9/24/2015

ඇදහිය නොහැකි නිහඬතාව

කතෘ:යුතුකම     9/24/2015   No comments


දම්සරණි තමයි නවකතාවක්‌ ලියන්න හේතුවුණේ
-චම්පා වෛද්‍යතිලක

මෙවර 'ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ' හොඳම නවකතාව බවට පත්වූයේ චම්පා වෛද්‍යතිලකගේ 'ඇදහිය නොහැකි නිහඬතාව' කෘතියයි. කතුවරියගේ කුළුඳුල් නවකතාව වන මෙය ගොඩගේ ප්‍රකාශනයකි. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

නවකතාව පිළිබඳ ඔබේ හැදැරීම කෙබඳුද?
මම නවකතා කියවන්න පටන් ගත්තේ අවුරුදු 12-13 කාලයේ පටන්. මම මුලින්ම කියවන්නේ රුසියානු බසින් සිංහලයට පරිවර්තනය වුණු 'වානේ පන්නරය ලැබූ හැටි' පොත. ඒ එක්‌කම මක්‌සිම් ගෝර්කිගේ 'අම්මා', 'මගේ සරසවිය', 'ළමාවිය', 'ඇනා කැරනිනා' වගේ පොත් මම කියවනවා. ඒත් මේ අතරේ සිංහලේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගෛa 'ගම්පෙරලිය', 'කලියුගය', 'යුගාන්තය' මගේ නවකතාවට විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වෙනවා. විරාගයේ අරවින්ද ඒ විශ්වවිද්‍යාලයේ 'ආචාර්ය' කෙනෙක්‌ වෙනවා. අදටත් නන්දා මගේ ජීවිතයේ වීරවරියක්‌. ඇය තමයි ඒ විශ්වවිද්‍යාලයේ හිටිය හොදම ශිෂ්‍යයාව. අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන්ව ප්‍රතිපල පැමිණෙන තුරු මම කළේ මතුගම මහජන පුස්‌තකාලයේ තිබූ පොත් සියල්ල කියවූ එක. ඒ කියවීමට අමතරව ඒ පොත්වලට පොඩි විචාරයක්‌ ලියන්නත් ඒ කාලයේදී මම උත්සාහ කළා. ඒවා තාමත් මා ළඟ තියෙනවා. 'අවරගිර', 'පාලම යට' වගේම කරුණාසේන ජලයත් මහත්තයාගේ පොත් සියල්ලත් මම ඒ මාස කීපයේදී කියෙව්වා.

මම උසස්‌පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. ඒ කාලයේදී අමතර පන්ති සඳහා නුගේගොඩට පැමිණි හැමවිටම මම සරසවි පොත්හලේ පොත් අතගාමින් පැය ගණන් ගතකළා. උසස්‌පෙළ අවසන්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දි මම වැඩිපුර කියවුයේ ඉන්දියානු පොතපත. විශේෂයෙන් බෙංගාලි බසින් සිංහලයට පරිවර්තනය වුණු පොත්. ඒ වගේම පහුගිය අවුරුදු කීපයේ ග්‍රීක සාහිත්‍ය පැත්තට යොමු වෙන්නත් හැකිවුණා. කොහොම වුනත් ලෝකේ වටේම කරක්‌ ගහල මම ආයිමත් නැවතුනේ 'ගම්පෙරලිය' ළඟ. මම නවකතාව හදාරලා නැහැ. කියෙව්වා රසවින්දා විතරයි. ඒත් ඒ හැම කියවීමකින්ම කුමක්‌ හෝ යමක්‌ මගේ මනසේ තැන්පත් වුණු බව නම් තේරුණා.

නවකතාවක්‌ ලිවීම සඳහා ඔබට බලපෑම් කළ සාධක මොනවාද?

 
විශේෂ බලපෑමක්‌ වූ බවක්‌ නම් මතක නැහැ. පොතක්‌ කියවා ටික දවසක්‌ යනතුරු මම ඒ පොතේ ජීවත් වෙනවා. සමහර විට ඒක දීර්ඝ කාලයක්‌ තියෙන්නත් පුලුවන්. මමත් නොදැනීම. කොහොම වුනත් මම හිතින් බොහෝ කතා ලියා තියෙනවා. සමහර වෙලාවට කෙනෙක්‌ එක්‌ක ඇතිවුණු තරහව මම පිටකරන්නෙත් එයා මගේ පොතක චරිතයක්‌ කරලා. එවෙලේම ලිව්වත් ඒ පොත් කවදාවත් ඇත්තටම ලියෑවුණේ නැහැ. ඔය විදියට පොත් රාශියක්‌ ලියා අන්තිමට තමයි දම්සරණිව හමුවුණේ. එයා නම් ඇත්තම පොතක චරිතයක්‌ බවට පත් වුණා. දම්සරණි තමයි නවකතාවක්‌ ලියන්න හේතු වුණු සාධකය.

ඔබට බලපෑම් කළ යම් ප්‍රවීන ලේඛකයෙක්‌ හෝ ලේකාවක්‌ සිටිනවාද?

බලපෑම් කළ කෙනෙක්‌ නැහැ. එහෙම බලපෑම් කරන්න තරම් මා දැන හඳුනාගත් ප්‍රවීනයෙක්‌ නැහැ. මා ඔවුන්ව දන්නවා. ඔවුන්ගේ පොත පතකියවා ඔවුන් ගැන අවබෝධයක්‌ මට තිබුණා. සමහරු මගේ වීරයන්. බටුවන්ගල රාහුල හිමියන්ගේ ආශිර්වාදය නිතරම ලැබුණා. මේ පොතේ මුලින්ම මම ලියූ කොටස උන්වහන්සේට කියවීමට දුන් පසු උන්වහන්සේ කිව්වෙ මේ භාෂාව හරි ලස්‌සනයි. දිගටම ලියාගෙන යන්න කියලා. එහෙම ලියලා ඉවර කරලා දුන්නට පස්‌සේ කියවන්න කියලා නම් කීපවරක්‌ මතක්‌ කරන්නත් වුණා. ඒ වගේම පොත මුද්‍රණය දක්‌වා යන තැනටත් කටයුතු කළේ උන්වහන්සේ. ඒ වගේම ප්‍රවීන ලේඛකයෙක්‌ නොවුනත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ නවකතාව ඉදිරියට රැගෙන යන්න හේතුවුණා.

ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරා, තොරතුරු තාක්‌ෂණික රැකියාවක නියෑලුනත් ඔබගේ නවකතාවේ භාෂා භාවිතය පිළිබද විචාරක විශේෂ අවධානයට ලක්‌වුණා. මෙවැනි ආභාෂයක්‌ ඔබ ලබන්නේ කෙලෙසින්ද?

ඒක නම් මමත් හරියටම දන්නෙ නැහැ. මට විශේෂ දෙයක්‌ කියලා කළේ කතාව කියවාගෙන යාමේදී යම් රිද්මයක්‌ ඇතිවන ආකාරයට භාෂාව හැසිරවීම පමණයි. හරියටම කියනවනම් කතාව කියවන්න පොඩි තනුවක්‌ දැම්මා. මම කලිනුත් කිව්වේ ඒකයි. මම සිංහල භාෂාව ගැඹුරින් හදාරා නැහැ. සාමාන්‍ය පෙළ විෂයක්‌ ලෙස හැදෑරුවා විතරයි. අදටත් සමහර ව්‍යාකරණ මම ඉගෙන ගන්නවා. ඒත් මම සිංහල භාෂාවට කැමතියි. ඒ වගේම ආදරෙයි. මේ භාෂාවෙන් ස්‌වභාවධර්මට කියවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඕනෑම භාෂාවක්‌ නිර්මාණය වන්නේ ස්‌වභාවධර්මයේ කොටසක්‌ විදියට. සෙන් කියමනක්‌ තියෙනවා ගලක්‌ වැඩෙන හැටි දකින්න බැහැ. එය අසා සිටින්න කියලා. ඇත්තටම ස්‌වභාවධර්මය කියන්නෙ දැකලා අහලා විඳ ස්‌පර්ශ කළයුතු දෙයක්‌. ඒ විදියට ස්‌පර්ශ කරන දෙයෙහි අවසාන ඵලය භාෂාව. ඒ භාෂාව පොතපතින් උගන්වා පර්යේෂණ කර කොටු ගහලා ඉරි ඇඳ බිහිකරන භාෂාවට වඩා වෙනස්‌. දම්සරණි ස්‌වභාවධර්මයේ භාෂාව ස්‌පර්ශ කළ කෙනෙක්‌. ඒ නිසා වෙන්න ඇති එහි භාෂා භාවිතය ගැන අවධානයට ලක්‌වුණේ.

ඔබගේ මෙම නවකතාව තුළ මායා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ලක්‌ෂණ දැකිය හැකියි...

විශ්ව සාහිත්‍ය කියවීමේදී ලෝකය කියවන්න මට අවස්‌ථාවක්‌ ලැබුණා කියා මා විශ්වාස කරනවා. එය යම් තරමකට මේ නවකතාවේ ආභාෂයට රුකුලක්‌ වෙන්න ඇති. විශේෂයෙන් අරුන්දතී රෝයි මහත්මියගේ 'සුළුදෙය ඇසුරු කළ මිනිසා' නවකතාව මම ආසන්න වශයෙන් කියවූ නවකතාව. ඒ කෙසේ වෙතත් ඔබ අධි යථාර්ථය ලෙස අදහස්‌ කරන්න ඇත්තේ සත්‍යයේ උපරිම අවස්‌ථාව. එය ස්‌වභාවධර්මයේ පවතින දෙයක්‌. අපි ඒ අධියථාර්ථයට කැමතියි. අපි අපි දිහාට එබී බැලුවොත් ඒ සත්‍ය අපි තුලම තියෙනවා. ඒත් ඒ සත්‍යය මායාවක්‌. ඒ මායාකාරී සත්‍යය හරි සුන්දරයි. මිනිසා එයට කැමතියි. බාහිරෙන් ඇත්තේ මිනිසා මවාගත් දෙයක්‌ පමණයි. මට හිතෙන විදියට එය මිනිසාගේ වුවමනාවටම කරනා දෙයක්‌ නොවෙයි. කොතනක හරි වැරදීමකින් ඒ දේ සිද්ධ වෙන්න ඇති. ඔය ටිකනම් මම ඉගෙන ගත්තේ බුදුන්වහන්සේගෙන්.

'ඇදහිය නොහැකි නිහඬතාව' නවකතාව මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන අතර ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලේ දෙවැනි වටයේ කෘති 16 අතරටත් තේරෙනවා. පළමු නිර්මාණයෙන්ම මෙවැනි දුරක්‌ පැමිණීම පිළිබඳ ඔබට ඇත්තේ කෙබඳු හැඟීමක්‌ද?

ඇත්තටම ඇදහිය නොහැකි සතුටක්‌ තියෙනවා. විශේෂයෙන්ම මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රතිචාරයක්‌ ලැබුණා. විශේෂයෙන්ම පාඨකයන්ගෙන්. බොහෝ දෙනෙක්‌ මට කතාකළා. ස්‌තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාටම. විශේෂයෙන් ගොඩගේ ආයතනයේ අධිපතිතුමාට හා එම මැතිණියට.

එහිදී ඔබට ප්‍රවීනයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

ප්‍රවීණයන් මාව දන්නෙ නැහැ. දැකලා නැහැ. ඔවුන් බලනවා ඇති මේ කොහෙන් කඩාපාත් වුණු කෙනෙක්‌ද කියලත්. ඒත් පළමුවරට වුනත් මුණගැහුණු හැමදෙනාම සුබ පැතුවා. දිගටම ලියන්න කියලා කිව්වා. ඔවුන් සියලු දෙනා කිව්වේ භාෂාවේ විශේෂත්වය ගැන.

ඔබගේ ඉදිරි නිර්මාණ ජීවිතය සැලසුම් කර තිබෙන්නෙ කෙලෙසින්ද?

මම නිර්මාණ ජීවිතය පමණක්‌ නෙමේ සාමාන්‍ය ජීවිතය පවා ලොකු සැලසුමක්‌ මත ගත කරන්නේ නැහැ. සිද්ධ වෙන දේට ඉඩදී බලා සිටිනවා. මට වෙනස්‌ කළ නොහැකි දේවල් වෙනස්‌ කරන්නෙත් නැහැ. ඉතින් ඉදිරි නිර්මාණ ජීවිතය මේ වගේ වෙන්න ඕන කියලා ලොකු සැලසුමක්‌ නැහැ.
[දිවයින]



ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/08/2015

ලිච්ඡවීන් නැවත කියවීම

කතෘ:යුතුකම     9/08/2015   No comments
ලිච්ජවී රාජ්‍යය හා සප්ත අපරිහානියධර්ම පසුගිය මැතිවරණ සමයේදී නැවත කරලියට ආවේය. එය දේශපාලන වේදිකාව වර්ණවත් කරවූ තවත් එක් වෙළද දැන්විමක් විය හැකි වුවත් ලිච්ජවී රාජ්‍යය හා එහි ඉරණම පිළිබඳව කතිකාවතක් නැවත ගොඩනැගීමට මේ සුදුසු කාලයයි සිතේ. ඉතිහාසය නැවත නැවත සිද්ධ වන බවට යම් සේයාවන් පසුගිය ශතක කීපය අධ්‍යනය කිරීම තුලින් ඉගැනීමට අපට හැකිවිය. ඉතිහාසය වර්තමානයේ සැරිසරන්නට පටන් ගෙන ඇත. එක් අතකින් ගෝත්‍රික අදහස් මුලිනුපුටා දමා ජනතා හදවත් ලෝකයට විවෘත කල යුතු යැයි යෝජනා කරන පාර්ශවයම අනෙක් අතට ගෝත්‍රික පාලන තන්ත්‍රයක් ගෙන එන බවට අදහස් පල කරයි. ඒ අනුව මේ යොජනාව පැහැදිලි අවබෝධයකින් නොකල එකක් බව පැහැදිලිය. එහෙත් හොදට හෝ නරකට හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිච්ජවීන් නැවත කරලියට පැමිණ තිබේ. එය අපව නැවත ඉතිහාසයට රැගෙන යන අතර ලිච්ඡවීන්ගේ ආගමනයත් සමගම ඔවුන්ගේ විනාශයේ කාරණාත් එය සිද්ධ වූ ආකාරයත් අප රටේ වර්තමාන දේශපාලන තත්වය සමග සන්සන්දනය කිරිමටද ආරාධනා කරයි. ඒ සමගම අප ඉදිරියේ ප්‍රශ්නයක්ද ඉතිරි කරයි. 

සැබෑවටම කූට උපක්‍රම තුලින් ලිච්ඡවී සමූල ඝාතනය කලා නොවේද? එසේනම් අපේ ඉරණමද එබඳුම වේද? ලිච්ඡවීන් යනු ගෝත්‍ර කීපයක් එක් වී සෑදුනු සංයුක්ත රාජ්‍යයක එක් ගෝත්‍රයකි. මෙවන් රාජ්‍යයන්හි දේශපාලන ක්‍රමය රාජාන්ඩු දේශපාලන ක්‍රමයට වඩා වෙනස් විය. ගණරාජ හෙවත් සමූහයක් විසින් පාලනය කල රටවල් මෙවන් රාජ්‍යයන්ට උදාහරණ විය. විශෙෂයෙන් රජකු රහිත පාලන තන්ත්‍රයක්  මේවායෙහි තිබීම මේවා රාජාන්ඩු පාලන තන්ත්‍රවලින් වෙනස් වීමට හේතු විය. වජ්ජීන් යනු ලිච්ඡවී ගෝත්‍රය ඇතුලු වූ සමූහපාලන රාජ්‍යයකි. විශේෂයෙන් වජ්ජී පාලනය තුල පවුලේ වගකීම මහත් ගෞරවයක් සේ සලකයි. එමෙන්ම සදාචාරය තීරණය කරන ලක්ෂණයද පවුල විය. මෙහි ස්භාවය සාපේක්ෂ වශයෙන් සරලය. ප්‍රධානතම ජන කොට්ටාශය ක්ෂ්ත්‍රිය ජනගහනයයි. වජ්ජි සභාවේ සභාපති ගණරාජ යනුවෙන් හැදින්වේ. ඒකාධිපති බලතල නොදැරූ ඔහු සමානයන් අතර ප්‍රධානියා ලෙස සැලකිණ. මෙලෙස බුදුන් දවස සංවිධානය වී තිබූ  ප්‍රධානතම ගෝත්‍රික සමූහය ලෙස වජ්ජීන් හඳුනාගත හැකිය.

කෙසේ වුවද වජ්ජීන් රාජාණ්ඩු ක්‍රමයට දරුණු ලෙස විරෝධය දැක්වූ අතර තම සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීමට ප්‍රබල උත්සහයක් දැරූහ. සාමූහිකවාදී බව හා ප්‍රජාතන්ත්‍රවාදී බව මොවුන්ගේ රදා පැවැත්මේ ප්‍රධාන සාධකය විය.දේශපාලන බලය පරම්පරාවෙන් උරුම වූ පවුල් රාජකීයයන් ලෙස හැදින්වූ අතර සෘජු නිශ්පාදනයට ඔවුන් දායක වූ බවක් නොපෙනේ. ඔවුන් කෘෂිකාර්මික හා පරිපාලනය අධීක්ෂණය කරන්නට ඇත. කෙසේ වුවද එක්සත් බව හා පරම ප්‍රජාතන්ත්‍රවාදී බව නිසාම මෙම ගෝත්‍රයන් වැනසීමට නොහැකි වූවා මෙන්ම ඔවුන්ගේ  ශක්තිය රැදී පැවතුනේ ඔවුන්ගේ එක්සත් බව තුලය.

තම ගෝත්‍රයට වංශයට සේවයක් සිදුකල මුතුන් මිත්තන්ගේ අස්ථි, දිය බුබුලක හැඩයෙන් යුතුවූ පස්කඳු හෝ ගල්කඳු වලින් ස්තූප තනා ඒවායෙහි නිදන් කරවා  මුතුන් මිත්තන් වනදනාමාන කිරිම මෙම ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන සංස්කෘතිකමය ලක්ෂණය වූවේය. මෙම චෛත්‍යය වන්දනාවෙන් ප්‍රකාශිත වූයේද සාමුහික එකමුතුවයි. එසේම තම වංශයට සලකුණ වූ වෘක්ෂයකට වන්දනාමාන කිරීමයද ආවේණික ලක්ෂණයක් විය. වජ්ජින්ගේ අගනුවර වූ වේසාලියේ අලංකාර චෛත්‍යය වූ බවද බුදුන් වහන්සේ මේ සන්සුන් නිහඩ නිසසල වට කෙරැනූ ස්ථානවලට මහත් සේ ඇලුම් කළ බවද ඉතිහාසයේ සඳහන්ය. පහුගිය දිනවල දේශපාලන වේදිකා තුල අලුතින් බිහිකිරීමට කතිකා කළ රාජ්‍යය මෙබඳු වේ. ඉතිහාසයේ කවර හෝ සථානයක ඉදිව තිබූ මේ රාජ්‍යයේ සංස්කෘතීක ස්භාවය අප රටට නුහුරු නොවන බව පැහැදිලිය. අද මෙන්ම එදවසද  රාජාණ්ඩු මේ ගෝත්‍රිකයන් යටත්කර ගැනිමට මාන බැලූහ. ඒ එවායෙහි වූ මානව සම්පත හා ස්වාභාවික සම්පත කොල්ල කෑමටය. රාජාණ්ඩු වල දෘෂ්ටිවාදින් හෙවත් අදහස් මවා පතුරුවන්නන් හරහා ප්‍රකාශයට පත්වන්නේ රාජාණ්ඩු පාලකයන් තුල මෙම ගෝත්‍ර කෙරෙහි පැවති ලෝභය හා වෛරයයි. රාජාණ්ඩු වල බ්‍රාහ්මණිකයන් මෙම ගොත්‍රයන්හි විවාහ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ටද ඔවුන්ගේ සංස්කෘතියටද ගර්හා කළහ.

ලිච්ඡවී රාජ්‍යය සමග බැඳි පවත්නා අනෙක් ප්‍රසිද්ධ කාරණය ලිචඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවී රාජ්‍යය ඇති කිරීමට අදහස් කරන ඇත්තන් එයින් පසු එහි විනාශයට මුහුණ දීමටද සූදානම් විය යුතුය අදවන විට එම විනාශයේ පෙරනිමිති තැනින් තැන අපට දක්කනට ලැබේ . එදවස ලිච්ඡවීන් මුලිනුපුටා දැමීමට  රාජාණ්ඩු බාවිතා කල උපක්‍රමයන්, පසුකාලීනව ලියැවුණු කෞටිල්‍ය හෙවත් චානක්‍යය නම් කූටඤානයෙන් යුතු බ්‍රාහ්මණයාගේ කෞටිලයගේ අර්ථශාස්ත්‍රය නම් කෘතියෙහිද අන්තර්ගතය. අද දවසේ ක්‍රියාත්මක වන කූට උපායන්ද කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයෙන් මිරිකා ගත් ඒවා හැරෙන්ට ලොවට අලුතින් බිහිවූ ඒවා නොවේ. කෞටිලය පෙර රාජාණ්ඩු වල පැවති උපායන් තම ග්‍රන්ථයට ඇතුලත් කිරීමයට උත්සක වුවායැයි සිතිමට හැකිය. අර්ථශාස්ත්‍රය වූ කලී කපටි රාජ්‍යෝපාය ගැබ් වූ කෘතියකි. එසේම කෞටිල්‍යය යනු දැවැන්ත දෘෂ්ටිවාදියෙකි. නන්ද නම් පාලක පුරපුර සමූලඝාතනය කෙරුණේ මොහුගේ කූටෝපාය බලයෙනි. මෙකී කූටෝපායන් බුදුන් දවසත් ඊට ශතවර්ෂ ගනනාවක පෙර සිටත් වර්තමානය වූ අදත් රාජාණ්ඩු වල පැවත ආ ඒවා බව පෙනේ. කෞටිලයගේ අර්ථශාස්ත්‍රයෙන් උපුටාගත් එවන් කූටෝපායන් කීපයක් පහත දැක්වේ.

- චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය  හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කල හැකි විෂබීජ වපල යුතුය.

- ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.

- චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුලු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබාගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබලිය ලියලවිය යුතුය.

- පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කල යුතුය.

- ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානෙයෙකු තමා පැහැර ගැනීමට පොලබවා විනෝද උයනක් අසල තියුණු ආයුදයකින් පහර දී හෝ වස දී හෝ තමා  පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා !‍” යැයි කියමින් ඇය කෑගැසිය යුතුය.

- තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කල ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කල යුතුය.

- නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කලයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.( බුද්ධ චරිතය- මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

 ගෝත්‍ර වැනසීමට යෙදිය යුතු මෙවැනි කූටෝපායන් කෞටිලයගේ අර්ථශාස්ත්‍රයේ පිටු ගනනින් පිරී ඇත. මේවා බොහෝමයක් වජ්ජීන් විනාශ කිරිමට අජාසත්හූ යොදාගත් උපායන් වලට සමානය. අජාසත්තගේ ක්‍රියාදාමයන් වලින් පිරුණු එම ඉතිහාස කතාව අපට කියාදෙන පාඩම් රාශියකි. අජාසත්හු ඔහුගේ ප්‍රධාන මහාමාත්‍ය වූ වස්සකාර බමුණා දක්ෂ ලෙස මේ කාර්යට යොමු කළේය.
වජ්ජීන්ට යහපත සලසන පරම්පරා ගණනාවක සිට ඔවුන් රැකගෙන ආ ධර්මතාවයන් ගැන බුදුන් වහන්සේ ප්‍රසංශා මුඛයෙන් දේශනා කළ බව බුද්ධදේශනා වල සඳහන්ය. මේ  පිළිබඳව ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ උන් වහන්සේ වජ්ජීන්ගේ පිරිහිම වලක්වන මෙම ධර්මයන් ඔවුන්ගේ ශක්තියේ උල්පත බවද දේශනා කළහ. මෙම ධර්මයන් සුරකිනතාක් වජ්ජීන් විනාශ කල නොහැකි බව උන්වහන්සේ දේශනා කළහ. එනයින් බලන කල වජ්ජීන්ගේ ප්‍රබල එකමුතුකම සහයෝගීත්වය හා ඒකීයත්වය නොබිඳ ඔවුන් පරාජය කළ නොහැකි බව වස්සකාර බමුණා මෙන්ම අජාසත්හූද අවබෝධ කරගත්හ. මිල්ටරි ආක්‍රමණයකින් වජ්ජීන් පරාජය කළ නොහැකි බව අවබෝධ කරගත් ඔවුහු වජ්ජීන්ට එරෙහිව එක්වරම යුද්ධ නොකිරීමට තීරණය කළේය. යුදබලයෙන් වජ්ජීන් යටපත් කිරීමට හැකියාව තමන්ට නැතැයි අවබෝධකරගත් අජාසත්හූ ඉවසිලිවන්ත වූහ. කල්යල් බැලූහ. සැලසුම් සකස් කළහ. පළමුව වජ්ජීන් අතර භේද වැපරවීමට අණගුණ නැති වස්සකාර බමුණා සරනාගාත වේශයෙන් වජ්ජී දේශය බලා පිටත්කර හැරීය. වස්සකාර බමුණා අජාසතුන්ගේ ආක්‍රමණයට පසුබිම සකසමින් වජ්ජි දේශයේ තුන් වසරක් කල්ගෙවූහ. ඒ තෙවසර අවසානයේදී අජාසත්හු වජ්ජීන්ගේ අගනුවර වූ වේසාලියේ වාඩිලාගත්හ. ඔවුන්ට විරෝධය දැක්වීමට වජ්ජීන්ට හැකියාවක් හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනුණි. ඒ සඳහා ශක්තියක්ද නොවීය. වස්සකාර බමූණා මනාලෙස තම කාරයය ඉටු කොට තිබුණි. කෙසේ වුවද භගවතීසූත්‍රෙය් පවසන අන්දමටය වජ්ජීන් ඉතා ලෙහෙසියෙන් යටත් කර ගැනීමට අජාසත්හූට හැකි වුයේ නැත. දරුණු සටන් දෙකක් ඇවිලී ගියේය. රථමූසල සටන හා මහාසිලාකාන්ත සටන ලෙස එම සටන් හඳුනවනු ලැබීය. වජ්ජීන්ද අවසන් බිදුව දක්නා සටන් කල බව කියැවේ. මේ සටනේදි අජාසතුන්ට දිව්‍ය සහයෝගය හා ආයුධ ලැබුණු බවට ජෛන මූලාශ්‍ර පවසයි.

කෙසේ වුවද ලිච්ජවීන් පරාජය වූයේ දිව්‍යමය සහයෝගයෙන් නොවන බව තවත් ජෛන කතුවරයෙකුම සඳහන් කරයි. අජාසත්හූ රූමත් ගනිකාවක ඔත්තු සේවාවේ යොදවා තිබුණි. ලිච්ඡවීන් අතර සිටි දුර්වල කුලවාලය නම් තාපසයා ගණිකාවට රැවටී ලිච්ඡවීන් පාවා දුන්නේය. නගරය රැකගැනීමට තමාදුන් දිවුරුම බිඳ වේසාලිය සතුරාට පාවා දීමට වෙසඟන විසින් ඔහු පොළඔවන ලදී. ඔහු තම ජනතාවට ද්‍රෝහී විය. ඒ අතරතුර වස්සකාර බුමුණා පසුකලක කෞටිල්‍ය කියූ අකාරයට වජ්ජීන් විනාශ කිරීමට අවශ්‍ය උපක්‍රම යෙදූවේය. ඔවුනොවුන් කෙටවූවේය. ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂයාව ඇති කළේය. සියල්ලන් එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බලන්නට වූහ. තම ගෝත්‍රය රැකගැනීමට ඇති අවශ්‍යතාවය නැති විය. අනතුරුව මහල්ලන් දරුවන් ස්ත්‍රීන් ඇතුලු වජ්ජීන් සමූල ඝාතනය විය.

එසේ ඝාතනය කිරීමෙන් අනතුරුව ගෝත්‍රිකයින්ට නැවත නැගී සිටීමට ඉඩ නොදීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන්ද ඔහු යෝජනා කරයි
 1. මෙම ගෝත්‍රික ජනයාගේ සාමුහිකත්වය කන්ඩායම් හැගීම බිඳ දැමීමෙන් පසුව කිසිවිටෙකත් ඔවුන්ට නැවත එක් ව එකට සාමූහිකව ජීවත් වීමට ඉඩනොදිය යුතුය. එසේ වුවහොත් ඔවුන් නැවත ගෝත්‍රික සහයෝගීතාවයට ආකර්ෂණය වනු ඇත. එසේ වුව හොත් ඔවුන් යලිත් තම අහෝසී වූ නිදහස වෙනුවෙන් සටන්  කරනු ඇත.

 2. ඒ සඳහා ඔවුන් කුඩා කණ්ඩායම් වලට කඩා හුදකලා ගම් ලෙස වෙන වෙනම පදිංචි කල යුතුය. කිසිවිටෙකත් ඔවුන්ගේ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔවුනොවුන් අතර සම්බන්ධයක් ඇති වීමට ඇති සෑම හැකියාවක්ම නැතිකර දැමිය යුතුය.

(බුද්ධචරිතය-මහාචාර්‍ය සුචරිත ගම්ලත්)

වැරදීමකින් හෝ ලිච්ඡවී කතාව නැවත කරලියට පැමිණ තිබීම දෛවෝපගත සිදුවීමකි. ලිච්ඡවීන්ට අදාල සියලු සිදුවීම් පහුගිය කාලයේදීත් අදත් අප රටේදි අපේ ඇස්පනාපිටම සිදුවේ. අජාසත්හූ ඉවසිලිවන්තව බලා සිටිති. ඒ අතරතුර වස්සකාර බමුණා තම කාර්‍යය මැනවින් ඉටු කරයි. එක් වස්සකාර බමුණෙක් නොව මේ කාර්යයේදි වස්සකාර බමුණන් බොහෝ බිහිවූහ. සිංහලයාගේ ජාතිය හා දේශය පිළිබඳ හැගීම දියකර  දැමූහ. ඒ වෙනුවට ජාතිය සුරකිනු ලැබූවුන් පිළබඳ ඊර්ෂයාව ද්වේශය හිත් වලට කාවැද්දවීය. ජාතික නායකයින් පිළිබඳව බොරු චෝදනා නගා ඒවාට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මෙවර වස්සකාර බමුණාට චරපුරුෂයින් පිටතින් ගෙන එන්නට සිදුවූයේ නැත. ගෝත්‍රයෙන්ම ඕනෑ තරම් චරපුරුෂයෝ සොයා ගන්නට හැකිවිය. විශේෂයෙන් ගෝත්‍රෙය් නමක් දිනා සිටි නායකයින් චරපුරුෂයන් බවට පත්කරන්නට වස්සකාරට වැඩි දවසක් ගත වුනේ නැත. දිර්ඝ කාලයක සිට අප රටට විත් පැළපදියම් වී සිටි වස්සකාර බමුණාට තම ගෝත්‍රයට ගර්හා කරන ගෝත්‍රිකයන් බිහිකර ගැනීම අපහසු නොවීය. ඔවුහු තම ගෝත්‍රය සුරකින උන් මිලේජ්ජයන් ලෙස හැදින්වූහ. ගෝත්‍රය විනාශ කිරිමේ අරමුණින් ගොත්‍රිකයෝම පෙළ ගැසී සිටිති. ගෝත්‍රය විසින් පුදනු ලැබූ පූජ්‍යයන් මෙහිදී ප්‍රමුඛත්වය ගත්තෝය. වස්සකාර බමුණා අති සාර්ථක ලෙස පූජ්‍යයන් යොදාගෙන ගෝත්‍රයට අවලාද නැගීය. අපි ලෝකය එක් යායක් කරමු. පූජ්‍යයෝ  තම උපාසක උපාසිකාවන්ට දේශනා කරණු ලැබීය. තම ගෝත්‍රික සම්ප්‍රදායන් ආරක්ෂා කිරිම හෝ ඒ ගැන කතා කිරීම ගෝත්‍රය තුලම වරදක් බවට පත්වන තත්වයක් උදාවි ඇත. කෞටිලයගේ සියලු න්‍යායන් කරලියට පැමිණියේය. සප්ත අපරිහානියධර්ම පිරිහි ගියේය. ගෝත්‍රය සුරකීමට කිසිවෙකුටත් තවදුරටත් අවශ්‍ය නොවේ. මේ අතරතුර වෙසඟනද පැමිණියාය. ඇය විසින් කුලවාලය රවටා ගත්තීය. කුලවාලය ජාතිය පාවා දුන්නේය. වේසාලියේ සියලු බලකොටු ඉවත් කෙරිණ. වේසාලිය වටකොට සියලු ආක්‍රමණිකයෝ පෙළ ගැසී සිටිති. ලිච්ඡවීන්ට තව දුරටත් එය ප්‍රශ්නයක් නොවේ. තම ගෝත්‍රය හෝ තම මුතුන්මිත්තන්ගේ අස්ථි තැන්පත් කළ චෛත්‍යෙයෝ සුරකීම තවදුරටත් අවශ්‍ය නැත.

බොහෝ දේ සිදුවී ඇත. අජාසත්ත තවදුරටත් බලා ඉඳී. ඒ වෙලාව එනතුරුය. වස්සකාර තම කාර්‍යයහි අවසාන  කොටසට ලගා වෙමින් සිටි. ඉතිහාසයේ සිටි වස්සකාර පරයා යමින් නූතන වස්සකාර අළුත් පරිච්චේදයක් ආරම්භ කොට ඇත. වජ්ජී රාජ්‍යයේ සියලු ගෝත්‍රිකයන් අතර තිබුණාවූ අන්‍යයෝන්‍ය බැදීම බිඳ දමා ගෝත්‍රික එකමුතුව විනාශ කොට ඇත. උනුඋනුන් කෙරෙහි වෛරයද බෙඳීමද ඇති කර අවසන්ය. ඒ වෙනුවට ලෝකය එක් යායක් කරන්නට ඔවුන් කැඳවාගෙන යන්නට වස්සකාර අලුතින් යෝජනා කර ඇත. ඒ එක්යාය තුල තමන්ගේ අන්‍යතාවය අහිමිව යන බව ගෝත්‍රිකයන්ට නොදැනේ.  අජාසත්හූ සීරුවෙනි. වජ්ජි රාජ්‍යයයේ සියලු ගෝත්‍රිකයන් තම අවසාන කාලපරිච්ඡේදය ගත කරමින් සිටි. එහෙත් ඔවුන්ට එය දැනෙනුයේ තමන් අලුත් ලොවක් කරා යන බවකි. සත්‍යය ඇත්තේ ඉදිරියෙනි.  ඒ ලිච්ඡවීන්ගේ සමූල ඝාතනයයි. ලිච්ඡවීන්ගේ කතාව කරලියට ආවේ නිකන්ම නොවන බව දැන් පැහැදිලිය. 

අවිඥානකව හෝ අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන්නන් විසින්ම ලිච්ඡවි කතාව එක්වරම අපට මතක් කර දුන්නේය. ඒ ලිච්ඡවීන්ට අනතුරු ඇගවීමටද? එසේත් නැත්නම් ඉතිරිය සම්පූර්ණ කිරිමටද?.කෙසේ වුවද තමන් වජ්ජීන් සමූල ඝාතනය කළ බවට අජාසත්හූ උදම් ඇනූවද ඊට අවුරුදු 800 පමණ පසුව ලිච්ඡවීන් නැවත නැගී සිටියහ(ඒ එල් බෂාම්). ඒ තම ගෝත්‍රයේ අතීතයේ බොහෝ ලක්ෂණ ජාන තුලම රඳවා සඟවාගෙන සුරකිනු ලබන හෙයිනි. බුදුන්ගේ මව්පාර්ශවය හා පියපාර්ශවය වූ කෝසලයෝ හා ශාක්‍යයෝ ලෝකයෙන් සදහටම තුරන් කර දැමූවද බුදුන් පිළිබඳ මතකයන් මකා දමන්නට කිසිවෙකුට හැකි වී නැත්තාක් මෙනි.

-චම්පා වෛද්‍යතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/07/2015

සිංහලයා නිහඩ කරවීම හා තිසරණීලාගේ සිංහල බෞද්ධ වෛරය

කතෘ:යුතුකම     6/07/2015   1 comment
තිසරණි ගුණසේකර විසින් ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකට පිළිතුරක් ලෙස එම පුවත්පතටම ලියු මෙම ලිපිය පළවුයේ පසුගිය වසරේ වුවද එදාටත් වඩා අදටත් මෙම ලිපිය සර්වකාලීන වටිනාකමකින් යුක්තය. මන්ද එදාටත් වඩා මෙකල (මෛත්‍රී යුගයේ) තිසරණීලාගේ දෘෂ්ටිවාදය හොල්මන් කරමින් තිබෙන නිසාය. පරවේනිගත රෝගයක් බඳුව ඔවුන්ට වැළදී තිබෙන සිංහල බෞද්ධ වෛරය හෙළිදරව් කිරීම අද මෙන්ම මතු මතුත් කළයුතු යුතුකමකි. එබැවින් මේ ලිපිය නැවත පළකරමු.
*************************************************************

සිංහලයා නිහඩ කරවීම හා තිසරණීලාගේ සිංහල බෞද්ධ වෛරය

තවත් යුද්ධයකට අප සූදානම්ද? මැයෙන් ජූනි මස 25 වෙනදා ලංකාදීප පත‍්‍රයේ පළවු තිසරණි ගුණසේකර මහත්මියගේ ලිපියට මෙසේ පිළිතුරු ලියනන්ට අදහස් කළේ සිංහල බහුතරයගේ නිහඬබව තවත් මහා දරුණු යුද්ධයකට මුල් වන බව ඇය දක්වා තිබු අදහස කරුණු කොටගෙනය.

තිසරණි ගුණසේකර මහත්මිය සඳහන් කරන අදහස නිවැරදිය. ඉතිහාසය පුරාම සිංහලයා නිහඬව සිටියේය. වර්තමානයේදීත් එසේමය. එදා මෙන්ම අදද ඉතිහාසය පුරාම සිදුවු විවිධ බිය ගැන්වීම්, නිර්මාණය කළ භීතිකා එසේ නිහඬවීමට සිංහලයාට බලපෑම් කළේය. ඔවුන් පවසන ආකාරයට ශි‍්‍ර ලංකාව විනාශ මුඛයට ඇද දමන්නෝ සිංහලයෝය. සිංහලයා අන්‍යමත නොඉවසන ජාතිවාදියෝය. තිසරණි මෙය කියන්නේ සිංහල සුළුතරයක් කියාය. ”සුළුතරය” යන වචනය භාවිතා කර ඇය, ඇගේ සිංහල විරෝධීබව හා බොඳු බල සේනා විරෝධිබව වසාගනු ලබයි. මේ ජාතිවාදීන් ගැන කතා කළයුතු යුගයකට වඩා ජාතිද්‍රෝහින් ගැන කතා කළයුතු කාලයකි. නැත්නම් සිංහලයා හෙටද නිහඬව සිටිනු ඇත.

සිංහලයාට විරුද්ධව සිංහලයා උසි ගැන්වීමේ කාළකණ්නි ව්‍යායාමය තිසරණිලා බාරගෙන ඇත. තිසරණි පුන-පුනා මතක් කරන කළු ජූලියේ සැබෑ තත්ත්වය ඇය නොදන්නා බව සක්සුදක් සේ පැහැදිලිය. කළු ජූලිය සිදු වූ අවස්ථාවේ ලංකාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ දෙමළ ජාතිකයෙකි. ඔහු රුද්‍රා රාජේස්වරම්ය. එසේම නියෝජ්‍ය පොළිස්පතිවරුන් සතර දෙනෙකුම දෙමළ ජාතිකයෝය. කළු ජූලිය සිදුවන අවස්ථාවේදී මෙම නියෝජ්‍ය පොළිස්පතිවරු නිවාඩු සහිතව නිවෙසට වී සිටියහ. රටේ පොලිස්පතිවරයා, නීතිපතිවරයා හා අගවිනිසුරුවරයා දෙමළ ජාතිකයන්ව සිටියදීත් තිසරණි කියනා අන්දමට සිංහල ජාතිවාදීන් අහිංසක දෙමළ ජනතාවට පහර දුන්නේ කෙසේද? දේපළ කොල්ලකෑවේ කෙසේද? තිසරණිට අවශ්‍ය නම් මේ පිළිබඳව කෙරුණු ඩග්ලස් මහතාගේ අධ්‍යයන වාර්තාව කියවා බැලිය හැක. මෙහිදී තිසරණි පිළිගත යුතු දෙයක් ඇත. කළු ජූලිය සිංහලයාගේ නිර්මාණයක් නොව අමානුෂික ලේ පිපාසැති ප‍්‍රභාකරන්ගේ සහ එවකට පොලිස්පතිවරයා ඇතුළු නියෝජ්‍ය පොළ්ස්පතිවරුන්ගේත් එවකට රටේ සිටි නායකයාගේත් කුමන්ත‍්‍රණයක ප‍්‍රථිපලයකි. එහි වරද පැටවුණේ සිංහලයා මතයි. ජාත්‍යන්තරය පමණක් නොව ජාතියේ අවාසනාවට පහළ වු තිසරණීලාත් පුන-පුනා මෙය සිංහලයාගේ වරදක් බව පවසයි. අතීතයේදීත් වර්තමානයේදීත් මේ දෙය එකලෙසම සිදු වේ. සිංහලයා නිහඬව සිටිනවා නොව නිහඬ කරවා ඇත. එදා ක‍්‍රියාත්මක වූ නොපෙණෙන හස්තයන් අදද ක‍්‍රියාත්මක වේ. එදා මෙන්ම අදත් ඒ නොපෙණෙන හස්තයේ සජීවී විකාශය තිසරණීලාමය.

තිසරණි මෙන්ම ජනප‍්‍රියතාව උදෙසා සහජීවනය ගැන කතාකරන පිරිසක් අප අතර සිටිති. ඔවුන්ට පැවරි ඇති කාර්යභාරය කුමක්ද? සිංහල සමාජය නිහඬ කරවීමයි. සිංහල සමාජය තුළ භීතිකාවක් ඇති කිරීම තුළින් එය ඉෂ්ඨ කරගැනීම ඔවුන්ගේ අභිලාෂයයි. ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය නොලැබී යාම, ආර්ථික සම්බාධක පැණවීම, රටට වැඩිම විදේශ විනිමය ලැබෙන මැද පෙරදිග සේවකයින් එම රටවල් වලින් පිටමං කිරීම, ඛණිජ තෙල් ලබා නොදීම, කොටි සංවිධානයටත් වඩා දරුණු තත්ත්වයකට මුස්ලිම් ජනතාව තල්ලූ කිරීම එවන් වූ භීතිකා වලින් සමහරකි. වඩාත්ම බියගුළු භීතිකාව නම් ජීහාඞ් සංවිධානය ඇතුළු අනෙකුත් ඉස්ලාමීය සංවිධාන අප රටට භයානක ලෙස පහරදීමයි. මේවා සුපීරි භීතිකාය. රටට සිදුවන මෙවන් ව්‍යවසනයන්ට සිංහල ජනතාව වගකිව යුතුය. මේ ආකාරයෙන් සිංහල ජනතාව නිහඬකර තිසරණීලා, වික‍්‍රමභාහුලා, මංගලලා, පාලිත තෙවරප්පෙරුමලා, රාජිත සේනාරත්නලා ඒ අතරතුරේ දී ජිහාඞ් සංවිධානයට හොර රහසේ කුමන්ත‍්‍රණ කිරිමට අවශ්‍ය වාතාවරණය සකස්කර දෙයි. එය හරියට සිගරට් සමාගම්වල අනුග‍්‍රහය ලබමින් දුම්වැටි විරෝධී පෙළපාලි යාම හා සමානය. නව අර්ථකතනයන්ට අනුව ජිහාඞ් සංවිධානය ලංකාවට එන්නේ සිංහල ජාතිවාදීන් නිසාය, බොඳු බල සේනාව නිසාය. මේවාට කියන්නට වචන නැත. ජිහාඞ් සංවිධානය මේ වන විටත් ලංකාව තුළ කුමන්ත‍්‍රණකාරී ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවති. ඒ සිංහලයා ජාතිවාදී වීම නිසා නොව ලොවම ඉස්ලාම් කොඩිය යටතට ගැනීම උදෙසාය. අන්තවාදීහු නම් මොවූහුමය. බොඳුබල සේනාව සිදු කළේ එවන් අන්තවාදීන් හෙළදරව් කිරීමයි.

තව අවුරුදු තිහ හතළිහකින් තිසරණිලා මෙසේ කියනු ඇත. ”අතීතයේ එක් කලක අලූත්ගම දර්ගානගරය තරම් සාමකාමී නගරයක්, මුස්ලිම් ජනතාව තරම් නිතීගරුක පුරවැසියන් පිරිසක් මේ රටේ නොවූහ”. දර්ගා නගරය අලූත්ගම පමණක් නොව මේ රටේ මුස්ලිම් බහුතරයක් ජීවත්වන සෑම නගරයකම තත්ත්වය තිසරණීලා නොදන්නවා නොවේ. ඒ නගරවල කිසිඳු නීතියක් ක‍්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකිය. නීති කඩකරන මුස්ලිම් අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරිමෙන් තිසරණීලා කතා කරන සහජීවනය බිඳ වැටේ. යම් ලෙසකින් එසේ කළහොත් තිසරණීලා මෙසේ කියනු ඇත. ”ජාතිවාදී සිංහල පොලිස් නිලධාරින් හෙල්මට් නොපැළදි අහිංසක මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට ගැනීම නිසා රට තුළ මහත් ව්‍යවසනයක් ඇති වනු නොඅනුමානය”. රටේ සාමාන්‍ය නීතිය පරයා ඔවුන්ගේ ආගමික නිදහස ඉදිරියට පැමිණීමේ ප‍්‍රථිපලයක් ලෙස යතුරු පැදි වල ගමන්ගන්නා මුස්ලිම් අය හෙල්මට් පළදින්නේ නැත. පදිකයින් පාරේ ගමන් කරන්නේ රංචු වශයෙනි. නිකරුණේ පාරට වී සිටින අය බොහෝය. මහපාරේ ගමන්කරන රථ වාහන ඔවුන් අතරින් සීරුවෙන් ගමන් කළයුතුය. කිසිවෙකුගේ හෝ ඇගේ යාන්තමින් හෝ වැදුන හොත් පිරිස වට වී එම වාහනයට පහර දෙති. පසුගිය පෝදා ඇති වූ සිද්ධියට පැහැදිලිව වගකිව යුත්තේ මෙවන් පිරිස්ය. අඳ බාල තිසරණිලා එහි වරද බොදු බල සේනාව වෙත පටවයි. බලය රැකගන්නට ජාතිය පවා දෙන අපේ නායකයින්ට පෝදා සංඝයා වහන්සේ නමකට පහරදීම සුළු සිද්ධියකි. බොඳු බල සේනාව අලූත්ගමට පැමිණියේ මේ කතාව රටට කියන්නටය. සිංහල බෞද්ධයාගේ ඇස් පෑදීමටය. සිංහල බෞද්ධකම ගැන කතා කිරීම අද වන විට ජාතිවාදීවීමකි. තමන්ගේම රටේ සිංහලයෝ අසරණව මුඛ වාඩම් බැඳ සිටිති.

අයේෂා ආබ්දීන්, කළුතර අතිරේක මහේස්ත‍්‍රාත්වරිය මෑතකදි කළ ප‍්‍රකාශයක් මෙහිදි දක්වනු කැමත්තෙමි. බේරුවල මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙසට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිම පිළබඳව ඇය බේරුවල පොලිසියට ප‍්‍රශංසා කරයි. අයේෂා ආබ්දීන් මුස්ලිම් ජාතික කාන්තාවකි. මෙහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල තරුණයන්ය. සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීම ගැන බේරුවල පොලිසියේ නිලධාරින්ට ප‍්‍රශංසා කරන ඇය පෝදා සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලිසිය ක‍්‍රියා කළ ආකාරය හෙළා නොදකින්නේ ඇයි? මෙහිදි ඇය සඟවාගන්නට උත්සාහ දරන්නේ ඒ ජාතිවාදය නොවේද? තිසරණිලා කිසිදිනෙක මේවා ගැන කතා නොකරනු ඇත.

තිසරණිට අනුව හික්කඩුවේ සුමංගල හිමියෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ, එස් මහින්ද හිමියෝ ජාතිවාදීහුය. හික්කඩුවේ සුමංගල හිමියන් එදා ඉංග‍්‍රිසි පාතික කොඩිය බිම ඇඳ දැමීම නිසා අද ජිනීවාහිදී බි‍්‍රතාන්‍යන්ගේ ජන්දය අප රටට නොලැබී ගියේය. එස් මහින්ද හිමියන් ලියු මෙවන් කවි නිසා කළු ජූලියේදි සිංහල මිනිස්සු ප‍්‍රකෝප වී ජාතිවාදී ලෙස හැසිරීමෙන් අහිංසක දෙමළ ජනතාව පීඩනයට පත් කළහ.

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉහ මොළ තිබියදිත් මේ ගැන නොසිතන්නේ
ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහලූන්නේ

තිසරණීලා දැන ගතයුතු දෙයක් ඇත. සිංහල බෞද්ධයා කිසි දිනෙක බුදුදහම බලහත්කාරයෙන් ප‍්‍රචාරය කිරිමට උත්සාහගත්තේ නැත. අනුනගේ රටවල්වල බලහත්කාරයෙන් පදිංචිවූයේද නැත. අනුන්ගේ රටවල් අල්ලාගන්නට ගියේද නැත. එහෙත් තම ජාතියට ආගමට අවැඩක් වූ හැම විටම නැගී සිට ඒ වාඩුව ගත්තේය. සෑම සිංහලයෙකුම එසේ නොවූවත් බහුතරයක් එසේය. නුදුරු අනාගතයේදි තිසරණිලාගේ දරුවන් කළු ලෝගුවෙන් බේරීමට එවන් සිංහලයන්ගේ සෙවණට එනු නොඅනුමානය.

චම්පා වෛද්‍යතිලක 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions