පදවි ශ්‍රී පුරේ ගම්බද ඉසව්වක
කළුවර ගලද්දී සුන්දර හැඳෑවක
ගැමියෙකු සමඟ හිස් වුනු වැව් තලාවක
කතා බහක පැටලුනි නැති නිනව්වක........
අවුරුදු ගානකට කලියෙන් මේ ජාමේ
වෙඩි හඬ ඇසුනි මේ හැම පැත්තෙන් වාගේ
ඒ විරු පුතුන් නොහිටින්නට අද ආයේ
අප මළ බවත් නොදනී මහතුන් ආයේ........
ජීවිත පුදා නොසැලුනු එඩිතර කමට
රැකදුනි අපව ලබැඳිව මේ රට දැයට
වින කරනා එවුන් ඉන්නේ රජ සැපට
හැබෑ වීරයන් යනවා "කොමිසමට".......
-පුනර්ජි දඹොරගම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .