8/14/2015

සතුරා හඳුනා ගනිමු, පරාජය කරමු.

කතෘ:යුතුකම     8/14/2015   No comments


රටකට විවිද ආකාරයේ සතුරන් සිටිති. දේශපාලන සතුරන්, ආර්ථික සතුරන්, සංස්කෘතික සතුරන් වශයෙන් ඔව්න් සරලව කොටස් කල හැකිය. රටක භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරන සියලු පුද්ගලයන්, සංවිධාන, රාජ්‍යයන් රටේ ප්‍රධාන සතුරලෙස සැලකිය යුතුය.

එනයින් බලනකල පසුගිය වසර 2500 ක ඉතිසසයතුල ලංකාවේ සතුරන් වර්තමානය දක්වාම එසේම වන අතර අනාගතය සඳහාම ඔව්න් අපගේ සතුරන්ම වනබව ඔවුන් විසින් මානව පෙන්නුම් කරමින් සිටියි. ලංකාව ඉන්දීය සගරයේ පිහිටාතිබෙන තුරුත්, ඉන්දියාව යනුවෙන් හඳුන්වන භූමිය අපගේ එළිපත්තේ තිබෙන තුරුත් අපගේ වර්තමාන සතුරන් සදාකාලිකවම අපගේ සතුරන්ම වනු ඇත.

අතීතයේදී ඉන්දියාවෙන් පැමිණි සොලියෝ , පාන්ද්‍යායෝ,කාලිංගයෝ අවස්ථා ගණනාවකදී ලංකාව මංකොල්ල කනලදී , යටත් කරගෙන පාලනය කරන ලදී. මෙම ආක්‍රමණ නිසා ශ්‍රී ලංකා රාජධානිය තැනින් තැනට රැගෙනයාමට සිදුවූ අතර එය ශ්‍රී ලංකාවට ප්‍රභල රාජ්‍යයක් ලෙස වර්ධනය වීමට තිබු අවස්ථාව අඩාලවීමට බලපෑවේය. රටවල් ආක්‍රමණයකර යටත්කරගැනීම දැන් යල්පැනගිය ක්‍රමවේදයකි. වර්තමානයේ එවන් ආක්‍රමණ නොවුවද ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් යටත් කරගැනීමට ඉන්දියානුන් ඔවුන්ට කළහැකි සියලු දේ කරමින් සිටියි. ඉන්දියාව ලංකාවේ මිතුරෙකුනම් දෙමල කොටි පුහුණුකර ආයුධ සන්නද්ධ කරන්නෙත්, ගුවන් සිමා ආක්‍රමණය කරන්නෙත්, බලෙන් රටේ ව්‍යවස්ථාව වෙනස්කරන්නෙත්, වෙළඳ ගිසුම් වලින් වැඩි වැසි ගැනීමට බලපෑම් කරන්නෙත්, ජාත්‍යන්තර තලයේ ලංකාවට එරෙහි වන්නේත් නැත.මහාචාර්ය නලින් ද සිල්වාට අනුව ලංකාවට සිටියේ ඉන්දීය මිතුරෝ දෙදෙනෙකු පමණි, ඒ බුදුරජාණන් වහන්සේ හා අශෝක අධිරාජ්‍යයා පමණි. ඔවුන් හැර පිරිසිදු චේතනාවෙන් ලංකාවට මිතුරුකමක් පෑ එකඳු ඉන්දියානුවෙක් සිටිනම් දැනගැනීමට අප ඉතා සතුටු වෙමු.

යුරෝපියයෝ අක්‍රමනිකයෝය, මංකොල්ල කරුවෝය, ඔවුන් 14 වන ශතවර්ෂයේ සිටම ලංකාවේ පැවැත්මට අභියෝග කරයි.ඔවුන්ගේ ම්ලේච්ච ආක්‍රමණ හා මංකොල්ලකෑම්නිසා ලංකා රාජ්‍ය බෙහෙවින්ම දුර්වල විය. අද දක්වාම ලාංකිකයන්ට ජාතියක් ලෙස නැගීසිටීමට හැකි සියලු අවස්ථා සඳහා ඔවුන් අකුල් හෙලයි.

ඉහත සඳහන්කළ කිසිඳු ආක්‍රමණිකයෙකු අදවනවිට එම සතුරු ක්‍රියාදාමයන් නවතා අපගේ මිතුරන් බවට පත්වි නැත. එදා කල සතුරු ක්‍රියාදාමයන් අදටත් සිදුකරමින් සිටියි. වෙනසකට ඇත්තේ ඔවුන් දේශීය නියෝජිතයන් හරහා ඔවුන්ගේ න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරවාගැනීමයි. මෙහිදී එම නියෝජිතයන් හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. එහිදී ප්‍රමුකම කාර්යභාරයක් සිදුකරන්නේ ඔවුන්ගේ සංස්කෘතිය, අධ්‍යාපනය හා මුදල් මත යැපෙන “යහ” මුහුණක් පෙන්වන ද්‍රෝහී පාලන කණ්ඩායමයි. අනෙක් නියෝජිත කණ්ඩායම වන්නේ සුළුජන කණ්ඩායම් නියෝජනය කරන ජාතිවාදීන්ය.සතුරන් විසින් ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජනතාව සිංහලයාට එරෙහිව යොදාගනිමින් සිටියි. මෙම සුලුජාතික කණ්ඩායම් රටට සතුරු ක්‍රියාදාමයන්හි නියැලෙන බව කීමට අපවිසින් ධෛර්ය උපදවාගත යුතුව ඇත.ජාතික සමගියේ නාමයෙන් අපි අපම රවටාගතයුතු නැත. සියලු දමිළයන් කොටින් නොවුවද බහුතරයක් දමිළයෝ ඊළාම් වාදියෝ වෙති. සියලු මුසල්මානුන් ජිහාඩ් වරු නොවුවද බහුතරක් මුසල්මානුන් ලංකාවතුල නසරිස්ථානයක් ප්‍රාර්ථනා කරති.

අද මෙම සියලු සතුරන් එක් කණ්ඩායමක් ලෙස ඒකරාශී වී රැවටිලිකාර නමක් දමාගෙන සාමාන්‍ය ජනතාව මුලාකරමින් සිටියි. පොදු ජනතාවගේ ප්‍රමුක කාර්යභාරය විය යුත්තේ මේ සතුරා හඳුනා ගැනීමයි. ඔවුන් පරාජය කිරීමයි.

නලින්ද කරුණාරත්න 

යුතුකම සංවාද කවය

www.yuthukama.com

7/21/2015

ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?

කතෘ:යුතුකම     7/21/2015   No comments
ඊළම ලඟා කරගැනීම සඳහා ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දිගුකාලින සැලැස්මක ප්‍රතිපලයක් වශයෙන් ඉතා සුක්ෂම ලෙස බෙදුම්වාදයට නතු කර ගනිමින් සිටිනවා දැයි සැකයක් මතුවෙයි.

90 දශයේ මුල් භාගයේ සිට මෙම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව මගේ හැඟීමයි. UNP ය බටහිර අධිරාජ්‍යවාදී පක්ෂයක් වූවත් ප්‍රේමදාස සමයේ එය ජාතිකවාදී මාවතක ගමන් කළේය. පක්ෂය තුළත් ඉන් පිටතත් සිටි අධිරාජ්‍යවාදී ගැත්තන් අභූත චෝදනා නගමින් ප්‍රේමදාස මහතා විනාශ කළේය. අවසාන වශයෙන් ඔහුව LTTE මගින් ඝාතනය විය/කරවීය. ඊට සමගමිව අනෙකුත් UNP නායකයන්ද ඝාතනය වූ අතර ඒ වනවිට පක්ෂයේ සිටි ඇලික් අලුවිහාරේ, ගාමිණී අතුකෝරල, ලොකුබණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන් පසෙකට කරමින් කිසිඳු පෞර්ෂයක් නැති, කථිකත්වයක් නැති, ජනප්‍රිය නැති, ලාබාල,අධිරාජ්‍යවාදී ගැති රනිල් වික්‍රමසිංහ නායකත්වයට පැමිණීම දක්වා වූ මේ සිද්ධි දාමය හුදෙකලා සිදුවීම් මාලාවක්ද!

රනිල්ගේ ආගමනයත් සමග දෙමල බෙදුම්වාදය සම්බන්ධයෙන් UNP ය දැරූ මතය පැහැදිලි වෙනසකට ලක් කෙරිණි.දෙමළ බෙදුම්වාදයට විසඳුම වශයෙන් UNP ප්‍රතිපත්තිය “බලය බෙදීම” ලෙස වෙනස් කළ අතර, අද දක්වා UNP ය බලය බෙදීමක් සඳහා පෙනි සිටියි.

UNP ය සඳහා ඉහත ක්‍රියාදාමයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහාද නායකත්වය හා ප්‍රතිපත්ති වෙනසකිරීමේ ව්‍යාපාරයක් 90 දශයේ මුල් භාගයේ සිට ම ක්‍රියාත්මක විය. නිදසක් පක්ෂය එහි ආරම්භයේ සිට ම ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි අතර බණඩාරනායක මැතිනිය දේශප්‍රේමී මෙන්ම සමාජවාදී ගුණාංග සපිරි නායිකාවක් වූ අතර නිදහස පක්ෂයේ මුලික ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යමින් පැවතිණි.

එහෙත් ඒ වනවිටත් පක්ෂය තුළ ස්ථාවර වෙමින් සිටි ෆෙඩරල්වාදීහු, NGO කණඩායම් සමග එක්වී චන්ද්‍රිකා ලන්ඩනයෙන් ආනයනය කර නිදසක් පක්ෂයේ නායකත්වයට පත් කළහ. ඒ සමඟ බෙදුම්වාදයට විසඳුම වශයෙන් “බලය බෙදීම” නිදහස් පක්ෂය ඇතුළු පොදු පෙරමුණේ ද ප්‍රතිපත්තිය ලෙස සංශෝධනය වීය. ඊට අමතරව ෆෙඩරල්වාදී සුළු පක්ෂ රෝත්තක්ම නිදහස පක්ෂය වටා එකතුවී පක්ෂයේ ජාතිකත්වය තවත් අඩපන කරන ලදී. කරුණු එසේ සිදු වූයේ සාමාන්‍ය සිදුවීම් මාලාවක් ලෙස ද, එසේත් නැත්නම් බෙදුම්වාදයේ අවශ්‍යතාවය සඳහා ද යන්න සිතා බලනු වටී.

ලංකාවේ ආණ්ඩු බලය හිමි කර ගන්නා ප්‍රධාන පක්ෂ දෙක ම බෙදුම්වාදී අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින මට්ටමට ගෙන ඒමට රටේ සතුරන් සමත්වීම සතුරා ලැබූ විශාල ජයග්‍රහණයකි.

කෙසේ වුවත් ප්‍රභාකරන්ගේ අන්ත පැසිස්ට්වාදය මෙම අවස්ථාවේ රටේ වාසියට සිටි අතර “දැන් ටිකක් පස්සේ ගොඩක්” යන දෙමල ප්‍රභූ දේශපලකයන්ගේ හිවල් ක්‍රියාදාමයට තෙල් මල් පුදමින් සිටි රනිල් - චන්ද්‍රිකා සුසංයෝගයට ප්‍රභාකරන්ගේ “මස් රාත්තලම” ඉල්ලීම පරහට සිටියේ ය.

ප්‍රභා සමග මේ වැඩේ කරගත නොහැකි බව දැනගත් අධිරාජ්‍යවාදීන් හා දෙමල ප්‍රභූ දේශපාලකයන් එතැන් සිට ප්‍රභාකරන්ට එරෙහි විය. ඒ මන්ද යත් වර්තමාන ලෝකයේ යුද්ධ කර රටවල් බෙදීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු බව ඔවුන් දැන ගෙන සිටි නිසා ය. සටන් කිරීම සතුරාට පීඩනයක් එල්ල කිරීම සඳහා පමණක් බව යුද්දයෙන් මත්වී සිටි ප්‍රභාට නො තේරිණි.

කෙසේ හෝ රටේ දේශප්‍රේමී කණ්ඩායම් මහින්ද රාජපක්ෂ ගෙන ඒමත් සමග දෙමෙළ බෙදුවාදයේ මිලිටරි උපාය මාර්ගය පරාජය කිරීමට හැකි විය. එහෙත් දෙමල බෙදුම්වාදය පෙරටත් වඩා අරමුණු සහගතව හා සැලසුම සහගතව ක්‍රියාත්මක වන අතර ප්‍රභාකරන්ගෙන් මිදුණු ඔවුන් තම දීර්ඝ කාලීන සැලැස්ම ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කරමින් පවතී. මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමෙන් පමණක් ම 90 දශකයේ සිට ක්‍රියාත්මක බෙදුම්වාදී ඊළාම් සැලැස්ම නැවතත් බලගැන්විය හැකි බව ඔවුහු දනිති. ඒ මන්දයත් UNP ය තවමත් රනිල් යටතේ පවතින අතර, ෆෙඩරල් වාදීන් නිදහස් පක්ෂයේ ප්‍රභල ඇමතිවරුන් වන වන බැවිනි. එහෙයින් නැවත ඊළාම් ගමන බලගැන්වීම සඳහා සැපිරිය යුතු එක ම අවශ්‍යතාව මහින්ද ඉවත් කිරීම පමණි. දැන් යහ පාලන ව්‍යාපාරය හරහා නිදහස් පක්ෂයේ බලය ෆෙඩරල් වාදීන්ට නතුවී ඇත. මහින්ද පරාජය කර ඇත. කුමන්ත්‍රණකරීන් දැන් ශ්‍රී ලංකා දේශපාලනය ෆෙඩරල්කරණය කිරීම වේගවත් කර තිබේ.

මේ අතර කලක් බෙදුම්වාදයට එරෙහි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ සුළු පක්ෂ ද බෙදුම්වාදය සිය ග්‍රහණයට ගනිමින් සිටියි. යම් තරමක හෝ ජාතිකත්වයක් තිබු සෝමවංශ අමරසිංහ JVP නායකත්වයෙන් පමණක් නොව පක්ෂයෙන් ද නෙරපා දමා ඇත. විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැන්නන් කලින් ම ඉවත් කර ඇත. අනුර දිසානායක JVP නායකත්වය පත්වීමත් සමඟ ඔහුගේ සැබෑ බෙදුම්වාදී ක්‍රියාදාමය ආරම්භ කර ඇත. දැන් ඔහු දෙමළ ජාතියට වී ඇති අසාධාරණය පිළිබඳ කතා කරයි. මෙය සාමාන්‍ය බල පෙරළියකින් සිදූවූ දෙයක්ද නැත්නම් සැලැස්මක ප්‍රතිපලයද යන්න සිතා බලනු වටී. JVP හැරදමා කැළණි ගිය අනුර නැවත JVP යට පුනරාගමනය කර බලය ඇල්ලීම කගේ අවශ්‍යතාවයක් විය හැකිද?

ආසන්නම සිදුවීම වන්නේ මා ඇතුළු නුතන දේශප්‍රේමීන්ගේ සිහින කුමරා වූ චම්පික රණවක හරහා හෙළ උරුමයට සිදුවූ විනාශයයි. චම්පික ගැසූ බල්ටියේ තරමින්ම බෙදුම්වාදී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රබලත්වය හා සුක්ෂම බව කොතෙක් දැයි අදහසක් ගත හැකි බව මගේ හැඟීමයි.

එපමණක් නොවේ වෘත්තීයවේදී සංගම් පවා අධිරාජ්‍යවාදී බෙදුම්වාදී බලවේගයට නතුවෙමින් පවතී. මහාචාර්ය නලින් ද සිල්වා නායකත්වය දැරූ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිර්මාල් රංජිත්ට නතු වීම එක් උදාහරණයකි. නිතිකඥ සංගමයේ ක්‍රියා කලාපය, “නව පරපුර” නමින් හඳුන්වන තරුණ කලාකරුවන්ගේ ව්‍යාපාරය හරහා සිදුවෙමින් පවතින්නේ ද එයයි. බොදුබල සේනාව පවා බෙදුම්වාදී අවශ්‍යතාවන් සඳහා මහින්ද පරාජය කිරීමට නිර්මාණය කළ තාවකාලික උපක්‍රමයක් බව දැන් කාටත් පසක් වෙමින් පවතී.

මේ ආකාරයෙන් රටේ පාලක පක්ෂ සහ සිවිල් සංවිධාන කුමන්ත්‍රණකාරී ලෙස බෙදුම්වාදී ප්‍රතිපත්තීන්ට නතු කර ගත් විට ඊළම පිහිටු වීම කජු කනවාටත් වඩා පහසු වනු ඇත.

-නලින්ද කරුණාරත්න 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions