10/01/2014

සියලූ විජාතික කුමන්ත‍්‍රණ බෞද්ධ ජන මනස විනාශ කිරීමටයි

කතෘ:යුතුකම     10/01/2014   6 comments
විවිධ කතිකාවත් නිර්මාණය වෙමින් තිබේ. එහෙත් ජාතික වශයෙන් වැදගත් වූ ජාතියට ඉදිරි මඟ කියාදිය හැකි සැබෑ ජාතික කතිකාවතක් මෙතෙක් ගැඹුරු ලෙස සංවාදයකට පාත‍්‍ර වී නොමැත. තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කළ ද එහි විපුල ඵලය රටට හා ජාතියට ලබාදීමට තවමත් අසමත් වී ඇත. එවන්  තත්ත්වයක් තුළ පාලකයින් තීරණ තීන්දු ගැනීමේදී හිස අහිමි කවන්ධයක් සේ ක‍්‍රියා කරන පසුබිමක ජාතියට අහිමි වූ එහි සැබෑ ෙඓතිහාසික උරුමය හා ඉදිරි ගමන පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ මැයෙන් රචිත කෘතිය මගින් මේ මොහොතේ අත්‍යවශ්‍යම ජාතියට ඉදිරි මඟ කියා දිය හැකි කතිකාවතක් නිර්මාණය කර තිබේ. මේ එම කෘතිය පුද ලැබූ අමරපුර ශ‍්‍රී  සද්ධර්ම වංශික නිකායේ අනුශාසක, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් සමග එම කෘතිය සම්බන්ධයෙන් හා කාලීන වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මුරගල කරන ලද සම්මුඛ සාකච්ඡුාවකි.

මුරගල :- ගුණදාස අමරසේකර සාහිත්‍ය සූරීන් විසින් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ නම් ඔහුගේ නවතම නිබන්ධය පසුගිය දා  එළි දක්වනු ලැබුවා. මේ ග‍්‍රන්ථය අපගේ වත්මන් සමාජයට වැදගත් වන්නේ  කෙලෙසද? 

මේ කෘතිය අපි අධ්‍යයනය කරන විට අපට හොඳින් පෙනෙනවා, අමරසේකර සූරීන් තමන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරපු අදහස සංවිධිත විදියට මෙමගින් ඉදිරිපත් කරන බව. ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ කෘතියෙන් ඔහු පෙන්වා දෙනවා, අපේ රටේ ජාතික නායකත්වයන් විසින් හිසක් නොමැතිව ශරීරයෙන් පමණක් ක‍්‍රියා කරපු ආකාරය වගේම ඒ මගින් රට මුහුණ දී ඇති මහා ව්‍යසනය පිළිබඳව. ඒ වගේම එමගින් ගැලවීම උදෙසා ජාතික නායකත්වය විසින් හා රටේ පුරවැසියා විසින් ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳවත් අමරසේකර සූරීන් මෙහිදී සිහිපත් කරනවා. මෙහිදී ‘‘බුදු සමය සහ බෞද්ධ  සභ්‍යත්වය’’ පිළිබඳව කරපු විග‍්‍රහය අරගෙන බැලූවොත් එතුමාගේ දර්ශනයේ පැතිකඩ මනාව හඳුනාගන්න පුළුවන්. මෙතනදී ඉතාමත් වැදගත් කරුණක් තමයි අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව අමරසේකර සූරීන්ගේ විග‍්‍රහය. ධර්මපාලතුමා පිළිබඳව නිවැරදිම විග‍්‍රහය පළමුවරට ජාතියට ඉදිරිපත් කළේ ඔහු බවයි, මගේ හැ`ගීම. සමාජය ධර්මපාලතුමා පිළිබඳව නොදැකපු කාරණා දකින්නට එතුමා සමත් වුණා. ඒ වගේම මෙතනදී අශෝක අධිරාජ්‍යයා පිළිබඳව කරන විග‍්‍රහයත් අපට ඉතාම වැදගත්. අශෝක රජු අධිරාජ්‍යයෙක් විදියට නම් කළාට අපි මේ දකින වර්තමාන අධිරාජ්‍යවාදී ස්වරූපයකින් නෙමෙයි ඔහු ක‍්‍රියා කළේ. ධාර්මිකත්වය පදනම් කරගෙන තමයි ඔහුගේ දැක්ම ගොඩනැගුනේ. එය කොතරම්ද කිවහොත් අශෝක රජු තමන් බෞද්ධයෙක් කියලාවත් පෙනී සිටියෙ නැහැ. ඔහු පිළිබඳව අධ්‍යයනයක් කරන  ඕනෑම කෙනෙකුට පෙනෙනවා, ඔහු බෞද්ධයෙක් බව. නමුත් ඔහු සාමාන්‍ය සමාජය වෙත ධර්මය ගෙනියනකොට ධර්මය, ධර්මය විදියට මිසක් වර්තමානයේ කරනවා වගේ බෞද්ධ ලේබලය අලවගෙන අරගෙන ගියේ නැහැ. මොකද සාමාන්‍ය සමාජය විවිධ විෂම අදහස්වලින් සමන්විතයි. ඒ නිසා බෞද්ධ ලේබලය අලවාගෙන ගියා නම් එය සාර්ථක වන්නේ නැහැ. අශෝක අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප‍්‍රතිපත්තිය සාර්ථක වුණේ ඒ අනුගමනය කරපු උපාය මාර්ගික ප‍්‍රතිපත්ති අනුවයි. එමගින් ඔහු බලාපොරොත්තු වුණු තමා දිනාගැනීම වගේම සමාජය දිනාගැනීම, රටේ අභ්‍යන්තර, බාහිර දියුණුව වර්ධනය කිරීම, සමාජයේ ධාර්මිකත්වය ගොඩ  නගා ගැනීම, සහ ජනතාවගේ සුබ සාධනය, ආර්ථික, අධ්‍යාපන, සදාචාර ආදී වූ ජනතාවගේ දියුණුව ඇති කිරීමට ඒ මගින් හැකියාව ලැබුණා. අපේ රටේ පාලකයන් සැලකිල්ලට නොගත් නමුත් අප අසලම පවතින මේ කරුණු පිළිබඳව අමරසේකර සූරීන් පාලකයින්ට හා සමාජයට මනාව සිහිකැඳවනවා කිව්වොත් නිවැරදියි. ඒ නිසා සමස්තයක් විදියට මේ කෘතිය අපේ පාලකයින් අත්පොතක් විදියට භාවිත කළයුතු එකක් ලෙසයි මා දකින්නේ.

මුරගල:- ඔහු එම ග‍්‍රන්ථයෙන් ප‍්‍රකාශ කරනු ලබනවා, ලාංකික ජනයා උපන්ගෙයි සමාජවාදීන් බව. බුදු  දහමට අනුව සිය ජීවන දර්ශනය හැඩගස්වා ගන්නා අප ජන සමාජය කෙරෙහි මෙවැනි නිගමනයකට  එළඹීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

සැබෑ සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ. වර්තමානයේ අපි සමාජවාදී කියලා කල්පනා කරන්නේ  මාක්ස්ලෙනින් ලේබලය ගහගෙන. ඒත් සැබෑ වශයෙන්ම බෞද්ධ දර්ශනය තුළ තමයි සමාජයවාදය  පවතින්නේ. උදාහරණයක් විදියට සංඝ සමාජය දිහා බලන්න. සංඝ සමාජයේ පරිස්තුතිය, ව්‍යාප්තිය,  ව්‍යුහය පිළිබඳව සලකලා බලන්න. එතන තමයි නියම සමාජවාදය තියෙන්නේ. පොදු පරිහරණය සංඝ  සමාජයේ ඉහළින්ම අගය කරන්නක්. කාටවක්වත් කිසිදෙයක් පිළිබඳව තනි අයිතියක්, පෞද්ගලිකත්වයක් කියන්න බැහැ. බදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ‘‘සබ්බේ සං සමසංදාතා’’ කියලා. ඒක දේශපාලන දර්ශනයටත් අදාළ කරගන්න පුළුවන්. හැමෝම සැපයට කැමතියි. දුක් විඳින්න කවුරුවත්  කැමති නැහැ. ඒක උන්වහන්සේ ‘‘සබ්බේ සත්තා සුඛ කාමා දුක්ඛ පඨික්කූලා’’ කියල දේශනා කරලා  තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීම තමයි දුක් විඳින සත්වයින් ඉන් ගලවාගැනීම. බුදු හාමුදුරුවො  කළේ ඒකයි. මේ ධර්ම මාර්ගය කියාදුන්නේ, මේ ආර්ය මාර්ගය කියාදුන්නේ දුකින් ගැලවීමටයි. කිසිදු බේදයක් නැතිව සමස්ත ලෝකවාසී සත්වයන් දුකින් මුදවාළීම තමයි බෞද්ධ  දර්ශනයේ අන්තර්ගතය. එහි කිසිදු වර්ගීකරණයක් බේදයක් නැහැ. හැමෝම සමානයි. ඒ නිසා බුදු හාමුදුරුවෝ සැබෑම සමාජවාදියා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම සංඝ සමාජය මගින් ලබාදීපු ආදර්ශය. සමාජවාදයේ මුල්ම හරය තමයි සාමූහිකත්වය කියන්නේ. ඒක සංඝ සමාජයේ ප‍්‍රබලව දකින්න  පුළුවන් කාරණයක්. බෞද්ධ පරිසරය සතු ඒ කාරණා සියල්ල සලකා බලනකොට අමරසේකර සූරීන්ගේ  මතය ඉතාම නිවැරදියි. විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයින්ට සමාජවාදය කියන එක කොහෙන්වත්  ආනයනය කරන්න  ඕන නැහැ. ඒක ඔවුන්ගේ ජීවිතය තුළ උපතේ පටන්ම ගැබ්වෙලා තියෙනවා. කළ  යුත්තේ එය වටහා දී අවදි කිරීම පමණයි. ධර්මපාලතුමා කළේ ඒකයි. සැබෑ බෞද්ධයා සැබෑ  සමාජවාදියෙක් කියලා කිව්වොත් නිවැරදියි. 

මුරගල:- ශ‍්‍රී ලංකාව සමස්ත ලෝකය තුළ සුවිශේෂී වන්නේ බුදු දහමට අනුව එහි ජනයාගේ භාෂාව, රැු කියාව, සමාජ සාරධර්ම ආදී වූ සියලූ අංගයන් හැඩ ගැසීමට ලක් වී තිබීමයි. එහෙත් සියවස් ගණනාවක්  බටහිර ආධිපත්‍යයට නතු වීමෙන් පසුව මේ බිමේ සංස්කෘතියට අනුගත නොවුණු අය අත විලාසිතාවක් බවට  බුදු දහම පත්වෙලා තියෙනවා. මෙම තත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 

බුදු දහම  කියන්නේ ප‍්‍රදර්ශනාත්මක දෙයක් නෙමෙයි. බුදු දහම කියන්නේ තමන් තුළ සැබවින්ම අවබෝධයක්   ඇති කරගෙන, ජීවිතාවබෝධයකින් ඒ වගේම අපරිමිත වූ මෛත‍්‍රියකින් සහ කරුණාවකින් තමන් කෙරෙහිත්  ලෝකයා කෙරෙහිත් උපනයනය කරගෙන ඒ අනුව තමන්ගේ කල්පනාව හසුරුවාගෙන  තමන්ගේ චර්යා පද්ධතිය දියුණු කරගැනීම. ඒ නිසා තමයි සමාජය තුළ අන්‍යෝන්‍ය වශයෙන්  ඔවුනොවුන්ගේ නිදහස, පොදු දියුණුව පිළිබඳව බෞද්ධයෝ කල්පනා කරන්නේ. එකිනෙකාගේ පොදු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒවා වෙනුවෙන් කැපවෙනවා.ඔවුනොවුනට වග කියාගන්නවා. අපි  පර පණ නොනසනවා වගේම අනුන්ගේ ජීවිතය ආරක්‍ෂාකරනවා. අපි සොරකම් නොකරනවා වගේම අනුන්ගේ සන්තකය, පොදු දේපළ ආරක්‍ෂා කිරීමේ වගකීම අපිට තිබෙනවා. අපි වැරදි ජීවිතයක් ගත නොකරනවා වගේම සමාජයේ නිවැරදි චර්යාව වර්ධනය කිරීමේ වගකීමත් අපිට තියෙනවා. මේ  නිසා බෞද්ධ දර්ශනය කියන්නේ පොදු සමාජයත් එක්ක එකට බැඳිච්ච එකක්. සමාජයෙන් තොරව  ධර්මයේ සක‍්‍රියතාවයක්, බලාත්මකතාවයක් නැහැ. සතර බ‍්‍රහ්ම විහරණ අරගෙන බලන්න. මෙත්තා,  කරුණා, මුදිතා, උපේක්‍ෂා කියන මේ හැම කරුණක්ම සමාජයත් එක්ක එකට ගැටග ැහිච්ච දේවල්. මේවා  තනි තනියෙන් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි අපිට මෛත‍්‍රීය, කරුණාව බලාපොරොත්තු වෙනවා වගේම අපි සමාජයටත් ඒ දේ ලබා දෙන්න  ඕන. ඒව ශ්‍රේෂ්ඨ දේවල් වෙන්නෙ  සමාජයත් එක්ක සිදු කරන ඒ ගැටීමත් එක්ක. එනිසා බුදු දහම කියන්නේ පොදු සමාජ යහපත ප‍්‍රබල  විදියට අගය කරන දහමක්. හැබැයි පස්සේ කාලෙක විවිධ වංචනිකයන් බුදු දහම තමන්ට වාසිදායක  විදිහට ආත්මාර්ථකාමී ලෙස වෙනස් කරන්න, අර්ථකථනය කරන්න කටයුතු කළා. එය ධර්මයේ වැරුද්දක් නෙවෙයි. පුද්ගලයන්ගේ භාවිතාවේ පවත්නා ගැටළුවක්. මේ කාරණයේදී දේශපාලනය විශේෂයි. දේශපාලකයින් තමන්ගේ වාසිය සඳහා ආගම භාවිතා  කරනවා. ඒ ධර්මයේ යහපත වෙනුවෙන්  නෙමෙයි. ධර්මයට තියෙන ජනතාවගේ විශ්වාසය,කැමැත්ත හරහා තමන්ට අවශ්‍ය කාරණා   ඉෂ්ට කර ගැනීමයි ඔවුන් කරන්නේ. ඒ වගේම දැන් ධර්මය සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන්  දකින්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය හරහා ගොඩනගපු, පුම්බපු පිරිසක් විසින් සැබෑ බෞද්ධ සභ්‍යත්වය වෙනුවට තමතමන්ගේ විවිධ මතිමතාන්තර පළ කරන්නට පටන් අරගෙන තියෙනවා. මෙතැනදී මාධ්‍ය  උස්සන ආකාරයත් එක්ක ජනතාව ඒ පුද්ගලයා වටා ඒක රාශී වෙනවා. හැබැයි ඒ පුද්ගලයන්ගේ සත්‍ය  ක‍්‍රියාකාරීත්වය හඳුනාගත්තට පස්සේ ජනතාව කළකිරෙනවා. මේ සියල්ලෙන්ම අවසානයේ සිද්ධවෙන්නේ  ධර්මය වෙතින් ජනතාව ඈත් වීම. පිරිසක් අන්ධ භක්තිකයන් බවට පත් වෙද්දී තවත්  පිරිසක් ධර්මයෙන් ඈත් වෙනවා. මේ බොහොමයක් තැන්වල ධර්මය භාවිතා කරන්නේ විලාසිතාවක්  විදිහටයි. ඒ හැම තැනකම මමත්වය, ආත්මාර්ථය තමයි ගොඩනංවන්නේ. ඒක අද විලාසිතාවක් බවට  පත්වෙලා. හැබැයි සැබෑ බුදු දහම ඒක නෙමෙයි. එය මෙරට ජන විඥානය තුළ මුල් බැස ගත්තක්. ඒක  තුළින් අපට කියලා දෙන්නේ මමත්වය නෙමෙයි, සාමුහිකත්වය පිළිබඳවයි. නැතිනම් බුදු හාමුදුරුවන්ටත් තිබුණා තමන් විමුක්තිය අවබෝධ කරගත්තට පස්සෙ ඒක අනුන්ට අවබෝධ කර නොදී සිටීමට. 

මුරගල:- බටහිර රටවල් යටත් කළ බොහෝ ආසියානු - අප‍්‍රිකානු රටවල් ඉතා ඉක්මනින් තමන්ට අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ විනාශ කරගනු ලැබුවා. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම  එසේ කළ නොහැකි වුණා. මෙය මෙසේ වීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 

ඒ කාරණය තමයි,  ධර්මපාල තුමා, මාර්ටින් වික‍්‍රමසිංහ වගේම ගුණදාස අමරසේකර සූරීන් ඉතා  ගැඹුරින් අධ්‍යයනය කරලා සමාජයට ප‍්‍රකාශ කරලා තියෙන්නෙ. මේ තමයි ජන විඥානය. බෞද්ධ ජන  විඥානය කියන්නේ ඒකට තමයි. මේක තමන්ගේ ජීවන ප‍්‍රතිපදාවක් විදියට ගැනීම නිසා තමයි එහෙම වෙන්නෙ. බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතය කර ගැනීම නිසා අදටත් ලාංකිකයන්ගේ සභ්‍යත්වය, අනන්‍ය ලක්‍ෂණ විනාශ කරන්න බැරිවෙලා තියෙනවා. නමුත් ඔය කියන  අනෙකුත් රටවල් බලන්න. කොරියාව, බංගලිදේශය, මාලදිවයින, ඉරානය, ඉරාකය වගේ රටවල් දිහා  බලන්න. ඒ හැම එකක්ම බෞද්ධ රටවල් විදියට පැවතුණු ඒවා. රුවන්වැලිසෑයේ මුල්ගල් තබන අවස්ථාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කරලා තියෙන්නෙ ඉරාක - ඉරාන වලින්. නමුත් අද ඒ රටවල බෞද්ධ මාත‍්‍රයක් වත් නැහැ. ලංකාවට එහෙම කරන්න බැරිවුණා. නමුත් ලංකාවටත් එහෙම වෙන්න  බැරිකමක් නැහැ. එතෙන්ට ගේන්න තමයි මේ හැම කුමන්ත‍්‍රණයක්ම කරන්නෙ. රට බෙදීමේ ව්‍යාපාරය,  අන්‍යාගම් ව්‍යාපාර, නොයෙක් නොයෙක් විජාතික ව්‍යාපාර, සංස්කෘතික ව්‍යාපාර කියන මේ හැම දෙයක්ම ඉලක්ක කරන්නෙ ලංකාවෙ පවතින මේ සුවිශේෂී ජන මනස විනාශ කිරීමට. ඔවුන් දන්නවා ඒ මගින්  පමණක් බව ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන්. හැබැයි තවමත් එය බැරිවෙලා තියෙනවා. ඒ අන්  කිසිවක් නිසා නොවෙයි, අපේ ජනතාවගේ ජන මනස, බෞද්ධ ජන විඥානය විනාශ කිරීමට නොහැකි වීම නිසයි. හැබැයි එවැනි අවදානමක් අප ඉදිරිපිට තිබෙනවා. මේ සමාජයේ පෙළගැසීම, අධ්‍යාපන රටාව,  ආකල්පවල ඇදවැටීම, ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනික රටාව, පරිභෝජන රටාව මේ සියල්ල සලකා බැලූවොත් අවදානම ඉතාම උග‍්‍රයි.

මුරගල:- අතීත යුගවලදී සංඝ සමාජයට රටේ පාලකයන්ට හා සමාජයට විශාල බලපෑමක් කළ හැකිව තිබුණා. නමුත් අද එය තරමක් හීන වී පවතින්නේ. මෙම තත්ත්වයට හේතුව සහ එය වෙනස් කිරීමට කළ  යුත්තේ කුමක්ද? 

රටේ ජනතාවගේ රජ්ජුරුවෝ වගේම සංඝ සමාජයටත් සංඝරාජ මාහිමි කෙනෙක් ඉන්නවා. රජු ජනතාවට  කරන බලපෑම වගේම සංඝ සමාජයට විශාල බලපෑමක් එල්ල කරන්න සංඝරාජ මාහිමියන්ට පුළුවන්. ඒ  බලපෑමම රටේ පාලනයට කරන්නත් පුළුවන්කම තිබුණා. පොළොන්නරු යුගයේ ‘මාහිමි’ කිව්වේ ඒ  පදවියට. දැන් ඒක අපිට අහිමි වෙලා තියෙනවා. අද භික්‍ෂු සමාජයේ බොහොමයක් භික්‍ෂූන් වහන්සේලාට  තමන්ට තිබෙන ගැටළු කියාගන්න තැනක් නැතිවෙලා තිබෙනවා. සංඝ සමාජයේ ඒක මතයක් නැහැ. සමාජ  අර්බුද තබා තමන්ගේ අර්බුදවලටවත් විසඳුම් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. අතීතයේ මේ තත්ත්වය වෙනස්. මඩිහේ මහ නාහිමි වැනි නාහිමිවරුන් ඉන්න  කාලේ සංඝ සමාජයේ ඒකත්වයක් තිබුණා. එතකොට රටට යම් මතයක් භික්‍ෂූන් ඉදිරිපත් කරනව නම් එය  සංඝ සමාජයේ පොදු මතයක් විදියටයි ඉදිරිපත් කළේ. නමුත් අද එවැන්නක් නැහැ. විවිධ  කණ්ඩායම්වලට, දේශපාලන පක්‍ෂවලට බෙදිලයි, අපි ඉන්නෙ. ධර්මය පිළිබඳ ගැටළුනොතිබුණාට පොදු සමාජ කාරණා වලදී පරස්පරතාවයන් පැවතීම නිසා එක් ප‍්‍රබල මතයක් ඉදිරිපත් කිරීමක් වෙන්නෙ  නැහැ. මේ නිසා තුන් නිකායම තුළ ඒකීයත්වයක් අවශ්‍ය වෙනවා. අපි අදහස් කරන්නේ එක් නායකයකු පිළිබඳව නෙමෙයි. එකඟතාවයක් පිළිබඳවයි. එවැන්නක් පවතිනවානම් අතීතයේ රටට හා  සමාජයට බලපෑම් කිරීමට තිබූ හැකියාව යළි ලබා ගැනීම අසීරු නැහැ. විශේෂයෙන්ම මේ කාරණයේදී  වඩා වැදගත් වෙන්නේ ධර්මය හා විනය පිළිබඳව කල්පනා කරමින් සංඝ සමාජයේ අනාගතය දිහා  බලල ගන්නා තීරණ තීන්දු මේ සඳහා මහා නායක හාමුදුරුවරුන්ට විශාල වගකීමක් තිබෙනවා, අනෙක්  හැමෝටම වගේම. 

මුරගල:- අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම ප‍්‍රචාරණ කටයුත්තේදී ඉතාමත් ඉහළ වාසිය හිමි වුණේ ශ‍්‍රී  ලංකාවට බවයි අපේ හැ`ගීම. එහෙත් බටහිර ආධිපත්‍යයට අප යටත් වුණු දින සිට මෙතෙක් අප ගෙවා දමා  ඇති කාලය තුළ ජාතියක් ලෙස අප මුහුණ පෑ ව්‍යසනයෙන් නැ`ගීසිටීමට අමරසේකර සූරීන් ඉදිරිපත්  කරන නිබන්ධනය කුමන අයුරින් අපට උපකාරී වෙනවාද?

අමරසේකර සූරීන්ගේ මේ කෘතිය තවම  හරියටම සමාජගත වුණේ නැහැ කියලයි මගේ හැ`ගීම. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි කතිකාවක් වහා  ආරම්භ කළ යුතුයි. එතුමා මේ කෘතිය මගින් දක්වන ජාතිකත්වය පිළිබඳ මතය ඉතා වැදගත්. එතුමා  පෝෂණය වුණු සමාජය දෙස බැලූවොත්, එතුමා ඉතාම හොඳ ගැමියෙක්. ඒ වගේම විදග්ධ සමාජය තුළ  පෝෂණය වුණු කෙනෙක්. එනිසා එතුමා සමාජ පරිවර්තනයක් පිළිබඳව අත්දැකීම් ලබාපු ඒවා ගැඹුරින් ගවේෂණය කරපු පුද්ගලයෙක්. ඉන් මුහුකුරා ගිය කෙනෙක්. අමරසේකර  සූරීන්ගේ දර්ශනය පදනම් වෙන්නෙ අනගාරික ධර්මපාල තුමන්ගේ ජාතික  නායකත්වය වගේම  කුමාරතුංග මුනිදාසයන්ගේ ජාතික අනුරාගය පිළිබඳව ගොඩනග පු කරුණු මතයි. ඒ සියල්ල ගැඹුරින්  අධ්‍යයනය කරලා අපේ සමාජය අනාදිමත් කාලයක් තිස්සේ මුහුණ දීපු විපර්යාස සලකලා බලලා  තමයි, එතුමා තමන්ගේ චින්තනය ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ කෘතිය මගින් පමණක් නෙමෙයි, එතුමා ‘‘ගමනක මුල’’ කෘතියේ පටන් ගොඩනංවපු ඒ මතවාදය තවමත් සමාජයේ අවශ්‍ය ප‍්‍රමාණයට සාකච්ඡුාවට  බඳුන්වෙලා නැහැ. එය ඉතාම කනගාටුදායකයි. මෙනිසා දැන්වත් මේ රටේ සියලූම බුද්ධිමතුන් මේ පිළිබඳව කතිකාවතක් නිර්මාණය කළ යුතුයි. එය අද දවසේ ජාතියේම අවශ්‍යතාවයක්. ඒ විතරක් නෙමෙයි, එතුමා ඉතිහාසය තුළ තමන් අතින් වුණු වැරදීම් පිළිගන්නට මැළි වුණේ නැහැ. ඒ නිසයි ‘‘කරුමක්කාරයෝ’’  කෘතිය එතුමා පසු කලෙක ප‍්‍රතික්‍ෂේප කළේ. එය ඉතා ශ්‍රේෂ්ඨ ආදර්ශයක්. ජාතියක අනාගතය ගොඩනැගීම සඳහා එවැනි නිහතමානී ආදර්ශයන් තමයි පදනම් වෙන්නේ. අපි තාමත් මේ මහා  ප‍්‍රාඥයාගේ වටිනාකම හඳුනාගෙන නැහැ. එය ජාතියේ අවාසනාවක්. එවැනි ජාතියකට ඉදිරි ගමනක් නැහැ.  එනිසා වහ වහා මේ තත්ත්වය නිවැරදි කර  ගන්න රටේ බුද්ධිමතුන් ප‍්‍රමුඛ සියලූ දෙනා කටයුතු කළ යුතුයි.

උපුටා ගැනීම මුරගල 

9/25/2014

අනගාරික ධර්මපාල (තුමා) ජාතිවාදී ද?

කතෘ:යුතුකම     9/25/2014   3 comments
ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය.  එසේ වුවත් එක් පැත්තකින් එතුමන් විසින් සිදු කර ඇති ඓතිහාසික කාර්ය භාරය නිසි ඇගයුමකට ලක් නොවීමත්, අනෙක් පැත්තෙන් (ඉතා ම සුළු පිරිසක් වුවත්) යම් පිරිසක් එතුමන්ට ජාතිවාදී ලේබල ඇලවීමට උත්සාහ කිරීමත් අපගේ කනගාටුවට හේතු වෙයි. අපගේ ජාතික වීරවරයන්ගෙ ලැයිස්තුවට ධර්මපාල තුමාගේ නම ඇතුලත් වන බව සැබෑ ය. වාර්ෂිකව එතුමන් සමරා ගුණ සමරු උත්සව ද පැවැත්වෙයි.  මෙරට බොහෝ ප්‍රදේශ වල එතුමන්ගේ නමින් මං මාවත් ද නම් කර ඇති බව පෙනෙන්නට තිබේ.  මේ එකදු ක්‍රියාවකින් වත් එතුමන් සතු සුවිශේෂී බාවය ඉස්මතු වේ ද? අප විසින් එතුමන් අගය කරනු ලබන්නේ නම් එතුමන්ට ජාතිවාදී චෝදනා එල්ල කරන සුළු පිරිසට අපි කවර පිළිතුරක් ලබා දෙමු ද? ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය පසු වී දින කිහිපයක් ගත වී ඇතත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ ව කතා කිරීම ඉතා වැදගත් බව අපි අදහස් කරමු. 

ධර්මපාල තුමා සුවිශේෂී වන්නේ ඇයි? එතුමන් සුවිශේෂී චරිතයක් නම්, එතුමන්ට නිසි ඇගයීමක් ලැබී නැතැ යි කියන්නේ ඇයි? එතුමන් ජාතිවාදී ද? නැත් ද? එතුමන් ගැන ඊනියා නැවත කියවීමක් අපි කෙසේ සිදු කරමු ද? මෙම ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දිය යුතු වෙමු. 

යටත් විජිත වාදයේ සංස්කෘතික සංරචකය හඳුනා ගැනීම 
ධර්මපාල තුමා නම් චරිතය අප සමාජයේ බිහි වන්නේ, මෙරට ජාතික ව්‍යාපාරය අරාජිකව පැවති යුගයක ය.  වෙල්ලස්සේ සහ මාතලේ (1818 සහ 1848) නිදහස් සටන් (ඇතැමුන්ට අනුව නම් මේවා කැරලි වන අතර, එසේ වන්නේ ඔවුන් ද ආක්‍රමණිකයාගේ කෝණයෙන් ඒවා දෙස බලන බැවින් විය යුතු ය.) නිර්දය ලෙස මර්දනය කිරීමත්, එම ප්‍රදේශ වල සිංහල නායකයන් සමූල ඝාතනය කිරීමත් නිසා මෙරට සාම්ප්‍රදායික නායකත්වය ඒ වන විට විනාශ වී තිබුණි.  අනෙක් පැත්තෙන්, බටහිර අධ්‍යාපන ආයතන හරහා බිහි වූ උගතුන් හට සමාජ ආධිපත්‍යයක් හිමි වීමත්, පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටීමත් යන කරුණු දෙක හේතුවෙන්, භික්ෂුවගේ සමාජ නායකත්වය ද ගිලිහී තිබුණි. (මේ තත්ත්වය අද ද එසේ ම ය.)  තවත් පැත්තකින්, මිෂනාරි පාසල් හරහා ව්‍යාප්ත කරන ලද බටහිර අධ්‍යාපන රටාවත්, බේබදුකම ඇතුලු දුසිරිත් පෙළත්, ඇඳුම් පැළඳුම් ඇතුලු සංකර ජීවන රටාවත්, මෙරට සමාජය වසා ගනිමින් තිබිණ. (අද වන විට මේවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇත් ද යත්, එසේ වීම ගැටළුවක් දැ යි කෙනෙකු ඇසුවහොත් අපි පුදුම නොවෙමු.)  ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලබන්නේ මෙවන් සමාජයක් තුළ ය. ඒ, එකල මෙරට ආර්ථික ආධිපත්‍යය දැරූ, ධනවත් කමින් ඉහලින් ම වැජඹුණු ව්‍යාපාරික පවුලක ය.  මේ නිසා ම අධ්‍යාපනය සඳහා එතුමන් යොමු කෙරෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙළේ මිෂනාරි පාසල් වලට ය.  

ආක්‍රමණිකයන්ට මුහුණ දුන් වීර චරිතයෝ මෙරට ඉතිහාසයේ දී ඕනෑ තරම් අපට මුණගැසෙති. ආක්‍රමණිකයා දේශපාලනිකව පලවා හැරීමෙන් පමණක් පරිපූර්ණ නිදහසක් රටට, ජාතියට ලබා දීමට ඔවුන් බොහෝ දෙනෙකුට හැකි විය.  එහෙත් බටහිර යටත්විජිතවාදය වූ කලි ලොව මෙතෙක් බිහි වූ අධිරාජ්‍යවාදයන්ට වඩා වෙනස් වන්නේ එය දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යන සංරචක තුන හරහා ම ක්‍රියාත්මක වීම ය. මුස්ලිම් අධිරාජ්‍යවාදයේ ද මෙම සංස්කෘතික සංරචකය ප්‍රධන තැනක් ගත්ත ද, බටහිර අධිරාජ්‍යවාදය තුළ එය ක්‍රියාත්මක වන්නේ කාටත් හොරා ඉතා සූක්ෂම ලෙස ය.  අනෙක් අතට ධර්මපාල තුමාගේ කාලය වන විට මුස්ලිම් අධිරාජ්‍ය වල බලපෑම මෙරටට එතරම් දුරට දැනී නොතිබිණ. එසේ ම, කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි වීර වරයන්ගේ කාල වල පවා බටහිර සංස්කෘතික බලපෑම එතරම් දුරට ප්‍රබල සාධකයක් නොවුනි.  ධර්මපාල තුමා අපට සුවිශේෂී සහ අපූර්ව වන්නේ මෙම සංස්කෘතික බලපෑම තෙරුම් ගත් මුල්ම නායකයා වීම නිසා ය.  එකල සමාජයේ වූ සංකර ගති ලක්ෂණ සිංහල බෞද්ධ සමාජය වෙලා ගන්නා වූ සංස්කෘතික පිළිලයක් බව එතුමා හඳුනා ගත්තේ ය. එහෙත්, ඒවා පිළිලයක් නොව ලෝක ප්‍රවනතාවක් බව කියන උගත්තු අද වන විට බිහිව සිටිති. ඒ සුද්දන් මෙරට ස්ථාපනය කරන ලද අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ය.  එකල ද, දේශීය නායකයන් ලෙස පෙනී සිටි උගත් ලාංකිකයන්ට මෙම සංස්කෘතික පරිහානිය ගැටලුවක් නොවී ය.  ඔවුන්ගේ එක ම අභිලාශය වූයේ "සුද්දන් විසින් ගොඩ නඟන ලද ලෝකයේ තමන්ට හිමි තැන ලබා ගැනීම" ය.  එසේ වුව ද තමන් ගත යුත්තේ කවර මගක් දැ යි අවබෝධ කර ගැනීමට තරම් අන්තර්ඥානයක් ධර්මපාල තුමාට විය. 

ධර්මපාල තුමාට එදා සිදු වූ අසාධාරණය
සිංහල බෞද්ධයාට සිය ජාතික විමුක්තිය උදා කර ගත හැක්කේ, බෞද්ධ සමාජය ප්‍රතිස්ථාපනය කිරීම තුළින් පමණක් ම බව ධර්මපාල තුමාගේ මතය වූ බව පෙනේ. මෙකල බටහිර අධ්‍යාපනය හරහා බිහි වුනු, ඇතම් විට ආගමින් සැදැහැවත් බෞද්ධයන් වන, එහෙත් ක්‍රියාවෙන් සුද්දන් වීමට ම උත්සාහ කරන පිරිස (ඕල්කට් බෞද්ධයන්- මෙම පිරිස් අද සමාජයේ ද දැකිය හැකි ය. මෙම පිරිස බොහෝ විට ශ්‍රද්ධාවට වඩා තර්කය මත පදනම් වෙති.) දැරූ මතය වූයේ ජීවත් වන සංස්කෘතිය කුමක් වුවත්, ධර්මය පිළිපැද නිවන් දැකිය හැකි බව යි.  උදේට සුදු වතින් සැරසී පන්සල් ගොස්, හවසට සංකර ඇඳුමින් සැරසී බාල් නටා, නිවන් දැකිය හැකි බව සිතන පිරිසකට ධර්මපාල තුමා ගෙන ගිය වැඩ පිළිවෙල කිසිසේත් ම දැරිය හැක්කක් නොවන්නට ඇත.  මේ නිසා ම ඔවුහු අධිරාජ්‍යවාදියාට එරෙහි වීම පසෙක ලා, ධර්මපාල තුමන් සිය සතුරා බවට පත් කර ගත්හ.  එතුමන්ට නිග්‍රහ කිරීම සිය ඒකායන අරමුණ කර ගත්හ. උදාහරණයක් ලෙස ධර්මපාල තුමා සිය ජාතික, ආගමික වැඩ පිළිවෙල හරහා මුදල් වංචා කළ බව කියවෙන පත්‍රිකාවක් "ධර්මපාල අර්බූදය" නමින් එකල මහජනයා අතර බෙදා හැර ඇත. එහෙත් පසුව දැන ගන්නට ලැබී ඇත්තේ, මෙය සර් ඩී.බී. ජයතිලකගේ (මොවුහු ලංකාවේ නිදහස වෙනුවෙන් වැඩ කරන අතරතුර බ්‍රිතාන්‍යයෙන් ම නම්බු නාම් ලැබූවෝ වූහ.) මැදිහත් වීමෙන් බෙදා හරිනු ලැබූවක් බව ය.  අවසානයේ දී සිදුවන්නේ මේ සියල්ලෙන් ම කලකිරෙන ධර්මපාල තුමා, යළි කිසි දිනෙක ලංකා භූමියෙහි නූපදීවා යි ප්‍රාර්ථනා කොට මෙරටින් පිටව යාම යි.

ධර්මපාල තුමාට මෙදා සිදු වන අසාධාරණය

ධර්මපාල තුමාට අද සිදුවන විශාලත ම අසාධාරණය නම්, එතුමන්ට එදා කෙනෙහිලි කම් කළ පිරිස් ජාතික වීරවරයන් ලෙස දක්වන අතර ම, එතුමන් ද එම ලැයිස්තුවේ තවත් එක් අයෙකු ලෙස දැක්වීම ය. ධර්මපාල තුමාගේ චරිතය ගැන කියවෙන බොහෝ අවස්ථාවන් හි දී, එකල එතුමන් හට විඳින්නට වුනු අසාධාරණය යටපත් කෙරෙයි. ඊට හේතුව එකල විසූ කළු සුද්දන්ගේ ව්‍යාජ ප්‍රතිරූපයට හානියක් වනු දැකීමට මෙකල වෙසෙන කළු සුද්දන් දක්වන අකමැත්ත විය හැකි ය.  විශේෂයෙන් ම, පරම විඥානාර්ථවාදියෙකු වූ ස්ටීල් ඕල්කට් තුමා විසින් ශ්‍රී දළදා වහන්සේ ගැන සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශයත්, ධර්මපාල තුමා ඊට දැක් වූ විරෝධයත්, සූක්ෂම ලෙස සැඟවීමට බොහෝ අයෙක් උත්සාහ කරති.  එසේ ම, පසු කාලීනව ඕල්කට් තුමා සමග, ධර්මපාල තුමා සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් අමනාපයෙන් පසු වූ බව ද අපෙන් සඟවනු ලබේ.  මෙම කරුණු, ඩේවිඩ් කරුණාරත්න, නැසීගිය ආනන්ද ගුරුගේ වැනි වියතුන් විසින් ලියන ලද කෘතීන් වල සඳහන් ය. 

අද ධර්මපාල තුමා ගැන කතා කරන විට, බොහෝ දුරට ඉස්මතු කෙරෙන්නේ බුද්ධගයාව බේරා ගැනීමට එතුමා ගෙන ගිය වැඩ පිළිවෙල පමණි.  එතුමන්ගේ එම මෙහෙය අමතක කළ යුතු බව කීමට තරම් අපි කුහක නොවෙමු.  එසේ ම එතුමන්ගේ අභීත නායකත්වය නොවන්නට බුද්ධගයාව බේරා ගැනීම මෙතරම් සාර්ථකව නොවන්නට ද ඉඩ තිබුණි.  මේ සියල්ලට ම වඩා ඉස්මතු කළ යුත්තේ සුදු අධිරාජ්‍යවාදයේ සංස්කෘතික මුහුණුවරත්, අප ඊට මුහුණ දිය යුතු ආකාරයත්, එහි අනාගත ස්වභාවයත් එතුමන් විසින් හඳුනා ගැනීම ය. මෙහි දී, අප විශේෂයෙන් ම සිහිපත් කළ යුතු වන්නේ අධිරාජ්‍යවාදය අනාගතයේ දී ක්‍රියාත්මක වන අයුරු එතුමන් දුටු අයුරු කියවෙන එතුමන්ගේ සුප්‍රකට ප්‍රකාශය යි. 

"මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙ යි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා ය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එක යි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිති ය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන කල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න දියසෙන්ලා තිඹිරි ගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

ජාතිවාදී චෝදනාව
ධර්මපාල තුමා සිය දින පොතෙහි තබන ලද සටහනක් වන මෙම ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ, එතුමන් ඒ වන විට හිස ඔසවමින් සිටි බටහිර අධ්‍යාපනය ලත් "කළු සුද්දන්ගේ" පරම්පරාව ගැන නිවැරදි අවබෝධයෙන් පසු වූ බවකි. එහෙත්, අවාසනාවට මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින්, ධර්මපාල තුමා ජාතිවාදියෙකු බව ප්‍රකාශ කිරීමට විකල්ප ගෝත්‍රයේ පිරිස් උත්සාහ දරන අතර  තවත් බොහෝ පිරිසක් ධර්මපාල තුමාට ජාතිවාදී චෝදනාවක් එල්ල වේ ය යන බියෙන් මෙහි අවසන් වගන්ති කිහිපය කපා දමති.  නැතහොත්, මෙම ප්‍රකාශය අදට නොගැලපෙන බව පවසති.  එහෙත්, අද වන විට  එතුමන් එදා පැවසූ සියල්ල සැබෑ වී ඇති බව බොහෝ දෙනෙක් තෙරුම් නොගනිති. 

මේ රට සිංහලයාගේ පමණ ද? 
ධර්මපාල තුමා කියන්න්නේ මේ රට සිංහලයාගේ පමණක් බව ද? සුළු ජාතීන් නමින් හැඳින්වෙන පිරිසට මේ රට අයත් නොවේ ද? සිංහල, දෙමළ, මරක්කල, මැලේ, බර්ගර් සහ වැදි ජනයා ආදී සියලු ජන කොටස් ද, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි සහ නිර්-ආගමික ආදී සියලු ආගමිකයන් ද මේ රටේ පුරවැසියන් වන බව සැබෑ ය.  මෙම අදහස තව දුරටත් ඉදිරියට ගෙන යමින් අප රට "බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික" රටක් බව අයෙක් කියති.  එහෙත්, මෙරට සිංහල බෞද්ධ රටක් බව අපි කියමු.  ඒ, මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වීම නිසා නම් නොවේ: සමස්තයක් ලෙස, මෙරට ඉතිහාසය තුළ මෙරටට ම ආවේනික වූ යමක් බිහි වී ඇත් නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වීම නිසා ය.  අදටත් මෙරට දෙමළ ජනයා තම කලා ශිල්ප ආදී අංග ලෙස ගන්නේ දකුණු ඉන්දියාව තුළ බිහි වන ඒවා ය.  මෙරට මුස්ලිම් ජනයා තම සංස්කෘතිකාංග ලෙස හුවා දක්වන්නේ මොනවා ද?  

මෙරට භාවිත කෙරෙන දෙමළ භාෂාව, ඉන්දියාවේ භාවිත වන දෙමළ බසින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන් පමණක් වීම, මෙරට එම බස කතා කරන ජනතාවගේ කෙටි ඉතිහාසයට සාක්ෂි දරයි.  එහෙව් තත්ත්වයක් තුළ පවා මෙරට සිංහල බෞද්ධ රටක් නොව බහු සංස්කෘතික රටක් බව කළු සුද්දෝ කියති.  මෙය මෙරට දීර්ඝ සිංහල බෞද්ධ ඉතිහාසය, සෙසු ජන කොටස් වල කෙටි ඉතිහාසයට සම කිරීමක් නොවේ ද?

ධර්මපාල තුමාට කරන ලොකු ම ගෞරවය

අප ඉල්ලා සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවට විශේෂ වරප්‍රසාද ලබා දෙන ලෙස නොවේ; සෙසු ජන කොටස් වලට මෙරටින් පිටව යන ලෙසත් නොවේ.  අප ඉල්ලන්නේ සංස්කෘතියක් ලෙස "සිංහල බෞද්ධ" සංස්කෘතියට මෙරට දී විශේෂ තැනක් ලැබිය යුතු බව ය.  ධර්මපාල තුමාට කරන ලොකුම ගෞරවය වන්නේ වාර්ෂිකව එතුමන්ට පුෂ්පෝපාහාර දැක්වීම නොවේ.  මෙරට ඉතිහාසය තුළ එතුමන් සුවිශේෂී විරුවෙකු වන බවත්, එතුමන් විසින් අවධාරණය කරන ලද සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කමත් හඳුනා ගැනීම ය.


-දුලන්ජන් විජේසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

8/31/2014

අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන

කතෘ:යුතුකම     8/31/2014   1 comment
ආචාර්‍ය්ය ගුණදාස අමරසේකරයන් විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ යන කෘතියේ තෙවන මුද්‍රණය සහ ‘ජාතිකත්ව සංකථන’ කෘතිය  එළිදැක්වීමේ උළෙල පසුගියදා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේදී  මුළු දුනි. අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි ඇතුළු ගිහි පැවිදි විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටි  මෙම විද්වත් කතිකාව ‘ධර්මපාල පරපුර’ සංවිධානය කර තිබිණ. එහිදී "ජාතියේ ඉදිරි ගමන් මග සහ ධර්මපාල චින්තනය" යන මැයෙන් මහාචාර්ය අසංග තිලකරත්න  මහතා සිදුකල මුඛ්‍ය දේශනය පහත දැක්වේ..

2014 සැප්තෑම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය අබියස සිටිමින් අද දින පවත්වනු ලබන මෙම රැස්වීමේ ආසන්නම හේතුව වන්නේ ගුණදාස අමරසේකර මහතා විසින් 1980 වර්ෂයේ මුලින් ම ප‍්‍රකාශයට පත්කරන ලද "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" නැමැති කෘතියෙහි තුන්වන මුද්‍රණය විසිදුනු ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීමත් , ඔවුන් විසින්ම සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය විසින් අමරසේකර මහතා සමඟ ජාතිකත්වය පිළිබඳව පවත්වන ලද සාකච්ඡා ඇතුළත්ජාතිකත්ව සංකථන: ජාතිකත්වය පිළිබඳ තුලනාත්මක විග‍්‍රහයක් නම් කෘතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමත්ය. ධර්මපාල තුමාගේ ජීවිතය පිළිබඳ අනුස්මරණීය අවස්ථාවක මෙම කෘති දෙක – එකක් නැවත පළ කිරීම හා අනික් කෘතිය පළමුවරට පළ කිරීම තුළින් ධර්මපාල තුමා පෙනී සිටි, එතුමා ජීවිතය කැප කළ වැදගත් පැතිකඩක් දෙස නැවත අවධානය යොමු කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරෙන බව පැහැදිලි කරුණකි. ධර්මපාල තුමාගේ චින්තනය හා ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විදර්ශනාවක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටිනා බවට, එතුමාගේ ජන්ම සංවත්සර අවස්ථාවට පරිබාහිරව, කරුණු කරුණු තුනක් මා දකිනවා.
1.ගුණදාස අමරසේකර මහතාද සඳහන් කරන පරිදි වර්තමාන රජය, ධර්මපාලතුමාගේ ජාතික හා දේශපාලන චින්තනයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වු එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන පක්ෂ එකමුතුවක් විසින් පිහිටුවන ලද්දක් වීම හා එමඟින් මෙම රජය ධර්මපාල තුමා කෙරෙහි ඇති දුර ණයගැතිභාවය.
2.පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙන ලද නිදහස් වෙළඳ ආර්ථික ක‍්‍රමයෙහි බහුල වු අමනෝඥ ප‍්‍රතිඵල අත්විදින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශනය හා භාවිතය කවරක් ද යන ප‍්‍රශ්නය අද වන විට වඩාත් ප‍්‍රබල ලෙස දැනෙමින් තිබීම.
3.අන්තර්ආගමික සම්බන්ධතා, ආගමික සහ පැවැත්ම හා යහ පැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවරය හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලාත්මක අවස්ථාවක අප පසුවීම.
මෙම කරුණු තුනට අදාල වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන්වහන්සේ ධර්මපාල තුමාගේ ක‍්‍රියාකාරීත්වයේ ඉතා මුලික අංග වු බව නිසැකය.මෙම අංග සමෝධානය කරමින් "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතිය රචනා කළ ගුණදාස අමරසේකර මහතා අප සමාජයේ සිටින අතලොස්සක් සමාජ විචාරකයන් හා චින්තකයන් අතර ප‍්‍රධාන කෙනෙකි. අපගේ සමාජය පිළිබඳ විශලේෂණයක් මෙන් ම අපගේ අනාගතය පිළිබඳ දර්ශනයක් ද එතුමාට හිමි බව මේ කෘතියෙන් මෙන් ම පසුගිය කාලය තුළ ප‍්‍රකාශයට පත් කළ සාහිත්‍ය හා විචාර කෘතිවලින් ද එතුමා පෙන්වා දී තිබෙනවා. තමා ද අයිතිවන සමාජය පිළිබඳව එතුමා කරන විචාරයත්, එම සමාජයට උචිත දේශපාලන ආර්ථික දර්ශනය ලෙස එතුමා ඉදිරිපත් කරන කරුණුත් කියවා බලන විට මගේ සිහියට නැගෙන්නේ යුරෝපීය සමාජය පිළිබඳව විග‍්‍රහ කරමින් පසුගිය සියවසෙහි මධ්‍ය භාගයේ දී "Escape from Freedom" වැනි කෘති ලියු Erich Fromm නමැති ප්‍රොයිඩියානු මනෝවිද්‍යාඥයා හා මාක්ස්වාදී දාර්ශනිකයා යි. බටහිර ධනවාදය මෙන් ම රුසියානු සමාජවාදය ද ප්‍රතික්ෂේප කළ ප්‍රොම් ප‍්‍රජාතාන්ත‍්‍රික මානවවාදී සමාජවාදයක් යෝජනා කළා මෙන් අමරසේකර මහතා ද මානවවාදී බෞද්ධ ආර්ථිකයක් හා පාලන තන්ත‍්‍රයක් යෝජනා කරනු පෙනේ. අමරසේකර මහතා අනගාරික ධර්මපාල තුමාගේ අදහස් ආශ‍්‍රයෙන් ඉදිරිපත් කරන මෙම ක‍්‍රියාදාමය පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙම සාකච්ඡවෙහි ඉතිරි කොටසේ දී අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ අමරසේකර මහතාගේ අර්ථකථනය සැලකිල්ලට ගනිම්න් ජාතිකත්වය, ආගමිකත්වය, දේශපාලනය හා ආර්ථිකය වැනි කරුණු පිළිබඳ අදහස් කීපයක් පළ කිරීමට බලාපෙරොත්තු වෙමි.

අමරසේකර මහතා 1980 පළ කළ "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතියෙන් ප‍්‍රකාශ කරන්නේ ධර්මපාල තුමා මාක්ස්වාදීයෙකු නොවු බවත්, එතුමාට මාක්ස්වාදියෙකු වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සුවිශද භාවය නො තිබු බවත් ය. මෙසේ කීම මඟින් අමරසේකර මහතා බලාපොරොත්තු වුයේ එතෙක් ධර්මපාල තුමා පිළිබඳව තිබු කියවීම් දෙකක් ප‍්‍රතිෙඏප කිරීමටය:
1.ධර්මපාල තුමා ජාතික හා ආගමික උන්මාදයෙන් පෙළුණු අන්තවාදියෙක් ලෙස.
2.අවසාන විග‍්‍රහයේදී ධර්මපාල යනු හුදෙක් තමා අයත් ජාතික ධනේෂ්වර පංතියට සේවය කළ පංති නියෝජයෙකු පමණක් ලෙස.
මෙම කියවීම් ප්‍රතික්ෂේප කරන අතර, එම කෘතියෙන් අපේක්ෂිත කරුණු දෙකක් අමරසේකර මහතා දක්වයි.
1.1956 දී එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාට බලය ලැබීම හේතු වුයේ ධර්මපාල තුමා විසින් ආරම්භකරන ලද ජාතික චින්තන ව්‍යාපාරය බව තහවුරු කිරීම.
2.ධර්මපාල තුමා විසින් ප‍්‍රභාවිත ජාතික චින්තනය හා මාක්ස්වාදය අතර සහවාසයක් ඇති කිරීම.
ආචාර්‍ය්ය ගුණදාස අමරසේකර
මෙම පරමාර්ථ දෙක පිළිිබඳව දැන් කරුණු දක්වන අමරසේකර මහතාගේ අදහස පරිදි, ධර්මපාල තුමාගේ ජාතික චින්තන කාර්යය තවදුරටත් පෝෂණය කිරීමේ කාර්යය සඳහා අවස්ථාව තවමත් තිබෙනව වගේ ම එය ජාතික අවශ්‍යතාවයක් ද වෙනවා. එහෙත් දෙවැන්න, මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසය කළ නොහැක්කක්. මේ බව අමරසේකර මහතා නව සංස්කරණයට එක් කොට ඇති “ධර්මපාල තුමා හා මාක්ස්වාදය” නම් නව ඇමිණුමෙහි දීර්ඝව පැහැදිලි කරයි. (අප සමාජයේ සාමාන්‍යයෙන් නොදැකිය හැකි දුබල ගුණයක් ප‍්‍රකට කරමින් අමරසේකර මහතා මෙහි දී තම අර්ථකථනයෙහි සවරද තැන් පිළිගනිමින් පෙන්වා දෙනව).
මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසයට ඉඩක් නොමැති බවට අමරසේකර මහතා මෑතක දී සිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනයෙහි ඇති මුලික වශයෙන් දඬුවම සඳහා වු හිංසනය හා මාක්සවාදයෙහි පද්ධතිය තුළම කා වැදී ඇති හිංසනයත් අතර වෙනසක් ඇති බැවින්. තවත් ලෙසකින් කියතොත්, බෞද්ධ දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි දක්නට ඇති හිංසනය දේශපාලනය තුළ අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් මාක්ස්වාදය තුළ ඇති හිංසනය එම චින්තනයෙහි අභ්‍යන්තර අංගයකි.
අමරසේක මහතා මාක්ස්වාදය පිළිබඳව ඉදිරිපත් කරන මෙම විග‍්‍රහය කොතෙක් දුරට නිවැරදිද යනු දීර්ඝව සාකච්ඡා කළ යුත්තකි. එහෙත් ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ චින්තනය හා මාක්සවාදී චින්තනය අතර මෙම වෙනසට වඩා දාර්ශනිකව ප‍්‍රබල වෙනස්කම් ඇති බව මගේ හැඟීමයි. නිදසුනක් ලෙස මාක්ස්වාදී හා නියතිවාදී ලෝක විග‍්‍රහය හා භෞතිකවාදී හෝ විඥානවාදී නොවන බෞද්ධ විග‍්‍රහය අතර දක්නට ඇති වෙනස පෙන්වා දිය හැකිය. අනිත් අතට, හිංසනය තුළින් නොව ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාදාම මගින් සමාජවාදය ක‍්‍රියාත්මක කිරීම සඳහා මෑත ඉතිහාසයෙහි දරන ලද ඇතැම් ප‍්‍රයත්න මේ ස්ථාවරයට අභියෝගකාරීය. නිදසුන් ලෙස 1948 සිට 1962 තෙක් අවස්ථා තුනකදී බුරුමයේ අගමැති තනතුර දැරූ ඌ නුගේ බෞද්ධ සමාජවාදයත්, චිලී රටෙහි සැල්වදෝර් අයියන්ඬේගේ ඡන්දයෙන් පත් වු මාක්ස්වාදී රජයත් (1970-73) අපගේ ම රටෙහි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජයනුත් මතකයට නැගේ. මෙම අත්හදාබැලීම් අසාර්ථක වු සේ පිළිගැනෙන අතර, එසේ වුයේ හුදෙක් හිංසනයෙන් තොරවීමේ හේතුවන් ද යනු විග‍්‍රහ කිරීමට මෙහි දී ඉඩක් නැත.
මේ කරුණ සම්බන්ධයෙන් මගේ අදහස වනුයේ, ධර්මපාල තුමා මාක්ස්වාදියෙකු නොවු බව පවසන අමරසේකර මහතා සමග මා එකඟ වෙතත්, ධර්මපාලතුමා හට මාක්ස්වාදියෙකු වීමෙහිලා බෞද්ධ චින්තනය හා විසංවාදයක් නැති බවයි.
ධර්මපාලතුමාගේ ජාතික දේශපාලන ක‍්‍රියාවලිය තුළ ප‍්‍රධාන පියවර දෙකක් වු බව අමරසේකර මහතා කියයි.
1.විජාතික පරාධීන අනුකාරක මානසිකත්වයෙන් සිංහල ජනතාව මුදාගැනීම සඳහා වු ජාතික විමුක්ති අරගලය.
2.සමාජවාදීි උත්තර සමාජයක් බිහිකිරීම සඳහා වු දේශපාලන – ආර්ථික අරගලය.
අමරසේකර මහතා දක්වන පරිදි මෙම කරුණු දෙක ම එම සංදර්භය තුළ අසාර්ථක විය. දේශපාලන නිදහස ලැබුණු නමුදු එය හුදෙක් ශරීර වර්ණයෙන් පමණක් ස්වදේශික වු පිරිසකට ලැබුණක් විය. නිදහස් වු ලංකාව තුළ එයට උචිත ආර්ථික හෝ දේශපාලන හෝ චින්තනයක් ක‍්‍රියාත්මක නොවිණි.
ජාතිකත්වය, නුතනත්වය හා බෞද්ධත්වය ධර්මපාල චින්තනයෙහි ප‍්‍රධාන අංග වු අතර, එතුමාගේ අභිලාෂය වුයේ එම අංග සංකලනය වු ප‍්‍රබල සමාජයක් බිහි කිරීමයි. එහෙත් ජාතිකත්වය හා බෞද්ධත්වය, පුළුල් අර්ථයකින් ගතහොත් සංස්කෘතිය, බැහැර කරන ලද අතර, නුතනත්වය පදනම් කොට ගත් ආර්ථික හා සමාජ දර්ශනයක් ද පාලක පංතිය තුළ දක්නට නොලැබිණි. මෙහි ලා අප විසින් සලකා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්නය වනුයේ ධර්මපාල තුමාගේ ආර්ථික- දේශපාලන දර්ශනය කොතරම් දුරට 21වන සියවසෙහි අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා උපයෝගී කොට ගත හැකි ද යන්නයි. එතුමාගේ ආර්ථික චින්තනයෙහි කැපී පෙනෙන කරුණු දෙකක් වුයේ,
1.සෑම දෙනාටම කුඩා ඉඩමක් හිමි, ස්වාධීන ආර්ථික මාර්ගයකින් යුත් ග‍්‍රාමීය ආර්ථිකය අනුමත කිරීම
2.විද්‍යාත්මක ඥානය හා කාර්මිකත්වය ආර්ථිකයෙහි ඉතා වැදගත් අංග ලෙස පිළිගැනීම
යන කරුණුයි. මෙහිලා ධර්මපාල ප‍්‍රායෝගිකත්වය අවධාරණය කළ අමෙරිකානු අධ්‍යාපනයත්, කාර්මිකත්වයෙන් යුත් ජපන් සමාජයත් අගය කළ බව පැහැදිලිය.
මෙම කරුණු දෙකෙහි, ග‍්‍රාමීය ආර්ථිකයෙහි හා කාර්මීකකරණයෙහි, සංකලනය අවධාරණය කිරීම තුළින් හෙළිවන පරිදි ධර්මපාල තුමා හුදු අතීතාභිවාදකයෙකු පමණක් නොවීය. එහෙත්, මෙම අංග දෙක එකිනෙක හා සංකලනය කළ හැකිකේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රමාණවත් විස්තරයක් එතුමා හෝ අමරසේකර මහතා හෝ සපයා ඇති බවක් දක්නට නැත.
අභියෝගය වනුයේ ගෝලීයකරණය වු ලෝකයක ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ ආර්ථික- දේශපාලන දර්ශනය සඳහා ඇති අවකාශය සොයා ගැනීමය. මෙහිදි මුලින් ම පැහැදිලි කර ගත යුතු කරුණක් නම් බෞද්ධ දේශපාලන හෝ ආර්ථික පද්ධතියක් නැති බවත්, ඇත්තේ දර්ශනයක් හෙවත් පුළුල් මාර්ගොපදේශක සමූහයක් පමණක් බවත්ය.ඊ.එෆ්. ෂූමාකර්  Small is Beautiful නම් වු සුප‍්‍රකට කෘතිය මගින් “බෞද්ධ ආර්ථික විද්‍යාව”(Buddhist Economics) යන සංකල්පය ඉදිරිපත් කළත් එය පූර්ණ බෞද්ධ ආර්ථික විද්‍යාවක් ලෙස ඉදිරිපත් කොට ඇතැයි කිව නොහැක. එහිලා අදාළ කර ගත හැකි මූලික සංකල්ප, ඉගැන්වීම් හා සම්ප‍්‍රදාය ඉදිරිපත් කොට ඇත. කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා වූ එච්. එන්. එස්. කරුණාතිලක මහතා "This confused Society (1970) නම් කෘතියෙන් මෙම සංකල්පය තව දුරටත් බෞද්ධ චින්තනය හා සම්බන්ධ කොට ඇත. පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම මත කේ. එන් ජයතිලක වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් කරන ලද සාකච්ජා මාලාවක ඵලයක් වූ මෙම කෘතිය ෂූමාකර්ගේ කෘතිය හා සමාන ප‍්‍රසිද්ධියක් නොලැබුන ද අගනා කාලීන ප‍්‍රයත්නයක් විය.
මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.
ප‍්‍රැන්සිස් පුකුයාමා (Francis Fukuyama)ගේ ඉතිහාසයේ අන්තය සේ දැක්වෙන විශ්ව ව්‍යාප්ත නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රතිචාරයක් වන සැමුවෙල් හන්ටින්ටන් (Samuel Huntington) ගේ සභ්‍යත්ව ගැටුම ගැන (Clash of Civilizations) අමරසේකර මහතා සඳහන් කරයි. ධනවාදය ලෝක ආර්ථික දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි අන්තය විය නොහැකිය යන අමරසේකර මහතාගේ මතය හා මම එකඟ වෙමි. එහෙත් බෞද්ධ චක‍්‍රවර්ති රාජ්‍ය සංකල්පය යථාර්ථයක් වේ නම් ඉන් හෙළිවනුයේ ධාර්මික වූ විශ්ව රාජ්‍යයක උදාවීම නොවේද? චක‍්‍රවර්ති රජු තම අනුගාමී රජවරුනට දෙන අවවාදය වනුයේ යථාභුච්චං භුඤජථ මෙතෙක් අනුභව කරන ලද පරිදි අනුභව කරන්න- යන්නයි. ඉන් ගම්‍ය වනුයේ පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර පවත්නා පද්ධතිය තුළට ධාර්මිකත්වය එක් කළ යුතු බවයි. ලෝකය ඒකාත්මික මතවාදයකට පැමිණීමේ ඉඩ අප විසින් ප‍්‍රාගනුභූතව (priori) බැහැර කළ යුතු නැත. මෙහිලා ආසන්නතම නිදසුනක් නම්, ධර්මපාල තුමා ද සහභාගී වූ 1887 චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සම්මේලයෙහි (Parliament of World Religions) ශත සංවත්සරය වෙනුවෙන් 1997 හි දී පැවැත්වු දෙවන චිකාගෝ සම්මේලනයෙහිදී සදාචාරය පිළිබද විශ්ව ප‍්‍රකාශනයක් (Universal Declaration of Ethics) සියලූ ආගමිකයන් විසින් ඒකමතිකව අනුමත කර ගනු ලැබීමයි. මෙය එබදු සමරූපී අනාගතයකට ඉඟි කරන්නක් නොවේද? බෞද්ධ චින්තනය උපයෝගී කොට ගනිමින් ආර්ථික, සාමාජික, ප‍්‍රශ්නවලට විසදුම් සෙවීමට ශ‍්‍රී ලංකාව තවමත් සූදානම් බවක් නොපෙනෙතත්, ලෝකයේ සාම්ප‍්‍රදායිකව බෞද්ධ නොවන සමාජ මෙහිලා අත්හදා බැලීම් කරන බව සඳහන් කළ යුතුය.
අවශාන වශයෙන්, ධර්මපාල චින්තතනය පිළිබඳව කරන සාකච්ජාවක්, එතුමා භික්ෂුවහන්සේ හා උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳ විමසීමකින් තොරව සම්පූර්ණ විය නොහැකිය. එතුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල වැනි ශ්‍රෙෂ්ඨ හිමිවරුන් ඉතා සමීපව ආශ‍්‍රය කළ අතර, උන්වහන්සේලාගේ ආශිර්වාදය මෙන්ම මඟ පෙන්වීම ද ලැබීය. එහෙත්, ඒ සමගම පොදුවේ භික්ෂුන්වහන්සේ තුළ පැවති අකාර්යශීලිත්වය, නුගත්කම, අතිසාම්ප‍්‍රදායිකත්වය වැනි බොහෝ කරුනු ඉතා දැඩි සේ විවේචනයට ද ලක් කළේය. එසේ කළේ එතුමාගේ අනාගත දර්ශනය ක‍්‍රියාත්මක කිරීමෙහි ලා භික්ෂූන්වහන්සේගේ නායකත්වය හා සහභාගීත්වය අත්‍යවශ්‍ය සේ එතුමා දුටු බැවිනි.
The work of Kings නම් කෘතිය ලියූ එච්. එල්.සෙනවිරත්න නම් විචාරකයා සඳහන් කරන පරිදි ධර්මපාලතුමාගේ ආර්ථික හා සාමාජික පුනරුදය පිළිබද කාර්යයට විද්‍යොදය භික්ෂූන් උරදුන් අතර, එතුමාගේ මතවාදී හා සංස්කෘතික පුනරුදය විද්‍යාලංකාර භික්ෂූහු භාර ගත්හ. ධර්මපාලතුමාගේ ශ‍්‍රී ලාංකික ක‍්‍රියාකාරීත්වය විෂයෙහි භික්ෂූ කාර්යභාරය කෙතරම් වැදගත් වී ද යනු මින් පැහැදිලි වේ.
මෙහිලා අපට වර්තමානයේ ඇති ගැටලූව වන්නේ නූතන භික්ෂූන් වහන්සේගේ ජාතික, ආගමික හා සාමාජික ක‍්‍රියාකාරීත්වය කෙරෙහි ධර්මපාල චින්තනය අදාල වන්නේද යනුයි. නැතහොත් එම ක‍්‍රියාකාරීත්වය ධර්මපාල චින්තනයට කොතෙක් දුරට අනුගත වන්නේ ද යනුයි. ප‍්‍රබල ක‍්‍රිස්තියානි ආගමික අභියෝගයක් තිබූ යටත් විජිත යුගයෙහි භික්ෂූන්වහන්සේ එයට මුහුණ දුුන් අයුරු පිළිබඳ කතාන්දරය පානදුරාවාදය ඇතුලූ වාදවල කතාන්දරය වේ. ධර්මපාල කෙනෙකු නිර්මානය වීම සඳහා ද ප‍්‍රධාන සාධකයක් වූ පානදුරාවාදය, භික්ෂූන්වහන්සේ එය කළ අයුරු, එහි ලා උන්වහන්සේලා දැක්වූ ධර්මධරත්වය හා පාණ්ඩිත්‍යය, එමගින් ඇමරිකාව ඇතුලූ ලොව පුරා විහි දී ගිය යශෝරාවය- සමස්ත ශ‍්‍රී ලාංකික මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය ද වෙනස් කිරීමට හේතු වු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අද අප ජිීවත් වන පශ්චාත් සෝම යුගය තුල දක්නට ලැබෙන නව භික්ෂූ ක‍්‍රියාකාරීත්වය ධර්මපාල තුමාගේ හදවතට කොතරම් ආසන්න ද යනු ගැටලූවකි.

මහාචාර්ය අසංග තිලකරත්න
අන්තර් ආගමික ක‍්‍රියාකාරීත්වය ධර්මපාල යුගයේ මෙන්ම අද ද ඉතා ප‍්‍රබල අභියෝගවලින් යුක්තය. ඒවාට මුහුණ දිය යුත්තේ අතිවිශාල ආධ්‍යාත්මික ශක්තියකින් හා ශික්ෂණයකින් යුක්තව බව පමණක් කිව හැකිය. නීතිය අතට ගෙන අවිනීතව ක‍්‍රියාකරන භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් ධර්මපාල තුමා ගැන සඳහන් කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැක. ධර්මපාලතුමා රළු- පරුෂ ලෙස කතා කළේ තම සහෝදර සිංහල බෞද්ධයන්ටය. එසේම එතුමා අශිෂ්ට භාෂාව හෝ හිංසනය භාවිත කලේ ද නැත. කෙටියෙන් කියන්නේ නම් දේශපාලනික හා ආගමික අපචාර සඳහා ධර්මපාලතුමා යෙදා ගැනීම එතුමාට කරන ගෞරවයක් නොවේ. මහජනයාට සම්බන්ධ එමෙන්ම මහජනයාට වග කිව යුතු ආයතනයක් ලෙස භික්ෂූ සමාජය වෙත මහජන විවේචන එල්ල වීම කිසිසේත් ම නව සිදුවීමක් නොවේ. එහිලා නිවැරදි ප‍්‍රතිචාරය විය යුත්තේ විවේචකයින් පිටිපස එලවීම නොව ඔවුන්ට පිළිතුරු සැපයීමය. අභියෝග කෙරෙහි භික්ෂූන්වහන්සේ ප‍්‍රතිචාර දැක්විය යුත්තේ භික්ෂූන්වහන්සේ ලෙසය. එහිලා බුදුරදුන්ගේ හා ධර්මපාලතුමාගේ ආදර්ශයට අමතරව, තිච් නත් හාන් හිිමි, දලයි ලාමා හිමි, මහත්මා ගාන්ධි, මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයන්ගේ චරිත ද ආර්ශයට ගත හැකිය.
මෙතෙක් කරන ලද සාකච්ජාවෙන් පැහැදිලි විය යුත්තේ ධර්මපාල තුමාගේ කාලීනත්වය තවමක් ඉක්මවා ගොස් නැති බවය. සමස්ත සමාජය සිසාරා ගලා යන්නා වු ගෝලීයකරණ කි‍්‍රයාදාමයෙහි නොගිළී සිටීම සඳහා ධර්මපාල තුමාගේ මඟ පෙන්වීම අපට තවදුරටත් අවශ්‍ය වනු ඇත. ඒ සදහා වන සාකච්ජාව සඳහා අප සමාජය මෙහෙයවන ගුණදාස අමරසේකර වැනි චින්තකයන්ට ප‍්‍රණාමය පුදකරමින් මෙම සාකච්ජාව සමාප්ත කරමි.

මහාචාර්ය අසංග තිලකරත්න
පාලි හා බෞද්ධ අධ්‍යයන පිළිබඳ මහාචාර්ය
කොළඔ විශ්වවිද්‍යාලය
කොළඔ
 

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions