8/08/2019

ශ්‍රී ලංකාව ආසියාවේ කුණු කූඩය වන්නට පෙර..

කතෘ:යුතුකම     8/08/2019   No comments
අනුන්ගේ කුණු සහ අපේ වැඩ

-ලසන්ත වික්‍රමසිංහ-
සමස්ත ලෝක ගෝලයෙන් 20% ක ඉඩක් ඉන්දියන් සාගරය විසින් වසාගෙන සිටියි. සිය ඛනිජ තෙල් ආනයනයෙන් ජපානය 90% ක්, චීනය 75% ක්, ඉන්දියාව 85% ක් සිදු කරන්නේ ඉන්දියානු සාගරය හරහායි. අන්තර්ජාතික වෙළඳාමෙන් 30%කට පමණ පහසුකම් සපයන්නේ ඉන්දියානු සාගර කලාපයේ පිහිටි වරායවල් මඟිනි. ලෝකය පුරා ප්‍රවාහනය වන සමස්ත බහාලුම් ප්‍රමාණයෙන් අඩක් පමණ ඉන්දියානු සාගරය හරහා ගමන් කරයි. එවන් වාණිජමය වැදගත් කමක් ඇති ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකය අපේ රට අක්ෂාංශ-දේශාංශගත වී ඇත්තේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 25% ක්, එනම් වාර්ෂිකව ටොන් මිලියන 550ක් පමණ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සාගර කලාපය හරහා ප්‍රවාහනය වේ.

එසේම, මේ සුවිශේෂී පිහිටීම නිසා ලෝක බලවතුන් අතර සිදුවන බල තරඟයේ පා පන්දුවක් බවට පත්වන්නට අපගේ මාතෘභූමියට සිදු වී ඇත. එම අතෝරයට අමතරව, පිහිටීම නිසා ම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයන් කිහිපයක් ද පවතියි. ලෝක මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ලංකාව යොදාගැනීම, මිනිස් ජාවාරම සඳහා සංක්‍රමණික ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදාගැනීම, නීති විරෝධී ලෙස මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ලක්වීම සහ මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම වැනි අප නිතර අසා පුරුදු අභියෝගයන් ඒ අතර වේ. ඊට අමතරව "ජාත්‍යන්තර කුණු" අපගේ අලුත්ම අභියෝගයද යන ගැටලුව දැන් අප ඉදිරියේ මතුව තිබේ. 2018 වසරේ සිට චීනය අපද්‍රව්‍යය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ බොහෝ රටවල කුණු වලට යන එනමං නැති වී තිබේ. සේද මාවත දිගේ මත්ද්‍රව්‍ය පැමිණි ලෙස අනුන්ගේ කුණුත් අපේ රටට පැමිණීමේ අවදානම දැන් ඉහළය.

කොළඹ වරායේ අංගනවලින් කුණූ බහාලුම් මතුවූ පුවත වෙත කාගෙත් අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් ආයතනය මගින් මෙම බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම නම් සමාගමක් මඟිනි. 2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා කාලය අතර මෙවැනි බහාලුම් 241 ක් කොළඹ වරායට සේන්දු වී ඇත. ඒවා ආනයනය කර ඇත්තේ භාවිතා කළ මෙට්ට ලෙස සඳහන් කරමිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටියේ එම ඇතැම් මෙට්ට කවර තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පවතින බවයි. මෙලෙස ගෙන ආ බහාලුම් 241න් 130 ක් කොළඹ වරායෙන් හේලීස් ෆ්‍රී සෝන් නම් ආයතනය භාණ්ඩ ලබන්නා (consignee) ලෙස ආයෝජන මණ්ඩල නිෂ්කාෂණ යටතේ රැගෙන ගොස් ඇත. ඉතිරි බහාලුම් 111, කොළඹ වරායේ අංගන තුනක තවමත් රැදී ඇත.

කුණු ආනයනය පිළිබඳව කතිකාවක් මීට පෙර කරළියට එන්නේ සිංගප්පුරු ගිවිසුමට න්‍යෂ්ටික අපද්‍රව්‍යය, සායනික අපද්‍රව්‍යය, මළ අපද්‍රව්‍යය සහ නාගරික අපද්‍රව්‍යය වැනි විෂ අපද්‍රව්‍යය ශ්‍රී ලංකාවට බදු රහිතව ආනයනය කිරීම සඳහා වන ලයිස්තුවට ඇතුළත් කිරීම නිසායි. සිංගප්පූරු ගිවිසුමේ කුණු පිළිබඳව ප්‍රශ්න කරන විට රජයේ ප්‍රධාන උත්සාහය වූයේ ඒවා බොරු බව කීමය. පිටු දාහකට වැඩි ඉංග්‍රීසියෙන් පමණක් ඇති මේ ගිවිසුම සොයාගෙන කියවන්නට රටේ බහුතරයක් උනන්දු නොවන බව දන්නා ඔවුහූ එහි අන්තර්ගතයේ ඇති දේම, "නොමැති" බව කීමට නොපැකිළුනෝය. එසේම තවත් අවස්ථාවල සිංගප්පූරු ගිවිසුමේ කුණු අඩංගුව බව පිළිගෙන, ඊට පුදුමාකාර පිළිතුරු ලබා දුන්නෝය. ඔවුන් ලබා දුන් එක් පිළිතුරක් වූයේ අපද්‍රව්‍යය මෙම ගිවිසුමට ඇතුළත් වුවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික බාසල් සම්මුතියට අත්සන් කර ඇති නිසා එලෙස කුණු ලංකාවට ගෙන ආ නොහැකි බවය. තවත් වරෙක ඔවුන් පැවසුවේ සිංගප්පූරු ගිවිසුමේ කුණු තිබුණද, කුණු ගෙන ඒම වැළැක්වීම සඳහා රටේ අභ්‍යන්තර නීති ඇති නිසා, විශේෂයෙන්ම ඒ සඳහා මධ්‍යම පරිසරයේ අවසරය ලබාගත යුතු නිසා එවැන්නක් සිදු නොවනු ඇති බවකි.

දැන් සිංගප්පූරු ගිවිසුමේ සම්බන්ධයක් නැතිව හෝ එංගලතයේ කුණු මෙරටට ආනයනය කර තිබේ. එපමණක් නොවේ, ඒ කුණු ගෙන ඒම 2013 දී ප්‍රතිඅපනයනය සඳහා නිකුත්කළ ගැසට් පත්‍රිකාවකට අනුව බලය ලැබී ඇති බව රජයේ සහ රජයට සහය දෙන පක්ෂවල මන්ත්‍රීවරුන් පවසයි. රේගු නිලධාරීන්ද පැවසුවේ 2013 දී නිකුත් කළ එම ගැසට් පත්‍රය නිසා, රේගු ආඥා පනත ප්‍රතිඅපනයට බලනොපාන නිසා තමනට ඒවා පරීක්ෂා කළ නොහැකි බවයි. නමුත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ප්‍රතිඅපනයනය සඳහා නිකුත් කළ එම ගැසට් පත්‍රය උපුටා දක්වමින්, රේගු දෙපාර්තුමේන්තුවට මෙම බහාලුම් පරීක්ෂා කළ හැකි බව පෙන්වා දුන් අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද එම ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නොමැති බව ප්‍රකාශ කළේය. අවසානයේ සිදු වී ඇත්තේ කිසිවෙකුගේත් වරදක් නොමැතිවම, සායනික අපද්‍රව්‍යය ඇතුළත් කුණු කන්ටේනර් 241ක් අපේ රටට ඇතුළු වීම පමණකි.

මේ සිද්ධියත් සමඟ අපට තවත් වැදගත් කරුණක් පෙනී යා යුතුය. එනම්, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කළ අපද්‍රව්‍ය මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කරන්නට රජය උපයෝගී කර ගත් රටේ අභ්‍යන්තර නීති පද්ධතිය සහ අන්තර්ජාතික බාසල් සම්මුතිය පිළිබඳව තර්කය එහෙම්පිටින්ම පුස්සක් වී ඇති බවයි. රට තුළ ඒ සඳහා පවතින නීති පද්ධතියේ මෙන්ම, පවතින නීති රෙගුලාසි හරියාකරව ක්‍රියාත්මක කිරීමේ සහ ඒවා නිලධාරීන් විසින් නිසි ආකාරව වටහා ගැනීමේ පවා ගැටළු ඇති බව දැන් පෙනී යයි. ඊටත් ඉහළින්, ඒ සියල්ල එලෙස පවත්වාගෙන යන දූෂිත අධම ක්‍රමයකුත් මේ රට තුළ ක්‍රියාත්මක නොවේද?

මේ කුණු ප්‍රශ්නය ගැන, මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් අපට මීට පෙර ලබාගත හැකිව තිබුණි. සත්‍ය වශයෙන්ම, ඒ සඳහා ගත යුතු ඇතැම් පියවර ගැන නිර්දේශයන් අප සතුය. ඒ සිංගප්පුරු ගිවිසුම පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂමන් මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව තුළයි. සිංගප්පූරු ගිවිසුම අළලා කුණු සඳහා ඉදිරිපත් කළ ඒ නිර්දේශ කිහිපය අනුව ලංකාවට බලපාන මේ අනුන්ගේ කුණුවල නෛතික සහ ප්‍රායෝගික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් මේ වාර්තා කිසිවෙකු හෝ කියවා බලනවාද නැතිනම් කෙළින්ම කුණු කූඩයට දමනවාදැයි අපි නොදනිමු.

ඉන්දියානු සාගරයේ සේද මාවතේ මැද ශ්‍රී ලංකාව ප්‍රතිඅපනයයන සඳහා ඉතාම උචිත ස්ථානයක පිහිටා ඇති බැවින්, එය පදනම් කරගෙන ශ්‍රී ලංකාව තුළට කාර්මික අපද්‍රව්‍යය, සායනනික අපද්‍රව්‍යය, න්‍යෂ්ටික අපද්‍රව්‍යය විශාල වශයෙන් රට තුළට ඇතුළත් වීමේ අවදානමක් ඇති බවට රට තුළ ප්‍රබල මතයක් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. සිංගප්පූරු ගිවිසුම මඟින් බදු රහිතව මෙරටට ආනයනය සඳහා සුදුසුකම් ලබන භාණ්ඩ ලයිස්තුවට මෙකී අපද්‍රව්‍යය ඇතුළත් කර ඇති බව පවසන එම විශේෂඥ කමිටු වාර්තාව, ඉන් කුමන ඒවා රට තුළට ගෙන ආ නොහැකිද යන්න පිළිබඳව ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙයි.

1969, අංක 1 දරන ආනයන අපනයන පාලන පනත සහ 1985 සහ 1987 සංශෝධිත පනත් අනුව, බලයලත් අමාත්‍යවරයාට කිසියම් භාණ්ඩ වර්ගයක් ආනයනය හෝ අපනයනය හෝ තහනම් කිරීම සඳහා හෝ හඳුනාගත් භාණ්ඩ සඳහා ආනයනික බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පැනවීම සඳහා හෝ රෙගිලාසි පැනවිය හැකිය. එවැනි ගැසට් පත්‍රයක් අවසාන වරට නිකුත් කර ඇත්තේ 2017 නොවැම්බර් 9 වනදායි. එම ගැසට් පත්‍රය අනුව, සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති අපද්‍රව්‍යය බහුතරයක් ආනයන බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව මෙරටට ගෙන්විය හැකිය. සිංගප්පූරු ගිවිසුමේ ඇතුළත් ඉතිරි අපද්‍රව්‍ය වර්ගවලින් සුළු ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අතර, අනෙක් අපද්‍රව්‍යය වර්ග ආනයන බලපත්‍රයක්වත් නොමැතිවම මෙරටට ගෙන්විය හැකිය. විශේෂඥ කමිටුව පෙන්වා දෙන්නේ සිංගප්පුරු ගිවිසුමට ඇතුළත් කර ඇති මළ අපද්‍රව්‍යය සහ සායනික අපද්‍රව්‍යය මෙරටට ආනයනය කිරීම තහනම්කොට තබා, ආනයනික බපත්‍රයක් ලබාගැනීමේ කොන්දේසියටවත් යටත් කොට නොමැති බවයි. එලෙස මෙරටට කුණු ආනයනයේ ඇති නෛතික තත්වය පෙන්වා දෙන විශේෂඥ කමිටුව සිංගප්පුරු ගිවිසුම මඟින් ඇති විය හැකි කුණු අවදානම අවම කිරීමට ගත හැකි පියවරයන්ද නිර්දේශ කර ඇත..

දැන් මේ එංගලන්තයෙන් කුණු ගෙන ආ සිද්ධිය සඳහාද කමිටු පත් කර පරීක්ෂණ පවත්වනු ඇත. ඊට පෙර, රජය විසින් කුණු ගොඩට දමා තිබෙන සිංගප්පූරු ගිවිසුමේ විශේෂඥ කමිටු වාර්තාවේ කුණු සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සළකා බැලීම වටින්නේ, ඒ මඟින් පොදුවේ අපද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ අවදානම අවම කර ගැනීමට නිර්දේශ යෝජනා කර ඇති බැවිනි. අවසාන වශයෙන් කිව යුත්තේ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා සඳහා සහභාගී වු කණ්ඩායමට ද මේ කුණු ප්‍රශ්නය ගැන කිසිදු අවබෝධයක් නොවීය. නමුත් කිසියම් ජාවාරම් කාරයින් පිරිසක් මේ පිළිබඳව දැනුවත්ව සිටියාදැයි අපි නොදනිමු. රජයේ නාලිකාවක අදහස් දැක්වූ සිංගප්පුරු ගිවිසුම වෙනුවෙන් පෙනී සිටි රජයේ නිලධාරියෙකු වූ මංගල යාපා මහතා ප්‍රකාශ කළේ තමා සිංගප්පුරුවේ කුණු තියෙනවා දැකලවත් නැති බවත් ඒ නිසා එවැනි අනියත බියක් ඇති කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය. ඒ ආකාරයට සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ කටයුතු සිදු වූයේ ඉතාමත්ම වගකීම් විරහිතවය. විශේෂඥ කම්ටු වාර්තාවෙන්ද ඒ බව පැහැඳිලි වේ. එම වාර්තාවට අනුව එම ගිවිසුම මඟින්ට අත්වන වාසියක් ද නැත. එසේම, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා නිසි පරිදි ලබාගෙන නොවේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඕනෑම මොහොතක අහෝසි කළ හැකි බව, එදවස එය සාධාරනීකරණය කරන්නට ආ සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා කණ්ඩායමේ නිලධාරීහූ පැවසුවෝය. එසේනම්, තවත් ගැටළු ඇතිවන තෙක් බලා නොඉඳ වාසි නැති, පාඩු වැඩි සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීමට වහා පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

[දිනපතා 'අරුණ' මංගල කලාපයේ පළකළ ලිපිය]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/10/2019

පොදු ශ්‍රී ලාංකිකත්වයක් උදෙසා මුස්ලිම් ජන සමාජයේ යුතුකම? - යුතුකම මාධ්‍ය හමුව [video]

කතෘ:යුතුකම     5/10/2019   No comments

මුස්ලිම් ජන සමාජයේ යුතුකම?
ගෙවිඳු කුමාරතුංග
යුතුකම මාධ්‍ය හමුව 2019-05-09


 මුස්ලිම් පක්ෂවල බෙදුවාදී යෝජනා ඉවත්කරගන්න
ලසන්ත වික්‍රමසිංහ
යුතුකම මාධ්‍ය හමුව -2019-05-09





යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/21/2019

සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට විශ්වාසභංගයක් අවශ්‍යයි

කතෘ:යුතුකම     1/21/2019   No comments
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ගෝලීය අගය දාමය තුළ ශ‍්‍රී ලංකාව ස්ථානගත විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇතිවය. එසේ ස්ථානගත වීමට රටක් වශයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගෙන, රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය මෙන්ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය සාධක ක‍්‍රමෝපායික වශයෙන් සකස් කිරීමේ ජාතික සැලැස්මක් තුළ පමණි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මඟින් ශ‍්‍රී ලංකාවට කිසියම් වාසියක් ලබා ගත හැක්කේ. එවැනි දැක්මකින් තොරව, පෞද්ගලික පටු පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා ගිවිසුම්වලට එළැඹීම මගින් රටේ ආර්ථිකයත් වර්තමාන සහ අනාගත පරම්පරාවත් දැඩි අවදානමකට ලක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එක හඬින් කියා සිටියේ ජාතික වෙළෙඳ ප‍්‍රතිපත්තියක් සකස් නොකර, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා සාකච්ඡා පැවැත්වීමෙන් වළකින ලෙසයි.

අවාසි සහගත ගිවිසුමක්

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය මඟින් මෙහෙයවූ නිලධාරීන් ක‍්‍රියා කළේ තමන් වෙත ඒකාධිපති බලයක් ආරූඩ කරගෙන ජාත්‍යන්තර වෙළඳාමේ කිසිදු ලාංකීය පාර්ශ්ව කරුවෙකු ගේ අදහස්වලට සවන් දීමකින් තොරවය. එලෙස අත්තනෝමතික ලෙස මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් 2018 ජනවාරි 23 වන දින සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේය. රජය මුලින් ප‍්‍රකාශ කළේ අපනයන දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙම ගිවිසුම අත්සන් කළ බවයි. එය අධ්‍යනය කළ අප, සිංගප්පූරු ගිවිසුම මඟින් එකදු ශ‍්‍රී ලාංකික අපනයන භාණ්ඩයකටවත් වාසියක් අත්නොවන බව ප‍්‍රකාශ කළ අතර, පසුව අමාත්‍යවරයාටත් ඔහුගේ සාකච්ඡා කණ්ඩායමටත් එය පිළිගන්නට සිදු විය. ඒ කාරණය සිංගප්පූරු ගිවිසුම පිළිබඳව අධ්‍යනය කළ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂඥ කමිටු වාර්තාවේ ද මෙලෙස සඳහන් වේ.

”සාමාන්‍යයෙන්, නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ මූලිකම අභිප‍්‍රාය වන්නේ වෙළෙඳපළ අවකාශය පුළුල් කර ගැනීමයි. නමුත් ශ‍්‍රී ලංකාවේ කිසිදු අපනයනයකට වෙළෙඳපළ පුළුල් වීමේ වාසියක් සිංගප්පූරු ගිවිසුම මගින් සැලසෙන්නේ නැත.”

භාණ්ඩ අංශයෙන් පමණක් නොව, සේවා අංශයෙන්ද සිංගප්පූරු ගිවිසුම මඟින් ශ‍්‍රී ලාංකිකයන්ට ලැබුණු නව අවස්ථාවක් නැත. සිංගප්පූරුව විසින් සිදු කර ඇත්තේ ගිවිසුමට පෙරත් ශ‍්‍රී ලංකාව ඇතුළු පොදුවේ සියලූ රටවල් සඳහා ඔවුන් විසින් විවෘත කර තිබූ සේවා අංශයන් ම මෙම ගිවිසුමට ද ඇතුළත් කිරීමයි. ඒ අනුව ගිවිසුමෙන් ශ‍්‍රී ලාංකිකයන්ට අලූතෙන් ලැබුණු දෙයක් නැත. සිංගප්පූරුව විසින් ඔවුනගේ සේවා අංශය ශක්තිමත් අභ්‍යන්තර නීති පද්ධතියක් සහ විධිමත් රෙගුලාසි මගින් ආරක්ෂණය කර ඒ සඳහා විධිමත් ආයතනික පද්ධතියක්ද ස්ථාපනය කර ඇති නමුත් ශ‍්‍රී ලංකාවට එලෙස ශක්තිමත් නීති පද්ධතියක් හෝ වෘත්තිකයන් ලියාපදිංචියට හා නියාමනයට අවශ්‍ය රෙගුලාසි හෝ ආයතන හෝ නැත. ශ‍්‍රී ලංකාව විසින් සිංගප්පූරු භාණ්ඩ සහ සේවා සඳහා ලාංකීය වෙළෙඳපළ පුළුල් කර ඇති නමුත් ලාංකිකයන්ට කිසිදු ප‍්‍රතිලාභයක් සැලසී නැති සිංගප්පූරු ගිවිසුම හුදෙක් ඒක පාර්ශ්වීය ගිවිසුමකි. සිංගප්පූරු ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට පාඩු මිස වාසියක් නොමැති බවට චෝදනා දිගින් දිගටම එල්ල වන විට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කළ එකම දෙය වූයේ මෙම ගිවිසුම නිසා විදේශ ආයෝජකයන් එන බවට සාස්තර කීම පමණි. නමුත් ඒ පිළිබඳවද විශේෂඥ කමිටු වාර්තාවේ සාරාංශ කොටසේ මෙලෙස සඳහන් වේ.

”අපගේ කොමිසමට අදහස් ඉදිරිපත් කළ ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධන ක‍්‍රමෝපාය අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ සිංගප්පූරු ගිවිසුම විදේශ ආයෝජනයන්ට හිතකර පරිසරයක් ඇති කරනු ඇති බවයි. ඒ අනුව, සෘජු විදෙස් ආයෝජනවල ඉහළ යෑමක් බලාපොරොත්තු වන බව ඔවුහු ප‍්‍රකාශ කළහ. කෙසේ නමුත් විශේෂඥ කමිටුවේ අදහස වන්නේ ශ‍්‍රී ලංකාව තුළ පවතින අඩු තරගකාරීත්වය සහ අඩු පලදායිතාව හේතුවෙන්,

සිංගප්පූරු ගිවිසුම අත්සන් කළ පමණින් විදෙස් ආයෝජන ඉහළ නොයන බවයි.”

සිංගප්පූරු ගිවිසුම සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් පිටවන මුදල් ප‍්‍රමාණය ඉහළ යන ලෙසත් ලංකාව තුළට මුදල් ගලා එන කිසිදු ආකාරයක් ඇතුළත් නොවන ලෙසත්ය. එය දැනටමත් අර්බුදයකට ලක් කර ඇති ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ජංගම ගිණුමේ හිඟය උත්සන්න වීමට හේතුවනු ඇත. රුපියල අවප‍්‍රමාණය වීම, විදෙස් ණය ඉහළ යෑම, ජාතික සම්පත් විකුණා දමන්නට සිදු වීම, කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම වේගවත් කරන්නට සිදු වීම ජංගම ගිණුමේ හිඟය ඉහළ යෑමේ විපාකයන් වනු ඇත.

අශිෂ්ට ක‍්‍රියාදාමයක්

ගිවිසුමේ අන්තර්ගතය අවාසිදායක බව අනාවරණය කරන අතර ගිවිසුමට එළැඹීමේදී අනුගමනය කළ ක‍්‍රියදාමය පිළිබඳව ද ඉතා පුළුල් හැදෑරීමක් සිදුකර ඇති විශේෂඥ කමිටුව, ඉතා බරපතළ චෝදනා රාශියක් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා වෙත එල්ල කරයි. ඔහු මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ, ඒ සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබාගෙන නොවේ. ඔහු මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කර ඇතත්, ඒ සඳහා ඔහුට කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශවලට යටත්ව පමණි. නමුත් නීතිපතිවරයාගේ නිර්දේශ නොතකා හැරීමට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා නොගෙන පමණක් නොව, කැබිනට් මණ්ඩලයෙන් පැනවූ නිර්දේශයන් ද නොතකා හරිමිනි. බැංකු සහ මූල්‍ය, ගෙවුම් තුලනය ආරක්ෂා කිරීම සඳහා සීමාවන්, ආයෝජන, විදුලිසංදේශ සහ රක්ෂණ යන පරිච්ෙඡ්දවලට අදාළව නීතිපතිවරයා නිර්දේශ කර ඇති පරිදි ඇමැතිවරයා විසින් අනුමැතිය ලබා ගත යුතු ආයතන ගණනාවකින් ඔහු විසින් අනුමැතිය ලබාගෙන නැත. එනිසා මෙම ගිවිසුමේ නීන්‍යනුකූල වලංගුභාවය පිළිබඳව බරපතළ සැකයක් ඇති බව විශේෂඥ කමිටුව අවධාරණය කරයි.

ඉතා පුළුල් ගිවිසුමක් වන සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමකින් තොරව බවද විශේෂඥ කමිටුව අනාවරණය කර තිබේ. එලෙස අත්තනෝමතික ආකාරයට එළඹි මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුව සමඟ සාකච්ඡා කළ කණ්ඩායම එලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඔවුනට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා කිරීමට කිසිදු බලයක් පවරා නොමැති පසුබිමකය. එනම් සිංගප්පූරු රජය පවා නොදැන හෝ සාකච්ඡා පවත්වා ඇත්තේ ”හොර සාකච්ඡා කණ්ඩායමක්” සමඟය. මේ හොර සාකච්ඡා කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයන් පිළිබඳවද ගැටලූ රාශියක් ඇති බව විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ මේ පුද්ගලයන් මේ හරහා පුද්ගලික වාසි ලබන බවට අප විසින් පෙර කළ අනාවරණයන් තහවුරු කරමිනි.

”සාකච්ඡා කණ්ඩායමේ හිටපු ප‍්‍රධානියා ඇතුළු එම කණ්ඩායමේ පුද්ගලයන් කිහිප දෙනකු මෙම ගිවිසුමට අදාළව කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ රුචිකත්වයන් අතර ගැටුමක් ඇති බවට අප හමුවේ පළ කළ අදහස් හේතු සහගත බව පිළිගත යුතුය. එසේම, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු මෙම සාකච්ඡා කණ්ඩායමට ඇතුළත් කිරීමද ගැටලූ සහගත බව පෙනී යයි.”

සිංගප්පූරු ගිවිසුමේ නෛතිකභාවය පිළිබඳව නිර්දේශ ලබාදෙන ආයතනයක් වූ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වූ නිර්මලන් විග්නේෂ්වරන් මහතා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම ද ගැටලූ සහගත බව විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී ඇත. මේ කරුණු සලකා බලන විට කිසිදු භේදයකින් තොරව ඕනෑම පක්ෂයක අයෙකුට පිළිගන්න සිදුවන කාරණය වන්නේ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් නුසුදුසු පුද්ගලයන් යොදාගෙන නීතිමය තත්ත්වයන්, සදාචාරාත්මක බැඳීම් සහ යහපාලන මූලධර්මයන් සියල්ල උල්ලංඝනය කරමින් රටට ඉතාම අනර්ථකාරී වෙළෙඳ ගිවිසුමක රට හිර කරන්නට උත්සාහ දරා ඇති බවයි.

ආපසු හැරීම විශ්වාසභංගයයි

මෙහිදී අප තේරුම්ගත යුතු තවත් තත්ත්වයක් ඇත. එනම් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නිසා ලංකාවේ ආනයනික බදු සිංගප්පූරුවට පමණක් වඩා වාසි සහගත බවට පත් වී ඇත. සිංගප්පූරු ගිවිසුමට අනුව, කාලය ගතවන විට ආනයනික බදු සහන හිමිවන සිංගප්පූරු භාණ්ඩ ලයිස්තුව තව තව පුළුල් වේ. මේ තත්ත්වය ඉන්දියාව සහ චීනය නො ඉවසනු ඇත. එනිසා අපට වඩා අඩු නිෂ්පාදන පිරිවැයක්, වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහ අඩු වැටුප් පවතින ඒ රටවල් සමඟද මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට දැඩි බලපෑමක්, සිංගප්පූරු ගිවිසුම විසින් ශ‍්‍රී ලංකාව වෙත ඇති කරයි. එවැනි තත්ත්වයක් තුළ දේශීය නිෂ්පාදකයන් සහ වෘත්තිකයන් දැඩි අර්බුදයකට ලක්විය හැකිය. රාජ්‍යයේ පැවැත්ම සහ ස්වෛරීභාවයද අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැක. ඒ නිසා සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීම ජාතික අවශ්‍යතාවකි.

නමුත් අප ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත. අපට ආපසු හැරීමක් ඇතිද යන පැනය මතුවේ. පැහැදිලිවම අපට ආපසු හැරීමක් ඇත. මේ ගිවිසුම තවම ලෝක වෙළඳ සංවිධානයට දැනුම් දී නැත. එසේම ශ‍්‍රී ලංකාව තුළ මේ ගිවිසුමේ නෛතික වලංගුභාවයද ගැටලූ සහගතය. මෙම ගිවිසුමට එරෙහිව පැවරූ නඩු හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතියි. මේ සඳහා ලංකාව නියෝජනය කළ ඇමැතිවරයා අනුගමනය කළ ක‍්‍රමවේදය කිසිසේත් පිළිගත නොහැකිය. එනිසා සිංගප්පූරුව වුවද මෙම ගිවිසුම අවලංගු කර දැමීමට එකඟ කරගත හැකි තත්ත්වයක් ඇත. නමුත් ඒ සඳහා ඇත්තේ එක් ප‍්‍රධාන බාධාවක් පමණි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ කටයුතු කළ අමාත්‍යාංශය නිවැරදි ලෙස කටයුතු කර නොමැති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ හෝ අධිකරණය තුළ හෝ නිල වශයෙන් තවම පිළිගෙන නැත. ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවට මලික් සමරවික‍්‍රම මහතාගේ ක‍්‍රියාදාමයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. එවිට රාජතාන්ත‍්‍රික මට්ටමේදී, ශ‍්‍රී ලංකාව පැත්තෙන් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට එන ඉල්ලීම සාධාරණ බව සිංගප්පූරුවට පවා නොපිළිගෙන සිටීමට නොහැකිවනු ඇත.

ඒ නිසා රටේ වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව තුළ සිදු කළ යුතු ප‍්‍රමුඛතම කාර්යය වන්නේ මලික් සමරවික‍්‍රම මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවුත් එය සම්මත කිරීමයි. යහපාලනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ශිෂ්ටත්වයට ලැදි කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මේ වගකීම පැහැර හැරිය නොහැකිය. අද නියපොත්තෙන් කැපිය හැකි දේ, හෙට පොරොවෙන්වත් කැපිය නොහැකි දෙයක් බවට පත්වීම වැළැක්වීමේ වගකීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා සතුය.

ලසන්ත වික‍්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය.

[Divaina 2019-01-20]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2018

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්පූරු ගිවිසුම'

කතෘ:යුතුකම     9/03/2018   No comments
-ලසන්ත වික‍්‍රමසිංහ.
‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව අප‍්‍රකාශිත යුද්ධයක් ක‍්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති ත‍්‍රස්තවාදයට හා බෙදුම්වාදයට එරෙහි යුද්ධයට වඩා මාරාන්තික වනු ඇත. ඊට එරෙහිව සටන් කිරීමට සහ ප‍්‍රතිවිරෝධය දැක්වීමට අප අසමත් වුවහොත්, ශ‍්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක‍්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත. දේශීය ප‍්‍රතිපත්ති මෙන්ම විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමගම අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත.’’

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රාජතාන්ත‍්‍රිකාවක් වන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තමාරා කුනනායගම් මහත්මිය විසින් මෑතකදී කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ දේශනයක කොටසකි ඉහත දැක්වුයේ. ශ‍්‍රී ලංකාව තුළ නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් සපයමින්, ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය IPS සහ 
(‘ඇඞ්වොකාටා’ Advocata ) යන ආයතන ශ‍්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේදී ඉටුකරමින් තිබෙන භූමිකාව පිළිබඳව ඇය සෘජුවම චෝදනා එල්ල කළාය. ‘‘ස්වාධීන’’ ආයතන ලෙස හඳුන්වා ගන්නා මේ ආයතන, ස්වාධීන වන්නේ ශ‍්‍රී ලංකා රජයේ ආයතනවලින් පමණක් බවත්, බටහිර රාජ්‍යයන් සහ සහ විජාතික ප‍්‍රාග්ධනය මත මෙම ‘‘ස්වාධීන’’ ආයතන යැපෙන බවත් ඇය සඳහන් කළාය.

මේ ආයතන දෙක පසුගිය වසර කිහිපය තුළ සිදු කළ ප‍්‍රධාන කටයුත්තක් වන්නේ ශ‍්‍රී ලංකාව, එට්කා ඇතුළු ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් සඳහා පෙළඹවීම සඳහා අවශ්‍ය මතවාදය සකස් කිරීමයි. එම ආයතනවලින් උපදෙස් ලබා ගන්නා රජයද පසුගිය තෙවසර තුළ ක‍්‍රියා කළේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සියලූ රෝග නිවාරකයකැයි යන මතයේ පිහිටායි. එසේ නම් මේ නිදහස් වෙළෙද ගිවිසුම් සඳහා වන ප‍්‍රයත්නය, කුනනායගම් මහත්මිය පෙන්වා දෙන ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මකවන ආර්ථික යුද්දයෙන් ස්වායත්ත විය නොහැක.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝණිත එට්කා

ගිවිසුම පිළිබඳව විරෝධය බුරා බුරා ශ‍්‍රී ලාංකික සමාජයෙන් නැගෙන විට, රජය විසින් එට්කා ගිවිසුම අත්සන් තබන්නට පෙර, සිංගප්පූරුව සමග වෙළෙඳ ගිවිසුමක් 2018 ජනවාරි 23 වැනි දින උත්සවශ‍්‍රීයෙන් කොළඹදී අත්සන් තැබීය. මෙම පුළුල් ගිවිසුමේ අන්තර්ගතය තබා, කුමක් හෝ ගිවිසුමක් අත්සන් කරන බවවත් එම ගිවිසුමේ පාර්ශවකරුවන් වන ව්‍යාපාරික ප‍්‍රජාව, වෘත්තිකයන් පමණක් නොව, මහජන නියෝජිතයන් පවා දැනගත්තේ එදින උදෑසන පත්තර බලන විටය. පසුගිය මැයි 23 සිට 28 දක්වා ඉන්දියානු නිලධාරී කණ්ඩායමක් සමග එට්කා ගිවිසුම පිළිබඳව ද රහස් සාකච්ඡුා වටයක් කොළඹදී පවත්වා ඇත. ඒ පිළිබඳව පුවත්පත්වල පළ නොවූ හෙයින් වගකිව යුතු බොහෝ දෙනකු ඒ ගැන නොදන්නවා විය යුතුය.

සිංගප්පුරු ගිවිසුම අත්සන් තබන දිනයේම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මඟින් එම ගිවිසුමෙන් සිංගප්පූරුවට ලැබෙන ප‍්‍රතිලාභ ඉතා පැහැදිලිව ගෙනහැර දැක්වීමට සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කළේය. එහෙත්, එම ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ඇති එකම වාසියක් හෝ පෙන්වා දීමට මෙරට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණේ නැත. මේ සඳහා කටයුතු කළ නිලධාරීන්ගෙන් මෙය විමසූ විට, රජයේ ලිබරල්කරණ ප‍්‍රතිපත්තිය නිසා ඔවුන් මේ ගිවිසුම සඳහා අදාළ කටයුතු සිදු කළ බව පවසා වගකීමෙන් නිදහස් වේ. මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගෙන් ලබා ගත හැකි එකම පිළිතුර නම්, රජය පත්වූ දා පටන් අපට නිතර නිතර අසා ඇති මුත් දැක ගන්නට නොලැබුණු ‘විදේශ ආයෝජකයන්‘ පැමිණේවි යන අනාගත වාක්‍යය පමණි.

මේ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන වාසියක් සොයා ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැතත්,

ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට සිදුවන හානිය නම් පෙන්වාදීම එය මදක් විමසිලිමත්ව අධ්‍යනය කරන සිහි බුද්ධිය ඇති අයකුට එතරම් අපහසු කාරණාවක් නොවේ.

ඉන් පළමු කාරණය නම්, මේ ගිවිසුම මඟින් බදු සහන ලැබෙන්නේ සිංගප්පූරු භාණ්ඩවලට පමණි. සිංගප්පූරුව ඒකපාර්ශවිකවම සිය භාණ්ඩවලින් 99% කටම බදු සහන ඉවත් කළ රටකි. එනිසා මේ ගිවිසුම මඟින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකදු භාණ්ඩයකටවත් වාසියක් ලැබී නැත. නමුත් සිංගප්පුරුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවලින් 80% ක් සඳහාම බදු ඉවත් කිරීමට අප බැදී ඇත.

සිංගප්පූරුව යනු බදු නොමැතිව ඕනෑම රටකින් භාණ්ඩ ගෙන්විය හැකි රටකි. මේ ගිවිසුම තුළ origin of rule නමැති රීතිය ඉතා දුර්වල ලෙස යෙදීම නිසා ලොව පුරා බදු රහිතව සිංගප්පූරුවට ඇතුළු වන භාණ්ඩවලට ඉතා සුළු අගය එකතු කිරීමකින් පසුව, බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට වරම් ලබා දී ඇත. ‘‘මෙම ගිවිසුම origin of rule රීතිය වඩාත්ම ලිබරල් ලෙස සකස් කළ ගිවිසුම්වලින් එකක් වන නිසා සිංගප්පූරුවේ අපනයන බොහොමයක් බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසුකම් ලබනු ඇත.’’ යනුවෙන් සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය ජනවාරි 23 වැනි දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, සඳහන් වීමෙන් ඒ බව තහවුරු වේ.

එහෙත් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා පවසන්නේ බදු රහිතව ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට නම් එම භාණ්ඩවලට සිංප්පූරුවේදී 35% ක අගය එකතු කිරීමක් සිදු කළ යුතු බවකි. එය ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික ප‍්‍රජාව රැුවටීමට ලක්කිරීමකි. 35% ක අගය එකතු කිරීම එසේ සුදුසුකම් ලබනා එක ආකාරයක් පමණි. නමුත් ඊට වඩා ඉතා සුළු අගය එකතු කිරීමක් මඟින් බදු රහිතව ලංකාවට ඇතුළු විය හැකි ආකාර ඉතා පැහැදිළිව මෙම ගිවිසුම තුළ දක්වා තිබේ. උදාහරණයක් ලෙස වෙනත් රටකින් ගෙන එන බල්බයක් සහ ලාම්පු කවරයක් එකට අසුරා එය සිංගප්පූරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීමට සිංගප්පූරුවට හැකියාව ඇත.

මේ අනුව, සිංගප්පූරු ආනයන ඉහළ යන අතර එම ආනයන මඟින් ලැබෙන බදු ආදායමද රජයට අහිමි වේ. එසේ ආනයනික භාණ්ඩවලින් රජයට අහිමිවන බදු ආදායම, නව දේශීය ආදායම් පනත මඟින් දේශීය ව්‍යවසායකයාගෙන් ලබා ගන්නට රජය කටයුතු කර ඇත්තේ දේශීය නිෂ්පාදකයාගේ අපනයන සඳහා අබමල් රොනක වාසියක් මෙම ගිවිසුම හරහා ලැබී නැති පසුබිමකය. එනිසා මේ ගිවිසුම නිසා ආනයන ඉහළ යන නමුත් අපනයන වර්ධනය නොවන බව පැහැදිලිය. මේ නිසා 2017 වසරේදී සිංගප්පූරුව සමග වෙළෙඳාමේදී ශ‍්‍රී ලංකාවට පැවති ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙළෙඳ හිඟය (අපනයන-ආනයන පරතරය) තවදුරටත් අපට අවාසිදායක ලෙස වර්ධනය වනු ඇත. මේ තත්ත්වය ඉන්දියාව සමග යෝණිත එට්කා ගිවිසුම සහ චීනය සමග යෝජිත වෙළෙඳ ගිවිසුම් තුළ තවත් කිහිප ගුණයකින් භයානක ලෙස වර්ධනය වනු ඇත.

සිංගප්පූරු ගිවිසුම මඟින් නිදහස් පුද්ගල සංචරණය (මෝඞ් 4), එනම් විදේශිකයන්ට තාවකාලික පදනම යටතේ රැුකියා සඳහා මෙරටට පැමිණීමට ඇති අයිතිය ලබා දී නැතැයි මලික් සමරවික‍්‍රම සහ හර්ෂ ද සිල්වා වැනි ඇමැතිවරු කරන ප‍්‍රකාශ සාවද්‍ය බව ගිවිසුම මඟින් පෙන්වා දිය හැකිය. මේ ආකාරයේම ඉඩක් දැන් හොර රහසේ සාකච්ඡුා පවත්වන එට්කා ගිවිසුමේ ද ඇතුළත්ය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් මිනිස් බල සැපයුම් (man power) ආයතන, එනම් වෙනත් සමාගම්වල රැුකියා පුරප්පාඩු සඳහා පුද්ගලයන් සොයා දී කොමිස් මුදලක් ලබා ගන්නා විදේශීය ආයතන මෙරට පිහිටුවීමට අයිතිවාසිකමක් සිංගප්පූරු ආයතනවලට ලබා දී තිබේ. එසේ පිහිටුවන සිංගප්පූරු ආයතන ඉන්දියාව, චීනය, බංගලාදේශය ඇතුළු වෙනත් ඕනෑම රටකින් විධායක නිලධාරීන්, කාර්යාල සහායකයන්, ලිපිකරුවන්, කම්කරුවන් ආදී විවිධ වෘත්තිකයන් මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත. ඊට සීමා පැනවීමට හෝ එය පාලනය සඳහා නව නීති හඳුන්වා දීමට හෝ මතු රජයකට පවා ඇති අයිතිය මෙම ගිවිසුම නිසා අභියෝගයට ලක්ව ඇත.

මෙලෙස මෙරටට පැමිණෙන විදෙස් ශ‍්‍රමිකයන් විසින් ශ‍්‍රී ලංකාවෙන් සැළකිය යුතු විදේශීය විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් පිටකරනු ඇත. එසේම සේවා ක්‍ෂේත‍්‍රය විදේශීයකරණයට ලක්වීම තුළ සේවා ක්‍ෂේත‍්‍රයෙන් දැනට ශ‍්‍රී ලංකාව ලෝකයේ අන් රටවලින් උපයා ගන්නා මුදලෙන් යම් ප‍්‍රමාණයක් මේ විදේශීය සමාගම් විසින් ලාභාංශ ලෙස ද නිතිපතා රටින් පිට කරනු ඇත. එනිසා කිසිදු ශක්‍යතා අධ්‍යනයකින් තොරව සිදුකරන මේ වෙළඳ ගිවිසුම් හරහා වාර්ෂිකව රටින් පිටවන විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ යන බව ඉතා පැහැදිළිය.

රටක වගකිවයුතු දේශ පාලන නායකයන් සහ නිලධාරීන් විසින් අදහාගත නොහැකි ලෙස අමතක කරන බැ?රුම් කාරණය වන්නේ රටින් මුදල් පිටවීම වැඩි වීමේ ප‍්‍රතිඑලය කුමක්ද යන්නයි. තමාරා කුනනායගම් මහත්මිය පැවසූ ශ‍්‍රී ලංකාවට එරෙහි ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඑල සහ රජය විසින් ඉවක් බවක් නැතිව සියලූ යහපාලන මූලධර්ම කුණු කූඩයට දමා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අත්තනෝමතික ඒකාධිපති හැසිරීමකින් අත්සන් කරන වෙළෙඳ ගිවිසුම්වල ප‍්‍රතිඑල සමපාත වන්නේ මෙතනදීය.

ඕනෑම වසරක් තුළ රට තුළින් පිටවන ඩොලර් ප‍්‍රමාණයට සමාන මුදලක් රට තුළට අප විසින් කෙසේ හෝ ගෙන්වා ගත යුතුය. නැතහොත් අපගේ විදේශ සංචිත අවම වී රුපියල අවප‍්‍රමාණය වන අතර ගෙවුම් තුලන අර්බුදයකට මුහුණ පා රටේ සමස්ත ආර්ථිකය කඩාවැටීමට ඉඩ ඇත. එම තත්ත්වය වළක්වා ගන්නට නම් ශ‍්‍රී ලංකාවේ විදේශ අංශයේ ප‍්‍රධාන ‘‘සංවර්ධන උපායමාර්ගය’’ වන ගෘහ සේවිකාවන් මැදපෙරදිග යැවීම තීව‍්‍ර කරන්නට සිදුවනු ඇත. විදේශීය ණය ලබා ගැනීම ඉහළ දමන්නට සිදුවනු ඇත. ජාතික සම්පත් සහ රජය විසින් පෞද්ගලීකරණය කරන ආයතන විදේශිකයන් හට විකුණා දමන්නට සිදුවනු ඇත. මේ ගිවිසුම් නිසා එනවා යැයි කියන විදේශීය ආයෝජකයන් යනු ඒ ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට මිලදී ගන්නට එන විදේශීය ආයතන වෙයි.

මේ සියල්ල මෙලෙස සිදුවන විට කුනනායගම් මහත්මිය පැවසූ පරිදි, ශ‍්‍රී ලංකාවේ භූමිය, ධනය, ස්වාභාවික සම්පත් සහ ආර්ථික ක‍්‍රියාකාරකම් යන සියල්ලෙහි පාලනය ස්වදේශිකයන්ගෙන් සම්පූර්ණයෙන්ම ගිලිහෙනු ඇත. අපේ ජාතික අනන්‍යතාව සහ සංස්කෘතිය අපට අහිමි වනු ඇත, දේශීය ප‍්‍රතිපත්ති හා විදේශ පිළිවෙත තීරණය කිරීමට අපට ඇති හැකියාව අහිමි වන අතර, ඒ සමග අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය අහිමි වනු ඇත. මේ අත්තනෝමතික ක‍්‍රියාවලියට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ සටන් වැදීම රටවැසියන්ගේ ප‍්‍රමුඛතම වගකීමයි.

ලසන්ත වික‍්‍රමසිංහ.
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/06/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     1/06/2018   No comments
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:

එට්කා ඇමතිවරු සහ බැදුම්කර

එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. බැදුම්කර වංචාව වෙන්න කලින් දවසේ එතුමා යනවා මහ බැංකුවට. ගිහින් කතා කළේ පාරවල් හදන්න සල්ලි ගන්න විදියලු. එතකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නෙමෙයි. පුදුම උනන්දුවක් තියෙන්නේ රට හදන්න.

 හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

එට්කා අතළගට

2017 අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්. 


අපි අතරෙම අපිත් එක්ක ඉන්න ඝාතකයා

එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.


මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

රෝගය සහ පිළියම

ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත.


ආර්ථික ඝාතකයන් වෙළද හිගය පිළිබද කියන බොරුව

මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.


පිළියමට වෙන දේ


මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.


පාලකයන්ගේ කොන්ද පණ නැති කම


දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා.

හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/11/2017

ETCA will destroy Sri Lanka’s IT sector– Lasantha Wickramasinghe SITP

කතෘ:යුතුකම     5/11/2017   No comments
The proposed Economic and Technology Corporation Agreement (ETCA) with India has caused many a controversy, and in this interview with Ceylon Today Secretary of the Society of Information Technology Professionals, Lasantha Wickramasinghe, explains how ETCA will affect the country's economy, and the reasons for opposing it.

Following are excerpts of the interview:

?: What are the major reasons for IT professionals to oppose ETCA ?

A: First, if you analyze the impact of this agreement on Sri Lanka's balance of payments, it is not that difficult to understand that ETCA is detrimental to our country's economy. Unfortunately, Sri Lanka has not engaged in any fruitful dialog in this regard.

Secondly, the government is far behind its mandate for good governance; the way it is conducting the ETCA negotiations with India completely ignoring the voice of local stakeholders and with no transparency in the process. In fact, the government took measures to legalize its lack of transparency by excluding the Right to Know about international trade agreements by its Right to Information Bill.

Thirdly, Information Technology is the largest net foreign exchange earning industry in the service sector next to tourism. This industry should be identified as a sector with a huge potential as it is one of the few sectors that has a competitive advantage over other countries. Sri Lanka should develop the IT sector to earn more foreign exchange and provide more jobs to Sri Lankan youth.

As we concentrated on tea, rubber and coconut over several decades and then apparel and tourism in the last two decades, now, Sri Lanka should keep its eye on the IT sector. But, ETCA will destroy our competitive advantage in the IT sector. It is not a problem only of the IT sector. It is a problem for all citizens of Sri Lanka as we will lose the ability to earn foreign exchange through this sector which will have a direct impact on the lives of everybody.

?: How do you see ETCA's impact on the overall economy?

A: Sri Lanka's main problem is the huge balance of trade, the gap between the imports and exports which is around 8.5 billion USD annually. Out of that more than 3.5 billion USD comes from trade with India and this has been widening over the years. This is not bearable for our economy. Hambanthota Port is supposed to be sold or leased for 99 years to earn 1.2 billion USD. That is a one-time earning. We create a trade deficit of 3.5 billion USD annually with India. You can see where we are heading due to our increasing trade deficit with India. We will have to sell more and more resources which are capable of earning foreign exchange for the country, each year, in order to mitigate the deficit of one year. So what should we do? We should learn from India. India has no Free Trade Agreement with China though China is its biggest trading partner. That is because India has a trade deficit with China. India is negotiating with China to reduce the trade deficit. India knows that natural tendency of flow of goods and services are more towards India from China than the other way around. Our case is similar to that. Signing of the ETCA will increase the outflow of money from Sri Lanka which will lead to a decrease in foreign reserves, an increase in national debt, devaluation of the Sri Lankan rupee and ultimately a crisis in Balance of Payments. On that day, no one will be responsible. That is why we demand that good governance be the process and a national trade policy prior to any negotiation of a trade pact.

?: Why do you claim that the ETCA will destroy our competitive advantage in IT sector?

A: First we need to identify is that we have a competitive advantage in the IT sector. That is why the IT sector has been rapidly growing in Sri Lanka. If we are in a position where we have a competitive advantage in a sector that is growing globally, the country must pay careful attention to that sector.

In 2007, the revenue from the industry was about USD 200 million. In 2015 it was around USD 900 million. In 2007, workforce was around 33,000. Now, it is around 90,000. You can see the growth. The industry is growing as it has been able to attract both local and foreign investors.

Why have those investors chosen Sri Lanka over India? That is the most important thing that the government needs to be aware of. But during the discussions, we held with the Ministry of International Trade, we realized that they know nothing about this though they are keen to sign agreements in a hurry.

Top tier talent, low cost operations, and our cultural adaptability have made it a logical choice for many global companies to invest in Sri Lanka. Those are our global competitive advantages. India also can provide low cost operations. So Sri Lanka was winning some investments over India due to top tier talent and cultural adaptability. Strategically, Sri Lanka should be positioned as a destination for product engineering work in the IT industry.

If the ETCA is signed, the Sri Lankan job market will be virtually merged with the massive Indian job market with their enormous number of unemployed IT professionals where 95 per cent of them are unfit for take up software development jobs as per an Indian research. They will be able to arrive to Sri Lanka even without being employed by any company as free-lance professionals. Once they arrive here they would benefit from the "National Treatment" which explains as having the same right as Sri Lankan citizens. This will definitely lead to the reduction of salary levels in Sri Lanka and the value of IT professionalism. This decline will not be marginal but very much significant. This will lead to destroy the balanced system we have had to attract the required talent pool to the industry from Sri Lanka. That will lead to the Sri Lankan IT industry to absorb more and more Indian employment. Ultimately the investors will not experience the above mentioned competitive advantage of top tier talent in Sri Lanka. Then, they will have very good reasons to shift their investments to India where they have closer access to a massive market and a huge number of employees.

From the IT industry's point of view, ETCA will be a bridge to take the investor from Sri Lanka to India. This will kill the Sri Lankan IT industry which is the largest net foreign exchange earning service industry next to tourism.

ETCA is not just a FTA. It covers trading of goods, trading of services, investments and migrations. ETCA builds a legislation bridge between the two countries. Then India needs to merge Sri Lanka to India physically as well. Our Prime Minister held discussions with the Indian Minister of Highways during his last visit to India on the proposed bridge joining Sri Lanka to India.

?: Is there a shortage of employees in the IT sector in Sri Lanka?

A: No. The supply and demand for IT graduates is well balanced. There are some areas which do some over production of IT graduates while some areas show some sort of a shortage. What should be done is, balance out this gap by improving the collaboration between the industry and the academia.

?: How should the Government intervene in developing the IT sector?

A: First of all, the government should not blindly open the Sri Lankan IT industry to India without properly identifying our competitive advantage and the potential of the industry. That will murder the industry. They should formulate a national trade policy by obtaining the support of the stakeholders where IT can be identified as one of the major industries that the country should try to evolve as a service industry. If you look at India's national trade policy, they have given very high prominence to the IT sector in their trade policy.

The office space has been an issue. The government should make sure that infrastructure like office space is ample to support the growth.

Apart from that government should have a vision to create Sri Lankan entrepreneurs in the IT industry. Entrepreneurship in the IT industry may start with one bright idea with a small capital investment, but that has to be supported and looked after. Universities should try to enhance the entrepreneurial mind set among IT students. Government should allocate more funds for IT education and innovation. The government should encourage banks to grant lending facilities for IT related start-ups to encourage innovations in the sector; because in the IT sector the market can be the entire globe. If one or two start-ups in the IT industry could break its boundaries to be a global product that can bring a fortune to the county.

?: Would we not have opportunities by having access to the Indian job market?

A: Why should we try to access less paid Indian job market in the current situation, where we already have a demand from highly paid job markets like Australia, America and Europe? Many Sri Lankan IT professionals are working abroad and I think we should encourage that move to earn foreign exchange instead of earning foreign exchange by selling our mothers to the Middle East.

?: You are involved in drafting trade policy. How is the progress so far?

A: Professionals' National Front which comprises wide range of professional bodies and trade unions such as Organization of Professional Associations, Government Medical Officers Association, Inland Revenue Trade Unions Joint Committee, Customs Officers Union, Society of IT Professionals, National University Teachers Association, Railway Professionals Trade Unions Alliance, Public Service United Nurses' Union..etc established an independent commission with respected personnel to obtain the views of stakeholders and general public towards national trade policy. The co-chairmen are former vice chancellor, University of Colombo Prof. W.D. Laxman and former Attorney General Palitha Fernando. We are not involved in drafting the trade policy. It is the all stakeholders such as Cabinet Ministers, MPs, chambers, professional institutions, intellectuals, importers, exporters, and professionals who share their experiences and submit proposals to the commission. The commission will then identify the key elements of the national trade policy. The report will be handed over to the President and to Members of Parliament.

?: Is the Government support satisfactory?

A: Some Cabinet Ministers made oral and written submissions to the commission. We appreciate that. It is widely accepted, even by the World Trade Organization that those agreements should be analyzed and negotiated based on one's national trade policy.

But the government is rapidly engaged in ETCA discussions without any transparency and without a national policy on trade. That is unacceptable and the people of this country and the next generations too will have to pay the price of these baseless acts. Also it is clear that the Sri Lankan negotiation team lacks the negotiating capacity and the reliability as well. What can you expect from a weak negotiation team comprised of individuals with vested interests of a country without a national trade policy negotiating a comprehensive agreement with its regional super power who as a clear agenda? Professionals' National Front's demand a halt to these unfavourable negotiations at least until a national trade policy is created; required regulations for the professionals are identified and formulated. Otherwise Sri Lanka will move into much bigger issues.

[Ceylon Today newspaper on May 8, 2017.] යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/09/2017

ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා

කතෘ:යුතුකම     3/09/2017   No comments
එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයා
ලංකාවේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සෛද්ධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා වන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ (institute of Policy Studies) විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම 2014 දී ඉදිරිපත් කළ India-Sri Lanka Free Trade Agreement and the Prosposed CEPA: A Closer Look නම් පත්‍රිකාවක එට්කා ගිවිසුම (එවක සීපා) සාධාරනීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයක සිංහල පරිවර්තනය මෙසේ වෙයි.

"රටක් ද්විපාර්ශිකව ඇතිවන වෙළෙඳ හිඟයන් පිළිබඳව එතරම්ම අවධානය යොමු නොකළ යුතු බව තේරුම් ගත යුතුය. ගෝලීයකරණයේ සහ ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ස්වභාවය අනුව සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන අතර මෙය හුදු කාර්මිකරණය වී ඇති ස්වභාවයෙහි පිළිඹිබුවක් පමණක් වේ. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සහ චීනය වැනි රටවලින් විශාල වශයෙන් ආනයනය කරන අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙත වැඩි වශයෙන් අපනයනය කරයි. ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ජංගම ගිණුම තුළ වර්ධනය වි තිබුනත් ප්‍රාග්ධන ගිණුම තුළ ඉන්දියානු ආයෝජන ලංකාවට ගලා ඒම නිසා එය විශාල වශයෙන් තුලනය වේ.”

සමන් කැලේගමගේ සටහන් වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ එට්කා ප්‍රවර්ධකයන් සහ එට්කා ගිවිසුම වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම පදනම් වන්නේ සමන් කැලේගම විසින් ඉදිරිපත් කරන පදනම මත වීම නිසාවෙනි.

ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමති මලික් සමරවික්‍රම, එම අමාත්‍යාංශ ලේකම්වරුන්, වාණිජ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් වහරන්නේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කයන් බව ඔවුන් සමඟ සාකච්ඡාවකදී අපට පැහැදිළි විය. එනම් සමස්තයක් ලෙස ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳව ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය බවට පත් වී ඇත්තේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කය වේ.

නමුත් සමන් කැලේගම මෙහිදී ඉදිරිපත් කරන කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු වේ.

ඉන්දියාවේ භාවිතාව හා කැලේගමගේ උපදේශනාත්මක අවභාවිතාව

චීනයේ ජනාධිපතිවරයා නිතරම ඉන්දියානු සංචාරවල නියැලෙන්නේ නැත. එලෙස චීන ජනපති ඉන්දියාවට පැමිණි අවස්ථාවකදි ඉන්දීය අගමැතිවරයා චීන ජනපතිගෙන් යම් ඉල්ලීමක් කරනවා නම් එය ඉන්දියාවට අත්‍යන්තයෙන්ම වැදගත් කාරණයක් අරඹයා විය යුතුය. 2014, සැප්තැම්බර් මස චීන ජනපති ජින්පින් ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. නමුත් සමන් කැලේගම අප රටේ පාලකයන්ට කියා දී ඇත්තේ ද්විපාර්ශවික වෙළෙද හිඟයන් නොතැකිය යුතු බවයි.

ඉන් පසුව 2015 වසරේදීත් ඉන්දියාව විසින් චීනයට එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක භාණ්ඩ අපනයනය කරත්දී චීනය විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 63 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී ඉන්දියාවට චීනය සමඟ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 53 ක් පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. එනිසා 2016 මාර්තු මස ඉන්දියාවේ වෙළද සහ කර්මාන්ත ඇමතිනි ආචාර්ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ඉන්දියානු ලොක් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කළ වාර්තාවක මෙලෙස සටහන් විය.

"චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළද හිඟය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාවය ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක් තිස්සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.”

ඇය විසින් 2016 මැයි මාසයේදි ප්‍රධාන වශයෙන් රටවල් 27 ක් සමඟ පසුගිය වසර තුනක් පුරා එක දිගට ඉන්දියාවට ද්විපාර්ෂවික වෙළඳ හිගයන් (සෘණ වෙළඳ පරතරයන්) පවතින බව ලොක් සභාව ඉදිරියේ සඳහන් කළාය. එසේම එම රටවල් සමඟ වෙළඳ හිගයන් පැවතීමට හේතු සාධක වන කරුණුද ඇය ඉදිරිපත් කළාය.
මෙමගින් අපට පෙනී යන කාරණය නම් ඉන්දියාව සිය වෙළද හිඟය පිළිබඳ දක්වන ආකල්පය සහ උනන්දුවයි. ඔවුන් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් පිලිබද නිරන්තර අවධානයකින් පසුවන බවත් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සලකා බලමින් සිටින බවත් පැහැදිලිය. මන්ද යත් මේ සෘණ වෙළඳ පරතරය වර්ධනය වුවහොත් එය ඉන්දියානු රුපියල දුර්වල වීම කෙරෙහි, ඉන්දියාවේ ණය බර වැඩි වීම, සහ විදෙස් සංචිත අඩු විම වැනි ප්‍රතිපලයන්ට තුඩුදිය හැකි බැවිනි.

චීන ජනපති ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තරමටම චීනය සමඟ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ඉන්දියාවට වැදගත් වී තිබියදී ලංකාවේ සමන් කැලේගම විසින් රටක් ද්විපාර්ශවික වෙළෙඳ හිඟයන් පිළිබඳව කලබල නොවිය යුතු බව පවසන්නේ කුමක් නිසාද යන කාරණය අපි දැන් විමසා බලමු.

ලංකාවෙ ප්‍රධාන ගැටලුව සැඟවිමට ගන්නා උත්සාහය

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2015 දී අප විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 643 ක භාණ්ඩ අපනයන කරන අතරතුර එක්සත් ජනපද ඩොලර් මිලියන 4268 ක භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. ඒ අනුව 2015 දී දෙරට අතර සමස්ත වෙළඳාම එක්සත් ජනපද ඩොලර් මිලියන 4911 වන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ ඇති වෙළඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 3625 ක් වේ. එම වසර සඳහා ලංකාවේ සමස්ත වෙළෙඳ හිඟයෙන් 40% කට වඩා සැකසී ඇත්තේ ඉන්දියාව සමඟ සිදු වුනු වෙළෙඳාමෙනි.

ඉන්දියාවේ සමස්ථ වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල මට්ටමක ගැටළුවක් ලංකාවේ සමස්ථ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවේ වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6% ක් වන අතර ලංකාවේ එම අගය 10% කි. ඉන්දියාවට චීනය සමඟ ඇති වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල ගැටළුවක් ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවට චීනය සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.5% වන අතර ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5% පමණ වේ.

අද අප රට අද මුහුණ පාන විදේශ සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම, ණය බර සහ දේශීය ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නට සිදු වීම යනාදි ආර්ථික ගැටළු රාශියකට හේතුව වන්නේ ශ්‍රී ලංකාව විසින් ඇති කරගෙන තිබෙන අධික වෙළෙඳ හිඟයයි. 2015 වසරේදි එම හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් පමණ වේ. වෙළෙදාමෙන් අත්වන මෙම හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ විදෙස් සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මඟිනි. එම ප්‍රේෂණවල ශුද්ධ අගය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ වේ. එට්කා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ සමස්ථ හිඟයෙන් දැනටත් 40%ක් පමණ වන ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ හිඟය තවත් වර්ධනය වන බව තේරුම් ගන්නට කුඩා දරුවෙකුට වුව හැකියාව ඇත. එසේම එට්කා ගිවිසුම හරහා මෙරටට එන ඉන්දියානු වෘත්තිකයින් මෙරටින් මුදල් ඉන්දියාව වෙත ප්‍රේෂණය කරනු ඇති නිසා අපගේ විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගයද (අප රටට එන මුදලෙන් රටින් පිටවන මුදල අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය) අඩුවන නිසා ගෙවුම් තුලන අර්බුදය එට්කා ගිවිසුම මඟින් තවත් උත්සන්න වනු ඇත.

සිය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟයන් පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් ක්‍රියාකරන ඉන්දියාව තම රට විසින් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනය සමඟ සේවා සඳහා තබා භාණ්ඩ සඳහාවත් කිසිදු ගිවිසුමකට එළැඹ නැත. එසේ එළැඹිම මඟින් චීනය සමඟ සිය ද්විපාර්ෂවික වෙළෙද හිඟය තවත් උත්සන්න වන බව ඉන්දියාව දනියි.

ඉන්දියානු රජයේ භාවිතාවට අනුව ශ්‍රි ලංකා රජයද ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පාලකයෙන්ගේ නොමඳ අවධානය ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා යොමු විය යුතුය. රජය විසින් එවැනි අවධානයක් යොමු කළහොත් ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය සිය ප්‍රධානම ගැටළුව ලෙස ලංකා රජය විසින් හදුනා ගන්නවා ඇත. එවිට එට්කා වැනි ගිවිසුම් සාධාරනීකරණය කිරීම හිතළුවක් බවට පත්වනු ඇත. විදෙස් රටවල අරමුදල් වලින් වැටුප් ලබන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක සමන් කැලේගම ගේ භූමිකාව මේ අරඹයා තීරණාත්මක වෙයි. ඔහුගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ රජයේ අවධානය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟය වෙත යොමු වීම වැළැක්වීම බව ඉතා පැහැඳිළිය.

සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවට ඕනෑම අයෙකුට පැහැඳිළි කාරණයක් පවසා රටක් වශයෙන් අතිරික්ත වෙළඳ පරතරයන් වැඩි කරගන්නනට උත්සාහ ගන්නා අතරම හිඟ වෙළඳ පරතරයන් අවම කර ගැනිමට උත්සාහ දැරිය යුතු බව අවධාරණයට ලක් වීම වැළැක්වීමට සමන් කැලේගම ඉතා සූක්ෂම ලෙස කටයුතු කරන ආකාරය ඔහුගේ ප්‍රකාශය තුළින් පැහැඳිළි වේ. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳවම ආචාර්යවරියක් වන ඉන්දියාවේ වෙළෙඳ ඇමතිනිය සමන් කැලේගම වැන්නන්ගෙන් උපදෙස් ලබා ගෙන නැති බව ඉතා පැහැඳිළිය. නමුත් පාසල් අධ්‍යාපනය පමණක් ලබා ඇති ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන් හට සිය විෂයපථය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අල්ප දැනුමකි.

වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ සමන් කැලේගම විසින් ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ලංකාව තුළ සිදු කරන ඉන්දියානු ආයෝජන නිසාවෙන් තුලනය වන බව පැවසීමයි. එදා මෙදා තුර ඉන්දියාව විසින් ලංකාවේ සිදු කර ඇති සමස්ථ ආයෝජනයනගේ එකතුව ඇමරිකානු ඩොලර් බිලියන එකක් පමණ වේ. නමුත් ලංකාව සහ ඉන්දියාව අතර එක වර්ෂයකට පමණක් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වේ. සමන් කැලේගම මෙය නොතේරෙන පුදගලයකු නොවන අතර ඔහුගේ එම ලේඛනයේම වෙනත් තැනක සමස්ථ ඉන්දියානු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් බව දක්වා ඇත. ඔහු මෙහිදී ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය විශාල වශයෙන් ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවට පට්ටපල් බොරු පවසන්නේ කවුරුන් රවටන්නද? ලංකාවේ පාලකයින් සහ අවසාන වශයෙන් මේ ගිවිසුම්වල වන්දිය ගෙවන්නට සිදු වන අහිංසක මහජනතාව රැවටීමට නොවේද?

එසේම සමන් කැලේගම විසින් ඉහත ලේඛනය පුරාවට ඉන්දියානු සහ ශ්‍රී ලංකා පිළ විසින් 2003 වසරේදී ඉදිරිපත් කළ ඒකාබද්ධ කමිටු වාර්තාව උපුටා දක්වයි. නමුත් සමන් කැලේගමද එහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇති සාමාජිකයෙකි. ඔහුට අමතරව එට්කා ගිවිසුමේ අනෙක් ප්‍රධාන ප්‍රවර්ධකයා වන මහාචාර්ය රොහාන් සමරජීව ද මෙම කමිටුව තුළ ලංකා පිළ නියෝජනය කළේය. එසේම අද බැඳුංකර වංචාවට ප්‍රාධානම සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන්ද එවක රජයේ ආයෝජන මණ්ඩල සභාපතිවරයා ලෙස මෙහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇත.

ආර්ථික ඝාතක භූමිකාව: ජෝන් පර්කින්ස් සහ සමන් කැලේගම

ස්වයං පාපොච්චාරණයක යෙදුනු එක්සත් ජනපදය වෙනුවෙන් ආර්ථික කුලී ඝාතකයකු ලෙස සිය රැකියාව කළ ජෝන් පර්කින්ස් සිය පාපොච්චාරණය තුළ මෙවැනි වෙළඳ ගිවිසුම් පිළිබඳව සිය අත්දැකීම විස්තර කරයි.

"එක්සත් ජනපද රජය, සමාගම් තන්ත්‍රය සහ මා මෙන් ආර්ථික ඝාතක රැකියාවේ නියැලුණු මිනිසුන් එකතුවී NAFTA සහ CAFTA වැනි "නිදහස් වෙළඳ ගිවිසුම්" යැයි පවසන ගිවිසුම් සඳහා එළැඹිමට මධ්‍යම ඇමරිකානු රටවල් වෙත බලකරන ලදී. එම ගිවිසුම් මගින් යෝජනා කෙරුනේ කැනඩාවේ, එක්සත් ජනපදයේ සහ මධ්‍යම ඇමරිකාවේ ආර්ථික වර්ධනය කඩිනම් කිරීමයි. නමුත් මෙම ගිවිසුම් මගින් පෝසතුන් තව තව පොහොසත් වන බවත් දුප්පතුන් තව තවත් දුප්පත්වන බවත් ඒවායෝ නිර්මාපකයෝ දැන සිටියහ. බොහෝ විට දූෂිත රාජ්‍යයන් (එක්සත් ජනපදයද ඇතුළුව) අතර සිදුවන මෙවැනි ගිවිසුම් මඟින් කුඩා රටෙහි දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනුමට පවතින බදු සහ බදු නොවන බාධකයන් සඳහා ඉඩ ලබා නොදෙයි."

"නිදහස් වෙළඳ ගිවිසුම් මගින් මේ ආකාර වූ අසමානතාවයක් හරහා සාමාන්‍ය ජනයාගේ ජීවිත කොල්ල කමින් මධ්‍යම ඇමරිකානු රටවල ආර්ථිකයන් විනාශ කර දැමුනි. මෙම ගිවිසුම් පවතින්නේ මිනිස් අයිතිවාසිකම් උදුරාගෙන ඒ වෙනුවන්ට සමාගම්වල අයිතීන් ව්‍යාප්ත කිරීම සඳහායි."

නිවැරදිව, ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන උගතෙකු නම් සමන් කැලේගමගේ උපදෙස විය යුත්තේ අනෙකක් නොව අපට දැඩි වෙළඳ හිඟයක් පවතින ඉන්දියාව සමඟ වෙළඳ පරතරය අවම කර ගැනීමට ගත හැකි පියවර ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කළ යුතු බවයි. ඒ සඳහා ඉන්දියාව වෙත ලංකාවේ අපනයනයන් වර්ධනය කරලීම සඳහා දැනට ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම මගින් ලංකාවට සිදුවන අසාධාරණයන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. නමුත් සමන් කැලේගම හට එට්කා ගිවිසුම සාධාරනීකරණය කර පෙන්වීම සඳහා කිසිදු හරවත් තර්කයක් වසර විස්සක් පමණ පුරාවට ඉදිරිපත් කරගැනීමට හැකි වී නැත. සමන් කැලේගම විසින් සිදු කර ඇති එකම ශාස්ත්‍රීය කටයුත්ත වී ඇත්තේ දේශීය ව්‍යවසායකයන් විසින් පෙන්වා දුන් ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තුළ ශ්‍රී ලංකා අපනයනයන් කෙරෙහි පවතින බදු නොවන බාධාවන් ඒ ආකාරයෙන්ම පිළිගැනීම පමණි. ඉන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන ඉළ ඇදෙන තර්කය වන්නේ එම බාධාවන් ඉවත් කරගැනීමට නම් සේවා සහ ආයෝජනද ඇතුළත් වඩාත් පුළුල් වූ එට්කා ගිවිසුමට ඉන්දියාව සමඟ එළැඹිය යුතුයි යන්නයි.

ඊට අමතරව ඉහත පෙන්වා දූන් පරිදි මෙම උපදේශකයා විසින් පාලකයින් ගොනාට අන්දන්න උත්සාහ කරන්නේ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ගැන එතරම් නොතැකිය යුතු බවත් ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවටත් කෙරෙන අතිශය සාවද්‍ය ඉගැන්වීම් මඟිනි. දේශපාලන නායකත්වය මෙම සාවද්‍ය ඉගැන්වීම් හිස මුදුනින් පිළිගන්නේ ඉන්දියානු බලපෑම මත ක්‍රියාකිරීමට අවශ්‍ය වන ව්‍යාජ න්‍යායන් එමඟින් ලැබෙන නිසාද? නොඑසේනම් ඔවුන් මේ උපදේශකයන් අතින් රැවටීමට ලක්වන නිසාද?

දූෂිත පාලකයන් විසින් තමන් කැමැත්තෙන්ම ගොනාට ඇද ගැනීම සඳහා හෝ අනුවණ පාලකයින් ගොනාට ඇන්දවීම සඳහා හෝ අවශ්‍ය සාවද්‍ය න්‍යායන් සහ මතවාද සකස් කිරීම හැර ආර්ථික ඝාතකයකුගේ කාර්යය අන් කවරක්ද?

-ලසන්ත වික්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP)


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/17/2017

කුජීතව සිටින චම්පික වෙනුවෙන් ගොඩනගන රතන හිමිගේ අළුත් රැල්ල

කතෘ:යුතුකම     1/17/2017   1 comment
-රතන හිමිගේ අළුත් "බලවේගය" චම්පික උදෙසායි.
-ලසන්ත වික්‍රමසිංහ

 රතන හිමියන් විසින් පසුගිය ආණ්ඩුවෙන් ඉවත් වීමට දින කිහිපයකට පෙර අපි සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහිමියන් මුණගැසුනෙමු. එවිට ඒ හිමියන් ඉමහත් සාඩම්බරයෙන් අප සමඟ පවසා සිටියේ අපට එක රැයෙන් බලවේගයක් ගොඩ නැංවිය හැකි බවයි. එහිදී එහිමියන් උදාහරණයකට ගෙන පෙන්වූයේ සෝම හිමි අපවත් වීමත් සමඟ හෙළ උරුමය විසින් බිහි කළ දේශපාලන බලවේගයයි.
අහෝ රතන හිමියන් බලවේග යන්න ඉතා පටු ලෙස අර්ථකතනය කරන අයුරු! බලවේග සහ රැළි එහිමියන්ට මාරු වී ඇත. එහිමියන් හදන්න දායක වී ඇත්තේ රැළි මිස බලවේග නොවේ. බලවේග එක රැයෙන් සෑදිය නොහැක. ඒ සඳහා කිහිප දෙනෙකු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ යුතුය. ඒ සඳහා හොඳම උදාහරණය අනගාරික ධර්මපාලතුමා බව අවිවාදිතව පිළිගත හැකිය. රතන හිමියන් බලවේග යයි කියන්නේ බලවේගවලට නොව. රැළි වලටය. කුමක් හෝ රැල්ළක් මවාගෙන ඒ රැළි මත නැගී රැල්ල සමඟ ඉහළ යාමින් දේශපාලනය කිරීම එහිමියන්ගේත්, චම්පිකගේත් දේශපාලනයේ දැකිය හැකි ප්‍රධානම ලක්ෂණයයි. 

සෝම හිමියන්ගේ අපවත් වීමත් සමඟ සමාජය තුළ ඇති වූ කම්පාවෙන් දේශපාලන රැල්ලක් තනා ගෙන පාර්ලිමේන්තුවට පැන ගන්නට මොවුන්ට හැකි විය. ඉන් පසුව හලාල් විරෝධී රැල්ලට හෙළ උරුමය නොමදව දායකත්වයක් දුනි. ඇතැම් භික්ෂුවක් හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවෙන් උපායශීලීව ඉවත් කොට බොදු බල සේනා සංවිධානයට බඳවන්නේ ඒ අරමුණෙනි. ඉන් පසු යහපාලන රැල්ලේ නැගී යළිත් වතාවක් පාර්ලිමේන්තු පැන ගත්තෝය. 

රතන හිමි දැන් බොරුවට ස්වාධීන විය. බොරුවට ස්වාධීන වී මේ රජය ගෙන යන ව්‍යවස්ථා ජඩකම ඇතුළු දේශද්‍රෝහී ක්‍රියාමාර්ග විවේචනය කළේය. එහිමියන්ට පාර්ලිමේන්තුව තුළ බොරුවට ස්වාධීන විය හැකිය. නමුත් මේ රටට එරෙහිව සිදුකළ දේශද්‍රෝහී කුමන්ත්‍රණවල පාපයෙන් නම් ස්වාධීන විය නොහැකිය.
මේ විරුද්ධවීම අළුත් තීරණ නොවේ. මේවා යහපාලන කුමන්ත්‍රණයේම අංගයන්ය. මේ ආණ්ඩුව රට බෙදන බව රතන හිමියන් දැන සිටියේය. එය තමා ඇතුළු පිරිසට උන් වහන්සේ බලවේග නමින් හදුන්වන තාවකාලික රැල්ළක් සාදා යළි ඉහළට ඒමට අවස්ථාවක් බවද අවස්ථාවාදී එහිමියෝ දැන සිටියහ. ඒ බව පවසන්නේ අප නොව, උන් වහන්සේමය. 2014 අගදී "ඕගොල්ලෝ රට බෙදන්න අපි විරුද්ධ වන්නම්" යයි පවසා ඇත්තේ අද බොරුවට ස්වාධීන වූ රතන හිමිමය.

ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රචාය කළ රාජිතගේ දුරකථන සංවාදය කූඨ විද්‍යූත් ලේඛනයක් නොවන බව ඒ සඳහා මෙතක් නඩු නොපැවරීමෙන් තව දුරටත් තහවුරු කර ඇත. රාජිතගෙන් හෝ රතන හිමිගෙන් හෝ මේ සඳහා පැමිණිල්ලක්වත් නැත.
චම්පිකලාට ජාතික බලවේගයේ ප්‍රමුඛත්වය ගැනීමේ නොතිත් වුවමනාවක් විය. නමුත් ඒ ප්‍රමුඛත්වය කිසිදා ලබාගත හැකිවූයේ නැත. දේශපාලන තලයේ ඒ ජනප්‍රියතාව හිමිව තිබිනේ විමල් වීරවංශ හටය. යහපාලනය හරහා රට බෙදන විට එම ජාතිකවාදී යෂ්ඨිය අතට ගැනීම චම්පිකගේ සහ රතන හිමිගේ සිහිනය විය. චම්පික සහ රතන හිමි අතර පිටට පෙන්වන ආකාරයේ විරසකයක් නැත. රතන හිමි හෙළ උරුමයෙන් මේ අවස්ථාවේ ඉවත්වන්නේ උපායශීලීවය. ඒ මඟින් රතන හිමි හා චම්පික බලාපොරොත්තු වන්නේ රතන හිමි කෙරෙහි කිසියම් විශ්වාසයක් ගෞරවයක් ජනතාව තුළ රදවා ගැනීමයි. 

රතන හිමියන් මුල්වී රජය ගැන කළකිරුණු කොටස එකට ඊනියා බලවේගයක නාමයෙන් එකට එක්කාසු කිරීමටය දැන් සැරසෙන්නේ. විශේෂයෙන් පක්ෂ දේශපාලනය ගැන කළ කිරුණු කොටස් මෙන්ම රට ගැන සැබෑ හැඟීමක් ඇති නමුත් දේශපාලන නොදරුවන්ද මේ රැල්ල සමඟ එක්කර ගැනීම එහිමියන්ට කජ්ජක් නොවේ. එහිමියන් ඒ කාර්යයෙහි ඉතා දක්ෂයකි. 

මේ උත්සාහය සඳහා අවශ්‍ය වන අනෙකුත් සාධකයන් මීට පෙර සිටම නිර්මාණය කෙරෙමින් පැවතුණි. ඒ සඳහා වෘත්තිකයන් පිරිසක් ගොඩ නගා ගැනීම සඳහා එට්කා විරෝධය අවස්ථාවක් කර ගැනීමට ප්‍රබල උත්සාහයක් දැරීය. නමුත් එම උත්සාය ව්‍යවර්ත වී ගියේය. (දැන් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ නමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පුළුල් වෘත්තිකයින්ගේ එකමුතුවක් ගොඩ නැගී අවංකව විරෝධය දැක්වීමට පෙරට පැමිණ ඇත.)
තවත් පෙරමුණක් විල්පත්තු ප්‍රශ්නය හරහා බිහි කරගෙන ඇත. මින් කියවෙන්නේ මේවාට සහභාගීවන සෑම දෙනාම එහි දැනුවත් කොටස් කරුවන් බව නොවේ. චම්පිකලාගේ උපාය නම් මෙම විරෝධතාවයන් තුළ තමන්ට හිතවත් කණ්ඩායමක් වෙත නායකත්වය තබා ගන්නට කටයුතු කිරීමයි. මෙය ජවිපෙට වඩා සුක්ෂම ලෙස කරන්නේ චම්පිකලාගේ කණ්ඩායම විසිනුයි. ජවිපෙට අයත් සංවිධානවලට ජවිපෙට අයත් බව සඟවාගත නොහැක. නමුත් චම්පිකලාගෙ සංවිධාන විසින් පොදුවේ සියළු දේශපාලන පක්ෂ විවේචනය කිරීම මඟින් තම සංවිධානය හුදෙක් රටට හිතැති සංවිධානයක් බව මවා පායි.

මේ අතර අප නොදන්නා තව තව පෙරමුණු තිබිය හැකිය. මේ සියල්ල එකතු පහදු කරගෙන රතන හිමි විසින් අලුත් අපක්ෂපාතී ස්වාධීන දේශප්‍රේමී යහපාලනලෝලී පරිසරලෝලී රැල්ලක් නිර්මාණය කරනු ඇත. චම්පික මේ රැල්ල සමඟ දැනට එක් නොවේ. චම්පික වෙනම මේ රැල්ල හා සමාන්තර අදහස් ඔස්සේ ජාතික හෙළ උරුමය සමඟ සිය දේශපාලනය ත්‍රිවුර කරනු ඇත.

ඉන් පසු මේ රැල්ල විසින් දකින සිහින යථාර්තයක් වීමට නම් එය දේශපාලන රැල්ලක් බවට පරිවර්තනය කර ගත යුතුය. අන්න! චම්පික සහ රතන හිමිගේ රැල්ල යළි එක්වන අවස්ථාව එළඹෙනු ඇත. චම්පික සහ තමන් වහන්සේ අතර බරපතළ විරසකයක් නැතැයි රතන හිමියන් මාධ්‍ය හමුවේ පවසන්නේ ඒ ඉඩ ඉදිරියට ඉතිරිකරගත යුතු බව උන් වහන්සේ අන් කාටත් වඩා දන්නා බැවිනි. දැන් චම්පිකගේ දේශපාලන අනාගතය උදෙසා ක්‍රියාත්මක වන මේ අළුත් රැල්ලට රැවටෙන්නේ කවුදැයි අපි බලා සිටිමු.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/27/2016

අපේ ක්‍රිකට් සහ සංස්කෘතික අවශෝෂණය

කතෘ:යුතුකම     8/27/2016   2 comments
-ලසන්ත වික්‍රමසිංහ-
[කුමාර සංගක්කාර විසින් කලකට ඉහතදී එංගලන්තයේදී පවත්වන ලද කවුඩ්‍රි දේශනය පාදක කරගනිමින් මීට කලකට ඉහත යුතුකම වෙබ් අඩවියේ පළකරන ලද ලිපියකි. තිලකරත්න ඩිල්ෂාන් නම් වූ ක්‍රිකට් අපේ බවට පත් කරන්නට වෙහෙසුනු විශිෂ්ඨ ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මේ මොහොතේ කාලීන බව සලකා එය මෙලෙස නැවත පළ කරන්නෙමු.]

1996 මැදින් මස 17 දින අපි ඕස්ට්‍රේලියාව පරදා එක් දින ලෝක කුසලානය දිනා ගතිමු. 2014 බක් මස 5 වන දින ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනා ගතිමු. එසේම ඒ දෙදින අතර පැවැත් වුනු ලෝක කුසලාන තරගාවලි හතරකින් අපි අනුශූරතාවය දිනා ඇත්තෙමු. ඒ එක් එක් කේවල තරඟාවලීන්හි ලබන ජයග්‍රහණ පසු පස මහ දැවැන්ත අඬිතාලමක් පසුබිමක්, පදනමක් ඇති බව අප සිහිකැර ගත යුතුය. කුමක් ද මේ පදනම? අඬිතාලම?

96 ලෝක කුසලානයට පදනම වැටෙන්නේ ඊට වසර ගණනාවකට පෙරාතුවය. ඒ පිළිබඳ මහරු අර්ථකතනයක් කුමාර සංගක්කාර විසින් 2011 වසරේදී එම්. සී. සී කව්ඩ්‍රි දේශනයේදී සපයන ලද බව අපගේ තක්සේරුවයි. ද්‍රෝහීන් විසින් ඔහු ගේ කතාවෙන් ද අපටම දමා ගැසීම සදහා කැට කැබිලිති කිහිපයක් සොයා ගනු ලැබුවද ඔහුගේ ඡේතනාව යහපත් වූ බවට අපට සැකයක් නැතිවාක් මෙන්ම එහිදී ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධිතව එහි සාර්ථකත්වයට අඬිතාලම වැටුනු අයුරු පිළිබඳ කෙරුණු පැහැදිළි කිරීමට සාවදානව ඇහුකම් දීමෙන් ක්‍රිකට් හා සම්බ්න්ධව වැටුන අඬිතාලම අපගේ අනෙකුත් සාමාජ, අධ්‍යාපන හා දේශපාලන යන ක්ෂේත්‍රයන් සඳහාද ඉතා වැදගත් මඟ පෙන්වීමක් කරන බවත් එය හදුනාගෙන එම ක්ෂේත්‍රයන්ටද ගලපා ගැනීමට ජාතියක් ලෙස අපට සමත් විය හැකි බවත් අපි විශ්වාස කරමු. එම දේශනය තුළ ඔහු ගෙනහැර පෑ එම පදනම සැකසුනු ආකාරය එහි කොටස් තුළින් ගෙන පහත උපුටා දක්වන්නේ, ලංකාවේ ක්‍රිකට් අරඹයා වැටුනු ඒ ගැඹුරු පාදම විමංසනය කොට එමඟින් යමක් ලාංකීය සමාජයීය දේහය උදෙසාද උකහා ගෙන එහි ගෞරවය ඔහුට ලැබෙන්නට හැරීමේ අටියෙනි.

දැඩි ලෙස අපගේ උරුමය සහ සංස්කෘතිය පිළිබඳ සාඩම්බර වන්නෙමු...

මාගේ රටේ ඉතිහාසය වසර 2500කට ඈත අතීතකයට උරුමකම් කියන්නකි. ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි ඒ සුන්දර දිවයින ඈත අතිතයේ පටන්ම ලෝකයේ අවදානය දිනා ගැනීමට සමත් වීම ඇගේ වාසියට මෙන්ම අවාසියටද හේතු විය. අපගේ ඉතිහාසය පුරා විශිෂ්ට සෞභාග්‍යයමත් සමඟි සම්පන්න අවදීන් මෙන්ම, යුද්ධයන් හා භීෂණයන්ද අප පසුකර විත් ඇත. ඒ සෑම අත්දැකීමකින්ම සවිමත්වන ලාංකීය සමාජය සිය නොසැලෙන ගුණය නිසා මෙන්ම ජීවිතය සැමවිටම විදීමේ හැකියාවද ප්‍රගුණ කර ඇති සාඩම්බර සමාජයකි.

යටත්විජිතකරණය අපගේ නොබිදෙන අධ්‍යාත්මය සුණූවිසුනු කර දැමීමට හෝ බාල කර දැමීමට හෝ අපොහොසත් විය.

ශ්‍රී ලාංකිකයන් ඉතා තදින් එකට බැඳුනු සමාජයකි. ශක්තිමත්ව බැඳුනු පවුල අප සමාජයේ ජීවගුණයේ කැඩපතයි. අප විචාරාත්මක හා විනෝදකාමී සමාජයකි. දුෂ්කර අවස්ථාවලදී අපහසුවෙන් හෝ සිනාසෙන අපි වාසනාවන්ත අවස්ථාවන් දැඩි ලෙස සමරන්නෙමු. හෙට නොව අද ජීවත්වන ලාංකිකයෝ ජීවිතයේ සෑම හුස්මක්ම ආශ්වාද කරන්නෝය. අපි දැඩි ලෙස අපගේ උරුමය සහ සංස්කෘතිය පිළිබඳ සාඩම්බර වන්නෙමු. ඕනෑම ලාංකිකයෙකු ඒ දැනුම තුළ වැදගත් හා ආරක්ෂිත වන්නේය. වසර හාරසියයකට වඩා පෘතුග්‍රීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් දියත් කරන ලද යටත්විවිජිතකරණය අපගේ නොබිදෙන අධ්‍යාත්මය සුණූවිසුනු කර දැමීමට හෝ බාල කර දැමීමට හෝ අපොහොසත් විය. මේ සන්දර්භය තුළ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීම විසින් අපගේ මෑත කාලීන ඉතිහාසයට හා සමාජයට කරන ලද බලපෑම විශ්මය ජනකය.

ශ්‍රී ලාංකීය සමාජය බටහිරකරණයට දැඩි ප්‍රතිරෝධයක් දක්වන්නකි. ඇතැම් විට බටහිර සම්ප්‍රදායන් විනාශකාරි යක්ෂයකු ලෙස සළකා එය නිෂ්ප්‍රභා කරති. කෙසේ නමුත් ක්‍රිකට් බටහිර විරෝධී ආරක්ෂිතයේ සිදුරු තුළින් රිංගා ගන්නට සමත් වුනි. ඇතැම් විට තමන්ට ඇති එකම දේ පවා අමුත්තාට ලබා දෙන අපගේ ආගන්තුක සත්කාරයට ලැදි වූ හැඟීම එයට හේතු වූවා විය හැකිය. ගැමි පළාතක ගෙදරකට ගිය විට ලැබෙන්නේ සීනි වැඩියෙන් දැමූ තේ කෝප්පයකි. මට ඒ හේතුව වැටහුනේ පසුවය. ඔවුහු සෑම දෙයක්ම වැඩිපුර අමුත්තාට ලැබිය යුතු බව සිතති. සීනි සඳහාද එහි වෙනසක් නැත.

ධනවතුන්ට සීමා වූ පාසල් කිහිපයකට පමණක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩාව අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සැළකුවේ තමනගේ සීමාවෙන් පිටත වූ යමක් ලෙසය...

ක්‍රිකට් යනු වියදම් අධික ක්‍රීඩාවකි. ක්‍රීඩා පිටි, උපකරණ, පුහුණුකරුවන් ආදී සියළු පහසුකම් බිර්තාන්‍යය ජාතික මිෂනාරීන් විසින් ඔවුන් බිහි කළ ඉංග්‍රීසි පාසල් පද්ධතිය වෙත ලබා දුනි.

ධනවතුන්ට සීමා වූ පාසල් කිහිපයකට පමණක් හිමි වූ ක්‍රිකට් ක්‍රීඩාව අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සැළකුවේ තමනගේ සීමාවෙන් පිටත වූ යමක් ලෙසය.

විසිවන සියවසෙහි මුල මේ ධනවත් පාසල්වලින් පිටවන ක්‍රිකට් ක්‍රීඩකයිනට ක්‍රීඩා කිරීම උදෙසා ක්‍රීඩා සමාජ ඇරඹුනි. ඒවායේ නම් සිංහල ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන්, බර්ගර් රික්‍රියේෂන් සහ මූවර්ස් යනාදි වශයෙන් වර්ගවාදී ස්වරූපයක් ගත්තද ඒ සියල්ලක්ම එකට ගත් කළ ඉංග්‍රීසි පන්නයේ සංස්කෘතියකට උරුමකම් කීහ. ක්‍රීඩා සමාජ ක්‍රිකට් එම ලාංකිකයන්ට බ්‍රිතාන්‍යන් සමඟ සමාජ‍‍යීය වශයෙන් මුහු වීමට අවස්ථාවක් ලබා දුනි. 1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට නිදහස ලබාදෙන විට ක්‍රිකට් ක්‍රීඩාව ලාංකීය ඉහළ පැළැන්තියකට හිමි වූවක් වීම පුදුමයක් නොවීය.

නිදහසින් පසු මුල් අවදිය තුළ ඉංග්‍රීසි පන්නයේ පංතිය කුඩා සුළුතරයක් වුවද, ඔවුන්ගේ දේශපාලන මතවාදය බටහිර ගැති වූ අතර ඔවුහු දේශපාලනිකව බලවත් කොටසක් වූහ.

නිදහසින් පසු පැවති මුල් මැතිවරණවලින් ඉහළ පැළැන්තියට සම්බන්ධ රජයන් තේරී පත්වූ අතර රජයන්ට නායකත්වය දුන් අඟමැතිවරු තිදෙනාම ඉහළ පාසල් නි‍යෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර ඔවුහූ SSC හි සාමාජිකයින්ද විය.

ඉංග්‍රීසි පන්නයට ලැදි පාලනයෙන් බලය නැගී ආ සමාජවාදී හා ජාතිකවාදී බලවේගයන් අතට පත්වුනු 1960 සිට 1981 දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය වර්ධනය වූයේ සෙමිනි.

දිවංගත ගරු ගාමිනී දිසානායක මහතාට ස්තුතිවන්න 1981 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තත්වය ලබාගන්නා ලදී. ඉංග්‍රීසි පැළැන්තියට සීමා වුනු ක්‍රිකට් ජනතාවගේ ක්‍රීඩාවක් බවට පරිවර්තනය වීමේ ආරම්භය සිදු‍වූයේ ඒ සමඟය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අනන්‍යතාවය සොයා ගැනීමේ අර්බුදයෙන් පෙළෙමින් තිබූ අතර අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු ආකාරයේ තිබුනේ ඉතා කුඩා ශ්‍රී ලාංකීය ගතියක් පමණි...

1995 ට පෙර යුගයේ ශ්‍රී ලංකාව විසින් ඉතා විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කළද පැරණි යටත්විජිත බලපෑමෙන් ක්‍රීඩා කරන ආකාරය මුදවා ගැනීමට නොහැකි විය. 1981 ටෙස්ට් වරම් ලබා ගත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් සිය අනන්‍යතාවය සොයා ගැනීමේ අර්බුදයෙන් පෙළෙමින් තිබූ අතර අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කරපු ආකාරයේ තිබුනේ ඉතා කුඩා ශ්‍රී ලාංකීය ගතියක් පමණි.

අපි පොතේ ක්‍රිකට් ගගහ හිටියේ ක්‍රිකට් බලවතුන්ගේ සම්මතයන් හා සම්ප්‍රදායන් අනුකරණය කරමිනි. වර්තමානයේ ජීවත්වීම සහ සතුට හා වාසනාව පිළිබඳ ආකල්පයන් යන අපගේ අනන්‍යතාව හා බැදුනු දේ අපේ ක්‍රිකට්වල නොවීය.

දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත හොඳ කණ්ඩායමක් අප සතු වුවත් අප බයාදු, මෘදු හා තනි තනි ක්‍රීඩකයන් වශයෙන් හෝ කණ්ඩායමක් වශයෙන් අපි අපගේ වටිනාකම පිළිබඳ නිසි විශ්වාසයක නොසිටියෙමු.

සමස්ථ පද්ධතියක් වෙනස් කිරීමට එල්ලයක් ඇතිව ඒ වන විට අවාසි සහගත වූ සංස්කෘතියක් හා සම්ප්‍රදායක් වෙනුවෙන් සිට ගැනීමට සහ ඒ විශිෂ්ට අරමුණ වෙනුවෙන් තමාම ඉදිරි වළල්ලට යාමට සූදානම් වූ එඩිතර වූ නායකයෙක්...

ඒ වන විට අපට අවැසි වූයේ නායකයෙකි. පොදු ජනයා තුළින් ආ පෞර්ෂවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, හැකියාව මෙන්ම සියල්ලටම වඩා ධෛර්යයවන්ත පුද්ගලයෙක්, සමස්ථ පද්ධතියක් වෙනස් කිරීමට එල්ලයක් ඇතිව ඒ වන විට අවාසිසහගත වූ සංස්කෘතියක් හා සම්ප්‍රදායක් වෙනුවෙන් සිට ගැනීමට සහ ඒ විශිෂ්ට අරමුණ වෙනුවෙන් තමාම ඉදිරි වළල්ලට යාමට සූදානම් වූ එඩිතර වූ නායකයෙක්. අප බලා සිටි ගැලවුම් කරුවා යෝධ හැකියාවක් ඇති මදක් තරබාරු අර්ජුන රණතුංග නමින් අප අතරට පැමිණියා. ඔහු පැමිණියේ ලාංකීය ක්‍රිකට් උරුමයේ ඉතිහාසය උඩුයටිකුරු කර ක්‍රීඩාව මිලියන විස්සක් පමණ වන ජනතාවක් මහත් භක්ත්‍යාදරයෙන් වැළඳ ගන්නා පොදු ක්‍රීඩාවක් බවට පත් කිරීමටයි.

අන් කාටත් වඩා අර්ජුනට තමා අවබෝධවුනේ ඇයි යටත්විජත අතීතයේ විලංගු වලින් මිදී අපි අපගේම වූ අනන්‍යතාවක්, ශ්‍රී ලාංකීය හරයන්ගෙන් උකහා ගත් අනන්‍යතාවක්, සාමාන්‍යය ලාංකිකයාගේ රිද්මයට හා හැඟීමට අනුව සැකසුණු අනන්‍යතාවක් සකසා ගත යුත්තේ කියන කාරණය. අර්ජුන සිය සළකුණ ලාංකීය ක්‍රිකට් මත තැබීමට මුරණ්ඩු වුනු, විදේශීය සම්ප්‍රදායන්ගෙන් මිදී නව ජාතික සන්නාමයක් ක්‍රිකට් මත තැබීමට අදිටන් කරගත් මිනිසෙකි.

ආනන්ද විද්‍යාලයෙන් SSCයට පැමිණීම ඔහුට සංස්කෘතික ගැටුමක් විය. එවක SSC හි ආධිපත්‍යය ඉසිළුවේ ශාන්ත තෝමස් හා රාජකීය විද්‍යාල වලින් පැමිණියවුන්ය. අර්ජුන පවසා තිබෙනවා එහි සංස්කෘතිය ඔහුට කෙතරම් නුහුරු වූවාද සහ ඊට හුරු වීම කෙතරම් අපහසු වූවාද යන්න. වයස අවුරුදු 15 ක ශීෂ්‍යයකු වශයෙන් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් දැලක් තුළ පිතිකරණ පුහුණුවේ යෙදෙන අර්ජුනගෙන් ඔහු පිළිබදව එක් ජේෂ්ටයෙක් විමසා සිටියා. ඔහු ආනන්ද විද්‍යාලයෙන් බව දැන්ගත් කල්හි "අපට මේ ක්ලබ් එකට සරම් ජොනියෝ අවශ්‍යය නැහැ" හි පවසමින් ඔහුගේ නිසඟ හැකියාවන් නිෂ්ප්‍රභා කෙරුනා.

පසුව අර්ජුන SSC යට වසර ගණනාවක් නායකත්වය සැපවූවා පමණක් නොව, ඉංග්‍රීසි පන්නයේ පාසල්වල ග්‍රහණයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදවා ගන්නටත් ඔහු සමත්වුනා. ඔහුගේ එල්ලය වුනේ කණ්ඩායමට ආත්ම විශ්වාසයක් ලබා දී, අපට පිටකොන්දක් සහ තම වටිනාකම පිළිබඳ අගයක් ලබා දී එමගින් ප්‍රතිවාදී කණ්ඩායම හා සමතත්වයෙහි ලා දැකගෙන සැකයෙන් හා බියෙන් තොරව ක්‍රීඩා කරමින් අහිතකර සම්ප්‍රදායන් පසෙකලා අපේම වූ ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් වැළඳ ගැනීමයි. ඒ සඳහා ඔහු නොබියව ප්‍රශ්න කළ නොහැකි බලයක් සහිතව නායකත්වය සැපයූ අතරම ඉතා සංසුන් සහ නොසැලෙන ගුණයෙන්ද යුක්ත වූයේ 'කැප්ටන් කූල්' යන අන්වර්ත නාමයද ලබා ගනිමින්.

මේ තරමක් බර වැඩි වමත හුරු මිනිසා තුළ, ප්‍රථම වතාවට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය බලකාය සඳහා සෙබළුන් සොයන විශිෂ්ට ජෙනරාල්වරයෙක් සිටියා...

1996 ජයග්‍රහණය සඳහා අවැසි ප්‍රථම සහ වඩා වැදගත්ම අඬිතාලම එලෙස සකස් විය. මේ තරමක් බර වැඩි වමත හුරු මිනිසා තුළ, ප්‍රථම වතාවට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය බලකාය සඳහා සෙබළුන් සොයන විශිෂ්ට ජෙනරාල්වරයෙක් සිටියා.

ඒ වන විට අර්ජුන අන් කවරෙකුටත් වඩා වටහාගෙන තිබුනා අපට යම් වාසියක් වුවමනා බව සහ ඒ සඳහා තමාටම අනන්‍යය වූ හැකියාවන් ඇති ඔපමට්ටම් කර ගත් විට ප්‍රතිවාදීන් අන්දමන්ද කර විනාශ කර දැමිය හැකි ක්‍රීඩකයන් ඔහු පිරික්සුවා. ජාතියක් ලෙස අපි මුරලිගේ සහ සනත්ගේ දෙමාපයන්ට ණය ගැති විය යුතුයි මේ විශිෂ්ටයන් දෙදෙනා ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට අවැසිම කලක ජනිත කර තිබීම පිළිබඳව.


සුවිශේෂි ඔපනොදැමුනු අමු හැකියාවන් සමඟ සනත් මාතරින් පැමිණියා. අර්ජුනගේ මඟපෙන්වීම යටතේ වර්ධනය කර ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් එදාමෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවෙහි වූ ඉතාම විනාශකාරීම පිතිකරණ බලවේගයක්. එය අප කළින් නොදැක තිබුනු හැකියාවක් සහ ඔහුගේ සමුගැනීමෙන් පසු යළි දකින්නට නොලැබෙන දෙයක්. පන්දුව දැඩි ලෙස දඟ කවමින් සිතාගත නොහැකි කෝණයකින් පන්දුව කපන මුරලි නුවරින් පැමිණියා. ඔහු පිට දඟ පන්දුවට අතේ මැණික් කටුව උපයෝගි කරගැනීම හඳූන්වාදුන්නා.

අන්න ඒ අවස්ථාවේදි ලාංකිකයන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායම "අපේ කොල්ලෝ" බවට විය..

අර්ජුනගේ කණ්ඩායම විශිෂ්ට හැකියාවන් සමඟ දැන් සූදානම්. නමුත් තවමත් එය කණ්ඩායමක් නොවින. එය සිදුවූයේ 1995 දීය. මුරලි පන්දුව දමාගසන බවට චෝදනා ලැබීමේ ප්‍රතිපලය ඉතා දුරකට විහිද යන බව එවේලේ අවබෝධ වුයේ ඉතා ටික දෙනෙකුට පමණි. මේ සිදුවීම සමස්ථ ජාතියේම උදහසට, කම්පාවට හේතුවිය. ඔහු තව දුරටත් තනි නොවීය. ඔහු ගේ කණගාටුව හා වේදනාව සියල්ලෝ විසින්ම බෙදා ගත්තෝය. විචාරකයන් කුමක් පැවසුවද අර්ජුන හා කණ්ඩායම මුරලි පසුපස සිටගත් ආකාරය සමස්ථ ජාතියම සාඩම්බරයට පත් කළේය. අන්න ඒ අවස්ථාවේදි ලාංකිකයන්ට මේ ක්‍රිකට් කණ්ඩායම "අපේ කොල්ලෝ" බවට විය. ඒ අවස්ථාවේදි ක්‍රිකට් ක්‍රීඩාවට මුලින් පැවති දුරස්තභාවය සහමුලින්ම දුරු වී ක්‍රිකට් කණ්ඩායම සිය පුතුන්, සහෝදරයන් බවට පත් විය. මුරලි මෙල්බ'න් හිදි පන්දුව දමා ගසනවා යයි චෝදනා ලැබීම සියළුම ලාංකිකයන්ට කරන ලද ප්‍රතිඋත්තර දිය යුතු අවමානයක් බවට විය. සිතිය නොහැකි දේ කිරීමට ශ්‍රී ලංකාවට ලැබුනු උත්ප්‍රේරකය එය විය.

ඒ වගේම වැදගත් නිරීක්ෂණයක් වන්නේ 1981 ට පෙර 80% ක්ම ජාතික කණ්ඩායම නියෝජනයේ කළේ ඉංග්‍රීසි පැළැන්තියේ පාසල් වු නමුත් 1996 ලෝක කුසලාන සංචිතයට එම පාසල්වලින් එකඳු ක්‍රීඩකයකු හෝ සිටියේ නැතිවීමයි

කුමාර සන්ගක්කාරගේ ඉහත දේශනයෙන් කියැවුනේ ක්‍රිකට් ලෝකයේ අති ප්‍රබල ස්ථානයකට ශ්‍රී ලංකාව ඔසොවා තැබුම සඳහා අඬිතාලම වැටුනු ආකාරයය. යටත්විජිත උරුමයක් වුවත් එහි අධ්‍යාත්මය යටත්විජිත විලංගු වල ග්‍රහණයෙන් මුදවා එය දේශීයකරණය කළ ආකාරය සහ එයට නායකත්වය සැපයුනු ආකාරයය. අප සාර්ථක වූ පෙදෙස්වලින් අප පාඩම් ඉගෙන ගත යුතුය. මේ පරිවර්තනය අප අපගේ අනිත් ක්ෂේත්‍රයන්හී සිදු කැර ගැනුමට සමත් වී ඇත්තෙමුද? ඒ පරිවර්තනයක අවශ්‍යතාව වටහා ගෙන සිටින්නමුද යන්න පවා ඉතා සැක සහිතය. අපි අපගේ හරයන් මත පිහිටා අධ්‍යාපන ක්‍රමයක් හෝ දේශපාලන ක්‍රමයක් හෝ යටත්විජිත සමයෙන් පසු යළි ස්ථාපිත කිරීමට සමත් වී ඇතැයි සිතීම උගහටය. එසේ කිරීමට අවැසි නම් අපගේ හරයන් මොනවාද, අපගේ චින්ත්නය කුමක්ද යන්න ගැන පැහැඳිළි චිත්‍රයක් අවැසිය. ජාතික චින්තනය පිළිබඳ සංවාදය සමාජගත කෙරෙන්නේ අන්න ඒ පරිවර්තනයට අවැසි වන අපගේ අධ්‍යාත්මය, හරයන් හා හැඟීම් හදූනාගැනීම පිණිසමය.

අනුකරණයක් සමාජයකට අවශෝෂණය කර ගැනුම හෝ නොගැනුම හෝ අරඹයා ගුණදාස අමරසේකරයන් ගේ 'සිංහල කාව්‍යය සම්ප්‍රදාය' නමැති කෘතියෙන් උපුටා ගත් කොටසකින් දැනටමත් දිගු වූ මේ ලිපිය අවසන් කරන්නෙමු.

සැම අනුකරණයක්ම කිසියම් සංස්කෘතියක් තුළ ව්‍යාප්ත වනුයේ ඒ සංස්කෘතිය තුළ හට ගෙන ඇති හිඩසක්, ඌනතාවක් නිසා බව අපි දනිමු. ඒ හිඩැස නිසා ව්‍යාප්තවන අනුකරණය (නැත්නම් නව සංස්කෘතිය) කාලයාගේ ඇවෑමත් සමඟම ඉරණම් දෙකකින් එකකට භාජනය වෙයි. එක්කෝ එය ගසක් වසා පැතිරෙන පරපෝෂිතයකු සේ අර දේශීය සංස්කෘතිය වසා පැතිරගෙන අවසානයේ එය විනාශ කර දමයි. (පසුගිය වකවානුව තුළ තුන්වන ලෝකයේ රටවල මෙය සිදුවී ඇති සැටි අපට හොඳින් දැකගත හැකිය). එසේ නැත්නම් අර දේශීය සංස්කෘතිය විසින් අනුකාරක සංස්කෘතිය රිසි පරිදි දිරවා අවශෝෂණය කරගෙන එය දේශීය සංස්කෘතියේම කොටසක් බවට පත් කරගනු ලැබේ. එසේ පත්කර ගැනුම නිසා අර දේශීය සංස්කෘතිය අත්‍යාවශ්‍යය පරිණාමය ලබා ශක්තිමත් වෙයි. මේ කටයුත්ත සාර්ථක කර ගැනුමට නම් දේශීය සංස්කෘතිය, බමුණු කුලයක - අතළොස්සක සංස්කෘතියක් නොව පොදු ජනතාවගේ සංස්කෘතියක් විය යුතුය. එවැනි පොදු ජන සංස්කෘතියකට පමණි අර අවශෝෂණ කාර්යය සාර්ථකව කරගත හැක්කේ.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

2/09/2016

ලාංකික වෘත්තිකයන්ගේ රැකියා / වැටුප අඩු කරන , ඉන්දියානුවන්ට රැකියා -දෙන ද්‍රෝහී ගිවිසුම හකුළාගනු ! - SITP

කතෘ:යුතුකම     2/09/2016   1 comment
එක්ටා (සීපා) මඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පඩි අඩු වෙන ආකාරය....

එක්ටා නොහොත් සීපා පළමුවෙන්ම අත්සන් කරන්න යන ක්ෂේත්‍ර දෙක අතරින් එකකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. මෙහිදී ප්‍රධාන ගැටළුව වනු ඇත්තේ ඉන්දියානුවන් වෙත ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා විවෘතවීම වේ. ලංකාවට වඩා වැටුප් තල ඉන්දියාවේ පහළය. එනිසා මේ කුඩා රටෙන් කිසිවකු ඉන්දියාවට රැකියා සොයා යාම ප්‍රිය නොකරනු ඇති අතර, මේ කුඩා රටෙන් රැකියාවක් ලබා ගැනීමට ඒ විශාල රටේ මිනිසුන් උත්සාහ කරනු ඇත. එක් වසරකට ඉන්දියාවේ ජනගහණය වැඩිවීම පමණක් ලංකාවේ සමස්ථ ජනගහණය ඉක්මවා යයි. එසේම ඉන්දියාවේ එක් වසරකට අළුතෙන් එකතු වන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගණන ලංකාවේ සමස්ථ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගණන ඉක්මවයි.
පරිගණක වෘත්තීයවේදීන්ගේ වැටුප තීරණය වන්නේ රැකියා වෙළදපළහි ඔවුනට ඇති වෙළඳපල වටිනාකම (Market value) අනුවය. වෙළදපල වටිනාකම තීරණය වනු ඇත්තේ ඉල්ලුම සහ සැපයුම අනුවය. රැකියා වෙළඳපලෙහි සැපයුම යනු රැකියාලාභින් සහ රැකියා අපේක්ෂා කරන්නන්ගේ එකතුව වේ.

යම් රැකියාවක් සඳහා ඉහළ වැටුප් පිරිනමන්නේ නම් රැකියා වෙළඳපලෙහි වෘත්තිකයන්ගේ සැපයුම ඉහළ යන අතර පිරිනමන වැටුප අඩු වන විට සැපයුම අඩුවේ. වැටුපට සාපේක්ෂව රැකියා වෙළදපලෙහි වෘත්තිකයින්ගේ සැපයුම තීරණය වන්නේ මෙලෙසිනි.
වෘත්තීයවේදීන්ගේ සැපයුම
රැකියා වෙළඳපලෙහි ඉල්ලුම යනු එම වෘත්තිකයන් සඳහා ආයතන මඟින් ඇති ඉල්ලුමයි. ගෙවිය යුතු වැටුප අඩු වන විට වැඩිපුර රැකියා අවස්ථා ලබා දීමට ආයතන පෙළඹේ. වැටුපට සාපේක්ෂව රැකියා වෙළඳපලෙහි ඉල්ලුම පහත ප්‍රස්ථාරයේ හැඩය ගනියි.
වෘත්තීයවේදින් සඳහා වන ඉල්ලුම
දැන් රැකියා වෙළදපලෙහිදී කිසියම් රැකියාවක් සඳහා වැටුප තීරණය වන්නේ කෙලෙසදැයි විමසමු. මේ සඳහා නොයෙකුත් සාධක බලපාන බව සත්‍යක් වුව ඉන් වඩාත් තීරණාත්මක බලපෑම ඇති කරන්නේ වැටුප ඉදිරියේ රැකියා ඉල්ලුම සහ රැකියා සැපයුම විචලනය වන ආකාරයයි. ඕනෑම භාණ්ඩයක මිල තීරණය වන දළ ආකාරයට මෙන්ම රැකියා වෙළදපලෙහිද වැටුප තීරණය වන්නේ ඉහත වක්‍ර දෙක සමතුලිත වන (කැපෙන) තැනය. (Equilibrium)
රාජ්‍ය මැදිහත් වීම අවම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොමැති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් නිර්ණය සඳහා මෙම ඉල්ලුම් සැපයුම් විග්‍රහය වඩාත් නිවැරදිය.
රැකියා වෙළඳපලෙහි වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සහ වෘත්තිකයන්ගේ සැපයුම අනුව
ඉන්දියානුවන්ට රැකියා වෙළදපල විවෘත වු විට ලාංකීය රැකියා වෙළදපලෙහි සැපයුම (රැකියාවල නියුතුවන්නන් සහ රැකියා අපේක්ෂකයින්) අධික ලෙස ඉහළ යනු ඇත. එනම් කිසියම් රැකියාවක් සඳහා පෙරදී එම වැටුපටම තිබුනු සැපයුම දැඩි ලෙස ඉහළ යනු ඇත. එනම් රැකියා වෙළදපලෙහි රැකියා අපේක්ෂකත්වය පහත ලෙස වෙනස් වෙනු ඇත. එය දකුණු පසට ගමන් කිරීමෙන් සමස්ථ සැපයුම වර්ධනය වීම පිළිඹිබු වන අතර ආනතිය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ වැටුප් වැඩි වන විට ඉන්දියානුවන් ආකර්ෂණය වන තීව්‍රතාවය වැඩි වන බවයි.
ඉන්දියානුවන්ගේ සැපයුම නිසා සමස්ත වෘත්තීයවේදින්ගේ සැපයුම ඉහළ යාම
ඉන්දියානුවන් රැකියා සොයා මෙහි එන්න කැමතිවන තරම් ඉන්දියානු ආයෝජකයනට මෙහි ආයෝජනයට ප්‍රබල හේතුවක් නැත. ඒ ඉන්දියාවට වඩා ලංකාවේ වැටුප් ඉහළ වන බැවිනි. වෙනත් හේතුවක් මත හෝ ඉන්දියානු ආයෝජකයෙක් පැමිණියද ඔහු සේවකයින් ලෙස වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන්ම බදවාගනු ඇත.

ආයෝජකයාගේ පැත්තෙන් ඉන්දියාවේ ආයෝජනය මඟින් නිෂ්පාදන පිරිවැය ලංකාවට වඩා පහත මට්ටමකට තබා ගත හැකිවනු ඇත. ඉන්දියාවේදී වැටුප් ලංකාවට වඩා පහළ වීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව ලංකාව තුළ රැකියා වෙළඳපල තුළ වෘත්තිකයන් සඳහා වන ඉල්ලුම පහත යාමට ඉඩ ඇත්තේ ඉල්ලුමෙන් කොටසක් හෝ ඉන්දියාව දෙසට යොමු වීමට ඉඩ ඇති බැවිනි. දැන් රැකියා වෙළදපල තුළ සැපයුම කිහිප ගුණයකින් වැඩිවන අතර වෘත්තිකයන් සඳහා වන ඉල්ලුමද (වැටුපෙන් ස්වායත්තව) වර්ධනය නොවේ. එවිට භාණ්ඩයේ මිල එනම් එම වෘත්තිකයන්ගේ වැටුප පහළ යාම අනිවාර්ය වේ.

එක්ටා ගිවිසුමෙන් පසු වැටුප අඩුවන ආකාරය
මෙහිදී ඇතැමෙක් රැකියා සඳහා වන ඉල්ලුම ඉහළ යනු ඇති බවත් එනිසා ගිවිසුමට පසුව වෘත්තීයවේදීන්ගේ සැපයුම් වක්‍රය දකුණු දෙසට යොමුවූවා සේම වෘත්තීයවේදීන් සඳහා වන ඉල්ලුම් වක්‍රයද දකුණු දෙසට යොමු වේ යැයි සදොස් තර්කයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. සමස්ථ වෘත්තීයවේදීන් සඳහා ඉල්ලුම වැඩිවන්නේ ඔවුනගේ වැටුප් අඩුවීමට සාපේක්ෂවය. එය ඉල්ලුම් වක්‍රය තුළම පිළිඹිබු කෙරේ. නමුත් ගිවිසුම අත්සන් කළ පසු රැකියා සඳහා වන සැපයුමට ලංකාවට පැමිණීමට කැමති ඉන්දියානුවන්ද එකතු වන නිසා සැපයුම් වක්‍රයේ විශාල වර්ධනයක් සිදුවේ. එය සිදුවෙන්නේ ලංකාවේ රැකියා අපේක්ෂකයන්ගේ කුලකය පුළුල් වීම නිසාය. නව ආයෝන්ජකයන් පැමිණෙන්නේ වැටුප් පහත යාම නිසා බැවින්, එය ඉහත කී පරිදි වෘත්තීයවේදීන් සඳහා වන ඉල්ලුම් වක්‍රය තුළම නිරූපිතය.

මෙහිදී පෙනී යන කාරණයක් නම් අඩු වැටුපකට පෙරට වඩා වැඩි වෘත්තිකයන් පිරිසකට රැකියා අවස්ථා උදාවී ඇති බවයි. රජය පවසන නව රැකියා උත්පාදනය මෙය වේ. නමුත් අවාසනාව වනුයේ ඒ වැඩිවන රැකියා අවස්ථා ගණනින් වැඩි ප්‍රමාණයක් හිමි කරගනු ලබන්නේ ලාංකිකයන් නොව ඉන්දියානුවන් වීමය. ඉන්දියානුවන් ලබා ගන්නා රැකියා ගණන, අළුතෙන් උත්පාදනය වන රැකියා ගණනට වඩා වැඩි වීමටද ඉඩ ඇත. ආයතන විසින් අඩු වැටුපකට ඉන්දියානුවන්ට රැකියා ලබා දීමේ වාසි දැක වසර කිහිපයක් තුළ ඉන්දියානුවන් ගණන ඉහළ දමමින් සිය නිෂ්පාදන පිරිවැය පහත මට්ටමකට හෙළන්නට ක්‍රියා කළහොත්, අර වැඩිවන රැකියා ගණනට වඩා ඉන්දියානුවන් විසින් මෙහිදී ලබා ගන්නා රැකියා ගණන වැඩිවන්නටද පුළුවන. එසේ වුවහොත්, මෙම ගිවිසුම ලාංකිකයන් වෙත අඩු පඩියකට අමතරව විරැකියාවද උරුමකර දෙනු ඇත.
වැටුප් පහත යාම සඳහා බලපාන්නේ ලංකාව තුළ රැකියා ලබා දෙන ඉන්දියානුවන් ගණන පමණක් නොවේ. ලංකාවෙන් රැකියාවක් නොලැබුනද ලංකාවට එන්න කැමති ඉන්දියානුවන් පිරිසක් සිටීමද ලාංකික වෘත්තිකයන්ගේ වැටුප් තළ පහත යාමට හේතුවක් වේ.

ලංකාවේ පරිගණක වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රටේ සිටියද ඔවුන් හඬක් නැති දුර්වල කොටසක් බව ලක් රජය මෙන්ම ඉන්දීය රජයද දනිත්. එනිසා ඔවුන් මුලින්ම තෝරා ගැනුනා විය හැකිය. දුබල හඬක් ඇති ක්ෂේත්‍රයකට මෙය මුලින්ම රිංගවා ගත් පසු අනෙක්වා සමනය කිරීම පහසු වන බව සහ මෙය පියවරෙන් පියවර යාම මඟින් සමස්ථ විරෝධය දුර්වල කළ හැකි බවට ඉන්දියාව ගණන් බලා ඇතිවාට සැක නැත.

ඔබගේ ආයතනය විසින් ඉන්දියානුවන් බදවා ගත්තත් නොගත්තත්, ඔබගේ වැටුප නිර්ණය වන්නේ රැකියා වෙළඳපලෙහි ඔබේ වටිනාකම අනුවය. වැටුප් තල දැඩි ලෙස පහත යාම තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ ඇත්ත ගැටළුව වෙයි. ආයතනවල ඉහළ කළමනාකාරීත්වයට එම ඇත්ත ගැටළුව, ගැටළුවක් ලෙස පෙන්වා දිය නොහැකි බව අප තේරුම් ගත යුතුය. පසුගිය සතියේ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් ගෙන්වා සාකච්ඡා කර ඇත.

අනෙක් අතට තොරතුරු තාක්ෂණික වෘත්තිකයන් රට තුළ වැඩි කිරීමට නම් ඒ සඳහා ඉන්දියාවෙන් ගෙන්විය යුතුද? කළ යුත්තේ මෙරට දුවා දරුවන්ට අධ්‍යාපන අවස්‍ථා පුළුල් කර ඔවුන් අතරින් නව පරිගණක වෘත්තිකයන් බිහිකරවිම නොවේද? ඒ සඳහා අවැසි නම් ඉන්දියාවෙන් හෝ වෙනත් ඕනම රටකින් ආයෝජකයෙකු පමිණ විශ්ව විද්‍යාලයක් විවෘත කරනවා නම් ඒ සදහා පහසුකම් සපයනවාට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එසේම එලෙස නිවැරදි ආකාරයට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සැපයුම වැඩිකර ලාංකිකයන් වෙනුවෙන් රැකියා උත්පාදනය වන්නේ නම් ඒ නිසා වැටුප්තල පහත යාමේ අවාසිය දරා ගන්නට කිසිවකුත් අකමැති නොවනු ඇත. නමුත් ඉන්දියානුවන්ට රැකියා ලබා දී තම වැටුප් පහත හෙළා ගන්නට කැමති වන්නේ ලංකාවේ කුමන මෝඩයාද?

-ලසන්ත වික්‍රමසිංහ
Society of IT Professionals (SITP)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions