10/09/2015

සුනිල් රත්නායක, සිංහල රණවිරුවා සහ බයියාගේ හෘදසාක්ෂිය

කතෘ:යුතුකම     10/09/2015   3 comments

දිනෙන් දින අළුත් වන යුධ අපරාද ප්‍රශ්නය හමුවේ තරමක් පැරණි ප්‍රශ්නයක් පිළිබඳ නැවතත් කතා කිරීමට සිදුව තිබේ. අපි උත්සාහ කරන්නේ යම් යම් කාරණාවල ඇති යුක්ති අයුක්ති සහගත බව ගැන කතා කිරීමට නොව, එම කාරණාවලට මෙරට ජනයා සංවේදී වන ආකාරය තේරුම් ගැනීමටය.

සුනිල් රත්නායක රණවිරුවාට ඔහු 2000 වසරේ මානුෂික මෙහෙයුම් අතරතුර සිදුකරන ලදැයි කියන අපරාධයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර දැනට මාස තුනකටත් වඩා ගතව ගොස් ඇත. මෙම සිද්ධිදාමය කෙරෙහි බයි ජනයා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඔවුන් මුල සිටම සුනිල් රත්නායක ආරක්ෂා කරන පිළිවෙතක සිටියහ. සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ප්‍රකාශ උපුටා දක්වමින් එය අසාධාරණ තීන්දුවකැයි ඔවුන් එළිපිටම කියා සිටියහ. එය සමස්ත රණවිරුවන්ටම එරෙහි කුමන්ත්‍රණයක් බව ඔවුහු විශ්වාස කළහ. සමාජ ජාලවල තමන්ගේ පින්තූරය වෙනුවට සුනිල් රත්නායකගේ පින්තූරය භාවිතා කළහ. ඔහු වෙනුවෙන් ලිපි ලිවූහ. මාස තුනක් ගතවූ තැනත් ඔහු වෙනුවෙන් ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා පෙත්සම් අත්සන් කරමින් සිටිති.

ඒ අතර සුනිල් රත්නායක කෙරෙහි මෙරට උගත්™ බුද්ධිමත්™ මධ්‍යස්ථ™ යුක්තිගරුක™ ජනයා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? ඔවුහු මුල සිටම මෙම අධිකරණ තීන්දුව සාධාරණීකරණය කිරීමට උත්සාහ කළහ. අධිකරණයේ ස්වාධීනත්වය උලුප්පා දැක්වීමට මෙම සිද්ධිය ගෙන හැර පෑහ. පැමිණිල්ලේ නීතිඥයාගේ ප්‍රකාශය පමණක් උපුටා දක්වමින් සුනිල් රත්නායක වැරදිකරු කිරීමට උත්සාහ කළහ (මේ ඔවුන්ගේ මධ්‍යස්ථ බව නිරූපණය කරන හැටිය). සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටි අය ජාතිවාදීන්යැයි හංවඩු ගැසූහ. එකම ප්‍රශ්නයක් ගැන මෙවැනි හැසිරීම් දෙකක් තිබිය හැක්කේ කෙසේද?

ඔබේ සමීපතයෙක්ට/පවුලේ අයෙකුට මෙවන් බරපතළ චෝදනාවක් එල්ල වුවහොත් ඔබ හැසිරෙන්නේ කෙසේද? ඔහු / ඇය වෙනුවෙන් ඔබ කොන්දේසි විරහිතව (වැරදිකරු වුවත් නිවැරදිකරු වුවත්) පෙනී නොසිටින්නේද? ඔහු නිවැරදිකරුයැයි සමාජයට ඒත්තුගැන්වීමට ඔබ නොවෙහෙසෙන්නේද? ඔහුට අවාසිසහගත තීන්දුවක් ලැබුණහොත් එය අසාධාරණ තීන්දුවක් ‍යැයි සමාජය ඉදිරියේ කියා පෑමට ඔබ උත්සාහ නොකරන්නේද? ඔහු සිරගත වුවහොත් ඔහුව ඉන් මුදා ගැනීමට ඔබ ක්‍රියා නොකරන්නේද?

අප වැනි නූගත් බයියන් සුනිල් රත්නායක ඇතුළු සටන්භූමියේ රණවිරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ අවිඥානිකව හෝ මෙවැනිම සංදර්භයක් යටතේයැයි අපි විශ්වාස කරමු. බයියාට අනුව රණවිරුවා අපේ එකෙකි. අප වෙනුවෙන් දිවි පරදුවට තබන, අප වෙනුවෙන් සටන් වදින අපේම එකෙකි. රණවිරුවා කරදරයකට පත්වූ විට තම පියා/සහෝදරයා/දරුවා මෙන් සලකා ඔහු කෙරෙහි සංවේදී වන්නේ යටිහිතේ ඇති මෙම අපේ එකකු යන අදහස නිසා යැයි අපි සිතමු. මේ බයියාගේ ස්වභාවයයි (සමහරුන් පවසන්නේ රණවිරුවන් අතින් ඝාතනය වන්නේ දෙමළුන් බැවින් අප රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඝාතනය වූයේ සිංහලයන් නම් අප රණවිරුවන්ට විරුද්ධ ස්ථාවරයක සිටිනු ඇති බවත්ය. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ STF භටයින් සමඟ ඇතිවූ ගැටුමකින් සිරකරුවන් 27 දෙනෙකු මියගිය සිද්ධියේදී NGO නඩය සිරකරුවන් අහිංසකයන් ලෙස පෙන්වා STF භටයින්ට අපරාද චෝදනා එල්ල කරද්දී අප සෘජුව STF භටයින් වෙනුවෙන් පෙනී සිටි බව මොවුන්ට මතක් කර දීමට කැමැත්තෙමු. මිය ගිය සිරකරුවන් සිංහලද දෙමළද යන්න සොයා බලන මෙන්ද අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු).

නමුත් ඊනියා උගත් බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරීන් රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඔවුන්ට රණවිරුවන් හුදු පිටස්තරයන් පමණක් වන නිසා නොවේද? තම සමීපතයෙකුගේ ප්‍රශ්නයකදී ඔවුන් මේ ලෙසම මධ්‍යස්ථ යුක්තිගරුක චරිත රඟපානු ඇත්ද? මෙයට පිළිතුරු සැපයීම අපි ඔවුන්ගේ හෘදසාක්ෂියටම බාර කරමු.

සිංහල රණවිරුවා වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි?
----------------------------------------------------
ලොව ඕනෑම රණවිරුවකු තම ජාතිය වෙනුවෙන්, අන්‍යයන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නෙකි. ඒ අනුවනම් ලොව ඕනෑම රණවිරුවකු ශ්‍රේෂ්ඨ වන්නේය. නමුත් සිංහල රණවිරුවාට ඉන් එහාට ගිය ශ්‍රේෂ්ඨත්වයක් ඇත්ද? (අපි මෙහිදී සිංහල රණවිරුවා යැයි හඳුන්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුණු, ජාතිය වෙනුවෙන් සටන් කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඕනෑම ජන වර්ගයකට අයත් රණවිරුවන්ය )

සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වන අපගේ අවසාන අරමුණ නිවන් දැකීමයි. නිවන් මග අහුරන ක්‍රියාවලින් වැළකීමට අපි හැකි සැමවිටම උත්සාහ කරමු. නමුත් අපි අපගේම තාවකාලික සැපත වෙනුවෙන් කරන වැඩ වලින් නිවන තව තවත් ඈත් කරගන්නෙමු. එනම් අපි තමන් වෙනුවෙන්ම නිවන කල් දමාගන්නා මිනිසුන් වෙමු. එනමුත් රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරමින් තම නිවන ඈත් කරගන්නේ අපි වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන්ය. අනුන් වෙනුවෙන් සවිඥානිකවම තම නිවන කල් දමාගන්නා සිංහල රණවිරුවා අන් කවරෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ යැයි අපි විශ්වාස කරමු. ඔවුන් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක් යැයි අපි සලකමු. විදේශීය පමණක් නොව දේශීය හෝ යුධ අධිකරණවලට අප වෙනුවෙන් කරදරේ වැටුනු රණවිරුවන් දැක්කීමට අපි එරෙහි වන්නේද මෙවැනි සංදර්භයක් යටතේයි.

මේ බයියන්ගේ හෘදසාක්ෂියයි!
 

- සධීර බන්ඩාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පෙරි මරපු අප්ර්දක්රුවනුත් නිදහස් කලයුතුද ?

    ReplyDelete
  2. http://www.lankadeepa.lk/index.php/articles/353414
    හමුදාවේ නම කෑ සෙබළුන් 20 වසරක් හිරේ
    -මුලතිව්හි විශ්වමඩු සරණාගත කඳවුරේ සිටි කාන්තාවන් දෙදෙනකු (27,37) දූෂණය කළ හමුදා සෙබළුන් සිව්දෙනකු යාපන මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතා 20 අවුරුදු සිර දඬුවමක්ද කතුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5ක වන්දිද ගෙවන ලෙස නියෝග කළේය.
    වන්දිය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර 5කින් දීර්ඝ කළේය.
    පී.ජී.ශාන්ත සුබසිංහ, පී.බී.පියරත්න කුමාර, ජී.ධනුෂ්ක පුෂ්පකුමාර, ඒ.ජී.ආර්.ජී. ප්‍රියලාල් රත්නායක වැරදිකරුවෝ වූහ.
    2010-6-6 වැනි දින රාත්‍රියේ විශ්වමඩු නැවත පදිංචිකිරීමේ කඳවුරක කූඩාරමක සිටි 27 හැවිරිදි දෙදරු මවකද, 37 හැවිරිදි පස් දරු මවකද දූෂණය කළැයි ඔවුහු වරදකරුවෝ වූහ.
    සිව්වැනි විත්තිකරු නොමැතිව නඩුව විභාග විය. ඔවුන් යුද හමුදාවෙන් පළාගොස් ඇතැයි සඳහන් විය.
    යුද සමයේ තම පතිවත රැකගෙන සිටි එම කාන්තාවන් යුද්ධයෙන් පසුව දූෂණය කිරීම බරපතල සිද්ධියක් බවත් හමුදාවට සිදුවූ විශාල අපකීර්තියක් බවත් පිටු 82ක නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.http://www.lankadeepa.lk/index.php/articles/353414

    ReplyDelete
  3. http://sinhala.lankanewsweb.net/special/item/538-2015-08-25-09-28-38

    sahodaraya me gana mokada kiyanne

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions