-ධර්මන් වික‍්‍රමරත්න
හිටපු ඇමති සහ දඹුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජනක තෙන්නකෝන් දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. බොහෝ දේශපාලඥයින් මෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහුද සිටියේ අසනීපව රෝහලේය. වසර 16කට එපිට මිනී මැරීමක් සම්බන්ධයෙන් චෝදනා තිබීම අත්අඩංගුවට ගැනීමට හේතුව බව කියති. නීති අකුරට පිලිපදිනවාට අපිද ෆුල් සපෝට්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව 'යහපාලනය' වෙනුවෙන් ඔහු එදා පෙරළි පෙරළි ඇඬුවේය. සම්මත කවි සමඟ කුකවිද කීවේය. පසුව ‘යහපාලනයට' එරෙහිව මහින්ද රාජපක්ෂ ඉදිරියේ බිම දණගසා ඇඬුවේය. ඒ අනුහසින් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන්ද ජය ගත්තේය.
සිංහල සිනමාවේ එදා දුෂ්ඨයා අද වීරයාය. එදා වීරයා අද දුෂ්ඨයාය. ජනක බණ්ඩාරගේ ද්විත්ව චරිත නිරූපන රංගනය සිනමා තරු අභිබවා ගියේය. එය පත්‍රිකා හෝ රූපවාහිනී දැන්විම් දස දහසකට වඩා ප්‍රාණවත්ය. පසුව සිය ඡන්දදායකයින්ට ගරු කරමින් ජනක බණ්ඩාර අළුයම ලූ කෙල පිඩක් සේ ඇමතිකමක් භාර නොගත්තේය. කුම්බලා මාළු කෑවානම් විදෝපන් බළලෝ කීවාසේ දැන් දඬුකදකට හසුවී තිබේ.
ජනකගේ පියා ටී.බී. තෙන්නකෝන්ය. මහනුවර නගර සභාවට 1946දී පත්වූ සාමාන්‍ය ජනතාවගේ එකම නියෝජිතයා විය. පසුව එහි උප නගරාධිපති විය. අළුවිහාරේලා සහ තැන්නෙලා ශ්‍රිලනිප හැර යාමෙන් පසු ශ්‍රිලනිපයට දඹුල්ල සහ මාතලේ දිනා දුන්නේ ටී.බී තෙන්නකෝන් සහ නිමල් කරුණාතිලකලාය. දඹුල්ලෙන් අවාහ වී ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වශයෙන් 1956 සිට 1977 දක්වා වසර 21ක් ටී.බී පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. එහෙව් ටී.බී ලාගේ ජනක පුතා අඬන විට රටට දුකය.
අතීතයේ බොරුවට අඬන අයද සිටියහ. ඇඩුවේ කුලියටය. හැත්තෑව දශකය අගභාගය දක්වා කුලියට අඬන ගෑණු සිටියේ පුත්තලමේ මුන්නක්කරේ, මීගමුවේ පිටිපන, වැල්ලවීදිය, මහවීදිය වැනි ප්‍රදේශවලය. මරණ තිබෙන ඉලව් ගෙවල්වලට යන ඔවුන් මරණ ගෙදරින්ම හොදට කාබී දෛනික කුලියක්ද ගෙන ඊරියන් මෙන් හඬා වැලපෙති. වර්තමානයේ මීගමුව ඉස්සෝ, කකුළුවෝ සහ අළුවා වලට ප්‍රසිද්ධ වූවද එදා ප්‍රසිද්ධ වූයේ කුලියට අඬන ගැහැණුන් හේතුවෙනි. මීගමුවේ එජාප මන්ත්‍රී ලෙස 1970 සිට කටයුතුකල ඩෙන්සිල් ප්‍රනාන්දු 1977 නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ පසු මීගමුවේ කුලියට අඬන ගැහැණුන්ට මැදපෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස යෑමට පාර විවර කළේය.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් සිය ධර්මිෂ්ඨ සමාජය නම් විවරණයේදී පෙන්වා දුන්නේ මැදපෙරදිග සේවයට යන කතුන් ගෘහ සේවිකාවන් ලෙස නොව මිටි මෙහෙවර කරන්නන් ලෙසය. එය කුලියක් මලියක් සඳහා කරන සේවයක් බැවිනි. ජිනීවා සමුළුවට එදා ගොස් පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂත් මෙදා ගොස් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටුනායක ගුවන්තොටුපොලේදී පිළිගන්නේ මීගමුවේ මිටි මෙහෙවර කරන එකම කතුන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස්ය. ඔවුනට පක්ෂ පාට භේදයක් නැත. ඇන්දවීමට රැසියන්ය. ඇදගැනීම සහ නාගැනීම වෙනම වැඩකි. මහ ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුව හයිජැක්කර ඇමතිවරුන් බවට පත්වූ පිරිස් විසින් එල්ලන ලද පොස්ටර් සහ බැනර් රාජපක්ෂ පාලනයකදී මෙන් රටපුරා හැම තාප්පයක සහ ගසක් ගලක් උඩය. 'යහපාලන' යනුවෙන් සිදුකරන්නේද රාජපක්ෂ කරලියේ එම නාටකයම රඟ දැක්වීමය. නඩුයි බඩුයි ඔක්කොම එක පැත්තේය. රජගෙදර සිට විශ්‍රාමගිය සාත්තර කියන පිස්සු පූසාත් දැන් කරලියට පැමිණි සක්කයක් ගසා ඇත. ඒකත් හරිය. දැන් අඩුවට ඇත්තේ කුරහන් සාටකය සහ උඩු රැවුල පමණි.
අසූවේ ජුලි වර්ජකයින් 40,356ක් සඳහටම එළියට ඇද දමා ලක්ෂයට ආසන්න සංඛ්‍යාවකට තහංචි පණවමින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1980 ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී කියා සිටියේ "රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැණියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි" කියාය. අවසානයේදී ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවට සිදුවූයේ කුඤ්ඤේ ගලවපු රිළවාට වූ වැඩේය. නපුරු පාලකයෝ ඉක්මනින් ජය ලබති. එහෙත් ඉන් ලැබෙන සතුට තාවකාලිකය. මව්බිමට අදරැති මිනිසුන් පවාවී හෝ ජය ලබති. නමුත් ඉන් ලැබෙන සතුට සදාකාලිකය.
සේයා දැරියගේ තිරස්චින ඝාතනය සම්බන්ධයෙන් මුලින් නොන්ඩියෝ දෙදෙනෙක් අල්ලා ගත්තෝය. එක් අයෙක් 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. අනිකා එක්දරු පියෙකි. පසුව කොණ්ඩයා අල්ලා ගත්තේය. එල්ලමුයි කීවේය. කොණ්ඩයාගේ ජාන බකල්ය. දැන් අයියා වරද පිළිගෙනලු. "එහෙනම් මක්කටැයි සේයාගේ තාත්තාගේ ඩී.එන්.ඒ. රිපෝට් ගන්නේ" කියා දැන් කඩපිලේ පවා කථා කරනු ඇසේ.
අගමැති රනිල් වික්‍රමසිංහ ජපානයට ගියේය. ජපාන පාර්ලිමේන්තුවේ දේශන ශාලාවකදි ජපන් මන්ත්‍රීවරුන් පිරිසක්ද ඇමතීය. ඒ අතරතුර ජපානයේ සිටම ජපන් වාහනවලට රජය මගින් අපමන අගයක්ද දුන්නේය. දැන් හයිඩ්බ්‍රිඩ් ඇතුළු ජපන් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 6 සිට 11 දක්වා මිල ඉහළ යනු ඇත. හයිඩ්බ්‍රිඩ් වාහනයක් වෙනත් වාහනවලට සාපෙක්ෂව ඉන්ධන දහනය සියයට 30ක් අඩුය. එබැවින් හයිඩ්බ්‍රිඩ් වාහන ඉකුත් කාලයේ සීඝ්‍රයෙන් අළෙවි විය. නව තීරණය නිසා හයිඩ්බ්‍රිඩ් වාහන අළෙවිය අඩුවී මාර්ග තදබදය අඩුවනවාලු.
ඉන්දියාවෙන් ආනයනය කරන සීනි, ලුණු, පරිප්පු වැනිදෑට බදු වැඩිකලේ ඇයිදැයි යමෙකු සිතනු ඇත. ඒ කළේ ජනතාවගේ යහපත තකාලු. බඩු මිල නැංවීමේ සුත්‍රය මිල වැඩිකිරීමට නියමිත සියලු බඩු ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි නම් කිරීමය. තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් තෙල් පරිභෝජනය අඩු කිරීම ඉලක්ක කරමින් නොබෝ දිනකින් තෙල් මිල ද ඉහල නැංවූවද පුදුමයක් නැත. රජය විසින් බේකරි නිෂ්පාදනයට පැනවූ සියයට දෙකේ අගය එකතුකල බදු නිසා තම ව්‍යාපාර දුෂ්කරතාවයකට පත්වී ඇතැයි බේකරි හිමියෝ පවසති. විදේශයන්ගෙන් ගෙන්වන මාගරින්, පාන්පිටි, යිස්ට් සහ ෆාම් ඔයිල් ආදියෙහි මිල ඉහළ යෑම නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 50-60ත් අතර අළෙවිවන පාන්ගෙඩියක් රුපියල් 2-3කින්ද ළඟදීම ඉහළ යනු ඇත. ජනතාව ඇර-පාන් කියන්නට පෙර රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයට ගත් සටන් පාඨයක්වූ “ පිටි නොකමු - තුන්වේලටම බත්කමු" කියා තාප්ප බිත්තිවල ලොකු අකුරෙන් සටන් වැකි ඉදිරියේදී දැකිය හැකිවනු ඇත.
රජයේ යෝජනාව මත තලෙයිමන්නාරමේ සිට රාමේෂ්වරන් දක්වා හනුමා පාලම දැම්මාට පසු පාලමෙන් ඉන්දියාවේ තවත් කොලනියක් බවට ශ්‍රී ලංකාව පත්විමේ අනතුරක් ඇත. විහිලුව යනු හයිවේ කන්නදැයි එදා ඇසූ අය ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයට ගත් ඩොලර් බිලියන 5කට වැඩි මුදලකින් හනුමා පාලමක් සෑදීමය. එම පාලම සහ බිංගෙය පිළිබදව සැලසුම් ඉන්දු ලංකා ඉකොනොමික්ස් ඇන්ඩ් ටෙක්නොලජි කෝපරේෂන් ගිවිසුමට අයත්ය. යෝජිත හනුමා පාලම සීපා ගිවිසුමට පාවඩයක් වනු ඇත. පාලම් හැදිය යුත්තේ රටවල් හරහා නොව මව්බිමේ උතුරු දකුණු ජනතාවගේ සිත් යා කරන මිත්‍රත්වය මතය. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පන්ති පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ පවා ඉන්දියාවේ රෝ සංවිධානය හමුවේ තාපසයෝ මෙන් බවුන් වඩනු පෙනේ. සීපා ගිවිසුම හමුවේ ජවිපෙ කටයුතු කරන්නේ එපා වාහෙට හොදි බෙදන්නාක් මෙනි.
ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේගයන්ද ශ්‍රී ලංකාව වැනි රටවල් හමුවේ කටයුතු කරන්නේ ධනේශ්වර ෆැන්ටසියක් ලෙසිනි. යුද්ධය හදන්නේද ආයුධ සහ පුහුණුව දෙන්නේද හමුදා දෙන්නේද ඔවුහුය. ගෝරිබෝරි ඇතිවන තෙක් සීරු මාරුවෙන් බලා සිටී. පසුව මානව හිමිකම් වලට කිඹුල් කඳුළු හලන්නේද ඔවුන්ය. දේශීය යාන්ත්‍රණයකින් ඇමරිකානු යෝජනා අඩංගු කරුණු කාරනා ගැන සොයා බැලුවාට වරදක් නැත. එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව කළේ ඉල්ලන් කෑමකි. අවසානයේදී සියල්ල සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට වගන්තියක් අනුමතකර තිබීම ඇන්දවීමක් පමණි. ජිනිවා යෝජනාව 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන එකඟතාවක් බව ගෙවිදු කුමාරතුංගද නායකත්වය දරණ ජාතික එකමුතුව කියන්නේ එබැවිනි. එදා මව්බිම සුරකීමේ ව්‍යාපාරය වෙනුවට එම රික්තය පිරවීමට මෙදා සිටින්නේ ජාතික එකමුතුවය.
ජේ.ආර්. හිටියේය. හමුදාවක් හිටියේය. ප්‍රේමදාස හිටියේය. හමුදාවක්ද හිටියේය. ඩී.බී. විජේතුංග මෙන්ම චන්ද්‍රිකාද සිටියෝය. හමුදාවක්ද තිබිණි. සැමටම අවැසිවූයේ යුද්ධය වවාගෙන කෑමකි. එහෙත් හමුදාව සමඟින් දෙමළ බෙදුම්වාදි තස්ත්‍රවාදීන්ට එරෙහි යුද්ධ කොට ජයගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය. ශ්‍රී ලංකාව පළාත් 5කට කඩා ෆෙඩරල් රාජ්‍යයක්ද අනතුරුව වෙනම රටක්ද බිහිවීමේ අනතුර ඉන් පහවිය. ඇමරිකාව ඇතුළු රටවල කෝපයට, විරෝධයට සහ වෛරයට හේතුවි ඇත්තේ එයයි. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බටහිරට ගැතිකම් නොකිරීම නිසා ඇතිවූ ප්‍රශ්ණයකි.
එදා රුපියල් 78 තිබූ අමුතේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. සහනාධාරයද හකුලාගෙනය. රබර් මිලට හතේ හතය. වී කිලෝ එකේ සහතික මිල රුපියල් 50ක් වූයේ ගොවියාගෙන් තොග වෙළෙන්දා කොල්ල කන්නේ රුපියල් 30ටය. රාජපක්ෂ ආණ්ඩුවේ තිබූ සියයට 8ක ආර්ථික වර්ධන වේගය අද 4.5 දක්වා අඩුවී ඇත. රුපියල අව ප්‍රමාණය වෙමින් ඩොලරයට රුපියල් 150 දක්වා හීයක වේගයෙන් ඇදී යයි. විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9සිට 6 දක්වා අඩුවි ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු රාජ්‍ය නිළධාරින් දඩයම හීන් නූලටම සිදුවේ. කොළඹ නගරයේ අයට පමණක් ඇග රත්කර ගැනීමට රා තැබෑරුමකට යෑමේ ඉල්ලම පාදාදී ඇත. ඒ ඉකුත් සැප්තැම්බර් 18වැනිදා අංක 1933 දරණ ගැසට් නිවේදනයෙන් කොළඹ නගරයේ රා තැබෑරුම් ඇරඹීමට අවසරදීමත් සමඟය.
දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් ජාතිවාදය වැපුරූ පිරිස් අද සංහිදියාවේ සළුපිළිවලින් සැරසි ඇත. ජාතික ලැයිස්තුවෙන් පරාජිත අය පත්කිරීමට එරෙහිව කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ පෙත්සමද ශ්‍රේෂ්ඨාධිකරණයද ඊයේ ඉවත දැමීය. ජාතික ලැයිස්තුවෙන් පමණක් නොව ඇමති දොළ පිදේනියට ගිජු මන්ත්‍රීවරුන්ද තෝන් ලනුව දමා විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක්ද විධායකය විසින් සියතට ගැනිමෙන් ජනමතය උඩු යටිකුරු වී ඇත. එසේ ජනමතය වලලමින් යුරෝපීය රටවල න්‍යාය පත්‍රයට පහසුකම් සැලසීමේ දේශීය භූමිකාව දැන් රඟ දක්වමින් පවතී. සර්ව පාක්ෂික සමුළු කෝකටත් තෛලයකි. ජනාධිපතිවරුන් වන ජයවර්ධන මෙන්ම ප්‍රේමදාසද සර්ව පාක්ෂික සූදුව අපූරුවට සිදු කළේය. දැනුවත්ව හෝ නොදනුවත්ම එම සර්ව පාක්ෂික සමුළු මගින් අධිරාජ්‍යවාදයට අවැසි පරිදි රට අනතුරට පත්විය. රටට අලුත් ගමනක් අවශ්‍ය යුගය උදාවෙමින් පවතී. සුදානම් විය යුත්තේ ජාත්‍යන්තරයෙන් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තවරුන් ගෙන් රට බේරා ගැනීමය. ශබ්දකෝෂයටද දැන් අලුත් අර්ථකථන ලැබෙන අපූරු යුගයකි. පරාජයට කියන්නේ ජයග්‍රහණය කියාය. නිවටකමට කියන්නේ වීරකම කියාය. පාවාදීම ආඩම්බරයකි. යටත්වීම ජයග්‍රහණයකි. යුතුකම සංවාද කේන්ද්‍රය මහජන පුස්තකාලයේදී ඊයේ ප්‍රකාශ කල පරිදි දැන් බිල්ලෝ ඇවිත්ය. පුදුම විය යුතු නැත. මහා ආකාස ගංගාව ගොඩගලා අසනි වරුසාව වැටෙනු කිසිවෙකුට වැලකිය නොහැකි දිනයක්ද උදාවනු ඇත.

[මුරගල තීරු ලිපිය - 124]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .