10/29/2015

දැන් White House සහ White Elephant දෙක ම එකයි!

කතෘ:යුතුකම     10/29/2015   No comments

ඇමරිකාව ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි මාර්ගයෙන් සිරියාවේ දේශපාලන ගැටුම් නිර්මාණය කළේ 2011 වසරේ සිට සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් විදේශ් සංචාරවලට සහභාගී වුණේ නෑ. ඒ අතර ISIS මර්දනය කරන බව පවසමින් ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි වර්ධනය කළේ ඇමරිකාව.

නමුත් රුසියාව ත්‍රස්ත මර්දන ප්‍රහාර ආරම්භ කරලා මාසයක් තුළ සිරියානු රජය සහ හමුදා ශක්තිමත් වුණා. ඒ ශක්තිය කෙතරම් ද කිවහොත් අල්-අසාද්ට විදේශ සංචාරයකට සහභාගී වෙන්න පුළුවන් තරමට ඔවුන් ශක්තිමත්. ඒක ISIS ඇතුළු ත්‍රස්ත කල්ලි මාර්ගයෙන් අල්-අසාද්ගේ ඇමරිකන් සහ බටහිර ගැති නොවන ශියා පාලනය පෙරළා දමා ඇමරිකන් සහ බටහිර ගැති සුන්නි පාලනයක වියරු සිහින දුටු ඇමරිකාවට මේක කනේ පහරක්.

මේ අව් අස්සේ කැනඩා නව අගමැති ජස්ටින් ට්‍රඩියෝ ඇමරිකාව ප්‍රමුඛ ඊනියා ISIS ප්‍රහාර කණ්ඩායමෙන් තමන්ගේ යානා ඉවත් කරගන්නා බව ප්‍රකාශ කිරීම ගහෙන් වැට්ට ඇමරිකාවට ගොනා ඇන්නා වගේ වැඩක්. ඉතින් අවයිට් හවුස් එක සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රුසියානු සංචාරය හෙළා දකිනවා කියලා කියනවා. හෙළා නෙමේ, හෙළුවෙන් දකිනවා කියලායි මට හිතෙන්නේ.

අපේ ගෙදරට එන එවුන්, අපි යන තැන තීරණය කරන්නේ අපි මිස ගමේ චණ්ඩියා නෙමේ කියලා පූටින් හිනාවෙනවා ඇති. ඒ ගොං චණ්ඩි පාට්  අපේ "බටහිර ඉන්දිය කොදෙව්ව" වගේ නපුංසකයෝ පාලන කරන රටවල්වලට මිස පුටීන්ලා වගේ නායකයෝ පාලනය කරන රටවල්වලට දාන්න ගියාම ඔහොම පීචං වෙන්න වෙනවා. දැන් White House සහ White Elephant දෙක ම එකයි!. ඇත්ත ඒක තමා. මුල දී ඉතින් දරා ගන්න අමාරු තමා.

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions