10/05/2015

බිල්ලෝ ඇවිත්

කතෘ:යුතුකම     10/05/2015   2 comments



බෙදුම්වාදය පෝෂණය කර ජාතිවාදය වපුළ උන් අද "සංහිඳියා" සළුපිළි වලින් සැරසී ඇත. එදා අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදිම අද සිංහලයා පක්ෂ පාටවලට බෙදී යද්දී බෙදුම්වාදී ජාතිවාදී මතයෙන් පෝෂණය වූවෝ එක මිටකට එක්ව මේ රට බෙදා වෙන් කිරීමට පිඹුරුපත් සකසමින් ඇත.

ප්‍රජාත්‍රන්තවාදය ඔළුවෙන් සිටුවමින් ඡන්ද ලක්ෂ හතළිස් හත් ලක්ෂයකට අකැප වූ විපක්ෂ නායක ධූරය ඡන්ද ලක්ෂ පහක් හිමි දෙමළ ජාතික සන්ධානයට ලබාදුනි. බලය පාවිච්චි නොකරනවා යැයි කියමින් පත් වූ විධායකය ජාතික ලයිස්තුව කොල්ල කෑවේය. ජනමතය සිය සිරභාරයට ගත්තේය. ඇමති දොළ පිදේනියට ගිජු මන්ත්‍රීවරු ජනමතය පාගාදැමූහ.
ස්වදේශික ජනමතය එලෙස පොළොවෙන් අඩි හයක් යට වළලද්දී රට තුළ ක්‍රියාත්මක වන්නේ විදේශීය බලවතුන්ගේ න්‍යාය පත්‍රයයි. අපගේ පාලකයෝ උන්ගේ න්‍යායපත්‍රයට පහසුකම් සැළසීමේ දේශීය භූමිකාවට පණ දෙති. රණ විරුවන් යුධ අපරාධකරුවන් බවට හංවඩු ගසති. ජිනීවාහිදී අපට එරෙහිව ගෙනෙන යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවකු වීමට තරම් නිවට දීන තත්වයකට මේ රට දැන් පත් කර අවසන්ය.

කල්තියා මේ අනතුර පිළිබඳ පවසන විට දේශද්‍රෝහීහු අප බොරු බිල්ලකු මවන බව කීහ. දැන් ඒ බිල්ලෝ ඇවිදින්ය.

ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමට අත්‍යාවශ්‍ය සබුද්ධික සංවාදශීලී සමාජයක් ගොඩනැගීමේ අරමූණ පෙරදැරිව පවත්වන සංවාදශීලී සම්මන්ත්‍රණය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුනන්ද10/06/2015 1:46 PM

    අපි අනිවාර්යෙන් එනවා! සංවිධානය කළාට බොහෝම ස්තූතියි!

    ReplyDelete
  2. Great work! This is a need of the hour..Please try to participate. I am going..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com