10/19/2015

සැබෑවටම දේශපාලන විසදුමක් අවශ්‍ය කාටද?

කතෘ:යුතුකම     10/19/2015   No comments

සත්‍ය ලෙසම සැලකුවහොත් මේ මිහිතලය මත ජිවත්වන මිනිසුන්ගෙන් බහුතරයකට සිය ප්‍රශ්න විසඳිය හැකි සමාජ දේශපාලන විසදුමක් අවශ්‍යව තිබේ. ඔවුන් මුහුණදෙන ප්‍රශ්න, පැනනගින මූල බීජයනම් වර්තමාන ගෝලීය ආර්ථික තත්වයමත අදායම් සහ සම්පත් බෙදීයාමේදී පවතින බරපතල විෂමතාවයයි. මෙහිදී අදායම් යනු පුද්ගලයා සිය ශ්‍රමය හෝ නිර්මාණාත්මක දායකත්වයට ලබන මුල්‍ය ප්‍රතිලාබ වන අතර සම්පත් ලෙස සලකන්නේ ඔවුන්ගේ මුලික අවශ්‍යතා ඉටු කිරීම සඳහා ලැබෙන යටිතල පහසුකම්ය (අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, විදුලිය, ජලය).

මෙය මේ ආකාරයෙන් විශ්ලේෂණය කිරීම තරමක ව්‍යකුලත්වයක් ඇතිකරවන නමුදු යථාර්තය නම් එයයි. ප්‍රාග්ධනය මූලික කරගෙන ගොඩනැගෙන නව ලිබරල්වාදී ආර්ථික මොඩලය තුල ශ්‍රමය හුදෙක් එක් නිෂ්පාදන මෙවලමක් පමණක් වෙයි. මෙහිදී එම ශ්‍රමය හෝ නිර්මානාත්මක දායකත්වය ලබාදෙන මනුෂ්‍යයා නොසලකා හැරෙන අතර, ඒ සියල්ලට ප්‍රථම යෙදවූ ප්‍රාග්ධනය සඳහා ලැබෙන ආර්ථික වටිනාකම මුලිකව සලකා බැලෙයි.

මෙම ආර්ථික රටාවේ ගෝලීය තත්වය මත වඩාත් පීඩාවට පත්වන්නේ ප්‍රාග්ධනය හිඟ පාර්ශවයන් වන අතර එය හුදෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස ලඝු කල නොහැක. ඊට හේතුව නම් සත්‍ය ලෙසම වර්තමානයේ සංවර්ධිත යයි පිළිගත් රටවලද මෙම අදායම් සහ සම්පත් බෙදීයාමේ බරපතල විෂමබව පවතින බැවිනි. සංවර්ධිත රටවල පුද්ගල අදායම් මට්ටම සමස්තයක් ලෙස ගත්විට සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ඉහල මට්ටමක පවතියි. එබැවින් පිළිගැනීමක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ප්‍රශ්නය හුදෙක් තමන්ට අවේනික ප්‍රශ්නයක් පමණක් ලෙස දැකීමට පුරුදුව සිටිති.

මෙහිදී ශ්‍රී ලංකාවේ තත්වය ගෙන බැලුවහොත්, ප්‍රාග්ධනය කෙන්ද්‍රගතවී ඇති නාගරික ප්‍රදේශ වල පුද්ගල අදායම ඉහල මට්ටමක පවතින අතර යටිතල පහසුකම්හි බරපතල අඩුපාඩුකම්ද නොපවතී (එමගින් සියල්ල සම්පුර්ණ යයි අදහස් නොකෙරේ). නමුත් අප ඊට එහාට ගොස් ග්‍රාම්‍ය ප්‍රදේශ වල තත්වය ඊට බොහෝ වෙනස්ය. පසුගිය කාල පරිච්චේදය තුල යම් සාදනිය වැඩ කොටසක් ග්‍රාම්‍ය සම්පත් වර්ධනය සඳහා සිදුකෙරුනද තවමත් අඩු ලුහුඬු කම් බොහෝ ඇත.

මෙම සම්පත් බෙදීයාමේ විෂමතාවයට එරෙහිව මූලිකව ගොඩනැගුනු ජනතා විරෝධය වාර්ගික විවිධත්වයක් ඇති ශ්‍රී ලංකාවේ කලෙකට පෙර අන්ත දෙකකින් පුපුරා ගියේය. එක් අන්තයක් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල වු අතර, අනෙක විවිධ දේශපාලන හා සටන් ව්‍යාපාර හරහා ඇරබුනු ද්‍රවිඩ විමුක්ති අරගලයයි.
මේ අරගල දෙකටම අදාල මුල් බීජයන් නිසිලෙස අධ්‍යයනය කර බැලුවහොත් එහි වැඩි බරක් දරන්නේ උක්ත අදායම් සහ සම්පත් බෙදීයාමේ විෂමතාවයයි. එය හේතුයුක්ත කෙරෙන ප්‍රධාන කාරණාව නම්, මෙම සටන් ව්‍යාපාර දෙකෙ සඳහාම වැඩි සහබාගිත්වයක් ලබා දී ඇත්තේ අඩු පහසුකම් සහිත ග්‍රාම්‍ය ප්‍රදේශවල සිටි දූ දරුවන් වීමයි. ඔවුන් අවම පහසුකම් මද්‍යයේ දීර්ඝ කාලයක් තුරාවට තමන් සිටින ස්ථානයෙන් නැගිට සිටීමට අප්‍රමාණ උත්සාහයත් දරනලද අතර, ඒ සඳහා සම්පත් දැරූ හා ඒවා පාලනය කල පුද්ගල සමුහයේ නොසැලකිල්ල අවියෙන් ප්‍රශ්නය විසඳන තැනට ඔවුන් කැඳවීය.

සිංහල ජන සමාජය තුළින් පැනනැගුනු ජනතා විමුක්ති පෙරමුනේ ව්‍යාපාරය සටනින් විනාශ වී පසුකාලීනව දේශපාලන මාර්ගයට අවතීර්ණ විය. එහෙත් ද්‍රවිඩ සටන් ව්‍යාපාරය කාලීනව නොයෙකුත් ආකාරයේ සමාජ ගැටළු ආකර්ෂණය කරගනිමින් වර්ධනය වු අතර, එහි පෙරමුණ ගැනීමට ප්‍රභාකරන්ගේ LTTE සංවිධානයට හැකිවිය. එය පසුකාලීනව ලෝකයේ පැවති දරුණුම ඝණයේ ත්‍රස්තවාදී සංවිධානයට ලෙස නම්කල අතර එහෙත් දිගු කාලයක් ඇදීයන ත්‍රස්තවාදී ව්‍යාපාරවල සදාතනික අවසානය යථාර්තයක් කරමින් LTTE සංවිධානයද සම්පුර්ණයෙන්ම විනාශ වී ගියේය.

නමුත් විනාශවීගිය ද්‍රවිඩ සටන් ව්‍යාපාරයට පසුකාලීනව වර්ගවාදී අරමුණු එකතුකළ සමුහයේ අවශේෂ පිරිස් අදටත් ජීවමානව සිටිති. තම වර්ගවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් තම වර්ගයේම දරුවන්ගේ අසාධාරණයට එරෙහි අරගලය බාවිත කල ඔවුන්, තවමත් හුදු වර්ගවාදී දේශපාලන විසඳුම් මගින් මෙම ප්‍රශ්නය විසදීමට උත්සාහ කරති.
මනුෂ්‍ය වර්ගයාටම පොදුවු ගැටළුවක් වන අදායම් සහ සම්පත් බෙදීයාමේදී විෂමතාවය එක් දේශයක් තුල වර්ගවාදී දේශපාලන විසදුමකින් යටපත්කල හැකිවේද?

(මෙහි අඩංගු කිසිවක් උපුටාගත් අදහස් නොවන අතර, මා විසින් දක්වන අදහසට ඔබගේ ඇති විරෝධය හෝ වෙනත් අදහස් දැක්වීම් ගෞරවයෙන් යුක්තව පිලිගනිමි)

-තිවංක අමරකෝන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions