1/09/2016

ජනවාරි 8 සැමරුවේ සිංහලයාගේ මළගමයි - නිර්මාල්ලා උදම් අනයි.

කතෘ:යුතුකම     1/09/2016   7 comments


ජනවාරි 8 වනදා තමන් සමරන්නේ වෙන කිසිවක් නොව මෙරට බිහිවූ ශක්තිමත්ම සිංහල බෞද්ධ පාලනය බිඳ වැට්ටවීම බවත් දැන් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදී දේශපාලනයේ මළගම සිදුවී අවසන් බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ "උදාන වාක්‍ය" පළ කර තිබේ.

ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු ලෙස ජනවාරි 8 සිරිසේනගේ ජයග්‍රහනය වෙනුවෙන් වෙහෙසවූවෙකි.


යහපාලන ආණ්ඩුව යැයි තමන් මේ ආණ්ඩුවට නොකියන බව අද පවසන මේ කුහක උගතා එදා (විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ) මාධ්‍යය වල කියා සිටියේ සිරිසේන අවශ්‍ය වන්නේ යහපාලනය ගෙන ඒමට බව මිස සිංහල බෞද්ධ ජාතිකත්වය පැරදවීමට කියා නොවේ. අපි එදාද මේ කුහකයන්ට අවැසි යහපාලනයක් නැති බවත් මොවුන්ට ඕනා එකම දෙය ඔවුන්ගේ නිධන්ගත රෝගය වන සිංහලත්වය සහ බෞද්ධත්වය හා සමඟ ඇති බද්ධ වෛරය පිරිමසා ගැනීම පමණක් බවත් දැන සිටියෙමු. යුතුකම සංවාද කවයේ අපි දිගින් දිගටම කියා සිටියේ මේ පාපී දුෂ්ඨ කුහකයන්ගේ සිංහල බෞද්ධ වෛරය නැමැති ටොපිය ඔතා තිබෙන යහපාලනය නමැති ව්‍යාජ දවටනයට නොරැවටෙන ලෙසයි. මෙලෙස සිංහල බෞද්ධ ජාතිකත්වයට වෛර කරන උන් එවැන්නන් බවට පත්වන්නේ කුමන කාරණයක් නිසාද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය. මෙවැන්නන් සියල්ලන්ම පාහේ බිහි වන්නේ කලා විෂයන් හදාරන්නන් අතරින් වීමද සුවිශේෂි ලෙස සැලකිල්ලට ලක් කළ යුතු කරුණක් වන අතර වර්තමානය වන විට බොහෝ විටම සිංහල බෞද්ධ ජාතිකවාදී ක්‍රියාකාරීන් බිහි වන්නේ විද්‍යා ගණිත විෂයන් හදාරන අය අතරින් වීමද කැපී පෙනෙන ලක්ෂණයකි (භික්ෂූන් වහන්සේලා හැර). මෙසේ වීමට ගැඹුරු සමාජයීය කාරණා බලපානවා විය හැකිය.

රටේත් සියළු ජාතීන්ගේත් අවාසනාවට සිංහලයන්ගෙන් කොටසක් විශේෂයෙන්ම අත්දැකීම් අඩු බාල පරපුර යහපාලනය නමින් යමක් ඇතිවෙතැයි විශ්වාස කළේය. නිර්මාල් වැනි කුහකයන් විසින් රවටනු ලැබුනු සිංහලයන්ට සිංහලත්වයට එරෙහි වීමේ වුවමනාවක් තිබුනේ නැත. අද නිර්මාල්ලාගේ අරමුණ සාක්ෂාත් වී ඇත. සිංහලයන් පරාජය වී ඇත. සිංහලයන්ගේ පරාජය යනු සිංහලයන්ගේ පමණක් පරාජයක් නොවේ. එය සියළු ජාතීන්ගේ පරාජයකි. සිංහලයන් පරදවා ඇති කළ හැකි සංහිදියාවක් නැත. දැන් සිදුවෙමින් පවතින්නේ සංහිදියාවේ නාමයෙන්ම සංහිදියාව නැති කිරීමයි.

සිංහලයා පැරැද්දවූ සිරිසේනගේ ජයග්‍රහණය ගැන එයට කර ගැසූ සිංහල වෙස් ගත් තක්කඩියන් කියන්නේ කුමක්ද? ඒ තක්කඩියන් නිර්මාල්ලා පවසන මේ "ජාතිකවාදයේ මලගමට" අදද දවුල් බෙර ගැසීමෙන් සහය වෙමින් සිටිනවා නොවේද? එසේම සිංහලයන් පැරදවීමට පාවිච්චි කළ සිරිසේනගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් මෙරට අතීත රජ දරුවන් අහසින් පැමිණ "නුඹ අපේ මිනිසෙක්" කියනා කල්හි නිර්මාල් වැන්නන් ගෙයි සාලේ පෙරලී පෙරලී සිනාසෙනවා විය යුතුය.

නිර්මාල් දේවසිරි මහතාගේ සම්පූර්‍ණ ෆේස්බුක් සටහන >>

"ජනවාරි 8" මා සමරන උරුමය කුමක්ද?


- නිර්මාල් රංජිත් දේවසිරි--- අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්‍රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.

--- රාජපක්ෂ තන්ත්‍රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්‍රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. ("යුතුකම සංවාද කුළකය" නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.

--- මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්‍රණයකි.

--- දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු "ගමනක මුල" නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් "සිංහ ලේ" විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්‍යං-විනාශය කරා ගමන් කරමින් සිටී. "සිංහ ලේ" ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ" සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.
--- ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.


ජනාධිපතිවරණ සමයේ යහපාලන වෙස් ගෙන සිටි නිර්මාල්ලා ඊට මාස හය හතකට පෙර තම 'පොදු අපේක්ෂක මෙහෙයුමේ' අරමුණ  පැහැදිලි කළ විරල අවස්ථාවක්
පිළිබඳ සටහනක්  පහත සබැඳියෙන් >>
‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ – නිර්මාල් රංජිත්ගේ ඌරු මාලු තියරිය
මේ තක්කඩියන් ජනාධිපතිවරණ සමයේ තමන්ගේ මේ දුෂ්ඨ අරමුණ යට ගසා ව්‍යාජ 'යහපාලන' වේශයක් ගත් හැටි සිහි කරගන්න. මොවුන්ට ඕනකර තිබූ යහපාලන ඉටි ගෙඩියක් නැති බවත් අවශ්‍යව තිබුණේ සිංහල බෞද්ධයාට යම් දේශපාලන බලයක් තිබුණිනම් එයද අහෝසි කර දමා රට බෙදා දෙමළ ජාතිවාදය පිනවීම බව තවමත් නොතේරෙන තොත්ත බබාලා වෙත්ද?

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/06/2015

මහින්ද රාජපක්ෂ සහ එන්ජීඕ දේශපාලනය

කතෘ:යුතුකම     8/06/2015   1 comment

ඉසුරු ප්‍රසංග මහතා විසින් ලියන ලද මැතිවරණය හා සිවල් සමාජ මාෆියාවේ වත්මන් භූමිකාව ලිපිය අරඹයා ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා තම ෆේස්බුක් ගිණුමෙන් තැබූ සටහනක්
***************************************************************

මහින්ද රාජපක්ෂ සහ එන්ජීඕ දේශපාලනය
=============================================================
ඉසුරු ප්‍රසංග ( Isuru Prasanga ) එන් ජී ඕ ගැන ලියා තිබූ ලිපියක් දුටුවෙමු. ඔහු එහි දී එන්ජීඕවල කටයුතු සම්බන්ධව අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබූ විවේචනාත්මක ලිපියක්ද උපුටා දක්වා තිබුණි. මෙවැනි විවේචන ඒන්ජීඕ සම්බන්ධය මටත් ඇත. කෙසේ වෙතත් එන්ජීඕ විසින් ඉෂ්ට කරන ලද කාර්යභාරය හුදෙක් විදේශ න්‍යාය පත්‍රයකට ලඝු කළ හැකිද? මෙය තේරුම් ගැනීමට ඉසුරු ප්‍රසංගලාගේ කදවුරේ වීරයා වන මහින්ද රාජලපක්ෂ දෙස බැලීමම ප්‍රමාණවත්ය. 

මහින්ද රාජපක්ෂ දේශපාලන චරිතයක් ලෙස නිර්මාණය වුනේ ඔහුගේ මානව හිමිකම් ක්‍රියාකාරිත්වය තුළිනි. මීට මූලික වශයෙන් උපකාර ලැබුණේ එන්ජීඕ ව්‍යාපාරයෙනි. මම මුලින්ම මහින්ද රාජපක්ෂව දුටුවේ ද ඔහු සුනිලා අබේසේකර හමුවීමට පැමිණ සිටි අවස්ථාවකයි. අතුරුදහන් වූවන් පිළිබද මහින්ද ගේ කටයුත ඇත්ත වශයෙන්ම ඔහුගේ කටයුතු නොවේ ඒවා සුනිලා අබේසේකරගේත්, එවකට මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකයා වූ කුසල් පෙරේරාගේත් කටයුතුය.අද මහින්ද සිංහල-බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයේ ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයි වී සිටින්නා සේ 1990 ගණන් වල මුලදී ඔහු එන්ජීඕ මානව හිමිකම් දේශපාලනයේ ජනප්‍රිය ප්‍රකාශකයා විය. ඒ අනුව ගත් කළ මහින්ද රාජපක්ෂ යනු එන්ජීඕ නිර්මාණයකි. ඇත්ත වශයෙන්ම 1990 ගණන්වල අගදී නලින් ද සිල්වා දැඩි මහින්ද විරෝධියෙක් වූ අතර ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ මහින්ද එන්ජීඕ කාරයෙක්ය යන්නයි.
දැන් ප්‍රශ්නය වන්නේ මහින්දගේ ජනප්‍රියභාවය මගින් ගොඩයන පිරිස් මහින්දගේ ජනප්‍රියභාවයේ තිඹිරිගෙයට බෝම්බ ගැසීමයි.

අැත්ත වශයෙන්ම මහින්ද පිළිබද සත්‍යය තත්වය නම් ඔහුට ජාතිකවාදය පිළිබදව මෙන්ම මානව හිමිකම් පිළිබදවද ගැඹුරු අවබෝධයක් නොමැති වීමයි.

-නිර්මාල් රංජිත් දේවසිරි

10/07/2014

විමල් වීරවංශගේ විදුලි බිල නොහොත් ‘කියනු මැන දිවි අරුත‘

කතෘ:යුතුකම     10/07/2014   3 comments
‘ඔබ සැමට තුති 
පෙන්වා දුන් පිනට මා දොස’

කෙළෙස අඩුකරම් ද විදුලි බිල, 
හුදී ජනයාට ද නොහැකි කළ 
කිරීමට ඒ විස්කම 

එනමුදු 
තැත් කළෙමි සැමවිටම
පිරිමසිනට විදුලිය 
ඇති බැවින් සිත් කොනක 
දෙස් දෙන හදක් 
දුරඅතීතය ගැන තැවෙන 

නැගුණේ අහස උසට විදුලි බිල 
දැවීමෙන් ද ඒ හද 

අහෝ 
පෙර පවක් පළදී ඇත, 
ඉරණම බල කොට ඇත, 
වසනට මහා මැදුරක 

පෙර කළ එක මග ගියවුන් 
බලාසිටිය ද කෝපාග්නියෙන් 
දැවෙමින් 
බිණිමින් 
ආක්‍රෝෂ පරිභව

ගැලවුමක් නැත අන්කිසි 
වටකොට ඇති ඇමැති බල රැස්හැර  

ඇත නොයෙක රැකවලූන් ද, 
රථ පෙළට රියැදුරන් ද, 
මහමැදුර පසෙකින්, 
තනා ඇත උන්හට වෙනවෙනම සුළු නිවහන් 
(සැපැයීම නිවහන් සැමට 
මා සතු කාරිය ද වන බැවින්) 

කා දමයි උන් ද ඇති තරම් විදුලිය 
මගේ කිත්ගොස ද සමගින් ම 

මහ එළි ද මොළවා ඇත 
මහ මැදුර වටකොට 
ඇස ගිණි කණ වැටීමට 
පැමිනෙන්නන්ගේ මහ මැදුර වෙත 

පැමිණෙන්නන් අතුරින් 
එකෙක් දෙන්නෙක් අමුත්තන් වූ කළ 
දිය යුතුය උනට වා සමනිත කුටියක් 
ඇත එවන් කුටි දෙකක් ද මහ මැදුරෙහි 
 
අසයි මා‘පියාණන්’ 
සිය හද බසින් 
‘‘කියනු මැන දිවි අරුත’’ 

නොදනිමි ‘පියාණනි’ පිළිතුරු 
එනමුදු සිටිනා තෙක් ඔබ මා උරෙනුර 
ගැටී 
මඩනට පර දෙසින් එන පිළිමල් මුළු  

අභිසෙස් ලද බැවින් ද 
‘දැයෙහි පස් අවි කුමරු’ලෙස 
දැයේ මුර දෙවි මුළු වෙතින් 

නිදනෙමි සැනසිල්ලෙන් 
නැත ද වා සමනය 
මා කුටියෙහි

-නිර්මාල් රංජිත් දේවසිරි 

 

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions