10/10/2015

ළමා අයිතිවාසිකම් සහ බුදු සසුනේ චිරස්ථිතිය ( 3 කොටස )

කතෘ:යුතුකම     10/10/2015   1 comment

පෙර ලිපි

අද එතැන් සිට..
ඉහත කාරණය ගැන අවසන් වශයෙන් අපගේ අදහස් දැක්වීම මෙන්ම බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අපගේ යෝජනා කීපයක් ඉදිරිපත් කිරීම අප පොරොන්දු වූ ලෙසට සිදු කළ යුතුව ඇත .උක්ත කාරණයේ පසුබිම ගැන පැහැදිලි කිරීම් දෙකක් කලින් සිදු කළ අතර දැන් එළඹ තිබෙන්නේ විසඳුම් මොනවාද යන්න යෝජනා කිරීමයි .දීර්ග ලිපියක් ලිවීමට වැඩි කාලයක් ගතවීම සහ දීර්ග ලිපි කියවීමට බොහෝ අය අකමැත්තක් දැක්වන නිසා කෙටියෙන් එක කරුණකට එක පෝස්ට් එකක් වශයෙන් කොටස් කීපයකින් අපගේ අදහස ඉදිරිපත් කරමු .

මේ කාරණය ගැන විවෘතව කතාකිරීමේදී අපට යම් යම් විවේචනවලට මුහුණ දෙන්නට සිදු වුණි .බුදු දහම යනු සිතීමේ විමසීමේ නිදහස ඇති විවෘත වූ දහමකි .එය අන් ආගම් මෙන් අන්ධ භක්තිවාදය පිළිනොගන්නා අතර ඕනෑම කරුණක් පත පොතෙන් හෝ සම්ප්‍රදායෙන් පරම්පරාවෙන් ආ පමණින් පිළිනොගන්නා ලෙසට උපදෙස් දෙන දහමකි .එසේම බුදු හිමියන් සර්වබලධාරී දෙවි කෙනෙකුන් නොවන අතර බුදු සසුන සම්බන්ධ කරුණුවලදී සාමාන්‍ය සමාජයේ මිනිසුන්ගේ අදහස් සහ ඉල්ලීම්වලට ඉඩ දුන් අවස්ථා බුද්ධ චරිතය තුල බොහෝ ඇත.ඒ මත පදනම්ව මේ සසුනේ චිරස්ථිතිය උදෙසා වන අවසන් විසඳුම් ගැන කතා කරමු .

1.විවිධ අයුරින් අනාථභාවයට පත්වෙන දරුවන් උදෙසා බෞද්ධ විහාරස්ථාන මුලිකත්වයෙන් ගිහි පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අරමුදලක් හා ළමා නිවාස ඇති කිරීම .එමගින් නිසි අධ්‍යාපනයක් ලබාදීම .

ආර්ථික හෝ වෙනයම් හේතුන් මත අසරණ වෙන බෞද්ධ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් එම දරුවන්ව මුලින්ම යොමු කළ යුත්තේ ළමා නිවාස වෙතය .එම ආයතනවල විධිමත් පුහුණුවක් ලැබූ කාර්යමණ්ඩලයක් සිටිය යුතුය .මන්දයත් මුල් ළමාවිය සංවර්ධනය සහ දරුවා සමාජානුයෝජනය කිරීම සඳහා ඒ පිලිබඳ පුහුණුවක් දැනුමක් ඇති අයගේ දායකත්වය අවශ්‍ය වේ .

එහිදී දරුවාගේ සහජ කුසලතා දැනුම සහ ආකල්ප වර්ධනය වෙන අධ්‍යාපනයකට ඔවුන්ව යොමු කළ යුතුය .මේ දරුවන් අතර අනාගත දක්ෂ ක්‍රීඩකයන් කලාකරුවන් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් පමණක් නොව වඩු මේසන් ආදී වෙනත් වෘත්තිකයන්ද සිටිය හැක .ඔවුන්ගේ රුචිකත්වයන් විවිධය .ඔවුන්ට කැමති ක්ෂේත්‍රයක් තුලින් ඉදිරියට යාමට එයින් අවස්තාව සැලසේ .
දැනට බොහොමයක් ළමා නිවාස අන්‍යාගමික සංවිධාන විසින් පවත්වාගෙන යන අතර කුඩා දරුවන්ව බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කිරීම සුක්ෂම ලෙස සිදු කෙරේ .බෞද්ධ ළමා නිවාස ඇතත් ඒවා සීමිතය .

එනිස කළ යුත්තේ භික්ෂුත්වය රැකගැනීමට අපහසු හයක් හතරක් නොදන්නා කිරි දරුවන් එක්වරම සසුන්ගත කිරීම හෝ මෙවැනි අන්‍යාගමික කල්ලිවල ගොදුරක් වීමට එවැනි ළමා නිවාසවලට භාර දීම නොව බෞද්ධ ළමා නිවාස තුලින් විධිමත් ලෙස සමාජගත කිරීම හෝ දැනුම් තේරුම් වයසට ආ පසුව දරුවාගේ කැමැත්ත සහ භාරකාරයන්ගේ කැමැත්ත ඇතුව පැවිදි කිරීමයි .

මන්ද යත් ආගම දහමට නැඹුරු වූ දරුවන්ද මේ අතර සිටිය හැක .ළමා නිවාසය තුල ආගමික පරිසරයක හැදෙන වැඩෙන අතර තුර යම් දරුවෙකුට සසුන්ගත වීමට අවශ්‍ය වුවහොත් වගකිවයුත්තන්ගේ අවසරය මත එයට ඉඩ දිය යුතුය .එයද දරුවාට ස්වාධීනව සිය කටයුතු කරගත හැකි වයසකට එළඹී පසුවය .පැවිදි කළ යුතු නිශ්චිත වයස පිළිබඳවද විවාදයක් පවතින නිසා ඒ ගැන විමසීම වටී .
බුද්ධ කාලීන භාරතය තුල වයස අවු 16 න් පසුව දරුවෙකු ස්වාධීන තීරණ ගත හැකි අයෙකු ලෙස සැලකිණි.එනිසා මුලින්ම බුදු හිමියන්ද පුද්ගලයෙකු පැවිදි වීමේ වයස් සීමාව ලෙස වයස අවු 15 සළකා ඇත .එහෙත් පසුව ආනන්ද හිමිගේ දායක නිවසක වැඩිහිටියන් මිය යාම නිසා අසරණ වූ දරුවන් දෙදෙනෙක් පැවිද්ද ඉල්ලා සිටීම නිසා බුදු හිමියන් මේ නීතිය සංශෝධනය කර ඇත්තේ කවුඩන් එළවිය හැකි වයසක දරුවන් පැවිදි කළ හැකි බවට සංශෝධනයක් කරමිනි.එකල මෙකල මෙන් ළමා නිවාස නොතිබෙන්නට ඇත එහෙත් එහිදී වයසක් ගැන නිශ්චිතව සඳහන් කොට නැති අතර එය සුවිශේෂී තත්වයක් මත ගත් තීරණයකි .රාහුල හිමියන් අවයස අවු 7 දී පැවිදි වීම නිසා වයස අවු 7 පැවිදිවීමට අවම වයස ලෙස සැළකුවද එයද සුවිශේෂී තත්වයක් මත සිදු වූ පැවිදි කිරීමක් බව පෙනේ .

බුදු හිමියන් මෙහිදී වයස සම්බන්ධ කාරණයට වඩා ස්වාධීන තීරණ ගත හැකිවීම සහ භික්ෂු ප්‍රතිරූපයට ගැලපෙන ලෙස කටයුතු කිරීමට හැකි වීම වැදගත් කොට සළකා ඇති බව පෙනේ.උදාහරණ ලෙස //ශාසනික සම්ප්‍රදාය අනුව පැවිදි බිමට පත් කළ යුත්තේ වයස අවුරුදු හතක්‌ සපිරුණ ළමුන් පමණි. එම වයස්‌ සීමාව තීරණය වීමට පදනම් වූ කරුණු කීපයක්‌ තිබේ. බුදුරදුන්ගේ කාලයේ පැවිදි වූ දරු පිරිසක්‌ රාත්‍රියෙහි නින්දෙන් අවදිව කෑමට ආහාර ඉල්ලමින් අඬන්නට වූහ. ඔව්හු මලමුත්‍රවලින් සෙනසුන අපිරිසිදු කළහ. තම පියා සමග සසුන්ගත වූ ළදරුවෙක්‌ පියාගේ පාත්‍රයට පිරිනමන ආහාර ඉල්ලා ඇවටිලි කිරීමට පුරුදුව සිටියේය. සැදැහැවත්තු එය දැක මෙහෙණකගෙන් උපන් දරුවකු වන්නට ඇතැයි අවමන් කළහ. එවැනි සිදුවීම් කෙරෙහි අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ කටුක දිවිපෙවෙතක්‌ ගතකරන්නට නොහැකි බැවින් වයස අවුරුදු පහළොවට අඩු කුඩා දරුවන් පැවිදි නොකරන්නැයි භික්‍ෂූන්ට දැන්වූහ. ළමයකුගේ කායික හා බුද්ධිමය වර්ධනය සිදුවන පොදු වයස අවුරුදු 15 ලෙස බුදු දහමෙන් පිළිගත් බව එයින් පෙනේ.// උපුටාගැනීම දිවයින -මැදගම ධම්මානන්ද හිමි

එම ලිපියේ සඳහන් ලෙස 1980 මැයි දින උළෙලේදී අන්‍යාගමික දේශපාලකයෙකු විසින් වයස අවු 4 ක සාමණේර හිමි නමක ඔසවා සුරතල් කිරීම නිසා මහනාහිමිවරුන් විසින් පැවිදි කිරීමේ අවම වයස නැවත අවු 7 ක් කොට ඇත .මෙසේ මේ කාරණය අවස්තානුකුලව යෙදෙන ප්‍රායෝගික තත්වයන් මත යම් යම් සංශෝධනයන්ට ලක්ව ඇති බව පෙනේ .

කෙසේ වෙතත් මෙසේ කුඩා වයසේදී පැවිදි බව ලබන පිරිස සසර කලකිරීම නිසා හෝ ගිහි සැප එපාවීම නිසා සසුන්ගත වන අය නොවේ .එහෙත් කුමන කාරණයක් නිසා පැවිදි වුවද පැවිදි කාලය තුල ශාසනික වත් පිළිවෙත් රකිමින් බෞද්ධ සංස්කෘතිය පවත්වාගෙන යාමට ලබාදෙන දායකත්වයට සමාජයේ ගෞරවය එම අයට හිමි විය යුතුය .

-මතු සම්බන්ධයි
රන්ජන් බාලසූරිය

ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
සංවාදයට විවෘත්තයි...
ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. බුදුහාමුදුරුවො අද හිටියනම් මේ වැඩේ වහාම නවත්වනව. පොඩි ළමයි පාන්දර හතරට ඇහැරිලා පඩික්කම් හෝදන්න දානව කියන්නෙ අදට නොගැලපෙන චර්යාවක්. ඒ වගේම බොහෝමයක් පන්සල්වල තියන පන්සලේ සෙල්ලමත් ප්‍රසිද්ධ රහසක්නෙ. ඒ නිසා බුදුන් උන්නනම් පොඩි ලමයි පැවිදිකිරීම හා අලින්ට දෙන වධ හිංසා වහාම තහනම් කරනව.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions