අප ජීවත්වන සමාජයේ විවිද ආකාරයේ දක්ෂතා ඇති පුද්ගලයෝ වෙසෙති. සමාජය විසින් දක්ෂතා යයි පනවාගත් (සම්මත කරගෙන ඇති) දක්ෂතාවලට අමතරව වෙනත් දක්ෂතා ඇති අයද වෙයි. නමුත් එම දක්ෂතා සමාජය විසින් දක්ෂතාවක් ලෙස හඳුනාගෙන නැති බැවින් ඔවුන් සමාජයට අනුව අදක්ෂයන් වෙයි.
කෙසේ නමුත් සමාජයට අනුව දක්ෂයෙක් වීමටනම් සපුරාලියයුතු අවශ්‍යතා කිහිපයක්වේ. උපාධියක්/පශ්චාත් උපාධියක් හෝ සමාජය විසින් පිළිගනු ලබන වෘත්තීය සුදුසුකම් තිබීම, විටින් විට අලුත් වන්නා වූ නිෂ්පාදන හෝ ක්රිියාවලි පිලිබඳ කුමන හෝ ආයතනයකින් සහතික ලබා තිබීම, මුලික අවශ්‍යතා වන අතර ඊට අමතරව දක්ෂතායැයි සමාජය විසින් පිළිගනු ලබන යම්කිසි ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා තිබීමද අවශ්‍යය වේ.
අප දන්නා කල පටන් පැවතගෙන ආ මෙවැනි සුදුසුකම් වලට අමතරව මෑත කාලයේදී අලුත් සුදුසුකම් රාශියක්ද අප ජිවත්වන නුතන සමාජය විසින්ම හඳුන්වා දී ඇත,
1. තමාට ඉහලින් ලැබෙන විධි විධාන කිසිසේත්ම ප්‍රශ්න නොකලද තමාට පහලින් සිටින අය කරන කියන දෑ දැඩි කුතුහලයකින් යුතුව විමර්ශනාත්මකව බැලීම.
2. අවශ්‍යයතාවයක් ඇතත් නැතත් තමන්ගේ වැඩට අමතරව අනුන්ගේ වැඩ පිළිබඳව සොයා බැලීම සහ එමගින් ඇතිවිය හැකි විවිද තත්වයන් පිළිබඳව ආයතනයේ ඉහල නිළදාරින් දැනුවත් කිරීම (මෙය risk highlight කිරීම ලෙස හැඳින්වෙන අතර අපගේ අදහස වන්නේ එය කලයුත්තේ එම අදාළ ක්‍රියාව බාර සේවකයා විසින් මිසක වෙනකෙකු විසින් නොවන බවය)
3. බොහෝ අවස්ථා වලදී අනෙක් අය කරන වැඩකටයුතු පිළිබඳව තමා සැලකිල්ලක් දක්වන බව පෙන්වීම සඳහා අනවශ්‍ය පරිදි ස්තුති කිරීම්, අගය කිරීම් ආදිය සිදුකිරීම.
4. තමා කරන රැකියාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවී වැඩ කිරීම (මෙය එක්තරා දුරකට අප සියලු දෙනා විසින් කලයුතු වන අතර මෙමගින් අප කියන්නට බලාපොරොත්තු වනුයේ පසුව කළහැකි දේ පවා අනවශ්‍ය පරිදි වේලාසනින් කරමින් සහ අනුන් ලවා කරවමින් ආයතන ප්‍රධානින්ව සතුටු කිරීමට උත්සහ කිරීමයි. මෙවැනි ක්‍රියා ඔවුන් විසින් dedicated, committed සහ තවත් විවිද අලංකාර සහිතව හඳුන්වනු ලබනු අතර, බොහොමයක් තරුණ ශ්‍රමිකයන් මුලදී මෙවැනි දේට රැවටෙන අතර පසුව ඔවුන් එහි නිෂ්පලබාවය තේරුම් ගනී.
ඇත්ත වශයෙන්ම කිවහොත් ඉහත සඳහන් කරන ලද මෙවැනි දේ සුදුසුකම් ලෙස සැලකීමට සහ එවැනි දේ ඉහලින් පිළිගැනීමට අපව පොළඹවා ඇත්තේ අප විසින්ම වරදවා වටහාගනු ලැබූ බටහිර චින්තනය විසින් වන අතර, අප මෙවැනි දේ කරමින් දියුණු වීමට තතනත්දී දියුණුයැයි සම්මත බටහිර රටවල් බොහොමයක් විසින් සේවා කාලය, කලයුතු වැඩ ප්‍රමාණය වැනි දේ අඩු කරමින් සේවකයන්ට පහසුවත්, නිදහස්ව සිතීමට අවශ්‍ය අවකාශයත් සලසා දීමට වැඩි නැඹුරුවක් දක්වති.
එමගින් ඔවුන් තව තවත් නව නිර්මාණ මෙන්ම ඔවුන්ගේ චින්තනයද වැඩි දියුණු කරගනිති.
සරලව කිවහොත් අප කරනුයේ එසේ ඔවුන් විසින් ඔවුන්ගේ නිදහස් චින්තනයෙන් (ඔවුන් දෙවියන් වහන්සේගෙන් ස්වායක්ත නොවුනද ඒ දක්වා ඔවුන්ගේ චින්තනය නිදහස් වේ, එනමුත් සියලු දෙයින් නිදහස්ව සිතීමේ සංස්කෘතියක් උරුමව ඇති අප තවමත් බටහිර චින්තනයෙන් නිදහස් නැත.) කරනු ලැබූ පරීක්ෂණ, නව සොයාගැනීම්, නැවත නැවත බාවිතා කිරීම විනා වෙන කිසිවක් නොවේ.
ඉහත කරුණු සියල්ලම ඒ අයුරින් පිළිපදිනු ලබන අය "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" යනුවෙන් corporate සමාජය විසින් පිළිගනු ලබන අතර එසේ නොකරන අය "නිකං සාමාන්යඩ රිසොර්සස්" වේ.
මේ "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" තමා ලබාගෙන ඇති "උගත්, බුද්ධිමත් සහ ටැලන්ටඩ්" යන විශේෂණ විනාස වී නොදී රැකගැනීම සඳහා පහත කරුණ පිළිබඳව සැලකිලිමත් වියයුතු වේ,
තමාට "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්ස්" එකක් වීමට ඉඩ දී උපේක්ෂාවෙන් බලාහිඳිනා "නිකං සාමාන්‍ය රිසොර්සස්" වලට තම හැකි උපරිමයෙන් සැලකීම ඔවුන් විසින් කල යුතු අතර ඊට අමතරව "නිකං සාමාන්‍ය රිසොර්සස්" අපහසුතාවයට පත් නොකර පාඩුවේ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දිය යුතුය. මන්දයත් නිකමට හෝ මෙම "නිකං සාමාන්‍ය රිසොර්සස්" වලටද "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්ස්" එකක් වීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් එසේ වීමට උත්සහ කරනු ඇත, එවිට "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වීමට ඇති තරඟය වඩාත් තියුණු වනු ඇති අතර එමගින් ජය ලැබීමේ සම්බාවිතාව පෙරට වඩා අඩුවනු ඇත, එපමණක් නොව "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වැඩි වුවහොත් "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වලට ඇති ඉල්ලුම අඩුවනු ඇත.
ඒක නිසා බලාගෙන "නිකං සාමාන්‍ය රිසොර්සස්" අවුස්සගන්න එපා.
-යොහාන් නාලක විජේනායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .