10/14/2015

ජිනීවා පාවාදීම හරහා තොණ්‌ඩුව අපේ බෙල්ලටම වැටිලා - සෝමවංශ අමරසිංහ

කතෘ:යුතුකම     10/14/2015   No comments

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්තාව එළිදැක්‌වීමත් සමඟ විදේශීය බලපෑම් පිළිබඳ කතිකාව අලුත් වී ඇත. මීට ඉහතදී ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම 2002 පෙබරවාරි 22 රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රභාකරන් අස්‌සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන්ද විදේශීය බලපෑම් පිළිබඳව චෝදනාව එල්ල විය. එම අවස්‌ථාවලදී එම ගිවිසුම්වලට එරෙහිව කටයුතු කළ සෝමවංශ අමරසිංහ මහතාගෙන් අප එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳ විමසා සිටියෙමු. ඒ මහතා ඒ පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් අපගේ රට පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳව මේ වන විට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවත් විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙම වාර්තාවේ ඇතුළත් යෝජනා ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මෙහි අඩංගු යෝජනා පිළිබඳ සමස්‌තය එකට අරගෙන බැලුවොත් ඔවුන් ක්‍රම වෙනසකට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. මෙම යෝජනාව පිළිබඳව ජනතාවගෙන් කිසිදු විමසීමක්‌ නොකර ඔවුන් මත පටවා තිබෙනවා. මෙම යෝජනාවලිය අපට වාසි බව සඳහන් කළත් එහි අපට ඇති වාසියක්‌ නෑ. මෙම යෝජනාවලියේ අරමුණ යළි යටත්විජිතකරණය බව පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්.

මෙම යෝජනාවලිය ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට භෞමික අඛණ්‌ඩතාවයට ස්‌වාධීනත්වයට විශාල තර්ජනයක්‌. මේ තරම් තර්ජනයක්‌ මීට පෙර ආවේම නෑ, මෙම යෝජනාවලිය නිසා තොණ්‌ඩුව අපේ බෙල්ලටම වැටිල තිබෙනවා. එම නිසා තත්ත්වය බරපතළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ වගේම මෙම තත්ත්වය ඉතාම ඉක්‌මණින් පරාජය කළ යුතුව තිබෙනවා.

මෙම යෝජනාවලිය අරමුණු කිහිපයක්‌ පෙරදැරිව ඉදිරිපත් කර තිබෙනවා. වගවීම, සත්‍ය සෙවීම, ආපදාවට ලක්‌වූවන්ට සහන ලබාදීම, ජාතික සංහිඳියාව ඇති කිරීම සහ නැවත මානව අයිතීන් උල්ලංඝනය වීමක්‌ සිදුනොවීමට කටයුතු කිරීම යන අරමුණු එහි ගැබ්වී තිබෙනවා.

2014 දී යෝජනාවක්‌ ඉදිරිපත් වූවා. එම යෝජනාව පිළිබඳව පැවති ඡන්දයේදී ශ්‍රී ලංකාව පරාජය වුවත් එක්‌සත් ජනපදය දිනුවේ නැහැ. එක්‌සත් ජනපදයට ඡන්ද 47 කින් 23 ක්‌ පමණයි ලබාගැනීමට පුළුවන් වූයේ. එබඳු තත්ත්වයක තිබුණ යෝජනාවක්‌ ඡන්ද විමසීමකින් තොරව කිසිදු කරදරයකින් තොරවම ඇවිත් තිබෙනවා. එම නිසා එක්‌සත් ජනපදයට කිසිදු අවහිරතාවයකින් තොරවම ඔවුන්ට අවශ්‍ය දේ අප මත පටවන්න පුළුවන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව කැමැත්තෙන්ම ස්‌වාධීනත්වය, භෞමික අඛණ්‌ඩතාවය, ස්‌වෛරීභාවය පාවාදී තිබෙනවා. මේ මොහොතේ ජාත්‍යන්තර තලයේ ඇමරිකා එක්‌සත් ජනපදය ඉතා අවාසිදායක තත්ත්වයකයි ඉන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවට තමන්ගේම යෝජනාවක්‌ ජිනීවා කමිටුවට ඉදිරිපත් කරලා ජය ගැනීමට හොඳටම ඉඩකඩ තිබුණා. මේ පාවාදීම නොකර ඉන්න තිබුණා.

එහෙත් එක්‌සත් ජනපදය සහ ශ්‍රී ලංකාව මෙම යෝජනාවලිය පිළිබඳව කියන්නේ සහයෝගය ලබාදීමක්‌ බවයි. නමුත් මෙම යෝජනාවලියේ කිසිදු සහයෝගයක්‌ නෑ. ඇත්තටම එක්‌සත් ජනපදයට අවශ්‍ය වූයේ සහයෝගය ලබාදීම නම් යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ යුතුව තිබුණා. මේ ලබාදීල තිබෙන්නේ සහයෝගයක්‌ නොවෙයි, එක්‌සත් ජනපදය ඔවුන්ගේ උපාය මාර්ගයට අපව හසුකරගෙන තිබෙනවා.

රෝහණ විඡේවීර සහෝදරයා ඉතා පැහැදිලිව සඳහන් කළා බෙදුම්වාදය අධිරාජ්‍යවාදයට සේවය කරන බව. එක්‌සත් ජනපදයේ එක්‌ උපාය මාර්ගයක්‌ තමයි බෙදුම්වාදය. බෙදුම්වාදය හරහා එක්‌සත් ජනපදයට එම ස්‌ථානවල පැලපදියම් වීමේ අවස්‌ථාව උදාවනවා.

2015 මැයි මාසයේදී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ආවා. එම අවස්‌ථාවෙදි ඔහු ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ අප්‍රිකාව වටකරගෙන පිහිටා ඇති බව. එම නිසා එම පිහිටීම උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් වගේම බරපතළ බව. ඒ වගේම ඔහු වැඩිදුරටත් ඉන්දියන් සාගරය නාවික වෙළෙඳ කටයුතු වලදී නාවික ප්‍රවාහනයේදී කාර්ය බහුල බවත් ඒ අතිනුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් බවත් ප්‍රකාශ කළා. මේ කියන්නේ එම කලාපය තුළ එක්‌සත් ජනපදයේ බලය පැතිර වීමේ වැදගත්කම. මෙම යෝජනාවලිය හරහා ඔහු එදා කිව්ව දේ එක්‌තරා දුරකට සිද්ධ වීමේ තැනටම ඇවිත් තිබෙනවා.

මෙම යෝජනාවලිය මගින් දේශීය යාන්ත්‍රණයක්‌ යෝජනා වී ඇති බව සඳහන් කරනවා. නමුත් ඒක අමූලික බොරුවක්‌. මේක දේශීය යාන්ත්‍රණයක්‌ නොවන්නේ ඇයි? අපි වගවීම පිළිබඳව මානව අයිතීන් ආරක්‍ෂා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කළත්, එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහාත් යාන්ත්‍රණයක්‌ තිබෙනවා. ඔය යෝජනාවම 2008 දී මෙරටට පැමිණි ලුවිස්‌ ආබරුත් ඉදිරිපත් කළා. එම අවස්‌ථාවේදී ඉදිරිපත් වූ යෝජනාව තමයි මෙරට නිරීක්‍ෂණය කිරීම සඳහා කාර්යාලයක්‌ ආරම්භ කළ යුතු බව. නිරීක්‍ෂණය කරන්නේ කවුද එක්‌සත් ජාතීන්ගේ ලේබලය ගහපු අය. නමුත් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව කිසිදු මැදිහත්වීමක්‌ කරන්න බෑ. එම යෝජනාවට ආණ්‌ඩුව විරුද්ධ වුණා. ජනතා විමුක්‌ති පෙරමුණ තදින්ම විරුද්ධ වුණා. ඇය මා මුණගැසීම සඳහා පැමිණියා. එම අවස්‌ථාවේදී මා ප්‍රකාශ කළා ආණ්‌ඩුවේ අවසරයකින් තොරව මෙරට නිරීක්‍ෂණය කිරීමේ කාර්යාලයක්‌ ආරම්භ නොකරන බවට පොරොන්දු වන තෙක්‌ ඔය පුටුවේ වාඩිවී සිටීමට සිද්ධ වෙන බව. මම එම ප්‍රකාශය කළේ අපේ රටේ අභිමානය, ස්‌වෛරීභාවය, ආරක්‍ෂා කරගත යුතු නිසා මිස චණ්‌ඩිකමට නොවෙයි. එම අවස්‌ථාවෙදි ඇය එකඟ වූවා ආණ්‌ඩුවේ එකඟතාවය ලැබුණොත් පමණක්‌ නිරීක්‍ෂණ කාර්යාලයක්‌ ආරම්භ කිරීමට. එදා බැරි වුණ දේ තමයි අද කැමැත්තෙන්ම කරගෙන තිබෙන්නේ. නමුත් ජනතාවට හොරා තමයි මේ කටයුත්ත සිද්ධ වී තිබෙන්නේ.

ඔවුන් මෙම කටයුතු සඳහා උපදෙස්‌ වගේම විධානත් දෙනවා. එම නිසා මෙය කිසිසේත්ම දේශීය යාන්ත්‍රණයක්‌ ලෙස හැඳින්විය නොහැකි අතර අධිරාජ්‍යවාදීන්ට යටත් වූ යාන්ත්‍රණයක්‌ ලෙස හැඳින්වීමට සිදුවනවා. දැන් මෙම යාන්ත්‍රණයේ කටයුතු අවසන් වන්නේ කවදාද යන්න සඳහන් වන්නේ නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හෝ වෙන කොමිසමක්‌ කිසියම් රටකට ගියොත් ඔවුන් ලේසියෙන් එම රටෙන් ඉවත් වන්නේ නෑ. ඔවුන් එලෙස ඉවත් නොවන්නේ එක්‌සත් ජාතීන් එක්‌සත් ජනපදය හා සමාන වන නිසයි. නේපාලයට ආපු එක්‌සත් ජාතීන් ගියේ නෑ. යන්න කියල පලවා හැරීමක්‌ තමයි කළේ. මම පළමුවෙන් සඳහන් කළානේ ක්‍රම වෙනසක්‌ එන බව. ඒ සඳහා අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එනවා. ඒ තුළින් ඒකීය රාජ්‍යය සංධීය රාජ්‍යයක්‌ බවට පත් වෙනවා. සංධීය රාජ්‍යය තව ටිකක්‌ ඉදිරියට ගියහම වෙනම රාජ්‍යයක්‌. එක්‌සත් ජනපදය හැමදාමත් බෙදුම්වාදීන්ට උදව් කර තිබෙනවා. ඒක ඔවුන්ගේ උපාය මාර්ගයක්‌. ඒ වගේම මෙරට බෙදා දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා කටයුතු කරන තාවකාලික ආණ්‌ඩුව ක්‍රියාත්මක වන්නේ එක්‌සත් ජනපදය තුළ. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ගමන වෙනම රාජ්‍යයක්‌ සඳහා බව.

මෙම තත්ත්වය පරාජය කළ යුතුව තිබෙනවා. එය කළ හැකියි. එය කළ හැක්‌කේ ජනතාවට. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම රටේ ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය හා භෞමික අඛණ්‌ඩතාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා සටන් කර තිබෙනවා. ඒ වගේම එම සටන්වලින් ජනතාව ජයග්‍රහණය ලබා තිබෙනවා. ඒ සඳහා විශාල පරිත්‍යාගයක්‌ කරල තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණේ ජීවිත 70,000 කට වැඩිය බෙදුම්වාදයට එරෙහිව, ඉන්දියන් ආක්‍රමණයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා පූජා කර තිබෙනවා. ඒ වගේම හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. මේ රටේ ජනතාව බදු ගෙව්වා. සංවර්ධන කටයුතු අත්හැර දමා සිටියා. බොහෝ අසීරුතාවයන්ට මුහුණ දුන්නා. ඒ සියල්ල කළේ බෙදුම්වාදය පරාජය කිරීම සඳහායි.

අපට අපගේ ස්‌වාධීනත්වය, ස්‌වෛරීභාවය, අභිමානය අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කළ යුතු අවස්‌ථාව එළඹී තිබෙනවා. ඒ සඳහා රටට ආදරය කරන සියලු දෙනා ඒකරාශි විය යුතුයි. එහිදී වෙනස්‌කම් තිබිය යුතු නෑ. ඒ මත ර¹පවතින්න බෑ. එම නිසා වෙනස්‌කම් පසෙක තබා සියලු දෙනා එක්‌විය යුතු අවස්‌ථාව එළඹී තියෙනවා. දැන් අපට මෙම අවස්‌ථාවේදී තීරණය කිරීමට තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ නව යටත්විජිතකරණ වැඩපිළිවෙළට යටත් වෙනවාද නැද්ද කිය එකයි.

ප්‍රශ්නය – ඔබගේ ස්‌ථාවරය වී තිබෙන්නේ මෙම යෝජනාව පරාජය කළ යුතු බවයි. ඔබට ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාද?

පිළිතුර – ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාමකාමී ලෙස මේ යළි යටත්විජිතකරණ ව්‍යාපෘතිය පරාජය කළ යුතුයි. එය පරාජය කළ හැකියි.

2002 දී ජනතා විමුක්‌ති පෙරමුණ මගේ නායකත්වයෙන් සහ මගේ මෙහෙයවීමෙන් තීන්දුවක්‌ ගත්තා. අවසානයේදී යුද ජයග්‍රහණයන්ට හේතු වන්නේ එම තීන්දුව තමයි. එම තීන්දුව අදත් ගන්න ඕනි. රටේ ජනතාවගෙන් මේ අවස්‌ථාවේදි අප ඉල්ලා සිටින්නේ සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙම නව යටත්විජිතකරණ ක්‍රියාවලිය පරාජය කරන්න කටයුතු කරන ලෙසයි.

ප්‍රශ්නය – මේ වන විට මෙම යෝජනාවලියට එරෙහි පක්‍ෂ සහ සංවිධාන මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා. ඔබ ඔවුන් සමඟ එකතු වී කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවාද?

පිළිතුර – ජනතා සේවක පක්‍ෂය, එම සංවිධාන සහ පක්‍ෂ සමඟ කටයුතු කිරීමට සූදානම් කියන තීන්දුවේ සිටිනවා. එම පක්‍ෂ සහ සංවිධාන සමඟ නොයෙක්‌ වෙනස්‌කම් ඇති නමුත් මෙම යෝජනාවලියට එරෙහිව අපි එක්‌ව සංවිධානය වන්න, උද්ඝෝෂණය කරන්න, සටන් කරන්න, අපි සූදානම්. ඒ සඳහා අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණක්‌ ඉදිකිරීමට අප මැදිහත්වීමට සූදානම්.

ප්‍රශ්නය – වාර්තා වන ආකාරයට එකාබද්ධ විපක්‍ෂයක්‌ ගොඩනැගීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා සඳහාත් ඔබ සම්බන්ධ වූවාද?

පිළිතුර – සමහරුන් සමඟ සාකච්ඡා කළ අවස්‌ථා තිබෙනවා. අපි බලාපොරොත්තු වනවා එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන ගොස්‌ තැනකට එන්න.

ප්‍රශ්නය – ඔබ පසුගිය කාලයේදී සමහර අවස්‌ථාවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සමීපව කටයුතු කළා. මෙම යෝජනාවලිය පිළිබඳව ඔබ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේ නැද්ද?

පිළිතුර – මේ ගැන කතා කිරීමට අවස්‌ථාවක්‌ ඉල්ලනවා.

(උපුටා ගැනීම දිවයින පුවත්පත)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions