සිදුවීයැයි කියන යුධ අපරාධ සඳහා ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට හා එය මෙහෙය වූ දේශපාලන තන්ත්‍රයට දඬුවම් ලබා දීම තුළින් ප්‍රශ්නයට විසඳුම ලැබේ යැයි දෙමළ දේශපාලකයා, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා රජයේ කොටස් ද විස්වාද කරනු පෙනේ. එසේ කිරීමෙන් මේ විෂම චක්‍රය අවසන් වේයැයි ඔවුන් සිතන්නේ ද? යුද්ධය හා ඊට හේතුසාධක වූ තත්වයන් ගැන තමා සියළු අතින් අහිංසක යැයි දෙමළ ජනයා සිතන්නේ ද?
ඊනියා යුධ අපරාධ සඳහා දඬුවම් පැමිණ වීම තුළින් සියල්ල සමෝදානය වේ යැයි සිතන්නන් අල්ලාගෙන ඇත්තේ සර්පයාගේ නගුටෙන් ය. එහි අනිවාර්ය ඵලය නම් සර්පයා ආපසු හැරී අප සපා කෑම ය. මෙවැනි දඬුවම් පැමිණවීමක් තුළින් සංසිඳුවිය හැකි ප්‍රශ්නයක් නොවේ ලංකාවේ තීබුණේ. මුල සිට ම එක් පාර්ශවයක් පමණක් සටනේ ගොදුර ව තිබුණේ නම් පමණක් එකී ගොදුරු වූ පාර්ශවය සඳහා සාධාරණය ඉටුවිය යුතු බවට තර්කයක් නැත. එහෙත් අපගේ තත්වය වෙනස් ය. ඊට ප්‍රධාන හේතුව නම් යුද්ධයෙන් පාර්ශව දෙක ම එකසේ බැටක කා තිබීම ය. ඒ නිසා පාර්ශව දෙකට ම සිය අරගලය සඳහා සාධාරණ සදාචාරාත්මක හේතු තිබේ. විශේෂයෙන් ම එල්ටීටිය මර්දනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ එල්ටීටීඊ විරෝධී පාර්ශවය තුළ වරදකාරී හැඟීමක් නැත. පසුතැවිල්ලක් නැත.
යුද්ධයෙන් සියළු පාර්ශව එකසේ බැට කෑවේ නම් යුද්ධය අවසන් වීමේ ඵලය ද නෙලා ගත්තේ මුළු ජාතියම ය. එය හුදු අලංකාරෝක්තියකින් එහාට ගිය භූමි යථාර්ථයක් බව අප සැම 2009ට පෙර හා පසු ගෙවා දමන ජීවිත දෙස මදක් හැරී බැලීමෙන් පැහැදිළි වේ. එසේ නම්, අප එම ඵලය භුක්ති විඳින අතරතුර එම අස්වැන්න නෙලා දුන් පිරිසට දඬවම් පැමිණවීමට අනවරත උත්සාහයක නිරතවීම කුමන සදාචාරයක් යටතේ සාධාරණීකරනය කළ හැකි ද?
මේ අතර, දහස් ගණනක් ජීවිත ද ආරක්‍ෂා කරගෙන නැගෙන දුක්ගැනවිලි සඳහා විසඳුමක් ද සහිත ව දෙමළ ප්‍රශ්නය විසඳා ගැනීමට එල්ටීටියට ඕනෑතරම් අවස්ථාව ලබා දුනි. ඒ සෑම අවස්ථාවක් ම තම ඊලඟ යුධපියවර ශක්තිමත් කර ගැනීමට ඔවුන් විසින් යොදා ගත්තා හැර සැබෑ අවංක විසඳුමක් සඳහා නොගිය බව ප්‍රත්‍යක්‍ෂ ඉතිහාසයයි. එය ද යුද්ධය සඳහා රජය ගත් ක්‍රියාදාමය සාධාරණීකරණ කරන ප්‍රබල සාධකයකි.
යුද්ධය භයංකර ය. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය හා කරන යුද්ධය ඊටත් වඩා භයංකර ය. එල්ටීටිය විසින් යොදාගත් මරාගෙන මැරෙන ප්‍රහාර ආදී සාම්ප්‍රදායික නොවන යුධ උපක්‍රම නිසා ඊට ආරක්‍ෂක හමුදාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සුළු පටු එකක් විය නොහැකි ය. එවැනි ප්‍රතිචාරයක දී සිදුවන 'කොලැටරල් ඩැමේජ්' හෙවත් නොවැළැක්විය හැකි හානි ඕනෑම සටනක දී සිදුවන ඒවා මිස අප රටට පමණක් උරුම දේ නොවේ. සිදු වූ සටනේ පරිමාව අප කිසිවෙකුත් දැක නැතත්, රජයේ හමුදාවන් විසින් හිතා මතා සාමාන්‍ය ජනයා මතු නොව, එල්ටිටීඊ සාමාජිකයා පවා ඉලක්ක නොකළ බව සුරක්‍ෂිත ව නිගමනය කළ හැකි ය. සාමාන්‍ය ජනයා තෝරා බේරා නොගෙන සටන සිදු වූයේ නම් මැයි මස 19වන දිනට බොහෝ පෙර එය අවසන් කිරීමට ඉඩ තිබුණි. අනෙත් වැදගත් ම කාරණය නම් අවසන් සටනේ දී හමුදාවට බාර වූ කොටි සාමාජිකයින් 12000ක ජීවිත ආරක්‍ෂා වීමක් ද අපේක්‍ෂා කළ නොහැකි ය
යුද්ධය නිසා මුළු ජාතියේ ම අනාගතය වසර 30කින් අපස්සට ගියේ ය. එහි වගකීම බාරගන්නේ කවුද? මියගිය ලක්‍ෂ ගණන් ජීවිත හා තාමත් ගණන් නොකළ දේපළ පාඩුව ගෙවන්නේ කවුද? ඒ සඳහා නම් කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇති බව ඉතා පැහැදිළි ය. යුධ අපරාධ පරීක්‍ෂණයක් කළ පමණින් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා ද? කිසිසේත් ම නැත. එවැන්නකින් සිදු වන්නේ තුවාලය තව තවත් පෑරීම පමණි. සිංහල හා දෙමළ ජනයා සිය හදවත්වලින් තව තවත් ඈත් වීම පමණි අවසානයේ සිදුවන්නේ. දෙමළ ජනයා විසින් මෙන් ම යුධ අපරාධ පරික්‍ෂන ප්‍රවර්ධනය කරන සැම විසින් ම මෙය සැලකිල්ලට ගත යුතු ය. මේ අලුතින් හා ගැඹුරින් සිතන කාලයයි.

-ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .