10/18/2015

නෙවි පිල්ලේගේ ඡායාරූපයක් දෙමුහුම් අධිකරණයේ එල්ලා තැබිය යුතුමය!

කතෘ:යුතුකම     10/18/2015   1 comment

~ ආචාර්‍ය චමිල ලියනගේ ~
සිංහලයන්ට ඇත්ත යුත්ත තේරෙන්නට සියවසක්වත් යා යුතුය. ඊට පසුවද කරන්නේ ඛේදවාචක රසවිඳීමම පමණි. කෙසේ වෙතත් ජාතියේ ස්වෛරීත්වය අනතුරේ හෙලන විජාතික අධිරාජ්‍යවාදී සැලසුම් වල සුළමුළ හෙලිදරව් කිරීම පරම යුතුකමකි. මෙබඳු කතිකාවන් හා හෙලිදරව් කිරීම් මෙරට සාමාන්‍ය ජනී ජනයා අතරට පවා යායුතු බව, අප විශ්වාස කරමු. අධිරාජ්‍යවාදී පිල්ලිවලට ඔත්තු ලබාදෙන, චරපුරුෂ ඵන්.ජී.ඕ. නජයේ ගොදුරු බවට පත්ව ඵ් මතවාද සමග පාවෙන, ජාතියක්,ජම්මයක්,අම්මෙක්,අප්පෙක්,රටක් නොහඳුනන පිරිසක් මෙරට මහ ජනතාව, විශේෂයෙන් සිංහල ජාතිය හා සෙසු දේශප්‍රේමී ජන වර්ග පත්වීමෙන් මුදවා ගැනීමේ ශුද්ධ වූ අවශ්‍යතාවය ඊට ඵක් හේතුවකි. ඵසේම මානව හිමිකම් හෝ වෙනත් ඊනියා ගෝලීය තේමා පදනම් කරගත් අධිරාජ්‍යවාදී මෙහෙයුම් අස්සේ තම දේශපාලන තුරුම්පු කොළ සොයන අවස්ථාවාදී දේශපාලකයන්ගේ විග්‍රහයන්ගෙන් ඵ් ජනී ජනයා නොමග යෑමට ඇති ඉඩකඩද අසුරාලිය යුතුය. තේරුම් ගන්නා කිහිප දෙනා වෙනුවෙන් හෝ එසේ කළ යුතුය.

බොහෝ කාලයක් මෙරට විවිධ පුද්ගලයින්, කණ්ඩායම් අතර නොයෙක් මතවාදයන්ට ලක්වෙමින් පැවති, ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වූ නවනිදන් පිල්ලෙයි නොහොත් නවි පිල්ලෙයි මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය 2013 අගෝස්තුවේ අග සිදුකෙරිනි. ශ්‍රී ලංකාව පිළිබඳ සිය නිරීක්ෂණ එම සැප්තැම්බර් මස අගදී මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට වාචිකවත්, 2014 මාර්තුවේදී සම්පූර්ණ ලිඛිත වාර්තාවක් ලෙසත් නවි පිල්ලෙයි ඉදිරිපත් කළාය. බෙදුම්වාදයේ සන්නද්ධ අංශය වූ ඵල් ටී ටී ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුල මිය ගියද, තවම නොමළ, බෙදුම්වාදයේ දේශීය හා ජාත්‍යන්තර කල්ලි කණ්ඩායම් විසින් හා ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂත්, මෙරට ක්‍රියාත්මක බහුතර රාජ්‍ය නොවන සංවිධාන හෙවත් ඵන්.ජී.ඕ. ප්‍රජාව විසිනුත් “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්“ මන්තරය මතුරා පිල්ලේ නෝනා පරළ කරවනු ලැබිණි.

1987 – 1990 වනවානුවේ මෙරට තරුණ ජීවිත 66000 කට වැඩි ප්‍රමාණයක්ද භික්ෂුන් වහන්සේලා 664 නමක්ද අමුඅමුවේ මරා පාරවග් දෙපස පුළුස්සද්දී ඵවකට සිටි ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා “මහමෙරක් සේ නිසලව“ සිටියද, පිල්ලේ නෝනා පරලවී ජිනීවා නුවර සිට අඛණ්ඩව ආඩපාලි කීවාය. නවි පිල්ලෙයිට ඵරෙහිව මෙරට විවිධ පාර්ශව අවි අමෝරන්නට පටන් ගත්හ. තත්වය මෙසේ පවතිද්දී, 2011 අප්‍රිෙයල් තරම් ඈතකදී ඇයට මෙහි පැමිණ සියැසින් තත්වය විමසා බලන ලෙස ආරාධනා කිරීමට තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ඵඩිතර වීම ගැන අපි රජයට ප්‍රශංසා කරමු. එහෙත් එය එක්තරා රාජ්‍යතාන්ත්‍රික මෝඩ කමක් බව අපේ අදහසයි.

ඒ කෙසේ වෙතත් නවි පිල්ලෙයිගේ සංචාරයට ඵරෙහිව වීදි බැසීම්ද, දේශපාලන උසුළු විසුළුද,ඇය මුණගැසී සාකච්ඡා කිරීම සඳහා ගලා ආ සිය දහස් ගණන් ආරාධනාද ඇයට අත්විඳීමට සිදුවිය. නවි පිල්ලෙයිට ලබා දී තිබූ අනවශ්‍ය වටිනාකම මත හුඹස් බියකින් භ්‍රාන්ත වූ ඇතැම් පිරිස් මෙන්, පිල්ලෙයිගේ සංචාරය යන “ඵලයට“ අහේතුවාදීව විරුද්ධ වෙනු වෙනුවට, ශ්‍රී ලංකාව තුල නිල සංචාරයේ නිරත වෙද්දී ගම්‍යමාන වූ ඇයගේ භාවිතාවන් චාරිකාව අවසන නවි පිල්ලෙයි පැවැත්වූ පුවත්පත් සාක්ච්ඡාවත්, නිකුත් කළ නිවේදනයත් සියුම්ව පරීක්ෂා කරද්දී ඉස්මතුවී පෙනෙන, අප මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් අතිෂය වැදගත් කරුණු තුළ, තවත් කිහිප දිනකින් සුභ මොහොතින් (සර්වාගමික වතාවත් මැද) විවෘත කෙරෙන දෙමුහුම් අධිකරණය ගැන සනිටුහන් වූ ඉඟි හිපයක් අවධාරණය කිරීම මෙම ලියමනෙහි අරමුණ වන්නේය.

දෙමළ බෙදුම්වාදය කලින් කලට සිය මිලිටරිමය හෝ දේශපාලන ක්‍රමෝපාය සඳහා ගෝලීය අධිරාජ්‍යවාදයේ ඊනියා මානුෂවාදී පිල්ලි භාවිතා කළ හා කරන බව නොරහසක් නොවේ. මිලිටරිමය උත්සහය විසින් බෙදුම්වාදය ගෙනඵනු ලැබුවා වූ ස්ථානයේ සිට අවසාන ඉලක්කය දක්වා යෑමට බෙදුම්වාදය “ දේශපාලන අවි රැස් කිරීමේ මෙහෙයුමක“ නිරතව හා ඵ් සඳහා ජාතික හා ජාත්‍යන්තර බලමුළු ඵ්කරාශි කරමින් සිටින බව අපි යලිත් වගකීමෙන් දැඩිව ප්‍රකාශ කරන්නෙමු. සිය සංචාරයේ ඇතැම් “ජවනිකා“ වලින් ආවරණය කරගැනීමට උත්සහ කළද, තමා විසින් යුක්ති යුක්ත කිරීමට උත්සහ දරනු ලබන බෙදුම්වාදී දේශපාලන න්‍යාය පත්‍රයේ අරමුණු සාර්ථකව සඟවා ගැනීමට නවි පිල්ලෙයි අසමත් වූ බව අපගේ අදහසයි. බොහෝ අවස්ථාවලදී “බළලා මල්ලෙන් ඵලියට පැන්නේය“. මෙම සංචාරය පුරා නවි පිල්ලෙයිලේ භාවිතාවේ කැපී පෙනුණු මතභේදාත්මක සිදුවීම් කිහිපයක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. යුද්ධයේදී, විපතට පත්වූවන් පිළිබඳ සොයා බලන්නට ඇය උතුරට පමණක් යෑම යුද්ධය ලාංකීය භූමිය පුරා ඇතිකළ කම්පනය හා විනාශය සම්බන්ධයෙන් ඇය තුළ ඇති ඊනියා සංවේදීතාව අසමබර බව ඔප්පු කළේය. අප දකින්නේ අද බෙදුම්වාදයේ දේශපාලනික බලමුළුවලට අවශ්‍ය පරිදිම, පිල්ලේ විසින්, අවසන් වූ බෙදුම්වාදී යුද්ධයට, මානව භුගෝලීය අර්ථකථනයක් සැපයීම කළ බවය. ඵය වසන් කිරීමට වැලිකඩ, රතුපස්වල වැනි සිද්ධීන් යොදාගැනීමේ නිශ්ඵල නෑයමක ඇය නිරත වූවාය.

අතුරුදන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානය අවධාරණය කළ වැදගත් කරුණක්, ඵනම් “ඵල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා විපතට පත්වූවන් වෙනුවෙන් තවමත් ජීවතුන් අතර සිටින ඵල් ටී ටී ඊ නායකයන්ට ඵරෙහිව පියවර ගත යුතුය“ යන ප්‍රකාශය සිය නිරීක්ෂණ ගොන්නට ඇතුලත් කර නොගත් නවි පිල්ලෙයි කොළඹදී කළ තම “ප්‍රකාශය” අරඹන්නේ “ඵඩිතර” කතා දෙකකිනි. ඵකක් ඵල් ටී ටී ඊ සංවිධානය “මිනීමරු සංවිධානයක්” යැයි කීමය. අනික “තමා ඵල් ටී ටී ඊ නියෝජිතවරයෙක් නොවේ“ යැයි කීමය. මෙම “මැදහත් මතධාරීත්ව රංගනය” පිල්ලේගේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අදහන හා අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බොහෝ ජන මාධ්‍යවලට ප්‍රධාන සිරස්තලයක් සපයා තිබිණි. ඵහෙත් ශ්‍රී ලංකාවේ ඵක්සත් ජාතීන්ගේ නේවාසික නිත්‍ය නියෝජිත පවා නොදන්නා පරිදි වෙල්ලාමුල්ලි වෛක්කාල්හිදී, ඵනම් ඵල් ටී ටී ඊ නායකයා මියගිය ස්ථානයේදී යුද්ධයෙන් මරණයට පත්වූවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීමට සැළසුම් කර තිබීමත්, ඵම අවස්ථාව ආවරණය කිරීමට ජාත්‍යන්තර රෑපවාහිනී නාලිකා තුනකට ආරාධනා කර තිබීමත් කියා පෑවේ කුමක්ද? නවි පිල්ලෙයි මෙහි ඵන්නේ කල්යල් බලා බව හා රජය හැර ඇය හා තවත් පාර්ශවයක් විසින් තීන්දු කළ සැලසුමකට අනුව බව පැහැදිලිව පෙනෙන අවස්ථාවක් වන්නේ “බලහත්කාරයෙන් කළ අතුරුදන් කරවීම් වල වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය” සැමරූ ආකාරයෙනි. තම කාර්යයට බාධාවක් බැවින් මෙරට රූපවාහිනී සහ සෙසු මාධ්‍ය ආයතන තමා පසුපස නොආයුතු බව දැනුම් දී තිබිණි. මාධ්‍ය නිදහස හා වාරණය පිළිබඳ නිතර “පාරට බහින” කොළඹ “ හිවල් සමාජය” මේ අවුඅස්සේ සිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

චැනල් ෆෝ පන්නයේ “සාක්ෂි“ වලින් කුල්මත්ව මෙරට ත්‍රිවිධ හමුදාව ඵල්ලුම්ගස් අරින්නට මාන බලා සිටින බොහෝ ජාත්‍යන්තර මානුෂවාදීන් මෙරට මානව හිමිකම් කඩවීම ගැන කවදත් නගන අඳෝනාවට වඩා අලුත් යමක් නවි පිල්ලෙයි කීවේ නැත. හඬ ඇගේ වුවද ඇය කියවූයේ මෙරට චරපුරුෂ ඵන්.ජී.ඕ. නඩයේ වාර්තා තොගයකි. ස්වෛරී රාජ්‍යයක නිල සංචාරයක නිරතවන ජගත් සංවිධාන කොමසාරිස්වරියගේ සීමාවට නොසරිලන ඇතැම් දේශපාලන අදහස් උදහස් දැක්වීමට ඇය උත්සුක වීමෙන් පෙනී යන්නේ මෙරට ඇතැම් දේශපාලන පක්ෂවල අවාසනාවන්ත දෛවය සම්බන්ධයෙන්ද ඇගේ සානුකම්පාව හිමිවී ඔවුන්ගේ දුක් ගී වලටද ඇහුම්කන් දී ඇති බවයි.

ඵල් ටී ටී ඊ සංවිධානයට වීරත්වය ආරෝපණය නොකරන්නැයි පවි පිල්ලෙයි දෙමළ ඩයස්පෝරාවට මතක් කරයි. “ දේශපාලන අරගලයකින් ඊලම දිනාගමු” යන කරුණ ඇය වක්‍රෝත්තියෙන් අවධාරණය කළේ තම සහය ඊට හිමිවන බව ඉඟි කරමිනි. ඇය උතුරේදී මුණ ගැසුනේ “ දහතුනට ඵහා ගිය යමක්” ඉල්ලන විග්නේශ්වරන් හා “ආයුධ අතට ගතහොත් ෆෙඩරල් වලින් ඵහාට ගිය ජයක් ලැබිය හැකි“ යැයි කියන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්ගෙන් සමන්විත ද්‍රවිඩ ජාතික සංවිධානයත් ඵක්සත් ජාතික පක්ෂයත් ය. ඵමගින් යෝජිත පළාත් සභා මැතිවරණ අභිමුවෙහි උතුරේ අහිංසක දෙමළ ජන මතයට බෙදුම්වාදී ද්‍රවිඩ ජාතික සංවිධානය පිළිබඳ මතවාදී බලපෑමක් ඵකතු කෙරිණි. අප සියලු දෙනා දන්නා පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඇති ප්‍රබල අවදානම් සහගත තත්වයක් වන්නේ ප්‍රතිපක්ෂ පළාත් සභාවක් මධ්‍යම රජය සමග කිසියම් කරුණක් පිළිබඳ ඇතිවන නොහොඳ නෝක්කාඩුවකදී බාහිර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකට ඇති ඉඩකඩයි. නවි පිල්ලෙයි එදා රඟදැක්වූවේ ඵහි පෙරහුරුවකි.

නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩියක් ඔසවා ඇත්තේ ඇයිදැයි යනුවෙන්ද නවි පිල්ලෙයි ප්‍රශ්න කළාය. ඇත්තෙන්ම ඵම ධජය ඔසවා තුබුනේ ඊට යාබද ගොඩනැගිල්ලේය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, විවිධ සමලිංගික කණ්ඩායම් වලට පවා අනන්‍ය වූ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වෙනස් කළයුතු යැයි තරයේ සටන් කිරීමට තරම් සමානාත්මතාව සමබරතාව රකින පිල්ලේට, අති බහුතරය බෞද්ධයන් වූ රටක බෞද්ධ කොඩියක් පිළිබඳ ඇතිවන අර්බුදය බොහෝ දේ සපථ කළේය. අප මහා ඉහලින් විශ්වාස කරන පරිදි මානව හිමිකම් පිළිබඳ ලෝකයේ ඉහලම තනතුර හොබවන්නිය අසන්නේ මෙබඳු අඳබාල ප්‍රශ්න නම්, උන්නැහේලගේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ දිග පළල මෙපමණක් නම්, උන්නැහේලගේ පරිවාර නිලධාරින්ගේ හා අතන මෙතන මානව හිමිකම් කඩ අටවාගෙන ඵදාවේල සරිකරගන්න ඵවුන් ගැන කවර කතාද?

නවි පිල්ලෙයිගේ භාවිතාව තුළ අපි වෛරයක්ද, තර්ජනයක්ද, පණිවුඩයක්ද, න්‍යාය පත්‍රයක්ද දැකගතිමු. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ඇතුලත් කරවන්නට හා ඵම ක්‍රියාකාරී කමිටුව 2014 මාර්තුවට පෙර මෙහි ගොඩබැස්සවීමට ඇයට වුවමනා වී ඇත. මෙබඳු නාටකරූපී සම්මුති, කමිටු, නියෝජිතයින් ඵකා පසුපස ඵකා බැගින් ඵවනු ලැබිණි. මෙම කරුණු පිළිබඳ තියුණු සොයාබැලීම් කිරීමට අප සමත් වූයෙමුද? යට කී තර්ජනයද, න්‍යාය පත්‍රයද ප්‍රතිප්‍රහාර සූදානම් කළෙමුද? නැත!! අවසන පිල්ලේ හුසේන් කුමාරයා ලවා කඩුවත් දංගෙඩියත් ඵවා ඇත. ඒ අපේ ලෝකල් වධයකු ලවා ගෙල සිඳ ගැනීමටය. ඇගේ පින්තූරයක් දෙමුහුම් අධිකරණයේ එල්ලා තැබිය යුතුම වන්නේ එහෙයිනි!

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඉන්දු ආර්ය භාෂා කථාකරන, උතුරු ඉන්දියාවේ සිට පැමිණි සුළු පිරිසක් සමග දේෂීය ගෝත්‍රික ජනතාව මිශ්‍රවීමෙන් වර්ථමාන සිංහල ජනතාව බිහිවී තිබේ. ප්‍රමානාත්මකව සුළු පිරිසක් වුවත්, තම සංස්කෘතිය සහ භාෂාවේ ආධිපත්‍ය, එකල මහජාතිය වූ ගෝත්‍රිකයන් මත පැටවීමට සුළුතර ආර්යන් සමත්විය. ප්‍රබල සුළුතරයක් සහ දුබල බහුතරයක් එක්වීමෙන් නව සංස්කෘතියක් හෝ ශිෂ්ඨාචාරයක් බිහිවීමේ ක්‍රියාවලිය "විශිෂ්ටයන්ගේ ආධිපත්‍යය(elite dominance)" යනුවෙන් හැඳින්වේ. යම් ජනකොටසක් තම ගම් බිම් හැරදමා වෙනත් ප්‍රදේෂවලට සංක්‍රමණයවී නව ජනාවාස හෝ ශිෂ්ඨාචරයක් බිහිකිරීමට අදාල ක්‍රියාවලිය "සමූහ සංක්‍රමණ (mass migration)" ලෙස හැඳින්වේ. උතුරු හෝ දකුණු ඉන්දියාවේ සිට සමූහ වශයෙන් ජනතාව සංක්‍රමණයවීමේ ඓතිහාසික හෝ පුරාවිද්‍යා සාධක නොමැති අතර, වර්ථමාන සිංහල ශිෂ්ඨාචාරයේ බිහිවීම, ප්‍රබල ආර්යයන් සහ දුබල ගෝත්‍රිකයින් මුසුවීමෙන් හෙවත් "විශිෂ්ටයන්ගේ ආධිපත්‍ය" සංසිද්ධියෙන් ඇතිවූ බව බොහෝ ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි.

    මෙසේ ඇතිවූ "හයිබ්‍රිඩ් ජාතිය" ආර්ය භාෂවක්" කථාකලත්, ආර්ය සංකෘතියේ ආභාෂය ලැබූවත්, බොහෝ චර්යාවන්තවමත් ගෝත්‍රික ගතිලක්ෂණ වලට නෑකම් කියයි. ගෝත්‍රික සමාජයක රට හෝ ජාතිය යන සංකල්ප නොමැති අතර, ගෝත්‍රිකයාගේ වපසරිය තම "දඩ බිම්"වලින් එපිටට නොයයි. රට හෝ ජාතිය, ගෝත්‍රිකයාගේ දර්ශන පථයට හසුනොවන තරම් විශාල ඒකක වන අතර, තම පවුල් ඒකකය, කණ්ඩායම හෝ දඩබිම් ගෝත්‍රිකයාගේ ලෝකයවේ. වර්ථමාන සමාජයේ සමහරුන්, රටට වඩා තම දේශපාලන පක්ෂයට ඇළුම්කිරීම හෝ තම ආයතනයට වඩා, තම වෘතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිම යන චර්යාවන් අතීත ගෝත්‍රික උරුමයන් බව නිගමනය කල හැක.

    ගෝත්‍රිකයින් වසර දස දහස් ගනනක්, කිසිදු බාහිර ආක්‍රමණවලින් තොරව සැනසිල්ලේ ජීවත්වී තිබේ. ලංකාවේ ඉපැරණි ජනාවාස වසර ලක්ෂයක පමණ ඈතට දිවයන අතර, පළමු බාහිර ආක්‍රමණයට (ආර්යන්ගේ පැමිණීම) යන්තම් වසර 2,500කි. එතෙක්, ඔවුන් කිසිදු බාහිර බලපැමකින් තොරව සාමකාමීව වාසය කර තිබේ. ඒ හේතුව නිසාම ගෝත්‍රිකයින්ට බාහිර ආක්‍රමණ පිළිබඳ ඇත්තේ "කිසි දිනක සිදු නොවනදෙයක්" යන හැඟීමකි. වර්ථමානයේ ඇමරිකාවෙන් හෝ බටහිර ජාතීන්ගෙන් හෝ දෙමල බෙදුම්වාදීන්ගෙන් එල්ලවෙන බලපෑම් පිළිබඳ කොතෙක් දැනුවත්කිරීම් කලත්, ඒවා පිළිගැනීමටහෝ අවබෝධකර ගැනීමට සිංහලයා අසමත්වී තිබේ. අද "ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ" යන්න උපහාසාත්මක යෙදුමක් බවට පත්වී තිබේ.

    ඉහත දැක්වූ හේතු නිසාම ගෝත්‍රිකයින්, ඉතා පහසුවෙන්ම භාහිර ආක්‍රමණවලට ගොදුරුවේ. මේ සම්බන්ධයෙන් අතීතයෙන් බොහෝ උදාහරණ පෙන්වාදිය හැකිය. ශ්‍රී ලංකාවට ගොඩ බට විජය ඇතුළු පිරිසට, ඉතා පහසුවෙන්ම දේශීය ගෝත්‍රිකයින් මර්ධනය කර භූමියේ බලය අත්පත් කිරීමට හැකිවිය. ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් ගෝත්‍රිකයින් ඉතා පහසුවෙන් පලවාහැර සහ ඝාතනය කර, එහි බලය ඇල්ලීමට බ්‍රිතාන්‍ය සංක්‍රමණිකයින්ට හැකිවිය. ඇමරිකාවට පැමිණි යුරෝපීය සංක්‍රමණිකයින්, මිලියන 10ක් පමණ රතු ඉන්දියානු ගෝත්‍රිකයින් ඝාතනය කර (හිට්ලර් ඝාතනයකලේ යුදෙව්වන් මිලියන 7ක් පමණි) බලය පැතිරවීමට සමත්විය.

    ගෝත්‍රිකයින්ගේ මෙම චර්යාවේ තවත් දිගුවක් නම්, බාහිර ආක්‍රමණිකයින් කෙරෙහි ඇති විරෝධයට වඩා අභ්‍යන්තර විරුද්ධවාදීන් මැඩලීමට ක්‍රියා කරීමයි. කුවේනිය තම මාමාවරුන් මරාදමා බලය පැහර ගැනීමට විජයට උදව් කිරීමත්, උඩරට රදලයින් විසින් සිය රජු ඉංග්‍රීසීන්ට පාවාදීමත්, වර්ථමාන "යහපාලන" රජයේ සහ එය බලයට පත්කිරීමට ක්‍රියාකල පිරිස්වල ක්‍රියාකාරකමුත්, සරල උදාහරණලෙස දැක්විය හැක. ජාතික ආරක්ෂාව හෝ රටේ ස්වයිරීභාවයට පැමිණෙන හානිය ගැන නොතකා, වංචා දූෂණ අවම කිරීම හෝ යහපාලනය ඇතිකිරීම වැනි කාරණාවලට මුල්තැනදීමත්, භාහිර සතුරන්ගේ උපකාරයෙන් තම දේෂපාලන ප්‍රතිවාදීන් මර්ධනයට පියවර ගැනීමත්, මෙම ගෝත්‍රික උරුමය නිසා ප්‍රකට කරන චර්යාවන්ය. ඊට අමතරව, අප සමාජයේ බුද්ධි ඵලය (IQ) ඉතාම අඩු මට්ටමක පැවතීමද මෙයට හේතුවූවායැයි සිතිතිය හැකිය. ශ්‍රී ලාංකිකයින්ගේ (සිංහලයින්ගේ) බුද්ධි ඵලය 79ක් පමණවන අතර ඒය දකුණු ආසියානු කලාපයේ, ඉතාම අඩුම අගයකි. අපට පි‍ටුපසින් සිටින්නේ නේපාලය පමණයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත ලින්ක් මගින් දැනගත් හැකිය.
    https://www.facebook.com/anuruddha.kariyawasam/media_set?set=a.10207660678622843.1073741830.1468189191&type=3

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions