10/01/2015

කෙම්මුර වදන – රෝහිත භාෂණගේ බාසාව

කතෘ:යුතුකම     10/01/2015   No comments

පොත් හා කියවීම
පොත් ප්‍රදර්ශනය හොඳ දෙයක් වුවද කියවීම ප්‍රදර්ශනය එතරම් හොඳ දෙයක් නොවේ. අපි බොහෝ දෙනා කියවීම ප්‍රදර්ශනය කිරීමට ආසා කළද පොත් හෝ කියවීම යනු ජීවිතයේ හා යහපත් සිහියේ පරම නිර්ණායකයද නොවේ. පොත් අතිශයින් වැදගත් වුවද එය තනි පාට සරල වැදගත්කමක් නොව සංකීර්ණ වැදගත්කමකි. පොත් කියවා සිහි අහිමි කරගත් මිනිස්සු මෙන්ම, පොත් නොකියවා හොඳ සිහියෙන් දේවල් තේරුම් ගන්නා මිනිස්සුද මට කොතෙකුත් හමුවී තිබේ.

සාහිත්‍ය වසන්තයෙන් පසු
අනුන් සඳහා ලියන බව කීවද බොහෝ ලේඛකයන් ලියන්නේ තමන් සඳහාය. වෙළෙන්දන්ගේ ධන තන්හාවට වඩා ලේඛකයන්ගේ කීර්ති තන්හාව විටෙක භයානක වන්නේ මේ නිසාය. සමාජ අපේක්ෂා ආදිය දින දින මැලවී යමින් තිබෙන සමාජ පසුබිමක් තුළ මේ තත්ත්වය තව දුරටත් දරුණු වෙයි. සාහිත්‍ය වසන්තයේ නිමාවෙන් පසු කපා දැමූ පොත් කලේබර කාණු දිගේ ලේ හලන ආකාරය අපට තවමත් දැකගත හැකිව ඇත්තේ ඒ නිසාය.

දහනමය සම්මත කරනු
දහනමවැනි සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් අරගල බොහෝ දෙනකු පසුගිය කාලයේදී අපට දැකගන්නට ලැබිණි. ඔවුන්ගේ පළමු ඉල්ලීමක් වූයේ තිස් දෙනකුගේ ඇමති මඩුල්ලකි. එම අපරිමිත අරගලයේ ප්‍රතිපලයක් ලෙස ඊට මාස කීපයකට පසු එමෙන් දෙතුන් ගුණයක් විශාල ඇමති මණ්ඩලයක් අද අපට ලැබී තිබේ.

යුධ අපරාධ චෝදනා
යුද්ධය කොහොමටත් සාපරාධීය. එසේම මේ රටට එල්ල වන යුධ අපරාධ චෝදනා යුද්ධයටත් වඩා සාපරාධීය. යුධ අපරාධ චෝදනා යනු ලොව ලොකුම අපරාධකරුවන් අත ඇති දේශපාලන බෝම්බයක් බව අද වන විට බොහෝ දෙනාට අමතක වී තිබේ. සාම සංහිඳියා සළුවෙන් වෙලූ ඒ බෝම්බය සාදරයෙන් රට තුළට වඩම්මාගෙන ඒමට යහපාලකයෝ මේ වන විට කටයුතු කරමින් සිටිති. යහපාලන වෙස් මුහුණ යට ඇති සැබෑ මුහුණ කුමක්දැයි දන්නා අයට මෙය එතරම් අරුමයක් නොවේ.

යුධ අපරාධකරුවෝ
මේ රටේ සිදුවිය හැකි ලොකුම අපරාධය වන්නේ සාමයේ ජයග්‍රහණය වසර කීපයක් ඇතුළත නැවතත් ත්‍රස්තවාදයට පාවා දීමය. රනිල් සහ මෛත්‍රී යුවල ලංකාවේ සිටින ලොකුම යුධ අපරාධකරුවන් දෙදෙනා වන්නේ මේ නිසාය. අප ඉතිහාසයට එක්වීමට නියමිතව තිබුණේ ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධානය පරදවා සාමය දිනා ගත් ජාතියක් ලෙසය. එහෙත් මේ යන ගමන අවසානයේ අප ඉතිහාසයට එක් වනු ඇත්තේ ලෝකයේ කිසි තැනක නොවූ ලෙස, ඉතා කෙටි කලකින්, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පරාජිත ත්‍රස්තවාදය නැවත නඟා සිටවූ අරුම පුදුම ජාතියක් ලෙසය. මේ අන්දමට පෙරට ගියහොත් සැබෑ යුධ අපරාධකරුවන් කවුදැයි හඳුනාගැනීමට වැඩි කාලයක් ගත නොවේ.

රෝහිත භාෂණගේ බාසාව
කලකට පසු රෝහිත භාෂණගේ ලිපියක් කියවීමි. ඔහු එය ලියා ඇත්තේ කවි බව පැවසෙන පොතක පෙරවදනක් ලෙසය. භාෂණ යනු කවි ලිවීමේ මෙන්ම කවි බසින් බාසාව දැමීමේ හැකියාවද ඇත්තෙකි. කවි බස පවා කෙතරම් තක්කඩි හා ව්‍යාජ ලෙස අවභාවිතයේ යෙදවිය හැකිද යන්න වටහා ගැනීමට කැමති අය භාෂණගේ සෙවල වැගිරෙන රචනාවක් දෙකක් කියවා බැලිය යුතුමය. එහෙත් ඔහුගේ අලූත් ලිපිය කවි බස දක්ෂ ලෙස හැසිරවූ එකක්ද නොවේ. එය විහින් දාර්ශනික වෙන්නට දගලන පැටලිලි සහගත රචනාවකි. තාර බර ඉවත් කළ පසු එම ලිපියේ සාරාංශ අදහසට අනුව ලංකාව තුළ එල්ටීටීඊය නැමති සංවිධානයක් තිබී නැත. අහිංසක දෙමළ වැසියන් දස දහස් ගණනක් කුඩා බිම් කඩකට කොටු කර හමුදාව ඔවුන්ට සිත් සේ පහර දී ඇත. ඒ නිසා හිට්ලර්ගේ යුදෙව් සංහාරයටත් වඩා බියකරු මේ සියවසේ ලොකුම වර්ග සංහාරය සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේය. මෙය කියවාගෙන යාමේදී මා වැනි ජාතිවාදියෙකුට බලවත් කණගාටුවක් ඇති වන්නේ, මේ සා මිලේච්ඡ සංහාරයක් සිදු කළ ශ්‍රී ලංකා හමුදාව රෝහිත භාෂණ වැනි අහිංසක දෙමළ ජාතිකයෙක් නිරුපද්‍රිතව ඉතුරු කර තිබීම ගැනය.

ජනාධිපති තාත්තා
පුතුන් කෙරේ ඇති අසීමිත ආදරය බොහෝ ජනාධිපති තාත්තලාගේ විනාශයට හේතුවෙයි. මහින්ද රාජපක්ෂ පරාජයේ සෑහෙන වැඩ කොටසක් නොමිලේම ඉටුකර දෙන ලද්දේද ඔහුගේම පින්මද පුත්‍රයන් විසිනි. කෙසේ වුවද නාමල් රාජ්‍ය කටයුතුවලට මැදිහත් වූයේ ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ලෙසය. නමුත් සිරිසේන නිව්යෝක් සමුළුවට රැගෙන ගිය පුද්ගලයා නිකම්ම නිකම් ලපටි පුතෙකු මිස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් නොවේ. මෛත්‍රී, මහින්දටත් වඩා තම පුතාට ආදරය කරන බව එයින් තහවුරු වෙයි.

ඉසුරු ප්‍රසංග

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions