10/15/2015

අපි සැබැවින්ම ජාතිවාදීන්ද?

කතෘ:යුතුකම     10/15/2015   No comments

මානව වංශකතාවේ එක් එක් අවධීන්හි විවිධ ශිෂ්ඨාචාර බිහි වුවද එකම රටක බසක්,දර්ශනයක්,සංස්කෘතියක් වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව අවිච්චින්නව පැවතගෙන පැමිණියේද ඒ අන් කවර රටකවත් නොව ලංකාවේය.

ඒමසන් ටෙටන්ට් නැමැති ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වරක් පැවසුවේ ඉන්දියාවේ ඉතිහාසය බලා ගැනීමට අවශ්‍ය නම් ලංකාවේ ඉතිහාස පොත කිය විය යුතු බවයි. අපට ඉතිහාස පොතක් ඇත. එංගලන්තයට,ඉන්දියාවට,ප්‍රංශයට,ජර්මනියට,ඇමරිකාවට ඉතිහාස පොතක් නැත. ලිඛිත ඉතිහාසයක් ඇත්තේ ලංකාවට,ඊශ්‍රායලයට හා යුදෙව්වන්ට පමණි.

ලෝකයේ භාෂාවන් 6000ක් ඇත. එයින් සති දෙකකට වරක් කුමන හෝ භාෂාවක් මිය යයි. එහෙත් අපේ හෙළ බස මීට අවුරුදු 3000කට එපිටින් සිටි මිනිසුන්ද කථා කලේය. අපේ හෙළ බස ලෝකයේ පැවති භාෂා 123 කින් ආමන්ත්‍රණය විය. එකම රටක බුහුතරයක්,එකම බසක් වසර 3000ක් තිස්සේ අඛණ්ඩව කතා කල ජාතිය සිංහල ජාතියයි. මේ ඉතිහාසය අවුරුදු 300කට 400කට කලින් බිහිවු යුරෝපා සොච්චම් ඉතිහාසයට සැසඳීමට යාම විහිළුවකි. එසේ නම් මෙවන් අභිමානයක් ගැන කතා කිරිම කවර ජාතිවාදයක්ද?

මනුෂ්‍ය ඉතිහාසයේ වල් පැළෑටිවලින් ධාන්‍ය නිර්මාණය කර ගැනීම වී,තිරිඟු,ඉරිඟු බිහිවිම බොහෝ දෙනා විශ්වාස කලේ චීනයේ බවයි. එහෙත් මෑතකදී හෝටන් තැන්නේ කල කැණීම් වලින් හෙලි වී තිබුනේ අවුරුදු 12000කට කලින් එහි ධාන්‍ය වගා කොට තිබු බවයි. හෙළයින් යනු අවුරුදු 12000කට කලින් ධාන්‍ය අනුභව කල,දියුණු නගර නිර්මාණය කල අභිමානවත් ජාතියකි. එදා යුරෝපයේ මහා අංක විද්‍යා හා ගණිත මිනිත දාර්ශනිකයින් අවුරුදු 700 තිස්සේ ශූන්‍යය පිළිබඳ වාද විවාද කරද්දී එම ශූන්‍යය පිළිබඳ අදහස පහල කලේ බෞද්ධ භික්ෂුවක් විසිනි. මේවා පිළිබඳ කතා කිරිමට අප හෙළයින් වශයෙන් බිය විය යුතු නැත. එය අපට අපේ මුතුන්මිත්තන් ශේෂ කල ගිය ගාම්භීර අතීත ආවර්ජනයන් මිස ජාතිවාදයක් ගැන කතා කිරීමක් නොවේ.

අපට අප ගැන කතා කිරීමට අයිතියක් ඇත්තේ අප කිසිවිටෙකත් කිසිදු ජාතියකට, ආගමකට කරුණු කාරණා පෙන්වා දීමකින් තොරව නිර්දය ලෙස විවෙචන නොකල නිසාත්,ඔවුන් තලාපෙලා ඉදිරියක් ගැන නොසිතූ නිසාත් බුද්ධ දේශනාවේ පටිසෝතගාමී රුධිරය අපේ ඇස්,ඉස් මස් වල තදින් කාවැදී තිබෙන නිසාවෙනි.

එදා නරේන්ද්‍ර මෝඩි ගුජරාටයේ මහ ඇමතිව සිට අවධියේ හින්දු භක්තිකයින් ගමන් කල දුම්රියකට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් 42 හින්දු භක්තිකයින් ජිවිතක්ෂයට පත් විය. මේ සමග ඇති වුනු හින්දු මුස්ලිම් කෝලහලය මැඩපැවත්වීමට මෝඩි පාලනය එක් රැයකින් මුස්ලිම් ජාතිකයින් 760ක් අමු අමුවේ කපා කොටා ඝාතනය කලේය. 1984දී ඉන්දිරා ගාන්ධිගේ සික් ජාතික ආරක්ෂක භටයා විසින් ඇයව ඝාතනය කලේය. එදිනම රාත්‍රියේදි ඉන්දීය රජය සික් ජාතිකයින් 6000ක් දිල්ලියේ මරා දැමීය. එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වු අල්කයිඩා ප්‍රහාරයෙන් පසු ඔය කියන ශ්‍රේෂ්ඨ ඇමරිකන් ජනතාව එරට වාසය කල මුස්ලිම්,ආසියාතිකරයේ ජනතාවට සැලකූ අයුරු අපට හොඳින් මතකය.බොස්ටන් බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇමරිකානුවන් හැසිරුණු ආකාරය මතකය.

අද ප්‍රජාතන්ත්‍රවාදය,බලය බෙදීම,සහජීවනය,ජාතිවාදය ගැන කතා කරන අපේ අතැම් දෙමළ,මුස්ලිම් සහ සම හරක් වු සිංහල නායකයින්ට ඉතිහාසය මතක නැත. 1983 න් පසු එල්.ටී.ටී විසින් සමූහ ඝාතන 329ක් සහ 9948 ඝාතන කර ඇත.එක් දෙමළ වැසියෙකුට එක ජාතිවාදි ප්‍රහාරයක් එල්ල වී තිබේද? 1981දී කොළඹ දෙමළ ජනගහනය 23%කි. එහෙත් අද වන විට එය 33%කි. ජාතිවාදයක් ගැන කථා කිරිමට තියා හිතන්නටවත් දෙමළ ජනතාවට ඉඩක් නැත. දෙමළ ඊලාම් රාජ්‍ය සංකල්පය වෙනුවෙන් සටන් කල විනයගමූර්ති මුරලිදරන්,පිල්ලෙයාන් වැනි දරුණු ත්‍රස්තයින් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණ ඒ ගැන ලංකා පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ ජාතිවදයක් සිංහලයන් අතර ඇති නිසාද? 1971 කොළඹ මුස්ලිම් ජනගහනය 19%කි.අද වන විට එය 40%කි. මෙසේ ජනගහනය වැඩි වී ඇත්තේ සිංහලයින් විසින් මුස්ලිම් ජාතිකයින්ට මේ රටේ සෑම බිම් අඟලකම නිදහසේ සැරිසරීමට ඉඩ නොදෙමින් ජාතිවාදය සිංහලයින් විසින් වැපිරූ නිසාද? එවකට උතුරේ 21000 ව සිටි සිංහල ජනයාගේ ඉඩම් අයිතියද අහිමව අද එම ජනගහනය 674 ක් දක්වා දියාරු වී ඇත්තේ සිංහලයින්ගේ ජාතිවාදය නිසාද? අද යාපනයේ සිංහලයින්ට ජීවත්වීමේ අයිතිය පූර්ණ වශයෙන් අහිමිව ඇත. ඒ සිංහලයින්ගේ ජාතිවාදය නිසාද? එදා අවසන් සටනේදී ප්‍රභාකරන්ගේ සන්නද්ධ කල්ලිය 300000කට ආසන සාමාන්‍ය වැසියන් කාල තුවක්කු සමග ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්තේ දෙමළ ජනයාගේ එකම විමුක්තිකාමියා නිසාද?අපේ විරුවන් එදා අහිංසක දෙමළ ජනයා වෙනුවෙන් ජීවිත පූජා කලේ ඔය කියන ජාතිවාදයක් මේ සිංහලයන්ගේ ලේ වල තිබුනු නිසාද?නැත.

සිහි තබගනු සිංහලයා තුල ඇත්තේ මෙත්තා,කරුණා,මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණය සම්මිශ්‍රණය වු පටිසෝතගාමී රුධිරයයි. ඔබලා අපට ගල් වලින් පහර දුන්නද අප ඔබලාට පහර දෙන්නේ මල් වලිනි. ඒ මෙතෙක් ලොව පහල වූ ශ්‍රේෂ්ඨතමයා වන බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි.

-තිවංක පුස්සේවෙල
[යුතුකම පාඨක ලිපියකි]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions