10/01/2015

කෙම්මුර වදන – රෝහිත භාෂණගේ බාසාව

කතෘ:යුතුකම     10/01/2015   No comments
පොත් හා කියවීම
පොත් ප්‍රදර්ශනය හොඳ දෙයක් වුවද කියවීම ප්‍රදර්ශනය එතරම් හොඳ දෙයක් නොවේ. අපි බොහෝ දෙනා කියවීම ප්‍රදර්ශනය කිරීමට ආසා කළද පොත් හෝ කියවීම යනු ජීවිතයේ හා යහපත් සිහියේ පරම නිර්ණායකයද නොවේ. පොත් අතිශයින් වැදගත් වුවද එය තනි පාට සරල වැදගත්කමක් නොව සංකීර්ණ වැදගත්කමකි. පොත් කියවා සිහි අහිමි කරගත් මිනිස්සු මෙන්ම, පොත් නොකියවා හොඳ සිහියෙන් දේවල් තේරුම් ගන්නා මිනිස්සුද මට කොතෙකුත් හමුවී තිබේ.

සාහිත්‍ය වසන්තයෙන් පසු
අනුන් සඳහා ලියන බව කීවද බොහෝ ලේඛකයන් ලියන්නේ තමන් සඳහාය. වෙළෙන්දන්ගේ ධන තන්හාවට වඩා ලේඛකයන්ගේ කීර්ති තන්හාව විටෙක භයානක වන්නේ මේ නිසාය. සමාජ අපේක්ෂා ආදිය දින දින මැලවී යමින් තිබෙන සමාජ පසුබිමක් තුළ මේ තත්ත්වය තව දුරටත් දරුණු වෙයි. සාහිත්‍ය වසන්තයේ නිමාවෙන් පසු කපා දැමූ පොත් කලේබර කාණු දිගේ ලේ හලන ආකාරය අපට තවමත් දැකගත හැකිව ඇත්තේ ඒ නිසාය.

දහනමය සම්මත කරනු
දහනමවැනි සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් අරගල බොහෝ දෙනකු පසුගිය කාලයේදී අපට දැකගන්නට ලැබිණි. ඔවුන්ගේ පළමු ඉල්ලීමක් වූයේ තිස් දෙනකුගේ ඇමති මඩුල්ලකි. එම අපරිමිත අරගලයේ ප්‍රතිපලයක් ලෙස ඊට මාස කීපයකට පසු එමෙන් දෙතුන් ගුණයක් විශාල ඇමති මණ්ඩලයක් අද අපට ලැබී තිබේ.

යුධ අපරාධ චෝදනා
යුද්ධය කොහොමටත් සාපරාධීය. එසේම මේ රටට එල්ල වන යුධ අපරාධ චෝදනා යුද්ධයටත් වඩා සාපරාධීය. යුධ අපරාධ චෝදනා යනු ලොව ලොකුම අපරාධකරුවන් අත ඇති දේශපාලන බෝම්බයක් බව අද වන විට බොහෝ දෙනාට අමතක වී තිබේ. සාම සංහිඳියා සළුවෙන් වෙලූ ඒ බෝම්බය සාදරයෙන් රට තුළට වඩම්මාගෙන ඒමට යහපාලකයෝ මේ වන විට කටයුතු කරමින් සිටිති. යහපාලන වෙස් මුහුණ යට ඇති සැබෑ මුහුණ කුමක්දැයි දන්නා අයට මෙය එතරම් අරුමයක් නොවේ.

යුධ අපරාධකරුවෝ
මේ රටේ සිදුවිය හැකි ලොකුම අපරාධය වන්නේ සාමයේ ජයග්‍රහණය වසර කීපයක් ඇතුළත නැවතත් ත්‍රස්තවාදයට පාවා දීමය. රනිල් සහ මෛත්‍රී යුවල ලංකාවේ සිටින ලොකුම යුධ අපරාධකරුවන් දෙදෙනා වන්නේ මේ නිසාය. අප ඉතිහාසයට එක්වීමට නියමිතව තිබුණේ ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධානය පරදවා සාමය දිනා ගත් ජාතියක් ලෙසය. එහෙත් මේ යන ගමන අවසානයේ අප ඉතිහාසයට එක් වනු ඇත්තේ ලෝකයේ කිසි තැනක නොවූ ලෙස, ඉතා කෙටි කලකින්, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පරාජිත ත්‍රස්තවාදය නැවත නඟා සිටවූ අරුම පුදුම ජාතියක් ලෙසය. මේ අන්දමට පෙරට ගියහොත් සැබෑ යුධ අපරාධකරුවන් කවුදැයි හඳුනාගැනීමට වැඩි කාලයක් ගත නොවේ.

රෝහිත භාෂණගේ බාසාව
කලකට පසු රෝහිත භාෂණගේ ලිපියක් කියවීමි. ඔහු එය ලියා ඇත්තේ කවි බව පැවසෙන පොතක පෙරවදනක් ලෙසය. භාෂණ යනු කවි ලිවීමේ මෙන්ම කවි බසින් බාසාව දැමීමේ හැකියාවද ඇත්තෙකි. කවි බස පවා කෙතරම් තක්කඩි හා ව්‍යාජ ලෙස අවභාවිතයේ යෙදවිය හැකිද යන්න වටහා ගැනීමට කැමති අය භාෂණගේ සෙවල වැගිරෙන රචනාවක් දෙකක් කියවා බැලිය යුතුමය. එහෙත් ඔහුගේ අලූත් ලිපිය කවි බස දක්ෂ ලෙස හැසිරවූ එකක්ද නොවේ. එය විහින් දාර්ශනික වෙන්නට දගලන පැටලිලි සහගත රචනාවකි. තාර බර ඉවත් කළ පසු එම ලිපියේ සාරාංශ අදහසට අනුව ලංකාව තුළ එල්ටීටීඊය නැමති සංවිධානයක් තිබී නැත. අහිංසක දෙමළ වැසියන් දස දහස් ගණනක් කුඩා බිම් කඩකට කොටු කර හමුදාව ඔවුන්ට සිත් සේ පහර දී ඇත. ඒ නිසා හිට්ලර්ගේ යුදෙව් සංහාරයටත් වඩා බියකරු මේ සියවසේ ලොකුම වර්ග සංහාරය සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේය. මෙය කියවාගෙන යාමේදී මා වැනි ජාතිවාදියෙකුට බලවත් කණගාටුවක් ඇති වන්නේ, මේ සා මිලේච්ඡ සංහාරයක් සිදු කළ ශ්‍රී ලංකා හමුදාව රෝහිත භාෂණ වැනි අහිංසක දෙමළ ජාතිකයෙක් නිරුපද්‍රිතව ඉතුරු කර තිබීම ගැනය.

ජනාධිපති තාත්තා
පුතුන් කෙරේ ඇති අසීමිත ආදරය බොහෝ ජනාධිපති තාත්තලාගේ විනාශයට හේතුවෙයි. මහින්ද රාජපක්ෂ පරාජයේ සෑහෙන වැඩ කොටසක් නොමිලේම ඉටුකර දෙන ලද්දේද ඔහුගේම පින්මද පුත්‍රයන් විසිනි. කෙසේ වුවද නාමල් රාජ්‍ය කටයුතුවලට මැදිහත් වූයේ ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ලෙසය. නමුත් සිරිසේන නිව්යෝක් සමුළුවට රැගෙන ගිය පුද්ගලයා නිකම්ම නිකම් ලපටි පුතෙකු මිස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් නොවේ. මෛත්‍රී, මහින්දටත් වඩා තම පුතාට ආදරය කරන බව එයින් තහවුරු වෙයි.

ඉසුරු ප්‍රසංග

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/25/2015

කෙම්මුර වදන – 2015 ජුලි 25`

කතෘ:යුතුකම     7/25/2015   No comments
යුධ විරෝධය 
 
සැබෑ යුධ විරෝධීහු යුද්ධය නිමාවීම ගැන සතුටට පත්වෙති. එහෙත් ලංකාවේ ප‍්‍රකට යුධ විරෝධීහු බොහෝ දෙනෙක් යුද්ධය නිමාවීම ගැන මහත් දුකකින් පසුවෙති. රටේ සාමාන්‍ය මිනිසුන් සාමයේ උදාව සමරා ප‍්‍රීතිවන විට මෙරට යුධ විරෝධීන් යුද්ධයේ නිමාව සමරා කොළඹට රොක්වී හඬා වැලපෙන්නේ මේ නිසාය.

සාමය නිසා අවතැන්වූවෝ

මිනිසුන් අවතැන් වන්නේ යුද්ධය නිසා පමණක් නොවේ. සාමය නිසා අවතැන් වූ පිරිසක්ද රටේ සිටිති. අද මහින්ද එපෝ !!යැයි හඬ නගන බලවේග අතර මේ සාමය නිසා අවතැන් වූ පිරිස මුල් තැනක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

වෙස් මුහුණු

වෙස් මුහුණු සෑදීම සදහා කඩදාසි, ප්ලාස්ටික්, රබර් මෙන්ම දැව වර්ගද භාවිතයට ගනු ලැබේ. එසේ වුවද යහපාලන වෙස් මුහුණ කුමන අමුද්‍රව්‍යකින් සාදන ලද්දක් දැයි නිගමනය කිරීම ඉතා අසීරුය. අප කුඩා කාලයේදී වෙසක් කාලයට කඩවල්වල බහුලව තිබුණේ කඩදාසි වෙස් මුහුණුය. මේ කඩදාසි මුහුණු පවා පරිස්සමින් පරිහරණය කළහොත් හයමාසයකට වඩා බොහෝ කාලයක් සුරැකිව තබා ගත හැකිය. එසේ වුවද විශේෂඥයන් සිය ගණනක් එක්වී ඉහලම පහසුකම් යටතේ නිශ්පාදනය කරන ලද යහපාලන වෙස්මුහුණ දින කීපයක් ඇතුළත පතුරු ගැලවී කෑලි හැලෙන්නට පටන් ගත් අතර, ඒ පිටුපස තිබූ රනිල්ගේ අජූව මුහුණ මේ වනවිට රටටම දිස්වන්නට පටන් ගෙන තිබේ.
රනිල් සහ මහින්ද

මහින්ද යනු බොහෝ හරි වැඩ කරන අතරේම වැරදි වැඩද කළ පුද්ගලයෙකි. නමුත් රනිල් යනු වැරදි කිරීම සඳහාම මෙලොවට බිහිවූ අංක එකේ වැරදි නිශ්පාදනාගාරයකි. මහින්දගේ වැරදිවලින් රටට වන හානිය සහ රනිල්ගේ වැරදිවලින් රටට වන හානිය අතර වෙනස අරක්කු බීමෙන් සිරුරට වන හානිය සහ වස බීමෙන් සිරුරට වන හානිය අතර ඇති වෙනසටත් වඩා විශාලය. ඉඩ ලැබුණු කෙටි කාලවලදී රනිල් රට කළ ආකාරය නිශ්චිත කාරණා දත්ත සහිතව විමසා බලන ඕනෑම අයකුට මගේ ප‍්‍රකාශය පක්ෂග‍්‍රාහී උපමා හරඹයක් නොවන වග වටහා ගැනීම ඉතා පහසුය.

දෙදරා ගිය සීනුව

රනිල් මෙන්ම මහින්දද වැරදි නම් මෙවර ඔබේ ඡන්දය සීනුවට නොදෙන්නේ මන්දැයි මිතුරෙක් මගෙන් විමසා සිටියේය. ඒ ප‍්‍රශ්නයට මා ඉතා දීර්ඝව ලියා ඇති දිගු පිළිතුරු මූලික කාරණා දෙකකට කැටි කළ හැකිය. පළමු කාරණය නම් තමන් තුළ ඇති තමන්ගේම වර්ධනයට බාධාකාරී වන ස්වයං විනාශකාරී ලක්ෂණ වෙනස් කර ගැනීමට ජවිපෙ තවමත් කිසිදු සූදානමක් නොපෙන්වීමය. ඒ තත්ත්වය තුළ ඔවුන්ට ඉදිරියේදීද උරුම විය හැක්කේ දෙපයින් සිටගත හැකි අනාගතයක් නොව සදාකල් වැටි වැටී නැගිටින අනාගතයකි. දෙවැනි කාරණය වන්නේ වසර කීපයකට අතහරින ලද තමන්ගේ නිසි භූමිකාව සියතට ගැනීමට ජවිපෙ තවමත් සමත් නොවීමය. එන්ජී ඕ කාරයන්ගේ ආස්වාදයට හේතුවන භූමිකාවක් රඟදක්වමින් සිටින ජනතා විමුක්ති පෙරමුණකට කිසිදා මනුෂ්‍යත්වයේ ආස්වාදයට හේතුවන භූමිකාවක් රඟදැක්විය හැකි නොවේ.

කහටපිටියගේ කවිය

නැසී ගිය ලක්ෂ්මන් කහටපිටිය මහතා පහත සඳහන් කවිය ලියන ලද්දේ ජවිපෙ තම නිසි මාවතින් බැහැරව නන්නත්තාර වීම ගැන ඇතිවූ සන්තාපය නිසාය. එය 2009 වසරේ පුවත්පතක පළව තිබුණි. ඒ විහින් කැඳවා ගත් දරුණු මැතිවරණ පසුබෑමකින් පසුව මාධ්‍ය හමුවක වාඩිවී අඬන්නට බැරිකමට හිනාවෙන ජවිපෙ නියමුවන්ගේ සේයාරුවක්ද සමඟය. එහෙත් මෙහි අර්ථය එදාට පමණක් වලංගු වන්නක් නොවේ.

දහදිය කඳුළු ලේ කලතා එකට හනා
සහලේ නෑසියන් ගෙන දුන් රටට දිනා
මහ උරුමයක අබිමන බඩදියට අනා
වහ කෑ පසුව කුමටද මේ නිවට සිනා

ඉසුරු ප‍්‍රසංග
මුල් සටහන Lanka Lead News වෙබ් අඩවියෙන්

7/15/2015

කෙම්මුර වදන 2015 ජූලි 15

කතෘ:යුතුකම     7/15/2015   No comments
ජූලි 15 ජූලි 15 වැනිදාට පෙර විධායකය අහෝසි කරන බවට චන්ද්‍රිකා රටට පොරොන්දු වී වසර විස්සකි. තවමත් විධායක විහිළුව මැතිවරණවලදී නැතිවම බැරිය. වසර විස්සකට පසුව පික් පොකට් අගමැතිවරයා අගමැතිකම පික් පොකට් ගසන ලද්දේද විධායක විහිළුවට මුවා වෙමිනි.

බිත්තියක හර්ද සාක්ෂිය

දේශයේ හෘද සාක්ෂිය යනුවෙන් ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. එහෙත් ඔවුන්ට දේශයේ හෘද සාක්ෂිය වීමට ඇති එක් බාධාවක් වන්නේ හෘද සාක්ෂියක් නොමැති තමන්ගේම නායකත්වයය. වසර ගනනාවක් පුරා ජවිපෙ පෝස්ටර් උසුලා සිටි බිත්තිවලට අත් පා ලැබුණේ නම් ඔවුන් ජවිපෙ සාමාජිකයන් සමග පැමිණ ඇවිදින බිත්ති වැනි එහි නායකයන්ට හදවත් ලබා දීමට පෙරමුණ ගනු නොඅනුමානය.

ජවිපෙ කැපකිරීම්

ජවිපෙ යනු නිතර කැපකිරීම් ගැන කතා කරන පක්ෂයකි. එහෙත් ඔවුන් කිසිදු කැපවීමක් නොකරන එකම කටයුත්ත වන්නේ තමන්ට වැරදී ඇත්තේ කොතනද? තමන් හැමදාම එකම තැන සිටින්නේ කුමක් නිසාද? යන කාරණා සිහි බුද්ධියෙන් විමසා බැලීමය. කවදා හෝ ඒ කැපකිරීම කළ නොහැකි නම් කැපකිරීම් පරිත්‍යාග ගැන කරන කෙළවරක් නැති නන් දෙඩවීම් බීරි අලියාට යහපාලන වීණා වැයීම බදු කටයුත්තක් වන බව නොකිව මනාය.

චම්පිකගේ අමුඩය

රනිල්ගේ නවලිබරල් අතීසාරයට ජාතිකවාදී අමුඩයක් ගැසීමට පාඨලී චම්පික රණවක ඉදිරිපත්ව තිබේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී චම්පිකගේ ජාතිකවාදී අමුඩය කීතු කීතු වී ගිය බැවින් මේ දිනවල රනිල් වෙනුවෙන් ජාතිකවාදී පොල් මුඞ්ඩක් හෝ සොයා ගැනීමට චම්පික දිවා ? වෙහෙසෙමින් සිටින බව හෙළ උරුමයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බලය සහ බලය

රට හැදීම සඳහා බලය අවශ්‍ය බව ඇත්තක් වුවද බලය හැදීම සඳහා රට අවශ්‍ය යැයි කල්පනා කිරීම විනාශයට හේතුවකි. රට උගසට තබා බලය උපයා ගත හැකි වුවද එසේ උපයා ගන්නා බලය ඉතා ඉක්මනින් නැති නාස්ති වී යයි. අවාසනාවට කාරණය වන්නේ මහින්ද ඇතුළු අපේ බොහෝ දේශපාලන නායකයන් මේ කාරණය වටහාගැනීමට අසමත් වීමය.

විවා කියුබා… විවා පිදෙල්

පිදෙල් කස්ත්‍රෝ යනු යම් අධිකාරීවාදීත්වයක්ද සහිතව දිගටම බලයේ රැදී සිටි නායකයකු වුවද ඔහු ඒ බලය භාවිතා කළේ තමා උදෙසා නොව රටේ සුභ සිද්ධිය උදෙසාය. ඇමරිකාව සිය දහස් වතාවක් ඔහුව ශාරීරිකව මෙන්ම දේශපාලනිකවද ඝාතනය කිරීමට උත්සාහ කළේය. කස්ත්‍රෝගේ පාලනය පෙරළා දැමීම සඳහා නොයෙක් උපක්‍රම අත්හදා බැලූවේය. 1959 සිට මේ දක්වාම ඇමරිකාව ඒ සඳහා වසරකට විශාල මුදලක් විය පැහැදම් කරන්නේ මයාමිවල වෙසෙන කියුබානු ඩයස්පෝරාවේද නොමද සහාය ඇතිවය. ඒ අතින් කියුබාව අපට වඩා බොහෝ බලවත් ලෙස බටහිර විජාතික කුමන්ත්‍රණවලට මුහුණ දෙන රාජ්‍යයකි. එහෙත් කස්ත්‍රෝගේ අභිමානවත් දේශය තවමත් නොනැසී පැවතීමට එක් හේතුවක් වන්නේ කස්ත්‍රෝ බලයේ ස්වභාවය හො`දින් දන්නා මුත්, එහි නොඇලූනු සරල අල්පේච්ඡ නායකයෙක් වීමය.
 

චේ සහ මහින්ද

චේ ගුවේරාගේ ඡායාරූපයක් බිත්තියේ අලවාගෙන සිටින ඔබ මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ මන්දැයි මිත්‍රයෙක් මගෙන් විමසා සිටියේය. මට පිළිතුරු තුනක් තිබිණි. එකක් වන්නේ චේ ගුවේරා වැනි නායකයකු ලංකාවේ නොසිටීමය. අනෙක චේ ගුවේරාගේ පොටෝ අලවා ගනිමින් රනිල් දිනවීම කළ නොහැක්කක් නිසාය. චේ ගුවේරා ලංකාවේ ජීවත් වූයේ නම් තමන්ට තීරණාත්මක දෙයක් කළ නොහැකි මොහොතක චේ ගුවේරාගේ සහයෝගයද මහින්දට මිස මෛත්‍රී වෙස්ගත් රනිල්ට හිමි නොවන බව මා දන්නා නිසාය.

නිදහසද? කෙවිටද?

ලාංකේය පන්නයේ යූඇන්පී වාමාංශිකයන් කියුබාවේ ජීවත් වුයේ නම් ඔවුන් ඒකාධිපති කස්ත්‍රෝ රෙජීමයට එරෙහිව ඇමරිකාව සහ එන්ජී ඕ කාරයන් සමග එක්වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, නිදහස් සාධාරණ ඡන්ද ආදිය ඉල්ලා උද්ඝෝෂණ අරඹනු ඇත. ඇමරිකාවෙන් කියුබාවට කිසිදු තර්ජනයක් නැති බවත් එය ක්‍රස්තෝ විසින් මවා ඇති බොරු බිල්ලෙක් බවත් කියුබානු ජනතාවට පැහැදිලි කර දෙනු ඇත. වාමාංශිකයන් අරගල කළ යුත්තේ සමාජවාදය උදෙසා වුවද ලංකාවේ සමාජවාදීන් අරගල කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදෙසාය. නිකම්ම ප්‍රජාතන්ත්‍රවාදයද නොව ඕනෑම ගොනෙකුට ඕනෑම ගොන් වැඩක් කිරීමට නිදහස දෙන ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසාය. ඒ නිසාම ඒ වර්ගයේ ගොනුන් පාලනය කිරීම සඳහා බලය නැමති කෙවිට නිසි පරිදි හසුරුවන නායකයෙක් අපට අවශ්‍ය වෙයි. නිදහස පමණක් නොව කෙවිටද වැදගත්ය. ලංකාව වැනි රටක් ගොඩනැගීමට නම් නිදහසට වඩා කෙවිට අවශ්‍ය වන බව දින දින පෙළගැසෙන සිදුවීම් විසින් අපට පැහැදිලි කර දෙයි.
 

-ඉසුරු ප්‍රසංග 
උපුටා ගැනීම Lanka Lead News වෙබ්අඩවියෙන්

7/08/2015

කෙම්මුර වදන – 2015 ජූලි 8

කතෘ:යුතුකම     7/08/2015   No comments
උපමා කතා

සෑම සාහිත්‍ය සංස්කෘතියකම පාහේ උපමා සහ උපමා කතාවලට වැදගත් තැනක් හිමිව තිබේ. උපමාවක් යනු කිසියම් සිද්ධි දාමයක් සහ ඊට සෘජු සම්බන්ධයක් නැති තවත් සිද්ධි දාමයක් අතර අනුරූපීතා මතු කර පෙන්වන ප්‍රබල සාහිත්‍යමය ව්‍යවහාරයකි. බැලූ බැල්මට එකිනෙකට අසම්බන්ධිත විවිධ විශම වස්තු හා සිද්ධි අතර පුදුමාකාර අනුරූපීතාවක්, ඒකත්වයක් පැවතීම අප වෙසෙන ලෝකයේ නිසඟ ස්වභාවයකි. මේ ස්වභාවය නිසාම යම් සංකීර්ණ හා පැටලිලි සහගත අදහසක් නිරවුල්ව, සංක්ෂිප්තව, ප්‍රබලව හා සිත් කාවදින ලෙස ඉදිරිපත් කිරීම සඳහා උපමා සහ උපමා කතා බහුලව යොදා ගැනේ. උපමාවක අර්ථයටද පූර්ව නිශ්චිත සීමාවක් නොපවතින අතර එය සන්දර්භය අනුව බහු අරුත් මතුකරමින් බස් වහර තුළ සජීවීව ක්‍රියාකාරී වන්නකි. උපමා කතාවලට ඉතා දිගු ආයු කාලයක් හා උත්තර් ඓතිහාසික අර්ථමය ගාම්භීරත්වයක් හිමිව ඇත්තේද මේ නිසාය. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ යන පිරුළ වර්තමාන සන්දර්භය තුළ රනිල්ගෙන් යහපාලනය ඉල්ලන්නා සේ වැනි අරුතක් සහිතව භාවිත කළ හැකිවීම ඒ පිළිබඳ එක් සරල උදාහරණයකි.

ඊසොප්

ඊසොප් යනු අප අසා ඇති ජනප්‍රියම හා පැරණිම උපමා කතා කාරයෙකි. ඊසොප් ගැන කිසිවක් නොදන්නා අය පවා ඔහුගේ කතා අසා ඇතුවාට සැක නැත. නරියා සහ කේජු කෑල්ල, හාවා සහ ඉබ්බාගේ ධාවන තරගය, බඳුනකට ගල් කැට පුරවා කපුටෙක් දිය පවස නිවාගත් ආකාරය, මගේ මතකයට එන ඊසොප්ගේ උපමා කතා කීපයකි. ළමා කාලයේදී මේ කතා අසන විට ඒවා අපේ රටේ කතාන්දර වන්නට ඇතැයි මා සිතා සිටියද ඒවායේ ඉතිහාසය මට සිතාගත නොහැකි තරම් පැරණිය. ඊසොප් යනු ක්‍රිස්තු පූර්ව 620 සහ 560 අතර කාලය තුළ පුරාණ ග්‍රීසියේ ජීවත් වූ වහලෙක් බව කියැවේ. ඔහු සහ ඔහුගේ බව සැලකෙන කතා ගැන මති මතාන්තර රාශියකි.

කොටි ආ කථාව

කොටි ආවෝ… යැයි නිකරුණේ කෑ මොර දෙමින් ගම්මුන් සමග විහිළුවට ගිය ගොපල්ලාගේ කතාව කවුරුත් අසා ඇති එකකි. ඔහුගේ විහිළුවට දින කීපයක් රැවටුනු ගම්මු කොටියෙක් නැති බව දැන කෝපයෙන් ආපසු ගියෝය. එහෙත් ඇත්තටම කොටියකු ආ දිනයේ ගොපල්ලාගේ පිළිසරණට කිසිවෙකු නාවේ ගොපල්ලාගේ බොරු විහිළුව ගම්මුන්ට තිත්ත වී තිබූ බැවිනි. එහි ප්‍රතිපලය වූයේ බාධාවකින් තොරව ගොපල්ලාවත් ගව රැලත් විනාශ කරන්නට කොටියාට හැකියාව ලැබීමය.

කොටියා සහ විජාතික කුමන්ත්‍රණ

ගොපල්ලා කොටි ගැන කියමින් කෑ ගැසුවාක් මෙන් මහින්දගේ ආණ්ඩුව නිතර කෑ කෝ ගසන ලද්දේ විජාතික බලවේග ගැන කියමිනි. ආණ්ඩුව දිවා රෑ විජාතික කුමන්ත්‍රණ ගැන කියමින් ජනතාව සමඟ විහිළුවට යාමේ ප්‍රතිපලය වුයේ ඇත්තටම විජාතික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන අවස්ථාවලදී මහින්ද බේරා ගැනීමට ජනතාව නිසි අයුරින් මැදිහත් නොවීමය.
කොටි එන බව කියමින් ගොපල්ලා බොරුවට කෑ මොර දුන් බව ඇත්තකි. එහෙත් එහි තේරුම කොටියාගෙන් ගොපල්ලාට තර්ජනයක් නොමැති බව නොවේ. විජාතික බලවේග ගැන කියමින් ආණ්ඩුවද බාල සෝබනකාර ඝෝෂා නැගූ බව ඇත්තකි. එහෙත් එහි තේරුම මේ රටට විජාතික බලවේගවල තර්ජනයක් නොපවතින බවද නොවේ.

කොන්ත්‍රාත් කාරයන්ගේ උපමා

කොටියා යනුවෙන් භයානක සතෙක් ලෝකයේ නැත. හිටියත් ඌ කියන තරම් නපුරු නැත. ඉඳහිට හෝ ඌ නපුරු වන්නේ හේතු ඇතිවය. විශේෂයෙන් අප වැනි කැහැටු ගොපල්ලන් ගවයින් භක්ෂණය කිරීමට කොටියාට කිසිදු වුවමනාවක්ද නැත. කොටියා ගවයන්ට ආදරය කරයි. කොටියාගේ හිත දිනාගෙන ඌ සමග සාමයෙන් විසීම අපේ වගකීමකි. කොටියා නපුරු සතෙක්ය යන්න විගඩම්කාරී ගොපල්ලන්ගේ අධිපති දෘෂ්ටිවාදයකි. කථිකාමය හෙජමොනික ගොඩනැංවීමකි. ගොපල්ලා තමන්ගේ කුරිරුකම් සඟවා ගන්නේ කොටියෙක් පිළිබඳ බොරු බිල්ලෙක් මවා පෙන්වීමෙනි.
මා ඉහත සඳහන් කරන ලද්දේ මෙරට ඊනියා විකල්ප පණ්ඩිතයන් විජාතික බලවේග ගැන දරන මතය කොටියාගේ උපමා කතාවට ආදේශ කළහොත් කීමට සිදුවන දෑය. මෙරට ඊනියා විකල්ප උගතුන්ගේ ලොකුම කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ලංකාව වැනි කුඩා කාලකන්නි රටකට විජාතික අධිරාජ්‍යවාදී බලවේගවල කිසිදු තර්ජනයක් නොමැති බව දිවා රෑ අපට අවධාරණය කිරීමය. එදා මෙදා තුර මේ පිරිස මේ රට තුළ ඉටුකරමින් සිටින එකම මූලික කාර්යයභාරය වන්නේ කොටියාගේ තර්ජනයක් නැතැයි අපට පවසමින් කොටියාගේ ගොදුරුකරණ ක්‍රියාවලියට මතවාදී පහසුකම් සපයාදීමය. මහින්දගේ දේශපාලන විගඩම්වලට වඩා පරගැති උගතුන්ගේ ප්‍රබුද්ධ මැදිහත්වීම් රටට හානිකර වන්නේ ඒ නිසාය. උපමා කතාවල මා මුලින් කී අර්ථමය ගාම්භීරත්වයට මෙයම අපූරු උදාහරණයක් නොවේද?

අවසානය

උපමාවකින්ම අවසාන කරන්නේ නම් රටට හා මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිසුන්ගේ වගකීම වන්නේ ගොපල්ලන්ගේ මෝඩකම් මෙන්ම කොටියාගේ නපුරුකම්ද මැදහත්ව වටහා ගැනීමය.

ඉසුරු ප්‍රසංග

[මුල් සටහන www.lankaleadnews.com වෙබ් අඩවියෙන් }

7/04/2015

කෙම්මුර වදන – 2015 ජූලි 4

කතෘ:යුතුකම     7/04/2015   No comments
අම්මා විකිණීම

සිංහල සංස්කෘතිය ලෝකයේ සියලූ විනාශයන්ට මුල යැයි විශ්වාස කරන සිංහල ගුරුවරු අම්මා විකුණා ආර්ථික හා සමාජීය වටිනාකම් උපයා ගනිති. ඛේදජනකම කාරණය වන්නේ තමන් දේශයේ හෘද සාක්ෂිය බව කියා ගන්නා රතු පක්ෂවල පුවත්පත් ගෝර්කිගේ අම්මාවද ඈදා ගනිමින් මේ වසල වෙළදාමට පහසුකම් සපයන්නෝ වී තිබීමය.

වල් පැලෑටි හා මිනිසා

වල් පැලෑටි ස්වභාවයෙන්ම ශක්තිමත්ය. දුෂ්කරතා දරා ගැනීමට සමත්ය. පස සැකසීමකින් හෝ පොහොර ජලය ආදී කිසිදු සාත්තු සප්පායමකින් තොරව, ව්‍යාධිජනක පලිබෝධ ආදී උවදුරු පරදවා එය ඉතා වේගයෙන් පොළව ආක‍්‍රමණය කරයි. නමුත් බෝග වගා කිරීම බොහෝ අසීරුවෙන් හා ආයාසයෙන් කළ යුත්තකි. සුළු තර්ජනයකින් පවා බෝග වගාවක් පහසුවෙන් වැනසී යා හැකිය. මිනිස් සිත තුළ නපුර හා යහපත වැඩෙන්නේද ඒ අන්දමිනි. යහපත ඉතා අසීරුවෙන් වගා කළ යුතු වන අතර අයහපත ඉතා පහසුවෙන් ආක‍්‍රමණශීලී ලෙස මිනිස් සන්තානය අත්පත් කර ගනී.

සංස්කෘතියද? සොබාදහමද?

මිනිස් සිත නපුරට ආකරයක් බව වටහාගැනීම යනු මිනිසා ස්වභාවයෙන්ම නරකය, යන සත්‍යයට අනවශ්‍ය ජවයක් ලබා දීම නොවේ. මිනිසා තුළ යහපත වගා කළ හැක්කේම ඔහු නිසගයෙන්ම අයහපතට දැඩිසේ නැඹුරු බව නොවලහා වටහා ගැනීමෙනි. ඇතමුන් මිනිසාගේ නරක මුළුමනින්ම සමාජ සංස්කෘතික නිශ්පාදනයක් බව පවසන විට, තවත් පිරිසක් සමාජ සංස්කෘතික බලපෑමෙන් සපුරා වියෝවූ සංස්කෘතික විරෝධී ස්වභාවික මිනිසෙක් ගැන ඊනියා විදග්ධ තර්ක ගොඩ නගති. සමාජ සංස්කෘතික බලපෑමෙන් තොර මිනිසා තිරිසනෙකු මිස අන් යමෙක් නොවේ. මන්ද යත් තමාගේම මව දූෂණය කිරීමට වුවද සංස්කෘතියෙන් වියෝවූ මිනිසාට ස්වාභාවික බාධා නොපවතින බැවිනි.

මහින්ද එපා

යමකුට මහින්ද එපා යැයි තර්ක කිරීමට සාධාරණ හේතු ගණනාවක් තිබිය හැකි බව සෑබෑය. එහෙත් ප‍්‍රභාකරන් එපා නොකියූ අය, රනිල් එපා නොකියන අය, බටහිර අධිරාජ්‍යවාදය මිත්‍යාවක් බව පවසන අය, මහින්ද එපා යැයි කියමින් කොටුවේ කෑ මොරදීම සාධාරණ හේතු මත පදනම් වූ ස්වාභාවික සංසිද්ධියක් නොවේ. එය අදිසි නූල් සූත්තර රැුසකින් සමන්විත කෛරාටික දේශපාලන නාටකයකි. ඊනියා උගතුන්ගේ කලාකරුවන්ගේ කෛරාටිකකම් පාදඩ දේශපාලඥයන්ගේ කෛරාටිකකම්වලටත් වඩා රටට හා මනුෂ්‍යත්වයට හානිකරය.

රනිල්ගේ වාමවාදී ඇබිත්තයෝ

රනිල් උග‍්‍ර දක්ෂිණාංශිකයෙක් යැයි බොහෝ දෙනා සරදම් කළද වාමවාදී ඇබිත්තයෝ අති විශාල පිරිසක් ඔහු වටා කලක සිට ඒකරාශී වී සිටිති. සති අන්ත කළු සුදු පුවත්පත්වලට, වෙබ් අඩවිවලට, වාමවාදී වචන අඹරමින් ලිපි ලියන, පැහැදිලි බසින් යමක් ලිවීමට නොදන්නා බොහෝ මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් පශ්චාත් නූතනවාදීන් මේ අයත් වන්නේ මේ ඇබිති බලකායටය. මතුපිටින් මොන මොන ආකාරයේ මුහුණු සිය ගණනක් ඔස්සේ පෙනී සිටියද ඔවුන්ගේ මහා පොදු දේශපාලන ඇතුළාන්තය හා අධ්‍යාත්මය වන්නේ රනිල්ය.

අභ්‍යාසයක්

උග‍්‍ර සමාජවාදීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් පවා පාදඩ වනචාරී ධනවාදියකු වන රනිල් වික‍්‍රමසිංහ නැමති කෝලමා වෙනුවෙන් දිවා රෑ චරිත සහතික ලියන්නේ කුමක් නිසාද? ඒ ප‍්‍රශ්නය ගැන ගැඹුරින් කල්පනා කර බැලීම දේශපාලන විද්‍යාවේ සංකීර්ණ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ ගන්නා විද්‍යාර්ථයන් සදහා කදිම ස්වයං අභ්‍යාසයකි.

ඉසුරු ප්‍රසංග 


[Lanka Lead News අඩවියෙන් උපුටා ගත්තකි ]

7/01/2015

කෙම්මුර වදන – 2015 ජූලි 1

කතෘ:යුතුකම     7/01/2015   No comments
ජූලි එක

කෙම්මුර වදන සටහන් පෙළ ලිවීම අරඹන අද දවස ජූලි පළමුවැනිදාය. ලෝකයේ පළමු අන්තර් ජාතික දුරකතන සංවාදය කැනඩාව හා ඇමරිකාව අතර සිදුවූයේද (1881) , චීන කොමියුනට්ස් පක්ෂය පිහිටුවූයේද (1921) සෝමාලියාව (1960) ඝානාව (1960) රුවන්ඩාව (1962) බුරුන්ඩි (1962) යන රටවල් ඊනියා නිදහස් ජාතික රාජ්‍ය බවට පත්වන්නේද අද වැනි දවසකය. එපමණක් නොවේ. 1955 මැයි 14 වැනිදා පිහිටුවන ලද වෝර්සෝ හවුල 1991 ප‍්‍රාග් නුවරදී නිල වශයෙන් විසුරුවා හරින ලද්දේද අද වැනි දවසකය. වෝර්සෝ හවුල විසුරුවා හැරීම යනු ගිලී ගිය රතු ඉර පිළිබඳවේදනාත්මක මතක සටහනකි. රතු ඉර ගිලෙන විට සමුදුර හඬා වැලපෙයි. අනතුරුව ලෝකයට උදාවන්නේ ඝනදුරය. ඒ ඝනදුරින් අපි තවමත් අනේක විද පීඩා විඳිමින් සිටින්නෙමු.

කෙම්මුර
 
කෙම් යනු ක‍්‍රමය, පිළිවෙත යන අරුත් දෙන්නකි. මුරය යනු අවස්ථාව හඟවන පදයකි. දෙවියන් උදෙසා යාග හෝම පුද පූජා ආදී පිළිවෙත් ඉටු කිරීමට සුදුසුම අවස්ථාව යන අර්ථයෙන් බදාදා සහ සෙනසුරාදා දින දෙක කෙම්මුර දවස් ලෙස හඳුන්වනු ලැබේ. මේවා බොහෝ කටයුතුවලට සුබ දවස් ලෙස සැලකෙන අතර, දෙවියන්ගේ වැඩි බැල්මක් ආරක්ෂාවක් ලද හැකි බව කියන මේ දිනවල අව් වැසි සුළංවල පවා යම් වෙනසක් ඇතැයි කියැවේ. ජ්‍යෝතිෂ්‍ය හා සම්බන්ධ කරගත් විට කෙම්මුර දවස් යන්න තව බොහෝ සංකීර්ණ පැති මාන සහිතව අර්ථ දැක්විය හැක්කකි.

කෙම්

කතාවෙන් තොරව කරන ප‍්‍රතිකාරයක් පිළිවෙතක් හැඳන්වීමටද කෙම් යන වචනය භාවිත වේ. දත් කැක්කුමට නිවසේ යටලීයේ හුණුවලින් ඉරි ඇඳිම, කැඩුණු කකුළ වෙනුවට රෝගියා නිදා සිටින ඇෙඳ් කකුළක බෙහෙත් බැඳීම, බෙල්ලේ උලූක්කුවට නිදන පැදුරු කොට්ට අව්වේ දැමීම, සර්පයකු දෂ්ඨ කළ බව කීමට වෙද ගෙදරට එන තැනැත්තාට වෙදා අත දිග හැර කම්මුල් පහරක් දීම, යනාදිය කෙම් ක‍්‍රමවලට අයත් දේ වන අතර එවැනි කෙම් ක‍්‍රම රාශියක් පාරම්පරික සිංහල ජන සංස්කෘතිය තුළ හමුවෙයි.

ගඟ සහ ගිනිකූර

කෙම් ක‍්‍රම වැනි අබූත ආදි කල්පික දෑට ඒ කියන අන්දමේ ප‍්‍රායෝගික අර්ථයක් බලයක් තිබේද? තිබේ නම් එය කි‍්‍රයාවට නැංවෙන යාන්ත‍්‍රණය කුමක්ද? එය තර්ක බුද්ධියට හෝ නිල විද්‍යාවට හසු කර ගත හැක්කේ කෙසේද? වැනි ප‍්‍රශ්න නිසි පරිදි විසඳා දීමට මගේ දැනුම අවබෝධය ප‍්‍රමාණවත් නැත. එසේ වුවද ඊනියා උගතුන්ගේ නිල විද්‍යාවේ තර්කයෙන් පමණක් මේ සියල්ල මිනිය නොහැකි බව පැහැදිලිව කිව හැකි අත්දැකීම් ප‍්‍රමාණයක් මා අත්විඳ තිබේ. එහෙයින් සම්මත විද්‍යාවේ තර්කයෙන් මේ සියල්ලේ පිරිවිතර ගන්නට යාම ගිනි කූරකින් ගංගාවක පරිමාව මනින්නට යාම වැනි කටයුත්තක් බව නොපැකිලව ප‍්‍රකාශ කළ හැකිය.

කාලීනත්වයේ අපුල

කාලීනත්වය යන්නෙහි විරුද්ධ පදය අකාලිකත්වය හෝ සර්ව කාලීනත්වය විය හැකි වුවද මිනිස් කි‍්‍රයාවන් ගැන කතා කිරීමේදී ඊට හොඳම යෙදුම උත්තර් ඓතිහාසිකත්වය බව මට සිතේ. ඒ මන්ද යත් කාලීනත්වයෙන් ඔබ්බෙහි පවතී යැයි අප සිතන වටිනාකම් කිසිවක් සර්වකාලීන දැයි අපට අනාවැකි කිව නොහැකි බැවිනි. කෙසේ වුවද කාලීනත්වය කර්කශ විය හැකිය. අපේ හිතේ ඇඳී ඇති දේට වඩා අවලස්සන විය හැකිය. ඒ සමඟ හැපෙන්නට යාම ඇඟ පතේ කිලිටි තවරා ගැනීමට සිදුවන අපුල කි‍්‍රයාවක් වන්නටද පුළුවන. එසේ වුවද රටක කාලීන අභියෝග අමතක කොට අපට කිසි ලෙසකින්වත් උත්තර් ඓතිහාසික මිනිස් වටිනාකම් ගැන කතා කළ හැකි නොවේ.

මැතිවරණ සිතියම

යළිත් හදිසි මැතිවරණයක් රට හමුවට පැමිණ තිබේ. එයද කර්කශ කාලීන අභියෝග ගනයට අයත් වන්නකි. මේ මැතිවරණයද සුපුරුදු ලෙසම දේශපාලඥයන් අතර ගැටුමකට වඩා ජාතිකත්වය සහ විජාතිකත්වය අතර ගැටුමකි. මෙරට දේශපාලනයේ මේ මූලික බල බෙදුම් රේඛාව අවුල් කිරීමද විජාතික විශ්ලේෂකයන්ගේ න්‍යාය පත‍්‍රයේ පළමු රාජකාරියකි. මිලේච්ඡු විජාතිකත්වය රටේත් මනුෂ්‍ය වර්ගයාගේත් ප‍්‍රධාන සතුරාය. මේ මොහොත වන විට මේ පොළවේ පවතින ජාතිකත්වයේ බලවේගය බොහෝ අඩුපාඩු සහිත, අපරිණත, හා අපිරිසිදුකම්වලින් ගහන එකක් බවත් ඒ තත්ත්වය වෙනස් කරගත යුතු බවත් ඇත්තකි. එහෙත් එය එසේ වූ පමණින් විජාතිකත්වයට ජය අත් කරදීමට ඒ අවුල කිසිම අන්දමක නිදහසට කාරණයක් හෝ හේතුවක් කර ගත යුතු නොවේ.

මහින්ද සහ මෛත‍්‍රී

මහින්දගේ පාලන කාලය තුළ හොරි, දද, කුෂ්ඨ වැනි දේවලින් රට අපවිත‍්‍ර වූ බව ඇත්තකි. හොරකම්, නාස්තිය, අයථා ඉපයීම්, විගඩම් නාඩගම්, බලයේ අවභාවිත යෙදවීම් ආදිය මේ හොරි දද කුෂ්ඨ ලෙස ගත හැකිය. මෛතී‍්‍ර වෙස්ගෙන රනිල් බලයට එන ලද්දේ මේ හොරි දද කුෂ්ඨ තවදුරටත් විශාල කර පෙන්වා ඒවා කඩිනමින් සුවපත් කරන බවට තරයේ පොරොන්දු ලබා දෙමිනි. නමුත් ඔවුන්ගේ සැබෑ පිළිවෙත වන්නේ හොරි දද කුෂ්ඨ එසේම පවත්වා ගන්නා අතරේම රටේ කශේරුකාවටද පහර දී එයද කඩා බි`ද දැමීමය. මේ මූලික අවුල සංයුක්තව වටහා ගැනීම කොන්ද බේරාගැනීමේත්, හොරි සුව කර ගැනීමේත්, දේශපාලනයක නියම මූලාරම්භය වෙයි.

- ඉසුරු ප්‍රසංග
 [උපුටා  ගැනීම :  Lanka Lead News වෙබ් අඩවියෙන්  ]

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions