක්‌. ඉරාකය, වියට්‌නාමය වැනි රටවල්වල සිවිල් ජනතාව හොය හොයා ඝාතනය කළා. බැට්‌ල් ඔµa හඩිකා වැනි චිත්‍රපටවල නැගුනේ ඒ ඓතිහාසික සත්‍යය කරුණුයි.

ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය (ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල්), ජාත්‍යන්තර අර්බුද කණ්‌ඩායම (ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස්‌ ගෲප්) සහ අන්තර්ජාතික නීතිඥ කොමිසම වැනි සංවිධාන අපේ රටට එරෙහිව බරපතළ මානව හිමිකම් චෝදන එල්ල කළා. එපමණක්‌ නොවේ, ඒවා ලෝකය පුරා ප්‍රචාරය කළා. ඔවුන් එසේ බොරු ප්‍රචාරය කළේ සාධාරණ පරීක්‌ෂණයකින් තොරවයි.

ඔවුන්ට මේ බොරු ප්‍රචාර කරන්න අවශ්‍ය ව්‍යාජ තොරතුරු සැපයූවේ කොළඹ කේන්ද්‍ර කරගත්, බටහිර රටවල මුදල්වලින් යෑපෙන සහ ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් මුදල් ලැබුණේ බටහිර රටවල ආයතනවලින්. ඒක රහසක්‌ නෙමෙයි. කෝප් කමිටුව කරන ලද පරීක්‌ෂණවලින් ඒ බව මනාව ඔප්පු වුණා.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් වරින් වර මෙරටට එවන ලද නියෝජිතයන් වන ඇලන් රොක්‌, ජෝන් හෝම්ස්‌, මැන්µs්‍රඩ් නොඇක්‌, µsලිප් ඇල්ස්‌ටන්, ලුවී ආබර් වගේ අය බරපතළ චෝදනා ඇතුළත් ඉතා දීර්ඝ වාර්තා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රචාරය කළා. ඔවුන් කළ පරීක්‌ෂණ විධිමත් පරීක්‌ෂණ ලෙස පිළිගන්න බැහැ. දින දෙකතුනක්‌ පමණක්‌ මෙරට ඉඳල දේශීය භාෂා හැසිරවීමට හැකියාවකුත් නොමැතිවයි ඔවුන් මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් සිය රටට යවා ඇති රහසිගත පණිවිඩයකිනුත් තහවුරු වෙනවා. ඒ රහස්‍ය වාර්තා විකිලීක්‌ස්‌ මගින් හෙළිදරව් කළා. ඒවා තුළ කිසිම තැනක ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවක්‌ සඳහන් වන්නේ නෑ. මයිකල් රොබට්‌ස්‌ මහතා මේ රහස්‍ය පණිවුඩ පිළිබඳ අගනා විග්‍රහයක්‌ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි මේ චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බව බටහිර රටවල් සහ ඔවුන්ට සහයෝගය දෙන හැමදෙනාම හොඳින්ම දන්නවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලට විරුද්ධ විය යුතු බවට ප්‍රබල මතයක්‌ ගොඩනැගී තිබෙනවා?

පැහැදිලිවම අපි ජිනීවා යෝජනාවලට එරෙහි විය යුතුයි. ඇමරිකා හා ශ්‍රී ලංකා රජය එක්‌ව ඉදිරිපත් කර තිබෙන මේ යෝජනා ක්‍රියාත්මක කෙරෙන අධිකරණ ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණයක්‌ ඉටුවන්නේ නෑ. එවැනි අධිකරණයකින් දෙනු ලබන තීරණ ශ්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග විසින් පිළිගනු ලබන්නේ අපේ රටේ දේශපාලන නායකයින්, රජයේ උසස්‌ නිලධාරීන්, හමුදා නිලධාරීන් වැරදිකරුවන් කළොත් පමණයි. එහෙම තීන්දුවක්‌ දුන්නොත් පමණයි ඔවුන් එය 'සාධාරණ' පරීක්‌ෂණයක්‌ ලෙස පිළිගනු ලබන්නේ. මානව හිමිකම් සංවිධාන, දෙමළ ඩයස්‌පෝරාව, ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් සහ ඉන්දියාවේ ජනමාධ්‍ය හා විදේශ ප්‍රතිපත්ති සකස්‌ කරන අය දරුස්‌මාන් වාර්තාවටත් එරෙහි වෙනවා එහි ඉදිරිපත් කරන චෝදනා මඳි කියල.

මේ යෝජනා ක්‍රියාත්මක වුණොත් ශ්‍රී ලංකාව තුළ කෙබඳු තත්ත්වයක්‌ ඇතිවෙයිද?

රටට ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා. භයානකම දේ තමයි දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වීම. බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙනම රටක්‌ නිර්මාණය කිරීමේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඊට නිසැකවම නවදිල්ලියේ මෝදි රජයේ සහයෝගය ලැබෙනවා. ඇමරිකාව සහ බටහිර රටවල් සහය දෙනවා. එදා 1987 " වර්ධරාජා පෙරුමාල් වෙනම රටක්‌ ප්‍රකාශ කිරීම කාගේත් හාස්‍යයට ලක්‌වුණා. නමුත් විග්නේෂ්වරන් එහෙම ප්‍රකාශයක්‌ කළොත් ඉහත කී රටවල් ඊට සහය දෙනවා. වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති නිසා අපේ දිගුකාලීන මිතුරන් වූ චීනය සහ රුසියාව අපට සහාය නොදෙන තත්ත්වයට පත්වේවි. එවිට අපේ රට ජාත්‍යන්තරය තුළ සැබෑ ලෙසම හුදකලා වේවි. මේක භයානක තත්ත්වයක්‌. විශේෂයෙන් චීනය සහ රුසියාව අපට සහය දුන්නේ පෙරළා අපෙන් කිසිවක්‌ බලාපොරොත්තුව නෙමෙයි.

අපේ රටේ ජාතික අභිලාෂයන්ට මේ යෝජනා බරපතළ හානියක්‌ බවයි විද්වතුන්ගේ මතය?

පැහැදිලිවම ඔව්. රටේ ඒකීයභාවය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාව සහ ජාතීන් අතර සහජීවනය විනාශ වෙන බරපතළ තත්ත්වයක්‌ මේ යෝජනා ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙනවා.

ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ පරණගම කොමිසම ඉතා පැහැදිලිව කියා තිබෙනවා යුද්ධයේ අවසාන කාලේ සිදුවූ සිවිල් වැසියන්ගේ මරණවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බව. මේ දේශීය වාර්තාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් කමිටුව නිහඬයි. නමුත් ඔවුන් දේශීය යාන්ත්‍රණයක්‌ ඇති කළ යුතු බව කියනවා?

මානව හිමිකම් කමිටුවේ මේ නිහඬවීම සාමාන්‍ය දෙයක්‌. ජාතීන් හතළිස්‌ හතක නියෝජිතයෝ වසරකට දෙවරක්‌ සමුළුවක්‌ පවත්වල එහිදී ඉදිරිපත් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ජන්ද විමසීම් කිරීමත්, ඒවායේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමත් තමයි ඔවුන් කරන්නෙ.

මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සිදුවූ සිවිල් ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානයත් වගකිවයුතු බව පරණගම කොමිෂන් වාර්තාවේ සඳහන් වන බව ඇත්ත. ඒක කවුරුත් පිළිගන්න දෙයක්‌. සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්‌ෂක පළිහක්‌ ලෙස රඳවාගෙන සිටියදී ඔවුන්ට අවශ්‍ය ආහාර, බෙහෙත් ආදී කිසිවක්‌ ලබා දී නෑ. තම ප්‍රදේශවල ඉඳල හමුදාව වෙතට පලායැමට තැත්කරපු අයට එල්.ටී.ටී.ඊ එකෙන් වෙඩි තිබ්බා. නමුත් චෝදනාව ඒක නෙමෙයි. ශ්‍රී ලංකා හමුදාව වුවමනාවෙන්ම අහිංසක දෙමළ ජනතාව ඉලක්‌ක කර බර අවි යොදාගෙන පහර දී ඔවුන් ඝාතනය කළාය කියන එක.

ශ්‍රී ලංකා රජය විසින් පරීක්‌ෂණ පවත්වල අවසන් කළ මුතූර් දෙමළ තරුණයින් 17 දෙනකු ඝාතන සිද්ධිය සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර අසල දෙමළ තරුණයින් පස්‌ දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විතරක්‌ නොවෙයි පදනම් විරහිත අසත්‍ය එකක්‌ යෑයි විවේචනයට ලක්‌වූ චැනල් 4 මගින් ඉදිරිපත් වූ කරුණුත් නැවත පරීක්‌ෂා කළ යුතු බව පරණගම කොමිසමේ තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලටත් යුද අපරාධ චෝදනාවලටත් ශ්‍රී ලංකාව කෙසේ පිළිතුරු දිය යුතුද?

අපේ රටේ සිටින විනිසුරුවරුන් සහ නීතිඥයින් හා අපේ නීති පද්ධතිය යොදාගෙන මේ සඳහා විවෘත අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ සිදු කළ යුතුයි. නිශ්චිත චෝදනා පිළිබඳ පරීක්‌ෂා කළ යුතුයි. දේශපාලන අභිලාෂ ඉලක්‌ක කරගෙන කරනු ලබන උද්ඝෝෂණ හා අසත්‍ය කරුණු මත පදනම් වූ චෝදනා ප්‍රතික්‌ෂේප කළ යුතුයි.

අපේ රට අද පත්ව තිබෙන්නේ භයානක අර්බුදකාරී තත්ත්වයකට. දේශීය විදේශීය සතුරු බලවේගවලට ප්‍රතිචාර දැක්‌වීමට නම් එක ප්‍රබල පක්‌ෂයක්‌ විපක්‌ෂය ලෙස කටයුතු කළ යුතුයි. විපක්‌ෂයේ විවිධ කණ්‌ඩායම්වලට මෙවැනි අවදානම් සහගත මොහොතකදීවත් සියලූ සුළු සුළු වාදබේද අමතක කර එක පක්‌ෂයක්‌ පිහිටුවා ගැනීමට හැකිවෙන්න ඕන. මේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ මහජනතාව තුළ කම්පනයක්‌ ඇති කළ හැක්‌කේත් එවැනි විපක්‌ෂයකට පමණයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත විශාරද නන්දා මාලිනී විසින් ගයන ගීතයක කොටසක්‌ මම මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.

කවුරුන් හෝ මගෙ රට බිලිදේ නම්
නොපනත් කම් ගිනි ලා අවුලා නම්
කුමටද උන් හා සීල සමාදම්
සටනින් තොර මුනිවත අවදානම්

මේ ගීතයෙන් කියෑවෙන දේශප්‍රේමී හැඟීම් මත කටයුතු කරමින් මහජනතාවට මේ තත්ත්වය පහදා දී කටයුතු කරන විපක්‌ෂයක්‌ මේ රටට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මෑත කාලීන පාවාදීම් සහ එහි ඇතැම් නායක නායිකාවන්ගේ කියුම් කෙරුම් දෙස බලන විට තවදුරටත් එම පක්‌ෂය කෙරෙහි විශ්වාසයක්‌ තබන්න රටට ආදරය කරන ජනතාවට බැහැ. එබැවින් විකල්ප දේශපාලන ධාරාවක්‌ බිහිවිය යුතුයි.

-දිවයින

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/14/2015

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී - සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම

කතෘ:යුතුකම     12/14/2015   1 comment
බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.

චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ පොත පත  කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත් චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ. බටහිරයන් විසින් ඇයට පැවරූ ප්‍රධාන වගකීමක ආරම්භක පියවර තැබීමටය. ඇය ළඟදී පාසල් විෂය නිර්දේශයෙන් බුද්ධාගම පොත ඉවත් කර සියළු ආගම් ඇතුළත් සර්ව ආගමික පොතක් ළමුනට ලබා දිය යුතු බවට අදහස් පළ කළාය.

වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.

බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පවා බෞද්ධාගම රැක ගැනීම උදෙසා ඔවුන් සතු වගකීම අවධාරණය වී ඇත්තේ එය මේ රටේ ඓතිහාසිකව පැවත ආ සම්ප්‍රදාය වූවා සේම එය රජවරුන් සතු යුතුකමක් සහ රාජ්‍යත්වයට ඇති හිමිකමද නිර්ණය වන සාධකයක් වි තිබුන බැවිනි. රටක ව්‍යවස්ථාව සහ නීති බවට පත් වන්නේ එම රටේ සම්ප්‍රදායයි. නමුත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ අප සතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් විනා අපගේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් නොවේ. කෙසේ නමුත් උඩරට ගිවිසුමට ද ඇතුලත් කර ඇති පරිදිම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයට අයත් වන නව වන වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුය. එසේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන්ද එහි ඇතුළත්ය.


දැන් මේ චන්ද්‍රිකා නෝනා එන්නේ මොකාටදැයි වටහා ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍යය නොවේ. ස්වාභාවික මිනිස් ඉව ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ලංකා රජය නව ව්‍යවස්ථාවක් සකසන්නට කැස පට ගසමින් සිටියි. සැබැවින්ම එය ලංකා රජය විසින් සදන්නට යන ව්‍යවස්ථාවක් යැයි කියනවාට වඩා ගැලපෙන්නේ බටහිරයන් විසින් අප ලවා සාදවන අපේ නොවන අපේ ව්‍යවස්ථාවක් බව පැවසීමයි. මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මතය. ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාවේ තමනට ඇති ගැටළු දන්වා යවන්නේ මේ නෝර්වේ රටේ කෙවන් වොලන්ටය. මේ ව්‍යවස්ථාව කෙබඳුදැයි තවම අප දන්නේ නැත.

නමුත් චන්ද්‍රිකා පෙළ පොත සර්ව ආගමික කිරීම හරහා නිකුත් කරන්නේ සංඥාවකි. පැහැඳිලි සංඥාවකි. නැතිනම් චන්ද්‍රිකාට ඉස්කෝලේ පොත් මතක් වෙන වයසක් නොවේ මේ. මුලින්ම එන්නේ සර්ව ආගමික පාසල් පෙළ පොතක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැති පාසල් පෙළ පොතක්. ඉන් පසුව එන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති ව්‍යවස්ථාවක්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති රටක්.

පෙළ පොත හරහා කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගත හැකිය. එකක් මුලින් මුට්ටිය දමා බැලීමය. මේ මුට්ටියට කුඩු වෙන්න ගැහුවද හොරා පසුබසිනු ඇත්තේ තාවකාලිකවය. මේ හොරා මෙහය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසිනි. ව්‍යවස්ථාව සදන්නේ නෝර්වේ රටින් උපදෙස් ගනිමිනි. එනිසා හොරාටද හොරකමේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. ඉන් සාක්ෂාත් කර ගන්නා දෙවන කාරණය ඊටත් වඩා අතිශය භයානකය. එනම් මතවාදීව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය යුතු නැතැයි තහවුරු කර ගැනීමයි. පෙළ පොතට මේ වෙනස කරන විට බොහෝ දෙනෙකු ඒ ගැන එතරම් උනන්දු නොවන, බිය නොවන හේතුවක් තිබේ. ඒ ළමුන්ට අන් ආගම් ගැනද වැටහීමක් ලැබීමේ කිසියම් සාධනීය පැත්තක්ද ඇති බැවිනි. එහි සත්‍යයක්ද තිබේ. නමුත් චන්ද්‍රිකා.... ඇය දැන් කල්පනා කරන්නේ ළමුන්ගේ අධ්‍යාපනය ගැනද? අපි ඇය ගැන දනිමු. ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.

මුලින් පෙළ පොත සර්ව ආගමික කළ පසු සියළු ආගම් මේ රට තුළ සමස්ථානයේ ලා සැලකිය යුතු බවට මතයක් පසුව තහවුරු කර ගැනීම පහසු වේ. කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් අවැසි නැති බව පවසනු ඇත. අවශ්‍ය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බෞද්ධ ධර්මයට පවා පටහැණි යැයි උගන්වන ඊනියා උගතුන් කිහිප දෙනෙකුද කළ එළි බසිනු ඇත. අඥාන සිංහලයාට මෙය වැටහෙන කොට පෙරහැර ගිහින්ය. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම සඳහා චන්ද්‍රිකාලා රනිල්ලා හරහා බටහිරයන් ඉතා දක්ෂ අයුරින් මානසික පරිවර්තනයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනී යා යුතුය. එය මෙරට මහා සංඝයා වහන්සේ ඇතුළු බෞද්ධ දායක දායිකාවන්ගේ අප්‍රමාදි අවධානයටවත් ලක් විය යුතුය. හොරා අල්ලා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය බිද දැමීමටවත් මේ සියළු දෙනා නින්දෙන් අවදි විය යුතුය. නැතිනම් අපට වසර දෙදහස් පන්සියයකට වඩා පැවත ආ සම්ප්‍රදායට, අලිඛිත ව්‍යවස්ථාවට සහ ලිඛිත ව්‍යවස්ථාවට පටහැණි රටක් බිහි වීමට ඇත්තේ තවත් වසර දෙකකට අඩු කාලයක් බව සිහි කැඳවා ගත යුතුය. යළි යටත්විජිතකරණයට ලක් වූ මේ දේශයේ අප ගත කරන්නේ ඉතිහාසය වෙනස් කරවන සන්ධියක් පසු කරන ඉතාම තීරණාත්මක අවධියකි. නිදිගෙන සිටියහොත් සොරා ගෙයි වටිනා කියන කිසිවක් ඉතිරි නොකරනු නිසැකය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/09/2015

චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

කතෘ:යුතුකම     12/09/2015   1 comment
ජාතික සංහිඳියාව පිළිබඳව පවතින කතාබහ අතරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අලුත් තීන්දුවක් එක්කොට තිබේ. ඇය විසින් එම තීන්දුවට අදාළ ප්‍රකාශයක් සිදුකරන ලද්දේ පසුගිය දෙසැම්බර් 01 වනදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ නිකම්ම නොව ජාතික සමගිව සහ සංහිඳයාව සඳහා වන කාර්යාලයේ ප්‍රධානියා ලෙසටය.

ඇය විසින් එහිදී සඳහන් කළ ප්‍රධාන කරුණක් වන්නේ අවසන් යුද්ධයේදී සිදුවූවා යයි කියන යුධ අපරාධ පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ උසාවි 2016 වසරේ ජනවාරි මාසය නිමවීමට ප්‍රථම පිහිටුවනු ලබන බවයි. ඇය කියන්නේ එම උසාවි මගින් යුධ අපරාධ පිළිබඳව සොයන බවත් සාමාන්‍ය සොල්දුදාවන් ගැන නොව අණ දීමේ ප්‍රධාන දාමය වෙත සියලු අවධානය යොමු කළ යුතු බවත්ය. මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇයට කිසිදු අයිතියක් නැති බව අප මුලින්ම සඳහන් කළ යුතුය. මක් නිසාද යත් ඇය දේශපාලන අධිකාරිය විසින් පත්කරන ලද නිලධාරිනියකි. ඇය වැනි නිලධාරිනියකට ඉකුත් යුද්ධය වැනි ඓතිහාසික සිද්ධියක් සම්බන්ධයෙන් නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ උසාවි නිර්මාණය ගැන කතා කිරීමට වරමක් ඇත්තේ නැත. ජිනීවා යෝජනා මේ රටේ ක්‍රියාත්මක කරනවාද නැද්ද එසේ නම් ඒ කුමන ප්‍රමාණයකටද එසේත් නැත්නම් ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නවාද නැද්ද පිළිබඳවද සාකච්ඡා කරන්නට රටේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. එම සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුවේ ප්‍රධානත්වය දරන්නේද ජනාධිපතිවරයායි. තවමත් එම සර්ව පාක්ෂික සමුළුවෙන් කිසිදු තීරණයකට පැමිණ නැත. එවැනි තීන්දුවකට පැමිණ නැත්තේ එම සමුළුවේ ඇති ගැටලුවක් නිසා නොව එහි තවමත් පවත්වා ඇත්තේ සාකච්ඡා වට දෙකක් පමණක් බැවිනි.

ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව සාකච්ඡා කරමින් සිටියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නමැති නව නිලධාරිනිය එම කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද යන්න මුලින්ම ප්‍රශ්න කළ යුතුව ඇත. එහිදී අපට මතුවන ගැඹුරු ප්‍රශ්නය වන්නේ ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකුල වගකීම ඇති ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ තීන්දුවකට ප්‍රථම තමාගේ තීන්දුවක් ප්‍රකාශ කිරීමට ඇයට බලයක් හෝ වරමක් ලැබුණේ කෙසේද යන්නයි. එවැනි බලයක් හෝ වරමක් පෙනෙන්නට නැති කල ඇයගේ මෙම ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව කෙලෙස කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කළ යුතුය. කෙසේ නමුත් මිට දිය හැකි තවත් අලුත් අරථකථනයක් වෙයි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූවේ ආණ්ඩුවේ සැබෑ සහ සැඟවුණු තීන්දුව බවය. එය එසේ නම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන සර්ව පාක්ෂික සමුළුව කෙසේ වෙතත් ආණ්ඩුවේ සැබවින්ම තීන්දු ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය ඇත්තේ රනිල්, චන්ද්‍රිකා, මංගල ත්‍රිත්වය අතේද එසේත් නැත්නම්
ඔවුන්ගෙන් පරිබාහිරව ජාතනතර බලවතුන්ගේ අතේදැයි යන ප්‍රශ්නය මතුවේ. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ කාරණා වඩාත් කිට්ටුවෙන් විමසා බැලීමේදි අපට පෙනෙන්නේ ඒවා සත්‍යයට කිට්ටු නොවන බවයි. ඊනියා යුධ අපරාධ පිළිබඳ වගවීමකින් තොරව මේ රටේ ජාතීන් ජාතිකත්වය හෝ ජනවාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති වන්නේ නැතැයි යන අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සංහිඳයාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කදිමතම නිදර්ශනයක් වී ඇත්තේ උතුරු අයර්ලන්තයේ මහ සිකුරාදා සාම ප්‍රඥප්තියයි. එම සාම ප්‍රඥප්තිය තුළ යුධ අපරාධ පිළිබඳ වගවීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වූයේ නැත. එවැන්නක් තිබිය යුතු යැයි අයි.අර්.ඒ. සංවිධානය ඉල්ලුවේද නැත. එවැන්නක් කරන්නට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රතිඥා දුන්නේද නැත. එවැන්නක් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටියේද නැත. කෙසේ නමුත් අයර්ලන්තයේ සංහිඳියා ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉදිරියට ගොස් තිබේ. ඉන් පෙනෙන්නේ සංහිඳියාව සහ වගවීම එසේත් නැතිනම් අපරාධවලට වගකීම පැවරීම අතර සම්බන්ධයක් නොමැති බවයි. මේ ඊට එක් නිදසුනක් පමණකි. යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයෙකු වෙන නේටෝ යුධ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන ස්පාඤ්ඥය ඊට තවත් නිදසුනකි. ස්පාඤ්ඥයේ 1930 ගණන් වලදී සුවිශාල සිවිල් යුද්ධයක් ඇති විය. එම යුද්ධයේදී එක් පාර්ශවයකට ජර්මනියේ පැසිස්ට්වාදී බලවතා සහයෝගය දුන්නේය. අනෙක් පාර්ශවයට සෝවියට් රුසියාව සහාය දුන්නේය. මේ මහා සිවිල් යුද්ධ‍යෙන් මියගිය ගණන තවමත් අපි නොදනිමු. කෙසේ නමුත් අවුරුදු පනහක පැසිස්ට්වාදී ආඥාදායක පාලනයකින් පසුව කදිම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්වූ ස්පාඤ්ඤය අවුරුදු අසුවකට පෙර සිදුවූ සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බලන්නේ නැත. එහි සිදුවූ අපරධ පිළිබඳ වගවීමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරී බැලීම නීතියෙන් තහනම් වූවකි. එය කලාකරුවන්ට සහ ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව බලන්නේ නැත. එහි සිදුවූ අපරාධ පිළිබඳ වගවිමක්ද නැත. තවද සිවිල් යුද්ධය දෙස ආපසු හැරි බැලීම නීතියෙන් තහනම් වූවකිත එය කලා කරුවන්ට හා ඉතිහාසඥයන්ට කළ හැකි වුවද මිය ගිය සංඛ්‍යාව නිල වශයෙන් සෙවීම නීති විරෝධිය. එවැන්නක් සිදුකළ ප්‍රසිද්ධ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැවරු නඩුවක් ද තිබේ. ඉන් පෙනෙන්නේද චන්ද්‍රිකාගේ තර්කය සහමුලින්ම බිඳ වැටෙන බවයි.

ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ගැටුම් සම්බන්ධයෙන් වගවීමක් සිදු කළා නම් එය සිදුවූයේ දිනන්නට බැරි යුද්ධයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සාම ගිවිසුමක් හරහා තල්ලු වන අවස්ථාවකදීය. එවැනි අවස්ථාවන් වලදී වගවීම පිළිබඳව විශේෂ පියවර ගනු ලැබිණි. එහෙත් ලංකාවේ සිදුවුයේ එවැන්නක් නොවේ ඒ නිසාවෙන්ද වගවීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහිදී පැන නොනැගිය යුතුය.

එමෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවක බහුතරයන්ගේ ආඥාදායකත්වයන් තනි පක්ෂ එසේත් නැත්නම් සුදු වර්ණ භේදවාදින්ගේ හෝ මිලිටරි ආඥාදයකත්වයන් ලෙස දේශපාලන සිතියම තුළ ප්‍රතිබිම්බනය විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව පෙරළා පවා වගවීම මතු කරනු ලැබුවේ නැත. වගවිම ගැන මතු වුයේ නම් ඒ දශක ගණනාවකට පසුය. ඒ ප්‍රමාදය හේතුවූයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපෑරී දශක ගණනාවකට පසුයත ඒ ප්‍රමාදයට හේතුවුයේද සංහිඳියාව සඳහා සමාජයේ තුවාල නොපැරීම වැදගත් බැවිනි. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මතුකර ඇත්තේ පුහු තර්කයකි. ඒ අනුව ඇයට පවරා ඇති වගකීම අනුව ඇය කළ යුත්තේ සංහිඳයාව සම්බන්ධ නිලධාරිනියක් ලෙස කටයුතු කිරීම මිසක පසුගිය යුද්ධය ගැන හාරා බලමින් වරදකරුවන් සෙවීම නොවේ.

එසේ නම් මෙහිදී සිදුවන්නේ කුමක් ද? චන්ද්‍රිකා බණ්ඩාරනායක චරිතයේ අමුතු දේශපාලන චර්යාවන් අපට පෙනේ. ඇයගේ සැමියා වන විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. ඇයගේ එක් ඇසක් අන්ධ කරනු ලැබුවේ කොටි සංවිධානය විසිනි. එම කොටි සංවිධානය පරාජය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. කෙසේ නමුත් චන්ද්‍රිකා ගේ ප්‍රධාන වෛරක්කරුවන් වූයේ ප්‍රේමදාස හා රාජපක්ෂ යන ජනාධිපතිවරුන් දෙදෙනායි. ඒ අනුව පැහැදිලිවම ඇය තුළ ඇත්තේ තමන්ට වඩා ජනාධිපති තනතුරේ කිසියම් සාර්ථකත්වයක් ලැබූ ඒ නිසාම ඉතිහාසගතවන චරිතවලට එරෙහි වීමයි.

විධායක ජනාධිපති ධූරය වාර දෙකක් දැරු ඇය සිය පියා සහ මවගේ කීර්ති නාමය නිසා ලද ජාත්‍යන්තර සබඳතා ජාලය යොදවමින් කොටි සංවිධානය පරාජය කරන්නට අවශ්‍ය සහයෝගය ලබා ගත්තේද නැත. ඇය ඒ වෙනුවට කළේ නෝවේ රටට අත වනමින් ඊනියා සාම ක්‍රියාවලියකට රට තල්ලු කිරීමයි. එහිදීද තෝරා ගත් රට ඊට ඉතාම නුසුදුසුය. ඒ නෝවේ රටේ ප්‍රබල දමිළ ඩයස්පෝරාවක් සිටිනා බැවිනි. සාම ක්‍රියාවලියකට මැදිහත් වීමට රටකට ආරාධනා කරන්නේ නම් සිය රටේ යුද්ධ කරන පාර්ශව දෙකේම ඩයස්පෝරා සිටිය යුතුය. නොඑසේ නම් ඒ එක් ඩයස්පෝරාවකටවත් ප්‍රබල බලයක් ඒ අදාළ රටේ නොතිබිය යුතුය. ඒ අනුව ජපානය වැනි රටක් ඊට තෝරා ගැනීමේ වරදක් නැත.

කෙසේ නමුත් තමන්ට ජයග්‍රහණය කරන්නට තිබූ යුද්ධයක් ජයග්‍රහණය නොකර එය ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වය සහ නිලධාරීන් හමුදා ප්‍රධානීන් වෙතින් යුධ අපරාධ සිදුවූවා යයි උපකල්පනය කර ඒවා සොයැ බැලීමට විශේෂ උසාවි කැඳවීම හෝ ඊට අත්පුඩි ගැසීම හිටපු නායිකාවකට තරම් නොහොබිනා දෙයකි.

යුද්ධයේදි වැරදි සිදුවූවා නම් ඒ වැරදි පිළිබඳ සොයා බලන්නට අවශ්‍ය කාල ප්‍රමාණය ගතවී ඇද්දැයි ප්‍රථමයෙන් සලකා බැලිය යුතුය. ඊට හේතුව නම් වෙනත් රටවල මෙවැනි දේවල් සොයා බලනු ලැබුවේ වසර ගණනාවක් අවසන් වීමෙන් පසුව වීමයි. බොහෝ රටවල ඒ පිළිබඳ සොයා බැලුවේම නැත. කෙසේ නමුත් මෙරට පැවති යුද්ධයෙන් හය වසරකට පසු එම තුවාල පෑරවීම වගකීම් විරහිත දෙයකි. දෙවනුව සිදුවූ වැරදි පිළිබඳ සොයා බැලීමට විශේෂ උසාවි අවශ්‍ය මන්දැයි තවත් ප්‍රහේලිකාවකි.

පවතින නීති පද්ධතිය සහ පවතින ආයතන පද්ධතිය හරා එනම් පවතින උසාවි යටතේ මිනි මැරුම් ස්ත්‍රී දූෂණ වැනි ඕනැම බරපතළ අපරාධයක් පිලිබඳ සොයා බැලිය හැකිය. එසේ තිබියදි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වී ඇත්තේ ඒ වෙනුවට විශේෂ උසාවි වැඩපිළිවෙලක් වෙනුවෙනි.

මෙහි ඊළඟ කරුණ නම් යුද්ධයට අණ දුන්නවුන්ගේ විශේෂ වගකීමක් පිළිබඳ කතා කරනු ලැබ තිබීමයි. ඇය පැහැදිලිවම බලන්නේ සාර්ථක යුද්ධයකට අණ දුන්න වූවන්ට දඬුවම් කිරීමටය. සත්‍ය ලෙසම අණ දුන් පිරිසගේ අතින් වරදක් වූයේ නම් සහ ඊට දඬුවම් දෙන්නේ නම් ඔවුන් අතින් සිදුවූ මහා සත්ක්‍රියාවට දෙනු ලබන ත්‍යාගය කුමක්ද? වරදක් කළා නම් දඬුවම් දිය යුතු වේ නම් එම වරද සිදුවුයේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ විශාල සද්ක්‍රියාවේ කොටසක් ලෙසින් නම් ඒ වෙනුවෙන් අණ දුන් පිරිසට චන්ද්‍රිකාගෙන් ලැබෙන ස්තුතිය කවරේද?

මේ පිළිබඳ අපේ ඈත ඉතිහාසයේ කදිම නිදර්ශණයක් ඇත. එනම් රට එක්සේසත් කළ පසු පශ්චාත්තාපි වු දුටු ගැමුණු රජතුමාට අරහත්වරුන් විසින් දෙන ලද උපදේශයයි. එවැනි දැක්මක් මේ අවස්ථාවේ ද අප යෙදවිය යුතුය. එය අපේ ඓතිහාසික සම්ප්‍රදායන් මෙන්ම ඉතිහාසයෙන් අපට උරුම වූ දෙයක් බැවිනි. එහිදී ක්‍රමවේදය ඉතා නිවැරදිය. දුටු ගැමුණු රජු කළ යුද්ධය ඉතා සාධාරණ වුවකි. ඒ එම යුද්ධය රට එක්සේසත් කිරීමට කළ යුද්ධයක් වූ බැවිනි. එම යුද්ධය තුළ සිදුවූ වැරදිවලට අරහත් වරු විසින් සමාව ලබාගෙන ලදී. ඉන් දුටුගැමුණු රජුගේ හෘද සාක්ෂිය යම් අස්වැසිල්ලක් ලැබු බව මහාවංශය සඳහන් වේ.

එවැනි තත්ත්වයන් ඉතිහාසය තුළ තිබියදි චන්ද්‍රිකා අද පවසන්නේ කොටි සංවිධානය නමැති රකුසු සංවිධානය තමන්ට පරාජය කරන්නට නොහැකි වු නමුදු මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළ බැවින්ම එය මහා වරදක් බවත් ඊට රාජපක්ෂලා සහ හමුදාව දඬුවම් විඳිය යුතු බවත් නොවේද?මෙරට පිහිටුවන විශේෂ උසාවිය ගැන කියන චන්ද්‍රිකා විසින් මතු කළ තවත් කාරණාවක් තිබේ. ඇය දෙසැම්බර් 01 දා ජනමාධ්‍ය හමුවේචි පවසා ඇත්තේ තාක්ෂණික කටයුතු සහ පරීක්ෂණ කටයුතු සඳහා විදේශීය විශේෂඥයන් උසාවිය විසින් පාවිච්චි කරනු ලබන බවයි. බැලු බැල්මට මෙහි වැදගත්කමක් නොපෙනුණද මෙය ඉතාමත්ම භයානක කාරණාවකි. ඊට හේතුව නම් මෙමඟින් කියා සිටින්නේ නැති මිනී වළවල් හෑරීම සහ ඇට කටු සොයා බැලීම සහ එම ඇට කටු බටහිර රටවල රසායනාගාර හා විශ්ව විද්‍යාල වෙත යැවීම සඳහා විදේශීය විශේෂඥයන් ලංකාවට වද්දාගනු ලබන බවයි. මෙයට ‍බෙහෙවින්ම අඩු ලංකාවේ ක්‍රියාවක් මීට සති දෙක තුනකට ප්‍රථම සිදුවිණි. ඒ 1999න් පසු ප්‍රථම වතාවට අතුරුදන් වූවන් පිළිබඳ සොයන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට මෙරටට පැමිණෙන්නට ඉඩ දීමයි. එම කමිටුව ත්‍රිකුණාමලයේ නාවුක කඳවුරට ගොස් දමිළ ත්‍රස්තවාදි රැඳවියන් තබා ගෙන සිටි වධකාගාරයක් යැයි කියන එක් කාමරයක් නම් කර තිබුණි. විශේෂ උසාවියක් යටතේ මෙවැනි දේ පිළිබඳ සොයනවා පමණක් නොව ඒ ගැන පරීක්ෂා කිරීම නියත ලෙසම සිදුවනු ඇත. සමකාලීන ලෝක ඉතිහාසය දන්නා ඕනැම කෙනෙකු දන්නා කරුණක් වන්නේ මෙම විදේශිය විශේෂඥයන්ගේ නැටුම කාගේ පදේකට සිදුවන්නක්ද යන්නයි. ඔවුන් කළ බොරුවල එක ප්‍රතිඵලයක් වූයේ ඉරාකය විසින් මහා පරිමාණ ලෙස මිනිසුන් සමූහ ඝාතනය කළ හැකි රසායනික අවි තබාගෙන සිටින්නේය යන බොරුව පතුරුවා යුද්ධයට අවශ්‍ය පරිසරට සකස් කිරීමයි. එම රසායන අවි කතාව බොරුවක් බව දැන් ඔප්පු වී ඇත. මෙවැනි තත්ත්ව සළකා බැලීමේදි මෙරට විදේශ විශේෂඥයන් තාක්ෂණික කටයුතු වලට යොදවනවා යැයි කියන්නේ අපේ රට ත්‍රස්තවාදයෙන් බේරු හමුදා නායකයින්, නිලධාරීන් සහ දේශපාලන නායකත්වයට එරෙහිව බාහිර බලවේග දැනුවත්ව මැදිහත් කර ගැනීමකි.

මේ සියල්ලෙන් සිදුවන්නේ කුමක්ද? ත්‍රිවිධ හමුදාව දුර්මුඛ වීමයි. දැනටමත් ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ඉදිරිපත්ව ඇත. ඒ සඳහා ඔහු රන් පවුම් මිලියන 6.6ක් තුන් වසරක් සඳහා ලබා දීමට සූදානම් බව පවසා ඇත. බ්‍රිතාන්‍ය හමුදාව යුද්ධයක් දිනන ලද්දේ දශක ගණනාවකට කලින් අයර්ලන්තයේ අයි.ආර්.ඒ සංවිධානය පවා මෙල්ල කිරිමට ඔවුන්ට හැකියාව තිබුණේ නැත. ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් පලා ගියේය. ඒ අනුව ලංකාවේ විජයග්‍රාහි හමුදාවක් ප්‍රතිසංස්කරණය කරන්නට බ්‍රිතාන්‍යයට ඇති අයිතිය කුමක්ද? බ්‍රිතාන්‍යෙය් දමිළ ඩයස්පෝරාව වැඩි වශයෙන් සිටින රටකි. එමෙන්ම සමන්තා පවර් මහත්මිය පසුගියදා උතුර නිර්හමුදාකරණ්‍ය කළ යුතු යැයි කීවාය. මේ පියවර තුන එනම් උතුර නිර්හමුදාකරණය, ආරක්ෂක හමුදාව ඊනියා ප්‍රතිසංස්කරණයට ලක් කිරිම සහ විශේෂ උසාවි හරහා පසුගිය යුද්ධයේ අණදුන් පිරිසට දඬුවම් දීම හේතු කොටගෙන ත්‍රිවිධ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ දැමීම අනිවාර්ය වේ. තවද යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ සහ නිවැරදි පරිපාලනමය හා සංවිධානාත්මක නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කෙරෙන්නේ නම් එහිදී සිදුවන්නේ ලබන අවුරුද්දේ ෆෙඩරල් පන්නයේ ව්‍යවස්ථාවක් ගෙනෙන විට ඊට විරුද්ධ වීමට සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසංවාදී මන්ත්‍රී පිරිසට දේශපාලන නායකත්වය දීමට දේශපාලන චරිත ප්‍රායෝගිකව ඉතිරි නොකිරීමය. මෙහිදී එක් අතකින් විජයග්‍රාහී හමුදාවක හිස ගසා දමන අතර අනෙක් පසෙන් ජාතික බලවේගයන්ගේ දේශපාලන හිසද ගසා දමනු ලබන බව දෙසැම්බර් 01 දා චන්ද්‍රිකාගේ ජනමාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිදරව් වන සැලසුමයි.

-ආචාර්‍ය දයාන් ජයතිලක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

12/02/2015

ශ්‍රී ලංකාව ගැන සමන්තා පවර් ගේ පැටිකිරිය

කතෘ:යුතුකම     12/02/2015   2 comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ ගමන පිළිබඳ විග්‍රහ කිරිමට ප්‍රථම ඇය කවුද යන්න පිළිබඳවත් එම ගමනේ වූ අමුත්ත කුමක්ද යන්න පිළිබඳවත් අප විසින් විමසා බැලිය යුතුය. එහිදි මෙරට දේශපාලනයේ ප්‍රකට හා පැරණි සටන් පාඨයකට අනුව යමින් අපට විමසන්නට සිදුවන්නේ ඇය කවුද? කරන්නේ මොනවාද යන්නයි.

සැබැවටම සමන්තා පවර් යනු කවරෙක්ද? ඇය හිටපු ආචාර්යවරියකි. එමෙන්ම ඇය ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ආණ්ඩුවේ වඩාත්ම වැදගත් න්‍යායාචාර්යවරිය ලෙසද සලකනු ලැබේ. අපේ විදේශ ප්‍රතිපත්ති චින්තකයින් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සමන්තා පවර් යැයි එහිදී බැරැක් ඔබාමා පවසා ඇත.

සමන්තා පවර්ගේ පසුබිම සලකා බැලුවහොත් ඇය පුවත්පත් කලාවේදිනියක ලෙසත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසත් කටයුතු කර තිබේ. ඇය ප්‍රසිද්ධියට පත් වූයේ රුවන්ඩා සමූල ඝාතනය ගැන ලියු පොත හේතුවෙනි.

එම පොත තුළ ඇයගේ දර්ශනය පැහැදිලිව පෙනෙන්නට තිබේ. සමන්තා පවර් විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ප්‍රකට වන්නේ මානවවාදයේ නාමයෙන් නොඑසේ නම් මානව දයාවේ නාමයෙන් බටහිර මැදිහත්විම් වල න්‍යායාචාරිණිය ලෙසයි. ඇය රුවන්ඩාවේ සමූල ඝාතනය ආශ්‍රිතව මතුකළ ප්‍රශ්නය වන්නේ මෙවැනි දේ වැළැක්වීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය එනම් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වන්නේද නැද්ද වන ප්‍රශ්නයයි. එම ග්‍රන්ථය මහින් ඇය පැවසුවේ කෙදිනක හෝ එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් තම රැකියාව පරදුවට තබා මැදිහත්වීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමය තුළ ඇය මුලින්ම දරන ලද තනතුර වූයේ ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාක උපදේශක තනතුරයි. එම තනතුර දැන් භාරව සිටින්නේ ඇය අද දරණ තනතුර කලින් භාරව සිටි සුසන් රයිස් මහත්මියයි. ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ සිට ඇය පත්වූයේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතවරිය වශයෙනි.

අද වන විට ලංකාව සම්බන්ධයෙන් ඇයට ඇති කාර්යභාරය පිළිබඳව දන්නේ කිහිප දෙනෙකු පමණි. 2011 දි පමණ සිට එනම් පශ්චාත් යුධ කාලයේ හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූර කාලයේදී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළා පමණක් නොව ලංකාවට පැමිණ එවකට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවලටද එක්විය. ඊට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නිව්යෝක් නගරයට ගිය විටත් ඇය සාකච්ඡා වලට එක් විය. කෙසේ නමුත් ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට මුල පුරපු ප්‍රබල චරිතයක් වූයේ සමන්තා පවර්ය.

මෙය ඇයගේ දර්ශනයට අනුව සිදුවූවක් බව යැයි අපට පැහැදිලිව පෙනේ. ඒ මන්ද යත් ජනාධිපති ඔබාමා සහ ආරක්ෂක ලේකම්වරයා වූ රොබට් ග්‍රේට්ස් පවා ලිබියාවේ ඇමරිකානු ප්‍රතිපත්තියට විරුද්ධ වූ වකවානුවකදි ලෝක ජනමතය එනම් බටහිර ජනමතය සහ ජනමාධ්‍ය වල මතය පාවිච්චි කරමින් ලිබියාව තුළ මැදිහත්වීමකට ඇමරිකාව තල්ලු කළ ප්‍රබල කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙක් වූයේ සමන්තා පවර්ය. අනෙක් දෙදෙනා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ එවකට ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතා වූ සුසාන් රයිස්ය.

ජනාධිපති බැරැක් ඔබාමා ගේ ඡන්ද ව්‍යාපාරයේදී හිලරි ක්ලින්ටන්ට විරුද්ධව කිසියම් ප්‍රකාශයක් සමන්තා පවර් විසින් සිදු කරනු ලැබුවද පසුකාලීනව ඉහත නම කී ප්‍රබල කාන්තාවන් තිදෙනාම විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්නවලදි බටහිර මැදිහත් විම් වලට පක්ෂව එම මැදිහත්වීම ඉදිරියට තල්ලු කරමින් කටයුතු කරන ලදහ. සමන්තා පවර් ලංකාව දෙස බැලුවේද එම ප්‍රිස්මය තුළිනි.

දේශපාලන දර්ශණය පිළිබද විශේෂඥවරියක වන ඇය වැනි දක්ෂ අයෙකුට එරෙහිව මුහුණ දීමට ඉකුත් ආණ්ඩුව ඉදිරිපත් කළේ ඉතා නුසුදුසු හා දුර්වල චරිත දෙකකි.

මේ අනුව සමන්තා පවර්ගේ ලංකා ගමන සම්බන්ධයෙන් කියවුතු ප්‍රධාන දෙය නම් එය රාජ්‍ය තාන්ත්‍රික නියාමයෙන් හා සම්මතයන් උල්ලංඝනය කළ ගමනක් බවය.

මා එසේ කියන්නේ කුමක් නිසාද? අපි දන්නා පරිදි සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිවරයා කිසියම් රටකට තානාපතිවරයෙකු නොවේ. එම සංවිධානය වනාහි අන්තර් රාජ්‍ය හෙවත් අන්තර් ආණ්ඩු සංවිධානයකි. එය හදුන්වනු ලබන්නේ බහුපාර්ශ්වික සංවිධානයක් ලෙසිනි. එම සංවිධානයේ නිලධාරීන් විවිධ රටවලට ගමන්ගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට තානාපතිවරයෙකු ලෙස සිටිනා පුද්ගලයකු වෙනත් රටකට ගමන්ගන්නේ නිශ්චිත තත්ත්වයන් දෙකක් තුළ පමණි. ඉන් එකක් නම් පෞද්ගලික නිවාඩුවක් සදහායි. දෙවනුව යම් අසල්වැසි රටක තානාපතිවරයෙකු නැතිනම් නිව්යෝක් නගරයේ සිටින තානාපතිවරයාට එම වගකිම භාරදෙනු ලැබේ. නිදසුනක් ලෙස නිව්යෝක් නගරයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිතයා ලතින් ඇමරිකාවේ රටවල් දෙක තුනකත් තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එයට හේතුව නම් එම රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් හෝ තානාපතිවරුන් නොසිටින බැවිනි.

කෙසේ නමුත් ලංකාවේ තත්ත්වය එය නොවේ. ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයක් ඇති අතර තානාපතිවරයෙකුද සිටී. ඒ අනුව එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය හා නිත්‍ය නියෝජිතයා වන සමන්තා පවර්ට පෞද්ගලික හේතු කාරණා හැරුණු විට නිල සංචාරයක් ලංකාවේ කිරීමට සැබවින්ම අයිතියක් නැත. එය රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් උල්ලංඝනය කිරීමකි. එහෙත් ඒ ගමනින් ලංකාවේ ආණ්ඩුවට නම් එවැනි ප්‍රශ්නයක් මතු වූ බවක් නම් නොපෙනේ.

සමන්තා පවර් ලංකාවට පැමිණියාට පසු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද හමුවිය. ඊට ප්‍රථම ඇය යාපනයටද ගියාය. ඇයගේ ගමනේ පළමු පියවර නම් උතුරට යාමයි. උතුරට ගොස් ඇය නිල වශයෙන් මුණ ගැසුනේ කවුද? ඇය එහිදී සිටියේ කුමක්ද? ඇය මුණ ගැසුණු පුද්ගලයින් ඇයට කියා සිටියේ කුමක්ද? මේ සියල්ල මාධ්‍ය මගින් අපට දැනගන්නට හැකිවිය. ඇය උතුරු පළාත් මහ ඇමතිවරයා හමුවිය. විග්නේෂ්වරන් යනු තමාගේ පක්ෂය තුළ පවා ආන්දෝලනයකට ලක් වු අයෙකි. ඔහු සමන්තා පවර්ට කියා සිටියේ දෙමළ රැඳවියන් සියලු දෙනා නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳ ලංකා ආණ්ඩුවට බලපෑමක් සිදු කළ යුතු බවත්ය.

අනතුරුව ඇය හමුවූයේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයායි. නොවැම්බර් 23 වන දා මෙරට ඉංග්‍රීසි පුවත්පතකට පළවූ වාර්තාවකට අනුව ඇය පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ තමා එකඟ වූ දෙයක් වන්නේ උතුරු පළාත නිර්හමුදාකරණය කිරිම තව දුරටත් ප්‍රමාද කළ නොහැකි කාරණාවක් යන්නයි. රටක යම්කිසි පළාතක් නිර්හමුදාකරණයට පාත්‍ර විය යුතු යැයි පැවසීම එම පළාතේ ආණ්ඩුකාරවරයාට අයිති තීන්දුවක් නොවේ. මෙහිදී ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ එය කිසිම රටක තානාපතිවරයෙකුට භාර මාතෘකාවක් නොවන බවය.

ඉකුත් එජාප ආණ්ඩු කාලයේ බටහිර තානාපතිවරයෙක් සහ තානාපතිකාර්යාලයේ ඉහළ නිලධාරියෙක් රටින් පිටමං කරනු ලැබුවේ මීට වඩා අඩු ලංසුවේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.

ඒ අතර ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ කෙවින්ස් ස්කොට් නමැති නිලධාරියා පැය 24ක් ඇතුළත ගුවන් යානයක පටවා රටින් පිටත් කරනු ලැබුවේ 83 කළු ජූලිය සම්බනධයෙන් ආණ්ඩුව විවේචනය කළ බැවිනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලයේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වන ඩේවිඩ් ග්ලැඩ්සන් රටින් පිටුවහල් කරනු ලැබිණි. එදා එජාප ආණ්ඩුවේ සහ අද එජාප ආණ්ඩුව අතර වෙනස නම් ඇමරිකානු තානාපතිවරියකට ඇයට අයිති නැති ගමනකදි මෙරට උතුරු පළාත නිර්හමුදාකරණය පිළිබඳ කතා කරන්නට ඉඩකඩ තබමින් ආණ්ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමය. උතුර නිර්හමුදාකරණය සම්බන්ධයෙන් සමන්තා පවර් කළ අදහස සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. ඒ බෙදුම්වාදි යුද්ධයක් ඇමරිකාවේ අවසන් වූයේ 1865 දීය. ඒ නූතන යුගයේ කීර්තිමත්ම දේශපාලන චරිතයක් වන ඒබ්‍රහම් ලින්කන් දකුණේ දේශපාලන හිතවතකු විසින් ඝාතනය කරනු ලැබුණි. බෙදුම්වාදි දකුණු ප්‍රාන්තය යටපත් කර ඇමරිකාව යළිත් එක්සේසත් කළ උතුරේ හමුදාව එම දකුණු ප්‍රාන්ත වලින් ඉවත් කරවන්නට වසර දොළහක් ගත විය. ඇමරිකාවේ බෙදුම්වාදී දකුණු ප්‍රාන්ත වෙනත් භාෂාවක් කතා කළ වෙනත් ආගමක් ඇදහූ වෙනත් අනන්‍යතාවක් සහිත ප්‍රජාවක් නොවීය. තවද එම දකුණු ප්‍රාන්තයේ අසල් වැසි රට වශයෙන් අපට තමිල්නාඩු ප්‍රාන්තය තිබෙන්නාක් මෙන් අතුරු ප්‍රාන්තයක් නොතිබුණි. කෙසේ නමුත් පරමාදර්ශි යැයි කියා ගන්නා ඇමරිකාව යුද්ධයකට පසු අවරුදු දොළහක් යන තුරු හමුදාව ඉවත් නොකළේය. තවම ලංකාවේ බෙදුම්වාදී යුද්ධය නිමවී අවුරුදු හයකි. ලංකාවේ එම යුද්ධයට උල්පත වූ උතුර සහ තවමත් බෙදුම්වාදයට සහය දෙන මහ ඇමතිනියක් සිටින තමිල්නාඩුව අතර ඇත්තේ සැතපුම් දහනවයක් පමණි. එවැනි පළාතකින් හමුදාව ඉවත් කළ නොහැකිය. සමන්තා පවර් උතුර නිර්හමුදාකරණය කළ යුතු යැයි කීමෙන් අපට ඇමරිකාවේ සැබෑ සිතිවිල්ල පෙනී යයි.

මෙහිදි සමන්තා පවර් මුණ ගැසුණු තවත් සංවිධානයක් වූයේ ටි එන් ඒ සංවිධානයයි. ටීඑන්ඒ සංවිධානයේ නායකයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වන ආර්.සම්බන්ධන් මහතා ඇයට පවසා ඇත්තේ ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ තෙරපුමක් තල්ලුවක් ආණ්ඩුවට ලබා දිය යුතු බවය. ඇමරිකාවේ තෙරපුමක් නොමැතිව එක්සත් ජාතීන්ගෙ සංවිධානය කටයුතු නොකරන බවත් මේ දෙකෙහිම තෙරපුමක් නොමැතිව ලංකා ආණ්ඩුව ජිනිවා යෝජනා ක්‍රියාත්මක නොකරන බැවින් එම යෝජනා යුහුසුළුව පරිපූර්ණව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාව වගබලා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පවසා තිබේ.

අනතුරුව සමන්තා පවර් ලංකාවේ අනෙකුත් නායකයින්ද මුණ ගැසුණාය. ඒ අවස්ථාවේ ඇය පැවසුවේ ලොව අන් කිසිදු රටකට කල් පැවතෙන සංහිඳියාව කේන්ද්‍ර කර ගනිමින් සාධනීය විපර්යාසයක් ලංකාවේ සිදුව ඇති බවයි. වෙනත් ආකාරයට කියනවා නම් එය ඇමරිකාවේ දිලිසෙන ජයග්‍රහණයක් බවයි. කෙසේ නමුත් විශ්ලේෂණාත්මකව බැලීමේදි අපට පෙනී යන්නේ ලංකාව අද කරන දේ කරන්නට තරම් ලෝකයේ වෙන කිසිදු රටක් අදුරදර්ශී වී නැති බවයි. සමන්තා පවර් තානාපතිවරියගේ ගමන දෙස අප බැලිය යුත්තේ සමස්ත චිත්‍රයේ කොටසක් ලෙසය. එනම් ඈත අතීතයට යෑම නොව ඊට සමකාලීනව, සමගාමීව හා සමාන්තරව දිවෙන අනෙකුත් ක්‍රියාවලි සමගිනි.

සමන්තා පවර් ශ්‍රී ලංකාවට ඒමට දිනකට දෙකකට කලින් තවත් පුදුම සහගත දෙයක් සිදුවුණි. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ විශේෂ කාර්ය සාධක බළකායක් ලංකාවට පැමිණීමයි. ඔවුන් අවසන් වරට ලංකාවට පැමිණියේ 1999 වසරේදීය. ඉන් අදහස් කළේ අවුරුදු පහළොවක් තිස්සේ කිසිදු ලංකා ආණ්ඩුවක් එම කණ්ඩායමට පැමිණෙන්නට ඉඩ ලබා නොදුන් බවයි. ඊට හේතුවක් තිබිණ. ඒ යුධ අපරාධ පිළිබඳ තොරතුරු සොයන කණ්ඩායමක් මේ වෙලාවේ ලංකාවට වැද්දා ගැනීම නුවණට නුහුරු බව එම ආණ්ඩු තේරුම් ගත් බැවිනි. එමෙන්ම ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස මා දන්නා කරුණක් වන්නේ මෙවැනි විශේෂඥ කණ්ඩායම්වලට තමන්ගේ ප්‍රඥප්තීන් වලින් එහා කටයුතු නොකළ හැකි බවයි.

එහිදි අතුරුදන් වුවන් ගැන සොයනවා නම් කටයුතු කළ යුත්තේ ඒ සම්බන්ධයෙනි. එපමණක්ද නොව අදාළ රටේ කිසියම් ආයතනයක් හෝ ක්‍රියාවලියක් එම මාතෘකාව සම්බනධයෙන් ක්‍රියාකාරී වී ඇත්නම් එම දේශිය යාන්ත්‍රණය සමඟ මුණ ගැසී කතිකා කරගැනීම ඔවුන්ගේ වරමේ කොටසකි. එහෙත් අතුරුදහන් වූවන් ගැන රජයෙන් පත්කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසී නැත. එපමණක් ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිලධාරීන් කිසිවකු ඔවුන් මුණ ගැසුනේ නැත. එපමණක්ද නොව මැක්ස්වෙල් පරණගම කොමිසමට එරෙහිව එය අත්හළ යුතු බවත් එම ලිපිගොනු

තමන්ට භාර දියු යුතු බවත් එක්සත් ජාතීන්ගේ එම කණ්ඩායම සිය අවසන් පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළහ. එයත් තම නිල වරමෙන් විශාල ලෙස පිට පැනීමකි.

මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට නාවික හමුදාවේ කඳවුරු පරීක්ෂා කරන්නට දොර විවර කළේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසිනි. ඉරාකයේ හා අනෙකුත් රටවල පාඩම් ලංකාව ඉගෙන ගෙන නැත. ඒ බටහිර රටවල් විසින් මුදල් දී මෙහෙයවන එම එක්සත් ජාතීන්ගේ විශේෂ පරික්ෂණ කණ්ඩායම් ඒ ඒ රටවල කඳවුරු පරීක්ෂා කරමින් බොරු චෝදනා නගමින් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සම්ප්‍රදායක් ඇති බවයි. එම ව්‍යාජ සාක්ෂි මත අදාළ රට තවදුරටත් උගුලට හසු කර ගැනීම ඉතිහාසය තුළින් ඔප්පු වේ.

ඒ අනුව ඉන්දියාව වැනි බටහිර හිතෛශි රටක් පවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායම් වලට තම හමුදා කදවුරු පරීක්ෂා කරන්නට ඉඩ දෙන්නේ නැත. එහෙත් ලංකා ආණ්ඩුව එවැන්නකට ඉඩදී තිබේ.

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයන්නට වරමක් සහිතව පැමිණි එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නිල වාර්තාවක් නිකුත් කර ඇත. එම නිල වාර්තාව ඔවුන්ගේ නිල වරමින් බොහෝ ඇතට ගොස් ඊනියා යුධ අපරාධ පිළිබද ලංකාවේ ඉදිකළ යුතු අධිකරණ යාන්ත්‍රණයේ ස්වාභාවය පිළිබද විශාල නිර්දේශයක් කර ඇත. ඔවුන්ගේ වාර්තාවේ ඡේද ගණනාවක් ඇත්තේ ඔවුන්ට කිසි ලෙසකින් වත් අදාළ නැති කාරණායි. වෙනත් රටවල අධිකරණ ක්‍රියාවලියක් ගැන කතා කරන්නට අතුරුදන් වූවන් පිළිබද තොරතුරු සොයන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ කණ්ඩායමට අයිතියක් නැත. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වීමට

ආත්ම ගෞරවයක් හා කොන්දක් ඇත්තන් නැති නිම රටේ අවාසනාවකි. මේ අනුව සමන්තා පවර් ගේ ගමන ගැන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම ගත් එක් ක්‍රියාවලියක ධාවන පථයන් දෙකක් ලෙස පෙන්වා දීමට හැකිය. මෙහි තුන්වන හා හතරවන ධාවන පථ පිළිබද කතා කිරීමට තවත් අවස්ථාවකදි කළ යුතු වුවද මේ මොහොතේ එය සිහිපත් කළ යුතුය. එනම් තුන්වන ධාවන පථය යුහුසුළුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. හතරවන ධාවන පථය අයවැයයි.

මේ අනුව සමන්තා පවර්ගේ ගමන අතුරුදන්වූවන් පිළිබ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමේ පැමිණීම හා වාර්තාව නව ව්‍යවස්ථාවට ගෙන එමින් ඒකිය රාජ්‍ය සංකල්පය සංහිදියාවේ නාමයෙන් ගෙන ඒම සහ ආර්ථික ඩයස්පෝකරණයට හා විජාතිකකරණයට විවෘත කිරීම යනු ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බහුවිධ මූලෝපායික සැලැස්මේ විවිධ ධාවන පථයන්ය. මෙම ව්‍යාපෘති සියල්ල හමාර වූවාට පසු ලංකාවේ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී මෙම දිවයිනේ ප්‍රජාවන් අතර ඇති ඓන්ද්‍රීය ස්වාභාවික බල තුලනය සහමුලින්ම වෙනස් වී යනු ඇත. ඒ අනුව මෙම දිවයින ඩයස්පෝරාව ප්‍රබලව සිටින බටහිර රටවල් මෙන්ම තමිල්නාඩුව සදහටම නිදන්ගත වී තිබෙන ඉන්දියාව අතර බලතුලනය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇත. දැනටමත් ශ්‍රී ලංකාවේ දෛවය ඇමරිකාවට ඉන්දියාවට පැවරීමේ ව්‍යාපෘතියක් මෙම ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව මේ සියල්ල තුළින් පැහැදිලිය.
 
-දයාන් ජයතිලක 
:රිවිර

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/25/2015

ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම

කතෘ:යුතුකම     11/25/2015   1 comment

ත්‍රස්තවාදයේ ආදීනව පැරිසියේ ප්‍රහාරවලින් පසු යලිත් බටහිර හා බටහිරගැති මාධ්‍යය ජාලයන් හරහා ලොව පුරා රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එහෙත් ඒ දිනවලම ලෙබනනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය, පසු ගිය මස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන, ඊට සති කිහිපයකට පෙර සව්දි අරාබි-ඇමරිකානු හමුදා සoධානය යේමනයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන ආදිය නිකම්ම ප්‍රවෘත්ති කණ්ඩයකට පමනක් සීමාවිය.

කෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රoශයට එල්ලවූ මෙම බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිදුකරන සියලුම ත්‍රස්ත ප්‍රහාර රටේ තරාතිරම (ලොකු, කුඩා, බලවත්, දුබලවත් ආදී වසයෙන්) නොබලා එකහෙලාම හෙලාදකිනු නොඅනුමානය.

ත්‍රස්තවාදීන් අද ලොව පුරා මෙතරම් බලවත් විමට මූලික වි ඇත්තේ තම ගෝලීය අරමුණු ඉටුකර ගැනීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් ද තම කලාපීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප අසල් වැසි ඉන්දියාව වැනි රටවල්ද ත්‍රස්තවාදීන් පිලිබඳව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය යි.

ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා1970 දී අමෙරිකා එක්සත් ජනපදය පුහුණුකොට යෙදවූ ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 දී ඉල්ලන් කැවේය.

අපේ හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා 1983 දී ඉන්දියාව පුහුණුකොට යෙදවූ ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඉන්දියාව1991 මැයි 21දා ඉල්ලන් කැවේය.

පැරිසිය, ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කණ්ඩායම්ල ‍ක්‍රියාකාරී කේන්‍ද්‍රස්ථානයක් බව රහසක් නොවේ. ඒ අනුව අද ත්‍රස්ත භීතියෙන් පෙලෙන ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් වල පාලකයන් කරඇත්තේ ද එක්තරා විදියක ඉල්ලන් කෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

බටහිර ගැති අපේ පාලකයෝද විවිද අවස්ථාවල ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලන් කෑ අවස්ථා තිබේ. වරක් ‍ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටින්ට ආයුධ දී ඉල්ලන් කෑ වේය. එල්.ටී.ටී ත්‍රස්තවාදීන් ට ඊනියා 'පැකේජ්' දී සනසවන්නට ගොස් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ඇසක් අහිමිකර ගනිමින් ඉල්ලන් කෑ වේය.

එල්.ටී.ටී ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ පිළිගනිමින්, ත්‍රස්තවාදීන් රටේ ආරක්ෂක හමුදා සමඟ සමතත්වයේ ලමින්, ගුවන් හමුදාව ලවා ඔවුනට සියලු ආරක්ෂාව සහිත ගුවන් ගමන් පවා සලසමින්, රටේ ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදී නායකයින්ට 'මචo' කියා අමතමින්, රටේ පොලීසිය මිලේනියම් සිටි වැනි හමුදා බුද්ධි අoශ ඒකකයන් වටලමින් ත්‍රස්තවාදීන් පිනවීමට ගොස් ඉල්ලන් කෑ හැටිත් අද බොහෝ දෙනෙකුට මතක නැති ගානය.

සුප්‍රකට 9/11 ත්‍රස්ත ප්‍රහාරයත් සමගම එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශය අනුකරණය කරමින් ප්‍රoශ ජනාධිපතිවරයාද ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකර ඇත. ප්‍රoශ ජනාධිපතිවරයාගේ සංත්‍රාසය අන් කවරෙකුටත් වඩා ශ්‍රී ලoකාවාසී අපට දැනෙන්නේ අප 30 වසරක් පුරාම එවැනි සංත්‍රාසයෙන් දිනපතාම පෙළුන බැවිනි.

එසේවුවද, බටහිර රටවල් අපිට නොකියා කියන දෙයක් නම් මිනිස් ජීවිත යනු ඔවුන්ගේ (බටහිරයන්ගේ) ජීවිත පමණක් බැවින් මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුද්ධ කිරීමට ඔවුනට පමණක් සාධාරණ අයිතියක් ඇතිබවය. ඔවුන්ගේ වර්ගකිරීම අනුව බලවත් බටහිරයන්ට පහර දෙනවිට ත්‍රස්තවාදියා, ‘ත්‍රස්තවාදියෙකු' වේ. අපි වැනි කුඩා රටකට පහර දෙනවිට ත්‍රස්තවාදියා ‘සටන් කාමියෙකු'වේ.

ඒ බව සනාථ කරමින්, අසූව දශකයේ මුල් භාගයේ දී යැoකි ඩිකී නමින් විරුදාවලී ලත් බටහිර ගැති ජනාධිපතිවරයෙක් අපට සිටියදීත්, අප රටේ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙමින් සිදුවූ ජීවිත හා දේපල විනාශයන් බටහිර රටවල් සත පහකට තරම්වත් ගනන් ගත්තේ නැත.

ඔවුන් අපේ පාලකයින්ට දිගටම කීවේත් කියා දුන්නේත් ත්‍රස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම්, සුනාමි ගිවිසුම් ආදිය ගසන සැටි මිස ත්‍රස්තවාදීන්ගේ මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුධ වැදීමට නොවේ. අද මෙන්ම අසූවේ දශකයේ සිට 2005 වන තෙක්ම අපේ පාලකයින් මෙන්ම පාලිකාවද කලේ බටහිරයන්ගේ පදයට නැටීමය.

එදා 2009 අ‍ප්‍රේල් මස ත්‍රස්තවාදී නායකයින් මුදාගැනීමේ අරමුනෙන්, ආරක්ෂක හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට බල කිරීමට පැමිණි ප්‍රoශ හා බ්‍රීතාන්‍යය විදේශ ඇමති වරුන්ගේ පදයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ නම් අද අප රටේ තත්වය කෙබඳුවේද? රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහින්ද රාජපක්‍ෂ පරාජය කොට තමන්ගේ පදයට නටන රෑකඩ පාලනයක් බිහි කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව අද රහසක් නොවේ.

මෙම රෑකඩ දේශද්‍රෝහීන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේම රටේ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා නගමින් රටට එරෙහිව යෝජනාවක් සම්මත කරගනී.

තවද, එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර පරීක්‍ෂා කර එහි වධකාගාරයක්‌ තිබූ බවට මුළු ලොවටම ප්‍රකාශ කිරීමට රහස් පොලීසියේ සහයද ලබා දෙමින්, දිවි පරදුවට තබා සටන්කොට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් අපේ හමුදාවන් පවාදෙයි.

බටහිර රටවල්, ත්‍රස්තවාදීන් පමණක් නොව ත්‍රස්තවාදියෙකු යයි සැක කරන සෑම ප්‍රානියෙකුම පරලොව යවද්දී, වත්මන් දේශද්‍රෝහී පාලනය තම කෙටි කාලීන පැවැත්ම ගැන පමනක් සිතා දරුණු ප්‍රහාර වලට වග කිවයුතු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් සිටී. කොටි ත්‍රස්තවාදීන් නිදහස ඉල්ලා උපවාස කරති. නිදහස් වී යන මෙම ම්ලේච්ඡයින් යලි සන්නද්ධ නොවේයයි තිබෙන සහතිකය කුමක්ද?

වත්මන් පාලකයින් කොටි ත්‍රස්තවාදීන් හා රන විරුවන් පිළිබඳව දක්වන අදූරදර්ශී ආකල්පය අත නොහැරියොත් හෝ පරගැති පාලනයේ වෙනසක් සිදු නොවුවහොත් රට යලිත් 2009 ට පෙර පැවති ත්‍රස්ත භීතිය, සංත්‍රාසය රජයන යුගයක් ඉල්ලන් කෑම වැඩි ඈතක නොවේ.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/23/2015

ලක්‌ මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්‍ෂාවේ ඇඳුම් ගලවා බැලීම

කතෘ:යුතුකම     11/23/2015   No comments
දැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස්‌ රාජ්‍යයට බෝම්බ වැසි වස්‌සවන මොහොතකි.

එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක්‌ ඇත. ඒ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට ගහන්නට ගොස්‌ ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්‍රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.

මන්ද තිස්‌ වසරක්‌ පුරා මේ රටට ශාපයක්‌ වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්‍රී ලංකාවට පැමිණි එවකට ප්‍රංශයේ විදේශ ලේකම්වරයා වූ බර්නාඩ් කුෂ්නර් අපට කියා දුන්නේ ඒ පාඩමය.

බර්නාඩ් කුෂ්නර් එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග හදිසියේම ශ්‍රී ලංකාවට ආවේය. ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව සටන් කළ අපේ රණවිරුවෝ ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මැදමුලනට ගොස්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ ප්‍රංශ විදේශ ලේකම්වරයා හා මිලිබෑන්ඩ් ඇතුළු තුන්කට්‌ටුවක්‌ ජනාධිපතිවරයාට කියා සිටියේ යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසද ගන්නා ලෙසය.

එහිදී මැදමුලන වත්තේ ගසක්‌ යටදී ඔවුන්ට බෙලිමල් කෝප්පයක්‌ සමග කිතුල් හකුරු කෑල්ලක්‌ දුන් මහින්ද කීවේ “අවසානය දකින තුරු සටන අතහරින්නේ නැහැ.. මේක අපේ ප්‍රශ්නයක්‌.. ඔයාලා යන්න” කියාය. අවසානයේ කුෂ්නර්ලා මුහුණු බෙරි කරගෙන පිටව ගියහ.

ඒ මහින්දගේ හැටිය. එහෙත් දැන් ත්‍රස්‌තවාදයෙන් බැට කා සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට බෝම්බ හෙලනුයේ එදා අපට එසේ උපදෙස්‌ දුන් ප්‍රංශය ය. තථාගත බුදු හිමියන් දෙසූ දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ලොප් කරන්නට ජගතෙක්‌ ලෝකයේ නැත. එය පරම සත්‍යයකි. අද ප්‍රංශය අත්විඳ ඇත්තේ පරම සත්‍යයේ ප්‍රතිඵල නොවේද?

තෙවරක්‌ බුදු පා පහස ලද මේ පිං බිමට අතපොවනා කිසිවකුටත් ඉන් ගැලවී යා නොහැකි වනු ඇත. අප එසේ කියන්නේ ප්‍රභාකරන් වනසා එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුර මේ මොහොතේත් අපට රිදවමින් සිටින නිසාය.

අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට වසර 15 කට පසු ඉකුත් දා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්‌ඩායම ශ්‍රී ලංකාව තුළ හිඳමින් සිදු කළ අපූරු විමර්ශනයෙන් කියෑවුණේද එකී රිදවීමේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ය.

එක්‌සත්ජාතීන්ගේ මෙකී ක්‍රියාකාරී කණ්‌ඩායම් මීට පෙර අවස්‌ථා තුනකදී ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ 1991, 1992 සහ 1999 වර්ෂවලදීය. නමුත් එදා ඔවුන් මෙරටට පැමිණ මොන විමර්ශනයක්‌ සිදු කළද 1991 සහ 1992 සංචාරයන්හිදී බටලන්ද වැනි තැන්වලද ගියාද යන්න සැක සහිතය. නමුත් මෙදා ගමනේදී නම් ඔවුන් ගෙඩියේ පොත්ත පමණක්‌ නොව ගෙඩිය තුළ වූ ඇටේ පිළිබඳවද විමර්ශන කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.

ඔවුහු ඉකුත් 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාව තුළ සිදු කළ විමර්ශනයේදී කිලිනොච්චියට ගියහ. මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාරටද ගියහ. ඒ අතරේ ඇඟ බේරා ගන්නටදොa ගාල්ලටද ගියහ.

ඒ සියලු සංචාරයන්හිදී ඔවුන් සොයා බැලුවේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් පිළිබඳවය. 1991 දී සහ 92 දීත් මෙවන් විමර්ශන කණ්‌ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් මෙවර ඔවුන් ගාල්ලට ගියේ ඇයිදැයි යන්නද ප්‍රශ්නයකි.

මොකද දකුණේ කොල්ලන් කෙල්ලන් බුරුතුපිටින් අතුරුදන් වූ 1991-92 ට පෙර වර්ෂ වූ 88-89 කාලයේ වන නිසාය.

ඒ කෙසේ වෙතත් ත්‍රිකුණාමලයට ගිය ගමනේදී ජාතික ආරක්‍ෂාවේ රෙද්ද උස්‌සා නොබැලිය යුතු තැන් බලන්නටද ආණ්‌ඩුව ඔවුන්ට ඉඩ දී තිබුණේ ශ්‍රී ලංකා මාතාව විළියෙන් ඇඹරෙද්දීය.

ත්‍රිකුණාමල සංචාරයේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබූ රහසිගත තැන් වෙත මෙකී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස කැඳවාගෙන යන්නට ඔවුන්ට මග පෙන්වූ සීඅයිඩීය කටයුතු කර තිබිණි.

සීඅයිඩීය එසේ සිදු කළේ කාගේ බහටද යන්න තවමත් අභිරහසකිs. එහෙත් එය සිදු විය. ත්‍රිකුණාමලයට ගිය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස නාවික කඳවුරේ තිබූ රහසිගත ගොඩනැගිල්ලක්‌ද පරීක්‍ෂා කළහ. එහි තිබු කුරුටු සටහන්ද ඔවුන්ගේ නිරීක්‍ෂණයට ලක්‌ විය.

අපි තිස්‌ වසරයක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදයකින් බැට කෑ රාජ්‍යයක්‌ වෙමු. එවන් ත්‍රස්‌තවාදයක්‌ අවසන් කිරීමේදී අතට හසුවන සතුරාගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වයකි. එහිදී රඳවා ගැනීම්ද සිදු වේ. එහෙත් ඒ රඳවා ගැනීම් කොට්‌ට, මෙට්‌ට ඇඳ ඇතිරිලි දැමූ රෝසමල් යහනා මත තබා කළ නොහැකිය. එය සිදු කළ යුත්තේ සතුරාගේ සියලු බලාපොරොත්තු සුන් කර මානසික පරිවර්තනයකට ලක්‌ වන පරිදිය.

ගෙවී ගිය යුද්ධයේදී අපේ රණවිරුවන් එසේ කළේ නම් එය සිදු කරනු ලැබුවේ පෞද්ගලික අභිමතාර්ථ හමුවේ නොව දේශයේ විමුක්‌තිය උදෙසාය. ඉතින් එසේ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරක ජාතික ආරක්‍ෂාවට හෙට දිනයේද වැදගත් විය හැකි තැන් විජාතිකයන්ට දිගහැර පෙන්වීමට තරම් ආණ්‌ඩුව බොළඳ වූයේ කුමක්‌ නිසාද? වල්ගය පෑගිලාවත්ද?

එලෙස දින දහයකට ආසන්න කාලයක්‌ සිය විමර්ශනය සිදු කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෝ අවසානයේ ඉකුත් 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක්‌ද පවත්වා මෙරටින් පිටව ගියහ.

මෙවර එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස මෙරට අතුරුදන් වූවන් ගැන සොයන්නට ශ්‍රී ලංකාවට පැමිණි බර්නාඩ් දුහයිමේ, තේ උන් බයික්‌ ෂා සහ ඒරියල් ඩුලිට්‌ස්‌කි නමැති තිදෙනා එකී මාධ්‍ය සාකච්ඡාවේදී කිවේ කුමක්‌ද?

“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තවමත් අතුරුදන් වූවන්ගේ ඥතීන්ට හිරිහැර කරනවා.. එය වහා නතර විය යුතුයි.. එසේම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත රැඳවුම් ස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.. එහි 2010 වසරේදීත් පුද්ගලයන් රඳවා සිටි බව බිත්තිවල තිබූ කුරුටු සටහන් මගින් පැහැදිලි වුණා..

“අප ඉකුත් කාලයේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් දෙසීය දෙනකු පමණ හමුවී සාකච්ඡා කළා.. ඒ සාධක යොදාගෙන ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලබනවා..

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන් යෝජනා කර ඇති දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි කියා අප සිදු කළ නිරීක්‍ෂණ අනුව නිර්දේශ කරනවා. එය සිදු කළ යුතුයි.. එහිදී වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. එල්ටීටීඊය මෙන්ම ශ්‍රී ලංකා හමුදාවනුත් මානව අයිතීන් කඩකරමින් කටයුතු කර තිබෙනවා..”

මේ සටහන් වූයේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ගේ විමර්ශනය පිළිබඳ කළ අනාවරණය ය. මෙහිදී පැහැදිලිවම ඔවුන් කියන කරුණක්‌ ඇත. එනම් එල්ටිටීඊය මෙන්ම හමුදාවනුත් වැරදි කර ඇති නිසා දඬුවම් දිය යුතු බවය. එහෙත් දඬුවම් දෙන්නට දැන් එල්ටීටීඊයක්‌ ඇත්තේ කොහෙද? ඒ අනුව මොවුන් මේ පැහැදිලිවම කියනුයේ රට බේරාගත් රණවිරුවා දන්ගෙඩියට යෑවිය යුතු බව නොවේද?

එසේම ඔවුන් මෙහිදී කියන බරපතළම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේදී සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සැප්තැම්බරයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්නේ යෑයි යන්නය.

ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුරේ බහට කන් නොදී ත්‍රස්‌තවාදය පරාජය කිරීම හමුවේ පසුගිය කාලයේ ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව එවකට මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ විසින් මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ සොයන්නට කමිටුවක්‌ පත් කරනු ලැබිණි.

එහෙත් ඒ කමිටුවට එදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්‌ථාවක්‌ නොවීය. ඔවුන් සිය විමර්ශනය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත සිටය. එහෙයින් එහිදී ලබාගත් සාක්‍ෂි පිළිබඳ යම් ගැටලුකාරී බවක්‌ ඇති වී තිබිණ.

කුමන චෝදනාව අපට එරෙහිව කළද ඔවුනට බලහත්කාරය යොදවා කරන දෙයක්‌ මිස කිසිවක්‌ තහවුරු කිරීමට අවස්‌ථාවක්‌ නොවීය.

නමුත් දැන් ඒ ගැටලුව නැත. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් ඒ ප්‍රශ්නයද විසඳී යනු ඇත. ආණ්‌ඩුව මේ ජාත්‍යන්තරයට විවර කර දී තිබෙන්නේ ඒ මාර්ගය නොවේද?

ඉතින් නුදුරේදීම සියල්ල ඇරඹෙනු ඇත. ජාත්‍යන්තරය අපෙන් ගතයුතු වාඩුව තර්කානුකූලව ගනු ඇත. රට බේරාගත් රණවිරුවා දඟගෙට යද්දී බෙදුම්වාදය යළි දළුලා වැඩෙනු ඇත. සියල්ල හමුවේ අරාජික වූ ශ්‍රී ලංකාවක්‌ බිහිවනු ඇත. අපට දීනයන් සේ බලා සිටීමට සිදු වනු ඇත. ඉන් එහා කිසිත් සිදු නොවන්නේය. මේ රටේ ජනතාව ජනවාරි අටවැනිදා වෙනස සිදු කළේ එය දකින්නද?

මේ හමුවේ අවසන් වශයෙන් කියන්නට දෙයක්‌ද අපට ඇත. එදා ජුදාස්‌ යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ පාවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් අවසානයේ ජුදාස්‌ට සිදු වූයේ කල්වාරි කැලයේ ගසක එල්ලී සියදිවි නසා ගන්නටය. අද සිදුවෙමින් තිබෙන සියල්ල තුළ යහපාලනය මේ ගමන් කරමින් සිටිනුයේ ද එවන් වූ දේශපාලන දිවි නසා ගැනීමක්‌ වෙත නොවේද?

සමන් ගමගේ
දිවයින

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/22/2015

රනිල්-සිරිසේන නිවට ආණ්ඩුව ඊළමට අළුතෙන්ම තනා දුන් කෙටි පාර

කතෘ:යුතුකම     11/22/2015   3 comments

ඊළමට යන අළුත්, කෙටි පාරක් රනිල් සිරිසේන ආණ්ඩුව ලව්වා බටහිරයන් විසින් තනා ගත් ආකාරය...


  • සිරිසේන මහාතාගේ ජනවාරි 8 ජයග්‍රහනයෙන් පසු 2015 පෙබරවාරි 10 වන දින උතුරු පළාත් සභාව  විසින් සිංහල ආණ්ඩුව විසින් 1948 වසරේ සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය (Genocide) සිදු කෙරෙමින් පවතින බවටත් ඒ පිළිබඳව එක්සත් ජාතීන් මැදිහත්ව විමර්ශනය කළ යුතු බවටත් යෝජනාවක් සම්මත කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සමයේ දෙවරක්ම මෙවන් යෝජනා උතුරු පළාත් සභාවට ඉදිරිපත් වුවද විග්නේෂ්වරන්ගේ මැදිහත් වීමෙන් ඉන් ජාතිඝාතන චෝදනා ඉවත් කළේය. එහි බරපතළකම දන්නා ඔහුට මහින්ද සමයේ එහි දේශපාලන ප්‍රතිවිපාක ගැන අවබෝධයක් විය. නමුත් බටහිරගැති රූකඩ ජනපති කෙනෙකු පත් වී මසක් ගත වන තැන විග්නේෂ්වරන් විසින්ම එම යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී.
  • සිරිසේන මහතා ජනාධිපති වූ විගස ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට පැමිණි BBC හි චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැක්‍රේගේ අවසන් විඩියෝ පටයෙන් ඔහු කියන්නට උත්සාහ දරන්නේ කුමක්ද? සිංහල හමුදාව ඉදිරියට ඇදෙනවාත් සමඟම සිවිල් වැසියන් වෙසෙන පෙදෙස් වලට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් තව තව උතුරට පළවා හරිමින් අවසානයේ සියළුම දෙමළ වැසියන් වෙඩි මුක්ත කලාපය නමින් නම් කළ වර්ග කිලෝමීටර කිහිපයක භූමි භාගයකට චේතනාන්විතව කොටු කළ බවයි. එසේ සියළුම දෙමළ වැසියන් එක පොදියකට දමා ඔවුන් වෙත චේතනාන්විතව බර අවි යොදාගෙන පහර දුන් බවයි. වෙඩි මුක්ත කලාපය යනු සිංහලයන් විසින් ද්‍රවිඩයන් සමූහ වශයෙන් මරා දැමූ භූමිය බව ඔහුගේ නිගමනයයි. ඒ චිත්‍රපටයේ නම "No Fire Zone: The killing field of Sri Lanka" වන්නේ එබැවිනි. ඔහු දැනටමත් අර දෙමුහුන් අධිකරණය ඉදිරියේ තමා සාක්ෂි දෙන බව පවසා ඇත.
  • විදේශිකයන් විනිසුරන් වූ දෙමුහුම් අධිකරණය තුළ කැලම් මැක්‍රේලා වැන්නන්ගේ සාක්ෂි සමඟින් 'නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ' ක්‍රමයට නඩු අසන අතරේ ලංකා රජය විසින් දෙමළ වැසියන් සිතාමතා සැලසුම් සහගතව ජාතිඝාතනය (Genocide) කළේය යන ඉතා බරපතළ සාවද්‍ය නිගමනයකට එළැඹීම ඔවුන්ගේ සැලසුම බව පැහැඳිලිය. මේවාට වියදම දරන්නේ අපට එරෙහි බටහිර රටවල් මඟිනි. සුද්දන්ට නිකන් සල්ලි පුච්චන්න පිස්සු නැත. පිස්සු අපිට එරෙහිවම මේවා යෝජනා කළ අපටය.
  • එස්. ශර්වානන්ද හිටපු අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය පත් කළ සත්‍යය සෙවීමේ කොමිසමේ වාර්තාවේ 1983 ජූලි සිද්ධීන්ගෙන් ද්‍රවිඩ වැසියන් 350කට වඩා ඝාතනය වූ බවට සාක්ෂි නැති බව පැහැඳිලිව දක්වා තිබියදීත් විග්නේස්වරන්ගේ මේ යෝජනාවට ඇතුලත් කර ඇති ද්‍රවිඩයන් 3000ක් ඝාතනය කළේය යන සාවද්‍ය චෝදනාවන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවට ඇතුලත්ව අපේ රජයද සාදරයෙන් පිළිගෙන ඇත. මේ කෙබර, කෙබර ලෙස පෙන්වා දීමට ලංකා රජයට කිසිදු වුවමනාවක් නොවීය. ඔවුන් කළේ "යර්ස් සර්" කියා ඒවා පිලිගැනීම පමණි. වැටත් නියරත් ගොයම් කෑහ. දැන් මෙවැනි කෙබරද දිගින් දිගටම සිංහලයන් විසින් දෙමළ ජාතිකයන් ඝාතනය කරන්නේය යන චෝදනා සනාථ කිරීමට යොදා ගැනෙනු ඇත.
  • මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කාර්ය භාර නිලධාරින්ට සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නිත්‍ය නියෝජිතවරයාට, ළමා සහ යුධ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයාට, කෲර වද හිංසනය සහ අත්තනෝමතික සිර කර තැබීම් පිලිබඳ ක්‍රියාකාරී කමිටුවට ලංකාවට පැමිණීමට අපගේ නිවට රජය ආරාධනා කර තිබේ. මේ රොත්ත බුරුත්තම ඇවිත් කරන්න යන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට අපහසුද? ඔවුන් දැන් ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය වටලමින් වැඩ පටන්ගත් ආකාරය ඔබ අසන්නට ඇත.
  • උතුරු පළාත් සභාව තුළ ලංකා රජය මඟින් 1948 සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය වූ බව සම්මත වීම, කැලම් මැක්‍රේගේ වීඩියෝව, සත්‍ය සෙවීමේ කොමිසම, දෙමුහුම් අධිකරණය හා ලංකාව තුළ පිහිටුවෙන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ක්ෂේත්‍ර කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් යන මේ සියල්ල එක පෙළට තබා ගත් විට අපට ඉදිරිය තේරුම් ගැනීම අපහසු නැත.

ඊළමට අඩි දෙකයි..

  • ජාති ඝාතන චෝදනා දෙමුහුම් අධිකරණය තුළ සනාථ වන විට 13 බලාත්මක වීම තුළ(13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ රජය යෝජනා කර ඇත.)  උතුරු හා නැගෙනහිර දෙපාළත විසින් වෙන වෙනම සම්මත කර ගන්නා යෝජනා දෙකක් මඟින් එම පළාත් සභා දෙක එක් කර ගෙන තිබෙනු ඇත. ඒ අනෙකකට නොව නව ඊළාම් රාජ්‍යයේ දේශසීමා රේඛාව අන්තර්ජාතිකව පිළිගත හැකි ලෙස නිර්මාණය කර ගැනුම සඳහාය.
  • සිය පළාත් සභාව තුළ සම්මත කර ගැනෙනා අණ පනත් තුළින් මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් හැකිතාක් ස්වාධීන වීමට මෙම නව "උතුරු-නැගෙනහිර පළාත් ආණ්ඩුව" කටයුතු කරනු ඇත. ඊට අමතරව මධ්‍යම ආණ්ඩුව සමඟ එම ප්‍රදේශයන්හි පිහිටි ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි ආදී සම්පත් පිළිබඳව නොයෙකුත් ආකාරයේ ගැටුම් නිර්මාණය කර ගැනෙනු ඇත. මහවැලි ගඟේ ජලයෙහි අයිතිය පිළිබඳවද ගැටුම් නිර්මාණය වනු ඇත.
  • දැනටමත් පුළුල් ජාතික සංවාදයකින් තොරව කඳුකරයෙහි ආරම්භ කර ඇති නව ගම්මාන සහ නගර නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මධ්‍යම පළාත උතුරු-නැගෙනහිර පළාත් හා එක්කර ගැනීමේ ප්‍රයත්නයක් හා ඒකාබද්ධ කෙරෙනු ඇත.
  • ජාති ඝානත චෝදනා පදනම ලෙස ගනිමින් ඒ වන විට එක් පළාත් සභාවක් වන උතුරු-නැගෙනහිර වෙනම රටක් බවට ප්‍රකාශ කරනු ඇත. මහජන ආරක්ෂක පනත අහෝසි කර තැබීමට රජය එකඟ වීම වැදගත් වන්නේ ජනපතිට ඊට එරෙහිව මැදිහත් වන්න යැයි ජනතා බලපෑමක් එල්ල වීම වැලැක්වීමටය. කිසිවෙකුට ඊට එරෙහිව කළ හැකි යමක් ඉතිරි නොකිරීමටය. එදා වර්ධරාජා පෙරුමාල්ට වූ බාධාව මෙදා විග්නේෂ්වරන්ට ඇති නොවන බවට බටහිරයන් වගබලාගෙන තිබේ. කොහොමටත් තම වුවමනාවන් ඉටුකරවා ගැනීම සඳහාම බටහිරයන් විසින් පත්කරගෙන ඇති ජනපති ඊට මැදිහත් නොවනු ඇත.
  • සිංහලයන් විසින්  1948 සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාති  ඝාතනය කරන ලදැයි දෙමුහුන් අධිකරණය තුළ තහවුරු කෙරෙන නිසා ඒ "අසාධාරණයට එරෙහිව" එල්.ටී.ටී.ඊ සංවිධානයේ සටන සාධාරණ "විමුක්ති සටනක්" යැයි අර්ථකතනය කෙරෙනු ඇත. ත්‍රස්ත මර්ධන පනත අහෝසි කිරීම නිසා නිදහස ලබන  එල්.ටී.ටී.ඊ  සාමාජිකයින් ඒ නව ආණ්ඩුව තුළ රණ විරුවන් බවට පරිවර්තනය වන්නේ අපගේ රණ විරුවන් අපරාධකරුවන් ලෙස චෝදනා ලැබ සිරගත වන අතරය. ඇතැම් විට එදා වර්ධරාජා පෙරුමාල් මෙන් මෙදා විග්නේෂ්වරන් විසින් පිහිටුවනු ලබන දෙමළ ඊළාම් හමුදාවේ සේවයට ඔවුන් බඳවා ගැනෙනු ඇත. ඒ වන විටත් 13 පූර්ණ වශයෙන් බලාත්මක වීමත් සමඟ පළාතේ මහ ඇමති වරයාගේ අණසකට නතුවන පාළාත් පොලිස් සේවයට මෙම  එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් බඳවා තිබෙනු ඇත.
  • එසේ ප්‍රකාශයට පත් කරන ලද වෙනම රටට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අපහසු නොවනු ඇත්තේ  ලංකා රාජ්‍යයේද පූර්ණ එකඟත්වය මත පිහිටවූ දෙමුහුම් අධිකරණයක් මඟින් ජාතිඝාතන චෝදනා තහවුරු කර තිබෙන තත්වයක් නිසාවෙනි. කිසියම් ජන කොට්ටාසයක් රජයක් අතින් ජාතිඝාතන ක්‍රියාවන්ට ලක් වන්නේ නම් හෝ ජන වර්ගයක් තුරන් කර දැමීමේ අභිමතාර්තයෙන් යුක්තව ක්‍රියා කෙරෙන්නේ නම් හෝ එම ජනතාවට එම රාජ්‍යය තුළ ආරක්ෂාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනියි. ඒ අනුව තමන් ජීවත්වන උතුරු-නැගෙනහිර ප්‍රදේශ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමේ හැකියාවක් විවර වනු ඇත. ඇමරිකාව ඇතුළු බටහිර බලවේග දින ගනිමින් සිටින්නේ එම දිනය එළැඹෙන තුරුය. 

සදාකාලිකව ලේ හලාගන්නා යුද බිමක් යළි කුමකටද? ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද?

  • දැයේ දුවා දරුවන් විසි හත්දසහක් ජීවිත පරිත්‍යාග කර බේරා ගත් අපගේ මවුබිම දෙකඩ වන තෙක් අප කුසීතව බලා සිටිනවාද? සදාකාලිකවම ලේ වගුරුවන ගැටුම් සහිත දෙරටක් බවට පත් කෙරුනු අඳුරු  යුගයක්ද ඒ අසීමිත වූ කැප කිරීමෙන් පසුවත් අප උරුම කර ගන්නේ?
  • මේ පුංචි යුතුකම ඔබ මඟහැර ගියොත් එහි වන්දිය පක්ෂ පාට ජාති භේදයකින් තොරව විඳින්නට සිදු වනු නියතය.
  • මේ මහා අනතුර ගැන දැනුවත් වන්න. ඔබේ මිතුරා, අසල්වැසියා දැනුවත් කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ, පූජකතුමා සමඟ සාකච්ඡා කරන්න. පක්ෂ පාට භේදයකින් තොරව ඔබ පත් කළ මහජන නියෝජිතයින් හමුවී මේ මහා පාප කර්මයට පාර්ලිමේන්තුව තුළදී කිසිදු අයුරකින් දායක වීමෙන් වැලකී සිටිය යුතු බව අවධාරණය කරන්න.

සම්බන්ධිත ලිපි:

[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  "දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද? " පත්‍රිකාවේ අවසන් කොටස ඇසුරෙන් ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
 (Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions