1/15/2017

රට බෙදන ව්‍යවස්ථාව පරදවන්න මන්ත්‍රීකම් අතහැර පෙරමුණ ගන්න - මාරපන සොයුරාගෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇරයුමක්

කතෘ:යුතුකම     1/15/2017   No comments
පක්ෂයකින් තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව චන්දය දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන මහතා පෙන්වා දෙයි.
එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේද එවැනි ලැජ්ජාසහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි. මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද එලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දෙන මාරපන මහතා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර පක්ෂ නායකයාට මන්ත්‍රීධූරය තීරණය කිරීමේ අයිතිය ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 -13-ආ වගන්තිය අහෝසි කළ යුතු යැයි අවධාරණය කරයි.

අධිනීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත 'බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන " ග්‍රන්ථය ජනගත කිරීම වෙනුවෙන් ජනවාරි 5 වනදා පදනම් ආයතනයේදී පැවති උලෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. අධිනීතිඥ ගාමනී මාරපන මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී , හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සොහොයුරාය

අභ්‍යන්තරයෙන් අඩංගුවෙන් රට බෙදෙන ෆෙඩරල් රාජ්‍යක් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සකස් කරමින් මිනිසුන් රවටන්නට පිටතින් ඒකීය බෝඩ් ලෑල්ල දමා මේ කරන ව්‍යාජයට හසු නොවන ලෙස ඉල්ලා සිටින මාරපන මහතා ආණ්ඩුව මේ කූට උපායමාර්ගවලින් රවටන්නට හදන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව චන්දය දීමට මන්ත්‍රීධූරය අහිමි කරාවියැයි පක්ෂ නායකත්වයට බියෙන් මුලු නොගැන්වී පෙරට එන ලෙස මාරපන මහතා මෙහිදී පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනය කර සිටී.'

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ගාමිණී මාරපන මහතා
"මනෝහර ද සිල්වා
මහතා මේ ග්‍රන්ථය හරහා කිස්සිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රසංසන්සා කළ යුතුයි.මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කරල තියෙනවා.
මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්‍රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.
මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්‍රන්ථයක් කියවලා නෑ.

දා 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඥයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.
මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි." යැයිද පැවසීය.
සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...

සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/01/2016

"මිස්ටර් ක්ලීන්" වෙස් මුහුණ බිම - මහ බැංකු මහ හොරා අස්වෙනු ! !! ගෙවිඳු කුමාරතුංග [Video]

කතෘ:යුතුකම     12/01/2016   No comments

  • ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි? 
  • කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි? 
  • එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි? 
  • බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් - රනිල් මැදිහත් වූයේ කෙසේද? 
  • ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද? 
  • මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද? 
  • ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු මහ හොරා කවුද? 
  • මේ පළමු වතාවද? - රනිල්-අර්ජුන් අතීතයේ සිට දුන් ගේම් මොනවාද?
මීට වසරකට පමණ පෙරදී බැඳුම්කර හොරකමට රනිල් සෘජුව සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන දේශපාලන සතුරන් පවා පසු බට විය. ඒ කාලයක් පුරා ඔහුට අන්දා තිබූ 'මිස්ටර් ක්ලීන්' ලේබලය නිසා උපන් මනෝභාවය විය හැක. නමුත් මහ බැංකු මංකොල්ලය සිදු වී වැඩි කලක් නොගොස්ම එහි යටිත් තිබූ සම්බන්ධය හෙළි කල කිහිප දෙනා අතර ගෙවිඳු කුමාරතුංග මහතාද විය. එදා "මහ බැංකු මහ හොරකමේ මහ හොරා කවුද" යන හෙළිදරව්ව හරහා බැඳුම්කර මගඩියේ බොහෝ දෙනා නොදුටු යටි පෙළ ඔහු අපූරුවට ගලපා පෙන්වීය.

අද වන විට බැඳුම්කර මගඩිය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි දරව් වී හමාරය.එදා මහ බැංකු මහ හොරකමේ මහ හොරා කවුදැයි හරියටම නිශ්චිත කර ගත නොහැකිව සිටි බොහෝ දෙනාට අද ඒ අවබෝධය ලැබී ඇතිවාට සැක නැත.
"මිස්ටර් කිලීන්" වෙස්මුහුණ ගැලවී ලැජ්ජා සහගත නිරුවත තව දුරටත් වසං කළ නොහැකි ලෙස හෙළිදරව් වී හමාරය..
දැන් ඉතින් කීමට ඇහ්තේ එක දෙයකි. හොරා අස්වෙනු !!

පසුගිය නොවැ 19 දා යුතුකම සංවාද කවය සංවිධානය කළ 'හොරා ඉල්ලා අස් වෙනු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා සිදු කළ හෙළිදරව්ව පහත සබැඳියෙන්..

සටහන: යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/05/2016

ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි... - ඇල්ලේ හාමුදුරුවෝ

කතෘ:යුතුකම     7/05/2016   No comments
හවුල් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය නාමයෙන් සිදු කරමින් සිටිනුයේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඒකීය රාජ්‍යයේත් බුද්ධ සාශනයේත් මළගම සිදු කිරීම බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය යනු වෙනම රටක් සඳහා ලියවෙන නීත්‍යානුකූල ඔප්පුව බවත් ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කරති.

වසර දෙදහස් පන්සියයක ඔප්පුවක් හිමි මව්බිමේ සැබෑ හිමිකරුවන් ඔප්පුව මත වාඩි වී හූල්ලමින් සිටිද්දී ඉන්දීය- ඇමරිකා - බ්‍රිතාන්‍ය මැදිහත්වීම මත හවුල් ආණ්ඩුව රට බෙදා වෙන්කිරීමේත් බුද්ධ සාශනය වැනසීමේත් කටයුතු සීඝ්‍රයෙන් සිදු කරමින් ඇතැයිද උන් වහන්සේ පෙන්වා දෙති. මෙරට කෝටි දෙකක ජනගහනය අතරින් හාරදහසකගෙන් පමණ ලබා ගත් අදහස් යැයි කියමින් රනිල් වික්‍රමසිංහ පත් කළ ලාල් විජේනායක කමිටුව විසින් ව්‍යවස්ථා සංශෝධනයට මහජන අදහස් යනුවෙන් ඉදිරිපත් කළ වාර්ථාව හරහා මේ දුෂ්ඨ උපායේ ගමන් මග පැහැදිලි වන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පෙන්වා දෙති.

අතීතයේ දී සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත්වී තිබුණත් අද වන විට ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, රොස්‌මිඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස එම පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත් වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේ ජුනි 23 කොළඹ පුස්තකාල ශ්‍රවනාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ 'ෆෙඩරල් සංහිඳියාව' සම්මන්ත්‍රණයේ මූලාසනයේ විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී තවදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ

" මෙම සම්මන්ත්‍රණයට එන්න මිදුලට බහිනකොටම මගේ අතට ලැබුණ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මැතිවරණවල දී අනුගමනය කළ යුතු උපමාන පිළිබඳව සඳහන් කරලා තිබෙන අති විශේෂ ගැසට්‌ පත්‍රය. මෙහි සඳහන් වෙලා තිබෙන ආකාරයට ඉදිරියේදී ජනමතවිචාරණ- මැතිවරණ ආදියේදී ජාතික සහ ආගමික සංකේත යොදා ගැනීමට බැරිවෙනවා. රට වනසන්න මාන බලන කණ්ඩායම්වලට මූලිකම බාධාව බවට පත් වෙලා තිබෙන්නේ මේ අපේ භික්ෂූන් වහන්සේලා ඇතුළු බුදු සසුනයි. ථෙරවාදී බුදුදහම ආරක්‌ෂා වී තිබෙන රටවල් අතරින් සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ දී පමණයි. ප්‍රභාකරනුත් කිව්ව කහ රෙද්ද තිබෙන කම් මුකුත් කරන්න බැරි බව. එම නිසා කහ රෙද්ද ඉවත් කිරීම සඳහා කටයුතු පටන් අරගෙන තිබෙනවා.

ලෝකයේ සිටින ජාතීන් අතර සිංහල ජාතිය ප්‍රමාණයෙන් කුරා කූඹියෙක්‌ වගේ. එසේ වුවත් මෙම ජාතිය වටා ජාත්‍යන්තර බලවේග රාශියක්‌ ක්‍රියාත්මක වනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය. ඇමරිකාව, රෝස්‌මීඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී තිබුණත් එදා එම තැන හිමි වී තිබුණේ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු බලවේගයන්ටයි.

ෆෙඩරල් පාලනයකින් බිහිවන්නේ ඊළාම් රාජ්‍යයක්‌ තමයි. මේ වන විටත් හලාවත, දෙමළෙන් සිලාවතුරෙයි බවටත් ඉංග්‍රීසියෙන් චිලව් බවටත් පත්වී තිබෙනවා. ඒ ආකාරයට උතුරේ බොහෝ ග්‍රාම නාම දෙමළ බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කියන්නෙත් ඉලංකෙයි කියලා. ඒ අනුව පැහැදිලි වනවා මේ වනවිට ඊළාම් රාජ්‍යයේ ඔප්පුවත් ලියල අවසන් බව. දැන් මේ සූදානම් වන්නේ එම ඔප්පුවට අනුව නීත්‍යානුකූල මායිම් කණු දාන්න.

අද බුද්ධ සාශනයටත් අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වන විට දළදා මාලිගාවටත් ඉහළින් යන්න වෙනත් ගොඩනැඟිලි හදනවා. හාමුදුරුවරු මේ රටේ අයිතිකාරයන් වගේ සිටිය යුතුයි. නමුත් අවුරුදු 2500 ක ඔප්පුව උඩ වාඩිවෙලා බෝඩිංකාරයෝ වගේ සිටිනවා. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාවගේ අදහස්‌ ලබාගත් කමිටුවේ වාර්තාව එළි දක්‌වා තිබෙනවා. කෝටි දෙකක ජනගහනයක්‌ සිටින රටේ 4150 කගේ පමණයි අදහස්‌ ලබාගෙන තිබෙන්නේ. ඒ අය අතර ෆැක්ස් සහ ඊමේල් එවපු අයත් සිටිනවා. ඒ අය තමයි රටේ අනාගතය තීරණය කරන්න හදන්නේ.

1978 ව්‍යවස්‌ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වූ කොටස ඉවත් කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුත්තේ සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම පිළිබඳවයි. බුද්ධාගම කොහොමත් ආරක්‌ෂා වනවා නමුත් ශාසනය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්‌ථාව මගින් සමලිංගිකත්වය නීති ගත කිරීමට යනවා. මෙම යෝජනාව ගෙන එන සමහර අයට දරුවෝ නැහැ. ඒකට අපි පළිද? දරු සෙනෙහස දැනෙන අය තමයි රට හැදිය යුත්තේ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හරිම දුකක්‌ ඇතිවෙනවා.

අපි ගහට කොළට ආදරය කළ ජාතියක්‌. අපි කුරුල්ලන්ට කුරුලු පාලුවක්‌ වෙන් කළා. ගවයන්ට තණ කන්න වෙනම කෑල්ලක්‌ වෙන් කළා. එහෙම කරපු අපට පර සුද්දන් මානව හිමිකම් පිළිබඳව උගන්වන්න එනවා.
ඇමරිකාව , එංගලන්තය, ඉන්දියාව යන රටවල් තුන එකතු වෙලා අපට එරෙහිව කුමන්ත්‍රණය කරනවා. මේ රටේ නාඩි වැටෙන ආකාරය පිළිබඳව අපි ඉන්නේ අවධානයෙන්. මේ රටට එරෙහිව විශාල කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් බලතල දුන්නොත් සේරුවිලට, තිරියායට, නාගදීපයට, වෙල්ගම්වෙහෙරට යන තත්ත්වය කුමක්‌ ද වැල්ලවත්ත ප්‍රදේශයේ අක්‌කර 600 ක ප්‍රමාණයෙන් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි.මේ ආක්‍රමණයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමු. දරුවනි ඔබේ මව්බිම අවසන් හුස්ම හෙළුවේ නැත. ඇය  තාවකාලික නින්දකට වැටුණා පමණි.

ඇල්ලේ ගුණවංශ හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..



යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/15/2016

අනාගතය විනිවිද දුටු 'වංශලා'

කතෘ:යුතුකම     6/15/2016   No comments
-යටියන ප්‍රදීප් කුමාර-
මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි.
ජනතා විමුක්ති පෙරමුණ  එහි මුල් අරමුණුවලින් උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තම පක්ෂ නායකත්වය සහ උද්යෝගී තරුණ සාමාජිකයින් දහස් ගණනකගේ දිවි පූජාකළ පක්ෂය අද බෙදුම්වාදීන්ගේ ගෙරවිලි හඬ ඇසෙද්දී නකුට ගසා ගන්නා දීන තත්වයට ඇද දමා තිබේ.
අනුර කුමාර මහතාට නායකත්වය ලැබීම පිළිබඳ එදා, අනාගතය කළින් දුටු යුතුකම සංවාද කවය තැබූ සටහනකි මේ. ඒ වන විටත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කටයුතු භාර වගකීම් දැරීය. පසුව අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමත් අවසාන කාලයේ පළ කළ අදහසුත් සැලකිල්ලට ගත් විට අප මෙහිදී මතු කරන්නට උත්සාහ කළ කරුණේ ඇති වලංගුභාවය තවත් තහවුරු වෙයි. 

**********************************************************

පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම හෙවත් ජවිපෙ නායකත්ව වෙනස

2014/02.22

"අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදය" 

සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර විසින් ජවිපෙ  බිහිකරන්නේ එතෙක් පැවති සාම්ප්‍රදායික පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග මුල් ඇල්ලිය හැකියැයි විස්වාස කරන පදනමක සිටය. 1965 වෙසක් පොහොද දිනය ජවිපෙ බිහිවන දිනය වන්නේ අහම්බයකින් විය නොහැක. ජවිපෙ බිහිවූ දා සිටම අන් වමේ පක්ෂවලට වඩා යම් කිසි සුවිශේෂී වෙනස් කමක් සහිතව වර්ධනය විය. "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත් බවට සැක නැත. සමාජවාදයට යන මග වැටී තිබෙන්නේ ජාතික විමුක්ති අරගලය ඔස්සේ බව විජවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය. 

එසේ වුවත් ජවිපෙ මුල් පොත් වන මාක්ස්වාදි කියවීම් සමග විජේවීර සූත්‍රගත කල මේ උපායමාර්ගය සමපාත නොවීමේ අවුලක් නිසාදෝ ජවිපෙ වරින් වර අමු මාක්වාදය දෙසටත් විටෙක් ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලන වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ පහසු නිරීක්ෂණයකි. 
ජවිපෙ දෙවන මර්දනයෙන් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට කඩා වැදුණු 93න් පමණ පසු ජවිපෙ තුලද මේ අවුල විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997 දී පමණ) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමහ පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998 දී පමණ) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදී මත දරන්නන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු 93න් පසු දශකය තුල හොඳින් පැහැදිළි විය. 

කෙසේ වෙතත් 94න් පමණ පසු ඒකාබද්ධව නොවූ තත්වයක් යටතේ වුවත් සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුවද ඊට සමානුපාතික ලෙස බාහිරට පෙනෙන්නට විය. ඩී එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය. 
ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව සත්‍ය ලෙසම අවංකව සිදු කල මැදිහත්වීමක් නොවන බවත් ඔවුන් එය බාහිර සමජය වෙත ආකර්ෂණය වීමට ලාගත් වෙස් මුහුණක් ලෙස,එසේත් නැත්නම් දුරින් දුටු සමාජවාදි දූව වෙත යෑමට තෙප්පමක් ලෙස ස්වදේශවාදය භාවිතා කල බවටත් නැගෙන චෝදනාව පසු කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් හරහා තහවුරු වූ බව අසත්‍යක් නොවේ.එසේ වුවත් ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණය ට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ අවංක කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය. 

බොහෝ විට ඉන්පසු ජවිපෙ සටන් පාඨය බවට පත් වූයේ "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්න නොව "ජාතිකවාදී විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්නයි.අධිරාජ්‍ය විරෝධය වෙනුවට ජාතිකවාදයට එරෙහි ආස්ථානයක පිහිටා තම උපක්‍රම තෝරන්නට ජවිපෙ යොමු වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. ජාතිකවාදය සතුරු පාර්ශව කර ගත් දා පටන් ජවිපෙ පසුබෑම ආරම්භ වූයේ යැයි කීම සදොස් නොවන නිගමනයකි. 

අවුල 2004 ද ? 

 2004 මහමැතිවරණ සමයට පෙර වන විට මෙරට පත්ව තිබුනේ 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි, එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා රට යළි යටත්විජිතකරණයට හසු වෙමින් තිබේය යන්න දේශපාලන චෝදනාවකට එහා ගිය පොළවේ යථාර්ථයක් බවට පත්ව තිබූ තත්වයකි.ඒ දේශපාලන තත්වය පිළිබඳ එකල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ යැයි සිතේ. 

උපුටා ගැනීම :
"2001 දෙසැම්බර් මැතිවරණයෙන් බලයට ආ 2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත් , "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය.එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. " 
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින 

මේ ප්‍රායෝගික තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග ගොඩනැගි සංධානය එහි නායක රෝහණ විජේවීර උපක්‍රමිකව පෙන්වා දුන් අධිරාජ්‍යවිරොධී ගමන් මගේම එක් තවත් දිගුවක්ම විය. එය කිසි සේත් අධිරාජ්‍ය විරොධය ඔස්සේ සමාජවාදයට යන රෝහණ විජේවීර විසින් පක්ෂය තුල සූත්‍රගත කල උපක්‍රමික න්‍යායෙන් පීළි පැනීමක් නොවීය. එකල පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍ය සේ සලකා ජවිපෙ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා ආන්ඩුව සමග දීගයට එළබිණ. 
නමුත් චන්ද්‍රිකා මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව අත්සන් කල මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම වූ අධිරාජ්‍යවිරෝධය ඔස්සේ සමාජවාදයට යන්නට අනුකූල විය.එකල අධිරාජ්‍යවාදය සෘජු අපේක්ෂාව වූයේද සුනාමි සහන මණ්ඩලය හරහා LTTE ය වෙත නීත්‍යානුකූලභාවයක් ලබා දීමය. 

ඒ අතින් ගත් කල 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ජවිපෙ සන්නද්ධ විප්ලවීය මග පිළිබඳ තව දුරටත් විස්වාස නොකරන්නේ නම් සහ පාර්ලිමේන්තු බලය හරහා රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ විස්වාස කරන්නේ නම් ඒ සඳහා සුදුසුම මගට 2004 වන විට එලඹ තිබුණා යැයි කීම නිවරදිය. එකල ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි. 

උපුටා ගැනීම:
 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය" 
 -අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07 

කරුණු එසේ තිබියදී ජවිපෙ නව නායකයා අද පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද? 
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් අසාර්ථක වන තෙක් බලා සිටින්නට ගත් තීරණයයි. එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය. 

අනාගතය විනිවිද දුටු 'වංශලා' 
වීරවංශ - සෝමවංශ
2005 දී මැතිවරණයේදී ජවිපෙ කුමක් කල යුතුද යන පක්ෂ අභ්‍යන්තර සංවාදය තුලදී එකල එහි ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ ඇතුලු කිහිප දෙනෙකු දැරූ මතය සුවිශේෂී විය. "2010 දිනන්නට 2005 ට" මුහුණ දෙමු යන මැයෙන් විමල් වීරවංශ විසින් 2005 අග භාගයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දීර්‍ඝ ලියවිල්ල තුලදී ඔවු ඉතා නිවරදි ලෙස විශ්ලේෂණාත්මකව පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දී ඉන් පසු ආණ්ඩුවේ කොටස්කරුවකු වී ජවිපෙන් ඉටු විය යුතු යුතුකම ඉටුකර බහුජන කැමැත්ත තම පක්ෂය තුලට කැඳවා 2010 මැතිවරණය වන විට ස්වාධීන ගමනක් යෑමට අවශ්‍ය පොළවේ බලය ශක්තිමත් කර ගැනීම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.
එසේ නැතිව 'කුමාරලා' කියූ පරිදි ස්වාධීනව තරඟ කලහොත් ඇතිවන අභාග්‍යසම්පන්න ඉරණමත් ජනාධිපතිවරණයේදී වැනෙන සුළු සහයක් මහින්ද රාජපක්ෂට දී ඉන් පසු ස්වාධීනව ඉඳීමේ බාග තීරණය හරහා ජවිපෙට දිනාගත හැකි ජයග්‍රහණ ස්ව කැමැත්තෙන් අහිමි කරගන්නා බවටත් ඉතා වැදගත් නිරීක්ෂනයක් විමල් වීරවංශ මහතාගේ ඒ පරිපූර්ණ විශ්ලේෂණයේ අඩංගු විය. 

මුලදි පොතේගුරුවාදීන්ගේ බාග තීරණය සමග එකට සිටි සෝමවංශ අමරසිංහ පසුව තමන් සිටි ස්ථාවරයේ දෝෂය වටහාගෙන එම බාග තීරණය නිසා පක්ෂයට ඉදිරියේදී සිදු විය හැකි ව්‍යසනය පිළිබඳ දුරදක්නා බවකින් වැදගත් යෝජනා කිහිපයක් අඩංගු යොජනාවලියක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. ඔවුන් පළකළ අනාවැකි අද වන විට කොතෙක් දුරට ටක්කෙටම හරි ගොස් ඇති බව නිරීක්ෂණය කරන විට මේ වංශ යුගල ජවිපෙ විසින් බිහිකල උපායමාර්ගික විසේෂඥයන් යන මතය බැහැර කල නොහැක. 

උපුටා ගැනීම: 
 "දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය... ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය" 
-විමල් වීරවංශ -2005 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

 එදා දුර දක්නා නුවණින් කල මේ යෝජනාවේ අගය ජවිපෙ නිළධාරි මණ්ඩලවලට වැටහිනි නම් යුද්ධය දිනන විට ජවිපෙ රජය තුල සාඩම්බර කොටස්කරුවන් වන්නට තිබිනි. ඒ තුල ඔවන්ට අත්වන ජනතා ප්‍රසාදය අති මහත් වන්නට තිබිනි.එහි අගය අද හොඳින් වැටහෙන්නේ අද වන විට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ තකතීරු වැඩවලින් හෙම්බත්ව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සැබෑ ලෙසම රටට හිතැති මිනිසුන් 'කෝ ඉතින් කොයි තරම් නරක උනත් මේකට විකල්පයක් පේන මානයක නෑනේ. ජවිපෙ වත් එදා හිටපු මතයේ හිටියනම්' යනුවෙන් හූල්ලනු දකින විටයි. 

විමල්ලා එදා යෝජනා කල මතයට පසුව එකඟ වූ සෝමවංශ අමරසිංහයන්ගේ නිරීක්ෂනය විමසා බලමු. උපුටා ගැනීම :
  "2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි." 
 "2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් 'දේශපාලන සිරිසඟබෝ ' භූමිකාව තොරාගතත යුතු නැත. 

අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත." 
"මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත " 
 -සෝමවංශ අමරසිංහ -2006 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

පක්ෂ විනයට යටත්ව සොමවංශ අමරසිංහයන් බාහිරට පෙනෙන්නට කුමක් කීවත් ඔහුගේ හෘදසාක්ෂියට අනුව නිවරදි මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිය. ඔහු මේ අර්ථකතනය දීමේදී මාක්ස්වාදී ස්ථාවරයෙන් බැහැරවීමක් සිදු නොවීය. දේශප්‍රේමය - ජාතික අරගලය පන්ති සටන ජනතාව වෙත ලඟාකරවීමේ හොඳම මග ලෙස ඔහු නිවරදිව වටහා ගනී.දුර දක්නා මේ දැක්ම තුල මූලධර්ම කරේ තබාගෙන යන හනමිටිය කර නොගෙන භූමියේ තත්වය ඉතා නිවරදිව දැක ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 
සැබෑවටම ජවිප අද වල්මත්වී පාර සොයාමින් යන වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද? 

කුමාරලා හිටියේ කොතනද?

උපුටා ගැනීම: 
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 

කෙසේ වෙතත් ඉහත උපුටා දැක්වූ පරිදි නව නායකත්වයට පත් විමෙන් පසු මාධ්‍ය හමුවේ එහි නායකයා පවසා තිබුණේ තමන් අද වන විට භුක්ති විඳින පරාජයන්ගේ ආරම්භය 2004 බවයි. 2004 සභාග ආණ්ඩු හැදීමේ දිහාවට පක්ෂය ගමන් කරවීමට ගත් තීරණය නිසා ඉන් පසු වාර කිහිපයකදී පිළිවෙළින් මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා ආදීන්ට සහය දෙන ප්‍රමුණු වලට සහභාගි වීමට සිදු වූ බවයි. කොටින්ම 2004 මහ මැතිවරණය ශ්‍රීලනිපය සමග එක්ව තරඟ කිරීම තම පක්ෂය සිදුකල දේශපාලන මග වරදාගැනීමක් බව ජවිපෙ නව නායකයා පෙන්වා දෙයි. එසේ නොවුයේ නම් පිරිසිදු පන්ති සටන් ක්‍රියාමාග හරහා අද නිර්මාණය වී ඇති තත්වයට වඩා හොඳ තැනක තම පක්ෂය සිටින බව ඔහුගේ අදහසයි. 
නමුත් එසේ නොවූයේ නම් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහි වන බවත් සොමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා ආදීන් ඉහත සඳහන් කල පරිදි එය අධිරාජ්යවාදයේ ජයග්‍රහ්ණයක් වීම ජවිපෙ නව නායකයාට ගැටළුවක් නොවේ. එකල සභාග ක්‍රියාමාර්ග දෙසට පක්ෂය තීරණ ගනිද්දී තමන් ද බහුතරය සමග එයට එකඟ වුවත් ඔහුට ඒ පිළිබඳ වෙනම දැක්මක් තිබූ බව ඔහු ඉහත මාධ්‍ය හමුවේදී ඉඟි කරයි. (සාමාන්‍යය්නෙන් ජවිපෙ නායකයන් එසේ පෞද්ගලික මත ප්‍රකාශ කරනු අප බහුලව අත්දැක නැත.)

 කෙසේ වෙතත් අනුර කුමාර දිසානයක මහතා පවසන අදහස සත්‍යක් විය හැකි බව මීට ඉහත පක්ෂයෙන් ඉවත් වූ එහි ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මීට සත් වසකරකට පමන පෙර පලකල අදහස් මෙන්ම විමල් වීරවංශ මහතා පල කල 'නැත්ත වෙනුවට ඇත්ත ' ග්‍රන්ථයේ අඩංගු තොරතුරුවලින්ද සනාථ වේ. 2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී හි තීන්දු තීරණ ගන්න යැයි කියන මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී බහුතරයක් ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නව නායකයා මෑතකදී පල කල ඉහත අදහස. 

උපුටා ගැනීම :

 "එදා එම ජනාධිපතිවරණයට පෙර අප මධ්‍යම කාරක සභාව තුළ යෝජනා 3 ක් සාකච්ඡාවට ගැනූණි. ඉන් එකක් වූයේ මහින්දට සහය දී යා හැකි දුරක් දක්වා ඔහූ සමග නැවත බලගතු කොටස්කරුවන් ලෙස ඉදිරියට යෑමය. මධ්‍යම කාරක සභාව තුළ 7 දෙනකු එම මතය දැරූ අතර මාද ඒ අතර විය. අප විශ්වාස කළේ මහින්ද දිනවා පැත්තකට වී සිටීම (හරක් වැඩක් වන අතරම) ජනතාවට සාධාරණීකරණය කළ නොහැක්කක් බවය. එමෙන්ම ආණ්ඩූවට ඇතුල්වීමෙන් කලින් වතාවේ මෙන්ම හෝ ඊටත් වඩා ආණ්ඩූ බලය හැකි තරම් දුරකට අපේ යහපත් අරමූණූ සඳහා යොදාගත යූතු බවය. දෙවන යෝජනාව වූයේ මහින්දට සහය දී දිගටම විපකෂයට වී සිටීමය. මධ්‍යම කාරක සභාව තුළ බහූතර ඡන්දය ලැබූණේ මේ නපූංසක දේශපාලන යෝජනාවන්ටය. තුන්වන යෝජනාව වූයේ මහින්දට සහය නොදී ජ. වි. පෙ. වෙනම තරග කළ යූතු බවය. මේ "ප්‍රගතිශීලී මතය" හෙවත් "විප්ලවවාදී මතය" දැරුවේ හරියටම දෙදෙනෙකි. ඉන් එක් අයකු ඉහත දැක්වූ පිළිකුල්සහගත ඡායාරූපයේ ඉදිරියෙන්ම සිනාසෙමින් ඉන්නේ අහම්බයකින්ද? (ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ අවමඟුල් උත්සවය නිමවීමෙන් පසූව පැය කිහිපයක් එහි රැඳී සිටිමින් විහිළු තහළු කරමින් කෙළිදෙලින් ගත කළ දේශපාලනඥයෝ පිරිසක් ඒ ඡායාරූපයේ වූහ. එහි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටින්නේ අනූර දිසානායක මහතා අසලම වූ පූටූවක ඇන්දේය. රනිල් කළ කතාවකට සියලුදෙනාම සිනහවන්නේ කලක සිට බැඳුණූ කුළුපග මිතුරන් පිරිසක් හදිසියේ හමූ වූ චිත්ත ප්‍රීතිය විඳ දරාගත නොහැකිව ඇති අයූරකිනි. එය එම ඇස් තුළ සැඟවිය නොහැකි ලෙස සටහන්ව තිබිණි.) 
 -නන්දන ගුණතිලක 2008 පෙබරවාරි දිවයින 

පරාජයේ පියවරු අභිෂේක ගැන්වීම.

2005 දී ගත් භාග තීරණයෙන් ජවිපෙ මේ තරම් නරාවලකට වැටිණි නම් මේ නව නායකත්වය 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. මේ අනුව පැහැදිලි වන කරුණ නම් ජයග්‍රහණයේ මග පෙන්වූ පීතෲවරුන් ද්‍රෝහී ලේබලය අලවා පන්නා දමා ජවිපෙ සුක්කානම අද ලබාගෙන හො භාරදි හෝ ඇත්තේ එහි වත්මන් පරාජයේ පීතෲවරුන්ට බව නොවේද? 
එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් පක්ෂ නායකත්වයට පත්වීම හරහා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ආණ්ඩු විවේචනය අවසානයේ එය ගැට ගසන අන්තය පිළිබඳ නිසි චිත්‍රයක් ඉදිරිපත් නොකරමින් වියුක්තව සිදුකරන ආකර්ෂණීය හුදු විවේචන මගින් ෆේස්බුක් , ගොසිප් අඩවි ආදිය තුල ලාමක වීරයන් විය හැකි මුත් සැබෑවට මහපොළවේ දෙශපාලන මුල් ඇල්ලිය හැකි වෙනසක් නම් සිදු නොවන බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත. 

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/19/2016

"ද්‍රෝහියා,දුෂ්ඨයා,සතුරා මහින්දයි - ප්‍රභාකරන් හොඳායි" - රනිල්ටම ඔබින මේ සරත්ගේ නන් දෙඩවීම

කතෘ:යුතුකම     3/19/2016   3 comments
"ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස" යනුවෙන් අප යුතුකම වෙබ් අවකාශයේ සටහනක් තැබුවේ ගිය සතියේය.
එහිදී අප වෙන්වා දෙන්නට උත්සාහ කළේ යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් එදා සරත් ෆොන්සේකා මහතා පාවිච්චි කළ නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු පාවිච්චි කරමින් සිටිනුයේ දෙමළ බෙදුම්වාදය දිනවීමට සහ අධිරාජ්‍යවාදී උවමනාව මත යුද්ධය අවසන් කළ රණ විරුවන් සහ දේශපාලන නායකත්වය දං ගෙඩියට ‍යැවිමේ ද්‍රෝහී ක්‍රියාවලියට බවයි. විශේෂයෙන් විදෙස් විනිසුරුවන් සහිත යුධ අධිකරණ හරහා ඉදිරියේදී ජිනීවා පාවාදීම බලාත්මක වන විට එයට සුදු හුණු ගෑම සරත් ෆොන්සේකා මහතාට ඇමති මස් කට්ට සූප්පු කරන්නට දී රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන 'රිටර්න්' එකයි.

මේ සටහන කියවූ සරත් ෆොන්සේකා මහතාට හිතවත් අප හිතවතුන් බොහෝ දෙනෙකු අප වෙත පැවසුවේ සරත් ෆොන්සේකා මහතා මෙවැනි 'වෛරක්කාරී' භූමිකාවකට පණ දෙන තැනට පත් වූයේ එදා මහින්ද රාජපක්ෂලා විසින් ඔහුට එරෙහිව සිදුකළ 'පළිගැනීම්' ක්‍රියාමාර්ග නිසා බවයි.
නමුත් සරත් ෆොන්සේකා මහතා කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව කියූවේ මහින්ද රාජපක්ෂලා ඔහුගෙන් 'පළිගැනීමට' බොහෝ කළකට පෙර එනම් ජනාධිපතිවරණයටත් පෙර බව අමතක නොකළ යුතුය.

ඉරිදා ලංකාදීප (20
දා) පුවත්පත සමග සරත් ෆොන්සේකා මහතා පවත්වන සම්මුඛ සාකච්චාව හරහා තමන් ඒ රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ද්‍රෝහී ක්‍රියාවලියට කොයි තරම් සුදුසුද යන්න සරත් ෆොන්සේකා මහතාම පෙන්වා දෙයි. එහිදී ඔහු ප්‍රභාකරන් සමග තමන්ට පෞද්ගලික තරහක් නොමැති බව පවසන අතර මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ටත් වඩා අධමයෙක් බවත් ඔහු ප්‍රභාකරන්ට සම කිරීම ප්‍රභාකරන්ට කරන අවමානයක් බවද පවාන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ඔහුගේම වචන වලින් කතාව අහමු.

ලංකාදීප ප්‍රශ්නය:
ඔබ කතා කරන හැටියට ඔබට හම්බ වෙච්ච සතුරා ප්‍රභාකරන්ටත් වඩා රාජපක්ෂලා වගේ?

සරත් ෆොන්සේකා මහතාගේ පිළිතුර:
"ප්‍රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු කවුරුවත් අපේ පෞද්ගලික සතුරො නෙවෙයි. ඒ අය වෙනම මතයක ඉඳලා රට දෙකඩ කරන්න හදපු නිසා අපි අපේ රැකියාවේ වගකීම මත ඒ අයව විනාශ කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වඩා පහත් මට්ටමේ පුද්ගලයෙක්. ඔහු ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා අපට පෞද්ගලිකව පහර දුන්නා. අපේ පවුලට පහර දුන්නා. මහින්ද ප්‍රභාකරන් එක්ක සංසන්දනය කරන එක ප්‍රභාකරන්ට කරන නිගරුවක්."
-සරත් ෆොන්සේකා
ලංකාදීප 2016-03-20

සරත් ෆොන්සේකා පවසන මේ අපබ්‍රංශය කුමක්ද?

අප ඇතුළු මෙරට බොහෝ දෙනෙකුට ප්‍රභාකරන් ද්‍රෝහියෙකු වන්නේ ඔහු පෞද්ගලිකව අපට සිදු කළ ද්‍රෝහීකමක් නිසාද?  එසේ සිතුවහොත් මෙරට සිටින බොහෝ දෙනාට ඔහු ද්‍රෝහියෙකු නොවිය යුතුය. මක් නිසාද යත් පෞද්ගලිකව ප්‍රභාකරන් මේ බොහෝ දෙනාට ද්‍රෝහීකම් කර නොමැති බැවිනි. නමුත් එය කොතරම් ළාමක තර්කයක්ද. සරත් ෆොන්සේකා මහතාගේ වෛරයෙන් විකෘති වූ මනසේ ස්වභාවය නොවේද මේ හරහා අපට විද්‍යාමාන වන්නේ?

මෙරට උතුරේ ගම්මාන පිටින් ළමුන් , බඩදරු මවවරුන් ඇතුළු අහිංසකයන් දස දහස් ගණන් කීතු කීතු වෙන්නට කපා කොටා බෝම්බ ගසා ඝාතනය කලේ මේ ද්‍රෝහියා නොවේද?
රට වටේම ගම්මාන වල ගස් ගල් වන් තරුණ දූ පුතුන් දහස් ගණනින් මිණී පෙට්ටි වල ගම් වලට ආවේ මේ දෝහියා නිසා නොවේද?
ආර්ථික මර්මස්ථාන සුනු විසුනු කරමින් මාරගෙන මැරෙන කළු කොටි එවා නිරායුධ අහිංසකයන් දහස් ගණනින් මරා දැම්මේ මේ තිරිසනා නොවේද?
අරන්තලාව , කාත්තන්කුඩියේ ,කැබිතිගොල්ලෑවේ මහ පොළව නුහුළන තිරිසන් අපරාධ කළේ මේ පාපතරයා නොවේද?
දළදා මාළිගාව , ශ්‍රී මහා බෝධිය වැනි ජාතියේ මුදුන් මල්කඩවල් සුණු විසුණු කර දැමුවේ මේ කැලෑ සතා නොවේද?

මේ ලැයිස්තුව ෆොන්සේකා වැනි ප්‍රතිකාර ගත යුතු මානසික තත්වයක නැති ඕනෑම අයෙකුට මතක ඇති බැවින් නැවත නැවත සටහන් කළ යුතු නැත.

මහින්ද ප්‍රභාකරන්ටත් වඩා ද්‍රෝහියෙක් බව කොටින්ගේ දේශපාලන පෙරමුණ වූ දෙමළ ජාතික සංධානයවත් නොකියන තාලේ විකෘති කතාවකි. මේ කතාව මීට පෙර කියා ඇත්තේ එලොවටත් මෙලොවටත් නැති වික්‍රමභාහු කරුණාරත්න නැමති ඊළාම්වාදී නිකමාය.
[ප‍්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු]
අපට ෆොන්සේකා මහතා සමග බේරගන්නට ගනුදෙනුවක් නැත. ඒ අප ඔහු ගැන දැනගත්තේ මීට බොහෝ කළකට පෙර බැවිනි. මහාචාර්‍ය නලින්ද සිල්වා මහතා මීට වසර ගණනකට පෙර ඔහු ගැන පළකළ මේ අදහස කියවා බලන්න.

"ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශද්‍රෝහී නඩයකට එකතු වූ සරත් ය."
-මහාචාර්ය නලින් ද සිල්වා
2009-12-16

[මේ සරත් හා ඒ සරත් ]
සිරිසේන මහතාම වරක් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ‍යැයි පැවසුවේ මේවා දැනගෙනදැයි දැන් මේ නරි නාටක දකින විට නම් සැකයක් ඇතිවේ. එදා ජනවාරි 8 චම්පිකලා ෆොන්සේකලා නිසාම යහපාලන පාපයට කර ගැසූ අප මිත්‍රයන්ගෙන් අසන්නට ඇත්තේ වෙනස සැපද?ඔබට දැන් සතුටුද? කියා පමණි.
වික්‍රමසිංහලා තොප්පිගල කැලෑවක් කියද්දීත් කරුණානයකලා අලිමංකඩ පාමංකඩ ගැන කියද්දීත් කිරිඇල්ලලා ගොං කතා කියද්දීත් එදා අවංකවම ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ හදවතින් සතුටු වූ එක්සත් ජාතික පාක්ෂිකයාගෙන්ද අසන්නට පැනයක් තිබේ. අද ෆොන්සේකලා නියෝජනය කරන්නේ ඔබද?
අප මීට පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ජනවාරි 8 'යහපාලන' ආණ්ඩුවේ ජාතියේ ආරක්ෂකයන් ලෙස අපට හඳුන්වා දුන්නේ රතන උන්නාන්සේ -චම්පික-ෆොන්සේකා යන මේ තුං කට්ටුවයි. අපට අද රතන හිමියන්ගෙන් අසන්නට සිදු වන්නේ උන්වහන්සේ උම්බල කඩ නොකෑවද කර ගසා ඇත්තේ අහස පොළව නුහුළන අපරාධයකට නොවේද? දේශයේ මුර බල්ලන් ලෙස ජනතාවට හඳුන්වා දී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ දඩ බල්ලන් නොවේද?

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/25/2016

ETCA -ලංකාවට එන ආයෝජකයා ඉන්දියාවට ගෙන්වා ගන්නා ඉන්දියානු උගුලකි -SITP

කතෘ:යුතුකම     2/25/2016   1 comment
 
මෙරට ඉතා ඉහළ වර්ධනයකට අවශ්‍ය ස්වාභාවික විභවයක් ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉන්දියාවට විවෘත්ත කිරීම හරහා එහි වර්ධනයට බලපාන සාධක අහිමිවීම නිසා අනාගතයේ දරුණු කඩා වැටීමට ලක් වනු ඇති බවත් , ඒ හරහා දැනට මෙරටට ලැබිය හැකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පවා ඉන්දියාවට ගලා යාමේ දැඩි අවධානමක් ඇති බවත් තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ සංසදය පෙන්වා දෙයි.

IT වනසන ETCA යන මැයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එහි වෙමින් එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දෙයි.

මීට පෙර නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබුණේ මේ ගිවිසුම හරහා මැදපෙරදිග කාන්තා ශ්‍රමිකයන්ගෙන් යැපීම නවතා ගත හැකි වනු ඇති බවයි.  නමුත් තොරතුරු තාක්ෂණික වෘත්තිකයන් වෙනුවෙන් ලසන්ත වික්‍රමසිංහ මහතා මේ මාධ්‍ය හමුවේදී පෙන්වා දෙන්නේ  එහි සත්‍යතාවයක් නොමැති බවත් සැබෑවටම සිදු වෙමින් යන්නේ එහි විලෝමය බවයි.    මේ ගිවිසුම හරහා අපට අනාගතයේ දිනක මැද පෙරදිග වහල් සේවයෙන් යැපෙනවා වෙනුවට තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයෙන් ලැබෙන වර්ධනය හරහා මැදපෙරදිග වහල්
සේවය නවතා ගැනීමට පවා ඇති අනගි අවස්ථාව නැති වෙමින් ඇති බවයි ඔහු සාධක සහිතව අවධාරණය කරන්නේ..
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ ලසන්ත වික්‍රමසිංහ මහතා ...


තොරතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රය ETCA ගිවිසුම සඳහා මුලින්ම තෝරා ගැනීම පිටිපස ප්‍රබල හේතුවක්
තිබෙනවා. එය අපගේ රැකියා ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනිමට ලඝු කොට නොතැකිය යුතුයි. මෙරට සිටිනා මෙම ගිවිසුමට සහය පළ කරන අසාර්ථක ආර්ථික උපදේශකයනට එම කූඨෝපාය ගැන අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නෑ.ඔවුන් වෙළඳ ගිවිසුම් ගැන දන්න අය වෙන්න පුළුවන්, නමුත් ඔවුන්  මේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රය ගැන තියෙන අවබෝධය ඉතා අඩු බව පේනවා.

ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ වත්මන් තත්වය ගැන අවබෝධයක් අප මුලින්ම ලබා ගත
යුතුයි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පසුවන්නේ සීග්‍රයෙන් වර්ධනය වන තත්වයක. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාලව සැළකුවහොත්;

2007 දී අපනයන ආදායම ඇ. ඩො. මිලියන 200යි. 2103 වෙනකොට එය ඇ. ඩො. මිලියන 700 ඉක්මවා
තිබෙනවා. වසර 6ක් ඇතුලත තුන්ගුණයකට වඩා අපනයන ආදායම වැඩි වී තිබෙනවා.

· 2007 දී ,මෙම ක්ෂේත්‍ර්යේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් විතර. 2013 වසර වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා යනවා. වසර 6ක් තුළ තුන් ගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා.

· 2007 දී මෙම ක්ෂේත්‍ර්යේ රැකියා 33,000 ක් පමණ වුනා. 2013 වන විට රැකියා අවස්තා 75,000 ඉක්මවනවා. වසර 6ක් ඇතුලත රැකියා ප්‍රමණය දෙගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා..

ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

· 2013 වසරේදී එක්සත් රාජධානියේ National Outsourcing Association විසින් Outsourcing Destination of the Year ලෙස ලංකාව හඳුනා ගත්තා.

අප විසින් ලංකාවේ නිපදවන ම්රුදුකාංග ලෝකයේ දැවැන්ත සමාගම් විසින් භාවිතා කරනවා . ඒ අතර ලන්ඩන් කොටස් වෙළදපල, මයික්‍රොසොෆ්ට්, එමිරේට්ස්, කටාර් එයාවේස්, ජේපී මෝගන් සහ ගූගල් වැනි ලෝ පතළ සමාගම් තිබෙනවා.

ඒ නිසා මේ කරුණු ස්වල්පය සලකා බැලුවත් පේන්න ඕනා ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉතා දිගු ගමනක් යා හැකි තවමත් වර්ධනය වෙමින් පවතින ඉහළ විභවයක් ඇති ක්ෂේත්‍ර්යක් බව.

SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා මෙම ක්ෂේත්‍ර්යේ පාර්ශව කරුවන්, රජය සහ අධ්‍යාපනඥයින් එක්ව යා යුතු ගමනක පැහැදිලි ඉලක්ක තුනක් ගැන.

1. 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක්. 2013 වනකොට තිබ්බේ මිලියන 700ක්. ඒක බිලියන 5 දක්වා යන්න තමයි ඉලක්කය.

2. සෘජු රැකියා ලක්ෂ 2 ක්

3. අළුතෙන් ආයතන 1000 ක් ආරම්භ කරන්න.

ඒකෙන් පේනවා මේ ක්ෂේත්‍රයේ තියෙන විභවය. මේ රටේ ව්‍යවසාකයන්ට සහ අනාගත රැකියා ලබා ගන්න ඉන්නත තරුණ තරුණියන්ට තිබෙන සුවිශාල අවස්ථා ප්‍රමාණය.

· SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් දක්වා ඉලක්කගත කළ යුතුයි කියලා

· ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

වර්ධනයට හේතුව

පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙම වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ නව ආයෝජනයන් සිද්ධ වෙන නිසා. විශාල ඉන්දියාව ආසන්නයේ තමයි මේ පුංචි අපේ ලංකාව පිහිටලා තිබෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය කරන ආයෝජකයෙක් අර විශාල ඉන්දියාවට නොගොස් මේ පුංචි ලංකාවට එන්නේ ඇයි කියලා. එහෙම එනවා දැන්. හේතුව තමයි ලංකාවේ උසස් කුසලතාව සහ සාපේක්ෂව අඩු පිරිවැය. දැන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් වැටුප්. එතකොට අපට පේනවා දැන් ඔහුගේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කෙරෙන්වා. ඉහළ කුසලතාවය සහ අඩු පිරිවැය. වැටුප කියන සාධකය නිෂ්පාදන පිරිවැයට සහ මේ ක්ෂේත්‍රය තුල ඉහළ කුසලතාවයක් රදවා ගන්නවා. දැන් මේ වැටුප හරියට සමතුලිත වෙලා තියෙන්නේ. ආයොජකයා කියනවා නිෂ්පාදන පිරිවැය අඩුයි කියලා. ලංකාවේ තරුණ තරුණියන්ව ක්ෂේත්‍ර්යට ආකර්ෂණය කරන්නත් මේ වැටුපටම පුලුවන් වෙලා තියෙනවා. එතකොට ආයෝජකයෙකු ඉන්දියාවට නොගොස් ලංකාවට එන්න හේතුව තමයි පිරිවැය සහ කුසලතාවය අතර සමතුලිතතාවක් ඇති කරන්න මේ වැටුප සමත් වෙලා තියෙනවා.

ගිවිසුමෙන් පසුව ඇතිවන තත්වය.

මේ ගිවිසුමෙන් පසු අර පිරිවැය සහ කුසලතාව අතර සම්තුලිතතාවය බෙදෙනවා. කොහොමද ඒක වෙන්නේ?
මේ ගිවිසුමෙන් පසු ලංකාවේ රැකියාවෙළදපල ඉන්දියානුවන්ට විවෘත්ත වීම තුළ ලංකාවේ වැටුප් පහල යනවා. එතකොට අර තරුණයන්ගේ මේ ක්ෂේත්‍ර්යට තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. දක්ෂයින් එන්නේ නෑ මේ ක්ෂේත්‍ර්යට. තරුණයන්ගේ දායකත්වය වැඩියෙන්ම වැදගත් අංශයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්ය. මොකද මේ දැනුම නිතර අළුත් විය යුතු නිසා. දැන් මේ ආකර්ෂණය අඩුවීම තුල අර ආයොජකයා කලින් දැක්ක කුසලතාවය කියන සාධකය ඉක්මණින්ම මිය යනවා. ඔහුට ඉන්දියාවට නොගොස් ලංකාවට පැමිණීමට තිබුනු සුවිශේෂී හේතුව තව දුරටත් වලංගු වෙන්නේ නෑ. ඔහු පුංචි ලංකාව වෙනුවට ඕනෑ තරම් විරැකියාවෙන් පෙළෙන තරුණයන් සිටින ඉන්දියාවටම යනවා.

මේකෙන් වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ තිබුනු සීග්‍ර වර්ධනය සහමුලින්ම ඇණහිටීමයි. එවිට අර ඉහළ විභවය වෙත ළඟා වීමක් සිදු වන්නේ නෑ. ලක්ෂ සංඛ්යාත වශයෙන් දැයේ දරුවන්ට ලබා ගත හැකිව තිබූ රැකියා ප්‍රමාණය නැතිවෙනවා. මේ ක්ෂේත්‍ර්ය ලංකාව තුළ එක තැන පල්වෙවි තිබෙන ක්ෂේත්‍ර්යක් බවට පත්වෙනවා.

අප බොහෝ දෙනා දුක් වෙනවා මැදපෙරදිගට යන කාන්තා සේවිකාවන් ගැන. අපට එය එකවර නවතා ගත නොහැක්කේ අපේ රටට බලපා ඇති ගෙවුම් හිඟයේ  ප්‍රශ්නය නිසා කියලනේ කියන්නේ. හැබැයි ඒ හිඟය පියවන්න පුළුවන් ඉතාම ඉහළ විභවයක් තියෙන ක්ෂේත්‍රය තමයි මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් යැපෙනවා වෙනුවට අනාගතයේදී මේ හරහා අපට රටක් ලෙස නැගිටීමට තිබෙන අවස්ථාවයි මේ යෝජිත ගිවිසුම හරහා අහොසි වෙමින් යන්නේ.

එනිසා ඉතාම පැහැදිලියි මේ ගිවිසුම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජකයා ලංකාවෙන් ඉන්දියාවටම රැගෙන යන්න ඉදිකරන පාලමක්. මේක රටට අහිතකරයි. රටේ ආර්ථිකයට අහිතකරයි. අනාගත දුවා දරුවන්ට අහිතකරයි. වත්මන් වෘත්තිකයට අහිතකරයි. අපි කියන්නේ ඔය ගිවිසුමේ වගන්තියක් දෙකක් වෙනස් කළා කියලා මේ උවදුරෙන් ගැලවෙන්න බෑ. ඕක අත්සන් කරන්න එපා කියලා.

සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/16/2016

ETCA විරෝධී රැළිය , රනිල් සහ අනුරලා

කතෘ:යුතුකම     2/16/2016   3 comments
අද උදෑසන රාජකාරියට යන අතර තාප්ප දිගේ අතරින් පතර කාලෙකට පසු රතු පාට පෝස්ටරයක් තිබෙනු දැක දෙවරක් එය කියවා බැලුවේ දෘෂ්ඨි මායාවක්දැයි සැක සිතුනු නිසයි.
ඔව් කාලෙකට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ පොස්ටරයක් !!!!
ETCA ගිවිසුමට විරුද්ධව !!!
අනුර කුමාර ජවිපෙ නායකයා සහභාගි වෙන සම්මන්ත්‍රණයකුත් !!!

හවස කාර්යාලයෙන් පිටවෙන්න ආසන්න වෙද්දිම මෙයටම සම්බන්ධ තවත් ප්‍රවෘත්තියක්..
එහි පළ වුනේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක්
"මිනිස්සුන්ට සල්ලි දීල ඉන්දියාවට විරුද්ධව උද්ඝෝෂණ කරාට වැඩක් වෙන්නේ නෑ" හෙඩ් ලයින් එකෙන් පළ වූ ඒ පුවතින් කියවුනේ එදා 11 වනදා පැවැත්වූ රැළිය සංවිධායකයින් විසින් මුදල් ගෙවා ගෙන්වාගත් පුද්ගලයන්ගෙන් යුක්ත එකක් බවත් එවැනි උද්ඝෝෂන සිදු කළත් කිසිඳු පළක් නැති බව ඔහු ප්‍රකාශ කළා. කුමන විරෝධතා දැක්වුවත් තමන් ගිවිසුම අත්සන් කිරීම නතර නොකරන බවත් ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් උද්ධච්චව අවධාරණය කළා...මාර්තු වලින් පස්සේ මේ වගේ රැලි පවත්වන්නට ඉඩක් නිදෙන බවත් ඔහු පැවසුවා...

මේ පළමු සිදිවීම සමග මට ක්ෂණිකවම මතකයට ගියේ එදා 11 වැනිදා විහාරමහා දේවී උද්‍යානයේ තිබ්බ ඒකාබද්ධ වෘත්තීයව්වේදීන්ගේ  උද්ඝෝෂණයට සහ රැළියට සහභාගි වෙන්න යද්දි අතර මගදි මුණ ගැහුණ මිතුරියක් පැවසූ කතාවක්.
ඇය ජනතා විමුක්ති පෙරමුණට ඉතා කැමැත්තෙන් චන්දය භාවිතා කරන සහෝදරියක්.
ඇයට එදින රැලියට සහභාගි වෙන්න බැරි වුනා. අත්‍යවශ්‍ය පෞද්ගලික කාරනයක් නිසා.
ඇය ඒ පිළිබඳ කණගාටුවෙන් කතා කරන අතරේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා "මොකද අනේ ජේවීපි යට වෙලා තියෙන්නේ? කො ඒ මිනිස්සූ. වෙනද සේරටම කලින් පාරෙ නේද?" මම සරදම් හිනාවකින් විතරක් උත්තර දුන්න. මගේ හිත යටින් කියවුනා "එහෙම තමයි විකිණුනාම" කියලා.

කොහොමින් කොහොම හරි උද්ඝොෂණ පාගමන සහ රැළිය අති සාර්ථක ලෙස පැවැත්වුනා. සංවිධායකයින් පවා පන් දහසක් පමණ අපේක්ෂා කළ රැලියට ඒ වගේ තුන් හතර ගුණයක් වෘත්තිකයන් එක් වුනා. බොහොම උද්යෝගයෙන්. ඒ කිසිවෙකුටවත් කිසිවෙකු බල කිරීමක් කළ බවක් පෙනුනේ නෑ.. හැමෝම කතා කළේ ඒක තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන. විශ්ව විද්‍යාල සමයෙන් පසු වසර හත අටකට පසු ප්‍රථම වරට උද්ඝෝෂණයකට සහභාගී වූවන් මෙන්ම ජීවිතයේ පළමු වරට මෙවැනි උද්ඝෝෂණයකට සහභාගි වූ වෘත්තිකයන්ද බහුලව හමු වුනා. එය මෑත කාලයේ පැවති සාර්ථකම උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ රැළියක්. දැවැන්ත දේශපාලන සංවිධානයකටවත් ලේසියෙන් සංවිධානය කළ නොහැකි තරමට සාර්ථකයි. එය සංවිධානය කළ වෘත්තීය සංවිධාන වල කැපවීමට නිසි ප්‍රතිචාරයක් ලැබුනා. එහි ගෞරවය ඔවුන්ට හිමි විය යුතුයි.

ඒ රැළියේ සාර්ථකත්වය කොතරම්ද කියල හොඳින්ම විද්‍යාමාන වන සිදුවීම් දෙකක් තමයි ඉහත දැක්වුවේ.
එක්ටා ගිවිසුමට විරුද්ධව නොයෙකුත් සංවිධානයන් එකට එකතු වෙමින් ඉන්නේ දැන් මාස තුන හතරකට පෙර ඉඳල.එයිනුත් ඉතා ඉක්මනින් ඒ එකතුවීමට බල කළේ පසුගියදා මලික් සමරවික්‍රම මහතා සිදු කළ ප්‍රකාශය. එයින් පසු වෘත්තිකයන්ගේ හිස් ගිනි ගත්තා වගේ වුනා. තමන්ගේ බඩට වදින මරු පහරක් වන බවත් රටට හෙන වදින අපරාධයක් බවත් බොහෝ දෙනෙකුට වැටහුණා.
නමුත් එයට නායකත්වය දෙන්න දේශපාලන කණ්ඩායමක් හිටියේ නෑ.
කුඩා කුඩා
දේශපාලන පක්ෂ සහ සංවිධානයම් කාර්‍යභාරයක් කළා ඒ වෙනුවෙන්.
ඒ නිසාමයි වෘත්තීය වේදීන්ට ස්වයං සංවිධානය වීමකට බල කළේ.
වෙනදා මෙවැනි ඉන්දීය විරෝධී සටන් වල ඉදිරියෙන්ම හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. රෝහණ විජේවීර සහෝදරයා පෙන්වා දුන් පරිදි 'සියල්ලට පෙර අවදිවී" ඔවුන් අනෙකුත් සංවිධානවලට මග පෙන්වන පුරෝගාවීම් වුනා. නමුත් මෙදා එහි පැහැදිලි වෙනසක් තිබුණා.
යන්තම් මාධ්‍ය සාකච්චාවක අත හැරි වචන දෙක තුනක් හැරුණු විට ඔවුන් මේ ප්‍රශ්නය සහමුලින්ම නොසලා හැරලයි ටිබුනේ. ඒ වෙනුවට ඔවුන්ට මෑතකාලයේ සුපුරුදු "හුරතල්" මාතෘකා වටා කැරකි කැරකි හිටියේ.

සමහර ජවිපෙ ක්‍රියාකාරී හිතවතුන් අන්තර්ජාලයේ සහ සමාජ ජාලා තුල ETCA විරෝධී සටන් පාඨවලට සිනහ සෙමින් සිටියේ..

නමුත් 11 වනදායින් පස්සේ තත්වය කනපිට ගැහුණා..එදා රැළියේ සාර්ථකත්ව දැක්කම ඔවුන්ට එය නොසලකා හැරිය නොහැකි තැනට පැමිණියා.කඩිමුඩියේ ජවිපෙ හිතවතුන්ට පන්ති පහේ ඉන්දීය විරෝධී පන්තියක් පැවති බව මතක් වෙනව දැක්ක...
සමාජ ජාලා තුල ජවිපෙ හිතවතුන් එක්ටා ගිවිසුමට එර්හි සටන ජයගන්න නම් තමන් සමග එන්න කියල ආරාධනා කළේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි විරෝධතාවයද සිහි කරමින්. ජවිපෙන් බිඳී ගිය පෙරටුගාමී කණ්ඩායම ඒ වෙද්දීත් මේ සටනේ යම් කාර්‍යභාරයක් ඉටු කරමින් සිටීමත් ජවිපෙට තම කේඩරය තුළ පවා මේ සටන මග හැර සිටීම සාධාරණීකරණය කරන්න අපහසු වෙන්න ඇති.

කවුරු වුවත් මේ විරෝධතාවයට සහය දෙනවනම් කමක් නෑ කියල හිත හොඳ මිනිස්සු හිතන්න ඉඩ තියෙනව. නමුත් ප්‍රවේශමෙන් !!! මේ තක්කඩියන් දැන් විකිණිලා ඉවරයි...
ඔබේ සටන හොඳම හරියෙදී මෙය නැවත වටයකින් රනිල්ගේ ඔඩොක්කුවට කඩා නොදෙයි කියල විස්වාසයක් තව දුරටත් මේ අවස්ථාවාදීන් කෙරෙහි තබන්නේ නම් ප්‍රවේශමෙන් !!!

දැන් රනිල් වික්‍රමසිංහගේ මුදල් කතාව ගැන...
ඇත්තටම අගමැතිවරයා මොකක්ද මේ කියන්න හදන්නේ?ඔහු හොඳින්ම දන්නව එදා වෘත්තීයවේදීන් ආවේ සල්ලි වලට නොවන බව. එසේ තිබියදී රනිල් මේ උත්සාහ ගන්නේ මේ පිළිබඳ සෘජු සම්බන්ධයක් නැති බහුතරයක් ජනයා නොමග යවන්නද? එහෙමත් නැත්නම් ජනවාරි 8 වෙන තෙක් බොරුවෙන්ම අන්දපු ඇන්දිල්ල තව දුරටත් සිදු කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා තවමත් විස්වාස කරනවද?
ජනවාරි 8 වන තෙක්ම වෘත්තීයවේදීන්ගෙන් බහුතරය පවා රනිල් 'ජෙන්ට්ල්මන්' කෙන්ක් විදියට හිතන්න ඇති. නමුත් අද පැහැදිල්යි ඒ 'ජෙන්ට්ල්මන්' ට වෙච්ච සංගෙඩිය.
රනිල් දිනෙන් දින සාධක සහිතව තහවුරු කරමින් ඉන්නේ තමන් "ජෙන්ට්ල්මන්" කෙනෙක් විදියට ඇන්දුව ඇන්දිල්ල දරුණු වැරදීමක් බව නොවේද? මේ අර 80 වැඩ වර්ජකයන් දහස් ගණන් ගෙදර යවපු ජේ ආර් මාමගෙම බැණන්ඩිය.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

2/12/2016

යහපාලන මාධ්‍ය නිදහසේ හෙළුව පෙනේ - රට පාවාදීමට එරෙහි වෘත්තිකයන්ගේ විරෝධතාවය වාරණය කරයි. [Photoes]

කතෘ:යුතුකම     2/12/2016   4 comments
"රට පාවාදීමේ ගිවිසුම හකුළාගනිව්" - වෘත්තිකයන් මහ බලයක් වී නැගිටියි -
"යහපාලන මාධ්‍ය නිදහස" දෝර ගලයි - රැලිය මාධ්‍යයෙන් කැපේ... 

ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක්  ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටියි. එම ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ.
නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.
දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල "අමතකම වී" තිබිණ.

සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට "යහපාලනයේ මාධ්‍ය නිදහස" ඒ තරමටම දරුණුවට ලැබී තිබේ.
මෙය අහම්බයක් ද?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.
                      
ජාතික පුවත්පත් සමහරක කතෘ මණ්ඩල උපදේශකයන් ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන උපදේශකයන් වී ඇති කළෙක ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වන මෙවැනි පුවත් වලට ලැබෙන ඉඩ ගැන කතා කිරීමට දෙයක් නැත. පසුගිය ආණ්ඩුවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවලින් එකක් වූයේද ඒකපාර්ශික මාධ්ය භාවිතයයි. එදා අඩු තරමේ ආණ්ඩු මාධ්‍ය එලෙස හැසුරුනත් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු විරෝධී සටන් පාඨ වලට නිසි අවකාශයක් ලබා දුනි. අද සිදු වී ඇත්තේ බිත්තර සියල්ලම එකම මල්ලට දැමීමය.
අද ආණ්ඩුවේ මාධ්ය ආණ්ඩුවේ රෙදි සෝදන පක්කිලිකම එලෙසම සිදු කරද්දී ආණ්ඩුව එක් එක් ආකාරවලින් පෞද්ගලික මාධ්‍ය තම ග්‍රහණයට ගෙන තිබේ.
සිරිසේන ජනාධිපතිවරයා අද උත්සවයක් අමතමින් 'මාධ්‍ය නිදහස දෝරේ ගලා යන්නට නිදහස් කර ඇතැ"යි පම්පෝරියක් ගසනු ඇසිණ. අපට සිරිසේන මහතාට කියන්නට ඇත්තේ ,මහත්වරුනේ   ඒ පම්පෝරිය මහ පොළවේ යථාර්ථයක් වී නොමැති බවත් ඔබතුමා පම්පෝරි ගසන යහපාලන  මාධ්ය නිදහසතව දුරටත් වසං කළ නොහැකි ලෙස ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේය යන්නත්ය....
රටේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර සියල්ලේම පාහේ වෘත්තිකයන් සහභාගී වූ මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණක් රටේ ජනතාවගෙන් වසංකරන මේ නින්දාසහගත මාධ්‍ය භාවිතය "සාධාරණ සමාජයක්" " පිවිතුරු හෙටක්" වැනි බෝඩ් ලෑලි එල්ලාගත් තක්කඩියන්ගේ මන දොළ සැපිරීමට පමණක් ප්‍රමාණවත් නමුත් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අබමල් රේණුවක විස්වාසයක් තැබූ කිසිවකුවත් නොඉවසන බව පමණක් සටහන් කරමු.මහත්වරුනි ඔහොම ගිහින් බලමු..
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් බලහත්කාරය යොදා සැඟවූ ඒ අවස්ථාව සමාජ ජාලා තුල ඉතා වේගයෙන් ප්‍රචාරය වී තිබිණ.
මේ එවැනි චායාරූප කිහිපයකි.









 

-සටහන : යටියන ප්‍රදීප් කුමාර
ඡායාරූප:  කසුන් කව්ෂල්‍ය
               රසික නානායක්කාර
               FB

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/04/2016

දෙමළ ජාතික ගීය හරහා නැවත නිරුවත් වූ මෙගා ඩීල් තක්කඩි ජඩයෝ..

කතෘ:යුතුකම     2/04/2016   1 comment



මෙහි දැක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජාතික හෙළ උරුමය විසින් පුවත්පත් හරහා පළකල දැවැන්ත දැන්වීමකි. ෆොන්සේකා - චම්පික - රතන හිමියන් හුවා දක්වමින් ඔවුන් මේ හරහා දුන් පණිවිඩය වූයේ 'දේශප්‍රේමී තුන් කට්ටුව' සිටින තුරු මෛත්‍රීපාලනය යටතේ මෙරටට කිසිඳු විපතක් සිදු නොවනු ඇතැයි යන්නයි. ඒ වෙද්දී දෙමළ සංධානයේ සහය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබූ වටපිටාවේ රාජපක්ෂ කඳවුර ඒ පිළිබඳ සැක සංකා මතු කරද්දී සිංහල සමාජය තුල ඒ පිළිබඳ කුකුසක් ඇති වීම වැලැක්වීම චම්පික - රතන හවුලේ මේ මාධ්‍ය මෙහෙයුමේ අරමුණ විය.
අපේක්ෂා කළ අයුරින්ම මෙහෙයුම සාර්ථක විය. සිංහල ගොනා ලණුව ගිල්ලේය. රතන-චම්පික-ෆොන්සේකා සිටින තුරු අනතුරක් නැතැයි සිතූ සිංහල ගොනා නිර්මාල් දේවසිරිලාගේ වචනයෙන් කියන්නේ නම් මෙරට එතෙක් බිහිව තිබූ "ශක්තිමත්ම සිංහල බෞද්ධ ආණ්ඩුව " පරදවා රනිල් - මෛත්‍රී ආණ්ඩුව ගෙන්වා ගති.

අපි දැන් කතාව වර්තමානයට ගෙන එමු...

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහිව ජාතික නිදහස් දිනට පෙර දින ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි සඳන් වූයේ මේ හරහා නැති ගැටුම් ඇති විය හැකි බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ වන අතර එය කිසියම් ආකාරයකින් වෙනස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත්ය.
මේ මාධ්‍ය නිවේදනය අර ඉහතින් දැක්වූ මාධ්‍ය දැන්වීම සමග අපූරුවට ගැලපුණි. රට දැය බේරාගැනීමට "දියසෙන් කුමරුලා" සහ "නූතන කුඩාපොළ හිමි" පෙරට එතැයි බැලූ බැල්මට පෙණින. එදා රට දැය බේරාගැනීමට චම්පික-රතන හවුල කෙරෙහි විශ්වාසය තැබූවන් අතරින් තවමත් කිසිවෙකු ඒ ස්ථාවරෙයේ ඉතිරිව සිටියේ නම් ඔවුන් ඒ මාධ්‍ය නිවේදනයෙන් යම් මානසික උත්තේජනයක් ලැබුවාට සැක නැත.
නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද?
අප මීට කළකට පෙර සිට සිය දහස් වර අවධාරණය කර ඇති පරිදිම සිරිසේනලා- වික්‍රමසිංහලා තම ද්‍රෝහී ගමන තව පිම්මක් ඉදිරියට තැබීය.ජාතික ගීය දෙමළෙන් ගැයිණ.
රතන- චම්පික හවුළේ විරෝධය පුස්සක් විය.

[
ඒ අතර මේ අතුරු කතාවත් නොකියාම බැරිය.
නිදහස් දින උලෙළේ මුල් අර්ධයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගයා තිබියදී 'ලඟ ෆෝම්' තක්කඩියන් අන්තර්ජාලය/සමාජ ජාලා පුරා ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරෝධය පළ කළ විපක්ෂයේ කණ්ඩායම් උපහාසයට ලක් කරමින් කඩි මුඩියේ 'පොස්ට්' දමනු දැකිය හැකි විය.
නමුත් අවාසනාවට ඒ ක්ෂණික තෘප්තිය පැය භාගයක් යන්නට කළින් සුනු විසුණු විය. ජාතික ගීය දෙමළෙන් ගායනය විය.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කමිටුවද නියෝජනය කරන්නේ යැයි කියන එවැනි තක්කඩියෙකු තම ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකි මේ

]
මෙවර උත්සාහය අසාර්ථක වුවත් රතන-චම්පික හවුල 'රට දැය සමය ' බේරාගැනීමේ සටන අත් නොහරිනු ඇතැයි තවමත් රැවටී සිටින යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් මේ තක්කඩියන්ගේ නිරුවත හෙළිවන අපූරු වීඩියෝවක් පසුගිය ජනාධිපතිවරණ සමයේ අනාවරණය විය.  එයට සවන් දුන් පසුව නාට්‍යයේ සමස්ථ අර්ථය වැටහා ගත හැක . අවාසනාවට මෙය හඬ පටයෙන් කියවෙන කරුණු මැතිවරණ සමයේ වත් දැනෙන අයුරින් ජනතාව අතරට ගෙන යෑමට රාජපක්ෂ කඳවුර අසමත් විය.
රාජිත සේනාරත්න මහතා එවකට රාජපක්ෂ සමයේ ඒ පාර්ෂවය නියෝජනය කළ කිසිවෙකු හො සමග පැවැත්වූ දුරකතන සංවාදයක් එලෙස මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණ. කිසිවෙකුත් එය 'මඩක්' හෝ ව්‍යාජයක් යැයි ප්‍රකාශයක්වත් මේ දක්වා කළ බවක් දක්නට නැත.
එයට සවන් දෙමු..


 


"අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න." මේ එදා මේ තක්කඩි ද්‍රෝහීන් තම බල කාමය සංසිඳුවා ගැනීමට අටවා ගත් සූත්‍රයයි.
මේ හවුලේ ද්‍රෝහී පාවාදීම පටන් ගත්තා පමණි. ජිනීවා පාවාදීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන , බෙදුම්වාදය දිනවන අසමමිතික බලය බෙදීම , ඒකීයභාවය අහොසි වීම ආදී හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.
මේ පාවාදීම් පරාජය කිරීමට , තම බල කාමය උදෙසා රට දැය සමය ගණිකා වෘත්තියේ යොදවන මේ තක්කඩියන් කෙරෙහි
සිහි මොළ ඇති කිසිවෙකු තවමත් බලාපොරොත්තු තබා සිටීද?
"අපි විරුද්ධ වෙන්නම්. ඔයාලා කරගෙන යන්න" මේ ද්‍රෝහීන්ගේ පාවාදීමේ සූත්‍රය බව අමතක නොකරමු..

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/03/2016

සිරිසේනලා අපට සමරන්නට නිදහසක් ඉතිරි කර ඇතිද?

කතෘ:යුතුකම     2/03/2016   1 comment
සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව අපට නිදහස සැමරීමට ආරාධනා කරමින් සිටී. සැබෑවටම මොවුන් මේ සමරන්නේ කුමක්ද? 
ජිනීවා පාවාදීම හරහා රට යළි යටත්විජිත කොළනියක් බවට පත් කළ මේ හවුල හෙට වන විට මෙය තමිල්නාඩුවේ වැසිකිළිය බවට පත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටී. එක්ටා නමින් එන්නේ අපේ උන් හිඟමනට ඇද දමා රට ඒ වැසිකිළිකරණය කිරීමේ ක්‍රියාවලියයි.
බෙදුම්වාදය ඉදිරියේ නිවට නියාලුව දෙකට නැවෙන  සහ බෙදුම්වාදය තව තවත් පොෂණය කරන දුෂ්ඨ පාලකයන් සමස්ත රාජ්‍යම යළි වේගයෙන් යටත්විජිතකරණයට යටත් කරමින්ම අපට නිදහස සැමරීමට ආරාධනා කිරීම උත්ප්‍රාසය දනවන්නකි.මීට ඉහතද මෙය පළකර ඇතත් අදට ඇති වලංගු බව සලකා නැවත පළ කරන්නෙමු.
මේ ඒ ජිනීවා පාවාදීම පිළිබඳ යුතුකම පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පළවූ අදහස්ය...
+++++++++++++++++++++++

10/14/2015
ජිනීවාහිදී බටහිරයන් හමුවේ දීනව දණගසා රට ඉතිහාසයේ අඳුරුතම අගාධයට ඇද දැමූ ද්‍රෝහී හවුල් ආණ්ඩුව 'අපි රට අධිරාජ්‍යවාදීන්ගෙන් බේරගත්තා' යැයි රට පුරා කටවුට් ගසමින් සිදුකරමින් යන බොරු පුරාජේරුව  දුටු විට එදා 1815 උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කළවුන්ද අද සිටියානම්  'අපි රට
සුද්දාගෙන් බේරාගත්තා' යැයි කියනු ඇති බව ගෙවිඳු කුමාරතුංග මහතා  පවසයි.

"බිල්ලෝ ඇවිත් -රට වැසියන් බේරාගන්නේ කෙසේද" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ  සංවාදශීලි සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් පවත්වමින් ඔහු මේ බව පෙන්වා දුනි.




 



උඩරට ගිවිසුමේ පාවාදීම පරදවන ජිනීවාවල ද්‍රෝහී පාවාදීම...
ජිනීවාවල දැන් මොකද්ද වෙන්නෙ. එහිදි මුළින්ම එහි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ථාවක් ඉදිරිපත් කරනව. එහි ශ්‍රී ලංකාව පිළිබඳ දරුණු ප්‍රකාශන සහ යෝජනා තියනව. ශ්‍රි ලංකාවේ හමුදාව දැනුවත්ව යුධ උපක්‍රමයක් ලෙස සාමාන්‍ය මිනිසුන් ඝාතනය සහ ස්ත්‍රී දූෂනය සිදු කලා කියල සඳහන් වෙනව. මෙය නිලධාරීන් තමන්ගෙ බලතල ඉක්මවා ක්‍රියාත්මක වීමක් විදිහට නෙමෙයි, ශ්‍රී ලංකා හමුදාව රජය සහ මහජනතාව හැටියට අප සියළු දෙනා දැනුවත්ව යුධ උපක්‍රමයක් විදිහට එය සිදු කලා කියල තමයි සඳහන් වෙන්නෙ. ඊලඟට මේ දෙමුහුන් අධිකරනයක් පිහිටුවීමටත්, විදේශීය විනිසුරුවන්, නඩු මෙහෙයවන නීතිඥයන්, සහ විමර්ශකයන් සහිතව මෙරට පිහිටුවන එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් හරහා එය සිදු කිරීමටත් යෝජනා කරල තියනව.

මේ යෝජනාව මෙහෙම තියෙද්දි ඇමරිකාව තවත් යෝජනාවක් ගෙනාව. ඒ යෝජනාවෙ අර මුල් යෝජනාවෙ තිබුන ඇතැම් වචන එලෙසම ඉදිරිපත් කරල නැතත් එහි අඩංගු සියලු දේ ඉදිරිපත් කරල තියනව. නමුත් අපේ අගමැතිතුමා ප්‍රකාශ කළා මේ යහපාලනේ හින්ද ඇමරිකාව අප රටට හිතකර යෝජනාවක් ඉදිරිපත් කළා කියල. හමුදාව බේරගන්න පුළුවන් වුනා කියල. හැබැයි එහි අපූරුම කතාව තමයි ඇමරිකාව සමඟ ලංකාව සම යෝජකයෙක් වුනු යෝජනාවෙත් ක්‍රියාකාරී සැලසුම් වළ අංක එක යටතේ සඳහන් වෙනව මානව හිමිකම් කවුන්සිලයේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් එහි 27 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, මහ කොමසාරිස් කාර්යාලයේ වාර්ථාව සහ මානව හිමිකම් කවුන්සිලය එහි 25.1 යෝජනාව අනුව ඉල්ලා සිටි ශ්‍රී ලංකාව පිළිබඳ පර්යේෂනය එහි සොයා ගැනීම් සහ නිගමන සහ නිර්දේශ සියල්ල පිළිගන්නා බවට.

ඉතින් මෙම යෝජනාවට අනුව රජය ඔවුන්ගේ සියළුම කොන්දේසි පිළි අරගෙන තියනව. එක් අවස්ථාවක මහ කොමසාරිස් කිවුව පරණගම කොමිසම විසුරුවා හරින්න කියල. තවත් තැනක සඳහන් වෙනව ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කළ යුතුයි කියල. මේ යෝජනාව පිළිගැනීමත් සමගම අපේ රජය ඒ සියල්ලම පිළි අරගෙන තියනව.

ශ්‍රී ලංකාව සම යෝජකයෙක් වෙලා තියෙන්නෙ මෙවන් භයානක යෝජනාවකට. මෙය අත් වරදක් හෝ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් පිළිබඳව නොවෙයි. කොටි ත්‍රස්තවාදය පැරදවීමට අප කළ සියළු දේ වැරදියි කියන එක තමයි මෙහි සඳහන් වෙන්නෙ. ඒ වගෙම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් හරහා මෙහෙයැවීමට කරුණු එහි අඩංගු වෙනව. ඒ වගෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු පණත් සංශෝධනය කළ යුතු බව සඳහන් වෙනව. අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් සංශෝධනයකට ලක් කළ යුතු බව සඳහන් වෙනව. හමුදා කඳවුරු ස්ථානගත කළ යුතු ආකාරය, ඒව ඉවත් කළ යුතු ආකාරය, හමුදාවෙ ප්‍රමානය අඩු කළ යුතු ආකාරය එහි සඳහන් වෙලා තියනව. හුදෙක් චෝදනාවක් නැගීමෙන් පමනක් නිලධාරීන්ව ඉවත් කිරීමට වගන්ති ඇතුළත් වෙනව. හමුදාව සමස්ථ ප්‍රතිසංස්කරනයකට ලක් කරනව.

ඉන්දියානු බලහත්කාරය යටතේ බලෙන් අප මත පැටවූ පළාත් සභා මුළුමනින් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් වෙනව. දේශපාලන බල අධිකාරය අධිකරනය හමුදාව, ඒ කියන්නෙ රාජ්‍යයක මූලික අංග, මේ සියල්ලම ඔවුන්ට ඕනෑ ආකාරයට ප්‍රතිසංස්කරනය කරන්න අපි එකඟ වෙලා තියනව. උඩරට ගිවිසුමත් අපිනෙ අත්සන් කළේ. අපි අපේ කැමැත්තෙන් අත්සන් කරලනෙ රට භාර දුන්නෙ. මේක පාවා දීමක්. බලහත්කාරයකට යටත්ව හෝ තමන්ගෙ කැමැත්තෙන් හෝ කරල තියෙන්නෙ පාවාදීමක්.

උඩරට ගිවිසුම අත්සන් කළේ ලංකාවෙ එවකට තිබුනු නීති පද්ධතිය අනුව රට පාලනය කිරීමට ඔවුන්ට අවසරය දෙන්න. නමුත් මෙහිදි වෙලා තියෙන්නෙ ඔවුන්ට අවශ්‍ය ආකාරයේ සියළුම ප්‍රතිසංස්කරන කිරීමටත් අවසරය ලබා දෙමින්ම තමයි අපි අද රට ඔවුන්ට භාර දීල තියෙන්නෙ. මින් පසුව ලංකාව පාලනය කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිහිටුවන ලේකම් කාර්යාලයේ ප්‍රධානියා. ඔහුට අවශ්‍ය ආකාරයට තමයි සියල්ලම සිදුවනු ඇත්තෙ. ඔහු උඩරට යටත් කළ බ්‍රවුන්‍රිග්ට වඩා බලගතු පුද්ගලයෙක් වේවි. මේ සියල්ල කරමින් මේ අය කියනව ලංකාව බේරගත්ත කියල. උඩරට ගිවිසුම අත්සන් කල අයටත් ඒකම කියන්න පුළුවන්නෙ. මොකද ගිවිසුම අත්සන් කරල රට භාර දුන්නට පස්සෙ ආයිමත් සුද්දො ආවෙ නෑනෙ රට ආක්‍රමනය කරන්න. මෙතෙන්දිත් වෙලා තියෙන්නෙ ඒ ටිකමයි. ඔවුන්ගේ සියළු කොන්දේසි වලට අපි එකඟ වෙලා තියනවා.

-යටියන ප්‍රදීප් කුමාර
මුල් චායාරූපය: The New York Times
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/02/2016

ඒ චම්පික නිරුවත් කරන මේ චම්පික.

කතෘ:යුතුකම     2/02/2016   1 comment

පෙරේදා හිරු රූපවාහිනී 'සලකුණ' වැඩසටහනට සහභාගී වූයේ චම්පික රණවක ඇමතිවරයාය. වෙනදා ඉතා විදග්ධ වටිනා කරුණු වලින් පොහොසත් චම්පිකගේ කතාව දැන් ඇස් දෙකෙන් ගිණි පුළිඟු පිටවන වෛරය සහ වෛරයම පමණක් අඩංගු හුදු අඳෝනාවක් පමණක් බවට පත්ව තිබේ. රාජපක්ෂ වෛරයෙන් දෑස් අඳව සිටින චම්පික අද රතන හිමියන් සමගද අරෝවකට ගොස් තිබේ. තරුණ ගැටව් චම්පිකලාගේ රතන හිම්ලාගේ මේ ළපටි හැසිරීම වැනි සිද්ධිවලට කියන්නේ 'ලඟ ෆෝම්' කියාය.
අනාගතය නොදැක හුදු මමංකාරය සනසනු වස් ගත් අමන දේශපාලන තීරණ ඔවුන්ට උන් හිටි තැන් අහිමි කර තිබේ.යුධ ජයග්‍රහණයේ ගෞරවය පිළිබඳ චම්පික නැවතත් සිහි මොළ ඇති කිසිවෙකුත් විස්වාස නොකරන බයිලය ගැයීමට මේ වැඩ සටහනේදී අමතක නොකළේය. යුද්ධය ජයග්‍රහණය කෙරෙව්වේ තමන්ය යන්න ඔහුට එහිදී කිව යුතු ප්‍රකාශය විය.ඔහු මෙය පැව්සුවේ වරක් දෙවරක් නොවේ...
නමුත් මීට වසර කිහිපයකට පෙර චම්පික මේ චම්පිකට වටා අංශක 180 කින් එහා පස හැරී සිදු කළ ප්‍රකාශ ඇසුර්‍රින් මීට මාස කිහිපයකට පෙර අප පළ කළ මේ ලිපිය චම්පිකගේ පෙරේදා සම්මුඛ සාකච්චාවෙන් පසු නැවත පළ කරන්නේ එහි අදටද ඇතු වලංගු බව සළකාය.

++++++++++++++++++++++++++++++++++++++++++++++

 ඒ චම්පික නිරුවත් කරන මේ චම්පික.
  6/18/2015


පාඨලී චම්පික රණවක මහතා බොහෝ දෙනා මීට කලකට පෙර හඳුනාගෙන තිබුණේ ජාතිකවාදී පිලේ ප්‍රකාශකයකු ලෙසයි. නමුත් ජාතිකවාදී ගුරුකුලේ විද්වතුන් චම්පික රණවක කවුදැයි මීට දශකයකට එහා කාලයකට පෙර තක්සේරු කර තිබුනේ බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන බලකාමියෙකු සහ නොම්මර එකේ දේශපාලන අවස්ථාවාදියෙකු ලෙසයි. අසූව දශකයේ අග භාගයේ සිට චම්පිකලාගේ භාවිතාවෙන් ඒ බව ඔවුන් අවබෝධ කර ගෙන තිබිණ. ඔවුන්  කොතරම් සංගතව එය පැහැදිලි කර දුන්නත් එක්වරම පිළි නොගන්නා මනෝභාවයක් චම්පික රණවකගේ අපට මතක කාලයේ භාවිතය හා ප්‍රතිරූපය විසින් නිර්මාණය කර තිබිණ. ඊටත් වඩා පසුගිය ත්‍රස්ත විරොධී සටනේදී ඔහු පය ගසා සිටි පිල පිලිබඳ තිබූ පැහැදීම නිසාදෝ අවාසනාවකට බොහෝ දෙනාට චම්පික ගැන කල ඒ රළු විවේචන ගෝචර නොවීය. 

නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඒ චම්පික කවුදැයි බොහෝ දෙනා නිසි පරිමාණයෙන් තහවුරු කර ගත්තේය. සමහරුන් ජනාධිපතිවරණය අවසන් වන්නට ප්‍රථමත්  , ජනාධිපතිවරණයට පෙර එයට යමෙක් අපොහොසත් වීනම් ජනාධිපතිවරණයෙන් දින 100 ක් ගතවන්නට මත්තෙන්ම එයින් කොටසකටද චම්පික කවුදැයි හරි හැටි අවබෝධ විය.  තවමත් එය අවබොධ නොවී ඇත්නම් ඒ නොම්මර එකේ අවස්ථාවාදියෙකු හෝ අවංක මෝඩයෙකුට ( ඔවුන්ගෙන් බහුතරය උගතුන්ය)  පමණි.  

මේ සටහන තැබෙන්නේ අද  චම්පික රණවක විසින් එදා සිටි චම්පික රණවක නිරුවත් කරන අයුරු හා  ඒ හරහා චම්පික පෙන්නුම් කරන නග්න අවස්ථාවාදය  චම්පිකගේ භාවිතය හරහාම හෙළි වන අයුරු කෙටියෙන් පෙන්වාදීමටය.
පසුගිය මැයි මස 24 වනදා ලංකාදීප වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවකට එක්වන පාඨලී චම්පික රණවක මහතා 2009  යුධ ජයග්‍රහණය පිලිබඳවත් ඒ සමග  මහින්ද රාජපක්ෂ මහතාගේ භූමිකාව  සම්බන්ධවත් අදහස් පළකර තිබිණ. ‘මහින්දගේ කිල්ලොටෙත් හුණු‘ මැයෙන් ලංකාදීප වෙබ් අඩවිය පළකර තිබූ සාකච්චාවේ අදාළ කොටස මෙහි දැක්වේ. එහිදී ඔහු යුධ ජයග්‍රහණයේ ගෞරවයේ වැඩි කොටසක් මහින්ද රාජපක්ෂට හිමි කර දීම අපරාධයක් දැයි පෙන්වා දීමට බොහෝ කරුණු ගෙනහැර පායි. ඒ සමගම සුපුරුදු පරිදි ත්‍රස්ත මර්ධනයේ ගෞරවයෙන් වැඩි කොටසක් තම පිඟානට බෙදා ගැනීමටද චම්පික එහිදී වෙර දරයි.

"මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට  ත්‍රස්තවාදය පරාජය  කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාවය ගැන වචනයක් කතා කළේ නෑ. 
උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි.  
2005 ජනපතිවරණයට පෙර කොටින්ට අරමුදල් දුන් බව ශ්‍රීපති සූරියආරච්චි, ටිරාන් අලස් හා මංගල සමරවීර  ප්‍රකාශ කර තිබෙනවා. අද වෙනකම් එය බොරු බව කිව්වේ නෑ. සමහරුන් රහස් පොලිසියට පවා ඒ ගැන ප්‍රකාශ දී තිබෙනවා."
-චම්පික රණවක
2015 මැයි මස 24 වනදා ලංකාදීප

අපි දැන් අද ඔහු මේ කියන කරුණු එකින් එක ගෙන ඔහුම මීට පෙර මේ පිලිබඳ පළකර තිබෙන අදහස් සමග සසඳා බලමු. ඒ සඳහා හොඳම මූලාශ්‍රය ලෙස අපට හමු වන්නේ චම්පික රණවක විසින්ම 'පටිසෝතගාමීව තිස් වසක්' මැයෙන්  රචිත  ස්වයං චරිතාපදානයයි.

බල්ලා නෑවීම සහ වීරයා මැරීම
"මහින්ද රාජපක්ෂ මුල ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරනවා කියා තිර අදිටනකින් සිටි බව, උපන්දා සිට  ත්‍රස්තවාදය පරාජය  කරන්න බලාගෙන සිටින බව කවුරුන් හෝ කියනවා නම් එය බොරුවක්. ඔහු 2005 හෙළ උරුමය සමඟ ගිවිසුම් අත්සන් කරන තුරු ෆෙඩරල් වාදියෙක්. රටේ ඒකීය භාරවය ගැන වචනයක් කතා කළේ නෑ. "
-චම්පික රණවක 2015 මැයි මස 24

චම්පික අද මෙලෙස පවසන්නේ මහින්ද රාජපක්ෂ සිටියේ  යුද්ධය කිරීමේ අරමුණක්වත් අදහසක්වත් නොමැතිව බවට සහ යුද්ධයට යොමු කලේ තමන් බවට තවුරු කරන්නටත් ඒ හරහා එහි ලකුණු ටික තමාගේ ගිණුමට දා ගැනීමටය. මේ කතාවම මීට ටික කලකට පෙර වන තෙක්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කලේය. මහින්ද යුද්දෙට තල්ලු කලේ තමන් බවත්  මහින්ද ඒ සඳහා ගෙන ගියේ 'බල්ලා නාවන්න ගෙනියනවා' වැනි අපහසුවකින් බවත් ජවිපෙ පෙරටුගාමීන් ලෙස දෙකඩ වෙන්නට පෙර තෙක්ම පලකල අදහස විය. ඔවුන්ද එසේ කලේ යුධ ජයග්‍රහණයේ තමන්ගේ ලකුණු ටික වෙනුවෙනි. (නමුත් පසුව පෙරටුගාමීන් බිඳී යාමත් සමගම ඔවුන් යුධ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමෙන් මිදී පෙරටුගාමීන් සමග ඊනියා යුධ විරෝධී භූමිකාවට පණ දෙන්නට විය .)
නමුත් මීට වසර පහකට පමණ පෙර ස්වයං ලිඛිත චරිතාපදානයේදී චම්පික මේ පිලිබඳ දීර්ඝ සටහනක් තබයි. මහින්ද රාජපක්ෂ බලයට පත්වීමත් සමග ඇතිව තිබූ තත්වය ඔහු මෙහිදී පැහැදිලි කර දෙයි. මේ එයින් උපුටා ගත් කොටසකි.

"සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස  ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. ඊළඟට සිදුවූ ක‍්‍රියාදාමයන්ගෙන් පෙනී ගියේ එය සිදුවෙමින් පවතින බවය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන  ඕනෑම අභියෝගයක් සඳහා
සූදානම් වන බවයි. විශේෂයෙන්ම කොටින්ගෙන් බිදී ගිය කොටස් හා කොටි විරෝධී කොටස් අනුක‍්‍රමයෙන් අප හා සම්බන්ධ වන්නට විය. "
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 153

මේ හරහා චම්පික එකල පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ විගසම ගත් ක්‍රියාමාර්ග හරහා අනාගත ත්‍රස්ත මර්ධන සටන සඳහා ඉතා නිවරදි පදනමක් දමා ගත් බවයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභයත්  යුධ හමුදාපති ලෙස සරත් ෆොන්සේකා පත් කරගැනීම එහිදී තීරණාත්මක විය. (සාම්ප්‍රදායිකව නම් හමුදාපති ලෙස පත් කරගන්නේ බලයේ සිටින නායකයාගේ   පක්ෂයට පක්ෂපාතී තමන්ට ඉතා හිතවත්ව ක්‍රියා කරන ජ්‍යේෂ්ඨයෙකි. සරත් ෆොන්සේකාට ඒ පළමු සුදුසුකම නොතිබුණු බව පසු කලෙක ගොඨාභය රාජපක්ෂ මහතාම හෙළි කර තිබිණ. ඔහු මහින්ද රාජපක්ෂ වාදියෙකු නොවීය. නමුත් එසේ තිබියදීත් ඔහු හමුදාපති ලෙස පත් කලේ සටන් බිමේ ඔහුගේ දක්ෂතා ගැන ගොඨාභය ලබා දුන් රෙකමදෝරුව මතයි. ඒ හරහාත් පැහැදිලි වන එකම කරුණ නම් අනාගත සටන සඳහා ඉතා නිවරදි පෙර සූදානමක මහින්ද රාජපක්ෂ මහතා සිටි බවයි. )

මහින්ද රාජපක්ෂ මහතාට ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ උවමනාවක් නොතිබුණු ෆෙඩරල්වාදියෙක් බව සහ යුද්ධයට මහින්දව ඇද දැම්මේ හෙළ උරුමය බවට අද චම්පික කරන ප්‍රකාශය එදා චම්පිකගේම පැහැදිලි කිරීම හරහා නිෂේධනය වී යයි. මේ එදා ඔහු ඒ පිළිබඳ තබන තවත් සටහනකි

"2006 ජූලි 26 සිට අගෝස්තු මුල දකුණු ත‍්‍රී'මලයේ දී හා උතුරු යාපන මුහමලේ දී එකවිට කොටින්ගේ ද්විත්ව ප‍්‍රහාරය පරාජය කිරීමේ මුල් සතිදෙක අතිශය තීරණාත්මක විය. ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අතර, යූ.එන්.පීය හා විශේෂයෙන් මුස්ලිම් කොංග‍්‍රසය අඳුරු චිත‍්‍රයක් රටට මවා පෙන්වීය. සුපුරුදු පරිදි ජ.වි.පෙ කීවේ හරි සූදානමක් නැතිව ආණ්ඩුව සටනට ගොස් ඇති බවයි. මේ පිළිබඳව ඔවුන් හා ජනාධිපතිතුමා අතර, වචන හුවමාරුවක් ද ඇති වූ බව පසුව හෙළිදරව් විය."
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව  156

චම්පිකගේ මේ හෙළිදරව්ව හරහා පැහැදිලි වන එකම දෙය නම් චම්පිකලා අද කියන දේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෑතක් වන තුරුම පැවසූ 'බල්ලා නාවන්නට ඇදන් ගිය' කතාවද යුධ ජයග්‍රහණයේ ගෞරවය තමන්ට හිමි ප්‍රමාණයට වඩා තම පිඟානට බෙදා ගැනීමට ගෙතූ ප්‍රලාපයක් බවයි. චම්පික මේ ප්‍රලාපය ඊලඟ පිම්ම දක්වා ඇද ගෙන යන්නේ ඔහුගේ අනාගත පෞද්ගලික බල ව්‍යාපෘතියේදී ඔහුට වඩා වීරයන් සිටීම ඇඟට ගුණ නොවන බව ඔහු ඉතා හොඳින් වටහා  ගෙන ඇති නිසාය.  අන් සියල්ලටම ප්‍රථම මහින්ද - ගොඨා ද්විත්වය චම්පිකගේ නොම්මර එකේ ඉල්ලක්ක වන්නේ ඒ නිසාම පමණි. "වීරයා මැරීමේ" චම්පිකගේ අභිප්‍රාය සම්පූර්ණයෙන් ඒ වෙනුවෙනි.

2005 දී කොටි සමග එකඟතාවයක්ද?
2005දී ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නේ ගල උඩ සටනකිනි. උතුරේ එල්ටීටීඊය පැවැත්වූ චන්ද වර්ජනය හේතුවෙන් උතුරේ ඡන්ද වලින් ජය ලැබීමට බලා සිටි රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තු බිඳ වැටිණ. උතුරේ කොටි ඡන්ද වර්ජනය නොයෙක් දෙනා නොයෙක් අයුරින් අර්ථ  ගැන්වීය. චම්පික රණවක මහතාද අද නම් පවසන්නේ මුදල් හා වෙනත් ආධාර එල්ටීටීඊයට ලබාදීම හරහා චන්ද වැලැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊය සමග එකඟතාවයක සිටි බවයි. එයින් ඔහු උත්සාහ කර බලන්නේ ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය කිළිටි කල හැකිද කියාය. "වීරයා මැරීම " අද චම්පිකගේ මුඛ්‍ය ඉලක්කයයි. නමුත් අද ඒ චෝදනා කරන චම්පිකම තම චරිතප්‍රදානයේ ඒ සිදුවීමම විස්තර කරන්නේ මෙසේය.

"1982 සිට පවත්වන ලද සියලූ ජනාධිපතිවරණ සිය ශක්ති ප‍්‍රමාණයේ හැටියට වේලූපිල්ලේ වර්ජනය කළේය. එයට හේතූව තමිල් ඊළාමයේ ජනාධිපති තමාය යන හැඟීමය. 2005 ජනාධිපතිවරණයේ දී එය යාපනය වැනි හමුදාව සතුව තිබූ ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ මුග්ද සාමය නිසාවෙනි. අනෙක් අතින් හමුදා බලප‍්‍රදේශවල පවත්වන මැතිවරණයක දී තමනට සිතූ හැටියේ ඡන්ද පෙට්ටි පිරවීමට කොටින්ට හැකිවන්නේ ද නැත. පෙරළා දකුණ, බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව වැනි සිංහල ප‍්‍රදේශ අතිවිශාල වැඩි ඡන්දයකින් දිනා ඒ ප‍්‍රතිඵලය වන්නියේ දෙමළ ඡන්දවලින් ආපසු හැරුණා නම් රට තුළ ඇතිවන්නේ කැරැල්ලකි. එමෙන්ම විපක්ෂයේ චෝදනාව ඇත්ත යැයි ගත්ත ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රථමවතාවට
රැවටීමේ ශූරකම, මහින්ද රාජපක්ෂට ලැබෙන්නේය. මන් ද එයට පෙර ඔහු ගනුදෙනු කළ සියල්ලෝම ඔහු විසින්, රැුවටීමට ලක්කර මරාදමා හෝ රාදැමීමට තැත්කර හෝ තිබුණු හෙයිනි.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව 147

චම්පික අද කරන චෝදනාව ඔහු එදා එය අර්ථදැක්වූයේ ද්‍රෝහීකමක් ලෙස නොවේ දක්ෂ කමක් ලෙසයි. චම්පිකගේ මේ නිරුවත් දෙබිඩි හැසිරීම අපට කියා දෙන්නේ බල තණ්හාව වෙනුවෙන් ආයෝජනය කරන ජඩ අවස්ථාවාදයට සදාචාරයේ සාධාරණත්වයේ සීමා වලංගු නැති බව නොවේද?

 ජාතික බලවේගවල වෛරය හා 'බම්බුව'

"උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි.  "
-චම්පික රණවක
2015 මැයි මස 24 වනදා ලංකාදීප
සුනාමි සහන මණ්ඩල ගිවිසුම (PTOMS)  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ විසින් බවද ඒ  වෙද්දීත් ඔහුට ත්‍රස්තයන් සැනසීම මිස ත්‍රස්තයන් වැනසීමට අරමුණක් නොතිබුණු බව චම්පික අද පවසයි. නමුත් අප දන්නා ඉතිහාසයේ නම් චන්ද්‍රිකාගේ කුප්‍රකට සුනාමි සහන මණ්ඩල යෝජනාවට එරෙහිව කැබිනට්ටුව තුල හඬක් නැගූ අතලොස්ස අතර මහින්ද රාජපක්ෂ මහතාද විය. චන්ද්‍රිකා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මහින්දම තෝරාගත්තේ ඒ වන විට ජාතික හෙළ උරුමය හා  ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික සංවිධාන සමගද මහින්ද රාජපක්ෂ ගොඩනගාගෙන තිබූ විශ්වාසය පළුදු කරන්නටය. 2005 ජනාධිපතිවරණය තුල මහින්දට තීරණාත්මක ලෙස බලපාන එම බලවේග මහින්ද වෙතින් දුරස් කර තැබීමට චන්ද්‍රිකා ඇටවූ උගුල එයයි.
අවසන් වෙස් පෙරළියට පෙර චම්පික රණවක මහතා විසින් එම කරුණ තම චරිතප්‍රදානය තුල සටහන් කරන්න මෙසේය.

"රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක‍්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල :PTOMS යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති
මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්ටය.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක්
පිටුව   136

එදා ජාතික බලවේග වල වෛරය මහින්ද වෙත එල්ල කරන්නට කටයුතු කලේ විජාතික ලේබලය සහිත චන්ද්‍රිකාය. අද ඒ කොන්තරාත්තුව බාරගෙන ඇත්තේ ජාතික වෙස් ගත් කපටි චම්පිකයි. කපටි චන්ද්‍රිකා වෙනුවට කපටි චම්පික ආදේශ වී ඇත.
හොඳම විහිළුව එය නොවේ.
පීටොම්ස් ගිවිසුම වෙනුවෙන් චන්ද්‍රිකා පාර්ශවය වෙනුවෙන් එකල පෙනී සිටි ප්‍රමුඛයා වෙන කිසිවෙක් නොව අද ජනාධිපති ධූරය දරන මෛත්‍රීපාල සිරිසේන මහතාය. පීටොම්ස් හරහා එල්ටීටීඊයට ලැබෙන අසීමිත බලය හේතුවෙන් එයට විරුද්ධව එකල සභාග ආණ්ඩුවේ ඇමතිකම් දැරූ ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වන බවට තර්ජනය කරද්දී ' ජවිපෙ ආණ්ඩුවේ තබා ගෙන ආණ්ඩුව රැක ගැනීමට වඩා අපට වටින්නේ සුනාමි සහන මණ්ඩලය  කොටි ත්‍රස්තයන් වෙත ලබා දීම' යැයි ප්‍රකාශ කලේ ඒ සිරිසේන මහතාය. පසුව ජවිපෙ ලාල් කාන්ත මහතා සමග  පිළිබඳ දීර්ඝ විවාදයකට පැටලුනු සිරිසේන මහතා එකල පැවසූ ' බම්බුව තමයි බම්බුව" යන වචන කිහිපය බොහෝ දෙනාට තවමත් මතක ඇති.
හොඳම විහිළුව නම් තමන් එදා පැවසූ දේ අංශක 180 කණපිට ගසා අද පවසන චම්පික රණවක දේශපාලනිකව අද සිටින්නේ එලෙස පීටොම්ස් වෙනුවෙන් බෙල්ල දෙන්නට සිටි සිරිසේන මහතාගේ ඔඩොක්කුවේ සහ සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෲ චන්ද්‍රිකාගේ සාරි සාරි පොට අස්සේ වීමයි. 

මේ කරුණු අනුව ඉතා හොඳින් පැහැදිලි වන කරුණ නම් තම බල ව්‍යාපෘතිය උදෙසා ඕනෑම පාවාදීමකට ඕනෑම අවස්ථාවාදී ස්ථාවරයකට මාරු වීමට චම්පික රණවක සතු සහජ හැකියාවයි. අතිශෝක්තියට නගන ඉලක්කම් සෙල්ලම් හරහා ඕනෑම බොරුවක් ඇත්ත සේ පැවසීමට ඇති හැකියාව සහ නමට මුලින් ඇති 'උගත් වියත්' බෝඩ් ලෑල්ල චම්පිකට ඒ සඳහා අතිරේක සුදුසුකමක් වී තිබේ.

ඒ කෙසේ වෙතත් අද වන විට චම්පික බොහෝ දුරට හෙළිදරව් වී හමාරය. කාටූන් කරුවන් සිංහ වෙස් ගත් සිඟාලයන්ගේ මුහුණට චම්පිකගේ මුහුණ ආදේශ කරමින් සිටින්නේ ඒ නිවරදි අවබෝධය නිසාය.  තව දුරටත් කිසිවෙකු හෝ ඒ පොරවාගත් සිංහ හමට රැවටී සිටී නම් එයද ඉතා ඉක්මනින් නැති වන බවට සැක නැත.

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions