9/29/2016

ETCA යහපාලන මූලධර්මවලටත් පටහැනියි - SITP ජනපතිට ලියයි

කතෘ:යුතුකම     9/29/2016   No comments

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

අතිගරු ජනාධිපතිතුමනි

යහපාලන මූලධර්මවලට පටහැණිව 'එට්කා' ගිවිසුම සම්බන්ධව කටයුතු සිදුකරගෙන යාම

ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම මේ වසර තුළ අත්සන් කරන බවට ගරු අගමැතිතුමා ඇතුළු රජයේ පාර්ශවය විසින් නිතර ප්‍රකාශ කරනවා අපි දැක ඇත්තෙමු. මෙම ගිවිසුම රටට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් ඉතා තීරණාත්මක ලෙස බලපාන බව පැහැඳිළි කරුණකි. එනිසා එවන් ගිවිසුමක් වෙත එළැබීමේදී යහපාලන මූලධර්මවලින් බැහැරව කටයුතු කිරීමට යම් යම් අය උත්සාහ කරන්නේ නම් එය ඔබතුමාගේ රාජ්‍ය විචාරණ සංකල්පයන්ගෙන් බැහැරවීමක් ලෙස අපි දකිමු.

මෙම ගිවිසුම සම්බන්ධ කටයුතු පිළිබදව අවධානයෙන් සිටීමත්, ඒ පිලිබදව කටයුතු අතලොස්සකගේ සිතැගි පරිදි නොව, නිසි ක්‍රමවේදයකට අනුව සකසා ගැනීමට යොමු කිරීමත් වගකිවයුතු වෘත්තිකයන්ගේසංවිධානයක් ලෙස අපගේ යුතුකමක් ලෙස අපි සළකමු.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කාරණා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුවන්නේ නම් එය සමස්ථ රටවැසියන්ගේ සුභසිද්ධිය උදෙසා හේතුවන බව අපි විශ්වාස කරමු.

1. මීට මාස කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඔබතුමා අතර පැවැත්වූ සාකච්ඡාවකදී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වගකිව යුතු අධිකාරියක් පිහිටුවීමට ඔබතුමා වෙත උත්තරීතර ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කිරිමට එකඟ වූ බව අසා අපි ඉමහත් සැනසීමට පත්වුයෙමු. නමුත් මෙතෙක් එය ඉටු නොවීම අපගේ බලවත් කණගාටුවට හේතු වී තිබේ.

2. ඉන්දියාව සමඟ දැනට භාණ්ඩ සදහා පවතින නිදහස් වෙළද ගිවිසුමේ හඳුනාගත් ගැටළු රාශියක් ඇත. ඉන්දියාව සමඟ වඩාත් පුළුල් වූ ගිවිසුමකට එළඹීමට ප්‍රථම, දැනට පවතින ගිවිසුමේ ගැටළු නිරාකරණය කර ගැනීමට ඉන්දියානු පාර්ශවය සමඟ සාකච්ඡා කළ යුතු බව මෙරට වෘත්තිකයන් සහ ව්‍යවසාකයන් විසින් වසර ගණනාවක් පුරාවට පෙන්වා දී ඇත. පසුගිය රජය පැවති සමයේද මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණු අතර නිදහස් වෙළද ගිවිසුමට අදාළව පවතින ගැටළු නිරාකරණය නොවුනි. නමුත් රට තුළ පවතින විරෝධතාවය මත සේවා ගිවිසුමක් වෙත යාම අත්හිටවන ලදී. එනිසා ඔබතුමාගේ පාලනයක් යටතේ මෙරට වැසියන් බලාපොරොත්තු වන පරිදි විද්‍යානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු නොකොට විනිවිදභාවයෙන් තොරව වෘත්තිකයන්ගේ, ව්‍යවසායකයන්ගේ සහ මහජනතාවගේ අදහස් නොතකා කටයුතු කිරීමට යම් පිරිස් විසින් ගන්නා උත්සාහය ඔබතුමාගේත්, රජයේත් ප්‍රතිරූපයට ඉමහත් අගෞරවයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

3. ලෝක වෙළඳ සංවිධානය සමඟ ඇතිකරගෙන ඇති ගැට්ස් සම්මුතීන්ට ශ්‍රී ලංකාව එළඹ ඇත්තේ ඉතාමත් අදුරදර්ශී ලෙසය. අනෙක් රටවල සමඟ අපට ගිවිසුම්වලට එලඹිය හැක්කේ එම ගැටස් සම්මුතීන්ට යටත්වය. එම සම්මුතීන්ට අනුව මෙරටට පැමිණෙන වෘත්තිකයන් යටත් කර ඇත්තේ ආගමන විගමන රෙගුලාසිවලට පමණි. නමුත් ඉන්දියාව වැනි රටවල් ඉතා බුද්ධිමත්ව කටයුතු කරමින් සිය රට වෙත වෙනත් රටකින් වෘත්තිකයන් පැමිණීම සීමාකරවන ලෙසය ගැට්ස් බැදිම් ඇතිකරගෙන ඇත්තේ. ශ්‍රී ලංකා රජය විසින් එවක සිදු කර ඇති වරද නිවැරදි කිරීම සේවා ගිවිසුමකට එලැබීමට ප්‍රථම රජය විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමකි.

4. බහුපාර්ශවික හෝ ද්විපාර්ශවික හෝ භාණ්ඩ සහ සේවා නිඳහස් වෙළද ගිවිසුම්වලට එළැඹුමට ප්‍රථම රටේ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල නියාමනය සහ ආරක්ෂාව සඳහා ගතයුතු මූලික පියවර පිළිබඳව එකඟතාවයකට පැමිණ ඒවා නීතිගත කිරීමට කටයුතු යෙදීම අත්‍යවශ්‍ය කාර්‍යයකි.

5. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කරන එට්කා ගිවිසුමේ වාසි සහ අවාසි පිළිබදව පුලුල් කතිකාවක් ඇති කිරීමට පියවර ගත යුතුය. ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවලදී අප විසින් ඒ බව අවධාරණය කළද එවැනි අවශ්‍යතාවයක් නොමැති බවකි ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමතිවරයාගේ අදහස වුයේ. එම වැරදි ස්ථාවරය නිවැරදි කරමින් ඉන්දියාව සමඟ ඇතිකරගන්නට උත්සාහ දරන එට්කා ගිවිසුමට අදාළ කටයුතු පූර්ණ විනිවිදභාවයකින් මහජනතාව වෙත නිරාවෘත්ත කරමින් සිදු කරන ලෙස ඔබතුමා විසින් උපදෙස් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

6. ආර්ථික වශයෙන් ඉන්දියාව සමඟ ඇතිකරගන්නා වෙළද ගිවිසුමක් මඟින් අප රට දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ අර්බුදය තවත් උත්සන්න වන බව අපගේ වැටහීමයි. 2015 වසරේ අපගේ සෘණ වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන අටක් පමණ වේ. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කම වෙළද පරතරයක්, එනම් සමස්ථ වෙළද පරතරයෙන් 40%ක් පමණ ඇති වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළදාමෙනි. ඉන්දියානු වැටුප් තල සාමාන්‍යයෙන් ලංකාවට වඩා අඩු නිසා සේවා අංශය විවිර කළ විට බොහෝ විට සිදුවනු ඇත්තේ අප විසින් ඉන්දියානු සේවාවන් මිලදී ගැනීමයි. එමඟින් අප රට තුළින් විදේශ විනිමය ඇදී යාම ත්‍රීවුර වනු ඇත. අඩු ප්‍රාග්ධන අංශයන්හි ආයෝජනය කර ලාභාංශ වශයෙන් තවත් මුදලක් රටෙන් පිට වීමද අපගේ ගෙවුම් ශේෂයට අහිතකර බලපෑම් ඇති විය හැකිය. මෙම බරපතල අවදානම් සහගත තත්වය ගැන කිසිදු තැකීමක් මෙම ගිවිසුම වෙනුවෙන් කිසිදු තාර්කික පදනමකින් තොරව, කිසිදු අධ්‍යනයකින් තොරව කටයුතු කරන ඇමතිවරුන්ගෙන් හෝ ඔවුගේ ආර්ථික උපදේශකයෙන්ගෙන් හෝ දැකිය නොහැකිය. එනිසා මේ පිළිබදව ආර්ථික වශයෙන් යළි සලකා බලමින් තාර්කික ප්‍රවේශයකට අනුව කටයුතු කිරීම සදහා ඔබතුමා නායකත්වය සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

7. වෘත්තිකයන් විසින් වෙළද කටයුතු අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව කිසිදු අධ්‍යයනයක් ඔවුන් විසින් සිදු කර නැති බව හෙළි විය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වැනි මෙරට දූ පුතුන්ට විශාල වශයෙන් රැකියා සැපයිය හැකි, විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයිය හැකි, නව දේශීය ව්‍යවසායකයන් බිහි කරගත හැකි ක්ෂේත්‍රක් සම්බන්ධයෙන් මෙතරම්ම අදූරදර්ශි ලෙස ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ සුදුසු පියවරක් ඔබතුමා විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ඉහත සඳහන් කරුණු වෙත ඔබතුමාගේ නොමද අවධානය යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.


පිටපත්: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනමාධ්‍ය ආයතන








කපිල පෙරේරා, සභාපති





ලසන්ත වික්‍රමසිංහ, ලේකම්


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/02/2016

ETCA ආක්‍රමණිකයා සමඟ එක්වී ලක්මව ගෙල වැළලෑමට සැරසීම

කතෘ:යුතුකම     8/02/2016   1 comment

1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇත.

එම දේශද්‍රෝහී ‍‍‍‍‍‍එට්කා ගිවිසුමේ අනිවාර්ය ප්‍රතිපල පිළිබඳව අප දැනුවත් විය යුතුය.

  • දේශීය භාණ්ඩ සහ සේවා වෙළඳපල ඉන්දියානුවන් විසින් අත්පත් කර ගැනීම.
  • ඉන්දියානුවන් විසින් අත්පත් කරගන්නා භාණ්ඩ නිෂ්පාදන අංශයේ සහ සේවා අංශයේ ලාංකිකයන් හට ඇති රැකියා අහිමි වීම සහ එම රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ඉන්දියානුවන් වෙත ලබා දීම.
  • සමස්ථ රැකියා වෙළඳපලේ වැටුප් මට්ටම පහත යාම.
  • ලංකාවේ විදේශ විනිමය කෝටි ගණන් ඉන්දියාව වෙත ඇදී යාම.
  • වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරන ජාතියක් බවට අප පත් වීම.
  • දැනටත් ඉන්දියාව සමඟ වෙළදාම පවතින්නේ ඉතාම අවාසි සහගත තත්වයකය. ලංකාවේ සමස්ථ සෘණ වෙළඳ පරතරයෙන් (අපනයන - ආනයන පරතරය) දැනටත් 40% කට වඩා අත් කර දී ඇත්තේ ඉන්දියාව සමඟ ඇති වෙළදාමෙනි.
  • මෙම ගිවිසුමෙන් පසු ලංකාවේ සෘණ වෙළඳ පරතරය දැඩි ලෙස ඉහළ යනු ඇත. වෙළඳ පරතරය වැඩිවීම නිසා පහත සදහන් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ.
    • විදේශ සංචිත අවම වීම.
    • රුපියල අවප්‍රමාණය වීම
    • වැය වන විදේශ විනිමය උපයන්නට පෙළඹිය යුතු නිසා මව්වරුන් මැදපෙරදිගට විකිණීම වැඩි කරන්නට සිදු වීම.
    • වැඩියෙන් විදෙස් ණය ලබා ගන්නට සිදු වීම සහ ණය කොන්දේසිවලට යටත්වන්නට සිදු විම
    • විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය සම්පත් සහ ආයතන විදේශිකයන්ට විකුණන්නට සිදුවීම.
ETCA ගිවිසුමට පසුව ධනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ඉදිවන පාලමක් හරහා ලංකාව ඉන්දියාවට යා කර ගැනීමට සැළසුම් කර ඇති අතර ඒ පිලිබඳ දෙරටේ අගමැතිවරුන් විසින් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිනි. ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථික ආධිපත්‍ය අත්කරගත් පසු බෙලහීන වන ලංකාව වෙත ඉදිකෙරෙන පාලමක් මඟින් භූගෝලීයව ලංකාව ඉන්දියාවට යා කර ගෙන ලංකාව ඉන්දියානු කොළණියක් බවට පත් කරගැනීමේ සමස්ථ සැළසුමක යෝධ ආරම්භක පියවරකි ETCA ගිවිසුම. මෙම පාලම හරහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන් මේ රට තුළ සීඝ‍‍්‍රයෙන් ව්‍යාප්ත වනු ඇත. ප‍්‍රභාකරන් අවි ආයුධ මගින් මෙරට ජනසංයුතිය සහ එහි පැතිරීම වෙනස් කළා සේම මෙම ගිවිසුම සහ හනුමා පාලම හරහා සීතල ලෙස මෙරට ජන සංයුතිය වෙනස් කරනු ඇත. ආණ්ඩුව විසින් උදේ හවා මතුරන සංහිඳියාවට එය මරු පහරක් වනු ඇත.

ETCA ගිවිසුම යනු ආර්ථික සමාජයීය දේශපාලන සහ භූගෝලීය ආක්‍රමණයකි. වසර දහස් ගණනක් ඉතිහාසය පුරා අපේ මිතුන් මිත්තන් විසින් ආරක්ෂා කර ගෙන අප වෙත උරුම කරන ලද මේ රටේ ස්වෛරීයත්වය විනාශ කරන උපක්‍රමයකි මෙම ගිවිසුම. අවාසනාවකට අපගේ පාලකයෝ රටේ ආර්ථිකයට සහ ස්වෛරීත්වයට කුමක් සිදු වූවත් තම බලකාමය සංසිදුවා ගැනීම සිය එකම අභිප්‍රාය කොට ගෙන ඇත. ඉන්දියානු සහය නැතිව ඔවුනට බලයට පත්විය නොහැකි බවත්, ලබා ගත් බලය පවත්වා ගත නොහැකි බවත් ඔවුහූ විශ්වාස කරති.

ඉන්දියාව පවසන ඕනෑම දෙයකට එකඟවන තත්වයට පත්ව ඇති පාලකයින් විසින් සිය නිරුවත සඟවා ගනු පිණිස මේ පිළිබදව නොයෙකුත් බොරු ප්‍රචාරය කරති. ආණ්ඩුවේ අළුත්ම උපාය වී ඇත්තේ ඉන්දියාව සමඟ පමණක් නොව තව බොහෝ රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කරන බව පැවසීමයි. මේ සියල්ල ඉන්දියාව සමඟ අත්සන් කරන එට්කා ගිවිසුමට එරෙහි විරෝධය නොමඟ යැවීම සදහාය. ඉන්දියාව සමඟ සේවා ගිවිසුමක ඇති හානිකර බව දන්නා රජය උත්සාහ කරන්නේ ආක‍්‍රමණිකයා සෙසු රටවලට මුවා කර තබා, පොදුවේ වෙළඳ ගිවිසුම් ගැන කතා කිරීමටය.

රට උගසට තැබීම ගැටළුවක් නොවන්නේ ආත්මාර්ථකාමී බඩජාරීන්ටය. නමුත්, රට වෙනුවෙන් දිවිපුදා ඇති දස දහස් ගණනක් වන විරුවන්ගේ ලෙයින් තෙත් වි ඇති මේ තෙදැති බිම මත පා තබා ඇවිද යන ඔබට නිහඬව බලා සිටිය නොහැක. දේශද්‍රෝහී එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.

-තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය
www.sitplanka.org /


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions