10/06/2015

බොරුවෙන් ප්‍රොඩාවෙන් ගොඩනැගුනු හෘදසාක්ෂියේ සම්මුතිය

කතෘ:යුතුකම     10/06/2015   No comments

“එළඹෙන අගෝස්තු 17 දින පැවැත්වෙනුයේ නව පාර්ලිමේන්තුවක් සඳහා හුදු අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීම සඳහා වන තවත් එක් මැතිවරණයක් නොවේ. එය වසර 67ක් පුරා අයාලේ ගිය රට නව මාවතකට යොමු වන්නේද නැද්ද යන්න සළකුනු කරන්නා වූ අතිශය තීරණාත්මක කඩඉමකි. පසුගිය ජනවාරි 8 වන දින මේ රට ඒකාධිපති පවුල් පාලනයකින් මුදා ගැනීම සඳහා ලැබුනු ජනවරම පාවාදෙනු ලබන්නේද නැතහොත් එය ඉදිරියට ගෙනයනු ලබන්නේද යන්න තීරණය කරන්නකි. ජනවරමට වගකියන බවට ඉතිහාසය පුරා ඔප්පු කර ඇති එකම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ, අපේක්ෂභංගත්වයට පත් කර ඇති රටේත් ජනතාවගේත් බලාපොරොත්තු නියත ලෙසම ඉටු කිරීම සිය වගකීම බවට පත් කර ගැනීමට සූදානම්ය.”

ඉහතින් දැක්වෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී අපේක්ෂක ලයිස්තුව ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවේ වූ සටහනකි. එහි පැහැදිලි ලෙසම සඳහන් වන්නේ ජනවාරි 8 වන දින මේ රට ඒකාධිපති පවුල් පාලනයකින් නිදහස් වූ බවයි. ඒ අනුව ජනවාරි 8 වන දින සිදුවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වූ ආකාරයේ ජනතාවාදී ජයග්‍රහනයක් බවද ඒ සමග සිදුවූ පරිවර්ථනය ජනතා විමුක්ති පෙරමුණ අනුමත කරන බවද පැහැදිලි වේ. ඔවුහු ජනතාව හමුවේ පවසන්නේ පවුල් පාලනය පරදා දිනාගත් ජයග්‍රහනය අගෝස්තු 17 දින නැවත පාවා දෙන්නේද යන්න තීරනය කිරීම මැතිවරණයේ අරමුණ වී ඇති බවයි. එහි ජනවාරි 8න් පසු ඇතිවූ නව පාලනයට එරෙහි කිසිඳු විවේචනයක් නැත. අවධාරනය කරන එකම කරුන රට නැවතත් මහින්ද රාජපක්ෂට භාර නොදෙන්න යන්න පමනි. 

ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූ බව පැහැදිලිය. ඉහත ප්‍රකාෂයෙන්ද පැහැදිලිවම "ඒකාධිපති පවුල් පාලනය" ලෙස ලේබල් ගසා ප්‍රතික්ෂේප කරන්නේ එතුමාය. එසේ වුවද ජනවාරි 8න් පසු ඇතිවූ රනිල් වික්‍රමසිංහ රජයට එරෙහිව මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විවේඡනය කුමක්ද? එවන් විවේඡනයක් නැත. ඔවුන් රට පුරා සිදුකළ කතාවලදී අතරින් පතර ගැලවිජ්ජාවට එජාපයට එරෙහිව වචනයක් දෙකක් පිටවන්නට ඇත. යහපාලනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ප්‍රබලව පෙනී සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන්ද එවන් සුළු සුළු කරුණු පිටවන්නට ඇත. නමුත් ඔවුහු එජාපයට එරෙහි තීරණාත්මක විරෝධයක් එල්ල නොකළේය. අවධාරනය වූ එකම දෙය ඉහත ප්‍රකාෂයේ සඳහන් පරිදිම මහින්දට නැවත බලය නොදෙන්න යන්න පමනි.

ජනතා විමුක්ති පෙරමුණ එජාපයේ තරුන සංවිධානය ලෙසින් ක්‍රියාත්මක වන බව පැහැදිලි වන්නේ මෙහිදීය. යම් ලෙසකින් ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවද ප්‍රබල විරෝධයක් එල්ල කළේනම් ජනතාව තුලනාත්මකව සිතා ප්‍රධාන පක්ෂ දෙකටම එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා දීමට තිබිණි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට එවැන්නක් අවශ්‍ය නොවුනු බව පැහැදිලිය. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපාලනය ඉදිරියට ගෙනයාමට ජනවරමකි. එයට කළ යුතු වූයේ මහින්ද රාජපක්ෂව පරාජය කර නිතැතින්ම රනිල් වික්‍රමසිංහට ජය ගැනීමට ඉඩ ලබා දීමයි. ජවි පෙරමුණේ එජාප හිතෛශී ප්‍රචාරණයේ ප්‍රතිඵලය එය විය.

ඒ අනුව අගොස්තු 17 වන දින ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහනය කර ඇත. ඔවුහු ජනතාවගෙන් ඉල්ලූ දෙය ඉටුවී ඇත. මැතිවරණයේ ප්‍රකාෂිත ප්‍රතිඵල වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ අතර ජවිපෙ ඉල්ලූ ලෙසටම මෙන්ම ඔවුන්ට අනුව ජනතාවාදී ජනපති මෛත්‍රීපාල මහතාට අවශ්‍ය වූ පරිදිම ජනවාරි 8 ජයග්‍රහනය ඉදිරියට ගෙනයාමට බලය හිමිවිය.

ඉතිහාසයේ මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනයේදී ජනතා විමුක්ති පෙරමුණට ඍජුව ලැබෙන ඡන්ද ප්‍රමානය අඩු වුවද ඔවුන් වෙනත් ප්‍රධාන පක්ෂයක් සමඟ එක්ව ඉදිරිපත් වූ විට ඔවුන්ගේ අපේක්ෂකයන් ඉහලින්ම දිනවීමට ජනතාව ක්‍රියාත්මක වී ඇති බව පෙනී යයි. විවිධ හේතු නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉවත් වීමට ජනතාව අකමැති වුවද ඔවුන් ජවිපෙ කෙරෙහි විශ්වාසය තබා ඇති බව ඉන් පෙනී යයි. එක් අවස්ථාවක පාර්ලිමේන්තු ආසන 39ක් ජවිපෙට ප්‍රධානය කිරීමට ඔවුන් නිර්ලෝභී වූයේ එබැවිනි. ඒ විශ්වාසය අද දවසේද ජනතාවගේ සිත් වලින් ඉවත් වී නැත. ජවිපෙ නායකයන් එය අවබෝධ කරගෙන ඇති බව පැහැදිලිය. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ ඒ විශ්වාසය සමඟය. මහින්ද හොරෙකැයි, ඒකාධිපතියෙකුයැයි අනුර කුමාර දිසානායක පවසන විට එය ඇත්ත යැයි භාර ගැනීමට ජනතාව සූදානම්ය. නමුත් ඔහු රනිල් වික්‍රමසිංහට එරෙහිව විවේඡනයක් එල්ල නොකරයි. ඉන් කියැවෙන්නේ ඔහු හොඳ බවද? ජනතාව දූශිත මහින්දව පැරදවීමට පහසුම මග ලෙසින් රනිල්ව තෝරා ගනී.
නමුත් රනිල් වික්‍රමසිංහ යනු කවරෙක්ද යන්න ජවිපෙ නායකයන් තරම් දන්නා වෙනත් අයෙකු සිටිය නොහැකිය. ජවිපෙ ඔහුව හඳුනන්නේ දූෂනයෙන් භීෂනයෙන් රටම වෙළාගත් 80 දශකයේ සිටය. එබැවින් ජවිපෙ රනිල් වික්‍රමසිංහ සමග ප්‍රසිද්ධියේ දීග කා අපවාද විඳීමට සූදානම් නැත. ජනවාරි 8ට පෙර ජවිපෙ පැවැත්වූ මාධ්‍ය හමුවක අනුර කුමාර දිසානායාගේ වහෙන් ඔරෝ භාශාවෙන් කළ පැහැදිලි කිරීමක් අවසානයේ මාධ්‍යවේදියෙකු විමසූවේ "ඔබ ඔය පවසන්නේ මෛත්‍රීපාල මහතාට ඡන්දය දෙන ලෙස නොවේද?" කියාය. නමුත් එහිදී ජවිපෙ නායකයා ඍජු පිළිතුරක් නොදී ලිස්සා ගියේය. ජවිපෙ මෛත්‍රීපාල මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම ගැටළුවක් නොවේ. එය ඔවුන්ගේ දේශපාලන තීරණයකි. නමුත් ගැටළුව වන්නේ ඔවුන් එසේ සහාය දක්වන බව ජනතාව වෙතින් වසන් කිරීමයි. ජවිපෙ වත්මන් නායකයන්ට රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීමට අවශ්‍යය. නමුත් ඒ දූෂිත ක්‍රියාවේ අපවාදයට ලක්වීමටද සූදානම් නැත. ජවිපෙ ජනවාරි 8 වනදා මෙන්ම අගෝස්තු 17 වනදාද කළේ වහෙන් ඔරෝ භාශාවෙන් ජනතාව රනිල් වෙත දක්කාගෙන යාමය.

එබැවින් අද දවසේ ජවිපෙ විසින් වත්මන් රජයට එරෙහිව කරන කිසිඳු විවේඡනයක් සද් භාවයෙන් කරන ජනතාවාදී විවේඡන නොවේ. මේ ඔවුන් විසින් බිහි කළ රජයකි. "ජනවාරි 8 වනදා" "ලැබුනු ජනවරම" "ඉදිරියට ගෙනයාමට" ඡන්දය දෙන්නැයි කියූ ජවි පෙරමුණ මෙම රජය සම්බන්ධයෙන් ජනතාවට වග කිව යුතුය. ඔවුන්ට ඉන් ගැලවී යාමට නොහැකිය. ජනතාව තමන් කෙරේ තැබූ විශ්වාසය රනිල් වික්‍රමසිංහට පවාදී ගැලවී යාමට ඔවුන්ට ඉඩ නොතැබිය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප්‍රකාශනය ලෙසින් පසුගිය මහ මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළේ හෘදසාක්ෂියේ සම්මුතිය නම් පිටු 40කින් යුත් ලියැවිල්ලයි. එහි පෙරවදනේදී ඔවුන් පවසන්නේ "2015 ජූලි 22 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ සමුළුවේදී 'හෘදසාක්ෂියේ සම්මුතිය' නම් වූ ජාතික වැඩ පිළිවෙළ එළිදක්වනු ලැබිණි. පිටු 90කින් යුතු වූ එම වැඩපිළිවෙළ ඇතුළත් ලියවිල්ලෙන් මේ මොහොතේ, එනම් 2015 මහ මැතිවරණය අභියස, ජනතාව පෙළන ප්‍රධානතම ගැටළු සඳහා වන විසඳුම් ඇතුළත් කොට ජනතාවට වැදගත්ම කොටස් උපුටා ගනිමින් මෙම සාරංශගත මුද්‍රණය සකස් කරනු ලැබ ඇත." යනුවෙනි.

මහ මැතිවරණය අවසන් වී, නව රජයක් පත්වී ගෙවුනු මේ කෙටි කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩු දී ඇති කරුණු සළකා බැලීමෙන් රටේ ජනතාව සංවේදී විය යුතුව තිබූ ප්‍රධානතම ගැටලු මොනවද යන්න වටහාගත හැකිය. වසර 30ක් පුරා ඇදී ගිය යුද්ධය අවසන් වී යන්තම් වසර 6 ගෙවී ගියා පමනි. එහි උනුසුමත් ජාත්‍යන්තරයෙන් එල්ළවන යුධ අපරාධ, මානව හිමිකම් කඩවීම් ආදිය පිළිබඳ චෝදනාත් පහව ගොස් නැත. නමුත් රට පුරා ජනතාව අතර ජවිපෙ බෙදා හැරි මේ ලියැවිල්ල තුළින් ඒ ජාතික ගැටළුව කෙරේ කිසිඳු අවධානයක් දක්වා නැත. කරුණු 12 ඔස්සේ පැහැදිලි කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ තුළ ජාත්‍යන්තරය කළමනාකරණය කිරීම, ජාතික ආරක්ෂාව, ව්‍යවස්ථා සංශෝධන ආදිය පිළිබඳ වචනයක් හෝ නැත. මහ මැතිවරණයේදී එය සළකා බැලිය යුතු කරුණක් නොවන්නේ කෙසේද?

මෙම ගැටළුවලට විසඳුම් ලෙස තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ කුමක්ද යන්න තබා එවන් ගැටළුවක් රට හමුවේ ඇතැයි යන කරුණ පවා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට වසන් කර ඇත. හෘදසාක්ෂියේ සම්මුතිය යනුවෙන් ජූලි 22 වැනිදා ඉදිරිපත් කළ ප්‍රධාන ලියැවිල්ලෙහි ඔවුන් සමස්ථයක් ලෙස සිදුකිරීමට අදහස් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් පැහැදිලිකිරීමක් අඩංගු වුවද මහ මැතිවරනයේදී ජනතාව සංවේදී විය යුතු ප්‍රධානතම කරුනු ලෙස හුවා දක්වමින් රට පුරා බෙදා හැරි මෙම ලියවිල්ලට ඒ පිළිබඳ කිසිවක් ඇතුළත් නොවූයේ කුමක් නිසාද? එහිදී ගැටළු දෙකක් පැන නගී. පළමු කරුණ නම් ක්ෂනිකව අවධානය යොමු කළ යුතු මෙවන් ගැටළුවක් රට හමුවේ ඇතැයි යන්න පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ නොදැන සිටියේද යන්නයි. අනුර කුමාර දිසානායක සහ අනෙක් නායකයන් විසින් පසුගිය සමයේ දිගින් දිගටම ප්‍රකාෂ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ප්‍රකාශ කරන ආකාරයේ ජාත්‍යන්තර අත පෙවීමක් ලංකාවට එරෙහිව නොමැති බවයි. යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් චෝදනා ආදී මෙම ප්‍රශ්න මහින්ද රජය විසින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා මවා පෙන්වන බොරු බව ඔවුහු පැවසූහ. මැතිවරණ ප්‍රකාශනයට ඒ පිළිබඳ කිසිවක් අඩංගු නොවීම ඔවුන්ගේ එම අතීත කියුම් කෙරුම් සමඟ මනාව ගැලපේ.

නමුත් අද වන විට ඇස් පනා පිට පෙනෙන පරිදි මෙය ඉතා බරපතල ප්‍රශ්නයකි. මෙම රජය පත් වූ දා සිටම අවධානය යොමු කළ ප්‍රධානතම කරුන මෙම ජාත්‍යන්තර ගැටළුවයි. අපට එරෙහිව මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා මෙන්ම යුධ අපරාද චෝදනා එල්ල වී ඇත. මෛත්‍රී- රනිල් රජය ඒ සම්බන්ධයෙන් මැතිවරණ සමයේද පැවසූ පරිදි ඔවුන්ගේ ස්ථාවරය මත පිහිටා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෛත්‍රීපාල මහතා ගිය සතියේ ලංකාවට පැමිනියේ රට වෙනුවෙන් අති උදාර මෙහෙවරක් කළ පුද්ගලයෙකු වශයෙනි. එයින්ම මෙම ගැටලුවේ බරපතලකම වැටහේ. (මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග නිවැරදිද යන්න පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා නොකරමි). ජාත්‍යන්තර අතපෙවීම් යනු තවදුරටත් ගෝනි බිල්ලකු නොවේ. එය ඇත්තකි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අති විශාල ඇමති මණ්ඩලයක් ඇතිකරමින් දෙමුහුන් ආණ්ඩුවක් බිහි කිරීම සාධාරනීකරණය කරන්නේද ඉදිරි වසර තුළ ඔවුන් ඉදිරිපත් කරන අනපනත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදිය සම්මත කරගැනීමට යැයි කියමිනි. සමහර විට මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනමත විචාරනයක් තෙක් ගමන් කළ හැකිය.

මේසා ප්‍රබල ප්‍රධාන ගැටළුව පිළිබඳව මහ මැතිවරණ ප්‍රකාශනය තුළ ජවිපෙ කිසිඳු අවධානයක් යොමු නොකිරීම ඔවුන්ගේ නොදැනුවත් කම ලෙසින් සිතිය හැකිද? ඔවුන් රට කරවීමට යන්නේ පටු ලිංමැඩි නුවනකින්ද?

එසේ නැතිනම් රට හමුවේ ඇති මෙම තීරනාත්මක ගැටලුව ජනතාව වෙතින් වසන් කිරීමේ කිසියම් වුවමනාවක් ජනතා විමුක්ති පෙරමුනේ නායකයන්ට තිබිණිද?

එලෙසින් ප්‍රශ්නය දෙස බැළුවහොත් අපට පිළිගැනීමට සිදුවන්නේ ජාත්‍යන්තර අත පෙවීමක් නැත හෝ එය මහින්දගේ ගෝනි බිල්ලෙකු පමනක්ය යනුවෙන් පසුගිය රජය සමයේ ජවිපෙ නායකයන් ගෙන ගිය දැවැන්ත ප්‍රචාරනය හිතාමතාම ජනතාව මුළා කිරීමට සිදු කළ දෙයක් බවයි. ඔවුන් තම මැතිවරණ ප්‍රකාශනය තුළින්ද මේ ගැටළුව හෝ ඒ හා බද්ධ වී ඇති ව්‍යවස්ථා සන්ශෝධන පිළිබඳ වචන මාත්‍රයක් හෝ නොපවසන්නේ ජනතාව සත්‍ය වටහාගැනීම තුළ රනිල්ව දිනවීමේ වැඩපිළිවෙළට බාධාවක් වේය යන බිය හේතුවෙනි.

රෝහන විජේවීර සමයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටි පක්ෂයකි. එබැවින් ඔවුන්ට ප්‍රසිද්ධියේ එම ස්ථාවරයන් වෙනස් කරගනිමින් මෙම ජාතික ගැටළුව සම්බන්ධ රනිල්වාදී බටහිර ගැති ස්ථාවරය වෙත තල්ලු වීම අපහසු කරුණකි. එබැවින් වත්මන් නායකත්වය සිදුකරන්නේ එවන් ගැටළු මග හැර යාමයි. එමගින් මුල් කාලීන ජවිපෙට මෙන්ම ජනතාවටද එරෙහි රනිල්ගේ වැඩපිළිවෙලට ඉඩ කඩ සළසාදීම ඔවුන්ගේ උපාය වී ඇත.

අද වන විට ඔවුන් කළ ඒ මහා බොරුව හෙළි වී ඇත. මහින්ද හොරා යැයි කියමින් වහෙන් ඔරෝ භාශාවෙන් රනිල් සහ මෛත්‍රී යුගලය බලයට පත් කර ඔවුන් සිදුකළ වෙනස කුමක්ද? අද හොරකම නතර වී තිබේද? හොරු අල්ලා තිබේද? මහ බැංකුව නිරුපද්‍රිතද? ගිය වසරේ 7.4% ක් වූ ආර්ථික වර්ධන වේගය අද වන විට 6.7% තෙක් පල්ළම් බැස ඇත. මහින්ද රජයේ වැරදි යැයි ජවිපෙ හුවා දැක්වූ කිසිඳු කරුණක් මෙම රජය වෙතින් නිවැරදි වී නැත. කරුණු එසේ තිබියදී මහින්ද රජය මගින් කරගෙන ගිය ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, නිදහස, සංවර්ධනයට අදාල සාධනීය දෑ දිනෙන් දින දුර්වල වෙමින් පවතී.

මේ මාස දෙකකටත් අඩු කෙටි කාලයක් තුළදී රටේ අවධානය යොමු වූයේ ඒ වෙතටය. ඉදිරි වසර දෙක තුළ මේ රජයේත් ජනතාවගේ ප්‍රධාන අවධානය යොමු වනු ඇත්තේ ඇමරිකාව, ඉන්දියාව ප්‍රමුක රටවල් විසින් ඉදිරිපත් කරන මෙම යුධ අපරාද චෝදනා සහ ඒ අනුසාරයෙන් අපේ ගෙල සිරකර අප ලවා සම්මත කරවාගැනීමට වෙර දරන ව්‍යවස්ථා සංශෝධනය වෙතටය. ඒ ප්‍රධාන ප්‍රශ්නය වෙත කිසිඳු අවධානයක් යොමු නොකල ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා "හෘදසාක්ෂියේ සම්මුතිය" පුස්සක් බවට පත් වී ඇත.

නැත්ත ඇත්ත බවට පත් කිරීමට බොරු ප්‍රචාරය කරමින්, රටේ ප්‍රධාන ප්‍රශ්න ජනතාව වෙතින් වසන් කරමින් ජවිපෙ කරන මේ විනාශයේ අරමුණ කුමක්ද? ඉදිරියේදී ජනතා ද්‍රෝහී ලෙස බටහිර රටවල් හා එක්ව මෙම රජය ගන්නා විනාශකාරී තීන්දු තීරන හමුවේ රට කැළඹීම නොවැළැක්විය හැකිය. එවන් අවස්ථාවකදී නැවතත් ජනතාවට වැදි බන දෙසමින් බොර දියේ මාළු බෑම මොවුන්ගේ දේශපාලන උපක්‍රමය වනු ඇත. නමුත් ජනතාව තමන් කෙරේ තැබූ විශ්වාසය පවා දෙමින් සැබෑ ප්‍රශ්න ජනතාවගෙන් වසන් කර රටට විනාශය කැන්දන දේශපාලකයන් තව දුරටත් විශ්වාස කල යුතුද?

මාස දෙකකින් අවලංගුවන මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන පක්ෂයකින් රටට වන යහපතක් නැත. ඔවුන් කරන්නේ ජනතාවාදී දේශපාලනයක් නොව තම බඩගොස්තරය වෙනුවෙන් එදා වේල ටුවර්ස් රැකියාවකි.
ඔවුන්ට නිසි දඬුවම් දීම ජනතාවට භාරයි. 

සම්බන්ධ ලිපි :
-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions