10/14/2015

1815 උඩරට ගිවිසුමේ ද්‍රෝහීනුත් කියාවි 'අපි රට සුද්දගෙන් බේරගත්ත' කියල - ගෙවිඳු කුමාරතුංග [Video]

කතෘ:යුතුකම     10/14/2015   1 comment

ජිනීවාහිදී බටහිරයන් හමුවේ දීනව දණගසා රට ඉතිහාසයේ අඳුරුතම අගාධයට ඇද දැමූ ද්‍රෝහී හවුල් ආණ්ඩුව 'අපි රට අධිරාජ්‍යවාදීන්ගෙන් බේරගත්තා' යැයි රට පුරා කටවුට් ගසමින් සිදුකරමින් යන බොරු පුරාජේරුව  දුටු විට එදා 1815 උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කළවුන්ද අද සිටියානම්  'අපි රට සුද්දාගෙන් බේරාගත්තා' යැයි කියනු ඇති බව ගෙවිඳු කුමාරතුංග මහතා  පවසයි.

"බිල්ලෝ ඇවිත් -රට වැසියන් බේරාගන්නේ කෙසේද" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වූ  සංවාදශීලි සම්මන්තරකොළණ යේ මුඛ්‍ය දේශනයක් පවත්වමින් ඔහු මේ බව පෙන්වා දුනි..

දිගින් දිගටම 'එක බොරුවක් අවසන් වෙන්නට පෙර තවත් බොරුවක්' ලෙස ව්‍යාජයම තමන්ගේ පැවැත්ම කරගත් අද පාලකයින් "දරුවනි මියයන තෙක් බොරුවක් නොකියව්" කියූ ධර්මපාල තුමාගේ ගුණ සමරු පවත්වන අපූරු කාලයක් බව පෙන්වා දෙන ඔහු  මේ 
ව්‍යාජ  පාලකයින්ගේ ද්‍රෝහී පාවාදීම වැලැක්වීමට හැකි සියලු කැපකිරීමක්ම සිදු කිරීමට පෙරට එන ලෙසද ඇරයුම් කරයි..
 

එම සම්මන්ත්‍රණය අරඹයා යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පළ කළ අදහස්:

එදා නෑ කිව්ව බිල්ලා අද ඇවිත්..

අපි පසුගිය ජනාධිපතිවරණය සමයේ සහ මහ මැතිවරණය සමයේ විවිධ සංවාද වලදි පැහැදිළි කළා රට හමුවේ තියන සැබෑම අභියෝගය මොකක්ද කියන එක. බටහිර රටවල් අපට එරෙහිව ගෙන එන මානව හිමිකම් චෝදනා, යුධ අපරාධ චෝදනා, යුධ හමුදාව පාවා දීම පිළිබඳව අප පැහැදිළි කරන විට අද රට කරවන අපට විරුද්ධවාදීන් කිවුවෙ ඒ සියල්ලම බොරු කියල. ජනතාව රවට්ටන්න අපි බොරු බිල්ලො මවනව කියන එක තමයි ඒ අය කිවුවෙ. නමුත් අද හැමෝටම පැහැදිලියි ඇත්තටම අද වන විට බිල්ලො ඇවිත් කියල.

හවුල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අසාධාරණ ක්‍රියාවලියෙන් බිඳක්...

ජිනීවාහි මානව හිමිකම් කොමි
න් සභාවෙ වාර්ථාවෙ මුළින්ම තියන දෙයක් තමයි මේ රජය බලයට පත් වූ පසුව පවත්වපු මහ මැතිවරණය සාධාරන සහ අපක්ෂපාතීය කියන කාරණය. නමුත් අපි දන්නව මෛත්‍රීපාල සිරිසේන මහත්මය ඡන්දෙට ඉස්සෙල්ල පැවසුවෙ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා ලෙසි සිටිනව. එය නිවැරදි තීරණයක්. නමුත් මම මැතිවරණයේදී අපක්ෂපාතීව සිටිනව කියල. මේ ප්‍රකාෂය සාධාරනද? ශ්‍රීලනිපයෙ සහ සන්ධානයෙ නායකත්වය භාරගෙන මැතිවරණයකදි කොහොමද මැදිහත්ව ඉන්නෙ. නිවැරදිවනම් කිව යුතුව තිබුනෙ මැතිවරණයේදී මැදිහත්ව සිටිය යුතු නිසා මම පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනව කියල නේද? උදාහරනෙකක් විදිහට ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ නායකය තරඟයක් අවස්ථාවක පිට්ටනිය මැද්දට ගිහින් කිවුවොත් මම මේ තරඟෙදි මැදහත්ව ඉන්නව කියල, ඒ තරඟය තව දුරටත් සාධාරන තරඟයක් වෙනවද? තරඟයට සහභාගී වීමට නොහැකිනම් ඔහු තම නායක්ත්වයෙන් ඉවත් විය යුතුයි. දේශපාලනයෙදිත් මැතිවරණයක් අවස්ථාවක තමන්ගෙ පක්ෂය ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙද්දි ඒ ව්‍යාපාරයට නායකත්වය දෙන්න ඔහුට හැකියාවක් නොමැතිනම් ඔහු කළ යුත්තේ එතැනින් ඉවත් වීම. එහෙම වුනොත් පමනයි එය සාධාරන වෙන්නෙ. ඒ වගෙම මැතිවරණය ආසන්නයෙදිම ප්‍රධාන විපක්ෂයේ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙකම්වරු ඉවත් කරල එය මැතිවරණ ප්‍රචාරණයේදී වැරදි විදිහට යොදාගත්ත. මෙ සියල්ලෙන්ම පැහැදිලියි මෙය කිසි සේත් සාධාන යුක්තිගරුක මැතිවරණයක් නොවන බව.



 

ඊලඟට අපි ගත්තොත් සන්ධානෙ ජාතික ලැයිස්තුව. මේ සන්ධනයේ ජාතික ලැයිස්තුව පිළිබඳව තියෙන්නෙ නීත්‍යානුකූලබව පිළිබඳ ප්‍රශ්නයකට වටා ජනතාවට සර්වජන ඡන්ද බලයේ උරුමය තියනවද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක්. සන්ධානේ බොහෝ ප්‍රදේශවල නායකයන් පරාජයට පත් වුනා. ඒ කියන්නෙ ඒ අයව ජනතාව ප්‍රතික්ෂේප කරල තියනව. ඔවුන්ම ප්‍රකාෂ කරනව යම් යම් කොටස් තමන්ව පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය. ඒ අනුව තමයි ජනතාව තමන්ව පරාජයට පත් කළේ කියල. ඉතින් ඒ ජනතාවගෙ තීරණය පිළිගත යුතු නැද්ද? මොනයම් හෝ පිරිසක් ඔවුන්ව පරාජය කරන ලෙස ඉල්ලුවනම්, ඒ ඉල්ලීම ජනතාව පිළිගත්තනම්, ඒ ජනතා මතයට හිස නැමිය යුතු නැද්ද? ජනතාව තමන් විසින් තෝරා පරාජය කරපු අයව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කරනවනම්, ඒකෙන් සිදුවෙන්නෙ වසර 50කටත් වඩා කාලයක් මේ රටේ තිබුනු සර්වජන ඡන්ද බලය අහෝසි වී යාමක්. ඒ සර්වජන ඡන්ද බලය සම්පූර්ණ විහිළුවක් බවට පත් කරල තියෙන්නෙ.

ඊලඟට විපක්ෂය සහ විපක්ෂ නායකකම. අපි දන්නව ජනවාරි 8 වැනිද ඔවුන් ජනතාවගෙන් වරමක් ඉල්ලුව යම් වෙනසක් වෙනුවෙන්. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වූ පිරිස තමයි ජනවාරි 8න් පසුව ජාතික විධායක සභාව හැටියට ක්‍රියා කලේ. මොනම ව්‍යවස්ථා ප්‍රතිපාදනයක්වත් නැතුව ඔවුන් ඒ තුළ ඉඳගෙන රට පාලනය කළා. ඒ තුළ හිටිය ජනතා විමුක්ති පෙරමුණ වගෙම දෙමළ ජාතික සන්ධානය.

මහ මැතිවරණේදි රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දෙ ඉල්ලුවෙ ඒ වෙනස ඉදිරියට ගෙන යාම සඳහා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ඊට එරෙහිව ඡන්දෙ ඉල්ලුවෙ. ඒ අනුව අපි පිළිගන්නව මේ වෙනස වෙනුවෙන් ජනවාරි 8 වෙනිද පෙනි සිටපු පිරිසට ජන මතය අනුව ආණ්ඩු කිරීමේ අයිතිය තියනව කියල. හැබැයි මේ එකම පිළේ කොටසකට එජාපය සමඟ එක්ව ආණ්ඩුව කරන්නයි එහිම අනික් කොටස වෙච්ච දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට බලහත්කාරයෙන් විපක්ෂය කොල්ලකන්න අයිතියක් නෑ. විවිධ බලපෑම් හරහා, මන්ත්‍රීවරු යටපත් කරල, විධායක බලතල හරහා මන්ත්‍රීවරුන්ව පාලනය කරමින් මේ රටේ 47 ලක්ෂයක ජනමතය පාගා දමන්න ඔවුන් කටයුතු කරනවනම් එතන තියන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද?

දෙමළ ජාතික සන්ධානයට තියෙන්නෙ ලක්ෂ 5යි. ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 5යි. මේ මැතිවරණයෙදි ඡන්ද ලක්ෂ 5ක් අපූරු විදිහට ප්‍රතික්ෂේප වෙලා තියනව. අර ජනවාරි 8 වෙනිද ලැබුනු ඡන්ද ලක්ෂ 58න් ලක්ෂ 10ක් ඡන්දය දීම වැළැක්වීමට මේ නායකත්වය සමත් වෙලා තියනව. මේක පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්. එසේ තිබියදීත් අර පාලක පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමානයට වඩා ඡන්ද දෙලක්ෂ පනස්දහසයි අඩු. ඒ අනුව ජනධිපති ක්‍රමය පිහිටවූ පසු පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රබලම විපක්ෂයට විපක්ෂයේ කටයුතු කිරීමේ අයිතියත් අහිමි කරනවනම් එය කවරාකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද?

මේ ක්‍රියාවලිය සාධාරනීකරනය කිරීමට මේ අය පිහිටෙවුව ව්‍යාජ ජාතික ආණ්ඩුවක්. මෙතෙන්දි මේ සඳහා එකතු වුනේ වැඩිම ආසන ගනනක් ලබාගත් එජාපය සහ සන්ධානයේ යම් කොටසක්. ජනවාරි 8න් පසු ඒ අය සැළසුම් කළේ මේ දෙයම තමයි. සෝභිත හාමුදුරුවො සුදු මල් වට්ටියක් කියපු 19 වැනි සංශෝධනයේදි ඒ අය ඉදිරිපත් කළා ඇමතිවරු ගණන අඩු කිරීමේ වගන්තියක්. නමුත් සැළසුම් සහගතව එයට තවත් කොන්දේසියක් එකතු කළා. කොන්දේසිය තමයි පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමිකරගත් පක්ෂය සහ ඊලඟට වැඩිම ආසන ගණනක් හිමිකරගත් පක්ෂය එක්ව පිහිටුවන රජය ජාතික ආණ්ඩුවකි යන්න. නමුත් දිනේෂ් ගුනවර්ධන මහතා සහ විමල් වීරවංශ මහතා ඇතුළු එවකට සිටි මන්ත්‍රීවරු එල්ලකරපු විරෝදයේ ප්‍රතිඵලයක් විදිහට ඒ වගන්තිය ඒ අයට සන්ශෝධනය කරන්න සිදු වුනා. සංශෝධනය තමයි ජාතික රජය යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගනනක් හිමිකරගත් පක්ෂය අනෙක් පක්ෂ සමඟ එකතුව පිහිටුවාගන්නා ආණ්ඩුව ජාතික රජයක් වන්නේය කියල. ඉතාම පැහැදිලියි මේ කාරණය එහෙම නෙමෙයි දැන් සිදු වෙලා තියෙන්නෙ.

ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙලා තියන ඇමති තනතුරු 30ට වඩා වැදියෙන් දිවුරුම් දුන් සියලු දෙනාම, එය අනුමත කරපු ජනාධිපතිවරයා ඇතුළු සියල්ලෝම ඔවුන් විසින්ම සම්මත කරපු ව්‍යවස්ථා සංශෝධනයත් උල්ලංගනය කරමින් තමයි කටයුතු කරල තියෙන්නෙ.

පාර්ලිමේන්තුවේ මේ හඬ නිහඬ කිරීමට සමාන්තරව සමාජය තුලත් ඒ මර්ධනය ක්‍රියාත්මක කරල තියනව. දකුණු පළාත් සභාවෙ මන්ත්‍රීවරයෙක්ව අතඩංගුවට අරන් තියනව මුහුනු පොතේ තිබූ සටහනක් පදනම් කරගෙන. අපි දන්නව පසුගිය ජනාධිපතිවරණ සමයෙදි හිටපු ජනාධිපතිවරයගෙ සහ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහත්මයගෙ ඡායාරූපයක් විකෘති කරල මුහුනු පොතේ ප්‍රචාරය කරල චම්පික රනවක ඇමතිවරය එය ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදිත් ඉදිරිපත් කළා. ජනාධිපතිවරනයට බලපෑමක් වන පරිදි භාවිතා කළා. නමුත් එයට නීතිය ක්‍රියාත්මක නොවෙද්දි, සමාජය නොදැනුවත්ව, එවන් බලපෑමක් නොවන පරිදි පළ කර තිබුනායැයි කියන කරුණක් සම්බන්ධයෙන් තමන්ට එකඟ නොවන අයව අත් අඩංගුවට ගන්නව. තිස්ස අත්තනායක මහතාව අත් අඩංගුවට ගන්නව ව්‍යාජ ලේඛන හැදුවය කියල. ලේඛනේ කෙසේ වෙතත් ඒකෙ තිබුනු සියළුම කරුණු දැන් මොවුන් ඉටු කරමින් සිටිනව. ඒ වගෙම ගෝටාභය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පාල ඉදිරියට පැමිනි භික්ෂූන් වහන්සේ සහ මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනව. ඒ වගෙම කඩවත අඪිවේගි පිවිසුම අභියස සාමකාමී ලෙස විරෝධයක් පාපු කාන්තාවන් දෙදෙනෙකුව අත් අඩංගුවට ගන්නව. හැබැයි අපි දන්නව 19 සංශෝධනය සම්මත කරන්න කියල මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො, සරත් වීරසූරිය වැනි අයත් පෙළපාළි ගියා පාර්ලිමේන්තුව අසළ. හැබැයි ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතාම පැහැදිලියි අධිකරණය ක්‍රියාත්මක වීම තමන්ට එරෙහිවන්නන් ඉලක්කගත කර සිදුකරන බව.
|
උඩරට ගිවිසුමේ පාවාදීම පරදවන ජිනීවාවල ද්‍රෝහී පාවාදීම...

ජිනීවාවල දැන් මොකද්ද වෙන්නෙ. එහිදි මුළින්ම එහි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ථාවක් ඉදිරිපත් කරනව. එහි ශ්‍රී ලංකාව පිළිබඳ දරුණු ප්‍රකාශන සහ යෝජනා තියනව. ශ්‍රි ලංකාවේ හමුදාව දැනුවත්ව යුධ උපක්‍රමයක් ලෙස සාමාන්‍ය මිනිසුන් ඝාතනය සහ ස්ත්‍රී දූෂනය සිදු කලා කියල සඳහන් වෙනව. මෙය නිලධාරීන් තමන්ගෙ බලතල ඉක්මවා ක්‍රියාත්මක වීමක් විදිහට නෙමෙයි, ශ්‍රී ලංකා හමුදාව රජය සහ මහජනතාව හැටියට අප සියළු දෙනා දැනුවත්ව යුධ උපක්‍රමයක් විදිහට එය සිදු කලා කියල තමයි සඳහන් වෙන්නෙ. ඊලඟට මේ දෙමුහුන් අධිකරනයක් පිහිටුවීමටත්, විදේශීය විනිසුරුවන්, නඩු මෙහෙයවන නීතිඥයන්, සහ විමර්ශකයන් සහිතව මෙරට පිහිටුවන එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් හරහා එය සිදු කිරීමටත් යෝජනා කරල තියනව.

මේ යෝජනාව මෙහෙම තියෙද්දි ඇමරිකාව තවත් යෝජනාවක් ගෙනාව. ඒ යෝජනාවෙ අර මුල් යෝජනාවෙ තිබුන ඇතැම් වචන එලෙසම ඉදිරිපත් කරල නැතත් එහි අඩංගු සියලු දේ ඉදිරිපත් කරල තියනව. නමුත් අපේ අගමැතිතුමා ප්‍රකාශ කළා මේ යහපාලනේ හින්ද ඇමරිකාව අප රටට හිතකර යෝජනාවක් ඉදිරිපත් කළා කියල. හමුදාව බේරගන්න පුළුවන් වුනා කියල. හැබැයි එහි අපූරුම කතාව තමයි ඇමරිකාව සමඟ ලංකාව සම යෝජකයෙක් වුනු යෝජනාවෙත් ක්‍රියාකාරී සැලසුම් වළ අංක එක යටතේ සඳහන් වෙනව මානව හිමිකම් කවුන්සිලයේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් එහි 27 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, මහ කොමසාරිස් කාර්යාලයේ වාර්ථාව සහ මානව හිමිකම් කවුන්සිලය එහි 25.1 යෝජනාව අනුව ඉල්ලා සිටි ශ්‍රී ලංකාව පිළිබඳ පර්යේෂනය එහි සොයා ගැනීම් සහ නිගමන සහ නිර්දේශ සියල්ල පිළිගන්නා බවට.

ඉතින් මෙම යෝජනාවට අනුව රජය ඔවුන්ගේ සියළුම කොන්දේසි පිළි අරගෙන තියනව. එක් අවස්ථාවක මහ කොමසාරිස් කිවුව පරණගම කොමිසම විසුරුවා හරින්න කියල. තවත් තැනක සඳහන් වෙනව ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කළ යුතුයි කියල. මේ යෝජනාව පිළිගැනීමත් සමගම අපේ රජය ඒ සියල්ලම පිළි අරගෙන තියනව.

ශ්‍රී ලංකාව සම යෝජකයෙක් වෙලා තියෙන්නෙ මෙවන් භයානක යෝජනාවකට. මෙය අත් වරදක් හෝ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් පිළිබඳව නොවෙයි. කොටි ත්‍රස්තවාදය පැරදවීමට අප කළ සියළු දේ වැරදියි කියන එක තමයි මෙහි සඳහන් වෙන්නෙ. ඒ වගෙම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් හරහා මෙහෙයැවීමට කරුණු එහි අඩංගු වෙනව. ඒ වගෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු පණත් සංශෝධනය කළ යුතු බව සඳහන් වෙනව. අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් සංශෝධනයකට ලක් කළ යුතු බව සඳහන් වෙනව. හමුදා කඳවුරු ස්ථානගත කළ යුතු ආකාරය, ඒව ඉවත් කළ යුතු ආකාරය, හමුදාවෙ ප්‍රමානය අඩු කළ යුතු ආකාරය එහි සඳහන් වෙලා තියනව. හුදෙක් චෝදනාවක් නැගීමෙන් පමනක් නිලධාරීන්ව ඉවත් කිරීමට වගන්ති ඇතුළත් වෙනව. හමුදාව සමස්ථ ප්‍රතිසංස්කරනයකට ලක් කරනව.

ඉන්දියානු බලහත්කාරය යටතේ බලෙන් අප මත පැටවූ පළාත් සභා මුළුමනින් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් වෙනව. දේශපාලන බල අධිකාරය අධිකරනය හමුදාව, ඒ කියන්නෙ රාජ්‍යයක මූලික අංග, මේ සියල්ලම ඔවුන්ට ඕනෑ ආකාරයට ප්‍රතිසංස්කරනය කරන්න අපි එකඟ වෙලා තියනව. උඩරට ගිවිසුමත් අපිනෙ අත්සන් කළේ. අපි අපේ කැමැත්තෙන් අත්සන් කරලනෙ රට භාර දුන්නෙ. මේක පාවා දීමක්. බලහත්කාරයකට යටත්ව හෝ තමන්ගෙ කැමැත්තෙන් හෝ කරල තියෙන්නෙ පාවාදීමක්.

උඩරට ගිවිසුම අත්සන් කළේ ලංකාවෙ එවකට තිබුනු නීති පද්ධතිය අනුව රට පාලනය කිරීමට ඔවුන්ට අවසරය දෙන්න. නමුත් මෙහිදි වෙලා තියෙන්නෙ ඔවුන්ට අවශ්‍ය ආකාරයේ සියළුම ප්‍රතිසංස්කරන කිරීමටත් අවසරය ලබා දෙමින්ම තමයි අපි අද රට ඔවුන්ට භාර දීල තියෙන්නෙ. මින් පසුව ලංකාව පාලනය කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිහිටුවන ලේකම් කාර්යාලයේ ප්‍රධානියා. ඔහුට අවශ්‍ය ආකාරයට තමයි සියල්ලම සිදුවනු ඇත්තෙ. ඔහු උඩරට යටත් කළ බ්‍රවුන්‍රිග්ට වඩා බලගතු පුද්ගලයෙක් වේවි. මේ සියල්ල කරමින් මේ අය කියනව ලංකාව බේරගත්ත කියල. උඩරට ගිවිසුම අත්සන් කල අයටත් ඒකම කියන්න පුළුවන්නෙ. මොකද ගිවිසුම අත්සන් කරල රට භාර දුන්නට පස්සෙ ආයිමත් සුද්දො ආවෙ නෑනෙ රට ආක්‍රමනය කරන්න. මෙතෙන්දිත් වෙලා තියෙන්නෙ ඒ ටිකමයි. ඔවුන්ගේ සියළු කොන්දේසි වලට අපි එකඟ වෙලා තියනව.

මේ ව්‍යසනයෙන් මිදිය හැක්කේ කෙසේද?

අර්ජුන රණතුංග ප්‍රකාෂ කරල තිබුන මහින්ද රාජපක්ෂ මහත්මයයි ගෝටාභය රාජපක්ෂ මහත්මයයි බේරගත්තෙත් යහපාලනයෙන් කියල. හැබැයි 1996දි මේ හා සමානම සිදුවීමක් සිදු වුනා ක්‍රිකට් පිටියෙදි. එතෙන්දි අර්ජුන රනතුංග මොකද කළේ. ක්‍රිකට් ලෝකයේ ආධිපත්‍යය දැරූ රටවල් දැක්ක ඊලඟ ලෝක කුසලානය දිනා ගැනීමේ හැකියාව ලංකාවට තියනව කියල. ඒ නිසා ඔවුන්ගේ විනිසුරුවන් පාවිච්චි කරමින් ක්‍රිකට් නීති වලට පිටුපාමින් මුරලිදරන්ව ඉවත් කරන්න උත්සාහ කළා. නමුත් නායකයෙක් විදිහට අර්ජුන එයට එරෙහිව ඉදිරිපත් වූ න්නිසා ඒ අවධානමෙන් ලංකාව මිදුන. එදත් අර්ජුනගෙ තීරණයට විරුද්ධව කතා කළ අයත් හිටිය. තමන්ගෙ කණ්ඩායම සමඟ විනිසුරුවට ඇඟිල්ල දික් කරල ඒ තරඟයෙන් ඉවත් වුනාම මෙහෙමද ක්‍රීඩකයො හැසිරිය යුත්තෙ කියල අහපු අය හිටිය. ලංකාවට ටෙස්ට් ක්‍රීඩාව නැතිවෙයි. මොහුව නායකත්වයෙන් ඉවත්වෙයි කියල කිවුව. නමුත් ඒ අවස්ථාවෙ කොන්දක් තියන විදේශ ඇමතිවරයෙක් හිටිය අපිට, කදිරගාමර් කියල. එතුමගෙ මැදිහත්වීම මත ඔහුගේ නායකත්වයත් රැකගෙන මුරලිවත් රැකගෙන ලෝක කුසලානයත් රැකගන්න අපි සමත් වුනා. ඒ හා සමාන නමුත් ඊට වඩා දහස් ගුණයක් භයානක දෙයක් තමයි යුද්ධය ජයගන්න වෙලාවෙ සිදු වුනේ.

ජේ ආර් වඩමාරච්චිවලට ප්‍රභාකරන්ව කොටු කරපු වෙලාවෙ ඇයි යුද්දෙ ඉවර කරන්න බැරි වුනේ. ඉන්දියාව ජේ ආර් ව දනගස්වපු නිසා තමයි යුද්ධෙ ඉවර කරන්න බැරි වුනේ. ඒකම තමයි මහින්ද රාජපක්ෂටත් කරන්න හැදුවෙ. ඒකට තමයි අර විදේශ ඇමති වරු ආවෙ. ඒකට දන නොගහපු නිසා තමයි මහින්දට සහ ගෝටාභයට සහ හමුදාවට දඬුවම් කිරීමට මේ සියල්ලම කරන්නෙ. මේක නිකන් හීලෑ කිරීමක් නෙමෙයි. ඒකාධිපතියො ඉන්නව කියන පදනමින් හෝ කුමන ලෙසකින් හෝ ඇමරිකාව ලිබියාව ඉරාකය වැනි රටවලට මැදිහත් වුනාට පසුව, ඒ රටවල් තමන්ට යටත් පාලකයෙකු පත් කළ පසුව හෝ ඒවාහි ජීවත් වන මිනිසුන් පිළිබඳ තැකීමක් කරන්නෙ නෑ. අතිශ්‍ය අමානුෂික විදිහට තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ. තමන්ගෙ ශිෂ්ඨාචාරයේ ජනතාව හැරුනම අනෙක් සියල්ලම වළ පල්ලට යැවීම‍යි ඔවුන්ගේ ක්‍රමය. ඒ අවධානමටයි අපේ රට ගොදුරු වෙලා තියෙන්නෙ.

මෙය ඉතාම භයානක අවස්ථාවක්. සරළව සිතිය නොහැකියි. ලංකාවේ දේශපාලනය තුළ මෙය ජය ගැනීම ඉතාම අපහසුයි. අපට ඉතා විශාල මිළක් ගෙවන්නට සිදුවේවි. තවදුරටත් අපට අපේ මවු බිමයි, සැප සම්පත් කියන දෙකම ලබා ගන්න බැරි වේවි. දෙකෙන් එකක් තෝරාගන්න සිදු වේවි. ජීවිතය පිළිබඳ තව දුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි වේවි. මේක ශිෂ්ඨ ලෝකයක් නෙමෙයි. ඒ අයත් සමඟ අතට අත දෙන අයගෙ තමයි අත්වල ලේ තැවරෙන්නෙ. ඒ අය තමයි නියම ත්‍රස්තවාදින්.

බිල්ලො කියන්නෙ බොරුවක් නෙමෙයි. සොලී රටෙන් ලංකාවට ඇවිත් ලංකාවෙන් දොළොස්දහසක් අරගෙන ගියා ක්ෂනිකව. දවසක් ඇතුළත. ඒ කාලෙ හිටියෙ දුර්වල රජෙක්. නමුත් පසුව පැමිනි ගජබා රජතුමා මේ කරුණ දැනගෙන ලංකාවෙන් සේනා රැස් කරගෙන සොළී රටට ගිහින් ඒ ගෙන ගිය දොලොස්දහසයි එයට දඬුවම් වෙනුවට තවත් දොළොස්දහසකුයි අරගෙන ආපහු ඇවිත් තියනව. ඒ තමයි අපේ ඉතිහාසය. අද ඒ අපහාසයටත් වඩා ලොකු අපහාසයක් කරල තියනව රටට. ජීවිත කැප කරල රට බේරගත්ත සබළුන්ව අවධානමේ හෙළල තියනව. පාවල දීල තියනව. මිලේනියම් සිටි පාවා දීමේ සිට සමස්ථ ජාතියේම අවසානය සළකුණු කිරීමේ ගමනක් ආරම්භ කරල තියනව.

අපි යුද්ධය ජයගත්තෙ මේ බටහිර රටවල් කියපු විදිහට කරල නෙමෙයි. ජනතාව ඡන්ද බලය හරහා ලබා දුන් බලය භාවිතා කරමින්, අපට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වීමෙන්. නමුත් අද ජිනීවා හරහා ක්‍රියාත්මක වෙන්නෙ ඒ සියළු ජයග්‍රහනයන් ආපසු හැරවීමේ වැඩපිළිවෙළක්. "
 

පරිගණක සටහන : ඉඳුනිල් ප්‍රසන්න
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. තම මව්බිම ගැන අවංකවම සිතන සියල්ලන්ම අනිවාර්යයෙන් කියවිය යුතු තාර්කික, සුපිරි කරුණු දැක්වීමක්..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions