5/14/2020

රටට යුතුකම් ඉටුකළ තස්ලිම් වෙනුවෙන් යුතුකමින් අරමුදලක්!

කතෘ:යුතුකම     5/14/2020   No comments
පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් කණ්ඩායම විසින් සිදු කළ වෙඩි තැබීමකින් මාරාන්තික තුවාල ලැබූ මොහොමඩ තස්ලීම් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට යුතුකම ජාතික සංවිධානය ලෙස අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු.

පසුගිය දශක කිහිපය තුළ ලාංකීක සහෝදර මුස්ලිම් ජනතාව අන්තවාදය කරා රැගෙන යාමේ කුමන්ත්‍රණ දිගින් දිගටම දියත් වන අතර එහි උච්චතම අවස්ථාව සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් දියත් කළ ත්‍රස්තවාදී ක්‍රියාදාමය බව කිව යුතුය.
සහරාන්ලාගේ ධනය බලය හමුවේ බහුතර මුස්ලිම් ජනතාව නිහඬව සිටිය ද ඊට එරෙහිව කටයුතු කළ මුස්ලිම් නායකයන් ද කලාතුරකින් වුව දැකගත හැකිය. කෑගල්ල මාවනැල්ලේ මොහොමඩ් තස්ලිම් එවැන්නෙකි. මෙම කණ්ඩායම විසින් මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමට එරෙහිව තස්ලිම් රටේ ආරක්ෂක අංශ සමග එකතු වී කටයුතු කළේය. ඔහු එම කල්ලිය පමණක් නොව පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සඟවා තබා තිබූ පුපුරන ද්‍රව්‍ය කිලෝ සියයකට අධික ප්‍රමාණයක් අල්ලා දීමේ මෙහෙයුමට ද එකතු විය.
එහි ප්‍රතිඵලය වූයේ 2019 මාර්තු 09 වන දින රාත්‍රී නිවසේ නිදා සිටිය දී ම තස්ලිම් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වීමය. එවක ආණ්ඩුවේ ඇමතිවරයකු වූ කබීර් හෂීම්ගේ සම්බන්ධීකාරකයකු ලෙස කටයුතු කළ තස්ලිම්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණු අතර ත්‍රස්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් වැදුණු ඔහුට කිසිදු ආධාර මුදලක් පවා ලබා දී තිබුණේ නැත.

සැබවින්ම මොහොමඩ් තස්ලිම් ලබා දුන් තොරතුරු අනුව එවක ආණ්ඩුව කටයුතු කළේ නම් සහරාන් ඇතුළු කණ්ඩායමට 2019 අප්‍රේල් 21 වෙනිදා එනම් පාස්කු දා ප්‍රහාරයක් එල්ල කර ජීවිත සිය ගණනක් බිලි ගන්නට ඉඩ ලැබෙන්නේ නැත.

පාස්කු ප්‍රහාරයේ පළමු සංවත්සරය යෙදුණු පසුගිය පාස්කු දා යුතුකම ජාතික සංවිධානයේ නාමල් උඩලමත්ත, මොහොමඩ් තස්ලිම් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වගකීම ජාතිය මත පැටවී ඇතැයි ලිපියක් ලියන අතර ඊට ලැබුණු ප්‍රතිචාර අනුව තස්ලිම් වෙනුවෙන් ආධාර එකතු කරන වැඩසටහනක් අප ආරම්භ කළෙමු. ඒ සඳහා යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග, ලේකම් ලසන්ත වික්‍රමසිංහ සහ කැළුම් නිරංජනගේ නොමද සහයෝගය ලැබිණි.

තස්ලිම්ට ආධාර කිරීමට කිසිදු භේදයකින් තොරව ලංකාවේ සහ ලොව පුරා වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් හිතවතුන් පිරිසක් ඉදිරිපත් වූ අතර පිරිසක් ඔහුට මාසිකව ආධාර මුදලක් ලබා දීමට ද එකඟ වී සිටින බව පවසන්නේ මහත් අභිමානයෙනි. එම මිතුරන්ට සියලු ආධාර මුදල් මොහොමඩ් තස්ලිම්ගේ ගිණුමට බැර කරන ලෙස අප ඉල්ලා සිටි අතර මේ වන විට රු. 170 000ක පමණ මුදලක් එහි තැන්පත් කිරීමට අපට හැකි විය. තවමත් පිරිසක් ආධාර මුදල් තැන්පත් කිරීමට බැංකුවට යාමට නොහැකිව සිටිති.

තිදරු පියෙකු වන මොහොමඩ් තස්ලිම්ගේ දරුවන් දෙදෙනෙකු පාසල් යන අතර අනෙකා තවමත් කුඩාය. සැත්කම් කිහිපයකට භාජනය වූ තස්ලිම්ට අද රැකියාවක් කරගත නොහැකිය. තස්ලිම්ගේ බිරිඳට සැමියාගේ කටයුතු සහ දරුවන්ගේ කටයුතු ඉටු කරදීමට සිදුව ඇති නිසා රැකියාවක් කරගත නොහැකිය.

රටේ සමගිය සහ සංහිඳයාව වෙනුවෙන් සැබවින්ම නැඟී සිටි තස්ලිම්ට අසරණ වන්නට දිය යුතු නැත. ඔහුගේ දරුවන් ද රැකබලාගත යුතුය. ඒ සඳහා රජය මැදිහත් වී වැඩපිළිවෙළක් ආරම්භ කරනු ඇතැයි අපි යුතුකම සංවිධානය ලෙස අපෙක්ෂා කරමු. ඔබත් තස්ලිම්ට ආධාර දෙන්න කැමති නම් මොහොමඩ තස්ලීම් මහතාගේම නමින්  ඇති පහත විස්තර දක්වා ඇති ගිණුමට 
එම ආධාර මුදල් යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

Mohommad Raseek Mohomad Thasleem - 
116054438890
Sampath bank
Mawanella Branch
වැඩිදුර විස්තර සඳහා : 0714416054

සටහන - යටිනය ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/24/2018

මේක නීති විරෝධී ආණ්ඩුවක් - ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     5/24/2018   No comments
"මේක නීති විරෝධී ආණ්ඩුවක්."
රට පාලනය කරන ව්‍යවස්ථාදායක සභාවත් අසාධාරණයි , අයුක්තිසහගතයි
-ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා/

------------------------------------

ජාතික ආණ්ඩුවක් යන්න 19වන සංශෝධනය යටතේ ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති අකාරය අනුව වත්මන් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑම නීති විරෝධී බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.

යුතුකම සංවාද කවය විසින් මැයි 22 දා සංවිධානය කරන ලද "රට අස්ථාවරයි - ජනතාව අසරණයි.විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු " මැයෙන් වූ සම්මන්ත්‍රණයේ මුලසුනේ මුඛ්‍ය දේශනය සිදු කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වා ගනිමින් ජාතික ආණ්ඩුවට අනුරූප වන පරිදි ඇමතිවරු ගනන ආදිය තීරනය කරමින් පවත්වාගෙන යන මේ ආණ්ඩුව නීති විරෝධී බැවින් වහාම මෙය පෙරළා ජනතා අභිලාශයන්ට අනුරූප
ආණ්ඩුවක් බිහි කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම 19 වන සංශෝධනය යටතේ නිර්මාණය කළ ව්‍යවස්ථාදායක සභාවද අයුක්ති සහගත , අසාධාරණ පාලන ව්‍යුහයක් බව පෙන්වා දෙන ජනාධිපති
නීතීඥ  මනෝහරද සිල්වා මහතා ඒ හරහා රටෙන්ම චන්දයෙන් පත් වන විධායක ජනාධිපතිවරයා ඉක්මවා දිස්ත්‍රික්ක දෙකක චන්දයෙන් පත් වන අගමැතිවරයා හා විපක්ෂනායක වරයා විසින් රටේ වැදගත් තීරණ සියල්ලම ගන්නා තත්වයට පත්ව ඇතැයි පෙන්වා දෙයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාතිශය බහුතරය විපක්ෂනායකවරයා හා අගමැතිවරයා විසින් පත් කිරීම හරහා මේ තත්වය නිර්මාණය වී ඇති බවත් වහාම මේ විකෘති
ව්‍යුහය වෙනස් කළ යුතු යැයිද අවධාරණය කලේය.

මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්,

-සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

1/28/2018

ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/28/2018   2 comments

දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ
අනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්...

සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. බැඳුම්කර හොරාට රට බිලිදීම සඳහා හැකි සියලු මෙහෙයුම් දියත් කොට දූෂණ විරෝධය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකි වුවද, ඔවුන්ගේ භූමිකාව ගැන වැඩිදුරටත් විමසා බැලීම මෙහිදී බෙහෙවින් වැදගත්ය. ඒ මන්දයත් ජවිපෙ දූෂණ විරෝධී වෙස්මුහුණ පිටුපස ඇති රටට එරෙහි දේශපාලනය ඉතා සූක්ෂම එකක් වන නිසාය. එය හඳුනාගැනීමට වැඩි දේශපාලන අවබෝධයක් අවශ්‍ය වන නිසාය. ප්‍රධාන පක්ෂවල විගඩම් තරම් පැහැදිලි ලෙස ජවිපෙ තක්කඩි දේශපාලනය රටට නොපෙනෙයි. මේ නිසාම ඔවුන්ගේ දූෂණ විරොධී වෙස්මුහුණ පිටුපස ඇති සැබෑ මුහුණ කුමක්දැයි වටහා ගත යුතුය. මෙහි ඇත්තේ ඒ සඳහා ඔබ විසින් සිහියට නඟා ගත යුතු මෑත ඉතිහාසයට අදාළ දේශපාලන සිදුවීම් කීපයක් පමණි. පසුගිය ඉතිහාසය පුරාම ජවිපෙ මේ රටට එරෙහිව දියත් කළ දුෂ්ට මෙහෙයුම් සාර්ථක වූයේ නම් අද මේ රට තිබෙනු ඇත්තේ කොතැනද? යන්න අප මේ මැතිවරණයේදී කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.
  • 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිස් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීමට එහි ඔත්තුකාර නායකයන්ට හැකිවිය. එය ජවිපෙ නායකයන් එජාපය සමග සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමක් බව එකල එජාප හිතවාදී මාධ්‍යවල හැසිරීමෙන්ද මනාව තහවුරු වූ අතර, මේ ඉවත් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ජාතික බලවේග නියෝජනය කළ කඳවුරෙන් තීරණාත්මක ලෙස බිඳී ගියේය.
  • 2008න් පසු මේ නායකයන් දිගින් දිගටම ජවිපෙ මෙහෙයවන ලද්දේ එජාපය ප්‍රමුඛ විජාතික බලවේගවල න්‍යායපත්‍රයට අනුවය. එතැන් සිට ජවිපෙ සටන් පාඨ, ක්‍රියාමාර්ග, සතුරන් මිතුරන් සියල්ල උඩු යටිකුරු වූ අතර එහි ජයග්‍රාහී සමයේ ජවිපෙ පරම සතුරන් වූ බොහෝ දෙනා 2008 බිඳීමෙන් පසු ජවිපෙ මිතුරන් බවට පත්විය.
  • යුද්ධය ඉතා තීරණාත්මකව පැවති 2008 වසරේ අග භාගයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී ජවිපෙ එජාපය හා එක්ව ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කළේය. ඔවුන්ගේ දුෂ්ට ප්‍රයත්නය සාර්ථක වූයේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටන මුළුමනින්ම කඩාකප්පල් වනු ඇති අතර එය වලක්වා ගත හැකි වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු ඒ වනවිට ජවිපෙන් ඉවත් වී සිටි නිසාය.
  • එතැනින්ද නොනැවතී ජවිපෙ දිගින් දිගටම යුධ ජයග්‍රහණයට එරෙහිව අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළේය. ව්‍යාජ ලෙස යුද්ධය වෙනුවෙන් පෙනී සිටිමින්, යුද මෙහෙයුම් සිදුකරන දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා හැකි වෙර යොදා කටයුතු කළ මේ පිරිස, යුධ ජයග්‍රහණයට එරෙහිව විශාල වශයෙන් බොරු ප්‍රචාරද පතුරුවා හරිනු ලැබූහ. 2009 මැයි 18 වැනිදා දක්වාම ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බවට බොරු පතුරුවමින් ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතය නොනවත්වා සමාජගත කිරීමය. ඉසුරු ප්‍රසංග විසින් රචිත බිඳුණු වම් අත කෘතියේ මේ කාරණය නිදසුන් සහිතව මනාව පෙන්වා දී තිබේ. ජවිපෙ මේ දුෂ්ට මෙහෙයුම සාර්ථක වූයේ නම්, තවමත් මේ රට එකිනෙකා මරා ගන්නා, තැන තැන බෝම්බ පිපිරෙන කාළකණ්ණි රටක් වනු ඇති බව අප කිසිවිටෙතක් අමතක කළ යුතු නැත.
  • 2010 ජනාධිපතිවරණය වනවිට ජෙනරාල් ෆොන්සේකා නැමති ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවා වෙමින් එජාපය බලයට ගෙන ඒමේ තක්කඩි මෙහෙයුමට ජවිපෙ සෘජුවම දායක වූහ. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු කොඩි සහ කොළ කොඩි සහිත වේදිකා ඉදිවිය. 2015 ජනාධිපතිවරණයේදී වටේ කැරකෙමින් එජාප මෙහෙයුමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ 2010 දී සෘජුවම ඒ වෙනුවෙන් පෙනී සිටි බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.
  • මෙවැනි ද්‍රෝහී ක්‍රියාමාර්ග හරහා ජවිපෙ ජනබලය මෙන්ම අභ්‍යන්තර ශක්තියද දිගින් දිගටම පහත වැටිණි. රටට ආදරය කරන බලවේග ජවිපෙ වෙතින් දුරස් වෙමින්, ඒ වෙනුවට එන්ජීඕ මතධාරී විපරිත කල්ලි කණ්ඩායම් ජවිපෙ වටා රොක් වන්නට වූහ. විශාල සාමාජික පිරිසක් ජවිපෙ හැර ගිය අතර, සිය අතීත අභිමානවත් භූමිකාව වෙනුවට එය ඉතා වේගයෙන් රට ඉදිරියේ නිවට හා විහිළුකාර පක්ෂයක් බවට පත්විය.
  • 2010 මහ මැතිවරණය මේ පරිහානියේ තීරණාත්මක අවස්ථාවකි. එය කොතෙක්ද යත් මේ මැතිවරණයේදී එජාපය හා එක්ව තරග කිරීමට ජවිපෙ විශාල උත්සාහයක් දැරූ බව අද බොහෝ අයට අමතකය. ප්‍රසිද්ධ ප්‍රකාශ පවා නිකුත් කරමින් දියත් කළ මේ ඇඬියාවට එජාපයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලත් තැන, ඔවුන්ගේ පිළිවෙත වූයේ ජෙනරාල් ෆොන්සේකා මුල් කරගත් ව්‍යාජ සන්ධානයක් අටවා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමය. ඒ ඔස්සේ 2004 දී ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු ආසන තිස්නවය 2010 වනවිට හතර දක්වා පහත වැටිණි. රටේ සැබෑ ජයග්‍රහණවලට එරෙහිව යමින් ඔවුන් ගෙන ගිය ද්‍රෝහී දේශපාලනයේ ප්‍රතිපලය එය වූ අතර ජවිපෙ ඔත්තුකාර නායකයන්ට අවශ්‍ය වූයේද ජවිපෙ එවැනි ඛේදජනක ඉරණමක් කරා ඇදගෙන යාමය.
  • එතැන් සිට මහින්ද විරෝධය ජවිපෙ එකම සටන් පාඨය බවට පත්විය. අධිරාජ්‍යවාදයට, බෙදුම්වාදයට, යටත්විජිතකරණයට එරෙහිව අතීතයේදී සෑම පෙරමුණකම අරඹා තිබූ සියලු සටන් අත හැර දැමූ මේ අමන රැළ එතැනින්ද නොනැවතී එම බලවේගවල සෘජු ආරක්ෂකයෙක් බවටද පත්විය. ජිනීවා මෙහෙයුම් ආදිය හමුවේ ජවිපෙ හැසිරීම සහ එන්ජීඕ සංවිධානවල හැසිරීම අතර වෙනසක් නොවීය. රටේ ජාතික ජයග්‍රහණවලට අදාළ සෑම ප්‍රශ්නයකදීම ඔවුන් කටයුතු කළේ ඒ ආකාරයෙනි.
  • මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ද්‍රෝහී බලවේගවල මෙහෙයවීමෙන් දියත් වූ අසත්‍ය ප්‍රචාර ආදියේ හොඳම ප්‍රකාශකයෙක් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් තමන් සතු අල්ප බලය එජාපය වෙනුවෙන් උපරිම ලෙස ක්‍රියාවේ යෙදවූහ. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි සාධාරණ විවේචන පමණක් නොව අතිශය අසාධාරණ විවේචන හා ගල් පැලෙන බොරු දිවා රූ පතුරුවමින් කාලයක් තිස්සේ රනිල් බලයට ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරූ මේ පිරිස 2015 ජනාධිපතිවරණයේදීද තම උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළහ. රනිල් වික්‍රමසිංහ නැමති අතිශය විනාශකාරී නායකයාට රට ගොදුරු කිරීම සඳහා වැඩිපුරම බොරු ගෙතූ වාමාංශික ගොබෙල්ස් වූයේ අනුර දිසානායකය.
  • අනුර දිසානායකගේ එජාප ගැති පිළිවෙතට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පවා ජවිපෙ අතහැර යනුයේ මෙවැනි පසුබිමක් තුළය. එයට ජවිපෙ ප්‍රතිචාරය වූයේ සෝමවංශට මානසික රෝගයක් තිබේය යන මතය තම පක්ෂ සාමාජිකයන් අතර පතුරුවා හැරීමය. 
  • යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ජවිපෙ සෑම තීරණාත්මක අවස්ථාවකදීම ආණ්ඩුවේ වැඩපිළිවෙල හා මතවාදය ආරක්ෂා කළේය. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම වැනි දුෂ්ට ජිනීවා මෙහෙයුම් ආදියේ සිට ආණ්ඩුවේ සෑම පනතකටම ජවිපෙ ජන්ද හය නොමසුරුව පුද කෙරිණි. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහර දෙමින්, බොරු ආණ්ඩු විරෝධී රංගනයක් පෙන්වුවද ඔවුන්ගේ සැබෑ පිළිවෙත වූයේ එයය.
  • ඒ සියල්ලට වඩා ජවිපෙ කළ ලොකුම පාවාදීම වූයේ රනිල්ගේ විනාශකාරී නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය. ත්‍රස්තවාදයට එරෙහිව මේ රට ලබාගත් සියලු ජයග්‍රහණ නැවත පාවාදෙන, ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩා දමන, අන්ත ජාතිවාදී බෙදුම්වාදී බලවේගවලට කප්පම් දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ යහපැවැත්ම මරණීය අනතුරකට ඇදහෙලන, බෙදී වෙන්වී එකිනෙකා මරාගන්නා රටක් නිර්මාණය කරන මේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම තරම් ද්‍රෝහීකමක් තවත් නැති බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.


    මෙහි ඇත්තේ ජවිපෙ සැබෑ දේශපාලනය කුමක්දැයි වටහා ගැනීමට තුඩු දෙන කාරණා කීපයක් පමණි. අද රණවිරු දඩයමට උඩගෙඩි දෙමින්, අතුරුදන්වූවන්ගේ කාර්යාල පිහිටුවීමට ජන්දය භාවිතා කරමින්, බැඳුම්කර මහ හොරාගේ සූක්ෂම දේශපාලන ආරක්ෂකයා ලෙස කටයුතු කරමින්, එන්ජීඕ කල්ලි හා එකපතේ වළඳමින්, අන්ත ජාතිවාදීන්ගේ පරගැති ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ රට ගෙන යන්නට උත්සාහ දරන්නේ කොතැනටද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. අද බොරු දූෂණ විරෝධී මුහුණක් පෙන්වා ඔවුන් ලබා ගන්නා සෑම ඡන්දයක්ම අනාගතයේදී මේ රටට එරෙහි මෙවන් ද්‍රෝහී මෙහෙයුම් සඳහා නොමසුරුව භාවිත වන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. මේ මැතිවරණයේදී ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඒ නිසාය.

යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/14/2017

රට රැකි රණවිරුවන් දංගෙඩියට දක්කන අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතට ජනපතිගේ අත්සන ලැබේ

කතෘ:යුතුකම     9/14/2017   No comments

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටවීම බලාත්මක කරන ගැසට් නිවේදනයට අද ( සැප් 13 දා ) ජනාධිපති සිරිසේන මහතාගේ අත්සන යොදා තිබේ.
ත්‍රයි නිකායික මහා සංඝරත්නය විසින් මීට පෙර ඉල්ලා සිටියේ රණවිරු දඩයම ඉලක්ක කර පිහිටවීමට යන මේ කාර්‍යාලය පිහිටවීම නවතා දමන ලෙසයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණයට කර උර දුන් රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව සැකසීම මේ ඊනියා අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතේ අරමුණ බව ජ්‍යේෂ්ට ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා අවධාරණය කරයි. මීට වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී ඔහු මේ පිළිබඳ අදහස් දැක්වීය.
එදා යුතුකම වෙබ් අවකාශයේ සටහන් වූ ඒ පිළිබඳ වූ සටහන පහතින් දැක්වේ.

*************************

ලැජ්ජා නැති ආණ්ඩුව 'අතුරුදහන් වූවන් පිලිබඳ පනත ' හරහා රට රැකි රණවිරුවන් දඩයමට පාර කපන හැටි...[Vidoe]
 8/31/2016

අතුරුදහන් වූවන් පිළිබඳ පනත ලංකාවේ ජනතාවගේ උවමනාවට සකස් කළ එකක් නොව සම්පූර්ණයෙන්ම විදේශීය බලපෑම් මත මේ ලැජ්ජා නැති ආණ්ඩුව සිදුකළ නිවට පාවාදීමක් බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේන් පසු දිගින් දිගටම ජිනීවා හරහා ක්‍රියාත්මක වූ බටහිර කොටු කිරීමට ලංකා ආණ්ඩුව ඉතාමත් දීන ලෙස කැමැත්තෙන් එකඟ වී මේ පවදීම සිදු කළ බවද ඒ මහතා සාධක සහිතව පෙන්වා දෙයි.

අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ පනත ඉතාමත් ළජ්ජා සහගත ලෙස සියළු ප්‍රජාතත්න්ත්‍රවාදී භාවිතයන් කෙලෙසමින් සම්මත කර ගත් බව පෙන්වා දෙන මනෝහර ද සිල්වා මහතා මේ පනත සම්පූර්ණයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙයි.
නුදුරු අනාගතයේදීම මේ පනත අනුව සැකසූ ආයතනය විසින් නිර්මාණය කරන සාක්ෂි හරහා අපේ රට රැකි රණවිරුවන්ට විරුද්ධව ගෝලීය අධිකරණ ක්‍රියාවලියක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කෙරෙනු ඇතැයි පෙන්වා දෙයි.

පසුගියදා (24) යුතුකම සංවාද කවය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් මනෝහර ද සිල්වා මහතා මේ කරුණු පෙන්වා දුනි.

පුද්ගලයන් අතුරුදහන් වීම පිළිබඳ මේ පවාදීමේ පනත පිළිබඳ මුලින්ම පැහැදිලි විශ්ලේෂණයක් කළේ මනෝහරද සිල්වා මහතා මහතා ඇතුළු කණ්ඩායමයි.. ඒ පසුගිය මස ජාතික ඒකාබද්ධ කමිටුව හරහාය.


සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2017

"ලයිට් කණුවේ ජනාධිපති" අපිට කියාදෙන පාඩම

කතෘ:යුතුකම     9/03/2017   No comments
-යටියන ප්‍රදීප් කුමාර-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැවැන්ත ප්‍රමාණයේ කටවුට් බැනර් කොළඹ වීදි පුරා සෑම විදුලි කණුවකම , දුරකතන කණුවකම පාහේත් රට පුරා සියලුම නගර කඩ මණ්ඩි පුරාත් එල්ලී තිබේ.
මේ ගිය ජනාධිපතිවරණ සමයේ "මම කටවුට් පෝස්ටර් සඳහා මුදල් නාස්ති කරන්නේ නෑ . ඒ මුදල් උතුරු මැද වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වකුගඩු රෝහලක් ඉදි කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනවා"  යැයි උජාරුවෙන් කියූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටවුට්ය. එකල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් කටවුට් පෝස්ටර් (මැතිවරණ සමයේ ) සෑම ලයිට් කණුවකම එල්ලද්දී ඊට ප්‍රතිවාදී අපේක්ෂක සිරිසේන මහතා දුන් පිළිතුර වූයේ කටවුට් විරෝධය සහ මේ ආකර්ෂණීය වකුගඩු රෝහල් පොරොන්දුවයි.

බලයට පත්වී මාස කිහිපයක් ගිය තැන කුප්‍රකට ජිනීවා පාවාදීම සිදු කර ලංකාවට එද්දී ලංකාව
රට පුරාම "රට බේරාගත් වීර ජනපති" යනුවෙන් දැවැන්ත කටවුට් පෝස්ටර් ගසා ඒ වකුගඩු රෝහල් පොරොන්දුව ගැන විස්වාස කල ජනතාවට කොකා පෙන්වූ සිරිසේන මහතා අද වන විට එහි යා හැකි අන්තය වෙත ලඟාවී තිබේ. වෙනදා නම් මෙවැනි දෙයක් සිදුකර එය ජනතා විරෝධයට ලක් වන බව දුටු විට "මම දන්නේ නෑ. මම දැනගත්තෙත් පත්තරෙන්" වැන්නක් හෝ කියා ඇඟබේරා ගන්නා සිරිසේන මහතා දැන් එයද අතහැර දමා තිබෙන සේය.

මේ කටවුට් විරෝධයත් වකුගඩු රෝහල් පොරොන්දුවත් සද්භාවයෙන් කළ ක්‍රියාවන් නොව , ඒ මොහොතේ සිරිසේන මහතාගේ පිලට එවැනි ප්‍රචාරක යාන්ත්‍රණයක් නොමැති වීම සහ ඒ වෙනුවට විකල්පයක් ලෙස සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ තක්කඩියන් යෝජනා කළ කපටි උපායක් බව ඔවුන්ගෙන් කෙනෙකු වන වත්මන් ජනාධිපති උපදේශක භූමිකාවක සිටින රතන ස්වාමීන් වහන්සේගේ අග්‍රගන්‍ය පුරෝහිතයා සේ සැලකෙන අශෝක අබේගුණවර්ධන විසින් රචිත "
යුග පෙරළිය" ග්‍රන්ථයේ පැහැදිලිව සටහන් වේ.

උපුටා  ගැනීම :
"මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රට පුරා පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය වූ අතර මෛත්‍රීපාලයන් වෙනුවෙන් කිසිඳු පෝස්ටරයක් හෝ කටවුට් එකක් සකස් වී නොතිබිණ . එක්සත් ජාතික පක්ෂය වෙනමමත් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායම වෙනමත් ප්‍රචාරක ව්‍යාපාර දියත් කරන්නට වෑයම් කළද මෛත්‍රීපාල සිරිසේනයන්ගේ චායාරූප ආදිය නොමැති නිසාත් මුදල් හිඟයක් පැවති නිසාත් පෝස්ටර් හෝ කටවුට් දක්නට නොලැබිණ. ඒ අවස්ථාවේදී දැන් ශ්‍රී ලංකා පදනම් ආයතන්නයේ සභාපතී බවට පත්ව සිටින මලිත් ජයතිලක මහතා යෝජනා කළේ අපි පරිසරය හා නාස්තිය ගැන සිතා එලෙස ප්‍රචාරක ව්යාපාර නොකරන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
එම යෝජනාවට ඉහළ ඉල්ලුමක් ලැබිණ. මෛත්‍රීපාල සිරිසේනයන් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර මහින්දගේ කටවුට් හෝ පෝස්ටර් දකින දකින වතාවට ජනතාව අතර මෛත්‍රීට ලකුණු වැටිණ. "


"යුග පෙරළිය"
140 පිට
අශෝක අබේගුණවර්ධන

අද වන විට ඒ වංචාකාරී ක්‍රියාව හමුවේ වකුගඩු රෝහලට තැබූ මුල් ගල එතනම පැල වෙද්දී  ඒ වෙනුවට සිරිසේන මහතාගේ මෙගා ප්‍රමාණයේ කටවුට් ගහක් ගලක් ගානේ  ඉහලට එසවී ඇත.
උනුත් එකයි මුනුත් එකයි ද?

එකල සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වෙබ් අඩවි මේ කටවුට් ගැසිල්ල විවේචනය කළේ 'අතිගරු ලයිට් කණුවේ ජනාධිපති' යනුවෙන් අන්වර්ථ නාමයක්ද පටබඳිමිනි. එදා ඒ කියූ කටවල් අද මේ 'ලයිට් කණුවේ ජනාධිපති' ගේ රුව නොදැක්කා සේ සිටින අයුරු අපූරුය.

අතලොස්සක් දෙනෙක් මේ ආණුවේ මෙවැනි කඩප්පුලි වැඩ දකින විට "උනුත් එකයි මුනුත් එකයි" යනුවෙන් පවසා ව්‍යාජයෙන් හිත හදාගැනීමටත් ජාමේ බේරාගැනීමටත් උත්සාහ කරන අයුරුත් පෙනේ. සැබෑවටම උනුත් එකයි මුනුත් එකයි ද?
කටවුට් ගැසීම පෝස්ටර් ගැසීම ආදී සිල්ලර මාතෘකා අතින් නම් එය එසේ වන්නට පුළුවන. නමුත් අද දවසේ අප රටක් වශයෙන් මුහුණ දෙන ප්‍රමුඛම අභියෝගය, එනම්  ත්‍රස්තවාදය පැරදවීමේ "වරදට" රට රැකි විරුවන් දං ගෙඩියට දක්කන අතරේ දෙමළ ජාතිවාදය පිනවන බෙදුම්වාදී ද්‍රෝහී ව්‍යවස්ථාව සම්මත කරගැනීමට දරණ වෑයම අතින් නම් එය එසේ නොවේ. එහිදී උනුත් මුනුත් අහසට පොළව මෙනි.
එබැවින් එදා ත්‍රස්තවාදය පරාජය කර බෙදුම්වාදයට රිදෙන්නට දුන් පිළිතුර අද ආපසු හැරවීමේ දීන උත්සාහය උනුත් එකයි මුනුත් එකයි යන ජනප්‍රිය නමුත් වැදගැම්මකට නැති කතාවෙන් වසං කිරීමට තක්ක්ඩියන්ට ඉඩ දිය යුතු නැත.


ලයිට් කණුවේ එල්ලී අපට කියා දෙන පාඩම

අපි මෛත්‍රීපාලට රනිල්ට සහ මේ යම පාලනයට විරුද්ද වන්නේ රට වටා කටවුට් ගැසීම වැනි සිල්ලර කරුනු මත පදනම්ව නොවේ. මේ පාලකයන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට ද්‍රෝහි වූයේ කටවුට් ගැසීමෙන් නොවේ. ආසන 50ක්වත් නොතිබුනු පක්ෂයක නායකයා අගමැති කිරීමෙනි. නීතිය බල්ලට දමා අගවිනිසුරු චිට් එකකින් ගෙදර යැවීමෙනි. මහ බැංකුවෙන් කෝටී තිස් හතලිස් දාහක් ගසා කෑමෙනි. සැබෑ විපක්ෂය යටපත් කර සුලු පක්ෂයකින් විපක්ෂ නායකයා පත් කිරීමෙනි. රට විකුණන එට්කා ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව ඉදිරියේ දණ ගැසීමෙනි. ජිනීවාවලදී අපේ ස්වෛරීත්වය පාවා දීමෙනි. රටේ ව්‍යවස්තාව ඇමරිකානු බලපෑම්වලට යටත්ව වෙනස් කිරීමට සපත වීමෙනි. එක් පසකින් අපව යුද අපරාද චෝදනාවල සිරකර අනෙක් පසින් ඇමරිකානු ඉන්දියානු බලපෑමට යටත්ව බෙදුම්වාදයට පාර කපන ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමට සපත වීමෙනි.

'ලයිට් කණුවේ ජනාධිපති' , සියලු දෙනාට ඔලුව හිරි වැටෙන්නට ටොක්කක් ඇන කියා දෙන පාඩමක් තිබේ. එනම්, රටක ඉරණම තීරණය වන්නේ මේ කටවුට්  පොස්ටෙර්  ගැසීම වැනි දෙකයි පනහේ මාතෘකා අනුව නොවන බවත් ඒවා සැබෑ ප්‍රශ්නය , සැබෑ අභියෝගය වසන් කිරීමට පාවිච්චි කල වෙස් මුහුණු පමණක් බවත්ය. කොටින්ම යහපාලන මාතෘකාවම එදා ජේ ආර් ජයවර්ධනගේ "ධර්මිෂ්ඨ සමාජ" බොරුව මෙන්ම අනුවණ සිංහලයා රැවටීමේ තවත් එක් ට්‍රෝජන් අශ්වයකු පමණක් බවයි.

රටේ ආරක්ෂාව, ඒකීයභාවය , ස්වෛරීත්වය බරපතල ලෙස අපයොජනය කරමින් ජනාධිපතිවරයා කොහුවල හන්දියේ සාමාන්‍ය කඩේකින් සෙරෙප්පු ගත්තාට පළක් නැත. මේ ටිපිටිප් මාතෘකා වෙනුවට රටේ අද දවසේ අප මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය අධිරාජ්‍යවාදී මැදිහත්වීමත් ඒ හරහා අනාගතයේ රට බෙදා වෙන්කිරීමේ ඉම වෙත දක්කා ගෙන යන ත්‍රාඩ මෙහෙයුමත් බව සිරිසේන මහතා ලයිට් කණුවේ එල්ලීමෙන්
අපට කියා දෙන පාඩමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/19/2017

හර්ෂ එන්න ඇවිත් බලන්න - ජිනීවා පවාදීමේ රඟ මෙන්න...

කතෘ:යුතුකම     7/19/2017   1 comment
නාමල් හිර වුණ හර්ෂ පොර වුණ ජිනීවා යෝජනාවේ ඇත්ත..
හර්ෂ එන්න ඇවිත් බලන්න - ජිනීවා පවාදීමේ රඟ මෙන්න...


පසුගියදා රූපවාහිනී දේශපාලන සංවාදයකට සහභාගී වූ හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ඇතිවූ සංවාදයක් මේ සටහනට හේතු වෙයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම අදහස් දැක්වීමේදී පළකළ කරුණක් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් යලිත් ප්‍රශ්න කරන්නට යෑමේදී මේ සිදුවීම දක්නට ලැබුණි.එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමා පැවසූ මුල් ප්‍රකාශය හිතා මතාම මගහැර ඊට වෙනත් අතකින් සම්බන්ධ නමුත් වෙනත් අදහසක් ප්‍රකාශ කළේය.

නාමල් මන්ත්‍රීවරයා ඒ මගහැර යන කොටස පසුව හර්ෂද සිල්වා මහතා විසින් තම ෆේස් බුක් පිටුවට එක් කර තිබුණේ "නොදන්න දේවල් නොකිය ඉන්නවනම් තමයි හොඳ' වැනි අදහසක් එන වැකියක්ද ඊට එක් කරමිනි. ( පහත සබැඳියෙන් එය නරඹන්න.
>>> )
නාමල් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ කුමක්ද යන්න ඔහුගේ වචන වලින්ම අසමු.
"ජිනීවා යෝජනාවේ 2015 31-1 සහ 2017 34-1 L බලන්න, මේ රටේ රණවුරුවන් යුධ අපරාධ කලා යැයි කියලා අපේ රටේ ආණ්ඩුවම පිළිගත්තනේ. අපේ රටේ විදේශ කටයුතු ඇමතිවරයා සහ නිළධාරීන්  පිළිගත්තනේ  රණවිරුවන් යුධ අපරාධ කළා, ස්ත්‍රී දූෂණ කළා කියල ඔවතුමාලා ජිනීවා වලදි පිළිගත්තා. "

හර්ෂ ඇමතිවරයා පෙරළා ප්‍රකාශ කළේ ආණ්ඩුව එවැනි පිළිගැනීමක් කළේ නම් ඒ බව සඳහන් වන්නේ කොතන්ද යන්න ප්‍රකාශ කරන ලෙසයි.නාමල් මන්ත්‍රීවරයා හිර වුනේ මෙතනදීය. ඔහු මේ අදහස පිළිබඳ දැනගෙන හිටියත් එහි මූලාශ්‍රය කුමක්ද යන්න පිලිබඳ වැටහීමක නොසිටි බව පැහැදිලි විය. හර්ෂද සිල්වා මහත් ආඩම්බරයෙන් එදින විවාදය තුලදී සහ පසුව තම ෆේස්බුක් ගිණුම හරහාත් ප්‍රශ්න කර සිටියේ එයයි.

හර්ෂ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට මීට වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය මගින් සංවිධානය කල "බිල්ලො ඇවිත් " සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක රැස්වීමේදී විවස්ථා සම්පාදන වි
ය පිළිබඳ ප්‍රාමාණික අධීන බුද්ධිමතෙකු සේ ක්ෂේත්‍රයේ සහ පිටත බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා නිසි පිළිතුරක් ලබා දී තිබිණ.

එහිදී ඔහු මනාව පෙන්වා දෙන්නේ "මානව හිමිකම් කොමිෂමේ හුසේන් කුමාරයාගේ වාර්ථාවේ රණවිරුවන්ට එරෙහිව මේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර චෝදනා නගා ඇති අතර ආණ්ඩුව එකඟ වූ ජිනීවා යෝජනාවේ ආරම්භයේදීම මේ හුසේන් කුමාරයාගේ වාර්ථාව සාදරයෙන් පිළිගන්නවා යනුවෙන් සඳහන් කිරීමෙන්ම ආණ්ඩුව ඒ වාර්ථාවේ කරුණුද පිළිගැනීම සිදු කර ඇති බවයි.


මනෝහර ද සිල්වා මහතා හෙළි කරන ඒ කරුණු පහත සබැඳියෙන් නරඹන්න.


මේ සම්මත්‍රණයේදීම අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතාද මේ කරුණ පිළිබඳව පහත අදහස් පළ කළේය.




අප හර්ෂ ද සිල්වා ආචාර්‍යවරයාට, "නොදන්න දේවල් නොකිය ඉන්නවනම් තමයි හොඳ" කියා නොකියන්නේ ඔහු මේ ව්‍යාජය කරන්නේ නොදැන නොවේ යැයි අප විස්වාස කරන බැවිනි.

-යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

5/08/2017

"රට බෙදන ව්‍යවස්ථාව පරදවන්නට ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රීලනිප ආණ්ඩුවේ ඉන්න කොටස එකතු වෙයල්ලා " - ඇල්ලේ හාමුදුරුවෝ

කතෘ:යුතුකම     5/08/2017   No comments
"රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පරදවන්නට ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රීලනිප ආණ්ඩුවේ ඉන්න කොටස එකතු වෙයල්ලා " - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රීලනිප යේ ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන පිරිස එකට එකතු වී යෝජිත රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කළ යුතු යැයි ධර්මායතනාධිපති අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ සඳහා වගකීමක් ඇති බව පෙන්වා දෙන උන් වහන්සේ තමන් යෝජනා කරන්නේ එකතු වී අලුත් ආණ්ඩු හැදීමට නොව මේ රට බෙදන ව්‍යසනයෙන් රට බේරාගැනීමට මේ මොහොතේ එලෙස එකතු වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවද පෙන්වා දුන්හ.

යුතුකම සංවාද කවය සංවිධානය කළ 'රටම දන්දෙන ලංකා වෙසක් දන්සල" සම්මන්ත්‍රණයේ මූලාසනයේ අනුශාසනාව සිදු කරමින් ඇල්ලේ නාහිමියෝ මේ අදහස් පළ කළහ.
එහිදී තව දුරටත් අදහස් පළකළ උන්වහන්සේ සිංහල බෞද්ධයාට වෙසක් උත්සවය අහිමි කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක බව පෙන්වා දෙමින් වෙසක් උළෙලේදි ආමිස පූජාව අත් නොහැර සිටීමේ වැදගත්කමද පෙන්වා දුන්හ.

උන්වහන්සේ පැවැත්වූ සම්පූර්ණ අනුශාසනාව පහත සබැඳියෙන්




සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/29/2017

බෙදිම්වාදී රාවය කාරයා කුපිත වූ , රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි අස්ගිරි විහාරයේ මැදිහත්වීම

කතෘ:යුතුකම     1/29/2017   No comments
ඉඩම් බලතල , පොලිස් බලතල පළාත් සභාවලට දෙමින් වෙනම රටක් ඇති කිරීමේ යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට භික්ෂූන් වහන්සේලා වශයෙන් තමන් වහන්සේලා එරෙහි වෙද්දී බෙදුම්වාදී ගැත්තන් කලබලවී භික්ෂූන් වහන්සේලාට එරෙහිව අවලාද නගමින් සිටින බට අස්ගිරි මහ විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පෙවා දෙති.

විසේෂයෙන් පසුගියදා මල්වතු - අස්ගිරි විහාරවලට පැමිණි අග්‍රාමාත්‍යවරයාට යෝජිත ව්‍යවස්ථාවෙන් රටට සිදුවන විපත පිළිබඳ සඳහන් කරමින් බාරදුන් සංදෙශය පිළිබඳව බෙදුම්වාදයට කත් අදින රාවය පුවත්පත කලබලයට පත්ව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට එරෙහිව පුවත්පත හරහා අවලාද ගසමින් සිටින බව උන් වහන්සේ සඳහන් කරති.

ඒ කුමනාකාර අවලාද නැගුවත් රට දැය සමය පිළිබඳ භික්ෂූන් වහන්සේල්කා වෙත පැවරුණු වගකීම ඉටු කිරීමට කිසි සේත් පසුබට නොවන බව උන් වහන්සේ අවධාරණය කරති.

ඒ පිළිබඳ අදහස් පළකළ මැදගම ධමානන්ද නාහිමියෝ " ඔය රාවය කාරයා පුවත්පතේ බහුතරයක් පළකරන්නේ සිංහල බෞද්ධ විරෝධී දේවල් පමණයි.පසුගිය සතියේ දාලා තිබුණේ "අස්ගිරි නාහිමියන් නොමග යවන්නේ කවුද?" යනුවෙන් ලිපියක්.අපි සංඝ සභාවක් හැටියට අපට අයිතියක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවන් සමග සාකච්චා කරල උපදෙස් දෙන්න.මේකට ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ ඒකීය රාජ්‍ය ගැන කතා කරනවා .ඒ හඬ තමයි මේ අස්ගිරියෙන් නැගෙන්නේ කියලා.
මොවුන් ඉතිහාසය පුරාම කටයුතු කරල තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවටයි."

එහිදී මනෝහර ද සිල්වා මහතාගේ 'ව්‍යවස්ථා සංශෝධන' ග්‍රන්ථය ගැන අදහස් පළකළ ධම්මානන්ද නාහිමියෝ "මෙම අගනා ග්‍රන්ථය සම්පාදනය කරමින් කාලීන අවශ්‍යතාවය ඉෂ්ඨ කර\මින් මෙලෙස ව්‍යවස්ථා සංශෝධනවලට අදාල කරුණු ඉතා හොඳින් විග්‍රහ කරමින් මනෝහරද සිල්වා මහතා සිදුකළ කාර්‍ය අප සියළු දෙනාගේ පැසසුමට ලක් විය යුතුයි.
රට වෙනුවෙන් ,සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියාකළ නීතීඥ ගාමිණී ඊරියගොල්ල ,අධිනීතීඥ එස් එල් ගුණසේකර මැතිතුමා , ආර් එස් වනසුන්දර මැතිතුමා ආදීන් ක්‍රියාකළ අභීත ආකාරය ඊලඟ පරපුරට ගෙනයන වියතෙකු ලෙස මනෝහර ද සිල්වා මහතාට මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කරන්න කැමතියි.

රට විනාශ කරමින් , රට බෙදමින් අනාගත ව්‍යසනයකට,ඛේදවාචකයකට රට ඇද දමමින් ක්‍රියාත්මක කිරීමට යන මේ ෆෙඩරල් ව්‍යවස්ථාව වලක්වා ගැනීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමට මහෝපකාරි වෙන මේ ග්‍රන්ථය රටට දැයට ආදරය සියළු දෙනාම කියවිය යුතුයි." යනුවෙන් පැවසූහ.

මැදගම ධම්මානන්ද හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්



සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama

1/23/2017

බෙදුම්වාදය පිනවන ඉඩම් බලතල පළාත් සභාවෙන් ගලවන්න මහින්ද එවකට ගහපු ගැටය

කතෘ:යුතුකම     1/23/2017   No comments
ඉඩම් බලතල පළාත් සභාවලින් ගලවා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තුළ ජනාධිපතිවරයාව සිටි අවධියේදී පැවති අභිප්‍රාය පිළිබඳ බොහෝ දෙනා අසා නොතිබුණු කතාවක් පසුගියදා අධිනීතීඥ ගෝමින් දයාසිරි මහතා විසින් හෙළි කෙරිණ.

මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ' බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යාවස්ථා සංශෝධන' ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලේදී ඔහු මේ අදහස් පළ කළේය.

ගෝමින් දයාසිරි මහතා :
"අධිනීතීඥ එච් එල් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් අපි එදා උතුර හා නැගෙනහිර බෙදුම්වාදයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සුන් කළා. ඒ උතුර හා නැගෙනහිර වෙන් කිරීම.
නමුත් අද මේ ව්‍යවස්ථා යෝජනා හරහා යෝජනා කරනවා උතුර හා නැගෙනහිර එක් කර වෙනම කලාපයක් ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන.

ඉඩම් බලතල ගැන කතා කරද්දි එක්තරා සිදුවීමක් මතක් කරන්නම වෙනවා.
මම මේ කතාව මීට පෙර කාටවත් කියලා නෑ. නමුත් අද කිවයුතුයි.

මම පවා එදා ඉඩම් බලතල පළාත් සභා සතු යැයි සිතා ඒ වෙනුවෙන් අදහස් දක්වමින් සිටි වකවානුවක ඉඩම් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමට උත්සාහ කළ ප්‍රසංශනීය චරිතයක් මට සිහි වෙනවා.
ඒ මහින්ද රාජපක්ෂ.
එදා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාව ඇමතුවා. ඔහු එහිදී අපූරු ඉල්ලීමක් කළා.

එතුමා කිව්වා 'ඔබතුමා කෙසේ හෝ අධිකරණය හමුවේ මේ ඉඩම් බලතල කඩන්න ඕන' කියලා.
මා තරමක් පසු බැස්සා ඒ ඉල්ලීම ඇහුවම.මම අදි මදි කරද්දි මහින්ද රාජපක්ෂ මහතා මාව දිරිමත් කළා 'ඔයා කොහොම හරි ගෙදර ගිහින් ස්ටඩි කරලා මේක වෙන් කරන්න විදියක් සොයල කියන්න' කියලා මගෙන් ඉල්ලුවා. මම ගෙදර ඇවිත් කල්පනා කරල බැලුවා.
එහිදී මට පෙනීගිය කාරණයක් තමයි අවසාන වශයෙන් රටේ සියළුම ඉඩම් වල හිමිකාරිත්වය පැවරිලා තිබෙන්නේ ජනාධිපතිවරයාට බව. ඒ ඉඩම් බලය වෙන් කළ හැක්කේ ඔහු කැමැත්තෙන්ම එය අනුමත කරන්නේ නම් පමණයි කියලා.
ඉනපසු අධිකරණයට ගියාම විනිශ්චකාරවරු තිදෙනෙක් තීරණය කළා මේ සියලුම ඉඩම් අයිති ජනාධිපතිවරයාට බව.
මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය වුනේ උතුරේ මැතිවරණය පවත්වන්න කලින් අනතුරුදායක වගන්ති ඉවත් කරගන්නයි.
එසේ නොවුයේනම් විග්නේෂ්වරන් වගේ ඇමතිවරුන් යටතේ අපගේ හමුදා කඳවුරක්වත් පවත්වාගෙන යාමට නොහැකි වන බව ඔහු තේරුම් ගෙන සිටියා."


මීට පෙර හෙළි වූ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කරන්නට යෝජනා කරන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට  ඉදිරිපත් කළ අතර ඩිව් ගුණසේකර , රාජිත සේනාරත්න  ආදීන් එයට එකහෙළාම විරුද්ධව කැබිනට් මණ්ඩලය තුළ එය පරාජය කර තිබිණ.ඒ ගැන හෙළිකරමින් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ පනතට කැබිනට් මණ්ඩලය තුල දැඩි සහයක් පළ කළ විමල් වීරවංශ මහතා  ඇතුළු පිරිසක් බවත් තමන්ට ඒ හඬ යටපත් කරන්නට බාහු බලයද යොදන්නට සිදුවූ බවත්ය.

ගෝමින් දයාසිරි මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...


සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/12/2017

අනාගතය විනිවිද දුටු වංශලා

කතෘ:යුතුකම     1/12/2017   No comments
යටියන ප්‍රදීප් කුමාර-

මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි.

ජනතා විමුක්ති පෙරමුණ එහි මුල් අරමුණුවලින් උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තම පක්ෂ නායකත්වය සහ උද්යෝගී තරුණ සාමාජිකයින් දහස් ගණනකගේ දිවි පූජාකළ පක්ෂය අද බෙදුම්වාදීන්ගේ ගෙරවිලි හඬ ඇසෙද්දී නකුට ගසා ගන්නා දීන තත්වයට ඇද දමා තිබේ.

අනුර කුමාර මහතාට නායකත්වය ලැබීම පිළිබඳ එදා, අනාගතය කළින් දුටු යුතුකම සංවාද කවය තැබූ සටහනකි මේ. ඒ වන විටත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කටයුතු භාර වගකීම් දැරීය. පසුව අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමත් අවසාන කාලයේ පළ කළ අදහසුත් සැලකිල්ලට ගත් විට අප මෙහිදී මතු කරන්නට උත්සාහ කළ කරුණේ ඇති වලංගුභාවය තවත් තහවුරු වෙයි.

ජවිපෙ ගමන් පීලි පැන්නවීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට නැසීගිය සෝමවංශ අමරසිංහ මහතා මෙන්ම විමල් වීරවංශ මහතාද පක්ෂය තුළ ගෙනගිය අරගලය එදා පරාජය නොවිනි නම් බෙදුම්වාදය පිනවන ද්‍රෝහී ව්‍යවස්ථාවක් ගෙනවිත් ජාතියේ පැවැත්ම ඉතිහාසයේ කවරදාකටත් වඩා අනතුරක වැටී ඇති මේ අවස්ථාවේ බිය වන්නට හේතුවක් නොවන්නට ඉඩ තිබිණ. එසේ වූවා නම් එදා 13 වන සංශෝධනය ගෙනා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මෙන්ම පසුව රනිල්ගේ සාම උගුල , සුනාමි සහන මණ්ඩල පාවදීම වැලැක්වීම මෙන්ම උතුර හා නැගෙනහිර පළාත් වෙන් කිරීම අරඹයාද ප්‍රශස්ථ වැඩ කොටසක් කළ ජවිපෙ අද වන විට බෙදුම්වාදය දිනන තෙක් නොදැක්කා සේ සිටින තක්කඩි භූමිකාවට මාරු නොවෙනු ඇත.
**********************************************************

පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම හෙවත් ජවිපෙ නායකත්ව වෙනස

2014/02.22

"අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදය" 

සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර විසින් ජවිපෙ  බිහිකරන්නේ එතෙක් පැවති සාම්ප්‍රදායික පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග මුල් ඇල්ලිය හැකියැයි විස්වාස කරන පදනමක සිටය. 1965 වෙසක් පොහොද දිනය ජවිපෙ බිහිවන දිනය වන්නේ අහම්බයකින් විය නොහැක. ජවිපෙ බිහිවූ දා සිටම අන් වමේ පක්ෂවලට වඩා යම් කිසි සුවිශේෂී වෙනස් කමක් සහිතව වර්ධනය විය. "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත් බවට සැක නැත. සමාජවාදයට යන මග වැටී තිබෙන්නේ ජාතික විමුක්ති අරගලය ඔස්සේ බව විජවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය. 

එසේ වුවත් ජවිපෙ මුල් පොත් වන මාක්ස්වාදි කියවීම් සමග විජේවීර සූත්‍රගත කල මේ උපායමාර්ගය සමපාත නොවීමේ අවුලක් නිසාදෝ ජවිපෙ වරින් වර අමු මාක්වාදය දෙසටත් විටෙක් ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලන වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ පහසු නිරීක්ෂණයකි. 
ජවිපෙ දෙවන මර්දනයෙන් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට කඩා වැදුණු 93න් පමණ පසු ජවිපෙ තුලද මේ අවුල විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997 දී පමණ) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමහ පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998 දී පමණ) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදී මත දරන්නන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු 93න් පසු දශකය තුල හොඳින් පැහැදිළි විය. 

කෙසේ වෙතත් 94න් පමණ පසු ඒකාබද්ධව නොවූ තත්වයක් යටතේ වුවත් සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුවද ඊට සමානුපාතික ලෙස බාහිරට පෙනෙන්නට විය. ඩී එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය. 
ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව සත්‍ය ලෙසම අවංකව සිදු කල මැදිහත්වීමක් නොවන බවත් ඔවුන් එය බාහිර සමජය වෙත ආකර්ෂණය වීමට ලාගත් වෙස් මුහුණක් ලෙස,එසේත් නැත්නම් දුරින් දුටු සමාජවාදි දූව වෙත යෑමට තෙප්පමක් ලෙස ස්වදේශවාදය භාවිතා කල බවටත් නැගෙන චෝදනාව පසු කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් හරහා තහවුරු වූ බව අසත්‍යක් නොවේ.එසේ වුවත් ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණය ට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ අවංක කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය. 

බොහෝ විට ඉන්පසු ජවිපෙ සටන් පාඨය බවට පත් වූයේ "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්න නොව "ජාතිකවාදී විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්නයි.අධිරාජ්‍ය විරෝධය වෙනුවට ජාතිකවාදයට එරෙහි ආස්ථානයක පිහිටා තම උපක්‍රම තෝරන්නට ජවිපෙ යොමු වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. ජාතිකවාදය සතුරු පාර්ශව කර ගත් දා පටන් ජවිපෙ පසුබෑම ආරම්භ වූයේ යැයි කීම සදොස් නොවන නිගමනයකි. 

අවුල 2004 ද ? 

 2004 මහමැතිවරණ සමයට පෙර වන විට මෙරට පත්ව තිබුනේ 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි, එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා රට යළි යටත්විජිතකරණයට හසු වෙමින් තිබේය යන්න දේශපාලන චෝදනාවකට එහා ගිය පොළවේ යථාර්ථයක් බවට පත්ව තිබූ තත්වයකි.ඒ දේශපාලන තත්වය පිළිබඳ එකල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ යැයි සිතේ. 

උපුටා ගැනීම :
"2001 දෙසැම්බර් මැතිවරණයෙන් බලයට ආ 2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත් , "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය.එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. " 
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින 

මේ ප්‍රායෝගික තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග ගොඩනැගි සංධානය එහි නායක රෝහණ විජේවීර උපක්‍රමිකව පෙන්වා දුන් අධිරාජ්‍යවිරොධී ගමන් මගේම එක් තවත් දිගුවක්ම විය. එය කිසි සේත් අධිරාජ්‍ය විරොධය ඔස්සේ සමාජවාදයට යන රෝහණ විජේවීර විසින් පක්ෂය තුල සූත්‍රගත කල උපක්‍රමික න්‍යායෙන් පීළි පැනීමක් නොවීය. එකල පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍ය සේ සලකා ජවිපෙ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා ආන්ඩුව සමග දීගයට එළබිණ. 
නමුත් චන්ද්‍රිකා මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව අත්සන් කල මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම වූ අධිරාජ්‍යවිරෝධය ඔස්සේ සමාජවාදයට යන්නට අනුකූල විය.එකල අධිරාජ්‍යවාදය සෘජු අපේක්ෂාව වූයේද සුනාමි සහන මණ්ඩලය හරහා LTTE ය වෙත නීත්‍යානුකූලභාවයක් ලබා දීමය. 

ඒ අතින් ගත් කල 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ජවිපෙ සන්නද්ධ විප්ලවීය මග පිළිබඳ තව දුරටත් විස්වාස නොකරන්නේ නම් සහ පාර්ලිමේන්තු බලය හරහා රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ විස්වාස කරන්නේ නම් ඒ සඳහා සුදුසුම මගට 2004 වන විට එලඹ තිබුණා යැයි කීම නිවරදිය. එකල ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි. 

උපුටා ගැනීම:
 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය" 
 -අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07 

කරුණු එසේ තිබියදී ජවිපෙ නව නායකයා අද පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද? 
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් අසාර්ථක වන තෙක් බලා සිටින්නට ගත් තීරණයයි. එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය. 

අනාගතය විනිවිද දුටු 'වංශලා' 

2005 දී මැතිවරණයේදී ජවිපෙ කුමක් කල යුතුද යන පක්ෂ අභ්‍යන්තර සංවාදය තුලදී එකල එහි ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ ඇතුලු කිහිප දෙනෙකු දැරූ මතය සුවිශේෂී විය. "2010 දිනන්නට 2005 ට" මුහුණ දෙමු යන මැයෙන් විමල් වීරවංශ විසින් 2005 අග භාගයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දීර්‍ඝ ලියවිල්ල තුලදී ඔවු ඉතා නිවරදි ලෙස විශ්ලේෂණාත්මකව පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දී ඉන් පසු ආණ්ඩුවේ කොටස්කරුවකු වී ජවිපෙන් ඉටු විය යුතු යුතුකම ඉටුකර බහුජන කැමැත්ත තම පක්ෂය තුලට කැඳවා 2010 මැතිවරණය වන විට ස්වාධීන ගමනක් යෑමට අවශ්‍ය පොළවේ බලය ශක්තිමත් කර ගැනීම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.
එසේ නැතිව 'කුමාරලා' කියූ පරිදි ස්වාධීනව තරඟ කලහොත් ඇතිවන අභාග්‍යසම්පන්න ඉරණමත් ජනාධිපතිවරණයේදී වැනෙන සුළු සහයක් මහින්ද රාජපක්ෂට දී ඉන් පසු ස්වාධීනව ඉඳීමේ බාග තීරණය හරහා ජවිපෙට දිනාගත හැකි ජයග්‍රහණ ස්ව කැමැත්තෙන් අහිමි කරගන්නා බවටත් ඉතා වැදගත් නිරීක්ෂනයක් විමල් වීරවංශ මහතාගේ ඒ පරිපූර්ණ විශ්ලේෂණයේ අඩංගු විය. 

මුලදි පොතේගුරුවාදීන්ගේ බාග තීරණය සමග එකට සිටි සෝමවංශ අමරසිංහ පසුව තමන් සිටි ස්ථාවරයේ දෝෂය වටහාගෙන එම බාග තීරණය නිසා පක්ෂයට ඉදිරියේදී සිදු විය හැකි ව්‍යසනය පිළිබඳ දුරදක්නා බවකින් වැදගත් යෝජනා කිහිපයක් අඩංගු යොජනාවලියක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. ඔවුන් පළකළ අනාවැකි අද වන විට කොතෙක් දුරට ටක්කෙටම හරි ගොස් ඇති බව නිරීක්ෂණය කරන විට මේ වංශ යුගල ජවිපෙ විසින් බිහිකල උපායමාර්ගික විසේෂඥයන් යන මතය බැහැර කල නොහැක. 

උපුටා ගැනීම: 
 "දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය... ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය" 
-විමල් වීරවංශ -2005 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

 එදා දුර දක්නා නුවණින් කල මේ යෝජනාවේ අගය ජවිපෙ නිළධාරි මණ්ඩලවලට වැටහිනි නම් යුද්ධය දිනන විට ජවිපෙ රජය තුල සාඩම්බර කොටස්කරුවන් වන්නට තිබිනි. ඒ තුල ඔවන්ට අත්වන ජනතා ප්‍රසාදය අති මහත් වන්නට තිබිනි.එහි අගය අද හොඳින් වැටහෙන්නේ අද වන විට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ තකතීරු වැඩවලින් හෙම්බත්ව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සැබෑ ලෙසම රටට හිතැති මිනිසුන් 'කෝ ඉතින් කොයි තරම් නරක උනත් මේකට විකල්පයක් පේන මානයක නෑනේ. ජවිපෙ වත් එදා හිටපු මතයේ හිටියනම්' යනුවෙන් හූල්ලනු දකින විටයි. 

විමල්ලා එදා යෝජනා කල මතයට පසුව එකඟ වූ සෝමවංශ අමරසිංහයන්ගේ නිරීක්ෂනය විමසා බලමු. උපුටා ගැනීම :
  "2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි." 
 "2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් 'දේශපාලන සිරිසඟබෝ ' භූමිකාව තොරාගතත යුතු නැත. 

අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත." 
"මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත " 
 -සෝමවංශ අමරසිංහ -2006 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

පක්ෂ විනයට යටත්ව සොමවංශ අමරසිංහයන් බාහිරට පෙනෙන්නට කුමක් කීවත් ඔහුගේ හෘදසාක්ෂියට අනුව නිවරදි මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිය. ඔහු මේ අර්ථකතනය දීමේදී මාක්ස්වාදී ස්ථාවරයෙන් බැහැරවීමක් සිදු නොවීය. දේශප්‍රේමය - ජාතික අරගලය පන්ති සටන ජනතාව වෙත ලඟාකරවීමේ හොඳම මග ලෙස ඔහු නිවරදිව වටහා ගනී.දුර දක්නා මේ දැක්ම තුල මූලධර්ම කරේ තබාගෙන යන හනමිටිය කර නොගෙන භූමියේ තත්වය ඉතා නිවරදිව දැක ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 
සැබෑවටම ජවිප අද වල්මත්වී පාර සොයාමින් යන වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද? 

කුමාරලා හිටියේ කොතනද?

උපුටා ගැනීම: 
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 

කෙසේ වෙතත් ඉහත උපුටා දැක්වූ පරිදි නව නායකත්වයට පත් විමෙන් පසු මාධ්‍ය හමුවේ එහි නායකයා පවසා තිබුණේ තමන් අද වන විට භුක්ති විඳින පරාජයන්ගේ ආරම්භය 2004 බවයි. 2004 සභාග ආණ්ඩු හැදීමේ දිහාවට පක්ෂය ගමන් කරවීමට ගත් තීරණය නිසා ඉන් පසු වාර කිහිපයකදී පිළිවෙළින් මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා ආදීන්ට සහය දෙන ප්‍රමුණු වලට සහභාගි වීමට සිදු වූ බවයි. කොටින්ම 2004 මහ මැතිවරණය ශ්‍රීලනිපය සමග එක්ව තරඟ කිරීම තම පක්ෂය සිදුකල දේශපාලන මග වරදාගැනීමක් බව ජවිපෙ නව නායකයා පෙන්වා දෙයි. එසේ නොවුයේ නම් පිරිසිදු පන්ති සටන් ක්‍රියාමාග හරහා අද නිර්මාණය වී ඇති තත්වයට වඩා හොඳ තැනක තම පක්ෂය සිටින බව ඔහුගේ අදහසයි. 
නමුත් එසේ නොවූයේ නම් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහි වන බවත් සොමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා ආදීන් ඉහත සඳහන් කල පරිදි එය අධිරාජ්යවාදයේ ජයග්‍රහ්ණයක් වීම ජවිපෙ නව නායකයාට ගැටළුවක් නොවේ. එකල සභාග ක්‍රියාමාර්ග දෙසට පක්ෂය තීරණ ගනිද්දී තමන් ද බහුතරය සමග එයට එකඟ වුවත් ඔහුට ඒ පිළිබඳ වෙනම දැක්මක් තිබූ බව ඔහු ඉහත මාධ්‍ය හමුවේදී ඉඟි කරයි. (සාමාන්‍යය්නෙන් ජවිපෙ නායකයන් එසේ පෞද්ගලික මත ප්‍රකාශ කරනු අප බහුලව අත්දැක නැත.)

 කෙසේ වෙතත් අනුර කුමාර දිසානයක මහතා පවසන අදහස සත්‍යක් විය හැකි බව මීට ඉහත පක්ෂයෙන් ඉවත් වූ එහි ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මීට සත් වසකරකට පමන පෙර පලකල අදහස් මෙන්ම විමල් වීරවංශ මහතා පල කල 'නැත්ත වෙනුවට ඇත්ත ' ග්‍රන්ථයේ අඩංගු තොරතුරුවලින්ද සනාථ වේ. 2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී හි තීන්දු තීරණ ගන්න යැයි කියන මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී බහුතරයක් ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නව නායකයා මෑතකදී පල කල ඉහත අදහස. 

උපුටා ගැනීම :

 "එදා එම ජනාධිපතිවරණයට පෙර අප මධ්‍යම කාරක සභාව තුළ යෝජනා 3 ක් සාකච්ඡාවට ගැනූණි. ඉන් එකක් වූයේ මහින්දට සහය දී යා හැකි දුරක් දක්වා ඔහූ සමග නැවත බලගතු කොටස්කරුවන් ලෙස ඉදිරියට යෑමය. මධ්‍යම කාරක සභාව තුළ 7 දෙනකු එම මතය දැරූ අතර මාද ඒ අතර විය. අප විශ්වාස කළේ මහින්ද දිනවා පැත්තකට වී සිටීම (හරක් වැඩක් වන අතරම) ජනතාවට සාධාරණීකරණය කළ නොහැක්කක් බවය. එමෙන්ම ආණ්ඩූවට ඇතුල්වීමෙන් කලින් වතාවේ මෙන්ම හෝ ඊටත් වඩා ආණ්ඩූ බලය හැකි තරම් දුරකට අපේ යහපත් අරමූණූ සඳහා යොදාගත යූතු බවය. දෙවන යෝජනාව වූයේ මහින්දට සහය දී දිගටම විපකෂයට වී සිටීමය. මධ්‍යම කාරක සභාව තුළ බහූතර ඡන්දය ලැබූණේ මේ නපූංසක දේශපාලන යෝජනාවන්ටය. තුන්වන යෝජනාව වූයේ මහින්දට සහය නොදී ජ. වි. පෙ. වෙනම තරග කළ යූතු බවය. මේ "ප්‍රගතිශීලී මතය" හෙවත් "විප්ලවවාදී මතය" දැරුවේ හරියටම දෙදෙනෙකි. ඉන් එක් අයකු ඉහත දැක්වූ පිළිකුල්සහගත ඡායාරූපයේ ඉදිරියෙන්ම සිනාසෙමින් ඉන්නේ අහම්බයකින්ද? (ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ අවමඟුල් උත්සවය නිමවීමෙන් පසූව පැය කිහිපයක් එහි රැඳී සිටිමින් විහිළු තහළු කරමින් කෙළිදෙලින් ගත කළ දේශපාලනඥයෝ පිරිසක් ඒ ඡායාරූපයේ වූහ. එහි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටින්නේ අනූර දිසානායක මහතා අසලම වූ පූටූවක ඇන්දේය. රනිල් කළ කතාවකට සියලුදෙනාම සිනහවන්නේ කලක සිට බැඳුණූ කුළුපග මිතුරන් පිරිසක් හදිසියේ හමූ වූ චිත්ත ප්‍රීතිය විඳ දරාගත නොහැකිව ඇති අයූරකිනි. එය එම ඇස් තුළ සැඟවිය නොහැකි ලෙස සටහන්ව තිබිණි.) 
 -නන්දන ගුණතිලක 2008 පෙබරවාරි දිවයින 

පරාජයේ පියවරු අභිෂේක ගැන්වීම.

2005 දී ගත් භාග තීරණයෙන් ජවිපෙ මේ තරම් නරාවලකට වැටිණි නම් මේ නව නායකත්වය 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. මේ අනුව පැහැදිලි වන කරුණ නම් ජයග්‍රහණයේ මග පෙන්වූ පීතෲවරුන් ද්‍රෝහී ලේබලය අලවා පන්නා දමා ජවිපෙ සුක්කානම අද ලබාගෙන හො භාරදි හෝ ඇත්තේ එහි වත්මන් පරාජයේ පීතෲවරුන්ට බව නොවේද? 
එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් පක්ෂ නායකත්වයට පත්වීම හරහා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ආණ්ඩු විවේචනය අවසානයේ එය ගැට ගසන අන්තය පිළිබඳ නිසි චිත්‍රයක් ඉදිරිපත් නොකරමින් වියුක්තව සිදුකරන ආකර්ෂණීය හුදු විවේචන මගින් ෆේස්බුක් , ගොසිප් අඩවි ආදිය තුල ලාමක වීරයන් විය හැකි මුත් සැබෑවට මහපොළවේ දෙශපාලන මුල් ඇල්ලිය හැකි වෙනසක් නම් සිදු නොවන බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත. 


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/01/2017

මේ එන්නේ NGO කාරයන් හදන අමු ජාතිවාදී රට බෙදන ව්‍යවස්ථාවක් - මනෝහර [Video]

කතෘ:යුතුකම     1/01/2017   No comments
හවුල් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන නව ව්‍යවස්ථාව හරහා වසර දහස් ගණනක් පුරා පැවති රටේ ඒකීයභාවය අහෝසි වී ෆෙඩරල් රටක් බිහි වන බවත් ඒ බව ව්‍යවස්ථාව සැකසීමට ආණ්ඩුව විසින් පත් කළ කමිටු හය විසින් ඉදිරිපත් කළ යෝජනා වලින් ඉතාමත් පැහැදිලිව සනාථ වන බවත් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.

රට ෆෙඩරල් කර කෑලිවලට කඩනවාට අමතරව මෙතෙක් කලක් මෙරට පැවැති සියලු එකඟතා බිඳලමින් අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්ම නැති කිරීමට අවශ්‍ය යෝජනාද ඇති පදමට ඇති බව ඔහු අවධාරණය කරයි.

යුතුකම සංවාද කවය විසින් පසුගියදා සංවිධානය කරන ලද "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් මේ බව පෙන්වා දුන් මනෝහරද සිල්වා මහතා මේ ව්‍යවස්ථා සැකසීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විදෙස් මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල (NGO) මැදිහත් වීම හරහා සිදු වන අමු ජාතිවාදය වපුරන ක්‍රියාවලියක් බව අවධාරණය කර සිටියේය.

එබැවින් අනාගතයේ රට කෑලි වලට කැඩී එකිනෙකා මරාගන්නා අමු සොහොනක් බවටත් එනෙක් පසින් විජාතික කොළනියක් වීමත් මේ හරහා ස්ථිරවම සිදුවන බැවින් මේ ද්‍රෝහී ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකි සියළු දේ කිරීමට පෙරට එන ලෙසද ආරාධනය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝහරද සිල්වා මහතා
"ඉදිරිපත්විය හැකි ව්‍යයවස්ථාව කුමක්දැයි අප විසින් මින් පෙර සිටම අනතුරු අඟවපු සෑම කරුණක්ම කිසි වෙනසක් නැතුව මේ අලුත් කමිටු වාර්තා වල තිබෙනවා.

අපි හැමෝම දන්නවා මේ රට ෆෙඩරල් කරන්න දරන ප්‍රයත්නය. නමුත් ඒ විතරද? අපේ රට අපේ ජාතිය අපේ ආගම නැති කරනවා විතරක් නෙමේ. අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්මනැති කරනවා මේ මගින්.

මේ ව්යවස්ථාවේ තිබෙන ප්‍රබල කාරණයක් තමයි ලංකාවේ පුරවැසියන්ට විතරක් තිබෙන අයිතිවාසිම විජාතිකයන්ටත් ලබා දෙනවා. පුරවැසියා කියන වචනය ඉවත් කරලා ඒ වෙනුවට පුද්ගලයා කියන වචනය මේකට ඇතුලත් කරලා. එතකොට මොකද වෙන්නේ. මේ රටට එන විජාතිකයනට ඔවුන්ගේ සංස්ක්‍රිතිය මෙරට ප්‍රවර්ධනය කිරීමේ අයිතිය ව්යවස්ථාවෙන් අපි විජාතිකයන්ට ලබා දෙනවා. ඒ සංස්කෘතියට සමලිංගික විවාහ වලින් පටන් ගත්තහම අපට නොගැලපෙන විවිධ ආකාරයේ සංස්කෘතීන් ප්‍රවර්ධනය කිරීම අයිතිවාසිකමක් ලෙස ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සලසා දෙන උත්සාහයක් මේකේ තියෙනෙවා. ඒ විතරක් නොවේ. අපේ රටේ ලොකු ආන්දෝලනයක තිබුනා මේ අන්‍යාගමිකකරණය ගැන. මේ රටට තියෙන විශාල උවදුරක් තමා පිටරට, විශේෂයෙන්ම ඇමරිකානු මූලධරමවාදී ආගමික සංවිධාන මේ රටේසිංහල බෞද්ධ ක්‍රිස්තියානි, කතෝලික, මුස්ලිම් සෑම කෙනෙක්ම මේ අන්තවාදී ආගම්වලට හරවාගැනීමේ උත්සාහයක් තියෙනවා. එකපැත්තකින් අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් මෙරටට එනවා මෙරට සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමෙන් බැහැරව, අනෙක් පැත්තෙන් ඇමරිකානු සහ වෙනත් විජාතික නවක්‍රිස්තියානි සංවිධාන මෙරටට එනවා. මෙතෙක් කලක් ලංකාවේ ව්යවස්ථාවේ කවදාවත් ආගම් ප්‍රවර්ධනය කිරීමේ අයිතිය දීලා තිබ්බේ නෑ. නමුත් මේකෙන් ඒකටත් ඉඩ දෙන්න නිර්දේශ කරලා තියෙනවා. අපෙ රටේ සහ බොහෝ රටවල ආණ්ඩුක්‍ර්ම ව්යවසථාවට අනුව ඕන කෙනෙකුට තම්න් කැමති ආගමක් අදහන්න පුලුවන්. නමුත් ආගම් ප්‍රකාශ කිරීම, ඒ කියන්නේ විවිධා චාරිත්‍ර පැවැත්වීම, පූජනීය ස්ථාන ගොඩ නැගිම, ආගමික ස්ථාන ගොඩනැගීම වැනි ක්‍රියාකාරම් සඳහා අයිතිවාසිකමක් දීලා තියෙනේ මේ රටේ පුරවැසියන්ට පමණයි. එහෙම නූනොත් වෙනත් ආගමික සංවිධාන වලට පුලුවන් මේ පුංචි දූපත ඩැහැ ගන්න. මේ යෝජනාවල තවත් එකක් තමයි අන්‍ය ආගම් ප්‍රවර්ධනය කිරීමේ අයිතිවාසිකම ලබා දෙනවා පමණක් නොවෙයි, අර ආගමික ක්‍රියාකාරකම් පිලිබදව මෙතෙක් කල් පුරවැසියාට පමණක් සීමා වෙච්චි අයිතිය සම්පූර්ණයෙන්ම ඕනම කෙනෙකුට ලබා දීලා මේ රට ආගමික ආක්‍රමණයකට ඉඩ සලසන ප්‍රතිපාදන මූලික අයිතිවාසිකම් පිලිබද අනුකමිටුව නිර්දේශ කරලා තියෙනවා.

ඒ නිසා මේ බලන බලන සෑම වගන්තියක් පාසාම අපට දකින්නට ලැබෙන්නේ මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන විජාතික ඕනෑ එපාකම් සපුරාලන ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමට ඇති වුවමනාව.

ඒ විතරක් නෙමෙයි. ඔවුන් කියනවා මේ ලිංගික නැඹුරුතාවයන් මත කිසිම වෙනස්කමකට භාජනය කරන්න බෑ කියලා. මෙතන බරපතල සිංහල වචනයකින් හංගලා ඉංග්‍රිසි එකේ සරල ඉංග්‍රීසි වචනයකින් විස්තර කරලා තියෙනවා. මේ රට තුළ සමලිංගික විවාහ නීතිගත කරන්නට අවශ්‍යවනමූලික අඬිතාලම මේ අලුත් මුලික අයිතිවාසිකම් වගන්ති තුළින් ඇති කරලා තියෙනවා.

ඉතින් ඔබට පෙනෙනවා ඇති මේක කොතරම් පුලුල් විදියට අපේ රට ආක්‍රමණය කරන්න සැරසෙනවද කියලා.

මේකෙ තියෙනවා අපිට යුද්ධය ප්‍රවර්ධනය කරන්න බෑ කියලා. දැන් කවුරු හරි අපිත් එක්ක යුද්ධ කරන්න ආවොත් අපි යුද්ධය ප්‍රවර්ධනය කරන්නා ඔනා. ඇයි අපි ව්‍යවස්තාවට දා ගන්නේ අපිට යුද්ධය ප්‍රවර්ධනය කරන්න බෑ කියලා? ඒ කියන්නෙ අපේ ආගම සංස්කෘතිය විතරක් පාවාලා දෙනව විතරක නෙමේ, මේ රටේ ජාතික ආරක්ෂාවත් මේ රටේ ජනතාව,රට රකින්න ඉදිරියට එන රණ විරුවාත් මඬින්න හදන ව්‍යවස්ථාවක්. දැන් මේ සැරසෙන්නේ මොකටද?"

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්:

සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/23/2016

විස්වාස කළ නොහැකි තරමේ පාවාදීම - රට බෙදන,රට අවුල් ජාලයක් කරන ව්‍යවස්ථා යෝජනා මෙන්න - ගෙවිඳු කුමාරතුංග [vedio]

කතෘ:යුතුකම     12/23/2016   1 comment
ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන චන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද කවය මගින් පසුගිය 19 වනදා සංවිධානය කරන ලද "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.

මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සෑම කමිටුවකම පාහේ අරක් ගෙන සිටින්නේ ජයම්පති වික්‍රමරත්න , එස් සුමන්තිරම් වැනි කුප්‍රකට බෙදුම්වාදී චරිත බව පෙන්වා දෙන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් දිවිපුදා රැකි ඒකීය රට මෙලෙස පාවාදෙමින් බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරා බෙදා වෙන් කරන තුරු ඉවසන්නේ නම් අප මිනිසුන් දැයි ප්‍රශ්න කරයි.

ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..



සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/21/2016

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! - ඇල්ලේ ගුණවංශ නාහිමි [Video]

කතෘ:යුතුකම     12/21/2016   No comments
රණවිරුවන් දහස් ගණනක් තම දිවි පුදා, තවත් දස දහස් ගණනක් අත් ,පා ,ඇස් ,මස් දන්දී රැකගත් මාතෘභූමියේ ඒකීයභාවය බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට සියළු වාද බේද අමතක කර එක් වීමට කාලය එළඹ ඇතැයි ධාර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කර සිටියි.

යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද 'ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශන
පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.

නායක හිමිවරුන් කුමක් කළද ජාතියේ මුර දේවතාවන් ලෙස සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට සූදානම් යැයි පවසන උන්වහන්සේ මේ සඳහා එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියළු දේශපාලන බලවේගවලට ආරාධනා කර සිටියි. එමෙන්ම මේ ද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුවේ අත ඔසවන කිසිඳු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ඉඩ නොදී පන්නා දමන්නට පෙරට එන්නයි  උන් වහන්සේ ඉල්ලා සිටියහ..

වැඩිදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ , අතීතයේ සිට මෙවැනි පාවාදීම් රනිල් වික්‍රමසිංහ මහතාට නම් අමුතු දෙයක් නොවන නමුත් තමන් දීර්ඝ කාලයක් ඇසුරු කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා එකල කියූ කෙරූ හැසිරුණු ආකාරයට මෙවැනි ද්‍රෝහී පාවාදීමකට සහය දිය හැක්කේ කෙසේදැයි විමතිය පළ කර
සිටියහ.

උන් වහන්සේ පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...


සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/26/2016

මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…- "ලලිත් නුඹ වාසනාවන්තයි"

කතෘ:යුතුකම     11/26/2016   No comments

මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…

කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8ක් සපිරේ.
2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය. කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.

වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

ලලිත් උඹ වාසනාවන්තයෙක්...

අප ලලිත් ජයසිංහ විරුවා ගැන මේ සටහන තබන මොහොත එසේ රණවිරුවන් ගැන ඇගයුම් ඇසෙන කාලයක් නම් නොවේ.එක් පසකින් හවුල් ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම හරහා ලලිත් වැනි විරුවන් සිය ගණනක් අද වීරත්වයේ ඔටුනු ගලවා දමා ස්ත්‍රී දූෂකයන් , මිනීමරු ම්ලේච්චයන්, පාපතර ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබේ.
අනෙක් පසින් ලලිත් ජයසිංහලා වැනි විරුවන් සිය දහස් ගණනක් දිවි පිදූ මාතෘභූමිය බටහිර කැනහිලුන්ගේ සහ උන්ගේ මෙරට ඒජන්තයන්ගේ ගල ග්‍රහණයට හසුව ඉතා අභාග්‍යසම්පන්න ඉරණමකට ඇද දමා ස්වෛරීභාවය අහිමිව වැලපෙමින් සිටී.
ඒ අස්සේ බෙදිම්වාදී ව්‍යාපෘතිය ඉතාමත් වේගයෙන් රට බෙදන සීමාවට ඉතාමත් ඉක්මනින් ළං වෙමින් තිබේ.ලලිත් ජයසිංහලා දිවි දී රට රැකි සංහිඳියා කවරයේ ඔතා නින්දා සහගත ලෙස බෙදිම්වාදීන් අතට පත් කරන රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව කඩි මුඩියේ සම්මත කරගනිමින් තිබේ. මීට ඉහත රණවිරුවන්ට අපරාධකාරයන් යන හංවඩුව ගැසුවේ මව්බිමේ ද්‍රෝහීන් සහ බටහිර අධිරාජ්‍යවාදීන්ය. අද එහි වෙනසක් වී තිබේ. අද අපේම ආණ්ඩුව ඔවුන්ට මේ ම්ලේච්ච හංවඩුව ගසා බටහිර චෝදනාව ඉස් මුදුනින් පිළිගෙන අවසන්ය. දැන් ඇත්තේ එහි අවසාන ජවනිකාව පමණි. එනම් ද්‍රෝහී හංවඩුව ගැසූවන් දංගෙඩියට දක්කාගෙන යන ගමන්ම ලලිත්ලා දිවි පිදූ ඒ උත්තරීතර පූජනීය අරමුණ මහ දවල් කෙළෙසමින් බෙදුම්වාදීන්ට වෙනම දේශසීමා වෙන්කරගෙන වෙනම රටක් හැදීමට පාර කපනා අවාසනාවන්ත ඛේචවාචනයයි.

යහපාලකයන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරට සුදු ඒජන්තයන් බලහත්කාරීව ඇතුළුවී එහි වදකාගාරයක් පවත්වාගෙන ගියැයි කියමින් රණවිරුවන් විශාල පිරිසක් මේ වන විටත් සිර කර තිබේ. මීට පෙර එක්නැළිගොඩ නම් සිංහල කොටියාගේ අතුරුදහන් වීමට යැයි කියමින් කොටි ත්‍රස්තවාදීන්ගේ අවසන් පුරුක්ද ගලවා දැමූ බුද්ධි අංශ මෙහෙයුමට දායක වූ රණවිරුවන් අපරාධකරුවන් යැයි හංවඩු ගසා මරණ මංචකය වෙත දක්කමින් තිබේ. ඒ අස්සේ රට වැනසූ කොටි ත්‍රස්තයන්ට ආණ්ඩුවේ අනුග්‍රයෙන් නිදහස ලැබෙමින් දිනෙන් දින දුසිම් ගණනින් නිදහස් වෙමින් තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු හමුදා නායකයින් වංචාකාරයින් හොරුන් තක්කඩියන් ලෙස සමාජ අපවාදයට ලක් කර උසාවි ගානේ රස්තියාදු ගස්සවමින් රට වැනසූ ත්‍රස්ත අපරාධකරුවන් නිදහස් කරන අබුදස්ස යුගයකැයි අප මේ පසු කරමින් සිටින්නේ.

එසේ බැලූ කල ලලිත් නුඹ වාසනාවන්තයෙකි. සැබෑ වාසනාවන්තයෙකි. සතුරාගේ උණ්ඩයට ළය දී තම ජීවිතය මාතෘභූමිය වෙනුවෙන් කැපකළ වීරයෙකු ලෙස ඔබ දේශප්‍රේමී සිත් තුළ සදා අනුස්මරණීයයි. ඔබේ ලෙයින් උපන් තවමත් කැකුළු වියේ සිටිනා ඒ සිඟිති දියණියට ආඩම්බරයෙන් කිව හැකි වීර තාත්තා කෙනෙක් ලෙස ඔබ ඉතිහාසයට එක්වී අවසන්ය . ඔබ අද ජීවතුන් අතර සිටියේනම් ස්ත්‍රී දූෂකයන්, ම්ලේච්ච මිනීමරුවන් ලෙස රණවිරුවන්ට ගසනා 'යහපාලන හංවඩුව' ඔබටද වදිනු ඇත. සමහර විට දැනට සිර කඳවුරුවල ගාල් කර සිටින ඒ බුද්ධි අංශ විරුවන් සමග ඔබද සිරගෙවල් වල යකඩ කූරු ගනින්නට තිබිණ. ඒ මාතෘභූමිය ම්ලේච්ච ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ 'යහපාලන වරදටය'.
ලලිත් නුඹ වාසනාවන්තයි...

ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ... >>
මෙය නරඹද්දී එක පැනයක් සිතට ඒ.. එදා මේ වැඩසටහන ප්‍රචාරය කළ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවට අද මේ වීඩියෝව නැවත ප්‍රචාරය කළ හැකිද. එසේ කළහොත් ඒ වෙනුවෙන් එහි සේවකයන් කීයකගේ වැඩ අහිමි වේද? වෙනස සැපද?


-යටියන ප්‍රදීප් කුමාර
[ලලිත් ජයසිංහ විරුවාගේ හත් වෙනි ගුණ සමරුව වෙනුවෙන් තැබූ සටහනකි ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama

11/08/2016

දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් කඩේ යැවිය නොහැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනගමු - ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත්

කතෘ:යුතුකම     11/08/2016   No comments
අප සභ්‍යත්ව රාජ්‍ය කරා සංවාදය අරඹා ඇති මේ අවධිය රට බරපතල ලෙස සිව් වැදෑරුම් අර්බුදයක ගිලී ඇති ඉතා තීරණාත්මක වකවානුවක් බව ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත් මහතා පෙන්වා දෙයි.

පළමුව රටට බරපතල ලෙස බලපාන එට්කා ගිවිසුමට අත්සන් කිරීමට ආන්ඩුව සූදානමින් සිටින බවත් , දෙවනුව ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ විශේෂ අධිකරණය පිහිටුවීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇති බවත් , තෙවනුව දැනටමත් බාහිරින් සකසා ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට බටහිර ප්‍රමුඛ බලවේග බලපෑමත් , සිව්වනුව රට ආර්තික වශයෙන් දරුණු අර්බුධයක ගිලී ඇති බවත් ඔහු අවධාරණය කර සිටියි.
ගුණදාස අමරසේකර මහතාගේ 'සභ්‍යත්ව රාජ්‍ය කරා' කෘතිය පිළිබඳ කෘතිය ජනගත කිරීම පිළිබඳ නුවර පුෂ්පදාන ශාලාවේ පැවැති කතිකාවතේදී   චරිත හේරත් මහතා අවධාරණය කර සිටියේය.

අප පතන සභ්‍යත්ව රාජ්‍ය ගොඩනගා ගැනීම පිළිබඳ සංවාදය ඇරඹීමට මේ හොඳම අවස්ථාව බව පෙන්වා දෙන චරිත හේරත් මහතා ඒ සඳහා ප්‍රබල නිවහල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය පෙන්වා දෙයි. ධර්මපාල තුමාගේ සිට අතීතයේ බිහි වූ ජාතික ව්‍යාපාර නොයෙක් දේශපාලන කණ්ඩායම් විසින් තමන්ගේ බල ව්‍යාපෘතීන් වෙනුවෙන් කඩේ යැවූ බව පෙන්වා දෙන ඔහු ඒ හරහා දේශපාලන ව්‍යාපාර තුළින් වැඩ ගැනීම ජාතික ව්‍යාපාරයේ කාර්‍යභාරය මිස කිසිසේත් දේශපාලන ව්‍යාපාරවලට යට වන ජාතික ව්‍යාපාරයකින් ඵලක් නැතැයිද පෙන්වා දෙයි. "දේශපාලන ව්‍යාපාරය රට වෙනුවෙන් කඩේ යැවිය යුතුයි- නමුත් දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් ජාතික ව්‍යාපාරය කඩේ නොයැවිය යුතුයි" ඔහු එලෙස පැහැදිලි කරයි.

එවැනි වැඩසටහනක් හරහා නිර්මාණය කරන නව මාවත ජාතියේ ජය මාවත බවට පත් කරමු යැයි ඔහු ආරාධනා කර සිටියි.

චරිත හේරත් මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්

සටහන - යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/17/2016

ශ්‍රීලනිප අප්පච්චි මරා දමා අම්මා විකුණන් කන පාපතරයන්ගේ කුඹුල් කඳුළු වලට නොරැවටෙමු

කතෘ:යුතුකම     8/17/2016   No comments
-යටියන ප්‍රදීප් කුමාර-ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පාද යාත්‍රාව පිළිබඳ  ශ්‍රීලනිපයේ මෛත්‍රී කල්ලිය විසින් මීට ටික දිනකට පෙර මාධ්‍ය හමුවක් තබා සිදු කළ අපූරු ප්‍රකාශයක් මේ සටහන තබන්නට ආසන්නතම හේතුව විය. තරමක් ප්‍රමාද වුවත් අද මෙය පළකරනුයේ ශ්‍රීලනිප බල අධිකාරිය විසින් එජාප විරෝධී පිළ නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් 40 කගේ තනතුරු අහිමි කර ඇති අවස්ථාවකදීය.

ශ්‍රීලනිපයේ බලතල හොබවන මේ ඇමති කටු ලොවින එහෙයියන් එම මාධ්‍ය හමුවේදී මෙන්ම පසුව නොයෙක් තැන් වලදීත් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ද්‍රෝහී වන්නේ පක්ෂයේ අම්මාට, එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට බවයි. මේ පාද යාත්‍රාව නිසා සතුටට පත් වන පාර්ශවයක් වේ නම් ඒ එක්සත් ජාතික පක්ෂය යැයි ඔවුහු මවාගත් හැඬුම්බර මුහුණින් පවසනු පෙණින..
මේ ප්‍රකාශයේ වලංගුභාවයක් ඇත්ද? විමසිල්ලේ විමසා බලමු.
'ශ්‍රීලනිප' යේ අම්මාට ද්‍රෝහී වූයේ කවුද?

එදා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර දමා ශ්‍රීලනිප ය නිර්මාණය කළේ ධර්මපාලතුමා ඇරඹි ජාතික ව්‍යාපාරය හරහා උද්දීපනය වූ මේ රටේ ජාතිකත්වයට ලැදි ස්වදේශික ජනයාගේ දේශපාලන අභිලාශය සාක්ෂාත් කරන ව්යාපාරයකට විජාතික එක්සත් ජාතික පක්ෂය හරහා අවකාශයක් නැති බව වටහා ගැනීම හේතුවෙනි. එදා පටන් ශ්‍රීලනිපයේ දේශපාලන ගමන් මග එක්සත් ජාතික පක්ෂ විරෝධී රේඛාව හරහා වැටී තිබුණේ එයට උරුම දේශපාලන මග එයම වූ බැවිනි.එය හුදු පක්ෂ දේශපාලන
ට, පක්ෂ බේදයට එහා ගිය , සංස්කෘතික වෙනස්කම් මත ඒවාට උරුම වී තිබූ ස්වාභාවික ගමන් මග විය.

මේ සවාභාවික ගමන් මග හරස් කර මේ ප්‍රවාහ දෙක කෘතීමව එක් කිරීමට උත්සාහයන් ගැනුනේ අද ඊයේ නොවේ. ඒ වෙන කිසිවක් නිසා නොව මේ පක්ෂ දෙක පක්ෂ දෙකක් ලෙස සිටින තාක්කල් බෙදුම්වාදී බලවේගවලට තමන්ට අවශ්‍ය දුර යෑමට අවශ්‍ය ජවය නොලැබෙන බැවිනි. ජවය වෙනුවට ලැබුනේ ප්‍රතිවිරෝධයයි. එය රටක් වශයෙන් බැලූවිට සුභ ලකුණක් විය. රට බෙදන්නට කැස කවන බලවේග වලට ලොකුම බාධකය වූයේ මේ ද්වි-පක්ෂ ප්‍රතිවිරෝධයයි. එදා චන්ද්‍රිකා ආණ්ඩු සමයේ 'උතුරේ ගැටලුවලට විසඳුම් සෙවීමේදී පක්ෂ දෙක එකට කටයුතු කළ යුතුය" යනුවෙන් ලියම් ෆොක්ස් නරි ගිවිසුමට පක්ෂ දෙක එකඟ කරගත්තේ මේ ප්‍රතිවිරෝධය නැති කර බෙදුම්වාදය පිනවීමේ අවශ්‍යතාවය වෙනුවෙනි. කෙසේ නමුත් ලියම් ෆොක්ස් ගිවිසුම ඒ අයුරින්ම සාර්ථක නොවුණු අතර 2004 දී ජනතා විමුක්ති පෙරමුනේ ජාතිකවාදී පාර්ශවයේ මැදිහත්වීම හරහා චන්ද්‍රිකා ජනපතිනිය විසින් රනිල් වික්‍රමසිංග ආණ්ඩුව දණ ගස්සන්නේ 'රට බෙදන අලි කොටි හවුල' යන සටන් පාඨය ඔස්සේය.

කෙසේ හෝ එදා අසාර්ථක වූ ලියම් ෆොක්ස් ගිවිසුම 20015 යථාර්ථයක් බවට පත් කරගන්නට මේ බෙදුම්වාදය වෙනුවෙන් කැපවුණු කණ්ඩායම්වලට හැකි විය. රනිල්-සිරිසේන ආන්ඩුව නිර්මාණය වන්නේ එතෙක් කරගත නොහැකිවූ නීත්‍යානුකූලවම බෙදුම්වාදය බලාත්මක කිරීමේ ඒ ද්‍රෝහී ව්‍යායාමයේ අවසන් අදියර වෙනුවෙනි. (අද වන විට අනෙකුත් සියළු සටන් පාඨ අහිමිව නිරුවත්ව සිටියදීත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි විකල්ප ගෝත්‍රයේ පඬියන් තව දුරටත් ව්‍යාජ සටන් පාඨ නිර්මාණය කරමින් මේ ද්‍රෝහී හවුල රකින්නේම එබැවිනි )

ශ්‍රීලනිපය නිර්මාණය කළ බණ්ඩාරනායක මහතා පැතූ ඒ එජාප ප්‍රතිපත්ති වලට එරෙහි ජනතා බලවේගය ජනාධිපතිධූර බලලෝභී දුර්වලයකුගේ ජනපති සිහිනය වෙනුවෙන් 20015 ජනවාරි වල උකස් කෙරිණ. ඒ ශ්‍රීලනිප යේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සමග එක ගේ කෑමට තීරණය කිරීමත් සමගමය.

බණ්ඩාරණායක මහතාට වෙඩි තබා ඝාතනය කිරීමෙන්වත් ඝානතනය කිරීමට නොහැකි  වූ සැබෑ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති නැමති 'අප්පච්චී' ඝාතනය කළේ එදාය. එනම් එජාප සංස්කෘතියට එරෙහි විකල්ප දේශපාලන සංස්කෘතියට උරුමකම් කියූ ශ්‍රීලනිපය එජාපයේ පිළිකණ්නේ බැඳ දැමීමත් සමගය. ජනාධිපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් සිදු කළ ඒ තුච්ච පාවාදීමට අනුබල දුන් තක්කඩියන් අද 'ශ්‍රීලනිප' අම්මා ගැන කිඹුල් කඳුළු හෙලන්නේ වෙන කිසිවකට නොවේ. තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් ලැබුණු ඇමති කට්ට තව ටික කලක් සූප්පු කරන්නට අවශ්‍ය සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමටය.

දෙවන වරටද 2015 මහ මැතිවරණයේ ශ්‍රීලනිප යට උරුම වන්නට තිබූ මැතිවරණ ජයග්‍රහණය පාදඩ දේශපාලන පාවාදීම හරහා ආපසු කැරකූ නිවට පක්ෂ නායකත්වය යළිත් ශ්‍රීලනිපය ඝාතනය කළේ එදා සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර එතුමියට මිහිපිට අපායක් නිර්මාණය කළ පාපතරයන් අතට බලය ලබා දෙමිනි.

මේ සියලු ආකාරයෙන් ශ්‍රීලනිපය එජාප කුස්සියේ හැලි වලන් අල්ලන පිස්නාව බවට පත් කළ කල්ලිය පසුගියදා පාද යාත්‍රාවට දින කිහිපයකට පෙර කඩි මුඩියේ අපූරු ප්‍රකාශයක් කළේය. එතෙක් වසර 2ක් යැයි කිය කියා සිටි රනිල් -සිරිසේන දීගය තවත් වසර තුනක් ඉදිරියට දීර්ග කරන බවයි. ඒ හරහා ශ්‍රීලනිපය එජාප උගුලෙන් ගලවාගැනීමට තිබූ අවසන් අවස්ථාවද සිරිසේන මහතාගේ බලලෝභය වෙනුවෙන් අහොසි කරගති. පක්ෂ නැති බංගස්ථාන වුවත් තමන්ට ජනාධිපතිධුරය රැක ගැනීමට අවශ්‍ය කේවල් කිරීමට පමණක් සෑහෙන ලෙස පක්ෂ නායකත්වය රැක ගැනීම ඔහුගේ අරමුණයි.මේ ජඩ පාවාදීම් වල ඉදිරිපෙළ නායකයන් අද මාධ්ය හමු පවත්වමින් මේ පාද යාත්‍රාව නිසා එජාපය සතුටු වනවා යැයි පැවසීම අමුම අමු ගොන් කතාවකි.

ශ්‍රීලනිප මූලස්ථානයට ශ්‍රීලනිප පාක්ෂිකයාම හූ කියන්නේ ඇයිද යන්න විමසිල්ලේ විමසා බැලීමට පක්ෂ නායකත්වය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිරිසේන මහතා ප්‍රමුඛ කල්ලියට සංයමයක් නැත. ඒ තමන්ට හිමි නැති පක්ෂ නායකත්වය රැක ගැනීමට ඔවුනට වෙහෙස වීමට සිදු වී ඇති බැවිනි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ජනතාවාදී කණ්ඩායමද මෙහිදී කිවයුත්ත කෙලින් නොකී‍යා තවමත් වටේ යන්නේ ඇයිද යන්න සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයාට ගැටලුවකි. ඔවුනට මේ හූව ගැන කෙලින් කීමට කතාවක් තිබිණ. එනම් ඔවුන් නිට්ටඹුවේදී ශ්‍රීලනිප නිර්මාතෲ බණ්ඩාරණායක මැතිතුමාගේ සහ මැතිණියගේ සොහොන් කොත අසලදී එයට උපරිම ගෞරව ලබා දෙමින් මුලු පාද යාත්‍රාවම ඉතා සංයමයෙන් මෙහෙයවූ බවයි.ශ්‍රීලනිප මූලස්ථානයට හූ කී බව වසං කිරීමට අවශ්‍ය නැත. ඔවුනට කීමට තිබුණේ ' ඒ හූ කීවේ ශ්‍රීලනිප යට නොව එය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින , පක්ෂය ගණිකා වෘත්තියේ යොදවන සිරිසේන මහතා ප්‍රමුඛ ද්‍රෝහී කල්ලියට බවයි"
නමුත් අවාසනාවට එවන් ප්‍රකාශයක් නොඇසිණ.
අවසාන වශයෙන් කිවයුත්තේ  සිරිකොතට කුලියට විකුණා ශ්‍රිලනිපයේ ප්‍රතිපත්ති  නැමති "අප්පච්චී" ඝාතනය කළ අමනයෝ අද ශ්‍රීලනිපයේ "අම්මාට" අවමන් කරනවා යැයි නගන අඳෝනාව කෙල පිඩක් සේ බැහැර කළ යුතුය . ඒ මේ අමනයන් ශ්‍රීලනිපයේ මූලික ප්‍රතිපත්ති නැමති "අප්පච්චී" ඝාතනය කිරීමෙන් නොනැවතී ශ්‍රීලනිපය නැමති ආදරණීය "අම්මා" සිරිකොතේ ගණිකා වෘත්තියට ඇද දමන්නට පහසුකම් සැපයූ  දේශපාලන "පිංපියන්" වන බැවිනි.


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

3/15/2016

ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස.

කතෘ:යුතුකම     3/15/2016   No comments
මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරයා වන විට සරත් ෆොන්සේකා මහතා සිටියේ යුධ හමුදාපතිධූරය පෙනි පෙනී විශ්‍රාම යන අවස්ථාවකය. පත්වූ අලුත් රජයන් හමුදාපතිධූරය බාර දෙන්නට තරම් ඔහු ආණ්ඩු බලය ලබාගත්ත පාර්ශවයේ විශ්වාසය දිනාගත්තෙක් නොවීය.(අද දවස ඔහු කුමක් කීවත් ) 2009 යුද්ධය අවසන් වූ සමයේ සරත් ෆොන්සේකා මහතාම හෙළි කරන ලද ආකාරයට ඔහුට අවසන් යුද්ධය සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වන්නේ මහින්ද -ගෝඨා සුසංයෝගය නිසාය.සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිධූරයට පත් කරද්දී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා ඒ පිළිබඳ අකමැත්ත සහ සැක පළ කර තිබිණ.

සාමාන්‍යයෙන් අලුත් ආණ්ඩුවක හමුදාපති පත් කිරීමේදී සලකා බලන ආණ්ඩුවට හිතවාදී සුදුසුකම සරත් ෆොන්සේකා මහතාට වඩා සපිරූ අනෙකුත් සුදුසුකම් සැපිරූ ජ්‍යේෂ්ඨයන් තව ඕනෑ තරම් යුධ හමුදාව තුළ ඒ වන විටත් සිටියහ. නමුත් ගොඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත මහින්ද රාජපක්ෂ මහතා විසින් ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට පත් කරන්නේ ඉදිරියේදී ඇති වන්නට නියමිත මහා පරිමාණ යුද්ධයේ තීරණාත්මක වැඩ කොටසකට ඔහු සතු යුධමය හැකියාව සලකා බලාය.ආණ්ඩු හිතවාදී සාධකය නොසලකා සුදුස්සාට සුදුසු තැන ලබාදීම හරහා ඉදිරියේදී ඇතිවන සටන් තුලදී අපට වැඩි වාසි අත් වන බව මේ සමගම බොහෝ දෙනා පුරෝකතනය කළේය.යුද්ධය අවසන් වූ විගසම එවකට ආණ්ඩුවේ ඇමතිවරයකු වූ පාඨලී චම්පික රණවක මහතා ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ මේ පිලිබඳ සටහනක් තබා ඇත්තේ මෙසේය.

"සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස  ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන  ඕනෑම අභියෝගයක් සඳහා
සූදානම් වන බවයි.  "
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 153

මේ කරුණු සැලකීමේදී තම පක්ෂයේ වගකිවයුත්තන් පවා විරුද්ධ අදහස් දරද්දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපති ධූරයට පත් කිරීම ඉතා දියුණු දේශපාලන නායකත්ව ගුණයක් ලෙස තේරුම් ගැනීම වරදක් නැත.

දැන් අපි වර්තමානයට එමු.
2015 මහ මැතිවරණයේදී මුලු ලංකාවෙන්ම ලද චන්ද ප්‍රමාණය විසි පන් දහසකට ආසන්න ගණනක් වෙද්දී සරත් ෆොන්සේකා මහතා ඒ වන විට පත්ව තිබුනේ දා 2004 පත්ව සිටියා මෙන් දේශපාලන ගමන අවසන් ගමනේ යන අවස්ථාවකය.
එදා මහින්ද-ගෝඨා සුසංයෝගය නිසා ලද අවස්ථාවක් අද ඔහුට ලැබෙනුයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසාය. තම පක්ෂයේ ප්‍රබලයන් පවා එම්,කේ ඩී. එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රීධූරයට ෆොන්සේකා මහතා පත් කිරීමට එරෙහි වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා එයට වෙනස් ස්ථාවරයක් දැරීය.
බොහෝ දෙනා එදා මහින්ද රාජපක්ෂ මහතාට අනතුරු ඇඟවූ ලෙසින්ම මෙද රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා තිබුණේ සරත් ෆොන්සේකා මහතා ලං කර ගැනීම 'අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීමක් ලෙසය' විශේෂයෙන් වික්‍රමසිංහ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා  මේ පිළිබඳ දැඩි විරෝධයක් දැක්වූ බව වාර්ථා විය.
නමුත් අවසානයේ සරත් ෆොන්සේකා මහතා මේ සියලු විරෝධයන් යට කර ෆොන්සේකා මහතාට මන්ත්‍රීධූරයත් එතනින් නොනැවතී ඈති ධූරයකුත් දීමට තරම් "දානපති" විය.

එදා මහින්ද රාජපක්ෂ මහතා තමාට එතරම් හිතවාදී නොවන ෆොන්සේකා මහතා හමුදාපතිධූරයට පත් කළේ රට ගැන සිතා ඔහුගෙන් රටට ගත හැකි මෙහෙය ගැන සිතාය, අද රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා ගත්තාටත් වඩා දේශපාලන අවධානමක් ගත්තේ ඇයි?

මේ පැනයට පිළිතුරක් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදු කළ තම මංගල පාර්ලිමේන්තු කතාවෙන් ලැබිණ. එහිදී ඔහු සුපුරුදු රාජපක්ෂ වෛරය මුදා හරින අතරේ ඉතා දරුණු ජඩ පාවාදීමකට ඔහු සූදානම් බව කෙලින්ම ප්‍රකාශ කළ්ය. යුධ අපරාධ පිළිබඳ විමර්ශනයකට විදෙස් විනිසුරුවරුන් නිරීක්ෂකයන් ආදීන්ගේ සහය ලබාගත යුතු බව ප්‍රකාශ කළ ඔහු කුප්‍රකට සුදු කොඩි කතාව නැවත ප්‍රකාශ කරමින් "යුධ අපරාධ "සිදු කළ සියල්ලන්නට දැඩි දඬුවම් දිය යුතු බව දැඩිව ප්‍රකාශ කළේය.

මීට පෙර පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ දෙමළ සංධාන මන්ත්‍රීවරුන් වත් මෙතරම් දරුණු භාවිතාවක් පෙන්වා නැත. ඔවුන් පවා සිටින්නේ ජිනීවා පාවාදීම හරහා අපට රටට තොණ්ඩුව වැටී බෙදුම්වාදය යළි දිනන දවස එනතුරු නිස්කලංකේය. නමුත් මේ යන මෘදු ගමන ඉදිරියේදී සිදු කරන මහා පාවාදීමේ ක්‍රියාත්මක අවධිය සඳහා ප්‍රමාණවත් නැති බව රනිල් වික්‍රම්නසිංහ මහතා නිසි පරිදි අවබොධ කරගෙන ඇත. ජිනීවා පාවාදීම බලාත්මක වන අවධිය වන විට නැගෙන ජනතා විරෝධය මැඩීමට නම් දැන් සිටම මොළ සෝදා තැබිය යුතුය. තොප්පිගල කැලෑවක්  කියූ වික්‍රමසිංහටවත් ඕන ගොනෙකුට යුද්ධ කළේ යැයි කියූ කිරිඇල්ලටවත් , අලිමංකඩ පාමංකඩ කතා කියූ කරුණානායකටවත් එය සිදු කළ නොහැකි බව රනිල්ට වැටහෙන්නට ඇත.
යුධ සමයේ තීරණාත්මක වැඩ කොටසකට සහාය දුන් ෆොනේකා මහතාට ජනතාව තුළ තවමත් ඒ පිළිබඳ යම් ගෞරවයක් ඉතිරිව ඇත්නම් ඒ ජනතා හැඟීම රට සහ රණවිරුවන් රාජපක්ෂ වෛරයට මුවාවී පාවාදීමේ ද්‍රෝහී ක්‍රියාවලියට යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා ෆොන්සේකා මහතාගෙන් බලාපොරොත්තු වන මෙහෙයයි.
මේ වැඩ කොටස සිංහල සමාජය තුළ සිදු කළ හැකිව තිබූ අනෙකා පාඨලී චම්පික රණවකයි.
ජනාධිපතිවරණ සමයේ මේ දෙදෙනා සහ රතන හිමියන් සමග පුවත් පත් පුරා දැන්වීම් පළ කළේ රට පාවාදෙන්නේ නම් එයින් රට මුදා ගන්නේ මේ තුන් කට්ටුව බවට ජනතා මතයක් ඇති කිරීමටය.
නමුත් ඒ වන විටත් චම්පිකලා රාජිත ලා සමග ඩීල් එකකට ගොස් තුබුණේ තම බල උවමනාව වෙනුවෙන් ඕනාම පාවාදීමක් කිරීමට සූදානමිනි.

එකල මාධ්‍යට නිකුත් වූ මේ වීඩියෝව අහන්න.

අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න ඒ ද්‍රෝහී පාවාදීමට චම්පිකලා ගෙතූ සූත්‍රයයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අද චම්පික ප්‍රමාණවත් නැත.ජිනීවා යටත්වීම බලාත්මක වන  නුදුරේදී සිදුවන්නට නියමිත පාවාදීම ඒ තරමට දරුණු බව රනිල්ලා දනී.
පාවාදීම යටපත් කරමින් එයට සුජාතභාවය ආලේප කිරීමට , රනිල්ගේ අභිප්‍රාය කෙලින්ම සිංහල සමාජයට සමාජගත කිරීමට සිංහල සමාජය තරමක් හෝ විශ්වාස කරන හඬක් ඔහුට අවැසි විය.සරත් ෆොන්සේකා ඔහු පාවිච්චි කරන්නේ ඒ හඬ වෙනුවෙනි.  ඇමති කට්ටට ඇති මල පෙරේතකම සහ රාජපක්ෂලා සමග ඇති විකෘති පෞද්ගලික වෛරය විසින් එදා සිටි ඒ වීර සරත් අද මේ ද්‍රෝහී පිළිකුල් සහගත සරත් බවට පත් වි තිබේ.

එදා රට බේරාගැනීමට සරත් ෆොන්සේකා පාවිච්චි කළ මහින්ද වෙනුවට අද රට පාවාදීමට ඒ ෆොන්සේකාම පාවිච්චි කරන රනිල් ජනවාරි 8  "විප්ලවය" හරහා බලයට ආදේශ වී තිබේ.
වෙනස කියන්නේ මෙයටය.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions